කෑගල්ල පොලිස් කොට්ඨාසයේ ස්ථාපිත හෙම්මාතගම සාමකාමී පරිසරයකින් හෙබි පොලිස් වසමකි. මෙම වසමෙන් කලහකාරී සිදුවීම් හෝ මනුෂ්ය ඝාතන වාර්තා නොවන තරම්ය. ඒ හෙම්මාතගම පදිංචි බොහෝ පිරිස් කලහකාරී සිදුවීම්වලින් ඇත්ව තම තමන්ගේ පාඩුවේ කුලියක් මලියක් කරගෙන ජීවත් වීම නිසාය. එහෙත් ඉකුත් දින හෙම්මාතගම, බලවත් ගම වැසියන් කිසියම භීතියකින් ඇලළී ගියේය. ඒ පිට ගමකින් කඩා වැදුණු පුද්ගලයෙකු හෙම්මාතගම පදිංචි අහිංසක තරුණයකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා දැමීම නිසාය. ගෙල කැපීමෙන් බරපතළ තුවාල ලබා ඔහු රෝහල්ගත කළද ඔහුට ජීවත් වීමට වරම් නොවීය. ඔහු රෝහල තුළම අවසන් හුස්ම හෙළීය. සිදුවීම දැනගත් හෙම්මාතගම, බලවත් ගම ප්රදේශයේ පදිංචිකරුවෝ එන් තැති ගෙන අනේ අපොයි
කීහ. ඒ එවත් අමානුෂික ඝාතනයක් මීට පෙර සිය ගම්බිම්වලින් අසන්නට නොලැබුණු නිසාය. සිද්ධියෙන් මියයන්නේ හෙම්මාතගම, බලවත්ගම පදිංචි ප්රවීන් නුවන් ඛණ්ඩාර නති 22 හැවිරිදි තරුණයෙකි. මොහු කෑගල්ල කාර්මික විද්යාලයේ මෝටර් රථ කාර්මික ශිල්පියකු ලෙස පාඨමාලාවක් හදාරන අයෙකි. කෙසේ වෙතත් ප්රවීන් ඝාතනය කළ පුද්ගලයාට ඒ අවට පදිංචිකරුවන්ගෙන් බේරීමක් නොවීය. ඔවුන් සැකකරු අල්ලා හෙම්මාතගම පොලීසියට භාර දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹෙන්නේ එතැන් පටන්ය. ඒ හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අනුර සුමනසේකරගේ උපදෙස් මතය. පොලිසිය පැවැත්වූ විමර්ශනයට අනුව සිද්ධිය සැකවින් මෙසේ පෙළ ගැසෙන්නේය.
ඇය රූමත් විසිහතර හැවිරිදි තරුණියකි. ඇගේ පදිංචිය උඩවලවේ ප්රදේශයේය. ඇය විසිතුන් හැවිරිදි ජයන්ත නම් තරුණයකු සමඟ ප්රේම සබඳතාවක් පවත්වාගෙන ගියාය. ඒ සිය මවුපියන්ගේද අවසරය ඇතිවය. ජයන්ත රත්නපුර, ගිලි මලේ, පලාබද්දර පදිංචිකරුවකු වූ අතර ඔහු හෝමාගම ප්රදේශයේ ශීතකරණ අලුත්වැඩියා කිරීමේ ජංගම සේවයක් පවත්වාගෙන ගියේය. එමඟින් ඔහු හොඳ ආදායමක් ලැබීය. පෙම්වතියගේ වැඩිදුර අධ්යාපනයට මෙන්ම ඇයට අවශ්ය කරන දෑ බොහෝමයක් ඇයට මිලදී ගෙන දුන්නේ ජයන්තය. මෙම ප්රේම සදාතාවට ජයන්තගේ ගෙදරින්ද විරෝධතා එල්ල නොවීය. වසර හතරක කාලයක් මෙම ආදර අන්දරය මෙලෙස පැවැතියේය.
ඇය රත්මලාන ටෙක් ආයතනයේ පාඨමාලාවකට සහභාගි වීම සඳහා කොළඹ එන්නේ ඔය අතරය. මවුපියන්ගේද කැමැත්ත මත ඇය සිය පෙම්වතාද සමඟ බෝඩිමක නතර වූවාය. ඒ ප්යන්තට රැකියාවට යෑමට ඒ මටත් ටෙක් එකට යෑමට ඒමටත් පහසුවක් ගෙන දුන් නිසාය. කාලයක් මෙසේ ගෙවී ගියේය. ඒ අතර ඇය සිය ජංගම දුරකථනය භාවිත කරමින් කිසියම් ක්රීඩාවකටද පුරුදු වූවාය. මෙම ක්රීඩාව තවත් ක්රීඩකයන් සම්බන්ධ කරගෙන ගෙන යන ක්රියාවකි. ඇයට පුවන් හමුවන්නේ ඔය අතරය. ඒ ඔහුද එම ක්රීඩාවේ නිරතව සිටි නිසාය. අවසානයේ පුවීන් හා ඇය අතර ප්රේම සබදතාවක් ඇති විය. මෙය දුරදිග යද්දී ඇගෙන් ජයන්තට ලැබෙන ආදරය ටිකෙන් ටික අඩුවිය. මේ බව ජයන්තට ද වැටහුණේය. දෙදෙනා අතර ආරවුල්ද ඇති විය. ඒ අතර ඇගේ හිතද ජයන්තගෙන් ගිලිහී ගියාය. ඇය කෙමෙන් කෙමෙන් ප්රවීන්ට පුංවිය.මේ අතර ජයන්තත් ඇයත් අතර ඇති වූ විරසකය ජයන්තට ඉවසුම් නොදෙන්නක් විය. ඇය ජයන්තගෙන් ඇත්වී ජීවත්වන්නට පටන් ගත්තාය. තමා වසර හතරක් තිස්සේ ප්රේම කරමින් රැකියාවෙන් උපයන ලද මුදල් ද පෙම්වතියගේ සුඛ විහරණය සඳහා වියදම් කළද ඇය තමාට පිටුපෑම ජයන්තට දරාගත නොහැක්කක් වූයේය.
අවසානයේ පෙම්වතිය තමාට පිටුපාන්නේ ඇයිදැයි ඔහු දැනගත්තේය.
ඇය හෙම්මාතගම ප්රවීන් නමැති තරුණයකු සමග ප්රේම සබදතාවක් පවත්වා ගෙන යන බව ජයන්තට තහවුරු විය. ජයන්ත දුරකථනය ඔස්සේ ඇයට එම ආදරයෙන් ඈත් වන ලෙස කීවේය.
එහෙත් ඇය එය ගණනකට ගත්තේ නැත. ජයන්ත කෙසේ හෝ පුවන්ගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඔහුට ඇමතුමක් දුන්නේ ඔය අතරය. තම පෙම්වතිය සමග සබඳකමක් පවත්වාගෙන යෑම වරදක් බව ජයන්ත ප්රවීන්ට කීවේය.
"මට ඔයත් එක්ක මේ ගැන කතා කරන්න ඕනෑ. "හරි... ඔයාට කතා කරන්න ඕන නම් හෙම්මාතගමට එන්න..."
"හෙම්මාතගම කොහේටද..."
" බලවත්ගම ඉස්කොලෙ ගාවට '' ප්රවීන් ජයන්තට කීවේය.
ඉකුත්දා ජයන්ත හෝමාගමින් පිට වූයේ ප්රවීන් හමුව දෙකින් එකක් විසඳා ගැනීමේ අදහසින්ය. ඒ අතර ජයන්ත හෝමාගම නගරයේ වෙළෙඳසලකටද ගියේය. ඒ උල් පිහියක් මිල දී ගැනීමටය. රුපියල් 750ක මුදලක් ගෙවා ජයන්ත පිහියක්ද මිලට ගත්තේය.
කොළඹ සිට මහියංගණය බලා දිවෙන බස් රථයක නැගුණු ජයන්ත මාවනැල්ලෙන් බයෙන් ස 665 රූට් එකේ ධාවනය වූ බසයක නැගී බලවත්ගම ඉස්කෝලෙ ළඟින් බැසගත්තේය. දෙදෙනා මුණ ගැසීම සිදු වූයේ ඉස්කෝලෙට උඩගින් තැනකය . ප්රවීන් එතැනට ආවේ මිතුරන් දෙදෙනකුද සමඟය.
"උඹල දෙන්න පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදපල්ලා. අපි දෙන්න මේක කතා කරගෙන විසඳගන්න කර්ම "
"හැබැයි ප්රශ්න විසඳගත්තට කමක් නැහැ. වෙන වෙන ප්රශ්න දාගන්න බැහැ හොඳේ..." මිතුරන් මීටර් කිහිපයක් ඈතින් සිටියදී ජයන්තත්, ප්රවීනුත් පෙම්වතිය ගැන කතාවට මුල පිරූහ.
" මොකක්ද මගේ කෙල්ලත් එක්ක තියෙන සම්බන්ධය. එයාව බඳින්න ඉන්නේ මම. අපේ ගෙවල්වල අයත් කැමැතියි''
" ඒක මම දන් නැහැ. එයා මටයි ආදරේ. තමුසෙට නෙමේ." ඒක වෙන්නේ කොහොමද? "හරි අපි කෙල්ලට කතා කරලම අහමු. කාටද කැමැති කියලා."
එසේ කී ප්රවීන් ජංගම දුරකථනයෙන් ඇය සම්බන්ධ කරගෙන මේ බව විමසීය.
'' මම ඔයාටයි කැමැති. ඔයයි මගේ බෝයිෆ්රෙන්ඩ් "
ඇයට කියන්න ලැබුණේ එපමණකි. කලිසම් සාක්කුවේ තිබී ඇදගත් උල් පිහිය ඇසිපිය නගන සැණින් ප්රවීන්ගේ ගෙල වෙත එල්ල විය. ඒ සමඟම ප්රවීන්ගේ ගෙල කැපී වෙන්වී රුධිරය විදින්නට පටන් ගත්තේය.
ප්රවීන්ගේ මර ලතෝනියත් සමඟ දිවගෙන පැමිණි මිතුරකු ඔහුට වැටෙන්න නොදී වාරු දෙද්දි අනෙක් මිතුරා පලායන ජයන්ත පසුපස පන්නන්නට විය.
"එන්න එපා ළඟට තෝවත් කපනවා" ජයන්ත මරු විකල්ලෙන් කෑ ගැසීය. ඒ සමඟම ඒ අවට පිරිස් එතැනට දිව ආහ.
" මු... ප්රවීන්ගේ බෙල්ල කැපුවා. මුව අල්ලන්න පැනලා යන්න දෙන්න එපා...'' අවට පිරිස් ඉදිරියේ මිතුරා කෑගැසුවේය. ඒ සමගම රොක් වූ අවිට පිරිස ජයන්තව වටකර අල්ලා ගත්හ. එතැනින්
එහාට ජයන්තට දිව යන්නට ඉඩක් නොවීය. ජයන්ත පිරිසට කොටුවිය.
ඒ අතර තවත් දෙතුන් දෙනෙකු පුවීන් රෝහලට රැගෙන ගියහ.
සිද්ධිය සැලවීමත් සමග පොලිසියද එතැනට ආවේය. අල්ලා ගෙන සිටි ජයන්ත ජීප් රියට නංවාගත් නිලධාරීන් ඔහු පොලිසියට රැගෙන ගොස් ඔහු සන්තකයේ තිබූ පිහිය සිය භාරයට ගත්තේය.
පසුව ඔහු අත් අඩංගුවට ගෙන නිලධාරීන් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත් කළේය. "ඇයි උඹ ඒ කොල්ලව මැරුවේ ' ස්ථානාධිපතිවරයා සැකකාර ජයන්තන්ගෙන් විමසුවේය.
"මට දරා ගන්න බැරි වුණා සර්... මට මොකක් වුණාද දන්නේ නැහැ"
''ඒ මොකදෑ...
මම අවුරුදු හතරක් තිස්සේ එයාට ආදරේ කළා. මම හම්බ කරපු සල්ලි සේරම වියදම් කළේ එයාට. එයා ළඟදී යාළුවුණු ඒ කොල්ලා එයාට කෝල් කළාම එයා කිව්වේ ඒ කොල්ලා
එයාට කෝල් කළාම එයා කිව්වේ ඒ කොල්ලා තමයි මගේ බෝයිෆ්රෙන්ඩ් කියලා. ඒක කියද්දී මට දරා ගන්න බැරි වුණා සර්..."
"උඹ ඌව මරන්නමයි කියලා තමයි මෙහාට ආවේ නේද?..."
"අනේ නැහැ සර්... මම එහෙම හිතාගෙන ආවේ නැහැ...
"නැත්තේ මොකද... උඹ එන කොටම පිහියක් සල්ලි දීලා අරගෙන මගදී පිහියේ කවරේ විසිකරලා පිහිය සාක්කුවේ දාගෙන ආවේ. උඹ මෙතැනට ආවේ මරන්නම් තමයි..."
"අනේ නැහැ සර්.... මම එහෙම හිතලා පිහිය ගෙනාවේ නැහැ සර්... මට මොනවා වුණාද දන්නේ නැහැ
තවත් තුන්කොන් ප්රේමයක් නිමවුයේ එලෙසය.
ප්රවීන් නුවන්ත පිරිමි දරුවන් තිදෙනකු ගෙන් යුත් පවුලක දෙවැනි දරුවාය. ඔහුගේ පියා දෝහා කටාර් රාජ්යයේ රියැදුරකු ලෙස සේවය කරන්නේය.
බලවත්ගම මත විද්යාලයෙන් සිප්සතර හැදෑරූ ඔහු සාමාන්ය පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් වී හෙම්මාගතම් නගරගිරි ජාතික පාසලට ඇතුළු වී උසස් පෙළ හැදෑරුවේය. විශ්ව විද්යාලයට ඇතුළත් වීමට ලකුණු ප්රමාණවත් නොවීම හේතුවෙන් මෝටර් කාර්මික පාඨමාලාවක් හැදෑරූ හෙතෙම 2024 වසරේ මුල් කාලයේ කෑගල්ල කාර්මික විද්යාලයට ඇතුළු විය.
ඔහුගේ පියා විදෙස්ගතව සිටි බැවින් ඔහු හැදුණේ වැඩුණේ සිය මව ළඟය.
" ප්රවීන් පුතා මා එක්ත තමයි ඉන්නේ, පුතා කෑගල්ල කාර්මික විද්යාලයට ඇතුළු වී අවුරුදු දෙකක මෝටර් කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටියා. ඒ පාඨමාලාව දෙසැම්බර් මාසයේ අවසන් වෙනවා. ඊට පස්සේ මාස 6ක පුහුණුවක් තියෙනවා. පුහුණුවෙන් පස්සේ පුතාට සහතිකය ගන්න තිබුණා."
පුතාට ඇඹිලිපිටිය පදිංචි කොළඹ විශ්ව විද්යාලයක ඉගෙන ගන්න ගැහැනු ළමයෙක් දුරකථනයෙන් හිතවත් වෙලා තිබුණා. ඒ ගෑනු ළමයා මටත් දුරකථනයෙන් කතා කරනවා.
වීඩියෝ අරන් කතා කරළත් තියෙනවා. එදා මමයි පුතයි මාවනැල්ලේ ගිහින් ආපහු එන්න හදන කොට පුතා කිව්වා අමිමේ අයියා කෙනෙක් මට කියනවා ප්රශ්නයක් තියෙනවා බේරගන්න, රත්නපුරේට එන්න කියලා, පස්සේ පුතා කියලා තියෙනවා ප්රශ්නය තියෙන්නේ ඔයාටනේ මට බැහැ. රත්නපුරේට එන්න ඔයා මාවනැල්ලට එන්න කියලා.
පස්සේ අපි දෙන්නා හෙම්මාතගම බස් එකේ ඇවිල්ල පුතා බලවත්ගම හන්දියෙන් බැස්සා අර අයියා මාව හර්වධ වෙන්න එනවා කියලා. මම පුතාට කිව්වා මාත් එන්නම් කියලා. අපි දෙන්නම යමු කියලා. අම්මා ගෙදර යන්න මම ඉක්මනට එන්නම් කියලා පුතා හන්දියෙන් බැහැලා ගියා... ඉන් පස්සේ තමයි ඔය දේ මගේ පුතාට වෙලා තියෙන්නේ. ප්රවීන්ගේ මව හැඬු කඳුළෙන් පවසන්නීය.
සැකකරු හෙම්මාතගම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මියගිය පුවන්ගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල ශික්ෂණ රෝහලේ පැවැත්වීමට නියමිතය.