Thursday, October 31, 2019

පඹයන් සේ ඕනෑම දෙයකට සහාය දෙන බැවින් ආධාර කරන ලෙස වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය පවසා සිටිනවා


තමන් පඹයන් සේ ඕනෑමදෙයකට සහාය දෙන බැවින්, තමන්ට ආධාර කරන ලෙස වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයට පවසා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ පිහිටි වියත් මඟ කාර්යාලයේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා,

"ඉතාමත් සැලසුම්කහගතව මීළඟ දින කිහිපය තුළ දැවැන්ත ලෙස මඩ ප්‍රචාරක කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. කාවින්ද ජයවර්ධන සහ ජෝන් අමරතුංග මහතාගේ ලේකම්වරයකුත් මඩ පොස්ටර් ගෙනවිත් තිබෙනවා. වොක්ෂෝල් ස්ට්‍රිට් එකට. මීළඟ දිනවල සහරාන්ලා සමග ගත් ඡායාරූප බව පවසමින් විවිධ මඩ ගසන්නට බලාපොරොත්තු වෙනවා. ඔවුන් මේ වනවිට 31%ක ඡන්ද ප්‍රතිශතයක ඉන්න නිසයි මෙි දේවල් කරන්නේ. මේ සේබන්ධයෙන් පොලීසිය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වහාම කටයුතු කළ යුතුයි. ජාතික ආර්ථික කවුන්සිලය විසින් මිලෙනියම් වැලේන්ජ් කියන මුදල සම්බන්ධයෙන් තිබෙන කොන්දේසි පිළිබඳ සාකච්ජා කරනවා. ඔවුන් ජාතික ආර්ථික කවුන්සිලය අත් හිටෙව්වා. මේ ආණ්ඩුව ජාත්‍යන්තරයට කියන්නේ අපි පඹයන් හැටියට කියන්න ඕන දේකට සහාය දෙන්නම්, ඒ නිසා අපට ආධාර කරන්න කියලයි.


එදා විරුද්ධව යෝජනා ගෙනල්ලා අද රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළනවා. මේ අත්සන් කරන ගිවිසුම් ගැන අපි අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරන්න කටයුතු කරනවා. මේ වනවිට දැවැන්ත වැඩපිළිවෙළක් ගෙන යනවා. මඩ පොස්ටර් ගහන්න හදනවා. ඒ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාස්කු ඉරිදා වැඩපිළිවෙළට සම්බන්ධයි කියලා  තමයි මේ මඩ ව්‍යාපාරය ගෙනියන්න හදන්නේ. මේවා දේශපාලන පළිගැනීමක් ඉෂ්ට කරගැනීමක්. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දුව කැලිෆෝනියාවල දාපු නඩුව සම්බන්ධයෙන් සිදු කළ විග්‍රහය අපි දුටුවා. දේශපාලන භූමියේ එ.ජා.ප.යට ගෝඨාභය  රාජපක්‍ෂ මහතාට අභියෝග කළ නොහැකි නිසා දැන්  මඩ ව්‍යාපාරයක් දියත් කරනවා. නොවැම්බර් 16 වැනිදා වනතුරු ඔවුන් මේ මඩ ව්‍යාපාරය ගෙනියනවා” යනුවෙන්ද ප්‍රකාශ කර සිටියේය.

-නිදර්ශි වික්‍රමසිංහ-

හෙරොයින් ළඟ තබාගත් පාසල් ශිෂ්‍යාවක් අත්අඩංගුවට




හෙරොයින් පැකට්ටුවක් තම සන්තකයේ තබාගෙන සිටි පාසල් ශිෂ්‍යාවක් පෙරේදා (29දා) ගන්දර ප්‍රදේශයේ පාසලකදි අත්අඩංගුවට ගත්බව ගන්දර පොලීසිය පවසයි.දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකාර ශිෂ්‍යාව සතුව තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 60ක්ද අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ගුරුවරියකට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකාර ශිෂ්‍යාව විසින් මුඛයේ සගවාගෙන සිටි හෙරොයින් පැකට්ටුවක් හා රුපියල් දහසේ නෝට්ටුවක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකාර ශිෂ්‍යාව අධිකරණයට                                                                                          ඉදිරිපත් කිරීමට නියම්තව තිබිණි.


-නිමල් ලන්දගේ-

ජනාධිපති අපේක්ෂක අනුරගේ පෞ.අරාක්ෂකයන් මාධ්‍යෙව්දියෙකුට තර්ජනය කළැයි පැමිණිල්ලක්



ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක  මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් විසින්  පාළොන්නරුව ප්‍රාදේශීය මාධ්‍යවේදී අසේල ධර්මවර්ධන මහතාට මැර තර්ජනය සිදුකිරිමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතා විසින් කදුරුවෙල  පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.පොළොන්නරුව කදුරුවෙල නගර මධ්‍යයේ පැවති ජාතික ජනබලවේගය ජනාධිපතිවරණ
ප්‍රචාරක රැලියක් අතරතුරදී වේදිකාවට ගොඩ වු තමන්ට අනුර දිසානායක මහතාගේ පෞද්ගලික නිලධාරීන් පහරදීමට උත්සාහ කර වේදිකාවෙන් බිමට ඇද දැමූ බව ඒ මහතා පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. 


 අනුර දිසානායක මහතා රැලිය ඇමතීමෙන් පසු පිටත්ව ගිය විගස තමන් අසලට පැමිණි අනුර දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් තමන්ට තර්ජනය කළ බව ඔහු විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ය.  අනතුරුව මෙම ආරවුල විසදීමට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාද මැදිහත්ව ඇත,මේ පිළිබඳ අදහස් දැක්වූ ධර්මවර්ධන මහතා පවසා සිටියේ තමන් වේදිකාවට ගොඩවූයේ පොලිස් නිලධාරීන්ගේ අවසර ඇතිව බවත් ජනතාව රැලියට සවන් දෙන දර්ශන ලබාගැනීම තම අරමුණ වු බවත්ය.

පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.පී.ධම්මික වීරසේණ්ඩාර මහතාගේ උද්දෙස් පරීදි පොළොන්නරුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජරුල් මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

-ඩබ්.ඒ.පියතිලක-

වනාතවිල්ලුවේ සහරාන්ගේ නිවෙස අඩි ගනක් යටට හරලා




වනාතවිල්ලුව, ලැක්ටෝවත්තේ කිසියම් පිරිසක් රහසිගතව සිදුකළ කැණීමක් පිළිබඳව රජයේ රස පරික්ෂක සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. වනාතාවිල්ලුව, ලැක්ටෝ වත්තේ නිවසේ ඇතුළත පොළොවේ කොන්ක්‍රීට් තට්ටුව දින කීපයකට පෙර කඩා එහි අඩි කිහිපයක් ගැඹුරට කැණීම් සිදුකර තිබීම සම්බන්ධ වනාතවිල්ලුව පොලිසිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ රස  පරික්ෂකවරයා දැනුවත් කර තිබිණි. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රුෂාන් ප්‍රනාන්දු මහතා ඉකුත් 29 වැනිදා දහවල් අදාළ ස්ථානයට පැමිණ පරික්‍ෂණ ආරම්භ කර තිබුණි. අපරාධ පරීක්‍ෂණ දෙපාරතමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ද මෙම පරික්ෂණ සඳහා එක්වී ඇත.



වනාතවිල්ලුව, ලැක්ටෝ වත්ත නිවසේ තිබූ පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් පසුගිය ජනවාරි 16වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබූ අතර එහිදී සැකකරුවෝ සිවුදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබුහ. ඉන් පසුව අවස්ථා කීපයකදී මෙම ඉඩමේ තිබී ගිනි අවි සහ තවත් දෑ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබීය. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ක්‍රියාකාරකම් මෙම ඉඩමේ සිදුවී ඇති බව ආරක්‍ෂක අංශ සනාථ කරගෙන තිබිණි. එම පරීක්‍ෂණවලට අනුව අදාළ නාඳුනන පිරිස සිදුකළ කැණීම් සම්බන්ධව දීර්ඝ නිරීක්‍ෂණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම අරඹා ඇත.

රජයේ රස පරික්ෂක වෙනුවෙන් පැමිණි නිලධාරින් අදාළ නිවස හා අවට පරික්ෂණයක් සිදුකර එහි තිබූ ඇතැම් සාම්පල ලබාගෙන ඇත. මේ අවස්ථාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරිහු සහ පුත්තලම මුලස්ථෘන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු එක්වී සිටියහ.

මිතුරා ලවා බිරියට බලෙන් අතවර කරවා ලක්ෂ 6ක භාණ්ඩ පැහැරගත් 4දෙනා රිමාන්ඩ්

තම බිරිඳට ලිංගික අතවර කිරීමට සලස්වා එම දර්ශන විඩියෝ ගතකර ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින්  පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 5කට ආසන්න දේපළ කොල්ලකෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් පාතාල නායකයකු වූ "මාමස්මි" ගේ ප්‍රධාන ගෝලයා ඇතුළු සිව් දෙනකු ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (29) නියෝග කළේය. මෙලෙස රක්ෂිත ඛන්ධනාගාර ගත කරනු ලැබුවේ "ලක්සඳ සෙවණ", මාලිගාවත්ත, කොළඹ 10 පදිංචි (මාමස්මි නැමැත්තාගේ ගෝලයා වූ) මොහොමඩේ රහීම් අබ්දුල් රවුෆ් (38), මොහොමඩ් උවයිස් මොහොමඩ් මිස්තාර්, මොහොමඩ් උවයිස් මොහොමඩ් නසාර් සහ  මොහොමඩ්  නසිම් මොහොමඩ් සාජිත් නොහොත් "ෂිපර්' නමැත්තය.

 මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රවුෆ් නමැත්තා පාතාල නායකයකු වූ මාමස්මි නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන බවත් පාතාල ක්‍රියාකාරිකයකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් "කංජිපානි ඉම්රාන්" නැමැත්තා විසින් මෙම සැකකරුට වෙඩි තබා ඇති බවත් එම වෙඩි තැබීමෙන් මොහුගේ කනක් තුවාල වී ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් මාලිගාවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.අයුතු ලෙස සිරකර තබාගනිමින් පොළුවලින් පහරදි කාන්තාවකට ලිංගික අතවර කිරිමට සලස්ව එම අවස්ථා  විඩියෝ ගත කර ඒවා අන්තර් ජාලයට මුඳාහරින බවට තමන්ට තර්ජනය කර රුපියල් හාරලක්ෂ පනස් හත් දහස් දෙසියට පනහක් වටිනා තම දේපළ සොරා ගත් බවට මාළිගාවත්ත පොලීසියට මෙම පැමිණිල්ල කර තිබුණේ ඉකුත් 23 වැනිදා මෙගොඩකොළොන්නාව, වැල්ලමිපිටියේ මොහොමඩ් පිරිදවුස් මොහමඩ් ඉමිපාස් නමැතකි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු හා පැමිණිලිකරු අතර මන්ද්‍රව්‍ය  ඡාවාරමකට අදාළව රුපියල් ලක්ෂ 20ක මුදල් ගනුදෙනුවක් තිබි ඇති බවත් එම මුදල ලබා ගැනීමේ අරමුණින් සැකකරු මෙලෙස  කටයුතු කර ඇති බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා  කර ඇත. "අඩුවට අයිස් ටිකක් ලැබුණා. උඹටත් ටිකක් දෙන්නමි. අපේ ගෙදරට වරෙන් යනුවෙන් සැකකරු පැමිණිලිකරුට දන්වා එකුත් 22 වැනිදා මාලිගාවතේ පිහිටි ඔහුගේ නිවසට කැඳවා ඇති ඛවත්, පසුව පැමිණිලිකරුව නිවසේ කාමරයක සිරකර තබා ගෙන පොලුවලින් පහරදී ඇති බවත් මාලිගාවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. පසුව සැකකාර රවුෆ් නැමැත්තාගේ බිරිද එම කාමරයට දමා ඇති සැකකරු ඇයට ලිංගික අතවර සිදුකරන ලෙසට පැමිණිලිකරුට බල කර ඇති අතර, ඊට පැමිණිලිකරු මෙන්ම අදාළ කාන්තාවද අදාළ වීඩියෝ දර්ශන අන්තර් ජාලයට මුදාහරිනු ලබන බවට |කළ තර්ජන හේතුවෙන් පැමිණිලිකරු සැකකරුවන් සමග  වැලම්පිටියේ පිහිටි ඔහුගේ නිවසට ගොස් එහි තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුතු දේපළ ප්‍රධාන සැකකරුට ලබාදී ඇති බව ද පොලිසිය වැඩිදුරටත් වාර්තාවේ සදහන් කර ඇත.

මාලිගාවත්ත පොලිසියේ අධිකරණ ආංශයේ පොලිස් සැරයන්  (14719) ප්‍රියත්ත නිලධාරියා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්  කරමින් කරුණු සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක්  නඩුව කල් තැබීය.

-නිමන්ති රණසිංහ-

බ්‍රෑන්ඩ්නිව් රජෙය් අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහට ලබාදෙනවා යන්න සජිත් ප්‍රේමදාස විසින් පැවසිය යුතුයි - පා.ම.එස්.බී.දිසානායක



 බෑන්ඩ්නිව් රජයේ අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහට ලබාදෙනවාද යන්න පිළිබඳව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් රටේ ජනතාවට කිව යුතු බව එස්. බී. දිසානායක මහතා පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවැසුවේ කිවුල්ලිද පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මහ බැංකුවේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවේ  මහ මොළකරු වූ රනිල් වික්‍රමසිංහ මහතාට නව පිරිසිදු බ්‍රෑන්ඩ්නිව් රජයේ අගමැතිකම දෙනවාද, නොඑසේ නම් නවින් දිසානායක පවසන පරිදි අගමැතිකම නුවරට දෙනවාද. මුදල් ඇමැතිකමින් හා විදේශ කටයුතු ඇමැතිකමින් එළියට දැමූ මන්ත්‍රීවරයෙකු වූ රවි කරුණානායකටත් ඇමැතිකමක් දෙනවාද, අර්ජුන් මහේන්ද්‍රන් නිවැරදිය කියා පොතක් ලියා මුදල් ගත් සුජීව සේනසිංහ මෙන්ම මිනීමැරුම් කළ, මහා හොරකම් කළ සහරාන් සමග සම්බන්ධකම් පැවැත්වූ රිෂාඩ් බදියුදීන්ලාට පවා බෑන්ඩ්නිව් රජයේ තනතුරු දෙනවාද යන්න පිළිබදවත් සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතු බව එස් බී දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

දිසානායක මහතා එහිදී මෙසේද පැවසීය.
 "සමෘද්ධි ව්‍යාපාරය ආසියාවේ තිබෙන ශක්තිමත් ව්‍යාපාරයක්. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ දුප්පතුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කර ගත්තු ජනතාවගේ මුදලින්, ඒත් සමෘධිය අග්‍රාමාත්‍යතුමා මේ රටේ සිටින ලොකුම ගිනිපාලී කාරයා වන දයා ගමගේ මහතාට භාර දීලා. දැන් ඒක සියයට 50,60.75 යටත් ගම්බද ජනතාවට ණය දීලා දුප්පත්කමින් වෙලාගෙන. ඒ හින්දා අද ගිනි පොලී මාරියාවක් ලෝකයේ ජනතාව හිරවී ඇති බව ලෝකයට හෙළි කළ ආර්ථික විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරු තිදෙනා අද නොබෙල් තළාගය ලබා ගන්නා විට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලංකාවේ සිටින ලොකුම ගිනි පොළීකරුවෙකුට සමෘධි ව්‍යාපාරය භාර දීලා.

ගමගේ අමාත්‍යවරයා සමෘද්ධි සල්ලි හොරකම් කරනව. ඒ මුදල් ඡන්ද වැඩවලට යොදවනව. ඒ වගේම ඡන්ද නිලධාරීන්ට සල්ලි අල්ලස් ක්‍රමයට බෙදනව, ඒ වගේම ඔහු හොර පත්වීම් දෙනව. මේ සම්බන්ධව අමාත්‍යාංශයේම ලේනම්වරු මැතිවරණ කොමසාරිස් දෙපාර්තුමේන්තුවට පැමිණිලි කරල තියෙනවා. ඉන්පසුව එතුමාගේ කාර්යාලයට ඇවිත් ෆයිල් වගයක් අත්අඩංගුවට ගත්තා. එහි තිබිල තියෙනව පරණ දින දාල පත්වීම් දෙන්න හදපු පත්වීම් ලිපි විශාල ගණනක්. ඒ නිසා මම කියන්නෙ කැමැතියි දුප්පතුන්ගේ ලෙයින් කඳුළින් ගොඩනැගුණු මේ සමෘද්ධි ව්‍යාපාරය විනාශ කරන්න එපා කියල.

රංගිරි දඹුළු රජ මහා විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය ගොඩගම මංගල හිමියන් දෙමළ සංවිධාන විසින් ගෙනල්ල තියෙන
යෝජනාවලිය සම්බන්ධව ගෙන ආපු ප්‍රශ්නය ඉතාම වැදගත්. මේව ගැන සජිත් ප්‍රේමදාසවත්,රනිල් වික්‍රමසිංහවවත්,ඔහු වටා ඉන්න පක්ෂයේ උපනායකයවත් කටක් අරින්නෙ නෑ . අලි හොඳටම දන්නව ඒ සංවිධාන එක්ක මංගල සමරවීරලගෙ ගෙදරදි හමුවෙලා ටී. එන්. ඒ. එකත් එක්ක යම්කිසි එකඟතාවකට ඇවිල්ල තියනව කියල. ඔය ටී.එන්.ඒ එක ඉදිරිපත් කරල තියෙන යෝජනා මේ රටේ දකුණ ඉන්න දෙමළ දේශපාලනඥයකුටවත් එකඟ වෙන්න පුළුවන් ඒවද ? මේ රටේ මුස්ලිම් දේශපාලනඥයෙකුටවත් එකඟ වෙන්න පුළුවන් ඒද ? මේ රටේ සිංහල මනුස්සයෙකුට උතුරෙ ඉන්න බැරිද ? හාමුදුරු කෙනෙකුට උතුරෙ ඉන්න බැරිද ? දෙමළ හින්දු පූජකතුමෙකුට කොළඹ ඉන්න බැරිද? නුවර ඉන්න බැරිද ? මේකට අත්සන් කරල තිබ්බ මහ ඇමැතිතුමත් උතුර. මේක කිසිම සිංහලයෙකුට දමිළ කෙනකුව, මුස්ලිම් කෙනෙකුට, මැලේ කෙනෙකුට, බර්ගර් කෙනෙකුට නැත්නම් බෞද්ධයෙකුට, හින්දු කෙනෙකුට, මුස්ලිම් කෙනෙකුට ක්‍රිස්තියානි කෙනෙකුට එකඟ විය නොහැකියි. මහා වීකෘති ත්‍රස්තවාදයක් සඳහා නැවත අර අඳින මේ ඉල්ලිම් මාලාව පිළිබඳව අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙළින්ම තමන් එකඟ නොවන බව ප්‍රකාශ කළා." යැයි පැවසීය.

චමිල් රූපසිංහ

අනාගත ජනපති දුෂණ වංචා මුලිනුපුටා දැමීමට පියවර ගත යුතුයි



මහා පර්මාණ දුෂණය රිටේ සරවර්ධනය ආපස්සට ඇද දමා ජනතාව දුගී බවට හා වේදනාවට පත්කර ඇති හෙයිත් ඉදිරියේ පත්වන ඒකාධිපතිවරයා ඇතුළු තායකුයන් මේ රට සියලුම ආකාරය දුෂණ හා අක්‍රමිකතාවලින් මුලිනුපුටා දැමීමට දැඩි පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පාස්කු ඉරිදා එල්ල වු කුරිරු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාව සිහිපත් කරමින්, අගමික අන්තවාදය හා ජාතිවාදය මුලිනුපුටා දමා අපේ රටේ සියලුම ආගම් හා ජාතීන් අතරට සාමකාමී සහජීවනය ඇති කිරිමට කටයුතු කරන ලෙස ද රටේ නායකයීගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ජේ. වින්ස්ටන් එස්. ප්‍රනාන්දු බදුල්ල රදගුරු. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ උපසභාපති ජස්ටින් බර්නාඩ් ඥානප්‍රසාගම් යාපනය රදගුරු. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මහලේකම් ජේ.ඩී. ඇන්තනී කොළඹ සහායක රදගුරු., මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු, ජේ. වියානි ප්‍රනාන්දු මහනුවර රදගුරු,, හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරු, ,නෝබට් එම් අන්ද්‍රාදි අනුරාධපුර රදගුරු,, ඩී. වැලැන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු,, රේමන්ඩ් කේ. වික්‍රමසිංහ ගාල්ල රදගුරු,, ක්ලීටස් සි. පෙරේරා රත්නපුඅ රදගුරු,, ජෝසප් පොන්නයියා මඩකලපුව රදගුරු, එෆ්.එම්. එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරු, නෝයෙල් සී. එම්මානුවෙල් ත්‍රිකුණාමලය රදගුරු සහ මැක්ස්වල් ජි. සිල්වා කොළඹ සහායක රදගුරු  යන හිමිවරුන්ගේ අක්සන්වලින් යුතුව එ නිටේදනය නිකුත් කර තිබේ.  එම නිවේදනයේ මෙසේ ද  සඳහන් වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී අවංකභාවයට මුල්තැන දෙමින් සියලු ජනතාවගේ අයිතීන් හා නිදහස සුරක්ෂිත කරනා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරකින සහ රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් සේවය කළ හැකි සුදුසු අපේක්ෂිකයකු තෝරා ගැනීම සඳහා බුද්ධිමත් සහ ධෛර්යමත්ව තීන්දු තීරණ ගන්නා ලෙසට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සියලු රටවැසියන්ගේ අවධානය යොමු කර සිටී. රටේ ජනාධිපතිවරයා පක්ෂ දේශපාලන අභිබවා යා යුතුය.

පාස්කු ඉරු දින සිදුවු කුරිරු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාව සිහිපත් කරමින් අප මේ අවස්ථාවේ රටේ නායකන්ගේන් උදව් ඉල්ලා සිටින්නේ ආගමික අන්තවාදය හා ජානිවාදය මුලිනුපුටා දමා අප රටේ සියලුම ආගමික හා ජාතීන් අතර සාමකාමි සහජීවනය ඇතිකරලීමට කටයුතු කරන ලෙසය. අනාගත ජනාධිපතිවරයා ඇතුළු රජය ආගමික නිදහස, ජාතික ආරක්‍ෂව, සෞඛ්‍ය. අධ්‍යාපනය, ආර්ථික සංවර්ධනය, රට තිරසාර සංවර්ධනය සදහා අනාගත පුරපුර වෙනුවන් ස්වභාවික සම්පත් මනාව කළමනාකරණය කිරිමේ වගකීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තීන් සකසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මහා පරිමාණ දූෂණය රටේ සංවර්ධනය ආපස්සට ඇද දමා ජනතාව දුගී බවට හා වේදනාවට පත් කර ඇත.

එබැවින් ඉදිරියේ පත්වෙන ජනාධිපතිවරයා ඇතුළු නායකයින් සියලුම ආකාරයේ දූෂණ හා අක්‍රමිකතාවන් මුලිනුපුටා දැමීමට දැඩි පියවර ගත යුතුව ස්වකීය ඡන්ද බලය රටේ පොදු යහපත උදෙසා නිවැරැදිව හා බුද්ධිමත්ව භාවිත කිරිම රටේ සියලු පුරවැසියන්ගහේ අයිතිය හා යුතුකම බව සභා මාතාව අපට උගන්වන්නීය. එබැවින් ඉදිරි මැතිවරණයේ දී උතුම් වූ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් සේ සලකා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සියලු කිතුණුවන් හා ලංකාවාසී ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටි.
මැතිවරණ සමය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ අයහපත් ප්‍රවණතාවයීන් අප විසින් නිරිකෂණය කරනු ලැබි ඇත.

එබැවින් ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කරන නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ද අරබයා ජනාධිපති අපේක්ෂකයන් ඔවුන්ගගේ උදව්කරුවන් සමාජ මාධ්‍ය හා සියලුම වගකිව යුතු බලධාරීන් මැතිවරණ නීති අකුරටම පිළිපදිනු ඇතැයි බලාපොරොත්තු වෙමු. පත්වෙන්නා වූ නව ජනාධිපතිවරයා සහ රජය සැබෑ සංවර්ධනයක් සඳහා රටත් ජනතාවත් මෙහෙයවනු ඇතැයි යන්න අපගේ යැදුම්බර ප්‍රාර්ථනාවයි.

බස් රථ හා ත්‍රිරෝද රථවල අපේක්ෂකයන් ප්‍රවර්ධනය නොකරන ලෙස දැනුවත් කිරීමට වැඩපිළිවෙළක්




පෞද්ගලික බස් රථ හා ත්‍රිරෝද රථවල අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිත කර තිබෙන ස්ටිකර්, පෝස්ටර් ඇතුළු ද්‍රව්‍ය ඉවත් කරන ලෙසට දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව බස් සංගම් හා ත්‍රිරෝද රථ සංගම් සඳහන් කරයි.

මැතිවරණ නීතියට අනුව මෙවැනි ක්‍රියා නීතියෙන් දඬුවම් ලබන වරදක් බවත්, මේ නිසා යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් බලහත්කාරයෙන් මෙවැනි ක්‍රියා සිදු කරනවා නම් 0112 825 948 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මම අංකය හරහා තම සංගමයට ලැබෙන පැමිණිලි මැතිවරණ කොමිසමට හෝ පොලීසියට ලබාදීමට කටයුතු කරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සටහන් කළේය.

තමන් කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ලබාදිය හැකි වුවද, කිසිම අවස්ථාවක අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙසට බස් හිමියන් සහ බස් රථ සේවකයන් දැනුවත් කරන බවද ඔහු පවසා සිටියේය.

ත්‍රිරෝද රථවල අපේක්ෂකයන් ප්‍රවර්ධන වන ආකාරයෙන් කටයුතු කිරීමට යම් කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු උත්සාහ කරනවා නම් ළඟම පොලීසියට පැමිණිලි කරන්නැයි ත්‍රිරෝද රථ හිමියන්ගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය ඉස්ලා සිටියි.

තමන්ගේ කැමැත්තෙන් මෙවැනි කටයුතු කර තිබෙනවා නම් මැතිවරණ නීතියට ගරු කර වහාම ඒවා ඉවත් කරන ලෙසත්, මේ පිළිබඳ තම සංගමය විසින් සොයා බලා පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම සංගමය කියා සිටියේය.

මීට අමතරව බලහත්කාරයෙන් මෙවැනි ක්‍රියා සිදුකරනවා නම් ඒ පිළිබඳ 0117 179 707 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද අදාළ සංගමය ඉල්ලා සිටියි.

ඉන්දික හේවාවිතාරණ

"බග්දාදිගේ තැන ගැනීමට සිටි පුද්ගලයාත් අපි ඝාතනය කළා" - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්


ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ හිටපු නායකයා වූ අබුබකර් අල් බදාදීගේ මරණයෙන් පසුව, එම ස්ථානය සදහා පත්වීමට බොහෝ දුරට ඉඩ තිබු තැනැත්තා සිය හමුදාව අතින් ඝාතනයට ලක් වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය ටුවිටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

"අබු බකර් අල් බග්දාදිට පසුව ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ මීළග නායකයා බවට පත්වීමට සිටි අංක එකේ පුද්ගලයා ඇමෙරිකානු  හමුදාත් අතින් විනාශ වුණු බව මම ස්ථිරවම ප්‍රකාශ කරන්න කැමතියි.” ට්‍රම්ප් එහි සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම චරිතය කවුරුන්ද යන්න ට්‍රම්ප් මෙහිදී සදහන් කර නැත. ඇතැම් විට ඔහු ඉස්ලාම් රාජ්‍ය සංධානයේ මාධ්‍ය ප්‍රකාශකයා වූ අබු අල් හසන් අල් මුහාපීර් වියහැකි බව විදෙස් මාධ්‍යවල අදහස වී තිබේ. ඔහු සිය හමුදා අතින් ඝාතනය වූ බව එක්සත් ජනපදය පසුගියදා නිල වශයෙනේ නිවේදනය කර තිබුණි. අල් මුහාජිර් මේ අන්තවාදී සුන්නි මුස්ලිම් ජිහාඩ් සංවිධානයේ මුල් පෙළේ ස්ථානයක් හිමි කරගෙන සිටි අයෙකුද විය.

මේ අතර, අබුබකර් අල් බග්දාදිගේ ඝාතනයෙන් පසුව ඉස්ලාමීය රාජ්‍යය සංධානයේ නායකත්වය සදහා අබ්දුල්ලා ක්වාරදාෂ් නමැත්තා නම් කළ බවටද එම සංවිධානය ප්‍රකාශ කර තිබුණි. ඔහු ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන්ගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකුව සිටි අයෙකුද වෙයි.

ඉරාකයේ එඬේරෙකුට IS සංවිධානයට අයත් ඩො.මි.23ක රන් ,රිදී හමුවෙලා


ඉස්ලාම් රාජ්‍ය (IS) සංවිධානයට අයත් බවට විශ්වාස කරෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක පමණ වටිනාකමකින් යුත් රන්, රිදී සහ මුදල් විශාල ප්‍රමාණයක් ඉරාකයේ එඬේරෙකු වෙත හමුවී ඇතැයි වාර්තා වෙයි.
එරට අල් අන්බාර් පළාතේ බැටළුවන් බලා ගන්නා එඬේරෙකු වෙත මෙම භාණ්ඩ තොගය හමුවී තිබෙන බව මේ පිළිබද අනාවරණය සිදු කළ අල් අරාබියා පුවත්පත සදහන් කරයි.

කෙසේ වෙතත් සොයා ගත් මෙම වස්තුව එම සංවිධානයට අයත්ව තිබු දේපළ අතරින් ඉතාමත් සුළු ප්‍රමාණයක් විය හැකි බවද පුවත්පතේ අදහස වී තිබේ.

මේ වනවිට ඉරාක බුද්ධි අංශ අත්අඩංගුවේ පසුවන ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ හිටපු නායක, ඝාතනයට ලක්වූ අබුබකර් අල් බග්දාදිගේ සමීපතමයෙකු බව පැවසෙන මොහොමඩ් අලි සාජෙට් සිදුකරන අනාවරණ අනුව ඔවුන් මේ බව පවසා සිටියි. මේ හා සමාන වටිනාකමක් ගන්නා දේපළ ප්‍රමාණයක් අල් අන්බර් පළාතේදී තමන්ට මඟහැරුණු බව අලි සාජෙට් මෙහිදී සඳහන් කර ඇත.

විශේෂයෙන්ම සිය පාලන බලයේ පැවති භූමියෙන් ලැබුණු බොර තෙල් විකිණීමෙන්, කප්පම් ගැනීමෙන්, පුද්ගලයන්
පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපයේ තබාගැනීමෙන් මෙන්ම එම ප්‍රදේශයේ වසන ජනතාවගෙන් බදු එකතු කිරීමෙන් යනාදී ක්‍රම හරහා ඉස්ලාම් රාජ්‍යය සිය ආදායම් රැස් කරගෙන තිබේ. 2014 වසරේ ආරම්භවී සංවිධානයේ උපරිම අවස්ථාවට පත් වුණු 2016-2017 කාලසීමාව තුළදී මෙම ඉස්ලාම් රාජ්‍ය සතුව එක්සත් ජනපද ඩොලර් බිලියන ගණන් මුදල් තිබූ බව පැවසෙයි. එසේම මෙම සංවිධානය යටතේ සිටි සටන්කරුවන් වෙත එම කාලසීමාවේදී මාසිකව එක්සත් ජනපද ඩොලර් 300 සිට ඩොලර් 1,400 දක්වා වූ මුදලක් ගෙවා ඇතයිද අනාවරණය වී තිබේ.

මීට අමතරව iS සංවිධානය දැනට වසර හතරකට පමණ පෙරාතුව, 2015 වසරේදී තමන්ගේම කාසි නිෂ්පාදනය සඳහාද යොමු  විය. එහිදී පිරීසිදු රත්තරන් සහ රීදී යොදා  ගනිමින් එම කාසි නිර්මාණය කෙරිණි.

"ඉල්ලා අස්වන්නේ නෑ, හැකිනම් ඉවත් කරන්න" - රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක



පක්ෂ සාමාජිකයන් හෝ අමාත්‍ය ධුරයෙන් තමා කිසිසේත්ම ඉවත් නොවන බවත්, හැකිනම් ඉවත් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යෙ වසන්ත සේනානායක මහතා ඊයේ (30) අභියෝග කළේය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.

තමා ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දෙමින් අමාත්‍ය ධූරයෙන් ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීමට සිටි බව කී වසන්ත සේනානායක මහතා, පෙරේදා(29දා) රාත්‍රියේ තමා පක්ෂයෙන් හා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවට ප්‍රකාශ කළ නිසාවෙන් තමා අමාත්‍ය ධුරයෙන් කිසිසේත්ම ඉවත් නොවන බවද පැවසීය.

තමාට අමාත්‍ය ධුරය ලබා දුන්නේ ජනාධිපතිවරයා බැවින් තමාව ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවද කියාසිටි ඒ මහතා, "පුළුවන්නම් අයින් කරන්න" යනුවෙන් මෙහිදී අභියෝග කළේය.

තමා සිදුකළ කිසිදු වරදක් පිළිබඳ මෙතෙක් අනාවරණය කර නොමැති බවත්, තමාට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බවත් කියා සිට් සේනානායක මහතා, තමා දන්නා තරමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයි සිතාගෙන ප්‍රශ්නයක් ඇසුවා පමණක් යැයිද මාධ්‍ය හමුවේදී පැවසීය.

පක්ෂ සභාපතිවරයා වන කබීර් හෂීම් මහතා තමාට ඇමතුමක් ලබා දෙමින් මෙය අත්වැරදීමකින් සිදු වූ බවක් පැවසු බවද කියා සිටි වසන්ත සේනානායක මහතා, එසේ සිදු වූයේ නම් මාධ්‍යයට එය පැවසිය යුතු යැයි තමා කියා සිටි බවද සඳහන් කළේය.

තමාට අවශ්‍ය පිළිතුරු නොලැබීම හේතුවෙන් දේශපාලනයෙන් ඉවත් වීමට අවශ්‍ය වූ බව කී ඒ මහතා, ඉවත්වීමෙන් අනතුරුව සිවිල් පුරවැසියකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වීමට බලාපොරොත්තු වූ බවද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා ගැන තැබූ විශ්වාසය හා ආදරය තවමත් තිබෙන බව කියා සිටි සේනානායක මහතා, තමා කිසිදු අවස්ථාවක වෙනත් අයෙකුට උදවු කරන බව නොපැවසූ බවත්, එහෙත් දැන් ඒ ගැනද සලකා බලන්නට සිදු වන බවත් සඳහන් කළේ.

හදිසි තීරණායකින් කිසිදු කෙනෙක් පක්ෂයකින් ඉවත් කළ නොහැකි බවද කියා සිටි සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස තමා තවම සිටින බවද කියා සිටියේය.

මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට වූ ලිපිය ජනාධිපතිවරයාට භාර දීමට සිටි බවත්, නමුත් අනෙක් අයෙ ගෝඨාභය මහතාට සහාය දක්වන්නට යනු ඇතැයි බියෙන් මෙම තීරණය ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටිස්ය.

චාමර සම්පත්

සිය දියණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පියෙකුට මරණ දඬුවම නියම කෙරේ


සිය අටමස් බිලිදියගේ ගෙළ කපා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පියෙකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඊයේ (30දා) මරණ දඬුවම නියම කළේය.

මිද්දෙණිය ,හෙල්ලල, දමනියගහවත්ත පදිංචි චතුර මධුෂික (26) නමැතකුට මෙසේ දඩුවමි නියම කෙරුණි.
සැකකරු සිය බිරිඳ සමග පැවති ආරවුලක් දුරදිග යෑමෙන් ඇයගෙන් පළිගැනීමක් ලෙස 2014-01-15 දා සිය දියණියගේ ගෙල කපා අසල තිබූ තේක්ක කැලයක දමා තිබියදී ඥාතීන් විසින් සොයාගෙන තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන් පසු සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව පැවති නඩු විභාගයේදී සැකකරු අදාළ චෝදනාවට වැරදිකරු බවට පත්වීම හේතුවෙන් තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඊයේ (30දා) සැකකරුට මරණීය දණ්ඩණය නියම කළේය.

මිද්දෙණිය පොලීසියේ සැරයන් එස්.එච්.ගුණරත්න මහතා රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා සමග පැමිණිල්ල මෙහෙයවීය.


සූරියවැව - නුවන් ජයසේකර

Wednesday, October 30, 2019

විවිධ චරිත රඟපා මිනිසුන් රවටා මුදල් ගැරූ ලෝක හොරෙක් පිටකොටුවේදී දැලේ



 වරෙක ගුරුවරයකු තවත් වරෙක පොලිස් නිලධාරියකු මෙන්ම හා හෝටල් සේවකයකු ලෙස අගවා මිනිසුන් මුළා කොට ඔවුන් සතු රුපියල් ලක්‍ෂ ගණනක දේපළ සොරාගත් පුද්ගලයකු පිටකොටුව බස් නැවතුමේ දී ඉකුඳා (27) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.

එම පුද්ගලයා එලෙස කොල්ලකන ලද රන්මාල දෙකක්, රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා ඔරලෝසු. මුද්දක් මේ වන විට සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී කෑගල්ල ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුට අයත් පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ රාජකාරී හැඳුනුම්පත එම නිලධාරියාගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීම් හැඳුනුම්පත හා කාන්තාවකට අයත් හැඳුනුම්පතක් සොයා ගත් බව පොලිසිය කියයි.

වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයකුට මිටී සති කිහිපයකට ඉහත දී අහම්බෙන් මෙම පුද්ගලයා මුණගැසී ඇති අතර ඔහු ඒ වන විට හඳුන්වා දී ඇත් තමා සංචාරක මග පෙන්වන්නකු ලෙස බව පොලිසිය කියයි.

චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමට දස්කම් දක්වන පුද්ගලයා වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයාට පවසා ඇත්ලත් ඔහු කාලයක් ඉග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කළ බවය. පාසල් යන දරුවන් සිටී නම් ඉංග්‍රීසි ඉගැන්වීමට හැකි බවය.

මෙම සැකකරුගේ කතා විලාසයට රැවටුණ එම පුද්ගලයා මෙම සැකකරු නිවසට ගෙන්වා දරුවන් දෙදෙනා ඒ සඳහා ද යාමුකර ඇතැයි ද පොලිසිය කියයි.

සති තුනක් පමණ තම දරුවන්ට ඉංග්‍රීසි කියා දීමට පැමිණි ගුරුවරයා පිළිබඳ කිසිදු තොරතුරක් නොවූ බවත් නිවස් හිමියාට ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.

හදිසි අවශ්‍යතාවක් ඇති වී නිවසේ අල්මාරියේ තබා තිබූ රන් භාණ්ඩ සොයා බැලියම් දි එම රන් භාණ්ඩ නොමැති බව දැකීමෙන් දැඩි කලබලයට පත් නිවෙස් හිමියා තම දරු දෙදෙනාගෙන් ද ඒ පිළිබඳ විමසීමේ දී දිනක් ගුරුවරයා තමන්ට ඉංග්‍රීසි පාඩමක් පවරා නිවස තුළට ගිය බවත් පවසා තිබූ බව පොලිසිය කියයි.

පසුව ඒ සම්බන්ධයෙන් වාද්දුව පොලිසියට ඔහු විසින් පැමිණිල්ලක් ද කර තිබූ බව පොලිසිය කියයි.

එම පුද්ගලයා සම්බන්ධයෙන් වාද්දූව පොලිසියට ලද පැමිණිල්ල අනුව කළුතර කොටිඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය මගින් පරික්ෂණ පවත්වා සැකකරු පිටකොටුව බස් නැවතුම් පොළේ දී අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරිමේ දි මේ ආකාරයෙන් සිදුකළ තවත් සොරකම් කිහිපයක් පිළිබිඳව ද තොරතුරු හෙළි වූ බව පොලිසිය කියයි.

සැකකරුණු මීට මාස තුන හතරකට පමණ ඉහත දි මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක කොත්තු බාස්වරයකුව සිටිය දි නවාතැන් ගෙන සිටි කාමරයට යාබද බෝඩිං කාමර දෙකකට ඇතුළු වී සිඳුකළ සොරකම් දෙකක් සම්බින්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

මෙම සැකකරුට එරහිව මහියංගණය අධිකරණයේ වරෙන්තු පවා නිකුත් කර තිබූ බව පවසන පොලිසිය ගම්පහ ඇතුළු ප්‍රදේශ ගණනාවක සොරකම් සමිබින්ධ නඩු ගණනාවක් ඇතකු බව ද අනාවරණය වූ බව පොලිසිය කියයි.
වසර කිහිපයක් රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරු ඉකුත් ජනවාරි මාසයේ ඇප මත නිදහස් පැමිණි අයයක් බව ද විමර්ශනවල දි හෙළි වූ බව පොලිසිය කියයි. වයස අවුරුදු 40 සැකකරු රංගම පදිංචිකරුවෙකි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහත්වරුන් උපදෙස් මත කළුතර කොටිඨාස නීතිය බල ගැන්වීම් ඒකකය ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිලංග සංජීව, උපපොලිස් පරික්ෂක ඉන්දික, පොලිස් සැරයන් 37109 රත්නායක, 27118 සමින් කුමාරසිරි පොලිස් කොස්තාපල් 44817 ගුණවර්ධන ජයරත්න සරත් ප්‍රියන්ත සම්පත් මහත්වරු පරීක්‍ෂණ පවත්වති.


(බණ්ඩාරගම විමල් ශ්‍යාදන් ජයසිංහ)

මෙවර ජනාධිපතිවරණයේ තීරණය මුස්ලිම්වරුන්ගේ දෙවැනි මනාපය උඩයි - ස්වාධීන අපේක්ෂක හිස්බුල්ලා කියයි



"තට්ටු මාරුවට ප්‍රධාන පක්ෂ්‍ දෙකේ අපේක්ෂකයකු ජනාධිපති කිරීමේ සම්ප්‍රදාය අවසන් කර මුස්ලිම්වරුන්ගේ දෙවැනි මනාපය මෙවර තීරණාත්මක ලෙස භාවිත කළ යුතු" යැයි ජනාධිපතීවරණයට ස්වාධින අපේක්ෂකයකු ලෙස තරග කරන ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා තම ප්‍රතිප්ත්ති ප්‍රකාශය එළිදක්වමින් කොළඹ දී පෙරේදා (28) පැවැසිය.

ප්‍රධාන පෙළේ කිසිදු අපේක්ෂකයකුට ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනහකට වඩා ගැනීමට නොහැකි යැයි ද එහිදී තමාට ඡන්දය දෙන මුස්ලිම්වරුන්ගේ දෙවැනි මනාපය තීරණාත්මක සාධකය බවට පත්කර ගත යුතු යැයි ද ඔහු කීය.

 ඉදිරි දින පහ ඇතුළත තම ප්‍රතිපත්ති ප්‍රකාශය සියලුම ජනාධිපති අපේක්ෂිකයන්ට ඉදිරීපත් කරන බව කී හෙතෙම, ඊට සහාය දැක්වීමට කැමැති පාර්ශ්වය සමග එකගතාවකට එළඹිය හැකි යැයි ද පැවසීය.

පැවැති ආණ්ඩුවලින් මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් නොලැබුණු පරිසරයක මේවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකත්වයට යෝජනා කළ ද ඔහු එය ප්‍රතික්ෂේප්ප කළේ යැයි ද තමා තරග කිරීමට තීරණය කළේ ඉත්පසුව යයි ද ඔහු කීය.

කොළඹ 07, පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයේදී හිස්බුල්ලා මහතා මෙසේ ද කීය.
පාස්කු ප්‍රහාරය එල්ලවෙන්න කලින් බුද්ධි අංශ විසින් දින ගණනාවක් එක දිගට 97 වතාවක් ඒ ගැන අනතුරු අගවා තිබුණා. අසවල් තැන්වලට අසවල් වේලාවේ පහර දෙනවා යැයි තොරතුරු සහිතව දන්වා තිබුණා. බෝම්බ පුපුරනතුරු ආණ්ඩුව නිහඩව සිටියා. ඊට පස්සේ ඊට වග කිවයුත්තේ මුස්ලිම් සමාජය යැයි මතයක් නිර්මාණය වුණා. දැන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවක් ඇවිත් තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්න ගියාම මුස්ලිම් සමාජයට විශාල බලපෑමක් එල්ල වේවි.

ඉස්ලාමීය ත්‍රස්තවාදයට විසඳුම් දීමට විදේශීය විශේෂඥයන් ඕනෑ යැයි කියනවා. ලිබියාවට, සිරියාවට, ඇෆ්ගනිස්ථානයට ඇතුළු වී මුස්ලිම්වරුන් නැති කරපු බලවේග ගෙනත් ලංකාවේ ඉස්ලාම් සංවිධාන ගැන හොයන්න ඕනෑ යැයි කියනවා. මා ඔවුන්ට කියන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න කියලයි. මා වැරැදි යැයි කියන ඕනෑම කෙනෙකු සමග විවාද කරන්න මම ලෑස්තියි.

පාර්ලිමේන්තු දේශපාලනයේ සිටින ජ්‍යෙෂ්ඨතමයා මමයි. ෆවුසි හා හකීම් යන මහත්වරුත් පාර්ලිමේන්තු ආවේ මට පසුවයි.

මේ ජනාධිපතිවරණයට තරග කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයායි. නසීර් මහතා ඒ යෝජනාව කළත් හකීම් එය ප්‍රතික්ෂේප කළා. ඉන්පසු අපි ආගමික නායකයකු ඉදිරිපත් කිරීමට සාකච්ඡා කළා. දවසක් පුරා ඒ ගැන කළ සාකච්ඡාවකින් පසුව ආගමික නායකයකු ඉදිරිපත් කිරීමෙන් අපේ ප්‍රශ්නවලට පිළියම් සෙවීම අපහසුය යන තීරණයකට ආවා. මට තරග කරන්නැයි ඉල්ලීම ආවේ ඉන්පසුවයි.

අපේ අදහස නම් කිසිදු ජනාධිපති අපේක්ෂකයකු පළමු වටයෙන්ම සියයට පනහ ගන්නේ නෑ. ජයගන්නේ මට දෙන දෙවැනි මනාපයේ හිමිකරුවායි. මට ඡන්ද දෙලක්ෂ පනස්දහසක් ගත හැකි යැයි උපකල්පනය කරනවා. ඒ කියන්නේ මුස්ලිම් සමාජයෙන් සියයට විස්සක්. හොදයි. ලක්ෂ දෙකහමාරක් නොගෙන හැට දාහක් ලැබුණා කියලා හිතමු. අපේක්ෂකයන්ට සීයට පනහ ඉක්මවීමට පනස්දහසක් ඡන්ද ඕනෑ වුණාත් අපේ ඡන්ද තීරණාත්මක වෙනවා. එතකොට ජනාධිපතිවරයා තීරණය කළ කණ්ඩායම විදියට අපිට ඉදිරියට යන්න පුළුවන්. මම මේ කතා කළේ හැටදාහක් ගැනයි. මේක ලක්ෂ අටක් විතර වුණොත් කාටවත් හිතාගන්නවත් බැරි වේවි. මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගෙන ඉදිරි දින පහේ දී සියලුම ජනපති අපේක්ෂකයන් මුණ ගැසීමට වෙනම ශාස්ත්‍රීය උගතුන් පිරිසක් සිටිනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහාය දක්වන තැනැත්තා සමඟ එතඟතාවයකට පැමිණීමට අපට පුළුවන් යැයිද ඔහු කීය.

බිඟුන් මේනක ගමගේ

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු මිල අහස උසට



දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්වයන් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ඊයේ (29) පෙරවරුවේ විශාල වශයෙන් ඉහළ ගොස් පැවති බව ව්‍යාපාරිකයෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීම, ලැබෙන එළවළු නිසි ප්‍රමිතියකින් තොර වීමට
හේතුවෙන් ඉල්ලුම වැඩි වී මෙයාකාරයෙන් මිල ඉහළ යැම සිදුව ඇති බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.

අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 250ක් ද කරවිල කිලෝවක තොග මිල රුපියල් 250ක් ද මාළුමිරිස් කිලෝවක් රුපියල් 300කට ද කැරට් කිලෝක් රුපියල් 260කට ද ඊයේ (29) පෙරවරුවේ අලෙවි වූ බව ව්‍යාපාරිකයෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (29) ලැබුණු එළළුල තොග මිල මෙසේ සටහන්ව තිබිණි.
අමුමිරිස් කිලෝවක් රුපියල් 250යි, කරවිල කිලෝවක්  රුපියල් 250යි, මාලුමිරිස් කිලෝක් රුපියල් 300යි, ගෝවා කිලෝවක් රුපියල් 120යි. කැරට් කිලෝවක් රුපියල් 260යි. දඹල කිලෝවක් රුපියල් 140යි. බෝංචි කිලෝවක් රුපියල් 100යි, තුඹ කරවිල කිලෝවක් රුපියල් 240යි, මෑකරල් කිලෝවක් රුපියල් 140යි, වම්බටු කිලෝවක් රුපියල් 70යි, නෝකෝල් කිලෝවක් රුපියල් 80 ලෙස සටහන්ව තිබිණි.

සිල්ලර වෙළෙඳපොළේ එළවළු වර්ගවල මිල මිට වඩා දෙගුණයකින් පමණ වැඩි වී තිබූ බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

උත්සව සමය සහ වර්ෂාවත් සමග එළවළු ලැබීමේ අඩු ප්‍රවණතාවය ඉල්ලුම වැඩිවීම ජනවාරි මාසය පමණ එනතුරුත් පැවතිය හැකි යැයි කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා සඳහන් කළේය.


(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

බිරියගේ නඩත්තු මුදල් ගෙවන්න නැන්දම්මාගේ රන්මාලය මිතුරෙකු ලවා කඩාගෙන



බිරියට නඩත්තු මුදල් ගෙවීම සඳහා මිතුරකු ලවා නැන්දම්මාගේ ගෙල බැඳි රන් මාලය මකොල්ලකෑ පුද්ගලයකු හා එම මිතුරා පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි.

කොල්ලකන ලද පවුම් එකහමාරක රන් මාලය සැකකාර මිතුරාගේ පයාගල නාගහදූව නිවසේ අල්මාරියක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරුට එරෙහිවි නඩත්තු නඩුවක් විභාගවන අතර ගෙවිය යුතු නඩත්තු මුදල් නිසි අයුරින් නොගෙවීම්
හේතුවෙන් එකී මුදල මේ වනවිට රුපියල් තිස්දහස ඉක්මවා ඇති බවට පොලිස් පරික්ෂණවලදී හෙළිවී ඇත.

ඉකුත් දිනක සැකකරු දරුවා බැලීම සඳහා නිවසට පැමිණි අවස්ථාවේදී නිසි අයුරින් නඩත්තු මුදල් නොගෙවීම් සම්බන්ධයන් බිරිය හා නැදමා සමග බහින් බස් වීමක් ද සිදුවී ඇතැයි පොලිසිය කියයි.

| තව දින කිහිපයකින් නඩත්තු මුදල් ලබාදිය යුතුව ඇති බැවින් නැන්දමාගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකෑමට සැකකරු සැලසුම් කර ඒ සඳහා පයාගල නාගහදූව පදිංචි පුද්ගලයා හා කුලියට ගත් ත්‍රීරෝද රථයකින් ඉකුත් 23 වැනි දින දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයට පැමිණි තිබූ බව පොලිසිය කියයි.

ඒ සඳහා මිතුරා යොමුකර සැකකරු ත්‍රිරෝද රථයටවි සිට ඇති අතර මිතුරා කලුකබායක් ඇඳ හිස වටා ජාවාවක් බැඳ පිහියක්ද අතැතිව රාත්‍රී 8.30ට පමණයි නිවසේ පිටුපස දොරින් ඇතුළුවී ඇඳ මත නිද්දේ සිරි මිතුරාගේ නැන්දම්මා පැළඳ රන් මාලය කොල්ලකා තිබූ බව පොලිසිය කියයි.

ඒ සමගම එම කාන්තාව කෑ ගසාගෙන අවදිවීමත් සමග නිවසින් පළාගිය සැකකරු ඒ ආසන්නයේ තිබූ ත්‍රී රෝද රථය
වෙත ගොස් පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

ඒ වනවිටත් රන් මාලය කොල්ලකා මුව තුළ දමාගෙන සිටි එම පුද්ගලයා එය කොල්ලකෑමට නොහැකි වූ බව කොල්ලය සැලසුම් කළ මිතුරාට පවසා තිබූ බව පොලිසිය කියයි.

මීට දින කිහිපයකම නිවසට පැමිණි බෑනා හා සිදු වූ බහින් බස්වීමකදී නඩත්තු මුදල් ගෙවන්නේ තොපිගේ දේවලින් තමයි යැයි තර්ජනය කළ බවත් රන් මාලය කොල්ලකෑම් සිද්ධියට බෑනාගේ සම්බන්ධයක් තිබෙන බවට සැකයක් තිබෙන බව කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කරන පරීක්ෂණවලදී මේ බව හෙළි වූ බව පොලිසිය කියයි.

දොඩංගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සැරයන් (35953) සුරංග පොලිස් කොස්තාපල්වරුන් වන (55232) කුමාර (30088) අමිල (91331) තුෂාර (91332) රාජපක්ෂ (91333) ප්‍රියසාද් මහත්වරු පරික්ෂණ පවත්වති.


බණ්ඩාරගම බිමල් ශ්‍යොමන් ජයසිංහ සහ අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

සුඛෝපභෝගී බද්ද කුඩා වාහනවලට බලපාන්නෑ - මුදල් අමාත්‍යාංශය පවසයි


2019 මාර්තු 06දා සිට ක්‍රියාත්මක වන ලෙස සුඛෝපභෝගී වාහන සදහා පැනවු බදු (LT) කුඩා කාර් රථ, වෑන් රථ, තනි සහ ද්විත්ව කැබ් රථ, මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් සඳහා බලනොපාන බව මුදල්
අමාත්‍යාංශය පවසයි.

නව බදු සංශෝධනය  සමග කුඩා මෝටර් රථවල මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට පැවති ආන්දෝලනය සමග නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාතරංශය ඊයේ (29දා) මෙම කරුණු අනාවරණය කර තිබුණි.

ඒ අනුව, කුඩා මෝටර් රථ යටතේ ටොයොටා විටිස්, සුසුකි. එවිරි, ටොයොටා රූමි, සුසුකි. ඇල්ටෝ,සුසුකි බෙලිනෝ, ඩයිහට්සු පෙට්‍රල්, හොන්ඩා ග්‍රේස්, සුසුකි වැගන් ආර් ,ටොයෝටා ඇක්වා යන මාදිලිවල වාහන මෙම සුඛෝපභෝගී බද්දට අදාළ නොවන බව සඳහන් වෙයි. එසේම ඇක්සියෝ, ප්‍රීමියෝ සහ ඇලියොන් යන මාදිලිවල සාමාන්‍ය වාහනද මෙම සුඛෝපභෝගී බද්දට යටත් නොවන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව, බද්දට යටත් වන් සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් බව අමාතශය පෙන්වා දෙයි. මීට පෙර මෙම බද්දට යටත්ව ද්විත්ව කැබ් රථද නොවැම්බර් 01 දින සිට ඉන් ඉවත් කිරීටද පියවර ගෙන ඇත. එසේ 2019 මාර්තු 06දාට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලටද මෙම බදු අදාළ වෙයි. මීට අමතරව, නව රෙගුලාසි අනුව රු.ලක්ෂ 35ට වඩා වැඩි වටිනාකම සහිත ඩීසල් සහ පෙට්‍රල් කාර් සහ ජීප් රථ ආනයනයේදි සීමාව ඉක්මවන මුදලට පමණක් මෙම සුඛෝපභෝගී බදු අය කරගනු ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.
"දෙමුහුන් වාහනවල වටිනාකම (CIF Value) රුපියල් ලක්ෂ 40 ඉක්ම වූ විට වැඩිවන ඒම මුදලටද, විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක වටිනාකම ලක්ෂ 60 ඉක්ම වු විට වැඩි වන මුදලටද යන්නාදී ලෙස මෙම සුඛෝපභෝගී බදු අය කර ගනු ලැබිණි." යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ අතර, මෝටර් රථ සඳහා වු තාක්ෂණය දියුණුවීමත් සමග වාහනවල සුබෝපභෝගීතාව තීරණය කිරීම එන්ජින් ධාරිතාව මත නොව වාහනයේ ඇතුළත් විශේෂාංග අනුව තීරණය කරන බවද අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සිලින්ඩර් ධාරිතාව 1,800ට අඩු පෙට්‍රල් මෝටර් රථ, සිලින්ඩර් ධාරිතාව 2,300ට අඩු ඩීසල් කාර් සහ ජීප්රථ මෙම කිලෝවොට් 200ට අඩු ඉලෙක්ට්‍රක් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත අයකරන බද්ද නොවැම්බර් 01 සිට ඉවත් කිරීමට නියමිතව ඇත. එහෙත් ඔක්තෝබර් 31 තෙක් ණයවර ලිපි නිකුත් කර 2020 අප්‍රේල් 21 වැනි දිනට පෙරාතුව ආනයනය කර නිෂ්කාශනය කරන වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වන බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

භානුක අමරසිංහ

සජිත්ගේ කළුතර රැලියට අවසර නෑ


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වන අවසාන රැලි නොවැම්බර් 13 වැනිදා පැවැත්වීම සඳහා කළුතර නගරයේ ක්‍රීඩාංගණ දෙකක් වෙන් කරගෙන ඇතත්, ඉතා සමීපයේ ඇති ක්‍රීඩාංගණ දෙකක ජනරැළි පැවැත්වීමෙන් සාමය කඩවීමට ඉඩ ඇති බැවින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැලිය සඳහා අවසර ලබා නොදන බව කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණී ආරියරත්න මහතා ඊයේ (29දා) පැවසීය.

මේ සඳහා කළුතර නගරයෙන් කිලෝමීටර් දෙක තුනක් දුරින් පිහිටි වෙනත් ක්‍රීඩාංගණයක් තෝරාගන්නා ලෙස එම පෙරමුණේ සංවිධායකයන්ට දැනුම් දී ඇතැයිද ඔහු කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අවසන් රැළිය සඳහා කළුතර උද්‍යාන ක්‍රීඩා පිටිය වෙන් කරගෙන ඇති අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අවසන් රැළිය සඳහා එහි සංවිධායකයන් දකුණු කළුතර දුම්රිය පොළ ආසන්නයේ පිහිටි කළුතර නගර සභා ක්‍රීඩාංගණය වෙන් කරගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සහ කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ,
මේ සම්බන්ධයෙන් අප දෙපාර්ශ්වයම කැඳවා සාකච්ඡාවක් පැවැත්වූවා. මෙහිදී අපි සඳහන් කළේ සාමය කඩවීමක් ඇති නොවන ආකාරයෙන් රැලි පැවැත්වීම සඳහා සුදුසු ස්ථාන වෙන් කරගන්නා ලෙසයි" යනුවෙනි.

එහිදී කළුතර කොටිඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආර්යරත්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය සදහා ශබීද විකාශන බලපත්‍ර මේ වනවිටත් ලබා දී ඇති බැවින් එජාප රැලිය සඳහා විකල්ප ස්ථානයක් තෝරාගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි.

කළුතර - සුනිල්. එස්. තන්ත්‍රීආරච්චි

චන්ද්‍රිකා හා වෙල්ගම සජිත්ගේ සහායට





නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වල්ගම මහතා තීරණය කර තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගණයේදී ලබන 05 වැනිදා විශේෂ සමුළුවක් පවත්වා මෙම තීරණය රටට දැනුම් දීමට ඔවුන් කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් එදින සවස 2.00ට ආරම්භ කරන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු, පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්, මන්ත්‍රීවරුන් ඇතුළු පිරීසක් එක්වීමට නියමිතය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (29)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්‍ෂක සංගමයේ සභාපති  කිත්සිරි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීම් සංවිධානය විසින් මෙම සමුළුව පවත්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයන් 81ක්, අපේක්‍ෂකයන් 3,000ක්, මන්ත්‍රීවරුන් 1,000ක් ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් 15,000ක් සහභාගි වීමට  සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයන් 9,000ක් තරග කළ බවත්, එම සියලු දෙනාට නොදන්වා පක්‍ෂ නායකත්වය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට තීරණයක් ගෙන තිබෙන බවත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මෙම තත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සියලු දෙනා කලකිරමට පත්ව සිටින බවත්, මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා ශ්‍රීලනිප ඡන්ද ලක්‍ෂ 07ක් ලබාදීමට තම කණ්ඩායම කටයුතු කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම දියවී යනු ඇති බවත්,
මේ බව තේරුම් නොගත් ශ්‍රී.ල.නි.ප. සංවිධායකවරු 14 දෙනකු පමණක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිනවීමට ඉදිරිපත් වී සිටින බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිත්සිරි හෙට්ටිආරච්චි මහතා,
 "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රීපාල සිරීස්න මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂයේ සිට පැමිණි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් කළා. සති තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඔවුන් එකතුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ 9,000 දෙනාව දැනුම් දීමකින් තොරව තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහොම වැඩ කළේ. පොහොටිටුවට පක්‍ෂයේ ඡන්ද  ටික භාර දීම ගැන අපේක්‍ෂකින් 9,000ට හා පාක්ෂිකයන්ට් සෑහෙන්න වේදනාවක් ඇති  වුණි. ඉන් පසුව සති තුනක් විතර යනකොට කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව අපි සංවිධානය වුණා. අපි පක්ෂය දියවෙන්න දෙන්නේ නෑ. ශ්‍රීලනිප නිර්මාතෘ බණ්ඩාරනායක මහතා ලේ දහරා උඩ වෙඩි තියලා මිය යන අවස්ථාවේදී සිතන්න ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසි දිනෙක වෙන්වන එකක් නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීම් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම දයාසිරි ජයසේකර භාරගන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට අපේ සංවිධායකවරු, අපේක්‍ෂකයන් සිය දෙසීය නගිනකොට සංවිධායකවරු 14ක් පමණයි පොහොට්ටුවට සම්බන්ධ එක්ක ඉතිරි වුණේ. පක්‍ෂය ආරක්ෂා කර ගන්න ඕන නිසා කුමාර වෙල්ගම මහතා තීරණයක් ගත්තා චන්ද්‍රිකා මැතිනියටත් කියලා නොවැම්බර් 05 වැනිදා සමුළුවක් පැවැත්වීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය සියලූ දෙනා එකතුකර
ගෙන ශ්‍රී ලංකා නිදහස් පකෂය සුරැකීම් සංවිධානය විදියට සමුළුව පවත්වනවා" යනුවෙන් පවසා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය. තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක විජය කුමාරණතුංග මහතාගේ වැඩිමල් සහෝදරිය වන විජවාදී මහජන පෙරමුණේ උපදේශිකා රූපා කුමාරණතුංග, එක්සත් ජනතා කොංග්‍රසයේ දිගම්බරන් දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ සාමාජිකයන්, නැගෙනහිර හිටපු මහ ඇමති පිල්ලෙයාන් මහතාගේ දේශපාලන පක්‍ෂයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව අදහස් පළ කළහ.


අමිත් මධුරංග

Tuesday, October 29, 2019

වැඩක් කරලා නෑ කිව්වට ක්‍රිකට් ආයතනයට හතුරුගෙන් සැර පිළිතුරක්



කරුණු පහක් යටතේ චෝදනා එල්ල කරමින් හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රාජකාරි කටයුතු පැහැර හැර ඇතැයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ චෝදනා සියල්ලම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සනින් යුතුව සැප්තැම්බර් මස 24 වැනිදා චෝදනා පත්‍රයක් හතුරුසිංහ මහතා වෙත යොමු කර ඇති අතර, ඊට ඔහු මෙම මස පළමුවැනිදා දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර එම චෝදනා ප්‍රතිෂ්ප කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා වෙත කළ චෝදනා අතර,
1. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික සංචාර සඳහා කායිකව සහ මානසිකව ඊට සුදානම් කිරීම සහ සහය කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වීම,

2. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය විශ්වාසය ගොඩනැංවීමට සත්‍ය වුවමනාවකින් සහ විශේෂ අවධානයක් යොමු කිරීමට අපොහොසත් වීම,

3. ක්‍රීඩකයන්ගේ එකමුතු බව නැති කිරීමට ඔහුගේ යම් යම් ක්‍රියාකලාප හේතුවී ඇති අතර, කණ්ඩායම් හැගීම සහ ක්‍රීඩකයන් අභිප්‍රේරණය කිරීමට අපොහොසත් වීම,

4. ජාතික පුහුණුකරු ලෙස ඉටුවිය යුතු වගකීම පැහැරහැරීම,

5. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම නිසා (2018 වසරේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී) ඊට වරදකරු වී දඩුවම් ලැබීම යන චෝදනා වේ.

හතුරුසිංහ මහතා ක්‍රිකට් ආයතනයේ මෙම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ඊට දීර්ඝ කරුණු දැක්වීමද සිදු කර තිබේ.

මීට අමතරව තමාගේ ධුර කාලය තුළ තමන් සිදුකළ රාජකාරී වැඩ කටයුතු කරුණු 74ක දීර්ඝ ලිපියකින් ක්‍රිකට් ආයතනයට දැන්වීමටද හෙතෙම කටයුතු කර තිබේ.

පැතුම් ශ්‍රී විජේරත්න

සමාජ මාධ්‍ය ජාල තුළ මුදාහැර තිබූ අසත්‍ය ප්‍රචාර 10කට වඩා ඉවතට



ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුළ මුදාහැර තිබූ අසත්‍ය ප්‍රචාර 10ට වැඩි සංඛ්‍යාවක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගමට දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

ඒ අනුව ෆේස්බුක් සමාගම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර එම අසත්‍ය ප්‍රචාර ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටින බොහෝ අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර ඇති පුද්ගලයන්ද මේ යටතේ හඳුනාගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සමයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය වීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම සමග මැතිවරණ කොමිසම එකඟතාවට පැමිණ ඇති බවත්, ඒ අනුව මෙම අසත්‍ය ප්‍රචාර ඉවත් කර ඇති බවත් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

එමෙන්ම සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාර පතුරවනන් පිළිබඳ ජනතාවට මැතිවරණ කොමිෂන් සභාවය දැනුම් දිය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


- චාමර සම්පත්

ජනාධිපති ධූර ආපේක්ෂකයන් 12 ක් ඉල්ලා අස්විය යුතුයි



ජනාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වී ඇති ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින හෙයින් ඔවුන් 12 දෙනාම මැතිවරණ නීතියට ගරුකර ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

ඉතිහාසයේ කවරදාවත් නොවූ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත් කටයුතු කරන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරචිචි මහතා සඳහන් කළේය.

මීට අමතරව තවත් අපේක්ෂකයකු ජනප්‍රියතාව ලබාගැනීමට ජාතිවාදය මුල් කරගනිමින් කටයුතු කරන බවත්, මේ නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 35 දෙනාගෙන් මේ වනවිට අපේක්ෂකයන් 13 දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරන බවත් ඔහු කියා සිටියේය.

තමන් හැර වෙනත් අපේක්ෂකයෙකු වෙනුවෙන් කටයුතු කිරීමට කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි අතර, එලෙස කරන්නේ නම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත්, මේ නිසා ඔවුන් 12 දෙනා අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වී අදාළ සහයෝගය ලබාදිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතිවාදය මූලික කරගනිමින් මැතිවරණ කටයුතු කිරීම නීතිවිරෝධී බවත්,මේ  නිසා මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් හෙතෙම කියා සිටියේය.

මෙම සියලුම කටයුතු නවතා දැමීමට කටයුතු නොකළහොත් 16 වැනිදායින් පසු අදාළ පුද්ගලයන් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කරන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.


- ඉන්දික හේවාවිතාරණ

එදා කතුන්ට ආරක්ෂාව දෙන්න බැරිවූ ගෝඨාභයලා අද දෙන්නේ කොහොමද?


රාජපක්ෂ ආණ්ඩුව යටතේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් තාත්තාවන් දුෂණය කර පාටි දාද්දි සහ අවුරුදු 10ක් තිස්සේ කාන්තා ප්‍රචණ්ඩත්වය අඛන්ඩව සිදුවෙද්දී පොලිසියත් සම්පූර්ණ ආරක්ෂක අංශයත් භාර ලේකම් ලෙස කාන්තාව එදා ආරක්ෂා නොකළ ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වී කාන්තා පරපුරට රැකවරණය දෙන්නේ කෙසේ දැයි බහුතරය වන කාන්තාව ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.

බහුතරය වන කාන්තාව ආරක්ෂා නොකළ ගෝඨාභය රාජපක්ෂ රටට, ජාතික ආරක්ෂක්‍ෂාව සළසන්නේ කසේ දැයි වහාම පැහැදිළි කළ යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, සජිත් ප්‍රේමදාස රජයක් යටතේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කාන්තාව සමාජයේ  සෑම ක්ෂේත්‍රයකම ඉදිරියට ගෙන ඒමේ ක්‍රමවේදය සකස් කෙරෙතැයි ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ 07, කාන්තා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති කාන්තා සම්මේළනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

කාන්තාවන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දිමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා එහිදි කටයුතු කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
"රටේ බහුතරය අද කාන්තාවන්. එසේනම්  සුළුතර ප්‍රශ්න වගේම කාන්තා බුහුතරයේ ප්‍රශ්න ද විසඳන්න තිබෙනවා. මේ බහුතරය ඒක ආගමකට,එක ජාතියකට, එක වයස් කණ්ඩායමකට, එක් ආර්ථික පන්තියකට, ගමට, නගරයට සීමා  වී නැහ. සියයට 52 ක බහුතර කණ්ඩායම් මුළු රටම නියෝජනය කරනවා.

මේ  සියයව 52 ව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ තමන් සියලුම අයිතිවාසිකම් බුක්ති විදීම එක්සත්  ජාතික පක්ෂය පිළගෙන නිබෙනවා. ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා.

අද පළමු වතාවට රටේ කාන්තා නියෝජනයක් දේශපාළන මණ්ඩළයට, සභාවට. නියෝජ්‍ය සභාවට දී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේයි. අද සීයට 25ක් නෙවෙයි සියයට 30ක් පමණ කාන්තාවන් ඒ මණ්ඩලයේ සිටිනවා.

මේ ප්‍රතිශතය තව වර්ධනය කළ යුතුයි. ඒ අනුව විශේෂයෙන්ම පළාත් සභාවලත් මේ ක්‍රමවේදය ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ද්විතීය  සභාවක් උනත් සමහරුන් දැන් කතා කරනවා. ද්විතීය සභාවටත් මේ සුදුසුකම් දිරිපත් කරන්න පුළුවන්. එහෙමනම් සියයට 25 ක නියෝජනය ඒතෙන්ටත් එනවා.

ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා හැම කාන්තා කණ්ඩායමක්ම එකට එකතුවෙනවා නම් ඒකත් විශාල බළවේයක්.

මෙයට සමගාමීව අනෙක් අංශ දිහාත් බළන්න පුලුවනි. රාජ්‍ය අංශයේ කන්තා නියෝජනය පවතිනවා. පෞදගලික අංශයේ කාන්තා නියෝජනය ගැනත් ක්‍රියා කළ යුතුයි. සමස්තය විදියට කාන්තාව රැකියා සඳහා ඇතුළත් වෙනවා අඩුයි. ඒ සංඛ්‍යාව වැඩි කළ යුතුයි. අපේ රටේ දැන් විශාල ආර්ථීක වැඩසහනක් ක්‍රියාකරගෙන යනවා.

දැනට රටි ණය ප්‍රශ්න විසඳාගන යනවා. අඩු ගානේ ස්ථාවරභාවය අද ඇති වෙලා. තව ණය ගෙවන්න තිබෙනවා. ඒ සඳහා තව විදේශ විනිමය අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපනයන ආර්ථිකය ඇති කළ යුතුයි. මෙයට වඩා සීග්‍රෙයන් දියුණු වෙන්න ආයෝජන අවශ්‍යයි. ඒ ආයෝජන ගැනීම් වෙනුවෙන් ඡන්දයෙන් පසු විශාල වැඩපිළිවෙළක් සකස් කර අවසානයි. සංචාරක ව්‍යාපාරය කර්මාන්ත දියුණු කරන්න. කෘෂිකර්මය නවීකරණය කරන්න,තොරතුරු තාක්ෂණය ගේන්න ඇත්ත වශයෙන්ම කාන්තාව වේවාව සහභාගී වෙන්න ඕන.

කාත්තාවන්ගේ වේතන, පිරිමි වේතන හා සමාන වෙන්න ඕන. වේතන අසමාන වෙන්න විදියක් නැහැ. දෙවනුව දිවා සුරැකුම් අධ්‍යස්ථාන ඇති කරන්න දැන් ලෝක බැංකුව සමග කතා කරගෙන යනවා. ඒ වගේම පෙර පාසල් දියුණු කරන්නත් වැඩසටහන් කර ගෙන යනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් ඒ ගැන සඳහන් වෙනවා.

මේ ආයතන ආරම්භ කළවිට කාන්තාවට රැකියා ලැබෙනවා. එතෙන්ට දරුවන් යොමු කර  කාත්නාවන්ට රැකියාවල නිරත වෙන්න හැකියි.

ඊළඟට තිබෙන්නේ කාන්තාවන් සඳහා ප්‍රවාහන ක්‍රමය දියුණු කිරීමය. ප්‍රවාහන ක්‍රමය දියුණු කරීමත් සමග බොහෝ ප්‍රශ්න විසඳෙනවා.

කාන්තා ප්‍රචණ්ඩත්වය පිළිබදවත් විශේෂ අවධානය යොමු කරනවා.

කාන්තා ප්‍රචණ්ඩත්වයට එරහි නීතිය සමිපූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඊළඟ අවුරුදු පහ, හයේදී අවස්ථාව ලැබෙනවා. ඒ වෙනුවෙන් පොළිසිය ප්‍රතිසංවිධානය කරගෙන යනවා. මේ වැඩපිළිවළ ඉදිරියටම කරගෙන යනවා.

පවුලේ ආර්ථිකය දියුණු විය යුතුයි. උසස්, මධ්‍යම ආදායම් ආර්ථිකය පවත්වා ගෙන යාමට සැළසුම් කර තිබෙනවා. මෙයට සාපේක්ෂව පවුලේ ආදායම වැඩි විය යුතුයි.

ආදායම් වැඩි වීමත් සමග නිවසේ තිබෙන ඇතැම් උපකරණ නිසා කටයුතු පහසු වෙනවා. බොහෝ නිවෙස්වල අද දර ළිප් නැහ. නිවිසට කරන විශාලතම පහසුව කාන්තාවන්ගේ කටයුතු පහසු කරවීමයි.

නිවසේ කටයුතුවල නිරත වන කාළසිමාව අඩු කිරීමෙන් ස්වයං රැකියාවක, වෙනත් රැකියාවක නිරත විමේ අවස්ථාව කාන්තාවට ලබෙනවා.

කාන්තාවන් දුෂණය කරද්දී පාටි දමද්දි කාන්තා ප්‍රචණ්ඩත්ත්වය වෙද්දි අවුරුදු 10ක් ත්ස්සේ ඇමතිවරයාවත්, ලේකම්වරයාවත් කිසිවක් කළේ නැහැ. ඒකකෙනෙකුවත් හිරේ දැම්මේ නැහැ. දැන් කියනවා පොලිසිය භාර හිටපු  ලේකම් ජනාධිපති කරන්නලු.

මේ ලේකම් යටතේ කාන්තාවන්ට එදා ආරක්ෂාව තිබුණද? කාන්තාවට ඉදිරියට  යන්න පුළුවන් වුණාද? අතීත වාර්තාව බලා කාන්තාව ඡන්දය දෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට පමණයි කියා මා කියනවො.

සම්පුර්ණ ආරක්ෂක අංශ තමා යටතේ සිටියදී කාන්තාවන් ආරක්ෂා කරන්න ගෝඨාබට බැරිවුණා. දැන් මට බාර දෙන්න මා කාන්තාවකන්ව ආරක්ෂා කරන්නම්ලු.

කාන්තාව එක හා  සමාන අයිතිවාසිකම් තියන අය විදියට එදා සළකුවෙ නැහැ, සෙල්ලම්  බඩු ගානට කාන්තාව දැම්මා.මේ රටේ බහුතරය වූ සියයට 52 ක් වන කාන්තාවන්ගන් එකක් අහනවා. වෙනසක් වුනොත් ඔබට ආරක්ෂාව ලැබෙනවාද?

දැන් ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව දෙනවා කියනවා. බහුතරය වුණ කාත්තාව ආරක්ෂා නොකළ ගෝඨාභය රාජපක්ෂ රට්ට ජාතික ආරක්ෂාව සළසන්නේ කෙසේද?   කාන්තාව අපේ රටේ අයට නෙවෙයිද? රටේ බහුතරය කාන්තාව නොවෙයිද? ඒ ප්‍රශ්න ගණ්ඨාභය රාජපක්ෂගෙන් අහනවා.

ජනාධිපතිවරණයේදී කාන්තාවන්ට නිබෙන් එකම් විකල්පයයි. කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කර ඉදිරියට ගෙන ගියේ අප විතරයි. ඒවා ක්‍රියාත්මීක කළේ අප විතරයි. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සජිත් ප්‍රේමසට ජන්දය දෙන්න.

කාත්තාව සෙල්ලම් බඩු කරන්න ඕනෑ නම් පත් කර ගන්න ඕනෑ කව්දැයි මා කියන්නේ නැතැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසීය.

මේ  අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ උප නායක විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


නිමල කොඩිතුවක්කු

රෝහල් වාට්ටුවලදී ප්‍රකාශයක් ගනිද්දී සැකකරු පැනගිහින්



රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවකුගෙන් ප්‍රකාශයක් ලබා ගනිද්දී ඔහු පැන යෑම සම්බන්ධයෙන් රත්නපුර පොලිසියේ නිලධාරින් තිදෙනකුගේ සේවය අත්හිටුවනු ලැබ තිබේ. පැනගොස් ඇත්තේ රත්නපුර නගරයේ දී පොලිස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවෙකි. . සබරගමු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝගයකට අනුව රත්නපුර පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයකුත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේත් සේවය මෙලෙස අත්හිටුවනු ලැබ ඇත.

රත්නපුර නගරයේ රථවාහන රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීයකු සහ වාහනයක් පදවාගෙන ගිය අයකු අතර 26 වැනිදා ඇති වූ බහින්බස්වීමකින් පසුව පහරදිමක් සිදුවූ බව පවසමින් ඒ දෙදෙනාම රෝහල් ගතවී ඇත. වාහනය පදවාගෙන ගිය සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටිය දී වැසිකිළියට යන බව පවසා ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී රෝහලෙන් පැන යෑමේ සිද්ධිය පිළිබඳව පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව රත්නපුර පොලිස් අධිකාරී සුදත්  මාසිංහ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසේන මහතා පරීක්‍ෂණ පවත්වනු ලැබූ අතර එම පරීක්ෂණයෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ නියෝගය අනුව පොලිස් නිලධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර ඇත. මේ අතර සැකකරුගෙන් පහර කෑ බව කියන පොලිස් නිලධාරියා රත්නපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ලැබ පෙරේදා (27) පිටවී ගොස් ඇත.

-ලසන්ත නිරෝෂන් පෙරේරා-

කාමර කුලියට ගෙන රන්බඩු , සල්ලි උස්සන සිද්ධියේ කත රිමාන්ඩ්

රැකියාවකට යන මුවාවෙන් ජැංඩියට හැඳ පැළඳගෙන පැමිණ නිවාසවල කාමර කුලියට ගෙන නැවතී රන් භාණ්ඩ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ සොරාගෙන යන හොර කල්ලියක නායිකාවක බව කියන සැකකාරියක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබිමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය.
අමිතිරිගල ටුවිස්හෑන්ඩ්වත්ත පදිංචි වීරකෝන් මුදියන්සේලාගේ රම්‍යවති කුමාරිහාමි නමැත්තිය එසේ රිමාන්ඩ් කරනු ලැබුවාය.

ඌරාපොල සිරිසඟබෝමාවත දිනාපමුණුවේ නිවසක තිබූ රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන යාමේ සිද්ධියක් පිළිබඳව නිට්ටඹුව පොලිසිය පරික්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. රැකියාවකට යන මුවාවෙන් සැකකාරිය හොඳට හැඳ  පැළඳගෙන එම නිවසට පැමිණ කාමරයක් කුලියට ගෙන නැවති එහි තිබූ රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් තිබූ බවත් එසේ  සොරාගෙන ගිය රන්භාණ්ඩ කොළඹ හෙට්ටිවීදියේ  වෙළඳපලකට විකුණා තිබියදී සොයාගත් බවත් නිට්ටඹුව පොලිසියේ පොලිස් සැරයන් එච්.ඇම්. රෝහණ (59973) මහතා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේය.

සැකකාරිය හොර කල්ලියක නායිකාවක් බවට සැක කරන බවත් මෙවැනි සොරකම් නඩුවකට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවක් පවතින බව පොලිස්  සැරයන්වරයා කීය. මේ අයුරින් තවත් සොරකම් ගණනාවක් කර ඇති බවට සැක කරන හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යන බවද පොලිස් සැරයන්වරයා පැවසීය. නිට්ටඹුව පොලිස් සැරයන් එච්.ඇම්.රෝහණ මහතා පැමිණිල්ල මෙහෙයවිය.


ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදවලට ඇරයුම් කරන්නේ පරාජය නියත ජනපති අපේක්ෂකයන්



ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදවලට ආරාධනා කරන්නේ පරාජය උරුම කරගෙන සිටින ජනාධිපති අපේක්ෂකයනුයි. ජනාධිපතිවරණ  මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින අපේක්‍ෂකයින් රූපවාහිනි විවාද ඉල්ලන්නේ නැහැ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රාජගිරියේදී ඊයේ (28) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලක්ෂ 66 ඉක්මවා ගිය බහුතර ජනවරමක් මෙවර ජනාධිපතිවරණයේදී ලැබෙන බව ද රමේෂ් පතිරණ මහතා කියා සිටියේය. රාජගිරිය නවල පාරේ පිහිටි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඊයේ (28) පැවැති ප්‍රවෘර්ති සාකච්ඡාවකදි පතිරණ මහතා මේ බව සඳහන් කළේය.රමේෂ් පතිරණ මහතා මෙසේද පැවසිය.

"අවසන් වරට පැවති මැතිවරණයේදී එක්සන් ජාතික පක්‍ෂයට හිමිවූයේ ලක්ෂ 36ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. එම නිසා සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ළඟටවත් එන බැහැ. අපේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු පත්වන කිසිදු මන්ත්‍රීවරයකට වසර තුනක් යනතුරු විදෙස් රටකින් වාහනයක් ගෙන්වීමට බලපත්‍ර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.රජය සතු වාහන මැති ඇමැතිවරුන්ට ප්‍රමාණවත් බව අපේ සන්ධානයේ මතයයි.

රටට වැඩි ආදායම් උපද්දවා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව තාක්ෂණික අතින් බලගැන්වීම හරහා රටේ ආදායම දෙගුණයකින් වැඩි කිරිමට බලාපොරොන්න වෙනවා.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතික ආරක්‍ෂවට ඉහළම තැනක් ලබාදීම මගින් රට ගැන ඔහුට ඇති හැඟීම යළිත් ඔප්පු වෙනවා. රටක අධ්‍යපනයත් ආර්ථිකයත් දියුණු කිරීමට නම් රටේ ජාතික ආරක්‍ෂව සියයට සියයක් තහවුරු කළ යුතුයි. රටේ ජාතික ආරක්‍ෂව තහවුරු කළ හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටම පමණයි.

මෙරට පාසල්වල සිටින විශාල ශිෂ්‍ය ප්‍රමාණයට පිළියමක් ලෙස ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාසයකට තුන බැගින් නව පාසල් දහයක් ඉදිකිරිමට ගෝඨභය රාජපක්‍ෂ මහතා සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගුරු සහයකින් 50,000ක් අලුතින් බඳවා ගනු ලබනවා. සජිත් රැස්වීම 50ක කතා කරලා හති වැටිලාලු. මෝටරයක් සේ දවසේ පැය 24 පුරාම වැඩ කරන බවට ඔහු මිට
පෙර සඳහන් කළා.

අපේ අපේක්‍ෂකයා අඩුම තරමින් දැවැන්ත මහජන රැස්වීම් 156ක්වත් ඇමතීමට බලාපොරොත්ත වෙනවා. එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා දැවැන්න මහජන රැස්වීම් 116ක පමණ ඇමතීමට සුදානමින් සිටිනවා. හැබැයි එතුමන්ලා හති වැටිලා නැහැ. එහෙම හති වැටෙන්නෙත් නැහැ. මෙතෙක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්තීන්වලට ප්‍රතිඋත්තර ලබා දෙමින් සිටිනවා.

එහෙත් ඒ ප්‍රතිඋත්තර  ප්‍රායෝගික නැහැ. වසර හතර හමාරක එජාප ආණ්ඩු පාලන කාලය තුළ වතු කම්මකරු වැටුප රුපියල් 50කින් වැඩි කරන්න බැරි වුණු ආණ්ඩුව ප්‍රේමදාස යුගයක් යටතේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1500ක් දක්වා වැඩි කරනවා යැයි කීම විහිළුවක් වනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ අපේ රට මැදි ආදායම් ලබන රටක් බව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබුණා.නමුත් වත්මන් ආණ්ඩුව අපේ රට ණය ප්‍රපාතයකට ඇද දමා අපේ රටේ ආර්ථිකය විනාශ කළා” යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා මෙසේ කිය.
"මාගේ වසර 32ක දේශපාලන කාලය කළ ගෝඨභය රාජපක්‍ෂ මහතා මෙන් සූදානමකින් කටයුතු කරන ජනාධිපති අපේක්‍ෂකයකු මීට පෙර දැක නැහැ. පාස්කු ඉරු දින ප්‍රහාරයක් සමග අපේ රටේ සියලුම අංගවල අස්ථාවරත්වයක් හටගෙන තිබෙනවා. එවැනි සිදුවීමවලදී ආරක්ෂාව ගැන පළපුරුද්දක් තිබෙන ආරක්ෂාව ගැන අලුතෙන් උගන්වන්න අවශ්‍ය නැති නායකයකු රටට අවශ්‍යයි.
‍
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ජනමාධ්‍ය පාලනය කරන්න අපි යන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටේ නායකත්වයට පත් කිරීම ජනනාවගේ වගකිමක් ද වෙනවා” යැයි සමරසිංහ මහතා පැවසීය. වයඹ පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය සාමල් තිසේරා මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

-හසිත රංග ගුණතිලක-

ඉතිහාසයේ ම‍ෙත‍ෙක් නොවූ ලෙස රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු සන්ධාන පා.ම.විමල් වීරවංශ


'රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප නැවත ලබාදීමට හා රාජ්‍ය ආයතන විකුණා කෑම නතර කිරීමට ඉතිහාසයේ මෙතෙක් නොවූ ලෙස රාජ්‍ය සේවකයෙක් රාජ නායකයා කරමු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගියේ ජය තහවුරු කිරීම සඳහා කන්තලේ නගරයේදී ඊයේ (28දා) පැවැති ජනරැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ඒ මහතා,
"පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලේ තැවරුණු උන්දැලා අද සජිත් මහත්තයාගේ දෙපැත්තෙන් ඉන්නේ. ඒ විතරක් නොවෙයි මුස්ලිම් සහෝදරයෙක් මාධ්‍යට අනාවරණය කළා හකීම්ගේ ගෝලයා අමීර් අලි සහරාන්ලා එක්ක ගිවිසුම් අත්සන් කරලා ගිවිසුම් බෙදා හදා ගන්නවා. මේ නඩය තමයි මේ අන්තවාදය රැක්කේ. 97 වතාවක් බුද්ධි අංශ අනතුරු අඟවද්දී අල්ලන එක නැවැත්තුවා. 16 වැනිදා සිද්ධියෙන් තීරණය කරන්න තියෙන්නේ මෙච්චරයි. නැවතත් එ් අන්තවාදී කල්ලියම ඕනේ නම් ඡන්දය දෙන්න පුතාට, එහෙම නැති රටක් ඕනේ නම් කියලා හිතෙනවා නම්, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ඉන්න ඕශන් නම් ඡන්දය දෙන්න හෝඨාභයට. අද රටට ඕනේ රට අංක 01ට තියලා හිතන නායකයෙක්.
නැවත විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයන්ට ඕනේ නම්, රාජ්‍ය ආයතන විකුණන් කෑම නතර කරන්න ඕනේ නම්, රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු. කවදාවත් කළේ නෑ ඒක. ඒක කරන්න රාජය සේවකයක් වන ගෝඨාභය රාජ රාජ්‍ය නායකයා කරමු" යනුවෙන්ද පවසා සිටියේය.
                                                                                                                       -නිදර්ශනී වික්‍රමසිංහ-

සජිත්ගේ නීත්‍යානුකූල කාර්යාලයක කටවුට් කොඩි ගැලවූ පොලිස් සැරයන්ට ඇප



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් වරකාපොළ හොරගොල්ල ප්‍රදේශයේ නිවසක නීත්‍යනුකූලව පවත්වාගෙන ගිය ප්‍රචාරක කාර්යාලයක් ඉදිරිපිට සවිකර තිබූ දැවැන්ත කටවුට් එකක් සහ පක්ෂයේ වර්ණ සහිත කොඩි තුනක් ගලවා දැමී යැයි කියන වරකාපොළ පොලිසිය සැරයන්වරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත පෙරේදා (27) මුදාහළ වරකාපොළ තුල්හිරිය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ.බී. කුලතුංග මහතා මෙම පැමිණිල්ල ලබන 30 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

මෙසේ ඇප පිට මුදාහරිනු ලැබුවේ හේවා පණ්ඩිත රන්තලගේ විජේරත්න බණ්ඩාරගම (49345) නමැති පොලිස් සැරයන්වරයෙකි.වරකාපොළ ප්‍රදේශීය සභාවේ විපක්‍ෂ නායක මොහොමඩ් බුහාරි මොහොමඩ් ෂරිස් (එජාප) මහතාට අයත් වරකාපොළ හොරගොල්ලේ පිහිටි නිවසෙහි මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය 26 වැනිදා සවස යතුරුපැදියකින් මුර සංචාරයෙහි යෙදී සිටි සැකකාර පොලිස් සැරයන්වරයා එහි ගොස් කාර්යාලය ඉදිරීපිට සවිකර තිබූ දැවැන්ත කටවුට් එක සහ පක්‍ෂය වර්ණ සහිත කොඩි තුනක් ගලවා දැමීමට උත්සාහ දරා ඇතැයි කියති.

ඒ අවස්ථාවේ දී එය වැළැක්වීමට ඉදිරිපත් වූ ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක බුහාරී මොහොමඩ් මහතා මෙම කාර්යාලය බලපත්‍ර සහිතව නීත්‍යනුකූලව පවත්වාගෙන යනු ලබන එකක් බව සැරයන්වරයාට පවසා ඇත. මෙහිදී දෙපාර්ශවය අතර ඇති වූ බහින්බස්වීමකින් පසුව සැරයන්වරයා එම කටවුට් එක සහ කොඩි තුන ගලවා ඉවත්කර තිබිණි. මේ පිළිබඳව බුහාරි මොහොමඩ් මහතා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් කාර්යාලයට පැමිණිල්ලක් කරමින් තම නිවසේ පවත්වාගෙන කාර්යාලයට රුපියල්  20,000ක අනර්ථයක් සිදුකර ඇති බව ද සඳහන් කර තිබිණි.

මෙම පැමිණිල්ල පිළිබඳව කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත සහකාර  උපාලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ මහතා විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව පොලිස් සැරයන්වරයා පෙරේදා (27) අත්අඩංගුවට ගෙන වරකාපොළ තුල්හිරිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී ඔහුට මෙසේ ඇප නියම කෙරිණි.

ඇප මත මුදාහැරුණ පොලිස්  සැරයන්වරයාගේ සේවය කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත මහතා විසින් අත්හිටුවනු ලැබ ඇත. පොලිස් සැරයන්වරයා විසින් ගලවා දමා ඇතැයි කියන දැවැන්ත කටවුට් එක  අතුරුදන්වී ඇති අතර කොඩි තුන පමණක් නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය  අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

-චමින්ද වැවතැන්න-

එෆ්.සී.අයි.ඩී. හිටපු ප්‍රධානියා රාජපක්ෂලා එක්ක ඩීල් එකක් දමා බෝරු ප්‍රචාර පතුරුවනවා - ඇමත් රාජිත සේනාරත්න


 "මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (එෆ්.සී.අයි.ඩි.) හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතා රාජපක්ෂවරුන් සමග ඩිල් එකක් දමා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටිතැයි" සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹ දී පැවසීය.

"මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩු වාර්තාව කියවා බැලුවේ නම් රවී වෛද්‍යලංකාර මතාගේ  ප්‍රකාශවල සත්‍ය-අසත්‍යතාව  තහවුරු වන බිව" ද අමාත්‍යවරයා සදහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ තිඹිරිගස්යාය ප්‍රධාන මුලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කී බව
වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ ද කිවේය.

"රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම දේශපාලන අත පෙ‍වීමක් කළා කියා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ප්‍රකාශ කළා. මිග් යානා ගනුදෙනුව පිළිබද නඩු වාර්තාව කියවා බැලුවා නම් එහි දේශපාලනයක් තිබෙනව ද නැද්ද කියා තහවුරු වේවි.

මේ පිළිබද රවී හෙළි කළ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළා. සඩ් ලීඩර් පත්තරේ බැලුවා නම් මෙය තහවුරු වෙනවා. එහෙම නැතුව එෆ්.සී.අයි.ඩී එනෙන් අහන්න ඕනෑ නැහැ.

මිග්යානා පිළිබඳ සොයා බැලීම සඳහා ඔය කියන රවී විද්‍යාලංකාර මහතා යුක්රේනයට ගියා. ඔහු 13 වතාවක් යුක්රේනයට ගියා. ඒ ගිහිනුත් එක එක දේවල් කළා කියා චෝදනා තිබෙනවා.

මිලියන ගණනක චෝදනාවලට රවී වෛද්‍යාලංකාර මහතාගේ පවුලේ පිරිස්වලට පවා  චෝදනා තිබෙන බවට මා චෝදනා කරනවා. මේ පුද්ගලයාගේ වංචා පිළිබඳව හසුවීම නිසා තමයි, ඔහු අයින් කරන්න තීරණය කළේ. ඒකේ තරහ මේ පුද්ගලයාට තිබෙන්නේ.

එෆ්.සී.අයි.ඩි. එක ආරම්භ කළාම අප බලාපොරොත්තු වුණාට වඩා නඩු ආවා. සමහර නඩු හසුරවන්න ක්‍රමවේද එතෙක් තිබුණේ නැහැ. මේ පුද්ගලයාම් ගෝඨාභය රාජපක්ෂලාගේ ගිණුම් හොංකොංවල තිබෙනවා කිව්වා. සිංගප්පුරුෂට් ඔෆිස් එකක් නැහැ කියා කිව්වෙත් මෙකි පුද්ගලයායි.

නඩු විභාග යන අතරතුර රවී වෛද්‍යලංකාර මහතා කාන්තාවක් සමයේ මහින්ද රාජපක්ෂ මහතා හමු වූ බවට අපට ආරංචි වුණා. මේ පුද්ගලයාට විරුද්ධව විශේෂ විමර්ෂශන ඒකකයෙන් අප විමර්ශනයක්ආරම්භ කළා.

මේ පුද්ගලයා මගෙනුත් උදව් ඉල්ලුවා. කාලය දික් කරන්න කිව්වා. දූෂණ චෝදනා නිසා මෙකි පුද්ගලයාට උදව් කරන්න අපට බැරි වුණා.

කොළඹ ප්‍රධාන හෝටලයකදීත් මෙකි පුද්ගලයා ලිපි ලේඛන එක්ක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.
ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියත් එක්ක මේ පුද්ගලයා පිළිබඳ අප කරගෙන ගිය විමර්ශන අවසන් වුණා.

ඔක්තෝබර් 26 වනදා මේ පුද්ගලයා මහින්ද රාජපක්ෂගේ නිවසේ සිටියා. රාජපක්ෂලාත් එක්ක ඩීල් දාලා, සල්ලි ගනිමින් ඔහු කටයුතු කරනවා. මුල්‍ය වංචා පිළිබඳ විශුද්ධිකරණ පනත යටතේ ඔහුට අධිකරණයට යන්න වෙනවා.

ආබාධිත රණවිරුවන් පිරිස අපව විකුණමින් රාජපක්ෂලා දේශපාලන වාසි ගන්නා බව කිවා. රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රට බේරා ගත්තා. අප වෙනුවෙන් අත, පය, ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිම අපේ යුතුකමික්.

රණවිරුවන් ඔබේ තීන්දුව ගැනීම ගැන මං සතුටු වෙනවා. 2009 යුද්ධය අවසන් වූ දිනයේ සිට රාජපක්ෂවරුන් රණවිරුවන්ට කිසිම දෙයක් කළේ නැහැ.

අපේ රජය ඇවිත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 50,000ක් සේවයේ ස්ථිර කර විශ්‍රාම වැටුප් දුන්නා. රණවිරු දීමනා, වැටුප්, සුබ සාධන ඉහළ දැම්මා.

යුද්ධය ජයග්‍රහණය කිරිමෙන් පසු මට ඕනෑ වුණේ මහින්ද රංජපක්ෂ නෙල්සන් මැන්ඩෙලා කෙනකු කරන්නයි. නමුත් මහින්ද රාජපක්ෂ රොබට් මුගාබේ කෙනෙකු වුණා. මේ තත්වයට මහින්ද රාජපක්ෂ පත් වුණේ ගෝඨාභය රාඡපක්ෂ නිසයි. ඔහු රාජපක්ෂ රජයටත්, රටටත්, සහෝදරයාටත් විශාල හානියක් කළා" යයි ද සේනාරත්න මහතා පැවැසීය.

කෝප්‍රල් තේජා සමන් කුමාර මහතා "රණවිරුවන් වෙනුවෙන් කෑ මොර දෙන රාජපක්ෂවරුන් ඇතුළු කිසිකෙනෙකු අප වෙනුවෙන් කිසි දෙයක් කර නැහැ. යුද්ධය ඉවරවෙලා යනවිට මට බොන්න වතුර තිබුණේ නැහැ. පැනඩෝල් පෙත්තක් දෙන්න කෙනකු හිටියේ නැහැ. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කිසි දෙයක් කරලා නැහැ.

යුද්ධය නිසා මගේ දෑත් අහිමි වුණා. එක පාදයක් අහිමි වුණා. අපි වෙනුවෙන් අපි වෙළඳ දැන්වීමේ පනී හිටියෙත් මමයි. ඒත් අවසානයේ රණවිරුවන් වන අප අපටම හොරෙන් මේ අය විකුණුවා.

රණවිරුවන් විදියට මේ රජයට විරුද්ධව පාරට බැස්සා යහපාලනයට හෙණ ගහන්න කිව්වා. අද අප ඒ කරපු ප්‍රකාශ ගැන කනගාටු වෙනවා. රණවිරුවන් විදියට ඒ ගෞරවය අපට දුන්නේ මේ රජයයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන ලෙස මා සියලුම රණවිරුවන්ගෙන් ඉල්ලා සිටිනවා" යයි ද, ඔහු එහිදී කියා සිටියේය.

රණවිරුරු ඒ. පුෂ්පකුමාර, කපිතාන් අසේල ධර්මසිරි මහතා ඇතුළු පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

නිමල කොඩිතුවක්කු

දීපාවලී මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය සිවුදරු පියා ජීවිතක්ෂයට



දීපාවලී උත්සවය දින පැවති සංගීත සංදර්ශනයකදී මල් වෙඩිල්ලක් දැල්වූ සිවුදරු පියෙක් පෙරේදා (27දා ජීවිතක්ෂයට පත්ව ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ . ,මස්කෙළිය සාමිමලේ ස්තැස්පි වතුයායේ පදිංචිව සිටි මුත්තුසාමි ගිබාකරන් (අවු.40) නමැත්තෙකි.
දීපාවලී උත්සව දිනයේ මස්කෙළිය ගවරවිල ක්‍රීඩාංගණයේ සංගිත සංදර්ශනයක් පවත්වා ඇති අතර එම සංගීත දර්ශනයේ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ මරණ කරු බීමත්ව එදින රාත්‍රියේ මල් වෙඩිල්ලක් පත්තු කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මල් වෙඩිල්ල මුහුණේ වැදී පිපිරී යෑම‍ෙන් පසු පිළිස්සුම් තුවාල සහිතව තුවාලකරු මස්කෙළිය රෝහල වෙත රැගෙන
යාමේදී ජීවිතක්ෂයට පත්වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වීය.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මස්කෙළිය මූලික රෝහලේ මෘත ශර්ණාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
                                                                  -හැටන් - රංජිත් රාක්ෂ  මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉංගන්හිත-  

ගෝඨා ගැන ෆවුසි කළැයි කියන ප්‍රකාශයක් ගැන විමර්ශනයක්


ශ්‍රී ලංකා පොදු පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා කළැයි කියන  ප්‍රකාශයක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කළේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති  අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීම සඳහා කොළඹ කොටළඟ ප්‍රදේශයේ ප්‍රචාරක කාර්යාලයක් ඉකුත් 24 වැනිදා විවෘත කිරිමේ උත්සවයකදී හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා "ගෝඨභය පරද්දමු ගෝඨාභය මරමු " යනුවෙන් මහජනතාව කුපිත කරවන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළැයි කියන පැමිණිල්ලකට අදාළව මෙම පරික්ෂණය ආරම්භ කල බව  ග්‍රෑන්පාස් පොලිසිය අධිකරණයට කරුණු චාර්තා කර තිබේ.

මෙම සිද්ධියට අදාළව පොලීසියට පැමිණිල්ලක් කර තිබුණේ, අංක 03. එදිරිසිංහ පාර,ගංගොඩවිල, නුගේගොඩ ලිපිනැති කුමුදු සංජීව පෙරේරා යන නමැත්තා විසිනි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයේන් සිදුකර ඇති මෙම ප්‍රකාශය අපේක්ෂකයාට මරණ බියක් මෙන්ම පාක්ෂිකයන් අතර නොසන්සුන්තාවක් ඇති කරන්නක් බවත් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවට ග්‍රෑන්පස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙම ප්‍රකාශය සිදුකළ අවස්ථාව්වේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම, විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා ද ආරාධිතයින් වශයෙන් එම උත්සවයට සහභාගී වී සිටි බව ද පැමිණිලිකරු සඳහන් කර ඇත.  මෙම ප්‍රකාශයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 1981 අංක 15 දරන ජනාධිපතිවරුන් තෝරා පත්කර ගැනීමේ පනත ප්‍රකාරව මෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 484 සහ 436 යන වගන්ති යටතේ පරික්ෂණය ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

අදාළ ප්‍රකාශයට අදාළ සියලුම විද්‍යුත් මාධ්‍යයන්හි පළවු සංස්කරණය නොකළ දර්ශන  ඇතුළත් ප්‍රවෘත්තිය ලබා ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරව විද්‍යුත්  නාලිකාවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙහිදී  පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.  ඒ අනුව අධිකරණය මඟින් එම නියෝග ලබා දෙනු ලැබු අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන
සිදුකර අධිකරණය වෙත ප්‍රගති වාර්තා කරන ලෙස ද ග්‍රෑන්පාස් පොලිසිය වෙත නියෝග නිකුත් විණි.

-නිමන්ති රණසිංහ-

ජනාධිපතිවරණයේදී ජනතාව කොටි බිය නැතිව පාරේ ගමන් කිරීමට කල්පනාකාරී වියයුතුයි

ම‍ෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කොටි බිය නැතිව පාරේ ගමන් කිරීමට කල්පනාකාරී වියයුතු බව  බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
2015 වසරේදී බලයට පැමිණි පුද්ගලයන් යහපාලනය ගෙන එන බව පවසා දේශපාලන බලය ලබාගෙන එක දවසින් මුළු රටේම ආර්ථිකය බිඳවැට්ටූ බවද උන්වහන්සේ සඳහන් කළේය.
2015දී ආණ්ඩු පෙරළීයට දායක වූ අන්තවාදී මත දරන ත්‍රස්ත කල්ලි නියෝජනය කරන පුද්ගලයන් මෙවර ජනාධිපතිවරණයේදී යළි එක්ව සිටින බවද එ් හිමියෝ පෙන්වා ද‍ෙති. කෑගල්ල, වටාරම රජමහා විහාරයේදී පසුගියදා (27දා) පැවැති බොදු සමුළුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, "අන්තවාදී මත දරන ත්‍රස්ත කල්ලි නියෝජනය
කරන පුද්ගලයන් 2015දී ආණ්ඩු පෙරළියට දායක වූ බව මම ඒ දිනවල හෙළි කළා. එදා හයිඩ් පාර්ක් පිටියේදී අපි කිව්වා ලෝකයම භීතියට පත් කරන මතවාද සහිත ත්‍රස්ත කල්ලි නියෝජනය කරන ආගමික මතවාද සහිත කණ්ඩායම් මෙන්න ඇවිල්ලා ඉන්නවා. මෙම කොටසක් අකුරණ ඉන්නවා. කොටසක් කාත්තන්කුඩියේ ඉන්නවා. තව කොටසක් කොළඹ ඉන්නවා. අපි නම් ටික කිව්වා. යහපාලනය සඳහා පෙරමුණු 07ක් ඔවුන් නිර්මාණය කර තිබුණා. මේ ඔක්කොම  එදා උදාවි කෙරුවේ යහපාලන ආණ්ඩුවට ගෙන. ඒක ඇතුළෙ දේශපාලන බලය ලබාගෙන ඒක දවසින් මුළු රටේම ආර්ථිකය බිඳවැට්ටුවා. සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. ඒ විදියට ආර්ථිකය බිඳ වට්ටන්න මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉස්ලාමික අන්තවාදී බලවේග දුර්වල ආණ්ඩුවක් කෙරුවා.

 ඒ දුර්වල ආණ්ඩුව ත්‍රස්ත කල්ලි පෝෂණය කර ඔවුන්ට ඕනෑ විදිහට වැඩෙන්න ඉඩ දුන්නා. එහි අවසාන
ප්‍රතිඵලය ලෙස පුදබිමක මිනිස් ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුණා. තවමත් ආබාධිත දරුවන් රෝහල්වල ඉන්නවා. ආණ්ඩුව දුර්වලයි. ඒ අයට ඕන බලය. දේශපාලන බලයට මුවා වුණා. 2015 යහපාලනය ගෙන එන්න වැඩ කළ කල්ලි කණ්ඩායම් මේ වතාවෙත් ජනාධිපතිවරණයට උදව් කරමින් සිටිනවා. 2015 යහපාලන ආණ්ඩුව ගෙන වැඩ කරපු සිද්ධික් ෆාරුක්ලා, නජාඩි මොහොමඩ්ලා, රිෂාඩ් බදියුදීන් වැනි අය ගිහි වතායිවත් උදව් කරනවා. ඔවුන් බලයට පැමිණියහොත් කොහොම තියේවිද? ජනාධිපතිවරණයේදී ජනතාව තීන්දුවක් ගැනීම සඳහා පාරවල් දෙකක් පෙන්නන්න පුළුවන්. මිනිසුන්ට ආදරයෙන් අපි කියනවා එක පාරක් කාපට් දාලා ඇති. ගැස්සේන්නේ නැතුව යන්න පුඵවන් ඇති. හැබැයි ඒ පාරේ කොටි ඉන්න බව මතක තියාගන්න. ඒ පාරේ විෂඝෝර සර්පයන් ඉන්න බව මතක තියාගන්න. ඒ බව අපි දැක්කා උතුරට ගියාම. ටිකක් අමාරුවෙන් ඝර සර්ප බිය නැති කළින් පාරේ යන්න.කොටි බිය නැති පාරේ යන්න. ඒක තෝරගන්න” යනුවෙන් පවසා සිටියහ.
-අමිත් මධුරංග-

Monday, October 28, 2019

බොරලැස්ගමුව කප්පම් සිද්ධියේ පොලිස් දෙදෙනාගේ තවත් 'ජවනිකාවක් එළියට'



බොරලැස්ගමුව ප්‍රදේශයේ මෝටර් රථයක සිටි පෙම් යුවළක් බියගන්වා ඔවුන්ගෙන් රුපියල් 30,000 ක කප්පම් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පත්කර සිටින ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කොස්තාපල්වරුන් තිදෙනාගෙන් දෙදෙනකු ඒ ආකාරයෙන්ම තවත් තරුණයකුගෙන් රුපියල් 50,000 ක කප්පම් මුදලක් ඊට පෙර ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබුණ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

මෙම සිද්ධිය ඉකුත් 2 වැනිදා රාත්‍රියේ සිදුව ඇති අතර ගල්කිස්ස පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ (119) හි යතුරු පැදියකින් පැමිණි ඉහත කොස්තාපල් දෙදෙනා තරුණයාට තර්ජනය කර මෙම මුදල ලබාගෙන ඇති බවට තරුණයාගේ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය කියයි.ගල්කිස්සේ තරුණයා මෝටර් රථයේ ගමන් කරමින්  සිටියදී කාන්තාවක එම මෝටර් රථය නවත්වා එයට ගොඩ වී ඇති බවත් කාන්තාව සමග තරුණයා රථයේ සිටියදී හදිසි ඇමැතුම් අංශයේ යතුරු පැදියෙන් සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා එම ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය කියයි.

පොලිස් කොස්තාපල් දෙදෙනා මෝටර් රථය වෙත පැමිණ රාත්‍රි කාලයේ මෝටර් රථයක් තුළ අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තරුණියා අධිකරණයට ඉදිරිපත් කරන බවත් එසේ නොකිරීමට නම්  රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සිද්ධියෙන් බියට පත් තරුණයා ඔහු අත තිබූ සිය පියාගේ බැංකු කාඩ්පතින් එදිනම බැංකුව වෙත ගොස් රුපියල් 50,000 ක මුදල ලබා දී ඇතැයි හෙළිවී තිබිණි.

තරුණයාගේ පියාගේ බැංකු ගිණුමෙන් රුපියල් 50,000 ක මුදල් ඔහුට නොදන්වා තරුණයා හදිසියේ ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු පුතුගෙන් ප්‍රශ්න කිරිමේ දී තරුණයා සිද්ධිය පියාට දන්වා ඇත. මෙම
සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පැමිණි යතුරු පැදියේ අංකය ඔහු සටහන්කරගෙන ඇති බවත් එම  අංක අනුව පොලිසිය පරික්ෂණ පැවැත්විමේදී සිද්ධිය වූ දින රාත්‍රියේ එම යතුරුපැදියේ රාත්‍රි ජංගම සංචාර සිදුකර ඇත්තේ බොරලැස්ගමුව පෙම්යුවළ බියගන්වා කප්පම් ලබා ගත් කොස්තාපල්වරුන් දෙදෙනාම බවටත් තොරතුරු හෙළි කරගෙන ඇත.

කාත්තාව තරුණයාගේ මෝටර් රථයට අත දමා නවත්වා එයට ගොඩවී සුළු මොහොතකින් මෙම කොස්තාපල්වරුන් දෙදෙනා එම ස්ථානයට පැමිණ ඇති බවත් එම පොලිසිය දුටු කාන්තාව තරුණයාගෙන් රුපියල් 2000 ක මුදලක් ඉල්ලාගෙන පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි. මෙම කාන්තාව හා ඉහත පොලිස් නිලධාරින් අතර කිසියම් සම්බන්ධතාවක් ඇති බවට සැකයක් ඇති බවත් ඔවුන් එක් වී රාත්‍රි කාලයේ වාහනවලට ගොඩවී කප්පම් ලබා ගන්නේද යන්න හෙළි කර ගැනීමට පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.  ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරිය පවත්වයි.

'චුචා සමන්තගේ' මුල්‍ය කලමනාකරු හෙරොයින් තොගයක් සමඟ අල්ලයි


මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින දෙහිවල ප්‍රදේශයේ මහා පරිමාණ මත්කුඩු ජාවාරමකරුවකු වන සමන්ත පෙරේරා හෙවත් 'චුවා සමන්ත'නමැත්තාගේ මුදල් කටයුතු බාරව ක්‍රියා කරන පුද්ගලයකු රුපියල් 75,000ට අධික හොරොයින් තොගයක් සමග විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

චුවා සමන්ත නමැන්නාගේ හෙරොයින් ජාවාරම් ඇතුළු ජාවාරම්වල මූල්‍යම ගනුදෙනු කරන්නේ මෙම සැකකරු බැවින් මූල්‍ය ගනුදෙනුවලට අමතරව බන්ධනාගාරගත කර සිටින සමන්ත නමැන්නාට ආහාර පාන ඇතුළු භාණ්ඩ රැගෙන යාම, ඔහු බැලීමට යන සගයන්ට වෙලාවල් වෙන්කර දීම ආදී කටයුතු මෙහෙයවන්නේ මෙම සැකකරු විසින් බව විශේෂ කාර්ය බළකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

මොහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව දෙහිවල ප්‍රතිබිම්සනාරාම පාරේ දි ඉකුත් 26 වැනි දින මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. මහා පරිමාණ හෙරොයින් නඩු පහක්, ඝාතන නඩු දෙකක් හා ආයුධ ළඟ තබා ගැනීමේ නඩු තුනක් චුවා සමන්ත  නමැන්නාට ඇති බවත් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඔහු දැනට බන්ධනාගාරගතව සිටින බව ද විශේෂ කාර්ය බළකාය කියයි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ භට කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

-ඉන්දිකා රාමනායක-


වාහන සුඛෝපභෝගී බද්ද සංශෝධනයට


සුඛෝපභෝගී වාහන බදු (Luxury Tax - LT) සුත්‍රය සංශෝධනය කරමින්, වාහනයේ නිෂ්පාදන පිරිවැය (වටිනාකම, රක්ෂණය සහ නැව් ගාස්තු - CIF අගය) රු. මිලියන 3.5ක් හෝ එය ඉක්මවන්නේ නම්, රේගු බද්දට අමතරව CIF අගය මත පදනම් වූ සංශෝධිත LT බද්දක් හඳුන්වා දීමට රජය සැරසෙයි.

මේ නව බදු සූත්‍රය යටත් සුඛෝපභෝගී වාහන ආනයන බද්ද එන්ජින් ධාරිතාව සහ CIF අගය මත අය කෙරෙනු ඇති බව ආරංචි මාර්ග පවසයි. මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු සංශෝධනයියන් සහ සුබෝපභෝගී මෝටර් රථ සදහා LT බදු ක්‍රියාත්මක කිරීමෙන් රු.බිලියන 48ක බදු ආදායමක් උපයා ගැනීමට රජය අපේක්ෂක්ෂා කරන අතර, සුඛෝපභෝගී බදු සංශෝධනය පිළිබඳ අදාළ වක්‍රලේඛය ළඟදීම නිකුත් කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.

මීට පෙර වාහන සඳහා LT බදු ක්‍රියාත්මක වූයේ එන්ජින් ධාරිතාව මත පදනමිවය. එනම්, 2018 මුදල් පනතට අනුව, සීසී 1800ට වඩා වැඩි සිලින්ඩර ධාරිතාව සහිත පෙට්‍රල් වාහන, සීසී 2300ට වඩා වැඩි සිලින්ඩර ධාරිතාව සහිත ඩීසල් වාහන සහ කිලෝවොට් 200ට වැඩි බලයක් සහිත විදුළි වාහන ඇතුළු වාහන කාණ්ඩ තුනක් සදහා මීට පෙර LT බදු අදාළ විය. දැන් එය CIF චටිනාකම මත පදනමිව සංශෝධනය වෙමින්, එන්ජින් ධාරිතාව පදනම් වූ මෙම වාහන කාණ්ඩ ඉවත්වනු ඇත. කෙසේ වෙතත්, නව සංශෝධනයේදී CIF අගය රු. මිලියන 3.5ක් හෝ එම අගය ඉක්මවන සියලුම වාහන රේගු බද්දට අමතරව CIF අගය මත පදනම් වූ සංශිශෝධිත LT බද්දට යටත් වනු ඇති බව වාර්තා වෙයි.

Toyota Premio, Toyota Axio, Honda Vezel, Toyota HCR - Honda Grace වැනි මෝටර් රථ රැසක් මෙම LT බද්දට යටත් වන අතර, මෙම නව බද්දට අනුව නිෂ්පාදන පිරිවැයට අමතරව සීසී 1000 එන්ජින් ධාරිතාවක් සහිත වාහනයක් සඳහා රුමිලියන 1.2ක් LT බදු ලෙස ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇත.

මීට පෙර පැවැති බදු ක්‍රමය යටතේ කොරියාවේ නිෂ්පාදිත ඇඩො.20,000ක නිෂ්පාදන වටිනාකමකින් යුතු සීසී 2000 කාණ්ඩයේ වාහනයක් සහ එම එන්ජින් ධාරිතාවයේම යුරෝපයේ  නිෂ්පාදිත ඇ.ඩො.35,000ක නිෂ්පාදන වටිනාකමකින් යුතු වාහන සදහා එකම බද්දක් අය කිරීම අසාධාරණ බවට වාහන ආනයනකරුවන් පෙන්වා දුන් අතර,මෙම බදු සංශෝධනයන් සඳහා ඔවුන්ගේ  අදහස්ද හේතු වන්නට ඇති බව විශ්වාස කෙරයි.


ජනනි උඩුබැද්දාව

'කුඩු දිලීප' අවි එක්ක කෙලෙන්නාවේදී මාට්ටු




පාතාල කල්ලියක ප්‍රබල සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන කුඩු දිලීප නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය  සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අවි ආයුධත් සමග කොලොන්නාව, නාගහමුල්ල 120 ප්‍රදේශයේ දී  පෙරේදා (26) අත්අඩංගුවට ගනු ලැබීය.  විදේශයක නිෂ්පාදිත 3.8 වර්ගයේ |රිවෝල්වරයක්ද සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුගේ නිවස සෝදිසි කිරීමෙදී කඩු 03 ක්, වායු පිස්තෝලයක් සහ ජංගම දුරකථනයක්ද සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොලොන්නාව, නාගහමුල්ල එකසිය එක වත්තේ පදිදචි දිලිප තරංග හෙට්ටිආරච්චි හෙවත් කුඩු  දිලීප (29) නැමැත්තෙකි. මත් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන්  මහාධිකරණයේ මොහුට එරෙහිව නඩුවක්ද විභාග  වන බව විශේෂ කාර්ය බළකාය කියයි.  මෙම සැකකරු ඉන්දියාවට පලාගොස් සැඟව  සිටින පාතාල නායකයකු බව කියන අංගොඩ ලොක්කාගේ ගෝලයකු බවට ද තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබී ඇති බව
කියති.

සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදීක ද සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.පොලිස් විශේෂ කාරිය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  එච්.ආර්. ලතිෆ් මහතාගේ උපදෙස් මත එහි කට සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදික ද සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

-ඉන්දිකා රාමනායක-

ගෝඨා වැරදිමකින් හෝ ජනාධිපති වුවහොත් ගීතාට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදුවෙනවා - පා.ම.මනූෂ නානායක්කාර


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදීමකින්හෝ රටේ ජනාධිපතිවරයා බවට පත්වුවහොත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ගෝඨාභය රාජපකෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු යැයි කිසිම ස්ථානයක පැහැදිලි කර පෙන්වාදී නොමැති බවත්, ඒ සඳහා උවමනා කරන ලේඛන ඉදිරිපත් කර නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ඇතැම් නඩු යටගැසීම සඳහා රුපියල් මිලියන 200ක් ලබාගෙන තිබන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතිපත්ති සම්බන්ධව ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළද මේ දක්වා ඊට පිළිතුරක් ලබාදී නොමැති බවද හෙතෙම පැවසීය.

කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මහතා,
"එෆ්.සී.අයි.ඩී. හිටපු ප්‍රධානියා වූ රවී විද්‍යාලංකාර  මාධ්‍ය ඉදිරියට විත් ගෝඨාභය රාජපක්‍ෂ සුද්ධ කර තිබෙනවා.

එෆ්.සී.අයි.ඩී. එකට පැමිණිලි ලැබුණේ පැමිණිලි කාර්යාංශයට ලෑබෙන ඒවා ඒ පැමිණිලි ඉක්මන් කරන්න කියන්න ඒ අයට බලයක් තිබෙනවා. මේ අය මේ පැමිණිලි යට ගැහුවා. රවී විද්‍යාලංකාර හිතා මතාම ඕනකමින් පරීක්‍ෂණ හරියාකාරව සිදුකළේ නැහැ. එය සිද්ධ නොකිරීමේ ප්‍රතිඵලය නිසා තමයි අද මිනිස්සු අහන්නේ කෝ හොරු ඇල්ලුවද කියලා. හොරු නෑ කියලා කවුරුවත් කියන්නේ නෑ. හොරු ඇල්ලුවේ නැති එක ගැනයි මිනිස්සු කතා කරන්නේ, රවී විද්‍යාලංකාර වගේ අය එෆ්. සී.අයි.ඩී. එ්කේ හිටපු නිසාත්, අධිකරණ අමාත්‍යවරයා විදියට විජයදාස රාස්පක්‍ෂ හිටපු නිසාත් හොරු අල්ලන්න බැරි වුණ. මේ හොරුන්ගේ කණ්ඩායමේ හොරු ටිකක් සිටි නිසයි නඩු පැවරීම් අඩාළ වුණා. රවී විද්‍යාලංකාරගේ පුද්ගලික ගිණුමට රුපියල් මිලියන 200ක් එෆ්.සී.අයි.ඩී. ප්‍රධානියා බවට පත් වුණාට පස්සේ ලැබුණු බව තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම මුදල් ලැබුණේ කොහොමද? ඒ මුදල් ලැබුණේ  කාගේ නඩුව නිදහස් කරන්නද? කාගේ නඩුව, කාගේ ෆයිල් ඒක යටගහන්නද කියලා අපී අහනවා. ඒ ගනුදෙනු යටගන්න මුදල් ගත් කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්‍ෂ සුද්ද කර වැඩේ කරන්. මෙවැනි රාජ්‍ය සේවකයන් තමයි හොරු අල්ලන්න තිබුණු එක නැවැත්වුවේ. විජයදාස රාජපක්ෂ තමයි හොරු ආරක්ෂා කළේ.

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ඔප්පු කරන්න නඩුවක් දැමිමා. ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ලිපි ලේඛන අතුරුදන් වී තිබෙනවා. ලිපි ලේඛන නැහැ කියලා නඩුව පැත්තකට දාලා තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මඟතා වැරදිලාවත් දිනුවොත් ගීතා කුමාරසිංහ මහත්මියට වෙච්චි දේ වෙන්න පුළුචන්. මොහු ලංකාවේ පුරවැසියෙක් නොවන නිසා. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිමිසා පැවරූ නඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නීතිඥයන් ඇමරිකාවට ගිහින් කියන්නෙ ලසන්තගේ ඝාතනය රාජ්‍ය ක්‍රියාවක් වන අතර, එහිදී ඔහු විසින් රාජකාරී කටයුතු කර තිබෙන බවයි. එතකොට ගෝඨාභය මහතා රාජකාරි කටයුතු කර තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීම රාජ්‍ය ක්‍රියාවක් වනවා එතකොට ගෝඨාභය මහතාගේ නීතිඥයන් පිළිගන්නවා එදා රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බව. මෙික රටේ හමුදාව රට පාවාදීමක් හැටියට සැලකිය හැකියි. එහිදී රාජකාරි කටයුත්තක් සිදුකළා වුවද ඔහු ඇමරිකානු පුරවැසියකු බැවින් ඇමෙරිකානු අධිකරණවලින් ඔහුට රිංගන්න බැහැ. මේක රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකළ දෙයක් බව මෙි අය ඔප්පු කළ නිසා රාජකාරි කටයුත්තකට ලැබෙන විනිර්මුක්තිය තමයි ගෝෂ්ඨාභය මහතාට ලැබුණේ, එහෙම නැතිව ඔහු ඒකෙන් නිදහස් වුණේ නැහැ. ඔහු මේ නඩුවේ චෝදනාවෙන් නිදහස් වුණේ නැහැ. ඔහු කිව්වේ මේක ආණ්ඩු විසින් කළ දෙයක් බවයි. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ, ඔහු තමයි. නඩුවලින් නිදහස් වන්න පුළුවන්, නමුත් හෘද සාකෂියෙන් නිදහස් වෙන්න බැරි බව ජනතාව තේරුම්ගත යුතුයි" යනුවෙන් පවසා සිටියේ.


 අමිත් මධුරංග