Friday, March 30, 2018

දුම්රිය ස්ථාන බොහෝමයක විදේශිකයන්ට පහසුකම් නෑ-විදේ්‍යිකයන්ට බල්ලොත් එක්ක නිදියන්න වෙලා


ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ට පහසුකම් සැලසීම සඳහා සංචාරක අමාතයංශය, සංචාරක මණ්ඩලය ඇතුළු ආයතන ගණනවක් තිබේ. වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනය පිළිබදව ද නිරතුරුව මාධ්‍ය වාර්තනා දක්නට ලැබෙයි. මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව පට්ටිපොළ දුම්රිය ස්ථානයේ පිහිටුවා ඇති සරචාරක පහසුකම් මධ්‍යස්ථානයද සංචාරක පහසුකම් සලසන එවැනි මධ්‍යස්ථානයකි.

එහි සුවිශේෂය වන්නේ දඩාවතේ යන සුනඛයකුගේ ආරකෂාව ඇතිව සංචාරකයන්ට සුව පහසුව හා විවේකය ලබාදීමට ඇත්තේ ඇත් දුම්රිය මඟින් බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන ට්‍රොලියක් වීමයි. නිරතුරුව විදේශීය සංචාරකයන් යන එන පට්ටිපොළ, දෙමෝදර, ඉදල්ගස්හින්න වැනි දුම්රිය ස්ථානවල ඔවුන්ට විවේක ගැනීමට විවේකාගාරයක් සකසාදීමට බලධාරින්ගේ අවධානය යොමු නොවීම ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපයට බලවත් හානියක් බව විදේශ සංචාරකයන්ට සපයා ඇති මේ පහසුකම්වලින් පෙනේ.

පොලිසියේ ඇතිවූ ගින්නෙන් 68ක් මරුට



 වෙනිසියුලාවේ කරාබොබෝ ප්‍රාන්තයේ පිහිටි වැලෙන්සියා නගරයේ පොලිස් ස්ථානයකදී හටගත් ගින්නකින්, එහි රඳවා සිටි. රැඳවියන් ඇතුළු පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

 අත්අඩංගුවේ පසුවුණු රැදවියන් පිරිසක් එහි තිබූ මෙට්ට කිහිපයක් ගිනිතබා, කලබලයක් ඇතිකර පොලිස් ස්ථානය කඩා පැනයැමට දැරූ උත්සාහයක් අතරතුරදී මෙම ගින්න හට ගෙන තිබේ. එම අවස්ථාවේදී තත්ත්වය  පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල  කර තිබේ. ගින්න දරුණු වීමත් සමඟින්ම රැඳවියන් පිරිසක් බේරා ගැනීමටද පොලීසිය සමත්ව ඇත. මේ අතරම සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත්වුණු රැඳවියන්ගේ  ඥාතීන් පිරිසක් පොලිස් නිලධාරීන් සමගින් ගැටුමක්ද ඇති කරගෙන තිබේ.



බීමත් මෙහෙකාරියගේ පහරදීමෙන් හාම්පුතා මරුට


 ස්වාමිදුව නිවසේ නොසිටි අවස්ථාවක බීමත් මෙහෙකාරියගේ බෝතල් පහරකින් තුවාල ලබා රෝහල් ගතකර සිටියදී මියගිය ජෝන් ක්‍රිස්ටෝපර් බඩීල් (70) නමැති සුදු ජාතිකයාගේ මරණය මිනීමැරුමක් බවට තීන්දු කළ  මාතලේ අතිරේක දිසා විනිසුරු මහෙස්ත්‍රාත් එස්.බී.එච්.එම්. සේසිරි හේරත් මහතා සැකකාර මෙහෙකාරිය ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

බන්ධනාගාර ගත කළ කාන්තාව පන්විල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ විවාහව සිටි සුදු ජාතිකයා ඉකුත් ජනවාරි 31 වැනිදා මාතලේ උඩුගම නිවෙසේ සිටියදී මෙහෙකාරියගේ පහරදීමට ලක්ව  ලේ විලක් මැද වැටී සිටියදී ගෙහිමි කාන්තාව පැමිණ ඔහු රෝහල් ගතකර තිබිණි. මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබිණි.

මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී සුබ්‍රමනියම් මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා මේ මරණය පහරදීමෙන් ලත් බරපතළ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළේය. සිද්ධියට අදාළ උධෘත සකස් කර මිනීමැරුම සම්බන්ධයෙන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට මාතලේ මූලස්ථාන පොලිසිය කටයුතු යොදා තිබේ.

තෙප්පමෙන් කළපුවට වැටී අවුරුදු හයේ දරුවා මරුට



කල්පිටිය උච්චිමුණේ දූපතේ පදිංචි හය හැවිරිදි කථන ආබාධිත පිරිමි දරුවෙකු පෙරේදා (28) දින රාත්‍රියේ, තෙප්පුවකින් කළපුවට වැටී. මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. මිය ගොස් ඇත්තේ, උච්චමුණේ දූපත් පාසලේ එකවසර ඉගනුම ලබන නිකුස් ඩයස් නමැති දරුවෙකි.
තෙප්පමට නැගී දරුවා ක්‍රීඩා කරමින් සිටි බවත්, ඉන් අනතුරුව මළ සිරුර කළපුවේ පාවෙමින් තිබූ බවත්, පියාවන ජුඩ් නිශාන්ත කල්පිටිය පොලිසියට පැමිණිලි කොට ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, කල්පිටිය පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.

මාලිංග අළුත් වැඩකට අත ගහයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිගින් දිගටම අවස්ථාවක් නොලද ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක තනතුරේ වැඩ භාරගැනීම සදහා ඊයේ (29)දා පාන්දර ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට මාස 06කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ස්ථානය අහිමිව සිටින මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියටද ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වුවද තවමත් ඔහුගේ සේවය මෙරට ක්‍රිකට්වලට අහිමිව ඇත.

ශ්‍රී ලංකාව බිහිකළ අග්‍රගණය පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරන මුම්බායි ඉන්දියන්ස්ක ණ්ඩායම සමග පන්දු යැවීමේ උපදේශකයෙකු  ලෙස ලසිත් මාලිංග ඒක්වූයේ පළමු වරටය. ඒ  මෙවර අයි.පී.එල් තරගාවලිය සඳහා මාලිංගව කිසිදු කණ්ඩායමක් මිලදී නොගත් හෙයිනි.

මේ වන විට 34 හැවිරිදි වියෙහි පසුවන මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයෙහි වෙනසක් මෙවර තරගාවලිය තුළ සිදු කරනු ඇති බව විදෙස් ක්‍රිකට් විචාරකයන් මත පළ කර තිබේ.

කෙසෙල්වත්තේ දිනුකගේ ගෙවල් 2කකින් ජීව උණ්ඩ තොගයක්



ඩුබායි රටේ සැඟව සිටින පාතාල සාමාජිකයකු වන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ නිවෙස් දෙකක් ඊයේ (29) පෙරවරුවේ සෝදිසියට ලක් කළ විශේෂ කාර්ය බළකාය විසින් එහි තිබී ජීව උණ්ඩ තොගයක් සමග ඔහුගේ පුංචි අම්මා හා තවත් පුද්ගලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම නිවේස් ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන් සැඟව සිටින බවට හා ආයුධ සඟවා තිබෙන බවට ලැබුණ තොරතුරු මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ මෙම නිවේස සෝදිසියට ලක්කර තිබූ බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය. නිලධාරින් නිවෙසට ඇතුළු වූ අවස්ථාවේ සැකකරුගේ පුංචි අම්මා දෙවන මහලේ සිට කිසියම් බෑගයක් නිවෙසින් ඉවතට විසිකර ඇති අතර නිලධාරින් එම බෑගය අහුලා පරික්ෂා කිරිමේදී
ඒ තුළ මිලි මීටර් 9 වර්ගයේ හා රිවෝල් වර්ගයේ උණ්ඩ රැසක් තිබූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. එම සිද්ධිය සමබන්ධයෙන් සැකකරුගේ බිරිය හා නිවෙසේ සැඟව සිටි තරුණයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණි. දිනුකගේ නිවෙස ආසන්නයේම ඇති ඔහුට අයත් තවත් නිවෙසක් පරික්ෂා කිරිමේ දී එම නිවෙස තුළ නවතා තිබූ ඌව පළාතේ බව සඳහන් වාහන අංක තහඩුවක් සවිකළ නවීන යතුරු පැදියක් තිබි ඇත.
සැකකරුවන් සහ භාණ්ඩ සංවිධානාත්මක අපරාධ මරදන ඒකකය වෙත බාර දී තිබුණි.

ඇඟේ පලු දැමූ නිසා ගෝනිගොඩ රෝහලට ගෙනගිය දරුවා මියගියේ වෛද්‍යවරුන්ගේ වරදින්ද?



සුළු අසාත්මිකතාවක් හේතුවෙන් රිදීගම, ගෝනිගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවකු අසාධ්‍ය තත්ත්වයෙන් කුරුණගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ රිදීගම, පිහිම්ඹුව, මාල්ඹේ පදිංචිව සිටි පී. අමින්ද ලක්ෂාන් ගුණතිලක නම් දරුවෙකි. සිරුරේ ස්ථාන කිහිපයක පලු දමා ඇතිවූ කැසීමක් හේතුවෙන් පසුගිය 18 දින දහවල් මේ දරුවා ගෝනිගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

 එහිදී දරුවා පරික්ෂා කළ වෛද්‍යවරයා නියම කළ එන්නත් තුනක් විනාඩි පහළොවක් පමණ කාලයක් ඇතුළත හෙදියන් දෙදෙනකු විසින් දෙවතාවක් ලබාදීම නිසා සාමාන්‍ය රෝගී තත්වයෙන් සිටි දරුවා දැඩි අසාධ්‍ය තත්වයට පත්ව මෙම ව්‍යසනය සිදුවන්නට ඇතැයි දරුවාගේ මව, පියා ඇතුළු ඥාතීහු සැක පළ කරති.
මේ පිළිබඳව අදහස් දක්වන දරුවාගේ පියා වන ඊපී. ගනේවත්ත මහතා මෙසේ පැවැසීය. "පුතාගේ ඇගේ තැන් කිහිපයක පලු දාල කසනවා කියපු නිසා එදා දවල් දොළහයි තිහට විතර මම පුතා අරන් ගෝනිගොඩ රෝහලට ගියා. දරුවා පරීක්‍ෂා කරපු දොස්තර මහත්තයා බෙහෙත් ලියලා යන්න ගියා.

 ඒ වෙලාවේ. වාට්ටුවේ වැඩ කරපු නර්ස් නෝනා මුලින්ම පුතාට සේලයින් එකක් දීලා බෙහෙතක් කළා. ටික වෙලාවකින් තවත් බෙහෙත්දෙ කක් විද්දා. දරුවාට නින්ද යන්න කියලා බෙහෙත් පෙත්තකුත් දුන්නා. කොහොම හරි විනාඩි පහළොවක් වගේ කාලයක් ඇතුළත මේ බෙහෙත් ඔක්කොම දීලා අවසන් වුණා.


'බෙහෙත් ඔක්කොම දීලා ඉවරයි දරුවට අමාරුවක් නෑ' කියලත් ඒ මිසී මා එක්ක කිව්වා. එහෙම කියලා පැය භාගයකින් විතර ඒ මිසී යන්න ගියා. ඊට පස්සේ අලුත් මිසී කෙනෙක් වාට්ටුවට ආවා. ඒ මිස් ඇවිල්ලා ආයෙත් දරුවට බෙහෙතක් විද්දා. හොඳට හිටි දරුවා ටික වෙලාවකින් නිකන් කැරකිලා වගේ ගියා. විනාඩි කිහිපයක් ඇතුළත අර ඉස්සර වෙලා වගේ දරුවට තවත් බෙහෙත් දෙකක් විද්දා. ඊට පස්සේ දරුවට කැස්ස හැදිලා ලේ වමනේ ගියා. ඊට පස්සේ දොස්තර මහත්තයා ඇවිල්ලා දරුවව කුරුණෑගල රෝහලට යැව්වා.

එහෙ දැඩි සත්කාර ඒකකයට දරුවා ඇතුළත් කළත් රෑ නවයයි තිහ විතර වෙද්දී දරුවා නැති වුණා. ඇත්තටම දරුවට අමාරුවක් තිබුණ නම් දොස්තර මහත්තයා බෙහෙත් නියම කරලා යන්නේ නෑනේ. එහෙම නම් එයා මුලින්ම දරුවා කුරුණෑගල යවනවාන්නේ, අර මුලින් බෙහෙත් දුන්න මිසී බෙහෙත් දීලා ඉවරයි කියලත් කිව්වා. නමුත් දෙවැනියාට ආපු මිසී ආයෙමත් බෙහෙත් දුන්නා. ඉතාම කෙටි වෙලාවක් ඇතුළත එකම බෙහෙත් පත්තිය දෙපාරක්ම දුන්න නිසා දරුවට අමාරු වෙලා මේ විපත වුණා කියලයි අපට නම් හිතෙන්නේ.


කුරුණෑගල දැඩිසත්කාර ඒකකයේදී දරුවා ළඟ හිටියේ  මගේ නෝනා. එතැනදී දැඩි සත්කාර මිසීලා කියලා තිබ්බා ගෝනිගොඩ රෝහලෙන් එවන ලෙඩ්ඩු බේරගන්න බෑ කියලා."

කෙසේ වෙතත් මේ පිළිබඳ හදිසි මරණ පර්ෂණය පැවැත්වූ කුරුණෑගල නාගරික හදිසි මරණ පරික්‍ෂක ආර්.ඩී.යූ.කේ. අමරසිංහ මහතා සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ අසාත්මිකතාවක් හේතුවෙන් ඇතිවූ සංකූලතාව නිසා ඇතිවූ කම්පනය හේතුවෙන් මරණය සිදුවී ඇති බවයි. මේ පිළිබඳව තොරතුරු විමසීම සඳහා ගෝනිගොඩ රෝහලේ ස්ථාන භාර නිලධාරී වෛද්‍ය නාමල් නරේන්ද්‍ර මහතා ඇමැතීමට කිහිපවරක්ම උත්සාහ කළ නමුදු ඇමැතුම සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා එම උත්සාහය සාර්ථක නොවීය.


උතුරු කොරියා - දකුණු කොරියා නායක හමුව අප්‍රේල් 27



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් සහභාගී වන 'කොරියානු සමුළුව' ලබන අප්‍රේල් 27 වැනිදා දෙරටටම පොදු දේශසීමා කලාපයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් අනර හමුව පැවැත්වෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ යෝජනාවකට අනුවය.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව මේ වනවිට සාම මාවතකට පිවිසීමට සූදානමින් සිටී. ඒ සඳහා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද කැපවී කටයුතු කරයි. සීත ඔලිම්පික් උළෙලින් පසු. දකුණු කොරියානු නියෝජිතයෝ පිරිසක් උතුරු කොරියාවේ සංචාරය කළහ. එම සංචාරය සාර්ථක විය. දකුණු කොරියානු ජනාධිපති හමුවී සාකච්ඡා පැවැත්වීමටත් කොරියානු සමුළුවක් පැවැත්වීමටත් උතුරු කොරියානු නායකයා තීරණය කළේ එම අවස්ථාවේදීය.
පසුගියදා කාටත් හොරා උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දේශසීමා හරහා විශේෂ වෙඩි නොවඳින දුම්රියකින් චීනයට පැමිණියේය. ඒ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමටය. කිම් ජොන් උන් උතුරු කොරියාවේ නායකයා වූයේ 2011 වසරේදීය. ඉන්පසු ඔහු විදේශයක සංචාරය කළ පළමු අවස්ථාව මෙය විය. කිම් ජොන් උන් පැමිණි දුමරියට චීන රඡයෙන් විශේෂ ආරක්ෂාවක් ද ලබා දී තිබුණු බව මේ වනවිට හෙළි වී ඇත.

තලෙබාන් ත්‍රස්තවාදියකුගේ වෙඩි කෑ මලාලා ආපසු පකිස්තානයට



මිට වසර 6 කට පෙර, පාකිස්තාන තලෙබාන් ත්‍රස්තවාදියකුගේ වෙඩි පහරට ගොදුරු වී බරපතල තුවාල ලැබූ නොබෙල් ත්‍යාගලාභිනී මලාලා යුසොෆ්සායි ඊයේ (29) වසර 6 කට පසු පළමු වරට යළි පාකිස්තානය බලා පැමිණියාය. මලාලා ඇගේ පියා සදුද්දීන් සහ මව ද සමඟ පාකිස්තානයට පැමිණියේ. පාකිස්තාන රඡයේ විශේෂ ආරක්ෂාවක් යටතේය. තලෙබාන් ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් මලාලාගේ ආරක්ෂාවට විශේෂ පොලිස් සහ හමුදා බළඇණියක් යොදවා තිබුණි.
ඉස්ලාමාබාද් අගනුවර බෙනාසිර් භූතෝ ජාත්‍යන්තර ගුවකොටුපොළේ දී මලාලා දැරියට සහ ඇගේ පවුලේ අයට පාකිස්තාන බලධාරීන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. 20 හැවිරිදි වියෙහි පසුවන මලාලා සහ පාකිස්තාන අගමැති ෂහීද් අබ්බාසි අතර විශේෂ හමුවක් ද පැවැස්විමට නියමිතව තිබුණි. මෙම මලාලා පාකිස්තානයේ ස්වාත් නිම්නයේ පදිංචිකාරියකි. ඇය යළි ඇගේ නිවසට යෑමට ද නියමිත බව ද පාකිස්තාන පුවන් සේවා වාර්තා කර තිබේ. තමා උපන් ස්වාත් නිම්නය මිහිපිට සුන්දරම ස්ථානය යැයි මලාලා නිතරම පවසා ඇත.
මලාලා යුසොෆ්සායි දැරිය කලේබාන් ත්‍රස්තවාදියකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ 2012 වසරේදීය. ඒ වනවිට ගුරුවරයකු ද වන පියාගේ මග පෙන්වීය යටතේ මලාලා දැරිය පාකිස්තානයේ බී.බි.සී. උර්ඳු ගුවන් විදුලි නාළිකාවට සමබන්ධ වී. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගු බාලිකා ක්‍රියාකාරිනියක ලෙස එදා කටයුතු කළේය.
බාලිකා අධ්‍යපනයට විරෝධය දක්වන, පාකිස්තාන කලේබාන් ත්‍රස්ත සංවිධානය ඇය කවුරුදැයි හදුනා ගත්තේය. ඒ අනුව, පාසල නිම වී, නිවෙස බලා පැමිණිමට. මලාලා දැරිය පාසල් බස් රියේ අසුන් ගෙන සිටිද්දී, තලෙබාන් වෙඩික්කරුවෙක් පැමිණ ඇගේ නම විමසා ඇය හදුනාගෙන ඇගේ හිසට වෙඩි තැබුවේය.
වෙඩි වැදි බරපතල ලෙස තුවාල ලැබූ මලාලා රෝහල් ගත කෙරුණු කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගෙන්වා ගැනීමට එවකට බ්‍රිතාන්‍ය අගමැති ධුරය හෙබවූ ඩේවිඩ් කැමරන් පියවර ගන්නේය. බ්‍රිතාන්‍ය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මලාලාට සියලු ප්‍රතිකාර කෙරුණි. බ්‍රිතාන්‍ය රජය මැදිහත් වී. මලාලාට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ද හිමිවිය. අද මාලාලා, ඇගේ පියා. මව් සහ සොහොයුරා ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේය. එපමණක් නොව, මලාලා දැරියට කැනඩාවේ ගෞරව පුරවැසිභාවයක් ද පිරිනමා
ඇත. මලාලා දැරියගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වූයේ ද තලේඛාන් ත්‍රස්තවාදියාගේ
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසුවය. මලාලා 2014 වසරේ දි නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිදුවූයේ ද ඇය බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙවර සම්බන්ධයෙනි.
අද වනවිට මලාලා එක්සත් ජොනීගේ සංවිධානයේ බාලිකා අධ්‍යාපනය වනුවෙන් පෙනී සිටින මානව ක්‍රියාකාරිනියකි. ඇය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුවියකි.
මලාලා දැරිය උපන ලැබුවේ 1997 වසරේ ජූලි 12 වැනිදා. ස්වාන් නිමනයේය. මලාලා ස්වාන් නිම්නය හදුන්වා දී ඇත්තේ 'මිහිපිට පාරාදීසය' යනුවෙනි. තලේබාන් ත්‍රස්තවාදීන් ස්වාන් නිම්නය ආක්‍රමණය කිරීමත් සමඟ කොතරම් සුන්දර ස්ථානයක් වුවත්, ස්වාන් නිම්නයට සංචාරකයන් පැමිණෙන්නේ නැතැයි ද පැවැසෙයි.
ස්වාන් නිම්නයට සැලකෙන්නේ ලොව ඉතා අනතුරුදායක තැනක් ලෙසිනි. පාකිස්තාන තලෙබාන් සංවිධානය ස්වාන් නිම්නය ආක්‍රමණය කළේ 2007 වසරේදීය. ඒ. තලෙබාන් ආගමික නායක මෞලානා ෆසුල්ලාගේ මූලිකත්වයෙනි. ස්වාන් නිම්නය සහ පාකිස්තානයේ ඛාලිකා අධ්‍යපනය තහනම් කළේත්, බාලිකා පාසලට පහරදීම කළේත් ෆසුල්ලාගේ මෙහෙයවීම යටතේය. 2009 වසරේ පාකිස්තාන හමුදාව ස්වාන් නිම්නය මුදා ගැනීමට සටන් ආරමක කළේය. ඒ හමුදා සොල්දාදුවෝ 30,000 ක් ස්වාන් නිම්නයට යවමිනි. අද වනවිට ස්වාන් නිම්නයේ බලය තලෙබාන් ත්‍රස්තවාදීන්ට අහිමි වී ඇත.
ඔවුන් දිගටම පාකිස්තාන වැසියන්ට තර්ඡනයක් විය. මලාලා දැරිය කලේබාන් ත්‍රස්තවාදින්ගේ වෙඩි පහරට ගොදුරු වූයේ 2012 ඔක්තෝබර් 9 වැනිදාය.
යළි පාකිස්තානයට පැමිණියහොත්, මලාලා දැරිය ගාතනය කරනවා යැයි පකිස්තාන තලෙබාන් ත්‍රස්තයන් අනතුරු අගවා ඇත. ඊට හේතුව මිට සය වසරකට පෙර සේම තලෙබාන් ත්‍රස්ත සංවිධානය පාකිස්තනයේ සක්‍රීයව පැවැතීමය.

වෙසක් පොසොන් දිනයන් වල තොරණ ප්‍රදර්ශනය තහනම්

වෙසක් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඉතා වැදගත් මෙම පොහෝ දිනවලදීත් තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම  හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉතිරී වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ ඊට පසු දින සිට ප්‍රදර්ශනය කරන ලෙසට දන්වන බවද කියති.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප‍්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියෙන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම  විහාරස්ථානයේ පැවැති උත්සවයකදී බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව හෙළි කළේය.

වසා දැමූ පන්සලක ආවාසගෙයි මෙට්ටය යටින් T 56 උන්ඩ තොගයක් හමුවෙයි.


බිබිල, කණවේගල්ල මාලිගාතැන්න විහාරස්ථානයේ ආවාසගෙය තුළ මෙට්ටයක් යට සඟවා තිබූ ටී-56 ජීව උණ්ඩ තිහක් පෙරේදා (28දා) සවස සොයාගත් බව බිබිල පොලීසිය පවසයි.

හිමිනමක් නොමැතිකමින් වසා දමා තිබු මෙම විහාරස්ථානයට වෙනත් හිමිනමක් වැඩම කරවීමට ගමිවාසීන් විසින් ඇකිරියන්කුඹුර ශ්‍රී අශෝකාරාම විහාරාධිපති ඇකිරීයන්කුඹුරේ සුමනරතන හිමියන් සමග විහාරස්ථානය සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී විහාරස්ථානයේ ආවාසගෙයි ඇඳක මෙට්ටයක් යට තිබී මෙම උණ්ඩ තොගය හමුවී තිබේ. සිද්ධිය පිළිබඳ බිබිල පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ටී-56 උණ්ඩ තොගය පොලිස් භාරයට ගෙන ඇත, සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ප්‍රතිඵලය නොබලාම නික්ම ගිය කොනේස්වරන්ට A9 යි


යාපනය, චාවකච්චේරි, මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය වසරේ (2017) දෙසැම්බර් මස 28 වැනිදා සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සිසුවෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව 'ඒ' සාමාර්ථයන් 09ක් ලබාගෙන තිබේ.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ කොනේස්වරන් ගරුසන් නමැති සිසුවෙකි.


කෙසේ වෙතත් මෙවර නිකුත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව අදාළ සිසුවා මුහුණ දුන් විෂයයන් 09ටම 'ඒ' සාමාර්ථයන් ලබා ඇතැයි ප්‍රතිඵල අනුව පෙනී යයි. යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ මෙම 17 හැවිරිදි සිසුවාගේ විභාග ප්‍රතිඵල විශිෂ්ට අයුරින් පැවැතීම හේතුවෙන් දෙමවුපියන් ඇතුළු ඥාතීන් මෙම ගම්මානයම ශෝකයෙන් පසුවන බව කොඩිකාමම් පොලීසිය සඳහන් කරයි.

පාසල් බස් රථයක් අනතුරට ලක් වී සිසුසිසුවියන් 15ක් රොහලේ

කුලියාපිටිය, හෙට්ටිපොළ මාර්ගයේදී පාසල් බස් රථයක් පාසල් ළමුන් රැගෙන  යමින් සිටියදී පෙරේදා (28) රියැදුරාගේ පාලනයෙන් ගිලීහී මාර්ගය ආසන්නයේ ගසක වැදීමෙන් එහි ගමන්ගත් පාසල් සිසු සිසුවියන් 15ක් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.

ඉන් බරපතළ තත්ත්වයේ සිටි සිසුවියන් දෙදෙනකු හා සිසුවකු කුරුණෑගල ශික්ෂණ රෝහල් වෙත මාරුකර යැවු බව කුලියාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.  හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිව සිටින කුළියාපිටිය නගරයේ පාසල්වල සිසු සිසුවියන් පිරිසක් ප්‍රවාහනය කරවමින් සිටියදී බස් රථය අනතුරට ලක්ව ඇති අතර  එම අනතුරෙන් තුවාල ලත් එහි රියදුරාදු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.

සිද්ධියත් සමගම කුලියාපිටිය නගරයේ පාසල්වල විදුහල්වපති, ගුරුවරු සහ මාපියන් පිරිසක් රෝහල් පරිශ්‍රයට පැමිණ අවශ්‍ය කටයුතුවලට දායකත්වය දී තිබිණි. කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති නලීන් මහිපාල මහතා ඇතුළු පිරිසක් අනතුර පිළිබඳව පරීක්ෂණ මෙහෙයවති.

ළමුන්ට අහිතකර සෙල්ලම් බඩු විකුණූ වෙළඳුන්ට දඩ

පාසල් ළමුන්ගේ මානසික මෙන්ම ශාරීරික සෞඛයට පීඩා එල්ල විය හැකි ආකාරයේ සෙල්ලම් භාණ්ඩ වෙළෙඳපොළේ අලෙවිය සඳහා පවතින බව පාරීභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම සෙල්ලම් භාණ්ඩවලින් වොට් 12 ක පමණ විදුළි ධාරිතාවක් ජනනය වන බව පාරීභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්ෂ ණවලදී අනාවරණය කරගෙන ඇත.
මෙම සෙල්ලම් භාණ්ඩ පරිහරණය මගින් පාසල් සිසුන් මානසික හා ශාරීක පීඩාවකට පත්කෙරෙන බවද එම අධිකාරිය කළ පරීක්ෂණ හරහා තහවුරු වී ඇත.

මෙම සෙල්ලම් බඩු පිටකොටුව, චයිනා විදියේ මහා පරිමාණයෙන් අලෙවි කරන බව පාරීභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් ඉදිපිට මෙම සෙල්ලම් බඩු අලෙවි කළ වෙළෙන්දකු සහ ඒවා නොග වශයෙන් අලෙවි කළ පිටකොටුව, චයිනා වීදියේ තොග වෙළෙන්දෙකු පාහෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමේ ඉකුත් 23 දා අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම වෙළෙන්දන් දෙදෙනා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 27 ඉදිරිපත් කිරිමෙන් පසු පාසල ඉදිරිපිට මෙම සෙල්ලම් භාණ්ඩ අලෙවි කළ වෙළෙන්දාට රුපියල් 10000 ක දඩයක්ද. තොග වෙළෙන්දාට රුපියල් 30000 ක දඩයක්ද නියම කරන ලදී.

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය මහින් රතු නිවේදන



ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුකර රුපියල් බිලියන 688 ක මුදලක් රජයට පාඩු කළැයි කියන සිද්ධියේ පළමුවැනී සැකකරු වන හීටපු මහ බැංකු
අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර පොලීයිය වෙත රතු නිවේදන නිකුත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය (29) දෙවැනි වරටත් වරෙන්තු නිකුත් කළාය.
එම වරෙන්තුවේ පිටපත් සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරිමටද අධිකරණය නියෝග කළේය.
මෙම සැකකරු 2017 ඕක්තෝබර් මස 13 වැනි දින ඔහුගේ ගමන් බලපත්‍රය භාවිත කරමින් එස් කියු 469 දරන ගුවන් යානයන් මෙරටින් පිටව ගොස් ඇති බවත් මේ දක්වා පැමිණ නැති බවටත් කරුණු අනාවරණය වන බැවින් මොහු ශ්‍රී ලංකාවෙන් පිටිත සිටින අයකු ලෙස සලකා ජාත්‍යන්තර පොලිසිය මහින් රතු නිවේදන ලබා ගැනීමට මෙම වරෙන්තුව නිකුත් කරන ලෙස නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම වරෙන්තුව නැවත නිකුත් කළේය.
මෙම සැකකරු සමිබන්ධයෙන් මින් ඉහතදී අධිකරණය මගින් ලබා ගත් වරෙන්තුවට අනුව ජාත්‍යන්තර පොලිසිය මහින් නිල් නිවේදන නිකුත් කිරීමෙන් පසු ඔහු සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු අනාවරණය වූ බැවින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ලබාග ගැනීමට නැවත මෙම වරෙන්තුව නිකුත් කර‍න ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලිය.
ඒ අනුව අදාළ වරෙන්තුව නැවත නිකුත් කළ අධිකරණය එය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට ද නියම කළේය. මෙම සැකකරු අධිකරණයෙන් නිකුත් කළ සිතාසි හෝ දැන්වීම්වලට කීකරු නොවේ යැයි විනිශ්චය වන බවත්, මොහුට එරහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් මොහු සැකකරු බවට ප්‍රමාණවත් කරුණු තහවුරු වී ඇති බවටත් නිරික්ෂණය වන බැවින් සැකකරුට පළමුව වරෙන්තු නිකුත් කරනු ලබන බවට මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ ඉකුත් 15 වැනිදාය.
1988 අංක 76 සහ 1999 අංක 28 දරන පත්වලින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු
දේපල විෂයෙහි ලා ගැනෙන වැරදි පිළිබඳ පනත් 5 (1) වගන්තිය සමග කියැවෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 389, 391. 386 යන වගන්ති ප්‍රකාරව සහ 1957 අංක 07 දරන ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතත් 56 (අ) (1) හි වගන්ති ප්‍රකාරව මෙම සැකකරු වරදක් සිදුකර ඇතැයි අධිකරණයේදී කරුණු අනාවරණය විණි.

විකෘති නෝට්ටුවලට දැමූ තහනම ඉවතට

සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 2018.03.31 දිනෙන් පසු එවැනි විකෘති මුදල් නෝට්ටු භාවිතය තහනම් කිරීමට  ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර ප්‍රකාශ කර තිබුණද එහිදී සාමානය මහජනතාව මුහුණදෙන අපහසුතාවන් සහ ඔවුන්ගේ බලවත් ඉල්ලීම  මත තවදුරටත් එම සේවාව පවත්වාගෙන යෑමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ  බැංකුව 2018.03.29 දින නිවේදනයක්  නිකුත් කරමින් ප්‍රකාශ කරයි

. ඒ අනුව ඉරක් හෝ තිතක් වැනි සලකුණක් සටහන් වී ඇති ව්‍යාවහාර  මුදල් නෝට්ටු සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටු  ලෙස නොසලකන අතර එවැනි මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිත කළ හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දෙයි.

කෙසේ වෙතත් සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයට හෝ එහි ප්‍රාදේශීය කාර්යාල වෙත ලබාදිය හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.



අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ ඇතුළු රජයේ විභාගවලදී තාක්ෂණික මෙවලම් භාවිත කරමින් කරන අක්‍රමිකතා වැළැක්වීමට යුද හමුදා සංඥා බළකායෙන් වැඩපිළිවෙලක්


අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ ඇතුළු  රජයේ පවත්වන විභාගවල දී තාක්ෂණික මෙවලම් යොදා ගෙන කරන අක්‍රමිකතා වැළැක්වීමට ඉදිරියේදී යුද හමුදා සංඥා  බළකාය කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

 ඉකුත් අපො.ස. සාමාන්‍ය පෙළ වීභාගයේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බළකාය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එය රජයේ ඉල්ලීම පරිදි සිදු කළ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.  කොළඹ හිල්ටන් හෝටලයේ දී පෙරේදා (28) සවස පැවැති උත්සවයකදී යුද හමුදාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සංඥා බළකායේ 75 වැනි සංවත්සරය සැමරුම වෙනුවෙන් සංවත්සර ලාංඡනය හා වෙබ් අඩවිය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි, මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටියදී අක්‍රමිකතා සිදු වූ බවට සැක කෙරෙන අයදුම්කරුවන් 969 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

හෙද බිරිඳ මැරූ සැමියාත් සියදිවි නසාගෙන


දිර්ඝ කාලයක් තිස්සේ පැවති පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු පිහියකින් හෙද නිලධාරිනියක් වු සිය බිරිඳගේ ගෙලකපා ඝාතනය කළ අයෙකු නිවස ආසන්නයේ වූ ජලය පිරි ගල්වලකට පැන දිවිනසාගන ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පෙරේදා (28) රාත්‍රී 9.30ට පමණ ඝාතනයට ලක්වී ඇත්තේ හිදෝගම පොලිස්වසමේ නෙළුබෑව රජයේ රෝහලේ සේවයේ නියුතුව සිටි අංක 07 ආතර් ද සිල්වා මාවත ශ්‍රාවස්තිවත්ත ශ්‍රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි අබේසිංහ නානායක්කාරලාගේ මාලා ප්‍රියන්ති (31) හෙද නිලධාරිනියයි. ඇගේ සැමියා වන 36 හැවිරිදි ප්‍රසන්න කුමාර යන අය සියදිවි නසාගෙන ඇත. මරණකාරීයට මරණකරුටදාව මාස පහක දරුවකු සිටින බව පොලීසිය පවසයි.

 ඝාතනයට ලක්වූ හෙදිය මීට පෙර පොලිස් කොස්තාපල්වරයකු සමග විවාහවී සිට දික්කසාදවී, රියදුරකු වූ අරනායක කැගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි  ප්‍රසන්න කුමාර (8) සැකකරු සමග විවාහ වී ඇති බවත් ඔහුටත් පෙර විවාහයෙන් දරු දෙදෙනකු සිටිනා බවත් පොලිසිය පැවසුවේය. මෙම හෙදිය සිය මවගේ නිවසට පැමිණ සිටියදී මෙම ඝාතනය සිදුවී ඇත.හෙද බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව නිවස ආසන්නයේ පිහිටි අඩි 75 ක් පමණ ගැඹුර ගල්වලට පැන දිවිගසාගත් සැකකරුගේ සිරුර ඊයේ (29) දහවල් වනතුරුත් සොයා ගැනීමට නොහැකිවී තිබූ අතර පොලිස් නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා තිසාවැව නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් ඔහු දිවිනසා ගත්තේද යන්න තහවුරුකර ගැනීම සඳහා සිරුර සොයා පරීක්ෂණ සිදුකළහ.

සැකකරු පැන්න බව කියන වළෙහි අඩි 45ක් පමණ ගැඹුරට ජලය පැවතීම නිසා සිරුර සොයා ගැනීම අපහසුවූ බවත් සැකකරු හෙදිය ඝාතනය කිරීමෙන් අනතුරුව ගලට පනින අයුරු මරණකාරියගේ මව දැක තිබෙන බවත් පොලිසිය පැවසුවේය. දිවිනසාගත් බවට සැකකරන සැකකරු නිතර නිතර බිරිඳ සමග ආරවුල් ඇතිකර ගන්නා බවත් ඇය වෛද්‍යවරයකු සමග අනියමි සම්බන්ධතාවක් පවත්වන බවට ඔහු තුළ තිබු සැකයක් නිසා ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

හෙදිය ඝාතනය වනවිට සැමියා සමග ඇතිව තිබු බහින් බස්වීමක් නිසා මවගේ නිවසට පැමිණ සිට ඇති බවත් පෙරේදා (28) රාත්‍රියේ එම නිවසට පැමිණි සැකකාර සැමියා ඇයව නිවස පිටුපසට කැඳවාගෙන ගොස් බහින් බස්වීමක් සිදුවු බවත් මරණිකාගේ මව පොලිසියට පවසා තිබුණි.

ටික වේලාවක් දෙදෙනා අතර ශබ්ද නගමින් බහින් බස්වීම නිසා නිවසට තුළට පැමිණ තිබෙන ප්‍රශ්නයක් විසඳා ගන්නා ලෙස තමන් පවසා විනාඩි කිහිපයක් ගතවෙද්දී දියණිය කගැසීම නිසා දරුවාත් සමග එහිගොස් බලද්දී සිය දියණිය බරපතළ තුවාල ලබා පිළිකනේ වැටී සිටිනු දුටුබවත් බවත් බෑනා දිවගොස් ගල්වලට පණින අයුරු දුටුබවත් මරණකාරියගේ මව පොලිසියට පවසා තිබුණාය.

ගෙළට හා මුහුණට බරපතළ තුවාල  සිදුවූ හෙදිය ප්‍රතිකාර සඳහා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතත් ඇය ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවසුවේය. දිවිනසාගත් බවට සැකකරන පුද්ගලයා ඝාතනය සඳහා සකසාගත් තියුණු මුවහත ඇති අගල් හයක් පමණ දිග දුනු පිහියක් ගල්වල ආසන්නයේ තිබී සොයා ගන්ධව පොලිසිය පැවසුවේය. අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Thursday, March 29, 2018

අයියාගේ පොලු පහරින් මල්ලී මරුට


පෙර්දා (27දා) තම බාල සහෝදරයා විසින් එල්ල කළ පොලු ප්‍රහාරයකින් තඹුත්තේගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මියගොස් තිබේ

මෙසේ මියගොස් ඇත්තේ තඹුත්ගම නගරයේ ඩැෆඩීල් හෝටලයේ අධිපතිවරයා වූ ලේකම්ලාගේ සුසන්ත කුමාර ලියනගේ (34) නමැති තිදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයා නිතරම බීමත්ව නිවැසියන්ට හිරීහැර කරන බැවින් ඒ සම්බන්ධයෙන් අවවාද කිරීමට සැකකරුගේ නිවෙසට ගොස් සිටි අවස්ථාවේදී බාල සහෝදරයා විසින් හිසට එල්ල කළ පොලු පහරකින් වැඩිමහල් සහෝදරයා මියගොස් ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අය ප්‍රදේශවාසීන් විසින් තඹුත්තේගම  මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිටි බව තඹුත්තේගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මේ ඝාතනය සිදුවී ඇති බව තඹුත්තේගම පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.සැකකරුද තඹුත්තේගම රෝහල ඉදිරිපිට ව්‍යාපාරීක කටයුතු  පවත්වාගෙන යන අයෙකි.

සැකකරු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති  අතර මියගිය පුද්ගලයාගේ මළ සිරුර තඹුතේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. තඹුත්තේගම පොලිසිය මේ පිළිබඳ  වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

චෝදනා ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට දැඩි දඬුවම්


ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පසුගියදා කේප්ටවුන්හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ලක්වූ ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මින්ට හා උපනායක ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක්ද, පන්දුව පලුදු කිරීම සිදුකළ කැමරන් බැන්ක්‍රොෆ්ට මාස 9ක ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවීමට ඕට්‍රේලියානු ක්‍රිකට් ආයතනය (ඊයේ) තීරණය කර තිබේ.

ඒ අනුව එම තරඟයේදී ඕස්ටේලියානු කණ්ඩායමට එල්ල වූ පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ඕට්‍රේලියානු ක්‍රිකට් ආයතන ඒකාබද්ධ කමිටුවේ ප්‍රධානි ඉයන් රෝයි හා කාර්යසාධන කළමනාකරු පැටි හෝවාර්ඩ් විසින් නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ පන්දුව පලුදු කිරීම සිදුකළ කැමරන් බැන්ක්‍රොෆ්ට් යන තිදෙනා ප්‍රශ්න කිරීම්වලට ලක්කොට මෙම තීරණයට පැමිණ ඇති බවද පැවැසේ.

 මේ අතර ලබන 7 වැනිදා ආරම්භ වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට ඩේවිඩ් වෝනර් තීරණය කර තිබේ. එසේම පසුගියදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටි
ස්මිත් එම ධුරයෙන් ඉවත් වීමත් සමඟ එම කණ්ඩායමේ නායකත්වයට අජින්ක්යා රහනේ පත්කර ඇත.

පෙන්ෂන් ගිය පොලිස් ලොක්කාගේ පුතාගේ සූදු පොළ වටලයි



විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකුගේ බව කියන පුතෙකු කලක සිට පවත්වාගෙන ගිය සුඳු පොළක් වටලා එහි සිටි පස් දෙනකු සහ වාහන තුනක් සමග රුපියල් දසදහස් හාරසීයක මුදලක් පොලිස් හාරයට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
වැටලීම සිදු කරන අවස්ථාවේදී විස්සකට ආසන්න පිරිසක් සූදු පොළෙහි සිට ඇති අතර පොලිස් නිලධාරින් දැක ඔවුන් පළා ගිය බව ද පොලිසිය කියයි.
හෝමාගම ප්‍රදේශයේ නිවසකට විවිධ මාදිලියේ වාහනවලින් පැමිණ කුමක් හෝ අයථා සිදුවීමක් වන බවට මූලස්ථාන පොලිස් පරීක්ෂක ලියනගම මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කරන ලද බව පොලිසිය කියයි.
ඒ අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙම ස්ථානය වටලා පරීක්ෂා කිරීමේදි කැට ගැසීමේ සූදු පොළක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි. ඒ අනුව එහි සිටි පිරිසක් පලා ගිය අතර රැදී සිටි සැකකරුවන් පස් දෙනකු සහ මොටර් රථ තුනක් පොලිස් භාරයට ගත් බව පැවසේ. මුදලින් රුපියල් 10,400 මුදලක් එහි තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
පසුව සිදු කළ විමර්ශනයකදී මෙම සූදුපොළ පවක්වාගෙන සිය පුද්ගලයාගේ පියා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයකුගේ පුතකු බවට අනාවරණය වූ බව පවසයි.

ඩර්ටි ඩිස්කෝ අතරේ ක්ලබ් එකක් ගිනිගනී


එංගලයේ පෝර්ට්ස්මවුත්හි රාත්‍රි සමාජ ශාලාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් එහි සිට පුද්ගලයන් 1000ක් පමණ ඉවත් කොට හානිය වැළත්වීමට හැකිවූ බව එරට වාර්තා පවසයි. අලුයම 2ට පමණ නර්තන වේදිකාවට ඉහළින් සිවිලිම තුළින් ගින්න ඇතීවූ බවත් ක්ෂණයකින් සංගීතය නවතා දමා පිටතට යාමට දැනුම් දුන්
බැවින් කිසිවකුට හානි සිදුවීමකින් තොරව දිවි ගලවාගැනීමට හැකිවූ බව ද එම වාර්තා සඳහන් කළේ ය.

ගින්න ඇතිව ඇත්තේ Dirty Disco Event පැවැත්වෙන අතරතුරදිය. ගින්න නිවාදැමීම නිසා සහභාගි වූවන්ගේ භාණ්ඩ ලබාගැනීම සඳහා පසුදා මධ්‍යහ්නය වනවිට සමාජ ශාලාව යළිත් විවෘත කළ බව ද සඳහන් ය.

උපන් දිනය දවසේ ගත් ලොතරැයියෙන් කැනේඩියානු තරුණියගේ ජීවිතයම ගොඩ

කැනඩාවේ යුවතියකගේ 18 හැවිරිදි උපන් දිනය වෙනුවෙන් මිලදී ගත් ලොතරැයි දිනුම් ඇදීමකින් ඇය කැනේඩියානු ඩොලර් මිලියනයක් ජයග්‍රහණය කර තිබේ. ඇයට මෙම දිනුම හිමිවී ඇත්තේ ජීවිතයේ පළමුවරට ඇය මිලදී ගත් ලොතරැයියෙන් වීම විශේෂත්වයකි.

 ක්වෙබෙක් දිස්ත්‍රික්කයේ චාර්ලි ලැගාර්ඩ් මෙලෙස තෑගි මුදල දිනා ඇත. එම තෑගි මුදල මුළු මුදල
එකවර හා කොටස් වශයන් ලෙස ක්‍රම දෙකකට ලබාගත හැකි අතර මුල්‍ය උපදේශකයකුගේ ලබාගත් උපදෙස් මත ඇය තෝරාගෙන ඇත්තේ සතියකට ඩොලර් 1000ක් ලැබෙන ආකරයෙන් මෙම මුදල අබණ්ඩව ලබාගැනිමයි.

"මම කොටස් වශයෙන් ලැබෙන ක්‍රමය තෝරාගත්තේ බදු මුදලක් අය නොකෙරෙන නිසා. අනික එය වැටුපක් වගේ. තරුණියකට සතියකට ඩොලර් 1000ක් ලැබෙනවා කියන්නේ ජීවිතේ කොච්චර හොඳ ආරම්භයක් ද? මම ඒ මුදල් මගේ ඡායාරූපකරණ හැදෑරීම සඳහා වැඩිපුර යොදවනවා. මට ඕනේ කවදාහර් නැෂනල් ජියෝග්‍රැෆික් එක් ඡායාරූප ශිල්පිනියක් වෙන්නයි.”
යනුවෙන් ඇය අදහස් දක්වා තිබේ.

විකෘති මුදල් නෝට්ටු හුවමාරු කාලසීමාව ලබන 31 වැනිදායින් අවසන්



 සිතා මතා විකෘති කරන ලද හානිකරන ලද වෙනස් කරන ලද ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කර ගැනීම සඳහා ලබා දී තිබෙන කාලසීමාව ලබන 31 වැනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එම දිනයෙන් පසුවත් එවැනි මුදල් නෝට්ටු හමුවුව හොත් නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා මහ බැංකුව හෝ මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලයක් වෙතින් හුවමාරු කර ගැනීමේ පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සලනෙවිරත්න මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝටිටු හිතාමතා විකෘති කිරිම, හානි කිරීම හෝ වෙනස් කිරිම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ දඩ මුදලකට යටත් කිරිම හෝ සිරගත කිරීම හෝ එම දඬුවම් දෙකක් ලබා දිය හැකි වරදක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහබැංකුව මෙවැනි පුරුදුවලින් වළකින ලෙස මෙන්ම ව්‍යවහාර මුදල් නෝටිටු සිතාමතා විකෘති කිරීමෙන්, හානි කිරිමින් හා වෙනස් කිරිමෙන් වැළකී සිටීම මගින් රටේ වලංගු මුදල් නෝටිටුවල වටිනාකම සහ විශ්වසනීයත්වය ආරක්ෂා කර ගැනීමට සහාය වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ෆේස් බුක් ගිණුම් 530ක් ඉවතට



වසරේ මුල් මාස දෙක තුළ මෙරට ෆේස් බුක් ගිණුම් 530 ක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ලංකාදීපයට පැවසීය.
ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම. ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධීන් මුල්කරගෙන මෙම ගිණුම් අත්හිටුවීමට ෆේස්බුක් ආයනයනය පියවර ගත් බවද ඔහු කිය. ගිය වසරේදී ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින් ගිණුම් 3600ක් අත්හිටුවීමට එම ආයතනය පියවර ගෙන ඇති බව ද රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
තම ආයතනය වෙත ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම ගිණුම්වල තොරතුරු ෆේස් බුක් ආයතනයට දැනුම් දීමට පිවර ගත්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතියට හෝමාගම වැසියන්ගේ විරෝධය

 බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍යාංශය මගින් කොරියානු සමාගම් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක "හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය" මගින් ප්‍රදේශයේ ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බැවින් වහාම එම ව්‍යාපෘතිය නවතා දමන ලෙසට රජයට බල කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (28) දහවල් හෝමාගම නගර මධ්‍යයේදී විරෝධතාවක නියැළුණි.

කොරියානු සමාගම් ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන අදාළ තාක්ෂණික නගර ව්‍යාපෘතියට අයත්වන බව කියන ප්‍රදේශවල ජීවත් වන ජනතාව තුන්සියයකට වැඩි පිරිසක් හෝමාගම නගරයට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර විරෝධතා පාඨ කියමින් වීරෝධතාවය පළ කරන ලදී

මෙම තාක්ෂණික නගර ව්‍යාපෘතිය මගින් හෝමාගම සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් පිටිපන, දාමිපේ, හොරගල සහ හොරකඳවෙල ආදී ගමිමානවල අක්කර 4000 ක පමණ ප්‍රදේශයක ජීවත්වන ජනතාව මහ මගට වැටෙන බැවින් අදාළ ව්‍යාපෘතිය වහාම නවත්වා දමන ලෙස රජයට බල කරන බව මෙහිදී විරෝධතාකාරුවන් පැවසුහ.

විරෝධතාකරුවන් ප්‍රදර්ශනය කරන ලද විරෝධතා පුවරු වල අකර 400 ක ඉඩම් කොල්ලය වහා නවතනු, ගම්බිම් නිවාස ජන ජීවිතය සමාගම් වලට බිලි නොදෙනු, පාලකයින්ට සංවර්ධනය, ජනතාව මහ පාරේ යනුවෙන්ද සඳහන් විය.

මෙම විරෝධතාව සදහා සහයෝගය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ප්‍රමුඛ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, අන්තර් වීශ්ව  විද්‍යාල භික්ෂු සංගමයේ භික්ෂුන් වහන්සේල්ලා සහ
පෙරටුගාමී පක්ෂයේ නියෝජිතයින් ප්‍රදේශවාසීන් සමග එක් වී විරෝධතා දැක්වීය.

එහිදී අදහස් දැක්වූ හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ විධායක කමිටු සාමාජික රවීන්ද්‍ර මුදලිගේ,
මේ ආණ්ඩුවේ සිටින චම්පික රණවක ඇමැතිවරයාගේ අන්තනෝමතික තීරණයක් නිසාවෙන් ඉදිරීයේදී. හෝමාගම ජීවත් වන පවුල් විශාල සංඛ්‍යාවක් මහ මගට ඇද වැටෙනවා සිකුරුයි. පසුගිය වසර කිහිපයේදී මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරපු සංවර්ධන ව්‍යාපෘති යැයි කියන අසාර්ථක ව්‍යාපෘති රැසක් ජතාවට ඔප්පු කරල පවා තියෙනවා මේ සංවර්ධනය ජනතාවට නෙමෙයි කියලා යැයි පැවසීය.

අන්තිම ගමනට කලින් කතගේ සිරුර යළි රොහලට



පැලවත්ත කිනියාවල ගම්මානයේදී ආදාහනය කිරීමට සුදානම් කර තිබූ කාන්තාවගේ මරණය පහරදීමකින් සිදුවූවක් යයි සැකයක් පවතින බවට කිනියාවල පොලීසියට ලද පැමිණිල්ල අධිකරණයට වාර්තා කළ පසු මතුගම වැඩබලන මහේස්ත්‍රාත් බී. විජේසේන මහතා කිනීයාවලට ගොස් ආදාහන කටයුතු නතර කර සිරුර නාගොඩ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස කිනියාවල පොලිසියට පෙරේදා (27) උපදෙස් දුන්නේය.
කිනියාවල පහළ හෙවෙස්සේ පදිංචිව සිටි 91 හැවිරිදි පොඩි නෝනා ගුණවර්ධන වන ඇය මියගිය පසු ඇය පදිංචිව සිටි නිවසට ගෙනැවිත් ආදාහන කටයුතු සූදානම් කර තිබූ බව පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත. කිනියාවල පහළ හෙවෙස්ස පාරේ නිවසේ පදිංචිව සිටි මෙම කාන්තාව හදිසියේ රෝගාතුරවූ නිසා මීගහතැන්න රෝහලට ඇතුළත් කරන ලදී. රෝගී තත්ත්වය උත්සන්න වූ නිසා නාගොඩ රෝහල වෙත මාරු කර ඇත. නාගොඩ රෝහලේ දින දෙකක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය මියගිය අතර මරණය පිළිබඳව පරීක්ෂණ පවත්වා ආදාහන කටයුතු සඳහා සිරුර ඥාතීන්ට භාරදුන්නේය.
ඥාතීන් අවමංගල්‍ය ශාලාවකට භාරදී අවසන් කටයුතු සිදුකිරීම සඳහා කිනියාවල නිවසට ගෙන ගොස් ඇත.ආදාහන කටයුතු සිදුකිරීමට සියල්ල සුදානම් කර තිබෙන අතර කිනියාවල පොලිසියට ලැබුණු දුරකථන පැමිණිල්ලකින් දැනුම්දී ඇත්තේ මෙම කාන්තාවගේ මරණය පහරදීමකින් සිදුකරන ලද බවට සැකයක් පවතින බවයි.
ඒ අනුව ආදාහන කටයුතු අත්හිටුවා පුළුල් පරීක්ෂණ පවත්වන ලෙය කිනියාවල පොලිසියට උපදෙස් දුන්නේය. ඊයේ (28) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

ජී.එස්.පී බදු සහනය යළි හිමිවන ලකුණු

පී.එස්.පී බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට ලබා දීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ත් තීරණය කර තිබේ. ඒ අනුව මෙම සහනය ලබාදීමට අදාළ අයවැය පනතට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉකුත් 23 වැනිදා අත්සන් තබා ඇතැයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

2018 වර්ෂයේ අයවැය කල් තැබීමට පෙර ඇමෙරිකානු කොංග්‍රසයට මෙම සහනය සලිත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2017 දෙසැම්බර් 31 වැනිදා ජී.එස්.පී බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි විය.
මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට 2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම බදු සහනය හිමි වන බවයි.
ජී.එස්.පී බදු සහනය මගින් මෙරට අපනයන කෙ‍රෙන භාණ්ඩ සඳහා විශේෂ සහන හිමි වේ.

මාළිගාවත්ත අළුත්ම ඝාතනයත් මධූෂ්ගේ වැඩක් ද

මාළිගාවත්ත අලාම් ඉක්බාල් මාර්ගයේදී පෙරේදා (27දා) රාත්‍රියේ සිදුවුණු ඝාතනයටද විදෙස්ගතව සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ සම්බන්ධයක් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සාවුල් හමීඩ් මොහොමඩ් ෆිප්රාස් නොහොත් ෆිස්පු (31) නමැත්තා එසේ ඝාතනය වී ඇත.

 ඔහු මුස්ලිම් පාතාලයේ ආරම්භක සාමාජිකයෙක් වන මාළිගාවත්තේ මංජල් අක්‍රම් නමැත්තාගේ බිරීඳගේ සහෝදරයා බව පොලිසිය කියයි. මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටින ඔහු ඝාතනය වනවිට පදිංචිව සිට ඇත්තේ වරකාපොළ ප්‍රදේශයේය.

 ඉඳහිට මාළිගාවත්තට පැමිණ මත්කුඩු බෙදාහැර යන බව පොලිසියට ලද තොරතුරුවල සඳහන්ය.මේ වනවිට ඩුබායිහි රැදී සිටින පාතාලයට සම්බන්ධ මාළිගාවතේ පුද්ගලයකුට කන්ජි බාන් නමැත්තෙක් විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව ෆිප්පු නමැත්තා වරකාපොළ සිට ඊයේ (27දා) රාත්‍රියේ මාළිගාවත්තට පැමිණ ඇති බව සඳහන්ය. ත්‍රිරෝද රථයකින් පැමිණි ඔහු අලාම් ඉක්බාල් මාර්ගයේ රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තබා තිබෙන බව පොලිසිය කියයි.

වෙඩි 10ක් පමණ ඔහුට එල්ල කර තිබෙන අතර වෙඩි තබා ඇත්තේ මිලීමීටර් 09 වර්ගයේ අවියකිනි.  අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී වෙඩි තබා මරා දැමුණු රිස්ඛාන් නමැති ව්‍යාපාරිකයාගේ ඝාතනයත් සමග මම ඝාතනය බද්ධ වී ඇතැයි පොලිසිය සැක කරයි, මාකඳුරේ මධුෂ්ගේ මුදල් වැඩි වශයෙන් අයෝජනය කර ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ රිස්ඛාන්ගේ ව්‍යාපාරවලටය.

රනිල්ට මහ බැංකුව අහිමි වෙයි

අග්‍රාමාත්‍යවරයා යටතේ මෙතෙක් පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මුදල් අමාත්‍යංශය යටතට පැවරීමට ජනාධිපතිවරයා ඊයේ (28) පියවර ගත්තේය. මීට අමතරව අගමැතිවරයා යටතේ  තිබූ ශ්‍රී ලංකා සුරැකුම්පත්හා  විනිමය කොමිසමද මුදල් අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (28) නිකුත් කරන ලද අංක 2004/26 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ඔස්සේ මෙම සංශෝධනයන් සිදුකර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම මෙතෙක් පැවැතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පැවැති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේය. මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව එම ආයතන මින් ඉදිරියට මංගල සමරවීර මහතා යටතේ පවතින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යශය යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මෙම ආයතන දෙක ඉවත් කිරීට අමතරව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ බලාත්මක වූ මුල්‍ය නීති පනත, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත, ජාතික තරුණ සේවා සභා පනත, යොවුන් සේනාංක පනත, ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආපදා පනත සහ ජාතක රක්ෂණ භාර අරමුදල් පනත යන පනත් ක්‍රියාන්විත කිරීමේ බලයද එම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට මෙම ගැසට් නිවේදනයෙන් පියවර ගෙන ඇත.

මීට අමතරව අදාළ ගැසට් නිවේදනයෙන් ලිට්‍ර ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතට පැවරීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම් සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තූව පමණක් මෙම ගැසට් නිවේදනය ඔස්සේ අලුතින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

Wednesday, March 28, 2018

අත්භූත ලෙස දුමක් පිට කරන ඇතෙකි ඉන්දියාවේ කැලයකින් හමු වෙයි

ඇතුන් පිළිබඳ ලොව පුරා විශේෂඥයන් විමතියට පත්කරමින් ඉන්දියාවේ වනාන්තරයක දුම් පිටකරන ඇතෙක් ගැන වාර්තාවෙයි.

 2016 අප්‍රේල් මාසයේ කර්නාටක ප්‍රාන්තයේ නාගර්භෝල් වනාන්තරයට රාජකාරි මට්ටමේ ගමනක් ගිය ඉන්දියාවේ වනජීවී සුරක්ෂා සංගමයට සම්බන්ධ විද්‍යාඥයෙකු වන විනෙයි කුමාර් විසින් පටිගත කරන ලද තත්පර හතළිස් අටකින් යුතු මෙම ඇතාගේ විඩියෝ පටයක් නිකුත්වීමත් සමග මෙම ආන්දෝලනය ඇතිව තිබේ. විඩියෝ පටයේ වටිනාකම් ගැන කල්පනාවක් නොතිබුණු බැවින් මෙතෙක් එය නිකුත් නොකළ බව විනෙයි කුමාර් කියයි.

මෙම ඇතා අළු සහිත දුමක් පිටකරන්නේ කෙසේදැයි නොදන්නා බව විද්‍යාඥයන්ගේ අදහසයි. වන අලියෙක් මෙවැනි දෙයක් කරනු දුටු පළමු වතාව බවද ඉහළම වනජීවී විද්‍යාඥයන් පවා ඒ ගැන විමතිය පළකරන බවද වාර්තා වෙයි.

මව් පදවියට නිගා දෙමින් දරුවන් තනිකර අයාලේ යන මව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරයි

දරුවන් තිදෙනා කෘරත්වයට පත්කර මාස ගණනාවක් අයාලයේ ගිය තරුණ මවකගෙන් දරු තිදෙනා හමුවට යෑමට කැමැති දැයි මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී විමසූ අවස්ථාවේ දරුවන් එපා කී සැකකාර මව තවදුරටත් ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා නියෝග කළේය.

අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරිය අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මඟින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්  කළ අවස්ථාවේ විනිසුරුවරයා මෙම  නියෝගය නිකුත් කළේය.

තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අනුරාධපුර විමුක්ති මාවතේ පදිංචි තිස් හතර හැවිරිදි විවාහක තිදරු මවකි. ඇයගේ සැමියා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පසුගිය 2017 වසරේ නොවැම්බර් මස කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණවලින් පසුව අයාලයේ යමින් සිටි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ ළමා හා කාන්තා කාර්යාංශය කියා සිටියේ සැකකාරිය කීරීක්කුළම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සිටින බවට ලැබුණු රහසිගත තොරතුරක් මත එම ස්ථානය වටලා ඇය අත්අඩංගුට ගත් බවයි. සැකකාර්යට වයස අවුරුදු හතරක දියණියක් හා පාසල් වයසේ පසුවන වයස අවුරුදු 11-15 ක පිරිමි දරුවන් දෙදෙනකු සිටින බවත් මවු සෙනෙහස අවශ්‍ය  බව ඔවුන් පැවසුවත් සැකකාරිය ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාරියගේ වැඩිමහල් පුත්‍රයා විසින් පොලිසියට  ප්‍රකාශයක් කරමින් මව නොමැති නිසා නගී හා මල්ලී හඬා වැටෙන බවත් ඒ නිසා අම්මා ගෙනැවිත් දෙන ලෙසත් ඉල්ලමින් පොලිසියට ප්‍රකාශයක් කර තිබෙන බවත්  පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා තිබිණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දරුවන් සහ සැමියා සමඟ නැවත එකට කාලය ගත කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවත් දරුවන් තිදෙනා පිළිබඳව සිතා තීරණයක් ගන්නා ලෙසත් විනිසුරුවරයා විවෘත අධිකරණය අමතමින් පැවසුවේය.

නැවතත් දරුවන් හා සැමියා සමඟ තමන්ට ජීවත්වීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සැකකාරිය විවෘත අධිකරණයේදී පැවැසීම නිසා ඇය අප්‍රේල් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

සරසවි සිසුන්ට කුඩු විකුණූ අයෙක් මාට්ටු

ඊසි කෑෂ් ඔස්සේ සරසවි සිසුන් ඇතුළු මතට හුරුවූවන්ට හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සේවයෙන් නෙරපු ගුවන් හමුදා සෙබළකු හා ඔහුගේ ප්‍රධානියා හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 310ක් සමග අනුරාධපුර දිසා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.

උතුරුමැද පළාතභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ  ක්‍රියාත්මක වැටලීම් ඒකකය නිලධාරීන් පිරිසක් පෙරේදා (26) සවස මිහින්තලය පොලිස් වසමේ සිප්පුකුළම හන්දිය හා ඇතාවැටුණුවැව ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වී තිබුණි.

සැකකාර හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ ඔහු සන්තකයේ  හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 270ක්  තිබූ බවත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ගෝලයා වන හිටපු ගුවන් සෙබළා සන්තකයේ මිලිග්‍රෑම් 40ක් හෙරොයින් පැකට් එකක් තිබී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසුවේය.

සේවයෙන් නෙරපු ගුවන් හමුදා සෙබළා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වීම සිටින බවත් ඔහුගේ බිරිඳ ගුවන් හමුදාවේ ගිණුම් අංශයේ සේවය කරන බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබුණි. සැකකරු ගුවන් සෙබළකු වශයෙන් සේවය කරද්දී ඔහු හෙරොයින් පානය කිරීමට ඇබ්බැහිවූවකු

සේවයෙන් නෙරපු ගුවන් හමුදා සෙබළා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වීම සිටින බවත් ඔහුගේ බිරිඳ ගුවන් හමුදාවේ ගිණුම් අංශයේ සේවය කරන බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.

 සැකකරු ගුවන් සෙබළකු වශයෙන් සේවය කරද්දී ඔහු හෙරොයින් පානය කිරීමට ඇබ්බැහිවූවකු බව තහවුරු කර ගැනීම සඳහා ගුවන් හමුදා වෛද්‍ය අංශ රුධිර සාම්පල පරික්ෂණයක් කර හෙරොයින් පානයට ඇබ්බැහිවූවකු බව අනාවරණය කරගෙන සේවයෙන් නෙරපා ඇති බව පොලීසිය පැවැසුවේය.

 සැකකරුවන් විසින් මිහින්තලය රජරට සරසවියේ සිසුන් ඇතුළු මත්ලෝලීන්ට ඊසිකෑෂ් ඔස්සේ හොරෙන් විකුණා ඇති බවත් ඔවුන්ගේ ඊසි කෑෂ් ගිණුම්වලට මුදල් ලැබුණු වහාම ගස්යට විදුලි කණු යට හා කා දැමූ චුයින්ගම් යොදාගෙන ගස්වල හෙරොයින් පැකට් අලවා මුදල් බැරකළ පුද්ගලයන්ට හෙරොයින් තිබෙන ස්ථානය පවසමින් ජාවාරම් කරන බව පොලීසිය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් 24 හා 25 තරුණ සැකකරුවන් මිහින්තලය හා කහටගස්දිගිලිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා මිහින්තලය පොලීසියට බාරදෙමින් අනතුරුව ඔවුන් ඊයේ (27). අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

පාතාල මර්දනයට ආරක්ෂක අංශ වලින් විශේෂ මෙහෙයුම්

දිගින් දිගටම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිදුවන පුද්ගල ඝාතන රැල්ලට අවශ්‍යව සිටින පාතාල නායකයන් තිදෙනකුගේ සහ ඔවුන්ගේ ගෝලයන් නව දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සමත් වූ බව පාතාල මර්දන ඒකකයන් සඳහන් කරයි.

මෙම පාතාල නායකයන් තිදෙනා සහ ඔවුන් ගෝලයන් නවදෙනා ක්‍රියාත්මක වන්නේ විදෙස්ගතව සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා ඇතුළු ප්‍රධාන නායකයන්ගේ උපදෙස් මත බවද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබේ. මේ වනවිටත් මෙම පාතාල නායකයන් තිස්දෙනා සහ සෙසු සාමාජිකයන් නව දෙනා ඔවුන් පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටිමින් ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කරමින් සිටින බවද පාතාල මර්දන ඒකකයන් පවසයි.

මේ වනවිට ඉතාලියට පැන ගොස් සිටින 'මාකඳුරේ මධුෂ්' සහ දැනට ඉන්දියාවට පලාගොස් සිටින "අංගොඩ ලොක්කා'' යන පාතාල නායකයන් දෙදෙනා ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන මීට පෙර ඝාතනයට ලක් කළ ''රණාලේ සමයංගේ'' කල්ලියට ප්‍රහාර දියත් කරමින් සිටින බවද එම ඒකකයන් සඳහන් කරයි. පාතාල ලෝකයේ කිරුළ දිනා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර බලය පෙන්වීම සඳහා ඔවුන් මෙලෙස ප්‍රතිවාදීන්ට වෙඩි තබා ඝාතනය කරමින් සිටින බවද පාතාල මර්දන ඒකකයන් කියා සිටී.

 මේ වනවිටත් මාකඳුරේ මධුෂ් නමැත්තාට ජාත්‍යන්තර පොලිසිය විසින් නිල් නිවේදනයක් සහ අංගොඩ ලොක්කාට රතු නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව එම පාතාල නායකයන් සිටින විදෙස් රටවලින් අත්අඩංගුවට ගැනීමටත් මෙරට සිටින පාතාල නායකයන් සහ ගෝලයන්ට මෙරටින් පලා යෑමට නොදී අත්අඩංගුවට ගැනීමටත් පාතාල මර්දන ඒකකයන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

 පසුගිය දින කිහිපය තුළ ආමර්වීදිය, කෙසෙල්වත්ත, අතුරුගිරිය, මාලඹේ යන ප්‍රදේශවලින් පුද්ගල ඝාතනයන් වාර්තා වීමත් සමඟ පාතාල මර්දන කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමටද පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. ඒ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සහ අපරාධ සංවිධානාත්මක අපරාධ සහ මන්ද්‍රව්‍ය මැඩලීමේ ඒකකය භා ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම විමර්ශන කටයුතු සිදු කෙරේ.

විදේශ ජාතික කාන්තාවට අතවර කිරීමට තැත් කළ ත්‍රී රෝද රථ රියදුරා අත්අඩංගුවට


ඇල්ල, කිතල් ඇල්ල මාර්ගයේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදී අතවර කිරීමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියැදුරකු ඇල්ල පොලිසිය මගින් ඊයේ (27)දා අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

 මේ විදේශීය කාන්තාව ඊයේ (27)දා අලුයම 3.00ට පමණ ඇල්ල නගරයේ සිට කිතල්ඇල්ල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඇල්ල නගරයේම හෝටලයක සේවයේ නියුතු ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අතවර කිරීමට උත්සාහ කළ බවට ඇල්ල පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ඇල්ල මකුල්ඇල්ල අඹදණ්ඩේගම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30ක තරුණයෙකි.බණ්ඩාරවෙළ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් රීදි ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ක අලගියවන්න මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්ල පොලීසියේ නිලධාරීන් විසින් මේ පිළිබඳව පරීක්ෂන සිදුකරන අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පෞද්ගලික ආයතනයකින් කෝටි 03ක් වංචා කළ විධායක නිළධාරිනිය රිමාන්ඩ්


සේවයෙන් ඉවත්ව ගිය අයගේ නමට චෛත්පත් නිකුත් කර පෞද්ගලික ආයතනයකට රුපියල් තුන්කෝටි විසිපන්ලක්ෂ අනූහය දහසකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විධායක නිලධාරීනියක් ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

අදාළ සමාගම මර්චන්ට් බෑක් ඔෆ් ශ්‍රී ලංකා සමාගමට වැටුප් හදන සමාගමක් වන අතර වැටුප් හදන අවස්ථාවේදී සේවයෙන් ඉවත්ව ගිය අයගේ නම්වලට චෙක්පත් නිකුත් කර වංචාව සිදුකර ඇති අතර වංචා කළ මුදලින් පනස් හය ලක්ෂ පනස් නවදහසක් පමණ මුදලක් තම ස්වාමිපුරුෂයාගේ ගිණුමට සහ තිස්ඵක්ලක්ෂ හැට අටදහස් හත්සියයකට අධික මුදලක් තම ගිණුමට බැර කරගෙන තිබේ.

චූදිත කාන්තාව විසින් චෙක්පත් 185ක් උපයෝගී කර ගනිමින් මේ වංචාව සිදුකර ඇත. එස්.එස්.පී. නමැති අදාළ සමාගම මඟින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ලෝකයේ ප්‍රථම ශල්‍ය නිවාරණ රස වෙද රෝහල අද විවෘත්ත කෙරේ


ලෝකයේ ප්‍රථම ශල්‍ය නිවාරණ රස‍වෙද රෝහල අද (28දා) සවස 4.30ට අංක 82, ගාලු පාර, ගොලුමඩම හන්දිය යන ස්ථානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

 මෙම රෝහල වෛද්‍ය ලලිත් කුලරත්න මහතා සහ වෛද්‍ය සන්ධිකා කුලරත්න මහත්මිය විසින් ඉදිකරනු ලැබිය. ශල්‍ය කර්මවලින් තොරව අවදානම් සහගත රෝග රැසක් සුවකර ගත හැකි විශේෂතම වෛද්‍ය ක්‍රමයක් වන "රස වෙදකම" මෙම රෝහල තුළින් රෝගීන් වෙත ලබාදෙන අතර මෙම රෝහල ආරම්භ කිරීමේ අරමුණ වන්නේ සියලුම රෝග ශල්‍යකර්මවලින් තොරව සුව කිරීමයි.

අක්ෂි ප්‍රතිකර්ම, බයිපාස් සැත්කම්, වකුගඩු බද්ධය, මොළේ ගෙඩි, පිළිකා ආදී ශල්‍ය කර්ම කළ යුතු අවස්ථා රැසක් වෙනුවට "රස වදකම” මගින් සුවිශේෂී ප්‍රතිකර්ම ලබාදීම මෙම ශල්‍ය නිවාරණ රෝහලේ අරමුණ වී ඇත.

ගමන් බෑගයේ හැඩලයේ ලක්ෂ 6ක රත්රන් කූරු



තම ගමන් බෑගය එල්ලාගෙන යන හැඩලයේ රත්රන් කූරු දෙකක් සඟවාගෙන, නීතිවිරෝධීව ඉන්දියාවට යෑමට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී ඉකුද්දා (24) සවස රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බැව් සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසිය. මොහු 40 හැවිරිදි
කොළඹ, පිටකොටුව ඩයස් පෙදෙසේ පදිංචිකරුවෙකි. ඔහු 3/24 දින සවස 6.35 ට පමණ ඉන්දියාවේ චෙන්නායි බලා පිටන යන ශ්‍රී ලක්කන් ගුවන් සේවයේ යූ.එල්. - 123 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහුගේ ගමන් බෑගයේ සඟවා ගෙන තිබූ එම රත්රන් කුරුවල මුළු බර 122 කි. ඒවායේ මුළු වටිනාකම රුපියල් 6,71,500 ක් බව රේගුව පවසයි .

ගම් වැසියන්ගෙන් මුදල් ගැරූ හොර කට්ටඬියෙක් මාට්ටු-ගමන් මල්ලේ ලිංගික උද්දීපන පෙතිත් තිබිලා

අසනීප වු අය සනීප කරන බවට පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙක් මොනරාගල පොලිස් බල ප්‍රදේශයට අයත් වැදිකුඹුර ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා මොනරාගල පොලීසියට භාරදී ඇත.

ඔහු මෙම ප්‍රදේශයේ කාන්තාවක් සමග සම්බන්ධතාවක් පවත්වාගෙන එම නිවසේ නතර වී මෙම මුදල් වංචාව සිදුකර ඇති බව ගම්වාසීන් පවසයි. කතා නොකරන අය කතා කරවීමට, ඇස් නොපෙනෙන අයගේ ඇස් පෙනීම ලබාදීම, අරක්කු බොන අය එයින් වළක්වාලීමට ආදී ඕනෑම ලෙඩක් සුවකරන බව පවසමින් එක් ගෙදරකින් රුපියල් 5000 සිට 2500 දක්වා මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

මීට අමතරව පුජාව පැවැත්වෙන භාණ්ඩ ලැයිස්තුවට රුපියල් 20,000 සිට 25,000ක මුදලක් වැයවවන බවත් ගම්වාසීහු පවසති.මේ වනවිට සැකකරු ලක්ෂ තුනකට අධික මුදලක් වැදිකුඹුර ප්‍රදේශයෙන් පමණක් වංචා කර ඇති බව පොලිසිය පවසයි.මේ සෑම පූජා ලැයිස්තුවකටම අරක්කු කාලක් හා කුකුළෙක් අන්තර්ගත වෙන බවත් පොලිසිය කියයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී ලිංගික උද්දීපන වැඩිවෙන පෙති කිහිපයක්, මන්තර පොත් කිහිපයක්, පොල් තෙල් හා වෙනත් පුජා භාන්ඩ කිහිපයක් ද පොලීසිය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුට ජාතික හැඳුනුම්පතක්වත් නොමැති අතර ඔහු කුමන ප්‍රදේශයක අයකුදැයි තවම හඳුනාගෙන නැත.
අත්අඩංගුවට ගත් සැකකරු හා නඩු භාණ්ඩ අද මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිතය.
ම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොනරාගල පොලිසිය සිදු කරයි.

මෙවර කම්කරු දින සැමරුම් උත්සවය මැයි හත්වැනිදා

මැයි පළමු වැනිදාට යෙදි ඇති ලෝක කම්කරු දින සැමරුම් උත්සවය මැයි හත්වැනිදා පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවසීය. ඒ අනුව මැයි 7 වැනිදා නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ.
වෙසක් සතිය සැමරීමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා මේ පියවර ගත් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති ධුරයෙන් පිදුම් ලැබු ගන්තුනේ අස්සජිර නාහිමියන්ට සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමිනි.
මෙම උත්සවය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරි මහතා මෙසේද පැවසීය.
මෙවර වෙසක් පෝය හා මැයි දිනය යෙදී තිබන් ආසන්න දින කීපයක් තුළයි. වෙසක් පෝය කියන්නේ අපේ රටේ බෞද්ධ ජනතාවට විශේෂ දිනයක්. එය සතියක් පුරා උත්සවාකාරයෙන් සමරනවා. කමිකරු දිනය කියන්නේ අපේ මහා නා හිමිවරුන්ද පෙන්වා දෙන පරිදි සටන් පාඨ කියමින් උද්ඝෝෂන ආකාරණයන් පවත්වන වෙනම දිනයක්. එය වෙසක් සතිය තුළ පැවැත්වීම සුදුසු නැති බවට ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ලිපියක් අප වෙත යොමු කර තිබුණා. ඒ අනුව අපි අද කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා ලෝක කමිකරු දින සමරුම මැයි හත් වැනිදාට සිදු කළ හැකි වන පරිදි එදින නිවාඩු දිනයක් කිරිමට. එයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබුණා. මෙවැනි අවස්ථාවක් 1967 හෝ 1968 දීත් සිදු වුණා. මට ඒ අත්දැකීම තවමත් මතකයි යැයි ද ජනාධිපතිවරයා කීවේය.

උතුරු කොරියානු නායකයා චීනයට ඇවිත්



සිය පළමු නිල විදෙස් සංචාරය සනිටුහන් කරමින් උතුරු කොරියානු නායක කීම් ජොන් උන් චීනයේ බීජිං අගනුවරට පැමිණි බවට ජන මාධ්‍ය ඊයේ (27) වාර්ථා කළේය.
 විශේෂ ගෞරවයක් සහිත ආරක්ෂාවක් යටතේ දුම්රියක් චීනයේ බීජිං නුවරට පැමිණීමත් එය පසුව පිටව යෑමත් සමඟ එම පුවත් පළ විය.
එම දුම්රියේ පැමිණ ඇත්තේ උතුරු කොරියානු නායකයා බව ද එම පුවත් වාර්තාවල දැක්විණි. චීනයේ බීජිං අගනුවර ස්ථාන කිහිපයකටම දැඩි ආරක්ෂක්ෂාවක් ලබා දී තිබූ අතර බොහෝ ස්ථානවල පොලිස් ආරක්ෂක රථ සහ වීශේෂ ප්‍රභූ ආරක්ෂිත රථ. පෙර ගමන් රථ දක්නට තිබිණි. මෙසේ විශේෂ ආරක්ෂාව ලබා දී තිබුනේ උතුරු කොරියානු නායකයා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ හමුවට පැමිණි නිසා යැයි ජපාන මෙන්ම දකුණු කොරියානු මාධ්‍යය ද වාර්ථා කර තිබිණ.
උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයකු බීජිං නුවරට පැමිණි බව චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ප්‍රකාශ කළ ද පැමිණියේ කවුද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එම නිලධාරිහු ප්‍රකාශ කළහ. උතුරු කොරියානු නායකයා චීනයට පැමිණියා නම් එය සඟවන්නට හේතුවක් නැතැයිඳ ඒ පිළිබඳ තොරතුරු තිබුණා නම් ප්‍රසිද්ධියට පත් කරන බව ද නිලධාරිහු කීහ.
චීනයට පැමිණි ගියේ උතුරු කොරියානු නායකයා නම් 2011 වසරේදී බලයට පත්වීමෙන් පසු හෙතම විදෙස් සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වනු ඇත. උතුරු කොරියානු නායකයාට චීන ජනාධිපතිවරය‍ හමු වීමට හේතු කිහිපයක්ම තිබේ. උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ඡායි ඉන් සහ ඇමරීකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මාළඹේ ව්‍යාපාරිකයාට තුන් පැත්තකින් මරණ තර්ජන තිබිලා.ගේම දුන්නේ බිරිඳ ද?


මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල  ආසන්නයේ දී කෝටිපති ව්‍යාපාරිකයකු වෙඩිතබා ඝාතනය කිරීම පාතාල කල්ලියක්  විසින් සිදුකර ඇතැයි පොලිසිය තහවුරු කරගෙන තිබේ. රොෂාන් ප්‍රේමලාල් නමැති ව්‍යාපාරිකයා ඉකුත් 25 දා රාත්‍රියේ ඝාතනයට ලක් විය.

 ඔහු කාලයක් තිස්සේ අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයාට කප්පම් දී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. මෑතක සිට ඔහු කල්පම් ගෙවීම නතර කිරීම හේතුකොට ගෙන අංගොඩ ලොක්කාගෙන් තර්ජන එල්ල වී ඇතැයි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 අංගොඩ ලොක්කාට කප්පම් ගෙවන කාලයේදී මොහු අංගොඩ ලොක්කාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයින්ට චණ්ඩිකම් පෙන්වා ඇති බව ද පොලිසියට තොරතුරු ලැබී ඇත. ඒ නිසා ඔවුන්ගේ තර්ජනයට ද මෙම ව්‍යාපාරිකයා ලක්ව ඇතැයි පොලීසිය කියයි.

මෙම ව්‍යාපාරීකයා සිය බිරිඳ අතහැර වෙනත් කාත්තාවක් සමග ජීවත් වී ඇති බව පොලීසිය කියයි. ඒ හේතුව නිසා විවාහක බිරීඳ මෙම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි පොලිසිය කියයි. එබැවින් ව්‍යාපාරිකයාගේ බිරිඳ පිළිබඳව ද සැකයක් එල්ල වී තිබේ.
මෙම සැකයන් තුන ඔස්සේ පොලීසිය පක්ෂෂණ පවත්වන බවත් ඉන් එක් හේතුවක් මෙම ඝාතනයට මුල් වී ඇති බවත් පොලීසිය පවසයි.

මළ බටයෙන් 6 වැනි මහලට නැග නිවෙසකින් ලක්ෂ 59 ක රන්බඩු උස්සලා

කොළඹ-හැලොන්ටවුන් හි පිහිටි එළිසබෙත් ටවර් නිවාස සංකීරණයේ හයවැනි මහලේ නිවෙසකට හොර රහසේ ඇතුළු වී එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 59ක් පමණ වටිනා උපකරණ තොගයක් කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
නිවාස සංකීර්ණයේ පිටතින් සවිකර තිඛෙන මළ අපද්‍රව්‍ය පිටකිරීමට ඇති නළයක් දිගේ බඩගාගෙන ගොස් හයවැනි මහලට ඇතුළු වී තිබෙන බව පරීක්‍ෂණවලින් පෙනී යන්නේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් ලංකාදීපයට පැවසීය. නළය දිගේ බඩගාගෙන ගොස් හයවැනි මහලට ගොඩවී ඇති සොරා එම මහලේ පිහිටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසට ඇතුළු වී ඇත්තේ එහි ජනේලයක්ද කඩා බව පොලිසිය කියයි.
නිවසේ අල්මාරි තුනක් කඩා ඒවායේ බහා තිබූ ස්වර්ණාභරණ තොගයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බවට එම කෝටිපති ව්‍යාපාරිකයා වැල්ලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ගොස් පැමිණිලි කර ඇත.
සොරකම සිදුවන අවස්ථාවේ කිසිවකු නිවසේ නොසිටි බවත් ලක්‍ෂ 59ක් පමණ වටිනා මෙම ස්වර්ණාභරණ සිය බිරිඳ සහ දියණියට අයත් ඒවා බවට කෝටිපති ව්‍යාපාරිකයා පැවසී යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිය කීය.
කෝටිපති ව්‍යාපාරිකයා සහ පවුලේ අය නිවෙසට පැමිණි අවස්ථාවේ අල්මාරි තුනක් කඩා තිබෙන බව දැක ගැනීමට හැකි ඒවා පරීක්ෂා කර බැලීමේදී ඒවාංයේ බහා තිබූ ස්වර්ණාභරණ නොමැති බව දැකගැනීමට ලැබී ඇතැයි පොලිසිය පවසයි.

සිසුවෙක් අපයෝජනය කළ තැනැත්තා වසර 28 ක් හිරේට

බාල වයස්කාර පිරිමි ළමයකු නීත්‍යනුකුල හාරකාරත්වයෙන් අපහරණය කොට බරපතළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා හතරක් යටතේ පවරා තිබූ නඩුවක වරද පිළිගත් විත්තිකරුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එක් චෝදනාවකට බරපතළ වැඩ සහිත වසර හත  බැගින් වසර විසිඅටක සිර දඬුවම් සහ රුපියල් පන්දහස බැගින් රුපියල් විසිදහසක දඩ නියම කොට සිර දඬුවම් සියල්ලම එකවර ගෙවී යාමට නියම කළේය.

දඩ නොගෙවන්නේ නම් තවත් මාස දොළහක සිර දඬුවම්ද විත්තිකරුට නියම විය.

මෙසේ දඬුවම් නියම වූයේ මල්ලවආරච්චිගේ අනිල් උදය කුමාර නමැති පනස් හතර හැවිරිදි විත්තිකරුවකුටය.
විත්තිකරු 2013 ජූනි 06 වන දින දහතුන් හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතළ ලිංගික අතවර කිරීම සමීබන්ධයෙන් ගාලු මහාධිකරණයේ අධි චෝදනා ලබා සිටියේය.

සිසුවා උපකාරක පන්තියට සහභාගි වී ආපසු නිවසට ගොස් නැවත පොතක් ගැනීම සදහා වෙළෙ දසලකට ගිය බවත් එසේ ගොස් එන විට විත්තිකරු සිසුවා නිවස තුළට කැඳවා ටික වේලාවක් කාතාකර සිට පසුව |විදුලි පන්දමක් දල්වාගෙන කන්දට කැඳවාගෙන ගොස්  අපයෝජනය කර ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය. රජයේ අධිනීතිඥ කේ. වී. ඉන්දිකා මෙනෙවිය පැමිණිල්ල මෙහයවුවාය.