මේ වන විට රට තුළ පවතින ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයට විවිධ පිළියම් ගනිමින් තිබුණද එයින් ස්ථිර විසඳුමක් ලැබී ඇත්ද යන්න පිළිබඳව ඇතේ අවිනිශ්චිත තත්වයකි. එවන් වටපිටාවක රජය තවමත් උත්සාහ ගන්නේ ජනතාවට තුන් වේල කෑමට ආනයනික ආහාර සපයා දීම, ඉන්ධන පෝලිම් නැති කිර්ම, පැය 24ම විදුලිය ලබාදීම වැනි පියවර ලහි ලහියේ ගැනීමටයි. කෙසේමුත් මේ පියවරයන් ගැනීමට රජයට හැකි වන්නේ එක පිට එක ලබාගන්නා විදේශීය ණය හරහාය. එහෙයින් තව තවත් රටේ ණය බර වැඩි වේ. එසේ නම් රට අභ්යන්තරයේ ගත යුතු ක්රියාමාර්ග පවතින්ද යන්න පිළිබඳ සොයා බැලීම වඩාත් යෝග්ය වේ. මේ වන විට විවිධ ක්ෂේත්රයන්හි විද්වතුන් ඒ වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරමින් තිබෙනු දැක ගත හැකිය. අද මෙලෙස උත්සාහ ගන්නේ බලශක්ති ක්ෂේත්රය වෙත අවධානය යොමු කිරීමටය.
( නදීශානි පතිරණ)
කොළඹට දැනෙන ගමට නොදැනෙන බලශක්ති අර්බුදය
විදුලි හා බලශක්ති අර්බුදය නාගරීකජනතාවට වඩාත් දැනෙන, ගම්බද වැසියන්ට එතරම් නොදැනෙන්න ගැටලුවක් බව බොහෝදෙනාගේ මතයයි. කොළඹ පවතින අරගල හා උද්ඝෝෂණ ගමට වඩා දැඩිව ක්රියාත්මකවන්කමක් නිසාද යන්න ඒ අනුව විමසා බැලිය යුතුය.
බලශක්තිය නැතිනම් Energy යනුවෙන් බැලූ කල ලකාව තුළ බලශක්තිය භාවිතයට ගන්නා ආකාර 4ක් පවතී. ඒවා නම් දැව හා අපද්රව්ය (Bio mass), තෙල් (පෙට්රෝලියම්), ගල්අගුරු හා විදුලි බලයයි. මේ දිනවල රටේ ඇතිවී තිබෙන සමාජ නොසන්සුන්තාවය හා පුරවැසි අරගලයට තෙල් පෝලිම් සහ විදුලි කප්පාදුව දැඩි බලපෑමක් එක් කළ බව සැබෑය. නමුත් මෙරට බලශක්ති ඉල්ලුම දෙස බලන විට 42% ක් වැනි ප්රතිශතයක් රදාපවතින්නේදැව හා අපද්රව්ය නැත්නම් Bio mass මතය. එසේනම් මේ අවස්ථාවේ තෙල් (පෙට්රෝලියම්) අර්බුදය හා විදුලි අර්බුදය රටේ හැම කෙනාටම එක හා සමානව බලපානවාද යන්න හඳුනා ගැනීම අවශ්යය. තෙල් (පෙට්රෝලියම්) ලෙස හඳුන්වන ඩීසල්, පෙට්රල්, බොරතෙල්, මෙරට බලශක්ති ඉල්ලුම දරන් 44%ක ප්රතිශතයකි. ගල්අගුරු ලෙස අපි බලශක්තිය ඉල්ලුම් කරන්නේ 1%කටත් වඩා අඩු ප්රතිශතයකිනි. මීළගට විදුලිය ලෙස බලශක්තියට ඇති ඉල්ලුම 13%ක අගයකරඳා පවතියි. 42%ක් දැව මත රැදී සිටින විට පැහැදිලිවන්නේ දැවබහුලව භාවිතයට ගන්නේ ගම්බද ජනතාව වන බවයි. ඒ අනුව තෙල් පෝලිම් හා විදුලි කප්පාදුව නාගරික ජනතාවට සාපේක්ෂව ගම්බදජනතාවට නොවන බවට අදහසක් ලබාගත හැකිය. මිරිහානේ සිදුවීම ඇතිවන්නට ආසන්නම හේතුව ලෙස මෙරට විදුලි කප්පාදුව පැය දෙක, තුන සිට පැය 13ක් දක්වා වැඩිවීම දැක්විය හැකිය. ලංකා ඉතිහාසයේ මෑතකාලීනව පැය 12කට වැඩි විදුලි කප්පාදුවක් සිදු නොවූ තරම්ය. මාර්තු 30, 31 හා අප්රේපළමු දින වන විට විදුලි කප්පාදුව පැය 15ක් දක්වා බලපැවැත්වීය. එහිදීද දහවල් වරුවේ මෙන්ම රාත්රී කාලයත්, පාන්දරකාලයත් අතර විදුලි කප්පාදුවක් සිදුකෙරිණි. විශේෂයෙන් කොළඹට රාත්රී හා පාන්දර කාලයේ වැඩි පැය ගණනක් විදුලිය විසන්ධි කිරීම මෑත කාලයේ මෙරට සිදුවූ පළමු අවස්ථාව මෙය විය හැකිය. මිරිහාන සිදුවීමට ආසන්න දින කිහිපයේ විහාරමහා දේවි උදයානයේ ඉටිපන්දම් අතැතිව රැදී සිටින පිරිස් දැකගත හැකිවිය. පැය 13 දක්වා මේ විදුලි කප්පාදුවරැගෙන යනවිට ජනතාව අතරින් මතු වූ ප්රධාන සටන් පාඨය වූයේත්සාමාන්ය ජනතාව විදුලි කප්පාදුවකට මුහුණ දී රටේ දේශපාලඥයන්ට එය ක්රියාත්මක නොවන්නේ මන්ද යන්නය. ආහාර, පොහොර, ගෑස් අර්බුද අතරේජනතාවගේ ඉවසීමේ සීමාව පුපුරා යන්නට බලපෑ ආසන්නෙම සාධකය වන්නේ පැය 1.3ක විදුලි කප්පාදුවයි කිව හැකිය.
අපේ රටේ බලශක්ති ඉල්ලුම ගැන අවධානය යොමු කළ විට විදුලියට ඇත්තේ 13%ක ඉල්ලුමකි. විදුලිබල මණ්ඩලයේ පාරිභෝගිකයන් දළවශයෙන් මිලියන 7නැතිනම් ලක්ෂ 70ක් පමණ වේ. මෙයින් මිලියන 5න්ම සිටින්නේ විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයයි. ලක්ෂ 35ක් පමණ විදුලි ඒකක 60ට වඩා අඩුවෙන් භාවිත කරන අයය. විදුලි ඒකක 30ට වඩා අඩුවෙන් භාවිත කරන අය ලක්ෂ 15පමණය. විදුලි ඒකක 30ක් 60ක් භාවිතයට ගන්නා පිරිසට විදුලි කප්පාදුව නාගරික ප්රජාවට තරම් නොදනේ. ඔවුන්ගේ සාමාන්ය විදුලි පරිභෝජන අවශ්යතාව වන්නේ නිවසේ විදුලි බල්බ එකක් හෝ දෙකක්ම , රූපවාහිනී යන්ත්රය භාවිතය හා ජංගම දුරකථන චාර්ජ් කර ගැනීම වේ. මීළගට විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් විදුලි ඒකක 90ට වැඩි අගයක් භාවිතයට ගත්තා ගෘහස්ථ පාරිභෝගිකයත්ය. එනයින් මෙරට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 70 ලක්ෂ 60ක් ගහස්ථ පාරිභෝගිකයන් වේ. එම පාරිභෝගිකයන් ලක්ෂ 60න් ලක්ෂ 50ක්ම විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන්නන්ය. හෝටල්, කර්මාන්තශාලා, පාසල්, රෝහල්, ආගමික ස්ථාන, මාර්ග දෙපස විදුලි බුබුළු ඉතිරි ලක්ෂ 10ක පාරිභෝගිකයන් ලෙස දැක්විය හැකිය. එසේනම් රටේ විදුලිබල අර්බුදය සැබැවින්ම සමත මහජනතාවටම එක ලෙස නොදැනෙන බව පැහදිලිය.නමුත් නාගරිකව ජීවත්වන්නට මෙය දැඩිව දැනෙන බව පෙනී යන්නකි. ඌවේවිදුලි පාරිභෝගිකයන්ගෙන් ඉතාම කුඩා පිරිසක් රටේ ආර්ථිකය හැසිරවීම මීට හේතුව වී තිබේ. එනම් ඒකක 90ට වඩා විදුලිය භාවිතයට ගන්නා පිරිස රටේ සමස්ත සමාජ ආර්ථිකය හසුරුවන පිරිස ලෙස දැක්විය හැකිය. අපි පෙර සඳහන් කළ හෝටල්, කර්මාන්තශාලා, පාසල්, රෝහල් , ආගමික ස්ථාන ආදියෙන් මෙරට සේවා ක්ෂේත්රය නියෝජනය වේ. ඒ අනුව විදුලි ඒකක 90ට අඩුවෙන් භාවිත කරන අයත් ඇතුළුව විදුලි පාරිභෝගිකයන්ගෙන් මිලියන 60ක්ම විදුලිය භාවිත කරන්නේ නිවසේ විදුලි බුබුළු දැල්වීමට. රූපවාහිනිය නැරඹීමට, වායුසමීකරණ යන්ත්ර භාද්වීතයට, නිවසේ ගෘහ විදුලි උපකරණ භාවිතයට වැනි දේය. ඔවුන්වැයකරන විදුලි ඒකකවලින් ආර්ථිකමය නිෂ්පාදනයක්, අගයක් සෘජුව රටට නොලැබෙයි. මහ බැංකුව විසින් වාර්ෂිකව නිකුත් කරන වාර්තාවට අනුව ආදායම් උපදවන ආර්ථික කටයුතු (economic activities) 48ක් දක්වා ඇත. මෙයින් 36ක්ම ඉපිරු හා තාක්ෂණික ක්ෂේත්රයට අදාළ කටයුතුයි. නමුත් එකී ආර්ථික කටයුතු 36රටේ ආදායමට දක්වන දායකත්වය 40%ක් තරම් වේ. ඒ අනුව ඉතිරී ආර්ථික කටයුතු 12 මෙරට ආදායම් 60%ක් වැනි ඉහළ දායකත්වයක් දක්වයි. මේ ආර්ථික කටයුතු 12 අතරට විදෙස්ගත ශ්රමිකයත්, සංචාරක හෝටල් ආදී සේවා සපයන ආයතනද ඇතුළත් වේ. ආර්ථික කටයුතු අඩපණ වී මේ වන විට අපේ රටේ උග්ර විදේශීය මෙන්ම දේශීය මුදල් හිගයකට මුහුණ දෙයි. අපේ රටේ ආනයන වියදම වැඩි වී විදෙස් ආදායම් අඩු වීමට හේතුවක් වී ඇත්තේ මෙම ආර්ථික කටයුතු 48ම නිස්ක්රිය වී යාමයි. එම නිසා රට අභ්යන්තරයේ ආර්ථික ගැටලුවක් ඇති වී තිබෙන අතරම ඒ සමගම දේශපාලන ගැටලුවක්ද ආදී ඇත.
අර්බුදය රටට දැනුණ හැටි
අපේ රටේ යම් අර්බුදයක් ඇතිවෙමින් පවතින බවට මුලින්ම පෙන්නුම් කලේ රටේ කහ හිගයක් මතුවූ දාය. ඉන්පසු හාල් හිගයක් ඇතිවිය. පසුව පොහොර අර්බුදය ඇතිවී කෘෂි නිෂ්පාදනවල ගැටලුවකුත්, රටේ අපනයන භෝගයක්වෙන කර්මාන්තය මුහුණ දුන් අර්බුදයක්මතු විය. මෙයින් අපිට පෙන්නුම් කෙරුණේ රටේ කෘෂිකර්මාන්තයේ යම් අර්බුදයක් ඇතිවී තිබෙන බවය. පාස්කු ප්රභාරයත්, කෝඩි වසංගතය නිසා මෙරට සේවා ආර්ථිකයට එනම් සංචාරක ක්ෂේත්රයට පහරක් එල්ල විය. ඒ අනුව අපේ රටේ ආදයම් උපදවන ක්ෂේත්ර වන කෘෂිකර්මය, සේවා ක්ෂේත්රය හා නිෂ්පාදන ක්ෂේත්රය යන තුන් ක්ෂේත්රයන් දෙකකට දරුණු පහරක් වැදී ඇති බව පෙන්නුම් වේ. සාමාන්යයෙන් රටක ආර්ථිකයක් බිදවැටෙන විට මුලින්ම කඩා වැටෙන්නේ රටක හා කාර්මික ක්ෂේත්රයයි. ඉන්පසු සේවා අංශය කඩා වැටෙයි. ලංකාවේද කහ, තේ, සහල්වල ඇති වූ කඩා වැටීම තුළින් පෙන්නුම් කළේ මෙයයි. මීලගට ඊට සේවා ක්ෂේත්රයේ වැටීම ආරම්භ විය. ඉන් රටේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වීමත් සමග රටේ දේශපාලන අස්ථාවරත්වය ඇති විය. මීළඟ අදියරේදී සමාජයකඩාවැටීමත්, පසු අදියරේදී පවුල් සංස්ථා කඩා වැටීමත්, අවසානයේ තනි තනි පුද්ගලයන් ප්රමිතියෙන් තොර ගාස්ග්නිසා මිනිසුන් එළියට බසින්නට විය. මීළගට පෙට්රල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති විය. මීළගට ඇතිවු විදුලි කප්පාදුවයි. මේ සියල්ල පෙළ ගැසූවිට අපිට පැහැදිලි වන්නේ ආහාර හා බලශක්තිය මේ ප්රධාන කාරණා බවට පත්වී ඇති ආකාරයයි. මුලින් රටේ ආහාරවලට බලපෑම ඇතිවීම මීළගට බලශක්තිය කඩා වැටීම ඇතිව තිබෙන බව පෙනී යන්නකි. මේ තත්වය මත ඇතිවී තිබෙන පෝලිම් නැති කිරීම වෙනුවෙන් පාලකයන්ගේ අවධානය මෙම අවස්ථාවේ යොමුව තිබේ. මන්දයත් ඒ හරහා රටේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය යම් මට්ටමකට සමනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බැවිනි. එලෙස ලැබෙනයම් සැනසිලිදායක වාතාවරණය තුළින් ඇතිවී තිබෙන අයහපත් තත්වය පාලනයට යම් පියවරක් ගැනීම මේ අවස්ථාවේ සියලුම දෙනා අවධානය යොමු කර ඇති කාරණාවකි. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 4ත්පමණ මේ මොහොතේ ලැබුණොත්, රටේ තිබෙන අර්බුදකාරී වාතාවරණය යතාකඳුරට සමනය කර ගැනීමට හැකිවෙතැයි ඔවුහු විශ්වාස කරති. නමුත් මෙයද ණයක් බව සිහියේ තබාගත යුතුය. එසේම එම ණයද අපේට ලැබෙන්නේ එය ගෙවීමට අපට ඇති හැකියාව සලකා බැලූ පසුවය. එසේ නම් එවැනි ණය මුදලක් ලැබීමටද යම් කාලයක් ගතවනු ඇත.මේ අනුව අද අපි නිවසේ විදුලි බුබුලක් දල්වන්නේත්, වාහනයට පෙට්ට්රල් ටිකක් ගහගෙන ගමනක් යන්නත් ණයට බව සිහියේ තබාගත යුතුය. පුද්ගලයෙක් ණය බරින් මිරිකෙනවිට කළ යුතුවත්තේතම ආදායම ඉහළ දමා ගැනීම හෝ තමන්ගේ වියදම අඩු කිරීමය. එසේ නැතිනම් තමන් සතු දෙයක් විකුණා දමා ණය බරින් නිදහස්වීමය. මෙය රටකටද පොදුය. අපිමෙතෙක් ඉන්දියාවෙන් හා චීනයෙන් ලද ණය ආධාරලටද යම් දෙයක්, පොලියක් අනාගතයේ ගෙවීමට සිදුවනු ඇත. එලෙසම ඉදිරියේදී ලබන යම් ණයක් වෙනුවෙන්ද අපිට රටින්යම් වටිනා දේවල් ඒ රටවල් වෙත ලබාදෙන්නට ඇතැම් විට සිදුවනු ඇත. මේ අවස්ථාවේදී රටේ ආර්ථික කාරණාවන් 48 දෙස නැවත හැරී බැලීමේදී ඉන් 36ක්ම ඉංජිනේරු ක්ෂේත්රය ආශ්රිත ඒවා බව ද සදහන් කළෙමු. ලංකාවේ දේශපාලඥයාගේ සිට සියලුම වෘත්තීන් පෙළ ගැසූවිට දේශපාලඥයන්ට පසුදූෂිතම වෘත්තිය වන්නේ ඉංජිනේරු වෘත්තිය බව පැවසේ. එසේ සදහන් කිරීමට හේතුව වන්නේ රටි විවිධ ගසා කෑම් සිදුවන්නේ යම් යම් ව්යාපෘති හරහා වීමත්, එම ව්යාපෘතිවලින් බහුතරය ඉංජිනේරුවන් සම්බන්ධ ව්යාපෘති වීමත්ය. පසුගිය දශක හතක කාලයේදී සිදුකළ සංවර්ධන ව්යාපෘතිවල බහුතරයම වූයේ විදුලි බලාගාර, මහාමාර්ග, ගොඩනැගිලි ආදියයි. මෙරට මේ දක්වා සංවර්ධන ව්යාපෘති සිදුකර ඇත්නම් ඉන් 90%ක්ම ඉහත ව්යාපෘතීත්ය. එසේනම් මේ සියල්ලම මෙහෙයවන්නන් අතර දේශපාලඥයන්ට පසු සිටින වෘත්තිකයන් වන්නේ ඉන්ජිනේරුවන්ය. රටේ දූෂණ, වංචා පිටුදැකීම වෙනුවෙට් සිස්ටම් චේජ් කිරීම වෙනුවෙන් විවිධ වෘත්තිකයන්පාරට බැසත්, රජයේ ආයතනවලට ඉහළ පෙළේ ඉජිනේරුවන් එලෙස සාමූහිකව එළියට බසිනු දැක ගත නොහැක්කේ මේ නිසාද යන පැනය පැන නගින්නේ මේ නිසාය.
බලශක්ති අර්බුදයට ඉංජිනේරුවන් ඉදිරිපත් කරන කෙටිකාලීන විසඳුම්
මෙරට විදුලිය නිෂ්පාදනයේ ප්රධානතම ආයතනය වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයයි. විදුලිබල මණ්ඩලය ඉහළ සිට පහළටම පාලනය කිරීමට ඉජිනේරුවන් 800ක්ම ණ යෙදෙයි. මීට අමතරව පෞද්ගලික අංශය ගැන අවධානය යොමු කළොත්, බලශක්ති ක්ෂේත්රය තුළ සේවයදෙන ඉංජිනේරුවන් 2000ක් පමණ සිටියි. එමෙන්ම මේ ක්ෂේත්රයේ ප්රවීණ දැනුම ඇති ඉංජිනේරුවන් 3000කින් පමණ අපේ සතය. මොවුන් විවිධ තලවල සිට රටේ බලශක්ති ක්ෂේත්රය වෙනුවෙන් සිය දායකත්වය සපයන අතර, විවිධයන් හා විවිධ නිලධාරින් වෙත ඔවුන් වරින්වරමේ රටේබලශක්තිය සම්බන්ධයෙන් සිදු කළයුතු යෝජනාවලියන් ඉදිරිපත් කර ඇත. විදුලිබල මණ්ඩලය සතුවද වාර්ෂිකව යාවත්කාලීන වන අවුරුදු 20ක ජනන සැලැස්මක් ඇත. මීට අමතරව පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන්ද වූ සැලසුම් මෙරට පවතී. විවිධ රජයන් පත්වෙද්දි ඔවුන්ගේ ප්රතිපත්ති ප්රකාශනයන්හී බලශක්ති ක්ෂේත්රය වෙනුවෙන් අදාළ වගන්ති සකස් කිරීම වෙනුවෙන් විශ්ව විද්යාල මට්ටමෙන් විද්වතුන් දායකත්වයක් ලබාදෙන අවස්ථාද පවතී. මීට අමතරව බලශක්ති්රයේ ව්යාපාරයන්හි නියැළී සිටින විද්වතුන්ද විවීධ සැලසුම් රජයට හා අදාළ පාර්ශව වෙත යොමු කරනු දැක ගත හැකිය. මීට අමතරව ලෝක බැංකුව, ජයිකා ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව යනාදී මූල්ය පහසුකම් සපයන ආයතනද විවිධ ආයෝජනරැගෙන එන විදේශ ආයෝජකයන්ට රටේ බලශක්ති ක්ෂේත්රය වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කරයි. ඒ අනුව රටේ විදුලි හා බලශක්ති ක්ෂේත්රය වෙනුවෙන් විවිධ අංශ ඉදිරිපත් කරනු ලැබූ යෝජනා හා සැලසුම් මේ වන විට දුසිම් දෙක තුනක් පමණ පවතියි. මේ යෝජනාවලීන් සියල්ල ගෙනඒකට කියවා බැලූ විට අඩු වැඩි වශයෙන් පවතින්නේ එක හා සමාන යෝජනා බව පෙනී යන්නකි. තාක්ෂණික වශයෙන් මේවායේ අන්තර්ගතය වෙනසක් නොමැත. ඒ හේතුවෙන් මෙකී යෝජනා කුමක් වුවත් රජයකට අමුතු යෝජනා නොවෙයි. නමුත් වර්තමානයේ දැඩිව අවශ්ය වන්නේ මෙකී යෝජනායන්හි ප්රමුඛතා හඳුනාගෙන ක්රියාත්මක කිරීමයි.බලශක්තිය වෙනුවෙන් සැකසූ පාර්ලිමේන්තුවේ අනුමත ජාතික ප්රතිපත්තියක් මෙරට පවතිද්දී එම ප්රතිපත්තියට එහා යමි යමක් සඳහන් කිරීම බොහෝවිට මතිවරණ ප්රතිපත්ති සකස් කරද්දී සිදුවන්නකි. වත්මන් ජනාධිපතිවරයා ගෙන ආ සෞභාග්ය දැමිය එලෙස පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ආන්තික ප්රතිපත්ති සදහන් කර තිබිණ. මෑත ඉතිහාසයේ බලයට පත් සියලු රජයන්හී මෙවැනි අතාර්කික සහ නොමේරූ දේශපාලනික ප්රතිපත්ති අනුව ක්රියාත්මකවන්නට ගොසින්, රටේ ඉදිකරන්නට නියමිතව තිබූ බලාගාර ඉදිකිරීම ප්රමාද වූ බව ඉංජිනේරුවන් පෙන්වා දෙන්නකි.යම් ඉංජිනේරුවන් පිරිසකගේ තාක්ෂණික ආවරණයද මේ සදහා සැමදා ලැබී ඇත. ජාතික බලශක්ති ප්රතිපත්තිය අනුව යමින් තවත් බලාගාරයක් දෙකක් නිසිකලට ඉදිකර තිබුණේ නම් එය මෙම අසීරු මොහොත් යම් ආකාරයකට අස්වැසිල්ලක් වනු ඇත. මේ වනවිට රටට ආදායම් උත්පාදනය කරන බොහෝ කර්මාන්ත කඩා වැටී ඇත. වෙනදා පාරට නොබසින ලද තොරතුරු තාක්ෂණ වැනි ව්යාපාර ක්ෂේත්රයවල අයද අරගල භූමියට එකතුවනු දැක ගත හැක්කේ මේ නිසාය. කෙසේ හෝ මේ වන විට ගොඩ දැමීම වෙනුවෙන් විවිධ ක්රියාමාර්ග ගනිමින් පවතී. නමුත් තිබූ තැනට පැමිණීමට තවත් වසර පහක්වත් අඩුම තරමේ ගතවනු ඇත. නමුත් අර්බුදයේඑක් කේන්ද්රීය සාධකයක් වූ බලශක්ති ක්ෂේත්රයේ කටයුතු කරන ඉංජිනේරුවන් සියලු දෙනා එකට එක්ව මේ සම්බන්ධයෙන් සාමූහික යෝජනාවලියක් ඉදිරිපත්කිරීමට අපොහොසත් වී ඇත,ණය පීඩණය ලබා සැමට ඇති පදම් තෙල් සැපයීමත්, ඩොලර් පුච්චමින් ලයිට්පත්තු කිරීමත් තවදුරත් කළ නොහැක. රට තුළ බලශක්තිය සම්බන්ධයෙන් සිදුකළ යුතු ප්රධානම කෙටිකාලීන යෝජනාව වන්නේ Demand Management නැත්තම් ඉල්ලුම කළමනාකරණයයි. අපි වෙනුවෙන් අපි, DREAM වැනි ජාතියම පෙළගැස්වූ ජාතිකයන් බලශක්ති ඉතුරුම් වැඩපිළිවෙළක් අත්යාවශ්යය. වර්තමානයේ කලාප අනුව බෙදා විදුලිය විසන්ධි කිරීමෙන් සිඳුකරන්නේ විදුලි සැපයුම කළමනාකරණයයි. නමුත් මෙවැනි අවස්ථාවක සැපයුම් කළමනාකරණය පිළිබදව මෙන්ම අවධානය යොමු කළ යුතු වැදගත් දෙයක්ව කළමනාකරණයයි.මෙයින් අදහස්කරන්නේ ගෙදර එක් විදුලි බුබුළක් නිවා දායකත්වය දැක්වීමක් වැනි දෙයක් නොවේ. අපේ රටේපවතින හදිසි තත්වයෙන් මිදීමට අවශ ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ප්රමාණය ලබාගන්නටද තවත් මාස කිහිපයක් බලා සිටීමට සිදුවන්ය මෙසේද, අනාගතයේ තව දුරත් ණය ගැනීමට රජයට සිදුවනු ඇත. මෙලෙස ණය ගත්නා විට රට තවදුරටත් අමාරුවේ වැටීම සිදුවේ. එය යම්තාක් දුරට අඩු කර ගැනීමට සිදුකළ යුත්තේරටේ වියදම් යම් ආකාරයකට අඩු කර ගැනීමයි. වියදම අඩු කරන විට එලෙස වියදම අඩු කළ හැකි ආකාර මොනවාද යන්න වටහා ගැනීමද වටී. එනම් ඉහත අපි සදහන් කළ ආර්ථික කටයුතු 48 තුළින් මෙය සිදුකිරීමට හැකි ආකාර සොයා බැලිය යුතු වේ. ඒ අනුව ආහාර හා බලශක්ති සුරක්ෂිතාවය සහ අවම සැපයුම ගැන මේ අවස්ථාව්වේ වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතුය. ආහාර සුරක්ෂිතාවය සම්බන්ධයෙන් ඇතිවන ගැටලුව වෙනුවෙන්ගත හැකි පියවර පිළිබද මාර්ගෝපදේශ මේ වන විටත් විශ්වවිද්යාල ආචාර්ය මණ්ඩල මූලික වී ඉදිරිපත්කර තිබේ. එයින් කෘෂිකර්මාන්තය නැංවීමට මේ අවස්ථාවේ සිදුකළ යුතු දෑ ඉදිරිපත් කර ඇත. එසේ නම් මීලගට බලශක්ති ක්ෂේත්රය වෙත පමා නොවී අවධානය යොමු විය යුතුමය.ඉන්ධන සැපයීම කෝටා ක්රමයක් අනුව සිදුකිරීම තවත් කෙටිකාලීන යෝජනාවකි. ඩොලරයට සාපේක්ෂව ඉන්ධනවල මිල ඉහළ දැමීම පසුගිය දවස්වල සිදුවූවකි. එයින් සිදුකරන්නේද මිල ඉහළ දමා ඉන්ධනවලට ඇති ඉල්ලුම අඩු කිරීමය. නමුත් මින් අතුරු විපාක විදින්නට සිදුවේ.එනම් රටේ අනෙකුත්භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමක් අඳින්නට වීමය. මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීම මෙන්ම සිදුකළ යුතු දෙයක් වන්නේ ඉන්ධන නිකුත් කිරීමේදී යම් කෝටාවක් ඇති කියි. එනම් ප්රවාහන ප්රමුඛතාවත් අනුව මාසික නිශ්චිත සීමාවක් ඇතුව කෝටා ක්රමයකට ඉන්ධන නිකුත්කිරීම සිදුකළ යුතුය. මේ සදහා වාහන අංකය සහ දුරකථන අංකය ජාලගත කිරිම මගින් සරල ජගම දුරකථන යෙදවුමක් සකස් කරපෝලිම් ක්රමය අඩු කරගත හැකිවනු ඇත. ඉන්ධන ඉතිරි කර ගැනීම වෙනුවෙන් ගෙනෙන මහජන යෝජනා අතර සතියට කාර්යාල දින හා පාසල් පවත්වන දින ගණන අඩු කිරීමට යෝජනාවකි. නමුත් ඉන්ධන කෝටාවක් හඳුන්වා නොදී මෙය ක්රියාත්මක වීමෙන් සිදුවන්නේ ගෙදර සිටි දවස් වලදී මිනිසුන් වාහනවලින් සංචාරයේ යෙදීමය.මෙවැනි අවස්ථාවක සිදුකළ යුතු තවත් ප්රගතිශීලී යෝජනාවක් ව පොදු ප්රවාහන ක්ෂේත්රය ඉතාම සැලසුම් සහගතව ජනප්රිය කරවීම හා බලගැන්වීමයි. ඒ අනුව කොළඹ නගරය තුළ පළමුවත් ඉන්පසුව දිස්ත්රික්ක අනුව අනෙක් ප්රදේශවල රජයේ හා පෞද්ගලික බස්රථ මගින් නොනවතින Ring-Ride Network ප්රවාහන පහසුකම් ලබාදීමය. දුම්රිය, බස්රථ වැනි පොදු ප්රවාහන කෙරෙහි මේ වන වීට මගීන්ගෙන්වැඩි ඉල්ලුමක් ඇතිවී ඇත. එවැනි අවස්ථාවක පොදු ප්රවාහනයේහසුකම් වැඩි කිරීම මේ අවස්ථාවේ ඉතාම හොද අදහසකි. මෙරටට ගෙන්වන ඉන්ධනවලින් 80%ක්ම භාවිතයට ගැනෙන්නේ ප්රවාහනය සදහායි. විදුලිය උත්පාදනයට, කර්මාන්ත සඳහා භාවිතයට ගත්තේඉතිරී 20%ක ප්රමාණයවේ. එසේනම් රටට ගෙන්වන ඉන්ධනවලින් සිදුවන්නේ වාහනවලට තෙල් ගහංගන එහේ මෙහේ ගමන් කිරීම නම්, අපිට ඒ පිළිබද ගැඹුරෙන් සිතීමට සිදුවේ. විදුලි පරිභෝජනය විදුලි ඒකක 60ට වඩා අඩුවෙන් සිදුකර පරිභෝගිකයන් අතහැර අනෙක් සියලුම දෙනාගේ විදුලි බිල වැඩි කිරීම මේ අවස්ථාවේ සිදුකළ යුතු වේ.කැමති වුණත්, නැතත් මේ තීරණය ගැනීමෙන් විදුලිබල මණ්ඩලයේ පාඩුව යම්තාක් දුරට මකා ගැනීමට හැකියාවක් ඉන් ලැබෙනු ඇත. විදුලි ඒකකයක නිෂ්පාදන වියදම 40ක් පමණ වන විට විකුණුම් මිල රුපියල් 17ක් පමණි. සරල මිල සූත්රයකට බැඳුණු වියදම පියවන සාධාරණ නව විදුලිබිල දර්ශකයක් අනිවාර්ය වේ. මීළගට අධික පරිභෝජනයක් සහිත වියදම් දැමීමේ හැකියාව ඇති ඉහළ පාරිභෝගික කාණ්ඩය විදුලිබල මණ්ඩලයේසැපයුම් වගකීමෙන් නිදහස් කිරීම තවත් යෝජනාවකි. එනම් ඒකක 90ට වැඩි විදුලි පාරිභෝගිකයන්ට බැටරි සහිත සූර්ය පැනල (Ofe Grid Solar) භාවිතයට ගැනීමේ පහසුකම් සැපයීමේ ව්යාපෘතීන් ආරම්භ කළ යුතුය. බැටරි සහිත සූර්ය පැනල වෙනුවහසු බැංකු ණය, ණය ලිපි, බදු සහන යටතේ Off Grid Solar with Battery Storage ප්රවර්ධනය සහ ස්ථාවර ගාස්තු යටතේ Stand by සැපයුම අඛණ්ඩව ලබාදීම වෙනුවෙන් යම් සහන ලබාදීම සිදුකළ යුතුවේ. විදුලිබල මණ්ඩලයට වැඩිම ආදායමක් ලබා දෙන්නේ විදුලි ඒකක 90ට වඩා භාවිත කරන පාරිභෝගිකයක්වීම තිසා විදුලිබල මණ්ඩලය Off Grid ක්රමය ප්රවර්ධනය කරගැති නමුත් මේ අවස්ථාවෙහි ඒකක 90ට වඩා පාවිච්චි කරන පාරිභෝගිකයන් ලක්ෂ දහයක පිරිසට දිගුකාලීන ව්යාපෘතියක් යටතේ ඉන් 50%ක්වත් Off Grid කිරීම ඉදිරියේදී සිදුකළ යුතු වේ. අඩුම තරමේ කඩිනමින් පාරිභෝගිකයන් 1000ක්වත් OffGrid කිරීම සිදුකළ යුතුය. මේ හරහා සිදුකරන්නේ විදුලිය සදහා ඉන්ධනවලට ඇති ඉල්ලුම යම් ප්රමාණයකට අඩුකර ගැනීමය. මේවා ජනප්රිය තීරණ නොවුණත්, සිදුකළ යුතුම තීරණ වන්නේ රටේ ණය බර හැකිතාක් දුරට අඩුකර ගතයුතු නිසාවෙනි. සමාජයක හෝ රටක හෝ ඕනෑම ස්වභාවයක පැවැත්මට නැවත නැවත සිදුවනරටාවක් පවතී. මෙහි පවතින උපයෝගීතාවන් පරිහරණයවරක විසිපවතී. එහි යම් සීමාවකට පැමිණිය පසු සාමාජිකයන් විසීපරිහරණය මධ්යගත කිරීමට පෙලඹේ. ආහාර, ඖෂධ, අධ්යාපන, රසවින්දනය යනාදී සියලුම සැපයුම් සහ සේවා දේශීය මෙන්ම විදේශීය ජාලගත හා මධ්යගතවනයක් තුළින් පාරිභෝගිකයා වෙත ලැබෙයි. විදුලිය, ඉන්ධන වැනි බලශක්තිය ජාලගත හා මධ්යගතවහයක් තුළින් පාරිභෝගිකයා වෙත ලැබෙයි. අප විසින් පසුකරමින් සිටින්නේ මධ්යගත ක්රමයක අවසාන කාලසීමාව විය හැකියි. සමාජ, ආර්ථික, දේශපාලන සිදුවීම් පෙළගැස්ම තුළ විමධ්යගත ක්රමයක් නැවත සමාජය තුළින්ම ගොඩනගයි. අපි වවමු ආහාර, ලෙඩ නොවී ඉමු, පුංචි පුංචි ලෙඩවලට අත් වෙදකම් කරන්නට බලමු (ඖෂධ), Online Education (අධ්යාපනය, Netflix (රසවින්දනය), බයිසිකලයෙන් හෝ පයින් වැඩට යමු, දර ලිප (ඉන්ධන), කොම්පෝස්ට් පොහොර, බැටරි සත ගෘහස්ථ සූර්යය බලාගාර (විදුලිය විමධ්යගත ක්රමයක පෙළගැස්මයි. සමාජ ක්රියාකාරින්, දේශපාලනය විසින් මෙම කාලමාරුව තේරුම් ගත යුතුයි. ස්වභාවය විසින් විමධ්යගත ක්රමය ඉල්ලනවිට බලෙන් මධ්යගත විසදුම් ලබා දිය යුතු නොවේ. ඉක්මනින් තේරුම් ගැනීම සහ සීරුමාරුව සමාජය ඉක්මනින් සුවපත් කරනු ඇත.