Showing posts with label FORING. Show all posts
Showing posts with label FORING. Show all posts

Monday, August 12, 2019

HUAWEI ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙයි










චීනයේ ප්‍රමුඛ පෙළේ දුරකථන තාක්ෂණික සමාගමක් වන හුආවෙයි සමාගම පළමුරට තමන් විසින්ම නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධතියක් යොදා ගනිමින් ක්‍රියාත්මක නව රූපවාහිනියක් එළි දක්වන්නට පසුගියදා පියවර ගෙන තිබේ.

 ඔවුන් මම මෙහෙයුම්පද්ධතිය හාර්මනි ඕඑස් (HarmanyOs) ලෙස නම් කර ඇත.

හුආවෙයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් ෂාඕ ගේ මූලිකත්වයෙන් ගුආන්ග්ඩොග් හි පිහිටි හුආවෙයි විශ්ව විද්‍යාලයේදී මෙම එළිදැක්වීම සිදු කර ඇත.

මම මෙහෙයුම් පද්ධතිය සහිත නව ස්මාර්ට් රූපවාහිනිය මේ සතියේ සිට චීනයේදී මිලදී ගත හැකි බව හුආවෙයි
සමාගම පවසයි.

මේ අතරම තමන් නිර්මාණය කළ මෙමහාර්මනි ඕඑස් මෙහෙයුම් පද්ධතිය ඉදිරියේදී සිය හුආවෙයි ජංගම දුරකථන සදහා විකල්පයක් ලෙස භාවිත කළ හැකි බවත් සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර පවතින වෙළඳ යුද්ධයේ අවස්ථාවක් ලෙස චීනයේ හුආවෙයි සමාගම ඉලක්ක වී තිබීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඔවුන් මෙම නව මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදී ඇතැයි තාක්ෂණික විෂ්පාඥයෝ පවසති. මෙම ගැටුමේ එක් අවස්ථාවක් ලෙස හුආවෙයි දුරකථන වෙත එක්සත් ජනපදයේ ඇඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සහාය ලබා නොදීමට තීරණය වී තිබේ.

Thursday, August 1, 2019

ඩුබායි පාලකයා ප්‍රත්ක්ෂේප කරමින් බිරිඳ බ්‍රිතාන්‍ය අධිකරණ සහය පතයි-දෙරට අතරත් ගැටුමක ලකුණු








එක්සත් අරාබි එමීර් රාජයේ  ඩුබායි නුවර පාලකයා වන ෂෙයික් මොහොඩ් බින් රෂිඩ් අල් මක්ටොයුම්ගේ බිරිද වන හායා බින් අල්  හුසේන් කුමරිය තමන්ව බලහත්කාරී විවාහයකින් ආරක්ෂා කරගන්නා ලෙස තීන්දුවක් ලබා දෙන මෙන් බ්‍රිතාන්‍ය මහාධිකරණියෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි වාර්තා වයි.

පසුගිය අගහරුවාදා අදාළ නඩුව විභාගයට ගැනීම ආරම්භ විය. ඒ අනුව අල් මක්ටොයුම්ගේ ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කරන එමීර් රජ පවුලට අයත් තෙවැනි කාන්තා සාමාජිකාව බවටද ඇය පත්ව සිටින්නීය.

 ඒ අනුව අල් මක්ටොයුම්ගේන් තමන්ට එල්ල විය හැකි තාඩන පීඩනයකින් ආරක්ෂා කර දෙන ලෙස ඇය බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් ඉල්ලීම සිදු කර තිබේ.

මෙලස බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක බලහත්කාරී විවාහය වැළක්වීමේ නීතිය යටතේ යම් බලහත්කාරී විවාහයක් යටතට පත්වීමට නියමිත හෝ දැනටමත් බලහත්කාරී ලෙස විවාහයකට යටත් වුණු පුද්ගලයෙකු ආරක්ෂා කිරීමේ බලය පවතී.


45 හැවිරිදි හා හායා 70 හැවිරිදි අල් මක්ටොයුම්ගේ හයවැනි බිරින්දෑද අභාවප්‍රාප්ත හුසේන් රජුගේ දියණියක් වන ඇය එරට අබ්දුල්ලා රජුගේ අර්ධ සහෝදරියක්ද වෙයි.

මේ වනවිට අල් මක්ටොම්යුම් හට බිරින්දෑවරුන් කිහිප දෙනෙකුගෙන්ම බ්‍රිතානය ළමුන් 20 දෙනෙකුට ආසන්න පිරිසක් සිටින බවත් පැවසෙයි.

හයා කුමරීටත් අල්  මක්ටොම්යුම්ටත් දාව දරුවන් දෙදෙනකුද සිටින අතර එම දරුවන් සඳහාද අවශ්‍ය පහසුකම් සලසන ලෙස කුමරිය මෙහිදී ඉල්ලා තිබේ.

එහෙත් එය විනිසුරුවරයා අතින් ප්‍රතික්ෂේප වී තිබේ.

හායා කුමරියගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි එක්සත් අරාබි එමීර් තානාපති කාර්යාලය, එය එක් තැනැත්තියකගේ පුද්ගලික කාරණාවක් බවත්, ඊට එක්සත් අරාබි එමීර් රජය මැදිහත් නොවන බවත් පවසා ඇත.

හිටපු ඔලිම්පික් කමිටු සාමාජිකාවක වන හායා කුමරිය හා ඔක්ටොම්යුම් අතර වීවාහය සිදු වූයේ 2004 වසරේදීය.   කලක් බ්‍රිතාන්‍යයේ පදිංචිවී සිටි ඇය වසර 2000දී සිඩ්නි නුවරදී පැවැත්වුණු ඔලිම්පික් උළෙලේදී අසුන් පැන්නීමේ ක්‍රීඩාවටද සහභාගි වූවාය.

එම අවස්ථා කිහිපයකදීම ඇය බ්‍රිතානයේදී පැවැත්වුණු එවැනි බ්‍රිතාන්‍ය රෝයල් ඇස්කොට් තුරග තරඟ සදහාද සිය ස්වාමියා වන ඔක්ටොයුම් සමගින් සහභාගි වී තිබේ.

ඒ අනුව හායා කුමරිය දැනට පතා ඇති අධිකරණයේ පිහිටත් සමගින් ඉදිරියටත් බ්‍රිතාන්‍ය තුළ වාසය කිරීමට සූදානමින් සිටියි. එහෙත් ඇගේ ස්වාමියා ඇයට යළිත් ඩුබායි නුවර වෙත පැමිණෙන ලෙස පැවසුවහොත් එය බ්‍රිතානයත් එක්සත් අරාබි එමීරයත් අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලූවක් දක්වා දරුණු විය හැකි බව මාධ්‍යයේ අදහස වී තිබේ.

Wednesday, July 31, 2019

ඉවතලන පොලිතීන් සහ රබර් වලින් පන්ති කාමර හදන අයිවරි කෝස්ට් රාජ්‍යය ලොවටම ආදර්ශයක්.







අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි අයිවරි කෝස්ට් රාජ්‍යයේ දරුවන් සඳහා පාසල් ඉදිකිරීම වෙනුවෙන් අඩු වියදම්, පරිසර හිතකාමී ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට යුනිසෙෆ් අරමුදල සහ කොලෝම්බියානු සමාජ සංවිධානයක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී ඔවුන් අදාළ පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය ගඩොල් නිපදවා ගැනීම ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුකිරීම මෙහි ඇති විශේෂත්වයයි.

ඉතාමත් පහසුවෙන් හැසිරවිය හැකි මෙම ප්ලාස්ටික් ගඩොල් අනෙකුත් සමාන ගඩොල් හා සැසඳීමේදී මිල අතින්ද අඩු අගයක් ගැනීම එම ඉදිකිරීම් කටයුතු වඩාත් සරල කර තිබේ.

වාර්තාවලට අනුව දැනටමත් අධ්‍යාපනය ලැබීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක්  නොමැති එරට වෙසෙන දරුවන්
වෙනුවෙන් පන්ති කාමර 15,000ක් ඉදිකිරීම අනිවාර්ය වී ඇත.

ඒ අනුව, පන්ති කාමර අවශ්‍ය එරට දරුවන්ගේ, එම අවශ්‍යතාව සැපිරීම සඳහා මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා සකසන ගඩොල් වඩාත් ඵලදායී බව අදහස වී තිබේ.

"මේ ක්‍රමවේදය මගින් අපිට තෙවැදෑරුම් ප්‍රතිඵල අත්වෙනවා. ඉන් එකක් තමයි, අයිවරි කෝස්ට් හි දරුවන්ට වැඩිවශයෙන් පන්ති කාමර හිමිවීම. අනෙක පරිසරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමයෙන් අඩුවීම. ඒ වගේම තමයි, බොහෝ පවුල් වලට අමතර ආදායමක් හිමි කරගැනීමට හැකිවීම” යනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝරේ පවසයි.

කොන්සෙප්ටොස් ප්ලාස්ටිකොස් නම් සමාගමක් මම ප්ලාස්ටික් ගඩොල් නිපදවයි. එරට අබිඩ්ජාන් අගනුවර අවට ප‍්‍රදේශවලදී එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ සඳහා එකතු කෙරේ.

 වාර්තාවලට අනුව සෑම දිනකදීම එරට අගනුවරදී පමණක් ප්ලාස්ටීක් අපද්‍රව්‍ය ටොන් 280කට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙයි. ඒ අතරින් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙන්නේ 5%කට වඩා අඩු ප්‍රමාණයකි. ඒ අනුව, මෙහිදී ප්ලාස්ටික් සහ රබර් අපද්‍රව්‍ය එකට මිශ්‍ර කරමින් සකසා කරගන්නා අමුද්‍රව්‍ය යොදා ගෙන මෙම ප්ලාස්ටික් ගඩොල් නිපදවයි.

ඉදිරි වසර දෙක ඇතුළතදී දරුවන්ට පත්ති කාමර 500ක් ඉදිකිරීම ඔවුන්ගේ අදහසයි.

 -හසිත විතානගේ-

Wednesday, July 10, 2019

වොෂින්ටනයට මහ වැසි-ධවල මන්දිරයත් යට වෙයි


වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)

 ඇමරිකාවේ වොෂින්ටන් අගනුවරට පෙරේදා (08) හිටිහැටියේ මහ වැසි ඇද හැලුණු අතර, ජනාධිපති මන්දිරය හෙවත් "ධවල මන්දිරයෙ'' පවා ජලයෙන් යටවිය.

ජලයෙන් යටවූයේ ධවල මන්දිරයේ බිම් මහලය. ධවල මන්දිරය පමණක් නොව වොෂින්ටන් අගනුවර පිහිටි ඇමරිකාවේ රාජ්‍ය ආයතන රැසක් ද ජලයෙන් යට විය.

ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමෙන්තුව ද ජලයෙන් යටවුණු නමුත් එහි සුරැකිව තබා ඇති වටිනා ලියකියවිලිවලට කිසිදු හානියක් සිදු නොවුණු බව වාර්තාවිය.  ජල ගැලීම් හේතුවෙන් වොෂින්ටන් අගනුවර විදුලි බල සැපයුම ද අඩපණය විය. උමං දුම්රිය ගමන් බිමන් නැවැතිණි.

වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි යැයි ඇමරිකන් කාලගුණ විද්‍යාඥයන් ක‍ල්තියා පවසා තිබුණද  මෙතරම් දරුණු තත්වයක් පිළිබඳ අනාවැකි කීමට ඔවුන් අපොහොසත් වී තිබුණි.

පෙරේදා (8) වොෂින්ටන් අගනුවර වේලාවෙන් උදෑසන 9 සිට 10 දක්වා කාලයේ මිලිමීටර 84 ක වර්ෂාපතනයක් ඇද හැලුණි. මීට පෙර  වොෂින්ටන් අගනුවරට පැයක් ඇතුළත ඇද හැලුණු වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 56 කි. සාමාන්‍යයෙන් ජූලි මාසයේ වොෂින්ටනයට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැලයි.

 ජූලි මාසයේ වැඩිම වර්ෂෂාපතනයක් වාර්තා වූයේ 1871 වසරෙන් පසුව යැයි ඇමරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වොෂින්ටන් අගනුවර අයත් වන්නේ කොලොම්බියානු දිස්ත්‍රික්කයටය. ආලින්ටින් සහ වර්ජිනියා පළාත්වලට පැයක් තුළ මිලිමීටර් 127 ක වර්ෂාපතනයක් ලැබී ඇත.

සැඩ රළ පහර සමඟ හටගත් හදිසි ජල ගැලීම හේතුවෙන් මාර්ග යටවීමෙත් වාහන මාර්ගවල සිරවිය.

Wednesday, March 27, 2019

ගැලපෙන ඇඳුමක් නැති නිසා ගගනගාමිනියකට අභ්‍යවකාශයේ ඇවිදීම අහිමි වෙයි









ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ඇමෙරිකා එක්සත් ජනපද කාන්තා ගගනගාමීන් දෙදෙනකු සිදු කිරීමට සැලසුම් කර තිබූ ඓතිහාසික අභ්‍යවකාශ ඇවිදීම අත්හිටුවීමට නාසා ආයතනය කටයුතු යොදා තිබේ.

මෙම කාන්තා ගගනගාමීන්ට එවැන්නක් සඳහා සුදුසු අභ්‍යවකාශ ඇඳුමක් නොමැතිවීම මීට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත. මීට පෙර සැලසුමට අනුව අභ්‍යවකාශයේ රැදීසිටින ගගනගාමිනියක වන ක්‍රිස්ටිනා කොච් තවත් එක්සත් ජනපද ගගනගාමීවරියක වන ඇන් මැක්ක්ලේන් සමගින් ලබන සිකුරාදා අභ්‍යාවකාශයේ ඇවිදීමට සූදානමින් සිටියාය.

ඒ අනුව එය කාන්තා ගගනගාමීනියන් දෙදෙනකු එකවර අභ්‍යාවකාශ ඇදීමක් සිදු කළ පළමු අවස්ථාව බවට පත්වීමටද නියමිතව තිබුණි. එහෙත් ක්‍රිස්ටිනා සමගින් අදාළ ඇවිදීම සඳහා තවත් එක්සත් ජනපද ගගනගාමියකු වන නික් හේග්  සහභාගි වන බව නාසා ආයතනය ප්‍රකාශයට පත් කර ඇත.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටවූ 1998 වසරේ සිට මේ දක්වා ගගනගාමීන් අභ්‍යවකාශ ඇවිදිම් 214ක් සිදු කර තිබේ. එහිදී  ගගනගාමීන් දෙදෙනකු හෝ ගගනගාමිනියක සහ ගගනගාමියකු මේ අවස්ථාව සඳහා සම්බන්ධ වි ඇත.

ඒ අනුව ඇන් මැක්ක්ලේන් මීට පෙර නික් හේග් සමගින් අවකාශ ඇවිදීමක නිරත වී ඇත. එහෙත් ඇය ඇඳි අවකාශ ඇඳුම ඇයගේ සිරුරේ ප්‍රමාණයට සරිලන්නක් නොවන බව පසුව හඳුනාගත තිබේ. ඇයට සරිලනනේ මධ්‍යම ප්‍රමාණයේ අඳුමකි.

මේ වනවිට අවකාශ මධ්‍යස්ථානයේ ඇත්තේ එවැනි එක් ඇදුමක් පමණක් බව නාසා ආයතනය පවසයි. මේ හේතුවෙන් ලබන සිකුරාදා ඇන් මේ ඇවිදිමට සම්බන්ධ නොවී එම ඇඳුම කොච් විසින් පලදිනු ඇතැයි ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

Friday, March 22, 2019

බෝයිං සමාගම අභ්‍යවකාශ අත්හදාබැලීම් තාවකාලිකව නවතයි







ඇමෙරිකා එක්සත් ජනපදයේ බොයිං සමාගම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිදු කිරීමට නියමිතව තිබූ අත්හදා බැලීමක් කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එම සමාගමේ බෝයිං 737 මැක්ස් 8 මාදිලියේ ගුවන්යානා සම්බන්ධයෙන් උද්ගතව ඇති. ගැටලුවෙන් පසුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. නාසා ආයතනය හා එක්ව දියත් කිරීමට සැලසුම් කර තිබූ මානව අභ්‍යවකාශ - පියාසැරී වැඩසටහන යටතේ මෙලෙස මිනිසෙකු රහිතව ජාත්‍යත්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අත්හදා බැලීමක් සිදු කිරීමේ සැලසුම වී තිබුණි. 

එහි පළමු අදියර ලබන අප්‍රේල් මාසයේදී සිදු කිරීමට නියමිතව තිබුණි. එහෙත් දැන් එය අගෝස්තුවට කල් ගොස් ඇත. ඒ අනුව මෙම අත්හදා බැලීම්වලින් අනතුරුව මිනිසුන් රහිතව සිදු කිරීමට නියමිතව තිබූ පියාසැරිය ලබන නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට ඔවුන් පියවර ගෙන ඇත.

 එක්සත් ජනපදයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසන රොකට්ටුවක් සහ කැප්සුල දියත් කිරීමේ පද්ධතියක් සකස් කිරීම සඳහා නාසා ආයතනය මේ වනවිටත් බෝයිං සමාගමට සහ ස්පේස්එක්ස් සමාගම ඩොලර් බිලියන 6.8ක් ලබා දී තිබේ. 2011 වසර දක්වාම යොදා ගැනුණු අභ්‍යාවකාශ ෂටල ව්‍යාපෘතිය නවත්වා දැමීමෙන් අනතුරුව එක්සත් ජනපදය ඒ සදහා යොදා ගන්නේ රුසියාවේ සොයුස් රොට්ටුවයි.

Thursday, March 21, 2019

මියා කලීෆා විවාහ ගිවිසගෙන






නිල් චිත්‍රපට කර්මාන්තයේ සුප්‍රසිද්ධියට පත් තරුවක් වන මියා කලීෆා පිළිබඳව මේ දිනවල කතාබහට ලක්ව තිබේ. ඒ ඇයගේ විවාහ ගිවිසගත් පුවතක් සමගිනි. රොබර්ට් ඇන්ඩ්බර්ග් සමග විවාහ වූ බව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ  හෙළි කර තිබිණි. රොබට් විසින් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබා ඇති අතර, එහි සඳහන් කර තිබුණේ, මියා කලීෆාට මෙම විවාහ යෝජනාව කළේ රාත්‍රී සාදයකදී බවයි.

එය අතිශය සුන්දර මොහොතක් බව සඳහන් කරන ඔහු, කලිෆා ඒ මොහොතේ ඉමහත් පුදුමයට පත් වූ බවද සදහන් කර තිබෙනවා. ඇය තමාගේ යෝජනාවට එකඟ වූ බවයි ඔහු වැඩිදුරටත් එහි
සඳහන් කර තිබුණේ.

නිල් සිනමාව තුළ ජනප්‍රියත්වයට පත් නිළියක් විවාහ කර ගැනීම බොහෝ දෙනා - විමතියට පත් කාරණාවකි. එසේම මෙම කර්මාත්තය බොහෝ රටවල තහනම් වුවත් ඇතැම් බටහිර රටවල වාණිජ කර්මාන්තයක් ලෙස මෙම ක්ෂේත්‍රය හඳුන්වනු ලබයි. මේ ක්ෂේත්‍රය තුළින් විශාල ලෙස ප්‍රසිද්ධියට පත් කෙනකු ලෙස  මියා කලීෆාව හඳුන්වන්නේ ඇය කර්මාන්තය තුළ ඉතාමත් කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත්ව සිටි නිසාය.


2015 වසරේදී වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඩියෝවක් සඳහා ඇය පළමුව පෙනී සිටි ඇත. ඇය විසින් හිජාබයක් ඇඳ මෙම රංගනයට දායක වූ හෙයින් ඇයට බොහෝ මුස්ලිම් රටවලින් විරෝධතා එල්ල විය. 2015 වසරේදීම ඇයට මෙම විරෝධතා මතු වූ අතර, ඇයට එරෙහිව ''IsIs'' සංවිධානය විරෝධය පා තිබේ. එම හේතුවෙන් 2016  ''IsIs'' ඝාතන ලැයිස්තුවේ මියා කලිෆාට ඉහළම තැනක් ලැබී තිබුණු බව සඳහන් වෙයි.









Tuesday, March 19, 2019

නවසීලන්තයේ සමූල ඝාතනයෙන් පසු එරට ගිනි අවි නීති සංශෝදනයට පියවර-ඝාතකයා ගිනි අවි සියල්ල ගෙන ඇත්තේ නීත්‍යානුකූලව-නවසීලන්තයේ විශාලතම ගිනිඅවි අලෙවි සල්පිලත් මෙවර අත්හිටුවයි







නවසීලන්තය තුළ පවතින ගිනිඅවි නීති ප්‍රතිසංශෝධනය කිරීම සඳහා සිය කැබිනට් මණ්ඩලය තීරණය කළ බව එරට අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් ඊයේ (18දා) මාධ්‍ය වෙත පැවසුවාය.

පසුගියදා (15දා) ක්‍රිස්ටිචර්විහිදී  මුස්ලිම් පල්ලියක් වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව මෙසේ ක්‍රියාමාර්ග ගැනීමට හේතු වුණු බව ඇය පවසා සිටියි. ඒ අනුව මෙම තීරණයට අදාළ අනෙකුත් තොරතුරු ලබන සතියේදී ලබා දීමටත් ඇය මෙහිදී පොරොන්දු ලබා දී තිබේ.

 "මේ භයංකාර ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දින 10කට පස්සේ අපිට හැකි වේවි නවසීලන්තයේ අලුත් ගිනිඅවි නීති මොනවාද කියලා ප්‍රකාශට පත් කරන්න. ඒ හරහා අපිට අපේ සමාජය වඩාත් ආරක්ෂිත  කරන්න හැකිවේවි කියලා අපි විශ්වාස කරනවා."

යනුවෙන් අගමැතිවරිය මාධ්‍ය වෙත පවසා තිබේ.

විශේෂයෙන්ම සිය සභාග රජයේ අනෙකුත් පාර්ශවය වන නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ගේ නායකත්වයෙන් යුත් නිව්සීලන්ඩ් ෆස්ට් පක්ෂය මේ  සම්බන්ධයෙන් තමන් සමග එකතුවීම පිළිබඳව ඇය සිය ස්තූතිය පළ කර ඇත.  මේ අතර පසුගිය සිකුරාදා ක්‍රිස්ටිචර්ච්හි පල්ලි දෙකක් වෙත එල්ල වුණු මෙම ප්‍රහාර පිළිබඳ පරීක්ෂණය මේ වනවිටත් සිදු කරමින් පවතින බවත් ඇය මෙහිදී පවසා ඇත.

 විශේෂයෙන්ම ප්‍රධාන ප්‍රහාරය එල්ල කළ බ්‍රෙන්ටන් ටැරන්ට් නම් ඔස්ට්‍රේලියානු ජාතික වෙඩික්කරුවා පිළිබඳව නවසීලන්ත බුද්ධි අංශ වෙත මීට පෙර කරුණු වාර්තා නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලුවටද පිළිතුරු අපේක්ෂා කරන බවද ඇය සඳහන් කර තිබේ. අගමැතිවරිය සදහන් කරන ආකාරයට අදාළ වෙඩික්කරුවා එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා භාවිත කළ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි දෙක, ෂොට් ගන් දෙක සහ අනෙකුත් ගිනිඅවි සියල්ල නවසීලන්තෙයේ පවතින ගිනිඅවි නීතියට යටත්ව මිලදී ගෙන ඇත. ඔහු ඒවා අන්තර්ජාලය හරහා මිලදී ගත් බව දැන් අනාවරණය වී තිබේ.  විශේෂයෙන්ම නවසීලන්ත ගිනිඅවි නීතියට අනුව මිලදී ගත හැකි පළමු කාණ්ඩයට අයත් ගිනිඅවි ලෙස අර්ධ - ස්වයංක්‍රීය ගිනිඅවි පවතී. එහෙත් එය එක්වරකට වෙඩි උණ්ඩ හතක් පමණක් නිකුත් කළ හැකි ලෙස සීමා වී තිබේ. කෙසේ වෙතත් මෙම වෙඩික්කරු සිය ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විඩියෝ විශාල උණ්ඩ ප්‍රමාණයක් දැකගත හැකිය. 

මේ අතර නවසීලන්තයේ විශාලතම ගිනිඅවි අලෙවි සල්පිල ලෙස සැලකෙන, ඕක්ලන්ඩ්හි කුමේයු යුදහමුදා සංදර්ශනය අත්හැර දැමීමටද එහි සංවිධායකයන් පියවර ගෙන ඇත.

 එරටදී ඇතිවුණු මෙම සමූල ඝාතන සිදුවීමත් සමග ගිනිඅවි සම්බන්ධයෙන් පැන නැගී ඇති ආරක්ෂක අවදානම මේ සඳහා හේතුව වී ඇතැයි ඔවුන් පවසයි.

මෙම ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 50 දක්වා ඉහළ නැග ඇත. එසේම තවත් 40 ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. ප්‍රහාරය එල්ල කළ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් සම්බන්ධයෙන්ද ඔස්ට්‍රේලියාවේ සිදුකරන පරීක්ෂණද මේ වනවිට ආරම්භ වී ඇත. එහිදී ඔහු නවාතැන් ගත් නිවාස කිහිපයක්ද පරීක්ෂාවට ලක්කර තිබේ.

මේ අතර බ්‍රෙන්ටන් සම්බන්ධයෙන් නවසීලන්ත අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ මීළඟ නඩු වාරය ලබන අප්‍රේල් පස්වැනිදා දක්වා කල් තැබීමක්ද සිදුවිය. මෙහිදී ඔහු වෙනුවෙන් ඉදිරිපත්  වුණු නීතීඥයාගේ සේවයද ප්‍රතික්ෂේප කර ඇති බ්‍රෙන්ටන් තමා වෙනුවෙන් තමන්ම ඉදිරිපත් වන බව අධිකරණයට පවසා ඇත.

 -හසිත විතානගේ-

Thursday, March 14, 2019

ට්‍රම්ප්ගෙන් බෝයිං ගුවන් සමාගම් ප්‍රධානියාට ඇමතුමක්-ගිය වසරේත් බෝයිං යානයක් කඩන් වැටිලා.








ඉතියෝපියා ගුවන් සේවයට අයත් බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයන් තමන් බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ ප්‍රධානියාට ඇමැතුමක් දුන් බවත්, බෝයි ගුවන් යානා ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවට ඔහු තමාට සහතික වූ බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

බෝයිං යනු ලොව අංක එකේ ගුවන් යානා නිෂ්පාදන සමාගමයි. මෙය ඇමෙරිකන් සමාගමකි.

ජනාධිපති මේ බව කියා සිටියේ "ට්විටර්'' පණිවුඩයක් හරහාය. ඡනපති ට්‍රම්ප් බෝයිං සමාගමේ ප‍්‍රධානී ඩෙනිස් මුයිලන්බර්ග්ට ඇමතුමක් ලබා දුන්නේ පෙරේදා (12) සවසය. ඒ වනවිට කඩා වැටුණු බෝයිං 737 මැක්ස් වර්ගයේ ඉතියෝපියා ගුවන් යානයේ පියසැරි දත්ත සටහන් කළ පෙට්ටිය සොයා ගැනීමට ඉතියෝපියානු බලධාරිහු සමත් වී සිටියහ.

ඡනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව ඉන්පසු බෝයිං සමාගම් ද නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම ගුවන් යානාවල කිසිදු දෝෂයක් නොමැති බවත්, ආරක්ෂාව ගැන තමන් තහවුරු වන බවය. ඉතියෝපියා මගී යානයේ අනතුරින් පසු ඉතියෝපියාව, ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් ඝණනාවක් ඔවුන්ගේ ගුවන් සේවාවලට එක් කර ඇති බෝයිං වර්ගයේ ගුවන් යානා භාවිතයෙන් ඉවත් කළේ යැයි වාර්ථාවේ.

ඇමෙරිකා ගුවන් සමාගම් සියල්ල "බෝයිං 737 මැක්ස් යානා භාවිතයට ගන්නා අතර, එම ගුවන් සමාගම පවසා ඇත්තේ තමන් "බෝයිං 737 මැක්ස්'' යානා භාවිතය නවත්වන්නේ නැති බවය.

''බෝයිං 737 මැස්සේ 8" ගුවන් යානයක දිග මිටර් 39.52 කි. පියාපත් අතර පළල මීටර 25.9 කි. ආසන 2010 ක් ඇති බව ද පැවැසෙයි.

මෙම යානා නිෂ්පාදනය ආරම්භ කර ඇ ත්තේ 2017 දීය. කඩා වැටුණු ඉතියෝපියානු ''බෝයිං 737 මැක්ස්" යානය ඉතියෝපියානු ගුවන් සමාගම් මිලදී ගෙන ඇත්තේ පසුගිය 2018 දීය. පසුගිය වසරේ ඉන්දියාවට අයත් ලයන් එයාර් ගුවන් සමාගමේ යානයක් මුහුදට කඩා වැටී 189 ක් ජීවිතක්ෂයට පත් වූහ. එම යානය ද "බෝයිං 737 මැක්ස් 8 යානයකි.

-වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)-

Wednesday, March 13, 2019

බෝයිං 737 ගුවන් යානයේ කලු පෙට්ටිය හමුවෙයි.-දැන් යානවල මෘදුකාංග නවීකරණය කරන බව බෝයිං සමාගම දැනුම් දෙයි






මගීන් 157 දෙනකුට මරු කැඳවූ බෝයිං 737 ගුවන් යානයේ අවසන් ගමන් දෙකෙහි විස්තර ඇතුළත් කළු පෙට්ටිය හමු වී ඇත. යානයේ පියාසර දත්ත වාර්තා උපකරණය හා නියමු මැදිරි හඬ පටිගත කිරීමේ යන්ත්‍රය සුන්බුන් අතරින් සොයාගැනීමට හැකිවූ බව ඉතියෝපියානු ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ලදී. මෙම උපකරණවල ඇතුළත් තොරතුරු විලේෂණය කිරීම මඟින් යානය අනතුරට  පත්වීමේ හේතුව සොයාගත හැකි වෙතැයි පරීක්ෂණ කණ්ඩායමේ විශේෂඥයෝ විශ්වාසය පළ කරති.

ඉතියෝපියානු අගනුවර වන අඩිස් අබාබා සිට කෙන්යාවේ නයිරෝබි නගරය බලා ඉරිදා උදයේ පියාසර කරමින් තිබූ මෙම යානය ගුවන්ගත වී මඳ වේලාවකින් මධ්‍යම ඉතියෝපියාවේ බිෂොටු පෙදෙසට කඩා වැටිණි. මෙම අනතුරත් සමඟ එම යානයේ සුරක්ෂිතභාවය පිළිබඳ සැක පහළ කළ චීනය ඇතුළු රටවල් ගණනාවක් විසින් බෝයිං 737 මැක්ස් 8 යානය ගුවන්ගත කිරීම තහනම් කරන ලදී.

 මෙම වර්ගයට අයත් ගුවන් යානා 97ක් චීනය සතුය.  මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරන බෝයිං සමාගම, සිය ගුවන් යානාවන්ට ඇතුළත් කෙරෙන මෘදුකාංග නවීකරණය කිරීමට සහ MCAS පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇතැයි ප්‍රකාශ කර ඇත.

Tuesday, March 12, 2019

තෙවැනි පාර්ශව වට්ස්ඇප් යෙදුම භාවිතය අවලංගු කිරීමට ෆේස් බුක් සමාගම තීරණයක්


නිල වට්ස්ඇප් යෙදුමට පරිබාහිරව තෙවැනි පාර්ශවයක් විසින් නවීකරණය කරන ලද වට්ස්ඇප් යෙදුම් භාවිත කරන්නන්ගේ ගිණුම් අවලංගු කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පරිවතන සමුහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි.

GB WhatsApp. Yo WhatsApp, FM WhatsApp ආදී විවිධ නව නාමයන් හරහා වට්ස්ඇප් යෙදුම් භාවිතයට ලක්වන දුරකථන අංක හා ඔවුන්ගේ පැරණි සංවාදවල පිටපත් සියල්ල නැවත භාවිතයට ගත නොහැකි වන සේ ඉවත්කිරීමට පියවර ගෙන තිබෙන බවද සභාපතිවරයා සදහන් කරයි.

 තෙවැනි පාර්ශ්වයක් මගින් නවීකරණය කරන ලද වට්ස්ඇප් යෙදුම් භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිළිබඳ ෆේස්බුක් ආයතනයට වගකීමක් දැරීමට නොහැකි නිසා මෙම පියවර ගෙන ඇතැයි වට්ස්ඇප් සමාගමෙහි නියෝජිතයෙකු ශ්‍රී ලංකා පරිවර්තන සමූහය දැනුවත් කළ බවද ඒ මහතා පවසා සිටියි.

නිල වට්ස්ඇප් යෙදුම එක් පරිශීලක ගිණුමක් ලෙස භාවිත කිරීමට හැකියාව තිබෙන බැවින් එදිනෙදා ජීවිතයේදී දුරකථන අංක කිහිපයක් භාවිත කරන බොහෝ වට්ස්ඇප් පරිශීලකයන් තෙවැනි පාර්ශ්වයක් විසින් නවීකරණය කරන ලද වට්ස්ඇප් යෙදුම් භාවිතය සඳහා යොමු වී තිබෙන බව රජීව් යසිරු කුරුවිටගේ මහතා පෙන්වා දෙයි.

තෙවැනි පාර්ශවයක් මගින් නවීකරණය කර තිබෙන වට්ස්ඇප් යෙදුම් භාවිත කරන පරිශීලකයන් තම ගිණුම් අවලංගු නොවී පවත්වාගෙන යෑමට සිදුකළ යුතු දේ වට්ස්ඇප් වෙබ් අඩවියෙහි FCQ (නිතර අසන පැන) පිටුවෙහි දක්වා ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අමිත් මධුරංග

Friday, March 8, 2019

මරණ මංචකයේ සිටි ප්‍රතිවදියාගේ අවසන් පැතුම ට්‍රම්ප් ඉටු කරයි

ඇමෙරිකාවේ කොනෙක්ටිකට් ජනපදයේ මරණ මංචකයේ සිටින පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත ඉටුකිරීම සඳහා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පුද්ගලයාට ඇමතුමක් දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මියයෑමට පෙර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ කතා කිරීම තම අවසන් ප්‍රාර්ථනාව යැයි 44 හැවිරිදි මේ බැරැට් නමැති එම පුද්ගලයා පවසා ඇත. මේ බැරැව් ජානමය රෝගී තත්ත්වයකින් පීඩා විදින අයෙකි. ඔහුගේ සිරුරේ ඉන්ද්‍රියන් සියල්ල පාහේ මේ වනවිට අක්‍රිය වී ගොස් ඇති බවත් ඔහු පෙනහළු ආසාදනයකින් ද පෙළෙන බවත් වෛද්‍යවරු කියති. ජේ බැරැට් ට  සොහොයුරියක සිටින අතර ඇය බ්‍රිජෙට් හොස්කීය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකාවක වන බ්‍රිඡේස්ට් දිස්ත්‍රික් කවුන්සිල සාමාජිකාවකි.

රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් ට, මරණ මංචකයේ සිටින යේ බැරැට්ගේ අවසන් ප්‍රාර්ථනාව ගැන දැනගන්න ලැබී ඇත්තේ බ්‍රිඡේට් හරහාය. ජේ බැරැට්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බව වෛද්‍යවරුන් තීරණය කර ඇති බැවින් ඔහු මේ වනවිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද ට්‍රම්ප්ට දැනගන්න ලැබී ඇත.

ඒ අනුව, ට්‍රම්ප් ඔහුට ඇමැතුම ලබා දුන්නේය.

''ඔබ හොඳ කෙනෙක්. කතාවෙන් ඒ බව පෙනෙනවා. මට ඔබේ ඡායාරූපයක් දකින්න ලැබුණා. අසනීපයක් තිබෙනවා පෙනෙන්නේ නැහැ. හොඳ තරුණ පෙනුමයි. උත්සාහය අත්හරින්න එපා." ආදී වශයෙන් ජනපති ට්‍රම්ප්, ජේ බැරැට්ට පවසා ඇති බැවින් දෙදෙනා මිනිත්තු කීපයක් ඉතා සතුටින් කතාබහ කළ බවත් ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තමාගේ අන්තිම කැමැන්ත ඉටු කර දීම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ට තමන් ස්තුති කරන බවත්, ට්‍රම්ප් සැබැවින්ම නිහතමානී තැනැන්නකු බවත් ජේ බැරැව් පවසා ඇත.

වොෂින්ටිනයේදීය (ඒ.එෆ්.පී)

Tuesday, March 5, 2019

චීනයේ ප්‍රවෘත්ති කියන රොබෝ නිවේදිකාව


ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිමට, සැබෑ නිවේදිකාවකට බෙහෙවින් සමාන, රොබෝ නිවේදිකාවක යොදා ගැනීමට චීනයේ ෂින්හුවා පුවත් සේ කටයුතු කර ඇත.

රොබෝ නිවේදිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ ලොව පළමු අවස්ථාවේ මෙයයි. සින් සියාමේන් නැමැති එම නිවේදිකාව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කළේ තමා රොබෝවරියක බව නරඹන්නන්ට පහසමිනි.

චීනයේ ජාතික පුවත් සේවය ලෙස සැලකෙන්නේ ෂින්හුවා පුවත් සේවයයි.ෂින්හුවා පුවත් සේවය මීට පෙර, පසුගිය නොවැම්බරයේ පැවැති තාක්ෂණික ප්‍රදර්ශනයකදි, පරිගණක කෘත්‍රිම බුද්ධි වැඩ
සටහනක් ඇසුරෙන් පණ දුන් නිවේදකයන් දෙදෙනකු ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට යොදා ගත්තේය.



සිංගප්පුරුවේදීය (රොයිටර්ස්)

Friday, March 1, 2019

සාමයට අතදිගු කිරීමක් ලෙස ඉන්දීය ගුවන් නියමුවා අද නිදහස් කරනවා









අල්ලා ගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා සාමයට අත දිගු කිරීමක් වශයෙන් අද නිදහස් කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (25) පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. ඉන්දියාව සහ පාකිස්තානය අතර උත්ගතවී ඇති අර්බුදකාරී තත්වය සමථයකට පත් කිරිමට ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ගෝලීය බලවතුන් උත්සාහ කරමින් සිටින අවස්ථාවකදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.


පාකිස්තාන ගුවන් හමුදාවෙන් එල්ල කළ ප්‍රහාරයකට ලක්වී පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදා නියමු අභිනන්දන් වරිතාමන් වහා නිදහස් කරන ලෙසත් ඔහු යළි  ඉන්දියාවට බාර දෙන ලෙසත්, ඉන්දීය රජය පාකිස්තානයට දන්වා තිබිණි.

පාකිස්තාන ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදාට පෙරේදා (27)  පහර දුන්, පසුගිය 26 වැනිදා ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තාන දේශසීමා උල්ලංඝණය කරමින්, පාකිස්තානයේ බලාකෝත් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයට එකට එක කිරීමක් වශයෙනි.

ඉන්දු පාකිස්තාන දේශසීමාවේදී ඉන්දියාව දෙසින් පියාසර කළ  ඉන්දීය ප්‍රහාරක යානා දෙකකට පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පහර දුන්නේය. උඩු ගුවනේ ගුවන් යානා එකිනෙක වෙඩි හුවමාරු කර ගනිද්දී. එක් ඉන්දීය ප්‍රහාරක යානයක් පාකිස්තානයට කඩා වැටුණි.

පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වූයේ එම ප්‍රහාරක යානයේ නියමු අහිනන්දන් වර්තාමන්ය. අභිනන්දන් විසර 16 ක පළපුරුද්දක් ඇති ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවකි.

මොහු දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියෙකි.  ඉන්දීය ගුවන් යානාවලට පාකිස්තාන ප්‍රහාරක යානාවලින් ප්‍රහාර එල්ල කෙරුණු අවස්ථාවේදී පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීස් ගෆූර් කියා සිටියේ. ඉන්දීය ප්‍රහාරක යානා නියමුවන් දෙදෙනකු තම අත්අඩංගුවේ පසුවන බවය.

දෙදෙනාම යහතින් පසුවන බව පැවැසුවත්, ප්‍රසිද්ධියට පත් කළේ අභිනන්දන්ගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් පමණි. උඩු ගුවනේ සිදුවුණ ගැටුමේ දී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන ප්‍රහාරක යානයක් ද කඩා වැටුණු බව පැවැසුවත්, පාකිස්තානය එය ප්‍රතික්ෂේප කර ඇති බව පැවැසෙයි.

Wednesday, February 20, 2019

යුක්රේන ජනාධිපතිවරණයට විකට නළුවෙක්


ලබන මාර්තු 31 දා පැවැත්වෙන යුක්‌රේන් ජනාධිපතිවරණය සඳහා රූපවාහිනි නළුවකු වූ වෝල්ඩමියර් සෙලෙන්ස්‌කි ඉදිරිපත් වී ඇත. විහිළු චරිත මවන්නකු වූ සෙලෙන්ස්‌කි යුක්‌රේන් ජනාධිපතිවරයාගේ චරිතයද නිරූපණය කරයි.

යුක්‌රේනයේ හිටපු ජනාධිපති යුලියා ටිමෝෂෙන්කෝ සහ වත්මන් ජනාධිපති පෙට්‌රෝ පොරෂෙන්කෝට වඩා සොලෙන්ස්‌කි ඉදිරියෙන් සිටින බව හෙළි වී ඇත. 40 හැවිරිදි වියේ පසුවන සෙලෙන්ස්‌කිව ජනතාව හඳුන්වන්නේ ජනතාවගේ සේවකයා ලෙසිනි.

Monday, February 11, 2019

තමා මෙලෙවට බිහි කලාට එරෙහිව පුතා අම්මටයි තාත්තටයි නඩු දාලා


සිය අනුමැතියෙන් තොරව තමා මෙලොවට බිහිකිරීමට එරෙහිව ඉන්දියානුවකු සිය මවට හා පියාට විරුද්ධව නඩු පවරා ඇත.

මෙලෙස නඩු පවරා ඇත්තේ මුම්බායිහි ව්‍යාපාරිකයකු වන රෆායෙල් සැමුවෙල් නමැත්තාය. මොහු 27 හැවිරිදි පුද්ගලයෙකි.

කෙසේ නමුත් තමාට තම මව සහ පියා සමග පෞද්ගලික තරහක් හෝ වෛරයක් නැති බවද හෙතෙම කියයි.

අපි මෙලොවට බිහිවුණේ අපේ කැමැත්තෙන් නොවේ .ඒ නිසා අපිට ජීවත්වීම උදෙසා යම් වන්දියක් හෝ ලැබිය යුතුයැයි රෆායෙල් සැමුවෙල් කියයි.

සැමුවෙල්ගේ මවුපියෝ නීතිඥයෝ වෙති.


ඔහුගේ මව වන කවිතා සැමුවෙල් නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරන්නේ තම දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීම සඳහා සිය පුතා ගත් සාහසික තීරණය අගය කරන බවයි. කෙසේ නමුත් ඔහු මෙලොවට බිහිකරනු ලැබුවේ දරුවාගේ කැමැත්තකින් තොරව බව තමා පිළිගන්නා බවද ඇය කියයි. මේ නඩු පැවරීම ගැන බොහෝ විවේචනද එල්ලවී ඇත.

-චතුර පමුණුව-

Friday, February 8, 2019

මහත්මා ගාන්ධිගේ ඡායාරූපයට වෙඩි තියපු කාන්තාවක්‌ අත්අඩංගුවට







මහත්මා ගාන්ධිගේ ඡායාරූපයට වෙඩි තැබීම සම්බන්ධයෙන් පූජා පාන්ඩේ නමැති කාන්තාවක්‌  අත්අඩංගුවට ගෙන ඇත.

 හින්දු මහ සභා නමැති සංවිධානයක්‌ ගාන්ධි ඝාතනයේ 71 වැනි සමරුව සඳහා පැවැත්වූ උත්සවයේ දී මෙම සිද්ධිය වාර්තා විය.

මේ කාන්තාව වායු පිස්‌තෝලයකින් ගාන්ධිගේ රුවට වෙඩි තබා ඇත. මහත්මා ගාන්ධි ඝාතනය කළ නාතුරාම් ගොඩ්සේ ගේ සේයාරුවකට මල්දමක්‌ පැළඳවීමෙන් පසු ඇය ගාන්ධිගේ ඡායාරූපයට වෙඩි තබා තිබේ.

Friday, February 1, 2019

එක්සත් ජනපදය සීතලෙන් ගල් වෙයි-අධික සීතල නිසා පුද්ගල මරණ 08ක්






එක්සත් ජනපදය වෙත එල්ල වන  ධ්‍රැවීය සුළං හේතුවෙන් එහි ප්‍රාන්ත රැසකම උෂ්ණත්වය ඊයේ  (31) දිනය වනවිට සෙල්ශියස් අංශක -30 ඉක්මවීමේ තත්වයක් පැවති බව වාර්තා වෙයි. ඒ අතරින් චිකාගෝ ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්ශියස් අංශක -30ක් වූ අතර, උතුරු ඩකෝටාවේ උෂ්ණත්වය සෙල්ශියස් අංශක -37 ක් විය. එසේම මෙම තත්වයන් අද දිනයේදී තවදුරටත් දරුණු වීමේ ආවදානමක් පැවතුණි.

මේ අනුව පවතින දරුණු ශීත දේශගුණික තත්වය එරට මිලියන  250කට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල කර තිබෙන අතර, තවත් මිලියන  90කට අධික පිරිසකට සෙල්සියස් අංශක සෘණ 17ක හෝ ඊට අඩු මට්ටමක සීතලක් අත්වීදීමේ අවස්ථාව උදාවී ඇති බවද  වාර්තා සඳහන් කර තිබුණි.

 මෙම ශීත කාලගුණික තත්වය ඇන්ටාර්ක්ටිකාවේ පවතින සීතලටත් වඩා අධික වීම එහි විශේෂත්වය වී තිබේ.


එරට මාධ්‍ය පවසන ආකාරයට  ඊයේ දිනය වනවිට මේ අධික සීතල හේතුවෙන් පුද්ගලයෝ අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මේ  ආපදා තත්වය හමුවේ සියලු දෙනාටම නිවෙස්වලට වී සිටින ලෙසද බලධාරීන් නිවේදනය කර තිබේ. විශේෂයෙන්ම මෙම අධික සීතලට නිරාවරණය වීමෙන් සමෙහි තුවාල ඇති වීමේ අවදානමක්ද පැවැති බව සඳහන් වෙයි.

මෙහිදී තම සුරතලුන්ද හැකි පමණීන් ආරක්ෂා කරගන්නා ලෙස නිවැසියන්ට දැනුම් දී ඇත.

Friday, January 25, 2019

සිහිසුන්ව ඇද වැටුණු ස්‌වාමියාගේ දිවි ගලවාගන්න සුනඛයෙක් කළ පුදුම හිතෙන වැඩක්





චීනයේ මහා මාර්ගයක්‌ අසල පිහිටි පටු මාවතකදී සිහිසුන්ව ඇද වැටුන පුද්ගලයකුගේ දිවි බේරා ගැනීමට උපකාරී වූ සුනඛයකු ගැන වාර්තා වේ.

 මෙම සුනඛයා මාර්ගයේ මැදට වී ගිලන් රථයට මග පෙන්වීම නිසා එම පුද්ගලයාගේ දිවි ගැලවී ඇත.

 මාර්ගයේ ගිය පිරිසක්‌ මොහු සිහිසුන්ව වැටී ඇති බව ගිලන් රථයට දන්වා ඇතත් ස්‌ථානය දන්වා නැත.

 මෙය සිදුවී ඇත්තේ චීනයේ කැන්සස්‌ ප්‍රාන්තයේය.


Wednesday, January 23, 2019

චීනයෙන් හඳට යවා පැළවී තිබුණු කපු පැළ මැරිලා

 චීනය සඳේ අඳුරු පැත්තට පතිත කළ ''චැංග් ඊ 4'' ගවේෂණ යානය තුළ ඇති සිලින්ඩරාකාර හරිතාගාරයේ කපු පැළ මියගොස් ඇති බව, චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමට සම්බන්ධ චීනයේ චොකිංග් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.

''චැංග් ඊ 4''  ගවේෂණ යානය පතිත කරනු ලැබ ඇත්තේ චීනයේ අඳුරු පැත්තේ වොන් කමාන් නමැති දැවැන්ත ආවාටය. සඳේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කෙරුණු පළමු අවස්ථාව මෙයයි.  යානය තුළ සිලින්ඩරයක් බදු කුඩා ජෛවගෝලයේ  තැම්පත් කළ කපු ඇට පැළ වීම අභ්‍යවකාශ ගවේෂණයේ සන්ධිස්ථානයක් විය. සඳ මතුපිට බීජ රෝපණය වුණු පළමු අවස්ථාව මෙය විය.  කෙසේ නමුත් අවාසනාවකට කපු පැළ මියගියේ අවශ්‍ය පරිදි හිරු එළිය නොලැබීම සහ අධික සීතල නිසා යැයි චීන විද්‍යාඥයෝ පැහැදිළි කරයි. ඒ අනුව යළිත් වරක් සඳ ජීවයෙන් තොර හුදෙලා තැනක් බවට පත් වුණැයි ''චොංග කිංග්'' විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ පර්යේෂකයන් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්හ.

කපු බීජ පැමීපත් කර තිඛෙන්නේ කිලෝ ග්‍රෑම් 2.6 ක සුවිශේෂ සිලින්ඩරයකි. මෙම සිලින්ඩරයේ ඇත්තේ කපු බීජ පමණක් නොව, අරිතාපල්. බෝංචි සහ හෝවා ඒ තුළ අඩංගුය. ඊට අමතරව මැස්සන් සහ පණුවගේ බිත්තර සිලින්ඩරයේ තැම්පත්කර තිබේ.  මේවාට ජලය ලබා දීම සිදුවන්නේ යානයේ ඇති ජල ටැංකියකිනි. පිටතට නිරාවරණය කර ඇති බැවින් එළිය පිටතින් සිලින්ඩරයට ලබා ගැනීම සිදුවිය. කපු පැළ මියගියේ ලැබෙන එම හිරු එළිය නිසි පරිදි නොලැබීම සහ අධික සිතල නිසාය.





මියගොස් කුණු වන පුංචි පැළ කිසිවක් ද මතුපිටට වැටෙන්නේ නැති බවත් ඒවා සිලින්ඩරය තුළම තැම්පපත් වී තිබෙනු ඇති බවත් චීන විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටියහ.  අධික සීතල, ප්‍රමාණවත් හිරු එළිය නොලැබීම වගේම ගුරුත්වාකර්ෂණය අඩුවීම විකිරණශීලීබව ඉහළ යෑම උෂ්ණත්වය කැපී පෙනෙන ආකාරයට වෙනස්වීම මුල්කොට ගනිමින් බීජ පැළ කිරීම සැබැවින්ම අභියෝගයක් වූ බවද චීන විද්‍යාඥයෝ පැහැදිලි කරති.

බීජිංහිදීය (ඒ.එෆ්.පී)