Showing posts with label local. Show all posts
Showing posts with label local. Show all posts

Thursday, July 27, 2023

ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහල ඖෂධ ලබාදීම රජයක වගකීමක්

 


ඉදික හේවාවිතාරණ

සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වන විට විශාල අර්බුද ප්‍රමාණයක් ඇති වී තිබෙන අතර, මේ නිසා නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව ජනතාව වැරදි අදහසක් ඇති කර ගනිමින් තිබෙන බවටත් රට තුළ කතාබහක් ඇති වී තිබේ. මේ පිළිබඳව හා සෞඛ්‍ය සේවයේ ඇති වී තිබෙන ගැටලු නිර්මාණය වූ ආකාරය පිළිබඳව අද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමග කතාබහක නිරත විය.

වර්තමාන සෞඛ්‍ය අර්බුදය වර්තමානයේ අපේ රටේ පවතින්නේ නිර්මාණය කරගත් සෞඛ්‍ය අර්බුදයක්. මෙම සෞඛ්‍ය අර්බුදය ඉස්මතු වීමට වසරකට පමණ පෙර සිට අප ඉතා පැහැදිලිව අනතුරු ඇගවීම් කළා. නමුත් එම අවස්ථාවේදී මෙම අර්බුදය හරිහැටි හදුනාගෙන ක්‍රියාත්මක වීමට දේශපාලකයන් හෝ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ නැහැ. අවසානයේදී ඔවුන්ට නාහෙට උඩින් වතුර යනකම්ම මේ ප්‍රශ්නය ගැඹුර තේරුණ නෑ, රටක සෞඛ්‍ය පද්ධතිය කියන්නේ ආර්ථික සංවර්ධනයේ දර්ශකයක්. අවාසනාවට අපේ රටේ පාලකයන් ඒ තත්වය හදුනා ගත්තේ නෑ, අපේ රට ආර්ථික වශයෙන් දියුණු තත්ත්වයක නැතත්, සෞඛ්‍ය දර්ශකවලින් ඉතා ඉහළ අගයක් ගැනීම නිසා ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපය ඉහළ තැනක තිබුණා. අද වන විට එම පිළිගැනීම බරපතළ අභියෝගයකට ලක්වෙලා.

ග්‍රාමීය ප්‍රජා සෞඛ්‍ය, වතු නාගරික තට්ටු නිවාසවල ජීවත් වන ජනතාවගේ ජනජීවිතය සඳහා අවශ්‍ය කරන එදිනෙදා සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම අද ඉතා දුෂ්කර වී තිබෙනවා.

ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟය මහජනතාවට ඇතිකරන බලපෑම

ඖෂධ හා ශල්‍ය උපකරණ හිගය නිසා බොහෝ රෝගීන්ට ලබාගත යුතු වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාගැනීම දුෂ්කරව පවතිනවා. කාලීන වෛද්‍ය ප්‍රතිකාරලබාගන්නා දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග, අක්මා රෝග සහ පිළිකා රෝගීන් මින් මහත් පීඩාවට පත්වනවා. අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු රෝගීන් විසින් කාලසීමාව පුරා වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොගැනීම නිසා, ඔවුන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වීම හෝ සංකූලතා ඇතිවීම දැකිය හැකියි. විශමතාවකින් තොරව සෑම රෝගියෙකුටම තමන්ගේ පවතින රෝගී තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සලසා දීම රජයක වගකීමක්. දුප්පත්, පොහොසත් භේදය අනුව, කුල භේදය අනුව, සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට සීමාවන් පවතිනවා නම්, එවැනි රටක් ජාත්‍යන්තරය හමුවේ මහත් ලෙස අපකීර්තියට පාත්‍ර වෙනවා.

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මේ වන විට ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් නිර්මාණය කර තිබෙනවා.

ඕනෑම රටක ජීවත් වන ජනතාවටගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාදීම රජයක වගකීමක්. නමුත් රට තුළ ඇති ඖෂධ හිගය මත ලියාපදිංචි නොකළ ඖෂධ නිසි තත්ව පරීක්ෂණයන්ගෙන් තොරව රටට ගෙන්වීම සිදුවන බව ඖෂධ නියාමන අධිකාරිය විසින්ම පිළිගෙන තිබීමත්, මේ වන විටත් සිදුවීම් රැසක් වාර්තා වීමත් නිසා අපේ රටේ භාවිතකරන ඇතැම් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබදව මේ වනවිට ප්‍රශ්න පවතිනවා.

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ, ඖෂධයක තිබිය යුතු රසායනික සංයුතිය වෙනස් වීම, වෙනත් රසායනික අමුද්‍රව්‍ය පැවතීම, සංකූලතා ඇති කළ හැකි අමුද්‍රව්‍ය පැවතීම, අතුරු අමුද්‍රව්‍ය ආදියෙන් දූෂණයට ලක්වී පැවතිය හැකියි. අවාසනාවට මෙන් අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමිති රසායනාගාර තුළ දැන් මෙවන් තත්ත්ව පරීක්ෂණයන් සිදුනොකිරීම නිසා අප ලබාගන්නා ඖෂධවල ගුණාත්මකභාවය බරපතළ ලෙස අභියෝගයට ලක්වනවා.

අසාධාරණයක් වූ විට රෝගී ජනතාවට යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ආයතනයක් පවතිනවාද?

ලෝකයේ ඕනෑම දියුණු රටක තමන්ට සිදුවන අසාධාරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා එම රටේ ජාත්‍යන්තර වෛද්‍ය සභා ක්‍රියාත්මක වෙනවා. අප රට තුළදී රෝගී ජනතාවට බොහෝ විට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න වෙන්නේ පොලීසිය හරහා, වැරදි කරන වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය පරිපාලක බොහෝ නිලධාරීන්ට දඬුවම් හිමිවන අවස්ථා ඉතා දුර්ලභයි. රටක මහජන සෞඛ්‍යය කෙරෙහි විශ්වාසයක් ප්තිත වීමට නම්, නොමිලේ සෞඛ්‍ය ලබාදීමටත්, ජනතාවට තම සෞඛ්‍ය සේවය ප්‍රශ්න කිරීමට හා සැක සහිත අවස්ථාවන් සම්බන්ධව පැමිණිලි කිරීමටත් නිදහස් අවකාශයක් නිර්මාණය විය යුතුයි.

තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබද සංවාදය නිසා නිදහස් සෞඛ්‍යයට අනතුරක් පවතිනවාද?

එවන් කුමන්ත්‍රණයක් පවතිනවා නම් එයට වගකිව යුත්තේ පාලකයන්, රට තුළ සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කළ යුත්තේ ඉතා නම්‍යශීලී ලෙස තම අඩුපාඩු සකස්කොට වුවද, අමාත්‍යවරයාගේ ඇතැම් කටයුතු. නිසා සෞඛ්‍ය අර්බුදය වැඩි වන බව නිරීක්ෂණය වෙනවා. මේ තත්ත්වය වැඩි වර්ධනය වුණොත්, සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමෙන්, මෙරට ජනජීවිතය අවුල් වෙන්න පුළුවන්. ප්‍රභූවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න මවුන්ට් එළිසබත් රෝහල තිබුණත්, ගමේ මනුස්සයාට යන්න තියන එකම තැන ගමේ රෝහල වන්ණේය.

වෛද්‍යවරුන්ගේ හිඟය සෞඛ්‍ය පද්ධතියට බාලපාන අයුරු

තමාගේ ජීවන චර්යාවන්හි සමාජ ස්ථාවර බව බිඳවැටීමත් සමග, වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් රට හැර යාම දැන් සුලබ කරුණක්. විදේශගත වීම දැන් පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වෙලා. මේ නිසා ඉදිරි වසරකිහිපය තුළත් බුද්ධි ගලනය කිහිප ගුණයකින් වැඩි විය හැකියි. අධික බදු බර, ජීවන වියදම ඉහළ යාම, මානසික නිරවුල්භාවය අඩු වීම වැනි කරුණු බොහෝ වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාමට හේතු වෙලා තියෙනවා. බොහෝ විශේෂඥ වෛද්‍යවරු කෙළින්ම ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව වගේ රටවල්වලට ගොස්, තමන්ගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නැඹුරුවක් දක්වනවා. මේ තත්ත්වය පාලනය කළ හැකි වන්නේ වෘත්තිකයන්ට අනුන්ට අත නොපා ජීවත් විය හැකි සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමෙන් පමණයි.

මන්දපෝෂණ තත්ත්වය

රට තුළ මන්දපෝෂණය වර්ධනය විය හැකියි, බලධාරීන් ඉක්මනින්ම ඒ සම්බන්ධව සමීක්ෂණ සිදුකොට අවධානය යොමු කළ යුතු බවට මා ප්‍රකාශ කරද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබදව නිසි ලෙස අවධානය යොමු කර ක්‍රියාමාර්ග ගත්තේ නෑ. ඒකෙන් පැහැදිලි වුණේ මන්දපෝෂණය වැනි ඉතා සංවේදී කරුණු ගැන පවා කටයුතු කිරීමට උවමනාවක් සෞඛ්‍ය බලධාරීන්ට තිබුණෙ නෑ කියන එක. පසුගිය සැප්තැම්බර්වලදී මා ඉතා පැහැදිලිව සඳහන් කළේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බැවින්, අවශ්‍ය පියවර ගත යුතුයි. කියලා. ඒ වෙනුවට ඔවුන් මාව මර්දනය කළා. නමුත් මන්දපෝෂණය නතර වුණේ නැහැ.

සෞඛ්‍ය පද්ධතියේ අර්බුද විසඳීම දූෂිත දේශපාලකයත් බලයේ සිටින විට දූෂිත නිලධාරීන්ට ප්‍රතිලාභ ලැබෙනවා මෙන්ම, දූෂිත නිලධාරීන්ගේ කටයුතු නිසා දූෂිත දේශපාලකයන්ට වාසි සැලසීම සිදුවෙනවා. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාද, විගණන වාර්තාද පරීක්ෂා කළ හැකි නම්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතරින් යම් පිරිසකට එල්ලවී ඇති බරපතළ දූෂණ චෝදනා ගැන අවබෝධයක් ලබාගත හැකියි. තනි තනි සිදුවීම් පාලනය කිරීම වෙනුවට සමස්ත සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට නම්, සෞඛ්‍ය සේවය නව නායකත්වයක් යටතේ ක්‍රමවේදයක් සකස් වෙන්න ඕන, රටේ සෞඛ්‍ය පද්ධතියේ දරුණු කඩාවැටීම හමුවේ ජනාධිපතිවරයාව පවා සත්‍ය තොරතුරුවලින් දැනුවත් කිරීමට කිසිවෙකු කටයුතු නොකරන බවට දැනගන්නට ලැබෙනවා. අද වන විට රජයේ රෝහල්වලට යාමට බියක් දක්වන දුප්පත් ජනතාව තම කණ කර ඉඩම් හා දේපළද, යාන වාහන උගස්කොට හෝ විකුණා පෞද්ගලික රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න යන තත්ත්වයට පත්වෙලාතියෙන්නේ. මේ තත්ත්වය කඩිනමින් වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි.

Friday, November 4, 2022

මඳුරු දඟරයකින් නිකුත් වන විෂ දුම සිගරට් සියයකින් නිකුත් වන දුමට වඩා වැඩියි

මදුරු දගරයක් දැවීමෙන් පිට වන විෂ දුම් ප්‍රමාණය සිගරට් සියයක් දැවීමෙන් පිටවන විෂ දුම් ප්‍රමාණයට වඩා වැඩි බව, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුසිත සුගතපාල මහතා පැවසීය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් මහනුවරදී මාධ්‍යවේදීන් සදහා පැවත්වූ හරිත වාර්තාකරණය පිළිබදච වූ වැඩමුළුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය තුසිත සුගතපාල මහතා එසේ කීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. "වර්තමානයේ ඉතාමත් බරපතළ පාරිසරික ගැටලුවක් වන ගෘහස්ථ වායු දූෂණය ගැන කවුරුත් කතා කරන්නේ නෑ . අපේ නිවෙස්වල අපි එදිනෙදා සිදුකරනු ලබෙන දෛනික කටයුතු එක්ක මෙම වායු දූෂණයන් සිදුවනවා. අපි සාමාන්‍යයෙන් වැඩිපුරම කාලයක් ගත කරන්නේ ගෘහස්ථවයි. ජීවිතයේ වැඩිපුරම ජීවත්වන පරිසරය තමයි හොදටම තියෙන්න ඕන. නමුත් වැඩිපුරම වායු දූෂණය තියන්නේ ගෘහස්ථවයි. නිවසක් තුළ වායු දූෂණයට බලපාන ප්‍රධාන කාරණය දහනයයි. දර,දහයියා වැනි දෑ දහනය කරනවා .මේ දහනයත් එක්ක බලශක්තිය ලැබෙනවා වගේම එතුළින් නිකුත් වෙනවා පරිසරය දූෂණය වන විෂකාරක. ඔය විෂකාරක වර්ග තීරණය වන්නේ අපි දහනය කරන අමුද්‍රව්‍ය අනුව. දරවලත් සෞඛ්‍යයට බලපාන විෂකාරක කිහිපයක්ම තියනවා. විශේෂයෙන්ම කුඩා අංශුවලින් සොඛයට විශාල හානියන් සිදුවනවා. ගෘහස්ථ වායු දූෂණය නිසා ලෝකයේ වසරකට මිලියන හතරකට වඩා මැරෙනවා. හුගක් වායු දූෂණයෙන් නොදැනුවත්කමත් එක්ක.

අපි මදුරු දගරයක් දල්වන එක සාමාන්‍ය දෙයක්. මදුරු වධයට විසදුමක් ලෙස මදුරු දගර දැල්වීම සාමාන්‍ය දෙයක්. මදුරු දගරයකින් නිකුත් වන විෂ දුම් ප්‍රමාණය අතිවීශාලයි. එක මඳුරු දගරයකින් නිකුත් වන විෂ දුම් ප්‍රමාණය සිගරට් සියයකින් නිකුත් වන විෂ දුම් ප්‍රමාණයකට වඩා වැඩියි. හුගක් අය මදුරු දගර පත්තු කරන්නේ දොරජනෙල් වහලා. එතකොට වාතාශ්‍රය එන නැති තවත් ඒක දරුණු වෙනවා. මදුරු දගර දල්වන ඒක සෞඛයට ඉතාමත් අහිතකරයි. නිවසක් තුළ සිදුකරනු ලබන හදුන්කූරු දහනයත් එහෙමයි. පන්සල් වල වගේ එළිය කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් නිවෙස්වල ඇතුලේ හඳුන්කූරු පත්තු කිරීමත් සොඛ්‍යයට අහිතකරයි. හුගක් අය කරන දරම දහනයක් තමයි පොලිතීන් දහනය. පොලිතීන් හොදට පිච්චන හින්දා ලිපක් පත්තු කරන්න පොලිතීන් පාවිච්චි කරනවා. කසළ ප්‍රශ්නයට විසඳුමක් හැටියටත් පොලිතීන් පුච්චනවා. ඇසට පෙනෙන දුමට වඩා දරුණුම එක තමයිඇහැට නොපෙනෙන දුම. මේ පොලිතීන් පිවිවීම මගින් පිළිකාකාරක විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. නිවසේ භාවීත කරන ඕනම උපකරණයකින් විෂ දුම එනවා. ආයතනයක ඡායා පිටපත් යන්ත්‍රයකින් පවා විෂකාරක එනවා. බිත්තියක තියන තීත්තවලිනුත් විෂකාරක නිකුත් වෙනවා. නිවසක උයන පිහන එකට හොදම දේ තමයි විදුලිය. එයිනුත් සුර්යබලය මගින් ලබාගන්නා විදුලිය තමයි. හොදම එක. ඒක දහනයකුත් නෑ, පරිසරයට හානියකුත් නෑ. ඒකෙන් ගෙදර ඉවුම් පිහුම් කරනවා නම් විෂක් ඒන්නේ නෑ මේ බලශක්තියේ හොදම එක තමයි විදුලිය. ඒකනුත් සුර්යබලයෙන් එන විදුලිය තමයි හොදම විදිහ. දෙවැනියට හොදමඑක තමයි වායුව. ඒක ඝන ද්‍රව්‍යයක් හෝ ද්‍රාවණයක් දහනය කරනවාට වඩා හොදයි. මෙයට අමතරව තියනවා ජීව වායුව. ජීව වායුව කියන්නේ දිරන කසළවලින් හදන්න පුළුවන් එකක්. විදුලියෙන් දහනයෙන් කාර්යක්ෂමතාවය සියයට 90ක් දක්වා යන්න පුළුවන් .ඊළගට  තියන කාර්යක්ෂමතාව තමයි එල්පී ගෑස්. ඒකෙ සියයට 60ක් විතර කාර්යක්ෂමතාවක් තියෙනවා. භූමීතෙල් සියයට 45ක් වගේ. දරවගේ ඒවයින් කාර්යක්ෂමතාව සියයට 10 -20ක් විතර තිබෙන්නේ. ලිප්ගල් තුන තමයි දුම වැඩිම. විෂ දුම එන්නේ දහනයෙන් විතරක් නෙවයි. ගෙදර භාවිත කරන තීන්තවලින්, වාර්නිෂ්වලින්. මදුරු දගරවලින්, හදුන්කුරුවලින් වගේම දහනය නොවන උපකරණවලිනුත් විෂ දුම පිටවෙනවා. හුගක්ම එන එකක් තමයි සීඑෆ්එල් විදුලි බුබුළු. ඒකෙ තියෙනවා රසදිය කියන විෂකාරකය. රසදිය කියන්නේ ලෝකය දැනට තහනම් කරපු විෂකාරකයක්. ලෝකය පුරාම රසදිය භාවිතය නැති කිරිම සඳහා වැඩසටහන් ක්‍රියාත්ම කරනවා. ඉස්සර තිබුණ රසදිය උණකටුව දැන් පාවිච්චි කරන්න බෑ.රෝහල්වල ඒක තහනම් කරලයි තියෙන්නේ. නමුත් තවමත් පාවිච්චි කරන තැත් තියෙනවා."


 (මහනුවර මොහොමඩ් ආසික්)


Wednesday, October 19, 2022

රු.5000ක අල්ලසක් ගත් SIට වසර 20ක සිර දඩුවමක්

සූදුපොළක් වැටලීමකදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනය යළි ලබාදීමට රුපියල් 5000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවලට වරදකරු වූ අහුංගල්ල පොලීසියේ හිටපු උපපොලිස් පරික්ෂකවරයෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා රුපියල් 20,000ක දඩයකටද ඔහු යටත් කළේය.  විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ දඩුවම නියම කළ විනිසුරුවරයා මීට වසර 07කට ඉහතදී ලබාගත් රුපියල් 5000ක අල්ලස් මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමටද වැඩිදුරටත් නියම කළේය. චෝදනාවලට වරදකරු වීම නිසා මෙලෙස දඩුවම් නියම වූයේ අහුල්ගල්ල පොලීසියට අනුයුක්තව උපපොලිස් පරික්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ කේ.පී. කුමාර නමැත්තාටය. 2015 වසරේ අහුන්ගල්ල ප්‍රදේශයේදී සුදු පොළක් වටලා අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක් මුදාහැරීමට සහ එහිදී අල්ලාගත් පුද්ගලයන්ට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10,000ක් ඉල්ලා රුපියල් 5000ක් ලබාගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 10 බැගින් චෝදනා දෙකට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළ අතර, සිර දඩුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන ලෙස නියම කළේය. අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 5000ක මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය


(බුද්ධිමාල් රුබේරු)


Friday, October 7, 2022

අකාල මරණවලට හේතුව කෝවිඩ් එන්නත්ද

දැන් දැන් අඩු වයස් සහිත පුද්ගලයන් වැඩිපුර මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් මතුව ඇතැයි ඔබට සිතෙනවාද? මෙපමණ අඩු වයසින් පුද්ගල මරණ සිදුවීමට හේතු ලෙස බොහෝ විට මතුවන් බෝනොවන රෝග වුවත්, බොහෝ දෙනාගේ සැකය එල වනුයේ මේ සියල්ල ඇතිවන්නට හේතුව කෝවිඩ් රෝගය සඳහා ලබාගත් එන්නතද යන්නයි. සැබැවින්ම කෝවිඩ් එන්නතෙහි අතුරුඵලයක් ලෙස මෙසේ බෝනොවන රෝග ඉස්මතු වීමේ සහ ඒවායින් මරණයට පත්වීමේ නව ප්‍රවණතාවයක්  මතුව තිබෙනවාද? අපි මේ සම්බන්ධ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අදහස් විමසුවෙමු. සාමාන්‍යයෙන් කෝවිඩ් 19 ස්වසන රෝගය නැති නම්, එම වසංගත තත්ත්වය සම්බන්ධයෙන් එක්නක්කරයට යොමු වීම ලෝකයේ බොහෝ රටවලට මුහුණ දක්නට සිදු වූ දෙයක්. නමුත් මේ එන්නත් කිසිම රටකට වෙන වෙනම නිපද වූ ඒවා නෙවෙයි. අප රටට වගේම ඒවා වෙනත් රටවලත් භාවිතයට ගත් නමුත්, අප රටේ මෙත් ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූවක් නවයි. ලෝකයේ කිසියම් රටක ඖෂධයක් නිපදවීමේ ක්‍රියාවලිය ආවාට ගියාට සිදුවන්නක් නෙවෙයි. එමෙන්ම ඖෂධයක්, එන්නතක් නිපදවීමෙන් පසු එය මනුෂ්‍ය ශරිරය සදහා නිර්දේශ කරන්නට පළමුව අතිශය ද සියුම් ලෙස පරික්ෂාවට ලක් කෙරෙනවා. සාමානයෙන් ඕනෑම කෙනකුට ඕනෑම ඖෂධයකට හෝ එන්නතකට අසාත්මිකතා ඇතිවෙන්නට අවස්ථාව පවතින බව සත්‍යයක්. නමුත් එය කරගත වීම සිදුවනවා යැයි සිතීම මුලාවක්. යමිකිසිවකට අසාත්මිකතාවයක් ඇතිවීම සිදුවන් ඖෂධය හෝ යම් ආහාරයක් භාවිතයෙන් පැය ගණිතය අවමන් වුවත්, මාස ගණින්, අවුරුදු ගණන් පසුවත්තට හැර එවැත්තක් සිදුවන්නේ නැහැ. එහයින් බෝ නොවන රෝග ඇති වී ඒවායින් මරණ බහුලවීමට හේතුව කෝවිඩ් එන්නත යයි සිතීම පදනමක් නැති බව මුලින්ම අප පිළිගත යුතු කරුණක්. සාමාන්‍යයෙන් ඖෂධයක් හෝ ආහාරයක් අසාත්මික වීමත් අසාත්මිකතාවල තීවු අවස්ථාවක් ඇතිවීම අප හදුන්වන් අනෆිලස් නමින්. මෙවැනි තත්වයක් ඇතිවීමට එම ඖෂධය හෝ ආහාරය භාවිත කර පැය ගණනක් හෝ දිනක් දෙකක් ඇතුළත කාලය  ප්‍රමාණවත්. එසේ නම් මත කාලයේ බෝ නොවන රෝග එනම් දියවැඩියාව, අධිරුධිර පීඩනය. හෘදයාබාධ, ආඝාත, පිළිකා, ස්වසන රෝග ආදිය වඩි බවක් දකිත්තටත්, ඒවායින් අත් කවරදාකටත් වඩා මරණ සංඛ්‍යාවක් වයසින් අඩු පුද්ගලයන් අතරත් දකිත්තටත් හේත්තුව කුමක්ද?බොහෝ බෝ නොවන රෝග ආහාර සහ පුද්ගලයන්ගේ ජීවන රටා හේතුකොට ගෙන බහුලව මතුවන මෙවන් කාලයක, ආහාර සහ ජීවන රටාවේ වෙනස්කම් හැරුණුකොට බොහෝ දෙනකු සැලකීමක් නොදක්වන වැදගත්ම කරුණක් තිබෙනවා. එය ශාරීරික ක්‍රියාවක් නොවන නමුත් සියලුම ශාරිරීක තත්වයන්වලට එක එල්ලේම බලපාන අතිශය වැදගත් කරුණක්. එනම් මානසික නිරවුල් බවයි. බොහෝ දෙනා ස්ට්‍රෙස් යනුවෙන් හඳුන්වන මානසික ආතතිය මරණය කැදවන ලෙඩ රෝග රැසකට මුල්වවන එක් හේතුවක් බව වද්‍ය විද්‍යාවෙන් තහවුරු වන අවස්ථා තිබෙනවාද යන්න දැන් ඔබට සැකයක් මතුවනු ඇති. බොහෝ දෙනා දියවැඩියා රෝගයට හේතුව හෝමෝන ක්‍රියාවලියක් බව දන්නා නමුත්, එයට ආහාර ආදිය ප්‍රවේශමීර ගත යුතු බව පිළිගන්නවා. නමුත් මානසිකව නිරවුල්ව, නිරෝගීව සිටිය යුතු බව පිළිගත් සහ සිතන්නේ අඩුවෙන්. රුධිරූයේ සීනි ප්‍රමාණය මෙපමණක් යැයි සිතා කළ හැකි වූවක්ද නොවන බැවින්, ආතතියට පත්වූ විට එයට දිනත් දින එක් වන අනකුත් ගැටලු හරහා තව තවත් තීව්‍ර වන බව පුද්ගලයෙකුට දැනට පුළුවන්. දින දින එස් මනසට පීඩාකාරි දේ එකතු වීම බෝ නොවන රෝගයට අලුතින් ගොදුරුවන්නන් හා දැනටමත් බෝ නොවන රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ට රෝග තත්වයන් උත්සන්න කිරීමට හේතු කරලා සපයනවා. එමෙන්ම සමහරුන් නොදැනීම ඩිප්‍රෙෂන් තත්වයන් කරාද ළගා වීමට මානසික වකුල තත්වයන් හේත්තු කරලා සපයන්නට ඉඩ තිබෙනවා. මෙකල අඩු වයස්වල පසුවන්ගෙන් බෝ නොවන රෝග ආශ්‍රිත මරණයට ගොදුරු වීම වැඩි වීමට ඍජුවම නැතත්, වක්‍ර ලෙස හෝ ඔවුන්ගේ මානසික ආතතිය බලපා ඇති බව පැහැදිලි කරුණක්. කරුණු මෙසේ නම්. තව තවත් මානසික ආතතිය සම්බන්ධයෙන් කරුණු කාරණා ගෙනහැර දක්වනවාට වඩා මේ තත්වයන්ගෙන් බැහැරවක්නට ඔබ කුමක් කළ යුතුද යන්න විමසා බැලීම වැදගත්. බොහෝ විට තමන් ගත සිතනවා යන්න අප අදහස් කරන් මානසික ආතතියෙන් මිදී පිළියම් සම්බන්ධයෙන් ක්‍රියාකාරී වනවා සත්තයි. නමුත් බොහෝ දෙනා සිරුර වෙනුවෙන් කිසියම් ආහාරයක් ගන්නට කාලය යෙදුවත්, මනස වෙනුවෙන් දිනපතා කිසියම් ආකාරයක ක්‍රියාවක් සිදුකළ යුතුව තිබේ. මෙහිදී ඔබේ ආගම, ඔබේ විනෝදාශ යනාදියට විසල් මෙහෙයක් ඉටුකළ හැකියි. විනෝදාශ ලෙස සමහර රූපවාහිනිය නරඹිම, ගුවන් විදුලියට සවන් දීම වැනි ඒවා තෝරා ගත්තවා නම් ඒවායේ විකාශනය වන වැඩසටහන් අතරින් තමන්ට මානසික ලිහිල් බවක් ඇතිකරන වැඩසටහන් තෝරා බේරා ගැනීමට ප්‍රවේශම් වෙන්න. ප්‍රචණ්ඩත්වය සහ මනසේ ව්‍යාකූල බව ඇතිකරන වැඩසටහක්වලින් අදම ඔබේ මානසික සහනය මෙම සිතුවිලිවල ලිහිල් බව ඇති කිරීමට හේතුවනු ඇති. විනෝදාංශයක් යයි කීවිට එයින් ඔබ ලැබිය යුතු වන් කිසියම් සැහැල්ලුවක්, සතුටක් තමයි. යම් අයුරකින් එවැනි දෙයක නිරත වීමෙන් පසුවත් ඔබට ඇතිවන පීඩනයක් නම්, ආතතියක් නම් එයින් අදත්වීමට දෙවතාවක් නොසිතන්න. මිතුරන් ඇසුර, පතපොත ඇසුර මෙන්ම කලා නිර්මාණයක ඇසුරද. මේ ආකාරයෙන්ම සිතට සහනය ගෙන දෙන ආකාරයේ සීමාවත්වල රදවා ගත්ත. දුරකථනයට වඩා හොතික වශයෙන් ඔබට දැනෙන මිත්‍ර සබදතාද ආතතියත් ඔබ නිදහස් කරනු ඇති. එදිනදාසිතටම ආතතිය කදවත සිදුවීම් බැහැරකරත්ත. ඒවා සම්බන්ධයෙන් දිගින් දිගට සිතීම ආතතිය පීඩනය වර්ධනය කිරීමක්. ආහාර සම්බන්ධයෙන් ඔබට යම් රටාවක් පවත්වා ගන්නට මෙකල අපහසු යයි දැනගත්තට පුළුවන්. ඔබේ හිතමිතුරන් සමග එක්වී සතුටින්, විනෝදයෙන් ආහාර ගැනීමට සම්බන්ධ වෙන්න. ආතතිය තුළින් ඔබ නොයෙක් ලෙඩ දුක් හඹා යනවාට වඩා හැකි සෑමවිටම ඔබේ සිතට සහනයක් කැදවන ආකාරයේ සිදුවීම් හා පැවතුම් ලුහුබදින්න. මානසිකව ආතතියට පත්වන්නට මුල් වන හේතු කරලා අනන්තවත් ඔබ වටා පවතියත්, සොයා ගත්තට උවමනා නොවූවත්, ආතතියෙන් තොර වන්නට අවශ්‍ය දෑ සොයා යා යුතුමයි. එයින් ඔබට රෝග පීඩාදියන් බොහෝදුරට බේරි දිඝායු  විඳින්නට හැකි වේවී.


(නාලිකා රාජපක්ෂ) 


බොරතෙල් නැවක් දින 13ක් තිස්සේ මුහුදේ

පසුගිය 23 වැනිදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැවක් දින 13ක් තිස්සේ මහ මුහුදේ නවතා ගෙන සිටින බවත්, මේ සඳහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක් ගෙවීමට සිදුව තිබෙන බවත් ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මේ වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මෙරටට පැමිණ ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වූ බොරතෙල් නැව් සඳහා දිනකට ඩොලර් එක්ලක්‍ෂ විසිදහසක් බැගින් ගෙවීම කළ බවත්, එහෙත් පසුගිය 23වැනිදා පැමිණි නැවට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් එක්ලක්ෂ පනස්දහස බැගින් ගෙවීමට සිදුව තිබෙන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. මේ වසරේ අප්‍රේල් මාසයට පෙර ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ගෙවීම සිදුකරනු ලැබුවේ ඩොලර් විසිපන්දහසක මුදලක් බවත්, මේ නිසා මේ ආකාරයට දෛනික ප්‍රමාද ගාස්තු මුදල ඉහළ යාම පිළිබඳ වහාම පරික්ෂණයක් සිදුකළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.පිරිපහදුවට ගැළපෙන්නේ ඕමාන් මර්බන් බොරතෙල් බවත්, මේ නිසා මෙම බොරතෙල් ගෙන්වන ලෙස සංස්ථා සේවකයන් දිගින් දිගටම ඉල්ලා සිටියදී මේ වනවිට රැගෙනවිත්  තිබෙන්නෙත් රුසියානු බොරතෙල් වර්ගයක් බවත් පවසා සිටි ආනන්ද පාලිත මහතා, මෙම බොරතෙල් වර්ගය කිසිදු දිනක මෙරට පිරිපහදුව භාවිත කර නොමැති බවද සඳහන් කළේය. මීට පෙර රුසියානු ඌරල් නමැති බොරතෙල් ගෙන් වූ බවත්, එම බොරතෙල් පිරිපහදු කිරීමෙන් වැඩිපුර ලැබෙමින් තිබෙන්නේ දැවිතෙල් වන අතර, එම දැවිතෙල්ද ප්‍රමිතියෙන් තොර වී තිබෙන බවත් ඒ මහතා පැවසීය. මේ නිසා දැවිතෙල්වල ප්‍රමිතිය ලබාගැනීමට සුපර් ඩීසල් කවලම් කිරීමට සිදුව තිබෙන බවත්, ඔස්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් නිෂ්පාදනය වී තිබෙන නිසා ඔක්ටේන් අගය 92 බවට පත් කිම සඳහා ඔක්ටේන් 95 පෙට්‍රල් කවලම් කිරීමට සිදුව තිබෙන බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය. මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 90කට මිලදී ගැනීමට හැකියාව තිබෙන බවත්, එහෙත් මේ වනවිට ගෙවා තිබෙන බොරතෙල් සඳහා ඊට වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙන බවත් ප්‍රකාශ කළ හෙතෙම, වැඩි මිලට බොරතෙල් ගෙවීමට කටයුතු කළද, මෙම බොරතෙල් තුළින් පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් නිෂ්පාදනය විශාල ලෙස අඩු වී තිබෙන බවද පවසා සිටියේය.


(එච්.අයි. තුෂාර)


Tuesday, October 4, 2022

නඩු භාණ්ඩයක් වන යතුරුපැදියක් තබාගත් කොස්තාපල් අත්අඩංගුවට

සොරාගෙන ගොස් අත්හැර දමා ගිය රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා යතුරුපැදියක් පිළිබඳ පරික්ෂණ සිදු නොකර එම යතුරුපැදිය සිය පරිහරණය සඳහා යොදා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු කොහුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලීසියේම අපරාධ අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි. පසුගිය ජුනි මස 11වැනිදා මහරගම සුපිරි වෙළෙඳ සැලක් ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පුද්ගලයෙකු සිය යතුරුපැදිය සොරාගෙන ගොස් තිබූ බවත්, එම ලියාපදිංචි අංකයම සහිත එම යතුරුපැදිය පුද්ගලයකු පදවාගෙන යමින් සිටියදී තමා ඔහු පසුපස ගොස් තොරතුරු සොයා බැලීමේදී ඔහු කොහුවල පොලීසියේ කොස්තාපල්වරයෙකු බවට දැනගන්නට ලැබුණු බවත් පවසමින් පුද්ගලයෙකු කොහුවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. තමන් ඒ පිළිබඳ මහරගම පොලීසියට පැමිණිල්ලක් කළ බවද එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා රහසිගත විමර්ශනයක් සිදුකර කොස්තාපල්වරයා පරිහරණය කරන යතුරුපැදියට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවටත්, එය ඔහුට අයත් එකක් නොවන බවටත් පැය කිහිපයක් තුළදී තහවුරු කර ගෙන තිබේ. අනතුරුව ස්ථානාධිපතිවරයා අදාළ කොස්තාපල්වරයාගෙන් මේ පිළිබඳ සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු ගල්කිස්ස පොලීසියේ සේවය කරන අවධියේදී ඔහු නිල ඇඳුමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම යතුරුපැදිය අත්හැර දමා පුද්ගලයන් දෙදෙනෙකු පලා ගිය බවත්, අනතුරුව තමන් එම යතුරුපැදිය තමන්ගේ ප්‍රයෝජනයට ගත් බවත් කොස්තාපල්වරයා සඳහන් කර ඇත.එම යතුරුපැදිය නඩු භාණ්ඩයක් ලෙස පොලීසියේ ලේඛනවලට ඇතුළත් නොකර, යතුරුපැදිය සොරාගත් පුද්ගලයන් පිළිබඳ හා එය අපරාධ සඳහා යොදා ගත්තා දැයි විමර්ශනයක් සිදු කිරීම පසෙකලා සොරකමට සම්බන්ධ යතුරුපැදිය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. සැකකාර කොස්තාපල්වරයා ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ සේවය කරන අවධියේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් මීට සති තුනකට පමණ ඉහතදී කොහුවල පොලීසියට මාරු කර එවූ පුද්ගලයෙක් බවත් පොලිස් ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වේ. සැකකාර කොස්තාපල්වරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

( බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ) 


Wednesday, September 28, 2022

කොරියානු හා ජපාන රැකියා දෙන බව පවසා මුදල් රැස්කල දෙදෙනෙකුට ඇප

දකුණු කොරියාවේ හා ජපානය රැකියා ලබාදෙන බව පවසා මුදල් රැදිකරන පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැර තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධීව තරුණ තරුණියන් රැකියා සදහා බදවාගැනීමට උත්සාහ කිරීමේ වරදට අදාළ පුද්ගලයන් දෙදෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන කුරුණගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. නඩුව යළි ඔක්තෝබර් 28වැනිදා කැදවන ලෙසද මන්දෝත්‍රාත්වරයා නියෝග කර ඇත. කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස් කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අය කරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි මෙම විමර්ශනය මෙහෙයවා ඇත. ඒ අනුව, විමර්ෂන නිලධාරින් අදාළ ස්ථානය වැටලීම් කළ අතර, එහිදී පුද්ගලයන් දෙදෙනකු කුරුණෑගල ප්‍රදේශයේ තරුණ තරුණියන් රැකර ජපානය්හා දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳභා ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් 1500.00 බැගින් මුදල් අයකර ඇති බව හෙළි වී තිබේ. එම ස්ථානයේ තිබී රුපියල් 77,000ක මුදලක්, බර කිරන තරාදියක්, ඇස් පෙනීම පරීක්ෂා කරන අර හා ඉලක්කම් පුවරු දෙකක් සහ කොරියාවේ ජපානයේ නොමිලේ රැකියා ලබාදෙන බව පවසා ප්‍රදර්ශනය කළ බැනරයක් නඩු භාණඩ වශයෙන් විමරේත නිලධාරින් භාරයට ගෙන ඇත. 


(නවෝද්‍යා පවනි )


කොළඹ අධිආරක්ෂක ගැසට්ටුව රිවස්වන ලකුණු

කොළඹ නගරයේ විශේෂ ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස්දී ඇති බව වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් පසුගියදා මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය .මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බව වාර්තා විය. නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුළ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල විය හැකි යැයි ආර්ථික විශේෂඥයන් කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ. කොළඹ නගරය තුළ වරින් වර ඇති වන උද්ඝෝෂණ හේතුවෙන් ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධිආරක්ෂිත කලාප නම් කිර්ම හරහා වෙනත් ගැටලු ඇති විය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වාදී තිබේ. ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධ කර ගනිමින් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්‍ෂක අමාතයංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය. අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සනම යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි.

(නවෝද්‍යා පවනි)


Monday, September 26, 2022

පවුලක සාමාන්‍ය මාසික බදු බර රු.28000ක්

ලංකාවේ පවුලක සාමාන්‍ය මාසික බදු බර රුපියල් 28,000ක් බවත්, පසුගිය සංශෝධනය හේතුවෙන් අමතරව රුපියල් 4,000ක් පමණ බදු ලෙස දැමීමට සිදුව ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය. එමෙන්ම මෙරට දරිද්‍රතා සීමාවේ සිටින පවුලක් වුවද මාසිකව රුපියල් 14,000ක් පමණ බදු ගෙවන බවත්, ලංකාවේ දිළිඳු පවුලට රුපියල් 4,500ක් සමෘද්ධි සහනාධාරය ලෙස ලබා දී නැවත රුපියල් 6,675ක් බදු ලෙස රජයට අය කරගන්නා බවත් ඔහු කියා සිටියේය. මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකදී මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින දැඩි උද්ධමනකාරී තත්ත්වය. ඇතිව තිබෙන්නේ වක්‍ර බදු නිසා බවත්, රජය විසින් භාණ්ඩ සහ සේවා මත පනවා ඇති බදු 2021 වසරට සාපේක්ෂව මේ වසර වනවිට 42%කින් වැඩි වී ඇති බවත් සිටියේය. මෙරට සමස්ත බදු ප්‍රමාණයෙන් 70%ක් භාණ්ඩ හා සේවා මත පනවන ලද බදු වන අතර, මෙම බදු ධනවත්ම පුද්ගලයාගේ  සිට අන්ත දුගී පුල්ලයා දක්වා ගෙවීමට සිදුව ඇති බවද මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය හමුවේ වතුකම්කරුවන් ආදී දිනකට රුපියල් 1,150ක් වැනි මුදලක් උපයන අයෙකුට රුපියල් 350ක් වැනි මුදලක් රජයට බදු වශයෙන් ගෙවීමට සිදු වී තිබෙන බවද අනාවරණය වී තිබේ.මෙම සමීක්ෂණය ද්විතියීක දත්ත පදනම් කරගනිමින් සිදුකොට ඇත.



(ෂේන් සෙනෙවිරත්න)


Friday, September 9, 2022

හත් හැවිරිදි දැරියක ඝාතනය කර පතලක සැඟවුවේ යැයි මව හා ගැබිනියක් දැලේ

හත් අවුරුදු දැරියකට අමානුෂික ලෙස පහරදී මරා පොහොර කවරයකට බහා එයට ගල් දමා දෙල්වල ගග පහළ ප්‍රදේශයේ පරණ පතල් වළකට දැමූ සිදුවීමක් සම්බන්ධයෙන් දැරියගේ මව හා තවත් කාන්තාවක් පෙරේදා (07දා) අත්අඩංගුවට ගත් ඛව දෙල්වල පොලීසිය පවසයි. මල්සිරිපුර ප්‍රදේශයේ පාසලක දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ වර්තකුලසූරිය මුදලිගේ හසිකා හර්ෂණී කුමාරී නමැත්තියක එසේ ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. එම අපරාධය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් අධිකරණ නියෝග අනුව එම දැරියගේ සිරුර ඉදිරි දිනයකදී ගොඩගැනීමට නියමිත බවදදල්වල පොලීසිය කියයි. එම ඝාතනයට සැකපිට කාත්තාවත් දෙදෙනෙකු දෙල්වල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකාරියන් අතර මියගිය දැරියගේ 29 හැවිරිදි මවත් 30 හැවිරිදි ගැබිනි කාන්තාවක්ද සිටින බව දෙල්වල පොලිසිය පවසයි. තිස්දෙහැවිරිදි හාතිස්හැවිරිදි අඹුසැම් යුවළද එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගැනීමට නියමීතව ඇත. එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකාරියනුත් ප්‍රදේශයලා ගොස් ඇති අඹුසැම් යුවළත් එක ගෙයි පවුල් කන අයවලුන් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි. ප්‍රදේශයෙන් පලා ගොස් ඇති ප්‍රධාන සදකකරු ස්ත්‍රී අපයෝජන, ළමා අපයෝජන ඇතුඵ දරුණු අපරාධ ගණනාවකට එරෙහිව අධිකරණ කටයුතු සිදු කරමින් පවතින බවද පොලීසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රධාන සැකකරු යුද හමුදාවෙන් පලා ආ අයෙකු බවත් ඔහුගේ නීතනුකුල බිරිදට දාව පුත්‍රයෙක් සිටින බවත් අනියම් බිරින්දෑවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් ගැබිනියක් බවත් අනිත් තැනැත්තිය දැරියගේ මව බවද පොලිසිය පවසයි.මියගිය දැරියගේ මව බව පැවසෙන සැකකාරිය මැල්සිරිපුර ප්‍රදේශයේ කාන්තාවක වන බවත් ඇය පසුගිය ජූලි මාසයේදී මැල්සිරිපුර පොලීසියට ගොස් තම දියණිය දෙල්වල ප‍්‍රදේශයේ සිටියදී අතුරුදන්ව ඇති බවත් කැලණිය ප්‍රදේශයේ සිටින පුද්ගලයෙක් දැරිය රැගෙන යතට ඇති බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලීසිය පවසයි. මැල්සිරිපුර පොලිසිය විසින් එම පැමීණිල්ල පිළිබද සිය පොලීසිය දැනුවත් කිරිමෙන් පසුව සිදු කළ පරික්‍ෂතාවලදී එම ඝාතනය පිළිබද තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූ බවද දෙල්වල පොලීසිය පවසයි. සැකකාරිය සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් දැරිය රැගෙන ගිය බව කියන පුද්ගලයා පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇත. එහිදී එම දැරිය එම පුද්ගලයා විසින් පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පවසයි. ඒ අනුව දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක අමල් කිර්ති මහතාට ඇතිවූ සැකය මත එම කාන්තාවගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරිමේදී ඝාතනයේ සුලමුල හෙලිකර ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.ඒ අනුව මීට මාස 6ට පෙර ප්‍රධාන සැකකරුගේ හය හැවිරිදි පුත්‍රයා මැණික් ගලක් වැනි දෙයක් සගවා තැබීමට උත්සහ කර ඇති අතර  මියගිය දැරිය එම ගල ඉවතට ගෙන වීසිකළ බව පවසමින් දැරියට සැකකරු විසින් අමානුෂිකව පහරදුන් බවත් එයින් දැරිය අසාධ්‍ය තත්වයට පත්වූ බවත් එහිදී තම අනියම් සැමියා (ප්‍රධාන සැකකර) තමාගේ නීතිවිරෝධී මත්පැන් මට පොලිසියපාම්පත නිසා වහා දැරියරැගෙන කාලයට යන ලෙස උපදෙස් දුන් බවත් එහිදී දියණිය රැගෙන කාලයටගා සිටියදී තම ඔඩොක්කුවේදී ඇය මියගිය බවට සැකකාරිය පොලිසියට සිදු කළ පාපොච්චාරයත් හෙළි වූ බවද පොලිසිය පවසයි. පසුව දැරියගේ සිරුරපොහොර කවරයකුට දමා මීටර් තුන්සියයක් පමණ දුරක තිබූ අතහැර දැමූ මැණික් පතලක් අසලට ප්‍රධාන සැකකරු විසින් ඔසවාගෙන රැගෙන ගොස් ඇත. ඉන් අනතුරුව සිරුර දැමූ කවරයට ගල් දමාපතල්වලට දමා වසා දැමූ බවත් එම අවස්ථාවට සැකකරුගේ නීත්‍යනුකූල බිරිදත් තමනුත් සම්බන්ධ වූ බව සැකකාරිය පවසූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේ ප්‍රධාන සැකකරුගේ අනියම් ගැබිනි බිරිදත් නිවසේ සිට අපරාධය සිදුවන ස්ථානයට කිසිවකු ඇතුළු වෙනවාදැයි කියා ඔත්තු බලා සති බව සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සිටි බවත් දැරිය සිහිසුන්ව සිටියදී එසේ වළදමා ඇත්දැයි සැකයට තුඩුදෙන කරුණක් බවද පොලිසිය පවසයි. දැරිය මරා දමා වළ දැමුවා යැයි කියන ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇත. දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමල් කීර්ති මහතාගේ පූර්ණ අධීකෂණය උපපොලිස් පරික්‍ෂක රුවන්පතිරණ, පොලිස් කොස්තාපල් වීරසිංහ. කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබද වැඩිදුර පරික්‍ෂණ සිදු කරති. 




(කසුන් දර්ශන)


Thursday, September 8, 2022

ජාතික සභාව පිහිටුවීමට සියලු පක්ෂ එකඟයි

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන ආකාරයෙන් සාමාජිකයන් 37දෙනෙකුගෙන් යුත් ජාතික සභාවක් පිහිටුවීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වයට පැමිණ තිබේ. රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිර්ම සඳහා මෙම ජාතික සභාව පිහිටුවන අතර, අග්‍රාමාත්‍ය දිග්නේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම එකඟත්වයට පැමිණ ඇත. ඒ එකඟතාව අනුව කථානායකවරයා ජාතික සභාවේ මූලාසනය දරන අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයන් බවට පත්වේ . පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු පක්ෂ නියෝජනය වන පරිදි, නිල බලයෙන් සාමාජිකයන් වන නියෝජිතයන්ද ඇතුළුව "ජාතික සභාවේ" සම්පුර්ණ සාමාජික සංඛ්‍යාව 37ක් වේ. ඊට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව ඇති විය. 



( දිනේෂ් සමරකෝන්)

Monday, September 5, 2022

බිරිඳගේ නැගණියගේ දින 12ක් වයසැති බිලිඳා රු.10000කට අලෙවි කළ පුද්ගලයා දැලේ

තම බිරිදගේ නැගණියට ඔහුට දාව උපන් දින 12 වයසැති බිලිදෙකු රුපියල් දසදහසකට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මෙම මස 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොනරාගල දිසාවීනිසුරු හා මහේස්ත්‍රාත් සජිනි අමරවික්‍රම මහත්මිය පසුගියදා නියෝග කළහ. මොනරාගල මොනරකැලේ වත් පදිංචිකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. හෙතම තම බිරිදගේ නැගණිය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. ඇයට ලැබුණු දරුවා එම ප්‍රදේශයේම පදිංචිකාරියකට රුපියල් දසදහසකට අලවි කර ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි. සැකකරු පොලිසියට කට්ටි පනිමින් සිටියදී මාස දෙකකට පමණ පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු මීට පෙර බිරිඳගේ පළමු කසාදයේ දාහතර හැවිරිදි දියණියද අපයෝජනය කර ඇති බව මූලික පරික්ෂණාවලදි අනාවරණය වී ඇත.සැකකරුට අපරාධය සිදුකිරීමට අනුබලඳුන් බිරිදවාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස්දාහසක ඇපමත මුදාහැර තිබේ. පොලිසිය භාරයට ගත් දරුවා අධිකරණ නියෝගයක් මත කැප්පෙටිපොළරැදවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට නියමිතය. මොනරාගල මූලස්ථාන පොලිස් පරික්ෂක පී. එචාමින්ද සංජීව මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් මාරසිංහ මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි. 



( මොනරාගල සුමනසිරි ගුණතිලක) 


Monday, August 22, 2022

රැකියා සඳහා විදෙස්ගත වීමේදී මවුවරුන් බාලවයස් දරුවන්ගේ රැකවරණය ගැන දිවුරුම් ප්‍රකාශ දීම අනිවාර්යයි

රැකියා සඳහා විදෙස්ගත වන මවුවරුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී තම බාලවයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සඳහා වූ රැකවරණ වැඩපිළිවෙළ සලසා ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කිර්ම අනිවාර්ය බව එම කාර්යාංශය පවසයි. මේ පිළිබඳ කම්කරු හා වින්දේශ රැකියා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. මෙම වසරේ ජුනි 27 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇත. වයස අවුරුදු 02ට අඩු දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබානොදෙන අතර, එවැනි මවුවරුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ. ලියාපදිංචිය ලබාගැනීමේදී තමන්ට දරුවන් සිටින / නොසිටින බව හෝ වයස අවුරුදු 02කට වැඩි, අවුරුදු 18ට අඩු අවිවාහක දරුවන් සිටින මවුවරුන් එම දරුවන්ගේ ආරක්ෂව සම්බන්ධයෙන් හා අධ්‍යාපනය සැලසීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධ දිව්රුම් ප්‍රකාශය තමා පදිංචි වසමෙහි ග්‍රාම නිලධාරීවරයා ලවා සහතික කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදිය යුතු බව කාර්යාංශය සඳහන් කරයි. එසේ සම්පූර්ණ කරන ලද ලිපිලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරි (විදේශ රැකියා) වෙතිත් තහවුරු කරගත යුතු අතර, එම නිලධාරියා විසින් සිදුකරනු ලබන වින්දේශගත වීම සඳහා නිර්දේශ කිරීම හෝ නිර්දේශ නොකිර්ම පිළිබඳ තොරතුරු දුරකථන කෙටි පණිවුඩයක් මගින් කාර්යාංශය වෙත තහවුරු කළ යුතු වේ. එසේ වුවද අමාත්‍යාංශ ලේල්කම්වරයා විසින් ඉදිරිපත් කර ඇති චක්‍රලේඛනය අනුව කාර්යාංශයේ ලියාපදිංචිව රැකියාවක් සඳහා විදේශගත වී සිට නැවත වීසා සකස් කරගෙන මෙරටට පැමිණෙන කාන්තාවන් හා කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගතව සිට පැමිණ මාස 06ක කාලසීමාව තුළදී යළි විදේශගත වන කාන්තාවන් සඳහා මෙම වාර්තාව ලබාගැනීමෙන් නිදහස් කර ඇත. එසේම මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොමැති කාන්තාවන් අනිවාර්යෙන් මෙම වාර්තාව ලබාගත යුතු අතර, එසේ නොවන අයට රැකියාවක් තුළදී යළි විදේශගත වන කාන්තාවන් සඳහා මෙම වාර්තාව ලබාගැනීමෙන් නිදහස් කර ඇත. එසේම මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොමැති කාන්තාවන් අනිවාර්යෙන් මෙම වාර්තාව ලබාගත යුතු අතර, එසේ නොවන අයට රැකියාවක්  සඳහා විදේශගත වීමට කිසිදු අවස්ථාවක් හිමි නොවන බවත්, නව සංශෝධනයට අනුව මෙම වසරේ අගෝස්තු 19වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් කාර්යාංශය දන්වා සිටියි. මීට අමතරව, මීට ඉහතදී වයස අවුරුදු 45 ඉක්ම වූ කාන්තාවන් මෙම සීමාවන් තුළින් ඉවත් කර තිබුණද අගෝස්තු 19වැනිදා සිට කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන ලේඛන ඔවුන් සණ කළ යුතු බව කාර්යාංශය දන්වයි.මෙම ක්‍රියාවලිය හුදෙක් විදේශගත වන මවුවරුන්ගේ දරුවන්ගේ රැකවරණය සහ අධ්‍යාපන වැඩකටයුතු සාර්ථකව සිදුකරලීම සඳහා ගනු ලැබූ පියවරක් බවත්, තවද විදේශ සේවයේ නියුතු කාලසීමාව තුළදී දරුවන්ගේ වගකීම වෙනුවෙන් බැදී සිටීමට පෙනී සිටින පවුලේ සාමාජිකයන් හඳුනාගැනීමත්, අමාත්‍යාංශය හෝ කාර්යාංශ නිලධාරීන්ගේ විශේෂි මැදිහත්වීමක් හෝ සහනයක් අවශ්‍ය යැයි හඳුනාගනු ලබන පවුල් සඳහා එම සහනයන් වඩා ඵලදායී ලෙස ලබාදීම පිළිබඳ සකස් කර ඇති සැලසුම් ක්‍රියාත්මක කිර්ම මෙමගින් අපේක්ෂා කරන බවත් කාර්යාංශය සඳහන් කරයි.


(නවෝද්‍යා පවනි)

ජනතාව නිවාස අධිකාරියට රු.බිලියන 10ක් ණයයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ වූ 1979 වසරේ සිට අද දක්වා මෙරට ජනතාවට ලබාදී ඇති ණය ප්‍රමාණයෙන් අයකර ගැනීමට තිබෙන සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 10ක් බව නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇති ණය මුදල් අයකර ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර තිබේ. මාසිකව රුපියල් මිලියන 300ක ණය මුදල් අයකර ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.  මාසිකව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අයකර ගත යුතු ණය මුදල රුපියල් මිලියන 563කි. මාසිකව අයකරගත යුතු මුදල රුපියල් මිලියන 563ක් වුවද පසුගිය ජූලි මාසය වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයකර ගැනීමට හැකි වී ඇත්තේ රුපියල් මිලියන 127ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස 23%ක් පමණ වන බවද අනාවරණය වී තිබේ. 2015 - 2019 කාලයේදී එම අධිකාරිය සතු සියලු වත්කම් හා මුදල් භාවිත කරමින් ණය ලබාදී තිබූ අතර, එම ණය සම්පූර්ණ වාර්තක ලබානොදීම හේතුවෙන් අයකර ගැනීමේ ගැටලු මතුව තිබීම මෙම තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් බව එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක මහතා ප්‍රකාශ කළේය. ඊට අමතරව කෝවිඩ් වසංගතය, ආර්ථික ගැටලුව හා රටේ පැවැති දේශපාලන අස්ථාවරත්වය මෙම ණය අය කර ගැනීම අවම වීමට හේතුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.මේ පිළිබඳ පැවැති සාකච්ඡාවකදී එම අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා සඳහන් කළේය.ණය අයකර ගැනීම සඳහා ඉදිරි කාලයේදී දිස්ත්‍රික් කළමනාකරුවන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ණය වාර්තක නිසි අයුරින් එකතු කිරීමට නොහැකි තත්ත්වයකට පත් වුවහොත් ආයතනයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව මාසිකව රුපියල් මිලියන 300ක ණය වාරික අයකර ගැනීම අධිකාරීයේ ඉලක්කය බවත්, එය අනිවාර්ය බවත් සභාපතිවරයා පැවසීය.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම්වල අනවසර පදිංචිකරුවන් හා අනවසර ඉදිකිර්ම සිදුකිරීම රැසක්  සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බවත් සභාපතිවරයා පවසා සිටියේය. ඒමෙම නුවර හෝටලයක සාදයක් පැවැත්වීමට අධිකාරිය කටයුතු කර ඇතැයි පළව තිබූ මාධ්‍ය වාර්තද සභාපතිවරයා ප්‍රතිෂ්ප කළේය.



(නවෝද්‍යා පවනි)


Friday, August 19, 2022

ජල බිල් නෙගෙවීම නිසා පාසල්වල ජල සැපයුම් විසන්ධි කරනවා

2022 වසරට අදාළව පාසල්වල ජල බිල්පත් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ගෙවන බවට ප්‍රකාශ කර තිබුණත් ජල බිල්පත් ගෙවීම සිදුකර නොමැති බවත්, මේ නිසා පාසල්වල ජල සැපයුම් විසන්ධි කිරීම් සිදුකරන බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි. මේ වසරේ ජනවාරි මාසයේ සිට ජල බිල්පත් විදුහල් මගින් ගෙවිය යුතු බවට නීතියක් සකස් කළ බවත්, එම නීතියට විදුහල්පතිවරුන්, ගුරුවරුන් විරෝධය දැක්වීම නිසා මේ වසරට අදාළ ජල බිල්පත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ගෙවන බවට පොරොන්දුවක් ලබාදුන් බවත් එම සංගමය පෙන්වා දෙයි. එහෙත් අදාළ ජල බිල්පත් ගෙවීම සිදුකර නොමැති බව පවසමින් ජල සම්පාදන මණ්ඩලය විසින් ජල සම්බන්ධතා විසන්ධි  කිරීමට විදුහලට පැමිණෙන බවත්, බොහෝ විදුහල්පතිවරුන් කරුණු පෙන්වාදීමෙන් පසු විසන්ධි කිම් තවකාලිකව නවතා දමමින් තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය පවසයි.  මේ නිසා කඩිනමින් ජල බිල්පත් ගෙවීම සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත්, එසේ නොමැති වුවහොත් දෙමවුපියන්ගෙන් මුදල් එකතු කර ජල බිල්පත් ගෙවීමට විදුහල්පතිවරුන්ට සිදුවන බවත් එම සංගමය පෙන්වා දෙයි. එසේම සමහර පාසල් මේ වසරේ ජනවාරි මාසයේ සිට ජල බිල්පත් ගෙවීමට සිදුකර නොමැති බවත්, මේ නිසා දෙමවුපියන්ට බිල්පත් ගෙවීමට සිදුවුවහොත් අතිවිශාල මුදලක් ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි. 

(එච්.අයි. තුෂාර)

Wednesday, August 17, 2022

පාසල් බස් ප්‍රමාණය වැඩි කරයි

ඉන්ධන වියදම අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමග පාසල් වෑන් ගාස්තු ඉහළ යාම හේතුවෙන් පාසල් ළමයින් ප්‍රවාහනය සඳහා පාසල් බස්රථ ප්‍රමාණය වැඩි කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (16දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. ඒ අනුව ප්‍රවාහන කොමිසම මගින් ක්‍රියාත්මක කරන සහන වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන සිසු සැරිය බස්රථ. තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසුවේය. තවද නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ නව බස් රථ 800ක් ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. එමෙන්ම අශෝක් ලේලන්ඩ් සමාගම විසින් පාසල් බස් රථ 80ක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවත්, කොළඹ නගරය  ආශ්‍රිතව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම පාසල් බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නමුත් තාක්ෂණික කමිටුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් අනුමැතිය ලබාදී නොමැති බවත්, එම ප්‍රමාදය පිළිබඳ තමා සොයාබලන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

( නවෝද්‍යා පවනි)

Thursday, January 21, 2021

කොරෝනා සමාජගත වෙලා

කොවිඩ් වයිරසය සමාජගත වී අවසන් යැයි කෑගලු දිස්ත්‍රික් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් මහතා පැවැසීය.

කොවිඩ් දෙවැනි රැලේදී ආසාදිතයන් හමුවීම හා මියයන කොවිඩ් ආසාදිතයන් පිරිස සැලකිල්ලට ගැනීමේදී වයිරසය කොපමණ ස්ථීර ප්‍රමාණයකට පැතිර ඇත්දැයි පෙන්නුම් කෙරෙන බව කී අබේකෝන් මහතා කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් ඇත්තේ වයිරසය සමාජ ගත වීම නිසා බව ප්‍රකාශ කළේය.

වෛද්‍ය මුදිත අබේකෝන් මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් සමාජගත වෙලා කියන එක අපි පිළිගන්න ඕනෑ. කොහෙන්ද හමුවුණේ කියලා හොයා ගන්න බැරි විදියට රෝගීන් හමුවෙනවා. ඒ කියන්නේ වයිරසය සමාජගත වෙලා අවසන්. ඒක තමයි යථාර්ථය. ඒක කියන්න අපි බිය විය යුතු නැහැ. ඒක ලැජ්ජා වෙනත් කාරණයක් නොවෙයි. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව වැනි අපට වඩා දියුණු රටවලත් කොඩිඩ් සමාජගත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් කොවිඩ් සමාජගත වෙලා කියන්න ලැජ්ජා විය යුතු නැහැ. මොකද ලෝකයේ දියුණු රටවලත් මේක පාලනය කර ගන්න බැරිවෙලා තියෙනවා.


- සුජිත් හේවාජුලිගේ -

Wednesday, January 20, 2021

පොල් ගෙඩියක් සොරකම් කළැයි ලක්ෂයක් ඇප

වත්තකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 120ක් වටිනා පොල් ගෙඩියක් සොරාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ, මල්වතුහිරිටිපිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (19) නියම කළේය.

මල්වතුහිරිපිටිය, නීලමහර ප්‍රදේශයේ පදිංචි සැකකරුවකුට මෙසේ ඇප නියම කෙරිණි. 

මාර්තු මස 18 දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළේය.

- ටෝනි කරුණානායක -

Wednesday, December 9, 2020

බේරුවලින් කොරෝනා රෝගීහු 153ක්

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අලුත්ගම ,බේරුවල, පයාගල යන පොලිස් බල ප්‍රදේශ තුනෙහි මේ වන විට කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයන් ගණන 153 දෙනකු වන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා ඊයේ (08) පැවැසීය.

මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසවලින් වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ මග්ගොන, මරදාන, දර්ගා නගරය සහ පයාගල යන ප්‍රදේශවලිනි.

මෙලෙස හමු වූ ආසාදිතයින් අතරින් මග්ගොන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත පුද්ගල මරණයක් වාර්තා වී ඇති බවත්, මේ වන විට සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් හමු වූ සියලුම රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි. දර්ගා නගරයේ ඇඟලුම් හලකින් කොවිඩ් ආසාදිත සේවිකාවන් තිදෙනකු ද, මග්ගොන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලකින් කොවිඩ් ආසාදිත සේවිකාවක් ද හමු වීම හේතුවෙන් එම ආයතන වසා දමා තිබෙන බවත්, දර්ගා නගරයේ කොවිඩ් ආසාදිත පුද්ගලයකු අසළ වෙළඳ සැල් 6කට ගොස් තිබීම හේතුවෙන් එම වෙළදසැල් 6 ද මේ වන විට වසා දමා තිබෙන බවත් පැවැසේ. පයාගල ප්‍රදේශයේ කොරෝනා පාලනයට මහත් අවදානමක් තිබූ රා පොළක් සෞඛ්‍ය අංශ සහ පයාගල පොලීසිය මැදිහත් වී වසා දමා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් සහ ඒ ප්‍රදේශ බාර කොවිඩ්-19 වැළැක්වීමේ පොලිස් නිලධාරිහු පැවසූහ. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසූවේ මේ වන විට සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් හඳුනාගෙන ඔවුන්ගේ ආශ්‍රිතයන් ද ඇතුළු පුද්ගලයන් 5000ක් පමණ නිරෝධායනට යොමු කර සිටින බවය.

- තුසිත කුමාර ද සිල්වා -

Tuesday, May 19, 2020

චක්‍රලේඛයද කඩ කරමින් ඇතැම් විදුහල්පතිවරු අනධ්‍යයන කාර්යමණ්ඩලය සේවයට කැදවලා

-අධ්‍යාපන  අනධ්‍යයන සේවක සංගමය
සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් හා අධ්‍යාපන අමාත්‍යාංශය මැයි 11දා නිකුත් කළ චක්‍රලේඛයද කඩ කරමින් විදුහල්පතිවරුන් විසින් පාසල් ආරම්භ කිරීමේ දිනයක් හෝ ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක අනධ්‍යයන කාර්යමණ්ඩල සේවයට කැඳවා ඇති බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පැවසීය.
මෙවැනි තත්ත්වයක් තුළ නැවත සේවයට කැඳවීම හේතුවෙන් අනධ්‍යයන කාර්යමණ්ඩල දැඩි අවදානමකට ලක්ව සිටින බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ අංක 15/2020 හා 2020/05/11 නිකුත් කළ චක්‍රලේඛය කඩකරමින් ඌව හා දකුණ පළාත් අනධ්‍යයන සේවකයින් සියලුදෙනා සේවයට කැඳවා ඇති බවට වාර්තා වන බැවින් එය සෞඛ්‍ය අංශ විසින්ලබාදී ඇති මාගෝපදේශවලටද පටහැණි බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා 'අද'ට ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය පළාත් සභා, පාසල් හා ජාතික පාසල් ගණනාවක සිදුවන බවත්, පාසල් ආරම්භයට දින තුනකට පෙර අනධ්‍යයන කාර්යමණ්ඩල පාසල් වෙත කැඳවීම සුදුසු බවත්, පාසල් විෂබීජහරණය කිරීමෙන් පසු පළමු අනධ්‍යයන කාර්යමණ්ඩලය ගෙන්වා ගැනීමට කටයුතු නොකිර්ම හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව සිටින බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.  මෙම තත්වය දරුවන්ටද අවදානමක් ගෙන එන බැවින් මේ පිළිබඳව සෞඛ්‍ය අංශ උපදෙස්අ නුව කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද තිලකරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහිද පාසල්වල අනධ්‍යයන සේවකයින් සේවයට කැඳවා තිබීම හේතුවෙන් නවාතැන් පහසුකම් ලබාගැනීමේ අර්බුද හා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ අර්බුදවලටද මුහුණ දී සිටින බව තිලකරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

නවෝදි පවනි.