ලක්මි කුඩලිගම
බුලත්සිංහල දිවලකඩ දෙනිකඩේ මාර්ගයේ ඉලුක්මණ්ඩිය ප්රදේශයට කළු ගඟ දිගේ පාවී ආ තරුණියකගේ මළසිරුරක් ඉංගිරිය පොලිසිය විසින් ඊයේ (6) සොයා ගනු ලැබීය.මළසිරුර මීට දින කිහිපයකට ඉහතදී අතුරුදන් වූ ඉංගිරිය රයිගම්වත්ත ඉහළ ප්රදේශයේ පදිංචි චන්ද්ර මෝගන් කාව්යා සුභාසිනි යන 20 හැවිරිදී රුමත් තරුණියගේ බවට ඇයගේ ඥාතීන් හඳුනාගෙන ඇත.
එමෙන්ම ඊයේ උදෑසත බුලත්සිංහල පොලිස් වසමේ හල්වතුර ප්රදේශයේ නිවසක් පිටුපස ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයාගෙන ඇති අතර ඔහු තරුණිය සමග හාදකමක් පැවැත් වූ බවට සැක කරන බව බුලත්සිංහල සහ ඉංගිරිය පොලිසි පවසයි.බුලත්සිංහල පොලිස් වසමේ හල්වතුර ප්රදේශයේ පදිංචිව සිටි එම පුද්ගලයා 20 හැවිරිදි දමිළ පාසල් ගුරුවරයකු බව පැවසේ.
තරුණිය අතුරුදන් වීමෙන් පසු එම පුද්ගලයා ඉංගිරිය පොලිසියට කැඳවා ප්රශ්න කිරීමෙන් පසුව මුදා හැර ඇත. පසුව ඔහු බුලත්සිංහල මවගේ නිවසට පැමිණ නිවෙස පිටුපස ගබඩා කාමරයක ගෙලවැල ලාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.තරුණියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා හොරණ දිස්ත්රික් රෝහලේ තැන්පත් කර ඇත. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.එන්.ඩී කොල්ලුරේ 5 බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක අයි.එස්.එන්. කස්තුරි ආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත බුලත්සිංහල සහ ඉංගිරිය පොලිසි ඒකාබද්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.




