Showing posts with label Political. Show all posts
Showing posts with label Political. Show all posts

Monday, October 30, 2023

ධන බද්ද ඉතා ප්‍රගතිශිලි බද්දක්



ධන බද්ද හෙවත් දේපල බද්ද සාමාන්‍යජනතාවට බල නොපාන ඉතාම ප්‍රගතිශිලී බද්දක් බවත්, නමුත් එය ක්‍රියාත්මක කරන්නේ ගැඹුරු විශ්ලේෂණයකින් පසුව බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම බද්ද මගින් පළාත් පාලන ආයතන ශක්තිමත් වීම මෙන්ම, එමගින් සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවත් මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.


ෂමිල පෙරේරා

Thursday, September 19, 2019

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ ඊට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය ඊ යේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ලදි.



ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ ඊට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය ඊ යේ  මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ලදි.

නොවැම්බර් 16වන දා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලෙසත්, ඔක්තෝම්බර් 7 වනදා
නාමයෝජනා කැඳවන දිනය ලෙසත් නම් කර ඇති බවටයි වාර්තාවන්නේ.

Tuesday, August 13, 2019

පොහොට්ටුවේ නායකයන් රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත් නිසයි ගෝඨාව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ.






ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්  කළේ පොහොට්ටුවේ නායකයන් රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත් නිසා යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  ඊයේ පැවසීය.

ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරැදිව තේරුම් ගත්  හෙයින් ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආ බව කී ෆොන්සේකා මහතා

"එයාලා හිතන විදිහට ඒ පැත්තේ සිටින වඩාත්ම සුදුසුම කෙනා ගෝඨාභය" යැයි ද සඳහන් කළේය.  සරත් ෆොනේස්කා මහතා මෙසේ ද පැවැසීය.

 "රටේ ආරක්ෂව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගත්තු නිසා ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආවා. මේ ප්‍රශ්නය විසඳීමට  හොඳම මිනිහා ගෝඨාහය කියලා ඒ අය හිතනවා ඇති. ගෝඨාභයගේ හැකියාවන් නොහැකියාවන් ගැන මම කතා කරත්න යන්නේ නැහැ.

 නමුත් ඒගොල්ලන්ට ඉන්න හොඳම කෙනා හැටියට ගෝඨාහය ඉදිරිපත් කරල තියෙනවා. එයාලා එහෙම කළේ රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තු නිසයි.

 ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය ඔය තත්වය තේරුම් නොගෙන කටයුතු කළහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වේවි. ජනතාව අද වෙනකොට ප්‍රමුඛත්වය දිලා තියෙන්නේ රටේ ආරක්ෂාවටයි. දුරදිග බලන කෙනකුට ඒක තේරන්න ඕන. අද රට මේ තත්වයට පත්වෙලා  තියෙන්නේ ඒවා තේරුම් නොගෙන වැඩ කිරීම නිසයි.

දැන්වත් ඒක තේරුම් නොගත්තොත් ජනතාව ඊට නිසි ප්‍රතිචාර දක්වාවි.එයාලා හිතන විදියට ඒ පැත්තේ ඉන්න වඩාත්ම සුදුසුම කෙනා එයා. නමුත් යුද්ධය ගැන කතා කරනකොට නම් අප දරන ස්ථාවරය ගැන කොහොම නමුත් එයාලා රට ගැන හිතලා රටේ තත්වය තේරුම් අරගෙන ගත්තු තීරණයක්. ඒ නිසානේ එහෙම තීරණයක් ගත්තේ. ආණ්ඩුවටත් එහෙම හිතන්න දැන්වත් මොළේ පෑදෙන්නේ නැතිනම් ජනතාව ඔවුනට හරියි කියලා හිතන තීරණයක් ගනීවි." යැයි ද ඒ මහතා කීවේය.


සුජිත් හේවාජුලිගේ

පොදුජන පෙරමුණේ මෙවර අපේක්ෂකයා රාජපක්ෂ කඳවුරේ දුර්වලම පුද්ගලයයි-ජනතා විමුක්ති පෙරමුණ






ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කළ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කළ ඉතාමත් දුර්වලම පුද්ගලයෙකු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ජනාධිපති අපේක්ෂකයාට මූල්‍ය විනයක් නොමැති බවත්, මීට අමතරව පරිපාලන විනයද නොමැති බවත්, මේ අනුව රාජපක්ෂ කඳවුරෙන් මෙතෙක් ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර, ඔහුට රට වෙනස් කළ නොහැකි බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජත හේරත් මහතා සදහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස පෙරේදා(11) දිනයේ නම් කළද එය අලුත් දෙයක් නොවන බවත්, වසරකට අධික කාලයක සිට එම නම යෝජනා වී තිබූ බවත් ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික  ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මේ මස 18 වැනිදා නම් කරන බවත්, අදාළ  අපේක්ෂකයා ජාතික ජන බලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් සාකච්ඡා කර තීරණය කරන්න බවත් ඒ මහතා සඳහන් කළේය.

වසර 70ක් පුරා මෙරට මහා ණය උගුලක සිර කළ පාලනයක් වෙනුවට රට හැදීමේ විකල්ප බලය ගොඩනගන බවත්, ඒම අභියෝගය භාරගැනීමට ජනතා විමුක්ති  පෙරමුණ සුදානම් බවත් හෙතෙම කියා සිටියේය.

ඊයේ (12දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කළේ, පරණ හොරු සහ අලුත් හොරු දෙගොල්ලන්ම පරාජයට පත්කර රට හැදීමට හැකි රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි විකල්ප බලයක් ගොඩනගන බවත්, ඒ සඳහා ජනතාව පෙළගැසිය යුතු බවත්ය.

රට තුළ පිරිසිදු නායකයන් ගොඩනැගීම සදහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බවත්, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා එම නිර්ණායකවට අනුකූල වන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.

අයි.එච් තුෂාර

ජනපතිවරණයේදී සමාජ ජාල වල අසත්‍ය-මඩ වැපිරුවොත් වැඩ වරදියි-මැතිවරණ කොමසාරිස්





ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදීන්ට  මඩ ප්‍රහාර ගසන සහ අසත්‍ය කරුණු හුවා දක්වමින් චරිත ඝාතනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එම නිසා ඒවා මැඩලීමට පියවර ගත යුතු බව ද එම කොමිෂන් සභාව පවසයි.

 මේ පිළිබඳව දේශපාලන පක්ෂ සමාජ ජාලා විෂය භාර නියෝජිතයින් සමග සාකච්ඡා  පවත්වමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.  මේ සදහා ෆේස්බුක් හිමිකරුවන්ගේ සහ තොරතුරු තාක්ෂණික විශේෂඥයන්ගේ සහාය ද ලබාගැනීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ
කොමිෂන් සභාව කියයි. පුද්ගලයින්ගේ ප්‍රකාශනයේ නිදහසට බාධා නොවන අයුරින් මෙම සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද කොමිෂන් සභාව පවසයි.

Monday, August 12, 2019

පක්ෂයට ආරාධනා නොකර මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනාපත් යැවීම වැරදී.-පොහොට්ටු සමුළුව ගැන දයාසිරි කණගාටුවෙන්







ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරිමට ඇත්තේ කවර සාකච්ඡාවක් දැයි යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ  දයාසිරි ජයසේකර මහතා  ඊයේ (11) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රී.ල.නි.පය එතැනට තල්ලු කිරිමට යැයි කී දයාසිරි ජයසේකර  මහතා ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවිට පත්කළ අති බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ඇති බවට චෝදනා කළේය.

සමුළුවක් සංවිධානය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අයිතියක් වුවද පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකොට මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනාපත් යැවීම සදාචාර සම්පන්න නොවන්නේ යැයි ද ඔහු කීය.  සිය පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා පක්ෂය පාවා දීම් ලංකාවේ දේශපාලනයේ අනන්‍ය ලක්ෂණයක් යැයි කී හෙතෙම බඩගෝස්තරවාදයට වැටුණු දේශපාලකයන් සම්බන්ධයෙන් මීළඟ මහමැතිවරණයේ දී ජනතාව තීරණයක් ගනු ඇතැයි ද  කියා සිටියේය.

 එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා යන දේශපාලකයන් ශ්‍රී.ල.නි.පය නියෝජනය කළ ද දිගින් දිගටම කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වමින් යැයි ද ජයසේකර මහතා පැවසීය.

කවරෙකු පක්ෂය පාවා දුන්නත් පක්ෂ සංවිධායකවරුන් 160ක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1100ක් සමග කොඳු ඇති විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැයි කී මහලේකම්වරයා ඔවුන් සමග එක්ව පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරීයට ගෙන යන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයෙන් දේශපාලනය අවසන් නොවන බවද ඉන් පසුත් පක්ෂයට නායකත්වය දෙන්නට මෙත්‍රීපාල  සිරිසේන ජනාධිපතිවරයාට හැකි යැයි ද ජයසේර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


-බිගුන් මේනක ගමගේ-

Friday, August 9, 2019

අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් මේ ආණ්ඩුවේ අය පෝස්ටර් ගහනවා-විපක්ෂ නායක මහින්ද






මේ රජය කුමන සංවර්ධන කතා  පැවසුවද අද මේ රටේ ජනතාවට එදිනෙදා ජීවත්වීමටවත් නොහැකි තත්වයක් උදාවී තිබෙන බවත්, කඩේට, පොළට ගොස් එදිනෙදාට අවැසි භාණ්ඩ ගැනීමේදී ඔවුන්ට දෙවරක් සිතීමට සිදුවී තිබෙන බවත් හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ  පැවසීය.

හෙතෙම මේ බව පැවසුයේ මොරටුව මහ නගර සභාවේ කාර්යාලයීය සංකීර්ණය විවෘත කිරීම, ස්වර්ණ පළස ඔප්පු ප්‍රදානය, මහනගර සභා වෙබ් අඩවිය ජනගත කිරීම හා කාර්යමණඩල ඇගයීම වෙනුවෙන්, මොරටුව මහ නගර සභා භූමියේදී පසුගියදා (07) සංවිධානය කර තිබූ උත්සව සභාවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"ආණ්ඩුවේ සියලු දෙනාගේ වරදින් පාස්කු ප්‍රහාරය සිදුවී ඇති බවට, ඒ සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ, අගමැතිවරයා සාක්ෂි දෙමින් වරද පිළිගෙන ඇති නිසා, රජය දැන් කළ යුත්තේ ස්වාධීන කොමිෂන් සභාවක් පත්කොට ඊට සම්බන්ධ වරදකරුවන් වහාම රටට හෙළි කිරීමයි.

තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කරලා, රට සංවර්ධනය කරලා, ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් ගොඩනගමින් සිටියදී තමයි එන්.ජී.ඕ. නඩ ජාතයන්තර බලවේගයත් සමග එකතු වෙලා මේරට උදුර ගත්තේ. ඒත් අගමැතිවරයා නම් කියන්නේ බංකොලොත් වුණු කබල් ආර්ථිකයක් භාර ගත්තා කියලා. එතුමට මම කියනවා පම්පෝරි ගගහ ඉන්නෙ නැතිව මහ  බැංකු වාර්තා පරීක්ෂා කර බලන්න.

 අපේ කාලේ විරැකියාව අඩු වුණාද මේ  කාල් අඩු වුනාද වැඩි වුනාද කියලා.  ආර්ථිකය ගොඩනගන විරැකියාව අඩු කරන මේ රජය පියවර  නොගෙන කතාවෙන් පමණක් ජනතාව රවට්ටන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි මේ අයට අමතක වෙලා තියෙනවා පෙරට වඩා අද මේ රටේ ජනතාව බුද්ධිමත් කියලා.  මෙවන් තත්වයක් මත සුපිරී ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා. ඒත් පළාත් සභා විසුරවලා තාම මැතිවරණ කැඳවලා නෑ.

 ඒත් ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. ඒත් රජය මැතිවරණවලට බයයි. මොකද  ඉකුත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල  දැන්කාම මැතිවරණයන් කැමැත්තෙන් දුන්නේ නැහැ. ඒක අපි උදුරගත්ත මැතිවරණයක්. ඒක අපි දිනුවා. අපි මැතිවරණවලට බය නැහැ. මොකද අපි යුද්ධය දිනා රට සංවර්ධනය කරලා පෙන්නුව නිසා.  ඒ රටේ හැම අංශයක්ම අද බංකොලොත් වෙලා. අධ්‍යාපනය, සෞඛ්‍ය ඉතා පහත් මට්ටමකයි තියෙන්නේ. සෞඛ්‍ය අංශය දැඩි පරිහානියකට ලක්වෙලා. මේ අමාත්‍යංශයට තරම්  චෝදනා එල්ල වූ තවත් අමාතයංශයක් නැතිතරම්, මේ අතරේදී එ.ජාපය ඇතුළේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න ලොකු සටනක් ආරම්භ වෙලා තියනවා. මමත් එනවා. මමත් එනවා කියලා රට පුරා පෝස්ටර් ගහලා  කවුද මේවා කරන්නේ, මේවා කරන්න සල්ලි කොහින්ද, මේවට මේ රටේ  අහිංසක ජනතාවගේ බදු මුදල් තමයි වැය කරන්නේ, විශාල ලෙස පෝස්ටර් ගහන්නත් පත්තරවල දැන්වීම් දාන්නත් වැය කරනවා. මේක මහා අපරාධයක්. ඒනිසා නැවත වරක් මේ රටේ වෙනසක් ඇති කළ යුතුයි."
යැයි පැවසීය.

- ශාන්න ප්‍රදීප් කුමාර කුලරත්න-

Wednesday, August 7, 2019

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදන්







සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කළ දැනුම්දීක් අනුව විමර්ෂන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.

අමාත්‍යාංශයේ ලේකම්වරිය මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇති අතර
මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස වැඩබලන  පොලිස්පතිවරයා අපරාධ සංවිධානාත්මක අපරාධ, නිති, විනය හා කල්ක්‍රියා දිසාහාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි පොලිසිය සිතයි.

මෙම වාහන යම් පොලිසියකින් අත්අඩංගුවට ගෙන තිබේ ද යන්න ගැන සොයා බලා අගෝස්තු 10 වැනිදාට
පෙර වාර්තාවක් සපයන ලෙස අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීතී, විනය හා කල්ක්‍රියා දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ඇතුළු විශේෂිත පොලිස් ඒකකවලටත්, සියලුම කොට්ඨාස භාර පොලිස්  ස්ථාන වලටත් දැනුම් දී තිබේ.

එම දැනුම් දීම සියලු පොලිස් ස්ථානාධිපතීවරුන්ට ද යොමුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවද  විශේෂ විමර්ෂනයක් සිදුකර විගණන වාර්තාවක් පසුගිය  අප්‍රේල් මාසයේදී නිකුත් කර තිබිණි.

වාහන 1794 අස්ථාන ගත වී තිබීමත්, අමාත්‍යාංශයෙන් බාහිර පාර්ශව වෙත පවරා තිබු වාහන 259 ක් අතුරෙන් 177 ක පැවරීම් වල නිත්‍යනුකූලතාව තහවුරු නොවීමත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණ ද අමාත්‍යාංශ ලේඛනයේ ඇතුළත් නොවූ වාහන 202 න් වාහන 171 ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත්  හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව එම වාර්තාවේ සඳහන් කර තිබිණි.


ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයෙකු  වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුයුක්ත කර තිබූ වාහන සංඛ්‍යාව 15 ක් බවත්, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් පමණක් අනුමත වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන දෙකක් අනුයුක්ත කර ඇති බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යව තුනක් වුව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11 ක් අනියුක්ත කර තිබුණු බව ද එහි සඳහන් වෙයි.

අමාත්‍ය කාර්යාලයට අනුයුක්ත කර ඇති වාහන තුනක් 2017 ජනවාරි පළමු වැනිදා සිට 2017 ජුනි 30 දක්වා අතර මාස හයක පමණ කාලයේදී කිසිදු අවස්ථාවක අමාත්‍යාංශයට පැමිණ නොතිබූ බවත්, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන්කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314 කදී අමාත්‍යංශය භාවිතයේ ඇති වාහන අනුයුක්ත කර ඇති බවත් ඒ සඳහා අවස්ථා 102 කදී කිලෝ මීටර 56,132 ක් සදහා රුපියල් 7,93,370 ක ඉන්ධන වැයකර තිබුණු බවත් විශේෂ විමර්ශන වාර්තාවේ දැක්වේ.

විෂයභාර අමාත්‍යවරයාට,නියෝජ්‍ය අමාත්‍යවරයාට හා අදාළ කාර්ය මණ්ඩලයට චක්‍රලේඛවලට පටහැනිව වාහන හා ඉන්ධන ලබා දීමට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බව ද නිගමනය කර විගණකාධිපති දෙපාර්තුමේන්තුව පැවැත්වූ හඳුනාගත නොහැකි වාහන 171 සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ  දෙපාර්තුමේන්තුවට පැවරීම සුදුසු බවද නිර්දේශ කර තිබිණි.

(තරිඳු ජයවර්ධන)

Monday, August 5, 2019

ගෝඨගේ ආරක්ෂාවට ගම්වල තරුණ ගැටවුන්ගෙන් බලකායක්






ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙනම ස්වේච්ඡා බළඇණියක් ඉදිරි මැතිවරණ කාලයේදී යෙදවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

ආරක්ෂක අංශවලින් විශ්‍රාම ලැබූ හා නිත්‍යනුකූලව ඉවත්වූ  නිලධාරින් ආසනයට පස්දෙනා බැගින් එකතුකරගෙන මෙම බළඇණිය සකස් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ  ආසනවලට පැමිණීමේදී ඔහුගේ නිත්‍ය ආරක්ෂක නිලධාරීන් විවිධ අන්දමින් සහායදීම මෙම බළඇණියට පැවරෙන ප්‍රධාන වගකීම බවත් ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  ඊයේ පැවැසිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් ප්‍රමාණවත්  ආරක්ෂාවක් මේ දක්වා ලැබී නැති බවත් මේ තත්වය
යටතේ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ ඉහළ නායකයන්ගේ අවධානය යොමුවී තිබෙන බවත් එම  ප්‍රකාශකයා කීය.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ගැන පක්ෂයේ සියලුම ආසන සංවිධායකයන් දැනටමත් දැනුවත් කරනු ලැබ ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග යුද හමුදාවේ එකට  සේවය කළ හමුදා නිලධාරීන්ද මෙම ආරක්ෂක වැඩපිළිවෙළට ස්වේච්ඡාවෙන්ම එකතුවීමට කැමැත්ත පළකර ඇතැයි කියති.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු වන  යෝෂිත රාජපක්ෂ මහතාද කටයුතු කරන බව ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාඡපක්ෂ මහතාගේ නාමය ලබන 11 වැනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් එදින සිට දිවයිනේ ප්‍රධාන නගර රැසක පැවැත්වෙන ජනතා පිළිගැනීමවලද ඔහු සහභාගිවීමට නියමිත බවත් මේ අනුව උතුරු මැද පළාතේ පිළිගැනීම් උත්සව  පාරිලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ද, මධ්‍යම පළාතේ පිළිගැනීම් ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලුත්ගමගේ හ ලොහාන් රත්වත්තේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ද, කතරගම ප‍්‍රදේශයේ පිළිගැනීම් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානයෙන්ද, හම්බන්තොට පිළිගැනීම් චමල් රාඡපක්ෂ හා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ  මූලිකත්වයෙන්ද, මාතර ප්‍රදේශයේ පිළිගැනීම් ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර මන්ත්‍රීවරුන්ගේ  මුලිකත්වයෙන්ද, ගාල්ලේ පිළිගැනීම් වෛද්‍ය රමේෂ් පතිරණ හා මොහාන් සිල්වා මන්ත්‍රීවරුන්ගේ මූලිකත්ත්වයන්ද  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

(සුජිත් හේවාපුලිගේ)

Friday, August 2, 2019

විජයදාස රාජපක්ෂට උසාවියේදී බැනවැදුණු ටියුෂන් ගුරුට ඇප


ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරිමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් පිළිබඳව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවති විභාගයේ විවේක කාලය තුළදී පාර්ලිමේනතු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට බැන තර්ජනය කළ උපකාරක පන්ති ගුරුවරයකු අධිකරණය බාරයට ගනු ලැබූ අතර ඔහු ලක්ෂ 5ක මුදල් සහ ශරිර ඇප දෙකක් මත මුදාහැරිමීට මහේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙසේ ඇප නියම වූයේ නුගේගොඩ උපකාරක පංති ගුරුවරයකු වන විමල් රෝහණ කෝඳාගොඩ නමැත්තාටය.
මොහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රයක් සකස් කර එය ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අගවිනිසුරුවරු නීතිපතිවරයාට නියෝග කළේය.

නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සැකකරු සහ තවත් පුද්ගලයකු ගොනු කළ පෙත්සම් විහාගයට ගන්නා අතරතුර ඊයේ පෙරවරු 11.30ට ලැබුණු විවේක කාලයේදි මොහු තමාට බැන තර්ජනය කළැයි විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේය.

මෙම පැමිණිල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන  මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර. ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමෙන් පසුව මෙම නියෝගය ලබාදෙන ලදි.

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙසේ ද පැවසීය.

"නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව උපකාරක පන්ති ගුරුවරයකු හා පියකු ගොනු කළ පෙත්සම් ඊයේ (01) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 අධිකරණ ශාලාවේදි විභාගයට ගනු ලැබුවා.

පෙත්සම් විභාගය කෙටි විවේකයක් සඳහා පෙරවරු 11.30ට නැවැත්වුවා. ඊට මද වේලාවකට පසුව මෙම උපකාරක පත්ති ගුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මඩුල්ල අසුන් ගන්නා ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේදී මා (විජයදාස රාජපක්ෂ මහතා) අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය සමග කතාබහක නියැලී සිටියා. ඒ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා, නීතිඥ කනිෂ්ක විතාරණ සහ ඔවුන්ගේ කනිටු නීතිඥවරුන්ද එහි සිටියා. ඒ ස්ථානයට ආ උපකාරක පන්ති ගුරුවරයා මා ළඟට පැමිණ

"ඔයාගේ ළමයින්ට මම ඉරිදා ටියුෂන් පන්තිවල උගන්වලා තිබෙනවා. ඔයාගේ දේශපාලන ජීවිතය විනාශ කරනවා යැයි තර්ජන කළා.''

විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ල අනුව උපකාරක පන්ති ගුරුවරයා අධිකරණය බාරයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අධිකරණය කටයුතු අවසන් වන තුරු ඔහු රඳවා තබා ගන්නා ලෙස පොලිස් නිලධාරියකුට නියෝග කළේය.

අධිකරණ කටයුතු අවසන් වූ පසුව මෙම සිදුවීම පිළිබඳව කරුණු දැක්වූ අගවිනිසුරුවරයා සිද්ධිය පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට දැනුම් දුන් අතර ඒ අනුව රාජපක්ෂ මහතා ලිඛිත ප්‍රකාශයක් ලබා දුන්නේය.  පසුව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ද, රජයේ නීතිඥ සුරේන් ඥානාරාජ්, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, නීතිඥ කනිෂ්ක විතාරණ යන මහත්වරුද මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු තහවුරු කළහ.

මෙය බරපතළ සිද්ධියක් බවත්, එය අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකන බවත් පැවසු අගවිනිසුරුවිරයා, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් සකස් කර එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.

ඉන්පසුව උපකාරක පන්ති ගුරුවරයා රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද ඔහුට නියම කරිණි.

-රංජන් කටුගම්පොළ- 
-තිළිණි ද සිල්වා-

නව ව්‍යවස්ථා කෙටුම්පතේ බුදුදහමට තිබූ තැන නැති කර තිබෙනු දැක මා පුදුම වුණා.-කොළඹ අගරදගුරුතුමන් කියයි







ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පතේ බුදුදහමට තිබූ තැන නැති කර ලංකාව අනාගමික රටක් ලෙස කර තිබූ යෝජනාව දැක තමා පුදුමයට පත්වී යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පෙරේදා පැවති මහජන සභාවේ මංගල රැස්විමේදී ප්‍රකාශ කළහ.

මේ පිළිබඳව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරුතුමෝ මෙසේ ද පැවසූහ.  මම බැලුවා මේ මොකක්ද මේ රටට  කරන්න යන්නේ කියලා. මොකද මේ රටේ  සංස්කෘතිය පදනම් වුණේ බුදුදහම මතයි.  මා කතෝලිකයෙක් වුණත් එය මා පිළිගත්න දෙයක්. ආධ්‍යාත්මික දිවි ගතකරන පැවිදි උතුමන්ට මේ තරම් ගරු කරන මෙවැනි තවත් රටක් අපි දැක නැහැ. අපි ලෝකයේ නොයෙක් රටවල ඇවිද තිබෙනවා.

ඒත් බස් එකක පැවිදි උතුමන්ට ආයතනයක් වෙන්කර තිබෙන වෙනත් රටක් දැකලා නැහැ.

දේශපාලන නායකයන් තමන්ගේ පෞද්ගලික බලය ආරක්ෂා කිරීමට කිසිම හෘදය සාක්ෂියක් නැතිව කටයුතු කර තිබෙනවා. මේ නිසා රට ආපස්සට ගන්නේ කර තිබෙන බව පෙනෙනවා. ලස්සන රටක් වුණත් ලෝකයේම කුණු කූඩය වෙලා තියෙන්නේ අපේ රටයි. එංගලන්තෙන් කුණු කන්ටේනර් දහස් ගණනක් ගෙනත් දාල තියෙන්නේ. ඒ රටේ මිනිස්සු අපේ රට ලෝකයේ කුණු කූඩයක් ලෙස සිතන නිසා  යැයි උන්වහන්සේ පැවසූහ.

-විනිතා එම්. ගමගේ-

නිළි සබීතා වංචා දූෂණ සෙවීමේ කොමිසමට ප්‍රකාශ ලබා දෙයි.






කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ල පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාලව ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය ඊයේ (01) පස්වරුවේ වත්මන් රජයේ ආයතනවල සිඳුවී ඇතැයි කියන දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත.

අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙක් ලෙසට සබීතා පෙරේරා මහත්මියගෙන් ප්‍රශ්න කර, මෙසේ ප්‍රකාශයක් සටහන් කරගත් බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසීය.‍

 කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට
ඊයේ පැමිණෙන ලෙසට කොමිසම සබීතා පෙරේරා මහත්මියට දැනුම් දී තිබුණද තමාට ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා තිබිණි. ඒ අනුව ලබන සඳුදා (05) එහි පැමිණෙන ලෙස කොමිසම ඇයට දන්වා ඇත.

කලස් වෙතත් ඇය ඊයේ පස්වරු 3.30ට පමණ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණි බවත්, එහිදී පොලිස් නිලධාරින් ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බවද කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.


(තිළිණි ද සිල්වා )

Thursday, August 1, 2019

ලන්සාට ලැප් ටොප් එපාලු-පාර්ලිමේන්තුවෙන් රහස්‍ය අංකයක් දුන් නිසා විමල්ට විවෘත කරන්න බයයිලු.







පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙන ලැප්ටොප් පරිගණක ඉවත් කර ගන්නා මෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා  ඊයේ (31දා) පැවසීය. මෙම ලැප්ටොප් පරිගණක මන්ත්‍රීවරුන්ට පගාවක් ලෙස ලබාදී ඇතැයි හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදුකර තිබීම හේතුවෙන් සියලු  මන්ත්‍රීවරුන් සම්බන්ධව ජනතාවට වැරදි අදහසක් ලැබී තිබන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් විරවශ  සඳහන් කළේ, මෙම ලැප්ටොප් පරිගණක බොහෝ මන්ත්‍රීවරුන් පරිහරණය නොකරන බවයි.

 එසේම පාර්ලිමේන්තුව විසින් ලබාදුන් රහස්‍ය අංකයක් යටතේ මෙම පරිගණක විවෘත කිරීමට තිබෙන බැවින් බොහෝ මන්ත්‍රීවරුන් එය ප්‍රයෝජනයට නොගන්නා බවත් තමන්ගේ මේසය මත එවැනි ලැප්ටොප් පරීගණයක් තිබුණද මේ දක්වා එය විවෘත කර නොමැති බවත් විමල් වීරවංශ  ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලංසා  පවසා සිටීයේ,

"මේ රටේ තියන දුෂිතම ආයතනය පාර්ලිමේන්තුව කියලා මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ලැප්ටොප් දීලා තියෙන්නේ පගාවක්, අල්ලසක් විදියට කියලා ඔහු කියනවා. මේක පාර්ලිමේන්තුවෙන් සැපයෙව්වද. අල්ලසක් හෝ පගාවක් විදියට සැපෙව්වද කියලා අපි දන්නෑ.

ඒ නිසා මෙම ලැප්ටොප් පරීගණක පගාවට හෝ අල්ලසට ලබාදී තිබේ නම් අයින් කරන ලෙස මූලාසනයෙන් ඉල්ලා සිටිනවා" යනුවෙනි.

-අමින් මධුරංග-

Tuesday, July 30, 2019

රූපවාහිනී වැඩසටහනකදී තර්ජනය කළැයි රතන හිමිට-මනොජ් ගමගේට ශානිගෙන් පැමිණිලි.








පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මහින් විකාශය කෙරුණු දේශපාලන වැඩ සටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සහ නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති මනෝජ් ගමගේ මහතා තමාට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් කළ බව සඳහන් කරමින් ඒ දෙදෙනාට විරුද්ධව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පෙරේදා (28) සවස කොටුව පොලිසියට
පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය කියයි.

රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා විසින් සිදුකරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන් සහ නීතිඥ මනෝජ් ගමගේ මහතාගෙන් ප්‍රශ්න  කර ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.

කොටුව පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු
ලැබේ.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

ඇමතිගේ ඡායාරූපය පෙළපොතට දැමීම ගැන ජනපති කොමිසමට පැමිණිළි කළ අධ්‍යක්ෂකට මාරුවක්.






පාසල් පෙළපොත්වලට අමතර වියදමක් දරමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළකිරීම පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ සැපයුම් අධ්‍යක්‍ෂවරයාට නීතිවිරෝධී ස්ථාන මාරුවමක් ලබාදී තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

 මේ පිළිබද ඊයේ (29) රජයේ වංචා, දූෂණ සොයන විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ බවත්, මෙම ස්ථාන මාරුවීම අවලංගු නොකළහොත් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින් ඒකාබද්ධ කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.

සැපයුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ අදාළ නිලධාරීයා අධ්‍යාපන පරිපාලන පළමු පන්තියේ නිලධාරියකු බවත්, ඔහු මේ වනවිට කාර්යභාරයක් නොමැති නිලධාරියෙකු බවට පත්කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යවරයා තම නිරවද්‍යතාවය තහවුරු නොකර නිලධාරීන් දඩයම් කිරීමේ පිළිවෙතක නිරත වන බවත්, අධ්‍යාපනය තුළ සිදු වූ වංචා, දූෂණ පිළිබඳ සාක්ෂි ලබාදෙන නිලධාරින් දඩයම් කිරීම හරහා ගැටලු රැසක් නිර්මාණය වන බවත් ලේකම්වරයා පැවසීය.

මේ හේතුවෙන් වහාම අදාළ නිලධාරියාගේ ස්ථාන මාරුව අවලංගු කිරීමට අධ්‍යාපන ලේකම්වරයා කටයුතු කළ යුතු බවත්, එම ස්ථාන මාරු ලබාදී තිබෙනුයේ අධ්‍යාපන ලේකම්වරයා විසින් බවත් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.

-එච්.අයි. තුෂාර-

තාත්තාට බැරි උනාට මම කොහොමහරි උඩරටින් ජනාධිපති වෙනවා-ඇමති නවීන් දිසානායක




මේතාක් කලක් උඩරටින් ජනාධිපතිවරයක් ෙ බිහිගවලා නැහැ.උඩරටින් බිහිවන්න සිටි ජනාධිපති මගේ තාත්තා ගාමිණී දිසානායක මහතායි. ඒ සිහිනය සැබෑ කර ගන්න මමත් උත්සාහ කරනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

කොත්මලේ නියම්ගම්දොර විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් නවීන් දිසානායක මහතා මෙසේද කීය.

එක්සත් ජාතික පක්ෂයට වැඩිපුරම ඡන්දය තියෙන්නේ උඩරටයි. හැබැයි උඩරටින් ඡන්දය අරගෙන පහත රට ජනාධිපතිවරුන් තමයි මෙතෙක් බිහි වුනේ. ඇතැම් ජනාධිපතිවරු උඩරට දිහා බැලුවේ නැහැ. මගේ තාත්තාට උඩරටින් ජනාධිපති වෙන්න තිබුණා. ඒක බැරිවුණා. ඒ
සිහිනය සැබෑ කර ගත්ත මම උත්සාහ කරනවා හැබැයි ඉතින් ඒකට තව අවුරුදු දහයක්වත් ගතවේවි.

කොත්මලේ නියම්දොර  විහාරස්ථානයේදී කුඩා තේවතු හිමියන්ට පාංශු රක්ෂණය සඳහා ආධාර ලබාදීමේ උත්සවය පැවැති අතර එහිදී එක් කුඩා තේ වතු හිමියකුට රුපියල් 10,000 බැගින් දහසකට එම ආධාර පිරිනැමිණි.

-රංජන් කස්තුරි-

Monday, July 29, 2019

පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ වෛරී ප්‍රකාශන ඉදිරිපත් කිරීම වැඩි වෙලා- එ.ජා විශේෂ නියෝජිත න්‍යාලෙට්සොසි වුලි


පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව රට තුළ වෛරී ප්‍රකාශන ඉදිරිපත් කිරීම වැඩි වී ඇති බවත්, සමාජ මාධ්‍ය හරහා එය තවදුරටත් තීව්‍ර වී ඇති බවත් ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත (සාමකාමීව රැස්වීම් සහ සංගම් පැවැත්වීම් නිදහසට ඇති අයිතිය පිළිබඳව) න්‍යාලෙට්සොසි වුලි (Clement Nyaletsossi Voule ) පැවසීය.

රට තුළ සාමකාමීව රැස්වීමේ නිදහස සහ සංගමයේ අයිතීන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවට පැමිණි වුලි මහතා ඔහුගේ සංචාරය නිමා කිරීමෙන් පසුව මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළේය.

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

වෛරී ප්‍රකාශන වැඩි වීමට ඉඩහැර තිබීම සම්බන්ධයෙන් තම කණස්සල්ල පළ කරන බව පැවසු ක්ලෙමන්ට් වුලි මහතා මෙලෙස සිය අදහස් දැක්වීය.

"අයි.සි.සී.පී.ආර්. පනත යටතේ වෛරී භාෂණය වැළැක්වීමේ නීතිය පවතින නමුත්, ඒවා සමානව, වෙනස් කර සැලකීමෙන් තොරව යෙදෙන්නේ නැත.

විශේෂයෙන්ම බහුතර ප්‍රජාවේ සාමාජිකයන්ගේ ප්‍රචණ්ඩ කතාවන්ට නිරන්තරයෙන්ම පාහේ දඩුවමක් කෙරෙන්නේ නැත. වෛරී ගිනි දැල් ඇවිලවීමට සහ සාවද්‍ය ප්‍රවෘත්ති
 පතුරුවා හැරීමට සමාජ මාධ්‍ය යොදාගැනීමෙන් මෙය තවදුරටත් තීව්‍ර වී තිබෙනවා. මෙය ඕනෑම නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය ලක්ෂණයක් වූ සමාජයේ සියලු අංශ අතර ගෞරවාන්විත සහ සාමකාමී සංවාදයක් පැවැත්වීමට බරපතළ තර්ජනයක්."

එසේම රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමේ නීති සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත, ඒකාබද්ධ සේවා නියුක්ති කෙටුම්පත ආදිය සකස් කිරීම ඇතුළත් කර ඇති වගන්ති සම්බන්ධයෙන් සිවිල් සමාජයේ දැඩි විරෝධය එල්ල වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම විරෝධතා හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත් ඉවත් කරගෙන ඒ වෙනුවට සිවිල් සමාජය සමග සාකච්ඡා කොට කෙටුම්පතක් සකස්කර ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස අදාළ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බවද වුලි මහතා පැවසීය.

ඇතැම් දේශපාලකයෝ මාධ්‍යවේදීන්ගේ කැමරා කුඩු කරා-මමයි එයාලා වෙනුවෙන් හිටියේ-විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ






 මාධ්‍යවේදීන් නැතුවම බැරිවුණු ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ගේ කැමරා කුඩු කළ අවස්ථා අපි ඉතිහාසයේ දැක තිබෙනවා යැයි විපක්ෂ නායක, හිටපු ජධිපති මහින්ද රාජපක්ෂ  ඉකුත් 26 වැනිදා පැවසීය.  රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමය සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ හා ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

 එහිදී හොඳම ඡායාරූප ශිල්පියාට හිමි රන් සම්මානය ලංකාදීප ඡායාරූප ශිල්පී ලහිරු හර්ෂණටන්. දෙවැනි ස්ථානය සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රුක්මාල් ගමගේටන්,තෙවැනි ස්ථානය ඩේලි එෆ්.ටී. පුවත්පතේ චමිල කරුණාරත්නටත් හිමි වූ අතර එම සමාන හා සහතික පත් කනානායක කරු ජයසූරිය මහතා අතින් පිරිනමනු ලැබිණි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ හිටපු ඡායාරූප මාධ්‍යවේදින් අට දෙනෙකුට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව සේන විදානගමගේ, වොල්ටර් පෙරේරා, චිත්‍රානන්ද, ඇල්ප්‍රඩ් සිල්වා, ශ්‍රීලාල් ගෝමස්, බන්දු කොඩිකාර, සරණපාල පමුණුව, යූ.එන්. පෙරේරා යන මහත්වරුන්ට උපහාර තිළිණ ප්‍රදානය කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් සිදු කෙරිණ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා කනානායක කරු ජයසූරිය මහත්වරුන්ටද ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය සමරු තිළිණයක් පිරිනැමීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා

"එදා ඔබ නැතුවම බැරි වුණා. ඔබ ඉන්නවාද කියලා අහලා රැස්වීම්වලට සම්බන්ධ වුණ ඇතැම් දේශපාලනඥයෙක්  ඔබගේ කැමරා කුඩු කරපු ආකාරය මට මතකයි. එවැනි අවස්ථාවක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සංවිධානය බිහිවුණේ කියලා මම හිතනවා. 1990 දී පමණ සිදුවුණ ඒ සිද්ධිය වන අවස්ථාවේ මම කම්කරු ඇමති.




එදා විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියලා හිතන්නේ නැතිව මම එදා පහරදීමට ලක්වුණු ඔබ වෙනුවෙන් පෙනී සිටියා. කැමරා කුඩු වුණ අයට කැමරා අරන් දෙන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

ඒ කාලේ මට චෝදනාවකුත් එල්ල වුණා රනිල්ට කඩේ යනවා කියලා. හැබැයි මම විතරක් නෙවෙයි තවත් පිරිසක් සිටියා එදා ඔබ වෙනුවෙන් පෙනී සිටින්න.  ඡායාරූප මාධ්‍යවේදින්ට දැන් තමන්ගේ  ශිල්පීය හැකියාවන් දියුණු කරගන්න වැඩිපුර හදාරන්න අවස්ථාවක් නැහැ.

ඒ අවස්ථාව සලසා දීම අපේ යුතුකමක්.  ලංකාවේදී බැරි නම් විදේශ ගතවෙලා හෝ ඔවුන්ගේ වෘත්තීමය හැකියාවන් දියුණු කරගන්න අවස්ථාව සලසා දිම වගේම සලසා ගැනීම ඔබේ වගකීමක් ලෙස මා දකිනවා.

(මුදිතා දයානන්ද)

Friday, July 26, 2019

කුණු ගෙන්වූයේ කවුද?-මේ කුණුවලින් වියයුතු හානිය මේ වනවිට සිදුවී හමාරයි.-ඇමති මංගල


පිටරටින් ගෙන්වූ කසළ සති ගණනක් තිස්සේ මෙහි තිබීම නිසා ඉන් අපේ රටේ පරිසරයට සිදුවිය යුතු හානිය මේ වනවිට සිදුවී හමාර යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අනුරාධපුරයේදී පැවසීය.

අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ පැවැත්වෙන "එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා'' ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වූ මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රදර්ශන භූමියේ මාධ්‍ය කලාපයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ ප්‍රකාශ කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදි මෙසේද කීය.

මා විදෙස්ගතව සිටියදී කසළ කන්ටේනර් සිද්ධිය ගැන දැනගත්තේ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ඒ අවස්ථවේදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නා.

අපි සම්පූර්ණ වාර්තාවක් පිටරටකට ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට යනකොට පිසින ලද කෑම ටිකක්වත් අරගෙන යන්නේ නැත්තේ ඒ තුළින් විෂබීජ ඒ රටවලට පැතිරී කෘෂිකර්මයට හානි වේය කියන භීතිකාව නිසයි.

නමුත් පිටරටවලට එපාවූ කුණු ශ්‍රී ලංකාවට ගෙන්නුවේ කවුද? ගෙන්නුවේ කොහොමද? ගෙනෙන්න අවසර දුන්නේ කවුද? යන්න එය සොයා බලා ඊට වගකිවයුතු ඒ උදවියගේ තරාතිරම නොබලා නීති මගින් දඬුවම් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම ඒ කුණු ආපසු ආපු දිහාවටම යන්න ඕනෑ. නමුත් ඒක නොවෙයි විසඳුම, මේ වෙනකොට ඒ කුණු කසළ ලංකාවට ඇවිත් සති ගණනාක් තියේ තිබිලා සිද්ධ වියයුතු හානිය මේ වනවිට සිදුවී හමාරයි.

ඇත්ත වශයෙන්ම ඒවායේ තිබුණු විෂබීජ මේ වනවිටත් අපේ රටේ පරිසරයට මුසුවෙලා ඉවරයි. ඒ නිසා ඒ ගැනත් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් කිසි දෙයක් සැඟවීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

(අතුල බණ්ඩාර)

Thursday, July 25, 2019

වාරියපොළ පාසලක දුන් කිරි පැකට් පානය කළ සිසුන් 28ක් රෝහලේ.






පාසලෙන් ලබාදුන් කිරි පැකට් පානය කිරිමෙන් රෝගාතුර වූ වාරියපොල හේරත්ගම විද්‍යාලයේ දරුවෝ 28 දෙනෙක් ඊයේ (24) දහවල් වාරියපොල රෝහලට ඇතුළත් කරනු ලැබූහ. උදරයේ වේදනාව සහ වමනය හේත්තුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ බවත්, කිසිවකුටත් බරපතළ තත්වයක් නොමැති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.  දරුවන් කිරි පානය කිරිමෙන් මද වේලාවකට පසු ඇතිවූ රෝගී තත්වය හේතුවෙන් 1990 ගිලන් රථ සේවයේ නිකවැරටිය සහ වාරියපොල ගිලන් රථවලින් ඔවුන් වාරියපොල රෝහලට ගෙනැවිත් තිබිණි.

 මෙම විද්‍යාලයේ සිසුන් 300කට පමණ ඊයේ දිනයේදී කිරි පැකට් ලබාදී තිබුණත් 5 වසර සිසුන්ට පමණක් මෙසේ රෝගී ලක්ෂණ මතුවී තිබිණි.කාලයක සිට මෙම විද්‍යාලයේ සිසුන්ට කිරි පැකට් ලබාදීම සිදුවුවත් ඊයේ (24) වෙනත් වර්ගයක කිරි පැකට් දුන් බවත්, මෙම කිරි පැකට් වල කල් ඉකුත්වීමේ දිනය වශයෙන් මාය හතරකටත් වඩා ඉදිරි දිනයක් දක්වා තිබීම ගැටලුවක් බවත් මවුපියෝ කියති.

 -රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ-