Showing posts with label LOCAL G1. Show all posts
Showing posts with label LOCAL G1. Show all posts

Friday, January 3, 2020

මාව රිදී තීරයේ දකිනවා කියන්නේ මන් පුංචි කාලේ ඉඳලා දැකපු හීනයක්, චානු දිසානායක


නිවේදිකාවක ලෙසින් වැඩසටහන් ගණනාවකින්ම ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි ඇය මේ වනවිට රංගනයට ද වරම් ලබා ඇත. ඉකුත් රයිගම්  සම්මාන උළ‍ලේදී හොදම සම්ප්‍රෙව්ශක ලෙස සම්මානයට  වූ ඇය, චානු දිසානායකය.  යූ ටර්න් හි ප්‍රධාන චරිතය ඔස්සේ සිනමාවට පිවිසි ඇයගේ කලා කටයුතු පිළිබද කතාබහ කිරීමට මෙල‍ෙස අප සමග එක් විය.

U Turn' ගැන මුලින්ම කිව්වොත්?

"යූ ටර්න්” කියන්නේ මෑත කාලයේ එළිදැක්වූ චිත්‍රපට අතරින් වෙනස් මුහුණුවරක් ගන්න නිර්මාණයකි. පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්‍රපටියක් වගේම ත්‍රාස්‍ය, කුතුහලය තියෙන චිත්‍රපටයක් මෙන්ම හොඳ ප්‍රමිතියකින් නිර්මාණය වුණු චිත්‍රපටයක් විදිහට 'යූ ටර්න් හඳුන්වන්න පුළුවන්,
ගොඩක් අය මේ චිත්‍රපට වෙනුවෙන් කරන්න දෝෂාරෝපණයක් තමයි මේක රීමේක් එකක්, කොපියක් කියන එක. මැක්සිම් ගෝර්කි 'අමිමා’ කියන කෘතිය රුසියානු භාෂාවෙන් ලියැවෙන්නේ. ඒක සිංහලෙන් ලියවුණේ නැතිනම් අපිට 'අම්මා” කියන ග්‍රන්ථය අපිට රසවිඳින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ අපිට හොඳ කතා සන්දර්භයක් තියෙනවා නම් ඒක මොන රටක නිර්මාණයක් වුණත් ඒක අපේ රටේ අයට රසවිදින්න පුළුවන් විදිහට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. "යූ ටර්න්' කියන්නේ ප්‍රවීණ කැමරා අධක්ෂ චන්න දේශප්‍රියගේ කුළුඳුල් නිර්මාණය. ඔහු වසර 30ක අත්දැකීම් එකතු කරග‍ෙන ප්‍රවීණ කණ්ඩායමත් එක්ක නිර්මාණය වුණු චිත්‍රපටයක්. හොද රංගන ශිල්පීන් මේ චිත්‍රපටයට ඉන්නවා. ලෝකේ හැම භාෂාවකින් නිර්මාණය වන චිත්‍රපට බලනවා. චිත්‍රපටයක තියන ප්‍රමිතිය මොකක්ද කියන එක මිනිස්සු දැන් අඳුරනවා. ඉතින් ගෝලීය චිත්‍රපටි නරඹන අයට ප්‍රමිතිගත චිත්‍රපටයක් බලන්න ඕනේ නම් 'යූ ටර්න්’ තමයි ඒකට හොදම උදාහරණය කියන එක ඉතාම හොඳින් කියන්න පුළුවන්.

"යූ ටජන්” එකට ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?

යු ටර්න් එම්.එන්ටර්ටේන්මන්ට් ආයතනයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. මේකෙ මගේ චරිතය වෙන්නේ මාධ්‍යවේදිනියගේ චරිතයක්. ඇත්තම මාධ්‍යවේදිනියක් මේක කළාත් ප්‍රේක්ෂකයන්ගේ කොහොම ප්‍රතිචාරයක් ලැබෙයිද කියන දේ තුළ වෙනසක් කරලා බලන්න එමි. එන්ටටේන්මන්ට් ආයතනයට අවශ්‍යතාවයක් තිබුණා. මහරාජා ආයතන සභාපතිතුමන් සහ එමි. එන්ටටේන්මන්ට් ආයතනයෙන් මට මේ අවස්ථාව ලබා දුන්නා.

පළමු රංගනයේදීම මෙවැනි විශාල නිර්මාණයක් සඳහා දායක වීම මොකද හිතෙන්නේ ?
 ඒක නම් ලොකු දෙයක්. මාව රිදී තිරයේ දකිනවා කියන එක මම පොඩි කාලේ ඉඳන් දැක්ක හීනයක්. පළමු චිත්‍රපටයෙන්ම ප්‍රධාන චරිතයක් සහ ලංකාවේ අනිවාර්යයෙන්ම  ජනප්‍රිය වෙන චිත්‍රපටයක්. ඒ හින්දා එවැනි චිත්‍රපටයක, ප්‍රවීණ කණ්ඩායමක් එක්ක සහ ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක මට ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබිච්ච එක මම ජීවිතේ ලැබූ ලොකු වාසනාවක්. ඒ ලැබුණු අවස්ථාව වෙනුවෙන් මම කැප වුණා. නවක නිළියක් ලෙස මගේ අඩුපාඩු තියෙනවා. ඉතින් ඒවා හදාගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.
 රංගනය කියන දේ හීනය වුණේ කොහොමද?

පුන්චි කාලේ ඉදන්ම මට රංගනය ගැන හීනයක් තිබුණා. මම රංගනය ඉගෙන ගත්තා. පාසල් කාලයේදී මම වේදිකා නාට්‍යය කළා. පසුකාලීනව මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මහාචාර්ය මංගල සේනානායක මහත්මයාගේ වේදිකා නාට්‍ය කණ්ඩායමට එකතු වුණා. දැනටත් එහි සාමාජිකාවක් විදිහට කටයුතු කරනවා. වේදිකාවත් එක්ක ඉන්න කෙනෙක් මම. මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ රංගන පාඨමාලාව හදාරලා තියෙනවා. ඒ වගේම මම රංගන කටයුතු කළා. විශ්වවිද්‍යාලයෙත් වේදිකා නාට්‍ය තරගවලට සහභාගී වුණි. ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයේ "ප්‍රතිභා රාජ්‍ය නාට්‍ය තරගාවලියේදී 2013 වසරේ හොඳම නිළිය (ගෘෘෂා ආයෙමත් ඇවිදින්) සම්මානය මම අරගෙන තියෙනවා. ඒවගේ රංගන කටයුතු එක්ක ඉදපු කෙනෙක් විදිහට මට රංගනය ගැනත් සිහිනයක්තිබුණා. රංගනය වෙනුවෙන් සම්මාන හිමි කරගෙනත්. ට‍ෙලි නිර්මාණ සහ චිත්‍රපට සඳහා දායක නොවුණේ ඇයි?
මට ටෙලීනාට්‍යය කිහිපයකට කතා කරලා තිබුණා. නමුත් මම කරන රැකියාව එක්ක මට වෙනත් නිර්මාණයකට සහභාගී වෙන්න අවස්ථාව තිබුණෙත් නැහැ. මම කැප වුණේ වැඩිපුරම මගේ වෘත්තීය වෙනුව‍ෙන්. ඒ හින්දා කලාවට එන්න අමාරුයි කියලා හිතුණා. හැබැයි හොඳ අවස්ථාවක් තමයි මට මේ ලැබුණේ.

නිර්මාණය වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

නරඹපු ගොඩක් ප්‍රේක්ෂකයින් හොදයි කියන තැන තමයි හිටියේ. ගොඩක් අය දෙවතාවක් බලන්න ඕනේ කියන තැන හිටියා. ඉන්දියානු චිත්‍රපටියක් හා සමානව හා ප්‍රමිතියකින් නිර්මාණය කරලා තියන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඒ ගැන අගය කළා. මගේ රංගනය ගැන කිවිවොත් නවක නිළියක් ලෙස මම මේ සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන්න උත්සහ
කරලා තියෙන කාරණාව ඔවුන් පේන බව තමයි ඔවුන් කිව්වේ . මට බැලුවම මට තේරුණේ හදාගන්න ගොඩක් දේවල් තියෙනවා කියන එක. නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතා හොදයි.

රංගනය ගැන ඉදිරී අදහස් තියෙනවාද?

 මම දැනට වැඩ කරන්නේ "AF Jones Exporters' ආයතනයෙන්. මේක තේ අපනයනය කරන ආයතනයක්.  ඒ වැඩ කටයුතු එක්ක කලා කටයුතු සමබර කර ගන්න පුළුවන් කියලා හිතුනොත් මම කරන්න කැමැත්තෙන් ඉන්නවා, හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයන් දායක වෙන්න බලාගෙන ඉන්නවා.

එතකොට වෘත්තීමය මාධ්‍යවේදිනියක් වුණේ කොහොමද?

මම විශ්ව විද්‍යාලයේ සිවුවැනි වසරේ ඉන්නකොට තමයි ස්ක්‍රීන් ටෙස්ට් එකට යන්න. Pentathlon කියන වැඩසටහනට ඔවුන් නිවේදිකාවක් හොයමින් හිටියේ.  මෙම සම්මුඛ පරීක්ෂණ ගණනාවකට ගියා. ඒවලින් තේරිලා තේරීලා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. කිංස්ලි රත්නායක ජෙෂ්ඨ මාධ්‍යවේදියා එක්ක තමයි මට පළවෙනි වැඩසටහන හිමිවුණා. ඊට පසුව තමයි මම
News First කණ්ඩායමට බිහිවෙන්නේ. එහිදී ප්‍රවෘත්ති  නිවේදිකාවක් වශයෙන් සහ ප්‍රවෘත්ති වාර්තාකාරිනියක් ල‍ෙස මට වැඩ කරන්න ලැබෙනවා.

ජිවිතේ ලොකු බලාපොරොත්තු නැද්ද?

ලොකු බලාපොරොත්තු තියෙනවා. පෟද්ගලික  ජීවිතයත් බලාපොරොත්තු තියනවා. වෘත්තීමය  පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඊටත් වඩා මනුස්සයෙක් විදිහට හොඳින් සතුටින් විනෝදෙන් ඉන්න තමයි මම කැමති.
 අද රංගන ශිල්පිනියක් ලෙස ඔබව දකිද්දී දෙමාපියන්ගේ ප්‍රතිචාර කොහොමද?
 අම්මයි තාත්තයි මගේ පුංචි කාලේ ඉඳන්ම හැමදේම මට උදවු කළා. ඉතින් අදටත් එහෙමයි. පවුලේ එකම දරුවා මම විතරයි. කිසිම දෙයකට මට බෑ කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආශිර්වාදය සහ  උදව්ව මට හැමදාම තියෙනවා. අම්මත් ගුරුවරියක් නිසා දරුවන්ගේ දක්ෂතාවයේ වැදගත්කම අම්මට තේරෙනවා ඇති කියලා හිතනවා. ඒ ආදරය රැකවරණය සහ උපදේශනය ඒ අය හැමදාම ලබා දෙනවා,
      -ඩිලාන් ක්‍රිෂාන්ත-

අපි දැන් ක්‍රියාත්මක කරන්නේ ජාතියේ න්‍යාය පත්‍රය


මේ රටේ වැඩකරන වසර ලෙස 2020 පළමුවැනිදාම සිය කණ්ඩායම් වැඩ පටන් ගත් බවත්, පසුගිය කාලයේ පැවතුණු තත්ත්වය අනුව අමාත්‍යාංශවලට, ඊට අයත් ආයතනවලට ඇමතිවරු පැමිණ නොමැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.
හෙතෙම මේ බව පැවසුයේ ඊයේ (02දා) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ශිෂ්‍ය නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
 "මම මේ අමාත්‍යාංශයට එනකොට මෙහි සියලුම සිසුන්ට වහලා තිබුණා. මම දරුවට කතා කරලා කිවුවා අපී ඇවිත් ඉන්නේ එන්න කතා කරන්න කියලා. වැඩ භාරග‍ෙන පහුවැනිදා උදෑසන 7.30ට මම ඔවුන් හමුවෙලා වැඩ පටන් ගන්නේ. හැබැයි අවාසනාවට ඒ සියලු සාකච්ඡා මාධ්‍යයට විවෘත වුණේ නැහැ.
මින් පසුව මේ සාකච්ඡාවල කිසිවක් කිසිවකුට හංගන්න අවශ්‍ය නැහැ. අපි දැන් ක්‍රියාත්මක කරන්නේ කාගේත් න්‍යාය පත්‍රය න‍ෙමෙයි. ජාතියේ න්‍යාය පත්‍රය. රටේ න්‍යාය පත්‍රය. මම විවෘතව විශ්වවිද්‍යාල තුළ තිබෙන ගැටලුවලට මැදිහත්වෙලා මේ වනවිට ගැටලු රැසක් තිබුණු තැන්වල ගැටලු විසඳුවා. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍යය ආයතනයේ ඇතිවලා තිබුණු ගැටලුව මම එම ස්ථානයට ගිහින් සිසුන් හමුවෙලා ඉක්මනින් විසඳුවා. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙත් එහෙම ගැටලුවක් තිබිලා විසඳුවා, සෟන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා පිළිබඳ ගැටලුවක් තිබුණි. ඒක විසඳුවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා විශ්‍රාමික හමුදා නිලධාරීන් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට ගැළපෙන්නේ නැහැ කියා. ඒ නිසා පසුගිය යුගයේ එහ‍ෙම පත්කරලා තිබුණු අය ඉවත් කරලා උගත් පළපුරුදු සිවිල් ආචාර්ය මහාචාර්යවරු ඒ සදහා පත්කළා. ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පරිපාලන රටාවක් තුළ නිදහස් දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව දැන් අපේ රජය විසින් උදා කරලා දීලා තියනවා. ඒ වරම දරුවන්ගෙන් පැමිණිලි ආවා මඩකලපුව නැග‍ෙනහිර  විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යයනය සඳහා අදාළ ගොඩනැගිලි විවෘත කරන්නේ නැහැ කියලා. අපි මේ 06 වැනිදාට විශ්වවිද්‍යාලයට යනවා. සාකච්ඡා කරන සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ කොහොමද කියලා හොයලා බලලා සිසුන්ගේ පහසුකම් සලසා දෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගෙන ඉන්නවා කියලා දරුවන් අපිටඇවිත් කිවුවා. මම ඒ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට කතා කරලා කිවුවා මේක සාකච්ඡාවෙන් විසදගන්න අපට අන්තිම අවස්ථාවක් ලබාදෙන්න කියලා.
කතා කරලා මේ ගැටලු විසඳගන්න අපිට පුවන්, එහෙම නැතුව දවස ගානේ කඳුළු ගෑස් ගහලා, ප්‍රචණ්ඩත්වයන් ප්‍රශ්න කවදාද ඉවර වෙන්නේ. මේ දේවල් කවද හරි ඉවර වෙන්න ඕනේ." යැයි පැවසීය, මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතාද ශිෂ්‍ය නියෝජිතයෝ රැසක්ද එක්වූහ.
                                                                                      -සාකල්‍යා සදමාලි-

Tuesday, December 24, 2019

පාස්කු ප්‍රහාරය නිසා ඩොලර් මිලියන 50ක ඇණවුම් කොළඹ නැව් තටාකාංගණය නැති වුණා

කොළඹ නැව් තටාකාංගණ පෞද්ගලික සමාගම (Colombo Dokyard PLC) වෙත ජාත්‍යාන්තර වශයෙන් ලැබී තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 50ක ඇණවුම් පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදීම ප්‍රතික්ෂේප වී ඇතැයි වරාය නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.  ඔහු සදහන් කර සිටියේ, කොළඹ නැව් තටාකාංගණය 1993 මාර්තු 10 වැනිදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පෞද්ගලීකරණය කළද, එම සමාගම වෙත ලැබෙන ජාත්‍යන්තර අණවුම් හා සේවක දක්‍ෂතා පිළිබඳ රටක් ලෙස සතුටට පත්වන බවයි.
එහෙත් පසුගිය ආණ්ඩුව විසින් එම සමාගම වෙත කරනු ලැබූ දැවැන්ත විනාශය පිළිබඳ දැඩි කනගාටුවට පත්වන බවද පැවසූ අමාත්‍යවරයා, වසර 04ක කාලයක් තුළ තිබූ අදක්‍ෂ පාලනය, හොරකම මෙන්ම මහා බැංකු හොරකම හේතුවද රටේ ආර්ථිකයට විශාල හානියක් සිදුව ඇති බවද සඳහන් කළේය.
කොළඹ නැව් තටාකාංගට පුද්ගලික සමාගම විසින් ඊයේ (23දා) කොළඹ නැව් තටාකාංගණ පරිශ්‍රයේදී පැවැත්වූ නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් වරාය අධිකාරියට පවරා ගැනීමේ අවස්ථාවට එවමින් හිමි බව පැවසූ අමාත්‍ය ජෝන් ප්‍රනාන්දු මහතා එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින්,  "පාස්කු ප්‍රහාරයෙන් ජීවිත විතරක් නෙවෙයි, ආර්ථික වශයෙනුත් විශාල විනාශයක් වුණා. ප්‍රධාන වශයෙන් පැවැති රජය මේ විනාශයට වගකියන්න ඕනෑ. නිසි වෙලාවෙදි නිසි තීන්දුව ගන්නේ නැතිව මුළු ජාතික ආරක්‍ෂවම විහිළුවට ලක්කරලා මේ කරලා තියන  විනාශයට ඔවුන් වගකියන්න ඕන. අද හිමිතැනට ආවාම දැනගන්න ලැබුණා. කොළඹ නැව් තටාකාංගණ පුද්ගලික සමාගමට විතරක් ජාත්‍යන්තර වශයෙන් ලැබුණට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ඇණවුම් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණ වෙලාවෙම ප්‍රතික්‍ෂේප වලා තියනවා කියලා. මේක තමයි ආර්ථික කඩාවැටීම.එකක් අවුරුදු හතරක් තිස්සේ ඔවුන්ගේ තිබුණ අදක්‍ෂ පාලනය හා හොරකම. මහා බැංකු හොරකම නිසා විශාල හානියක් වුණා. ඊළඟට මනා දක්‍ෂ ආර්ථික පරිපාලනයක් නොමැතිකමින් රටේ ආර්ථිකය වැටීගෙන ආවා. සහරාන්ගෙ ප්‍රහාරය‍ෙන් තව මාස පහ හයකින් කඩාවැටෙන්න තිබුණ ආර්ථිකය එවලේම කඩා වැටුණා.

ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ සමාගම 1993 මාර්තු 10 වැනිදා පෞද්ගලීකරණය කෙරුවත්, අපි සතුටු වෙනවා ජාත්‍යන්තර වශයෙන් එන ඇණවුම් හා මොවුන්ගේ දක්ෂකම් ගැන, හැබැයි අපි කනගාටු වෙනවා එක පැත්තකින් පසුගිය රජය මේ කරපු මහා විනාශය ගැන. අපේ රට අවුරුදු පහක් හයක් නෙවෙයි අවුරුදු 25ක් 30ක් ආපස්සට ගෙනිහිල්ලා තියෙනවා කියලා තමයි අපට පේන්නේ. ඔවුන් කරපු  හොරකම්, දූෂණය කියලා නිම කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඔවුන් රාජපක්‍ෂ ජනාධිපතිතුමාට හා පවුලේ අයට පහරදමින් කෙරුව හොරකම හා මුදල් වංචාව, රාජපක්ෂ ජනාධිපතිතුමා හා ඒ පවුලේ අයව ආවරණයක් හැටීයට පාවිච්චි කරලා මේ රටේ ජනතාවගේ ධනයෙන් පසුගිය රජයේ උදවිය මහා දැවැන්ත හොරකමක් කරල තියෙනවා" යනුවෙන්ද පවසා සිටියේය.
- නිදර්ශනී වික්‍රමසිංහ/ ඡායාරූප - ඉසුරු පෙරේරා-

දුම්වැටි අලෙවි නොකරන ව්‍යාපාරිකයන් ඇගයීමේ වැඩසටහන්


හය මාසයක කාලයක් තිස්සේ දුම්වැටී අල‍ෙවි නොකරන ව්‍යාපාරිකයන්ගෙන් ඕමල්පේ මහජන සෞඛය පරීක්‍ෂක කොට්ඨාසයේ ව්‍යාපාරිකයන් ඇගයිම පසුගිය (21 දා) දාපන් ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. ඕමල්පේ , දාපනේ, දොරපනේ, කෝල්පකන්ද”. කැම්පනේ ", ගොඩවල සහ වලකඩ යන ග්‍රාම නිලධාරි වසම් හතේ ව්‍යාපාරිකයන් 84 දෙනෙක් සිටින අතර, ඔවුන් සියලු දෙනාම වසමට අලුතින් ආ මහජන සෞඛ්‍ය පරික්‍ෂක ඒ.ඒ.ඩී.එම්. ජයසිංහ මහතාගේ ඉල්ලීමට දුම්වැටි අලෙවිය මීට හය මාසයකට පෙරදී නවතා දැමීය.
දකුණු පළාතේ සිට සබරගමු පළාතට පිවිසෙන ඕමල්පේ කොට්ඨාස මායිමේ "ආයුබෝවන්, ඔබ මේ පිවිසෙන්නේ දුම්වැටිවලින් තොර කලාපයකටයි" යනුවෙන් සඳහන් නාමපුවරූවන්ද මේ දින නිරාවරණය කෙරුණි.  දුම්වැටි ත්‍රස්තවාදයට එරහිව දුම්වැටි දුමෙන් දරු, පරම්පරාවත් සමාජයත් ගලවාගෙන අවබෝධයෙන් සහ අවදානයෙන් යුතුව දුම්වැටි අලෙවියෙන් බැහැරව දුම්වැටිවලින් තොර සමාජයක් ලංකාවක් බිහිකිරීමට කරන මෙහෙවර අගය කරමින් සහතික පත්‍ර එම ව්‍යාපාරිකයන් වෙත පිරිනැමිණි.

බෞද්ධ පිරිස් වෙනත් ආගමකට බඳවා ගැනීමට උත්සාහ දැරූ බවට පැවසෙන පූජකයෙකුට බණ්ඩාරගම ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක්



ප්‍රසංගයක් පවත්වා තෑගි භෝග ලබා දෙමින් බෞද්ධ පිරිස් වෙනත් ආගමකට බඳවා ගැනීමට උත්සාහ දැරූ බවට පැවසෙන පූජකයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු ඇතුළු පිරිසක් වෙත ප්‍රකෝපකාරී වූ බණ්ඩාරගම වල්ගම ප්‍රදේශවාසීන් ගල්මුල් එල්ල කර පහරදීමට කළ උත්සාහයක් පෙරේදා 22දා මහා සංඝරත්නය වැඩම කර ව්‍යර්ථ කර තිබේ.එම සිද්ධිය බණ්ඩාරගම පොලීසියට දැනුම්දීමත් සමග පොලිස් නිලධාරින් පැමිණ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
කළුපාටට හුරු ඇඳුම් හැඳගත් පිරිසක් හා පූජකවරයක් බව කියා ගත්තා පුද්ගලයකු විසින් වල්ගම නිවාස සංකීර්ණයේ විඳුලි බල්බවලින් අලංකාර කළ හිස් ඉඩමක අධික ශබ්දයෙන් යුත් ශබ්දවාහිනී සවිකර සමූහ ගීත
ගායනා කරමිත් තෑගි බෝග ලබා දෙන බවට ප්‍රදේශවාසීන්ට ලද තොරතුරක් අනුව ඔවුන් එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව සූර්යවැව අමිත හිමියෝ පැවසූහ.

මෙම සිද්ධියෙන් ප්‍රදේශවාසීන් ප්‍රකෝපකාරී වී ඇති බව යහලතැන්නේ පඤ්ඤාලංකාර හිමියන්ට සැලවීමත් සමග අනෙකුත් විහාරස්ථානවල හිමිවරුන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබූ අතර, සියලුම හිමිවරුන් වහා එම ස්ථානයට වැඩම කර ප්‍රදේශවාසීන් සන්සුන් කර සිදුකළ සොයා බැලීමේදී බෞද්ධ පිරිස් වෙනත් ආගමකට හරවා ගැනීමට පැමිණි කණ්ඩායමක් බවට අනාවරණය වූ බව සූර්යවැව අමිත හිමියෝ පැවසූහ.
වහා ක්‍රියාත්මක වූ මහා සංඝයා වහන්සේලා මෙන්ම ප්‍රදේශවාසීන් එම ස්ථානයේ තිබූ වාහනවල නැගී එම ස්ථානයෙන් පිටවීමට උත්සාහ දැරූ පූජකවරයා බව කියා ගන්නා  පුද්ගලයා හා සෙසු පිරිසට යාමට ඉඩ නොදී  රඳවා ගෙන ඇති අතර, පූජකයා බව කියා ගත්නා පුද්ගලයා මීට තෙමසකට පමණ ඉහතදී බණ්ඩාරගම මැදගම ප‍්‍රදේශයේ නිවසකට  පැමිණ යාඥාකර රෝග සුවකර දෙන බවත්,ආර්ථිකය නගා සිටුවන බව පවසා බෞද්ධ පිරිස්  නැඹුරු කරගැනිමට උත්සාහ දැරූ පුද්ගලයාම බව සංඝයා වහන්සේලා විසින් හඳුනාගෙන තිබේ. ඔහු එදින පොලීසියේ අවවාද මත මුදා හැර ඇති අතර, බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති කේ.ඩබ්.එල්.වික්‍රමරත්න මහතාගේ  අවධානය මේ සම්බන්ධයක් යොමු වී තිබේ.

වහා එම ස්ථානයට පැමිණි පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සත්කාර පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහත්වරු මහා සංඝයා වහන්සේලා සමග මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කර දෙපාර්ශ්වයම පොලීසිය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මින් මතුවට මෙවැනි දේවල්වලට යොමු වුවහොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවට මෙම පිරිසට පානදුර කොට්ඨාස භාර
පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය. මෙම අවස්ථාවට මාතර රතනවංශ, වල්ගම චන්ද්‍රරතන, පරවාහැර ඉන්දසුමත යන හිමිවරුන්ඳවැඩම කර සිටියහ.
                                                         -බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ-

සහල් මිල ඉහළ යන්නේ "ශක්ති සහල් "නැවැත්වීම

කිසිදු හේතුවක් නොමැතිව මහා පරිමාණ මෝල් හිමියන්ට සහල් මිල ඉහළ දමා ගැනීමට හැකිවන්නේ රජය යටතේ ක්‍රියාත්මක වූ ශක්ති සහල් ව්‍යාපෘතිය නවතා දැමීම නිසා බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමය සඳහන් කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් දෙසීයකට අධික ප්‍රමාණයක් ඒකාබද්ධ කරගනිමින් පසුගිය ආණ්ඩුව ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් අමාත්‍යාංශය හරහා ශක්ති සහල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවද එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සදහන් කළේය.  මෙම ව්‍යාපෘතිය යටතේ සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීම රජයේ අධීක්ෂණය යටතේ සිදු වූ බවත්, මේ නිසා සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් අසුවක්, රතු සහල් කිලෝවක තොග මිල රුපියල් හැත්තෑවක් හා නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 77.75ක් වූ බවත් ඔහු කීය.

මෙම ක්‍රමය නිසා නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් අසූවක් වූ බවත්, සම්බා සහල් කිලෝවක මිල රුපියල් අසූපහක් හා රතු සහල් කිලෝවක මිල රුපියල් අසූවට අඩු  වු බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ශක්ති සහල් ව්‍යාපෘතිය යටතේ සතොස හරහා සහල් බෙදාහැරීම සිදුකළ බවත්, මේ නිසා රජයේ සහතික මිලට ඉහළින් කිසිදු ව්‍යාපාරිකයෙකුට සහල් අලෙවි කිරීමට නොහැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.  එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ ශක්ති සහල් ව්‍යාපෘතිය නවතා දැමූ බවත්, මේ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්වලට රජය මිලදී ගත් වී තොග ලබාදීම නැවතී ගිය බවත් මුදිත පෙරේරා මහතා සදහන් කළේය.

සාධාරණ මිලකට සහල් ලබාදීමට නම් ශක්ති සහල් ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත්, එසේ නොමැති වුවහොත් සහල් මිල ඉහළ යෑම වළක්වාගැනීමට නොහැකි වන බවත් හෙතෙම පවසා සිටියේය.
                                                                                                                            - එච්.අයි. තුෂාර-

Monday, December 23, 2019

කුඩා ට්‍රක් රථ හා එන්ජින් ධාරිතාව අඩු යතුරුපැදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා

බලපත්‍ර නොමැතිව පිටුපස ආවරණය කරන  ලද කුඩා ට්‍රක් රථ හා ලියාපදිංචි නොකළ එන්ජින් ධාරිතාව 49 සීසී වර්ගයේ (මදුරුවා) යතුරුපැදි අත්අඩංගුවට ගෙන නඩු පැවරීම තාවකාලිකව නතර කරන ලෙසට දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම්දී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්  යාපා අබේවර්ධන මහතා පැවසීය.   මාතරදී ප‍ෙරේදා (21දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.  එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ඒ මහතා,
"උත්සව සමයේ බලපත්‍ර නොමැතිව පිටුපස ආවරණය කරන ලද කුඩා ට්‍රක් රථ හා ලියාපදිංචි නොකළ එන්ජින් ධාරිතාව 49 සීසී වර්ගයේ (මදුරුවා) යතුරුපැදිවලට නීතිමය  පියවර ගන්න පොලීසිය කටයුතු කරගෙන
යනවා. කුඩා ට්‍රක්රථවලට පිටුපස ආවරණය  කරනවා නම් රුපියල් 25000ක් ගෙවන්න කලින් තීරණය වෙලා තිබුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2009දී එය ඉවත් කර දැන් රුපියල් 500ක් මුදලක් තමයි ඒකට ගෙවන්න වෙන්නේ. ඒ අයිතිකරුවන් නිසි අයුරින් දැනුවත් කර නැති නිසා තමයි පොලීසිය පනත ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙන්නේ. අනිත් එක තමයි මදුරුචා යතුරුපැදිය. එය භාවිත කරන්නේ කෙටි දුර ධාවනයට.
 ඒ යතුරුපැදිය ලියාපදිංචි නොකර ධාවනය කරනවා නම් පොලීසිය විසින්
මේ දිනවල නඩු පවරන්න පටන් අරගෙන තිය‍ෙනවා. හුඟක් අය මේක පාවිච්චි කරන්න හෙල්මට් නැතිව ධාවනය කරන්න හැකි නිසා. නමුත් ආරක්‍ෂාවට හෙල්මයක් පැළඳිය යුතුයි. මේ සම්බන්ධවත් ජනතාව නිසි අයුරින් දැනුවත් වෙලා නැහැ.
මේ කරුණු කාරනා ගැන ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා. උත්සව සමයේ ජනතාව අවශ්‍යතාවලට ගමන්බිමන්වලට පෙර කී වාහනවලින් ගමන් කරද්දී අපහසුතාවන්ට ලක්වෙන නිසා මේ කාලය තුළ එම රථවාහනවලට නීතිය ක්‍රියාත්මක කරන එක තාවකාලිකව නතර කරන්න කියලා. ඒ අනුව මේ වන විට සියලූ පොලීසි දැනුවත් කර තිබෙනවා. මහජනතාව දැනුවත් කිරීම‍ෙන් පසුව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනචා" යැයිද පවසා සිටියේ.
                                                                                                         -මහේෂ් මලවආරච්චි-

විහාරාධිපති හිමි නමක් පත් කිරීමට එරෙහිව විරෝධතාවක්

 විහාරාධිපති තනතුරක් සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් හේතුවෙන් පසුගිය 21 වැනිදා අගලවත්ත නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. අගලවත්ත, යටියන ශ්‍රි ලියන්වල ධර්මායතනය පිරිවෙන් විහාරස්ථානයේ නව විහාරාධිපති පත්කිරීමට එරහිව එම විහාරස්ථානයේ දායක සභාව මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

මෙම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් කටයුතු කළ අපවත් වී වදාළ පූජ්‍ය යටියන අස්සජි හිමියන් විසින් දැනට විහාරාධිකාරී ලෙස කටයුතු කරන පූජ්‍ය වලගදර මහානාම හිමියන් වෙත පසු අයිතිය නීත්‍යනුකූලව නොපැවතීම හේතූවන් මෙම ගැටලුව උද්ගත වී ඇති අතර, උන්වහන්සේට ”. විහාරාධිපති තනතුර ලබාදෙන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වීණි. එම විහාරස්ථානයේ දායක සභාව විසින් සංවිධානය කරනු ලැබු මෙම උද්ඝෝෂණයට හා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එකතු වූහ.  අපවත් වී වදාළ හිමියන්ගෙන් නමින් ගෝල නමක
ලෙස ලියාපදිංචි වී ඇති උඩවල විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ලත්පඳුරේ රතනවංශ හිමියන්ට සංඝ සභාවේ නීතියට අනුව මෙම පිරිවෙන් විහාරාධිපති තනතුර හිමි වුවද, උන්වහන්සේ සමග කටයුතු කිරීමට කිසිවිටකත් සුදානම් නොමැති බව පිරිවෙනේ දායක සභාව පවසයි.

වර්ෂ 1984දී පමණ මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරියක ල‍ෙස කටයුතු කළ රාණි අධිකාරි නමැති අය විසින් පුජ්‍ය යටියන අස්සජි හිමියන් වෙත පරිත්‍යාග කළ භූමි භාගයක ආරම්භ කළ මෙම විහාරස්ථානය, පසුව පිරිවෙනක් බවට පරිවර්තනය කරමින් අස්සජී හිමියන් විසින් මෙය දියුණු කර ඇත.
දැනට මෙම පිරිවෙනහි සංඝයා වහන්සස්ලා 60 නමකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර, විහාරාධිපති තනතුර පුජ්‍ය මහානාම හිමියන් ව‍ෙත නොලැබුණහොත් තවදුරටත් එහි වැඩ වාසය කිරීමට නොහැකි වන බවත්, ඒ නිසා සසුන හැර යාමට 40කට ආසන්න හිමිවරුන් පිරිසක් සූදානම් බවත් දායක සභාව සඳහන් කරයි. මෙහිදී විරෝධතාව පැය දෙකක් පමණ පැවැති අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලියන්වල ධර්මායතනයේ දායක සභාවේ නිලධාරින් පවසා සිටියේ, විහාරාධිකාරී හිමියන් විහාරාධිපති තනතුරේ පිහිට වූයේ නැතහොත් ඉදිරියේදී මාරාන්තික උපවාසයක් සිදුකිරීමට කටයුතු කරන බවයි.
                                                       -ප්‍රේමතිලක අරමුණ/ අගලවත්ත - ධනුෂ්ක ලංකා නානායක්කාර -

ඒ.ටී.එම්. යන්ත්‍රයකට හානි කර එහි තිබූ රුපියල් 1,633,500ක මුදලක් සොරා ගත් ආය‍ෙක් දැලේ

කිරුළපන, පොල්හේන්ගොඩ හන්දියේ පිහිටි, පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රයකට හානි කර එහි තිබූ රුපියල් 1,633,500ක මුදලක් සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කිරුළපන
පොලීසිය පවසයි. මෙල‍ෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  මේ පිළිබඳ අදාළ බැංකුවේ නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව පොලීසිය සිදුකළ පරීක්ෂණයකදී එහි සවිකර තිබූ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව නාරාහේන්පිට, දාබරේ මාවතේ කුලී නිවසකදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.  පසුව සැකකරු රැඳීසිටි කුලී කාමරයේ මෙට්ටයක් යට සඟවා තිබියදී සොරාගත් මුදලින් ඉතිරි රුපියල් ලක්‍ෂ 14ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.

එසේම සොරාගත් මුදලින් රුපියල් 233,500ක මුදලක් සැකකරුගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයකට හා උකස් කර තිබු රන් මාලයක් බේරාගැනීමට වැය කර ඇතැයි  වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු අදාළ බැංකුවට අයටත් ඒ.පී. එම්. යන්ත්‍ර 90ක් සඳහා මුදල් තැන්පත් කරන කණ්ඩායමේ සේවකයකු ලෙස සේවය කර ඇති අතර, එහිදී සිදුකළ මුදල් වංචාවක් හේතුවෙන් සැකකරු සේවයෙන් ඉවත් කර ඇතැයිද තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරු අලුත්කඩේ අංක Ill අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කිරුළපන පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පරීක්‍ෂක ප්‍රදීප් එදිරිවීර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
                                                                                        මත්තේගොඩ - ශාන්න ප්‍රදීප්  කුමාර කුලරත්න

තාරකා ඉබ්බන් 100ක් නීතිවිරෝධී ල‍ෙස සන්තකයේ තබා ගෙන සිටි තිදෙනෙකු දැලේ

තාරකා ඉබ්බන් 100ක් නීතිවිරෝධී ල‍ෙස සන්තකයේ තබා ගෙන සිටි තිදෙනෙකු පල්ලම මදවක්කුලම ප්‍රදේශයේදී පල්ලම පොලීසිය විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.  එම ප්‍රදේශයේම පදිංචි 32-52 හැවිරිදි වියේ පසුවන තිස්දෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

සැකකරුවන් සන්තකයේ තබා ගෙන සිටි ඉබ්බන් 26ක්, මධ්‍යම ප්‍රමාණයේ ඉබ්බන් 40ක් හා පැටවුන් 34 ක්ද පොලිස් භාරයට ගනු ලැබ තිබේ.
 මෙම ඉබ්බන් රුපියල් 500 -3000 දක්වා මුදලකට කොළඹ ප්‍රදේශයේ ජාවාරම්කරුවකුට අලෙවි කිරීමෙන් පසු ඔහු විසින් මෙම සත්ත්වයන් ඉතා විශාල මිල ගණන්වලට විදෙස් රටවලට අලෙවි කිරීමේ නිරතව ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි බව පොලීසිය පවසයි.
පල්ලම පොලීසියේ ස්ථානාධිපති අයි.ටී.බී හේරත් මහතාගේ උපදෙස් මත උප පොලීස් පරික්ෂක උපාලි අබේරත්න, පොලිස් සැරයන්වරුන් වන අබේසිංහ, රංජිත්, පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න පොලිස් ආරක්ෂක අංශයේ සමස්ත යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

                                                                                       පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ

Thursday, December 12, 2019

ශ්‍රී ලංකාවට ඇත්තේ මුදල්වල ඌනතාවක් නොවෙයි,ප්‍රතිසංස්කරනවල ඌනතාවක්


කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වර්ධනයක් බලාපොරොත්තු වන්නේ නම් එහි ඉහළ නැංවීම අත්‍යවශ්‍යයෙන්  සිදුකළ යුතු කරුණක් බැවින්, ඒ සඳහා රජය සතු ව්‍යවසායන් කොටස් වෙළ‍ෙඳ පොළ තුළ ලැයිස්තුගත කළ යුතු බවත් ආචාර්ය මාක් මෝබියස් පවසයි.
හෙත‍ෙම මෙම අදහස් පළ කළේ "නැගී එන වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකාවේ වර්ධන මාවත (Emerging Markets and Sri Lanka's Growth Trajectory) මැයෙන් පෙරේදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ව්‍යාපාරීක හා ආයෝජක සංසදය අමතමිනි.
කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life විසින් මෙය සවිධානය කර තිබුණි. සිංගප්පූරුව, චීනය, මැලේසියාව, වියට්නාමය, බ්‍රසීලය, නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල වර්ධන මාවත පෙන්නුම් කරමින් ආචාර්ය මෝබියස් සිය
ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර, පසුගිය වසර 25 තුළ භූ දර්ශනයේ වෙනස්වීම ඉස්මතු කළේය. මෙහිදී, ඔහු ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළ අතර දේශිය ආර්ථිකය සඳහා ඉතා පරිවර්තනීය කාල පරිච්ඡේදයක් තුළ මෙරට සංචාරය කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව ඔහු සිය සතුට පළ කළේය. 

විදේශ ආයෝජන සමිබන්ධයන් ශ්‍රී ලංකාවට ඇති දැවැන්ත විභවයන් ඉස්මතු කළ ඔහු, කෘෂිකර්මය පාදක කරගත් මෙරට ආර්ථිකය සැමවිටම ගෝලීය උනන්දුව පවත්වාගෙන යන බවත්, විශේෂයෙන්ම තේ එහි ශක්තිමත්ම වෙළඳ නාමය හා දිළිඳු භාණ්ඩය ලෙස පිළිග්ම, සංචාරක හමනාප්තියක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති ආකර්ෂණීය බචද ඔහු පිළිගත්තේය. එමෙන්ම, මෑතකාලීනව මෘදුකාංග හා දේපළවෙළදාම් ක්ෂේත්‍රයෙහි ශ්‍රී ලංකාව ලබා ඇති ආකර්ෂණීය
අවධානය ගැනද ඔහු කතා කළේය.

මෙහිදී මොබියස් වැඩිදුරටත් කියා සිටියේ කොටස් වෙළෙඳ පොළ වෙතෙ ද වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ෂණීය කර ගැනීමට කටයුතු කළ හැකි බවය. එහිදී, රජය සතු ව්‍යවසායන් මහජනතාවට විවෘත කළ යුතු බවත්, එම ආයතන පුද්ගලීකරණය කිරීමක් විසින් අදහස් නොවන බවත් ඔහු කියා සිටියේය. රජය සතු ජීවිත රක්ෂණ සමාගමක් ලෑයිස්තුගත කළා නම් වීහි ලාභ අලාභ ගිණුම්, ශේෂපත්‍ර මහජනතාවට අනාවරණය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

 ශ්‍රී ලංකාව වටා විශාල මුදලක් සැරිසරන බව මෙම හමුවේදී විශේෂයෙන් ගෙනහැර දැක්වූ මොබියස්, අලිබබා හොංකොං වෙළෙඳ පොල්ලෙන් මුදල් රැස් කරගත් ආකාරය දෙස බලන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඇත්තේ මුදල්වල
ඌනතාවක් නොවන ප්‍රතිසංස්කරණවල ඌනතාවක් බවත් අවධාරණය කළේය. රජය සතු කවර ගණයේ ව්‍යවසායයන් ලෑයිස්තුගත කළ යුතුදා යන පැනයට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ, රජය සතු බැංකු, ප්‍රවාහන, ගුවන්තොටුපළ වැනි ලැයිස්තුගත කළ හැකි ව්‍යවසාය රැසක් පවතින බවය.
ශ්‍රී ලංකාවේ බැඳුමිකර වෙළඳ පොළ හෝ කොටස් වෙළෙඳ පොළ සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාවීම මේ අවස්ථාවේදී තිබෙන විශාල ගැටලුවක් බව පැවසූ ඔහු, තමා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් දේපළ, මූල්‍ය හා සංචාරක කර්මාන්ත දෙස වැඩි අවධානයක් යොමු කරන බව පවසා සිටියේය.

මේ අතර, දේශීය ආර්ථිකය විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගෙන යාම සඳහා නව රජය විසින් ගත යුතු ප්‍රායෝගික පියවර සම්බන්ධයෙන් සිය
විශේෂඥ මතය ගෙනහැර දැක්වූ ඔහු, බදු ප්‍රතිසංස්කරණ, වීදේශ විනිමය ගලායාම සහ සංචරණ පහසු කිරීම, බදු ගෙවීම පන්දු කිරීම සහ කලාපය තුළ තරගකාරී බවක් ඇති කිරීම, මුදල් පැමිණීමට සහ පිටතට යාමට පහසු වන පරිදි විදේශ විනිමය පාලනය සඳහා වන ක්‍රියා පටිපාටි වෙනස් කිරීම සහ සංචාරක කටයුතු සදහා වීසා පටිපාටිය පහසු කිරීම ආදිය පෙන්වා දුන්නේය.  නැගීත්වීන ගිවිළදි ශිපොළ සමිබන්ධයෙන් විශේෂඥයෙකු ලෙස ආචාර්ය මාක් මොබීයස්, වසර 30කට වැඩි කාලයක් ෆ්‍රැන්ක්ලින් සේවය කළ අතර, ටෙම්පල්ට ඉන්වෙස්ට්මන්ට් නැගීඑන වෙළඳ පොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු  කළේය. ඔහු සිය සේවා කාලය තුළ සමූහය කළමනාකරණය යටතේ ඇති වත්කම් ඇ.ඩො.මිලියන 100 සිට අ.ඩො.බිලියන 40 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන වෙළෙඳ පොළ සහ දේශසීමා අරමුදල් ගණනාවක් දියත් කළේ. එමෙන්ම, මෝබියස් කැපිටල් පාටිනස් හි නිර්මාතෘවරයාද වන ඔහු, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ආර්ථික උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකි. 2010 සිට මෝබියස් රුමේනියාවේ OMV පෙට්‍රෝම්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද සේවය කර ඇති අතර, ඔහු මීට පෙර රුසියානු තෙල් සමාගමක් වන ලුකොයිල් හි අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළේය.
                                                                                    -අමිල පෙරේරා-

නාඩු හා සම්බාවලට පාලන මිලක් තිබියදී ජනාධිපති ලේකම් සහල්වලට මිලක් නියම කරලා

අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නාඩු සහල්වලට සහ සම්බා සහල්වලට පාලන මිලක් නියම කර තිබියදී ජනාධිපති ලේකම්වරයා එම නියෝග කඩකර සහල්වලට මිලක් නියම කර තිබෙන බව පාරීභෝගිකා අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.  මේ වසරේ මැයි 31 වැනිදා නිකුත් කළ2155/66 අතිවීශේෂ ගැසට් නිවේදනයට අනුව සම්බා සහල් කිලෝවක් රුපියල් අසූපහකට අලෙවි කළ යුතු බවත්, නාඩු සහල් කිලෝවක් රුපියල් අසූවකට අලුවි කළ යුතු බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.

මෙම ගැසට් නිවේදනය මෙත‍ෙක් සංශෝධනය කර නොමැති බවත්, එසේ තිබියදී පෙරේදා (10දා)ජනාධිපති ලේකම්වරයා මහා පරිමාණ මෝල් හිමියන් සමග සාකච්ඡා කර නාඩු සහල් කිලෝවක උපරීම සිල්ලර මිල රුපියල් අනූඅටක් බවට හා සම්බා සහල් කිලෝවක් රුපියල් අනුනවයක් බවට පත්කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය,
ගෙවී ගිය කාලය තුළ මහා පරීමාණ මෝල් හිමියන් ගොවියාගේ අස්වැන්න රුපියල් තිහත්, තිස්දෙකත් අතර මුදලකට මිලදීගත් බවත්, එම වී තොග ගබඩා කර ගනිමින් ක‍ෘතිමව සහල් හිඟයක් ඇති කර සහල් මිල ඉහළ දමා තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.
මැතිවරණ දිනය වනතෙක් නාඩු සහල් කිලෝවක් රුපියල් අසූවකටත් සම්බා සහල් කිලෝවක් රුපියල් අසූපහකට අලෙවි කළ බවත්, එහ‍ෙත් මැතිවරණය අවසන් වී දින දෙක තුනකට පසු සහල් කිලෝවක මිල රුපියල් සියය ඉක්මවා ගිය අතර, ප්‍රථමයෙන් මේ පීළිබඳ පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එසේ නොමැතිව සහල් මිල ඉහළ දැමීම තුළින් උත්සව සමයේදී හා නව වසර උදාවෙද්දී ජනතාවට අතයවශ්‍ය ද්‍රව්‍යයන් වන සහල් මිල ඉහළ දැමීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවද රජිත් විතානගේ මහතා සඳහන් කළේය.
                                                                                - ඉන්දික හේවාවිතාරණ-

මාස තුනකට එච්.අයි.වී ආසාදිතයන් සිය දෙනෙක් පමණ මෙරටින් හදුනා ගන්නවා

එව්.අයි.වී. ආසාදිතයන් මාස තුනකට සිය දෙනෙකු පමණ මෙරටින් හඳුනාගැනෙන බවත්, මේ අතුරින් වැඩිදෙනා සමලිංගික පිරිමින් බවට හඳුනාගෙන ඇති බවත් ගම්පහ රෝහල් ලිංගාශ්‍රිත රෝගි අංශය සඳහන් කරයි. දිවයින පුරා එච්.අයි.වී. ආසාදිතයන් අලුතින් හඳුනා ගැනීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවත්, මෙය 2017 වසරේදී 249ක්, 2018 වසරේදී 350ක් සහ මෙම වසරේ සැප්තැම්බර් මස අවසානය වනවිට 315 ද‍ෙන‍ෙකු වන. බවත් ගම්පහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග අංශයේ විශේෂඥ ව‍ෛද්‍ය ප්‍රියන්ත වීරසිංහ මහතා පැවසීය.
මෙම වසරේ සැප්තැම්බර් මස අවසානය වනවිට මෙරටින් වාර්තාවී
ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3,507 දෙන‍ෙකු බවත්, මින් 2,391 8 දෙන‍ෙකු පිරිමින් වන අතර, 1,116 දෙන‍ෙකු කාන්තා පාර්ශ්වය වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. වාර්තාවන නව ආසාදිතයන් පිරිමින් අතර පවතින සමලිංගික ඇසුර පවත්නවුන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, කාන්තාවන් මෙන් ත‍ෙගුණයක් පිරිමි පාර්ශවය ආසාදිතයන් සිටින බවත් හෙතෙම පැහැදිලි කළේය.
මින් වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින් වන අතර, එච්. අයි. වී. ආසාදිත තත්ත්වය කලින් හදුනා ගැනීම තුළින් ප්‍රතිකාර ලබා අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් වැළකීමේ හැකියාව පවතීන බැවින් ඇසුරක් පිළිබඳව යම් සැකයක් ඇති  වුවහොත් වහාම ආසන්නතම මහ රෝහලෙහි හෝ මූලික රෝහල් ආශ්‍රිත  ලිංගාශ්‍රිත රෝග සායන වෙත පැමිණ ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඉල්ලා සිටින බවද ව‍ෛද්‍යවරයා පැවසීය.

එච්.අයි. වී. ආසාදිතයෙකු ප්‍රතිකාර නොලබා සිටියහොත් වසර 5 -10ත් අතර කාලය තුළ මිය යාමට හැකි බවින් යළි සැකයක් ඇති ඕනම අයෙකුට රජයේ ප්‍රධාන රෝහලක ලිංගාශ්‍රිත රෝග සායනයක් වෙත පැමිණ රුධිර පරික්ෂාවකට ලක්ව සැක හැරගත හැකි බැවින් පැහැදිළී කළ
වෙද්‍ය ප්‍රියන්ත වීරසිංහ මහතා එම සායනයන් වෙත පැමිණ සැමගේ රහස්‍යභාවය හා පෞද්ගලිකත්වය සුරකින බවද සඳහන් කළේය.
මේ අතර එච්. අයි. වී. ආසාදිත තත්වයෙන් පසුවන ගැබිණියකගේ කුස | තුළ වැඩෙන දරුවෙකුට, එම රෝග තත්වය වැලදීමෙන් වළකා ගැනීම
පිණිස
සාර්ථකව ප්‍රතිකාර සිදුකරන බව පැහැදිලි කළ වෛද්‍යවරයා මේ සඳහා මූලික පියවර ලෙස ගැබ්ගත්  මුල් අවධියේදීම එච්. අයි. වී. පක්‍ෂව සදහා යොමුවිය යුතු බවත්, මේ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් රජයේ  ප්‍රධාන රෝහල්හි ප්‍රසව හා නාරිවේද සායනයන්හි පවතින බැවින් මිට යොමු වීමට බීයක් සැකයක් ඇතිකර නොගත යුතු බවත් පැවසීය.
ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට එච්. අයි. වී. වෛරසය පැතිරීම මුලිනුපුටා  දැමීමට සමත්වූ රටක් ලෙස ලෝක  සෞඛ්‍ය සංවිධානය මගින් මෙම වසරේදී නම් කිරීම සතුටට කරුණක් බවද ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත වීරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
                                                                                                                -ගම්පහ - තිලකරත්න දිසානායක-

ගාලු මුවදොර පිටියේ ඇවිදින මංතීරුවල සූර්ය බල විදුලි පහන්

ගාලු මුවදොර පිටියේ ඇවිදින මංතීරුවල සූර්ය ශක්තීන් භාවිත කර විදුලි පහන් සවිකිරීමට පියවර ගන්නා බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.

ඇවිදින මංතීරු විදුලි පහන් සවිකර ආලෝකමත් කිරීමටත්, ඒ සදහා සූර්ය ශක්තිය භාවිත කර විද්‍යුත් ශක්තිය උපදවා ගැනීමට කටයුතු කරන ලෙසත් විෂයභාර අමාත්‍ය ජෝස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
සන්ධ්‍යා කාලය උදා වනවිට මංතීරුවල අවම ආලෝක තත්ත්වයක් පැවතීම නිසා ජනතාවට විවිධ අපහසුතා ඇති වන බවත්, ඔවුන්ට නිසි පරිදි විවේක සුවයගත කිරීමට විශාල බාධාවක් වී තිබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපද‍ෙස් ලබා දී තිබේ.
                                                                                                                   -ෂවින්ද්‍යා එරන්දතී-

විදේශයන් වෙත යැවීමට රැස්කළ තාරකා ඉබ්බන් 57ක් සමඟ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පුත්තලම


තාරකා ඉබ්බන් විදේශ රටවලට රහසේ යැවීම සඳහා රැස්කළ ස්ථානයක් පෙරේදා (10දා) වටලා එහි රහසිගතව සඟවා සිටි තාරකා ඉබ්බන් 57 දෙන‍ෙකු සමග ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය පවසයි.
පුත්තලම විරුතෝඩේ ප්‍රදේශයේ කිසිවකුට සැක නොසිතන ලෙසට ඉදිකරමින් පවතින නිවසක මෙම තාරකා ඉබ්බන් රහස් සඟවා තිබූ බත් එයට අමතරව එම නිවස අවට වළවල් කිහිපයක ගල් ඉබ්බන් හා කිරි ඉබ්බන් දමා ඇති තිබූ බවත් වනජීවී නිලධාරීහු පැවසුහ.
පුත්තලම පාලවි ගුවන් හමුදා කඳවුරේ ගුවන් බුද්ධි අංශය රහසේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව පෙරේදා (10දා) රාත්‍රියේ වනජීවී නිලධාරීන් වැටලීම සිදුකර තිබුණි.
තාරකා ඉබ්බන් තබ්බෝව අභය භූමියෙන් අල්ලා වීදේශීය රටවලට යැවීමට රැස් කර තිබූ බවත්, සිහින් දිගටම කිසිවකුටත් සැක නොසිතන ල‍ෙසට මෙම ජාවාරම සිදුකරග‍ෙන ගොස් ඇති බවත් පරික්ෂණවලදී අනාචරය විය,
වනජීවී භාරයට ගත් තාරකා ඉබ්බන් ඊයේ (13දා) අභය භූමියකට නිදහස් කිරීමට කටයුතු කරන බවත් එසේම අදාළ ස්ථානයේ වළවල් කිහිපයකට පවා ඇති කිරි ඉබ්බන් හා තාරුකා ඉබ්බන් සොයා ඊයේ (11දා) අදාළ ස්ථානයේ විමර්ශන කටයුතු සිදුකරන බවද වනජීවී නිලරීධාහු පැවසූහ.
                                                                                                              - හිරාන් ප්‍රියංකර ජයසිංහ-

පාස්කු ප්‍රහාරයෙන් පසු කුරුණෑගල කලහකාරී සිද්ධිය සම්බන්ධව

දූෂණ විරෝධී බළකායේ මෙහ‍ෙයුම් අධක්ෂ්‍ය නාමල් කුමාර නමැත්තා එළැඹ‍ෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෙට්ටිපොළ අධිකරණ  මහේස්ත්‍රාත් එෆ්.එස් මහෆි මහත්මිය පෙරේදා (10දා) දින නියෝග කළාය. පසුගිය අප්‍රේල් මස පාස්කු ප්‍රහාරයෙන් පසුව මැයි මස 13 වන දින හෙටිටිපොළ නගරයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් නාමල් කුමාර නැමැත්තා අත්අඩංගුවට ගෙන මාස හතක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් අනතුරුව පෙරේදා (10දා අධිකරණය වෙත ඉදිරීපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

 හෙට්ටිපොළ නගරයේ පැවැති කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාව වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණ.  පසුව ඔහුව ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාරදී ඇති අතර, මාස හතක කාලයක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කර ඇත.ප්‍රශ්න කිරීම් අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනුම් දීමෙන් පසුව ඔහුව අධිකරණය ව‍ෙත. ඉදිරිපත් කෙරුණු අතර, එහිදී සංහිඳියා පනත යටතේ නඩු ගොනු කිරීමට කරුණු ඇති බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග ක‍ෙරීණ.  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙින්තුවේ උප පොලිස් පරීක්ෂක පොල්වත්ත මහතා සහ හෙටිටිපොළ පොලීසියේ පොලිස් සැරයන් 58525එදිසිරිංහ යන නිලධාරීන් අධිකරණය වෙත කරැණු ඉදිපත් කරනු ලැබූ අතර නීතිඥ කපිල සම්පත් දේශප්‍රිය මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.
                                                                                                           -හෙට්ටිපොල-ධම්මිකා බාලසූරීය-

Tuesday, December 3, 2019

බදුරලියේ සාදයක ගැටුමකදී හමුදා කෝප්‍රල්ගේ කන සපා කාලා

බදුරලිය ප්‍රදේශයේ පෙරේදා (01) රාත්‍රියේ පැවැති සාදයක් අවස්ථාවේ ඇතිවූ ආරවුලක දී යුද හමුදාවේ කෝප්‍රලවරයකු ගේ කනක් තවත් පුද්ගලයකු විසින් සපාකෑම නිසා තමන් කොටසක් කැඩීයාමෙන් කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

කන සපා කෑ පුද්ගලයා ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යන අතර ඔහු කොපුල්වරයාගේ මස්සිනා බව ද කියති. සපාකෑම් නිසා වෙන් වී ගිය කනින් කොටස එම සිද්ධිය වූ ස්ථානයේ තිබී පසුව සොයාගත් බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.  මෙසේ රෝහල්ගතකර ඇත්තේ බදුරලිය පොලිස් වසමේ පදිංචි 34 හැවිරිදි යුද හමුදාවේ කෝප්‍රල් නිලයේ පසුවන අයෙකි.
මෙම කෝප්‍රල්වරයාගේ දියණිය  වැඩිවියට පත්වීම නිමිත්තෙන් ඹහුගේ නිවසේ පෙරේදා රාත්‍රියේ ඥාති මිත්‍රාදීන් සඳහා සාදයංක් පවත්වා ඇතැයි පොලිසිය කියයි.

සාදය පැවැත්වෙන අතරවාරයේ හමුදා කෝප්‍රල්වරයා සහ ඔහුගේ  මස්සිනා අතර ඇතිවු ආරාවුලකින් පසු  තවත් අයකු මෙම කෝප්‍රල්වරයාගේ කන සපාකෑම් නිසා ක‍ෙනෙන් කොටසක් වෙන් වි ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. කෝප්‍රල්වරයා මුලින්ම බදුරලිය  රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සමබන්ධයෙන් කාලයක් රිමාන්ඩ් භාරයේ  පසුවී අධිකරණයේ ඇප ලබා පැමිණ  සිටින අයෙකු බවත් එක් අතක් නොමැති අයෙක් බවත් පොලිසිය කීය.බදුරලිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරිශ්‍රණ පවත්වාගෙන යයි.
                                                                                                                           (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දුම්රිය යාචකයෝ 07දෙනෙක් අත්අඩංගුවට

දුම්රියේ සිඟමණේ යෙදුණු යාචකයෝ හත් දෙන‍ෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පෙරේඳා අත්අඩංගුවට ගනු ලැබුහ.දුම්රියේ සිඟමන් යැදීම පෙරේදා (1) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන අතර ඒ අනුව එදිනම ප්‍රධාන දුම්රිය මාළිගය සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රියන්හි සිදුකළ පරික්ෂාවකදී මෙම යාචකයන් හත්දෙනා අත්අඩංගුවට ගත්  බව දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරි අනුර ප්‍රේමරත්න  මහතා පැවැසීය.

දුම්රියේ සිඟමන් යදින යාචකයන් අධිකරණයට ඉදිරිපත්  කළ යුතු වුව ද පෙරේදා (1) නිවාඩු දිනයක් වූ බැවින් එම යාචකයත් අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන්ට තරගයේ අවවාද කර මුදාහැරිය බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.දූම්රියන්හි සිඟමන් යදින යාචකයන් නිසා දුම්රිය මගීන්  දැඩි අපහසුතාවට පත්වී සිටින අතර දුම්රියන්හි හා දුම්රිය  ස්ථානවල පවිත්‍රතාව පවත්වාගෙන යාමට ද එය ගැටලුවක් වී තිබිණි.
මේ අතර දුම්රිය සිඟමන් යදින යාචකයන් නිසා මගීන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ නව දුම්රිය සේවා අමාත්‍යංශය දුම්රිය සිගමන් යදින යාචකයන් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව වැටලීම් කරන ල‍ෙස  දුම්රිය බලධාරින්ට උපදෙස් දී තිබේ.
                                                                                                                                 (මහින්ද නිශ්ශංක)

පර්දාව පැළඳ සා.පෙළ විභාගයට ආ සිසුවියන් පිරිසක් හරවා යවලා

අපොස සාපෙළ විභාගයට පෙනී සිටීම සඳහා පර්දාව පැළඳ කැකිරාව, කඩාටුගම ජයා මුස්ලිම් පාසලේ විභාග මධ්‍යස්ථානයට ඊයේ පැමිණි සිසුවියන් පිරිසක් විභාග ශාලාධිපතිවරයා විසින් හරවා යවා ඇතැයි වාර්තා වේ.

විභාග ශාලාධිපතිවරයා එම සිසුවියන්ට පවසා ඇත්තේ පර්දාව ඉවත් කර විභාග මධ්‍යස්ථානයට ඇතුළුවන ලෙසය. ඉන් පසුව එම ශිෂ්‍යාවන් පර්දාව ඉවත්
කර විභාග  සේලයකින් හිස ආවරණය කරගෙන පැමිණි විභාගයට පෙනී සිට ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කීවේ මුස්ලිම් සිසුවියන්ට පාසල් නිල ඇදුම් රෙදි ලබා දීමේදී පර්දාවටත් සමග රෙදි ලබාදෙන බවය.

මුස්ලිම් සිසුවියගේ පාසල් නිල ඇදුමට පර්දාව අයත් වන අතර කන පෙනෙන සේ එය පැළඳීමට බාධාවක් නැතැයිද ඔහු කීය.කැකිරාව අධ්‍යපන කලාපයේ කඩාටුගම ඡයා මුස්ලිම් විද්‍යාලයේ සිසුවියන් 80 දෙනෙකු පමණ ඉස්ලාම් ආගම ප්‍රශ්ණ පත්‍රයට පෙනී සිටීමට ඊයේ (2) එම විභාග මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ මෙම අපහසුතාවට මුහුණ පා ඇත.

මේ පිළිබඳව කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සංජීවනී මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.මට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න බැහැ. අපේ පළාත් විභාග
අධ්‍යක්ෂකගෙන් අහන්න. කොහොම වුණත් මේ ගැන පරික්ෂණයක් පවත්වනවා.
මෙම විද්‍යාලයේ සිසුවියන් ආපසු හරවා යැවීම පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීම සඳහා පළාත් විභාග අධ්‍යක්ෂ ප්‍රියංකර සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයලත් යන මහත්වරුන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප වරක්ම උත්සාහ කළත් එය අසාර්ථක විය.
                                                                                                               (අනුරාධපුර දයාරත්න ඇඹෝගම )

Tuesday, November 26, 2019

ජනාධිපති ආරක්‍ෂක පොලිස් අංශයෙන් 900ක් අඩු කරයි.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරින් අඩුකිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන ඇති තීරණයට අනුව දිම අංශයේ පොලිස් නිලධාරින් 200ක් පොලිසියේ වෙනත් අංශවලට අනුයුක්ත කිරිමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

තමන් රාජකාරි කිරීමට කැමැනි කොට්ඨාස දෙකක් නම් කිරීමට පොලිස්පතිවරයා මේම නිලධාරීන්ට අවසර දී ඇත.මෙම නිලධාරීන් 900 දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා පෙරේදා (24) නියෝග කර ඇති බවත් පසුව එදිනම එම නියෝගය ඉවත් කර ගමන් ස්ථාන මාරු ලැබීමට කැමැති කොට්ඨාස දෙකක් නම් කිරීමට පොලිස්පතිවරයා ඔවුන්ට අවසර දී ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙසේ මාරු කිරිමට නියමිත පිරිසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු. පොලිස් අධිකාරීවරුන් සිවුදෙනකු සහකෲර පොලිස් අධිකාරිවරුන් පස්දෙනකු සහ ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 07 දෙනකු ද ඇතුලත් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.