Showing posts with label sports G1. Show all posts
Showing posts with label sports G1. Show all posts

Friday, January 3, 2020

අත්හදා බලන්න කාලයක් නැහැ ඉන්න අයට වැඩි අවස්ථාවක්


විස්සයි20 යනු පිතිකරුවන්ගේ තරග රටාවක් වුණත්, පිතිකරුවන්ට වගේම පන්දු යවන්නන්ටද තරගයක් වෙනස් කළ හැකි බවත්, ලෝක කුසලානයට ඉතිරිව තිබෙන කාලය ඇතුළත පන්දු යැවීමේ අංශය ශක්තිමත් කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණික බව  ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.
විස්සයි20 තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02දා) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගිය අතර,  ඊට ප‍ෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී මාලිංග මෙම  අදහස් පළ කර සිටියේය
.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා  සිටියේ, ඉදිරි කාලය සෑහෙන  ඉවසීමකින් ක්‍රීඩා කළ යුතු බවයි.තවදුරටත් අදහස් දැක්වූ  මාලිංග,"නායකයෙක් හැටියට තරගාවලි ජයග්‍රහණය කිරීම ගැන ඒ තරම් සැලකිලිමත් වන්නේ නෑ. මගේ ක්‍රීඩා කාලය තව මාස අටක් වෙන්නත් පුළුවන්, මේ තරගාවලිය වෙන්නත් පුළුවන්.  හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට යන්න ඕන. ඒ වෙනුවෙන් ළාබාල ක්‍රීඩකයින් හෝ ඉන්න හොඳ ක්‍රීඩකයින් හඳුන්වා දීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ අතරතුර රිසාල්ට් එන්න පරක්කු වෙයි.  අංක එකට ඉදපු අපි, අංක නවයට වැටුණට පස්සේ නැවත එක පාරටම අංක එකට එන්න අමාරුයි. ඒක නිසා කාලයක් දෙන්න ඕන, ක්‍රීඩකයින් මේ තරග රටාව හඳුනා ගන්න ඕන, විස්සයි20 කණ්ඩායම් අතර අපිට අඩු පිළිගැනීමක් තියෙන්නේ. ඒ නිසා තව මාස හයක් විතර යනකොට අපිත් හොඳ තත්වයට ආවොත්, අපිටත් හොඳ පිළිගැනීමක් ලැබෙයි.  අපි ලෝක කුසලානයට ළංවනකොට, අපිත් අයිනෙක් කණ්ඩායම් හා සම සමව ඉන්න  ඕන. ඒක අපේ ක්‍රීඩකයන්ගේ  භීතියට ගොඩක් වැදගත්." මෙහිදී ලසිත් මාලිංග  පවසන්නේ විස්සයි20 යනු පිතිකරුවන්ගේ තරග රටාවක් වුණත්, පිතිකරුවන්ට වගේම පන්දු යවන්නෙද තරගයක් වෙනස් කළ හැකි බවයි. එම නිසා ලෝක කුසලාන තරගාවලිය සදහා ඉතිරිව තිබන කාලය ඇතුළත, පන්දු යැවීම් අංශය ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු අවධාරණය කර සිටියි.
"ලෝක කුසලානය වැදගත් තරගාවලියක්. අපිට අලුතින් පුහුණුකරුවන් ඇවිල්ලා ඉන්නවා. එයාලගේ දැත්මක් තියෙනවා. ඒ වගේම පුහුණුකරුවන්ගේ බලාපොරොත්තුවක් තියනවා ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දෙන්න. ඒ නිසා ඉදිරි කාලය ඉවසීමෙන් ක්‍රීඩා කරන්න වෙනවා. අපට ගොඩක් ක්‍රීඩකයන් අත්හදා බලන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඉන්න ක්‍රීඩකයින්ට හැකිතාක් අවස්ථාව ලබා දෙන්න තමයි පුහුණුකරුවන් බලාපොරොත්තුව.  අපි යන්නේ විස්සයි20 තරග රටාවේ හොඳම ක්‍රීඩා කරන රටකට. නමුත් අපි දැක්කා බ.ඉ. කොදෙව්වත්, ඉන්දියාවත් එක්ක හොදින් ක්‍රීඩා කරනවා. ඒ කොහොම වුණත් තරගාවලිය ජයග්‍රහණය කරන්න නම් පන්දු යවන බළඇණියත් ඉතා හොදින් ක්‍රීඩා කළ යුතුයි. විස්සයි20 පිතිකරුවන්ගේ තරගයක් වුණත්, තරගය වෙනස් කරන්න පන්දු යවන්නන්ටත් පුළුවන්. මං හිතනවා ඒකට අපිට හොඳ පන්දු යවන්නන් ඉන්නවා. නමුත් අත්දැකීම්වලින් අඩුයි තවමත්.
අපේ පළමු ඉලක්කය තමයි  තරගාවලිය ජයග්‍රහණය කිරීම. ඒ සඳහා පන්දු යවන්නන් ගැන වැඩි විශ්වාසයක් තබාගෙන ඉන්නවා. මොකද ලෝක කුසලාන දිනපු අපී හැම අවස්ථාවේදීම පන්දු යවන්නන් විදියටත් ලොකු දෙයක් කරලා තියෙනවා,
විස්සයි20 තරග රටාව තුළ මං හිතන්නේ පන්දු  යවන්නාගේ දක්‍ෂතාව මත  පමණයි ක්‍රිකට් ක්‍රීඩාවේ සියයට90ක්ම දිනලා තියෙන්නේ,  ඒක නිසා මමත් උත්සාහ කරන්නේ යෝකර්ස්, ලෝ  බෝල්, වයිඩ් යෝකස් වගේ අවශ්‍ය වෙලාවේදී දාන්න පුළුවන් පන්දු යවන්නන් හදා ගන්න. එහෙම හදාගන්න  නම් ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න ඕන. ඒක නිසා 2014 ලෝක කුසලානයේදී වගේ  මේ වෙලාවෙ මං වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ පන්දු යවන්නන් හතර දෙනෙක් හදාගන්න, මට හිතනවා ඒක තව මාස තුනක්, හතරක් යද්දී කරගන්න පුළුවන් වෙයි කියලා. අද,
හෙට වෙනසක් නොවුණත් තව මාස හතරක් පහක් යනකොට විස්සයි20 රටාවට ගැළපෙන ලෙස පන්දු යවන්නන් හදාගන්න පුළුවන් වෙයි." මෙහිදී මාස කිහිපයකට පසු විස්සයි20 කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගත් ඇන්ජලෝ මැතිවිස් ගැන අදහස් දක්වමින් ලසිත් මාලිංග පවසා සිටියේ, මැතිව්ස් කණ්ඩායමට එක්වූයේ කණ්ඩායම සමබර කරගැනීමටත් වඩා ඔහුගේ පරීණත අත්දැකීම් නිසා බවයි.
"කණ්ඩායමේ සමබරතාවට වඩා අපි ඇන්ජිගින් (ඇන්ජලෝ මැතිව්ස්) බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ අත්දැකීම්, මං හිතන්නේ ඒක කාටවත් එළියේ ඉඳන් ගන්න පුළුවන් දෙයක් නොව‍ෙයි. ඔහු වසර ගාණක් ක්‍රීඩා කරලා, ඒ වලින්ම තරග හසුරුවපු විදිය, කොහොමද තරගයක් අන්තිම දක්වා ඇදගෙන යන්නේ යනාදිය ඉතා වැදගත්. ඒක තමන්ට කරන්න බැරි වුණත්, ළාබාල ක්‍රීඩකයින්ට මේ දේවල් කරන්නේ කොහොමද, හිතන්න ඕන මොනවද කියන එක ඔහුගෙන් ලබාගන්න පුළුවන්.  අපි දන්නවා ඇන්ජි
කොච්චර හොද ක්‍රීඩකයෙක්ද කියලා. පසුගිය කාලය තුළ ඔහු විටින් විට ආබාධවලට ලක් වුණා. දැන් ඔහු සම්පූර්ණ සුවය ලබලා ඉන්නේ. පන්දු යවන්නත් හැකියාව තියෙනවා, ඉතිං ඒක අපිට ගොඩක් හොද දෙයක්, මං හිතනවා ඇන්ජලෝන්ගේ අත්දැකීම් සහ දක්ෂතාව කියන දෙකම අපිට තරගාවලිය පුරාම ලබා ගන්න හැකි වුණොත් ඔහුගේ අංශයෙන් හොඳ දෙයක් කරගන්න පුළුන් වෙයි කියලා".
කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය කවුරුන් වනු ඇත්දැයි පිළිබඳ මාලිංගට ඇන්ජිත් හිමිවන් අදහසක්,
"ආරම්භක පිතිකරුවන් කියලා විශේෂයෙන් සූදානම් කරලා නැහැ. නමුත් හැමෝටම ආරම්භක පිතිකරුවන් වශයෙන් ක්‍රීඩා කරන්නේ පුළුවන්කම තිබුණත්, අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආරම්භක පිතිකරු යුගලය විදියට ධනුෂ්ක සහ අවිශ්ක ක්‍රීඩා කරවන්න. ඊට අමතරව අපීට අතිරේක පිතිකරුවෙක් ඉන්නවා නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරුවන් විදියට ගත්තොත් තුන්දෙනයි මේ තරගාවලියට සහභාගි වෙන්නේ. ඒක නිසා කවුද ඉනිම ආරමිභ කරන්නේ කියලා අපි දෙගිඩියාවක් ඇති කරගන්න ඕන නැහැ. අපි සැලැසුමක්  අනුව ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ස්ථාන ලබා දීලා තියෙනවා, ඔවුන්ට තියෙන්නේ තමන්ගේ දක්ෂතා අතරට එන්න, ඔවුන් දන්නවා ක්‍රීඩා කරන්නේ අංක එකද, දෙක, තුනද කියන එක “යැයි පැවසීය.

කුසල්ගේ අනාගතය තීරණය වන තරගාවලියක්


තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 කණ්ඩායම ඊයේ (02දා) ඉන්දියාව බලා පිටත්ව ගියේය. තරගාවලියේ පළමු තරගය එළඹෙන 05 දා ගුවාටි හිදීත් ද‍ෙවැනි තරගය එළඹෙන 07 වැනිදා ඉදෝර්හිදීත්, තෙවැනි තරගය එළඹෙන 10 වැනිදා පුනේ හිදීත් පැවැත්වේ . තරගාවලියේ තරග තුනම රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ. .

එළඹ‍ෙන ඔක්තෝබර් මාස 18දා ඔස්ට්‍රේලියාවේදී පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරමිභ වීමට නියමිතව තිබෙන බැවින් ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි20 කණ්ඩායම ඉදිරීයේදී මුහුණදීමට නියමිත සෑම තරගාවලියම එක සේ වැදගත් වේ. ඒ තරගාවලිය සඳහා සුදුසුම කණ්ඩායම තෝරා ගැනීමටය, කලක් ලොව අංක එකේ පන්දුවාර විස්සයි20 කණ්ඩායම
ලෙසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රධාන තරගාවලියට ක්‍රීඩා කිරීමට පෙර ඒ සදහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුව තිබේ. ඉන් පැහැදිලිව පෙනෙන්නේ ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි20 කණ්ඩායමේ වර්තමාන තත්ත්වයයි.

තරගාවලියට පිට යාමට පෙර මාධ්‍ය අමතා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සදහන් කර සිටියේ පහළම සිටින කණ්ඩායමක් එකවර ඉහළට රැගෙන ඒම පහසු කටයුත්තක් නොවන බවයි. එය ක්‍රමක්‍රමයෙන් සිදුවන බවත්, ඒ සඳහා සැලකිය යුතු කාලයක් ලබාදිය යුතු බවද ඔහු සඳහන් කර සිටියේය. එය සත්‍යයකි. වැටුණු කණ්ඩායමක් එකවරම තිබු තත්වයටම රැගෙන ඒම පහසු කටයුත්තක් නොවේ. එහෙත් අප එතනට පැමිණිය යුතුය.

මාලිංග තම කණ්ඩායම යම් සැලැස්මකට අනුව සකස් කරමින් සිටින බවක් ඔහු මාධ්‍ය අමතා කළ කතාවෙන් පසක් වේ. එම සැලැස්මේ කොටසක් ලෙස කුසල් මෙන්ඩිස්ට නැවත වතාවක් අවස්ථාව ලබා දී ඇති බවද සිපයින්. අප කවුරුත් දන්නා පරිදි කුසල් මෙන්ඩිස් යනු ද පිතිකරුවකි. තරගයක් ජයග්‍රහණය කරවිය හැකි පිතිකරුව‍ෙකි. එහෙත් ඔහු දක්ෂතා අතර නොසිටීම ගැටලුවකි. කණ්ඩායමේ නායකයා මෙන්ම තේරීම් කමිටුවද ඔහු ක‍ෙරෙහි වීශ්වාසය තබා ඇති බැවින් ඔහුට අවස්ථාව හිමි වුවද සියලු ද‍ෙනාම ඔහු දෙස බලා සිටින බවත් කුසල් මතකයේ තබා ගත යුතුය. එපමණක් නොච කණ්ඩායමේ සැලැසුම සාර්ථක කර ගැනීමට මෙම කණ්ඩායමේ ඉදිරි  ගමන සාර්ථක කර ගැනීමට නම් කුසල්ද හැකි ඉක්මනින් ලකුණු අතරට අවතීර්ණ වී සිය සහාය කණ්ඩායමේ නායකයාට මෙන්ම තේරීමි කමිටුවටද ලබා දිය යුතුය. එසේ නොවුණහොත් කුසල් මෙන්ඩිස් පමණක් නොව නායක ලසිත් ම‍ෙන්ම තේරුම් කමිටුවද විවේචනයට ලංවීම වැළැක්විය නොහැක. එහෙයින් ඉන්දීය තරග සංචාරයේදී කුසල්  මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීම  අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබේ. එසේ නොවුණාහොත් ඔහු ගැන නියත වශයෙන්ම තීරණයක් ගැනීමට සිදුවේ. මන්ද මේ වන විටත් ඔහුට ඇති තරම් අවස්ථාව ලබාදී ඇති බැවිනි.

කලකට පසුව ඇන්ජලෝ මැතිව්ද  පන්දුවාර විස්සයි20 සංචිතයට - කැඳවා තිබේ. මැතිව්ස්ගේ අත්දැකීම් කණ්ඩායමට තීරණාත්මක සාධකයක් බැවින් ඔහු කණ්ඩායමේ සිටීම කණ්ඩායමට ශක්තියක් බව නායක ලසිත් මාධ්‍ය අමතා සඳහන් කර සිටියේ මැතිව්ස්ගේ වටිනාකම් නිසා විය යුතුය. මෙම සංචාරයේදී මැතිවුස් සාර්ථක වුවහොත් මැදපෙළ ශක්තිමත් කිරිමේ ගැටලුවට නායක මාලිංගට යම් අස්වැසිල්ලක් ලැබෙනු නිසැකය. එහෙයින් මැතිව්ස්ගේ සාර්ථකත්වයද කුසල් මෙන්ඩිස්ගේ සාර්ථකත්වය මෙන්ම එක සේ කණ්ඩායමට වැදගත් වේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් මුහුණදුන් පාකිස්තාන තරග සංචාරයේදී 3-0ක් ලෙසින් තරගාවලිය ජය ගන්නට තරුණ ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි20 කණ්ඩායමට හැකිවීම මෙරට ක්‍රීඩා ලෝලීන්ගේද උනන්දුව වැඩි කරවන්නට හේතුවක් විණි. එහිදී ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග දක්ෂතා අතරින් ඉදිරියෙන්ම සිටීයේය. මෙම තරගාවලියේදී ද ඔවුන්ගේ හැකියා ඉදිරිපත් කරන්නට හැකිවුවහොත් ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ හැකිය. කෙසේ වෙතත් මෙම තරගාවලියේ තීරණාත්මක ක්‍රීඩකයා වන්නේ යොවුන් ක්‍රීඩක භානුක රාජපක්ෂයි. ඔහු සාර්ථක වුවහොත් ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ හැකිය,  ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක රෝහිත් ශර්මා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියක් විවේක ගන්වා ඇත. එහෙත් පසුගියදා අවසන් වූ බ, ඉ, කොදෙව් කණ්ඩායණිමේ ඉන්දීය තරග සංචාරයේදී විවේක ගැන්වූ බුෂිරා නැවත ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබේ. රෝහිත් ඉන්දීය කණ්ඩායම තුළ නොමැති වීම මානසිකව සහනයක් වුවද වීරාජ් කෝලී, ශිකර් ධවාන්, කේ. එල්. රාහුල් මෙන්ම යොවුන් ක්‍රීඩකයින් වන සංජු
සැම්සන්, ඊෂාබ් පන්ටිද පිත්තෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගයක්  එල්ල කළ හැකි පිතිකරුවන්ය.  එමෙන්ම ජස්ප්‍රිට් බුෂාරා, කුර්දිස් යාදව්, වොෂින්ට සුන්දර් සහ රවින්ද්‍ර ජඩේජාද ඕනම ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරගත හැකි පන්දු යැවීමේ සංයුතියක් බවද අප අමතක නොකළ යුතුය.
                                                                                    -දිනේෂ් මන්ත්‍රිවිතාන-

Tuesday, November 26, 2019

ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරඟවලට විභාගය හරස්වෙයි?

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ප්‍රධානතම වාර්ෂික මලල ක්‍රීඩා තරගාවලියක් වන 50 වැනි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වාර විභාගයෙන් පසුව පැවැත්විමෙන් ඒ සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් සිදුවිය හැකි බවට චෝදනා යොමු වි තිබේ.

තරගාවලිය මෙම 28 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා පාසල පැවැත්වෙමින් තිබූ වසර අවසන් වාර විභාගය හෙට (27) අවසන් වීමට නියමිතය.  ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස පැවැත්වීම මෙතෙක් සිදු වුවත් මෙවර විවිධ හේතූන් නිසා තරගාවලිය අවස්ථා කීපයකදීම කල් දමා තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව "ලංකාදිප”යට අදහස් දැක්වූ විය පළාතට සම්බන්ධ පාසල් නිලධාරියකු පැවසුවේ වාර විභාගය හේතුවෙන් දරුවන් පුහුණුවීම්වලට සහභාගි නොවූ බැවින් තරගාවලියේ දී ඔවුන්ට අපේක්ෂිත ප්‍රතිඵල කරා ළඟාපිය නොහැකි තත්වයක් උද්ගත වී තිබෙන බවයි. මව්පියන් විභාගය හේතුවෙන් දරුවන්ව පුහුණුවීම්වලට එව්වේ නෑ, වාර විභාගය අවසන් වෙලා සතියක්වත් ලැබුණ නම් දරුවන්ට පෙර පුහුණුවීම් කරන්න තිබුණා. ඒ නිසා ඔවුන්ගේ දක්ෂතාවලට බලපෑම් ව‍ෙන්න පුළුවන්. එසේ වුවහොත් මේ තරගාවලියෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ.” යැයි එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

Wednesday, November 20, 2019

19න් පහළ තරගාවලියක් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය කාර්යමණ්ඩලයට සල්ලි බෙදයි


ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙම වසරේ ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරග මාලාව වෙනුවෙන් (සැප්තැම්බර් මස 03දා සිට 14දා දක්වා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යමණ්ඩලය 'ඒ', 'බී', 'සී' සහ 'ඩී' යනුවෙන් වර්ග කරමින් 48 දෙනෙකුට පමණක් මුදල් ගෙවීම සඳහා පරිපාලන කමිටුවේ අනුමැතියට යොමු කර ඇතැයි 'අද වාර්තා වේ.  මෙහි විමතිය දනවන කරුණ නම් තරගාවලියට සම්බන්ධයක් නොමැති ක්‍රිකට් ආයතනයේ ලොකු ලොක්කෝ ලොකුම හැන්දෙන් මුදල්  බෙදාගෙන තිබීමයි. මෙහිදී ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කරන එක් කාන්තාවක් සහ හෝටල් කාමර වෙන් කරන එක් නිලධාරීයක් තම නම ඉදිරීයේ රු. 141,600ක මුදලක් ලියා ගනිමින් විශාලතම මුදල ඔවුන්ට වෙන් කරගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යමණ්ඩලය ඒ, බී', 'සී' සහ ඩී’
යනුවෙන් කාණ්ඩවලට වෙන්කර ඇත්තේ ද මෙම ඉහත කී කාන්තාව සහ නිලධාරියා වන බවත් ඔවුන් සාදා දුන් ලියවිල්ල අනුව ඉදිරියේදී ගෙවීම් සිදුකරන බවත් පරිපාලන කමිටුවේ සාමාජිකයෙක් පැවසුවේ.  මේ අතර වාර්තා වන පරිදි මෙම ගෙවීම් කටයුතු සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ආසියානු ක්‍රිකට් කවුන්සිලුයියෙන් ඇමරිකානු ඩොලර් 14,300ක මුදලක් (රු. 2,564,912.32) හෙවත් රු. ලක්ෂ 25කට වැඩි මුදලක් ලබා දී තිබේ.
මෙහිදී 'ඒ කාණ්ඩය සඳහා ක්‍රිකට්  ආයතනයේ සේවකයන් 06ක් නම් කර එක් සේවකයකුට රු. 141,600ක මුදල බැගින්ද. 'බී' කාණ්ඩය සදහා සේවකයන්  11ක් නම් කර එක් සේවකයෙකුට රු. 70,800ක මුදල බැගින්ද ගෙවීමට යෝජනා කර තිබේ. මීට අමතරව 'සී'  කාණ්ඩය සඳහා සේවකයන් 20ක් නම් කර එක් සේවකයෙකුට රු. 35,400ක මුදල බැගින්ද ඩී කාණ්ඩය සදහා සේවකයන් 11ක් නමි කර එක් සේවකයෙකුට රු. 17,700ක මුදල බැගින් ගෙවීමට යෝජනා කර තිබේ.

ක්‍රිකට් ආයතනයේ සේවකයන් පවසා සිටියේ මෙම ඉහළම මුදල් වෙන් කරගෙන ඇති නිලධාරින් අදාළ තරගාවලියේදී කිසිදු ආකාරයකින් රාජකාරී කටයුත්තකට සහභාගී නොවී ඇති බවත්, අනෙකුත් සේවකයන් මෙහෙයවීම පමණක් සිදු කර ඇති බවත්ය. ඔවුන් පෙන්වා දෙන්නේ සේවකයන් මෙහෙයවීම සඳහා එවැනි විශාල මුදලක් ඔවුනට  ග‍ෙවීම තරගාවලියේ දරදිය අදිමින්
වෙහෙස මහන්සි වී වැඩ කළ අනෙකුත් කයට කරන බලවත් අසාධාරණයක් බවයි.

 එමෙන්ම මෙම තරගාවලියට කිසිදු දායකත්වයක් නොදැක්වූ
සේවකයන්ට, මෙමගින් දීමනාවක් ගෙවා ඇතැයිද අවම වශයෙන් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ටවත් එවැනි මුදලක් ගෙවා නැතැයිද චෝදනාවක් වේ.  මීට අමතරව ක්‍රිකට් ආයතනයේ මෙම තරගාවලියට දායකත්වයක් නොදැක්වූ මාධ්‍ය අංශයේ දෙදෙනෙකුට හිතවත්කම් මත දීමනා ගෙවීමට යෝජනා කර ඇතැයිද එමගින් අසාධාරණයට ලක්වූ  සේවකයෝ පෙන්වා දෙති. මෙහි එක් සේවකයෙකු ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකුගේ ඥාති හිතවත්කමට රැකියාව ලබාදී දීමනා ග‍ෙවන බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ.

මේ අතර මෙම ඉහත කී තරගාවළියේදී තරගාවලි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ තැන්නැත්තාට ගෙවනු ලබන මුදල පිළිබඳව මෙහි කිසිදු සටහනක් යොදා නොමැති අතර, සේවකයින් පෙන්වා
දෙන්නේ ඔහුට අත යටින් මුදල් ගෙවීම් සිදු කරන බවයි.

අනෙක් අතට සේවකයන් ප්‍රශ්න කර සිටිනුයේ මේ ආකාරයෙන් සේවකයන් කාණ්ඩවලට වර්ග කිරීම සිදු වූයේ කුමන පදනමක් යටතේ ද යන්නයි. මෙය හුදෙක් මේ වනවිට ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශය පාලනය කරන එක් කාන්තාවකගේ සහ තවත් එක් නිලධාරියකුගේ ක්‍රියාවක් බව ඔවුහු චෝදනා කර සිටිති.
තරගාවලියේ සියලු මෙහෙයුම් කටයුතු සිදුකළ ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් භාර අංශ ප්‍රධානියාද නොසලකා හැර ඇතැයිද චෝදනාවක් වේ.
                                                                                                                    -පැතුම් ශ්‍රී විජේරත්න-

Thursday, November 7, 2019

"නිපන්දු"නිරීක්ෂණයට රූපවාහිනි විනිසුරෙකු?



එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ” නිපන්දු නිරීක්ෂණය සඳහා අතිරේක රූපවාහිනී විනිසුරුවරයෙකු (T.V. Umpire) යෙදවීමට එහි පාලනාධිකාරියේ අවධානය යොමු වී ඇත. තරගාවලියේදී විනිසුරුවන්ගෙන් සිදුවන වැරදීම් අවම කිරීම සඳහා
මෙම පියවර ගෙන ඇත.  එහි නව පාලනාධිකාර්ය පෙරේදා (05දා) මුම්බායිහිදී රැස්වූ අවස්ථාවේදී මෙම පියවර ගෙන ඇත.  පසුගිය අයි.පී.එල්, තරගාවලි හිදී නිපන්දු ලෙසින් විඩියෝ පුනරූපණ මගින් පැහැදිලි වූ අවස්ථා කිහිපයක්ම පිටියේ විනිසුරුවන් විසින් ලබා නොදීම මෙම ගැටලුවට මූලික හේතුවක් වෙිය, ම‍ෙම (2013) විළිපැවති තරගාවලියේදීද මෙවැනි අවස්ථා කිහිපයක් වාර්තා වූ අතර, එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි හා චෙස්නායි සුපර් ක්‍රීම්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි විනිසුරුවන් සමගින් මත ගැටුම්ද ඇති කර ගත්හ.
කෙසේ නමුත් විනිසුරුවන්ට නිපන්දු තීරණය කිරීමේදී සිදුවන වැරදි අවම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට්. කවුන්සිලයද (අයි.සී.සී.)
පසුගිය කාලයේදී ක්‍රියාමාර්ග ගත්හ. යම් ක්‍රීඩකයෙකුගේ නිපන්දුවක් සලකුණු කිරීම විනිසුරුවරයකුට මගහැරුණහොත්, තෙවැනි විනිසුරුට එම වරද නිවැරදි කිරීමේ අවස්ථාව ලබා දීම එහි එක් පියවරකි. ගිය අත්හදා බැලීමක් ලෙස පළමුව ඉදිරි මාස 06ක කාලයක තරගාවලි සඳහා යොදා ගැනීමට නියමිතය.
                                                                                     
                                                                                                                 -ඕෂිත වරකපිටිය-

හතුරු නඩු මගට ඉල්ලූ වන්දිය රු.කෝටි 10කට වැඩියි

හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට
එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය අද (07දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදීම පැවැත්වීමට නියමිත බව 'වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව හතුරුසිංහ නඩු මගට ගොස් ඇති අතර, එම නඩුව ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන බේරුම්කාරක අධිකරණයේදී ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිත බව හතුරුට සමීප ආරංචිමාර්ග තහවුරු කර සිටියේය.
”  මේ අතර හතුරුගේ කොන්ත්‍රාත් කාලය 2020 වසරේ දෙසැම්බර් මස වනතෙක් බලපැවැත්වෙන බවට ඔහුගේ නීතිඥයන් තර්ක කරන අතර, ක්‍රිකට් ආයතනය යොමු කළ සියලු චෝදනා පදනම් විරහිත බවද පවසයි,
ඒ අනුව ආසන්න වශයෙන් මසකට. රු. ලක්ෂ 80 බැගින් මාස 12ක කොන්ත්‍රාත්ගත ගාස්තුව, නීතිඥ ගාස්තු, ස්විස්ටර්ලන්තයට යාමට වියදම් වූ ගාස්තු, නඩු ගාස්තු සහ නඩුව සදහා වියදම් වන වෙනත් ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අය කරදෙන මෙන් ඉල්ලා හතුරුසිංහගේ නීතිඥයන් මෙන් නඩුව පවරා ඇතැයි අනාවරණය වේ. මෙහීදී යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම නඩුව පරාජයට පත්වුවහොත් හතුරුසිංහට රු;කෝටි 10කට වැඩි වන්දියක් ගෙවීමට සිදුවන බවද හෙළිවේ.  හතුරු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රාජකාරී කටයුතු ප්‍රධාන කරුණු 05ක් යටත් පැහැර හැර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා එල්ල කර තිබුණි.
එහෙත් මේ චෝදනා සියල්ලම් ප්‍රතික්ෂේප කරමින් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා වත කළ චෝදනා අතර,
1. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සහ අන්තර්ජාතික සංචාර සඳහා සුදානම් කිරීමේදී කායික සහ මානසිකව ඊට සුදානම් කිරීම සහ සහය කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වීම,
2. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය විශ්වාසය ගොඩවීමට සත්‍ය වුවමනාවකින් සහ විශේෂ අවධානයක් යොමු කිරීමට අපොහොසත් වීම,
3. ක්‍රීඩකයන්ගේ එකමුතු බව නැති කිරීමට ඔහුගේ යම් යම් ක්‍රියා කලාප හේතුවී ඇතී අතර, කණ්ඩායම් හැගීම සහ ක්‍රීඩකයන් අභිප්‍රේරණය කිරීමට අපොහොසත් වීම,

4.ජාතික පුහුණුකරු ලෙස ඉටුවිය යුතු වගකීම පහර හැරීම්,
5. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්ර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම නිසා (2018 වසරේ පැවතී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ඊට වරදකරු වී දඩුවම් ලැබීම යන චෝදනා වේ.
                                                                                      -පැතුම් ශ්‍රී විජේරත්න-

Thursday, October 3, 2019

උපැස් යුවලක් නිසා නවසීලන්ත සැවියාට අලුත් වටිනාකමක්

නවසීලන්ත රග්බි ක්‍රීඩක ආඩි සැවීයා මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ කැනඩාව සමගින් ඊයේ (02දා) පැවැති තරගයේදී ඉතිහාසගත විය. ඒ ලෝක කුසලාන රග්බි තරගාවලියකදී ආධාරක උපැස් යුවළක් (Goggles) පැලඳ ක්‍රීඩාකළ පළමු ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

26 හැවිරිදි සැවියාගේ වම් ඇසේ පෙනීමේ දෝෂයක් ඇති වීම හේතුවෙන් එය රැකගැනීමට මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව ලෝක කුසලාන රග්බ් තරගාවලියකදී ක්‍රීඩකයකු මෙවැනි උපැස් යුවළක් පැලඳ ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය විය. 2016 වර්ෂයේ සිට නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන සැවීයා, තරග 39කදී ලකුණු 40ක් ලබාගෙන තිබේ. ඉතාලි ක්‍රීඩක ඉයන් මැකින්ලේ 2017 වර්ෂයේදී ආරක්ෂක උපැස් යුවළක් පැලඳ ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීම, අන්තර්ජාතික රග්බි තරගයකදී උපැස් යුවළක් පැලද ක්‍රීඩා කළ පළමු අවස්ථාව සිලස වාර්තා වේ.
2012 වර්ෂයේදී රග්බි තරගයකදී සිදුවූ අනතුරක් හේතුවෙන් මැකින්ලේගේ දකුණු ඇස් පෙනීම සදහටම ඔහුට අහිමිවී තිබූ අතර, ඒ වෙනුවෙන් ඔහුට ආරක්ෂක උපැස් යුවළක් පැලඳ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අන්තර්ජාතික රග්බි සම්මේලනය විසින් ලබාදෙන ලදී.

-ඕෂිත වරකපිටිය-