Showing posts with label local . 1. Show all posts
Showing posts with label local . 1. Show all posts

Tuesday, July 9, 2019

එංගලන්තයෙන් කුණු කන්ටේනර් 98ක් ගෙන්වලා



එක්සත් රාජධානියේ සිට නිති විරෝධි ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු ලැබීය. එම කන්ටේනර්වල තිබී කාපට්, ප්ස්ලාටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන් ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි දෑ ද පරීක්ෂණවලදී හමුවී ඇත.මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව මෙම පරණ මෙට්ට තොගය ගෙන්වා ඇති අතර එය කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා රේගුවේ සවස ආරක්ෂක අංශයේ පාරීභෝගික ආරක්ෂක ඒකකය විසිනි.

භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ගෙන්වනු ලැබ ඇතැයි පරික්ෂණවලදී හෙළිවූ බව  රේගුවේ සඳහන් කරයි. පාවිච්චි කළ මෙට්ට ආනයනය කරන බවට මෙම ආයතනය රේගුවට ප්‍රකාශ කළ ද ඒවා සියල්ල කුණු ගොඩක් බවට පත්ව ඇතැයි ද රේගුව පවසයි.  කන්ටෙනර් 102ක් මෙරටට ආනයනය කළ බවට මෙම ආයතනය රේටිවට දැනුම් දී තිබුණ ද ඊයේ (8) වනවිට ඉන් කන්ටේනර් 98ක් සොයා ගැනීමට හැකිවී ඇත.

මෙම පාවිච්චි කළ මෙට්ට අඩංගු කන්ටේනර්වල පාරිසරික අන්තරායක ද්‍රව්‍ය කිසිවික් අඩංගු විය හැකි බවට දැයි සැකයක් පවතින බව රේගු පාරිභෝගික ආරක්ෂක ඒකකය පවසයි. මේ අනුව මෙම භාවිත කළ මෙට්ට තොගය අඩංගු කන්ටෙනර් සියල්ල එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරීය රේගුවට දන්වා ඇත.

ආනයනය කරන ලද පාවිච්චි කළ මෙට්ට තොගය හේතූවෙන් විශාල යෞඛ්‍ය හා පාරිසරික අවදානමක් ඇතිවිය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ පාරිසරික අංශය හා නිරෝධායතනය පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

-මහින්ද නිශ්ශංක-

Friday, June 7, 2019

වඳ සැත්කම් පරීක්ෂණ දොස්තරලා 32ගෙන් ප්‍රශ්න රහස් ප්‍රකාශ ලබා ගනියි





 කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ්  ෂාෆි මහතාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කළ විමර්ශනයේ  දී කාන්තාවන් 421ක් සහ
වෛදවරුන් 32ක් ඇතුළු 540 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණස්කාර මහතා ඊයේ (06) පැවසීය.

මෙසේ ප්‍රකාශ ලබාගත් පිරිසට ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනකු, හෙදියන් 69
දෙනකු සහ රෝහල්  සේවකයන්  18 දෙනකු ඇතුළත් වන බව ද ඔහු සඳහන් කළේය.

මේ වන විට අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන වෛද්‍ය මෙහොමඩ් සාෆි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන පරිෂණයට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශයට පිටත්ව ගොස් තිබිණ. ඒ අනුව එම කණ්ඩායම් විසින් මෙම ප්‍රකාශ සටහන් කර ගත ඇතැයි ද සඳහන් වෙයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය  මොහොමඩ් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය  නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂඥ
වෙද්‍ය කමිටුවක් පත් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත්කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත  කුරුණෑගල මහේස්ත්‍රාත්  අධිකරණය නිකුත් කළ මෙම නියෝගය ප්‍රකාරව මේ වන විටත් එම විශේෂඥ වෛද්‍ය කමිටුව පරික්ෂණ ආරම්භ  කර ඇති බවත්, ඉදිරියේ දී අදාළ පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කරනු ලබන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රභාශකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම සිද්ධියට අදාළව ලබාගත් ප්‍රකාශ සම්බන්ධයෙන් සම්පිණ්ඩන වාර්තාවක් ලබන 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කර එම විර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ප්‍රසව හා නාරී වෛද්‍ය  මොමොමඩ් සාෆී  මහතා මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

- නිමන්ත රණසිංහ -