Showing posts with label world G4. Show all posts
Showing posts with label world G4. Show all posts

Tuesday, December 10, 2019

ලොකයේ ළාබාලතම අගමැතිනිය ෆින්ලන්තයෙන්

ලොකයේ ළාබාලතම අගමැතිනිය ෆින්ලන්තයෙන්


ලොව ළාබාලතම අගමැතිවරිය ලෙස, ෆින්ලන්තයේ සානා මාරීන් තේරී පත්ව ඇතැයි වාර්තා වෙයි. ලබන සතියේදී ඇය සිය ධුරය වැඩ භාර ගැනීමට නියමිතව ඇත. මේ වනවිට 34 හැවිරිදි වියේ පසු සානා එරට ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. එසේම ඇය දැනට ලොව සිටින ළාබාලතම රාජ්‍ය නායකයා බවට පත්ව තිබේ. දැනට එම වාර්තාවට හිමිකම් කියන යුරේනයේ අගමැති ඔලෙක්සි හොන්ඩරුන්ගේ වයස අවුරුදු 35 කි. මීට අමතරව වයස අවුරුදු 50ට අඩු රාජ්‍ය නායිකාවන්ගේ ගොන්නටද ඇය අයත් වෙයි. නවසීලන්තය අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් සහ ඩෙන්මාර්කයේ මෙට් ෆෙඩ්රික්සන් ඒ අතර වෙති.

සානා නියෝජනය කරන සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇය එරට අගමැතිවරිය ලෙස පසුගියදා යෝජනා කර තිබේ. එම පක්ෂයේ හිටපු නායකයා මෙන්ම හිටපු අගමැතිවරයාද වූ අපි අන්ටි රිනේ එම ධුරවලින් ඉවත් වීමෙන් අනතුරුව මීළග නායකත්වය තෝරා ගන්නා ඡන්ද විමසීමේදී වැඩි දෙනෙකු සානා වෙත කැමැත්ත පළ කර ඇත.
ෆින්ලන්තයේ සෙන්ටර් පක්ෂය හා පැවැති සභාගය බිඳී යාමෙන්, අන්ටි රීනේ සිය ධුරවලින් සමුගැනීමට තීරණය කර තිබුණි. ජූනි මාසයේදී පැවැති මහ මැතිවරණයෙන් කිසිවෙකුටවත් බහුතරය දිනා ගැනීමට නොහැකි වීම නිසා එරට වත්මන් පාලනය පක්ෂ පහක සභාගයක් යටතේ ක්‍රියාත්මක විය. මෙම පක්ෂ 5ම නායකත්වය පවා කාන්තාවන් සතු වීමත් විශේෂත්වයකි.