Showing posts with label local . 2. Show all posts
Showing posts with label local . 2. Show all posts

Monday, January 27, 2020

ශ්‍රි ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය විවෘත කරයි




ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය විවෘත කිරීම මෙරට නොවේජියානු තානාපති ට්‍ර්න් ජොරලී එකේඩල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 24 වැනිදා කිලිනොච්චිය අරවියල්නගර් පිහිටි යාපනය වීශ්වවිද්‍යාල ඉන්ජිනේරු හා කෘෂිකාර්මික ජීඨයේදී සිදු කෙරිණි.

නොර්වේ රාජ්‍ය මූල්‍ය දායකත්වය යටතේ යාපනය විශ්වවිද්‍යාලය හා වෙස්ටන් නොර්වේ විශ්වවිද්‍යාලය අතර වූ සහයෝගිතා වැඩසටහන යටතේ මෙරට ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය ඉදි කොට තිබිණි.

කිලෝවොට් 42ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමේ හැකියාව යටතේ නව පාවෙන සූර්ය බලාගාරය ඉදිකොට තිබෙන බව යාපනය විශ්වවිද්‍යාල ඉන්ජිනේරු පීඨයේ පාලනාධිකාරිය පැවැසීය.

විශ්වවිද්‍යාල අතර නියමු ව්‍යාපෘතියක් ලෙස පාවෙන සුර්ය බලාගාරය ඉදි කොට ඇති අතර තවදුරටත් සුර්ය බලාගාරය වැඩි දියුණු කිරීමට නියමිතය.

වැඩසටහන් අවස්ථාවට නෝවේ තානාපති කාර්යාල නිලධාරීන්, යාපනය විශ්වවිද්‍යාල නියෝජිතයන්, වෙස්ටර්න් නොර්වේ විශ්වවිද්‍යාලය නියෝජිතයන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වවුනියාව - එන්. ප්‍රියදර්ශනී

Wednesday, January 22, 2020

සැමියා ගුවන්තොටුපළට ඇරළවා ගෙදර එද්දි අලුත් මනමාලිය අවසන් ගමන් ගිහින්





කටුනායක ගුවන්තොටුපොළට දුවයි බෑනාගේ මල්ලියි එයාගේ යහළුවකුයි ගියේ බෑනා ඩුබායි බලා යන ඇරලවන්නයි. ඔහු ඇරලවලා කටිටිය පාර ආපසු ගෙදර පැමිණෙමින් ඉඳලා නියෙනවා, මගේ නෝනා දුවලගේ ජංගම දුරකථනය කිහිපවතාවක්ම ඇමතුම් අරගෙන අහනවා මට ඇහුණ දැන් කොයි හරියෙද දුව එන්න කියලා. දුව කියල තියනවා අපි ආපසු ගෙදර එන ගමන් ඉන්නේ අම්මේ අම්මා බය වෙන්න එපා අපි කරදරයක් නැතිව පරස්සමින් ගෙදර එනවා කියලා. එහෙම කියපු මගේ පුංචි දුවට මේ මොකද වුණේ කියලා හිතාගන්න බෑ. දුව බැඳපු පුතයි රට ගියේ. එයාට මේ සිද්ධිය කොහොම දවන්නද කියලා මට තේරෙන් නෑ" යයි ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදී පෙරේදා (20දා) අලුයම ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටීමෙන් මියගිය තරුණියගේ මරණ පරීක්ෂණයේදී ඇයගේ පියා වන දිසානායක මුදියන්සේලාගේ කණ්ඩා (60) මහතා පැවැසීය.

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදී පෙරේදා (20දා) අලුයම ත්‍රිරෝද රථයක් ලංගම බස් රථයක ගැටී ත්‍රිරෝද රථයේ ඊටුපස ගමන් කරමින් සිටි අංක 15, මැදවල, මන්දාරම්නුවර පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ උදයංගනී කුමුදු කුමාරී දිසානායක (26) තරුණිය හා අංක 22/5 තැන්නපිටිය චත. මල්පාන, කෙන්ගල්ල මහනුර ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂගෙදර සම්පත් පුෂ්ප කුමාර නමැති (22) තරුණයා එම ස්ථානයේදීම මිය ගියහ. මල්වාන, කෙන්ගල්ල අංක 08, ලීපිනයේ පදිංචි විජේසිංහ ආරච්චිලාගේ තරිදු ශෙහාර කෞෂල්‍ය
විජේසිංහ (19) තරුණයා බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන ලද අතර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය තරුණියගේ හා තරුණයාගේ මරණ පරික්ෂණය පෙරේදා (20දා) සවස කෑගල්ල නාගරීක රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරචිචි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී තංගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැත්විණි. කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත (30855), පොලිස් කොස්තාපල් සුසන්ත (43497) මෙහිදී සාක්ෂි මෙහෙයවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියගිය තරුණියගේ පියා වන දිසානායක මුදියන්සේලාගේ කිරිබණ්ඩා මහතා,
"මගේ බිරිය කේ ඩී එමි. පොඩි මැණිකේ. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 37ක් පමණ වෙනවා. අපි දෙන්නාට දුවලා දෙන්නයි පුත්තු දෙන්නයි ඉන්නවා. ලොකු දුවයි,දෙවැනි පුතයි විවාහ වෙලා ඉන්නවා. තවැනි පුතා මන්දාරමිනුවර  සුමනරතනි නමින් පැවිදි වෙලා ඉන්නවා.මියගිය බාල දුව පල්ලේකැලේ ඇඟලුම් ආයතනයක වැඩට ගියා. මාස දෙකක කාලයක ඉඳලා ඒ රැකියාවට යාමත් නතර කරලා ගෙදර හිටියේ. මේ දුව බැන්ද පුතා තමයි ඩුබායිවල රැකියාව කළේ.

ඒ දෙන්නාගේ මගුල් ගේ පසුගිය ජනවාර් 06 දායි ගත්තේ. අරගෙන දුවයි බෑනයි පල්ලෙකැලේ කුලී නිල්වෙසක නැවතිලා හිටියා. ඒ බෑනාගේ 19 හැවිරිදි බාල සහොදරයාත් එතැන තාවකාලිකව පදිංචි වෙලා ඉදලා තියෙනවා. අන්තිමට දුවයි බෑනයි 18 වැනිදා අපේ ගෙදර අලා ඉඳලා 19 වැනිදා උදේ 10 ට විතර ඉන්න තැනට ගිහින් තියෙනවා. 20 වැනිදා පාන්දර 2ට බෑනට ඩුබායි බලායන ගුවන් යානය තියෙනවා කියලා. මගෙ තුන්වෙනි පුතා පදිංචිවෙලා ඉන්න පන්සලට ගියා. පස්සේ බිරිය දුවට බත් පාරිසල් තුනකුත් බැඳලා දීලා මඟදී කන්න කියලා. බෑනා ලංකාවට ආපු ගමන් දුවට කුරුණෑගල ප්‍රදේශයෙන් ත්‍රීවීල් එකක් අරන් දුන්නා. ඒ ත්‍රීවීල් එකෙන් තමයි බෑනගේ මල්ලියි, බෑනාගේ යහළුවකුයි, දුවයි බෑනා ඇරලවා ආපසු ගෙදර එන්න ගිහින් තියෙන්නේ.

ඊට පස්සේ මගේ බිරිය රාත්‍රියේ දුවගේ දුරකථනයට අවස්ථා කිහිපයකදීම ඇමතුම් අරගෙන කොහෙද ඉන්නේ තියලා අහනවා මටත් රෑ ඇහුනා.පස්සේ මම 20 වැනිදා පාන්දර 5ට විතර දුවගේ දුරකථනයට ඇමතුමක් ගත්තත් දුරකථනය වැඩ කළේ නෑ. අපි හිතුවා ෆෝන් එකට සිගිනල් නැතිව ඇති කියලා. මේ අය එන ගමන් තමයි ඇත්තේ කියලා හිතුවා.

පස්සේ කිහිපවතාවන්ම ගත්තා ෆෝන් එක වැඩ කරා, දුව කතා කළේ නෑ.

ඊට පස්සේ උදේ 8 ට විතර ගත්තාට පස්සේ කගල්ලේ පොලිසියේ මහත්තයෙක් කතා කරන්නේ කියලා කිව්වා. දුව ගිය ත්‍රිරෝද රථය කෑගල්ල ගලිගමුවේ දී අනතුරකට පවෙලා දුවයි එතන හිටිය අනිත් දෙන්නයි තුවාල ලබලා කෑගල්ල රෝහලේ කියලා. පස්සේ අපි දෙතුන් දෙනෙක් ත්‍රිරෝද රථයකින් අපේ හාමුදුරුවෝ වැඩඉන පන්සලට ඇවිල්ලා ත්‍රිරෝද රථය පන්සලේ දාලා වෑන් රථයකින් කෙළින්ම කෑගල්ල මහ රෝහලට ආවා. පස්සේ මට රෝහලේදී දැනගන්න ලැබුනා දුවයි බෑනාගේ යහළුවයි මියගිහිල්ලා කියලා. බෑනාගේ බාල මල්ලී බරපතළ තුවාල ලබලා ප්‍රතිකාර ලබනවා කියලා. පස්සේ දුවගෙයි බෑනාගේ යහළුවාගෙයි මෘතදේහ හඳුනා ගත්තා.”

මියගිය අනෙක් තැනැත්තා වන තැන්නපිටිය වත්ත, මලිපාන, කෑගල්ල ලිපිනයේ පදිංචිව සිටි 21 හැවිදි රාජපක්ෂගේ සම්පත් කුමාර රාජපක්ෂ නමැති තරුණයාගේ පියා වන රාජපක්ෂගේ ගාමිණී රාජපක්ෂ (60) තිදරු පියාද මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ ලබාදුනි.

මෙහිදී කැලණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයේ ඊයදුරුවරයා වත්තෙගෙදර ,කොහිලගෙදර. කුරුගල ලිපිනයේ පදිංචි සේනානායක මුදියන්ස්ලාගේ කුසල්වන් කුමාර නමැති (40) මෙහිදී සාක්ෂි ලබා දුන්නේය.

"මම විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අවුරුදු නවයක පමණ කාලයක ඉඳලා මම කැළණිය ඩිපෝවේ රියදුරුවරයකු ලෙස සේවය කරනවා. ඒ අවුරුදු නවයෙන් අවුරුදු හතරක්ම මම මහ පාරේ වැඩ කළා. ඊට පස්සේ අවුරුදු පහම වැඩ කළේ කොළඹ මහනුවර මාළිගයේ. මගේ ඇස් හොදට පේනවා. කන් ඇහෙනවා. මට දවසක් ඇර දවසක් රැකියාව කරමින් සිටියා.

ඉකුත් 19 වැනිදා හවස මම බස් රථය භාර ගත්තා. හවස 6.10ට කොළඹ කොටුවෙන් මහනුවර බලා පැමිණියා. මහනුවරට එනකොට රාත්‍රි 10 ට ළංවලා තිබුණා. ඒ මහනුවර ඉඳලා පහුවදා 20 වැනිදා පාන්දර 4.30ට මහනුවරින් පිටත් වුණා කොළඹ බලා එන්න. කෑගල්ල ගලිගමුව දුර සේවා නැවතුම්පොළට එනකොට පාන්දර 5.30 පහුවෙලා තිබුණා. ගලිගමුව නගරයේදී දෙනෙක් හෝ තුන්දෙනෙක් පිටුපස දොරෙන් බස් එකට නැග්ගා මම දැක්කා. පස්සේ ආපහු කොළඹ බලා පිටත් වෙලා ඉදිරියට මීටර් 100ක් වගේ දුරට යන කොට ගලිගමුව විද්‍යාලය ඉදිරිපිටදී කොළඹ පැත්තේ ඉඳලා වේගයෙන් ත්‍රීවීල් එකක් එනවා මම දැක්කා. ඇවිල්ලා මගේ පැත්තටත් එනවා මම දැක්කා. මම හිතුවේ ගලිගමුව විද්‍යාලයථ යන්න යන ත්‍රීවිල් එකක් කියලා. එක පාරට දඩාං ගාලා මං වැඩකරන බස් එකේ දකුණු පැත්තේ ඇවිල්ලා ත්‍රීවීල් එක වැදුවා. මම ජනේලෙන් ඔළුව දලා බලනකොට ත්‍රීවීල් එකේ ටෙන්ට් එකත් පැත්තකට පාත් වුණා මම දැක්කා" පස්සේ බස් එකේ හිටිය අය සේරම බැහැලා බැලුවා. මමත් ගිහින් බලනකොට ත්‍රී වීල් එකේ පිටුපස හිටිය දෙන්නා පැත්තකට ඇලවෙලා හිටියා. එක්කෙනෙක්ගේ නළල පැත්තෙන් ලේ ගලනවා මං දැක්කා . ත්‍රීවීල් එකේදී කොටසක් බස් එක ඇතුළතට ගිහින් තිබුණ. ඊයැදුරුවරයා හිරවලා ඉන්නවා මම දැක්කා. පස්සේ ඩීසල් ත්‍රීවීල් එකක් ආවා. ඒකේ දෙන්නෙක් දාලා යැව්වා.පස්සේ මම බස් එකේ පිටි පස්සට ආවා. ටික වේලාවක් ගියාට පස්සේ ගිලන් රථයකුත් ආවා. අනිත් තුවාලකරුත් ඒකේ දාලා කෑගල්ලෝ රෝහලට එව්වා කියලා කොන්දොස්තරවරයා මට කීවා. පස්සේ මමයි කොන්දොස්තරයි  කෑගල්ල පොලිසියට ඇවිල්ලා සිද්ධිය සම්බන්ධයෙන් ඒ නිලධාරීන්ට කිව්වා.

මියගිය දෙදෙනාගේ මරණ පරීක්ෂණ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නීලධාරි වෛද්‍ය ඩී.එස්. සුසන්ත ජයවීර මහතා විසින් සිදු කළ අතර තරුණියගේ මරණය රිය අනතුරකින් හිසට තුවාල වීමෙන් කම්පනයන් සිදුවූ හදිසි මරණයක් බවටත් තරුණයාගේ මරණයට හේතුව අනතුරකින් හිසට තුවාල වීමෙන් සුසුම්නාවට තුවාල වීමෙන්  හා කම්පනයෙන් සිදුවූ හදිසී මරණයක් බවට කෑගල්ල නාගරීක රෝහලේ හදිසි මරණ පරික්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක
මහත්මිය පැවසුවාය.

දමුණුපොළ - චමින්ද ජයලත්

Friday, December 20, 2019

කෘෂිකර්ම අමාත්‍යාංශය මසකට මිලියන 21ක් වූ ගෙවූ ගොඩනැගිල්ලෙන් නැවත ගොවිජන මන්දිරයට



කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත ගොවිජන මන්දිරයට ගෙන යාමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තු කාරක සභා ස්ථාපිත කිරීමේ අරමුණෙන් ගොවිජන මන්දිරය ගොඩනැගිල්ල පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ලබාදුන් අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය කුලී පදනම මත පෙද්ගලික ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරුණි.

මේ හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සදහා මසකට රුපියල් මිලියන 21ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවත්, එසේ වුවත් එම ගොඩනැගිල්ලේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් කැබිනට් මණ්ඩලය සැලකිල්ලට ගැනීමෙන් පසුව මම තීරණය ගෙන ඇත.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාශය සහ ඒ යටතේ පවතින අනෙකුත් ආයතන නැවත ගොවිජන මන්දිරයට ගෙනයාමට නියමිතය.

චාමර සම්පත්

Monday, November 25, 2019

ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව පවසා තරුණියකගෙන් මුදල් ඉල්ලූ සැකකරු රිමාන්ඩ්



තරුණියක සමග ලිංගික සබඳතා පැවැත්වූ දර්ශන අත්තර්ජාලයට සහ මිතුරන් අතර බෙදාහරින බවට තර්ජනය කර අදාළ තරුණියගෙන් කප්පම් ඉල්ලු සැකකරුවෙකු දෙසැම්බර් 03දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ශශිකා මිතුන ආරච්චිගේ මෙනවිය පෙරේදා (23දා) නියම කළාය.

උරුබොක්ක හීගොඩ පදිංචි 22 හැවිරිදි අයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මේ සඳහා සහාය ලබාදුන් බවට සැකකරන හොරපාවිට පදිංචි 25 හැවිරිදි අයකු ඇප මත මුදා හරීන ලෙසද මහේස්ත්‍රාත් විසින් නියම කරන ලදී.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ඌරුබොක්ක පොලීසියේ කොස්තාපල් ධනුෂ්ක මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පැමිණිලිකාර තරුණිය සමග දීර්ඝ කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ අතරතුර ඇය හා ලිංගික සබඳකම් පැවැත්වූ අවස්ථා වීඩියෝගත කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.

අනතුරුව සැකකරු විසින් එම දර්ශන අත්තර්ජාලයට මුදාහරින බවට අදාළ තරුණියට පවසා එය නතර කිරීමට නම් ඇගෙන් රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇගේ දුරකථනයට කෙටි පණිවුඩ එවා ඇති බවත් බියට පත්වූ තරුණිය රුපියල් 15,000ක මුදලක් සැකකරු ලබාදුන් බැංකු ගිණුමක තැමිපත් කොට ඇති බවයි.

ඉතිරි මුදලින් රුපියල් 15,000ක මුදලක් සැකකරුගේ මිතුරෙකු විසින් අදාළ තරුණියන්ගෙන් ලබා ගනිද්දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබු ජංගම දුරකථන හතරක්, විවිධ වර්ගයේ සිම් කාඩ්පත්, මෙමර් කාඩි 3ක් සහ සැකකරුවන් කප්පම් මුදල් ලබා ගැනීමට පැමිණි යතුරුපැදියද අත්අඩංගුව ගත් බවත් සැකකරු සතුව තිබූ සොයාගත්
මෙමරිකාඩි පත්වල අසැබි වීඩියෝ දර්ශන අඩංගුව පවතින බවත් තවත් තරුණියන් සමග ලිංගිකව හැසිරෙන දර්ශනද සොයාගත් මෙමරි කාඩි වල අඩංගුව පවතින බවට කරුණු දක්වන ලදී.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ශශිකා මිතුන ආරච්චිගේ මෙනවිය විසින් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු දෙසැම්බර් 03දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරීන්.

මේ අතර සැකකරුගේ සහයකයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් දසදහසක මුදල් ඇප මත මුදාහරින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඌරුබොක්ක පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ඌරුබොක්ක - ඩි.ඒ.පතිරණ

Friday, November 22, 2019

නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්



සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයන් හත්දෙනෙකු දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන බැවින් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ විභාග මධ්‍යස්ථානයක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත සිසුන් වෙනුවෙන් තංගල්ල,රත්මලාන, මාතර ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන පවත්වන බවත්, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් වෙනුවෙන් එම රෝහල තුළද විභාග මධ්‍යස්ථානයක් පවත්වන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසා සිටියේය.

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ හා වටරැක සුනීත විද්‍යාලය තුළත් විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරන බවත්, මීට අමතරව පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙනුවෙන් රට පුරා විභාග මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූහතක් පිහිටුවන බවත් හෙතෙම පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා පාසල් අයදුම්කරුවන් හාරලක්ෂ තිස්තුන්දහස් පනහක් හා පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්‍ෂ අසූතුන්දහස් නවසිය පනස්අටක් පෙනීසිටීමට නියමිත අතර, සමස්ත අයදුම්කරුවන්ගේ ප්‍රමාණයට හත්ලක්‍ෂ දාහත්දහස් අටකි.

ඉන්දිනහේවාවිතාරණ

Tuesday, November 19, 2019

කොළඹදී කොටස් වෙ‍ළෙඳ පොළ ඊයේ දිනයේ ශිඝ්‍ර වර්ධනයක්



ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් ඊයේ (18දා) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම කැපී පෙනෙයි.

එහිදී, කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු දිනය අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 106.54කින් ඉහළ ගිය අතර, එය සටහන් වූයේ ඒකක 6, 129.56ක් ලෙසිනි.

එමෙන්ම, බ්ලූචිප් සමාගමිවලින් සුසැදි S&P ශ්‍රී ලංකා 20 දශකයේ අගයද ඒකක 59.52කින් ඉහළ ගිය අතර, දිනයේ ගනුදෙනු අවසානයේදී එය ඒකක 3,046.04ක් ලෙස සනිටුහන් විය.

මේ අතර, ඊයේ දිනය තුළ කොළඹ කොටස් වෙළදපොළ දැවැන්ත දෛනික පිරිවැටුමක් දක්නට ලැබුණු  අතර, එය රු.බිලියන 2.41ක් ලෙස වාර්තා විය.

මෙහිදී දක්නට ලැබුණු තවත් සුවිශේෂී කරුණක් වූයේ 2019 වර්ෂය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා කළ ඉහළම අගය වු ඒකක 6,067.66ක (ජනවාරි 04දා) අගය ඊයේ දිනයියේදී ඉක්මවා යමින්, ඒකක 6,129.56ක් වාර්තා කිරීමය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, කලම්බු කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ට්ලස් ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය කැපී පෙනෙන දායකත්වයක් ලබාදී තිබුණි.

එමෙන්ම, දිනය තුළ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වු සමාගම බවට පවෙමින් ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී හි කොටස් මිලියන 15.4ක ප්‍රමාණයක් ගනුදෙනු වී තිබුණි. මීට අමතරව, සියෙරා කේබල්ස් සමාගමේ කොටස් මිලියන 10.1ක්ද දිනය තුළ ගනුදෙනු වී තිබුණි.

ෂමිල පෙරේරා

එළවළු මිල ඉහල යෑම නිසා හා හිඟයක් ඇතිවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂකරතාවයට



එළවළු මිල ඉහළ යැම නිසා හා එළවළු හිඟයක් ඇතිවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව වාර්තා වේ.

ලංකාවේ බොහෝ ප්‍රදේශවල කැරටි, ගෝවා, බෝංචි, අමුමිරිස්, මාළුමිරිස් ඇතුළු බොහෝ එළවළු කිලෝවක තොග මිල රුපියල් එකසිය පනහක්, දෙසීයක් අතර මුදලක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ නිසා එළවළු කිරිලෝවක සිල්ලර මිල ඉහළ ගොස් තිබෙන අතර, පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්වය නිසා සමහර ප්‍රදේශවල වගාවන් විනාශ වීම නිසා එළවළු හිඟයක්ද නිර්මාණය වී තිබෙන බවද වාර්තා වේ.

මේ පිළිබඳ සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ පොළ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළදී මැනිං වෙළෙඳ පොළට හා ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු රැගත් ලොරි පැමිණීම් අඩුවක් සිදු වූ බවයි.

මේ නිසා තොග මිල ඉහළ යෑමක් සිදු වූ බවත්, ඒවත් ඉදිරි දිනවලදී සාමාන්‍ය පරිදි එළවළු තොග ලැබීමට නියමිත බවත් ඔහු පවසා සිටියේය.

එළවළු තොග ලැබීමත් සමග එළවළු මිල සාමාන්‍ය තත්ත්වයට පත්වන බවත්, පසුගිය දිනවල පැවැති මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගොවි ජනතාව සහභාගි වීම නිසා එළවළු ඵලදාව නෙළාගැනීමේ ප්‍රමාදයක් නිසා මෙම තත්වය ඇති වී තිබෙන බවට වාර්තා වන බවද හෙතෙම පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ

රුවන්වැලි මහ සෑ චූඩා මාණික්‍යය ප්‍රදර්ශනය හෙට තෙක් කොළඹදී



අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ පැරණි චූඩා මාණික්‍යය ඉවත්කර පළඳවන නව චුඩා මාණික්‍යය මහ ජනතාවට වැඳපුදා ගැනීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි ඊයේ (18) තැන්පත් කෙරුණු අතර එය හෙට (20) දක්වා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

රුවන්වැලි මහා සෑයේ පවතින වසර 80ක් පමණ පැරණි චූඩා මාණික්‍යය හා එහි රන් ආලේපිත පාදම මේ වන විට පලුදු වී ඇති බැවින් නව චූඩාමාණික්‍යයක් තැන්පත් කිරීමට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවිය හිමියන්ගේ සහ රුවන්වැලි
චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන්ගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

ඒ අනුව අලුතින් නිර්මාණය කළ මෙම රන් පාදම් සහිත චූඩාමාණික්‍යය එය නිපදවූ විදේශීය සමාගමේ සිට මෙරටට වැඩම කරවා තිබේ.

කොළඹදී ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නව චූඩා මාණික්‍යය අනුරාධපුරයට වැඩමකරවීමට නියමිතව ඇති අතර අනතුරුව මහජනයාට වැඳපුදා ගැනීම සඳහා රුවන්වැලි සෑ භූමියේ සුවිශේෂී කුටියක් තුළ දින කිහිපයක් තැන්පත් කෙරෙනු ඇත. මෙම
නව චූඩාමාණික්‍යය රුවන්වැලි මහසෑයේ පැළදවීමට සුදුසු සුබ වේලාවක් සකස් කිරීම සඳහා දෙස් විදෙස් ජ්‍යොතීර්වේදින් කීප දෙනකුට පවරා ඇතැයි දැනගන්නට තිබේ. රුවන්වැලි සෑයෙහි දැනට පවත්නා චූඩාමාණික්‍යය සහ පාදම් පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන පෞරාණික වස්තුවක් ලෙස එම භූමියේම තැන්පත් කර මහ ජනතාවගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමට නියමිතය.

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පළිගු පාෂාණ සැපයීමේ සහ කැටයම් කිරිමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැදින්වෙන ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටිනා දුලබ පලිඟුවකින් මෙම චූඩාමාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඕස්ටේ‍්‍රලියානු සමාගම විසිනි.

එහි පාදම පිරිසිදු රත්‍රන් යොදාගෙන ලෝක ප්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.

මෙම රන් පාදම් වෙනුවෙන් පිරිසිදු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩගන්වන ලද ස්වාභාවික නිල් මැණික් සහ රතු මැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ. රුවන්වැලි මහා සෑයේ පිළිසකර කටයුතු මේ දිනවල සිදුකෙරෙන අතර එය මෙන්ම තව චුඩාමාණික්‍යය තැන්පත් කිරීම ඇතුළු කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ බුද්ධගයාවේ ද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති 'විශ්ව පාරමී' පදනම මගිනි.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.

ඩයනා උදයංගනී

වේදිකා මත කවුරු බල්ටි ගැහුවත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම තිබෙන්නේ අපේ දෙවුර උඩයි



වේදිකා මත කවුරු බල්ටි ගැහුවත් රටේත් ජනතාවගේත් පැවැත්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳ වගකීම තිබෙන්නේ අපේ දෙවුර මතයි. කෙබඳු ප්‍රතිඵලයක් ලැබුණත් ඒ පැවැත්මට හානිකර ඕනෑම ක්‍රියාවකදී අපේ වගකීම අප ඉටුකරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණෝ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ බත්තරමුල්ල ශ්‍රී සුභූතිපුර මාවතේ පිහිටි ජාතික ජනබලවේගයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු තවදුරත් මෙසේද පැවසීය.දැන් ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන්. අපට අප මැන බැලූ ලෙසට මෙවර මැතිවරණයේදී ප්‍රතිඵල ලැබී නැහැ. ඒ බව අප පිළිගත යුතුයි. ඒ පිළිබඳ සමාලෝචනයක් කරන්නත්, අප එක් අවධානය යොමු කළ යුතු කාරනා කෙරෙහි අවධානය යොමු කරන්නත් සූදානම්. එහෙත් ප්‍රතිඵලය කුමක් වුවත් අපි ජයග්‍රහණ ලබාගැනීම වෙනුවෙන් ආපස්සට හරවා ගත නොයුතු කාරණා කීපයක්ද හඳුනාගෙන මොන ප්‍රතිඵලයක් ලැබුණත් අපි කිසිසේත්ම ජාතිවාදයට නොවැටිය යුතුයි.

ආගම්වාදයට නොවැටිය යුතුයි. වංචාවට දූෂණයට ඉඩ නොතැබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අකුලන ඕනෑම අවස්ථාවක එයට එරෙහි විය යුතුයි. රජෙක් හදන්න ඉඩ නොතැඹිය යුතුයි යන මූලික අදහසක ජාතික ජනබලවේගය ලෙස අපි ඉන්නවා. අපි හොඳ බවත්. අපේ ප්‍රතිපත්ති තමයි රටට අවශ්‍ය බවත් රටේ බහුතරයක් ජනතාව් පිළිගන්නා බව අපේ විශ්වාසයයි. එහෙත් ඒවා ඡන්ද බවට පත්ව වංචා දූෂණයට ඉඩ නොතැබිය යුතුයි, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අකුලන ඕනෑම අවස්ථාවක එයට එරෙහි විය යුතුයි. රජෙක් හදන්න ඉඩ නොතැකිය යුතුයි යන මූලික අදහසක ජාතික ජනබලවේගය ලෙස අපි ඉන්නවා. අපි හොඳ ඛනත් අපේ ප්‍රතිපත්ති තමයි රටට අවශ්‍ය බවත් රටේ බහුතරයක් ජනතාව පිළිගන්නා ඛව අපේ විශ්වාසයයි. එහෙත් ඒවා ඡන්ද බවට පත් කරගන්න, ඡනතා ආකර්ශනය දිනාගන්න අපි සමත් වී නැහැ. එයට හේතු කීපයක් බලපානවා.

මේ මැතිවරණ ප්‍රතිඵලය ආකාර දෙකකින් ඡන මනස තුළ බිය නිර්මානය කිරීමෙන් ලැබුණ එකක්. එක පැත්තකින් දකුණේ සිංහල බෞද්ධ ජනතාව තුළ ඇති කරනවා අහවලා බලයට ආවොත් සිදුවිය හැකි විනාශය මේකයි කියලා. අනෙක් පැත්තෙන් උතුරේ හා නැගෙනහිර ජනතාව තුළ ඇති කරනවා අහවලා බලයට ආවොත් ඔබේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා කියන මතයක්. මේ
දෙක විසින් ඇති කරන බලපෑම මත තමයි මේ රවේ ජනතාව ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කළේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මොන තරම් හොඳ දේත් තිබුණත් ජන මනස හැසිරුන් මේ බයවල් අනුවයි. ඉම් මැතිවරණ කාලය තුළ උතුරු නැගෙනහිර ජනතාව හා දකුණේ ජනතාව සිංහල. දෙමළ, මුස්ලිම් ලෙස බෙදීමකට ලක් කළා. එය ප්‍රතිඵලයෙන් පසුව තව තවත් ත්‍රීව්‍ර වන බවක්ද අපි දැක්කා.

මේ මැතිවරණ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අපට ඉදිරීයේදී අපි විඳින්න සිදුවෙනවා. ඒ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අපට කළ හැකි කාර්ය භාරය රටත් සමාජයත් වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කරනවා.

සමාජයේ නිර්මාණය කළ බියට යට නොපී ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාව හා එක්ව අප කෙරෙහි විස්වාසය තබා ඡන්දය භාවිතා කළ භාරලක්ෂයකට ආසන්න ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මැතිවරණයට පෙර පැවසූ පරිදිම අපට ඡන්දය දුන් ජනතාවගේ ගෞරව්ය ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳකින් වත් අඩු කරන්නේ නැති බවට සපථ කරනවා.

අප සමග මේ රටේ විවිධ සිවිල්. සමාජ ක්‍රියාකාරින්, විවිධ වෘත්තිකයන්, වාමාංශික පක්ෂ හා සංවිධාන, කලාකරුවන් රැසක් එක්වුණා. ඒ සියලු දෙනාගෙන් සැදුම්ලත් පුළුල් වේදිකාවක් අපි හැදුවා. ඒක අපේ ජයග්‍රහණියක්. එය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න අපි සූදානම්.

ජාතික විද්වත් සංසඳයේ මාධ්‍ය පතාගත නීතිඥ හර්ෂණ නානායස්කාර මහතා මෙසේ පැවසීය.

මැතිවරණයේ ප්‍රධාන වේදිකා දෙක රටේ ජනතාව බෙදීමකට් ලක් කරමින් බය නිර්මාණය කරමින් ඒ ඡන්ද බවට පත් කරදී ජනතාවගේ හැඟීම් අලල්ලා ඒවා ඡන්ද බවට පත් කරද්දී අපි ගියේ දුෂ්කර ගමනක්. අපි කතා කළේ ජනතාවගේ බුද්ධියට. අපි කිසිසේත්ම ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය අපේ වේදිකාවට ගෙනාවේ නැහැ. ඉදිරියේදිත් අපි එහෙම කරන්න සුදානම් නැහැ.
මේ දේශපාලනය විසින් අනාගතයේදී රටේ ඇති කරන ප්‍රශ්නවලදී, ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර ඕනෑම සිදුවීමකදී එයට එරෙහිව නැගී සිටීමට ජාතික ජනබලය ලෙස අපි සුදානම්.

අපි සමග එක්වුණ පුළුල් ජනතා ව්‍යපාරයත් සමග ඉදිරියටත් දේශපාලන කටයුතුවල නිරත වේනවා. එහි වෙනසක් වන්නේ නැහැ.
ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා අදහස් දමින් මෙසේ පැවසිය.

අපි ජන නියමු කලාකරුවෝ ලෙසයි අපි ජාතික ජනබලවේගය සමග එක්ව සිටින්නේ. අප සමග රටේ ප්‍රවීණම කලාකරුවන් ඇතුළුව එකසිය හතළිහක් පමණ එකතු වී සිටියා. ඒ සියලුදෙනා ඉදිරියටත් ජාතික ජනබලවේගය සහ ජනතා වෙනුවෙන් අපෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම ඉටු කරන්න කැපපී සිටිනවා. එහි වෙනසක් වන්නේ නැහැ. එහිදී එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් ලාල් විජේනායක විප්ලවිය ජනතා පක්ෂයේ වසන්ත දිසානායක යන මහත්වරුන්ද අඳහස් දැක්වූ අතර මෙම අවස්ථාවට කීර්ති වැලිසරගේ, මහින්ද රත්නායක මහත්වරුන් ඇතුළු ජාතික ජනබලවේගයේ පාර්ශවකාර සංවිධානය රැසක නියෝජිතයෝ එක්වී සිටියහ.

එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට අනුර දිසානායක මහතා මෙසේ පිළිතුරු දුන්ය. ප්‍රශ්නය ඔබ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව අපි කවුරුත් මේ රටේ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක් ලෙස පිළිගන්නවා. එහි සැකයක් නැහැ.

එහෙත් ඔබට සමාජයේ ආරක්ෂණය දිනාගන්න බැරිවෙලා තිබෙනවා. ඇයි එහෙම වුණේ?

පිළිතුර ජනාධිපතිවරණයකදි ජනතාව ප්‍රධාන වශයෙන් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා වටා පෙළ ගැහෙනවා. එය වෙනස් කිරිමට ජනමාධ්‍ය විසින් ලබාදෙන ඉඩක් විශාල බලපෑමක්.

ඒත් බහුතරයක් මාධ්‍යවල හැසිරීම අනුව අපට නිසි ඉඩක් ලැබුණේ නැහැ වගේ අප මැතිවරණයේදී ගණන් ගත යුතු නොවන බලවේගයක් ලෙස සමහර පෞද්ගලික මාධ්‍ය මතයන් තහවුරු කළා. ඒවාට අමතරව අප තවදුරටත් වෙනස් කරගත යුතු තැන් මොනවාද යන්න පිළිබඳව ජාතික ජනබලය ලෙස සාකච්ඡා කර අදාළ වෙනස්කම් කරනවා.

ප්‍රශ්නය ඔබ පක්ෂ නායකත්වය ලබාගත්තාට පස්සේ ජවිපෙ ප්‍රතිඵල අඩුවුණා කියලා සමහරු චෝදනා කරනවා.

පිළිතුර මම නායකයා වුණාද නැද්ද කියන කාරණාව පසෙක තබා බැලුවොත් 2010ට වඩා 2015දි අපි පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීධුර ප්‍රමාණය වැඩිකරගත්තා. 2018 පළාත් පාලන මැතිවරණයේදී ඊට පෙර හිටි මන්ත්‍රීවරුන් ප්‍රමාණය වගේ දෙගුණයක් අපට හිමි වුණා. එහෙත් කිසි අපි පසුබිමකට ලංවෙලා. ජයග්‍රහණයන් වගේත්ම පරාජයනුත් මගේ තනි පුද්ගල හැකියාවක් හෝ දුර්වලකමක් නෙවෙයි. අපි වැඩි කරන්නේ පක්ෂයක් ලෙස සාමූහිකවයි.

ප්‍රශ්නය ජවිපෙ එජාපයට මුක්කු ගැසීම ඔක්තෝබර් විසිහය සිදු සිදුවීමේදී අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් රනිල් මහතාට සහය දැක්වීම ඔබට තිබෙන චෝදනා.

පිළිතුර ඔක්තෝබර් 26 අපේ මැදිහත්වීම එජාපයට වාසි වුණා. මෙවර අපි ජනපතිවරණයට ඉදිරිපත්වීම ගෝඨාභය මහතාට වාසි වුණා. අපි දේශපාලනය කරන්නේ අපි කරන දේ අනුව තවත් කාට හරි වාසි වෙනවාද නැද්ද යන්න මත නොව රටට ජනතාවට, ප්‍රජාතන්ත්‍රවාදයට එයින් ඇති කරන බලපෑම ගැන හිතලයි. එසේ කාටත් වාසි නොවන ලෙස දේශපාලනය කරන්න හිතනවා නම් එකෝ අපි දේශපාලනය අත අරින්න ඕනෑ. නැත්නම් වෙන ග්‍රහලෝකයක් හොයාගෙන යන්න ඕන.

ප්‍රශ්නය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට එජාපය යෝජනාවක් ගෙනාවොත් සහය දෙනවාද?

පිළිතුර ඒක අපි ගෙනාවට පස්සේ බලමු. කොහොම වුණත් දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනවරමක් ලැබි තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරියට කටයුතු කළ යුත්තේ ඒ ජනවරම අනුවයි කියලා. අපි තීන්දු ගන්නේ ජනතාව ලබාදුන් ඒ ජනවරමට ගරු කරන ව්‍යාවස්ථාවට අනුව මිස ඊට එරෙහිව නෙවෙයි.

මුදිතා දයානන්ද

Friday, November 15, 2019

සවස 2.00ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සහය ගන්න - මැතිවරණ කොමිෂන් සභාව



ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට (16) දිනයේ සවස 2,00ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා ලෙස ඡදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර ඡන්ද විමසීම් කාලසීමාව සාමාන්‍ය කාලසීමාවට වඩා පැයකින් දීර්ඝ කර ඇති අතර, ඡන්ද විමසීම උදෑසන  7.00ට ආරම්භ කර සවස 5.00ට අවසන් කිරීමට නියමිතය.

මෙවර ඡන්ද පත්‍රිකාව දෙගුණයකින් දීර්ඝ වී ඇති හෙයින් ඡන්දය ප්‍රකාශ කිමේදී වැඩි කාලයක් ගතවිය හැකි බැවින්, කල්වේලා ඇතිව ඡන්දපොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමෑන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඡන්දදායකයන් 15,992,096 දෙනෙකු ඡන්දය හෙට (16දා) දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, දිවයින පුරා ජන්ද මධ්‍යස්ථාන 12,845ක් ස්ථාපනය කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

චාමර සම්පත්

කොළඹ ගෙවල් ඇතුළේ ගෑස් කඩ



කොළධ නගරයේ නිවාස ආශ්‍රිතව අනාරක්ෂිත ලෙස පවත්වාගෙන යන ගෑස් අලෙවි මධ්‍යස්ථාන හතු පිපෙන්නාක් මෙන් වැඩිවී ඇතැයි කොළඹ මහ නගර සභාව අනතුරු අගවයි.

දැනට කොළඹ නගරය තුළ ගෑස් අලෙවි ව්‍යාපාරික ස්ථාන 54ක් ලියාපදිංචි වී ඇතත් එයින් මෙම වසර සඳහා වෙළඳ බලපත්‍ර ලබාගෙන ඇන්ගන් 18 දෙනකු පමණක් බවද අනාවරණය වී තිබේ.

2015 වසරේදී නගර සභා වාරයකදී සැලසුම් නිර්දේශ නොමැතිව ව්‍යාපාර ආයතන පවත්වාගෙන යා හැකි බවට අනුමත කරගත් නීතියක් හේතුවෙන් නගරය පුරා මහල් නිවාස ආශ්‍රිතව වෙනත් ජනාකීර්ණ ස්ථානවල හා පාසල් ආසන්නයේ නිවෙස්වල ගෑස් අලෙවි කිරිම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නගර සභාවේ ආදායම් ඉපය මගින් කරන ලද පරික්ෂණයකදී හෙළිවී තිබේ.

එම සහා අනුමැතියට පෙර ගෑස් අලෙවි කරන සෑම ස්ථානයකටමට වෙළෙඳ බලපත්‍ර සමග සෞඛ්‍ය හා ගිනි නිවිම ආරක්ෂණ ක්‍රම පිළිබඳව සෞඛ්‍ය අග නිර්දේශ අනිවාර්යය කොට තිබුණු බවද එම අංශ අනාවරණය කරයි.

මෙම අනාරක්ෂිත ගෘහාශ්‍රිත ගැස් අලෙවිය හේතුවෙන් පසුගිය කාලය තුළ දේපළ හා ජීවිත හානි සිදුවී ඇතැයිද නගර සභාව පවසයි.
ගෑස් අලෙවි අනවසර මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නන්ට  2019 වසරට නියමිත වළිඳ බලපත්‍ර ලබාගන්නා ලෙසට ලිපි මගින් දන්වා යවා ඇතැයිද දැනගන්නට තිබේ.

අනවසර හා අනතුරුදායක ගෑස් අලෙව් මධ්‍යස්ථාන නගරයේ දහසකට ආසන්න සංඛ්‍යාවක් ඇති බවට නිල නොවන වාර්තා අනාවරණය කරයි.


ජයන්ත සමරකෝන්

Thursday, November 14, 2019

ජනාධිපත්වරණය නිම වූ වහාම කොමිසමේ සභාපති කමෙන් අයින් වෙනවා -මැ.කො. කියයි



මෙවර ජනාධිපතිවරණය නිම වූ වහාම තමා මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වුව  ද තමා තවදුරටත් කොමිසමේ සාමාජික ධුරයේ කටයුතු කරන බව ද හෙතෙම කීය.

කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී දේශප්‍රිය මහතා එසේ කීය.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
"ජනාධිපතිවරණය මේ මස 9 වැනිදා තියන්න පුළුවන් ද  කියලා අපි මුලින් හිතුවා. එක අතකින් 9 වැනිදා තිබ්බා නම් අද මට නිදහසේ ගෙදර ගිහින් කකුල් දෙක වන වනා ඉන්න තිබුණා. කොහොම වුණත් මම 17 වැනිදාම ලිපිය යවනවා." යැයි ද ඔහු කීය.

රංජන් කස්තුරි

ඡන්දෙට ගමට යන්න බස් 140 ක් අද - හෙට



ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පසුව වෙනුවෙන් දුර සේවා අතිරේක ලංගම බස් 140ක් පමණ අද (14) සහ හෙට (15) ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී නිහාල් හිදැල්ල ආරච්චි මහතා පැවසීය.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට මෙම අතිරේක දුරසේවා බස් රථ ගමන් ආරම්භ කරන බව පැවසු ඔහු, සාමාන්‍යයෙන් දිනකට ධාවනය කරන ලංගම බස් රථ 1350ට අමතරව අද (14) දින අතිරේක බස් රථ 21ක් පමණ ද හෙට (15) බස් රථ 118ක් පමණ ද ධාවනයට යොදවන බව  ද කීය.

මගී අවශ්‍යතාව අනුව අතිරේක දුරසේවා බස් රථ ධාවනයට යොදවන බව කී ප්‍රධාන මෙහෙයුම් අධිකාරි නිහාල් හිරුල ආරච්චි මහතා මෙයට අමතරව ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට සහ මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් රථ 1000ක් පමණ ද පොලිස් නිලධාරි ප්‍රවාහනයට බස් 150ක් පමණ ද මැතිවරණ කොමිෂන් සභාවට හා පොලිස් දෙපාර්තමේන්තුවට  ලබාදෙන බව ද පැවසීය.

මේ අතර ගම් බලා ගිය ජනතාවට ඡන්දය දැමීමෙන් අනතුරුව නැවත කොළඹ බලායාම සඳහා ලබන 18 දා සිට බස් රථ යොදවන ලෙස ලංගම ප්‍රාදේශීය කළමනාකරුවන්ට හා ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් දුන් බව ද හෙතෙම් කීය.

මහින්ද නිශ්ශංක

නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේ දෙලක්ෂ විසිතුන්දාහක් අතුරුදහන්



නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අයත් රුපියල් 2,23,916 ක මුදලක් අස්ථානගතවීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සිද්ධිය හෙළිවීමෙන් පසුව එම අධිකරණයේ නඩු බඩු කාමරයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයකු සේයට පැමිණ නැතැයි පොලිසිය පවසයි.

ඉකුත් සැප්තැම්බර් මස 04 වැනිදා දඩ හා ඇප මුදල් වශයෙන් අධිකරණයට ලැබුණු මුදල් අධිකරණයේ මුදල් භාර නිලධාරි විසින් එදිනම සවස අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට බාරදී තිබූ බව මූලික විමර්ශනවලදී හෙළිවි යැයි පොලිසිය කියයි.

ඔක්තෝබර් මස 06 වැනිදා නුගේගොඩ අධිකරණයේ ගිණුම් අංශයට බැකුවෙන් ලැබුණු සැප්තැම්බර් මාසික වාර්තාවේ එම මුදල සටහන්වී නොතිබීම පිළිබඳව රෙජිස්ට්‍රාර්වරියගේ අවධානය යොමු කිරීමේ දී මෙසේ මුදල් අස්ථානගතවී ඇති බව හෙළිවී ඇත.

මේ පිළිබඳ රෙජිස්ට්‍රාර්වරිය කාර්යාල කාර්ය සහායකූගෙන් විමසුවිට ඔහුට බාරදුන් සියලුම මුදල් නිසි අයුරින් තැත්පත් කළ බව ඔහු පවසා ඇතැයි පොලිසිය කීය.

කෙසේවෙතත් බැංකු වාර්තා පරික්ෂා කිරීමේදී කාර්යාල කාර්ය සහායකවරයා සැප්තැම්බර් මස 5 වැනිදා බැංකුවේ තැත්පත්කර ඇත්තේ රෙජිස්ට්‍රාර්වරිය සැප්තැම්බර් මස 3 වැනිදා ඔහුට ලබාදුන් මුදල් බව අනාවරණය වී යැයි පොලිසිය සදහන් කරයි.

මේ පිළිබඳව පරික්ෂණ පවත්වන පොලිසිය කීප දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන සීසීටීවී දර්ශන ද පරික්ෂාකර බලා ඇති අතර බැංකු වාර්තතා ද ලබාගෙන ඇත.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ

Friday, November 8, 2019

අඹු සැමි යුවළක් ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්



ගෙන්මුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් ඝාතනය කළ සැකකරු ගෙන්මුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (07දා) නියෝග කළේය.

මෙලස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, හොරගොල්ල ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රජිත් ප්‍රේමලාල් සිල්වා නමැත්තෙකි.

සැකකරු සහ ඝාතනයට ලක්වූවන් අතර දීර්ඝකාලීනව පවතින ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර සැකකරුද මෙම ඝාතනය තමන් විසින් සිදුකරන ලද්දක් බව පොලීසියට තහවුරු කර ඇත. ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

මෙලෙස ඝාතනයට ලක්වූයේ ගනේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී සේනාධිගේ ජෝශප් සිල්වා (අවු.72) හා එස්. මාලනි සිල්වා (අවු.63) නමැති අඹු සැමි යුවළයි. ඒ අනුව පෙරේදා (06දා) රාත්‍රියේ ඝාතනයට ලක්වූ මරණකරුවන් සම්බන්ධයෙන් එදිනම රාත්‍රියේදී ගනේමුල්ල පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂිණාය ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ඊයේ (07දා) පැවැත්වූ අතර, පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීම සඳහා මෘත දේහයන් ගම්පහ මහ රෝහලට රැගෙන යන ලෙසට පොලීසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ගම්පහ - ටෝනි කරුණානායක / කැලණිය කලිඳු පන්සිළු

රටගිය සරසවි ඇදුරෝ කොකා පෙන්වති - ගිවසුම් කඩකලාට අයවිය යුතු මුදල කෝටි 15 ක්



අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 519 කගෙන් රජයට රුපියල් අසූ තුන් කෝටි හැට එක් ලක්ෂයකට අධික මුදලක් අයවිය යුතුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවෙන්, (කෝප් )  පාර්ලිමේන්තුවට ඊයේ (7) ඉදිරිපත් කළ වාරිතාවක සඳහන් වෙයි.
6 වැනි පිටුවට

එම වාර්තතාව අනුව අධ්‍යයන කටයුතු සඳහා විදේශගතවී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 162කි. විදේශගත වීමට පෙර ඔවුන් විශ්වවිද්‍යාල බලධාරින් සමග ඇතිකරගත් බැඳුමිකර ගිවිසුම් කඩකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විශ්වවිද්‍යාල තුනකට රුපියල් දාහතර කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් අයවිය යුතු බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණු මෙම කෝප් කමිටු වාර්තාවට ඇතුළත් වී ඇත්තේ විශ්වවිද්‍යාල 17ක් පිළිබඳව 2017 සිට 2018 දක්වා කරන ලද විමර්ශනවලට අදාළෙ තොරතුරයි. මෙම වාර්තාව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) විසින් මැතිසබයට ඊයේ ඉදිරිපත් කරනු ලැබීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන දීමනා වෙනුවෙන් ද සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලට දායක මුදල් ගෙවා ඇති බවත් ඒ ආයතනවලට මෙසේ වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් පහළොස් කෝටි හතළිස් නව ලක්‍ෂයක් බවත් කෝප් වාර්තාවේ දැක්වෙයි.

යාපනය විශ්වවිද්‍යාලය 2014 සිට 2017 දක්වා කාලයේ දී කාර්ය මණ්ඩලයේ 138 දෙනකුට පර්යේෂණ ආධාර වශයෙන් රුපියල් පන් කෝටි අසූතුන් ලක්‍ෂයක් ගෙවා ඇතැයි පෙන්වා දෙන කෝප් කමිටු චාර්තාව එම පර්යේෂණය අවසන් කිරීමේ ප්‍රගතිය දුර්වල මට්ටමක පැවැති බව ද සඳහන් කර ඇත.

මේ අතර ඉකුත් වසර හතරේ දී විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාර්ය සාධනය පහළ මට්ටමටෙ ගොස් තිබූ බවත් එම කාර්ය සාධනය 2013/2014 දී සියයට 45ක් ද 2014/2015 සියයට 43.7ක් ද 2015/2016 සියයට 42.6ක් ද 2016/2017 සියයට 43.1ක් ද 2017/ 2018 සියයට 38.7ක් ද වශයෙන් පැවැතුණ බවත් කෝප් කමිටුව පවසයි.

සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු

Wednesday, November 6, 2019

මාවනැල්ල බුදුපිළිම කැඩූ සිද්ධියට සැක 19 දෙනා යළිත් රිමාන්ඩ්



මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වහසේ නමකට හා දේව ප්‍රතිමාවකට අලාභ භානී කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 19 දෙනා තවදුරටත් නොවැම්බර් 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණ මහතා නියෝග කළේය.

මහනුවර,පල්ලේකලේ සිට බන්ධනාගාර බස් රථයකින් විශේෂ ආරක්ෂාවක් යටතේ රක්ෂත බන්ධනාගාරගතකර සිටින පිරිමි සැකකරුවන් 16 දෙනා සමඟ ක්න්තාවන් 19 දෙනා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන  ඒමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුණි.

මෙහිදී සැකකරුවන් පිළිවෙළින් මාවනැල්ල , හිඟුල, දෙල්ගහගොඩ  පදිංචි මොහොමඩ් අලූෆර් අෂ්ෆාන්  එම ප්‍රදේශයේම අංක 3 නිවසේ පදිංචි මොහොමඩ් ෆයිසර්  මොහොමඩ් මුෆ්ති අංක 130, බී නීවෙසේ පදිංචි  මොහොමඩ් අක්බර් මොහොසඩ් මුතීෆ්, අංක 24 නිවෙසේ පදිංචි මොහාඞ් සුෆියාස් හුසේන් ඉර්ෂාඩ්, අංක 46/2සී පදිංචි මොහොමඩ් අස්වර් අතීක් අහවඩි, අංක 22 අලුත්නුවර පාර හිඟුල මාවනල්ලු පදිංච් මොහොමඩ් කලීල් පොහොඩේ අකීත්, අක 46/4පී දනාගම් මාවනැල්ල පදිංචි නජිබුදීන් මොහොමඞ් ෆවුසාන් අංක 401/1 රිවර් සයිඩ් කලුගමුව ගෙලිඔය පදිංචි අෆාර්දින් ෆයාස්  අහමඩ් අංක 123/l, තඹාල පොළොන්නරුව පදිංචි මොහොමඩ් මුස්තාපා හොමඩේ ෂයාස්, මාවනැල්ල දෙල්ගහගොඩ පදිංච් රෂීඩ් මොහොමඩ්  ඊබ්‍රාහිම්, අංක 10lඩි දනාගම මාවනැල්ද පදිංචී මොහොමඩ් අස්ලම් අකීල් අහමඩ්, අකෙ 84/6 නාවලපිටිය පාර උලපනේ පදිංචි අබ්ඳුල් ජබාර් බදුර්දීන් යන සැකකරුවන් පිළිවෙළින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අපරාධ පරික්ෂණදෙපාර්තමේත්තුවේ නිලධාරී අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ කාත්තන්කුඩිය ප්‍රදේශයේ දී සකකරුවන් භාවිත කර තිබූ XY 0304 අංක දරන යතුරුපැදිය යතුරුපැදි දෙක පසුගිය නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කළ බවත් යුරීයා නමැතී
වෙඩි බෙහෙත් අඹරුම් යන්ත්‍ර සම්බන්ධයෙනුත් රස පරික්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

දැනට රක්ෂිත බන්ධනාහාර ගත කර සිටින හත් වැනි හා අටවැනී සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රකාශ ලබා ගැනීම සඳහා දැනට රඳවා සිටින්න උපදේශක බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලීමක් කළේය.

වැඩිදුත් කරුණු දක්වමින් අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප්‍රකාශ කර සිටියේ දැනට රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටීන පුද්ගලයකුගේ ප්‍රකාශයකට අනුව හත් වැනි සැකකරු වන මාවනැල්ල දනාගම් පදිචි නජිබුදීන් මොහාමඩ් ෆයාස් නමැත්තාට අයත් නිවෙසේ තිබීරුපියල් ලක්ෂි 30ක් පමණ වටනා අව් ආයුධ හා පතරොම් කොපු නිෂ්පාදනය කිරිමට යොදා ගන්නට ඇතයි සැලකෙන ලියවන මැශිමක් සොයා ගත් බවත් එම විශාල මැෂිම ගලවා කොළඹට රැගෙන යමට නොහැකි බවත් දැනට මැෂිම සවි කර ඇති නිවෙසට මාවනැල්ල පොලීසිය මඟින් ආරක්ෂාව යොදවා ඇති එක මැෂිම සඳහා ද රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙම විශාල මැෂිම කොළඹට ප්‍රව්‍යය කිරීමට නොහැකි වීම හේතුවෙන් පොලීසීයටද ඒ සඳහා දිගින් දිගටම ආරක්ෂාවක් සැලසීමට නොහැකිවීම හේතුවෙනුත් සැකකරුගේ බිරිය වන මාවනැල්ල දනාගම පදිංචි මොහොමඩ් බබී නැමැත්තියට බැදුම්කරයක් යටතේ නිදහස් කරන ලෙස ඉල්ලීමක් කළේය.

හත් වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥවරයකු අධිකරණයට ප්‍රකාශ කර සිටියේ මෙම සැකකරු කිසිම දේයකට සම්බන්ධ නැති බවත් ඔහු නිකරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්ය.

යතුරුපැදි දෙක හා ඇඹරුම් යන්ත්‍රය රස පරීක්ෂකවරයා වෙත යොමු කොට වර්තාවක් ලබා ගැනීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන් අතර හත්වැනි හා අටවැනි සැකකරුගෙන් තව දුරටත් ප්‍රකාශ ලබා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් සිදු කිරීමට පල්ලේකැලේ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කෙරීණි. ලියවන මැෂිම් රුපියල් ලක්ෂ පහක බැඳුම්කරයක් යටතේ මාවනැල්ල දනාගම පදිංචි මොහොමඩ් බබී නැමන්තියට මුදා හරින ලෙසත් නඩුව අවසන් වන තුරු අලෙවි කිරීමට, අන්සතු කිරීමට පැවැරීමක් නොකරන ලෙසත් මහේස්ත්‍රාත් වරයා දැන්වීය.

මාවනැල්ල අවට බුදු පිළිම වහන්සේලාට  අලාභ හානි කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ 1979 සිවිල් දේපොළ පනතේ වගතිය ප්‍රකාරව මෙම සැකකරුවන්  යුද්ධයක් වැනි ත්‍රස්ත ක්‍රියාවක් සිදුකිරීමට හැකිව තිබූ බව මොවුන් කළ ක්‍රියාවෙන් පෙන්වෙන්නට ඇති බවය. සැකකරුවන් 19 දෙනාම නොවැම්බර් 14 වැනිදා දක්වා තවඳුරත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දමුණුපොළ - චමින්ද ජයලත්

හෙරෝයින් ජාවාරම් කළ අක්කු සහ තලයා පොලිස් දැලේ



ඊස්කෑෂ් ගිණුම් ඔස්සේ මහ පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතවූ කොස්ගොඩ තාරක නමින් හඳුන්වන පාතාල කල්ලි නායකයගේ ගෝලයකු වන ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ දුටුවැව පදිංචි අක්කු හා එම් ජාවාරමට අනුබල දුන් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ඇතුළු පස්දෙනකු හෙරොයිත් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 320ක ප්‍රමාණයක් සමඟ උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක දිසා වටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලෙන්බිදුනු වැව, කහටගස්දිගිලීය හා අනුරාධපුර පොලිස් වසමේවල තරුණයන්ට මහා පරමාණයන් ඊසිකෑෂ් තාක්ෂණය ඔස්සේ හෙරොයින් ජාවාරම් කරන කොස්ගොඩ තාරකගේ ගෝලයකු වන අක්කු සමඟ එක්වූ තලය නමින් හඳුන්වන අපරාධකරු පිළිබඳව තොරතුරු ලැබුණු පොලිස්ථාන කිහිපයක්ම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කළත් අධිවේගී 200 සීසී අංශයේ යතුරුපැදියකින් ගමන් කරන ඔවුන් අත්අඩංගුවට ගැනීමට එම පොලිස් ස්ථානවල නීලාධාරීන්ට හැකිවී තිබීණි.

ඒ සම්බන්ධයෙන් උතුරුමැද පළාත භාර උසස් පොලිස් නිලධාරින්ට පැමිණිලි ලැබූ අතර එම නිලධාරින් විසින් දිසා වටලීම් ඒකකයේ නිලධාරින්ට ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබිණි.පෙරේදා (03දා) සැකකරුවන් ගලෙන්බිදුනුවැව ඉලුක්වැව ඔය ප්‍රදේශයන් හෙරොයින් අලවි කිරීමේ කටයුත්තකට පැමිණ ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ වහාම ක්‍රියාත්මකවූ දිසා වැටලීම් ඒකකය එම ප්‍රදේශයට ගොස් වෙස්වෙළා ගනිමින් ස්ථාන ගතවී සිට ඇත.

ඒ අවස්ථාවේ අධිවේගී යතුරුපැදිරියන් පැමිණි අක්කු හා තලයා හෙරොයින් පැකට් කිහිපයක් සැඟවීමට උත්සාහ කරද්දී ඔවුන් පොලිස් නිලධාරීන් දැක පලායෑමට උත්සාහ කර තිබුණත් සභා ක්‍රියාකවූ පොලිස් නිලධාරීන් ඔවුන්ට පලායැමට නොදී මෙල්ලකර යතුරුපැදිය සමඟ අල්ළාගෙන තිබේ.

සැකකාර අක්කු හා තලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ජාවාරමට සම්බන්ධ වූ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයාත් හෙරොයින් මිලදී ගැනීමට පැමිණිසකකරුවන් දෙදෙනකුත් අත්අඩංගුවට පත්වී තිබිණි. අත්අඩංගුවට පත්වූ නාවික හමුදා බුද්ධි අංශ  සාමාජිකයාගේ විසි හැවිරිදි බිරියත් ජාවාරම් පිළිබඳව දන්නා බවට පොලිසිය අනාවරණිය කරගෙන තිබුණත් ඇය සන්තකයේ හෙරොයින් නොතිබූ බව පොලිසිය කියයි.

සැකකාර අක්කු කොස්ගොඩ තාරක සමඟ එක්ව ගිනි අවි පෙත්වමින් මහාපරමාණ කොල්ලකෑම් රැසක් සිදුකර තිබෙන බවත් මාතර බැංකු කොල්ලයේදී පොලීස් සැරයන්වරයකු වෙඩි තබා ඝාතනය කීරීමේ සිද්ධිය සම්බන්ධ බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

ඔහුට එරෙහිව අනුරාධපුර පොළොන්නරුව කොළඹ ගාල්ල - මාතර ඇතුළු දිවයිනේ පිහිටි අධිකරණ රැසක අපරාද ඇතුළු හෙරොයින් නඩු 35කට අධික ප්‍රමාණයක් විභාගවන බවත් අත්අඩංගුවපන අවස්ථාවේ ඔහුට ගම්පහ මහාධිකරණයෙන් විවෘත වරෙන්තු හතරක් නිකුත්කර තිබූ බවත් පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28-40 යන වයස් කාණ්ඩවල, පසුවන්නන් වන අතර ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් තිදෙනකු මේ මස 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොරිණි. සෙසු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදාහැරීණි, නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයා සම්බන්ධයෙන් නාවික හමුදා මුලස්ථානයට දැන්වීමට පොලීසිය කටයුතු කර තිබිණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ එල්.පී.එස්. පී. සදුන්ගහවත්ත යන මහත්වරුගේ උපදෙස් මත අනුරාධපුර දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස්.චන්ද්‍රසිරී පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (48317), රසික (53273), වික්‍රමසිංහ (54904), රාජරත්න (66934), ඡන්ද්‍රරත්න (68906), ආනන්ද (34027) කාන්තා පොලිස් කොස්තාපල් මානෙල් (7215) යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

'ඡන්ද හොරු ' අල්ලන්න සූක්ෂම කැමරා ගැන පොලීසියට අද පුහුණුවක්




 මැතිවරණ නීති උල්ලංඝනය කරන දේශපාලනඥයන් සහ ආධාරකරුවන් නිරීක්ෂණය සඳහා මැතිවරණ ඉතිහාසයේ  ප්‍රථම වරට හඳුන්වාදුන් අතිශය සූක්ෂ්ම විඩියෝ කැමරා භාවිත කිරීමට අදාළ වැඩමුළුව තෝරා ගත් පොලිස් නිලධාරින් පිරිසක් ඉලක්ක
කරගෙන අද (06දා) දින පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන්  ගුණස්කාර මහතා පවසයි.

දැනටමත් මෙම කැමරා 71ක් පොලිසිය වෙත ලැබී ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ සඳහා විශේෂිත වූ පොලිස් නිලධාරින් පලදන ජැකට් 321ක්ද පොලීසිය වෙත ලැබී ඇති බවත් එයින් එක් කැමරා වර්ගයක් ජැකට්ටුවේ උඩත් අනෙක් කැමරා වර්ගය පොලිස් නිලධාරියාගේ බඳපටියත් සවිකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශ කවරයා සඳහන් කළේය.

රුපියල් ලක්ෂ දහයකට අසන්න වටිනාකමකින් යුත් මෙම කැමරා සහ පොලිස් ජැකට් පැෆරල් සහ CMEVයන සංවිධානවලින්
පොලිසිය වෙත ලබාදී ඇති බවද හෙතෙම පැවැසීය.

මේවා දිවයින පුරා විසිර පොලිස් කොට්ඨාස වෙත ලබාදෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සූක්ෂම කැමරාවෙන් ලබා ගන්නා විඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට කටයුතු  කරන බවද හෙතෙම පවසයි.

මැතිවරණයෙන් පසු මෙම සියුම් කැමරා උපකරණ අපරාධ විමර්ශන කටයුතු  සඳහාත් නීති විරෝධි  රැස්වීම් නිරීක්‍ෂණය කිරීම්  සඳහාත් යොදා ගන්නා බවද වැඩිදුරටත් අදහස් දක්වමින් රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

පොලිස් මූලස්ථානයේ පෙරේදා (04දා) පැවැති  මාධ්‍ය හමුවකදී ඔහු ඒබව සඳහන් කළේය. මේ අවස්ථාව සඳහා පොලිස් මැතිවරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී අශෝක ධර්මවර් දන මහතාද සහභාගි විය.

චාමර අමරසූරිය

Monday, November 4, 2019

"Luxury Tax" නිසා වාහනයක් මිලදී ගැනීම සිහිනයක් වෙලාද?



පොඩි වාහනවල බදු අඩුවී ඇති බවට කටකතා පැතිර ගියද එය සම්පුරණයෙන්ම අසත්‍යයක් බවත්, අලුතින් හඳුන්වා දී ඇති සුඛෝපභෝගී වාහන බද්ද (Luxury Tax) නිසා වාහනවල මිල වැඩිවීමක් පැහැදිලිවම සිදුව ඇති බවත් වාහන ආනයනකරුවෝ අවධාරණය කරති.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය 2019 මගින් යෝජනා කළ පරිද්දි මුදල් පනත සංශෝධනය කරමින්, මෝටර් වාහන මත පනවන ලද සුඛෝපභෝගී බද්ද සම්බන්ධයෙන් පසුගිය 29දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් පොඩි වාහනවල බදු අඩුවීමක් සහ සුබෝපභෝගී බදු වැඩිවීමක් නොවන බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වාහන ආනයනකරුවන් මගින් පවසා සිටියහ.

මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයට අනුව නව LT බද්ද 2019 මාර්තු 06 වැනි දින සිට ක්‍රියාත්මක චන අතර මාර්තු 06 වැනිදාට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුබෝපභෝගී වාහනවලට නව බදු අදාළ වේ. මෙම නව රෙගුලාසි අනුව රු.ලක්ෂ 35කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාවන් ඉක්මවන මුදලට LT බදු අය කෙරෙන බව සඳහන් වෙයි.කෙසේ වෙතත්, මීට පෙර සිලීන්ඩර් ධාරිතාව 1,800ට අඩු පෙට්‍රල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව2,300ට අඩු ඩීසල් කාර් හා ජීප් රථ සහ කිලෝ වොට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සදහා සිලින්ඩර් ධාරිතාව මත අය කරනු ලැබූ බද්ද නොවැම්බර් මස 01දා සිට ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කාර් මාර්ට් (පර්ජෝ) ආයතනයේ සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතා මෙසේ පවසා සිටියේය.

"පොඩි වාහනවල බදු අඩුවෙලා කියල අද ප්‍රචාරයක් යනවා. නමුත්, පොඩි වාහනචලට බදු අඩුවන්න එහෙම බළක් තිබුණු නැහැ, මෙය තනිකරම බොරුවක්. සිදුවෙලා තියෙන, පැවති සුඛෝපභෝගී බද්ද සංශෝධනය වෙලා අලුතින් බද්දක් ගහපු එකක්. මෙය තනිකරම ජනතාව මුළාවේ දැමීමක්.

මාර්තු මාසයේ 05 වැනිදා අයවැයෙන් සුඛෝපභෝගී බද්දක් හඳුන්වා දුන්නා. එවකට මෝටර් කාර් සහ ඩබල් කැබ් රථවලට මේ බද්ද අදාළ වුණා. ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර්, ඩබල් කැබ්, ඩීසල් සහ පෙට්‍රල් දෙමුහුම් වාහන සහ විදුලි මෝටර් රථ සඳහා මේ බද්දට යටත් කෙරුණා. වාහනයක CIF අගය හෙවත්, අපි නැවි ගාස්තු අනුව, වාහනයේ සමස්ත CIF අගය හෙවත්,අපි වාහනයක් විදේශයකින් ගෙන්වීමේදී දරණ වාහනයේ මිල, රක්ෂණය සහ වටිනාකම රු.ලක්ෂ 35ක් ඉක්මවා ගියොත්, පසුගිය මාර්තු 05 අයවැය අනුව ඒ වැඩිවන හැම සතයකටම, වාහනයේ එන්ජින් ධාරිතාව ඩීසල් නම් 2,300ට වැඩි හෝ පෙට්‍රල් නම් 1,800ට වැඩි නම් සුඛෝපභෝගී බදු අය කෙරුවා.

එනම්, රු.ලක්ෂ 35 ඉක්මන වාහනය ඩීසල් එන්ජින් ධාරිතාව 2,300ට වඩා වැඩි වාහනයක් නම්, ඒ ලක්ෂ 35 ඉක්මවන හැම සතයකටම 120%ක සුඛෝපභෝගී බදු අය වුණා. ඒ වාහනය පෙට්‍රල්, එන්ජින් ධාරීතාව 1,800 ට වඩා වැඩි වාහනයක් නම්, ඒ ලක්ෂ 35 ඉක්මවන හැම සතයකටම 100%ක බද්දක් අයවුණා. ඒ වගේම, මෙහි රු.ලක්ෂ 35 ඉක්මවන ඩීසල් හා පෙට්‍රල් දෙමුහුම් වාහනවල ඩීසල් එන්ජින් ධාරිතාව 2,300 සහ පෙට්‍රල් 1,800ට වඩා වැඩි නම්, ඒ ලක්ෂ 35 ඉක්මවන හැම සතයකටම ඩීසල් සඳහා 90%ක් සහ පෙට්‍රල් සදහා 80% ලෙස සුබෝපභෝගී බද්දක් අය වුණා.

නමුත්, පොඩි කාවලට මේ වගේ බළක් තිබුණ නැහැ. ඩීසල් 2,300ට  අඩු පොඩි කාවලට හෝ පෙට්‍රල් 1,000ට අඩු පොඩි කාවලට (ඇල්ටෝ , මරුටි හෝ සුසුකි වැගන් ආර් ආදී) මේ වගේ සුඛෝපභෝගී බද්දක් තිබුණ නැහැ. ඒ වාහනවල වටිනාකම රු.ලක්ෂ 35ක් ඉක්මවා ගියත් ඒ බද්ද එවකට බලපෑවේ නැහැ.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය විසින් මේ පැරණි ක්‍රමයට පැවති එන්ජින් ධාරිතාවන් සියල්ලම ඉවත් කරමින්, මේ සුඛෝපභෝගී බද්ද (LT) අලුතින් හඳුන්වාදී තිබෙනවා. මේ නිසා වෙනදා බදු නොගෙවපු අයටත් සුඛෝපභෝගී බදු ගෙවීමටඅද සිදුවෙලා.

රජයේ සේවකයන්ට ලබාදන වාහන බලපත්‍රයන් ඉතා අමාරුවෙන් ඔවුන් එකතු කරගත්  මුදලත් යොදා වාහනයක් ලෙන්වා ගැනීමට කටයුතු කළත්, දැන් එය ඔවුන්ට සම්පූර්ණයෙන්ම සිහිනයක් බවට පත්කරලා. ඒ කියන්නෙ ,නොහිතපු බද්දක් තමයි, දැන් මේ අලුත් සුඛෝපභෝගී බද්ද විදියට එන්නේ මේ තත්ත්වය උඩ ඉදිරියේදී කිසිම කෙනෙකුට මෝටර් රථයක් නම් මිලදී  ගැනීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ.

අනෙක් කාරණය තමයි, ලෝකයේ කිසිම රටක නැති විදියට චාහනවල මාදිලි නම් කරමින්, ඒ මාදිලිවලට මේ සුඛෝපභෝගී බද්ද බල නොපාන බව දක්වා තිබුණි. උදාහරණයක් විදියට ඇක්සියෝ, ප්‍රිමියෝ, ඇලියොන් මේ නව LT බද්දට යටත් නොවන බව සඳහන් කර තිබුණා. එතකොට කවුරුහරී නිෂ්පාදකයෙක් ප්‍රිමියෝ නමින් බැජ් එකක් ගහල වාහනයක් දැමිමොත් එය බද්දට යටත් වන්නෙ නැහැ. ප්‍රිමියෝ එකට බදු නැහැ කිව්වට ඒ වගේ තවත් වාහන මෙරටට ගෙන්වනවා. නිසාන් සනි, නිසාන් සිල්ෆි, ටොයොටා කොරොල්ලා, හොණ්ඩා සිවික්, මැස්ඩා 323, 626  තියනවා. එතකොට මේවට සුඛෝපභෝගී බදු බලපානවා, ප්‍රිමියාවලට නැහැ කියන එකද කියන්නෙ . ඒ වගේම, අද ශ්‍රී ලංකා රුපියල බාල්දු වන තරමටම අද ඩොලරය රු.183 යි. ඒ අනුව, ඉදිරීයේදී ඩොලරය රු.200කට විතර ගියොත් මේ සුබෝපභෝගී බදු තවත් වැඩිවෙනවා.

අද වනවිට පර්ජෝ කාර් රථයක CIF අගය රු.ලක්ෂ 42ක් විතර වෙනවා. දැන් මාස හයකට විතර කලින් තිබුශණ රු.ලක්ෂි 36කටයි. ඒ කියන ඩොලර් එක වැඩිවීම නිසා අද මීට අමතර බදු ගෙවන්න වෙලා. එන්ජින් ධාරිතාව 1,200 පමණ වන මේ වාහන සුඛෝපභෝගී බදු ගහන්න තරම්, සුබෝපණිභෝගී වාහන නෙමෙයි.

නමුත්, මෝටර් රථ සඳහා වූ තාක්ෂණය දියුණු වීමත් සමග වාහනවල සුඛෝපභෝගීභාවය තීරණය කරනු ලබන්නේ එන්ජින් ධාරිතාව මත නොව වාහනයකට ඇතුළත් විශේෂාංග මත බව මුදල් අමාත්‍යාංශය පවසා තිබුණා. සැබවින්ම, එන්ජින් ධාරීතාව3,000, 4,000 වගේ තියන ලෑන්ඩ්රෝවර්, ලෑන්ඩ්කෘසර්  වගේ  සුඛෝපභෝගී වාහන තියනවා.

මන්ත්‍රීවරු රු.ලක්ෂ 300ට විතර පර්මිට් එක විකුණන වාහන, මේවා තමයි, සුඛෝපභෝගී වාහන.

මේ නව සුඛෝපභෝගී බදු පැනවීම ඉතාම අසාධාරණයි. රජය විසින් ජනතාවට සාමාන්‍ය වාහනයක් මිලදී  ගැනීම සිහිනයක්ම බවට පත්කරලා.

මෙය යම් පිරිසකට සහනයක් සලසන්න හිතාමතාම කළ දෙයක් වෙන්න පුළුවන්, වාහන මාදිලයක් සදහන් කරල ඒකට  බදු නැහැයි කියන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වෙලා ඒ වගේම, මේ සදහා ගැසට් එකක් දකින්නත් නැහැ. ඒත් නොවැමිබර් 01දා ඉඳල මේ නව බදු සංශෝධනය ක්‍රියාත්මක කරන්නලු. මොවුන් තනිකරම විහිලු සැපයීමක් තමයි කරන්නෙ . යනුවෙන් පවසා සිටියේ ය.


ෂමිල පෙරේරා