Showing posts with label Local News. Show all posts
Showing posts with label Local News. Show all posts

Wednesday, February 21, 2018

විහාරස්ථාන 8කින් ලක්ෂ 20ක් සොරාගත් උපැවදි ගුරුවරයෙක් අත්තඩංගුවට



පානදුර හා කළුතර පොලිස් කොටිඨාසයන්හි විහාරස්ථාන අටක ආවාස  ගෙට ඇතුළු වී රුපියල් ලක්ෂ විස්සකට අධිකමුදල් ඇතුළු දේපළ සොරාගත් මහණ දම් පිරූ හිටපු උපාධිධාරී ගුරුවරයකු හොරණ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබූ බෑගය තුළ දොරවල් කැඩීමට උපයෝගී කර ගත් උපකරණ හමුවී ඇති අතර සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර උතුර ප්‍රදේශයේ විහාරස්ථානයකින් සොරාගත් විදේශීය මුදල් තොගයෙන් ඉතිරිව තිබූ ජපන් යෙන් පන්සියයක මුදලක්, පිත්තල පහනක් මෙන්ම අලුත්ම රුපියල් දහයේ කොළ හා විස්ස කොළ රුපියල් එක්දහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඉකුත් මස අටක පමණ කාලය තුළ පානදුර උතුර, දකුණ - කළුතර උතුර, දකුණ වාද්දුව, මොරගහහේන, බණ්ඩාරගම හා හොරණ පොලිස් වසමිචල විහාරස්ථාන අටක ආවාස ගෙවල් තුළට හොර රහසේ ඇතුළු වී සැකකරු මෙම සොරකම් සිදුකර තිබු බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.

සැකකරු පැවිදිව සිට පසුව උපවදි වූ අයෙකි. පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සංචාරයේ යෙදී සිටියදී මොහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ,
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව අප වෙත වාර්ථා වී තිබේ

ඇපලදෙණිය මහ විදුහලේ සිසු ගැටුමකින් සිසුවෙක් මරුට. විදුහල්පතිට එරෙහිව දෙමවුපියන් විරෝදතාවක




                   කුලියාපිටිය ඇපලදෙණිය මහ විදුහලේදී සිසුවෙකු විසින් කරන ලද පහරදීමකින් මියගිය සිසුවා සමිබන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇතැයි පවසමින් දෙමවුපියෝ පිරිසක් ඊයේ (20දා) උදෑසන එම විදුහල ඉදිප්පිට විරෝධතාවක නිරත වූහ.

අදාළ විදහලයේදී පසුගිය 15 වැනිදා සිසුවෙකු විසින් කරන ලද පහරදීමකින් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තවත් සිසුවෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට මාරුකර යවා තිබූ අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා (18දා) ජීවිතසෂයට පත්ව තිබිණි.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ සචිත දයාන් (අවු.14) නමැත්තෙකි.
පහරකෑමට ලක්වූ සිසුවා විදුහල්පති කාර්යාලය අසල බිම වැටී සිටියද  විදුහල්පතිවරයා නොසැලකිලිමත්ව කටයුතු කින්ම හේතුවෙන් රෝහල්ගත කිරීම ප්‍රමාද වී ඇති බවත්, එම නිසා මෙම මරණය සිදුව ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

එහිදී මියගිය සිසුවාගේ විශාල ප්‍රමාණය ඡායාරූපයක් හා විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.

 විරෝධතාවට එක්ව සිටි මවක අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, “සචිත දරුවාට විදුහලේදීම සිසුවෙකු විදුහල් බිමේදී පහර දෙදී 'මට ගහන්න එපා'යි කෑගසමින් විදුහල්පති කාර්යාලය දෙසට දුවගාස්තු බිම වැටී තිබෙනවා. එවිට ඔහු සිට ඇත්තේ ක්ලාන්තයකින් වැනි අසාධ්‍ය තත්ත්වයකින්. විදුහල්පතිවරයා මේ තත්වය සැලකිල්ලට නොගෙන කටයුතු කර ඇත්තේ ඉතා අකාර්යක්‍ෂම අයුරීන්, හැකි ඉක්මනින් ඒ දරුවාව රෝහල්ගත කළේ නම් දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා යැයි අපි විශ්වාස කරනවා" යනුවෙනි.

අනතුරුව විරෝධතාකරුවන් කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය වෙත යාමට සුදානම් වූ අතර, එම අවස්ථාවේදී පොලීසියේ දැනුම් දීම මත කුලියාපිටිය කලාප කාර්යාලයේ කලාප  නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක  හා දහනැක්ගෙදර අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්.එච්.එම්.ඒ. චන්ද්‍රසේන යන මහත්වරු විරෝධතාව පැවැති ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කළහ.

එහිදී විරෝධිතාකරුවන් ආවේගශීලීව පවසා සිටියේ, අදාළ විදුහල්පතිවරයා එම අවස්ථාවේම මාරුකර යැවිය යුතු බවත්, ඒ නොවන්නේ නමි, තම දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවත්ය.
එහිදී අදහස් දැක්වූ කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩී.පී.පී. කුමාර මහතා,

"දෙමවුපිය චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරික්‍ෂණයක් අධ්‍යාපන කාර්යාලය මිහින් ආරම්භ කරනවා. විදුහල්පතිවරයා වරදක් කර තිබේද යන්න ගැන මෙහිදී නිශ්චය කළ      නොහැකියි, ඔහුට එරෙහි දෙමවුපිය චෝදනා සමිබන්ධයෙන් දෙමවුපියන්ට එම පරීක්‍ෂණයේදී කරුණු ඉදිපත් කළ හැකියි" යැයි පැවසීය..
කෙසේ වුවද, අදාළ විදුහල්පතිවරයා ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ විරෝධතාකරුවන් සිටීම හේතුවෙන් විදුහල්පති කාර්යාලයේදී කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිස විදුහල්පතිවරයා සමග සාකච්චාවක් පැවැත්වූහ.

එම සාකච්ඡාවෙන් අනතුරුව විරෝධතාකරුවන් හමුවේ අදහස් දැක්වූ
හේමකුමාර මහතා, අදාළ පර්ෂවයේ කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කරන අතර, ඔහුට එරෙහි දෙමවුපියන්ගේ චෝදනා හා යෝජනා එහිදී ඉදිරිපත් කළ හැකි බවත්, විදුහල්පතිවරයා අද (2දා) දින සිට කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර, නියෝජ්‍ය විදුහල්පතිවරයාට විදුහල් පරිපාලන කටයුතු බාරදෙන බවත්ය.
එය පිළිගත් විරෝධතාකරුවෝ පසුව විසිර ගියහ.


මෙම වසර ආරම්භයේදීම කෑගල්ලෙන් ඩෙංගු රෝගීන් 282ක්



මෙම වසර (2018) ආරම්භයේ සිට මේ දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 282 දෙනෙකු වාර්තා වී ඇතැයි ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛදය උපේකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (20) දා පැවැති කෑගල්ල දිස්ත්‍රික් අන්තර් ‍ ඩෙංගු මර්දන කමිටුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරිය,

"2017 වර්ෂයේ ජනවාර් හා පෙබරවාරි මාසවල හා 2018 වර්ෂයේ සැසඳීමේදී ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා, ඉදිරී වර්ෂාවත් සමග එම
තත්ත්වය වෙනස් විය හැකියි. දැනට ඩෙංගු රෝගය අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වශයෙන් කැගල්ල, මාවනැල්ල හා වරකාපොළ බලප්‍රදේශත්, ඩෙංගු අවදානම් කලාප වශයෙන් රඹුක්කන, අරනායක, දෙහිඕවිට හා යටියන්තොට යන සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරී කොට්ඨාසත් හඳුනාගෙන තිබෙනවා”
යැයි පවසා සිටියාය.

Tuesday, February 20, 2018

දින 16ක් තිස්සේ අතුරුදන්ව සිටි කාන්තාවගේ සිරුර හමුවෙයි




මෙම කාන්තාවගේ සිරුර හොරණ ඕවිටිගල වෙල්යායකට මායිම්ව ඇති රබර් ඉඩමක වළ දමා තිබියදී  සොයාගත් බව හොරණ පොලිසිය පවසයි. මෙය ඝාතනයක් බවට සැක කරන අතර මේ සම්බන්ධයෙන් මියගිය අය සමග කාලයක සිට අනියම් සම්බන්ධකමක් පැවැත් වූ අවිවාහක තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මේසේ සොයාගනු ලැබුවේ හොරණ මූණගම වවුලගල රත්නායක මුදියන්ස්ලාගේ කුසුමාවතී (59) නමැති තිදරු මවකි. ඇගේ පුතුන් තිදෙනාම විවාහකයින් වන අතර වැඩිමලා සැකකරුට වඩා වසර 6කින් පමණ වැඩිමල් වේ. මෙම කාන්තාවගේ සැමියා වසර 4කට පමණ පෙර මියගොස් ඇති අතර ඇය බාල පුතා සමග ජීවත් වී තිබේ. ඇය මූණගම ප්‍රදේශයේ බේකරියක රැකියාව කර ඇති අතර සැමියා සිටින කාලයේ පටන් එම ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සමග අනියම් සමීබන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
පසුගිය 02 දින සුපුරුදු පරිදි රැකියාවට ගොස් සවස ඇය නිවෙසට පැමිණ රාත්‍රිය ගත කිරීමට ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබේ. 03 වැනිදා සිට ඇය රැකියාවට නොපැමිණ ඇති බව පසුගිය 08 වැනිදා එම බේකරි හිමියා නිවැසියන්ට දැනුම්දීමෙන් පසුව ඔවුන් ඇය සෙවීමට කටයුතු කර තිබේ. පසුව 09 දින මේ පිළිබදව නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම කාන්තාවගේ නිවෙසට ගෙනෙන ලද  හොරණ පොලිසියේ නිල සුනඛ ග්‍රේරෝ ඇගේ පාවහන් ඉව කර එහි සිට කි.මි. 1 1/2ක් පමණ දුර පැමිණ සැකකරුගේ වත්තේ ස්ථානයක නතර වී නිවස තුළට ගොස් තිබේ.


වත්තේ නතර වු ස්ථානයේ ඉටිකොළවලින් ආවරණය කළ කුඩා මඩුවක් තිබී ඇති අතර එය මේ වනවිට ගිය තබා විනාශ කර තිබේ. අපරාධය සිදුව ඇත්තේ එම මඩුව තුළදී බව පොලිසිය සැක කරයි.
ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන කරන ලද විමර්ශනයේදී ඇයගේ සිරුර වළදමා සඟවා තිබූ ස්ථානය පිළිබඳව අනාවරණය වී තිබේ.
18දා හොරණ මහෙස්ත්‍රාත් රුවන් දිසානායක මහතා ඉදිරියේ මෙම කාන්තාවගේ නිරුවත් සිරුර ගොඩගත් අතර ඇගේ විය හැකි බවට සිතිය හැකි සායක්ද වළ තුළ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

තමා මෙම කාන්තාව සමග බහින් බස්වීමක් සිදු වූ බවත් ඇයට තමා ගලකින් පහර දුන් බවත් ලේ සහිත ඇය ඇද වැටුණු පසු වළක් හාරා ඇය වළ දැමූ බවත් සැකකරු පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත. අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා සිරුර පානදුර රෝහලට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයා  හොරණ පොලිසියට නියෝග කළේය. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ

විදුහල්පතිනියට මරු කැඳවූ අනාරක්ෂිත නායකත්ව පුහුණුව...

                                                         
මාරිතු මාසයේදී අලුත් නිවසේ පදිංචියට යෑමට සියලු සැලසුම් හදාගෙන සිටියදී මමත් දරුහතර දෙනාත් තනිකර බිරිය මියගියේ විදුහල්පති නායකත්ව පුහුණුවීමට ගොස් එහිදී සිදු වූ අනතුරකින් නිසා. මේ සම්බන්ධව ඛලධාරින්ගේ අවධානය යොමුකර මෙවන් අනතුරු ඉදිරියට සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු යැයි මියගිය විදුහල්පතිනියගේ ස්වාමිපුරුෂයා වන තිලකරත්න අබේසිංහ මහතා පවසා සිටී. හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙස චසර පහකට ආසන්න කාලයක් සේවය කරමින් සිටි රෝහිනී කුමාරි අතපත්තු (53) මහත්මිය කුරුණෑගල - වාරියපොළ චයඹ පුහුණු මධ්‍යස්ථානයේ පැවැති විදුහල්පති නායකත්ව පුහුණුවට සහභාගී වී සිටියදී කඹයක ආධාරයෙන් බිමට බැසීමේදී කඹයේ ලණුව කඩා වැටීමෙන් විදුහල්පතිනිය බිමට ඇදවැටීම නිසා සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය.

සිද්ධිය පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ තිලකරත්න මහතා...
මම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීවරයා ලෙස සේවය කරනවා. රජයේ සේවකයින් ලෙස මගේ බිරියට මෙම නායකත්ව පුහුණුවට සහභාගී වන ලෙස දන්වා තිබුණා. මීට කලින් රටැඹේ සහ කුඩා ඔය පුහුණු වීම සඳහා ගොස් සිටි හෙයින් මේ පුහුණුවටත් ගියා. ඒචා හොඳට ආරක්ෂිතව පුහුණු වීම් සිදු කර තිබූ බව බිරිය පවසා තිබුණා. වයඹ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවීම සිදුකරන අතර බිරිය වැටිලා කියලා වෙනත් කෙනෙක් මට දුරකතනයෙන් කතා කළා. මම කිව්වා බිරියට දෙන්න කියලා. දුරකතනයෙන් කතා කළ බිරිය මට කිවා තිලක් මට ටිකක් අමාරුයි මයා එන්න කියලා. අපි  ඉක්මනින් ගියා. එවිට කුරුණෑගලින් කොළඹ ජාතික රෝහලට බිරිඳ මාරු කර එවා තිබුණා. කොළඹදී මගේ බිරිය අපි අතහැර ගියා කියලා දැනගන්න ලැබුණා. මගේ දියණියන් හතර දෙනා සහ මම තනි වුණා. හම්බන්තොට - මයුරපුර අලුත් ගෙයක් හදලා මාරිතු 1දා පදිංචියට යත්න සියලු වැඩ කරගෙන සිටියේ. මම කොහොමද මගේ දරු හතරදෙනා සමග අලුත් ගෙදරට යන්නේ? මේ වගේ විපත් මින් ඉදිරියට නොවෙන බලධාරින් වග බලාගත යුතුයි.


වැඩිමල් දියණිය වන ලක්ෂාණි මෙසේ කීවාය.

මට නංගිලා තුන්දෙනෙක් සිටිනවා. අපි හිතාගෙන සිටියේ අපේ අලුත් ගෙදරට යන්න. බාල නංගි පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. අද අපි තනිවුණා. තාත්තා සමග දිළිනි නංගි පුහුණු හෙදියක් ලෙස කටයුතු කරනවා. පියුමි නංගි තාක්ෂණික පාඨමාලාවක් හදාරනවා. මම රසායනාගාර ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. අපි සියලු දෙනා තවම අවිවාහකයි. අපේ අම්මා අපි ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන සිටියේ. අම්මාගේ බලාපොරොත්තු අපි ඉටුකළත් ඒවා දකින්න අපේ අම්මා අද අපි ළග නැහැ. මේ වගේ පුහුණුවලට ගියාම ඒවාට ආරක්ෂාවක් හරියට දෙන්න ඕන. එහෙම තිබුණා නම් මගේ අම්මට මේ විපත සිදුවන්න
 මේ සම්බන්ධව හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ වැඩබලන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඒ.ජේ. සමන්ති මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ හම්බන්තොට සුචී ජාතික පාසල, ජාතික පාසල් යටතේ පාලනය වන හෙයින් ජාතික පාසල් අධ්‍යක්ෂකවරුන් යටතේ මෙම පුහුණු වීම් සඳහා විදුහල්පතිනිය සහභාගී වී ඇති බවයි. අපේ කොට්ඨාසයෙන් මේ සඳහා විදුහල්පතිනියට නිවාඩු අනුමත කර තිබෙනවා. මෙම විදුහල්පතිනිය මිට පෙර රන්ටැඹේ සහ කුඩා ඔය පුහුණු මධ්‍යස්ථානවල පුහුණු වීම් සඳහා  සහභාගී වී තිබුණා. මෙවැනි විදුහල්පතිනියක් හම්බන්තොට සුචී ජාතික පාසලට පමණක් නොව සමස්ත විදුහල්පති ක්ෂේත්‍රයට අහිමි වීම මහා පාඩුවක් ලෙස මම දකිනවා.

මේ සම්බන්ධයෙන් වාරියපොළ වයඹ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂිකා ඩිලානි ගුණසිංහ මහත්මියගෙන් කළ විමසුමකදී මෙසේ කීවාය....
සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය පුහුණුවීම අතරතුර සවස 4.00ට පමණ තමයි අනතුරට ලක්වෙලා තියෙන්නේ. ඒ සමගම ඇය රෝහලට ඇතුළත් කළා. රෝහලේ ප්‍රතිකාර ලබද්දී රාත්‍රී 11.00ට පමණ ඇය මියගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනට වාරියපොළ පොලිසිය පරික්ෂණයක් සිදුකරනවා. මගෙනුත් කටඋත්තර ගත්තා. මෙම ආයතනයෙන් අපි කරන්නේ පුහුණුවීම්වලට එන අයට භූමිය/ නවාතැන් සහ ඉල්ලා සිටියොත් කෑම බීම ලබා දීම පමණයි.

බේකරියට වැදුනු වල් අලියා සිදු කළ විනාශයෙන් ලක්ෂ 15 ක අලාභ හානි




පුත්තලම කල්ලඩිය ප්‍රදේශයට කඩා වැදුණ වල් අලියකු බේකරියකට හානි කර ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

අලුයම එකට පමණ කඩා වැදී ඇති වල් අලියා බේකරියේ පිටුපස බිත්ති පෙරළා එයට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර එහිදි බේකරි හිමිකරු දැඩි පරිශ්‍රමයක් දරමින් අලියා පන්නා දැමා ඇති නමුත් බිත්ති පෙරළා දැමීමෙන් එහි තිබූ රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් විදුලි අවන් යන්ත්‍රයකට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.  

මෙම කුඩා බේකරියේ හිමිකරුවන් බැංකු ණය ලබා ගනිමින් අසීරුවෙන් පවත්වාගෙන ගොස් ඇති අතර මේ වන විට මොවුන් අසරණ වී ඇති බවත් පවසයි. කල්අඩිය ආසනයේ වල් අලි 80 කට ආසන්න ප්‍රමාණයක් නිරන්තරයෙන් සැරිසැරීම නිසා ජනතාව බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වී ඇති බැවින් ඔවුන්  ඒ පිළිබඳ වගකිවයුත්තන්ගෙන් පිළියම් අපෙක්ෂාවෙන් පසු වෙයි.







 

පොලිසියෙන් බේරීමට ඇළට පැන්න තරුණයා



    පොලිසියෙන් බේරීමට හොරලියාවල උස්වේදන්ඩ ඇළට පැනීමෙන්  දිවි අහිමිවූ තරුණයාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ 19 කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කෙරීය. කැස්බෑව නිවුන්ගම පදිංචිව සිටි නලින්ද කසුන් නමැති විසිහැවිරිදි තරුණයාගේ දේහය ආගමික වතාවත්වලින් අනතුරුව "පොලිස්පතිතුමනි, මෙය හිතා මතා කළ ඝානනයකි අපක්‍ෂපාතී පියවරක් ගනු ගම්වාසීන් අවදියෙන්" "ජීවිතයක් නිමා කළ මිනිමරුවන්ට දඬුවම ස්ථාන මාරුවද?" "තරුණ ජීවිතයක් බිලිගන් කහතුඩුව පොලිස් නිලධාරින් දෙදෙනා සහ අනුබල දුන් කුමන්ත්‍රණකරුවන් තවමත් නිදැල්ලේ වහා අත්අඩංගුවට ගනු යනුවෙන් විරෝධතා පාඨ සහිත බැනර් පෙරටුකොට පිරිස කැස්බෑව පොදු සුසාන භූමිය පසුකර කැස්බෑව නගර මධ්‍යය කරා පැමිණියහ.
නගර මධ්‍යයේ තරුණයාගේ දේහය පැයකට ආසන්න කාලයක් තබාගෙන කහතුඩුව පොලිසියට සිය විරෝධය පළ කළ මියගිය තරුණයාගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් අනතුරුව විරෝධතා බැනර් රැගෙන කැස්බෑව නගර මධ්‍යයට පැමිණීමට සූදානම් විමේදී ගල්කිස්ස
කොටඨාස රථ වාහන අංශයේ නිලධාරීන් සහ පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් මාර්ගය අවහිර නොකරන ලෙස ඉතා සුහදශීලීව කළ ඉල්ලිමට විරෝධතාකරුවෝ අවනත වූහ.
අනතුරුව නගර මධ්‍යයේ පසෙකට වන්නට දේහය තබා බිම වාඩිවී මඳ වේලාවක් විරෝධතාවයේ යෙදුණ මියගිය තරුණියාගේ ඥාතීහු සහ ප්‍රදේශවාසිහු දේහය රැගෙන කැස්බෑව සුසාන භූමියට රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කළහ. කහතුඩුව නගර මධ්‍යයේ සිට පොලිස් ස්ථානය දක්වා පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ඊයේ 19 සුදානම් වන බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරක් අනුව කරුණු අටක් යටනේ කැස්බෑව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව ඊයේ (19) දින සිට පුද්ගලයන් තිදෙනකුට තහනම් නියෝගයක් කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවන්න මහතා ලබා දෙනු ලැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ගල්කිස්ස නියෝජ්‍ය පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් හා අධික්‍ෂණය පිළියන්දල පොලිස් ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක සාරානාන් සමරකෝන් උපපොලිස් පරික්ෂක පුෂ්පකුමාර දන්තනාරයන මහතා ඇතුළු නිලධාරිහු සාමය ආරක්‍ෂ කිරීමට පියවර ගත්හ.

දැඩි වියළි කාළගුණය නිසා වල්අලි ගම් වැදීමේ අවදානමක්



               දිවයිනේ උතුරු ප්‍රදේශයට මේ වන විට පවතින දැඩි වියළි කාලගුණික තත්වයත් සමග මුලතිව් ප්‍රදේශයේ වනාන්තරවල සිටින අලි ජලය හා ආහාර සොයා ගම්වැදීමේ අවදානමක් පවතින බව එම ප්‍රදේශයේ වැසියෝ පවසති.
මේ අතර පසුගිය දිනවල පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ගෙවතු කිහිපයකටම කඩාවැදුණු වනඅලීන් එම ගෙවතුවල පිහිටි වගාවන් ද විනාශ කොට ඇති බව ඔවුහු පවසා සිටිති.
මුලතිව් රක්ෂිත ආසන්නයහි පිහිටි කුඩා වැව් වියළි කාලගුණයත් සමග සිඳීයාම හා ආහාර සොයා ගැනීමට නොහැකිවීම නිසා වනඅලින් මෙසේ ගම් වැදීමට හේතුවී ඇති බව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වැසියෝ පෙන්වා දෙති.
උද්ගතව ඇති තත්වය මත තමන්ට සෑම දිනකම පාහේ අවධානයෙන් සිටීමට සිදුවී ඇති බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.





හෙරොයින් සමඟ අයෙක් දිවුලපිටියේදී හසුවෙයි...



 දිවුලපිටිය - පින්නකැලේවත්ත සහ අවට ප්‍රදේශවලට හෙරොයින් බෙදා හරින සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 300ක් සමග දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 18 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය. දිවුලපිටිය - පින්නකැලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය නියම කළාය. දිවුලපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක වසන්ත මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සැකකරු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබූ බවට පැමිණිල්ල මෙහෙයවමින් දිවුලපිටිය පොලිසියේ පොලිස් කොස්තාපල් වී.එස්.ඩබ්ලිව්. තරංග (89512) නිලධාරියා අධිකරණය හමුවේ පැවැසීය.

ජල ගැටළු ඇත්නම් 117 අමතන්න.


                         පුත්තලම, කුරුණෑගල,  අනුරාධපුරය, පොලොන්නරුව, මන්නාරම යන දිස්ත්‍රික්කවලට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල ගැටලුවකට මුහුණ දී ඇත්නම් ඒ පිළිබඳ 117 දුරක අංකයට තොරතුරු ලබාදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.


එම දිස්ත්‍රික්කවලට ඇතිවීතිබෙන වියළි කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවලට බවුසර් මගින් ජලය ලබාදීම සිදුකරන බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඊයේ (19දා) දිනය වන විට එම දිස්ත්‍රික්ක පහ තුළ පවුල් අනුදහස් තුන්සිය අසූඑකකට (90381) අයත් පුද්ගලයන් දෙලක්ෂ අසූඅටදහස් එකසිය අසූතුනක් පීඩාවට පත්ව සිටි අතර පවුල් 66,436කට අයත් පුද්ගලයන් 218,018ක් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 17,194කට අයත් පුද්ගලයන් 50,918ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 3,189කට අයත් පුද්ගලයන් 9,655ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 250කට අයත් පුද්ගලයන් 330ක් සහ මන්නාරම් දිස්ත්‍රික්කයේපවුල් 3,312කට අයත් පුද්ගලයන් 10,612ක් පීඩාවට පත්ව සිටිති.

රියැදුරුට පහර දී ත්‍රීරෝද රථය සොරකම් කර වැඩි ගණනට විකුණූ 2 ක් අත්අඩංගුවට...

              ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා මුවාවෙන් ත්‍රිරෝද රථ රියැදුරු හොරණට රැගෙන ගොස් පහරදී එළියට ඇද දමා එම රථය කොල්ලකා ගෙන ගිය වාහන අලෙවිසැලක හිමිකරුවකු හා තැරැව්කරුවකු අත්අඩංගුවට ගත් බව පානදුර නීතිය බල ගැන්වීමේ ඒකකය පැවසීය. පානදුර - අලුබෝමුල්ල ත්‍රිරෝද රථ ගාලක් වෙත හොඳින් හැඳ පැලඳ පැමිණි පුද්ගලයකු ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා මුවාවෙන් ත්‍රිරෝද රථය පරික්ෂා කර ඇත. සිය අනියම් බිරියට තමන් මිලදී ගත් ත්‍රිරෝද රථය පෙන්වීමට අවශ්‍ය බව පවසා ත්‍රිරෝද රථ රියැදුරු කැමැති කරවාගෙන අදාල පුද්ගලයා හොරණට ගොස් තිබේ. ත්‍රිරෝද රථය හොරණ නගරයට ළඟාවන විට “උඩවත්ත පාර” පෙන්වා එම මාර්ගයේ ගමන් කරන ලෙස ඔහු ත්‍රීවීල් රථ රියැදුරාට පවසා තිබේ. මඳක් දුර යනවිට ත්‍රිරෝද රථ රියැදුරුට පහරදුන් සැකකරු රියැදුරු බිමට ඇද දමා ත්‍රිරෝද රථයෙන් පලාගොස් තිබිණ.  මේ සම්බන්ධයෙත් හොරණ පොලිසියට වාර්තා වී තිබූ කරුණු අනුව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කළ පරික්ෂණවලදී හික්කඩුව ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරිමේදී පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු රැගෙන ආ ත්‍රිරෝද රථය රුපියල් පන් ලක්ෂ පනස් දහසක මුදලකට බද්දේගම වාහන අලෙවිසලකට විකුණු බවට කරුණු අනාවරණය කර ගත් පොලිසිය එසේ කළ පරික්ෂණවලදී වාහන අලෙවිහලේ හිමිකරු මෙම රථය බදේගම ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් හය ලක්ෂ පනස් දහසකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකිවී තිබේ.
         අලුබෝමුල්ල ත්‍රිරෝද රථ රියැදුරු රවටා ත්‍රිරෝද රථය රැගෙන ගිය පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර ත්‍රිරෝද රථය විකුණා ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි නිලධාරියෙක් පැවැසීය.
         අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපසිරීමට නියමිතය.

Monday, February 19, 2018

සීත දේශගුණයත් සමග ඉන්ෆ්ලුවෙන්සා පැතිර යාමේ අවධානමක්.



                     ඉදිරි දිනවලදී ඇති විය හැකි සීත දේශගුණික කාලයත් සමඟ ඉන්ෆලුවන්සා රෝගය හා ළමා ඇදුම රෝගය ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකි යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ තත්වය හේතුවෙන් හතිය තිබෙන දරුවන්ට ශීත කාලගුණික තත්වයකදී හතිය වැඩි වන අතර, හතිය නොමැති දරුවන්ට හතිය ඇති වීමේ හෝ එවන් තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.
 ශීත දේශගුණික තත්වයත්  සමග කැස්ස, සෙම්ප්‍රතිශවඋණ, හතිය වැනි රෝග ලණ මතු වන්නේ නම් වහාම වෛද්‍යප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් ඇදවිවේකය ලබා ගන්නා ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරීය විසින් ළමයි පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ආවෙක්ෂණ කණ්ඩායමක්



    මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළෙඳාම් කටයුතු සඳහා යොදවන පාර්ෂවයන් පිළිබඳව සොය බැලීමට ජාතික ළමා ආරක්ෂික අධිකාරියෙන් විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යොදවා තිබේ.
ළමයින්ගේ, මවුපියන් හෝ භාරකරුවන්ට වුවද ළමයකු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වෙළඳාමේ යෙදවීම නීනියෙන් තහනට බව එම අධිකාරිය කියයි.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව මෙන්ම රට පවතින නීතිය අනුවද මෙලෙස ළමයින්ට ‍ සඳහා යෝදවා ගැනීම වරදක් වේ. ඇතැම් ස්ථානවල ළමයින් පෙන්වා ඔවුන්ට දරුළ අසනීප ඇති බව පවසා සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීම් සිදුවේ. මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්  ළමයින්ව ‍වෙළඳාම් කිරීමට යෝදවා  ගැනීමේ සිදුවීම් පිළිබඳ අනාරතුරු ජාතික ළමා ආරක්ෂින අධිකාරියට වාර්තනාව ඇතැයි ජාතික ළමා ආරක්ෂික අධකාරියේ සභාපතිනි නීතිඥ මරීනි ද සිල්වා‍ පැවැසුවාය.
 ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය විසින් ළමයි පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ආවෙක්ෂණ කණ්ඩායමක් යෙදවූ බවද ඇය කීවාය. එවැනි සිදුවීම් හරහා ළමයාගේ මනසට විශාල වශයෙන් අහිතකර බලපෑම් ගෙන දෙන අතර එවැනි සිදුව්ම වුනොන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන ය අමතා ජාතික ළමා ආරක්ක අධිකාරිය දැනුවත් කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් පැවැසුවාය.