කාන්තා ගගනගාමින් දෙදෙනෙක් අද අභයවකාශයේ ඇවිදිති
ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ රැදී සිටින කාන්තා ගගනගාමින් දෙදෙනෙක්
අද දිනයේදී ඉන් පිටතට පැමිණ අභයවකාශයේ ඇවිදීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්ය පවසයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ගගනගාමිණි ක්රිස්ටිනා කොචි සහ ජේසිකා මෙයිර් මෙමම අවස්ථාව උදාකරගන් දෙදෙනා වෙයි.
එම මධ්යස්ථානයේ පිහිටි ජවගැත්වුම් බැටරි ඒකකයක් අලූත් ඒකකයක් පිහිටුවීම සඳහා ඔවුන් මෙලෙස අභ්යවකාශයේ ඇවිදීමට නියමිතව ඇත. මීට පෙර එක් අවස්ථාවකදී ගගනගාමිනියක් සහ ගගනගාමියකු අභ්යාවකාශයේ ඇවිද ඇත. ඒ අනුව මෙය පළමුවරට කාත්නාවන් පමණක් අභ්යවකාශයේ ඇවිදීමක් සිදු කරන පළමු අවස්ථාවක් ලෙස ඉතිහාසගතවීමට නියමිතවී තිබේ. මෙහිදී ගගනගාමිනියන් දෙපළ ග්රිනිච් මාධ්යයන වේලාවෙන් අද පෙරවරූ 11.50ට පමණ අභ්යවකාශ මධ්යස්ථානය පිටතට පැමිණීමට සැලසුම් කර ඇත, ඔවුන් එහිදී පැය පහකට අධික කාලයක් අභ්යවකාශයේ ගත කරමින් මෙම ජවගැත්වුම් බැටරි ඒකකය යළි සැකසීමට සූදානමින් සිටියි. මෙම ඇවිදීම සජීවීව විකාශය කිරීමටද නාසා ආයතනය කටයුතු යොදා ඇත. එය එම ආයතනයේ වෙබ් අඩවිය හරහා නැරඹිය හැකිය, පසුගිය මාර්තුවේදීද මෙලෙසම ගගනගාමිනියන් පමණක් සිදුකරන අභ්යවකාශ ඇවිදීමක් සඳහා සැලසුම් කර තිබුණද, එහිදී අභවකාශයින් පිටතට පැමිණිමට සඳහා සුදුසු ඇඳුමක් පැවතියේ එක් ගගනගාමිනියකට පමණකි. ඒ අනුව අනෙක් අවස්ථාව අභ්යවකාශ මධ්යස්ථානය රැදී සිටි ගගනගාමියකුට හිමි විය.
කාන්තාවක අභ්යවකාශයේ ඇවිදීමක් පිළිබඳව පළමුවරට වාර්තා වන්නේ 1984 ජුලි මාසයේදීය, රුසියානු අජටාකාශගාමිනී
ස්වෙට්ලානා සාවිටිස්කායා එලෙස ඉතිහාසයට එක් වූවාය. එසේම අභ්යවකාශයේ ඇවිදූ පළමු මිනිසා ලෙස ඉතිහාසයට එක්වන් රුසියානු ජාතික අජටාකාශගාමී අලෙක්සි ලියොනොවීය. ඔහු පසුගියදා අභාවප්රාප්ත විය.