Showing posts with label local . 2. Show all posts
Showing posts with label local . 2. Show all posts

Tuesday, August 4, 2020

සම්පායෝ අල්ලාගත්තේ බුද්ධි නිලධාරින්ගේ සාර්ථක මෙහෙයුමකින්


මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය හා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් එක්ව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ පැවසීය. සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ සැගවී සිටි ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත බුද්ධි අංශ නිලධාරීන්  උපක්‍රමශීලී ලෙස ඔහු එම ස්ථානයෙන්  ඉවතට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේය. සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට තාක්ෂණික ක්‍රම මගින් හා දුරකථන විශ්ලේෂණ මගින් තහවුරු කරගත් බවත් පසුව ඔහු උපක්‍රමශීලීව  එම ස්ථානයෙන් ඉවත්කරවා ගෙන පොලිස් භාරයට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මිගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේ කාමරවලට ශීතකරණයක්, මයික්‍රෝවේ උදුනක්, බත් පිසිනයන් දෙකක්, (රයිස් කුකර්) ලබා දී තිබූ බව හිටපු අධිකාරිට  එරෙහිව චෝදනා එල්ල වී තිබූ බවද පොලිස්  මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් පැය මෙම සිද්ධිය හෙළිවීමත් සමගම ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදවා පරික්ෂණ ආරම්භ කළ බවද හෙතෙම පැවසිය. මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව හෙළි වූ තොරතුරු මත නීතිපතිවරයාගේ උපදෙස් අනුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ බවද බවද ජාලිය  සේනාරත්න මහතා කීය. ඒ අනුව සම්පයෝ ඇතුළු සැකකරුවන් සිවුදෙනකු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකළ බවත් ඔවුන් සිවු දෙනාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරුණු බවත් ජාලිය සේනාරන්ත මහතා පැවැසීය.

වරෙන්තු නිකුත් කෙරුණු සෙසු බන්ධනාගාර නිලධාරින් සිවුදෙනා අවස්ථා දෙකකදී අධිකරණයට භාරවීමෙන් පසුව  ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කළ බව ද හෙතෙම කීය. මොවුන් බන්ධනාගාරගතව සිටින සැකකරුවන් ඔවුන් කැමැති වෙනත් බන්ධනාගාර වෙත මාරුකිරිම සඳහා ඥාතීන් වශයෙන් පෙනී සිටිමින් කූඨ ලේඛන සකස්කර ලිපි යොමුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ සම්බන්ධවද පරික්ෂණ කරන බවත් ඔහු කීවේය.

මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ කාමරවලට නීති විරෝධී භාණ්ඩ ලබාදී පහසුකම් සැපයීම, මේ සම්බන්ධයෙන් කූඨ ලේඛන සැකසීම, ඉහත වැරැදි සඳහා ආධාර අනුබලදීම යටතේ ඔවුන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා සංවිධානාත්මක අපරාධකරුවන්ට මේ ආකාරයෙන් නීති විරෝධි ලෙස පහසුකම් ලබාදී මොවුන් මුදල් උපයාගෙන ඇද්දැයිද යන්න සොයාබැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එහිදී නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයාගෙන ඇති බවට හෙළිවුවහොත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොවුන්ට විරුද්ධව ක්‍රියාකරන බවත් ජාලිය සේනාරත්න මහතා පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා මේ බව පැවැසුවේ, පොලිස් මූලස්ථානයේ ඊයේ (23) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය. එහිදී මාධ්‍යවේදීන් ජාලිය සේනාරත්න මහතා ගෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය- සම්පයෝ මහතා අත්අඩංගුවට ගත්තේ පොලිස් බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් කියලා ඔබ කියනවා. නමුත් පළාත් පාලන ආයතන ප්‍රධානියකුගේ සොහොයුරෙකු සහ දේශපාලනඥයකුගේ ආධාරකරුවකු මොහු මෝටර් රථයකින් රැගෙන විත් පොලිසියට බාරදුන් බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මොකක්ද ඇත්ත? 

පිළිතුර-පොලිසිය උපක්‍රමශීලීව තමයි ඔහු එම ස්ථානයට ගෙන්වාගෙන මෙම අත්අඩංගුවට  ගැනීම සිදුකර තිබුණේ. පොලිසිය මුලින්ම ඔහු ඉත ස්ථානය හඳුනාගත්තා. පසුව උපක්‍රමශීලීව එම ස්ථානයෙන් එළියට ගෙන්වාගෙනයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේ.

ප්‍රශ්නය- අනුරුද්ධ සම්පායෝ සහ මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා පාසල් මිතුරන් නේද? මේ අත්අඩංගුවට ගැනීම ඒ අයගේ සැලසුමක්ද?

පිළිතුර- එම හැඳුනුම්කමත් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවුණා. සම්පායෝ මහතාගේ අනුගාමිකයන් මගින් ඔහු කිසියම් රැවටීමකට හසුකර ඔහු රැඳී සිටි ස්ථානයෙන් ගෙන්වා ගත්තා යැයිද කීය.


-ඉන්දිකා රාමනායක-

Thursday, November 14, 2019

යතුරුපැදිය ගවයෙකුගේ හැපී බස්රියකත් ගැටී දෙදරු පියෙක් මියයයි


බිසෝපුර අඹගස්වැව මාර්ගයේ අඹගස්වැව ආසන්නයේ දී ඉකුත් 11 ද සවස 6.45 පමණ බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මරණයට පත් වූ බව මැදිරිගිරිය පොලිසිය කියයි.

අනතුරන් මරණයට පත්ව ඇත් අංක 59, යාය 09පුබුදුගම ලිපිනයේ පදිචි 52 හැවිරිදි විජේකෝන්  මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා නමැති දෙදරු පියෙකි.

බිසෝපුර ප්‍රදේශයේ සිට අඹගස්වැව දෙසට ධාවනය වූ යතුරුපැදිය අඹගස්වැව ආසන්නයේදී මාළිගය අයිනක බැඳ සිටි ගවයකුගේ හැපී අඹගස්වැව ප්‍රදේශයේ සිට බිසෝපුර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදු වූ අවස්ථාවේදීම පැදිකරු මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

පසුව බස් රථයේ රියැදුරු මැදිරිගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ලගන ඇති අතර ඔහු පෙරේදා (12) හිගුරක්ගොඩ මහේස්ත්‍රාරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ලාල් කුලතිලක. පො.සැ. 36087 උදයකුමාර. පො.සැ. 27072 සරත් කුමාර. පො.කො. 42281 ගමගේ යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

(මැදගිරිය චාපා මධුභාෂිණී සහ හිගුරක්ගොඩ ඩබ්ලිව්.ඒ.පියතිලක)

Tuesday, October 22, 2019

වයස අවුරුදු 5 නොයික්මවූ ශ්‍රී ලාංකේය දරුවන්ගෙන් 15.1% කෘෂබවින් පෙ‍ළෙයි



වයස අවුරුදු 5 නොඉක්මවූ ශ්‍රී ලාංකේය දරුවන්ගෙන් 15.1%ක් කෘෂබවින් පළෙන බවත්, ලෝක
සමීක්ෂණවලට අනුව පහළ හා මධ්‍යම ආදායම් ලබන රටවල් 10ට අයත් ශ්‍රී ලංකාවට හිමිව ඇතේ නේපාලය, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානයටද වඩා පහළ ස්ථානයක් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන මිලියන 6ක් වන දරුවන් වෙනුවෙන් ඉටුවිය යුතු ප්‍රමුඛ වගකීමි 6ක් හඳුන්වා දෙන යුනිසෙෆ් ආයතනය, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයකුම ඒ කෙරෙහි අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියි.

උසට සරිලන ප්‍රමාණයට වඩා දරුවෙකුගේ මහත සැලකිය යුතු පරිදි අඩුවීම කෘෂ බව සේ සැලකෙන අතර, ආසන්න කාලයේදී වේගවත් ලෙස බර අඩුවීම හෝ බර නිසි පරිදි වැඩි නොවීම මීට හේතුවයි. මෙසේ වයසට සරිලන උස දරුවෙකුගේ සිරුරෙහි දක්නට නොලැබෙන්නේ නම් එය වර්ධන උවණතාවක් ලෙස සැලකයි. වර්ධන ඌණතා ඇතිවීම නිසා දරුවන් දැඩි කායික සහ මානසික ආබාධවලට ලක්විය හැකිය. එවැනි ආබාධ යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි වන හා ජීවිත කාලය පුරාම පවතින දැඩි කායික හා මානසික ආබාධිත තත්ත්වයන් විය හැකි වන අතර, එම බලපෑම අනාගත පරපුරටද හානිකර විය හැකිය.

දරුවෙකුගේ ජීවිතය ගොඩනැංවීම්  මූලික අවශ්‍යතාවක් වන පෝෂණය, සෞඛ්‍ය සම්පන්න  හා ඵලදායි පුද්ගලයකු බවට පත්වීම පිණිස අවශ්‍ය අඩිතාලම බව පෙන්වා දෙන යුනිසෙෆ් ආයතනය, එය දරුවන් වෙනුවෙන් අපට කළ හැකි
අතිශය වැදගත් ආයෝජනයක් බව කියයි.

සෞඛ්‍යාරක්ෂාව හා සම්බන්ධ විශාල පියවර කිහිපයක් ඉදිරියට තැබීමට ශ්‍රී ලංකාව සමත් වුවත්, මාතෘ, ළදරු සහ වැඩෙන දරුවන්ගේ මන්දපෝෂණය තවමත් ප්‍රධාන ගැටලුවක් බව පෙන්වා දෙන යුනිසෙෆ් ආයතනය, ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන් දැඩි මන්දපෝෂණය හෙවත් කෘෂ බවින් තා නිදන්ගත මන්දපෝෂණය හෙවත් වර්ධන ඌණතාවයෙන්ද පෙළෙමින් සිටින බව අවධාරණය කරයි. එමගින් දරුවන් සෞඛ්‍ය වැඩීම හා සංවර්ධනයට හානිවීම, ඔවුන්ගේ අධ්‍යාපනය අඩාළවීම මෙන්ම, පසුකාලීනව ඔවුන්ගේ පුද්ගල සෞඛ්‍යය හා කාර්ය ඵලදායීතාව සීමාවීමද සිදුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව, මෙවර ජනපතිවරණ අපේක්ෂකයන්ගේ අවධානය යොමුකරන සුළබ වගකීම් 6 අතර, යුනිසෙෆ් ආයතනය විසින් මුලින්ම ඉදිරිපත් කරන 'ළමා මන්දපෝෂණය මුළුමනින්ම පිටුදැකීම්' වගකීම පියවර කිහිපයක් ඔස්සේ සාක්‍ෂාත් කරගත හැකිවනු ඇති බව ඔවුන් කියයි. එනම්, ශ්‍රී ලාංකේක්ය දරුවගේ,විශේෂයෙන්ම වයසඅවුරුදු 2 නොඉක්මවන්නන්ගේ මන්දපෝෂණ ගැටලුවට විසඳුම් ලෙස තහවුරුව තිබෙන පියවර වැඩි වශයෙන් වන කිර්මත්, ඒ සඳහා අරමුදල් සැපයීම හා සහයෝගය ලබාදීමත්, 2018-2019 පෝෂණය සඳහා වූ බහු ක්ෂේත්‍ර කාර්ය සැලසුම ක්‍රියාවට නැවීමත්, දැඩි මන්දපෝෂණය මැඩලීමට කරන ප්‍රතිකාර සත්කාර සඳහා ජන සමාජ පදනමින් ආයෝජනය කිරීම මඟින් දරුවන් වැඩි පිරිසකට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමත් ආදී වූ පියවර ඔස්සේ මිලියන 6ක් වූ ශ්‍රී ලාංකේය දරුවන් වෙනුවෙන් මම යුතුකම් ඉටුකරන ලෙස යුනිසෙෆ් ආරාධනා කර සිටියි.

ෂමිල පෙරේරා