Showing posts with label local g5. Show all posts
Showing posts with label local g5. Show all posts

Wednesday, November 23, 2022

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයෙකු මරුට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයෙකු ඊයේ (22දා) අලුයම මිය ගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය. මේ වනවිට සත්වෝද්‍යානයේ සිටින ගැහැනු ජිරාෆ් සතුන් තිදෙනාගෙන් බාලම සත්වයා මෙලෙස මියගොස් ඇති බවත් මියයන විට එම සත්වයාගේ වයස අවුරුදු 19ක් වූ බවද සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි. එදින උදෑසන ආරක්ෂක නිලධාරීන් රාජකාරී පරීක්‍ෂණ කටයුතු සඳහා ගිය අතරවාරයේ එම සත්වයා එළිමහන් පිට්ටනියේ වැතිර සිටිනු දැක ඒ පිළිබඳ පාලනාධිකාරිය දැනුවත් කර තිබේ. ඒ අනුව අදාළ ස්ථානයට පැමිණි සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය එම සත්වයා මියගොස් ඇති බවට අනාවරණය කරගෙන තිබිණි. හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ එම සත්වයා හදිසියේ මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍යවරුන් පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේය.

(දෙහිවල එච්.එම්. ධර්මපාල)


Friday, November 11, 2022

ලේ පරික්ෂණ රසායනික හිඟ වුවොත් රුධිර පාරවිලයනයත් අනතුරේ

රුධිර සාම්පල් රෝගීන්ට ලබාදීමට පෙර රෝග පහක් සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂාවට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ලැබීම් අඩාළ වන්නේ නම් රුධිර පාරවිලයන ක්‍රියාවලියද අඩාළ වීමට ඇති ඉඩකඩ වැඩී බව ශ්‍රී ලංකා ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂක අද ලක්ෂමන් එදිරිසිංහ මහතා (7) පැවසීය. රුධිර සාම්පල් තත්ව පරික්ෂවට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත්ව තිබේ දැයි අප විසින් කරනු ලැබූ විමසීමට පිළිතුරු දෙමින් වෛද්‍ය එදිරිසිංහ මහතා එසේ කීය. යම් පුද්ගලයකුගේ රුධිරය ලබා ගැනීමට පෙර රෝග පහක් සඳහා පරික්ෂාවන් සිදුකරන බව සඳහන් කළ වෛද්‍යවරයා එහි දී එච්.අයිවී. ඒඩ්ස් , හෙපටයිටිස් ඒ සහ සී මැලේරියා, සිපිලිස් යන රෝගකාරක එම රුධිර සාම්පලවල තිබේදැයි පරික්ෂාවට ලක් කරන බව පැවසීය. එමෙන්ම නිසි ප්‍රමිතියෙන් යුතුව ලබා ගන්නා රුධිර සාම්පල් රෝගියකුට ලබා දීමේ දී ද විවිධ ක්‍රම භාවිත කරන බව සඳහන් කළ වෛද්‍යවරයා මෙම රසායනික ද්‍රව්‍ය සැපයිය යුත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සැපයුම් අංශයෙන් මැදිහත්ව සම්බන්ධ කළ සැපයුම්කරු බව කීය.  ඒ අනුව ලෝක ප්‍රතික්‍රියා මිල ගණන් සියයට 40 වෙනස්වීම සමග ටෙන්ඩරය ලබා ගන්නා අවස්ථාවේ පැවති මිල ගණන් අනුවම සැපයුම් ලබාදිය නොහැකි බව සැපයුම්කරු දන්වා එවු බව වෛද්‍ය එදිරිසිංහ මහතා පැවසීය. ඒ අනුව අවශ්‍ය සුදුසු පියවර ගැනීමට කටයුතු සම්පාදනය කිරීමට යම් කාලයක් ගතවන බව සඳහන් කළ ඒ මහතා ඊට අමතරව ගෙවීමට තිබූ හිග මුදල ප්‍රමාද දෝෂයක් ද හේතුවෙන් මෙම රසායනික ද්‍රව්‍ය සැපයුම යම් පමණකට අඩාළ වී ඇති බව ද කීව්වේය. පසුගිය කාලය පුරා යම් යම් හිග අවස්ථාවන්වල දී අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ අදාළ නිලධාරින් සම්බන්ධ කර ගනිමින් රසායනික ද්‍රව්‍ය සැපයුම් සිදු කර ගැනීමට හැකි වුව ද මේ වන විට එය නැවතත් අඩාළ වෙමින් ඇති බව ද වෛද්‍ය ලක්ෂ්මන් මහතා පැවසීය. එමෙන්ම මේ දිනවල රුධිර සාම්පල් එකතු කරන්නේ නම් පනස් දෙනකුට වැඩි රුධිර සාල් එකතු නොකරන ලෙස ද ඉල්ලීමක් කරන ලක්ෂ්මන් මහතා රුධිර පාරවිලනය ක්‍රියාවලිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට නම් මතුවී තිබෙන ගැටලුව කඩිනමින් විසඳීම කළ යුතු බව ද කීය. 


(මොරටුවේ රේඛා තරංගනී ෆොන්සේකා) 


Monday, October 24, 2022

විදෙස් රැකියාවට යන 45ට අඩු කාන්තාවන්ට දරුවන්ගේ රැකවරණ වාර්තා අනිවාර්යයි

රැකියා සඳහා විදෙස්ගත වන වයස අවුරුදු 45ට අඩු කාත්නාවන් සදහා දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබද වාර්තාවක් ඉදිරිපත් කිරිම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙය හුදෙක් විදේශගත වන මවුවරුන්ගේ දරුවන්ගේ රැකවරණය සහ අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථකව සිදුකරලීම සඳහා ගනු ලැබූ පියවරක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. තවද වීදේශ සේවයේ නියුතු කාලසීමාව තුළදී දරුවන්ගේ වගකීම වෙනුවෙන් බැදී සිටීමට පෙනී සිටින පවුලේ සාමාජිකයන් හඳුනාගැනීමත්, අම්‍යංශය හෝ කාර්යාංශය නිලධාරීන්ගේ විශේෂිත මැදිහත්වීමක් / සහනයක් අවශ්‍ය යැයි හඳුනාගනු ලබන පවුල් සදහා එම සහන වඩා එලදායී ලෙස ලබාදීම පිළිබද සකස් කර ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමත් මෙමගින් අපේක්ෂිතය. ඒ අනුව මින් ඉදිරියට විදේශ රැකියා  සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ යුතු වන්නේ අවුරුදු 45ට අඩු කාත්තාවන් පමණින් බවද කාර්යාංශය සදහන් කරයි. එහෙත් වයස අවුරුදු 45ට වැඩි කාත්තාව වයස අවුරුදු 02 හෝ ඊට වැඩි වයසැති දරුවන්ගේ රැකවරණය පිළිබදවන වැඩපිළිවෙළ සඳහන් ස්වයං ප්‍රකාශයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වන අතර, ඒ පිළිබද දිවුරුම් ප්‍රකාශ ලබාදීම අවශ්‍ය නොවේ. තවද, වයස අවුරුදු 45ට අඩු කාන්තාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ලබාගැනීම සදහා ග්‍රාම නිලධාරි සහතිකය ලබාගැනීමේදී. තමාපදිවී වසමේ ග්‍රාම නිලධාරින්ගෙන්ම ලබාගත යුතු අතර, යම් පුද්ගලයකු ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති නම් දැනට තාවකාලිකව පදිවි වසමත් අයදුම්පත ඉදිරිපත් කළ යුතු අතර, අවසන් වරට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිව තිබූ  වසම් ග්‍රාම නිලධාරින්ගේ ලිපියක් සහිත අයදුම්පත ඉදිරිපත් කළ යුතු වේ.විදේශ රැකියාවක නිරතව සිට පැමිණි නැවත විදේශගත වන කාන්තාවන්ට පැමිණි දින සිට මාස 09ක් ඇතුළත විදේශගත වත්තම් දරුවන්ගේ රැකවර වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවද කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි. මෙලෙස විදේශගත වීමට අවස්ථාව ලබාදන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණි කාන්තාවන්ට පමණි. පැමිණි දින සිට මාස 09 ඉක්මවූ පසු නැවත විදේශ රැකියාවක් සදහා පිටත්ව යන් නම් දරුවන්ගේ රැකවරණ වැඩපිළිම්වළ පිළිබද වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ. මෙම වාර්තාව ලබාගැනීමේදී පදිංචිය පිළිබද හෝ වෙනත් යම් ගැටලුවක් ඇති වුවහොත් ඒ පිළිබඳ සොයා බලා තීරණය කිරිම සදහා අමාතශ ලේකම්වරයා විසින් පත්කරනු ලබන විශේෂ කමිටුවක් වෙත බලය පවරනු ලබන බවද කාර්යාංශය කියයි.

(නවෝද්‍යා පවනි)


Thursday, October 13, 2022

දරුවන් පෙළපාළිවලට රැගෙන යෑම වළක්වන්න

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුවද බරපතළ වරදක් බැවින් කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්න ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

"ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන්, සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධනය කළ යුත්තේය' යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27වැනි වගන්තියේ 13වැනි උපවගන්තිය යටතේ ඇති කරුණු සිහිපත් කළ ජනාධිපතිවරයා දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීම බව අවධාරණය කළේය. ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමටද මෙහිදී පියවර ගැනිණි. ළමයින් ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට එරෙහිව සහ ළමුන්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් කඩිනමින් සම්පාදනය කිරීමේ අවශයතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා සමගද සාකච්ජා කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට යාමේදී අත්අඩංගුවට  පත්වූ පිරිස අතර සිටින දරුවන්, දෙමාපියන්ගෙන් වෙන් කර රැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය වහාම නිවැරදි කර දරුවන් දෙමාපියන් සමග තැබීමට කටයුතු කරන ලෙසද දැනුම් දුන්නේය. ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ළමා නිවාසවල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නිලධාරීන්ට සඳහන් කළේය. ළමා නිවාස භාරව කටයුතු කරන පාලක පාලිකාවන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් එම දරුවන්ට මුහුණදීමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මඟහරවා ගත හැකි බවද පැවසීය. මෙම සාකච්ඡාවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරිහු එක්ව සිටියහ.



(නවෝද්‍යා පවනි)

Tuesday, October 11, 2022

තැපෑල ගණන් ඉස්සීම නිසා දෛනික ලිපි අඩුවෙලා

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ දමා ගැනීම සඳහා තැපැල් ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කළද, මිල ඉහළ යාමත් සමග දෛනිකව ලැබෙන ලිපි ප්‍රමාණය ලක්‍ෂ 20 සිට ලක්‍ෂ 12 දක්වා අඩු වී තිබෙන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි අගෝස්තු 15වැනිදා ගාස්තු ඉහළ දැමීම සිදුකළ බවත්, මේ අනුව සාමාන්‍ය ලිපියක මුද්දර ගාස්තුව රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ ගිය බවත්, රුපියල් 45කට පැවති ලියාපදිංචි ලිපියක මුද්දර ගාස්තුව රුපියල් 110 දක්වා ඉහළ ගිය බවත් එම සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. ගාස්තු ඉහළ යාමත් සමග විවිධ කටයුතු සඳහා තැපැල් කන්තෝරුවලට පැමිණෙන පිරිස්වල අඩු වීමක් සිදු වී තිබෙන  බවත්, දෛනිකව ලැබෙන ලිපි ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.මේ අනුව මුද්දර ගාස්තු ඉහළ දැමීම තුළින් බලාපොරොත්තු වූ ආදායම් අහිමි වී තිබෙන බවත්, මේ නිසා මුද්දර ගාස්තු සංශෝධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් චින්තක බණ්ඩාර මහතා පැවසීය. මුද්දර ගාස්තු ඉහළ දැමීම තුළින් අපේක්ෂිත ආදායම් අහිමි වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩම් පෞද්ගලික අංශයට ලබාදී යම් ආදායම් උපයා ගැනීම සදහා කැබිනට් මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත්, මේ තුළින් සිදුවන්නේ, තැපැල් දෙපාර්තමේන්තු ඉඩම් ටිකත් දෙපාර්තමේන්තුවට අහිමි වීම බවත් ඒ මහතා සඳහන් කළේය.


(ඉන්දික හේවාවිතාරණ)

Friday, September 30, 2022

මම වැඩ කරන්න පටන්ගත්තම බස්වල නින්ද යන පිරිමින්ට ටිකක් අමාරු වෙයි

රිදී තිරයේ 'ලස්සන කෙල්ල' ගීතා ය. විවාදයක් නැත... ඇයට සිනමාවේ නම් උරුම් වී තිබුණේ මල්පාරකි. එහෙත් ඒ මල්පාර අමතක කර අලුත් පාරකින් ඈ දේශපාලනයට පැමිණියේ ඒ වනවිට ලැබී තිබූ ජනප්‍රසාදය උඩය. කොයි පාරේ ගියත් ගීතා, ගීතාම නිසා ජනතාව ඇයට දේශපාලන කරළියේදීත් රිදී තිරයේ දුන් ආදරයෙන් බින්දුවක් හෝ අඩු කළේ නැත. එහි ප්‍රතිඵලය ලෙස ඇය පාර්ලිමේන්තුවට පිවිසියාය. නමුත් දේශපාලන චාරිකාව තුළ ඇයට විවීධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවිය. ඒ නිසාම විටින් විට දේශපාලන කරළියේ ගීතා නොයෙකුත් කතා මැවිවාය. පසුගියදා නැවතත් ඇයට අලුත් ආණ්ඩුවෙන් අලුත් ඇමති ධුරයක් ලැබුණි. ඒ ළමා හා කාන්තා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ධුරයයි. දැන් කවුරුත් බලාසිටිනේ ගීතා අලුත් අමාත්‍යංශයේ වැඩ පෙන්වන තෙක්ය. ඉතින් මේ සංවාද සටහන ගොඩනැගෙන්නේ ඒ පිළිබඳව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ  සමග කළ කතාබහක් ඇසුරිනී.

*මේ වෙනකොට බාලවයස්කාර දැරියන්ව අතවරයට ලක්කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. උදාහරණ විදියට පාදුක්ක අරුත් දී පහළොස් හැවිරිදි දියණියක් සමූහ දූෂණයට ලක්කිරීම, ගල්කිස්ස ලක්ෂපතියේ නිවසකදී මව විසින්ම තමන්ගේ දියණියව මුදලට අලෙවිකිරීම වගේ සිද්ධි මතක් කරන්න පුළුවන්. නමුත් මේවට සම්බන්ධ කිසිම වැරදිකරුවෙකුට අද වෙනකම් දඩුවම්  ලැබුණු බවක් දැනගන්න ලැබිලා නෑ. ළමා හා කාන්තා කටයුතු ඇමතිවරු විදියට ඔබ වෙට අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද?

''ඔය කතාව සම්පූර්ණ ඇත්ත. අතවරයට ලක්වුණු සමහර දැරිවියගේ නඩු අවුරුදු දහය දොළහ ඉදිරියට ඇදෙනවා. ඒ වෙනකොට සමහරක් ගෑනු දරුවෝ කසාද බඳින වයසටත් ළංවෙලා. මම කියන්නේ මුලින්ම මේ නඩු අවුරුදු ගණන් දික් වෙන්නේ නැති විදියට නීති සම්පාදනය කරන්න ඕන. මොකද මේවා කාලාන්තරයක් තිස්සේ ඇසිය යුතු නඩු නෙවෙයි. ඒ නිසා මම ඒ වෙනුවෙන් මට හැකි උපරිමය කරන්න උත්සාහ කරනවා. හැබැයි මේවා මට තනියම කරන්න හැකියාවකුත් නෑ. මොකද පොලිසිය තියෙන්නේ වෙන අමාත්‍යංශයකට. අධිකරණය තියෙන්නේ තවත් අමාත්‍යංශයකට. ඒක නිසා ඉස්සරහට මේ ගැන අධිකරණ අමාත්‍යවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ඉහළ නිලධාරින්න එක්ක සාකච්ඡා කරලා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.''

*අදටත් පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සහ තරුණියන්ව හිංසනයට ලක්වන අවස්ථා තියෙනවා. හදිසි අවශ්‍යතාවයකටවත් රැකට තනියම පාරට බැහැලා යන්න බැරි අවස්ථා ඕනතරම් තියෙනවා. මේ ගැන ඉස්සරහට ඔබේ. අවධානය යොමු වෙයිද ?

''අනිවාර්යයෙන්ම. මම තාමත් ඇමතිවරිය විදියට පත්වෙලා සතියක් වගේ කාලයක්. හැබැයි මේ වෙනකොටත් මම ඔය කියන හැම පැත්තක් ගැනම හොඳ අවධානයකින් ඉන්නේ. ගොඩක් පිරිමින්ට බස්වලට නැග්ගම හරියට නින්ද යනවා. ඇඟපත පණ නැතිවෙලා ලස්සන ගෑනුන්ගේ වාරුව හොයනවා. ඕවාට ගෑනු උදවිය විරුද්ධ වෙලා කතා කරහම එහෙනම් බස් එකෙන්  බැහැලා බෙන්ස් එකක යන්න කියලා අපහාසාත්මක විදියට කතා කරනවා. ඉතින් ඉස්සරහට ඒවාට ලේසිවෙන එකක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.'' 

සමහරු කියනවානේ ස්ත්‍රී දුෂණ වැඩිවන්නේ කාන්තාවෝ කොටට අඳින නිසා කියලා. ඔබත් එහෙම හිතනවද?

''මොන පිස්සුද ? ඒහෙනම් ඔය මුහුදු වෙරළකට ගිහාම සංචාරක කාන්තාවෝ බිකිනිය ඇඳගෙන, ඊට උඩින් රෙදි කෑල්ලක් පටලගෙන නිදාගෙන ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ගැහැනුන්ගේ ඇඳුම්වල නෙවෙයි. පිරිමින්ගේ ආකල්පවල. ''

ගෙදරදී ගුටිකන කාන්තාවෝ ඒ ගැන පැමිණිලි කරන්න පොලිසියට යනවා. හැබැයි ගෙදර ආවම පොලිසි ගිය නිසා ආපහු පාරක් ගුටි කන්න වෙනවා. මේ වගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුමක් දෙන්න බැරිද?

ඕනම බිරිඳක් තමන්ගේ සැමියට විරුද්ධව පොලිසියට යන්නේ ඉවසලා ඉවසලා බැරිම තැනනේ. අදටත් ගවල රෑ දෙගොඩහරීයේ කට ගොන්නක් බීගෙන ඇවිල්ලා අසරණ ගෑනුන්ට ගහන පිරිමි එමටයි. ඒ වෙලාවට ගොඩක් ගෑනු උදවිය කරන්නේ රෑට කැලේ පනින එක. නමුත් අර කලින් කිව්වා වගේ පොලිසි ගියොත් තවත් ගුටි කන්න වෙයි. කියන බයට රෑ එළි‍වෙනකන් කැලේ ඉඳලා උදේ මනුස්සයාගේ වෙරි හිදුනම හිමින් සීරුවේ ගෙට ගොඩවෙන බිරින්දෑවරු ඉන්නවා. ඒ නිසා මම තීරණය කළා ඒ අයට ඉන්න තැනක ඉඳලා කතා කරලා තමන්ගේ ප්‍රශ්න කියන්න විශේෂ දුරකතන අංකයක් හඳුන්වලා දෙන්න. අනික ඕනම වෙලාවක ගෘහස්ථ හිංසනයට ලක්වෙන කාන්තාවක් ඉන්න තැනකට ගිහින් එක්කන් එනත්,ගෙනැල්ලා නවාතැන් පහසුකම් දෙන්න පොදු ස්ථාන කිහිපයක් සූදානම් කරන්නත් මම කටයුතු කරනවා.''

ඔබ ඔහොම කිව්වට අපිට මතකයි පහුගිය කාලේ පාර්ලිමේන්තුව ඇතුළේ ඒක මන්ත්‍රීවරයෙක් වම්බටු කතාවක් කියලා මන්ත්‍රීවරියකට අපහාස කළා. ඒ වනකොට ඇමතිවරියක් නොවුණත් ඔබ පාරිලිමේන්තු මන්ත්‍රීවරියක්. මොනවද ඒ වෙනුවෙන් කළේ?

''මං පිළිගන්නවා ඒ කියපු කෙනා ව්‍යගයෙන් හරි අසභ්‍ය යෝජනාවක් තමයි එතුමියට එදා කළේ. නමුත් ඇමතිකමක් නොතිබුණාය කියලා මම එදත් කට වහගෙන හිටියෙ නෑ. ඇය වෙනුවෙන් පෙනී හිටියා. අනික මමත් එදා පාර්ලිමේන්තුවේ හිටියා. ඒ නිසාම ඒ ගැන කියලා කතානායකවරයාට යවපු ලිපිවලටත් අත්සන් කළා. ''

දේශපාලනයට එන්න කලින් ඔබ ප‍්‍රසිද්ධ සිනමා නිළියක් වගේම ව්‍යාපාරිකාවක්. මේ ආපු ගමනේදී කාන්තාවක් විදියට ඔබවත් හිංසනයට ලක්වුණ අවස්ථා තියෙනවද?

'' වාසනාවකට එහෙමනම් වෙලා නෑ. මම සිනමාවට ආවේ අවුරුදු දාහතේදි විතර. ඒ කාලේ මගේ අම්මා මගේ පස්සෙන්ම හිටියා. අනික මම රංගනයට ආවේ අමාරුවෙන් පොඩි පොඩි චරිත රඟපාලා හෝ රස්තියාදු වෙලා නෙවෙයි. ඒ වගේම කවුරුත් මට හිතවත්කවලට චරිත දුන්නෙත් නෑ. මගේ හැකියාව සහ පෙනුමට මාව ඕනම නිසයි. මාව ගත්තේ.''

මෑතකදී මිල ඉහළ ගිය සනීපාරක්ෂක තුවාවල බද්ද ඉවත් කරලා මිල අඩු කරන්නත් ඔබ කටයුතු කළාය කියන්නේ ඇත්තද? 

''ඇත්තටම ඔව්. මම ඇවිල්ලා දවස් තුනක් වගේ කාලයක් ඇතුළත තමයි මේ සිද්ධිය වුණේ. ඒ නිසා මම ඒ ගැන කියලා ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා.  මොකද මේක මේ යුගයේ අවශ්‍යතාවයක්. ඒ නිසා ලංකාවේ නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවාවල බද්ද අයින් කරලා මිල අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ''

ගැබිනි මව්වරුන්ට කලින් ලබලා දීපු රුපියල් දෙදාස් පන්සීය රුපියල් පන්දහසක් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? 

''ඇත්තටම අපි කලිනුත් තෝරාගත්ත අඩු අදායම්ලාභී පවුල්වල ගැබිනි මව්වරුන්ට රුපියල් දෙදාස් පන්සීයක දීමනාවක් දුන්නා. නමුත් දැන් තියෙන ආර්ථිකයත් එක්ක ඒ අයට ඒක මදි බව අපිට තේරුම් ගියා. ඒක නිසා ඒ දිමනාව තවත් රුපියල් දෙදාස් පන්සීයකින් වැඩි කළා. ඒ වගේම දරුවා ලැබුණට පස්සේ කිරි දෙන්න අවශ්‍ය නිසා එතැන ඉඳලත් මාස පහක් ඉස්සරහට වෙනකල් මේ දීමනාව ලබා දෙන්න අපි තීරණය කළා....''

අවසාන වශයෙන් කාන්තාවන්ට කියන්න තියෙන්නේ මොකද්ද?

පැහැදිලිවම කියන්න තියෙන්නේ මෙච්චරයි. කාන්තාවක් වුණහම නිසි වයසට ආවහම තනියම හම්බකරගෙන කාලා ජීවත්වෙන්න පුරුදු වෙන්න. ගැහැනියෙක් වෙලා ඉපදුණාය කියලා මුළු ජීවිත කාලෙම සැමියාගෙන්, තාත්තාගෙන්, සහෝදරයාගෙන් යැපෙන්න ඕන කියලා නියමයක් නෑ. ඒ වගේම ඉගෙනගන්න කාලෙදිම ඔය ටික අපේ ගෑනු දරුවන්ගේ ඔලුවට කාවද්දන්න නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ළමා හා කාන්තා කටයුතු ඇමතිවරිය විදියට කරන්න විශාල වැඩ කොටසක් ගැන මම හිතාගෙන ඉන්නවා. ඉතින් ඉස්සරහට මම ඒ දේවල් ක්‍රියාවට නංවන මගේ උපරිමයෙන් කටයුතු කරනවා.


විදේශ රැකියාවකට යන්න වුවමනාව විතරක් මදි ජන්ම හිමිකමත් ඕනෑ

ලාංකිකයින් විසින් අතීත කාලයේදී තම රටින් පිටව යෑමට සිදුවීම හඳුන්වනු ලැබුවේ තමන්ට උරුම වූ සාපයක් ලෙසය. නමුත් වර්තමානයේ තම රටේ ජීවත් වීම සාපයක් ලෙස දකින බොහෝ ශ්‍රී ලාංකිකයෝ විදේශ රටක පදිංචියට යාමට ලැබීම, විදේශ රටක රැකියාවක් කිරීමට ලැබීම තමන් ලද වාසනාවක් ලෙස හෝ තමාගෙන්ම භාග්‍යයක් ලෙස හෝ දේව ආශීර්වාදයක් ලෙස හෝ සලකති. ශ්‍රී ලාංකික ඔබ ද විදේශගත වීමට අවස්ථාවක් සොය සොයා සිටිනවා වන්නට පුළුවන. පළමුවෙන්ම ඔබගේ කේන්ද්‍රයේ විදේශගත වීමට හෝ විදේශයක පදිංචි වීමට ජන්ම හිමිකම තිබේදැයි බලමු. විදේශගත වීමට සහ විදේශයන්හි පදිංචි වීමට වැදගත් වන රාශි මොනවද? රාශීන් 

චර, තිර සහ උභය ලෙස වර්ග තුනකට බෙදනු ලැබේ.

චර රාශි- , කටක, තුලා, මකර 

තිර රාශි - වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ 

උභය රාශි- මිථුන, කන්‍යා, ධනු, මීන

චර රාශි හෙවත් චලනය වන ගුණය ඇති රාශි වන මේෂ, කටක, තුලා, මකර රාශි විදේශගත වීම සඳහා ප්‍රමුඛ වේ. මෙම රාශි තුළ තැන්පත් වී ග්‍රහයන් විසින් ජන්මහිමියා හට එම ග්‍රහයන්ගේ දශා කාලයන් තුළ දී  චලනය වීමේ නම්‍යතාවක් හෙවත් තමන් සිටින ස්ථානයෙන් ඈත් වීමක් ලබා දෙනු ලබයි. මෙම නම්‍යතාව, වාසස්ථානය වෙනස් වීම, තම රැකියාව වෙනස් වීම, තමා පදිංචි රට වෙනස් වීම ආදී ලෙසින් ඊට අදාළ දශා කාලයන් තුළ ජන්මියාට ලබා දෙනු ලබයි. 

තිර රාශි වන වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශීන් තුළ ඇති ග්‍රහයන් ජන්මියාට විදේශගත වීම සඳහා උදව් නොකරයි. එවැනි ග්‍රහයන් ජන්මියා තමා උපන් ස්ථානයට සීමා කර තබයි. උභය රාශි තුළ ග්‍රහයන් තැන්පත්ව ඇති විට එම ග්‍රහයන්ගේ දශා කාල තුළ ජන්මියාට කෙටි විදේශ ගමන් සඳහා අවස්ථාව සලසනු ලබයි. මෙවැනි ගමන් වැඩි වශයෙන් මාසයකට වඩා අඩු කාලයකට සීමා වනු දැකිය හැක.රාශි තවදුරටත් තව සිද්ධාන්ත යටතේ  කොටස් හතරකට බෙදනු ලැබේ.

ජෝ රාශි - මේෂ, සිංහ ධනු 

පෘඨවි රාශි - වෘෂභ, කන්‍යා මකර 

වායෝ රාශි - මිථුන තුලා, කුම්භ 

ආපෝ රාශි - කටක, වෘශ්චික, මීන

කටක, වෘශ්චික, මීන යන ආපෝ රාශි හෙවත් ජල රාශි විදේශ ගත වීම සඳහා වැඩි වැදගත්කමක් ගනී. විදේශ රටකට යාම සඳහා බොහෝ විට මුහුද තරණය කිරීමට අවශ්‍ය වේ. මේ නිසා ජල රාශි විදේශ ගමන් සඳහා බොහෝ වැදගත් වේ. කටක රාශිය චර රාශියක් සේම, ජල රාශියක් ලෙස ද හැසිරෙන බැවින් සහ ඊට අමතරව විශ්ව කේන්ද්‍රය තුළ හතරවන භාවය බැවින් විදේශ ගමන් සඳහා විශේෂ වැදගත්කමක් දක්වනු ලබයි. රාහු, සඳු, ශනි, සිකුරු වැනි ග්‍රහයන් ජල රාශියක තැන්පත් වීම, එම ජන්මියාට විදේශ ගමන් ඇති බව පෙන්වා දෙනු ලබන්නකි. විදේශ ගමන් සඳහා රාහු, සඳු, ශනි, සිකුරු ග්‍රහයන් හේතු සාධක වේ. මෙම ග්‍රහයන් විදේශ ගමන් සඳහා හේතු වන භාවයන් සමග සම්බන්ධ වීම ජන්මියාගේ ජීවිත කාලය තුළ දී විදේශ ගමන් සඳහා ඉඩකඩ ඇති බව පෙන්වනු ලබන පිහිටීමකි.මෙම ග්‍රහයන් අතරින් රාහු ග්‍රහයා විදේශ ගමන් සඳහා විශේෂ වැදගත්කමක් පෙන්වයි. රාහු පීඩාවට පත් නොවී තැන්පත්ව ඇත්නම් රාහු මහා දශාවක්, භුක්තියක් තුළ ජන්මියාට විදේශ චාරිකාවක් හිමි විය හැක. නමුත් රාහු දශාවන් තුළ ජන්මියාට ලැබෙන වින්දේශ චාරිකා ජමියාගේ මනදොළ පිනවීමට සමත් නොවන බව කියනු ලැබේ. රාහු ග්‍රහයා 7 අධිපති, 8 අධිපති හෝ 9 අධිපති ග්‍රහයන් සමග ඇති සම්බන්ධය ද විදේශ ගමන් සඳහා මග පාදා දේ. රාහු ග්‍රහයා ලග්නයේ හෝ 7 භාවයේතැන්පත් වීම ද විදේශ ගමන් සඳහා යෝග්‍ය වේ. සඳු ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේ 4 භාවය අධිපතියා වේ. මේ නිසා සඳු ග්‍රහයාට ද විදේශ ගමන් සඳහා මූලිකත්වය හිමි වේ.  විදේශයන්හි ස්ථිර ලෙස පදිංචි වීමට සඳු ග්‍රහයා ඉඩ කඩ ලබා දෙයි. සඳු ග්‍රහයා කේන්ද්‍ර ස්ථානයක් ලෙස හඳුන්වනු ලබන 1, 4, 7, 10 භාවයන්හි තැන්පත් වී තිබීම ජන්මියා සිය රට ඇතුළත පමණක් නොව ඉන් පිටත ද චාරිකා සඳහා යොමුවන පිහිටීමකි. සඳු ග්‍රහයා ජල රාශියක තැන්පත් වී රාහු සමග සංයෝගව ඇත්නම් එම ජන්මියාට ජීවිතයේ කවර හෝ කාලයක විදේශයකට යාමට සිදුවිය හැක. සඳු ග්‍රහයා උච්ච වී 8, 9, 12 වැනි භාවයක තැන්පත් වී සිටීම ද විදේශ ගමන් සඳහා අවසරය ලබා දෙනු ලබන පිහිටීමකි. - විදේශ ගමන් සඳහා රවි ග්‍රහයා ද දායකත්වයක් දක්වයි. රවි රාජකීයත්වය. පෙන්වන ග්‍රහයෙකි. ලග්නයෙන් පස්වැනි - භාවයේ රවි ග්‍රහයා තැන්පත් වීම ජමියා තානාපති සබධතා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඉඩ පාදා දෙන පිහිටීමකි. රජයේ නියෝජිතයකු සේ විදේශගත වීමට මෙවැනි ජන්මීන්ට හැක. බුධ ග්‍රහයා 4 භාවයේතැන්පත් වීම ද ජන්මියාට නිතරම තම වාසස්ථානය. වෙනස් කිරීමට සිදු වන පිහිටීමකි. මේ නිසා ද ජන්මියාට වින්දේශයකට යාමට සිදුවිය හැක. බුධ ග්‍රහයා 4 භාවයේ තැන්පත් වීමටඅමතරව 4 භාවයත් චර රාශියකට හිමිව තිබීම ජන්මියාට තම ගෙදරින් නිතරම පිටත ස්ථාන කරා ගමන් කිරීම සිදුවන පිහිටීමකි.අස්විද, බෙරණ, අද, සිත, පුෂ, හත, යන නක්ෂත්‍ර ද විදේශ ගමන් සඳහා උදව් කරයි. මෙම නක්ෂත්‍ර තුළ සඳු හෝ සිකුරු වැනි ග්‍රහයන් තැන්පත් වීම ද වින්දේශ ගමන් සඳහා මග පෙන්වනු ලබන පිහිටීමකි. විදේශ ගමන් සඳහා ප්‍රමුඛ භාව වන්නේ 9 සහ 12 භාවයය. 12 භාවය විදේශ භූමිය, ආගන්තුක පරිසරය, නුපුරුදු වට පිටාව පෙන්වනු ලබයි. මේ නිසා 12 භාවය විදේශයන්හි පුරවැසි කම ලැබීමට හේතු වේ. සඳු ග්‍රහයා සිකුරු ග්‍රහයා සමග 12 භාවයේ තැන්පත් වීම ජන්මියා විදේශ ගමන් සඳහා යොමු කරවනු ලබන පිහිටීමකි. රාහු ග්‍රහයා ද මෙම සංයෝගය සඳහා දායකත්වය දෙනු ලබන්නේ නම් විදේශ ගමන ස්ථිර වේ. 9 භාවය දීර්ඝ ගමන්, වාසනාව, දිගු දුර පෙන්වා දෙනු ලබයි. මේ නිසා 9 භාවය විදේශ ගමන් සඳහා වැදගත් වේ.9 අධිපතියා 12 භාවයේ තැන්පත් වීම සහ 12 අධිපතියා 9 භාවයේ තැන්පත් වීම මගින් ඇතිවනු ලබන පරිවර්තන යෝගය විදේශ ගමන් ජන්මියාට හිමිව ඇති බව පෙන්වා දෙනු ලබන පිහිටීමකි. මීට අමතරව 9 හෝ 12 භාවයේ ග්‍රහයන් කිහිප දෙනකුම තැන්පත් වීම ජන්මියාට විදේශ ගමන් ඇති බව පෙන්වා දෙනු ලබයි. තම මව්බිම පෙන්වනු ලබන හතර වැනි භාවය ඔබගේ කේන්ද්‍රයේ දුර්වලව පිහිටා ඇත්නම් සහ විදේශයන් පෙන දොළොස් වැනි භාවය ශක්තිමත්ව පිහිටා ඇත්නම් ඔබට අනිවාරේන්ම තම මවිබිම අතහැර විදේශයක පදිංචි වීමට හැකියාව ඇත. 


ඉන්දියාවට නැතුවම බැරි අපේ මැණිකේ

ලංකාවේ මිනිස්සු හිදී සිංදු ඇහුවට ඉන්දියාවේ මිනිස්සු සිංහල සිංදු අහනවා කියලා අපි ජීවින්ටවත් අහලා තිබුණේ නැහැනේ. එහෙම රැල්ලක් හදන්නත් මෙච්චර කාලෙකට කාටවත්ම බැරිවුණා. ඒ වගේ පසුබිමක තමයි අපේ පුංචි කෙල්ල යොහානි, ඉන්දියාවේ මිනිස්සු සිංහල ගීත රසිකයන් පිරිසක් බවට පත් කරන හපන්කම කළේ. සරලවම කිව්වොත් ඇයට පුළුවන් වුණා “මැණික්’ ගිතය මුළු ඉන්දියාවම මුමුණන ගීතයක් බවට පකරන්න. මේ වනකොටත් යොහානි බොලිවුද්ධය තුළ සාර්ථක පිමි කිහිපයක්ම පැනලා ඉවරයි. බොලිවුඩයේ දැවැන්ත සිනමාපටයක් වෙනුවෙන් ‘මැණික්' ගීතය ගායනා කරන නිසා මේ දවස්වල ආයෙත් යොහානි ගැන කවුරුත් කතාබහ කරන්න පටන් අරන්. යාහානි ගායනා කරන 'මැණිකේ' ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ. " තෑන්සේ ගෝඞී' කියන හින්දි සිනමාපටයට. සිද්ධාර්ත් මල්හෝත්‍රා, අජේ දෙව්ගන්, රකුල් ප්‍රීත්, නෝරා පටේහි වගේ ප්‍රසිද්ධ බොලිවුඩේ. තරු රැසක්ම චිත්‍රපටයේ රඟපානවා.පහුගිය 17 වැනිදා T-series ලේඛලය හරහා 'මැණිකේ' නිකුත් වුණා. ඔවුන් මේ ගීතය නම් කරලා තිබුණත් 'මැණිකේ' නමින්මයි. යොහානි මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවිණ ඉන්දීය ගායක ජුබින් නවුට්පියල් එක්ක.  හින්දි චිත්‍රපටයක සිංහල සිංදුවක් යන පළවැනි වතාව මේක. ඉතින් ඒ ගැන අහන්න අපි මේ දවස්වල ඉන්දියාවේ ඉන්න යොහානිට කතා කළා.  “ තෑන්සේ ගෝඩ්' හින්දි චිත්‍රපටයේ ඇතුළත් “මැණිකේ' ගීතය මේ වනකාට නිකුත් කරලා ඉවරයි. මොකද හිතත්?

''මම හරි නිහතමානීව ඒ. ගැන සතුටු වෙනවා. මේක මට සහ මගේ කණ්ඩායමට ලැබුණු ලොකු අවස්ථාවක්.ගීතයේ මුල් අයිතිකරුවන් වන චමත් සංගීත්, සතීශාන් සහ දුලාවත් මේ වෙලාවේ මතක් කරනවා.''

*පළවැනි වතාවට සිංදුව අහද්දී කොහොමද දැනුණේ?

''ඒක තවමත් හීනයක් වගෙයි. සිංහල ගීත කොටස ඇහෙනකොට හරිම ආඩම්බරයි.''

*සිංහල භාෂාව හින්දි චිත්‍රපටයකට ඇතුළත් වුණු පළවැනි අවස්ථාව මේකද?

''ඔව්. මම දන්න විදියට මේක තමයි පළමු අවස්ථාව.''

*යොහානි ගීතය ගායනා කරන්නේ බොලිවුඩයේ දැවැන්තයින් කිහිපදෙනෙක් එක්ක. ඒ අත්දැකීම ගැනත් කතා කරමු?

''ඇත්තටම ඔවුන් එක්ක වැඩ කරන්න ලැබුණු එක මට ලොකු අවස්ථාවක්. මේ අවස්ථාව සලසගන්න මගේ කළමනාකරුත් සෑහෙන මහන්සි වුණා. මොකද ලේබල් එකක් එක්ක වැඩ කරන එක ලේසි දෙයක් නෙමෙයිනේ.'' 

*ඒ අයගෙන් යොහානිට හොඳ සහායක් ලැබුණද?

'' ඔව්. ඒ අයත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ඔවුන් ඉන්ඩස්ටි එක ඇතුළේ ගොඩක් වැඩ කරලා තියෙන නිසා මට ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා. ''

*චිත්‍රපට ගීතය පටිගත කරන අතුරතුරේ අමතක නොවන දේවල් එහෙම වුණේ නැද්ද?

''ඒ මුළු අත්දැකීමම මට අමතක වෙන්නේ නැහැ. අපි ලේඛල් එකත් එක්ක කතාබහ ආරම්භ කළේ 2021 සැප්තැම්බර් මාසේ. 2022 මාර්තු මාසේ වෙනකොට වැඩ පටන්ගත්තා.''

*චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන සිද්ධාර්ත් මල්හෝත්‍රා, අජේ දේව්ගන් එහෙමත් යොහානිට මුණගැහුණද?

''තවම නම් නැහැ. හැබැයි ඉදිරියේදී මුණගැහේවි කියලා හිතනවා.''

*යොහානිට හින්දි භාෂාවෙන් ගායනා කරන එක අභියෝගයක් වුණාලු නේද?

"ඔව් භාෂාව කතා කරන්නෙ නැති නිසා උච්චාරණය සහ තේරුම ඉදිරිපත් කරන එක ටිකක් අභියෝගකාරි වුණා.''

*ගීතය රිලීස් වුණාට පස්සේ ලැබුණු ප්‍රතිචාර කොහාමද? එහ ප්‍රවීණයන් එහෙම කතා කළාද? 

"ඔව්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නව චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණා. ''

*ඉතින් යොහානි ඉන්දියාවටම වෙලා ඉන්නද කල්පනාව?

''ටික කාලෙකට මුම්බායිවල පදිංචියට ආවා. ඉදිරි වැඩකටයුතු තියෙන්නේ ඉන්දියාවේ නිසා ටික කාලයක් මෙහෙ ඉන්න වෙයි. හැබැයි පුළුවන් හැම අවස්ථාවකම ලංකාවට එනවා. 

(සෙව්වන්දි හෙට්ටිආරච්චි)

ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම් කිහිපයකට අතුරු කමිටු පත්වන ලකුණු

ක්‍රිකට්, පාපන්දු, රග්බි ඇතුළු තවත් ප්‍රධාන ලපල් ක්‍රීඩා සංගම් රැසකට අතුරු කමිටු පත්කිරීමේ සූදානමක් පිළිබද තොරතුර අද පුවත්පතට වාවිතා වේ. ඒ සඳහා වන මූලික කටයුතු ආරම්භ කිරීමට සූදානමක් ඇති බවත්, මේ අතරින් පාපන්දු පරිපාලනය සඳහා මේ වන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවත් හෙළිවේ.  ජස්වර් උමාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාපන්දු පරිපාලනයේ නිල කාලය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබුණේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම මස 16 වැනිදා ක්‍රීඩා සංගම්වල කාලය දීර්ඝ කරමින් නිකුත් කළ2297/94 දරන ගැසට් පත්‍රය පසුගිය 22වැනිදා අවලංගු කිරීමට පියවර ගැනීමත් සමගිනි. කෙසේ වෙතත් පාපන්දු නිලවරණය ලබන ඔක්තෝම්බර් මස 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, වාර්තාවන පරීදි පාර්ශ්ව කිහිපයක්ම නඩු මගට යාමේ අපේක්ෂාවෙන් පසුවීම නිසා පත්කරන පාපන්දු අතුරු කට්ටුවේ කාලයද බොහෝදුරට දීර්ඝ වීමට ඉඩ ඇත. යම්කිසි හෙයකින් නිසි පරිදි නිලවරණය ලබන ඔක්තෝබර් මස 23වැනිදා පැවැත්වීමට නොහැකි වුවහොත්, පාපන්දුවට මාස කිහිපයකට බලපැවැත්වෙන පරිදි ස්ථිර අතුරු කමිටුවක් පකෙරෙනු ඇති බවටද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සමගද සාකච්ඡා කිමට නියමිත බවත්, ඒ අනුව මාස කිහිපයකට අතුරු කමිටුවක් පත්කෙරෙනු ඇති බවද අනාවරණය වේ. මේ අතර, මෙම වසර අවසානයේ හෝ ලබන  වසරේ මුල් මාස කිහිපය තුළ ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නිලවරණ කමිටුව පත් කළ යුතු අතර, ඒ අනුව ක්‍රිකට් පරිපාලනය සහ නිලවරණය සම්බන්ධයෙන්ද පාර්ශ්ව කිහිපයක් නඩු මගට යාමට නියමිතය. මේ වන විටත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පරිපාලකයන් ක්‍රිකට් නිලවරණයේ ද අඩුකරන ලෙස ඉල්ලා නඩු මගට ගොස් ඇති අතර, එම නඩුව ලබන ඔක්තෝබර් මස 11වැනිදා කැඳවීමට නියමිතය. මේ වන විට එම නඩුවද අවසන් අදියරට පැමිණ ඇති අතර, එළඹෙන 17වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත්වුවහොත්, ක්‍රිකට් පරිපාලනයේදී වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 143 සිට 55ක් දක්වා අඩුකරන ලෙස ඉල්ලා ඇති අතර, මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති බව හෙළිවේ. මීට අමතරව අක්‍රමිකතා පවතින ජාතික ක්‍රීඩා සංගවල ලිපි ගොනු ජාත්‍යන්තර සංගමයට ලබාදී අතුරු කමිටු පිහිටුවීමට අවශය අනුමැතිය ලබාගැනීමේ සූදානමක්ද අනාවරණය වේ. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ප්‍රධාන පෙළේ ජාතික ක්‍රීඩා සංගම් රැසක වෙනස්කම් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ,



(පැතුම් ශ්‍රී විජේරත්න)


Thursday, September 29, 2022

කොළඹ බිල්ඩිම කැලේට: හස්ත කර්මාන්ත මණ්ඩලේට මසකට කෝටියක පාඩුවක්

කොළඹ වාණිජ වටිනාකමින් ඉහළ ස්ථානයක පිහිටි ගොඩනැගිල්ලක් නිසි ප්‍රයෝජනයට නොගෙන අතහැර දැමීමෙන් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය මාසිකව එකෝට් දස ලක්ෂ්‍යයක ආදායමක් අහිමිකර ගන්නා බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. මෙම ගොඩනැගිල්ල දීර්ඝ කාලයක් තිස්සේ මෙසේ අතහැර දැමීම හේතුවෙන් කෝටි ගණනාවක ආදායමක් අහිමි කරගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකින් මේ බව අනාවරණය කර තිබේ. එම වාර්තවට අනුව මෙම ගොඩනැගිල්ලේ සමස්ත භූමි පරිමාව වර්ග අඩි 44,000ක් වන අතර ලක්සල ප්‍රදර්ශනාගාරය පවත්වාගෙන යනු ලබන්නේද එහිම කොටසකය. ඒ වර්ග අඩි 1900ක කොටසකය. ඉතිරි වර්ග අඩි 42100ම කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇතැයි එම වාර්තාවේ දැක්වේ. ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක් පවත්වාගෙන යාමට වර්ග අඩියකට ගෙවන වෙළෙඳපොළ බදු කුලිය රුපියල් 263ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ අතහැර දමා ඇති කොටස බදු පදනම යටතේ වෙනත් ආයතනයකට ලබා දුන්නේ නම් මාසිකව රුපියල් 1,10,72,300ක් ඉපයිය හැකිව තිබූ බවද එසේ නොකර එම කොටස ප්‍රයෝජනයට නොගෙන තිබීමෙන් ඉපයිය හැකිව තිබූ විශාල ආදායමක් අහිමි කර ගෙන ඇති බව ද එහි සඳහන් ය.


(මුදිතා දයානන්ද)


Wednesday, September 21, 2022

මනස රෝගී වු සරසවි සිසුන් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවීමේ ප්‍රවණතාව ඉහළට

දිනකට පැය හතක් හෝ අටක් අඛණ්ඩව ඔන්ලයින් ක්‍රමය යටතේ විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනය හැදෑරීම තුළින් ඇතිවන මානසික පීඩනය නිසා මනස රෝගී වූ විශ්වවිද්‍යාල සිසුන් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවීමේ ප්‍රවණතාවමේ වනවිට ඉහළ ගොස් තිබෙන බව මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝවෛද්‍ය විශේෂඥ ඩබ්.ඒ.එල්. වික්‍රමසිංහ මහතා පැවසීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ සිසුන් තිදෙනෙකු ඉතා කෙටි කලක් තුළදී නිශ්චිත හේතු නොදක්වා සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම මේ බව අවධාරණය කර සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥවරයා,

"මේ වනවිට රටේ පවතින සමාජ වටපිටාව අනුව සියලු දෙනා කිසියම් හෝ ආතති තත්ත්වයකයි සිටින්නේ. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවලදී විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වන  දැඩි පීඩනය පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව තිබෙනවා. මනෝ උපදේශන සේවා විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පවතින තත්වය තේරුම්ගෙන එය වඩාත් විධිමත් කිර්මට වගකිවයුතු අංශ පියවරගත යුතුව තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන් සෑම විටම තමන් පීඩාවිඳින ප්‍රශ්න විශ්වාසවන්ත මෙන්ම අවබෝධයක් ඇති අයෙකුට පවසා තම මනස ලිහිල් කරගත යුතුව තිබෙනවා. සමාජයේ මේ වනවිට ඇති වී තිබෙන අර්බුද හමුවේ සියලු ජනතාව කිසියම්හෝ  ආතති තත්ත්වයකයි පෙළෙන්නේ. එය මේයක් මත සිටින පුද්ගල කණ්ඩායමකට සමානයි. පොළොවේ සිටින පුද්ගලයකුට වඩාමේසය මත සිටින පුද්ගලයා වහලයට ළඟයි. ආතතිය වැඩි වූ කාරණාවක් නිසා මේසේ උඩ සිටින පුද්ගලයා උඩ පැන්නොත් පොළොවේ සිටින පුද්ගලයාට වඩා ඉතා ඉක්මනින් ඔහුගේ හිස වහලයේවඳින බවත්, එය සමාජය තේරුම්ගත යුතුයි" යනුවෙන් පැවසීය.


( ෂේන් සෙනෙවිරත්න )

Tuesday, September 13, 2022

කෝවිඩ් එන්නත ගැනීමට ජනතාවගේ උනන්දුවක් නෑ

කෝවිඩ් රෝගීන් හා මරණ වාර්තා වීම දිගින් දිගටම සිදුවුවත්, කෝවිඩ්-19 එන්නත ලබා ගැනීමට ජනතාවගේ උනන්දුවක් නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. කෝවිඩ් හතරවැනි මාත්‍රාව ලබාදීම මීට මාස 04කට පමණ පෙර ආරම්භ කර තිබුණත්, හතරවැනි මාත්‍රාව මේ වන තෙක් ලබාගෙන තිබෙන්නේ, පුද්ගලයන් 175,181ක් පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කෝවිඩ් එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබාගත් පිරිසට කෝවිඩ් හතරවැනි මාත්‍රාව ලබාගැනීමට හැකි බවත්, මේ දක්වා කෝවිඩි එන්නතේ තුන්වැනි මාත්‍රාව පුද්ගලයන් 8, 168,491ක් ලබාගෙන තිබෙන බවත් එම අංශ පෙන්වා දෙයි. මීට අමතරව කෝවිඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 17,114,378ක් ලබාගෙන තිබෙන අතර, දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 14,644,220ක් ලබාගෙන තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. තුන්වැනි මාත්‍රාව ලබාගත් පිරිසෙන් පුද්ගලයන් 7,993,310ක් හතරවැනි මාත්‍රාව මෙතෙක් ලබාගෙන නොමැති අතර, දෙවැනි මාත්‍රාව ලබාගත් 14,644,220ක ප්‍රමාණයෙන්  පුද්ගලයන් 6,475.720ක් තුන්වැනි මාත්‍රාව ලබාගෙන නොමැති බවත්, පළමු මාත්‍රාව ලබාගත් 17,114,378ක ප්‍රමාණයෙන් පුද්ගලයන් 2,470,158ක් දෙවැනි මාත්‍රාව ලබාගෙන නොමැති බවත් වාර්තා වේ. සතියේ දින පහේම උදේ 8.30 සිට සවස 4.30 දක්වා කාලය තුළදී පළමු මාත්‍රාව, දෙවැනි මාත්‍රාව, තුන්වැනි මාත්‍රාව හා හතරවැනි මාත්‍රාව කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පවත්වාගෙන යන යුද හමුදා එන්නතකරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බවද යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.එසේම පෙරේදා (11දා දිනය සැලකීමේදී කෝවිඩ් රෝගීන් 32ක්, කෝවිඩ් මරණ 02ක්, පසුගිය 10වැනිදා කෝවිඩ් රෝගීන් 35ක්, කෝවිඩ් මරණ 01ක්, පසුගිය 09වැනිදා කෝවිඩ් රෝගීන් 44ක් කෝවිඩ් මරණ 05ක්, පසුගිය 08වැනිදා කෝඩ් රෝගීන් 46ක්, කෝඩ් මරණ 03ක්, පසුගිය 07 වැනිදා කෝවිඩ් රෝගීන් 33ක් කෝවිඩ් මරණ 04ක් වශයෙන් වාර්තා වී තිබේ.

(එච්.අයි .තුෂාර)

 

Thursday, September 8, 2022

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් විභාග කිරීමට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ (Trial At Bar) කටයුතු ලබන 09 වෙනිදා ආරම්භ කෙරේ. මෙම නඩුවේ විත්තිකරුවන් පස්දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  බන්ධනාගාර අධිකාරිවරයාට සිතාසි නිකුත් කොට ඇත. ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝග්‍රෑම් 198ක් ලංකාවට රැගෙන එන අතරතුර මහමුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ විත්තිකරුවන් පදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මෙලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කොට ඇත. ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම්කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපති සංය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයත ජයසුරිය මහතා විසින් මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. ආදිත්‍ය පටබැදි මහතා සභාපතිත්වය දරන මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන්  මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් මහත්වරු කටයුතු කරති. ශ්‍රී ලංකාවේ මන්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ඒ සඳහා හෙරොයින් කිලෝග්‍රෑම් 198ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ එම හෙරොයින් තොගය ළඟ තබාගැනීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කොට තිබේ.

(මනෝප්‍රිය ගුණසේකර)


Thursday, September 1, 2022

ගම සමග පිළිසඳර ගමට වැඩක් කලාද

ජාතික ප්‍රතිපත්තියකින් තොරව දේශපාලනිකව ගනු ලබන තීන්දු තීරණ මත ආරම්භ කරනු ලබූ බොහොමයක් සංවර්ධන වයාපෘති හේතුවෙන් මෙරට තුළ ගණනය කිරීමට නොහැකිආකාරයෙන්මුදල් නාස්තියක් සිදුව තිබේ. ඒ නිසාම මෙරට විශාල වශයෙන් විදේශයන්ට තිබෙන ණයබරද වැඩි වීම මත, මේ වනවිට රටපත්වී ඇති ආර්ථික  අර්බුදයටත් එය ප්‍රබල හේතුවක් බව පෙන්වාදිය හකිය. ඒඅතර රුපියල් මිලියන ගණනක මුදල් වියදම් කර තබන ලද මුල් ගල් ,වැඩ ආරම්භ කර අතරමග නවතා තබා ඇතිවපතිද ප්‍රබල හේතුවක් වී තිබේ. මේ ආකාරයෙන් මත කාලයේදී මෙරට ක්‍රියාත්මක වූ තවත් එක්ක්සවර්ධන ව්‍යාපෘතියක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාක්ෂ විසින් ආරම්භ කරන ලද 'ගම සමග පිළිසඳර සංවර්ධන ව්‍යාපෘතිය පෙන්වා දිය හැකිය. දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් තුළ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද විවිධ අදහස් දක්නට ලැබුණි. මේ නිසාම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගනිමින්, කරුණු සොයා බැලුවෙමු. මග හිටිය සංවර්ධනය මෙම සොයා බැලීම සදහා ගම සමග පිළිසඳර වැඩසටහන් පැවැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 අතුරින් එම වැඩසටහන් පැවැත්වූ මොනරාගල, මහනුවර, පොළොන්නරුව, කෑගල්ල, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්ක 06ක දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිත කරමින්, අවස්ථා දෙකකදී එම වැඩසටහන් මගින් ලබාදුන් තීන්දු තීරණ සම්බන්ධයෙන් විමසා, පසුව ඒවා ක්‍රියාත්මක කර ඇති ආකාරයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා අයදුම්පත් යොමු කළෙමු. එහිදී එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබාදුන් තොරතුරු විශේෂණය කිරීමේදී එම ව්‍යාපෘතියේ මේ වනවිට වැඩ අවසන්ක්කර ඇත්තේ 29%ක පමණ ප්‍රමාණයක් බව අනාවර්තනය කර ගැනීමට හැකි විය. කෙසේ නමුත් මෙම තොරතුරු විමසීමේදී අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තොරතුරු දැනගැනීමේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකමට පිටුපාමින්, එම තොරතුරු ලබාදීමට කටයුතු කරන්නත. අනෙකුත් දිස්ත්‍රික්ක 0.5ක දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබාදුන් තොරතුරුවලට අනුව මේ වන විට තවමත් වැඩ අවසන් කරගැනීමට නොහැකි වීමෙන් ක්‍රියාත්මක කරමින් තිබෙන ප්‍රමාණය 61%ක් හා විවිධ හේතුන් මත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන ප්‍රමාණය ලෙස 10%ක් බව අනාවරණය විය.එමෙන්ම ඉහතින් සඳහන් කළ ආකාරයෙන් ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවලින් විසඳුම් ලබා දී ක්‍රියාත්මක කර තිබෙන 29%ක ව්‍යාපෘති අතර බොහොමයක් සුළු සංවර්ධන ව්‍යාපෘතිවන අතර, විශාල මුදල් පිරිවැයක් දරමින් ආරමිභ කරන ලද ව්‍යාපෘති බොහොමයක් මේ වන විට මග නතරකරතිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් තොරතුරුවලට අනුව ගම සමග පිළිසදරක්" වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහින්ග්නි දහස් කරන ලද රුපියල් 74,000,000.00ක මුදල් ප්‍රතිපාදන යටතේ 2021.4.28 දින වැඩ ආරම්භ කරන ලද මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ රෝහලේ කාන්දුකරණ ඒකකය ඉදිකිරීම අත්තිවාරමකට පමණක් සීමා වී තිබේ. ඒ පිළිබද තොරතුරු දැනගැනීමට මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ කළත්, එම දුරකථනයට පිළිතුරු දුන් නිලධාරින් අධ්‍යක්ෂවරයා සම්බන්ධ කිරීමට කටයුතු නොකළේය. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එන්.වීරසූරිය මහතාගෙන් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවන් අදහසකි. "මේක ඇස්තමේන්තු හැදුවේ රටේ මේ ආර්ථික ප්‍රශ්න එන්න පෙරයි. මේ වනවිට සිමෙන්ති, යකඩ ඇතුළු ද්‍රව්‍යවල මිල හතරපස් ගුණයකින් වැඩි වෙලා. අදාළ කොන්ත්‍රාත් සමාගමට ගිවිසුම්ගත ඇස්තමේන්තුවට අනුව මේකෙ වැඩ සිදුකරන්න බැරී නිසා තමයි නතර කරලා තියෙන්නේ.” කෙසේන්වෙතත් එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර වෙනුවෙන්වෙකුගඩු ඒකකයක අවශ්‍යතාවය දැඩි සේ පවතින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. මේ ආකාරයෙන් දැරණියගල රෝහලට X-ray, කනත්‍ර ලබාදීමට කටයුතු කරන බව මෙම වැඩසටහන තුළදී නිර්දේශ වී තිබුණත්වම X-ray යන්ත්‍රය හෝ ගොඩනැගිල්ලක්වත් මේ වන තෙක් එම රෝහලට ලැබී නොමැති බව එහි ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ප්‍රකාශ කර සිටියේය.

කුරුගල දිස්ත්‍රික්කයේ වසර 20කට අධික කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුනොකරන ලද දික්වැල්ලකන්ද, උඩමාලිබොඩ, රන්දෙනිය දක්වා මාර්ගයේ කිලෝමීටර් 5 පමණ දිගැති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම හා මාර්ගයට බස් රථයක් යෙදවීම මෙම වැඩසටහන මගින් ආරම්භ කරනු ලැබුවත්, එයද මේ වනවිට නතරකර තිබෙන බව දික්වැල්ලකන්ද ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.වී ධර්මවර්ධන මහතා පැවසීය. "හරියට පාරක් නැති නිසා අපේගමට බස් එකක් ආවෙ නෑ. 'ගම සමග පිළිසදරක්" වැඩසටහන තිබිබටපස්සේපාර හදන්න පටන් ගත්තා. සති දෙකක් අපේමට බස්එක ආවා. දැන්ර හදන එකත් නැවතිලා, බස්එක ගමට එන එකක්නවතිලා. සල්ලි වියදම් කරලා කසාදර්ශනයක් විතරයි. අදටත් බඑකේ බෝඩ් එකේ දික්වැල්ල කන්ද කියල තියෙනවා. නමුත් ඛඑක එන්නේ උඩමාලිබොඩට විතරයි. මේ ත ත්වය මත පවුල් 218ක පමණ ජනතාවට, විශේෂයෙන්ම පාසල් දරුවන් හට බසයට නැගීමට කිලෝමීටර් තුනක් හතරක්පෙයිත්යාමට සිදුවී තිබෙනවා.”මේ ආකාරයෙන් වැඩ නතර කර තිබෙන හෝනිසි අයුරින් සංවර්ධන කටයුතු සිදුනොකරන ලද ව්‍යාපෘති අතර රුපියල් 132,190.00ක වියදමින්වැඩ ආරම්භ කළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මැදවච්චිය (බක්මීගම) විද්‍යාලයේක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය, බණ්ඩාරවෙල හල්දුම්මුල්ල රන්වන්ගුහාව ජල උල්පත් සංවර්ධනය කර ජලය ලබාදීම, කොස්ලන්ද, මීරියබැද්ද, නාකටිය ඇතුළු ප්‍රදේශ කීපයක ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කයන්හිද සංවර්ධන ව්‍යාපෘති නවතා දමා තිබේ.මහනුවර දිස්ත්‍රික්කයේසංවර්ධන ව්‍යාපෘති අතර රුපියල් කෝටි විසිදෙකකට අධික මූල්‍ය ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කෙරුණු මීමුරේ පිවිසෙන මාර්ගයේ වැඩ අවසන් කර ඇත්තේ, කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ සිට මීමුරේ ගම්මානය දක්වා වූ කිලෝමීටර් 4ක් පමණ වූ ප්‍රදේශයක් පමණි. ඒ ජනාධිපතිවරයා එදින ගමන් ගත් මාර්ගය වේ. එම මාර්ගයද නිසි ප්‍රමිතියකින්  තොරව ඉදිකෙරුණු බව ප්‍රදේශයේජනතාව පවසා සිටී. එමෙන්ම හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා කිලෝමීටර් 34ක් පමණ මාර්ගයද මේ සමග සංවර්ධනය කිරීමට නියමිතව පැවතුණත්, එයද පැලැස්තර ගැසීමකට පමණක් සීමා වී ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම 'ගම සමග පිළිසදරක්" වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ, ම්මුරේ ග්‍රාමසේවා වසම් හයක් පමණ ඉලක්ක කරමින් සිදුකෙරුණු සංවර්ධන වැඩසටහන් බැවින්, ඒගම්මානයට අදාළ සංවර්ධන ව්‍යාපෘති බොහාමයකගේ වැඩ අවසන් කර තිබෙන බවයි. ඉහත දිස්ත්‍රික්ක පහක පමණක් තොරතුරු විශ්ලේෂණයකිරීමේදී පැහැදිලිව බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූයෝ අතුරින් ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ 53%ක ප්‍රමාණයක් පමණක් බවයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදිරිපත්වූ යෝජනා අතුරින් ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇ ත්තේ 16%ක් පමණ වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූ

යෝජනා අතුරින් ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇත්තේ 27%කි. මහනුවර 25%, මොනරාගල 32%ක් පමණ මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම 'ගම සමග පිළිසදරක්" වැඩසටහන් අදාළ දිස්ත්‍රික්කයන්හි සංවිධානය කිරීම වෙනුවෙන් සිදුකළ වියදම සම්බන්ධයෙන්ද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ අදාළ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළ අතර, එයට පිළිතුරු දෙමින්ජනාධිපති ලේකම් කාර්යාලය පවසා ඇත්තේ එම තොරතුරු අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබාගන්නා ලෙසයි.  ඒ අනුව අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින්  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේවිමසීමක් කළ අතර, ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවසා ඇත්තේ දිස්ත්‍රික් ක්ලේකම් කාර්යාල මගින් කිසිදු වියදමක් දරා නොමැති බවයි. එමෙන්ම එම වියදම් දැරුවේ කෙසේද යන්න පිළිබදවද පැහැදිලි කිරීමට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු කර නොමැත. මොනරාගල දිස්ත්‍රික් ලේල්කම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව එම උත්සවය සංවිධානය කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාප්ප හා ප්‍රධාන දේශපාලන අධිකාරිය හා ප්‍රදේශයේනතාව විසිනි. මහනුවර හා අම්පාර යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම වියදම් සම්බන්ධය තොරතුරු ලබාදීම මගහැර තිබේ. බදුලේ උත්සවය කරපු හැටි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව 2020.10.25 දින එම දිස්ත්‍රික්කයේ වෙලවිට ග්‍රාම නිලධාරී වසමේ පැවැති උත්සවය වෙනුවෙන් රුපියල්හයලක්ෂ පනස්දහසකට අධික මුදලක් වැය කර තිබෙන අතර, එම මුදල් වැය කර ඇ ත් සංග්‍රහ වියදම් ලෙස රුපියල් 156,547ක් හා නානකාමරයක් සෑදීම වෙනුවෙන් රුපියල් 500,000ක් වශයෙනි. එසේ වියදම් කරන ලද මුදල් රුපියල් 598,250ක් ලබාදී ඇ ත්තේ පළාත් සභා මුදල් ප්‍රතිපාදන යටත්වන අතර, අනෙකුත්මුදල වන රුපියල් 58,297ක මුදල් ලබාගෙන ඇත්තේ ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති මගින් රුපියල් දසදහස බැගින් එකතු කරගැනීමෙන් බව අනාවරණය විය. එමෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, පළාත්පාලන ආයතනවල විවිධ මුදල් හා ස දෙපයෝගී කරගනිමින් මෙම වැඩසටහන සිදුකර ඇති බවයි. කෙසේ නමුත් මේ වනවිටත් රුපියල් බිලියන ගණනක් මෙම වැඩසටහන වෙනුවෙන්හැයකර අවසානය. නමුත්රඅතරීත්වැඩ සම්පුර්ණ කිරීමට හැකිවී ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයකි. මේ රටේ බදුගෙවන මහජනතාවගේ මුදල් විශාල වශයෙන් විනාශ වීමට ඉඩ තිබේ. කුමනරජයකිහෝ වේවා ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ නම්, එය නිශ්චිත අධිරායක් යටතේ අවසන් කර ජනතාවට භුක්ති විදීමට සැලැස්වීම රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලඥයන්ගේ මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ගේද වගකීමකි. යුතුකමකි.



(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

Tuesday, August 30, 2022

බොරතෙල් නැව ගොඩ නොබෑමෙන් දවසකට ඩොලර් 120000ක් ගෙවන්න වෙලා

පසුගිය 23 වැනිදා මෙරටට පැමිණි බොරතෙල් මෙට්‍රික්ටොන් 90,000ක් සහිත නැව ගොඩ බෑමට කටයුතු නොකිරීම හේතුවෙන් එදින සිට සෑම දිනකම ඩොලර් එක්ලක්ෂ විසිදහසක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව තිබෙන බව තෙල්, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.මේ ආකාරයට රැගෙනවිත් තිබෙන බොරතෙල් පිරිපහදු කිමෙන් පෙට්‍රල්. ඩීසල්, ගුවන් යානා ඉන්ධන හා ගෑස් නිසි ලෙස නොලැබෙන බවට තහවුරු වී තිබෙන බවත්, දැවිතෙල් නිෂ්පාදනය පමණක් ඉහළ ගොස් තිබෙන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.  දැනට පිරිපහදු කිරීම්වලට ලක් කරනු ලබන්නේ, උරල් නමැති මෙම බොරතෙල් වර්ගය බවත්, මෙහිදී මෙට්‍රික්ටොන් 5,000ක් පිරිපහදු කිරීමේදී 52%ක් ලැබෙන්නේ දැවිතෙල් බවත් හෙතෙම පවසා සිටියේය. මෙරට පිරිපහදුවට ගැළපෙන්නේ මර්බන් නමැති බොරතෙල් වර්ගය බවත්, එම බොරතෙල් පිරිපහදු කිමෙන් දැවිතෙල් ලැබෙන්නේ, 30%ක ප්‍රමාණයක් වන අතර, එම වර්ගය තුළින් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ගෑස් නැ , දැවිතෙල්, ගුවන් යානා ඉන්ධන ලබාගත හැකි බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය. එසේම ඌරල් නමැති බොරතෙල් පිරිපහදුවෙන් ගෑස් නිෂ්පාදනයක් සිදුනොවන තරම් බවත්, නැප්තා නිෂ්පාදනයත්, ඩීසල්, පෙටල්, ගුවන් යනා ඉන්ධන හා භූමිතෙල් නිෂ්පාදනයත් සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙන බවත් පවසා සිටි ඒ මහතා, වැඩිම නිෂ්පාදනයක් ලෙස ලැබෙන්නේ දැවිතෙල් නිසා රටට විශාල පාඩුවක් සිදුවන බවද සදහන් කළේය. මර්බන් බොරතෙල් අඩු මුදලකට මිලදී ගැනීමට තිබියදී උරල් නමැති බොරතෙල් වැඩි මිලට මිලදී ගනිමින් රටට විශාල පාඩුවක් සිදුකරන බවත් මේ නිසා බලධාරීන් මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවත් ආනන්ද පාලිත මහතා පවසා සිටියේය. 


(ඉන්දික හේවාවිතාරණ ) 

Friday, August 26, 2022

ඉන්දියාව ලංකාවට දුන් ඩොලර් කෝටි 600රටකට දුන් ලොකුම මුදලයි.දැන් දුන්නා ඇති

ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් කෝටි 600කට ආසන්න මූල්‍ය සහායක් ඉන්දියාවෙන් මේ දක්වා ලබාදී ඇති බවත් ඉන්දියාව රටකට මේතරම් විශාල සහායක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවත් ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියානු මහ කොමසාරිස්වරයකු වන අශෝක් කාන්තා මහතා ප්‍රකාශ කර ඇත. මෙවැනි විශාල සහායක් ලබාදීම ඉන්දියාවට ප්‍රායෝගිකව කළ නොහැකි බවත් ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට ඉන්දියාව කෙතරම් දුරක් යාමට අපේක්ෂ කරනවා දැයි ප්‍රශ්නයක් මතුවන බවත් අශෝක් කාන්තා මහතා ප්‍රකාශ කර තිබේ. මෙවැනි විශාල සහායක් රටකට ලබා දීමේදී කල්පනාකාරී විය යුතු බවද ඔහු පෙන්වා දී ඇත. ඉන්දියාව දැන් කළ යුත්තේ ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය සහාය ලබාදීම නොව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉක්මනින් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එකඟ කර ගැනීම බවද ඔහු සඳහන් කර තිබේ.


(විමුක්ති එස්. රුද්‍රිගු)

ඩීසල් හිඟයෙන් දුර ගමන් 70% හා කෙටි ගමන් බස් 40% නවති

පවතින ඩීසල් හිඟය නිසා ඊයේ (25) දා දිනයේදී දුර ගමන් සේවා බස් රථවලින් 70%ක් හා කෙටිගමන් සේවාවලින් 40%ක් පමණ ධාවන කිරීමට නොහැකි වූ බව බස් සංගම් සඳහන් කරති. ඩිපෝවල පිහිටි පිරවුම්පවලින් පෞද්ගලික බස් රථවලට පසුගිය කාලයේදී නියමිත ආකාරයට ඉන්ධන ලබාදුන් බවත්, එහෙත් මේ වනවිට ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීම දැඩි ලෙස සීමා වී තිබෙන බවත් අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය පැවසීය. මේ නිසා ඊයේ දිනයේදී අන්තර් පළාත් බස් රථවලින් ධාවනය කරනු ලැබූවේ 30%කට ආසන්න ප්‍රමාණයක් බවද එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසා සිටියේය. රටට ලැබෙන ඩීසල් නිසි කළමනාකරණයකින් යුතුව අඛණ්ඩව ලබාදීමට නොහැකි වීම මත මෙම තත්ත්වය යළිත් වතාවක් ඇති වී තිබෙන බවත්, බස් රථ ධාවනය සීමා සහිත වීම තුළින් මගී ජනතාව සේම බස් හිමියන්ද දැඩි  දුෂ්කරතාවන්ට පත් වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එසේම පවතින ඉන්ධන හිඟය නිසා ඊයේ දිනයේදී කෙටි ගමන් සේවා බස් රථවලින් 40%කට ආසන්න ප්‍රමාණයකට ධාවනය කිර්මට නොහැකි වූ බවත්, මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වූ බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි. පවතින තත්ත්වය තුළ කෙටි ගමන් හා දුර ගමන් සේවා අද (26දා) දිනය තුළදී මෙම ප්‍රමාණවත් ධාවනය කර ගැනීමට හැකිවේදැයි ගැටලුවක් පවතින බවත්, රජයේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන නිසා හා පාසල් ආරම්භ කර තිබෙන නිසා සමස්ත බස් රථවලින් 80%කට ආසන්න ප්‍රමාණයක්වත් දෛනිකව ධාවනය විය යුතු බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියජිත් මහතා පැවසීය. ඉන්ධන නිසි ලෙස අඛණ්ඩව ලබාදීමට කටයුතු නොකළහොත් පොදු ප්‍රවාහන සේය නිසි ලෙස පවත්වාගෙන යාමට. නොහැකි වන බවත්, මේ නිසා රටට ලැබෙන සිමීත ඉන්ධන ප්‍රමාණය නිසි කළමනාකරණයකින් යුතුව අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාව ලබාදෙමින් නිකුත් කරන වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.



(ඉන්දික හේවාවිතාරණ)


Thursday, August 25, 2022

තායිලන්තයේ වියදම වැඩියි ගෝඨාභය සති දෙකකින් ලංකාවට

හිටපු ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රී ලංකාවට පැමිණනු ඇති බවත්, තායිලන්තයේ රැදී සිටීමට ඉහළ වියදමක් දැරීමට සිදුවීම රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට ඉක්මනින් පැමිණීමට එක් හේතුවක් වී ඇති බවත්, ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටස් පුවත් සේවය වාර්තා කළේය. පෞද්ගලික ගුවන් යානයක් භාවිත කිරීම සහ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්, පැය 24 පුරා ආරක්ෂව ආදිය හේතුවෙන් තායිලන්තයේ බිල්පත දැනටමත් ශ්‍රී ලංකා රුපියල් මිලියන සිය ගණනක් වී අවසන් බව ද එම ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා ඇත. ඒ හේතුවෙන් තායිලන්තයේ තවදුරටත් රැඳී සිටීමේ වියදම රාජපක්ෂ මහතාට දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇතැයි පැවැසේ. රාජපක්ෂ මහතාගේ තායිලන්ත බිල්පතෙන් වැඩි කොටස ඔහුගේ ආධාරකරුවන් විසින් පියවනු ලබන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තීරණය වන අනෙක් කරුණ නම් ඔහුගේ ආරක්ෂාව සඳහා ගන්නා විධිවිධාන බව ද ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වුවත් ආරක්ෂාව ප්‍රධාන ගැටලුවක් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස බුද්ධි අංශ ඉල්ලා ඇතැයි තවත් ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳ විධිවිධාන ඉතා ඉක්මනින් යෙදිය හැකි නම්, සති දෙකක් ගතවීමට පෙර වුවද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව එම ආරංචි මාර්ගය සඳහන් කර ඇත.


(විමුක්ති එස්. රුද්‍රිගු) 


මහ බැංකු චක්‍රලේඛ නොතකා ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමෙන් වාහන හිමියන් දුෂ්කරතාවට

ලීසිං වාරික ගෙවීම පැහැරහැර ඇති වාහන අත්පත් කර ගැනීමෙන් වැළකී සිටින ලෙස මහා බැංකුව විසින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එම චක්‍රලේඛය. නොසලකා හරිමින් ඇතැම් ලීසිං සමාගම් කටයුතු කිර්ම නිසා වාහන හිමියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සඳහන් කරයි. වාරිකයක් දෙකක් ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයන්ගේ වාහන පවා මේ වනවිට අත්පත් කර ගනිමින් සිටින බවත්, සිය කැමැත්තෙන් වාහනය භාරදුන් බවට ලිපි ලබාදෙන ලෙසටත් ඇතැම් ආයතන වාහන හිමියන්ට බලපෑම් කරමින් සිටින බවත් එම සංගමයේ ලේකම් අසංක සුමේද මහතා පැවසීය. ලීසිං හෝ බැංකු ණය මත ලබාගත් වාහන ලක්‍ෂ 70කට වැඩි ප්‍රමාණයක් රට තුළ තිබෙන බවත්, පවතින ආර්ථික අර්බුදය නිසා ආදායම් අහිමි වූ හෝ රැකියා අහිමි වූ පිරිස්වලට ලීසිං හෝ ණය වාරික ගෙවීමේදී දුෂ්කරතාවන්ට මුහුණදී සිටින බවත් හෙතෙම පවසා සිටියේය. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා වාහන අත්පත් කර නොගන්නා ලෙස මහා බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවත්, එහෙත් මෙම චක්‍රලේඛය නොසලකා හැර ඇතැම් ආයතන වාහන අත්පත් කර ගැනීම හා වාහන භාරදුන් බවට ලිපි ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවත් ලේකම්වරයා සඳහන් කළේය. මීට අමතරව කිසිදු හේතුවක් නොමැතිව ලීසිං ණය පොලිය 8%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා තිබෙන බවත්, අදාළ ණය ප්‍රමාණය පසුගිය වසරවල ලබාගත් ලීසිං ණය සඳහාත් එකතු කර වාහන හිමියන්ගෙන් අයකර ගනිමින් සිටින බවත් පවසා සිටි ඒ මහතා, මේ අනුව ලීසිං ණය ලබාගැනීමේදී ඇති කර ගත් ගිවිසුම් පවා කඩ කරමින් තිබෙන බවද ප්‍රකාශ කළේය. ලීසිං ණය පිළිබඳ පනතට අනුව දින 90ක් ණය වාරික නොගෙවා සිටීමේ සහනයක් පවා ලබාදී තිබෙන බවත්, මහා බැංකුව විසින් නිකුත් කළ චක්‍රලේඛය කඩ කරන සමාගම් මෙම පනත් උල්ලංඝනය කරමින් තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.


(ඉන්දික හේවාවිතාරණ)

Wednesday, August 24, 2022

ත්‍රස්තවාදය කියන්නේ ආයුධ රැගෙන රාජ්‍ය බලය ඇල්ලීම පමණක් නොවේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විරෝධතාකරුවන් පිරිසක් රැඳවුම් භාරයට ගැනීම මත, අපේ රට ගැන ජාත්‍යන්තරයේ සංවිධාන කිහිපයක් හා රටවල් කිහිපයක් කනස්සල්ල ප්‍රකාශයට පත්කරමින් නිවේදන නිකුත් කර තිබෙනු දැකගත හැකි විය. එකී පනත යටතේ මෙලෙස විරෝධතාකරුවන් රඳවාගත හැකිද යන්න පිළිබඳවත්, එම පනත පිළිබඳවත් අපි ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් විමසීමක් කළෙමු. එම පනත වෙනුවට ජාතික ආරක්ෂාව පිළිබඳ නව පනතක් ගෙන එන බවටද කැබිනට් ප්‍රකාශකවරයා ඊයේ කැබිනට් තීරණ ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණි. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික ප්‍රතිපාදන පනත

1978 වර්ශයේ මහමැතිවරණයෙන් ආණ්ඩු බලයට පත්වූ පසු එකී ආණ්ඩුව කල්පනා කළා මීට පෙර තිබුණු 71 ත්‍රස්තවාදය නවතා ගැනීමට පැවැති ආණ්ඩුවට නොහැකි වීම ගැන. මොකද ඒ කාලේ තිබුණේ මහජන ආරක්ෂක පනත පමණයි. රට තුළ ඇතිවන ත්‍රස්තවාදී ක්‍රියාවන්වැළක්වීමට 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීම්මේ තාවකාලික ප්‍රතිපාදන පනත යනුවෙන් පනතක් තාවකාලිකව ගෙන එනු ලැබුවා. නමුත් මෙය අදටත් ක්‍රියාත්මක වෙනවා. 1979 තාවකාලික ප්‍රතිපාදන පනත යම් ආකාරයකට පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, සංවිධානයක් හෝ මේ ඕනම දෙයක් කිසියම් හෝ පිහිටාගෙන ඇතිරයක් නීතිවිරෝධී ක්‍රියා මගින්කඩාකප්පල්කාරී ක්‍රියා මගින් බිඳ දාවා නම්, පාර්ලිමෙින්තුවේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මරණ තර්ජන, බියවැදීම හෝ මරණය ඇතිකරනවා නම්, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවල හෝ පොලීසියේ සාමාජිකයන්මාරයට පත්කිරිම, බියවැද්දීම, තර්ජනය කිරීම සිදුකරනවා නම්, රාජ්‍ය දේපළ විනාශ කිරීමට උත්සාහ කරයි නම්, ඒවාට පෙළගැසේන්නම්, මංකොල්ලකෑම් හා බරපතළ සිදුවීම වැළැක්වීමටටේ පවතින සාමාන්‍ය නීතිය වන දණ්ඩ නීති සංග්‍රහයට වඩා එහා ගිය පනතක්. මේ ක්‍රියාවල යෙදෙන අය තමයි මේ පනත යටතේ ත්‍රස්තයන් ලෙස හදුන්වන්නේ. මේ ත්‍රස්තවාදය කියල කියන්නේ උතුරෙන් ඇවිත් ඊළම බිහිකරන්න ආව එක පමණක් නොවෙයි. මේක දකුණේත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ පනත යටතේ ආරක්ෂික ලේකම්වරයාගේ අත්සන යටතේ යම් පුද්ගලයෙක්ව පැය 72ක් රැඳවුම් බාරයේ තබාගන්න පුළුවන්. එම පුද්ගලයාවදින 90ක සස්පෙන්ෂන් ඕඩර් එකක් මත විමර්ශන කටයුතු සඳහා තබාගන්න පුළුවන්. මීළඟට මේ පනතේ පෙර තිබූ ආකාරයට මාස 18ක්රඳවා ගන්න හැකියාව තිබුණි. මෙය 2022 අප්‍රේල් වෙනස් වුණාං. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතෙන් පුද්ගලයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙනවා, දේශපාලන විරුද්ධවාදීන්ව සහ වෘත්තීය සමිති නායකයන්ව මර්දනය කරන්න හදනවා යනුවෙන් එක්සත් ජාතීන්ගේ සවිධානය, මාන්ව හිමිකම් කවුන්සිලය, බොහෝ බර රටවල් දැඩිව කතා කළා. ඒ අනුව තමයි 2022 සංශෝධනයක් ගෙනාවේ. ඒ අනුව 9වැනි වගන්තිය යනුවෙන් කොටසක් ගෙනාවා. මෙයින් පනතේත්යම් යම් දේවත්වෙනස් කර තිබෙනවා. ඒ අනුව පුද්ගලයෙක්ව උපරිම රදවා ගන්න පුළුවන් කාලය මාස 18 සිට මාස 12 දක්වා අඩු කර තිබෙනවා. මීළඟට වැදගත්ම දේමයි 9 (1) අවගන්තියේ කියනවා, මේ පනත යටතේ යම් අයෙක් වෙනුවෙන් රැඳවුම් නියෝග රැගෙන තිබෙනවා නම්, එකී පුද්ගලයා රදවා ගන්නා ස්ථානයට ආසන්නතම අදාළ මහේස්ත්‍රාත්වරයා වෙත පැය 48ක් තුළ ඉරිපත් කළ යුතුයි යනුවෙන්. එවිට ඒ සැකකරුව ගිහින් බලන්න මහේන්සේස්ත්‍රාත්වරයාට සම්පූණ බලයක් තිබෙනවා. මහේස්ත්‍රාත්වරයාට පමණක් නොවෙයි, 1996 අංක 22 දරන මානව හිමිකම් සංශෝධන පනත අනුව මානව හිමිකම් කොමිසම බලය දෙන නිලධාරියෙකුටත් සැකකරුවබැලීෂ්ම අයිතිවාසිකම ලබා දී තිබෙනවා. 1994 වර්ශයේ කෲර අමානුෂික අවමන් සහගත ක්‍රියාවට එරෙහි සම්මුති පනතට ලංකාව අත්සන් කර තිබෙනවා. ඒ අනුව මෙකී සැකකරුවන්ට වධ දීම වැළැක්වීම සඳහා මහේස්ත්‍රාත්වරයාට සෘජු ප්‍රවේශයක් තිබෙනවා. මාසෙකට වරක් මේ සැකකරුව බලන්න මහේස්ත්‍රාත්වරයා යා යුතුයි. ඒ අවස්ථාවේ සැකකරුට පුළුවන් තමන්ට කෲර, අමානුෂික, අවමන් සහගත අයුරෙන් වචනයෙන් හෝ ක්‍රියාවෙන් සලකා තිබේද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙන්න. ඒ අනුව මහේස්ත්‍රාත්වරයාට පුළුවන් රැඳවුම්කරුව වෙනත් ස්ථානයක රඳවන ලෙස නියෝග කරන්න. ඒවගේම මහේස්ත්‍රාත්වරයාට පුළුවන් මේ තැනැත්තාව අනිවාර්යයෙන් අධිකරණ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. ඒ අනුව අදාළ පුද්ගලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙලාද කියලා බලන්න පුළුවන්. 2022 සංශෝධනය අනුව මහේස්ත්‍රාත්වරයාට විශාල බලයක් ලබා දී තිබෙනවා. මීළඟට මහේස්ත්‍රාත්වරයා යටතේ නීතිඥවරයෙක්ටමේ රැඳවුමිකරුව බලන්න යන්න හැකියාව තිබෙනවා. මීට පෙර මේ හැකියාව තිබුණේ නැහැ. ඒවන්ම සංශෝධන පනත යටතේත්මාස 12ක් රඳවාගෙන සිට නඩුවක් ගොනු කර නැත්නම් අනිවාර්යයෙන්ම අප ලබාගෙන ඇප පිට එළියට එන්නත් පුළුවන්. 2022 සංශෝධනය නිසා එක්සත්ජොතීන්ගේත්මානව හිමිකම් කවුන්සිලයේපැසසුම අපිට හිස්වුණි.

නමුත් සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාර පැවැත්වෙනවා. ලංකාවේ වර්තමානයේ රැඳවියන් කිහිපදෙනෙක් මේ පනත යටතේත්රවා තිබීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්මේ සැසිවාරයේදී ප්‍රශ්න කෙරෙනවා. ඒ නිසා ලංකාවට දැන් කරන්න තිබෙන දේ තමයි මේ රැඳවියරඳවාගෙන සිටින කාලය අඩු කරන්න යම් ප්‍රවේශයක් ලබා ගැනීම. ඒ අනුව අධිකරණ ඇමතිවරයාට සංශෝධනයක් ගෙන ආ හැකියි. එසේ නැත්නම් මේ පනත යටතේ රඳවා ගැනීම ඉවත් ක්කර සාමාන්‍ය නීතිය යටතේ ප්‍රශ්න කළ හැකියි.

සාමකාමී අරගල හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 

අරගලය සාමකාමී නම් කිසි ලෙසකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහෝ දණ්ඩනීති සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගන්න බෑ. මහේස්ත්‍රාත්වරුන්ගෙන් පවා ම්හිමේ අරගලය නවත්වන්න කියලා ඉල්ලුවාම ඔවුන් කිවිවේ භාෂණයේ හා ප්‍රකාශනයේග්නිදහස, ආඩුව විවේචනය කිරීමේ අයිතිය, ආණ්ඩුවට එරෙහිච්ච හඩක් නැගීමේ අයිතිය ජනතාවට තිබෙන බවයි. සාමකාමීව රැස්වීමේ අවස්ථාව ජනතාවට තිබෙනවා. නමුත් ඒ තුළින් වෙනත් අයගේ අයිතිවාසිකම් කැඩෙනවා නම්, මන හෝ රාජ්‍ය දේපළ විනාශ කරන්න හදනවා නම්, රාජ්‍ය දේපළවලට ඇතුල් වෙන්න තිබෙන ඉඩ වහනවා නම්, ඒ යටතේ අත්අඩංගුවට ගත හැකි බව මේ අවස්ථාවේ දක්වා සිටියා. අරගල කියන දේ ලංකාවේ පමණක් නොවෙයි වෙනත් රටවලත් ඇතිවී තිබෙනවා. නමුත් ජනතාවට ප්‍රවේශ වෙන්න නොදී මරමස්ථාන දවස් ගණන් අත්පත්කරගෙන සිටීම වගේ දේවල් සාමකාමී අරගලයක ලක්ෂණද යන්න පිළිබද ගැටලුවක් තිබෙනවා. හමුදා නිලධාරීන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ඔවුන්ගේ ආයුධ උදුරාගෙන තිබෙනවා නම්, එවැනි අවස්ථාවලදී ආරක්ෂක අංශ විමර්ශනය කරලා අදාළ සැකකරුවන්ව රදවාගෙන ප්‍රශ්න කිරීමේ අයිතියක් තිබිය යුතුයි. ඒ හැර අහිංසක පාගමනක් යනවා නම්, අහිංසකව ජනතාව විරෝධතාවක් දක්වනවා නම් ඔවුන්ව අත්අඩංගුවට ගන්න බැහැ. එහෙම කළොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් යටත්තේ 14වන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. ඒ අනුව මේක තෝරා බේරාගත යුතුයි. මේ විරෝධතා තුළ කඩාකප්පල් ක්‍රියාවනුත් වෙනවා. අපි සාමකාමී විරෝධතාවන්ට කැමතියි. අපි දැක්කා ජනඝෝෂණ නඩුවේදී හිටපු ජර්නාධිපති මහින්ද රාජපක්ෂ මහතා 1994 නවගමුව දේවාලය ඉදිරිපිට බඩු මිල වැඩි වීමට එරෙහිව පුළුල් ලෙස විරෝධය පෑව අවස්ථාවේ ඔවුන්ට ගැවා, ඔවුන්ගේ බර පැලුවා. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වූයේ මෙලෙස විරෝධතා දැක්වීම අයිතියක් බවයි. ඒ අයිතිය මහජනතාවට දිය යුතු බව පැවසුවා. නමුත් කියන්න ඕන මේ විරෝධතාවේදී විරෝධතාකරුවන් අඩුම තරමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටවත් පැන්නේ නැහැ. අපි බැලුවොත් ඇමරිකා එක්සත් ජනයේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ඡන්දයෙන් පරාදවුණාම ඔහුගේ අනුගාමිකයෝ කැපිටල් ගොඩනැගිල්ලට පැන්නා. ඔවුන් විශයන් කළේ. නමුත් මෙලෙස පැන්න කෙනාව අත්අඩංගුවට අරන් අවුරුදු 4ක සිරදඩුවම් දුන්නා. ඒ නිසා අපේ රටේ නීතිය යටත්තේ ප්‍රශ්න කරන්න අයිතිය තිබෙනවා. නමුත්මෙලෙස රඳවාගෙන සිටින්නේ නිවැරදිකරුවෙක්ව නම් අපිට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් යොමු කළ හැකියි. ඒ අනුව අපි දෙපැත්තම සලකා බලන්න ඕන. එක පැත්තකින් කියන්න පුළුවන් ආරක්ෂක අංශ මෙහෙම පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම වැරදි බවත්, මර්දනයක් ක්‍රියාත්මක බවත්. නමුත් මෙහි අනෙක් පැත්තකුත්තිබෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය භුක්තිවිදින ගමන් සිසුන් තමන්ගේ ශිෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථාවක ඒවාට සටන් වදින්න පුළුවන්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත් පාලනයක් වෙනස් කිරිම සඳහා ක්‍රියාකරන්න අවශ්‍ය නම් ඇයි ඒවා නීත්‍යානුකූලව කරන්නේ නැත්තේ? ඡන්දයකදී මේ දේවල්ක්‍රියාත්මක කරන්න පුළුවන්. බඩු මිල ඉහළ යෑම මේ වෙද්දී ලෝකයේ අනෙක් රටවලත්ස්මුහුණ දෙනවා. ඒ අනුව අපි මීට වඩා මේ දෙස බලන්න ඕන. රායට විරුද්ධව කැරලි ගහන එකවත්, රටේ ආරක්ෂාව බිඳ දැමීමවත් නොවෙයි සිදුකළ යුත්තේ. ඒ අනුව සාමකාමී විරෝධතා තුළ යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවෙනවා නම් ඒවා විමර්ශනය සඳහා ප්‍රශ්න කිරීමට හෝ සෝදිසි කරන්නට යම් අයෙක් අත්අඩංගුවට ගත්තොත්, ඒ ගත්ත එක වැරදියි කියලා කියන්නත්රටේ නීති තිබෙනවා. වැරදි ආකාරයකින් යමෙක් අත්අඩංගුවට අරක්ගෙන තිබෙනවා නම් වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කරුණු දක්වන්න පුළුවන්. හබයා කෝපූස් ගේන්න පුළුවන්. කොමියුනිස්ටි රටකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් කියන්නේ පාලකයාගේ ආයුධය කියන එක නිවැරදියි. මේ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නිර්වචනය දෙස බලන්න. ඒනිර්වචනයේ තිබෙනවා ත්‍රස්තවාදී ක්‍රියා කියන්නේ අවි ආයුධ අරන් කරන ක්‍රියා පමණක්ම  නොවේ කියලා. විරෝධතා දක්වන්න අයිතියක් තිබෙනවා වගේම අපි හැම වෙලාවකම බලන්න ඕන රටේ ආරක්ෂාව තියාගන්න. ආයුධ දෙකක්නති වෙලා තිබෙන  පුළුවන්. ඒ හැර වෙනත් දේවල් සිදුවෙන එකක් නෑ. තැනකට සිවිල් ජනතාවට යන්න බැහැ.එල්.ටී.ටී.ඊ සංවිධානයට අනුබද්ධිත සේපෝරා සංවිධාන කිහිපයක තහනම ඉවත් කළාම ජාත්‍යන්තරය අපේටට හොඳ කිවිවා. මේ සංවිධාන රටේ සංවර්ධනයට යොදාගන්න අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් ඔවුන් තවත් කොන්දේසි දමා තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පන්ත යටතේ අත්අඩංගුවට ගත් එල් ටී.ටී.ඊ සාමාජිකයන් 16ක් අපි නිදහස් කළා. මේ වගේ හොඳ දේවල් අපේ රට කළා කියලා ජාත්‍යන්තරය අපිට පැසසුම් කළා. නමුත් අපි බලන්න ඕන රටක අනන්‍යතාවය, රටක පාර්ලිමේන්තුව ගන්න නීති පිළිබඳව ජාත්‍යන්තරයට හැම වෙලාවෙම මැදිහත් වෙන්න දිය යුතුද යන්න. යම් රටක් වැරදි කරලා තිබෙනවා නම් ඒ සම්බන්ධව විවිධ සම්මුතීන් සම්මත කරගෙන තිබෙනවා. ඒවා අපි පැහැදිලිව දැකලා තිබෙනවා. එලෙස අපේරටටත් එරෙහිව සම්මත කරගත් මානව හිමිකම් සම්මුතීතිබෙනවා. විවිධටවල් අපිට එරෙහිව සම්මුතීන් ගෙනෙයි. අපිට එරෙහිව විශාල ලෙස බලපාන දේවල් කරන එකක් නෑ. ඒ අනුව ජී.එස්.පී , වීසා, ආධාර වගේ දේවල් අහිමි කරන්න



(නදීශානි පතිරණ)