Showing posts with label crime. Show all posts
Showing posts with label crime. Show all posts

Wednesday, May 27, 2026

අධිබලැති යතුරුපැදියට වෙනත් යතුරු පැදියක අංක සවිකරලා: දෙදෙනෙක් දැලේ

 

චමිලා අල්විස්


හොරණ මීවනපලාන ප්‍රදේශයේ නිවසක තිබූ බලපත්‍ර නොමැති නීතිවිරෝධී ලෙස විදෙස් රටකින් මෙරටට ගෙන්වා තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් අධිබලැති යතුරුපැදියක් සහ එම යතුරුපැදිය සඳහා ව්‍යාජ අංක තහඩු හා ලේඛන ලබාදුන් බව කියන තවත් යතුරුපැදියක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මීවනපලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 සහ 35 අතර පුද්ගලයන් දෙදෙනෙකි.

පොලිසිය සඳහන් කළේ ජාඇල ප්‍රදේශයෙන් මිලදී ගෙන තිබූ මෙම අධිබලැති යතුරුපැදියට මීවනපලානේ පුද්ගලයෙකු විසින් තම යතුරු පැදියේ අංක තහඩු හා ලේඛන ලබාදී ඇති බවයි. එකම අංකයෙන් ධාවනය වන යතුරුපැදි දෙකක් හොරණ ප්‍රදේශයේ පවතින බවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රොහාන් විශ්වනාත් මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.


අදාළ අධිබලැති යතුරුපැදියේ මුල් හිමිකරු ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.මෙම යතුරුපැදිය යොදාගෙන කිසියම් අපරාධ සිදුකර ඇත්දැයි සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යතුරුපැදි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Monday, January 12, 2026

කොකේන් ළග තබාගත්තැයි නීතිඥ 2ක් එක්ක 5ක් අත්අඩංගුවට

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැලිගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (10) වටලා කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 860ක් ළඟ තබාගෙන සිටි බව කියන නීතිඥවරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියමින් මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥවරයා සමග එම හෝටලයේ කාමරයක ලැගුම්ගෙන සිටි තවත් නීතිඥයකු ඇතුළු සිවු දෙනකු ද සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.


වැලිගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම නීතිඥවරු දෙදෙනා ඇතුළු පස්දෙනා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.එසේ අත්අඩංගුවට ගත් නීතිඥයන් දෙදෙනාගෙන් එක් අයකු ළග කොකේන් මත්ද්‍රව්‍ය තිබී සොයා ගැනීමට හැකිවිණි යැයි පොලිසිය කියයි.මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියැයි අත්අඩංගුවට ගත් විසි අටවන වියේ නීතිඥයා කුරුණෑගලට නුදුරු ප්‍රදේශයක පදිංචිකරුවකු වන අතර අනෙක් නීතිඥයා කුලියාපිටියට නුදුරු ප්‍රදේශයක පදිංචිකරුවෙකි.සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා සහ මැණික්හින්න මාවතගම පදිංචිකරුවෝ වෙති.

Friday, October 10, 2025

බියගම හෝටලයක සූපවේදී පුහුණුවට ආ තරුණියන් දෙදෙනකුට අතවර කළ සූපවේදියා රිමාන්ඩ්

 


 බිහදු විනුවර 


බියගම, ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයකට සූපවේදී පාඨමාලාව හදාරා අමතර පුහුණුව ලබාගැනීම සඳහා පැමිණි තරුණියන් දෙදෙනකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන සූපවේදියා මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර අංක 02 අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියම කරනු ලැබීය.


විවාහක සූපවේදියකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙහිදී බියගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සුසන්ත මහතා (35328) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේය. මේ තරුණියන් දෙදෙනා සුපවේදී අඩුණු පාඨමාලාවක් හදාරා අතර පුහුණුව ලබාගැනීම සඳහා එම ප්‍රධාන පෙළේ හෝටලයට පැමිණ තිබෙනවා. ඔවුන් ප්‍රධාන සූපවේදියා යටතේ පුහුණුව ලබමින් සිටියා. ඒ අතරතුර ඔහු එම තරුණියන්ගේ ඇඟපත අතගෑම් ආදී නොහොඹිනා දේවල් සිදුකර තිබෙනවා. මේ ගැන ඔවුන් එහි වගකිව යුතු නිලධාරීන්ටද දන්වා තිබෙනවා. ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව විමර්ශනය කර ඔහු අත්අඩංගුවට ගත්තා.


Friday, July 25, 2025

සුද්දි මැරුවේ ඩුබායි වලින් දුන් කොන්ත්‍රාත්තුවකට

 



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


මැදනාත්තන්ඩිය වික්‍රමසිංහ මාවතේදීඝාතනය කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාව ගේ ඝාතනය ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පැවසෙන පුද්ගලයකු දුන් කොන්ත්‍රාත්තුවක් මත ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ඊයේ (24) අනාවරණය කළේය.

 

ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ මත්ද්‍රව්‍ය ජාවාරමිකාරිය අතර දුරකතනයෙන් බහින්බස්වීමක් සිදුවී ඇති බව පැවසේ. මෙය පාතාල වෙඩික්කරුවන්ගේ ක්‍රියාවක් බවට පොලිසිය සැක කරයි. රුපියල් හාරදහසක් වටිනා මත්ද්‍රව්‍ය පැකට් දෙකක් රැගෙන එන ලෙස දුරකථන ඇමතුමකින් දැනුම් දීමෙන් පසු ඇය සිය දස හැවිරිදි නිවුන් දරුවා සහ තවත් දෙදෙනකුද කැටුව ත්‍රිරෝද රථයකින් ඇයගේ මවගේ නිවස ආසන්නයට ඉකුත් 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගිය අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක්වී මරුමුවට පත්වූවාය. වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ දස හැවිරිදි නිවුන් දරුවාද තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.


වෙඩිකා මියගිය කාන්තාව පරිහරණය කළ ඇයගේ ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන එයට ලැබී ඇති එම ඇමතුම් සම්බන්ධයෙන් සොයා බලා ඒ ඔස්සේ සැකකරුවන් අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පැවැත්වීම සඳහා වෙනම පොලිස් කණ්ඩායමක් යොදවා ඇත. වෙඩි ප්‍රහාරයෙන් මැරුම් කා තිබුණේ මාරවිල, මරද, ඉද්දමල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ වසන්ති චතුරානි(30) හෙවත් සුද්දි නමැති තිදරු මවකි.


Monday, December 9, 2024

‘කොස් මල්ලිගේ’ ගෝලයෙක් ලක්ෂ 10ක කුඩුත් එක්ක මාට්ටු

 


 


 බිමල් ශ්‍යාමන් ජයසිංහ


විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය  ජාවාරම සහ සංවිධානාත්මක  අපරාධ  මෙහෙයවන කොස් මල්ලි” නැමැත්තාගේ සමීපතම සාමාජිකයකු රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50ක් පොලිස් බාරයට ගෙන ඇත.


දෙහිවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනෙවිරත්නමහතා  ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් දෙහිවල කඩවත පාර ප්‍රදේශයේ අපරාධ වැළැක්වීමේ රාජකාරී නිරතව සිටියදී සැකපිට මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි. සැකකරු දැඩි ලෙස පරීක්ෂා කිරීමේ දී හැඳ සිටි කලිසමේ සාක්කුවේ සඟවාගෙන සිටි මෙම මත්කුඩු තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.


ඉකුත් මාස කිපය තුළ කොස් මල්ලි" නැමැති පාර්ශවය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සංවිධානාත්මක අපරාධකරුවකු වන අසංක නැමැත්තාගේ පාර්ශවයේ කල්ලි දෙක අතර සිදුවූ වෙඩි තබා ගැනීම්වලින් පුද්ගලයන් දෙනකු මරුමුවට පත්වූ අතර ඒ හේතුවෙන් දෙපාර්ශවයේම සාමාජිකයන් ඉතා රහසිගතව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බව බුද්ධි අංශ මගින් වාර්තා වී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල නැදිමාල පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු වන අතර මීට පෙරදි අවස්ථා කිහිපයක දී මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත් වූවෙකු බව උසස් පොලිස් නිලධාරියකු වැඩිදුරටත් පැවසීය.


Wednesday, October 23, 2024

නිවෙස් හිමියා ඝාතනය කර භාණ්ඩ සොරාගෙන

 

සුමිත් පොතුපිටිය 


නිවසක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු නිවෙස් හිමියා ඝාතනය කර මළ සිරුර කෙසෙල් පඳුරක් අස්සේ සඟවා නිවසේ රූපවාහිනී යන්ත්‍රය, ගෑස් සිලින්ඩරය සහ ගෑස් ලිප සොරකම් කර පළා ගොස් ඇතැයි පානදුර දකුණ පොලීසිය සඳහන් කරයි.


පානදුර මිනුවන්පිටිය, ගජබා මාවතේ පදිංචිව සිටි ඩීමන් ජයරත්න (77) නමැති දෙදරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.මියගොස් ඇති පුද්ගලයා පෞද්ගලික ආයතනයක සේවය කර බිරිඳ සමග විවේකීව නිවසේ රැඳී සිට ඇති අතර බිරිඳ පෙරේදා (21) නිවස අසල රැකියාවට ගොස් නැවත පැමිණීමේදී සැමියා නිවසේ නොමැති බව දැන පානදුර දකුණ පොලීසියට පැමිණිලි කර ඇති බව පොලීසිය කීය.


ඝාතකයා නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය, ගෑස් සිලින්ඩරය ඇතුළු දේපොළ සොරකම් කර ඇති බවට බිරිඳ විසින් පැමිණිල්ලක් කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.ඒ අනුව පොලීසිය විසින් පෙරේදා (21දා) නිවස පර්ක්ෂා කර ඇති අතර, ඊයේ දිනද පොලිස් නිලධාර්න් පර්ක්ෂා කිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අස්සේ සඟවා තිබූ මළ සිරුර හමු වූ බවද පොලීසිය කීය.පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීර්න් පරීක්ෂණ සිදු කළ අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකි මට නියමිතව තිබිණි. පානදුර දකුණ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


Wednesday, July 17, 2024

ඩුබායි කුඩු ජාවාරමාගේ ජාවාරම්කාරියක් අයිස් ඒක්ක මාට්ටු



මේ වනවිට ඩුබායි රටේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම දුරකතන මගින් සිදුකරනු ලබන ප්‍රධාන ජාවාරම්කරුගේ ජාවාරම්කාරියක රාවතාවත්ත ප්‍රදේශයේ නිවසේ දී හෙරොයින් මිලි ග්‍රෑම් 4450 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 900 ක් හා ඡාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 214,800/= ක මුදලක් ද සමඟ ඉකුත්දා (14) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

සැකකාරිය රාවතාවත්ත ප්‍රදේශයේම පදිංචිව සිටින වයස අවුරදු 21 ක් වන අවිවාහක අයෙකු වන අතර, ඇයගේ මව, පියා, නැන්දම්මා සහ විවාහ ගිවිස ගැනීමට සිටින තරුණයා ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මේ වනවිටත් බන්ධනාගාරගතව සිටින බැවින් එම ජාවාරම මෙම තරුණිය විසින් සිදුකරගෙන යමින් මත්ද්‍රව්‍ය රාවතාවත්ත, මොරටුව, කොරලවැල්ල,බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, පානදුර යන ප්‍රදේශවලට දීර්ඝකාලීනව බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පැවසීය.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා වෙත ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම් ඒකකයේ උපපොලිස්  පරීක්ෂක සඳරුවන් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබ සිදුකළ මූලික විමර්ශනයට අනුව ප්‍රධාන ජාවාරම්කරුවන් පිළිබඳව අනාවරණය වීම නිසා අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා තබා වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යනු ලබන බව පොලීසිය කියයි.

 එච්.එම්. ධර්මපාල

Monday, May 6, 2024

කුරුණෑගල තරුණයා අතුරුදන් වීම



කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී පෙරේදා (4) සොයාගත් බව විල්ගමුව පොලිසිය සදහන් කරයි.මාතලේ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වෑන් රථය සියුම් ලෙස සෝදිසි කිරීමේදී වෑන් රථය තුළ තැවරී තිබූ ලේ පැල්ලම් බවට සැක කළ හැකි රතු පැහැති පැල්ලම් දෙකක් සොයා ගැනීමට හැකිවී ඇතැයි පොලිසිය පැවැසීය.එම පැල්ලම්වල සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි. තරුණයා අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තාගේ මස්සිනා කුලියාපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් දින දෙකකට යැයි කියා පසුගිය අප්‍රේල් 22 වැනිදා මෙම වෑන් රථය ඉල්ලාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිගිති නමැත්තාගේ මස්සිනා ඊට කලින් මෝටර් රථයක් මෙම ස්ථානයෙන් කුලී පදනම මත රැගෙන ගොස් එය නැවත බාරදී විල්ගමුවෙන් සොයාගත් මෙම වෑන් රථය කුලී පදනම මත රැගෙන ගොස් තිබූ බව ද පොලිසිය සඳහන් කළේය. කුලියාපිටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් මෙම මෝටර් රථය ද පරීක්ෂා කර බැලීමෙන් ලේ පැල්ලමක් යැයි සැක කළ හැකි පැල්ලමක් තිබී සොයාගෙන තිබිණි.විල්ගමුව සතිපොළට හැරෙන හන්දියේ ඒ.ටී. එම් යන්ත්‍රය අසල දින දෙකක් තිස්සේ සිට අයිතිකරුවකු නොමැති සැකකටයුතු වෑන් රථයක් තිබෙන බවට විල්ගමුව පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මෙම වෑන් රථය සොයාගෙන ඇත. 

මෙම වෑන් රථය විල්ගමුව ප්‍රදේශයට ගෙනැවිත් දැමුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ප්‍රධාන සැකකරු සිඟිති නමැත්තා ඔහුගේ මස්සිනා ඇතුළු පිරිස විල්ගමුව ප්‍රදේශයේ සිටින බවට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් නොමග යැවීමට විය හැකි යැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට සැක මතු වී ඇතැයි කියති. වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා මෙම තරුණයා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අමතරව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

මීට අමතරව පොලිස් බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායම් කිහිපයක් ද සැකකරුවන් ගැන තොරතුරු අනාවරණය කිරීමට යොදවා තිබෙන බව කුලියාපිටියෙන් ලැබෙන පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. අතුරුදන්ව සිටින තරුණයා ගැන හෝ ඔහු අතුරුදන් කිරීමට සම්බන්ධ සිඟිති නමැත්තා ඇතුළු අය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Wednesday, April 24, 2024

හොරෙන් ගෙන්වූ සැප වාහන112ක් විකිණිම නවතයි

 



රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජතොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 112ක් පැවරීම හෝ අන්සතු කිරීම වළකාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාර්ස් ජනරාල්වරයාට නියෝගයක් ඊයේ (22) නිකුත් කළේය.

අති සුඛෝපභෝගි මෙම වාහන 112ක් හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරන්නෙ යැයි කියමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම තහනම් නියෝග නිකුත් කෙරිණි.සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද සමගින් නඩු 112 ක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය 2015 සිට 2022 දක්වා කාලය තුළ අධි සුඛෝපභෝගී වාහන 178ක් හොර රහසේ මෙරටට ආනයනය කර ඇති බව අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි කීවාය.

එලෙස හොර රහසේ මෙරටට ආනයනය කළ අති සුඛෝපභෝගී රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවල දී හෙළි වූ බව දැනුම් දුන් අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය එලෙස ලියාපදිංචි කළ මෝටර් රථ අතර රුපියල් කෝටි 04 සිට 06 දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ, ලැන්ඩ් කෲසර්, අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර් රථ ඇතුළු වාහන ඇතැයි ද මෙමඟින් රජයට රුපියල් කෝටි 700 කට අධික පාඩුවක් රජයට කර ඇතැයි ද කීවාය. 

මෙම සුඛෝපභෝගී රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇතැයි කී සම්බන්ධ ප්පෙරුම මහත්මිය සුඛෝපභෝගී මෝටර් රථවල වත්මන් ලියාපදිංචි අයිතිකරු නම්කර වටිනාකම සඳහන් දළ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් අදාළ රථ වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වන්නැයි ඉල්ලා සිටියාය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා අදාළ අධි සුඛෝපභෝගි මෝටර් රථ පැවරීම හෝ අන්සතු කිරීම වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළේය.

රෝෂන් තුෂාර

Monday, August 12, 2019

අතුරුගිරියේ හිමිනමක් පැහැරගෙන යන්න තැත් කරලාලු







අතුරුගිරිය ගල්පොත්ත ශ්‍රී ධර්ම විචිත්‍රාරාම විහාරාධිපති  මස්මඩිගේ විජිත හිමියන් නාදුනන පුද්ගලයන් සිවුදෙනකු විසින් පෙරේදා (10) දහවල් උපක්‍රමශීලීව වෑන් රථයකට නංවාගෙන පැහැරගෙන යාමට උත්සාහ කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි.

විජිත හිමියන් බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැවැසීය.

විහාරාධිපති හිමියන් පැහැරගෙන යාමට පැමිණි සිවුදෙනා ළහ තවත් හිමිවරුන් තිදෙනකුගේ ඡායාරූප ද තිබී ඇති අතර  එම ඡායාරූප ද පොලිස් බාරයට ගෙන ඇත.

ශ්‍රී ධර්ම විචිත්‍රාරාම විහාරස්ථානයට පෙරේදා (10) උදේ වෑන් රථයකින් නාඳුනන පුද්ගලයන් සිවුදෙනකු පැමිණ විජිත හිමියන් බැහැදැක ඇති අතර හෝමාගම රෝහලේ මරණීය ප්‍රතිකාර ලබන තම මවට පිරිත් කියා පිරීත් නූලක් ගැට ගැසීමට එන ලෙස ඒ සිවුදෙනා අතරින් කෙනෙක් විජිත හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය කියයි.

විජිත හිමියන් ඒ සඳහා සුදානම් වීමට විහාරය තුළට ගිය අවස්ථාවේ, විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරස්ථානයෙන් පිටතට වැඩම කර සිටි හිමිනමක් දුරකතන ඇමතුමක් ලබාදී තිබේ.

වෑන් රථයකින් පැමිණි නාඳුනන සැකකටයුතු සිවුදෙනකු විහාරස්ථානයට නුදුරින් පිහිටි වේළඳසලකින් විජිත හිමියන්ගේ ඡායාරූපය පෙන්වා විස්තර විමසූ බවට ඇමතුම ලබාදුන් හිමිනම පවසා ඇතැයි පොලිසිය කියයි.

වෙළෙඳසල් හිමියන් මේ බව තමාට දුරකතන ඇමතුමක් ලබාදී දැනුම් දුන් බවට ද විජිත හිමියන්ට ඇමතුම් ලබාදුන් හිමිනම පවසා ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කිය.

විහාරාධිපති හිමියන් ලබාදුන් එම දුරකතන ඇමතුමෙන් පසු වෑන් රථයෙන් පැමිණ සිටි පුද්ගලයන් සිවුදෙනාත් මේ ගැන විමසා එක් පුද්ගලයකු අතර තිබූ ෆයිල් කවරයක් පිත හිමියන් විසින් උදුරාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

 මේ අවස්ථාවේ කලබලයට හා බියට පත්වූ බව කියන එම  සිවුදෙනා වෑන් රථයේ නැගී පළාගොස් ඇති අතර පසුව විජිත  හිමියන් මේ ගැන අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.

විහාරස්ථානයේ සවිකර ඇති සීසීටීවී කැමරාවේ මෙම සිද්ධිය පටිගත වී ඇති බවත් එම රූප රාමු පරික්ෂා කර බලා  සැකකරුන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

Thursday, August 1, 2019

පැහැරගෙන ගිහින් ගහලා-තර්ජනය කරපු නිසා සැඟවී ගෙදරම සිටි එක්දරු පියා පොලිසියෙන් රෝහල්ගත කරවයි





ව්‍යාපාරිකයෙකුගෙන් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව සිටි අයෙකු රෝහල්ගත කිරීමට පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීහු පියවර ගෙන තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ බණ්ඩාරගම, වල්ගම, කොස්හේන පාර පදිංචි එක්දරු පියෙකු වන කල්පගේ තරිඳු සඳරුවන් (අවු.26) නමැත්තෙකි.  පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු, ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පැහැර ගැනීමට යොදාගත් සුඛෝපභෝගී වෑන් රථයක්, පහරදීම‍ට යොදාගත් මොට ආයුධයක් හා පහර කෑ පුද්ගලයාගේ නිවසින් රැගෙන ගිය රූපවාහිනී යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන තිබේ.

අමානුෂික අයුන් පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු පොලීසියට පැමිණිලි කිරීමට බියව සිටින බවට පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන මහතාට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ ඒ මහතා ඒ සම්බන්ධව වහා සොයා බැලීමට පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාට කළ දැනුම් දීමක් අනුව එම පුද්ගලයා පානදුර මූලික රෝහලට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

බණ්ඩාරගම, නගරයේ තුරග තරඟ මධ්‍යස්ථානයක සේවය කළ පහර කෑමට ලක්වූ  පුද්ගලයා රුපියල් දාහත් දහසක මුදලක් සොරා ගත්තැයි පවසා ඉකුත් 24දා අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම පහරදීම සිදුකර තිබුණි.

එහිදී අදාළ ව්‍යාපාරිකයා අගතියට පත් පුද්ගලායාගේ නිවසට පැමිණ, ඔහුව වෑන් රථයකින් නිවසෙන් රැගෙන ගොස් පහරදී මේ බව කිසිවෙකුට නොපවසන ලෙසට තර්ජනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

 පහර කෑ පුද්ගලයා සිය බිරිඳට හා මවටද. තමන්ට පහර දුන් බව නොපවසා යතුරුපැදියේ ගමන් කරන විට වැටුණු බවට සඳහන් කර තිබේ.

පසුදින (25දා) නැවත සුඛෝපභෝගී වෑන් රථයකින් පැමිණ තිබූ පහරදීමට සම්බන්ධ ව්‍යාපාරිකයා නිවැසියන්ට සැක නොසිතන ලෙස පුද්ගලයාව නැවතත් නිවසින් පිටතට රැගෙන ගොස් ඔහුට අමානුෂික අයුරින් පහරදී නිවසට ගෙනගොස් දමා ඇති බවත්, එලෙස පහර දීමෙන් අනතුරුව ඒ බව කිසිවෙකුට හෝ පැවසුවහොත් තම බිරිඳ හා දරුවන් මරා දමන බවටද අදාළ ව්‍යාපාරිකයා තර්ජනය කළ බවටද පහර කෑ පුද්ගලයා කළ ප්‍රකාශයක සඳහන් වේ.

රුපියල් ලක්ෂ තිහක මුදලක් සොරාගත් බවට පිළිගන්නා ආකාරයෙන් තමා ලවා බලහත්කාරයෙන් ලිපියක්ද අදාළ ව්‍යාපාරිකයා විසින් ලියවාගත් බවත්, සැකකාර ව්‍යාපාරිකයා පහරකෑමට ලක්වූ පුද්ගලයා සොරාගත් මුදලට නිවසේ රූපවාහිනිය රැගෙන ගොස් ඇති බවත්  ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වේ.

-බිමල් ශ්‍යාමන්-

Wednesday, July 31, 2019

හමුදා වෙඩි ප්‍රහාරයෙන් මියගිය වෑන් රථ කොල්ලකරු කොස්ගොඩ තාරකගේ ගෝලයෙක්








යතුරු පැදියකින් ගොස් මත්තේගොඩ කිරිගම්පමුණුවේ දී පෙරේදා (29) රාත්‍රියේ වෑන් රථයක් කොල්ල කා එම වෑන් රථය ද සමග පලායන අවස්ථාවේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී හමුදාව සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කොල්ලකරු කොස්ගොඩ තාරක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණස්කර මහතා පැවසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බලංගොඩ මෙගොඩ කිරිදියගල පදිංචි කෝදාගොඩගේ ප්‍රියන්ත (47) හෙවත් "ඔවුටා" නැමත්තා බවත් මොහු කොස්ගොඩ තාරක නැමැත්තා සමග එක්ව මිරිහාන ප්‍රදේශයේ බැංකු කොල්ලයක් ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇති පුද්ගලයෙකු බවද රුවන් ගුණස්කර මහතා කියා සිටියේය.

මෙම වෙඩි තැබීමත් තුවාල ලබා සිටි සෙසු සැකකරු උඩුගම්පොල අස්ගිරිවල්පොල පදිංචි ජයසිංහ ආරච්චිලාගේ සලුජ නිකෝ ශාන්ත (37) නමැත්තා බවත් ඔහු පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහල් තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

වාද්දුව මාර්ග බාධකයේදී හමුදා සෙබළුන් මෙම වෑන් රථය නැවැත්වීමට උත්සාහ කිරිමේදී එම මාර්ග බාධකය හමුදා සෙබළුන් මෙම වෑන් රථය ඉදිරියට ධාවනය කරවීම හේතුවෙන් වෑන් රථයේ ගැටී හමුදා සෙබළුන් දෙදෙනකු තුවාල ලබා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානය රියේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙම සැකකරුවන් දෙදෙනා පෙරේදා (29) රාත්‍රි 7.30 පමණ යතුරුපැදියෙන් මත්තේගොඩ කිරිගමුණුව ප්‍රදේශයට පැමිණ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් නවතා එහි රියදුරුව ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් හිසට එල්ල කර වෑන් රථය කොල්ලකා පළාගොස් ඇති බව ද රුවන්  ගුණසේකර මහතා පැවැසීය.

 එම වෑන් රථයේ රියැදුරු වහාම සිද්ධිය කහතුඩුව  පොලිසියට දන්වා කොල්ලකරුවන් ගමන්ගත් වෑන් රථයේ ප්‍රදේශ හදුනාගත හැකි ජී.පී.එස්. තාක්ෂණ උපකරණයක්  කර ඇති බවට ද දැනුම් දී ඇත.

ජී.පී.එස්. තාක්ෂණය අනුව මෙම වෑන් රථය අඟුරුවාතොට දෙසට ගමන් ගන්නා බවට අනාවරණය කරගෙන කහතුඩුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසියට දැනුම් දී ඇති බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.

අඟුරුවාතොට ප්‍රදේශයේ දී පොලිසිය මෙම වෑන් රථය නැවැත්වීමට අණ කළද එම අණනොතකා වෑන් රථය ධාවනය කරවීම හේතුවෙන් අඟුරුවාතොට පොලිසියේ පොලිස් නිලධාරිහු සිව් දෙනෙක් යතුරු පැදි දෙකකින් මෙම වෑන් රථය පසුපහ හබා ගොස් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

 මෙම වෑන් රථය කළුතර දෙසිත් ගාලු පාරේ කොළඹ දසට අවතීර්ණ වන බවට එහි සවිකර තිබූ ජී.පී.එස්. තාක්ෂණයෙන් පොලිසිය අනාවරණය කරගෙන ඒ සම්බන්ධයෙන් ඒ ආසන්නයේ පිහිටි වාද්දුව පොලිසියට දැනුම් දී ඇති අතර වාද්දුව පොලිසිය නගරයේ පිහිටි යුද හමුදා හා පොලිස් ඒකාබද්ධ මාර්ග බාධකයට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මාර්ග බාධකයේ සිටි යුද හමුදා නිලධාරින් කිහිප දෙනකු මෙම වෑන් රථය නැවැත්වීමට උත්සාහ කිරීමේදී වෑන් රථයේ ගමන් ගත් කොල්ලකරුවෝ වෑන් රථය යුද හමුදා සෙබළුන් දෙදෙනකුගේ ඇගේ හප්පාගෙන පලා යන අතරේ හමුදාව මුල්ම වෙඩි ප්‍රහාරය වෑන් රථය වෙත එල්ල කළ ද වෙඩි ප්‍රහාර හමුවේ වෑන් රථය කොළඹ දෙසට ගමන් ගෙන තිබූ බව ගුණසේකර මහතා පැවසීය.

වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් වැටලීමකට ගොස් කැබ් රථයකින් යළිත් එන අතරේ මාර්ගයේ අධික වේගයෙන් වෑන් රථයක් කැබ් රථය ඉස්සර කරන අන්දමත් එම වෑන් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් වෑන් රථයක ගැටුනද නොනවත්වා කොළඹ දෙසට ගමන් ගන්නා අයුරු ද නිරීක්ෂණ වී ඇති බවද ගුණස්කර මහතා සඳහන් කළේය.

වලාන ඒකකයේ පොලිස් නිලධාරීන් ගමන් ගත් කැබ් රථයඳ මෙම වෑන් රථය පසුපස හඹාගොස් ඇති බවත්, අඟුරුවාතොට පොලිස් නිලධාරීන් සිව්දෙනා ද මෙම වෑන් රථය පසුපස යතුරු පැදිවලින් හඹා යමින් සිට ඇති බවද ගුණසේකර මහතා කීය.

වෙඩි වැදුණු තුවාලකරුගේ තත්වය බරපතළ  හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන්  පසු එම කොල්ලකරු මියගොස් ඇත.

වෙඩි ප්‍රහාර හමුවේ පලාගිය සෙසු සැකකරු සොයා ප්‍රදේශයේ පැය දෙකක කාලයක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිංවත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ ලග කැලෑවක සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට පත්විය.

ඔහුගේ පාදයකට වෙඩි වැදී තුවාල සිදුවී ඇති අතර වාද්දුව මාර්ග බාධකය හමුදා සෙබළුන් හප්පා වෑන් රථය පලා යන අවස්ථාවේ හමුදාව සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් එම කොල්ලකරු තුවාල ලබා සිටි බව රුවන් ගුණස්කාර මහතා කියා සිටියේය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබුණි.

-ඉන්දිකා රාමනායක-

නුගේගොඩ ව්‍යාපාරිකයා ඝාතනය කළ පුද්ගලයින්ට පලායෑමට උදවු කළ අයෙක් කොටු





නුගේගොඩ, ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කර, තවත් ව්‍යාපාරිකයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකුට පලා යෑමට ආධාර අනුබල දුන් බවට පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝට්ටේ නගර සභාවේ රියැදුරෙකි. ඝාතනයට පැමිණි සැකකරුවන් පැලඳ සිටි බවට පැවසෙන ආරක්ෂක හිස් වැසුම් දෙක අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවාස  ඉදිරිපිට සඟවා තිබියදී හමු වූ බව පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා යතුරුපැදිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක සඟවා, ආරක්ෂක හිස් වැසුම් දෙක අත්අඩංගුවට ගත් පුද්ගලයාට ලබාදී එය සඟවා තබන ලෙස පවසා ඇති බවත්, අනතුරුව එම පුද්ගලයා ලවා ත්‍රිරෝද රථයක් ගෙස්වාගෙන අත්තිඩිය, බෙල්ලන්තර දක්වා ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

එසේ පැමිණි පුද්ගලයන් අතර සංවිධානාත්මක අපරාධකරුවෙකුද සිට ඇති බවත්, එම පුද්ගලයා මේ වන විට ඩුබායි රටට පලාගොස් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. සිද්ධියට අදාළ සැකකරුවන් බෙල්ලන්තර දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරාගෙන්ද ප්‍රකාශ ලබාගත් බච පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතව තිබිණි. 

බන්ඩාරගම - බිමල් ශ්‍යාමන් 

Tuesday, July 30, 2019

සමන්තුරේ මවක් ගෙල කපා මාස 09ක නිවුන් සිඟිත්තන් දෙදෙනා මරලා.

අම්පාර සමන්තුර, පොලිස් බල  ප්‍රදේශයේ නින්දවුර්  පදිංචි කාන්තාවක්  මාස නවයක් වයසැති තම නිවුන් දරු
දෙදනාගේ ගෙල  කපා ඔවුන් මරා දමා ඇතැයි වාර්තා වේ.

 මෙසේ මියගොස්  ඇත්තේ සේහා අයිනා සහ සේහා සෙයිනා නමැති නිවුන් දැරියන් දෙදෙනෙකි.

මෙම ඝාතනය  ඊයේ 29 අලුයම 3.30ට පමණ සිදුකරන්නට ඇති  බව පරීක්ෂණ පවත්වන සමන්තුරේ පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙදින රාත්‍රියේ මෙම කාන්තාව තම දරුවන් දෙදෙනා සමග අලුයම 03 පමණ වනතුරු සතුටින් සිට ඇති අතර එම අවස්ථාවේ ඇය දරුවන්ට කිරිදුන් බවද ඇගේ සැමියා පොලීසියට පවසා තිබේ.

පාන්දර ඇගේ සැමියාට නින්ද ගොස් ඇති අතර පසුදින උදේ 8ට පමණ  අවදිවී දරුවන් දෙදෙනා සොයන විට ඔවුන් නාන කාමරයේ සිටින බව බිරිය පවසා ඇත.

ඔහු නාන කමරයට ගොස් බලනවිට දරු දෙදෙනා ලේ ගොඩක් මැද මැරී සිටිනු දැක තිබේ.  මේ පිළිබඳව අසල්වැසියන්ට සහ පොලිසියට ඇනුම්දි ඇති අතර සමන්තුරේ පොලීසිය සහ අම්පාර පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ නිලධාරින් එහි ගොස් පරික්ෂණ ආරම්භ කරෙ තිබේ.මෙම ඝාතන සිදු කිරීම යොදාගත් පිහියද නාන කාමරයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.‍

සැකකාර කාන්තාව මානසික රෝගී තත්වයකින් පසුවූ බව කියන අතර ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව මැද කල්මුණේ උතුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

නුගේගොඩ ව්‍යාපාරිකයා ඝාතනයට සම්බන්ධ සැකකරු රට පැනලා?








නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේදී  අවන්හල් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු විදෙස් රටකට පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ පැනගොස් ඇති පුද්ගලයා 2004 වසරේදී බැංකු කොල්ලයකට හා ඊට පසු තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධව සිට පොලිස් අත්අඩංගුවට  පත් වූවකු බවත්, ඝාතනය සිදුකර පැය කිහිපයක් තුළදී ඔහු ඩුබායි රටට පලා ගොස් ඇති බවත්, ඝාතකයා අදාළ වනපාරිකයා හා කලක් කුලුපඟ මිතුරෙකුව සිට පසුව අමනාපව සිට ඇති බව සනාථ වූ බවත් පොලීසිය පවසයි.

 පසුගිය 27 වැනිදා මිතුරෙකුගේ නිවසේ සාදයකට සහභාගි වී, යළි නිවස කරා පැමිණීමට සුදානම් වෙද්දී මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ නුගේගොඩ උඩගහමුල්ල මැදිවෙල පාර පදිංචි සුනිල් රුවන් පෙරේරා තිස් අට හැවිරිදි වියේ ව්‍යාපාරිකයෙකි.

 අපරාධයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

- බිමල් ශ්‍යාමන් ජයසිංහ-

Thursday, July 25, 2019

ඔවු අපි තමයි වීල් එක ඉස්සුවේ-පුලුවන් දෙයක් කරපන්- ත්‍රී රෝද රථ හොරුන්ගේ පොලිසියට තරජනාත්මක ඇමතුම්

සොරකම් කළ ත්‍රීරෝද රථය සහ සොරකමට සම්බන්ධ බව කියන තිදෙනා හැකිනම් අත්අඩංගුවට ගන්නැයි දුරකතනයෙන් පොලීසියට අභියෝග කළ සොර කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (24) මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

ත්‍රිරෝද රථයේ අයිතිකරු පොලිසියට කළ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිලධාරින් අදාළ මූල්‍ය ආයතනයට ගොස් එම ආයතනයේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බලා එම ආයතනය වෙත ලබාදුන් දුරකතන අංකයට පොලිස් නිලධාරීන් ඇමතුමක් ලබාගැනීමේ දී එම ඇමතුම ලබාගත් ත්‍රිරෝද රථය සොරාගත් අයෙකු බවට සැක කෙරෙන කෙනෙකු හැටන් පොලිසියේ නිලධාරින්ට පවසා ඇත්තේ තමන් ත්‍රිරෝද රථය සොරාගත් බවත්, හැකිනම් ත්‍රිරෝද රථය සහ තමන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්ය.

හැටන් නගර මධ්‍යයේ ප්‍රධාන පෞද්ගලික මූල්‍ය ආයතනයක් ඉදිරිපිට ගාල් කර තිබූ රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා මෙම ත්‍රිරෝද රථය සොරාගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

හැටන් නගරයේ දුම්රිය පාලම ඉදිරිපිට රථගාල් මෙම ත්‍රිරෝද රිය නතර කර තිබියදී පෙරේදා (23) දහවල් 2ට පමණ තිදෙනකු පැමිණ සොරාගෙන ගොස් ඇත.

රියේ අයිතිකරු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ත්‍රිරෝද රථ අයිතිකරු මුණගැසීමට පෙරේදා (23) උදෑසන පැමිණි නාදුනන තිදෙනකු ත්‍රිරෝද රථය අළෙවි කරන බවට ලද තොරතුරක් මත පැමිණිය බවත්. ත්‍රිරෝද රථය අළෙවි කරනවා නම් එය අද දිනම මිල දී ගැනීමට සූදානම් බවත් එම තිදෙනා ත්‍රිරෝද රථයේ අයිතිකරුට පවසා ඇත.

 එහිදී අයිතිකරු ගැනුමකරුවන්ට පවසා ඇත්තේ තමන්ගේ අතට රුපියල් එක්ලක්ෂ විසිදහසක මුදලක් දී ත්‍රිරෝද රථයේ පෞද්ගලික මූල්‍ය ආයතනයට ගෙවීමට ඇති ඉතිරී වාරික ගණන ගෙවන්නේ නම් ත්‍රිරෝද රථය අද දිනම අළෙවි කළ හැකි බවයි.

ඒ අනුව දෙපාර්ශවයම එකඟතාවට පත් වී හැටන්  නගරයේ පිහිටි අදාළ මූල්‍ය ආයතනයට පැමිණ ත්‍රීරෝද රථය මිල දී ගන්නා බව පැවසූ තිදෙනාගෙන් එක් අයෙකු ඔහුගේ ජංගම දුරකතන අංකය මූල්‍ය ආයතනයට ලබාදී අදාළ ත්‍රිරෝද රථයේ ගෙවිය යුතු ඉතිරි වාරික ගණින ගණනය කර දැනුම් දෙන ලෙස පවසා ත්‍රිරෝද රථයේ අයිතිකරු අදාළ මූල්‍ය ආයතනයේම නතර කර හැටන් නගරයට ගොස් යළි මූල්‍ය ආයතනයට පැමිණෙන බව දන්වා ඔවුන් තිදෙනා පිටව ගොස් ඇත.

මූල්‍ය ආයතනයෙන් පිටතට ගිය තිදෙනා දිගු වේලාවක් මූල්‍ය ආයතනයට නොපැමිණි නිසා ත්‍රිරෝද රථයට අයිතිකරු තම ත්‍රිරෝද රථය ගාල්කර තිබූ ස්ථානයට පැමිණ පරික්ෂා කර බැලීමේදී එම ස්ථානයේ එය නොතිබුණු නිසා හැටන් පොලිසියට ගොස් පැමිණිලි කර ඇත. 

මෙම සොරකම සම්බන්ධයෙන් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය, අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂන ආරම්භ කර ඇත.

(රංජිත් රාජපක්ෂ)

Tuesday, July 23, 2019

අතවර නඩුවේ සාක්කිකාර දැරියව පැහැරගෙන ගිහින්










 කුලියාපිටිය උසාවියේ පවතින ලිංගික අතවර කිරීම් නඩුවකට සාක්ෂි නොදෙන ලෙසට තර්ජනයට කිරීමට දොළොස් හැවිරිදි දැරියක ඇස් බැඳ පැහැරගෙන ගොස් පාළු නිවසක රඳවා ගෙන සිටි බව කියන කල්ලියකට අයත් සැකකාරියක් අගෝස්තු පළමු වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්නනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය.

 ගිරිඋල්ල මල්වත්ත ප්‍රදේශයේ පදිංචි විජේසුන්දරගේ ප්‍රියදර්ශනී සමන්කුමාරී නමැත්තියක් එසේ රිමාන්ඩ් කෙරිණි.

ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදී දැරියක ඉකුත් 4 වැනිදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබිණ.

රඳවාගෙන සිටි ස්ථානයෙන් පැනවිත් දැරිය කරන ලද ප්‍රකාශයකට අනුව මීරිගම පොලිසිය පරික්ෂණ පවත්වා සැකකාරිය අඩංගුට ගෙන තිබිණි.

දැරිය මහමඟ පා ගමනින් යමින් සිටිදී දෑස් බැඳ පැහැරගෙන ගොස් පාළු නිවසක රඳවාගෙන සිටි බවත් ඇය කුලියාපිටිය උසාවියේ විභාග වන ලිංගික අතවර නඩුවක සාක්කිකාරියක් බවත් එම නඩු විභාගයේදි සාක්ෂි නොදෙන ලෙසට තර්ජනය කරමින් රඳවාගෙන සිටියදී ඇය පැනවිත් පොලිසියට සිද්ධිය හෙළි කළ බවත් මීරිගම පොලිසියේ පොලිස් කොස්තාපල් එම්.ආර්.ජේ. හේරත් මහතා කරුණු දක්වමින් කියා සිටියේය.

 දැරියගේ ප්‍රකාශ අනුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා
සැකකාරිය අත්අඩංගුවිට ගත් බවත්, පැහැරගෙන යාමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු සැගව සිටින හෙයින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බවත් පොලිස් කොස්තාපල්වරයා කීය.

නැවත කැඳවීම අගෝස්තු පළමු වැනිදාට කල් තැබිණ.

Monday, July 22, 2019

තවත් චීවරධාරියෙක් සිසුවියකට කළ හදියක්








බාලවයස්කාර දැරියක අපහරණය කිරීමේ චෝදනාව මත චීවරධාරියෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

හිඟුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.සිද්ධියට මුහුණදුන් බව පැවසෙන 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාව රෝහල්ගත කර තිබේ.

අදාළ චීවරධාරියා වාසය කළ විහාරස්ථානය ඉදිරිපිට පදිංචිව සිට ඇති බවත් ඇගේ දෙමවුපියන් ආබාධිත හෙයින් ඇගේ මිත්තණිය විසින් ඇය රැක බලාගෙන ඇති බවද පොලීසිය පවසයි. සරසවි අධ්‍යාපනය ලබන සැකකාර චීවරධාරියා විසින් පසුගිය මස (28දා) අදාළ පාසල් දැරියත් සමඟ චීවරධාරියාගේ දඹුල්ල ප්‍රදේශයේ සිටි ඥාති නිවසකට රැගෙන ගොස් මෙසේ අපහරණයට ලක් කොට ඇති බවට අනාවරණය වී තිබේ.

අනතුරුව ඇය විසින් මිත්තණියට කළ දැනුම්දීම මත ඇය විසින් පොලීසියට දැනුම්දී අදාළ ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.  එහිදී දැරිය වෛද්‍ය පරීක්ෂණයට ලක්කිරීමට පොළොන්නරුව රෝහලට ඇතුළත් කොට ඇත. අත්අඩංගුවට පත් සැකකරු හිඟුරක්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.


හිඟුරක්ගොඩ - ඩබ්.ඒ.පියතිලක

Thursday, July 18, 2019

කප්පම්කරුවන් හංවැල්ල අක්‍රමණය කරයි-කප්පම්කරුවන්ගෙන් බේරෙන්න වැසියන් දුරකතන ගලවා විසිකරලා








බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන් සහ තවත් සැකකරුවන් වරින් වර දුරකතනයෙන් කප්පම් ඉල්ලීම හේතුවෙන් කප්පම්කරුවන්ගෙන් බේරිම සදහා හංවැල්ල. ඇඹුල්ගමෙ, නවගමුව, රණාල, ආටිගල, ජල්තර යන ප‍්‍රදේශවල නිවෙස් හිමියන් බොහෝ දෙනෙකු සිය නිවවල ගෘහස්ථ දුරකතන විසන්ධි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

අංක 0112-415 සිට පටන් ගන්නා දුරකථනවලට මෙලෙස කප්පකරුවන් නිතර නිතර කතා කරන බැවින් එම අංකවලින් පටන් ගන්නා ස්ථාවර දුරකතන රැසක් මෙලෙස විසන්ධි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.

කප්පමකරුවන් දුරකතනයෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් නවගමුව පොලිසියට පැමිණිලි 8 ක්,
හංවැල්ල පොලිසියට පැමිණිලි 13 ක් දැනට ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.  වැලිකන්දේ සුද්දා නමැත්තා බන්ධනාගාරයේ සිට දුරකතනයෙන් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මෙම සිද්ධිය හෙළි කරගෙන ඇත.

 ඇතැම් පුද්ගලයන් කප්පම්පාකරුවන්ට බියෙන් පොලිසිවල පැමිණිලි නොකර එම කප්පම්කරුවන්ට ඉල්ලා සිටින මුදල් ගෙවා ඇති බවට තොරතුරු ලැබි ඇති බව ද එම උසස් නිලධාරියා කිය.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය (මිරිහාන විශේක අපරාධ මෙහෙයුම් ඒකකය) පුද්ගලයන් රැසක් කපකරුවන්ට කප්පම් මුදල් ගෙවා ඇති බැංකු වාර්තා රැසක්ම ලබාගෙන ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙලෙස කප්පම් ගෙවා ඇති බොහෝ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට පැමිණිලි කර
නොමැති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි. 

-ඉන්දිකා රාමනායක-

Monday, July 8, 2019

සැමියාගේ අනියම් බිරිඳට ඇසිඩ් ගැසූ බිරිඳත් තවත් තිදෙනෙකුත් අත්අඩංගුවට







කල්එළිය මල්ලැහැව ප්‍රදේශයේ වෙළඳසලක තේ පානය කරමින් සිටියදී පසුගිය 2 වැනිදා දෙදරු මවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඇය ගමන් කළ ත්‍රිරෝද 63 රියදුරු හා රියැදුරුගේ  බිරියගේ කොන්ත්‍රාත්තුවක් මත බව හෙළිකරගත් පල්ලේවෙල පොලිසිය සැකකාර යුවළ, ප්‍රහාරකයන් පැමිණි මෝටර් රිය හා එය පදවාගෙන ආ තරුණයාද පෙරේදා (6) අත්අඩංගුවට ගනු ලැබූහ.

පරීක්ෂණයේදී හෙළිවූ තොරතුරු අනුව පෙරේදා (6) මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ පත්තලගෙදර ප්‍රදේශයේ යුවළේ හා බුලත්කොහුපිටියේ තරුණයෙකි.

මේ සිදුවීමේදී කාන්තාවට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ප්‍රධාන සැකකාර යුවළගේ ඥාතියෙකු ද වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත. කලක් පොලිසියේ සේවය කර ඇති බව කියන එම සැකකරු ප්‍රදේශය හැර පලාගොස් ඇති බවත් ඔහු සෙවීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

කාන්තාව තේ පානය කරන අවස්ථාවේදී මෝටර් රියකින් පැමිණි නාදුනන පුද්ගලයකු ඇයට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පලා ගිය බවට ත්‍රීරෝද රථ රියැදුරා පොලිසියට ප්‍රකාශ කර තිබිණි. ප්‍රහාරයට ලක්වූ කාන්තාව මුහුණේ හා පපුවේ පිළිස්සුම් තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකාරීය කලක් තිස්සේ පත්තලගෙදර ප්‍රදේශයේ බේකරියක සේවය කර ඇතැයිද එහිදී ඇය බේකරියේ හිමිකරු හා සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇතැයිද කියන පොලිසිය කාන්තාව බේකරි හිමිකරුගෙන් නිතර මුදල් ලබා ගනිමින් හා වරින් වර මුදල් ඉල්ලමින් කරදර කර ඇති බවද හෙළිවී ඇත.

මේ බව බේකරි හිමිකරුගේ බිරිය දැන ගැනීමෙන් පසුව කාන්තාව මරා දැමීමට තීරණය කර එම යුවළ එම කටයුත්ත  සිදුකිරීමට කෑගල්ලේ ඥාතියාට බාරදී ඇතැයි පොලිසිය  හෙළි කරගෙන ඇත. මේ සදහා රුපියල් තිස් දහසක් ගෙවීමටද මෙම යුවළ කැමැත්ත පළ කර ඇත.

බේකරි හිමිකරු හා බිරිය කළ කුමන්ත්‍රණයකින් පසුව බේරියේ සේවය කරන කාන්තාව දේවාලයට කැඳවාගෙන යාමට සැලසුම් කර ඇතැයිද ඒ අනුව  කෑගල්ලේ ඥාතියා කුලියට ගත් මෝටර් රියකින් ඔවුන් පසුපස පැමිණ ඇති බවද හෙළිවී තිබේ. රිය පැදවීම සදහා කෑගලේ ඥාතියාගේ හිතවතකු වන බුලත්කොහුපිටියේ  තරුණයා කැඳවාගෙන පැමිණ ඇත. රුග්ගහවිල ප්‍රදේශයේ පදිංචි බව කියන දෙදරු මව, බේකරී හිමියා පැදවූ ත්‍රිරෝද රියෙන් දේවාලයක පූජාවක් පැවැත්වීම සඳහා යමින් සිටියදී මල්ලැහැව වේයන්ගොඩ පාරේ වෙළදසලක් අසල තේ පානය සඳහා නතරවී ඇති බව මූලික පොලිස් පරිණෙවලදී හෙළිවී තිබිණි. කාන්තාව තේ පානය සදහා වාඩිවී සිටින අවස්ථාවේ මෝටර් රථයකින් ආ පුද්ගලයකු කාන්තාව සමීපයට ගොස් ඇගේ පපුවට හා මුහුණට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පලාගෙ ගස් තිබිණි.

මෙම  සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසීන් මූලික ප්‍රථමාධාර ලබාදී සුවසැරිය ගිලන් රියක් ගෙන්වා කාන්තාව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබිණි.
පෙම් පලහිලව්වක් මත ඇතිවූ  විරසකයක් මත මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සැක පහළ කළ අතර ඒ ඔස්සේ විමර්ශන කරගෙන යද්දී මේ සියල්ල හෙළි කර ගැනීමට හැකි වූ බව පොලිසිය
සදහන් කරයි. සිද්ධිය වන  අවස්ථාවේ සිටි බේකරි හිමියා  වන ත්‍රීරෝද රියදුරු හා ඔහුගේ බිරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවු තොරතුරු අනුව බුලත්කොහුපිටියේ තරුණයා හා මෝටර් රිය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.  සිද්ධිය වූ දා බේකරි හිමියා වන ත්‍රිරෝද රථ රියැදුරු  පොලිස් විමර්ශනවලට සහාය දක්වමින් එසේ දැන ගන්නා
තොරතුරු මෝටර් රථයේ පැමිණි සැකකරුවන්ට සපයා ඇති බවට පොලිසිය සැක කරයි. ත්‍රිරෝද රියද පොලිසිය භාරයට ගෙන ඇත. මෙම
ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ සැකකරු අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා සැකකරිය මිනීමැරිමට තැත් කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා මත ඊයේ (7) අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.