Tuesday, July 31, 2018

කරුණානිධිට අසාධ්‍යයයි

දකුණු ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති මුතුවේල් කරුණානිධි රෝහල්ගතව දැඩි සත්කාර ඒකයේ ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අවස්ථා 5කදී තනාඩු මහ ඇමති ධුරය හොබවා ඇති කරුණානිධි මේ වනවිට 94 වැනි වියෙහි පසුවන අතර, ආසාදනයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර තිබූ බව වෛදයවරු පවසති. මෙම පුවතින් සංවේගයට පත් කරුණානිධි ආධාරකරුවන් විශාල පිරිසක් රෝහල අවට රැදී සිටින අතර, ඔවුන් පාලනය කිරීම සඳහා පොලීසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.


සකර්බර්ගේ වත්කම ඩො.බි 17 කින් අඩු වෙලා-සභාපති ධූරයෙන් ඉවත් වන ලෙස කොටස් හිමියන්ගෙන් චෝදනා


ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකඛන්ගේ වත්කම පසුගිය සතිය තුළදී එක්සත් ජනපද ඩොලර් බිලයන 17කින්අඩුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙය ඔහුගේ සමස්ත වත්කමින් පහෙන් පංගුවක් ලෙස සඳහන්ව තිබේ.

එසේම මෙහිදී ෆේස්බුක්හි කොටස් වටිනාකමද 20%කින් පමණ අවප්‍රමාණය වී ඇත. මේ තත්වය සමග සමාගමේ සභාපතිවරයා මෙම ප්‍රධාන විධායක නිලධාරියාද වන සකර්බර්ග් එම තනතුරුවලින් ඉවත්විය යුතු බවට සමාගමේ ආයෝජකයන් පවසා සිටින බවත් වාර්තා සඳහන් කරයි.

අද වනවිට සකර්බර්ග්ගේ සම්පූර්ණ වත්කම ඇ.ඩො. බිලියන 70කි. මේ අඩුවීමත් සමග ඔහු පසුගිය සතිය වනවිට බ්ලුම්බර්ග්හි බිලියනපතියන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා පසුබැස ඇත. මේ තත්වය සමග එක්සත් ජනපද කොටස් වෙළඳ පොළ තුළදී ෆේස් බුක් දිනක් තුළ ලබාගත් දරුණු පසුබැසීම මෙය වන අතර, එය ඇ.ඩො.බිලියන 119කි.

සකර්බර්ග් ෆේස් බුක් සමාගමේ වැඩි බලයක් හිමිකරගෙන සිටින බව ඇතැම් කොටස්හිමිකරුවන් චෝදනා කර සිටියි. ඒ අතරින් ෆේස්බුක්හි ඇ.ඩො.මිලියන 11ක කොටස් හිමි ආයෝජන සමාගමක් වන ට්‍රිලියම් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම, සකර්බර්ග් ෆේස්බුක්හි සභාපති සහ ප්‍රධාන විධායක ධුරවලින් ඉවත් විය යුතු බව පවසා සිටියි.

දරුවන් 21 දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියන රස්නායකපුර ළමා නිවාසය වසා දැමීමට නියෝග-භාරකරු චීවරධාරියෙක්

බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියන රස්නායකපුර ප්‍රදේශයේ ළමා නිවාසය වසා දමන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය පසුගියදා නියෝග කළාය.

මෙම බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියන රස්නායකපුර ප්‍රදේශයේ ළමා නිවාසය වසා දමන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය පසුගියදා නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ පරිවාස කාර්යාලය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

අදාළ ළමා නිවාසයේ සිටි දරුවන් 21 දෙනෙකු අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය විසින් සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව නඩු 42ක්ද අනුබල දීම යටතේ එහි පාලක ලෙස කටයුතු කළ චීවරධාරීයාට එරෙහිව නඩු පවරා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් එම ළමා නිවාසයේ වෙසෙන 16 වියැති ළමුන් දෙදෙනෙකු, එහි සිටි වැඩි වයස් දරුවන් පස් දෙනෙකු, එම ළමා නිවාසයට අනුබද්ධිත පිරිවෙනේ ඉගෙනුම ලබන චීවරධාරින් දෙදෙනෙකු හා එහි පාලක චීවරධාරීයා අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.

මෙම ළමා නිවාසයේ දරුවන් 36 දෙනෙකු පමණ රැදී සිටි අතර ඉන් දරුවන් 21 දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
රස්නායකපුර පොලීසිය විසින් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.ද්ධියට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ පරිවාස කාර්යාලය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

අදාළ ළමා නිවාසයේ සිටි දරුවන් 21 දෙනෙකු අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය විසින් සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව නඩු 42ක්ද අනුබල දීම යටතේ එහි පාලක ලෙස කටයුතු කළ චීවරධාරීයාට එරෙහිව නඩු පවරා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් එම ළමා නිවාසයේ වෙසෙන 16 වියැති ළමුන් දෙදෙනෙකු, එහි සිටි වැඩි වයස් දරුවන් පස් දෙනෙකු, එම ළමා නිවාසයට අනුබද්ධිත පිරිවෙනේ ඉගෙනුම ලබන චීවරධාරින් දෙදෙනෙකු හා එහි පාලක චීවරධාරීයා අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.

මෙම ළමා නිවාසයේ දරුවන් 36 දෙනෙකු පමණ රැදී සිටි අතර ඉන් දරුවන් 21 දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
රස්නායකපුර පොලීසිය විසින් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.


මත්තල ආදායම ලක්‍ෂ 12යි, වියදම රුපියල් ලක්ෂ 2,500ක් -ඇමති පාඨලී චම්පික රණවක


මත්තල ගුවන්තොටුපළේ මාසික ආදායම  රුපියල් ලක්‍ෂ 12ක් බවත්, එහි වියදම රුපියල් ලක්ෂ 2,500ක් වන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

පුද්ගලයෙකුගේ නම ගෙන යෑමට ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් නොමැති ස්ථානයකට විශාල වශයෙන් මුදල් නාස්ති කරනවාද නැද්ද යන කාරණය රටේ ජනතාව තීරණය කළ යුතු බවද මහනගර අමාතයාංශයේ ප්‍රතිපාදන මගීන් බප/මතු/ සාලාලංකාරතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීම් උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මත්තල ගැන කතා කරනවා නම් මත්තල මාසික ආදායම ලක්ෂ 72යි, වියදම ලක්ෂ 2500 යි. මත්තල නිසා අපේ රටේ සෑම පුරවැසියකුම රුපියල් 800ක් ගෙවා තිබෙනවා. නිසි අධ්‍යයනයකින් තොරව කටුනායක හදන තිබූ දෙවැනි ගුවන්තොටුපළ මත්තලට ගෙන ගිහින් තමන්ගේ මුහුණත් තහඩුව ගසාගැනීම තමයි සිදු කළේ. මේක සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් යනවා. අයිතිය රජය සතුව තිබියදී එහි පාලනය භාරදීමට හැකිදැයි සොයාබලමින් සිටිනවා. ඉන්දියානු ගුවන්තොටුපළ අධිකාරියත් සමග අපගේ ගුවන්තොටුපළ අධිකාරිය ඒ පිළිබඳ සාකච්ඡා පවත්වමින් යනවා. තවම අවසන් නිගමනයකට පැමිණිලා නැහැ.

අවසන් නිගමනයකට ආවාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර රටේ ජනතාව අතර විවෘතව සාකච්ඡා කරයි.
රටේ ජනතාව තීරණය කළ යුතුයි පුද්ගලයෙකුගේ නම ගෙනයන්න කිසිම ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් නැති තැනක ප්‍රකෝටි ගණන් ධනය නාස්ති කරනවාද, නැද්ද කියන එක ගැන. මෙය ආර්ථික වශයෙන් කරන්න පුළුවන් කියලා කිසිම දේශපාලනමය හෝ ආර්ථික දැනුමක් නැති අය මොන කටකතා කිව්වත් ඊළඟ දශක දෙකට එය ආර්ථික වශයෙන් ගොඩනගා ගැනීමට අපේ රටේ ගුවන් සේවා අධිකාරියට හැකියාවක් නැහැ. දැනට කටුනායක ගුවන්තොටුපළේ ආදායමත් යන්නේ මත්තල නඩත්තු කරන්න” යැයි පැවසීය.

ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීමේන් වළකින්න


ගුවන් යානාවල ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් මෙරට ගුවන්තොටුපොළ ආශ්‍රිත කිලෝමීටර් 5ක භූමි ප්‍රදේශ තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරි මහජනතාවට උපදෙස් දෙයි.

ගුවන්තොටුපොළවල් ආශ්‍රිත කිලෝමීටර් 5ක සීමාව තුළ  ඩ්‍රෝනර් යානා හෝ එවැනි කිසිදු දෙයක් ගුවන් ගත කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

-උපතිස්ස පෙරේරා-


තරුණයන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය නාවික හමුදා බුද්ධි අංශ දෙදෙනාට දැඩි නොන්දෙසි මත ඇප

2008 වසරේ කොළඹ , දෙහිවල ප්‍රදේශයේදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටි නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා දැඩි කෝන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (30දා) නියෝග කළාය.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 05ක ශරීර ඇපමත මුදාහරින ලෙසත් ඇපකරුවන් වශයෙන් සැකකරුවන්ගේ බිරින්දෑවරු සහ රජයේ මාණ්ඩලීක සේවයේ නිලධාරියකු ඉදිරිපත් කළ යුතු බවද විනිසුරුවරියන්ගේ ඇප නියෝගයේ සඳහන් විය. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරිය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවද නියෝගයේ සඳහන් විය.

මෙම සිද්ධියට අදාළ විමර්ශනවලට සහාය දිය යුතු බවත් සක්ෂිකරුවන්ට බලපෑම් සිදුකරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් අප අවලංගු කොට නඩුව අවසන් වනතුරු සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කරන බවත් විනිසුරු  චම්පා ජානකී රාජරත්න මහත්මිය කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන්ය. 2008 වසරේ කොළඹ, දෙහිවල ප්‍රදේශයේදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් මස මෙම සැකකරුවන් දෙදෙනා රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

ඊමාන්ඩ් භාරයේ පසුවන කහවලගේ ගාමිණී සහ තුෂාර මෙන්ඩිස් යන මෙම සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කළ අැප ඉල්ලීම් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

-කේ.එස්.උදයකුමාර්-


ඉංගිරිය පොලිසියේ පහරදීම ඕඅයිසීගේත් වැඩ තහනම්



ඉංගිරිය පොලිසියේ දී තරුණයන් දෙදෙනකු නිරුවත් කර ඔවුන්ට පහරදීමේ සිද්ධිය සමබන්ධයෙන් පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේක්කර මහතා පැවසීය.
මෙසේ වැඩ තහනමට ලක්වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද පත්මසිරි මහතා ය.
ඉකුත් 28 වැනිදා රාත්‍රියේ ඉංගිරිය පෝරුවදණ්ඩ කොස්හේන ප්‍රදේශයේ බස් නැවතුමක රැඳී සිටි යුද හමුදා සෙබළකු සහ තරුණයකු කිසිදු හේතුවක් නොමැතිව පොලිසියට රැගෙන විත් දණ ගැස්වීමෙන් අනතුරුව කලිසම් ගලවා පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිට ඉහත දී අත්අඩංගුවට ගනු ලැබු විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂකවරයෙක්ද සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් ද මේ. වන විට රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටිති. පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මේ තිදෙනාගේ සේවය අත්හිටුවනු ලැබිණි.

රන් අත් පළඳනාව ගන්න හත් හැවිරිදි සිසුවා මැරූ මීගමුවේ නරුමයෙක් රිමාන්ඩ්


මෙම සිද්ධියේදී මරණයට පත්වුණේ අපේ එකම පිරිමි දරුවායි. ක්‍රිකට්‌ ගහන්න කියලා උදේ නිවසින් ගිය පුතාගේ සිරුර පසුදා අප නිවසට ටිකක්‌ දුරින් තියන සුසාන භූමිය අසල පිහිටි ගහක්‌ යට මඩ ගොඩක්‌ තුළ වළලා තිබී පොලිසිය සොයා ගත්තා යැයි මීගමුව තලාදුව කඩොල්කැලේ පදිංචි ඩබ්ලිව්. එස්‌. ජොසිලා ප්‍රනාන්දු (40) නමැත්තිය බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ සාක්‌ෂි දෙමින් පැවසුවාය.

හත් හැවිරිදි දරුවකුගේ අතෙහි වූ රන් අත් පළඳනාව (බේස්‌ලට්‌) පැහැර ගැනීම සඳහා එම සිසුවා පැහැරගෙන ගොස්‌ ඔහුගේ ගෙල සිරකර අමානුෂිකව මරා සැඟවීම සම්බන්ධයෙන් විත්තිකරුවකුට එරෙහිව පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂි දෙමින් ඇය එසේ පැවසුවාය. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ විත්තිකරු වූයේ මීගමුව කුරණ රජයේ නිවාසයන්හි අංක 37 හි පදිංචි ගීතකගේ ආසිරි ප්‍රසංග සිල්වා නොහොත් රංග (30) නමැත්තෙකි.

2005 ජනවාරි මස 1 වැනි දින (අලුත් අවුරුදු දින) මීගමුව තලාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 7 හැවිරිදි ඩබ්ලිව්. නිශාන්ත සජීව් තමෙල් නමැති සිසුවා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙහි විත්තිකරු අධිචෝදනා ලබා තිබිණි. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ විශ්ව විඡේසූරිය මහතාගේ මෙහෙයවීම මත මෙහි සාක්‌ෂිකාරිය වන එස්‌. ජොසිකලා ප්‍රනාන්දු මහත්මිය තවදුරටත් සාක්‌ෂි දෙමින් මෙසේ පැවසුවාය.

මෙම ඝාතනය සිදුවූ 2005 ජනවාරි මස 1 වැනිදා අලුත් අවුරුද්දට පල්ලි ගිහින් ඇවිත් මමත්, මගේ සැමියාත් ඝාතනයට ලක්‌වූ පුතාත් අප නිවසේ සිටියා. උදේ 10.45 ට පමණ මෙම සිද්ධියෙන් මියගිය පුතා ක්‍රිකට්‌ ගහන්න යනවා යෑයි පවසා ගෙදරින් පිටව ගියා. ඒ අවස්‌ථාවේ පුතාගේ ගෙලෙහි වූ රන්මාලය ගළවා මට දුන්නා. පුතාගේ රන් අත් පළඳනාව ගැළවීමට හැදුවත් එහි ගාන්චුව (ලොක්‌ එක) තදයි කියා ඔහු බේස්‌ලට්‌ එකක්‌ දාගෙන ක්‍රීඩා කරන්න ගියා.

එදින දවල් පුතා නිවසට නොපැමිණි නිසා මමත් මගේ සැමියාත් ගමේ ජනතාවත් එක්‌වී පුතා ගැන සොයා බලුවත් ඔහු හමුවුණේ නැහැ. පසුව අපි මේ පිළිබඳව මීගමුව පොලිසියට පැමිණිලි කළා. මෙහි විත්තිකරු වන රංග නමැත්තා සිද්ධිය වූ දිනවල පදිංචිව සිටියේ මෙම නඩුවේ විත්තිකරුවකු සිට පසුව නිදහස ලැබූ නැපෝලියන් නමැත්තාගේ ගෙදරයි. ඔහු එම නිවසේ කුලියට හිටියා.

සිද්ධියට පසුදා එනම් ජනවාරි 2වැනිදා මගේ පුතාගේ සිරුර තලාදුව සුසාන භූමියට යාබදව තියෙන ගසක්‌ යට මඩ ගොඩක්‌ යට වළලා තිබියදී පොලිසිය විසින් සිරුර සොයා ගත්තා. එම අවස්‌ථාවේ පුතාගේ අතේ පළඳගෙන තිබූ රන් අත්පළඳනාව තිබුණේ නැතැයි ඇය පැවසුවාය.

මෙහිදී විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා විසින් සාක්‌ෂිකාරියගෙන් හරස්‌ ප්‍රශ්න ඇසූ අතර වැඩිදුර විභාගය ඔක්‌තෝබර් මස 8 වැනි දින දක්‌වා කල් තැබීය.

- විමල් කීර්ති -

යුදගනාවේදී පිහියෙන් ඇන ඇත්ගොව්වකු මරා දමලා



(මොනරාගල නයනජීව බණ්ඩාර, මැදගම රම්‍යලතා පද්මකුමාරි, වැල්ලවාය අයි.ආර්. ඉන්දින සහ බිබිල කේෂර ගුණතිලක)
බුත්තල, යුදගනාව රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර සදහා කැදවන ලද අලි ඇතුන් බාරව කටයුතු කළ ඇත්ගොවිවන් දෙදෙනකු අතර පෙරේදා 29 වැනිදා රාත්‍රියේ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් එක් ඇත්ගොවිවකු තවත් ඇත්ගොව්වකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බුත්තල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ රත්නපුර ඇළපාත පදිචි වසන්ත කුමාර නමැති විසිනව හැවිරිදි කෙනෙකු බව පොලිසිය කියයි.
මොහු ගමිපහ අත්තනගල්ල විහාරස්ථානයක අලියකු බාරව සිටින ඇත්ගොව්වකු බව අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
යුදගනාව රාජමහා විහාරස්ථානයේ ආරකෂක රාජකාරියේ නිරතව සිටින පොලිස් කොස්තාපල් (41766) බණ්ඩාර මහතා
පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර ඇත්ගොව්වාද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබ සිටී.
මොහු මීරිගම පස්යාල කලඑළිය ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි අයකු බව අනාවරණය වි තිබේ.
සැකකාර ඇත්ගොව්වා කතරගම ඇසළ පෙරහර නිමවීමෙන් පසු අලියා යුදගනාව රාජමහා විහාරයට රැගෙන විත් කන්න ලබා දී නහවා ඔහු විහාරස්ථානයේ කාමරයකට වී නිදාගෙන සිටියදී ඝාතනයට ලක්වූ ඇගොව්වා කලහකාරී හැසිරී මෙම සැකකරු සිටි කාමරයේ දොර කඩා ඇතුළු වි ඔහුට පහරදීම තිබෙන බව මුලික පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වී තිබේ. මේ අවස්ථාවේ විහාරස්ථානයේ සිටි ඇත්ගොව්වන් පිරිස ආරවුල සමථයකට පත් කිරීමට උත්සාහ කිරීමේදී සැකකාර ඇත්ගොව්වා පිහියෙන් ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා බුත්තල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයක් කීය.
ගැටුම සිදුවන මොහොතේ ඇත්ගොව්වන් පිරිස බිමතින් සිටියේදැයි පරිකෂණ පවත්වන බව පොලිසිය පවසයි.
කතරගම ඇසළ උත්සවයේදී අපල දුරු කිරීමට බව පවසා මිනිසුන් අලියාගේ බඩ යටින් යවා මුදල් හම්බ කරගත් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් මෙම සැකකාර ඇත්ගොව්වා හා සාතනයට ලක්වූ ඇත්ගොව්වා අතර ආරවුලක් තිබි ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයවී තිබේ. මෙම ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (30) සිදුකිරීමට නියමිතව තිබුණ අතර සැකකාර ඇත්ගොව්වා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව සිටියේය.

කටුනායක තීරබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයන් තිදෙනකු විස්කි හා විදේශ මුදල් ගෙදර ගෙනයද්දී අල්ලයි


කටුනායක ගුවන්තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ විදුලි උපකරණ අලවිසලක සේවය කරන සේවකයන් තිදෙනකු විදේශ මුදල් සහ විදේශීය මත්පැන් තොගයක් ගුවන්තොටුපොළෙන් පිට කර තම නිවෙස් කරා ගෙන යැමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.  මොවුන් තිදෙනාගෙන් එක් අයකු 36 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයා 28 හැවිරිදි දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් තැනැත්තිය රූග්ගහවිල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

පෙරේදා (29දා) උදෑසන 10.40ට පමණ මෙම කාන්තාව, තමන් ඇඳ සිටි හැට්ටයේ මෙම විදේශ මුදල් තොගය සඟවාගෙන තිබූ අතර එම මුදල් තොගයේ වටිනාකම රුපියල් 12,98,757කි.  මීට අමතරව ඔවුන්ගේ ගමන් මලුවල සඟවාගෙන රැගෙන යෑමට තැත් කළ  'පාස්පෝට්' නමැති විස්කි බෝතල් 06ක වටිනාකම රුපියල් 29,034කි.  මෙම සියල්ලේම වටිනාකම රුපියල් 13,27,791ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. දිසානායක මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණය පැවැත්විය. විදේශ මුදල් සහ විදේශීය විස්කි බෝතල් 6 රාජසන්තක  කළ අතර කාන්තාවට රුපියල් ලක්ෂයක් සහ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයාටයන් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ අතර අනෙක් පුද්ගලයාට අවවාද කර නිදහස් කළේය.

-ගයා තිරිමදුර-



අල්ලස් දෙන්න ගිය චීනෙක් දැලේ

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අඟුණුකොළපැලැස්ස කාර්යාලයේ කොට්ඨාස කළමනාකාරවරයාට අල්ලස් ලබාදීමට තැත්කළ චීන ජාතිකයකු ඊයේ (30දා) අඟුණුකොළපැලැස්ස පොලීස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අඟුණුකොළපැලැස්ස ජදුර ප්‍රදේශයේ ගල් වැඩපලක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

මෙම පුද්ගලයා ලියුම් කවරයක දැමූ රුපියල් විසිදහසක මුදලක් මහවැලි අධිකාරියේ අඟුණුකොළපැලැස්ස කාර්යාලයේ කොට්ඨාස කළමනාකරු ලෙස සේවය කරන කේ.පී.යු.සී. කුමාර මහතාට ලබාදීමට උත්සාහ කළද ඔහු එය භාර නොගෙන අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයට භාරදී තිබේ. අඟුණුකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයේ ගල් වැඩපළක් සඳහා මහවැලි අධිකාරීයේ අනුමැතිය ලබා ගැනීමට මෙලෙස එම වැඩපළේ කළමනාකරු විසින් කොට්ඨාස කළමනාංකරුට අල්ලස් ලබාදීමට උත්සාහ කර ඇතැයි අඟුණුකොළපැලැස්ස පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (30දා) අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-සහම්පති මානගේ-

වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාව ස්‌කෑන් කර ව්‍යාජ බෙහෙත් තුන්ඩුවක් ලබාගෙන කුඩ්ඩන්ට දෙන පෙති ගෙන විකුණූ පාසල් සිසුවාට දඩ

හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට පමණක්‌ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දෙනු ලබන උත්තේජක ප්‍රති ජීවක ඖෂධ පෙති ජාවාරමෙහි යෙදුණු තිස්‌සමහාරාම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන උසස්‌ පෙළ ශිෂ්‍යයෙකු තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න ලක්‍ෂ්මන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇපයක්‌ මත මුදාහරින ලෙස නියෝග කළේය.

මෙලෙස ඇප නියම වූයේ තිස්‌සමහාරාම ප්‍රදේශයේ පාසලක උසස්‌ පෙළ හදාරන එම ප්‍රදේශයේම සිසුවෙකුටය.

මොහු වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාව ස්‌කෑන් කර ව්‍යාජ ලෙස එම ඖෂධයේ නම සඳහන් කොට ෆාමසිවලට ඉදිරිපත් කොට කලක්‌ තිස්‌සේ මෙම ඖෂධය ලබාගෙන ඇති අතර ඒ පිළිබඳව සැක සිතූ ෆාමසි හිමියා අදාළ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳව විමසන ලදුව මෙය ව්‍යාජ බෙහෙත් තුණ්‌ඩුවක්‌ බව අනාවරණය වී ඇත. වෛද්‍යවරයා විසින් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත්කොට ඇත.

 ඒ අනුව කතරගම පොලිසියේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා තිස්‌සමහාරාම පොලිසියට භාරදී ඇති අතර තිස්‌සමහාරාම පොලිසිය මගින් සිසුවා අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

රාජා වෛද්‍යසේකර - අම්බලන්තොට අතිරේක

ජම්බෝ වෙනුවට ලංකා ජම්බෝ



(නාලක සංජීව දහනායක)
විදේශ රටවලින් ආනයනය කරනු ලබන "ජම්බෝ" නමැති රටකජු විශේෂය වෙනුවට කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව විසින් " ලංකා ජම්බෝ" නමින් නව රටකජු ප්‍රභේදයක් හඳුන්වා දී තිබේ. මෙරට රටකජු අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 27,294ක් වේ. පසුගිය වසරේදී හෙක්ටයාර 19,975 රටකජු වගාකර ඇති අතර මෙට්ට්‍රික් ටොන් 24,200 අස්වැන්නක් නෙළාගෙන තිබේ. එහෙත් එම ප්‍රමාණය මෙරට අවශ්‍යතාවයට ප්‍රමාණවත්
නොවූ බැවින් රටකජු ‍මෙට්ට්‍රික් ටොන් 3,094ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 689 ක මුදලක් වැයවි තිබේ. ශ්‍රී ලංකා ජම්බෝ නමැති රටකජු ප්‍රභේදය වගාකර දින 110ත් 115ත් අතර කාලයකදී අස්වැන්න නෙළාගත හැකිය. එමෙන්ම හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 4,400ක් ඉක්ම වූ රටකජු අස්වැන්නක් නෙළා ගැනීමට හැකියාව ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අගුණකොළපෑලැස්ස මාංශ හා තෙල් භෝග පර්යේෂණ ගොවිපොළේදී මෙම නව රටකජු ප්‍රභේදය හඳුන්වා දෙනු ලැබිය. පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව,
මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල රකජු වගා කිරිමේ කෘෂිකාර්මික කලාප ස්ථාපිත කරන බවත් එහි මෙම නව රටකජු ප්‍රභේදය මෙන්ම සෙසු රටකජු ප්‍රභේදයන් ද වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

බුලත්සිංහල දෙකෝටියේ කොල්ලයේ කොල්ලකරුවන් පැමිණි ජීප් රිය ඇමති ජෙයරාජ් භාවිත කළ එකක්


බුලත්සිංහල ප්‍රදේශයේ සිදු වූ රුපියල් දෙකෝටි විසි ලක්‍ෂයක මුදල් කොල්ලයට එම මුදල රැගෙන යමින් සිටි පෞද්ගලික ආරක්‍ෂක සේවාවේ සේවකයන් සම්බන්ධ බවට පොලිසිය සැක පහළ කරන බව උසස් පොලිස් නිලධාරියකු  පැවැසීය. පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් වී ඇති මුදල් එක්රැස් කරන නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික ආරක්‍ෂක ආයතනයේ සේවකයන් කිහිපදෙනකුගෙන් ඉදිරියේදී මීට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද එම නිලධාරියා සඳහන් කළේය.

එසේම මීට අදාළව අත්අඩංගුවට ගත් වෑන් රථ රියැදුරුගෙන් එහි සිටි ආරක්‍ෂක අංශ සේවකයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකළ බව ද එම නිලධාරියා පැවැසීය. එසේම මෙම කොල්ලය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇත. කොල්ලයට පැමිණි සුඛෝපභෝගී ජීප් රථයට යොදා ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ජීප් රථයක අංකය බවට මූලීක පරීක්‍ෂණවලදී කරුණු අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරීයක් පැවැසීය.මුදල් රැගෙන යමින් තිබූ වෑන් රථයේ රියැදුරු ආරක්‍ෂක නිලධාරියා හා මුදල් අයකැමිවරයකු ආහාර ගනිමින් සිටියදී ආපන ශාලාවට කඩා වැදී ඔවුන් දෙදෙනාට මිරීස් කුඩු ගසා අනතුරුව වෑන් රථයේ තිබූ මුදල් මලු දොළහක් කොල්ලකා පලාගොස් තිබිණි.

එම අවස්ථාවේදී එම මාර්ගයේ යතුරුපැදියකින් ගමන්ගත් යුවළක් වෑන් රථ රියැදුරුගේ දැනුම් දීම මත කොල්ලකරුවන් පැමිණි ජීප් රථයේ අංකය රියැදුරු වෙත ලබා දී තිබූ බව පොලිසිය කියයි. එම අංකය අනුව මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සිදු කළ පරීක්‍ෂාවේදී හෙළි වූ තොරතුරු අනුව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි එම වාහනයේ ලියාපදිංචිය අයිතිකරු ගෙන්වා සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට වසර දෙකකට පමණ ඉහත දී රාගම ප්‍රදේශයෙන් ජීප් රථය මිලදී ගත් බවට අනාවරණය වූ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ජීප් රථය දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු කලකට ඉහතදී පරිහරණය කර ඇති බවට තොරතුරු ද අනාවරණය වූ බව එම පොලිස්  නිලධාරීයා කීය.කොල්ලකරුවන් හොරණ දෙස සිට බුලත්සිංහලට පැමිණ පහළ නාරගල ප්‍රදේශයෙන් නැවත හොරණ දෙසට පැමිණ ආපනශාලාව ඉදිරියෙන් යළි හොරණ දෙසට පැමිණි බවට සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බුලත්සිංහල පොලිසියට අමතරව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය, කළුතර දිසා අපරාධ ඒකකය, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, මතුගම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරින් ද යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරීයෙක් පැවැසීය.

 සැකපිට අත්අඩංගුවට ගත් මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියැදුරු හා ආරක්‍ෂක නිලධාරියා මතුගම අධිකරණය වෙත ඉදිරීපත් කිරීමෙන් පසු එක් අයකු රුපියල් ලක්‍ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය. මෙලෙස ඇප මත මුදා හැරියේ වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ අකුරැස්ස පොරඹ පටුමග කොටගොඩවත්ත පදිංචි නුවන් රසික හා ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කළ මැදිරිගිරිය අඹගස්වැව යසරත්න බණ්ඩාර යන දෙදෙනාය.

-එම්.සී.පෙරේරා-



උසාවි සෝපානය තුළ රන්ජන් පිස්සු කෙළියි


තමාට එරෙහිව තීන්දුව දීමට නියමිතව ඇති, අධිකරණයට අපහාස කිරීමේ නඩුව සඳහා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක උපරිමාධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය තුළදී නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා මහත් කලබැගනියක් ඇති විය.

 ඒ මොහොතේ, සෝපානය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා අංක 403ට හා 502ට පිවිසීම සඳහා ගමන් කරමින් සිටි නීතිඥවරියන් දෙදෙනකු මෙම නොසන්සුන්කාරී හැසිරීම හේතුවෙන් බියට පත්ව සෝපානයේ බොත්තම ක්‍රියා කරවා ඊළඟ මහලෙන් බැස ගොස් ඇති අතර මේ සිදුවීම සම්බන්ධයෙන් උපරීමාධිකරණයේ ආරක්‍ෂක කටයුතු භාර මාර්ෂල් නිලධාරීවරයාට පැමිණිලි කරන බව එම සෝපානය මෙහෙයවමින් සිටි අධිකරණ සේවකයා දැනුම්දී ඇත.

තමන් සමඟ පැමිණි තවත් කිහිපදෙනකු සමඟ සෝපානයට ඇතුළු වී අධිකරණ ශාලාව වෙත පිවිසීමට 5 වැනි මහල වෙත ගමන් කරන අවස්ථාවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා තම වැලමිටෙන් සෝපානයේ ලෝහ තහඩු සහිත බිත්තිවලට වේගයෙන් පහර දෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවද නඩුව කැඳවීමෙන් අනතුරුව ආපසු 2 වැනි මහල වෙත එද්දී ඊටත් වඩා වේගයෙන් සෝපානයේ බිත්තිවලට දැඩි ලෙස පහර දෙමින් කෑකෝ ගසමින් පැමිණි ඔහු ඉන් පිටතට පැමිණ සෝපානය මෙහෙයවන ලද සේවක මහතාගෙන් "කොහොමද දැන් සනීපද " "හුඟක් සතුටුද" ආදී වශයෙන් විමසමින් පිටව ගොස් ඇති බවද පැවැසේ.



මන්නාරමෙන් හමුවු මිනිස් ඇටසැකිලි ඇමරිකාවට යවන්න සුදානමක්


මන්නාරමේ සතොස තොග ගබඩාව අසලින් හමුවූ මිනිස් ඇටසැකිලි හා අස්ථි කොටස් ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරය වෙත යවා කාබන් පරීක්ෂණයකට යොමුකොට වාර්තාවක් ලබාගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. මේ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා පැවැත්වෙන අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය මේ අදහසට එකඟ වන්නේ නම් මිනිස් ඇට සැකිලි හා අස්ථි කොටස් ඇමරිකාවට යැවීමට අදහස් කරන බව මන්නාරම අධිකරණයේ නිලධාරියකු පැවැසීය.

මේ වනවිට සතොස තොග ගබඩාව අසල වූ සමූහ මිනීවළෙන් මිනිස් ඇටසැකිලි 54කට අයත් සැකිලි හා අස්ථි  කොටස් හමුවී තිබේ. ඉන් පහක් කුඩා ළමයින්ගේ බවට පර්යේෂකයන් සැක පහළ කරයි. කාත්තාවන්ගේ හා පිරිමින්ගේ යන දෙපාර්ශ්වයේම ඇටසැකිලි හා අස්ථි කොටස් මේ තොගයේ පවතින නමුත් ඒවායින් විශාල ප්‍රමාණයක් විනාශ වී හා හැඩය වෙනස්වීම්වලට ලක්ව ඇති නිසා මේ සම්බන්ධයෙන් ඉතා නිරවද්‍ය හා විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාගැනීම උචිත බවට වූ සාකච්ඡාවකින් පසුව ඒවා ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා රසායනාගාරය වෙත යැවීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

-රසාදි චතුරංගි ගමගේ-


කුකුළු මස් මිල නගින ලකුණු



මෙතෙත් අනුගමනය කළ ක්‍රමය වෙනස් කර සත්ත්ව ආහාර නිෂ්පාදනය සදහා යොදාගන්නා බඩඉරිගු එක් පුද්ගලයකු පමණක් මහා පරිමානයෙන් ආනයනය කිරිමෙන් කුකුළු මස් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසිය.
මෙරට නිපදවන බඩඉරිගු අස්වැන්න සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් සියයට 25 30ත් අතර අතිරේක බඩඉරිඟු ප‍්‍රමාණයක් සත්ව ආහාර නිෂ්පාදකයින්ට ආනයනය කිරීමට පැවති රජයේ අවසර ලබාදී තිබුණද හිටපු කාෂිකර්ම අමාත්‍යවරයා විසින් එම ක්‍රමවේදය වෙනස් කොට 2015 වසරේ සිට බඩඉරිඟු ආනයනය කිරීමට තම දේශපාලන හිතවතෙකුට ලබාදී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
මේ හේතුවෙන් කුකුළු ගොවිපොළ හිමියන්ට අතරමැදියකු හරහා බඩඉරිඟු මිලදී ගැනීමට සිදු වීමෙන් කුකුළු මස් මිල ඉහළ යෑමේ අවදානම මතුවී තිබෙන බවද ඔහු සදහන් කළේය.
අතරමැදියන් හරහා බඩඉරිඟු මිලදී ගැනීමට සිදුවීමෙන් ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව ප්‍රශ්න මතුවන අතර අතරමැදියන්ට හා දේශපාලනඥයන්ට කොමිස් මුදල් ලැබෙන බවද රෝහිත අබේගුණවර්ධන මහතා කීය.

හික්කඩුවේදී තුවාල ලැබු හඳුන් දිවියෙක් හමුවෙයි


හික්කඩුව - පතන මිනිරන් කන්ද  ප්‍රදේශයේ ගෙවත්තක ගසකට නැග සිටි හඳුන් දිවියකු ගැන ප්‍රදේශවාසීන් විසින් හික්කඩුව වනජීවී කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව බෙල්ලන්විල - අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් එම සත්ත්වයා නිර්වින්දය කොට අල්ලා ගනු ලැබීය. පිෂින් කැට් වර්ගයට අයත් අඩි හතරහමාරක් පමණ දිගින් යුතු මෙම හඳුන් දිවියාගේ දකුණු පස බාහුවට ඉහළින් විශාල තුවාලයක්ද තිබී ඇත.

 පශු වෛද්‍ය ප්‍රබුද්ධ දේවසුරේන්ද්‍ර මහතා කියා සිටි මෙම සත්ත්වයාට ප්‍රතිකාර කිරීමෙන්  අනතුරුව සතා මුදා හරින ප්‍රංශය තීරණය කරන බවත් තෙත් කලාපයේ වසන මෙම සත්වයා මෙවැනි ප්‍රදේශවලින් ඉවත් කිරීම පරිසරයට හා ජෛව විවිධත්වයට හානියක් බවත්ය.

-උපුල් මහේෂ්-


නංගි අක්කාගේ උප්පැන්නය සොරාගෙන විදේශ ගමන් බලපත්‍රයක් හදලා


තම වැඩිමහල් සහෝදරියගේ උප්පැන්න  සහතිකය සොරාගෙන ගොස්  එය උපයෝගි කොටගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරන ලදැයි අධිකරණය හමුවට පමුණුවනු ලදුව වරද පිළිගත්  කාත්තාවකට මතුගම දිස විනිසුරු හා කළුතර හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත් භාරතී  විජේරත්න මහත්මිය දඩ හා සිරදඬුවම් නියම කළාය. අදාළ චෝදනා තුනක් වෙනුවෙන් එක් චෝදනාවකට රුපියල් 1500 බැඟින්  රුපියල් 7500 දඩ නියම වූ අතර මාස දෙක බැගින් ලිහිල් සිර දඬුවම් නියම කර එම සිර දඬුවම් වසර දහයකට අත්හිටුවීය.

මෙසේ දඬුවම් නියම වුයේ කටුආරච්චිගේ හේමමාලි දමයන්ති නම් වූ අයටය. මූලික පරීක්‍ෂණවලින් පසු ඇය වරද පිළිගෙන තිබූ අතර දඬුවම් නියම කිරීම සඳහා එවකට කළුතර ප්‍රධාන  මහෙස්ත්‍රාත්ව සිටි භාරතී විජේරත්න මහත්මිය පැමිණ සිටියාය. මෙහි පැමිණිලිකාරිය වූ සැකකාරියන්ගේ සොහොයුරිය වන තමාට විදේශ ගමන් බලපත‍්‍රයක් ගැනීමට ගිය අවස්ථාවේදී ඒ නමට මින් පෙර විදෙස් ගමන්  බලපත්‍රයක් නිකුත් කර ඇති බව අනාවරණය වී ඇත.

-සුජිත් මාරියෝ-



දෙහිවල ටෙරන්ස් පාරේ බංගලාදේශ කතක් නැවතී සිටි කාමරයක ලක්ෂ 13ක කුඩු තොගයක් හමුවේ


දෙහිවල ටෙරන්ස් පාරේ බංග්ලාදේශ කාන්තාවක් නැවතී සිටි කාමරයක සූටිකේසයක් තුළ සඟවා ගිය රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 886ක් තුළ තිබී ඇතැයි පොලිසිය කියයි. එම බංග්ලාදේශ ජාතික කාන්තාව මේ වනව්ව විදේශ ගත වී ඇතැයි පොලීසිය කළ පරීක්ෂණවලදී අනාවණය වී ඇත. ටෙරන්ස් පාරේ නිවෙස් හිමිකරු මාසිකව රුපියල් තිස්පන් දහසක කුලී පදනම මත එම නිවසේ සාලය ඇතුළු කොටස් තුනක් මීට මාස හයකට පමණ පෙර බංග්ලාදේශ ජාතික කාන්තාවට ලබා දී ඇති අතර සෙසු කාමර දෙකක් පීරිමි ළමයින් දෙදෙනකුට ලබා ඇති බව පොලිසිය කියයි.

එක පිරිමි ළමයකු නැවතී සිටි කාමරයේ දොර කඩා ඇතුළු වූ පුද්ගලයකු ඔරලෝසු දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට පරීක්ෂණ පැවැත්වීම සඳහා එම නිවස වෙත ගිය දෙහිවල පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක රුවන් ප්‍රභාත් මහතා මෙම මත්කුඩු සහිත පාර්සලය සොයාගෙන ඇත. එම නිවස වෙත ගිය උප පොලිස් පරීක්ෂකවරයා සොරකම සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු සෙසු කාමරවල නේවාසිකව සිටින අය පිළිබඳව නිවෙස් හිමියාගෙන් විමසීමේදී නිරතුරුවම විදේශ ගතව මෙරටට පැමිණෙන බංගලාදේශ කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

ඇය රැකියාව වශයෙන් එරටින් රෙදි රැගෙන එන බවට නිවෙස් හිමියා පවසා ඇත. ඒ පිළිබඳ ඇති සැකය මත එම කාමරය තුළ බැලීමේදී දිලිසෙන රෙදි පටි වර්ග දමන ලද බෑග් විශාල ප්‍රමාණයක් හා කිරි සමඟ කුඩා දරුවන් ආහාරයට ගන්නා බිස්කට් ඇතුළත් ඇලුමිනියම් පාටින් යුත් පැකට් විශාල ප්‍රමාණයක් තිබෙනු දැක ඇතැයි පොලිසිය කියයි. ඒ අසලම එම දිලිසෙන පටි වර්ග දමන සූට් කේසය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ හෙරොයින් මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වී ඇත. මෙම කාන්තාව ගුවන්තොටුපොළේ ස්කෑන් යන්ත්‍රවලට හසුනොවන ආකාරයෙන් දිලිසෙන රෙදි පටි වර්ග අතර සගවා මත්කුඩු මෙරටට ප්‍රවාහනය කර ඇති බවට බොහෝදුරට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියක් පැවැසීය.

සැකකාර බංග්ලාදේශ කාන්තාව මෙම නිවස කුලී පදනමට ගෙන මාස හයක් බවත් එම කාලය තුළ ඇයගේ මිතුරියන් බව කියමින් තවත් කාන්තාවන් කිහිප දෙනකු වරින් වර පැමිණ නවාතැන් ගත් බවත් නිවෙස් හිමියා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ. එම නිවෙසට මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මුද්‍රා තබා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකාර කාත්තාව සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන්ටද දන්වා ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවැසිය.

-එම්.සී.පෙරේරා-




හෘද රෝග මෙරට ස්වභාවික මරණවලට ප්‍රධානතම හේතුව වෙලා


අපේ රටේ සිදුවන  ස්වභාවික මරණවලට ප්‍රධානතම හේතුව හෘද රෝග බවත්, දිනකට හෘද රෝගවලින් රෝගීන් 120 ත්, 150 ත් අතර සංඛ්‍යාවක් මිය යන බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ ප්‍රධානී, හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසයි. කිරීටක හෘද රෝග, ළමා හෘද රෝග, කපාටවල ප්‍රශ්න නිසා හෘද රෝගීන් මිය යන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා වැඩිහිටි අවස්ථාවේ සහ පූර්ව වැඩිහිටි අවස්ථාවේ සිදුවන ස්වාභාවික මරණවලට ප්‍රධාන හේතුව කිරිටක හෘද රෝග බවද සඳහන් කළේය.

 වකුගඩු රෝගවලින් මෙරට මිය යන්නේ දිනකට තිදෙනකු බව පවසන විශේෂඥ වෛද්‍යවරයා ඒ වාගේ පස් ගුණයක් දිනකට හෘද රෝගීන් මිය යන බවද පැවැසීය.  ස්වභාවික මරණ සදහා ප්‍රධානතම හේතුව හෘද රෝග බව පවසන විශේෂඥ වෛද්‍යවරයා මෙරට බෝ නොවන රෝග නිසා දිනකට 250 ක් පමණ මිය යන බවද සඳහන් කළේය. මින් 120 ක්, 150 ක් අතර සංඛ්‍යාවක් මියයන්නේ හෘද රෝග නිසා බවද විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පැවැසීය. මේ පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා මෙසේද කීවේය.

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම රටක ස්වභාවික මරණ සදහා ප්‍රධාන හේතුව තමයි හෘද රෝග. විශාල වශයෙන් නිවාරණය කරන්න පුළුවන් හෘද රෝග වර්ගය තමයි කිරීටික හෘද රෝගය. මේ සඳහා බයිපාස් සැත්කම් කළ යුතු වෙනවා. ස්ටෙන් දමන්න වෙනවා. මේ සදහා ඉල්ලුම හා සැපයුම අතර විශාල පරතරයක් තියෙනවා. දිනකට හෘද සැත්කම් කළ යුතු  රෝගීන් 50 ක්, 60 ක් විතර ඉන්නවා. නමුත් අපේ රටේ රජයේ හා පුද්ගලික රෝහල්වල දිනකට හෘද සැත්කම් 12 ක් පමණ තමයි කරන්නේ. ඒ නිසා  තමයි පොරොත්තු ලේඛනය වැඩිවෙලා තියෙන්නේ.

මගේ පොරොත්තු ලේඛනයේ හෘද සැත්කම් කළ යුතු රෝගීන් 3000 ක් විතර ඉන්නවා. හෘද රෝගියකුගේ ඩයි පරීක්ෂණය කරලා වසරක් ඇතුළත හෘද සැත්කම් කළ යුතුයි. දෙවැනි හෘදයාබාධය ඇතිවීම වළක්වා ගැනීමට තමයි බයිපාස් සැත්කම කරන්නේ. අධික තෙල් සහිත අහාර ගැනීම, කොලෙස්ටරෝල්, රෝගියාගේ  ජානගත ස්වභාවය, දියවැඩියාව, රුධිර පීඩනය ව්‍යායාම මදිකම, මානසික ආතතිය යන හේතු කිරීටික හෘද රෝගවලට බලපානවා. රුධිරවාහිනී මත කොලෙස්ටරෝල් කැල්සියම් තැන්පත් වෙනවා.

 රුධිර නාලයේ විෂ්කම්භයෙන් සියයට 70 ක් විතර අවහිර වූ විට තමයි පපුවේ වේදනාව ඇති වන්නේ. රුධිර නාලය සියයට 70 ක් දක්වා අවහිර වනතෙක් රෝගියාට මේ ගැන කිසිදු දැනීමක් නැහැ. ඒ නිසා රෝගී තත්ත්වය මූලික අවස්ථාවේ හඳුනා ගන්න බැහැ. වෛරස් අසාදනයකදී, හිතේ කම්පනයක්, විශාල තෙල් සහිත ආහාරයක් ගැනීම යන අවස්ථාවලදී තෙල් නිධිය ඉදිමිලා, පුපුරලා  ලේ ගැලුවහොත් වැසී යනවා. කිරීටක ධමනි සිදුර වැසී යනවා. මේ නිසා පැය 06 ක් වගේ කෙටි කාලයක් ඇතුළත ප්‍රථිකාරයක් කළ යුතු වෙනවා යැයිද විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පැවැසීය.


-කමල් විජේහේවා-

පාසල් සිසුවෙක් අපයෝජනය කළ හමුදා සෙබළාට ගම්මුන්ගෙන් ගුටි බැට

කටියන්ගල්ල නව ගම්මානයේ පදිංචි නව හැවිරිදි බාල වයස්‌කාර පිරිමි දරුවකු අපයෝජනය කළ බව කියන හමුදා සෙබළෙකුට ගම්වාසීන් විසින් පහරදීමෙන් ඔහු (28දා) ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.

මෙම පුද්ගලයා (28දා) පස්‌වරුවේදී සිය යතුරුපැදියෙන් දරුවාගේ නිවසට ගොස්‌ දෙමාපියන්ටත් හොරා දරුවා රවටාගෙන සිය නිවසට කැඳවාගෙන ගොස්‌ දරුවා අපයෝජනය කර ඇති බව පොලිසිය කියයි. මෙසේ ගම්වාසීන්ගේ පහර කෑමට ලක්‌ව ඇත්තේ ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක හමුදා භටයෙකි. මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම හමුදා කඳවුරකට අනියුක්‌තව සේවය කරන අයෙකි.

වතාවක්‌ දෙවතාවක්‌ සිදුවූ ගැහැට ඉවසා ගත නොහැකිවූ දරුවා සැකකරුගෙන් මිදී වෙල්යායක්‌ මැදින් සැතපුමක්‌ පමණ දිව යද්දී හමුවූ ගම්වාසියකු සමඟ සිය නිවසට ගොස්‌ තිබූ බවද පොලිසිය සඳහන් කළේය. සිද්ධිය අනාවරණය වීමෙන් පසුව සැකකාර හමුදා භටයාට ගම්වාසීන් එක්‌ව පහරදීමෙන් අනතුරුව ඔහු මෙලෙස කැකිරාව රෝහලට ඇතුළත්ව තිබිණි. සැකකරුගේ බිරිඳ මීට මාස කිහිපයකට පමණ පෙර විදෙස්‌ගත වී ඇති බවද පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ඉපලෝගම පොලිස්‌ ස්‌ථානාධිපති උඩුකුඹුර මහතා සඳහන් කළේය.

- එම්. එම්. පී. ජී. පෙරේරා -

Monday, July 30, 2018

විපක්ෂ නායක ධූරය වෙල්ගමට ලබාදෙන්නැයි පොහොට්ටුවෙන් යෝජනා

 පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදුනහොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත් කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ප්‍රධානින් සියලු දෙනා යෝජනාවක් සම්මත කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාක්ෂ මහතාට බාරදීමට සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා පළාත් පාලන සංසදය පවසයි.

දැනට විපක්ෂනායක ධුරය දැරීමට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, ඊට පසුව සිටින පුද්ගලයා කුමාර වෙල්ගම මහතා පමණක් බවත් එහි සභාපති උදේනි අතුකෝරළ මහතා ඊයේ (22දා සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සියලු දෙනා ඒ සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බවත්, දිවයින පුරා සිටින අනෙකුත් පළාත් පාලන ප්‍රධානීන්ගේ යෝජනාව සම්මත කරගැනීමට කටයුතු යොදා තිබෙන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපකෂයේ සිටින පැරණිම දේශපාලනඥයකු වන කුමාර වෙල්ගම මහතා අවුරුදු 36ක් දේශපාලනයේ නිරතව තිබෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපතිවරයකු වශයෙන් කටයුතු කර ඇති ඔහු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන බවත් අතුකෝරල මහතා සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව පිහිටු වූ පසු එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ දේශපාලනය කිරීමට නොහැකි බව පවසමින් ශ්‍රීලනිප මධයම කාරක සභාවන් ප්‍රථමයෙන් එළියට පැමිණියේ වෙල්ගම මහතා බවත්, ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ අවස්ථාවේ සිට ඔහු මහින්ද රාජපක්ෂ මහතා සමග ළඟින් ඇසුරු කළ බවත්,
සභාපතිවරයා කීය.

 බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී උදේනි අතුකෝරළ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන සංසදය ඉල්ලීම පිළිගනු ඇතැයි පළාත් පාලන ප්‍රධානීන් සියලු දෙනා වීශ්වාස කරන බවයි.

අද මධ්‍යම රත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්


රජය පොරොන්දු වූ වැටුප් වැඩිවිම වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් ඇතුළු ප‍්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මෙම වර්ජනය හේතුවෙන් රටපුරා දුම්රිය ධාවන කටයුතු දැඩි ලෙස අඩාල වන බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.

අදාළ දුම්රිය සේවකයන්ගේ වැටුප් තල රාජ්‍ය සේවයේ එමි දෙක (M2) වැටුප් තලය දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ. පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේදීද අදාළ දුම්රිය වෘත්තීය සමිති ඉහත ඉල්ලීම මුල්කර ගනිමින් දින 7 ක අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඉන්පසු කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ ඉහත ඉල්ලීම විසදීම සඳහා ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළේය. එම කමිටුව දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත්කරමින් ඉහත දුම්රිය සේවකයන්ගේ වැටුප් තල වෙනස් කිරීමට එකගතාව පළකර තිබුණි.

එම පාරාන්දුව මත දුම්රිය සේවකයන් දින 7 ක අඛණ්ඩ වර්ජනය අතහැර දැමීය.කෙසේ වෙතත් අදාළ අනුකමිටුව දුම්රිය සේවකයන් වෙත ලබාදුන් එකගතාව මාස 8 ක කාලයක් ගතව ඇතත් මෙතෙක් ඉටුකර නොමැති අතර මේ සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු කැබිනට් පත්‍රිකාද ඉදිරිපත් කර නොමැති බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය. ආණ්ඩුව අදාළ එකගතාව මෙතෙක් ඉටු නොකිරීමට එරෙහිව සහ සිය වැටුප් තලය ලබාගැනීම වෙනුවෙන් අදාළ වර්ජනය ක්‍රියාත්මක කරන බව ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.


-පානුක රාජපක්ෂ-




විහාරස්ථාන වලින් මුදල් වංචා කළ මව,දියණිය සහ තවත් අයෙත් රිමාන්ඩ්-දුරකථන සංවාද ප්‍රසිද්ධ කරන බව පවසමින් හිමිවරුන් බියවද්දලා

 මහ බැංකුවේ විගණන අංශයේ උසස් නිලධාරීයක් බව පවසමින් දිවයින පුරා විහාරස්ථානවලින් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට සැකපිට වැලිමඩ ‍පොලීසිය ඉකුත් 26 වැනිදා අත්අඩංගුවට ගත් මව, දියණීය හා තරුණයා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ වැලිමඩ මහේස්ත්‍රාත් නදීරා තරංගනී කුමාරි බෝගහදෙණිය මෙනවිය, සැකකරුවන් එදිනට හඳුනා ගැනීම් පෙරට්ටුවට ඉදිරීපත් කරන ලෙසටද නීයෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්නාගාරගත කෙරුණේ නුවර, පේරාදෙණියේ පදිංචිකරුවන් පිරිසක් වන 55 හැවිරිදි කාන්තාවක් සහ 19 හැවිරිදි ඇගේ දියණිය හා 27 හැවිදිරි තරුණියකි.  අමතරව මෙම කාන්තාවගේ 16 හැවිරිදි දියණියද, තවත් ද්‍රවිඩ කාත්තාවක්ද මෙම කූට ජාවාරම සඳහා යොදාගෙන තිබෙන බවද පොලීසිය අධිකරණයට දැන්වීය.  මෙරට ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය ජර්මන් ජාතිකයෙක් මියගිය පසු ඔහුගේ රුපියල් කෝටී ගණනක මුදල් හා දේපොළ මහ බැංකුවට පවාරගන ඇති බවත්, එම මුදල් වලින් දිවයිනේ නොදියුණු විහාරස්ථාන වැඩිදියුණු කිරීමට කටයුතු කරගෙන යන බවට සැකකාර කාන්තාව පවසා විහාරාධිපති සමග සමීපවී ඇති බව පරික්ෂණවලදී අනාවරණය විය.

ඒ අනුව රුපියල් කෝටි 3ක පමණ මුදල් තමාට අනුමත කළහැකි බව පවසා ඒ සඳහා තමාටද රුපියල් කෝටියක පමණ මුදලක් අවශ්‍ය බවත්, එම කටයුතු සඳහා ගිණුමක් ආරම්භ කරන ලෙසට උපදෙස් දී තමාගේ මුදලින් කොටසක් මුලින් ලබාදෙන ලෙසට ඉල්ලා ඉතිරි මුදල තමා මුදල් ලබාදුන් පසු දෙන ලෙසටද දැනුම් දී තිබෙන බවද හෙළිවී තිබේ.

මේ අනුව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලින් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ඇති බවත්, මේ දක්වා ඉදිරිපත්වී ඇත්තේ බදුල්ල, හපුතලේ,වැලිමඩ, බලන්ගොඩ විහාරස්ථානවල හිමිවරු 5 නමක් බවද පොලීසිය පවසයි.

දියණියන් දෙදෙනා යොදවා හිමිවරු සමග දුරකථන සංවාද හා විවිධ කතා සිදුකර ඒවා පටිගත කර ඇති මෙම කාන්තාව මුදල් ලබාගැනීම ගැන පැමිණිලි ඉදිරිපත් කරන බවට දැනුම් දුන් වීට මෙම හඬපට ගැන පවසා හිමිවරු බියවද්දා ඇති බවද අනාචරණය වී තිබේ.

මීට අමතරව මහබැංකුවේ පරණ වාහන ලබාදෙන බවට පොරොන්දුවී ගම්පොළ දවුල්ගල පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 14ක් ලබාගෙන ඇති බවටද බලන්ගොඩ තරුණියන් 4 දෙනෙකුට මහ බැංකුවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී එක් අයෙකුගෙන් රුපියල් පනස් දහස බැගින් විහාරාධිපති හාමුදුරුවරු හරහා ලබාගන්න ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2016 වර්ෂයේදී තෙල්දෙණීය පොලීසිය විසින් ප්‍රධාන සැකකාරීයට විරුද්ධව ලක්ෂ 14 ක් හා ලක්ෂ 3ක් වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර එම නඩු සදහා වරෙන්තු ලැබූ ඇත්තියක බවත්, මොවුන් ළග තිබී ජංගම දුරකථන 6 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර දිවයිනේ විහාරස්ථාන රැසක හිමිවරු හා කළ සංවාද ඒවායේ පටිගතව ඇති බවත් පොලීසිය සදහන් කරයි.

පාසල් සිසුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ හමුදා සෙබළා අත්අඩංගුවට


ඉපලෝගම පොලිස් වසමේ මහව ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවකු රවටා තම නිවසට කැඳවාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන හතළිස් හැවිරිදී යුද හමුදා සෙබළකුට වින්දිත සිසුවාගේ පියා ඇතුළු පිරිසක් විසින් පෙරේදා (23දා) සවස පහරදී ඉපලෝගම පොලිසිය වෙත භාරදී තිබේ.  එම පොලිස් වසමේ කඩියන්ගල්ල ප්‍රදේශයේ පදිංචි විවාහක යුද හමුදා සෙබළා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සේනපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවයෙහි නියුතු අයකු බව පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පෙරේදා සවස 2.00ට පමණ සැකකාර සෙබළා වින්දිත සිසුවාගේ මවුපියන් හමුවීමට ගොස් ඇති අතර එම අවස්ථාවේ වැඩිහිටි කිසිවකුත් නිවසේ නොසිටි බැවින් සැකකරු විසින් වින්දිත සිසුවා රවටා සිය යතුරුපැදියේ නංවාගෙන කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටී තම නිවස වෙත කැඳවා ගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කොට ඇත. එම අවස්ථාවේ වින්දිත සිසුවා මහත් පරිශ්‍රමයක් දරා සකකරුගෙන් බේරි පාළු මාර්ගයක් ඔස්සේ දුවගෙනැවිත් තම නිවසට පැමිණි තමන් මුහුණ පෑ සිද්ධිය තම පියාට පවසා ඇත.

ප්‍රදේශවාසීන් පිරිසක් සැකකාර සෙබළාගේ නිවෙසට ගොස් ඔහුට පහරදී අල්ලා ගෙනැත් ඉපලෝගම පොලිසිය වෙත සිද්ධිය පිළිබඳ දැනුම් දී පොලිසිය පැමිණි පසු සැකකරු පොලිස් නිලධාරීන්ට භාරදී අත. අනතුරුව විමර්ශන පැවැත්වීමෙන් පසු මෙහිදී පහරකැමට ලක්වූ සැකකරු ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ කැකිරාව දිසා රෝහලට ඇතුළත් කොට ඇත. සිය පළමු විවාහයෙන් වෙන්වී දෙවැනි විවාහයක් කර ගෙන ඇති සැකකරුගේ දෙවැනි බිරිය දැනට සති දෙකකට පමණ පෙර ගෘහ සේවය සඳහා විදේශගතව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ අතර සැකකරුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලිංගික අපයෝජනයට ලක්වූ සිසුවාගේ පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත. සැකකාර සෙබළා ඊයේ (29දා) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-එරන්ද ශෂිප්‍රිය-



ඇඟිල්ල අහිමි මනාලයාට මනාලියත් අහිමි වෙයි

තරුණ ඔහු සිය ඥාතීන් සමඟ සුබ නැකැතකින් නිවසින් පිටවූයේ නව යුග දිවියක ගමන ආරම්භ කිරීමට සහකාරියක් රැගෙන ඒමේ පිවිතුරු අපේක්ෂාවෙනි. එහෙත් ඒ දහසක් අපේක්ෂා තම අතේ ඇඟිල්ලක් අකා මකා විනාශ කර දමා තම ජීවන ගමන විනාශ කර දමාවි යැයි මොහොතක්වත් නොසිතන්නට ඇති. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය.

ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් දුෂ්කර ගොවි ගම්මානයක විසි හත් හැවිරිදි තරුණයෙකි. ගොවිතැනින් සිය ජීවනෝපාය කරගෙන ආ මෙම තරුණයාගේ විවාහ දිවියට කල වයස හරිගියෙන් මවුපියන් මගුල් කපුවකුගේ මාර්ගයෙන් හසලක ප්‍රදේශයෙන් සුදුසු සහකාරියක් සොයා ගැනුණි. දෙපාර්ශ්වයේ ආගිය කතා  බහෙන් අනතුරුව යුග දිවියට දින  වකවානු නියම කර ගන්නා ලදී.  මෙදින පෙරවරුවේ යෙදී තිබූ  සුබ මොහොතට මනමාලයා ප්‍රමුඛ ඥාතීන් පිරිස මනමාලියගේ නිවසට පැමිණියේය.

පැමිණි ඥාති පිරිසට සහ සංග්‍රහ කිරීමෙන් අනතුරුව පෝරුවේ චාරීත්‍ර සඳහා සූදානම් විය. ජය මංගල ගීත මධ්‍යයේ යුවළ පෝරුවට නංවන ලදී. එළැඹියේ මනමාලිය මනමාලයාට මංගල මුද්ද පැලඳවීමේ අවස්ථාවයි. මනමාලිය මුළ සියතට ගෙන මනමාලයාගේ අතේ මුදුව පලදවන්නට සුදානම් වෙද්දී මනමාලයා මුද්ද පලදින ඇගිල්ල වෙනුවට මැදගිල්ල දිගු කළ අතර එහිදී ඇයට දැක ගන්නට ලැබුණේ ඔහුගේ වෙඳගිල්ල (මුදුව පලඳන)  නොමැති බවයි. (කුඩා කල සිදුවූ හදිසි අනතුරකදී  ඔහුගේ එම ඇගිල්ල කපා දමා ඇති බව සඳහන් වේ.)

මෙයින් දැඩි ලැජ්ජාවට  සහ ඥාතීන් ඉදිරියේ අපහසුතාවට පත් තරුණිය වහා පෝරුවෙන් බැස සිය කාමරයට දිවගොස් දොරගුළුලා ගත්තාය. ඇය පිටතට ගන්නට දෙපාර්ශ්වයේ ඥාතීන්, ඇගේ මවුපියන්, සහෝදොර සහෝදරියන් කොපමණ උත්සාහ කළත් ඇය මෙම මංගල්‍යයට කිසිසේත්ම කැමැති නැති බව තරයේම පවසා සිටියෙන් මනමාල පාර්ශ්වයට හිස් අතින් සිය ගම්බිම් බලා යාමට සිදුවුයේ ඇඟිල්ලක් අහිමිවීමෙන් මනමාලියක් අහිමි වු අසරණ තරුණයාද සමඟය.

-සුනිල් ඉහළගෙදර-


මහින්දෝදය පරිගණක විද්‍යාගාර 15ක් ගිනිගෙන විනාශ වෙලා

පසුගිය ආණ්ඩු සමයේ ඉදිකළ මහින්දෝදය පරිගණක විද්‍යාගාරවලින් 15ක් මේ වනවිට ගිනිගෙන විනාශ වී ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

පරිගණක 60කින් සමන්විත මෙම විදයාගාර තුළ ස්ථාපිත කර තිබෙන පරීගණකවල පවතින දෝෂ හේතුවෙන් මෙම ගිනිගැනීම් සිදුවන බවට වාර්තා වන බවත්, මේ නිසා සමස්ත විදයාගාර සියල්ලම විශේෂ පරීක්ෂාවකට ලක්කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය. අවසන් වරට පසුගිය 25 වැනිදා කොටහේන මධ්‍ය මහා විදයාලයේ පරිගණක විද්‍යාගාරය ගිනිගෙන විනාශ වූ අතර, එහි පරිගණක 62ක් තිබු බවට වාර්තා වන බවත් ඔහු පවසා සිටියේය. මේ ආකාරයට මධ්‍යම රජයෙන් හා පළාත් සභාවලින්  පාලනය කරන පාසල්වල තිබෙන මහින්දෝදය පරිගණක විදහගාර 15ක් ගිනිගෙන විනාශ වී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම විද්‍යාගාරවල ගිනි නිවන උපකරණ හෝ වෙනත් ගිනි ආරක්ෂණ ක්‍රම නොමැති බවත්, මේ නිසා දරුවන් සහ දේපළ ආරක්ෂ කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක සකස්කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විවේකාගාරය මකුණු රජදහනක්



කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරි විවේකාගාරය මකුණන්ගේ රජදහනක් බවට පත්ව ඇතැයි එම නිලධාරීහු පවසති
රාත්‍රී රාජකාරී කරන නිලධාරින්ගේ සහ එදීනෙදා රාජකාරියට පැමිණෙන නිලධාරින්ගේ විවේකාගාරය වන මෙම නිවස්නයේ මොහොතක් සිටීමට නොහැකි තත්වයක් උද්ගතව වී ඇතැයිද ඔහු පෙන්වා දෙති. මෙම බන්ධනාගාර නිලධාරින් සියයකටම ඇත්තේ එම විවේකාගාරය බවද එහි ඇදන් හා පුටුවලට බෝවී ඇති මකුණන් නිසා රාජකාරී කිරීමට පවා නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවද ඔවුහු සදහන් කරති.
දිනකට එම විවේකාගාරය ප්‍රයෝජනයට ගන්නා සංඛ්‍යාව 70ක් පමණ වන බවද වාර්තා වේ.
මේ පිළිබඳව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරි කේ.කේ.එස්. කොඩිතුවක්කු මහතාගෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ මේ පිළිබදව වහාම සොයා බලා ඊට විසදුමක් ලබා දෙන බවය.
මීට පෙර අවස්ථාවකදීද මකුණන් වද කිරීම සඳහා අවශ්‍ය පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
(ජයන්ත සමරකෝන්)

මවක් සහ දියණියක් විහාරස්ථානවල හිමිවරුන් රවටා ලක්ෂ ගණන් වංචා කරලා


බැංකු නිලධාරිනියක ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන රැසක හිමිවරුන් රවටා ලක්ෂ ගණනක් මුදල් වංචා කළ මවක් සහ දියණියක් වැලිමඩ පොලිසිය මගින් ඊයේ (28දා) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු තොරතුරක් මත වැලිමඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. පෙරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පනස් තුන් හැවිරිදි මව සහ දහනව හැවිරිදි දියණිය විහාරස්ථානවලට ගොස්මෙම වාංචාවන් සිදුකර තිබේ.

මහ බැංකුවේ විගණන අංශයේ ප්‍රධානියා ලෙස පෙනී සිට ඇති පනස් තුන් හැවිරිදි සැකකාරිය මහ බැංකුව මඟින් රුපියල් මිලියන ගණන් මුදල් විහාරස්ථානවලට දෙන බව පවසා එහි මුලීක ලියවිලි සැකසීම සඳහා අවශ්‍ය මුදල් ලෙස මෙසේ ලක්ෂ ගණන් මුදල් විහාරස්ථානවල හිමිවරුන් රවටා ලබාගෙන තිබෙන බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.මෙහිදී සැකකාර කාන්තාව මෙම මුදල් විහාරස්ථාන සඳහා ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ලියකියවිලි සැකසීම සඳහා අවශ්‍ය යැයි කියමින් රුපියල් ලක්ෂ ගණන් මුදල් ලබාගෙන ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව තිබේ.

අනතුරුව මුදල් ලබාගත් පසු අදාළ කාන්තාව තම දහනව හැවිරිදි සුරූපී දියණිය යොදවා සමාජජාල උපයෝගී කරගෙන විවිධ බලපෑම් සිදුකර තිබේ. පසුව හිමිවරු පොරොන්දු වූ ආධාර මුදල නොලැබුණු නිසා අදාළ කාත්තාවට ලබා දුන් මුදල් ඇයගෙන් ඉල්ලා තිබේ. මෙවිට මෙම සැකකාර කාත්තාව ඇතැම් හිමිවරුන් මඟහැර ඇති අතර එම හිමිවරුන් මේ වන විට වැලිමඩ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරමින් සිටිති. තවත් හිමිවරුන් හට ජංගම දුරකථන සංවාද හා සමාජ ජාලා සංවාද මුදල් ඉල්ලුවොත් මුදාහැරීන බවද පවසා බිය වද්දා තිබේ.මෙහිදී ජංගම දුරකථන හයක්, බැකු පාස් පොත්, ක්‍රෙඩිට් කාඩ්, බැංකු කාඩ් විශාල ප්‍රමාණයක්ද පොලිසිය මඟින් මොවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ. තවද මොවුන් මේ සඳහා මහනුවර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් සහ එහි රියැදුරාද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

-සමන් නැඳුන්ගමුව-


ත්‍රීරෝද රථ රියදුරු සෙල්වරාජ් සිදු කල උතුම් ක්‍රියාව-දුන් මුදලුත් කාරුණිකව ප්‍රතික්ෂේප කරලා

රුපියල් ලක්ෂ පහකට අධික මුදල්, පරිගණකයක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක්, තායි මුදල් යන දේපොළ සහිත ගමන් මල්ලක් ත්‍රිරෝද රථ රියදුරකු විසින් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ද සිල්වා මහතාට 28දා භාරදී තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ එම ගමන් මල්ල අයිතිකරුට ඒ ත්‍රිරෝද රථ රියදුරු අතින් යළි එදිනම භාරදෙනු ලැබූ අතර, එම බෑගයේ අයිතිකරු තමාට කළ උපකාරය වෙනුවෙන් ත්‍රිරෝද රථ රියදුරුට ලබාදුන් රුපියල් පනස් දහසක මුදලද භාරගැනීම ත්‍රිරෝද රථ රියදුරු කාරුණිකව ප්‍රතික්ෂේක කර තිබේ.  මෙම ගමන් මල්ල පොලීසියට භාරදී ඇත්තේ දෙහිවල, කළුබෝවිල විමලසාර පාරේ පදිංචි එන්.සෙල්වරාජ් (රාජා) නමැති දෙදරු පියෙකි. ඔහු  කළුබෝවිල, දෙහිවල හා කොළඹ ප්‍රදේශයන්හි සැරි සරමින් කුලී ගමන් ගොස් සිය ජීවිකාව  සිදු කරනු ලබයි. මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක් වූ ත්‍රිරෝද රථ රියදුරු වන සෙල්වරාජ් මහතා,

"පෙරේදා 28 උදේ මම ත්‍රීවිල් එක සර්විස් කරන්න දාන්න හිතාගෙන තිබුන බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටියා. මම නිකමට වගේ පසුපස අසුන පිටුපස දිහා බලන කොට කළුපාට බෑගයක් දැක්කා. මම ඒක අතට අරගෙන ගේ ඇතුළට ගිහිං මගේ නෝනාට කතා කරලා අපි දෙන්නම ඒක ඇතුළ බැලුවා. මම ටිකක් කල්පනා කළා මේ වගේ බෑග් එකක් අරගෙන කවුද ත්‍රීවිල් එකට නැග්ගේ කියලා. මේ මහත්තයා තව නෝනා කෙනෙකුයි මහත්වරු සිව්දෙනකුත් එක්ක කොල්ලුපිටිය පොලීසිය ළග ඉඳලා දෙහිවලට ගියා නේද කියලා මගේ මතකයට ආවා. ඒත් ඒ මහත්තයා කොහේ පදිංචි ඒකෙනෙක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ත්‍රිරෝද රථ සර්විස් කරන ඒක පස්සට කල් දාලා මම ශානිත් එක්කම කොල්ලුපිටිය පොලීසියට ඇවිත් ලොකු මහත්තයාට විස්තරේ කියලා සියලුම දේවල් භාර දුන්නා.

පොලීසියේ ලොකු මහත්තයා මටයි නෝනයි ස්තුති කරලා තේ පැන් සංග්‍රහයකුත් දුන්නා. 27දා සවස මේ දේපොළ ත්‍රිරෝද රථයක අමතක වෙලා දමා ගියා කියලා පැමිණිල්ලක් පැමිණි බවත් කිව්වා. බෑගය අයිති මහත්තයා ආවාම පොලීසියේ ලොකු මහත්තයා මට කීවා ඔයාම බෑග් එක දෙන්න කියලා. මම බෑග් එක දීලා කිව්වා මහත්තයා හොඳට බලන්න මොනවා හරී අඩුද කියල. එයා බලලා කිවා මොනවත් අඩු නැහැ කියලා. ඒ මහත්තයා මට එම මුදල්වලින්ම රුපියල් පනස් දහසක් දෙන්න හැදුවත් මම ගත්තේ නැහැ. අද කාලා හෙට කන්නේ කොහොමද කියලයි මම ජීවිතේ ගෙවන්නේ. ඒත් මහත්තයෝ අනුන්ගේ දේවල් ගන්න හොද නැහැ."
සෙල්වරාජ්ගේ මෙම උතුම් ක්‍රියාව ඔබ අප සැමටම ලැබෙන පූර්වාදර්ශයකි.

ගෙල කපා අක්කාව මරා මල්ලී එල්ලිලා මැරිලා


ගෝවින්න, රැටියල නිවෙසක නිදි යහන මතදී සිය සහෝදරීගේ ගෙල පිහියකින් කපා ඝාතනය කළ සහෝදරයාගේ මළ සිරුර නිවෙස පිටුපස රඹුටන් ගසක එල්ලෙමින් තිබියදී හමුවූ බව බුලත්සිංහල පොලිසිය කියයි. මෙලෙස ගෙල කැපීමට ලක්ව මියගොස් තිබුණේ පිඹුරගේ ලිලි නෝනා (80) හා ඇයගේ සොහොයුරු වූ පිඹුරගේ ගුණසිරි (75) අවිවාහක සහෝදරිය හා සහෝදරයයි.

'දැනට මල්ලීගේ ඇසකුත් පේන්නේ නැහැ. අනෙක් ඇසේ පෙනීමත් දුර්වලයි. කිසිවක් කර ගත නොහැකියි. මෙය ලියන මම එක්තැන් වී සිටින බැවින් ලිවීම අපහසුයි. අනෙක් අයට කරදර නිසා ඕනෑවටයි මෙය සිදු කර ගන්නේ. කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා' මීට පී. ලීලාවතී යනුවෙන් මියගිය කාන්තාව ඇයගේ වෛද්‍ය සායන පොතෙහි පිටුවක ලියන ලද ලිපියක් ඇයගේ සිරුරට යට වී තිබියදී පොලිසියට හමු වී ඇත. සිය වැඩිමහල් සහෝදරයාගේ දියණියගේ නිවෙසේ පිටුපසට වෙන්නට තිබෙන කුඩා කාමර දෙකක මියගොස් සිටීන කාන්තාව හා ඇයගේ සහෝදරයා ජීවත්ව සිටි අතර ඔවුන්ගේ දුක සැප සොයා බලා ඇත්තේ එම ඥාති දියණිය හා අසල්වසීන් බවට සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ගෙල කැපීමෙන් මරුමුවට පත්ව සිටි කාත්තාව මීට මාස කිහිපයකට පෙරදී සිදු වූ අනතුරක් හේතුවෙන්  එක්තැන් වී සිටින අතර ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට පෙරේදා (28දා) මරදන්කඩවල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත කැඳවා ගෙන යෑමට නියමිතව තිබී ඇතැයි පොලිසීය කීය. ඒ හේතුවෙන් ඉකුත් 27දා සිකුරාදා ඥාති දියණිය මේ දෙදනාම නවා පිරිසුදු කර ඇති බවද ඇය ලබාදුන් ප්‍රකාශයකින් හෙළි වී ඇත. එදින රාත්‍රි ඥාති දියණිය බුලත්සිංහල නගරයට ගොස් නිවසට පැමිණි පසු සිය පුංචි අම්මා හා මාමා පිළිබඳව සොයා බැලීමේදී මියගිය පුංචි අම්මා ඇඳ මත නිදා සිටි අයුරු දැක ඇති අතර මියගිය මාමා පෙනෙන්නට නොසිටි බවද ඥාති දියණිය ලබා දුන් ප්‍රකාශයෙන් වැඩිදුරටත් හෙළි වී ඇත.

පසුදින (28දා) අලුයම ඔවුන් පිළිබඳව සොයා බැලීමේදී සිය මාමා රඹුටන් ගසක ගෙලට සිරවූ ලණුවකින් එල්ලෙමින් සිටී බවත් ඒ අසල පිහියක් තිබූ බවත් ඇය ලබාදුන් ප්‍රකාශයකින් කියැවේ. පුංචි අම්මා නිදා සිටි ඇඳ අසල ලේ පැල්ලමක් තිබෙනු දැක පරික්ෂා කිරීමේදී ඇයගේ ගෙල පෙදෙසින් ලේ ගලා යනු දක්නට ලැබුණු බවත් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ බවත් ඥාති දියණිය පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ. එම කාන්තාවගේ ප්‍රකාශය අනුව පොලිස් නිලධාරීන් එම නිවෙස් වෙත ගොස් සිදු කළ පරීක්ෂාවේදී අසූ හැවිරිදි කාන්තාවගේ මළ සිරුරට යට වී ඇඳ මත තිබූ ඇයගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර සටහන් කරන සායන පොතේ ලීයන ලද ලිපි හමුවූ බව පොලිස් නිලධරියක් පැවැසීය.

මතුගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසාද් ඉඹුලගොඩ මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. මළ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැත්පත් කර පශ්චාත් මරණ  පරික්ෂණය පවත්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

-එම්.සී.පෙරේරා-



කම්කරුවාගේ වැඩෙන් කෘෂිකර්ම නිලදාරියා ඔල්මොරොන්දම් වෙලා



වගා කටයුතු න්‍යායිකවත්, ප්‍රායෝගිකවත් උගත යුත්තකි. කෘෂිකර්ම උපාධිධාරින් පවා වගා කටයුතු න්‍යායිකවත් ප්‍රායෝගිකවත් හදාරන්නේ එහෙයිනි. කෘෂිකර්මය හදාරන සිසුන් විසින් වගා කළ බිමක අඩුපාඩු බලන්නට කෘෂිකර්ම උපදේශකයා ගියේ පසුගිය දිනක උදෑසනමය.
බටු වගා කර ඇති ප්‍රදේශයේ යමින් සිටි කෘෂිකර්ම උපදේශක දුටුවේ උදෑසනම වැඩට ආ කම්කරුවෙකු ඒ විගා බිමේ වැවි තිබූ තණකොළ සුද්ද තරමින් බටු පාත්තියට සාත්තු කරන හැටිය. "බොහොම හොඳා. එහෙම තමයි වැඩ කරන්න ඕනේ." කෘෂිකර්ම උපදේශකයා කම්කරු තරුණයා දිරි ගත්වමින් කියා සිටියේය.
"හොඳටම තණ කොළ වැවිලා සර්.
මම කොහොමටත් උදේම වැඩට එනවා. ම් ටික සුද්ද කරලා දාන්න හිතුණා." ඔහුද කීවේ ගරුසරු දක්වමිනි.
මේ කම්කරු තරුණයා හැඩිදැඩිය කඩිසරය අවංකය. කම්මැලි නැති ඔහු විගා කටයුතුවලට සාත්තු කරනේ ගොවියකුගේ සැබෑ ගතිලක්‍ෂණ පෙන්වමිනි.
"වම්බටු ටිකට තෙල් ටිකක් ගහන්න වෙයි. ඕක නවත්වලා වම්බටු කඩලා තෙල් ටිකක් ගහන්න" කෘෂිකර්ම උපදේශකයා එසේ කියා ගොවිබිමෙන් ඈතට ගියේය. පැය භාගයකට පමණ පසු නිලධාරියා අපිට ආවේ කම්කරුවා වැඩ කරමින් සිටි ස්ථානය හරහාය. විම්බටු සියල්ල කඩා ගෝනියකට දමා වම්බටු පිරවූ ගෝනියට තෙල් ගසනු දුටු නිලධාරීයාට තරු විසිවිය. "මොකක්ද යෝධයෝ මේ කළේ '' "ඇයි සර්මනේ කිවිවේ වම්බටු කඩලා තෙල් ගහන්න කියලා."
"තමුසේ මහ මෝඩයෙක්නෙ. මම කිව්වේ වම්බටු කඩල ගස්වලට තෙල් ගහන්න කියලයි."
සරුවට වැඩී තිබු වම්බටු ටික කර්මකරුවාගේ ඔලුවේ හලා නිලධාරීයා කාර්යාලයට ගියේ "ඇඟේ තරමට මොළේ නෑනේ" කියමිනි.
 (අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)

බුලත්සිංහල කෝටි දෙකේ කොල්ලය


පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න මුදලක් බුලත්සිංහල රැටියල ගෝවින්න ප්‍රදේශයේදී පෙරේදා සවස (28දා) කොල්ලකා ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. ඒටී.එම්. යන්ත්‍රචල මුදල් තැන්පත් කිරීම සහ ඒවායින් මුදල් ඉවත් කිරීම පැවරි තිබූ කොළඹ - නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවක පිරිසක් රැගත් වෑන් රථයක් බුලත්සිංහල වෙදගෙවත්ත ප්‍රදේශයේදී 28දා සවස 5.30 - 6.30 අතර කාලයේ නවතා සේවකයන් තිදෙනකු ආහාර ගනිමින් සිටියදී පැමිණි කොල්ලකරුවන් පිරිසක් එම සේවකයන්ගේ මුහුණට මිරිස් කුඩු ගසා මුදල් කොල්ලකා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි.

වෑන් රථයේ පැමිණි පිරිසගේ මුහුණට මිරිස් කුඩු ගැසීමෙන් පසු පිරිස වෑන් රථය වෙත ගොස් එහි ඉදිරීපස අසුනේ සිටි මුදල් අයකැමිට තර්ජනය කර ඉදිරිපස දොරෙහි වීදුරුව පහත් කරගෙන අත දමා මැද දොර විවෘත කරගෙන එහි අසුන අසල දමා තිබූ ගිනි අවිය මුලින්ම රැගෙන ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.ඒ සමඟම ඔහු ආපනශාලාවේ පිටුපසින් මාර්ගයට දිවගොස් මාර්ගයේ යුවළක් ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නවතා තමගේ වෑන් රථයේ මුදල් කොල්ලකන බවත් කොල්ලකරුවන් පැමිණි වාහනයේ අංකය සටහන් කර ගන්නා ලෙස ඉල්ලා ඇති බවත් පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මුදල් කොල්ලය සඳහා පැමිණි පුද්ගලයන් ආ වාහනය පැජරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බවත් එය 64 කාණ්ඩයට අයත් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයකුට අයත් එකක් බවත් ඒ අනුව අනාවරණය වී ඇත. එය බොහෝදුරට ව්‍යාජ අංක තහඩුවක් විය හැකි යැයි පොලිසිය කියයි. මෙම මුදල් කොල්ලය සඳහා පුද්ගලයන් හය දෙනකු පමණ පැමිණ එයින් තිදෙනකු ආපනශාලාවට කඩා වැදී මුහුණුට මිරිස් කුඩු ගසා ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය. කොල්ලය සිදුවන අවස්ථාවේ වෑන් රථය ඇතුළේ තිබූ යකඩ පෙට්ටිය තුළ මුදල් මලු දහනයක් තිබී ඇති අතර කොල්ලකරුවන් අතට පත් වී ඇත්තේ එයින් දොළහක් පමණක් බව පොලිසිය ඉතිරිව තිබූ මලු හත තුළ රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂ හැට දෙදහස් හයසියයක මුදලක් අත්අඩංගුව තිබූ බව පොලිසිය සිදුකළ පැරීක්ෂණවලදී අනාවරණය විය.

 එසේ දමාගොස් තිබූ මුදල් මලු පෙරේදා (28දා) රාත්‍රි පොලිසිය භාරයට ගනු ලැබීය. වෑන් රථයේ රියැදුරු වසර අටක් තිස්සේ මෙම පෞද්ගලික සමාගමේ සේවය කරන අතර ඔහු සිය වෑන් රථයේ රියදුරු ලෙස ක්‍රියා කරන බවත් ආරක්ෂක නිලධාරියාද මීට මාස දෙක තුනකට ඉහතදී සේවයට පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය කියයි. ආරක්ෂක නිලධාරීයා හිටපු නාවීක හමුදා සෙබළකු බව පොලිසිය කියයි. මුදල් අයකැමිවරුන් දෙදෙනා මෑතකදී සේවය සඳහා පැමිණි අයවලුන් බවත් ඔවුන් රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

මෙතරම් විශාල මුදලක් ප්‍රවාහනය කිරීමේදී ගතයුතු ආරක්ෂක ක්‍රමවේදයන් පිළිබඳව කිසිදු සැලකිල්ලක් දැක්වීමට අදාළ සමාගම පියවර නොගැනීමත්, ප්‍රවාහනය කරන පුද්ගලයද ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකිරීමත් සම්බන්ධයෙන් සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියක් පැවැසීය. අදාළ කොල්ලය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වෑන් රථයේ රියැදුරු හා ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් මොවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.

-එම්.සී.පෙරේරා-


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨ වසාදමා පාලනාධිකාරිය විසින් වටිනා ගස් රැසක්ම කපා දැමුවේ ජල පර්යේෂණ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමටලු





පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨ වසා දමා සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිටමං කර පාලනාධිකාරිය අනෝමතික ලෙස විශ්වවිද්‍යාල පරීශ්‍රයේ වටිනා ගස් කපා දමන බවට සිසුහු චෝදනා කරති.
කොස්, මිල්ල, මාර, කැන්ද, ජෑම්  ඇතුළු ගස් 137ක් මෙම ව්‍යාපෘතිය යටතේ ගලවා ඉවත් කිරීමට නියමිත බවද සිසුහු සඳහන් කරති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පවසා සිටියේ, පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ චීන රජයේ ආධාර මත ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක වියදමින් ඉදිකිරීමට යෝජිත ජල පර්යේෂණ විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය භූමිය සැකසීම මෙලෙස ගස් 137ක් කපා දැමීමට පාලනාධිකාරී අනුමැතිය ලබාදී ඇති බවයි.

මෙම ස්ථානයේ ජල පර්යේෂණ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට චින රජය එකඟතාව පළකළේ ශ්‍රී ලංකා රජය හා චීන රජය කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවත මෙවැන්නක් ලැබුණු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.

සිසුන් අනවබෝධයෙන් කටයුතු කර ප්‍රශ්න ඇති කිරීමට යන බවත්, මෙම විද්‍යාගාරය විශ්වවිදහල පරීශ්‍රය තුළ ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳ ඔවුන් සතුටු විය යුතුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
අදාළ විද්‍යාගාරය ඉදිකිරීම පිණිස ගස් 137ක් ඉවත් කිරීම ආරම්භ කිරීමත් සමග සිසු පිරිසක් එහි ගොස් ඊට විරෝධය දක්වා තිබේ.
කොන්ත්‍රාත්කරු පාලක සභාව මගින් රුපියල් 280,000ක මුදලකට අදාළ ගස් ඉවත් කිරීම පිණිස තමන්ට ලබාදුන් අවසර පත පත්වීමෙන් පසු සිසුන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.


කන්ඩලම වැවේ නෑමට ගිය 21 හැවරදි තරුණයා ගිලී මියයයි



කණ්ඩලම වැවේ පෙරේදා (23) නෑමට ගිය කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන 21 හැවිරිදි තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කීයයි.
මෙම තරුණයා වැවට දැමුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකෙරන 16 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් බීමතින් සිටියේද යන්න සොයා බලන බවත් පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මහරඹ, ගොඩේවත්ත, උණවටුන ප්‍රදේශයේ පදින්චි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බව කියන වේරගොඩ කපගේ ඉසුරු රන්දික (21) නමැති තරුණයකු බවට පොලිසිය හඳුනා ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන සේවකයන් දාහත් දෙනකු බස්රථයකින් කණ්ඩලම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ කණ්ඩලම වැවේ මත්පැන් පානය කිරීමට සහ දිය නෑමට තහනම් බවට පුවරු සවිකොට ඇති ස්ථානයක දිය නෑමට ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. මියගිය පුද්ගලයා සමග පැමිණි අනෙත් තරුණයන් 16 දෙනාද ඉතා අශෝභන ලෙස හැසිරී දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන්ටද කෑ ගසමින් සිටි බව පොලිසිය කියයි. පසුව දඹුල්ල රෝහල ඉදිරිපිටදී මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට මෙම තරුණයන් පිරිස පහර දෙන්නට උත්සාහ කළේ මෙම සිද්ධිය මාධ්‍ය මගින් හෙළි නොකරන්නැයි ඔවුන් බලපෑම් කරමිනි.
පසුව එම ස්ථානයට පැමිණි දඹුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක සම්පත් වික්‍රමරත්න මහතා මෙම පිරීස බස් රථයද සමග සැකපිට අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය. මේ සිද්ධිය පිළිබඳව දඹුල්ල පොලිසිය පරික්ෂණ පවත්වනු ලබයි.
(කාන්චන කුමාර ආරියදාස)

6කට මරු කඳවු හොරණ බැල්පිටිය රබර් කම්හලේ ඛේදවාචකය


හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය ටැංකියේ විස වායුවක් ආක්‍රිය වී මාස තුනකට අධික කාලයක් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කර්මාන්ත ශාලාවේ සේවකයකු ඉකුත් 26 වැනිදා මිය ගිය බව හොරණ මූලික රෝහල් වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවැසීය. එලෙස මියගොස් තිබුණේ එම කර්මාත්ත ශාලාවේ යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස සේවය කරමින් සිටි ගල්පාත පාතකඩ කුරුඳුවත්ත ලිපිනයේ පදිංචිව සිටි ඕ. මුණසිංහ ප්‍රසන්න ලක්මාල් (30) යන අයයි.

මියගිය අය මාස දෙකක් වයසැති බිලිඳියකගේ පියෙකි.  ඉකුත් අප්‍රේල් 19 වැනිදා සිදු වූ මෙම ඛේදවාචකයෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයන් තිදෙනකු ඇතුළු හය දෙනෙක් මරුමුවට පත් වූහ. එම රබර් කර්මාත්ත ශාලාවේ සේවකයකු වූ ආරියපාල නමැත්තා අපද්‍රව්‍ය ටැංකිය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී කිසියම් විස වායුවක් ආඝ්‍රාණය වී සිහසුන්ව එම ටැංකියට වැටිමත් සමඟ ඔහු බේරා ගැනීමට ගිය සෙසු සේවකයන් කිහිපදෙනෙකු සිහසුන්ව එම ටැංකියට ඇද වැටී තිබිණි.

 ඒ සමඟම කලබලයට පත් වූවන්  කර්මාන්තශාලාවේ සෙසු සේවක සේවිකාවන් මහපාරට පැමිණ මාර්ගයේ යන එන අයගෙන් උදවු ඉල්ලා කෑෙගැසීමේදී ඔවුන්ගේ සහායට පැමිණි ගම්මුන් කිහිපදෙනකුද සිහිසුන්ව රෝහල් ගත කර තිබිණි.  මෙම සිද්ධියත් සමඟ එදිනම කර්මාන්තශාලාවේ කළමනාකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ අතර පසුව එම කම්හලේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලිකාව මෙන්ම හිමිකරුද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.

ඒ සමඟම කර්මාන්තශාලාවට මුද්‍රා තැබීය.මෙම සිද්ධිය සම්බන්ධව හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇතැයිද පොලිසිය කියයි.හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස්  පරීකෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලීන් දර්ශන මහතා පරීක්ෂණ පවන්වයි.

-එම්.සී.පෙරේරා-


දැරියක දූෂණය කළැයි ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා


බාල වයස්‌කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස්‌ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (28 දා) රාත්‍රියේ වස වර්ගයක්‌ පානය කිරීම නිසා රෝගාතුරවී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

තිස්‌ දෙහැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. පුත්තලම පොලිස්‌ වසමේ සිදුකර ඇතැයි කියන අපරාධයට සම්බන්ධ සැකකරු වැලිකන්ද ප්‍රදේශයට පැමිණ සැඟවී සිටියදී වැලිකන්ද පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත ඉකුත් 28 වැනි දින අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මෙසේ වස පානය කර තිබෙන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.

මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය නැතැයි වෛද්‍යවරු කීහ.


-කරුණාරත්න ගමගේ-

අලුත් පාකිස්තානයක් බිහි කරන්න ඉම්රාන් ඛාන් පොරොන්දු වෙයි



ඡන්ද පොරොන්දු ඉටු කරමින්, දූෂණයෙන් තොර නව පාකිස්තානයක් බිහි කිරීමට තමන් පියවර ගන්නවා යැයි පසුගිය දා පැවැහි මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය තුළ ඉම්රාන් ඛාන් පවසයි. පසුගිය 25 වැනිදා පැවැත්වුණු පාකිස්තාන මහ මැතිවරණයෙන්, ආසන 117 ක් දිනා ගැනීමට ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ්” පක්ෂය සමත් විය. මැතිවරණයේ දී දෙවැනි ස්ථානයට පත් වූයේ බලයේ සිටි හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ "මුස්ලිම් ලීගය (එන්)' පක්ෂියයි. ඔවුන්ට ලැබූණු ආසන ගණන 64 කි.
තෙවැනි ස්ථානයට පත් වුයේ ආසන 43 ක් දිනාගත් පකිස්තාන ජනතා පක්ෂයයි.
ඝාතනයට ලක් වුණු පකිස්තානයේ හිටපු අගමැතිනී බෙනාසීර් බුතෝ සහ හිටපු පාකිස්තාන අගමැති අසීල් අලී සර්දාරිගේ පුතු බිල්වාල් බූතෝ මෙම පක්ෂියට නායකත්වය දුන්නේය.
'මම දේශපාලනයට ආවේ, ජින්න සිහින මැවූ පාකිස්තානය බිහි කරන්න." යෑයි ජයග්‍රහණය සමරමින්, පාකිස්තානයේ නිර්මාතෘ මොහොමද් අලි ජින්නා සිහිපත් කිරිමට ද 65 හැවිරිදි ඉම්රාන් කටයුතු කර ඇත. තමන්ට බලයට පන් වීමට අවස්ථාවක් දීම සම්බන්ධයෙන් ඉම්රාන් අල්ලාහ් දෙවියන්ට ද ස්තුති කළේය. පාකිස්තානයේ ආර්ථිකය ශක්තිමත් කිරිම ඉම්රාන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත. දූෂණ වංචා පිටුදැකීමටත්, යටිතල පහසුකම් නංවාලමින් පාකිස්තානය පිරිසිදු තැනක් බවට පත් කිරීමටත් ඉම්රාන් ජනතාවට පොරොන්දුවක් දී ඇත. ඉම්රාන්ට පාකිස්තාන ප්‍රබල හමුදාවේ සහාය නොඅඩුව හිමිවෙයි. එපමණක් නොවේ. දැඩිමතධාරී ඉස්ලාමීය සංවිධාන පවා ඉම්රාන් සමඟ එක්වී සිටින බව වාර්තා වේ.

එයාර් ඉන්දියා ගුවන් යානා තුළ මකුණන් සහ මීයන්

නිව් යෝර්ක්‌ සිට බටහිර මුම්බායි නගරය කරා පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයක මකුණන් සිටීමට හේතුව කාලගුණ වෙනස්‌ වීම යැයි එම සමාගම ප්‍රකාශ කර තිබේ. මෙය ඉන්දියාවේ ජාතික ගුවන් සමාගමය.

 ව්‍යාපාරික පංතියේ ගමන් කළ මගීන් කීපදෙනෙකු ගුවන් යානයේ අසුන්වල සිටි මකුණන් සපා කා ඇති බව දැක්‌වෙන ඡායාරූප කීපයක්‌ පසුගිය සතිය තුළ අන්තර්ජාලය ඔස්‌සේ පුළුල් ලෙස සංසරණය විය.

 මේ සම්බන්ධයෙන් එයාර් ඉන්දියා සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර, පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට නියෝග කර තිබේ. එමෙන්ම, ගුවන් යානයට "විශාල ලෙස මකුණු නාශක දුම් ගැසීමට" ප්‍රතිඥා දී තිබේ.

 විශාල ණය ප්‍රමාණයක්‌ තිබියදීත් ක්‍රියාත්මක වන එයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමය.

 නව ගුවන් සමාගම් වෙළෙඳපොළට ඇතුළු වීම නිසා ඇති වූ තරගකාරීත්වයත්, දුර්වල සේවා සහ නිතර ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඇතිවී තිබෙන නරක නාමයත් සමග එයාර් ඉන්දියා සමාගමට වෙළෙඳපොළෙහි සිය ස්‌ථානය අහිමි වී තිබේ.

මීට වසර කීපයකට පෙර මුම්බායි සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් යානයක මීයෙකු සිටීම නිසා ගුවන් ගමන අතර මැද ආපසු හැරවීමට සිදු විය.

එයාර් ඉන්දියා ගැන නිතර ඇසීමට ලැබෙන්නේ අමිහිරි පුවත්ය. විටෙක ගුවන් යානය තුළ මීයන් රැඳී සිටි බවට පුවත් පළ වෙන අතර, තවත් විටෙක අවහිර වූ වැසිකිළි ගැනත්, අකාර්යක්‌ෂම ගුවන් සේවා කාර්යමණ්‌ඩලය ගැනත් පුවත් පළ වී තිබේ. මෙවැනි නිෂේධාත්මක පුවත් සිරස්‌තල හේතුවෙන් මෙම ගුවන් සමාගම "ජාතියට ලැජ්ජාවක්‌" ලෙස පුවත්පත්වල සඳහන් වී තිබිණි.

 කෙසේ වෙතත්, සත්‍යය මීට වඩා තරමක්‌ වෙනස්‌ය. ඇත්තෙන්ම, මේ අත්වැරදීම් බොහොමයක්‌ එයාර් ඉන්දියා සමාගමට සම්පූර්ණයෙන්ම වළක්‌වා ගත හැකිව තිබුණි.

 මෙය ලොව ඉහළම නූතන අහස්‌ යාත්‍රා හිමි සමාගම් අතුරෙන් එකක්‌ ලෙසත්, ගුවන් ගමන් කර්මාන්තය තුළ සිටින හොඳම නියමුවන් කීපදෙනෙකු ඔවුන් යටතේ සිටින බවත්, ඔවුන්ගේ ගුවන් කාර්ය මණ්‌ඩලය කිසි දිනෙක මගීන්ට බරපතළ තුවාල සිදුවන ආකාරයෙන් හැසිරී නැති බවත්, ඔවුහු සිය සමාගම ගැන වර්ණනා කරමින් පවසති.

 ඉන්දියානුවන්ට මෙම ගුවන් සේවය ගැන තිබෙන මහත් ආවේගාත්මක හැඟීම එක්‌තරා ආකාරයක අමිහිරි සෙනෙහසකි. මෙවැනි සිදුවීම් ගුවන් සේවා ක්‍රියාදාමය තුළ සාමාන්‍ය සිද්ධීන් ලෙස ඔවුන් සලකන අතර, ඔබ අපේක්‌ෂා කරන ආකාරයෙන් සමාගම අපකීර්තියට පත් වන්නේ නැත. නමුත් දේශීය ගුවන් ගමන් සඳහා නිර්මාංශ ආහාර සැපයීමට ගත් තීරණයට බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ විය.

 ජූලි මස 17 වන දින නිව් යෝර්ක්‌ සිට මුම්බායි දක්‌වා පියාසර කළ ගුවන් යානයේ සිටි මගීන් මකුණන් විසින් සපා කෑම ගැන එයාර් ඉන්දියා සමාගම සමාව ඉල්ලා සිටියේ ඉන් සතියකට පසුය.

 සමහරු සිය දෑත් මකුණන් සපා කා ඇති ආකාරය දැක්‌වෙන ඡායාරූප පළ කර තිබූ අතර, තවත් අය ආසනවල ඡායාරූප දක්‌වමින් ඒවායේ මකුණන් ජීවත් වන බවට පවසා තිබුණි.

 ඉන්දියාවේ පැරණිතම ගුවන් සමාගම වන එයාර් ඉන්දියා 2007 වසරේ සිට පාඩු ලබමින් ක්‍රියාත්මක වේ.

 මෙම සමාගම පෞද්ගලීකරණය කිරීමට 2017 ජූනි මාසයේදී ඉන්දියාවේ කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබිණි. එහෙත් මධ්‍යම ආණ්‌ඩුවෙන් කොටස්‌ විකිණීම පාලනය කිරීම හේතුවෙන්, එය ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත් වූයේ නැත.


වීසා නොමැතිව මෙරට රැඳී සිට හොර වීසාවකින් යන්න හදලා


වීසා නොමැතිව මෙරට රැදී සිට ව්‍යාජ විදේශයන් ගමන් බලපත්‍ර මඟින් නීති විරෝධි ලෙස එංගලන්තය බලා යෑමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ  වරද පිළිගත් ඉරාක ජාතික යුවළකට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය කාන්තාවට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද පුරුෂයාට රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වශයෙන් ගෙවන ලෙස 25දා නියම කළාය. මෙම යුවළ සමඟ අත දරුවකුද සිට ඇත.

දරුවා ඇතුළු අඹුසැමි යුවළට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම පැමිණිලි දෙකක් ගොනු කර තිබිණි. සයිප්‍රස් ගමන් බලපත්‍ර මඟින් දෙදෙනා මෙරටට පැමිණ ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. ඉරාක තානාපති කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම ඉරාක ජාතිකයන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වීමට මෙරට නීතිඥ සහාය ලබා දෙනු ලැබීය.ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

-නිමන්ති ප්‍රනාන්දු-



කුවෙට් කත රැගෙන ආ සුනඛයකු නිසා කටුනායක ගුවන් තොටේ ජරමරයක්



කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල් ඉකුත් 27දා රාජකාරීයෙහි යෙදී සිටි රේගු ආරක්ෂක නියාමකවරියක් ඇතුළු හය දෙනෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයන් චෝදනා ලැබ සිටි කුවෙට් ජාතික තරුණ කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා බව කියන දෙදෙනා මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් නෙල්සන් පී. කුමාරනායක මහතා එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර අද (30) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පෙනී සිටින ලෙස නියෝග කළේය.

මුදාහැරුණේ සාරා අල්දවා ඉම් සහ ඉබ්‍රාහිමි අලුජානි නමැති තරුණ යුවළකි.මෙම කාන්තාව මානසික ආබාධයකින් පෙළන බවත්,  එම රෝගි තත්ත්වය සමනය කර ගැනීමට ඇයට බලෙකුගේ ඇසුර අවශ්‍ය බවත් වෛද්‍ය වාර්තාවල සටහන්ව තිබෙන බවත් කියයි. මිට පෙරද එම කාන්තාව මෙරටට පැමිණි අවස්ථාවේ බල්ලා කැටුව පැමිණි බව කියැවේ. ශ්‍රී ලංකාවේ නීතිය අනුව සත්වයකු මෙරටට විදේශීය රටක  සිට රැගෙන පැමිණි විට සත්ව  හා නිරෝධන ආයතනයේ එම සතා දින 3ක් රඳවා තබා ගෙන සිදු කරන පරීක්ෂණයකින් පසු සත්ව විද්‍යා වාර්තා අනුව සුදුසු නම් පමණක් එම සත්වයාට
මෙරට තුළ රඳවා ගැනීමට එම කාලයට අවසර ලැබේ.

ඒ සඳහා  එම සත්වයා මෙරටට රැගෙන පැමිණි ගුවන් මගියා අදාළ ලේඛන පුරවා ගුවන් තොටුපලේද්දී අදාළ නිලධාරියාට භාරදිය යුතුය.මේ අවස්ථාවේ එම සත්ත්ව හා නිරෝධ ආයතනයේ නිලධාරියා සමග මෙම කුවේට් කාන්තාව අතර සිද්ධිය මත ඇති වූ කතාබහ දුරදිග ගොස් ඇය මෙම නිලධාරියාට පහරදී ඇතැයි කියයි. පසුව රේගු නිලධාරීන් මෙයට මැදිහත් වීම තුළ එය තරමක ගැටුමක් දක්වා වර්ධනය වී කුවෙට් ජාතික කාන්තාවන්ගෙන් රේගු නිලධාරිනියක් හා ඒ නිලධාරින් පස් දෙනකුට පහර කෑමට සිදු වුණු බව පැමිණිල්ලේ සඳහන්ය.

සත්ව හා නිරෝධන ආයතනයේ නිලධාරියා මෙම "සුනඛයා" කිසිඳු ප‍්‍රශ්නයක් නැතිව ගෙන යාමට අවසර දීම සඳහා කාන්තාවගෙන් අල්ලසක් ලෙස රු. 25000ක් ඉල්ලා සිටි බව ඇය පොලීසියට ප්‍රකාශ කර තිබේ. රේගු අංශයේ සහකාර අධ්‍යක්ෂවරයාද එම කුවේට් ජාතික පිරිමියාට පහරදුන් බවට සී.සී.ටී.වී කැමරා දර්ශන වල සඳහන්ව තිබන බවට කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වැඩ බලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී පවසා ඇත.කුවේට් යුවළ මෙරටින් පිටවීමේ තහනම් නියෝගයක්ද පනවා ඇත.

එම කුවේට් ජාතික කාන්තාවට කුවේට් තානාපති කාර්යාලයේ බල්ලා සමග 31දා (හෙට) දක්වා සිටීමට අවකාශ සලසන ලෙසද වැඩබලන මහේස්ත්‍රාත් නල්සන් පී. කුමාරනායක මහතා පොලීසියට නියම කළේය. ගුවන් තොටුපළ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම අඩම්තේට්ටම් සිදු කිරීම හා සුළු තුවාල සිදු කිරීම යන චෝදනා සැකකාර යුවළට එරහිව ගුවන් තොටුපළ පොලිසිය ගොනු කර තිබුණි. කටුනායක ගුවන්තොටුපළ පොලීසිය පොලිස් පරීක්ෂක අනුෂ රූපසිංහ සහ උප පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු යන නිලධාරීන් පැමිණිල්ල ඉදිරිපත් කළ අතර, සැකකාර කුවෙට් ජාතික යුවළ වෙනුවෙන් නීතිඥ එම්.බී.එම්. මාහීර් මහතා පෙනී සිටියේය. නැවත විභාගය 30 දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වීමට නියමිතය.

-රේමන් අපොන්සු-


19 හැවිරිදි තරුණයකුට හා කෝප්‍රල්ට නිරුවත් කර බීමතින් පහරදුන් ඉංගිරිය පොලිසියේ නිළධාරීන් 3 ක්‌ රිමාන්ඩ්-කුපික වුණු ප්‍රදේශවාසීන් පොලීසිය වටලයි

අධික ලෙස බීමත්ව යුද හමුදා කෝප්‍රල්වරයකු හා 19 හැවිරිදි තරුණයකු නිරුවත් කර ඔවුන්ට අමානුෂික ලෙස පහරදුන් බව කියන ඉංගිරිය පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් තිදෙනකු අද (30 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස හොරණ වැඩබලන මහෙස්‌ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

ඉංගිරිය පොලිස්‌ නිලධාරීන්ගේ පහර කෑමට ලක්‌වූ යුද හමුදා කෝප්‍රල්වරයා හා තරුණයා ඉංගිරිය රෝහලටත් පසුව හොරණ රෝහලටත් ඇතුළත් කර ඇත.

නිර්දෝෂී තරුණයන් දෙදෙනකු නිරුවත් කර ඔවුන්ට අමානුෂික අයුරින් පහරදීම නිසා කෝපයට පත්වූ ඉංගිරිය ප්‍රදේශයේ ජනතාව පෙරේදා (28 වැනිදා) රාත්‍රි ඉංගිරිය පොලිසිය වටකරගෙන කලහකාරී ලෙස හැසිරීම නිසා එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්වයක්‌ හටගෙන තිබුණි.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන පැවැත්වූ හොරණ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න වැලිකල මහතා සැකකාර උප පොලිස්‌ පරීක්‍ෂකවරයා, සැරයන්වරයා සහ කොස්‌තාපල්වරයා අත්අඩංගුවට ගෙන පසුව වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ අතර උප පොලිස්‌ පරීක්‍ෂකවරයා හා කොස්‌තාපල්වරයා අධික ලෙස බීමත්ව සිටින බවට එහිදී හෙළිවී තිබේ.
බුලත්සිංහල ප්‍රදේශයේදී ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන වෑන් රථය කොල්ලකෑමේ සිද්ධියෙන් පසුව ඒ අවට පොලිස්‌ ස්‌ථාන සීරුවෙන් තබා ක්‌ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ මූලස්‌ථානයෙන් උපදෙස්‌ ලබා දී තිබුණි.

සැකකාර උප පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් තිදෙනා ඉංගිරිය ප්‍රදේශයේ සෝදිසි සංචාරයක නිරත වී ඇත්තේ ඉහළින් ලැබී තිබූ එම නියෝගය අනුවය. මෙම නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු මත්පැන් පානය කර සෝදිසි මෙහෙයුමට එක්‌ව ඇත.

ඉංගිරිය ප්‍රදේශයේ පැවැති පිරිත් පිංකමකට සහභාගි වූ යුද හමුදා කෝප්‍රල්වරයා හා 19 හැවිරිදි තරුණයා යතුරුපැදියකින් තම නිවස බලා යමින් සිටියදී සැකකාර නිලධාරීන් ඔවුන් නතර කර පරීක්‍ෂා කර තිබේ. එහිදී හමුදා කෝප්‍රල්වරයා පවසා ඇත්තේ තමන් ඉංජිනේරු බළකායට අනුයුක්‌තව කොම්පඤ්ඤවීදියේ කඳවුරක සේවය කරන බවත් නිවාඩු ලබා පැමිණ සිටියදී මෙම පිරිත් පිංකමකට සහභාගි වූ බවත්ය. ඒ අවස්‌ථාවේදී කෝපයට පත්වී ඇති පොලිස්‌ නිලධාරීන් කෝප්‍රල්වරයා හා තරුණයා මහමග දණගස්‌වා ඔවුන්ට පහරදී ඇත. පසුව ඔවුන් දෙදෙනා ඉංගිරිය පොලිසිය වෙත රැගෙන ගොස්‌ ඇති පොලිස්‌ නිලධාරීන් එහිදී ඔවුන් නිරුවත් කර නැවත ඔවුන්ට පහරදී ඇත.

නිර්දෝෂී තරුණයන් දෙදෙනා පොලිසිය වෙත රැගෙන ගොස්‌ ඔවුන්ට අමානුෂික ලෙස පහර දෙන බවට සැලවීමෙන් පසු කෝපයට පත්වූ ප්‍රදේශවාසීන් ඉංගිරිය පොලිසිය වටකරගෙන කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇත. ඇති වූ තත්වය සැලකිල්ලට ගත් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සේනානායක මහතා හොරණ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ ඉංගිරිය පොලිසියට යවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පැවැත්වීමට නියෝග කළේය.

හේමන්ත රන්දුණු, විදුර විජයනාථ, රජිත


අධික ලෙස බීමත්ව යුද හමුදා කෝප්‍රල්වරයකු හා 19 හැවිරිදි තරුණයකු නිරුවත් කර ඔවුන්ට අමානුෂික ලෙස පහරදුන් බව කියන ඉංගිරිය පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් තිදෙනකු අද (30 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස හොරණ වැඩබලන මහෙස්‌ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

ඉංගිරිය පොලිස්‌ නිලධාරීන්ගේ පහර කෑමට ලක්‌වූ යුද හමුදා කෝප්‍රල්වරයා හා තරුණයා ඉංගිරිය රෝහලටත් පසුව හොරණ රෝහලටත් ඇතුළත් කර ඇත.

නිර්දෝෂී තරුණයන් දෙදෙනකු නිරුවත් කර ඔවුන්ට අමානුෂික අයුරින් පහරදීම නිසා කෝපයට පත්වූ ඉංගිරිය ප්‍රදේශයේ ජනතාව පෙරේදා (28 වැනිදා) රාත්‍රි ඉංගිරිය පොලිසිය වටකරගෙන කලහකාරී ලෙස හැසිරීම නිසා එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්වයක්‌ හටගෙන තිබුණි.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන පැවැත්වූ හොරණ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න වැලිකල මහතා සැකකාර උප පොලිස්‌ පරීක්‍ෂකවරයා, සැරයන්වරයා සහ කොස්‌තාපල්වරයා අත්අඩංගුවට ගෙන පසුව වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ අතර උප පොලිස්‌ පරීක්‍ෂකවරයා හා කොස්‌තාපල්වරයා අධික ලෙස බීමත්ව සිටින බවට එහිදී හෙළිවී තිබේ.
බුලත්සිංහල ප්‍රදේශයේදී ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන වෑන් රථය කොල්ලකෑමේ සිද්ධියෙන් පසුව ඒ අවට පොලිස්‌ ස්‌ථාන සීරුවෙන් තබා ක්‌ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ මූලස්‌ථානයෙන් උපදෙස්‌ ලබා දී තිබුණි.

සැකකාර උප පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් තිදෙනා ඉංගිරිය ප්‍රදේශයේ සෝදිසි සංචාරයක නිරත වී ඇත්තේ ඉහළින් ලැබී තිබූ එම නියෝගය අනුවය. මෙම නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු මත්පැන් පානය කර සෝදිසි මෙහෙයුමට එක්‌ව ඇත.

ඉංගිරිය ප්‍රදේශයේ පැවැති පිරිත් පිංකමකට සහභාගි වූ යුද හමුදා කෝප්‍රල්වරයා හා 19 හැවිරිදි තරුණයා යතුරුපැදියකින් තම නිවස බලා යමින් සිටියදී සැකකාර නිලධාරීන් ඔවුන් නතර කර පරීක්‍ෂා කර තිබේ. එහිදී හමුදා කෝප්‍රල්වරයා පවසා ඇත්තේ තමන් ඉංජිනේරු බළකායට අනුයුක්‌තව කොම්පඤ්ඤවීදියේ කඳවුරක සේවය කරන බවත් නිවාඩු ලබා පැමිණ සිටියදී මෙම පිරිත් පිංකමකට සහභාගි වූ බවත්ය. ඒ අවස්‌ථාවේදී කෝපයට පත්වී ඇති පොලිස්‌ නිලධාරීන් කෝප්‍රල්වරයා හා තරුණයා මහමග දණගස්‌වා ඔවුන්ට පහරදී ඇත. පසුව ඔවුන් දෙදෙනා ඉංගිරිය පොලිසිය වෙත රැගෙන ගොස්‌ ඇති පොලිස්‌ නිලධාරීන් එහිදී ඔවුන් නිරුවත් කර නැවත ඔවුන්ට පහරදී ඇත.

නිර්දෝෂී තරුණයන් දෙදෙනා පොලිසිය වෙත රැගෙන ගොස්‌ ඔවුන්ට අමානුෂික ලෙස පහර දෙන බවට සැලවීමෙන් පසු කෝපයට පත්වූ ප්‍රදේශවාසීන් ඉංගිරිය පොලිසිය වටකරගෙන කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇත. ඇති වූ තත්වය සැලකිල්ලට ගත් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සේනානායක මහතා හොරණ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ ඉංගිරිය පොලිසියට යවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පැවැත්වීමට නියෝග කළේය.

හේමන්ත රන්දුණු, විදුර විජයනාථ, රජිත


ගිනි අවියක් තබා තිදෙනෙකුට පහර දුන්නැයි ඉංගිරිය පොලිස් එස්.අයි. සැරයන්- රළහාමි අත්අඩංගුවට ගනී


ඉංගිරිය පෝරුවදණ්ඩ කොස්හේන ප්‍රදේශයේ බස් නැවතුම්පොළක රැඳී සිටි යුද හමුදා සාමාජිකයකු ඇතුළු තරුණයන් තිදෙනකුට ගිනි අවියක් හිසට තබා පහරදුන් බව කියන ඉංගිරිය පොලිසියට අනුයුක්ත උපපොලිස් පරීක්ෂකවරයකු පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (29) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පචසයි.

තමන් ඇතුළු මිතුරන් දෙදෙනා රාත්‍රී අටට පමණ පෝරුවදණ්ඩ කොස්හේන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා පැමිණ තමගේ හිසට ගිනි අවියක් තබා පහරදී නැවතත් ඉංගිරිය පොලීසිය වෙත ගෙන ගොස් අමානුෂිකව පහරදුන් බව පවසමින් පහර කෑමට ලක් වූ යුද හමුදා සාමාජිකයා ඉංගිරිය දිසා රෝහලට ඇතුළත්ව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ඉංගිරිය පොලීසියට විරෝධය පළකරමින් එම පොලිස් ස්ථානය වටලා විරෝධතාවයක නිරත වූ බැවින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ  සිදුකිරීමට පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා විසින් හොරණ පොලීසියට නියෝග කර තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ හොරණ පොලීසියේ නිලධාරීන් අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අදාළ නිලධාරීන් බීමත්වී සිටි බවට ප‍්‍රදේශවාසීන් පැවැසීම නිසා ඔවුන් පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්විමට ඉංගිරිය දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෙත යොමු කිරීමට හොරණ පොලිසිය කටයුතු කරන ලදී.

ඒ අනුව සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී පොලිස් නිලධාරීන් තිදෙනා අතරින් උපපොලිස් පරික්ෂකවරයා හා පොලිස් කොස්තාපල්වරයාගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බවට ඉංගිරිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීයා සහතිකය ලබාදුන් බවද හොරණ පොලීසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.  ඒ අනුව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.පසුව ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේ විහාරාධිපති මුදුන්කොටුවේ ශාත්තසිරි හිමියෝ ගම්වාසීන් හා සාකච්ඡා කර ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය අවසන් කිරීමට කටයුතු කළහ.

-නිසල් යොවිදු-