Showing posts with label LOCAL G 5. Show all posts
Showing posts with label LOCAL G 5. Show all posts

Friday, June 3, 2022

අනාගත පරිභෝජනයට ආහාර පරික්ෂණයක්

අපේ දෛනික පරිභෝජනයට ගෙන ඉතුරුවන ආහාර කොටස බොහෝ අවස්ථාවලදී ඉවත දමනු ලබයි. නමුත් එය එසේ නොවී අපට කල්තබා ගැනීමට යම් යම් ක්‍රමවේදයන් තිබුණත්, එය පවතින ආහාර හිඟයට පිළියමක් සේම ආහාර නාස්තිය අවම කිරීමටද යෝග්‍ය පිළිවෙතකි. එම නිසා ආහාර පරිරණය කර ගැනීම වෙනුවෙන් සිදුකරන අපූරු ක්‍රමයක් පිළිබඳව තොරතුරු ගෙන ඒමට සිතුවෙමු. ආහාර පරීක්ෂණය යනුවෙන් හැදින්වෙන්නේ ආහාර නරක් වීමට (තත්වය, භෝජ්‍යතාව හෝ පෝෂණ අගය අඩු වීමට හේතුවන හෝ නරක් වීම වේගවත් කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් අඩු කිරීමට හෝ නවතාලීමට යොදා ගනු ලබන ක්‍රියාවලියකටයි. නමුත් ආහාර පරීක්ෂණය සහ ඒවාට විශේෂිත වූ ගුණාංග එකතු කිරීම සඳහා විෂ රහිත බැක්ටීරියා, යීස්ට් හෝ දිලීර භාවිත කරන ඇතැම් අවස්ථාද අද දක්නට ඇත. යම් ආහාරයක් පරීක්ෂණය කිරීමේදී සිතිය යුතුවන් පෝෂ්‍යදායී වටිනාකම, මතුපිට පෙනුම සහ රසය ඇති කිරීම සහ පවත්වා ගැනීම පිළිබඳවයි.මෙහිදී අප ඉදිරිත් කරන්නේ ආහාර බෝතල් කර පරික්ෂණය කර ගැනීමේ ක්‍රමවේදයයි. මෙම තාක්ෂණයෙන් කල්තබා ගැනීමට අපහසු වන්නේ පිෂ්ඨය සම්බන්ධ යම් යම් ආහාර වර්ග කිහිපයක් පමණි. කොස්, දෙල් වැනි දේවල් කල් තබා ගැනීමේදී මෙම තාක්ෂණය ඔස්සේ පුංචි පුංචි ගැටලු කිහිපයක් මතුවේ. උදාහරණයක් ගතහොත් මාස කිහිපයක් යන විට වීදුරු බෝතලය පතුල් පිටි තැන්පත් වීම වැනි සුළු ගැටලු ඇතිවිය හැකිය. ආහාර නරක් වීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ ඒ තුළ අඩංගු තෙතමනයයි. වායුගෝලයේ ඇති පුස්, දිලීර සහ බැක්ටීරියාවන් එම ආහාර ද්‍රව්‍යය මත වැඩෙමින්, ඒවායේ අඩංගු පෝෂණය මත යැපෙමින්, සිය වර්ගයා බෝ කිරීම අරඹයි. ඊට අමතරව ආහාර නරක්වීම සදහා පරිසරයේ උෂ්ණත්වයද. ආහාරයේ පී.එච්. අගයද බලපානු ලබයි. බැක්ටීරියා 4.0 -7.5 දක්වාත්, පුස් 1.5 - 8.5 දක්වා පරාසයක් ආහාර නරක්වීම කෙරෙහි බලපානු ලබයි. ආහාර කල් තබා ගැනීමට නම් මෙම ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට බාධා කරන පී.එච්. අගය පරාසය වෙනස් කළ යුතුවයි. ටින් කිරිම පිසින ලද ආහාර සදහා යොදාගන්නා අතර, පිවානුහරණය කිරිමේ ක්‍රමයක් ලෙස ඒවා හිස් භාජන සහ බරණිවල බහා මුද්‍රා තැබීම සහ ඉතිරි වී ඇති බැක්ටීරියා විනාශ කිරීම හෝ දුර්වල කිරීම සඳහා බහාලුම් තැබීම සිදුකරනු ලබයි. විවිධ ප්‍රමාණවලින් ආහාර නරක් වීමට එරෙහිව ස්වාභාවික ආරක්ෂණ ක්‍රම පවතින අතර, ඇතැම් විට අවසන් පියවර සිදුවීම සදහා පීඩන උදුනක තැබීම අවශ්‍ය විය හැකිය.

ආහාර පරිරක්ෂණය කිරීමට බෝතල් ක්‍රමවේදය යොදා ගැනීමේදි පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. 

01. Choose fresh vegetables in peak condition 

බෝතල් කිරීමේ ක්‍රමය සඳහා නිතරම අලුත් එළවළු පමණක් යොදාගත යුතුය. එමෙන්ම ඒව පළුදුනොවිය යුතුය. 

02. Use only pickling/canning salt or quality table salt.

ලුණු දැමීමේ සාන්ද්‍රණය සාදා ගැනීමට හැමවිටම පිරිසුදු ලුණු පමණක් යොදාගත යුතුය. සමහර ආයතනවල නිෂ්පාදනය කරන ලුණු වර්ග වෙනත් ඛණිජ වර්ග සමග කවලම් වී ඇති නිසා පිරිසිදු මේස ලුණු පමණක් යොදා ගැනීමට පරෙස්සම් වන්න. 

03. Sterilize the fermenting/curing vessel and storage containers

 මෙම ක්‍රියාවලිය පටන් ගැනීමට පළමුව මේ සදහා යොදාගන්නා සියලුම උපකර බෝතල් සහ මුඩි ජීවානුහරණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එවිට ඉදිරියේදී ඔබේ අවසන් නිෂ්පාදනයට වත බලපෑම බොහෝදුරට අඩු වෙයි. 

04. Press or gently pound each layer of vegetables

ජීවාණුහරණය කර ගන්නා ලද බෝතල්වලට එළවළු ඇතුළු කිරිමේදී ලී හැන්දක් හෝ ඒ හා සමාන උපකරණයකින්, ඉතා සැලකිල්ලෙන්එළවළුවලට හානියක් නොවන පරිදි ඇතුළත් කර ගැනීමට පරෙස්සම් වන්න. 

06. Ferment or cure the vegetables in the optimum temperature range 

උපකරණ ජීවානුහරණයේදී මෙන්ම බෝතල් එළවළු සමග සීල් කර ගැනීමේ ක්‍රියාවලියේදීද ගින්දර මනා පාලනයකින්, සංයමයකින් පවත්වා ගැනීමට සැලකිලිමත් වන්න. 

07. curing is complete in 2 weeks. 

බෝතල් කරන ලද අවසන් නිෂ්පාදනය ගබඩා කිරීමට ප්‍රථම සති දෙකක පමණ කාලයක් වෙනම තබා එහි ගුණාත්මකභාවය පිළිබදව සැක හැර දැනගන්න. වර්ණය වෙනස් වීම, ගඳක්  නිකුත් වීම, ලුණු ද්‍රාවණය පිටතට පැමිණීම, බෝතල් බිදී පැවතීම ආදී කුමන හෝ ආකාරයෙන් නිෂ්පාදනයට යම් හානියක් සිදු වී ඇත්නම්, එය පළවෙනි සති දෙක තුළ ඔබට නිරිමාණය කර තීරණයක් ගත හැකිය. හරියට නිෂ්පාදනය සිදුකර ගතහොත් වසරක් හෝ දෙකක් පමණ කාලයක් කිසිදු කරදරයකින් තොරව එළවළු කල් තියා ගැනීමට ඔබට හැකිවේ. 

08. කපා ගන්නා එළවළු මත කහට පිපීම වළක්වා ගැනීම මේ සදභා සිට්‍රික් ඇසිඩ් වැනි දේවල් යොදා ගත්තද, asCorbic acid (vitamin C) මේ සදහා යොදාගත හැක. ඒවා ශරීරයට කිසිම අහිතකරතාවයක් නොමැති රසායන ද්‍රව්‍ය වේ. එම නිසා පිරිසුදු වතුරට Ascorbic acid හෝ citric acid ස්ව ල්පයක් කලවම් කර, එලවළු කපන විට එම භාජනයට දමන්න. එමගින් එම එළවඵ මත කහට පිපීම, අවර්ණ වීම වළක්වාගත හැක. 

බෝතල් සඳහා අවශ්‍ය ද්‍රාවණය සාදා ගැනීම

පිරිසුදු වතුර 100mlකට ලුණු 4g වන සේ අවශ්‍ය ප්‍රමාණයක් සාන්ද්‍රණය සාදා ගන්න. එය ඉතා හොදින් උතුරවා නිවෙන්නට තබත්ත 

බෝතල් ජීවානුහරණය (Sterilizing Bottles)

සෝදා පිරිසුදු කරගත් බෝතල්, ගැඹුරු භාජනයක දමා ඒවා වැසෙන්නටඇල්වතුර පුරවා ගන්න. ඉන්පසු විනාඩි 15ක් පමණ හොදින් තම්බා ගත්ත. පියන් ටික සහ බෝතල් අල්ලන අඩුවද එලසම තබාගත යුතුයි. දැන් එළවඵ ජීවානුහරණය කළ බෝතල්වලට දමා මූඩිය. යන්තමින් වසා , බෝතල් උසින් භාගයක ප්‍රමාණයකට ඇල් වතුර දැමූ භාජනයක තබා අඩු ගින්දරේ විනාඩි 15 ක් රත් කර ගත්ත. (80c උෂ්ණත්වයට) ඉන්පසු මූඩිය තද කර වසා තවත් විනාඩි 10ක් පමණ රත් කර ගත යුතුය. මේ සඳහා තවත් ක්‍රමවේදයක් තිබේ. එනම් කලින් ආකාරයටම සූදානම් කර ගත් බෝතල් අතේ ගානට සරලව තද කරගත්ත. (තදින්ම තද කිරීම සුදුසු නොවේ) වතුර හොදින් නටන්න තබා  නටන වතුර බෝතල් ටික එකින් එක ප්‍රස්වේශමෙන් තබන්න. නටන වතුරේ ඉතා කෙටි කාලයක් තුළ තැබීමේදී එළවළුවලින්ෆුචි පුංචි බුබුළු පිට වෙමින් ජීවී සෛල විනාශ වන ආකාරය දැකගත හැකිය.නමුත් කිසිම අවස්ථාවක එළවඵ තැම්බෙන තෙක් තැබීම නොකළ යුතුය. ඉන්පසු උපකරණයක් ආධාරයෙන් බෝතල් එකිනෙක එළියට ගෙන නිවෙන්නට තැබිය යුතුය.මෙම ක්‍රමවේදය මගින් මෙරට මෙන්ම විදේශගතව සිටින ලංකිකයන්ටද අපේ දේශීය එළවළු වර්ග යැවීමේ හැකියාවද පවතී. එය එක් අතකින් රටට මෙන්ම, අනෙක් පැත්තෙන් රටේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීමට හැකි වීමද විශිෂ්ට ජයග්‍රහණයකි.

(කෂිනි හපුආරච්චි)



Monday, September 13, 2021

වරාය ආසන්නයේ ඇති ඉඩම විකිණීමේ කැබිනට් පත්‍රිකාව අහෝසි කරන්න

දකුණු කොළඹ වරායට පිවිසෙන මාර්ගයේ පිහිටි වරාය අධිකාරියට අයත් මිල කළ නොහැකි ඉඩම විකුණා දැමීමටම හෝ බදු ලබාදීමට ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාව අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.අක්කර දහතුනක විශාලත්වයෙන් යුත් මෙම ඉඩම වරාය අධිකරි සතුව තිබෙන මිල කළ නොහැකි ඉඩමක් බවත්, මෙම ඉඩම සංවර්ධනය කිරීම තුළින් වරාය අධිකාරියට අසිමීත මුදලක් උපයාගත හැකි බවත් එම සන්ධානයේ සාමාජික සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ දියුණුවට බව පවසමින් 1999 වසරේදී රැජින පර්යත්තය සිංගප්පූරු සමාගමකට ලබාදුන් බවත්, අදාළ පර්යන්තය ලබාදෙන වනවිට ප්‍රතිඅපනයනය බහාලුම් මෙහෙයුම් කටයුතු සියල්ලම සිදුකරනු ලැබුවේ වරාය අධිකාරියෙන් බවත් හෙතෙම පවසා සිටියේස්ය. එහෙත් මේ වනවිට ප්‍රතිඅපනයන බහාලුම් මෙහෙයුම් සැලකීමේදී වරාය අධිකාරියට හිමිව තිබෙන්නේ, 31%ක ප්‍රමාණයක් බවද ලේකම්වරයා සඳහන් කළේය. වරායේ දියුණුවට බව පවසමින් වරාය අධිකාරි සතු සම්පත් එකින් එක විකුණා දැමීමට හෝ බදු ලබාදීමට කටයුතු සිදුකරන බවත්, එහෙත් වරාය අධිකාට හෝ රටට කිසිදු ආර්ථික වාසියක් හිමිවී නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය. මේනිසා වරාය අධිකාරිය සතු අක්කර 13ක ප්‍රමාණය රැකගැනීම සඳහා වරාය වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධ වී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා අවධාරණය කළේය.

(එච්.අයි. තුෂාර)

Wednesday, March 3, 2021

දළදා මාළිගාවේ කොස්තාපල් රියැදුරුගේ වැඩ තහනම්

මත්ද්‍රව්‍ය වරදකට සම්බන්ධ බව කියන පුද්ගලයකුට නීති මගින් කටයුතු නොකර සිටීමට ඔහුගෙන් රුපියල් 50,000ක මුදලක් බලහත්කාරයෙන් ඉල්ලා එයින් රුපියල් 5,000ක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාගත් බව කියන මහනුවර දළදා මාළිගාව පොලිස් මුරපොළ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියැදුරකුගේ වැඩ තහනම් කර ඇත.මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ උපදෙස් මත පරික්ෂණ පවත්වා කොස්තාපල් රියැදුරුගේ වැඩ තහනම් කර ඇත්තේ මහනුවර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා විසිනි. මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 50,000ක මුදලක් තමාට දුරකතනයෙන් කතාකර ඉල්ලා සිටි බවට එම පුද්ගලයා මෙම කොස්තාපල් රියැදුරාට එරෙහිව ගොකරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. මෙම මුදලින් අත්තිකාරම් වශයෙන් රුපියල් 5000ක මුදලක් ලබාගත් බව කියමින් කොස්තාපල් රියැදුරා ගොකරැල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කෙරිණ.

 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

Tuesday, October 27, 2020

බස් රථ වලින් 10%ක් ධාවනයටවත් මගී ජනතාව නෑ

 


සමස්ත මගී ප්‍රවාහන බස් රථවලින් 10%ක් ධාවනය කිරීමටවත් ෙදෙනිකව මගී ජනතාව නොමැති බවත්, මේ නිසා බස් රථ කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත් බස් රථ සංගම් හා මගී ප්‍රවාහන සේවක සංගම් සඳහන් කරති. උසස්පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කර ගනිමින් සුළු බස් රථ ප්‍රමාණයක් ධාවනය කෙරෙන බවත්, එහෙත් එම බස් රථවලින් අතිවිශාල ප්‍රමාණයකට ඉන්ධන වියදමවත් නොලැබෙන බවත් එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

මේ නිසා කෝවිඩ්-19 තත්ත්වය තුළ බස් රථ ධාවනය කිරීමට විධිමත් සෞඛ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්, ඒ හරහා පොදු මගී ප්‍රවාහන සේවය පිළිබඳ ජනතා විශ්වාසයක් ඇති කළ යුතු බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එසේම මගී ජනතාව නොමැති වුවත්, උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් බස් රථ ධාවනය කරන බවත්, ඊයේ (26දා) දිනයේදී පිටකොටුව දක්වා බස් රථ ධාවනය කිරීමට නොහැකි වුවත්, ඒ ආසන්න ස්ථාන දක්වා බස් රථ ධාවනය කළ බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසිය. 

මගීන් නොමැති නිසා බස් රථ ධාවනය නොකරන බස් රථ හිමියන්ගේ සේම ධාවනය වන බස් රථවලට ෙදෙනිකව ආදායම් නොලැබීම නිසා සමස්ථ බස් රථ හිමියන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින බවද සමස්ත ලංකා බස් සංගම් සම්මේලනය පෙන්වා දෙයි. මේ නිසා ජාතික ගමනාගමන කොමිසම හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් නවය විසින් වාර්ෂික බස් හිමියන්ගෙන්  අය කර ගන්නා මුදල්වලින් යම් මුදලක් යොදවා බස් හිමියන්ට සහන ලබාදිය යුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසා සිටියේය.

කෝවිඩ්-19 තත්වය තුළ ඇදිරිනීතිය පනවා තිබෙන ප්‍රදේශවල හා හුදකලා කර තිබෙන ප්‍රදේශල සිටින බස් හිමියන් හා බස් රථ ‍සේවකයන් දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

මීට අමතරව කෝවිඩ්-19 ත තත්ත්වය නිසා අනෙකුත් ප්‍රදේශවල සිටින බස් හිමියන්ට සහ බස් රථ සේවකයන්ට ෙදෙනික ආදායම් අහිමි වී තිබෙන බවත්, මේ නිසා පළාත් සභා යටතේ ධාවනය වන බස් රථවල හිමිකරුවන්ට හා බස් රථ සේවකයන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සතු මුදල්වලින් සහන ලබාදිය යුතු බවද එම සංගමයේ ලේකම් කුමාරදාස කුලියාපිටිය මහතා පැවසීය. 

එමෙන්ම දුරගමන් සේවා බස් රථ හිමියන්ට හා සේවකයන්ට ජාතික ගමනාගමන කොමිසම හරහා සහන ලබාදිය යුතු බවත්, පළාත් 09 යටතේ ක්‍රියාත්මක වන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වාර්ෂිකව බස් හිමියන්ගෙන් අතිවිශාල මුදලක් ලබාගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය. බස් හිමියන්ට ඇති හැකි සෑම අවස්ථාවකදීම ප්‍රවාහන ආයතන වෙත නිසියාකාරව මාර්ග බලපත්‍ර ගාස්තු, ලොග් බලපත්‍ර ගාස්තු ලබාදී තිබෙන බවත්, මේ නිසා බස් හිමියන් හා සේවකයන් අසරණ වී සිටින මේ මොහොතේදී අදාළ ආයතන බස් හිමියන්ට හා  සේවකයන්ට සහන ලබාදිය යුතු බවත් ලේකම්වරයා සඳහන් කළේය.

- ඉන්දික හේවාවිතාරණ -



Thursday, September 24, 2020

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 26.5%ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙනවා

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 26.5%ක පිරිසක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවත්, තමන්ට අධිරුධිර පීඩනය පවතින බව දන්නා පිරිසෙන් 35%ක්ම ඒ සඳහා ලබාදෙන ඖෂධ නිසි ලෙස භාවිත නොකරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සඳහන් කරයි.

තවද 30%ක පිරිසක් තමාට අධිරුධිර පීඩනය ඇති බව නොදන්නා බැවින්, සැප්තැම්බර් 29 වැනිදාට යෙදී තිබෙන ලෝක හදවත් දිනයට සමගාමීව සතියක කාලයක් පුරා අධිරුධිර පීඩනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් සංවිධානය කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යක්ෂවරු මේ බව පැවසූ අතර, 2016 වර්ෂයේ ඇස්තමේන්තුවකට අනුව ලංකාවේ සිදු වන මරණවලින් 83%කටම හේතුව බෝ නොවන රෝගවන බවත් එයින් 1/3කට හේතු වී තිබෙනුයේ රුධිරවාහිනීගත හා හෘදරෝග බවත් ඒ මහත්මිය පැවසුවාය. ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇය මෙලෙස පැවසුවාය.

"ලෝක හදවත් දිනය සැප්තැම්බර් මස 29 වැනිදාට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රධාන රුධිරවාහිනී ආශ්‍රිත රෝග වැළැක්වීම හා පාලනය කිරීම පිළිබඳ ගතහැකි ක්‍රියාමාර්ග ගැන ලෝකවාසීන් දැනුවත් කිරීම. මේ වසරේ තේමාව හදවතින්ම හදවත රකිමු යන්නයි. 

බෝ නොවන රෝග ලෙස හෘද හා රුධිර නාලගත රෝග, දියවැඩියාව, පිළිකා, නිධන්ගත ශ්වසන රෝග සහ වකුගඩු රෝග හඳුන්වනු ලබනවා. 2016 වර්ෂයේ ලෝකයේ සිදුවූ මරණවලින් 31%ක් එනම් 1/3 කට හේතු වෙලා තිබෙන්නේ හෘද හා රුධිරවාහිනීගත රෝගයි. එයින් බහුතරය එනම් 85%කට හේතු වෙලා තිබෙන්නේ හෘදයාබාධ හා ආඝාතයයි. මේ සඳහා හේතු වන චර්යා රටාවන් සම්බන්ධ ගැටලු හතරක් මෙරට ජනතාව අතර තිබෙනවා. ඒවා තමයි දුම්කොළ හා දුම්වැටි භාවිතය, මත්පැන් පානය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර භාවිතය හා ක්‍රියාශීලී නොවීම යන ඒවා. මේ අවදානම් සාධක මගහරවා ගැනීමෙන් හෘද රෝග පමණක් නොව අනෙක් බෝ නොවන රෝගත් මගහරවා ගත හැකියි. 

මේ වසරේ තේමාව යටතේ හෘද රෝග හා රුධිර නාලගත රෝගවලට හේතුවක් වන අධිරුධිර පීඩනය ගැන දැනුවත් කිරීම හා කලින් හඳුනා ගැනීම කෙරෙහි ජනතාව පෙළ ගැස්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කරන්නට ජාතික බෝ නොවන රෝග ඒකකය හා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව හදවත් දිනය වෙනුවෙන් සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 2 දක්වා සතියක කාලයක් විවිධ සැමරුම් සංවිධානය කර තිබෙනවා.”ලෝක හදවත් දිනය වෙනුවෙන් රුධිර පීඩනය පරීක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රධාන දුම්රිය ස්ථාන, මධ්‍යම බස් නැවතුම්පොළවල්. සුපිරි වෙළෙඳසැල් ආදී තෝරාගත් ස්ථානවල රුධිර පීඩනය මැනීමේ කටයුතු සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව සැප්තැම්බර් 28,29,30 යන තෙදින තුළ කොළඹ දුම්රිය ස්ථානයේදී දුම්රිය මගීන්ට නොමිලයේ රුධිර පීඩනය මැන ගැනීමට අවස්ථාව උදාකර දීමට නියමිතය. තවද තෝරාගත් සේවා ස්ථානවලදී ද මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිමට නියමිත අතර, ප්‍රාදේශීය රෝහලට පැමිණෙන රෝගීන්ගේ රුධිර පීඩනය මැනගැනීම සඳහා සුවදිවි සායන වෙත යොමු කිරීමටද කටයුතු යොදා ඇත. එසේම දිවයිනේ සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ රුධිර පීඩනය මැනීමටද නියමිතය.


- නදීශානී පතිරණ - 

Wednesday, July 29, 2020

රට යනවැයි කියා අනුගාමිකයන්ට ඇඟ වූ සහරාන් බිරියගේ නිවසේ සැඟවී සිටියා


ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ මොහොමඩ් සහ්රාන් හෂීම් 2016 වර්ෂයේ සිට අන්තවාදී ක්‍රියා සිදුකර ඇතැයි තමන් ඉහළ නිලධාරීට වාර්තා කර ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, නැගෙනගිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (28) පැවසීය. 

මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් මොහොමඩ් සහ්රාන් යන අය සම්බන්ධ බව තමන් ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත ලිඛිතව සහ වාචිකවම දැනුම් දී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය සාක්ෂියෙන් ඉදිරිපත් කළේයෙ. මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

බුරුමයෙන් පැමිණි සරණාගතයන් වන රෝහින්‍යා පිරිස මෙරටට පැමිණීම අපි දුටුවා. ඉන්දියාවෙන් පිටමං කරපු මේ අය බෝට්ටුවකින් තමයි අපේ රටට ආවේ. ඒ අය මුදල් ගෙනාවා. අපේ සිංහල සමාජය මේ අයගේ පැමිණීමට දැඩි ලෙස විරුද්ධ වුණා. මේ අය අතර අයි.එස්. සංවිධානයේ අය හිටියා කියලා තොරතුරු ලැබුණේ නැහැ. ඒත් මේ ප්‍රශ්නය බුද්ධියෙන් මානසිකව විසඳන්න ඕනෑ ගැටලුවක්. මොකද මේක ආගමික සටනක්. අයි.එස්. වගේ සංවිධානවල අය හැමතිස්සේම වන්ද්‍යාකරණය වගේ සමාජමය ගැටලු එද්දී වගේම අලුත්ගම වගේ ප්‍රශ්න එද්දී මේ අය හැසිරෙන්නේ මේ විදිහට. සහ්රාන් වුණත් අලුත්ගම ප්‍රදේශයේ සිද්ධියේදී වෙඩි වැදිච්ච තරුණයාගේ ගෙදරට ගිහින් එයාට ත්‍රිරෝද රථයක් අරන් දුන්නා. ඊට පස්සේ ඔහුට දීපු ටාගට් එක තමයි අන්තර්ජාලය එක්ක සම්බන්ධ වී සිටින්න කියලා. මේක තමයි සහ්රාන්ලා වැපුරුවේ.

කොමිසම : බුරුමයෙන් පැමිණි රෝහින්‍යා සරණාගතයන්ට ජමාත් ඉන්දියන් සංවිධානයක් උදව් කළා කියලා රාවයක් ගියා. මේ අයට ලංකාවේ ජමාතේ ඉස්ලාමික සංවිධානයෙන් උදව් කළාද?

සාක්ෂිකරු : ඒ ගැන සෘජු දැනුමක් නැහැ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : රෝහින්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ඔවුන්ට උදව් කරන්න ඕන කියලා ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුයි කියලා සහ්රාන් හෂීම් උද්ඝෝෂණයක් කළාද? 

සාක්ෂිකරු : බුද්ධි සේවාවක් විදිහට ඒක පාලනයෙන් ගිලිහී ගියා කියලා අපි පිළිගන්න ඕනෑ. සහ්රාන් එහෙම කළා කියලා අපි වාර්තවක් ඉදිරිපත් කළා. මේ ලේඛනය හිටපු බුද්ධි අධ්‍යක්ෂ වශයෙන් මා නීතිය සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා වූ පද්මසිරි ජයමාන්න මහතා වෙත යොමු කළා. එහි පිටු 04ක් තිබුණා. සහ්රාන්, ජිහාඩ් කියලා අර්ථ දැක්වූයේ අන්‍යාගමිකයන්ට එරෙහිව සිදුකරන සටනක් පිළිබදවයි. ජීවිතයේ විශාල කාලයක් මෙරට මුස්ලිම් පාසල් පද්ධතියේ නබිතුමා ගැන හරිහැටියට ඉගැන්වීමක් නොකරන බවත්, තරුණ පරපුර දෙවියන් වෙනුවෙන් මිය යාම භාග්‍යයක් බව ඔහු කියලා තිබෙනවා. මේ ආකාරයෙන් කියන වීඩියෝවක් ඔහු අන්තර්ජාලයට යොමු කර තිබුණා. එය මුස්ලිම් තරුණ සමාජය නරඹලා තිබුණා. සමහරුන් එයට ප්‍රතික්‍රියා දක්වා තිබුණා. මා මෙම ලිපියෙන් දන්වා සිටියේ දැඩි මතධාරි මුස්ලිම් තරුණයන් සහ්රාන් වටා එකතු වී ඇති බව නිරික්ෂණය වන බව. සහරාන් 2016 වර්ෂයේ සිටම අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් සිටියා. 2018 අප්‍රේල් 19 වැනිදා සහ්රාන් අත්අඩංගුවට ගන්න ඕන කියලා දැනුම් දුන්නා. සිරියාවෙන් තහනම් කළා ඒ රටට එන්න එපා තමගේ රටවල්වලට වෙලා ජිහාද් කරන්න කියලා. ඒක සහ්රාන්ට පොඩි තල්ලුවක් වුණා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වර්යා : අබු බැග්ඩැඩ් කොයි වගේ බලපෑමක් ද මුස්ලිම් ජනතාව වෙත කළේ?

සාක්ෂිකරු : ඔසාමා බින්ලාඩන්ට වඩා අබු බැග්ඩෑඩ් කෲර අයෙක්. 2017 දී ඔහු උපදෙස් දෙන්නේ තමන් ඉන්න තැන ඉඳලා අයි.එස්. සංවිධානයේ ඉදිරි ප්‍රගමනයට කටයුතු කරත්ත කියලා. ඔහු කියලා තියෙන්නේ ලැව් ගින්නක් ඇති කරන්න බෝම්බ ඕනෑ නැහැ, කොළ කෑල්ලක් අරගෙන කැලයක් ගිනි තියන්න කියලා. හාඩ් ටාගට් (අසීරු ඉලක්කය) එකක් කියන්නේ ජනාධිපති කෙනෙක්, එයාපෝට් එකක් වගේ ඒවාට ප්‍රහාර එල්ල කිරීම වගේ දේවල්. ඒවාට අමාරුයි. කාලයක් ඔත්තු බලලා කරන්න ඕනෑ දෙයක්. සොෆ්ට් ටාගට් (පහසු ඉලක්ක) වගේ එකක් කියන්නේ පිහියෙන් කැපුවා වාහනයක හැප්පුවා  වගේ ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් දේවල්. 2015 දී මෙල්බන්වලදී පොඩි ළමයකුට තුවක්කුවක් දීලා පොලිස්කාරයකුට වෙඩි තියත්ත කියලා කිව්වා. පැරිස්වලදී සංගීත සංදර්ශනයකට ගැහුවා. ඩකාරිවල බේකරියකට ගැහුවා. ඒ වගේ සොෆ්ට් ටාගට්වලට ගහන්න කියලා තමයි අයි.එස් අය නිතරම කිවේ. 

ලංකාවේ වගේ තැන් කිහිපයකම තායිලන්තයේත් ප්‍රහාර එල්ල වුණා. ඒත් ලංකාවේ තරම් ප්‍රබල වුණේ නැහැ. මේ අය බුදු පිළිමවලට වඳින එක ගැන විරුද්ධයි. ඒක දකින්නේ වැරදි විදිහට. මේ අය එල්.ටී.ටී.ඊ. එකේ අය වගේ නොවෙයි. මේ අය රට ගිහිල්ලා තියෙනවා. සල්ලි තියෙනවා. කෝටිපතියෝ. බී.එම්.ඩබලිව් වල යන්නේ. සහ්රාන් මැරුණේ ඇයි කියලා ප්‍රශ්නයක් තිබුණා. සහ්රාන් කියන්නේ ඒ අය අර්ථකථනය කරන නායකයෙක්. කොළඹ ඉන්න සහෝදරයෝ දෙන්නා එක්ක ගියේ. ස්ථාන 8ක් පුපුරන්න හිටියා. 6යි පිපිරුවේ. පල්ලියකට ගිහිල්ලා වඳින එක ගැන ඒ අය අධ්‍යයනය කළා. පොළොව ලෙයින් තෙත් කරන එක ගැනයි ඒ අධ්‍යයනය කළේ. බැග්ඩෑඩ් එළියට ඇවිල්ලා කියනවා සහ්රාන් ඒ අයගේ වීරයෙක් කියලා. ඒ අය හිතපු දේ අවශ්‍ය දේ එයාලා කරගත්තා. පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල්වලින් ලංකාවේ පත්වුණ අමීර්වරයා වශයෙන් සහ්රාන් පත්වෙලා තිබුණා. අමිර් ඔෆ් සහ්රාන් වශයෙන්. බංග්ලාදේශයෙන් ද අමීර් කෙනෙක් බිහි වුණා කියලා ආරංචි වුණා. 

ජාතික තවුහිද් ජමාද් සංවිධාංගනයේ නායකත්වය පිළිබඳව ගැටලුවක් එඩේරමුල්ල ගෙදරදී ඇතිවුණා. කෙසේ වෙතත් සහ්රාන් නෙමෙයි මෙහි නිර්මාතෘ. නවුෆර් මවුලවි තමයි මෙහි නිර්මාතෘ.

මා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කළා. සහරාන් ඇතුළු කණ්ඩායම වීඩියෝ පටයක් අන්තර්ජාලය වෙත යොමු කළා කියලා. මා එම ලිපියෙන් සඳහන් කර සිටියේ සහ්රාන් අත්අඩංගුවට ගත යුතුයි කියලා. ඒ වගේ මා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙතද ලිපියක් යොමු කළා. නිසි ක්‍රමවේදයකින් තොරව ආගමික ස්ථාන පවත්වාගෙන යාම ගැටුම්කාරී තත්ත්වයකට හේතුවක් කියලා මම ඒ ලිපියෙන් දැනුම් දුන්නා. ආගමික කරුණු හේතුකොටගෙන මෙරට යම් ගැටලුවක් මතුවිය හැකි බවත් ඒ සඳහා යම් පොදු නීති මාලාවක් හඳුන්වාදිය යුතු බවත් මා අමාත්‍යවරයා වෙත එම ලිපියෙන් දැනුම් දුන්නා. 

විදේශ ආධාර ලබමින් ඉස්ලාම් භක්තිකයින් පල්ලි ඉදිකරනවා. බැංකු ගිණුම් බැලුවම රුපියල් පනස්දහයි තියෙන්නේ. ඒත් ඉඩමයි බිල්ඩිමයි රුපියල් කෝටි දෙකක් තුනක් වෙනවා. පිටකොටුවේ මනි එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා බැලුවාම මේ සල්ලි කොහොමද ලැබෙන්නේ කියලා පේනවා. මා මේ ගැන ආරක්ෂක කවුන්සිලයට නිතරම දැනුවත් කළා. මේ මුදල් ගලා එන්නේ කොහෙන්ද කියලා තේරෙන්නේ  නැහැ. ආගමට හරවා ගැනීමට මේ අය මුදල් වියදම් කළා. අබ්දුල් රාසික්ගේ සංවිධානය හරහා පුලස්තිනි නොහොත් සාරා නමැත්තිය හස්තූන්ට කසාද බැන්දුවා කියලා දන්නවා.

පුලස්තිනිගේ අම්මා කියන්නේ ඇය බලෙන් ආගමට හැරෙව්වා කියලා. සහ්රාන් විශුද්ධිකාරක බද්ද හෙවත් “සකාත්" යන්න ගැන දැනුවත් කර තිබුණා. සහ්රාන් කියන්නේ අනුගාමිකයින් තමන් උපයන මුදලින් කොටසක් නබිතුමා වෙත යෙදවිය යුතු බවත් කුරානය අනුව එම සකාත් මුදල බෙදා දෙන්න ඕනෑ කියලා කියනවා. ආදායම් ලබන කට්ටිය නිදහස ලැබීමට සිටින මහලු අයට, ණය ලබාගෙන ගෙවීමට නොහැකි අයට වගේම ආගමට බැඳෙන අයට ලබාදීමට සහ්රාන් සකාත් බෙදිය යුතු ආකාරය ගැන සඳහන් කර තිබුණා. 

සහ්රාන් 2016 වසරේ සිට අන්තවාදී ක්‍රියා සිදුකර ඇති අතර 2017 මාර්තු 18 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ ගැටලුකාරී තත්වයෙන් අධිකරණය මගහැර සැඟවී සිටියා. ඔහු සිටින ස්ථානය පිළිබඳව මා දැනුම් දුන්නා. ඒ පිළිබඳව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙතද මා දැනුම් දුන්නා. ඒ වග්ම මා දැනුම් දුන්නා ටෙලිග්‍රෑම් ගිණුම හරහා සහ්රාන් සිය අනුගාමිකයන් අමතන බව. සහ්රාන් සිය අනුගාමිකයන් අමතා කියා තිබුණා තමන් විදේශගත වෙලා කියලා. ඒත් ඔහු නාරම්මල කැකුණගොල්ල ප්‍රදේශයේ බිරිඳගේ නිවෙස් සැඟවී සිටියා. සහ්රාන්ගේ එෆ්බී ගිණුම ප්‍රතිත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අක්‍රිය කළා කියලා මට දැනගන්න ලැබුණා. සහ්රාන් කළ බුද්ධි මෙහෙයුමක් ගැන මා ජාතික බුද්ධි ප්‍රධානියාට දැනුම් දුන්නා. ශයිනි කියන පුද්ගලයා ඔහුගේ සංවිධානයෙන් 2018 අගෝස්තු 31 වැනිදා ඉවත් කළ බව සඳහන් සිද්ධියක් ගැන එහි සඳහන් වෙලා තිබුණා. අපරාධකරුවන් කෙරෙහි අල්ලා දෙවියගේ ශාපය තීව්‍ර වී ඇත කියලා. ඔහු මේ බව අන්තර්ජාලය මගින් තමයි ප්‍රචාරය කරලා තිබුණේ. කුරුසකරුවන්ගේ සිංහාසනය විනාශ කරමු මැයෙන් වීඩියෝ පටයක් ද සහ්රාන් අන්තර්ජාලයට නිදහස් කරලා තිබුණා. යුදෙව්වන්ට බිය නොවන්න, අන්‍යාගමිකයන්ගේ හිස ගසා දමන්න ආදී වශයෙන් එහි තිබුණා. අපි ප්‍රජාතන්ත්‍රවාදී කුඩුවක සිරවී සිට අන්‍යාගමිකයන්ට බියෙන් සිටිනවා යනුවෙන් ද සහ්රාන් එහි සඳහන් කර තිබුණා. සහරාන්, අක්‍රම් බින් අබු වශයෙන් හැඳින්වුවා. අබු නාමයෙන් හඳුන්වන්නේ වීරත්වය. සෙයිලානි යන වචනය යොදා ගත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සඳහන් කිරීමේදීයි. ප්‍රථමයෙන්ම සිරියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයා වූ නිලාම්ටත් ඒ වගේ නමක් දාලා තිබ්බා. මා හිටපු පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සහ්රාන් ඇතුළු කණ්ඩායමේ සම්බන්ධයක් ඇති බවට. මාවනැල්ල බුදුපිළිම සිද්ධිය හරියට විමර්ශනය කරන්නේ නැහැ කියලා ඒ ප්‍රදේශයේ මිනිස්සු කිව්වා . 

කොමිසම : බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධිය පිළිබදව කලින් තොරතුරු හොයාගන්න ඔබලාට බැරි වුණා නේද?

සාක්ෂිකරු : ඔව්.

කොමිසම : ඔබේ බුද්ධි අංශ අසමත් වෙලා නේද? 

සාක්ෂිකරු : එම තොරතුරු ලබා ගැනීමට අසමත් වුණා. රාත්‍රියේදී සිදුවන ඒකල සිද්ධියක් පිළිබඳව බුද්ධි අංශය සක්‍රීය වෙන්නේ නැහැ.

කොසම : වනාතවිල්ලුව ලැක්ටෝවත්ත පුපුරන ද්‍රව්‍ය ගබඩාව ගැනවත් දැනගෙන හිටියේ නැද්ද ඔබලා? රාජ්‍ය බුද්ධ සේයට ඒ තොරතුරු ලැබිලා නැහැ. යුද හමුදා බුද්ධි අංශවලට මේ පිළිබඳ දැනිලා නැහැ. ලංකාවේ ක්‍රියාත්මක වෙච්චී කිසිම බුද්ධි අංශයකට මේ ගැන අනාවරණය වෙලා නැහැ. බුද්ධි අංශ මේකෙදී අසාර්ථක වෙලා නේද?

සාක්ෂිකරු : බයිසිකලයකින් ඇවිල්ලා බුදු පිළිමයක් කැඩුවා කියලා මගේ නිලධාරින්ට එහෙම බලපෑම් එල්ල කරන එක වැරදියි. මේ පිරිස් මානසික උන්මාදයෙන් පෙළෙන අය. මේ වනාතවිල්ලුව සිද්ධිය කිසිම බුද්ධි අංශයකට ආවේ නැහැ. සී. අයි.ඩී. එක තමයි අන්තිමට සොයා ගත්තේ. මේක ආගමික මතවාදයක් සහිත දෙයක්.

- නිමන්ති රණසිංහ -