Tuesday, November 30, 2021

ගම්පොළ රෝහලේ ජල ටැංකියෙන් හමුවුණ සැරයන් ඉලංගෝවන්ගේ මරණය ගැන සැකයක්


කොත්මලේ පොලීසියේ සේවයේ නිරත සැරයන් ඉලංගෝවන් දෙදරු පියෙකි. ඔහුගේ පදිංචිය පූඩලුඔය ප්‍රදේශයේය. මෙසේ රාජකාරියේ නිරතව සිටින අතරේ සැරයන් ඉලංගෝවට කොරෝනා වෛරසය වැළඳෙන්නේ නොසිතු ලෙසය. සති කීපයක් සඳහා ප්‍රතිකාර ලබා සුවපත් වී නිවෙසට පැමිණි පසු නැවත රෝගී තත්වයක් හටගන්නේ හදිසියේමය.  ඒ හේතූවෙන් සැරයන් ඉලංගෝවන් ගම්පොල මූලික රෝහලට ඇතුලත් කැරිණි.  සැප්තැම්බර් මාසයේ 8වැනිදා සිට සැරයන්  ඉලංගෝව ආගිය අතක් නැති වුයේ කිසිවකු නොසිතූ ලෙසය. ප්‍රතිකාර ලබමින් සිටි රෝහල් වාට්ටුවෙන් ඔහු එලෙස අතුරුදත්ව සිටි අතර ඔහු ගිය දීහාව සොයාගැනීමට කිසිවකුට හැකිවුයේද නැත. සැරයන් ඉලංගෝව ආගිය අතක් නැතිවීම මාධ්‍යවලට ලොකු පුවතක් විය.ගම්පොල රෝහල්  පොලිසිය ගම්පොල මූලස්ථාන පොලිසියට මේ බව වාර්තාකර තිබුණි. ඉලංගෝවන් ගමට ගියා දැයි සොයා ගැනීම සඳහා ගම්පොල පොලීසිය ඔහු සේවයකළ කොත්මලේ පොලීසියටද මේගැන දැනුම් දී තිබුණත් සැරයන් ගැන කිසිම තොරතුරක් ලැබී තිබුණේ නැත. 


සැරයන් ඉලංගෝවන්ගේ ආගිය අතක් නැතී වීයැයි ඔහුගේ  නිවෙසේ අයට දැනගැනීමට ලැබුණේ ඉන් පසුවය.නිවැසියන්ද මේ ආරංචිය අසාකලබල වූහ. ඉංලගෝව ගැන ගෙදර අයද හැමතැනම සොයා බැලුවත් කිසිම තොරතුරක් ලැබුණේ නැත. සැරයන් ඉලංගෝවන්ගේ ආගිය අතක් නැතීවීම ගැන ගම්පොල සහ කොත්මලේ පොලිස් ස්ථානවල නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කරන්නේ ඉන්පසුවය.එහෙත් සැරයන්වරයාගැන කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවුයේ නැත.  මෙලෙස දීන සති ගෙවී යමින් සැරයන් ආගිය අතක් නැතිවී 51වැනි දිනය ගතවෙද්ද ගම්පොල මූලික රෝහලේ පානීය ජල ටැංකියකින් දුර්ගන්දයක්  වහනය විය.මේ ගැන සොයා බැලීම සඳහා රෝහල් සේවයකන් යුහුසුළුවන් රෝහල් වාට්ටුවලින් ඒ ගැන පැමිණිලි ලැබුණු නිසාය.


අඩි 40ක් පමණ උසැති මෙම ජලටැංකියට නැග සේවකයන් එය පරීක්ෂා කරද්දී එහි පාවෙමින් තිබුණු මළසිරුර හමුවන්නේ අනපේක්ෂිතවය.  මේ සිද්ධිය රෝහල් පොලීසියට සහ ගම්පොල  පොලීසියට දැන්වීමෙන් අනතුරුව මළ සිරුර ජල ටැංකියෙන් ගොඩගෙන පරීක්ෂා කරද්දී හෙලිවන්නේ සිරුර මීට දින 51කට පමණ පෙර ආගිය අතක් නැතිවු සැරයන් ඉලංගෝවන්ගේ බවය.  ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස්,සහකාර පොලිස් අධිකාරී කමල් ආරියවංශ, ගම්පොල මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති කපිල බණ්ඩාර, සැරයන් ඉලංගෝවන්ගේ සිරුර ගොඩ ගන්නා අවස්ථාවේදී ගම්පොල මූලික රෝහලට පැමිණ සිටියහ. ඉලංගෝවන්ගේ නිවෙසේ අයට මේ සිද්ධිය  ගැන පොලීසිය විසින් දන්වන්නේ ඉන්අනතුරුවය. ඔවුහු පූඩලුඔය සිට ගම්පොලට පැමිණෙන්නේ ඒ අනුවය.  මේ සිද්ධිය ගැන ගම්පොල පොලීසිය,ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන්නේ ඉන් පසුවය.


ගම්පොල මහේස්ත්‍රාත් ශ්‍රිනිත් වීරසේකර මහතා ඉදිරියේ මළසිරුර  ගොඩගැනීණි.සිරුර  බෙහෙවින් නරක් වී තිබුනි.  සිරුර හඳුනාගනු ලැබුවේ ඔහුගේ පුත්  අහිනාත් විසිනි.  පශ්චාත් මරණ  පරීක්ෂණය සඳහා මළ සිරුරමහනුවර ජාතික  රෝහලට පිටත් කැරිණී,  තම පියාගේ මළ සිරුර ගම්පොල රෝහලේ ජල ටැංකියකින් හමුවීම ගැන සැරයක් ඉලංගෝව පුතු අභිනාත් සහ  පවුලේ අයට තිබුණේ බරපතල සැකයකී.  මගේ තාත්තාට අපේ ගෙදරවත් එයා සේවය කරපු පොලිසීයේ කිසිම කරදරය තිබුනේ නැ, තාත්තා හැමෝම එක්ක හොදින් හිටියා.එයාට කියන්න තරම් ප්‍රශ්නයක් තිබුණේ නෑ.එයාට මේ විදියට මැරෙන්න දන්නා තරමට කිසිම හේතුවක් තිබුණේ නෑ. ඒ නිසා අපට ඒ ගැන සැකයි. තාත්තාගේ මරණය ගැන විධිමත් විමර්ශනය සිදුකරන්න කියලා වගකීවන යුත්තගෙන් මම ඉල්ලා සිටිනවා."   සැරයන් ඉලංගෝවන්ගේ හදිසි මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සිව සුබ්‍රමනියම් මහතා විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. 


මේ අතරදින 51ක් පමණ සැරයන් ඉලංගෝවන්ගේ සිරුර ගම්පොල මූලික රෝහලේ ජලටැංකියේ තිබීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ගම්පොල රෝහල සුරැකීමේ සංවිධානය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආයතන කීපයකට පැමිණිල්ලක් ඉදිරිපත්  කර තිබේ.සංගමයේ කැඳවුම්කරු එම්.එම්. එම්. අසාල් මහතා මේ බව සඳහන් කළේය,  මාස 2කට ආසන්න කාලයක් බෙහෙවින් නරක් වූ මිනිස් මළ සිරුර ජලටැංකියේ තිබීම නිසා එම විෂ සහිත ජලය රෝහලේරෝගී සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට පානය කිරීමට සිදුවි තිබුණු බවද අසාල් මහතා සඳහන්කර තිබීණි.  රෝගියකු, රෝහලෙ ආගිය අතක් නැතිව මාස 2කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒගැන  රෝහලෙන් විමර්ශනයක් සිදුවී නොතිබුණු බවද ඔහු පෙන්වාදී ඇත.  එසේම දිනපතා විශාල පිරිසක් ප්‍රයෝජනයට ගන්නා ජලටැංකියේ පිරිසුදුභාවය  සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම නිසා මේ අපවිත්‍ර ජලය මාසත්පුරා සියලු දෙනාට පාවිච්චි කිරීමට සිදුවී ඇති බවද ඔහු සඳහන් කර ඇත.

ස්ත්‍රී දූෂකයන් දෙදෙනකු අවුරුදු විසි නවයකට හිරේ

කාන්තාවන් සහ ළමයින් සැලකෙන්නේ සමාජයේ සුවිශේෂී ආරක්ෂාවක්, රැකවරණයක් ලැබිය යුතු අය ලෙසය. කාන්තාවන් සහ ළමයින්ගේ ආරක්ෂාව, රැකවරණය පිණිස නීතිරීති, අණ පනත් සම්පාදනය වී ඇත්තේඳ එබැවිනි. ළමා සහ කාන්තා කාර්යාංශය, ළමාරක්ෂක අධිකාරිය ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යංශය සහ අධිකාරි පවා සම්පාදනය වී ඇත්තේ මේ හේතුව නිසාමය.කාන්තාවන්ට සහ ළමයින්ට සමාජයේදී සිදුවන අතවර, අපයෝජන, හිංසා, පීඩා,දුක් කම්කටොලුවල ප්‍රමාණය සංඛ්‍යාත්මකව කිව නොහැකිතරම් යැයි කීවොත් එය මුසාවක් නොවන්නේ  පොලීසියට නීති අංශවලට වාර්තා නොවන එවැනි සිදුවීම් අතිවිශාල සංඛ්‍යාවක් දිනපතාම පාහේ සිදුවන බැවිනි. කාන්තාවන් ළමයින් අපයෝජනයට අතවරයට ලක්කරන පුද්ගලයන්ට නීති මගින් දැඩි දඬුවම් පමුණුවන ආකාරය පසුගිය මාස කීපයේදී මෙරට ඇතැම් මහාධිකරණ වලින් නියම කරන ලද දඩුවම් වලින් පැහැදිලි විය.ස්ත්‍රී දූෂකයන්ට ඇතැම් අවස්ථා වලදී එසේ නියම වුණු සිරදඩුවම කාලය වසර සියයකටද ආසන්න වීම සුවිශේෂීය. පලා නෙලා විකුණා ලද සුළු මුදලින් තම ජීවිකාව ගෙන ගිය මනස සෙමෙන් වැඩෙන පනක් හැවිරිදි කාන්තාවකට මරණ තර්ජන කර ඇයට අතවර කළ පුද්ගලයකුටත් බුදු පුදට මල් නෙලීමට ගිය නව හැවිරිදි දැරියකට රුපියල්සියයක් අතටදී අතවර කළ පුද්ගලයකු ගම්පහ මහාධිකරණය එක් අයකුට වසර 17 සහ අනෙක් පුද්ගලයාට වසර 12 බැගින් විසි නව වසරක සිරදඬුවම් නියම කැරිණි, ගම් දඩුවම් දෙකම නියම කරන ලද්දේ ගම්පහ අංක01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසිනි. 2015 වසරේ ඔක්තෝබර් මාසයේ 2වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සිය නිවස අසල වෙල්යායක පලානෙලීමට ගොස් සිටියදී මෙසේ අතවරයට ලක්වුයේ මල්වතුහිරිපිටිය පොලිස්වසමේ පෙදිංච්. එවකට51 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. ඇය මනස සෙමින් වැඩෙන අයෙකි.අවිවාහක ඇය ජීවත් වූයේ වෙල්යායේ වැවෙන පලානෙලාවිකුණා ලැබුණු මුදලිනි. ඇය එදින පලා නෙලීමට වෙල්යායට ගොස් සිටිය දී පිහියක් අතැතිව පැමිණී පුද්ගලයකු ඇයට මරණ තර්ජනයකර ඇගේ ගෙලට එම පිහියතබා අතවර කර තිබිණි.

මේ අතවරයට ලක්වූ කාන්තාව තමාට සිදු වූ දේ ඥාති සොයුරියකට පැවසීමෙන් අනතුරුව ඇය මල්වතුහිරිපිටිය පොලීසියට ගොස් සිද්ධිය පැමිණිලිකරතිබිණි.මේ ගැන විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන්.සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන්  අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර අතර ඉන් අනතුරු ගම්පහ මහාධිකරණයේ එම නඩුව විභාගයට ගැනිණි. වින්දිත කාන්තාව, ඇගේ ඥතී සොයුරිය,අධිකරණ වෛද්‍ය නිලධාරි සහ පොලිස් විමර්ශන නිලධාරී සාක්ෂි දීර්ඝ ලෙස වීශ්ලේෂණයකළ බවත් වින්දිත තැනැත්තිය ගේ සාක්ෂිය විශ්වසනීය සාක්ෂියක් ලෙස පිළිගන්නා බවත් නඩුතීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණයේදී පැවැසීය. අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව එම වෛද්‍යවරයා මහාධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිය. අනුව ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාවත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙ වාර්තාව විශ්ලේෂණය කිරීම ද ස්ත්‍රී දුෂණයන්සිදුවී ඇති බවත් මේ සිද්ධියට මුහුණ පානවිට වින්දිත කාන්තාව කන්‍යවියක් බවට අධිකරණ වෛද්‍ය නිලධරයා විසින් පැහැදිලි වාර්තාව ලබාදී ඇති බවද මහාධිකරණය හමුවේ සඳහන් විය, විත්තිකරු,වින්දිත කාන්තාව සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් පෙර අවස්ථා කීපයකම වින්දිත කාන්තාව සමග ලිංගිකව එක්වී ඇතී බවට විත්තිකරු කරන ප්‍රකාශය සහ වින්දිත කාන්තාවගේ සාක්ෂියෙන් බැහැරවන අතර වින්දිත කාන්තාව සිද්ධිය වීමෙන් අනතුරුව ඥති සොයුරිය හමු වූ අවස්ථාවේම සිදුවූ කරදරය පවසා පොලීසියට පැමිණිලිකර ඇති බව ද මනස සෙමන් වැඩෙන සහ ශාරීරික ආබාධ ඇති පලා නෙලා ඉතා දුකසේ ජීවිකාව ගෙන යන වින්දිත කාන්තාවට සිදුකළ අපරාධයට, විත්තිකරු වරදකරු බවට තීන්දුකළ මහාධිකරණ විනිසුරුවරයා,ලබාදෙන දඬුවම් අවම කරගැනීම සඳහා කරුණු දක්වන ලෙසට විත්තිකරුගේ නීතිඥවරයාට දැන්විය. හතලිස් හතර හැවිරිදි විත්තිකරු අවුරුදු 12ක දරුවකු පියකු බවත් බිරිය රැකියා විරහිත තැනැත්තියක වන අතර විත්තිකරුගේ පියා 78 හැවිරිදි අයකු බවත් මවෙ72 හැවිරිදි බවද විත්තියේ නීතිඥවරයා  මහාධිකරණය හමුවේ පැවැසීය. වයෝවෘධ මවට සහ පියාට උවටැන් කරන්නේ මේ විත්තිකරු බව පෙන්වාදුන් විත්තියේ නිතීඥවරයා මහාධිකරණයන් ඉල්ලා සිටියේ විත්තිකරුට ලිහිල් දඬුවම නියම කරන ලෙසය. වින්දිත තැනැත්තිය ශාරීරික සහ මානසික ආබාධවලින් පෙලුණු අතර ඇයට ආයුධයක් එල්ල කර බිය ගන්වා අසරණකර සිදුකළ අපරාධය සුළුකොට සැලකිය නොහැකි බව පැමීණීල්ල මෙහෙය වූ රජයේ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා මහාධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.යම්කිසි ශාරීරික හෝ මානසික ආබාධයකින් පෙළන සමාජයේ අසරණවූ කාන්තාවක්වීම අසරණ භාවය පාවිච්චිකරගනිමින් ලිංගික ආශාවන් ඉෂ්ඨකරගැනීමට කිසිවකු උත්සාහ කරයි නම් ඉතා පිළිකුල් සහ පහත් ක්‍රියාවක් බව පෙන්වාදුන් රජයේ  නීතිඥවරයා වැඩිදුරටත් සඳහන්කළේ එය සමාජය තරයේ ප්‍රතික්ෂේබ කරන බවකි. මෙවැනි අපරාධකරුවන්ට පමුණුවන දඬුවම් මුළුමහත් සමාජයටම පණිවිඩයක් දෙන ආකාරයෙ පැමිණිය යුතු බවද රජයේ නීතිඥචරයා ඉල්ලාසිටියේය. මේ සියලු කරුණු සැලකිල්ලගත් ගම්පහ වැඩමහාධිකරණ විනිසුරුවරයා බරපතල වැඩ ඇතිව වසර17ක සිරදඩුවමක් සහ රුපියල් විසිපන්දහසක දඩ මුදල නියම කළේය.වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ 3වන්දියක්ද ගෙවීමට චූදිතයාට නියම විය.නියම කරන ලද දඩ මුදල් සහ වන්දි නොගෙවන්නේනම  තවත් වසරක සිරදඬුවමක්ද නීයම කැරිණි, මල්වතුහිරිපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ කොස්තාපල් (19974)කාරියවසම් පැමිණිල්ල මෙහෙයවීම සඳහා රජයේ නීතිඥවරයාට සහයවිය. 

මේ අතර බුදුන් වැඳීම සඳහා මල් කැඩීමට ගිය එවකට නව හැවිරිදි වියේ පසුවු දැරියකට රුපියල් සියය බැගින් ලබාදී අවස්ථා කීපයකදීම බරපතල ලෙස අපයෝජනය කළැයි චෝදනා ලබා සිටි පුද්ගලයකුට වසර36ක සිරදඩුවමක්, ගම්පහ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් නියම කරනු ලැබීය. චුදිතයාට විරුද්ධව නීතීපතිවරයා විසින් අධි චෝදනා තුනක් ගම්පහ මහාධිකරණයේ ගොනුකර තිබු අතර එම චෝදනා තුනටම විත්තිකරු වැරදිකරු කළ මහාධිකරණය එක් චෝදනාවකට වසර12 බැගින් වසර36ක සිරදඬුවම් නියම කර එම  දඬුවම වසර 12කදී ගෙවීයන ලෙස නියම කරන ලදි.සිරදඩුවමට අමතරව එක් චෝදනාවකට රුපියල් විසිපන්දහස බැගින් රුපියල් හැත්තෑපන්දහසක දඩයක්ද එක් චෝදනාවකට රුපියල් ලක්ෂ 2 බැගින් චෝදනා තුනට රුපියල් ලක්ෂ  6ක් වශයෙන් දැරියට ගෙවන ලෙසද චුදිතට නියෝගකළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩයම මුදල් නොගෙවන්නම් මාස 8ක සිර දඬුවමක්ද වන්දි මුදල් නොගෙවන්නම් වසර 3ක සිර දඬුවමක්ද නියම කරන බව සඳහන් කළේය. 2013 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ පළමුවැනිදා සිට එම වසරේම ඔක්තෝම්බර් මාසයේ 24 වැනිදා අතර කාලය ඇතුලත විත්තිකරුගේ ඉඩමට මල් කැඩීමට පැමිණී වින්දිත දැරිය රවටා නිවෙස ඇතුලට කැඳවාගෙන ගොස් අතවරකිරීම සම්බන්ධයත් මෙසේ දඬුවම් නියම කැරුණේ 55 හැවිරිදි අයකුටය. ඔහු විවාහකයෙකි, ළමා නිවාසයක වෙසෙන අදාල වින්දිත දැරිය එම ළමා නිවාසයේ පාලිකාව විසින් මහාධිකරණයට ඉදිරිපත් කළාය,විත්තිකරු 2013 වසරේද් දී එම දැරියට සිදුකරන ලඳ අපරාධය නිසා එම දැරියට2013 වසරේ සිට මේ දක්වා මව් පියන් සහෝදර සහෝදරියන් ඥාතින් මෙන්ම අසල්වැසියන් සමග ගතකිරීමට තිබුණු ළමා කාලය,ළමා නිවාසයක ගත කිරීමට සිදුවීම ඉතා අවාසනාවන්ත සිද්ධියක් බවද මහාධිකරණයේදී සඳහන් විය. වින්දිත දැරියගේ අසල්වැසියකු වන විත්තිකරු දයාව, කරුණාව දක්වා මේ දැරිය ආරක්ෂා කරගත යුතු වුවත් ඔහු කර ඇත්තෙ මෙම දැරියගේ සහ පවුලේ  අයගේ අහිංසක බවෙන් ප්‍රයෝජන ගෙන රුපියල් සියයක් වැනි මුදලදී සමාජය ගැන හෝ ලිංගිකත්වය ගැන හසරක් නොදන්නා දැරියට බරපතල අපරාධය සිදුකිරීමය.එය බරපතල වරදක් බවද මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේය.කඩවත පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් (61881)ජගත්. පැමීණීල්ල මෙහෙයවීමට සහයවිය.


-අමල් රණබාහු-











ජංගම දුරකතනය තෑගි කර දැරියන් දෙදෙනකු අපයෝජනය කරලා

පුංචි දරුවෝ ජංගම දුරකතනවලට දක්වන්නේ සුවිශේෂී ඇල්මකි. මව හෝ පියා  සේවය නිමවී නිවසට පැමිණෙන තුරු ඇතැම් දරුවන් බලා සිටින්නේ ජංගම දුරකතනය අල්ලා ගැනීමටය. ඒ බොහෝ විට විඩීයෝ ගේම් හෙවත් විඩියෝ ක්‍රීඩාවල නිරත වීම සඳහාය.   ඇතැම් මව්පියන් දරුවන්ට ඇති ආදරය නිසාම ඔවුන් ඉල්ලන ඉල්ලන දේ දීමට පෙළඹෙන නමුත් ඇතැමුන් එසේ කරන්නේ නැත. එවැනි අවස්ථාවල මව්පියන්ගෙන් නොලැබෙන දේවල්  පිටස්තරයන්ගෙන් හෝ ලබා ගැනීමට ඇතැම්   දරුවන් පෙළඹෙන්නේ තම ආශා කරන දේ කොහෙන්, කාගෙන් හෝ ලබාගැනීමේ අරමුණෙනි.මේ බව දන්නා ඇතැම් තිරිසනුන්ටත් අත්ත මිනිසුන් හය හතර නොදන්නා පුංචි එවුන් රවටා ඔවුන් ආශා කරන දේවල් ලබාදී දරුවන්ගේ අනාගතයම විනාශ කිරීමට උත්සාහ කරන්නේ ඉතා නින්දිත ලෙසය.  ජංගම දුරකතනයට ආශා කළ පහලොස් හැවිරිදි  දැරියන් දෛදෙනකු  අමනුස්සයන් වැනි මිනිසුන් අතින් අපයෝජනයට ලක්  වූ සිදුවීම් දෙකක් පසුගියදා වාර්තා වුයේ නාවලපිටිය සහ වැලිකඩ පොලිස්ථාන වලිනි. 



මින් එක්දැරියක් ‘පියුමාලිය. වයස අවුරුදු 15කි, පදිංචිව සිටියේ පූඩළුඔය ප්‍රදේශයේය.  පියුමාලි කුඩාකල සිටම  තරුණයකු සමග පෙමින්   බැඳුණාය, ඔහු 'රාජා'ය. රාජාගේ වයස අවුරුදු 18කි.  ඔහු නාවලපිටිය.රොජසන් ගම පදිංචිකරුවෙකී.  පුඩළුඔය සිටින පියුමාලිට නාවලපිටියේ සිටින පෙම්වතා, දිනපතා හමුවීමට නොහැකි නිසා ඇය එ සඳහා ජංගම දුරකතනයක පිහිට පැතුවාය. පියුමාලිට ජංගම දුරකතනයක් මිලදීගැනීම සඳහා  වත්කම තිබුණේද නැත. ඒ සඳහා තමන්ගේ  සීයාගේ පිහිට පැතුවාය. මේ සීයාගේ වයස අවුරුදු  84කි. හැට පැන හොට බිම ඇනුණත් සීයා නාකි මනමාලයෙකී.වල් සතෙකි, තම සීයා එවැනි කෙනකු බව පියුමාලි දැනසිටියේ නැත, රාජාට දුරකතන ඇමතුම් ලබා ගැනීමට සීයාගේ ජංගම දුරකතනය ඉල්ලාගෙන යන පියුමාලිට ඒ සඳහා තමන්ගේ සිරුරෙන් වන්දි ගෙවීමට සිදුවිය. පෙම්වතාට දුරකතන ඇමතුම් ගන්නට ජංගම දුරකතය දෙන සැම අවස්ථාවකම සීයා, පියුමාලි අපයෝජනය කළේ සිත්පිත් නැති අධමයකු ලෙසය.


පියුමාලි මේ සියල්ල ඉවසා දරාගෙන සිටියාය. ඒ සීයා නැත්තම් පෙම්වතාට කතාකිරීමට තමාට  ජංගම දුරකතනයක් නොමැති නිසාය. මේ අතර රාජාගේ පියා හදිසියේ මියගියේය. පියුමාලි පෙම්වතාගේ නිවෙසට ගියේ මිතුරියකද සමගය.පෙම්වතාගේ පියාගේ අවමගුලට සහභාගිවීම සඳහාය. පෙම්වතා නිවෙසේදී එදින රාත්‍රී ඇය අපයෝජනයට ලක්වූවාය. ඒ පෙම්වතා අතිනි. කාලය මෙසේ ගෙවීයන අතරේ පියුමාලිගේ පෙම්වතා ඇගේ නිවෙස සොයා පුඩළුඔය ප්‍රදේශයට යන්නේ යට නොදන්වාය.පියුමාලි කී මඟ සළකුණු ඔස්සේ පියුමාලි සීයාගේ නිවෙස සොයා යන  පෙම්වතා දකින්නේ  අදහාගත නොහැකි දසුනකි. ඒ අසුහතර හැවිරිදි සීයා තම පෙම්වතිය අපයෝජනය කරන අයුරුය.  මිනීබිරියගේ පෙම්වතා මේ සිද්ධිය දුටුබව  දැනගත් සීයා නිවෙසින් පලා යන්නේ ක්ෂණිකවය.තම පෙම්වතියට සීයාකළ අපරාධය පෙම්වතා පෙම්වතියගේ මාමාට පවසන්නේ කළයුතු හොඳම දේ යැයි සිතාගෙනය. එහෙත් සිදු වූයේ වෙනකකි. මාමාගෙන් පෙම්වතාට ගුටිබැට ප්‍රහාර එල්ල වන්නේ  නොසිතූ ලෙසය.


වඳින්නට ගිය දේවාලය හිසේ කඩා වැටුණු පෙම්වතා එතැනිත් පිටවිය. ඒ අතරේ පියුමාලිද සිය නිවෙසින් ආගිය අතක් නැතිවිය.ඇගේ මව ඇය සොයා බැරිම තැන පූඩළුඔය පොලීසියට පැමිණිල්ලක් කළාය.පියුමාලි ඊට පසුවදා නිවෙසට පැමිණියාය.  මේ ගැන විමසද්ද ඇය කීවේ පෙම්වතා අතින් පමණක් අපයෝජනය වුවකි. එහෙත් ඇය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  අනාවරණය වූයේ ඇය බොහෝවතාවක් අපයෝජනය වි ඇති බවකි.   සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත් අඩංගුවට ගැනෙන්නේ ඔය අතරය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණී, 84 වියැති සීයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙසද නාවලපිටිය මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය. දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නාවලපිටිය රෝහලට ඇතුලත් කැරිණි,  


මීට සමාන අනෙක් කතාව වාර්තා වූයේ වැලිකඩ පොලිසියෙනි.. ඇය මහේෂිකාය. මහේෂිකා පදිංචිව සිටින්නේ වැලිකඩ පොලිස් වසමේය.   මහේෂිකාට සහෝදර සහෝදරියන් කීපදෙනකු ද සිටියාය. ඇගේ පියා මිය පරලොව යැමෙන් අනතුරුවමව අනියම් සම්බන්ධයක් ඇතිකර ගත්තාය.ඒ 20I8 වසරේ සිටය. ඔහු මහේෂිකාගේ නිවසේ පදිංචියට පැමිණෙන්නේ ඔය අතරය. ඔහු උඩවලවේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 64කි. මේ තැනැත්තා  මහේක්ෂිකාගේ සිත ක්‍රමයෙක් දිනා ගන්නේ විවිධ උපක්‍රම මගිනි. මහේක්ෂිකා මේ හැට පැනපු  පුද්ගලයාට රැවැටුණාය. ඔහු ඇය අපයෝජනය කරන්නේ ඇසිල්ලේය. මේ තිරිසන් පුද්ගලයා, මහේෂිකාට ජංගම දුරකතනයක් තෑගි කරන්නේ ඔය අතරේය. ඉන්පසු ඔහු, ඇය බරපතල ලෙස අපයෝජනය කරන්නේ සිත් පිත් නැත්තෙක් මෙනි. ඒ 2018 වසරේදීය. එතැනින් නොනැවතුණ මේ පුද්ගලයා රාජගිරිය, බණ්ඩාරනායකපුර පදිංචි 54 වියැති ඔහුගේ මිතුරකුටද දැරිය අපයෝජනය සඳහා අවස්ථාව සලසාදුන්නේය.


මේ අතර දැරියගේ වැඩිමල් සොයුරිය තරුණයකු සමග පෙමින් බැඳුණාය. ඔහු සමග විවාහ වීම ඇයගේ අරමුණ විය. මේ පුද්ගලයා 36 හැවිරිදි අයෙකි. පදිංචිය මහියංගනය ප්‍රදේශයේය. ඔහු වෘත්තීය හමුදා සෙබළෙක්,  අක්කා කසාද බඳින්නට ආ මේ සෙබළා නංගී වන මහේෂිකාට ඇල්ම බැල්ම හෙලන්නට විය.'වෙන්ඩ මස්සිනා' තින් ද  ඇය  අපයෝජනය වන්නේ ඔය අතරය.  තමා, අක්කාගේ පෙම්වතා අතින් දිගින්දිගටම අපයෝජනය වන  බව මහේෂිකා මිතුරකුට කියන්නේ ඔය අල්ල පනල්ලේදීය. තම මිතුරිය මුහුණපා සිටින සන්තෑසිය ගැන කම්පාවට පත්වුණු මිතුරා, මේ ගැන  වැලිකඩ පොලීසියට පැමිණිලි කළේය.


ඒ අනුව ක්‍රියාත්මක වුණු පොලිස් නිලධාරීන් දැරීය සොයා ගොස් ඇය සහ ඇගේ මවගෙන් මේ ගැන ප්‍රකාශ ලබාගෙන තිබිණි.  දැරිය මුලින්ම අපයෝජනය කළ 64 හැවිරිදි  පුද්ගලයා ඒවනවිට පදිංචිව සිටියේ උඩවලව ප්‍රදේශයේය. ඔහු දැරියගේ මවගේ අනියම් පුරුෂයාය.සැකකරු සොයා උඩවලවට ගිය පොලස්  නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නේ නිවෙසේ සිටියදීය. දැරිය අපයෝජනය කළ 54 හැවිරිදි පුද්ගලයා සහ දැරියගේ අක්කාගේ පෙම්වතාද අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවය.  මහේෂිකා අපයෝජනය කළ තවත් පුද්ගලයන් සිටිය හැකි බව විශ්වාස කරන  පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

බාර් එකට ආ රගර් ක්‍රීඩකයාගේ ගුටිබැට හෙරලියාවේ රංගනට මරු කැඳවයි

"අයියෙ..මේ....මට ෂොට් එකක් අරන් දෙන්න කෝ.." කුරුණෑගල නගරයේ පිහිටි අවන්හලක මදුවිත තොල ගාමින් සිටි රොබට් අසලට පැමිණි රංග එලෙස පැරැත්ත කරමින් මත්වතුර ඉල්ලනට වුයේ තමන්ගේ අතේ සතේ නැති බවද කියමිනී.   හෙරලියාව, බෝගහහේන අංක 817 ලිපිනයේ පදිංචි රෙමේෂ් රාගන වයස අවුරුදු තිස් දෙකක්වු අවිවාහකයෙකි, රැකියාවකටද හිමිකම් නොකියු මොහු මත්වතුරට තදින්ම ඇබ්බැහිව  සිටියේ කාට කාටත් කරදරයක් වෙමිනි.  සාමාන්‍යෙයන් , බෝහෝ දෙනකු මත්වතුර පානය කරන්නේ දවසේ වැඩ නිමකර සවස්වරුවේය. මොහුට එලස මත් වතුර පානයට වේලාවක් නැත. ඇත්තේ මුදල් ඇතත් නැතත් කොයි වෙලේ බැලුවත් එක්කෝ බාර් එකේය, නැත්නම් කසිප්පු තිපොලකය.


පසුගිය 14 වැනිදා සවස තුන හතරත් අතර කාලයේදී රංගන බාර් එකට යන්නේ අතේ සතේ නැතත් කගෙන් හෝ හිගාගෙන ෂොට් එකක් ගැසීමට සිතාගෙනය.  එසේ බාර් එකට යන රංගනට මිතරකු මෙන්ම හතුරකුද වන රොබට් හමුවිය. ඔහු සිටියේ බෝතලයක් හිස් කරමිනි. ඒ අසලට යන රංගනගේ කටට කෙළ උනන්නට ඇත. ඒ ඔහු කෑමට වඩා මත්වතුරට ඒ තරමට ප්‍රියකරන නිසාය. රොබට්ද මත් වතුරින්ම ජීවිතය ගෙවන අවිවාහකයෙකි,වයස අවුරුදු 55 ක්වූ ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ක්‍රිඩකයකි. ස්ථිර රැකියාවකට උරුමකම් නොකියන ඔහු වාහන අංගවල සුලුසුලු කටයුතුවල නිරත විය. එනම් වාහන සේදීම ඒවා බලාකියා ගැනීම ආදී කටයුතුවල යෙදුණ ඔහු ඉන් ලැබෙන මුදල් වියදම් වුයේ මේ අවන්හලටය. එනම් මත් වතුර වෙනුවෙනි.   රොබටුත් රංගනත් නිතරම ගුටි ඇන ගත්හ,ඒ මත්වතුර වෙනුවෙනි, මේ දෙන්නාගේ විරසිකය නිවැසියන් පවා දැන සිටියහ. දෙදෙනා නිතර නිතර ගුටිඇන ගත්තත් රංගන කිසි දීනෙක ඉන් පාඩමක් ඉගෙන ගත් බවක්  පෙනෙන්නට තිබුණේ නැත. ඔහු දිගින් දිගටම කළේ රොබට්ගෙන් බොන්න ඉල්ලීමයි.


මෙදින බොන්න ඉල්ලූ අවස්ථාවේ රොබට්ට හොඳහැටි කේන්ති ගියේය. ඔහු සිය ශක්තිමත් දෑත් මෙන්ම දෙපාද උපයෝගී කරගෙන රංගනට මදි  නොකියන්නට පහර දෙන්නට විය. පිටට පපුවට මෙන්ම උදරයටද පහර එල්ල වුවත් රංගන බේරා ගන්නට බාර් එකේ කිසිවකුත් ඉදිරිපත් වූයේ තැත. මේ රගර් ක්‍රීඩකයාගෙන් ඵල්ල වූ අධිබලැති පහර හෙතුවෙන් යම් තරමකට අඩපන වු රංගන එතැනිත් පිටවූයේ පහර කෑමෙන් ඇති වූ වේදනාවෙන් සෝකයෙන් නොව  නොව බෙන්නට නොලැබීමේ සෝකයෙනි.


බාර් එකෙන් පිටවි නිවස වෙත යන්නට සිතු රංගනට සිසිර නම් වූ මිතුරා හමුවිය.  මචං..බාර් එකෙන් ෂොට් එකක් දාගන්න බැරිවුණා.  ගැරඩිගල පොට් එකටවත් යමුද කසිප්පු ෂොට් එකක් වත් දාගන්න.  එලස පවසන රංගනට මිතුරානේ ලැබෙන්නේ සාර්ථක ප්‍රතිචාරයකි. අනතුරුව දෙදෙනා එක්ව එම කසිප්පු තිපොළ බලා පිටත්වූහ.දන්නා හඳුණන දෙදෙනකු යතුරු පැදියකින් ඉදිරියට පැමිණෙන්නේ ඒ අතරය. ඒ වනවිට වේලාව රාත්‍රී නවය පමණ වි තිබිණී.  යතුරුපැදිය පැදගෙන  එන්නේ තාරුය,තාරු දුටු රංගනගේ සිතට සතුටක් ඇතිවිය. ඔහු තාරාට සැලියුට් එකක් ගසන්නේ එ නිසාය.ඒ බව දුටු තාරාට තරහ ගියේය. ඒ රංගන එන පොට හොඳ නැති බව තේරුණ නිසාය. එනම් සැලියුට් ගසාගෙන එන්නේ සල්ලි ඉල්ලගෙන බව තාරා දැන සිටියේය.  රංගන අසල යතුරුපැදිය නතර කැරිණි. ඒඅසලට ගිය රංගන තාරාට යමක් කීය. ඒ සමගම යතුරු පැදීයෙන් බැසගත් තාරා, රංගනට පහර පිටපහර  දෙන්නට වූයේ සිසිරත් යතුරුපැදිය පිටුපස සිටි අයත් බේරන්නටදැඩි උත්සාහයක් දරන අතරය.



කෙසේ හෝ රංගන බේරා ගත් සිසිර ඔහු ඒ අසල පිහිටිය රංගනගේ ඥාති සහෝදරියකගේ නිවසකට කැඳවාගෙන ගියේය. දෙවතාවක් පහර කා සිටි රංගන යම් තරමක අපහසුතාවකින් සිටියත් කට දෙඩවීමේ නම් අඩුවක් පෙනෙන්නට තිබුණේ නැත.  ටික වේලාවක් ගෙවී ගියේය. යතුරුපැදි හඩ ඇසී බලනවිට දුටුවේ තාරා මෙම නිවසට අසලට පැමිණ  ඇති බවයි.නිවසට පැමිණි ඔහු යළි රංගනට පහර දෙන්නට වූයේ නිවැසි කාන්තාව වූ එලිසබෙත් සිල්වාගෙන් රංගනගේ මිතුරා වු සිසිරගේත් විරුද්ධතාව මධ්‍යයේය.  ඒ දදෙදෙනා රංගන බේරාගැනීමට දැඩිඋත්සාහයක් දැරුවත් තාරා යන්නට ගියේ හිතේ තිබුණ තරහ යනතෙක් පහරදීමෙන් අනතුරුවය. දෙතුන් වතාවක් පහර කෑ රංගන අවසානයේ සිය නිවෙස බලා ගියේය.  ඒ වනවිට වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව  තිබිණි. රංගන නින්දට ගියේ උදරයේ වේදනාව ඇති  බව කියමිනි.ඒකුමක් නිසාද යන්න ඔහු කියන්නට නැත. ඒ දවස පුරා බොන්නට සොයමින් ගොස් එක එකාගෙන් ගුටිකෑ බව මව්පියන්ට කීම සුදුසු නොවන නිසාය. එහෙත් පසුදින උදේ ඔහු නින්දෙන් පිබිදුනේ නැත.  ඔහු මියගොසිනි,හේතුව කුමක්දැයි නිවැසියන් දැන  සිටියේ නැත.


මේ හදිසි මරණය ගැන කුරුණෑගල පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව විවිධ පැමිණීලි අංශයේ සැරයන් (31800)ප්‍රේමසීරී විමර්ශන සඳහා යවන්නේ ඒනිසාය.ඔහු කළ රංගනගේ සිරුර පරීක්‍ෂා කිරීමේදී දකින්නේ ඔහු දකුණු ඉළ ඇළ ප්‍රදේශය දම් පැහැ ගැන්වී ඇති බවයි. අධිකරණයට කරුණු වාර්තා කරන්නේ ඉන් අනතුරුවය. ඒ රංගනගේ මරණය නිකම්ම සිදුවූවක් නොවන බවට ඇති වූ සැකය නිසාය.   අධිකරණ නියෝග අනුව කරුණු ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වන්නේ මොට ආයුධයකින් උදරයට සිදුවූ බරපතල තුවාල මත ලේ යැම හා කම්පනය හේතූවෙත් මොහු මරණයට පත්ව ඇති බවයි. ඝාතකයන් සොයා මෙහෙයුම්දීයත් කරන්නේ ඉන් අනතුරුවය.


රංගන මිය ගිය බව දැනගත් රොබට් මෙන්ම තරු යන අයත් නිතිඥයන් සමඟ පොලිසියට පැමිණ බාර වූ අතර සිදුවූ සියල්ල හෙළිවූයේ ඉන් අනතුරුවය.  'මම බාර් එකේ  ඉන්දෙද්දි රංගන මම හිටපු  මේයසට ඇවිත් කිව්වා එයාටත් බොන්න අරන් දෙන්න කියලා,මම කිව්වා  රංගන මම උඹට කියලා තියෙනවා ම ළගට එන්න එපා කියලා කිව්වා. මම එහෙම කිව්වේ එදා එයට බොන්න අරන් දෙන්න එක්ක මගේ ළග සල්ලි නොතිබුණු නිසා.සල්ලි තිබුණා නම් මම කීයක් හරි දීලා පිටත් කරනවා'  ‘එහෙම කිව්වට පස්සෙන් යන්නේ නැතිව මේසේ ළඟ වාඩි වෙලා හිටියා. මම එලවගත්තා 'එයා ගිහින් විනාඩි දහයකින් විතර ආපහු ආවා. ඇවිල්ල මට බැන්නා. උඹ දැන් ලොකු සයිස් දාන්නේ. අපිට ෂොට් එකක් අරන් දෙන්න බෑනේ.  ගන්න හරි, බලා ගමු කියලා රෙස්ටුරන්ට් එකෙන් එලියට යන්න  ගියා'


මම බියර් බීලා හිටපු නිසා මුත්‍රා බර හැදිලා පහලට බැස්සා වැසිකිලියට යන්න. රංගන එතැන ඉඳලා උඹේ.. කියලා කුණු හරුපෙත් බැනගෙන ඌ හිතගෙන  ඉන්නේ ලොකු මිනිහෙක්  කියලා කියාගෙන බාර් එක පැත්තට ගියා.මමත්  සිගරට් එකක් ගන්න බාර් ඵක පැත්තට යද්දි රංග පහළ බාර් එක ළඟ තිබුණු කැඩුණ බෝතලයක් අරගෙන මට පහරදෙන්න හැදුවා ඒ එක්කම  මම රංගනගේ කමිසයෙන් අල්ලලා උස්සලා ගත්තා. මම අතින් හා දනහිසින්  පහරදුන්නා.මම රංගට කිව්වා  මම උඹට ගැහුවේ උඹ මට බෝතලෙන් ගහන්න හදපු නිසා කියලා  පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එලෙස පැවසුවේ රොබට්ය.


රංගන ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්නේ ඔහුය. තමන් අතින් දනහිසින් රාංගනට පහරදුන් බව ඔහු පිලිගනි. එලෙසම ඔහු රංගනගේ උදරයට පයින් පහර දෙන අයුරු දැක්වෙන සී.සී.ටිවි දර්ශන ද ඇත.  පොලිසියට බාරවූ අනෙන් පුද්ගලයා වන තාරු යන අයද රංගනට පහරදුන් බව පිලිගෙන තිබිණි.  මම බයික්එකේ යද්දී මට සැලියුට් එකක් ගහලා මව නවත්තලා සල්ලි ඉල්ලුවා. සල්ලි නැකිව්වාම පිළි  ගන්නේ නෑ . ඒ නිසා තමයි එයාට ගැහුවේ.ඊටපස්සේ මට ආරංචි වුණා කිව්වා කියලා මට ගහනවා කියලා. ඒකයි මේ ආපහු ඇවිත් මිනිහට ගැහුවේ'   මේ අයුරින් වරද පිළිගත් දෙදෙනා කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමනේ අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.  


රංගන මේ පවුලේ එකම පිරිමි දරුවාය. එක් නංගියකු පමණක් සිටින අතර පියා ප්‍රදේශයේ කා අතරත් පිලිගැනීමක් ඇති අයෙකි. වෘත්තියෙන් වොලි බෝ පුහුණුකරුවෙකි.  රංගන බීමට ඇබ්බැහිවී සිටියත් ඔහුට පවුලේ එකම පුතාය. ඒ නිසා ඔහුගේ හදිසි වියෝව දෙමාපියන්ට වවාගන්නට නොහැකිය. මල්ශාලාවක තැන්පත් කැරුණ දේහය සෙහොන් බිම කරා රැගෙන ගියේ ඥති හිත මිත්‍රාදී හැඬුම් මධ්‍යයේය.ඒසියල්ලන්ම මෙලෙස දුක් වන්නට  ඇත්තේ උනහපුලුවාට උගේ පැටියා මැණිකක්  යන කියමන අර්ථය කාට කාටත් ගැලපෙන නිසා විය යුතුය,  එනම් රටට තියා පවුලටවත් වැඩක් නැති බේබද්දකු වුවත් තම දරුවා තමන්ට වටිනා  විය යුතුය.


තක්ෂිලා ජයසේකර

මඟ රැක සිට බිරියට මන්නෙන් කොටලා

හිමිදිරියේම ඇඳපැළඳගත් දිස්නා දස හැවිරිදි පුතුගේ මුව සිඹ නිවෙසේ සිට ඇති දෙවැට පාරෙන් ගින්නලිය මාර්ගයට පිවිසියේ සුපුරුදු පරිදි සේවා ස්ථානය කරා පියවර තැබීමටය. ඌරුබොක්ක නගරයේ ඇති රැකියා ස්ථානය වෙත ඇය දිනපතාම යන්නෙත් එන්නේ මේ මාර්ගයේ පා ගමනිනි. වෙනදාට ඇගේ තනියට මවද පසුපසින් පැමිණෙන අතර එදින මව පැමිණියේ නැත. දිස්නාට එදින තනිවම මේ ගමන යෑමට සිදු වූයේ එහෙයිනි. එම මාර්ගයේ ටික දුරක් දක්වා විහිදෙන රබර් වත්ත පාළුය.  හිමිදිරිපින්නට කුඩය ද ඉහළාගත් ඇය රබර් ගස්වල සෙවනින් සීතල වූ මාර්ගයේ ඉදිරියට ඇදුනේ දහසක් සිහිනවලින් හිත පුරවාගෙනය. එහෙත් ඇයට වැඩිදුර එලෙස ගමන් කිරීමට ඉඩලැබුණේ නැත.ඇගේ අත බැඳි ඔරලෝසුවේ එවිට වේලාව උදෑසන අටයි පහලෙස සටහන්ව තිබූබව ඇයට මතකය.'' ඔහොම හිටපං.මං උඹට හොඳ වැඩක් කරනවා අද උඹ දැනගණන් ගැණියෙ මම කවුද කියලා..'' එකවරම රබර් කැලයෙන් පාරට කඩා පැන්න ඔහු, මාළු කපන මන්නයක් අමෝරාගෙන පරුෂ වචනයෙන් බැණ වදිමින් සැරසෙන්නේ හොඳකට නම් නොවන බව ඇය දැන සිටියාය. එහෙත් ඇයට ඔහුගෙන් බේරීමට කිසිදුමගක් තිබුණේ නැත.

''අනේ එපා,කරදර කරන්න එපා මට...''ඇය ඉහලාගෙන සිටි කුඩය එදෙසට අල්ලා පිහි පහරවලකා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේනැත. ඉන්පසු ඇය කළේ ඔහුගෙන් බේරීමට පැන දිවීමය.එහෙත් ඇය පසුපස ලුහුබැඳ පැමිණී ඔහු. ඇයට නැවතත් මන්නා පහර එල්ල කළේ ඔහුගේ හිතේ නලියමින් තිබූ කෝපය මුදා හරිමිනි.එවිට අඩපණව බිම වැටුණු ඇයට නැවත පහර එල්ලකරද්දී ඇය විලාපදුන්නේ මරණ බය කරපින්නා ගෙනය."මෙන්න මීනී මරණවෝ,මාව බේරගනියෝ. අනේ කවුරුවත් නැද්දෝ...'' ඒ අසල ගෙස්ට් හවුස් එකක සිටි පුද්ගලයකු දුවගෙන පැමිණියේ ඇය නැගු මරලතෝනියට ප්‍රතිචාර දක්වමිනි, දෑත සහ හිස පිටුපස ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව ජීවිතය අයැදිමින් ලේ විලමැද වැටීසිටි ඇයව පිරිස එකතු වී රෝහල් ගතකරන්නේ ඒ අනුවය.ගාල්ල,කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබන දිස්නා මාවරල,ආඳලුව පදිංචි තිස්හත් හැවිරිදි කාන්තාවකි.පසුගිය තුන්වැනි දින උදෑසන ඇයට මෙම ප්‍රහාරය එල්ල කළ ඇගේ සැමියාවන තිස්හය හැවිරිදි බුද්ධික පලා ගොස් සැඟව සිට නිතිඥවරයකු මාර්ගයෙන් ඌරුබොක්ක පොලිසියට බාරවූයේ පසුගිය 19 වැනිදාය.පොලිස් විමර්ශනවලට අනුව මේ කතාව පෙල ගැසෙන්නේ මෙසේය.

බුද්ධිකට දිස්නා මුණගැසෙන්නේ අහම්බෙන් නම් නොව ඌරුබොක්ක -කොළඹ මාර්ගයේ බස් රථයක රියැදුරකු ලෙස කටයුතු කළ ඔහු උදේ හවස ගමන්කළේ ඇගේ නිවෙස ඉදිරිපිටින්වීම නිසාය.ඌරුබොක්ක නගරයේ මුල්‍ය ආයතනයක රැකියාවකළ ඇය රැකියාවට අවේ ගියේද මෙම බස්රථයේ වීම ඔවුන්ගේ ආදර කතාව ගලාගිය තෝතැන්නවීම අරුමයක් නොවේ.ඒ වනවිටත් පළමු මුවිවාහයෙන් දරුවකු සමග තනිවී සිටි ඇය ගැන ඔහුගේ හිතේ ඇති වුයේ අවංක ආදරයක් වීම නිසා ඔහුට එය ප්‍රශ්නයක් වුයේ නැත.පළමු සැමියාගෙන් වෙන්වීමට නීතියෙන් කටයුතු කරතිබූ ඇය සමග විවාහ වීමට ඔහු ඇගිලි ගනිමින් සිටියේ නොඉවසිල්ලෙනි. එහෙත් ඇය තවත් පුද්ගලයන් සමග මිතුරුකම් පැවැත්වීමට  කටයුතු කළාය.එම ඇසුරු නවතා දමන ලෙස කළ අවවාද පිළිගෙන පොරොන්දු දී ඇය ඔහු සමග විවාහවූයේ යහපත් පවුල් ජීවිතයක් ගතකිරීමේ අරමුණ ඇතිවය.ඇය දම්පහළ,පාසල් මාවතේ බුද්ධිකගේ නිවෙසේ පදිංචියට යන්නේ ඒ අනුවය.ඒ තමන් නිවෙසේ සිට කිලෝමීටර් 12ක් පමණ දුරකටය.ඒ  2018 වසරේදීය.එදා මෙදාතුර ගෙවුවසර කීපය පුරා ඔහු නිතරම උත්සාහ කළේ ඇය සමග සතුටින් ගතකිරීමටය. ඔහුගේ අසූවියැතිමව සිටියේද මෙම නිවෙසේය.ටික දිනක් යනවීට දිස්නා, බුද්ධිකගේ මහළු මව සමග ආරවුලක් ඇති කරගත්තේ ලේලිනැන්දම්මා හබයට නව පණක් ලබා දෙමිනි. මේනිසා ඔහු සමගද ගැටුම් ඇතිවීම නොවැලැක්විය හැකි කරුණක් බවට පත් වූයේ නිරායාසයෙනි.කෙසේ වුවත් වැඩිකාලයක් ගත වීමට පෙරම දිස්නා නොදරුවාද රැගෙන ඔහුගෙන් වෙන් වී ආරලුව ප්‍රදේශයේ සහෝදරයාගේ නිවෙසට ගියේ බුද්ධිකට මව සමග හිතේ හැටියට සිටීමට ඉඩ දෙමිනි. මෙම නිවෙසේ දිස්නාගේ මවද සිටියාය. ඇය එහි පිටරැකියාවට ගොස් දරුවාගේ වැඩකටයුතු කර ගනීමින් සිටීමට තීරණය කළත් බුද්ධිකට ඇය නොමැතිව සීටීම අසීරු විය. ඔහු ඇගේ සේවා ස්ථානයට ගොස් නිතර නිතර කරදරකළේ නැවත තමන් වෙත පැමිණෙන ලෙසය.එහෙත් ඇය ඔහුගේ ආයාචනයට නැමුනේ නැත.ඔහු පවසන පරිදි ඒ අතර ඇය වෙනත් පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීමට ද කටයුතු කළාය. කොරෝනා වසන්ගතය බුද්ධිකගේ රැකියාවටද කණකොකා හැඬුවේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා ලෙසය.එහෙත් ඔහු නිකං සිටීමට කටයුතු කළේ නැත.ඌරුබොක්ක නගරයට ආසන්ත මීගොඩ ප්‍රදේශ මාළු ලෑල්ලක් ආරම්භ කළේ ජීවත්වීම සඳහා විකල්ප මාර්ගයක් ලෙසය.දිස්නා නොමැතී නිවෙස ඔහුට අපායක් මෙන් තිත්ත වී තිබුණි. ඇය ගෙන්වාගැනීමට ගත් සෑම උත්සාහයක්ම නිෂ්ඵලවී ගියතැන ඔහුට මිතුරන්ගෙන් ඇසීමට ලැබුණේ ඇය පිළිබඳ හිත පාරවන තොරතුරුමය,ඒඇය වෙනත් පුරුෂයන් සමග පෙම් සුව විඳින බවය.''තෝව කවදා හරි මම මරණවා...'' ඔහු, ඇයට තර්ජනාත්මකව පැවසුවේ හොඳින් කතාකර බැරීම තැනය.''බුද්ධිකගෙන් මට හරි කරදරයි.තනියම යන්නතත් බය හිතෙනවා. ඇගේ මව ඇයට තනි රකින්නට ඇය කැටුව යැමට පටන් ගන්නේ මේ නිසාය.ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මනවන තැනට කරුණු කාරණා යෙදුණේ මෙසේ කාලය ගතවන අතරතුරය.එම තීරණාත්මක දිනය එළඹුණේ පසුගිය 03වැනිදාය.එදින උදෑසන හයට පමණ ලොකු මාළු කපන මන්නය කළුපාට ඉටිඋරයක දමාගත් ඔහු නිවෙසේ සිට ඇති කිලෝ මීටරයක පමණ දුර පයින්ම ආවේ උරුබොක්ක හන්දියටය. එතැන ත්‍රීරෝද රථයක නැගුණු ඔහුට ඌරුබෝක්ක නගරයට ගොස් තව ත්‍රිරෝද රථයකට ගොඩ වුණේ ඉහළ යාගොඩ,ගින්නලියේ. සිටින දිස්නා සොයායැමටය. ඇය එන මාර්ගය අසල රබර් වත්තේ සැගවී සිටියේ ඒ අනුවය.ඇයට මන්නා පහරදීමෙන් පසුව ඔහු පැමිණි දුර පයින්ම නිවෙසට ගොස්පිටුපස කොහිලවිල අසල ඇති ළිඳට මන්නය දමා සැඟවී සිටියේ ඊළගට කළ යුත්තේ කුමක්දැයි සිතමින් වියයුතුය. කෙසේ වුවත් අවසානයේ සිදු වූයේ ඔවුන් දෙදෙනාගේම හෙට දිනය අඳුරු වීම පමණි. මෙයින් පැහැදිලි වන්නේ දෙදෙනාට දෙදෙනා විශ්වාසයෙනුත් අවංකව කටයුතු නොකිරීමෙන් සිදුවන්නේ බරපතල විනාශයක්ම බවය. හොද්ද ඉදෙනකම් තමයි දබරකම් අපේ යන කියමන සනාථ කරමින් සැම ප්‍රශ්නයක්ම සාකච්ඡාකර විසඳාගත්තානම් හොඳ යැයි දැන් ඔවුන්ට සිතන බව සහතික වුවත් ඉන් ඇති ඵලය ප්‍රතිඵල විරහිත එකක්මය.

මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බි.නිශාන්ත සොයිසා,හා දෙනියාය සහකාර පොලිස් අධිකාරී ලාල් චන්ද්‍රසේ යන මහත්වරුන්ගේ මග පෙන්වීම ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බී. ටී.ඩී.සමරවික්‍රම ප්‍රමුණු අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස්පරීක්ෂක ජී අබේවික්‍රම, සැරයන්(56012)ප්‍රේමරත්න හා කොස්තාපල් (68868) සඳරුවන් මෙහි විමර්ශන කටයුතු සිදු කළහ.


 -විනීතා මානෙල් ගමගේ-











ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ගන්න හැදු පුද්ගලයෙක් අත්අඩංගුවට

කොරෝනා වසංගතය මෙරට පැතිරීම උග්‍රවීමත් සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නීති රීති ප්‍රසිද්ධියට පත්කරන්නේ මහජනතාව ඉන් බේරා ගැනීම සඳහාය. එසේ ප‍්‍රසිද්ධියට පත්කරන නීතිරීති සහ මාර්ගෝපදේශ තම විනෝදාස්වාදය වෙනුවෙන් යොදා ගන්නා මහජන පීඩකයන් ගැන දිගින් දිගටම අසන්නට ලැබෙන්නේ මෙරට කොයි කොයි අන්දමේ ඔල්මාද කාරයන් සිටිනවා දැයි යන්න තහවුරු කරමිනි.මහජනතාව පැමිණෙන ස්ථානවල ඔවුන්ගේ තොරතුරු සටහන් කිරීම සඳහා ලේඛනයක් පවත්වාගෙන යැම අනිවාර්ය කර තිබුණේ එම ස්ථානවලට යන එන අය අතර කෝවිඩ් රෝගියකු සිටිබව පසුව අනාවරණය වීනම් අදාල දිනය සහ වේලාවේ අදාල ස්ථානයට ආගිය සෙසු පිරිසක දැයි හරියටම දැනගෙන ඔවුන් නිරෝධායන කිරීම සඳහාය.එහෙත් මේ ලේඛනයේ ඇතිනම්, ගම්,දුරකතන අංක හොර රහසේ සටහන් කරගෙන ඒවායින් ව්‍යාපාරික වාසිලබා ගැනීමට සහ ඒවායේ ඇති ජංගම දුරකතන අංක සටහන්කරගෙන විශේෂයෙන් කාන්තාවන්ගේ අංකවලට කතාකොට ඔවුන් අපහසුතාවට පත්කරන ඔල්මාදකාරයන් කණ්ඩායම් වශයෙන් බිහිවී සිටින බවක්ද පෙනෙන්නට ඇත, මේ අය අරමුණු කුමක් වුවද ඉන් බලවත් අපහසුතාවට පත්ව ඇත්තේ විශේෂයෙන් කාන්තාවක් ඇතුලු මහජනතාවය.මේ ක්‍රියාදාමයේ මුල්ම කතාව වාර්තා වුණේ කෑගල්ල ප්‍රදේශයෙනි.එම කතාව පොලිස් පොතේ සටහත් වුණේ මෙසේය. කැගල්ල නගරයේ පිහිටි උකස් මධ්‍යස්ථානයක සේවකයන්ගෙන් කෑගල්ල මූලස්ථාන පොලීසියට පසුගියදා පැමිණිල්ලක් ලැබීණි.ඒ තමා ආයතනයට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ තොරතුරුසෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සටහන් කිරීම සඳහා ස්ථානගත කර තිබුණු සී.ආර්,පොත සොරකම් කර ඇති බවය. මේ සී ආර් පොතේ මිල රුපියල් සියයක් බවද එම පැමිණීල්ලෙහි කියැවිණි. පොලීසියට වැඩ ගොඩක් ඇති මේ කාලයේ බැලූ බැමට සිදුවීම විකාරයක්” ලෙස පෙනුනත් එහි යට කුමක් හෝ බරපතල කාරණාවක් ඇති බව පොලිස් නිලධාරීහු සැකකළහ. මේ පැමිණිල්ල සටහන්කරගත් විවිධ පැමිණිලි අංශයේ නිලධාරී අදාල උකස් මධ්‍යස්ථානයට යන්නේ ඒ ගැන විමර්ශනය කිරීම සඳහාය.එ ඔවුන් මුලින්ම කරන්නේ පොත සොරකම්කළ පුද්ගලයා සොයා ගැනීම සඳහා එහි ආරක්ෂිත කැමරාවල දර්ශන පරීක්ෂා කිරීමයි. මේ නිරීක්ෂණයේදී පුද්ගලයන් තිදෙනෙකු පැමිණෙන අයුරුත් ඔවුන් නැවත පිටව යන අතරේදී එක් පුද්ගලයකු මහජනතාවගේ තොරතුරු සටහන් පොත රැගෙන යන අයුරු එහි පැහැදිලිව සටහන් වී තිබීණී.පොලීසිය මේ පුද්ගලයා තිදෙනා කවුරුදැයි සොයාගන්නේ ඉන් අනතුරුවය, ඔවුන් තිදෙනා කෑගල්ල නගරයේම වෙනත් උකස් මධ්‍යස්ථානයක සේවයේ නිරත අය බව පසුව හෙළි විය. මහජන තොරතුරු සටහන්පොත සොරකම්කළ තිදෙනා වෙන උකස් හලක සේවකයන් වීම ගැන දැඩි අවධානය යොමු කළ පොලිස්නිලධාරීන් ඔවුන් සේවයකරන උකමධ්‍යස්ථානය වෙත ගොස් ඒ පිළිබඳව විමසීමෙන් අනතුරුව පොත සොරකම් කළ සේවකයා එයද රැගෙන කෑගල්ල මූලස්ථාන පොලීසියට පැමිණියේය.

මහජන තොරතුරු සටහත් කරන සොරකම් කිරීමේ අරමුණ කුමක්දැයි විමසද්දී ඇත්තේ අරුමපුදුම පිළිතුරකි. අදාල උකස්හලේ මහජන තොරතුරු සටහන් පොතේ තොරතුරු සටහන් කරන්නේ එම උකස් හලට තම රන් බඩු උකස් කරන හා බේරාගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ය. මේ සේවකයාගේ අරමුණවී තිබුණේ පොතේ සටහන්ව තිබුණු පාරිභෝගිකයන්ගේ ජංගම දුරකතනවලට ඇමතුම් ලබාදී අදාල උකස්හලට ඔවුන් උකස් කිරීමටද තිබුණු රන් බඩු බේරාගැනීමට ඔවුනට මුදල් දී නැවත තමන්ගේ උකස් මධ්‍යස්ථානයට උකස්කරවා ගැනීමය. තොරතුරු අනාවරණය කරගත් පොලිස් නිලධාරින් මහජනතාවගේ තොරතුරු සටහන්පොත අයත් උකස් හලේ අයිතිකරු සහ පොත සොරකම් කළ සේවකයා පොලීසියට ගෙන්වා සිද්ධියේ ඇති. බරපතලකම සැකකාර සේවකයාට පෙන්වාදී සිද්ධිය සමථයකට පකිරීමට උත්සාහ දැරුවත් පොත අයත් උකස් මධ්‍යස්ථානයේ අයිතිකරු ඊට අකමැතිවීම නිසා සැකකාර සේවකයා කැගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැරිණී. එසේ ඉදිරිපත් කරනලද සැකකරු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපමත මුදාහැරිණී. සැකකරු39 හැවිරිදි මහනුවර,පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කෑගල්ල නගරයේ උකස් හලක සේවකයෙක් ලෙස කාලයක් තිස්සේ සේවය කරන්නේය. කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් මත නඩු මහෙයුම් අංශයේ සැරයන් (31185) එච්.එම්.ඒ.බි, රළපනාව මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.මෙවැනි ආයතනවල පවත්වාගෙන යන මහජන තොරතුරු සටහන් පොත්වලඇති නම්,ගම්, දුරකතන අංක, ජංගම දුරකතත වලින් ඡායාරුප ගතකරගෙන එම දුරකතන අංකවලට කතාකරන බිස්නස් ප්‍රමෝෂන් කාරයන් ඉන්ෂුවරන්ස් ඒජන්සියක් සහ කාන්තාවන් අපහසුතාවට පත්කරන මනෝව්‍යාධිකාරයන් නිසා මහජනතාව පත්ව ඇත්තේ ලොකු අපහසුතාවකටය. මෙලෙස කාන්තාවන්ගේ ජංගමදුරකතන වලට කතාකොට ඔවුන් අපහසුතාවට පත්කරන කල්ලි. මාතලේ  දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වෙමින් සිටින බවද පසුගියදා වාර්තා විය. මේ කල්ලි.කණ්ඩායම් මහජන තොරතුරු සටහන් පොත් වලින් හොර රහසේ ලබා ගන්නා කාන්තාවන් මෙන්ම පිරිමි ජංගම දුරකතන වලට විශේෂයෙන් කතා කරන්නේත් රාත්‍රී කාලයේය.එසේ කතාකරන මේ පුද්ගලයන් ඇමතුම ගන්නා අයට විවිධදේ කියමින් අසමින් ඔවුන් අපහසුතාවටලකිරීමට කටයුතු යොදා ඇත. මේ පුද්ගලයන්ගේ එම ඇමතුම් නිසා සමහර කතුන් බොහෝ අසරණවූවත් බොහෝ අය ලැජ්ජාව නිසා ඒවා හෙලිකර නැත.සිය අවශ්‍යතා සපුරාගැනීමේ අරමුණෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් රාජ්‍ය ආයතන, බැංකු සහ වෙනත් ස්ථානවලට පැමිණෙන මහජනතාවගේ අනන්‍යතාවය සුරැකෙන අයුරින් ම ආයතන මේ වනවිට විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇත.මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් මාතලේ නාවුල ප්‍රදේශයේ විවාහක කතුන් තිදෙනකු පවසා සිටියේ තම මුහුණ පෑ අමීහිරි සිදුවීම් නිසා ඉන් අනතුරුව මහජන තොරතුරු සටහන් පොත්වල තම සැමියන්ගේ ජංගම දුරකතන අංක සටහන් කරන බවය.කාන්තාවන්ගේ ජංගම දුරකතන වලට සමහරු කතාකර අසැබි වදන් පැවැසීම, අයුතු යෝජනා ඉදිරිපත් කිරීම,සහ අසැබි වීඩියෝ දර්ශනයැවීම බහුලව සිදුවන බවද දැනගැනීමට ඇත. ඇතැම් කාන්තාවන්ට සිය ජංගම දුරකතන අංක පවා මේ හේතුව නිසා වෙනස් කිරීමට සිදුවී තිබිණි.පීඩාකාරි ඇමැතුම් දිගින් දිගටම ලබන අයකුට ඒ ගැන ලගම ඇති පොලීසියට පැමිණිලි කිරීමේ අයිතියක්ද ඇත.


-අමල් රණබාහු-


කරාබු ජෝඩුව ගන්නට කිරි අම්මා මැරූ මුණුබුරා

සර්... අද හවස මමයි මගේ පුතයි වැඩ ඇරිලා ගෙදර ආවා. ගෙදර ඉන්නේ මගේ නැන්දම්මා විතරයි. වෙනදට අපි ගෙදර එනකොට මිදුලේයි, ගේ ඇතුලෙයි ලයිට් දාලා අපිට රැට කන්න උයලත් තියෙනවා. අද රෑ අපි ගෙදර එද්දී ගෙදර දොරවල් ඔක්කෝම වහලා. ලයිටුත් නිවලා ගෙදර තිබුණේ කට්ට කරුවලේ." මගේ පුතා අඩවල් වෙච්ච ජනේලයක් අස්සෙන් අතදාලා ඇතුලේ ලයිට් දැම්මා. අනේ සර්.මගේ නැන්දම්මා කාමරේ ඇතුලේ බිම වැටිලා ඉන්නවා. එයා කිසිම හා හූවක් නෑ. අම්මට කරදරයක් වෙලා වගෙයි පේන හැටියට නම්" පසුගිය 4 වැනිදා රාත්‍රි ගිරිඋල්ල පොලිසියට පැමිණි මවක් සහ පුතකු පැමිණිල්ල කරමින් මෙලෙස කියා සිටියහ. ඒපැමිණිල්ල එම මෙහාත්ම පොලිස් පොතේ සටහන් විය.



අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටි.ආර්.ජී.එස්. තෙන්නකෝන්, කණ්ඩායම සමග අදාල සිද්ධිය වී තිබුණු දඹදෙණිය,කිතලව ප්‍රදේශයටය මොහොතේමය, පොලිස් නිලධාරී එම නිවෙසට යනවිට වේලාව රාත්‍රී අටහමාර පසුවී තිබිණි.  කිතලදෙණිය පිහිටා ඇත්තේ ගිරිඋල්ල නගරයේ සිට කිලෝමිටර් 6ක් පමණ ඇතීනි, නිවෙසට ප්‍රවිෂ්ඨ වූ පොලිස් නිලධාරීන්ට දැකගත  හැකිවුයේ කාමරයක බිම වැටී සිටින වයෝවෘද්ධ  කාන්තාවකි.  ඇගේ ප්‍රාණය බව පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය විය.  මෙසේ මියගොස් සිටියේ ගිරිඋල්ල පොලිස් වසමේ දඹදෙණිය,කිතලදෙණියේ පදිංචි හැත්තෑ අට හැවිරිදි හඳුන්කුට්ටි පතිරන්නැහෑලාගේ සොපිනෝනා මහත්මියයි.  සොපි නෝනාගේ පුත්‍රයා (ලේලියගේ සැමිය) මීට කලකට පෙර මිය පරලොව ගොසිණි. එදා සිට සොපි නෝනා ජීවත්වන්නේ ලේලිය සහ ඇගේ පුතු සමාග මේ නිවසේය.  ලේලිය සහ ඇගේ පුතු මීරිගම, කුරුණෑගල අධිවේගී මාර්ගයේ සේවය සඳහා දිනපතා උදෑසන හතට හතහමාරට පමණ නිවසිත් පිටවන අතර නැවත පැමිණෙන්නේරාත්‍රී 7ට පමණය.


සොපි  නෝනා දවස ගෙවන්නේ නිවෙසේ වැඩ පලකරමිනි. ලේලිය සහ මුනුබුරා නිවෙසට එන්නේ රෑ බෝවී නිසා රාත්‍රි ආහාරයද සැකසෙන්නේ සොපි නෝනා අතිනි. හතර පෝයට සිල්  ගනිමින් ධාර්මික ජීවිතයක් ගතකළ සොපි නෝනාට මේ නහින දෙහිත කාලයේ එකවරම මුහුණ පාන්නට සිදුවූ විපැත්තිය නිසා කිතලදෙණිය ප්‍රදේශවාසීහු කම්පාවට පත්වුහ,  කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශනාගාරයේ (සොකෝ) නිලධාරීන්,පොලිස් නිලසුනඛ අංශයේ සහ ඇගිලි සටහන් පරීක්ෂක නිලධරිනියන්ද සොපි නෝනාගේ ඝාතනයේ විමර්ශන සඳහා එක්ව සිටියහ.  සොපි නොනාගේ සිරුර වැටී තිබූ ස්ථානයේ ඇඳක තිබුණු කොට්ටයක් පොලිස් පරික්ෂක ටී.ආර්.   පී.එස්. තෙන්නකෝන්ගේ නෙත ගැටෙන්නේ එ අතරය. එහි ලේපැල්ලමක්ද තිබිණි. ගෙලවටා ඔතා තිබුණේ සොපි නෝනාගේම චීත්තයක් බවද අනාවරණය කරගත්තේය.  මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කෙරිණි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ පහරදීමෙන් සහ හුස්ම හිරකිරිමෙන් ලේ කැටියක් ශ්වසන මාර්ගයේ සිරවීමෙන් සිදුවූ මරණය හෙවත් මිනිස් ඝාතනයක් බවයි. සොපි නේනාගේ ඝාතනය ගැන දිර්ඝ විමර්ශනයක් ආරම්භ කරන්නේ එතැන් සිටය.


“සර්.. නැන්දම්මගේ කණේ තිබුණු රත්තරන් කරාබු දෙකත් නෑ ."    සොපි නෝනාගේ ලේලිය හෙළි කළ මේ තොරතුරඅපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට හොද හෝඩුවාවක් විය. සොපි නෝනා ඝාතනය කළ පුද්ගලයාගේ අරමුණ වී ඇත්තේ කරාබු ජෝඩූව කොල්ලකෑම බවට පොලිස් පරීෂක තෙන්කෝන් අනුමත කරන්නේ අනතුරුවය.  අපරාධය සිදුකළ පුද්ගලයා වැඩි ඇතක පදිංචි අයකු නොවේ නම් ඔහු අනිවාර්යයෙන්ම මේ කරාබු ජෝණ්ඩුව ගිරිඋල්ල නගරයේ උකස් බඩු කඩයකට උකස්කරන බවට නිගමනය කළ පොලිස්  පරීක්ෂක තේන්නකෙන් එ ගැන විමර්ශනය කරන්න බාර දෙන්නේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ටය. ඔවුන් මේ ගැන විමර්ශනය කරන අතරේ වැදගත් තොරතුරු ලැබිණි. ඒ ප්‍රදේශයේ මත්ලෝලීන් දෙදෙනකු ගෙනි.රන්කරාබු ජෝඩුව රුගත් මත්ලෝලියකු එය උකස්කිරීම සඳහා තවත් මත්ලෝලීන් දෙදෙනෙකු හමු වී ඇති බව සහ එම මත්ලෝලීන් දෙදෙනාගෙන් එක් අයකු අදාල කරාබු ජෝඩුව රුපියල් හයදහසකට උකස්කර ඇති බව එම තොරතුර විය, මේ මත්ලෝලියා'කරාබු ජෝඩුව තමා වෙත ගෙන ආ ලෝලියාගෙන් පළමුව විමසා ඇත්තේ එය සොරකම් කරන ලද එකක්ද යන්නය.එය  ප්‍රතික්ෂේප කර ඇති කරාබු ජෝඩුව ගෙන ආ  මත්ලෝලියා මිතුරාට කියා ඇත්තේ කරාබු ජෝඩුව  තමන්ගේ කිරිඅම්මා’ බිරියට තැගි කළ එකක් බවත් බිරීය එය සගවා තිබු තැනින් සොයාගෙන තමා එය උකස් කරන්නේ නැවත මුදල් ලැබුණු විට බේරා  දෙන අදහසි බවත්ය. මේ අනුව කරාබු ජෝඩුව ගෙන ආපුද්ගලයා  කව්දැයි පොලීසිය සොයාගත්තේය. 


ඔහුද දඹදෙණිය,කිතුලදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 31කි.මේසන් බාස්ලාට අත්වැඩදෙන කුලීකරුවකු ලෙස සේවය  කරන මේ පුද්ගලයා විවාහක එක්දරු පියෙකි, ප්‍රදේශයේ ප්‍රකට මත්ලෝලියෙකි.  පොලීසිය මේ කරාබු ජෝඩුව උකසට ගෙන ආ පුද්ගලයාගේ තොරතුරු එලෙස තරමකට සොයා  ගනිද්දි සොපි නෝනාගේ ලේලිය පොලිස් පරීක්ෂක  තෙන්නකෝන්ට තමාගේ ඥාති පුත්‍රයකු ගැන තාරතුරක් හෙළි කළාය.   ' සර් මගේ ඥති පුතෙක් ඉන්නවා මේ ගමේම. එයාගේ නම`ගයා'එයා එච්චර හොඳ කෙනකේ නෙවේ. කුඩුගහනවා.එයා මගේ නැන්දවත්  හොඳට දන්නවා.නැන්දට කියන්නේ කිරිඅම්මා"  කියලා. පසුගිය 3වැනිදා උදේ මමයි පුතයි වැඩට ගියාට පස්සේ ”ගයා අපේ ගෙදර ඇවිල්ලා ගිහිල්ලා. ඒ ගැන මම දැනගත්තේ හවස මගේ නැන්දම්මාගෙන් ගයා’ කරපු එක ඉල්ලීමක් ගැන නැන්දම්මා මාත් එක්ක කීවා. 


3 වැනිදා උදේ සොපි නෝනා ‘කිරිඅම්මා සොයාගෙන ඇගේ නිවෙසට එන ගයා, ඇගෙන් රුපියල් එක්දහස් පන්සියයක් ඉල්ලන්නේය.  අනේ පුතේ මගේ අතේ කොයින්ද සල්ලි' යැයි කිරිඅම්මා,ගයා මුණුපුරාට ප්‍රශ්නයකින්ම පිළිතුරු දෙන්නේ ඕනේ නම්  අර ගහෙන් නාරං කඩාගෙන පලයං යැයිද කියා නාරං ගසද  පෙන්වමිනි. මඤ්ඤොක්කා තබා මුණුබුරාට කන්න දෙන්නටද සොපි නෝනා කටයුතු කළාය.  කිරි අම්මාගෙන් මුදල් නොලැබෙන බව දැනගත් මුණුපුරා ඇගේ වෙසින් පිටවී යන්නේ නරං ගහෙ ගෙඩි කීපයක් ද කඩාගෙන මල්ලක දමාගෙනය.. ගයා මුණුපුරා නිවෙසට පැමිණි බව නැන්දම්මාගෙන් දැනගත් ලේලිය තරමක් බියට පත්වූවාය, නැන්දම්මා ඇමතූ ඇය කීව්වේ 'ගයා" නැවත නිවෙසට පැමිණීයාත් ඇතුලට වැද්ද නොගන්නා ලෙසය.ඒ ඇය ගයාගේ පැටිකිරිය හොඳින් දැන සිටි නිසාය. 'නැන්දම්මේ, ඔය 'ගයා' පුතා ආපහු එන්න පුලුවනි. මිනිහා එච්චර හොඳ කෙනෙක් නොවෙයි. ඒනිසා එයාව ගෙට ගන්න එපා. වාඩිවෙන්න ඕනේ කිව්වොත් පුටුවක් එළියෙන් තියන්න,නාරංගෙඩි ඕනෙනම් කඩාගෙන යන්න කියලා කියන්න. ලේලිය සොපි නෝනාට එසේ උපදෙස් දෙන්නේ 3වැනිදා සවසය.හතරවැනිදා රාත්‍රී වැඩ ඇරී   නිවෙසට එන ඇය මුලින්ම දකින්නේ ලේ පුටුවක් ඇති අයුරුය. නිවෙසේ බිත්ති කණ්ඩියක් මත සිලි බැගයක දැමූ නාරං මල්ලක්ද තිබිණි. ඒ අනුව එකත් එකටම' ගයා'එන්නට ඇතැයිඇය සිතුවාය, ඇය සොපි නෝනාගේ මළසිරුර දකින්නේ  ඉන් අනතුරුවය. 


කුඩ්ඩන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්යාංශයට දුන් ඔත්තුවකින් ගයා ගැන  තොරතුරු රැසක් ඒවනවිට හෙලිකරගෙන සිටි අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම සොපි  නෝනා ඝාතනයට'ගයා නිසැකවම සම්බන්ධ බව  තහවුරු කරගන්නේ සොපිනෝනාගේ ලේලිය කී අලුත්ම කතාවට අනුවය.  ගයා සොයන පොලීසිය ඔහු ගමෙන් අතුරුදන්ව ඇති බව අනාවරණය කරගත්තත් ගයාගේ මිතුරු කුඩ්ඩන් දෙදෙනා පොලීසියට කියන්නේ ගයා තමන් සමග ජංගම දුරකතනයෙන් කතා බහ කරන බවකි. ගයා සහ කූඩ්ඩන් දෙදෙනාට එලෙස ඇති වනතුරු ජංගම දුරකතනයෙන් කතාබහ කිරීමට පොලීසිය ඉඩ හරින්නේ ඒ අතර ඔහු සිටිනා ඉසව්ව ජංගම දුරකතන කුළුනු ඔස්සේ සොයා ගැනීම සඳහාය, ගයා කුරුණෑගල සහ මහව ප්‍රදේශවල සැරිසරණ බවට මුලින් සැකකහැරුණුත් ඔහු එනවිට ඇත්තටම වැඩකරමින් සිටියේ ගනේමුල්ල,කමාන්ඩෝ රෙජිමේන්තු පරිශ්‍රය ඇතුලේ තාර දැමීමේ කම්කරුවකු ලෙසය. මේ අතර සොපි නෝනාගේ මරණය ගයාගේ ඥතියකු විසින් ගයාට දුරකතනයෙන් දැනුම්දී තිබුණේ ඊට සහභාගීවන ලෙස දැනුම්දීම සඳහාය, තමාගේ අතේ මුදල් නැතැයි ගයා කි නිසා ඥතියා ගයාගේ බැංකු ගිණුමට රුපියල් දහසක් බැරකළේය.  ගයා එය ගන්නේ කුමන බැංකු ශාඛාවකින් දැයි පොලිසිය විමසිල්ලෙන් පසුවුයේ ඥාතියා ගයාට මුදල් දැමීම පොලීසියේ අධීක්ෂණය අනුව සිදුකළ නිසාය.  කුඩ්ඩන් දෙදෙනා මාර්ගයෙන්  ගැසූ ගැටයට ගයා හසුවන්නේ ඒඅතරය. 


මම ඔරුගොඩවත්තේ ඉඳන් එනගමන්, උඹ ග්‍රෑන්ඩ්පාස්, ඉගුරුකඩේ හන්දියට වරෙන්. පොලිස් උපයා දූතයා ලෙස පෙනීසිටි කුඩ්ඩා' ගයාට'ඇම” දෙන්නේ පොලීසිය සමග ගිරිඋල්ලේ සිට කොළඹට එන ගමනේදීය.  ගයා ඒවන විට කඩවත සිට ඉගුරුකඩේ හන්දියට පැමිණ සිටියේය, ගයාගේ ජංගම දුරකතනයේ බැටරිය බැස්සත් අසල බස් නැවතුම්පොළේ සිටි අයකුට විස්තරය කියා ඔවුන්ගේ ජංගම දුරකතනයෙන් මිතුරාට කතා කළ ගයා තමන් සිටින තැන හරියටම ඔහුට කිවේය.  තව මිනිත්තු කීපයක් ගතවිය. ඉගුරුකඩේ හන්දිය අසලදීතම මිතුරා පමණක්  බලාපොරොත්තුවෙන් සිටි ගයාට සිවිල් ඇඳුමෙන් සිටි පොලිනිලධාරී හඳුනාගැනීමට නොහැකිවිය. දෙනෝදාහක්සක් සෙනග සිටින මහ පාරේදී ගයාගේ දෑත් වලට මාංචු වැටෙන්නේ ක්ෂණයකි. ගිරිඋල්ල පොලිසියට ගෙන ආ ගයා කතා කරන්නට පටන්ගත්තේය. පෙර දින කිරිඅම්මාගෙන් මුදල් ඉල්ලූවිට ලැබුණේ නාරංය.  ඉන් සැහීමකට පත් නොවූ ගයා පසු දින එන්නේ කෙලෙසකින් හෝ  මුදල් ලබාගැනීමට සිතාගෙනය. 



එදිනද ඉල්ලු දේවල් කිරි අම්මාගෙන් ලැබුණේ නැත. හිඳ ගැනීමට එලියට පුටුවක්ලැබිණි.නාරං  කඩා ගන්නට අවසර ලැබිණි. ඉන් කෝපයට පත් ගයා,කිරි අම්මාව තල්ලූ කළේය. බිම වැටි හිස වැදුණු කිරිඅම්මා සිහි විසඥ  වූවාය.කිරිඅම්මා වන්තන් කර ඔසවා ඇඳමත තැබූ ගයා යන්නට සුදානම් විය. කිරිඅම්මා පුතා පුතා කියා කොඳුරනු ඇසුණු ගයා යන්න හදන ගමන පසෙකලා නැවතුණේය. කොට්ටය ඇගේ මුහුණට තබා තද කළේය,කිරි  අම්මා නිහඬ වුවාය.එහෙතත් තවත් ස්වල්ප  මොහොතකින් ඇගේ ද‍ෙපා සෙලවෙනු ගයා දුටුවේය.  චිත්ත කඩකින් ඇගේ ගෙල තද වන්නේ ඉන් අනතුරුවය.  ප්‍රාණය නිරුද්ධවු කිරිඅම්මාගේ සිරුර බිම දිගේ ඇදගෙන යන ගයා,එය කාමරයක දමා ඇගේ දෙකන්වල තිබුණු රන්කරාබු ජෝඩුව ගලවා ගන්නේ බොහෝ සතුටිනි. එය උකස්කරගැනීමට ගයාට  නොහැකි වන්නේ ඔහු සතුව ජාතික හැඳුනුම්පත නොතිබුණු බැවිනි.


මත්ලෝලි මිතුරකු හමුවූවත් ඔහුටත් එය කළ නොහැකි විය. තෙවැන්නා ඇසු ප්‍රශ්නයට බේගලයක් ඇද බා'ෂේප් වුණු ගයා,කරාබු දෙක උකස්කර ලැබුණු රුපියල් හයදහසෙන් තුන් දහසක් වියදම් කර මත් කූඩු මිලදීගත් අතර රුපියල් දහසක් ගංජාවලට වැය කළේය. ඉතුරු රුපියල් දෙදහස  රැගෙන ඔහු ගිරිඋල්ලේ සිට කොළඹට යන්නේ රැකියාවක් සොයාගෙනය.   සොපි නෝනා දෙකන් වලින් ගලවාගෙන උකස්කළ කරාබු ජෝඩුවදපොලීසිය සොයා ගත්තේ අදාල උකස් හලේ තිබියදීය.ඒ ගයාගේ ප්‍රකාශය මතය.  සැකකාර"ගයා' කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම්මෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.


අමල් රණබාහු


අවුරුදු 08ක දරුවකුට ලිංගික අතවරයක් කළ ඇබිත්තයා අවුරුදු 10කට මහඋලුගෙට

කතරගම, ගෝතමීගම පදිංචි මදවන් ආරච්චිගේ මහේෂ් මදුෂංක තවමත්27 හැවිරිදී වියේ පසුවන තරුණයෙකි. එවැනි තරුණයකු සතුව ඇති බලාපොරොත්තු අපමණය. එය එසේ වුවත් මහේෂ් මදුෂංකට ඒ සියලු බලාපොරොත්තු පසෙකලා අවුරුදු 10කට මහ උළු ගෙදරට යෑමට සිදු වුයේ ටවසර 07කට පෙර සිදු කළ අනිටු ක්‍රියාවක ප්‍රතිඵලක් ලෙසය. මේ කතාව ඔබට කියන්නේ තවත් මෙවැනි අපරාධයක් සඳහා ඉඩ ප‍්‍රස්ථාව අහිමි කිරීමට හා ඔබ දැනුවත් කිරීම සඳහාය.පියාගේ ඇවෑමෙන් පසු මවත් , නැගණියත් සමග මදුෂංකත් ජීවත් වුයේ කතරගම,ගෝතමීගම නිවෙසේය. මවටද හරිහමන් රස්සාවක් නොමැති වීම නිසා නිවසේ තිබූ අඩුපාඩුකම් ද කප්පරකී. මේ නිසාම මදුෂංකට පාසල් යන්නටද වුයේ යළට මහට. දිගින් දීගටම පැවැති අගහිගකම් නිසා පාසල්. ගමනද 06 වසරින් නීමාකිරීමටමදුෂංකට සිදුවිය. එතැන් පටන් වතුපිටිවල කුළියකට මලියකට ගිය මදුෂකට එදිනෙදා ලැබුණු සොච්චම් මුදලින් ජීවිතය ගැටගසාගැනීමට සිදුවිය.මෙලෙසත් වූ මදුෂංකට සිය හිතවතකු මාර්ගයෙන් සූරියවැව ප්‍රදේශයේ විහාරස්ථානයක ඇබිත්තෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසුණි. ඒ අනුව කතරගම සිට සූරියවැවට ආ මදුශංක විහාරස්ථානයේ ඇබිත්තයා ලෙස කටයුතු කරගෙන ගියේය.සූරියවැව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 3වැනි වසරේ ඉගෙනුම ලැබූ දිනුගේ වයස අවුරුදු 08කි. ඔහුගේ නිවෙස පිහිටියේද ඉහත කී ඇබිත්තයා සිටි විහාරස්ථානයට අල්ලපු වැටේය,ඔහු නිවසට ඒ වනවිට ජලය ලබාගෙන නොතිබුණි.මේ හේතුව නිසා නිවෙසේ අවශ්‍යතා වෙනුවෙන් ජලය ලබාගත්තේ විහාරස්ථානයෙනි. 2014.12.14වැනි දින ද දිනුගේ මාපියන් වතුර ලබා ගැනීමට විහාරස්ථානයට ගියහ.එදින දිනූගේ නිවෙසේ අළුත්වැඩියා කටයුතු සිදුකෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය ජලය ලබාගත්තේ විහාරස්ථානයෙනි.එදින විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන්වහන්සේ හා කුඩා ස්වාමින් වහන්සේ දුර පළාතක දානමය පිංකම සඳහා යායුතුව තිබිණි.එහෙයි ඇබිත්තයාට විහාරස්ථානය බාරදී උන්වහන්සේ පිටත්ව ගියේය.වේලාව දහවල් 12.30 පමණ විය.දිනූගේ නිවෙසේ ඉදිකිරීම් කටයුත්ත සඳහාවතුර ලබාගැනීමට පන්සල් වතුර කරාමය විවෘත කිරීමට අවශ්‍ය විය.දීනු නිවසේ සිට විහාරස්ථානය පිහිටා තිබෙන්නේ පේන මානයේය. ඒ නිසා වතුරකරාමය විවෘත කරන ලෙස වැඩිහිටියකු දැනුට පැවසීය,ඒ අනුව දිනුවතුර කරාමය විවෘත කිරීම සඳහා විහාරස්ථානයට දිව ගියේය.ගෙවුණු නිමේෂයෙන් වතුර කරාමය විවෘත විය.නිවස අලුත්වැඩියා කිරීමේ නිරතව සිටි වැඩිහිටියන් කිසිවකුට පුංචි දිනූ පිළිබද එතරම් මතකයක් නොමැතිවීය. දිනූ විහාරස්ථානයට පැමිණ වතුර කරාමය විවෘත කරනු පංසලේ ඇබිත්තයාදුරතියාම බලා සිටියේය.වතුර කරාමය විවෘතකර නැවත නිවෙස බලා යැමට සූදානම් වන අවස්ථාවේ ඇබිත්තයා පොඩ්ඩකට එන්න කියා දිනූට කතාකළේය. ඇබීත්තයාගේ කිසිදු අමුත්තක් දැකින්න නැති නිසා දිනූ ද දෙපාරක් නොසිතා ඇබිත්තයා සමග ආවාස ගේ ඇතුලට යන්නේ මොනවා හරි කන්න දෙන්න වෙන්න ඇතියැයි සිතාගෙනය. කිසිදු කතාබහක් නොමැතිව පොඩි හාමුදුරුවන්ගේ කාමරයට රැගෙන ගිය දිනූව ඇඳට තල්ලුකර දැමූ ඇබිත්තියා බලහත්කාරකම් කරන්නට විය.එහි දිනු ඊට විරෝධය පෑම නිසා ඇබිත්තයා එහි වු කතුරක් අතටගෙන එය පෙන්වා තර්ජනය කළේය. එයද නොතැකූ පුංචි දිනූ කතුර උදුරාගැනීමට යෑමේදී  ඊට ඔහුගේ අත ද තුවාල විය. ඇබිත්තයා දිනූගේ විරෝධය නොසලකා සිය අභිමතාර්ථය ඉෂ්ඨකර ගත්තේය.දැඩි ලෙස දිනුව අපයෝජනයට ලක් කැරිණි. මේ වනවිට වතුර කරාමය අරින්න ගිය දිනූ නැවත නිවෙසට නොපැමිණීම පිළිබද සෙවීමට දිනුගේ මාපියන් විහාරස්ථානය දෙසට පැමිණෙමින් සිටියදී අඩමින් සිටි දිනූ නිවෙස දෙසට පැමිණෙනු දුටුවේය. සිදු වුයේ කුමක්දැයි විමසූ පසු තමන්ට අත්විඳීමට සිදුවුසියල්ල දිනූ එකින් එක පැවසීය. ඒ අනුව වහා ක්‍රියාත්මක වු මාපියන්දිනු රැගෙන ගියේසූරියවැව පොලිසියටය. සිද්ධිය පිළිබඳ පැම්ණී දමා දිනූ සූරියවැව රෝහලට ඇතුලත් කැරිණි.ලද පැමිණිල්ලට අනුව සූරියවැව පොලිසිය විසින් විමර්ෂන ආරම්භකැරුණු අතර සිද්ධියට සම්බන්ධ ඇබිත්තයා,පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබීය.සැකකාර ඇබිත්තයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව චූදිතට එරෙහිව නිතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය.ඒ අනුව පැවති දිර්ඝ නඩු විභාගයකින් පසු අදාල අධිචෝදනාව සඳහා ඇබිත්තයා වරදකරු බවට තීරණයවීය.එහිදී චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින් පැවසුවේ චුදිතට පෙර වැරැදිකිසිවක් නොමැති බවත්. චූදිත අද වනවිට කුලී වැඩ කරමින් සිය මව හා නැගණියද රැක බලා ගන්නා බව නිසි අධ්‍යාපනයක් නොලද පුද්ගලයකු බවත්ය.ඒනිසා චුදිතට ලිහිල් දණ්ඩනය ලබා දෙනලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනිසිටි රජයේ අධිනීතීඥ ගෙවිඳු සෙනෙවිරත්න මහතා පැවසුවේ චුදිත මෙම අපරාධය සිදුකර ඇත්තේ කුඩා දරුවකුට බවත්,සමාජයේ අන් අයටද ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ උපරිම දණ්ඩණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත්ය. ඒ අනුව දෙපාර්ශවයන් ඉදිරිපත් වු කරුණු සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චූදිතට දඬුවම් නියම කළළේය. අදාල අධිචෝදනාව සඳහා වරදකරු වූ චූදිතට වසර 10ක බරවැඩ සහිත සිරදඩුවමක් නියම කළ අතර,රුපියල් 50,000ක දඩයක්ද නියම කෙරුණි. දඩ මුදල නොගෙවන්නම් තවන්මාස 12කසිර දඬුවමක්ද නියම කැරුණි. මීට අමතරව වින්දිත පිරිමි දරුවාට රුපියලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියමකළ අතර එය නොගෙවන්නේ නම් අදාල දඩුවම් කාලයට අමතරව තවත් මාස  12ක සිරදඬුවමක් ද නියම කැරුණි,

(දිනූ යනනම මනඃකල්පිතය)

-නුවන් ජයසේකර - 

   -සූරියවැව-


Monday, November 29, 2021

දීපාවලි දා වටවල මවුන්ට්ජිත් වත්ත ලෙයින් තෙත් කළ කලාදේවී ඝාතනය

සරුසාර තේ වතු වලින් හැඩවැඩ වුණ කඳ පංති වලින් පොහොසත් වටවල ගං කොමලිය, සොභා සෞන්ධර්ය ඔප් නංවමින් වැජඹුණේ රැජනක් පරිදිය. නිල්ල ගැහුණ තේ දලු සිප හමා යන සිහිල් සුළගින් ප්‍රබෝධමත් වන වටපිටාවේ ඇත්තේ ගාම්භීර විලාශයකි. උඩරට කඳුකරයේ සිරියාව පරදවමින් තේ දලු නෙලන කාන්තාවගේ පියකරු දසුනීන් නෙත් සිත් වසඟ කරවන චමත්කාරය විඳගැනීමට හැකි මේ පරිසරයේ ඇති නිස්කලංක බව බිඳ දමින් සිහිලැල් ගංගා ගලා බසින්නේ තාලයටය. කය වෙහෙසා වැඩකරන ජනයාගෙන් අඩුවක් පාඩුවණැති,වටවල ප්‍රදේශයේ ඇති තේ කර්මාන්තශාලා මෙන්ම අක්කරගනන් විශාල වතුවල රැකියා කරන දෙමළ ජනතාවගෙන් සැපවත් ඡිවිත නොවන බව අමුතුවෙන් කිවයුතු නොවන්නේය. හැන්දෑවට හීල් අඩියකින් සප්පායම් වීම මොවුන්ගේ දිනචරියාවේ අංගයක් බවට පත් වී ඇතේ පවුල් පරිසරය මෙන්ම ඇසුරුකරන පුද්ගලයන්ගේ ද ක්‍රියාකලාපය අනුව බව සිතිය හැකිය.කෙසේවුවත් හැන්දෑවට පරුෂ වචනයෙන් බැණගනිමින්, ආරවුල් ඇතිකරගැනීම මෙම ගම්මාන වලින් නිරතුරු ඇසීමට.දැකීමට ලැබෙන දෙයකි.චන්ද්‍රසේකරම් කලාදේවි,පදිංචිව සිටියේ වටවල.මවුත්ජිත්වත්ත ලිපිනයේය.තිදරු මවක වන ඇය පනස්පස් හැවිරිදි වියේ පසුවූවාය.පුතුන් දෙදෙනකුට හා දියණියකට දයාබර මව වූ ඇය මවුන්ජිත්වත්තේ තේ දලු නෙලීම රැකියාව කර ගනිමින්දරු තිදෙනා උස්මහත් කළේසැමියාටද අත් වැල සපයමිනි. දියණිය විවාහ වී එම ප්‍රදේශයේ තරමක් දුරින් පදිංචිව සිටි අතර තිස්හතර හැවිරිදි ලොකු පුතා විවාහ වී පදිංචිව සිටියේ මවුන්ජිත්වත්තේ ලැයින් කාමරයකය.ඒ කලාදේවිගේ නිවෙසේ සිට මීටර් දෙසීයක පමණ දුරිනි. මේ නිසා කලාදේවි හා සැමියා සිටියේ විවාහක පොඩි පුතා සමගය.ලොකු පුතාපදිංචිව සිටි ලැයිම තිබුණේ මවුන්ජින්වත්තේ කඳුගැට උඩට  වන ලෙසටය. එහි ලැයින් කාමර හතරක් තිබූ අතර දෙවැනි ලැයින් කාමරයේ හිමිකරු වූයේ කලාදේවිගේ ලොකු පුතාය.කුඩා දරු දෙදනා සහ බිරිය සමග, හැරෙන්නටවත් ඉඩ නැති මෙම ගේ කෑල්ලේ දිවි ගෙවූ ඔහු ද වත්තේ රැකියාව කළේ කීයක් හෝ උපයාගැනීමටය. බිත්තියකින් පමණක් වෙන්වන ලෙස ඉදිකර තිබූ මෙම කඩාකාමර හතරඑක පෙලට තිබූ අතර, කාමර හතරටම තිබුණේ අඩි දහයක්පහලවක් දිග පළල ඇති මිදුල පමණින් මෙම ලැයිමේ පළමු කාමරයේ පදිංචිව සිටියේ විසිහත් හැවිරිදි එක්දරු පියෙකි. තලවකැලේ ප්‍රදේශයේ පුද්ගලයකු වන ඔහු මීට වසර දෙකකට පමණ පෙර මවුන්ජිත්වත්ත  පදිංචියට පැමිණ ඇත්තේ මෙම ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වීමෙන් අනතුරුවය, ඇගේ පියාද සිටියේ ඔවුන් සමගය. මේ පුද්ගලයා රැකියාව කළේ වත්තෙන් පිටය.එනම් ගිනිගත්හේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවකය. ලැයිමේ පිරිසට තිබුණේ සීමිත පහසුකම් ප්‍රමාණයක්වන බැවින් කරාමය අසලට ගියත් වැසිකිලියට ගියත් නිතරම අසන්නට දකින්නට ලැබුනේ නොහොඳ නෝක්කාඩුය. කුණු ටික ඉවතට දැමුවත් කාණුවේ අපිරිසිදු ජලය ගලාගිය ඔවුන් අතරවචන හුවමාරු වීම කිසිවකුටත් වැලැක්විය හැකි වූයේ නැත. දෙවැනි කාමරයේ සිටි කලාදේවිගේ පුතාලා පළමු කාමරයේ සිටි මේ පුද්ගලයාගේ පවුලත් අතර විරසකයක් ඇති වූයේ මෙවැනි සුළු සුළු කරුණු මුල් කරන් ගෙනය.කාණුව සම්බන්ධයෙන්ද ඔවුන් ආරවුල් ඇතිකරගන්නේ කිසිදු තේරුමක් නැතිවය. එහෙත් ඒදින දින ඔඩුදුවා සරුසාර වී වැඩුණේ දෙපාර්ශ්වයම කැත්තට පොල්ල මෙන් කටයුතු කිරීම හේතුවෙනි, මෙම ගැටුම,වටවල පොලිසියටත් සමථ මණ්ඩලයට ගොස් අවසානයේ නතර වූයේ උසාවිය දක්වා යැමෙන් අනතුරුවය. පසුගිය දීපාවලී දිනය දෙමළ ජනතාවට වැදගත්වූ අතර එදින ඔවුන්ගේ නිවාඩු දිනයකි. කවුරු කවුරුත් නිවෙස්වලරැදෙන නිසා එකිනෙකා මුණගැසීම පහසුය. මේ වනවිට පරණ කෝන්තර ඉස්මතුවීම ද ස්වභාවිකය. කලාදේවීගේ පුතා මෙදින උදේවරුවේ  පළමු නිවෙස් හිමියාගේ මාමණ්ඩිය සමග ගැටුමක් ඇතිකරගත්තේ මේ අනුවය. එවිට පළමු නිවෙස් හිමියානොසිටි අතර එම ආරවුල වැඩිදුර නොගොස් නතරවී තිබුණේ කාගේ හිත්වලට සැනසීමක් ලබාදෙමින්,එහෙම නොගොස් හැන්දෑවේ නිවසට පැමිණි ඔහුගේ කෝපය උත්සන්න වූයේතමා නැති අතරේම බිරියට හා මාමණ්ඩියට දෙවැන්නා බැණවැදීම බියගුලු ක්‍රියාවක් ලෙස සිතුන නිසාය. ‘ඒයි.චන්ඩියා වරෙන් ඵළියට.උඹ ආවේ තාත්තට ගහන්න? පුළුවන්නං මාත් එක්ක ගහ ගන්නවරෙන්" ඔහු දෙවැනි නිවෙස ඉදිරිපිට තවත් කීප  දෙනකු සමග ගොස් අභියෝග කළේ මුහුණට මුහුණ සටහනකට ඇරියුම් කරන අතර, ''කවුද යකෝ හැංගුණේ.උඹ හිතා ඉන්නේ උඹට බයේ හැංගෙන ජාතියේ පුතයෙක්  කියලද මං''  දෙවැන්නා  ද එළියට  පැන්නේ කුලප්පු වූ අස්සයකු පරිදිය.වචන වලින් දමා ගසමින් ඇරඹි ආරවුල.ටික ටික උග්‍ර අතට හැරනේ  එළාර-දුටුගැමුණු සටන සිහිගන්වන ආකාරයටය. අවට සිටි ගැහැණු පිරිමි මෙන්ම කොල්ලෝ කරුට්ටෝද කැකෝ ගසමින් වටවී සිටියේ දෙමළ චිත්‍රපටියක සටන් ජවනිකා සිහිපත්කරවමිනි, කලාදේවිගෙ කණටද මේ අමිහිරි පුවත ඉගිල යන්නට වැඩිවේලාවක් ගතවූයේ නැත, ඇය දුවගෙන ආවේ කාලයක සිටම දෙපාර්ශ්වය අතර ඇති  විරසකය ගැන හොඳහැටි දන්නා නිසාය. ඇය එනවිට පිරිස සිටියේ පොලු, මුගුරු අතැතිව පහරදෙමිනි. තමන්ගේ දරුවා බේරාගැනීමේ අදහසින් ඇය පිරිස අතරට පනිත්තට ඇති බවට සැක කළ හැකිය. මෙම කෙසේ වුව පුතුට එල්ලකළ පොලු පහරක් ඇගේ හිසමත පතිතවුයේ හෙණ පාරක් විලසිනි. රාත්‍රි 7.30ට පමණවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ කලාදේවී,වටවල රෝහලට රැගෙන යැමට කටයුතු කර ඇත්තේ ක්ෂණිකවය,එනම් සිද්ධිය වූ ස්ථානයේසිට කිලෝමීටර් හයක් පමණ දුරින් ඇති වටවල රෝහලට7,55වනවිට යැමට ඔවුන්ට හැකි වී තිබීණි, කෙසේ වුවපුතු වෙනුවෙන් මේ මව අවසන් හුස්ම හෙලුවේ දරු සෙනෙහසේ මහිම ලොවටම කියාපාමිනි. වටවල පොලිසියටමෙම සිද්ධිය දැනුම් දෙන්නේ වටවල රෝහල මගිනි. හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් වෙනුවට එදින වැඩ බැලුවේ සහකාර පොලිස් අධිකාරී එස්.ඩී. එම්.ෂාරුක් විසිනි. ඔහුට මේ බව දන්වා අවශ්‍ය උපදෙස් ලබාගත් වටවල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ එම ස්ථානයට හා, රෝහලට පිටත්වන්නේ  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඩී.මෙන්ඩිස්, සැරයන් (3I111) තිලකරත්න,  කොස්තාපල්වරුන් වන (71977)කුමාර, (68777 )නිලූක.(75703) බණ්ඩාර යන පිරිසද සමගිනි. අදාල ලැයින් කාමර පේලිය හමු වන්නේ මවුන්ජින්වත්ත  පාරේ පැමීණ කිලෝමීටර් හතරක් පමණ තේ වත්ත මැදිවැටී ඇති පාරේ කන්ද උඩට පැමිණි විටය.සිද්ධිය වී තිබුණේ මිදුලේදීය.පහරදීමට යොදාගත් පොල්ලද එම ස්ථානයේ තිබී සොයාගත් අතර සැකකාර පළමු නිවැසියාද අත්අඩංගුවට ගන්නේ නිවසේ සිටියදීය.සිද්ධියට පැමිණී හැටන් වැඩබලන මහේස්ත්‍රාත් සංජීව ෆොන්සේකා මහතා පොලිසියට නියෝග කළේ මියගියකාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය රෝහලේදී සිදුකරන ලෙසය. පොල්කෙන්දත් කන්දක් ලෙස දකිමින් ඉවරයක් නොමැතිව ඇන කොටාගැනීමට ගොස්,සිද්ධියට කිසිසේත්ම අදාල නැති අහිංසක චරිතය ඝාතනය වූයේ එකිනෙකා පරයාකටයුතු කිරීමට යෑමේ ප්‍රතීඵලය වශයෙනි. පුතාගේ රණ්ඩුවට අතපෙවීමට ගිය කලාදේවි සදහටම දෙනෙත් පියාගතේතේ ඒ හෙයිනි.


(විනීතා මානෙල් ගමගේ)









අම්මාගේ පෙම්වතා මරා හිරේ ගිය පුතෙක්


ආදරයට, ලිංගික සබඳතාවලට වයසක් තරාතිරමක් නැතැයි යන අතිශය නිරවද්‍ය කතාවකි. එවැනි සිදුවීම් ලෝකයේ ඕනෑ තරම්ය. සංස්කෘතිය, සබ්යත්වය ආදී වචන හේතුවෙන්  මෙරට මෙවන් දෑ බොහෝ විට සිදුවන්නේ හොර රහසේය. එහෙත් හාරොන් හොරෙන් වෙස් බැන්දන් නටන්න වෙන්නේ එලිපිට යැයි කියන කතාව සාක්සාත් කරමින් මෙවැනි සම්බන්ධතා එලියට එන්නේ ඉබේමට වගේය.  සමහර මෙවැනි සම්බන්ධතා අවසන් වන්නේ ගහමරාගෙන පොලිසි උසාවි වලිනි. වයස අවුරුදු 74ක කාන්තාවක් වයස අවුරුදු 48ක පුද්ගලයකු සමග ඇති කරගත් පෙම් පලහිලව්වක් හේතුවෙන් එම කාන්තාවගේ වයස අවුරුදු 28ක පුතාට දිවි අහිමිවිමේ පුවතක් මීට මාස කිහිපයකට පෙර අසත්නට ලැබුණේ මුන්දලම පොලිස් වසමේ කරිකට්ටිය ප්‍රදේශයෙනි.  ඒ බව ඇසූ දුටුවන් පුදුමයට පත්වූයේ 48ක පුද්ගලයකුට 74ක ආච්චි කෙනකුගෙන් ඇති පලේ කුමක්දැයි සිතුන නිසා විය යුතුය.


අවසානයේ මේ ආච්චිට පුතාත් පෙම්වතාත් යන දෙදෙනාම අහිමි වූයේ නහින දෙහින කාලයේ උදව්ට උපකාරයටවත් කිසිවකු නැතිකරමිනි, මෙ කියන්නට යන්නේ එ හා සමාන සිද්ධියකි. අසන්නට ලැබුණේ පුත්තලම පොලිස් වසමට අයත් කොට්ටුකච්චිය තීවුලකටුව ප්‍රදේශයනී. සම්බන්ධය පවත්වාගෙන ගිය යුවළගේ වයස ප්‍රශ්නයක් නැත,එනම් දෙදෙනාම ගැලපෙන  වයසේ පසුවන බැවිනි.කාත්තාව වයස අවුරුදු 60කි. පෙම්වතා 64 හැවිරිදි වියේ පසුවන්නේය. මේ දෙදෙනා කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සම්බන්ධතාවයට කණකොකා හඬනේ ඇයගේ පුතා මේ බව දැනගැනීමෙන් අනතුරුවය.  සිය මව් පියන් අනාචාරයේ යනවාට,පියා හෝ මව පරයා ඒ දෙදෙනා වෙනත් අය සමග හොර රහසේ සම්බන්ධතා  පවත්වනවාට මොනම දරුවකුවත් කැමැති වන්නේ නැත. මේ බව දැනගත් පුතාටද ඉහිලුම් නොදෙන්නට ඇත. ඔහු මවගේ පෙම්වතා ඝාැතනය කරන්නට ඇත්තේ ඒනිසාය.  මෙසේ මරණයට පත්ව ඇත්තේ කිවුලකටුව ප්‍රදේශයේ පදිංචිව සිටි අබේසිංහ හේරත් මුදියන්සේලාගේ රණ්බංඩා නැමැති 64 හැවිරිදි සිව්දරු පියෙකි.


රණ්බංඩා සිය ජීවිකාව සරි කරගත්තේ ගොවිතැනෙනි, ඔහු ගොවිතැන් කටයුතු පවත්වාගෙන යන අතරතුර එම ගමේම ජීවත්වූ මල්ලිකා සමග ඇයි හොඳයිකම් පැවැත්වීමට අමතක නොකළේය.මල්ලිකා දරුවන් තිදෙනෙකුගේ මවකි, ඔවුන් සියල්ලෝම විවාහ වීය. මල්ලිකාගේ සැමියාද මීට වසර කීපයකට පෙර පවුලේ ඇති වූ ගැටළුවක් හේතූවෙන් ගෙලවැළලාගෙන මියගොස් තිබේ.එකම පුතු කපිල. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරතව අතර මව සමග එම නිවෙසේ කල් ගෙවීය. විවාහ වූ පසු මහගෙදර පිහිටි ඉඩමේ පිටු පස නිවෙසක් තනා බිරිය සමග පදිංචියට ගිය ඔහු දරුවන් තිදෙනකුට පිය පදවියද ලබාදුන්ය. විශ්‍රාම යැමෙන් අනතුරුව, විශ්‍රාම වැටුප දෙසබලා නොසිට ගොවිතැන් කටයුතුවලට පෙළඹුනේ නිකන් සිටය පුරුද්දක් නැති නිසාය. 


ඉකුත් 7 වැනි දින සවස කපිල,මවගේ නිවෙසට පැමිණෙන්නේ කිසියම් අවශ්‍යතාවක් සඳහාය. නිවෙසට ගොඩවී මව පෙනෙන්නට නොමැති නිසා කාමරයට යන්නේ මව නිදා ගෙන ඇති බව සිතාගෙන ය.එහෙත් දුටු දෙය ඔහුට අදහාගත නොහැකිවිය. මව රණබංඩා සමග අඹු සැමියන් ලෙස හැසිරෙනු දකින ඔහුගේ සිත කීරි ගැසී   යන්නට ඇත.මව ගැන දැඩි  පිළිකුලක්ද ඇතිවන්නට ඇත්තේ ක්ෂණිකවමය.  මින් දැඩි ලෙස කෝපයට පත් කපිල,රණ්බංඩාට බැන වදින්නට විය, දෙදෙනා අතර වචන හුවමාර ව තත්පරෙන් තත්පරේ උණුසුම් වූයේ දෙදෙනාම ජයග්‍රහණය වෙත ළඟා වීමට උත්සාහ දරන බවක් පෙන්නුම් කරමිනි. වරදකර ඇති බව දැන දැනත් රණ්බංඩා හැසිරෙන්නේ නිවැරදිකරුවකු ලෙසිනි. ඒ හේතුවෙන් ඔහු කෙරෙහි කපිලගේ සිතේ ඇතිවූ කෝපය තව තවත් වැඩි විය. ඒ සමගම රන්බණ්ඩා වෙත කඩා පැන්න කපිල ඔහුට අතින් පයින් පහර දෙන්නට විය.


 එයින් කපිලගේ සිතේ වු කෝපය අවසන් වුයේ නැත. ඔහුගේ දෑස්  යන්නේ අසල තිබූ මුගුරක් දෙසටය. ඉන් රණ්බංඩාට පහරපිට පහර එල්ල කරන්නට වූයේ දැඩි ආවේගයකිනි. එම පහරදීම හේතුවෙන් දරුණු ලෙස තුවාල සිදුවූ ඔහු ලේ විල මැද ඇද වැටුණේය. කලබලය කනවැකුණ අසල්වාසීන් එතැනට දීව ආහ.  පහරකෑමට ලක්වූ රණ්බංඩා පුත්තලම රෝහලට  ඇතුලත් කරන්නේ ගම්මුන්ගේ මැදිහත්වීමෙනි. ඔහුගේ තත්වය බරපතල බැවින් රෝහල් බලධාරීන් කඩිනමින් ඔහුව  කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ අතර ප්‍රථිකාර ලබමින් සිටියදී 8 වැනි දින දහවල් ඔහු මරණයට පත්විය. මවගේ අනියම් පුරුෂයා ඝාතනය කිරීමේ සැකයට කපිල අත්අඩංගුවට පත්වන්නේ දරු තිදෙනකුගේ අනාගතයට ද අඳුරු පැල්ලම් එක්කරමිනි. රන්බණ්ඩා ඝාතනයේ පරීක්ෂණ වලදී ඇසින් දුටු එකම සාක්ෂිය මල්ලිකාය. ඇය පවසා තිබුණේ තමන් රන්බණ්ඩා සමග ලිංගික ඇසුරක් නොපැවැත් වූ බවත් පුතා එනවිට තමන් රන්බණ්ඩා සමග  මුලුතැන්ගෙයි ආහාර පිසමීන් සිටි ඇති බවත්ය. පුතාගේ ප්‍රකාශය අසත්‍ය බවත්  ඔහු මෙම ඝාතනය කරන්නට ඇත්තේ වෙනත් හේතුවක්නිසා විය හැකි බවත් ඇය පවසා තිබිණී. 


කසේවෙතත් මලිකාත් රන්බණ්ඩාත් අතර පැවැති සම්බන්ධය අනියම් යැයි කීම සාවද්‍යය. යම් සම්බන්ධයක් අනියම් වන්නේ දෙදෙනාම නීත්‍යනුකූලව විවාහ වී සිටිනවා නම් පමණි. මෙම සිද්ධියට සම්බන්ධ මල්ලිකා වැන්දඹුවකී. එනම් තනිකඩ කාන්තාවකි. ඒ නිසා ඇයට පෙම්වතකු නොව සැමියකු වුව ජීවිතයට එක් කරගැනීමේ අයිතීයක් ඇත.  ඇය මේ සම්බන්ධය හොර රහසේ කරගෙන යන්නට ඇත්තේ දරුවන් පමණක් නොව මුනුබුරු මිනිබිරිය පවා සිටින නිසා විය යුතුය. එහෙත් කවුරු සිටියත් තනිවම ජීවත්වෙද්දී ආදායම් මාර්ගයක් හෝ නැතිනම් කාගේ හෝ පිහිටක් පිළිසරණක් පැතීමට කාත්තාව පෙළඹීම කිවයුතු තරමේ වරදක් නොවන්නේය. 


මිහිර විජේසේකර

ඌරගස්මංහන්දියෙන් අලුත්ගමට පැන්න කුඩු බේබි

'සර් හොඳ කේස් එකක් තියෙනවා. අළුත්ගමට ගියොත් වරදින්නේ නෑ. බඩු අතේ. පසුගියදා කළුතර අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරික්ෂක අතුල කුමාරට මෙම ඇමතුම ලැබුණේ විශ්වාසවන්ත ඔත්තුකරුවකු මාර්ගයෙනි. ඒ විෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් සිදු කිරීම සඳහා බස්නාහිර පළාත අපරාධ හා රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් නියෝග ලැබී තිබුණ අවස්ථාවකය. කළුතර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් මේ පිළිබඳ ස්ථානාධිපති ඩී.එල්. ඒ නයනජිත් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අතුල කුමාර මෙම මෙහෙයුමට සහභාගි වී සිටියේ සැරයන් (41104) සමන් තිලක, කොස්තාපල්වරුන්වන (69479) ප්‍රසන්න.(88400) පද්මකුමාර,(429135) ප්‍රභාත් හා කාත්තා කොස්තාපල් (8734) ඔෂිකා යන කණ්ඩායම සමගය. මීට අමතරව පානදුර අපරාධ කොට්ඨාශ නිලධාරීන්ද සිටියේ මත්ද්‍රව්‍ය මෙහෙයුම සඳහා ඔවුන් සමග ජීප්රථයේ ගමකරමිනි. 'මොකක්ද ඔය කේස් එක. පොඩිඩක් පැහැදිලි කරනවද අතුල,පෙරලා  ඔත්තුකරුගෙන් විමසුවේ මේ පිළිබඳ තවදුරටත් කරුණු දැන ගැනීමේ අටියෙනි. "ඇයි සර් දන්නේ නැද්ද අර ඌරුගස්හන්දියෙ පොඩි බේබි ගැන, ගෑණිව කොටුකරගන්න හොඳම චාන්ස් එක. එහා කෙලවරෙන් ඇසුණ පිළිතුරෙන් අතුලගේ හිත සතුටින් පිනාගියේදකුණු පළාත්තේ නමගිය මත්ද්‍රව්‍ය ජාරාවාරම්කාරිය වෙන මෙම කාන්තාවට දැල එළිමට ලැබෙන මෙම අවස්ථාව ඉතා වටිනා එකක් වන නිසාය. අතුල ඇතුළු පිරිස අළුත්ගමට යන්නේ ඒ අනුවය, සිවිල්ඇඳුමින් සිටි සගයකු අළුත්ගම, කොළඹ ප්‍රධාන මාර්ගයේපොලිස් බංගලාව දෙසට හැරෙන හන්දිය අසල නතරකළේ ඇය ඒ පොලිස් බංගලාව පාරේ ඇති මොරගල ලැගුම්හලක නවාතැන් ගැනීමට වනනිසාය.ඉන්පසු මොරගල්ල පොලිස් බංගලාව පාරේ ටික දුරක් ගොස් මුලින්ම හමුවන වමට ඇති මාර්ගයේ ඇතුලට ගිය අතුල ඇතුළු පිරිස,දකුණට ඇති පාරට හරවා ජීප්රථයට විවේකයක් ලබා දුන්නේ ඇයට පැමිණිය හැකි සියලුම මාර්ග ආවරණය වන පරිදිය, ඔත්තුකරුවා නීවැරදි නම් ඇයට ගැලවී යාම ලෙහෙසි පහසු නොවන බව විශ්වාසය. ප්‍රධාන මාර්ගයේ රැඳුණු සිවිල් නිලධාරියාගෙන් ඇමතුමක් ලැබුණි.මෙසේ කරමින් සිටින අතරය. ''බඩු ඇවිත් යං යං ඉක්මනට'' කලබල වු අතුල, පිරිස සමග ප්‍රධාන පාර දෙසට ගියේ මෙහෙයුම් පළමු අදියර සම්පූර්ණ කරමිනි. ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති ඇය, හන්දියෙන් බැස පාගමනින් ගමන් කරමින් සිටියේ ප්‍රදේශයේ පදිංචිකාරියක් ලෙස ඇගවීමට විය හැකිය. අතින්කටින් විශාල ගමත් මලු දෙකක් එල්ලාගෙන, අත් බෑගයකද දමාගෙන පෑමිණි ඇය සුදු මහත කාන්තාවකි. ඇය ඇඳසිටි කළු පැහැති ගවුම ඇගේ පෙනුම තව තවත් වැඩි කර තිබූ බව නොරහසකි,ලැබුණු තොරතුරු අනුව මේ ඇයමය, පොලිසිය ඇය පරීක්ෂාකළේ ඒ අනුවය. ඇය සතු බෑග්වල ඇඳුම පැලදුම්, සුවඳ විලවුන්, සබන්, දත් බෙහෙත් ආදී පිට ස්ථානයක නතරවීමට අවශ්‍ය කරන සියලු දෑ තිබුණේ මේ ඇයම බවට සනාථ කරමිනි. එහෙත් ඇය සතුව තිබී තමන් සොයන කිසිවක්ම සොයා ගැනීමට  නොලබුණේ පොලිස් නිලධාරීන්ගේ  බලාපොරොත්තු සුන් කරමින් වුවමෙහෙයුම අත් හැරීමට ඔවුන් සුදානම් වූයේනැත. කාත්තා නිලධාරීණී ඔෂිකාට ඇය තවදුරටත් පරික්ෂා කිරීමට බාරකළේ ඒ අනුවය. ඇයට ඇඳුමේ ලිංග ප්‍රදේශයේ රතුපාටගොසරි බෑගයක බහා සුක්ෂම ලෙස සගවාති මත්කුඩු ප්‍රමාණයක් ඔෂිකා විසින් සොයාගත්තේ ජීප්රථයට කැඳවා ඇගේ ශරීරය පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. පොඩි බේබී අත් අඩංගුවට පත්වෙන්නේ ඒ අනුවය. ඇය සතුව තිබු හෙරොයින් මත්කඩු ප්‍රමාණය මිලි ග්‍රැම් දොලොස්දාහස් හයසිය පණක් බව අණාවරනය කරගැනීමට හැකි වී තිබිණි. ඇගේ පැටිකිරිය දීගහැරෙන්නේ ඉන් අනතුරුවය. දකුණු පළාතේ,ඌරගස්මංහන්දිය, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිකාරියක්වන මෙම කාන්තාව කවුරුත් හඳුනන්නේ 'පොඩි බේබි' යන අන්වර්ථ නාමයෙනි.තවමත් විසි අට හැවිරිදි වියේ පසුවන අවිවාහක කාන්තාවක් වුවත් මේ වනවිට ඇයඅවූ 1 1/2 පමණ දරුවකුගේ මවකි. ඇය මෙම දරුවාට උපත දී ඇත්තේ කුඩු නඩුවකට ඇතුලේ සිටියදීය. ඇගේ පියා ප්‍රදේශයේ චන්ජියෙකු ලෙස කටයුතු කරන අයෙකු වන අතර මුල් කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කප්පිත්තෙකි. සහෝදරියන් දෙදෙනෙකුගේ බාල සහෝදරිය වන පොඩි බේබි හැදී වැඩී ඇත්තේ කුඩු"පරිසරයක නිසා ඇය මෙන්ම ඇගේ සහෝදරියන්ද මෙම ජාවාරමට සම්බන්ධ වී තිබීම අරුමයක් නොවේ.ඇයට ඇසුරු කිරීමට ලැබුණ පුද්ගලයන්ද මෙම ව්‍යාපාරයට සම්බන්ධයක් ඇති අය බැව් දරුවාගේ පියාද මේ වන විට සිටින්නේ කුඩු නඩුවකට බන්ධනාගාර ගතවය,  ඩුබායි රටේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරමෙකු වන ඉන්දික නැමැත්තාගේ කුඩු ව්‍යාපාරය සිදු කරන පොඩි බේබි අළුත්ගමට පැමිණ ඇත්තේ  ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව ඇති බැවින් මෙහි සැගවී ව්‍යාපාරික කටයුතු සූක්ෂ ලෙස සිදුකිරීම සඳහාය. ඇය ඉන්දික සමග සියලු ගනුදෙනු කරන්නේ වට්ස් ඇප් අංක දෙකක්හරහාය. ඇය, ඔහුට ඇමතුම ලබා ගත්විට ඇය සිටිනා ප්‍රදේශයේ බැංකුවකට අවශ්‍ය මුදල තැත්පත් කරන ලෙස උපදෙස් දෙන අතර එම ප්‍රදේශයේ සිටින ඉන්දිකගේ ගෝලයකු විසින් යම් කිසිස්ථානයක ඇයට අවශ්‍යම කුඩු ප්‍රමාණය සගවායන්නේ  ඔහුගේ උවමනාව අනුවය.ඉන්පසු ඇය එය ලබාගන්නා අතර කිසිදිනක ඔවුන් එකිනෙකා කවුරුදැයි දැක හෝ කතා කර හඳුනන්නේ නැත. කුඩා ප්‍රමාණ වශයෙන් ඇය විසින් තම මත්කුඩු විකුණා මුදල්සපයමේ අයුරිනි. එම ප්‍රදේශය සැකසහිත බවක් හැගුණු විට වෙනත් ප්‍රදේශයකට මාරු වී හෝටලයක නවාතැන්ගෙන ව්‍යාපාරය සාර්ථක කරගැනීම පොඩි බේබීන්ගේ සිරිතය. වරින් වර  ඇතුලට යමින් එමින් මෙලස මුදල් උපයන මෙම කාත්තාව එළොවත් මෙලොවත් කෙසේ වේදැයිකාටවත් කිව නොහැකි වුවත් අහිංසක නොදරුවෙකුට හව්හරණක් නොමැති බවනම් ස්ථිරය. මෙවැනි පොඩි බේබිලා කොතෙක් නම් මේ සමාජයේ ඇත්දැයිසොයා බැලීම අදාල බලධාරීන්ගේ වගකීමක් වන්නේය.


(විනීතා මානෙල් ගමගේ)






දෙසැම්බරයේ දික්කසාද නඩු දන්න සිටි එක්දරු මව නොවැම්බරයේ දී සැමියා අතින් මරුට

 


මිතුරකුගේ නිවෙසේ තීන්ත ගෑමට උදව් කිරීම සඳහා පියල් සිය නිවෙසින් පිටවන විට වේලාව රාත්‍රී අට පමණ වී තිබිණි. එම මිතුරාගේ නිවෙසේ ඉදීරි දිනයකදී කොටහලු මංගල්ලයක් පැවැත්වීමට නියමිත අතර නිවෙස අලුත්වැඩියා කරන්නේ ඒ වෙනුවෙනි. පියල් නිවෙසට එද්දී දොර ජනෙල් සියල්ල වසා දමා තිබිණි. ඔහු සෙමින් සෙමින් මුලුතැන්ගෙය පැත්තට යන්නේ සිය බිරිය කාමරයට වී කරන්නේ  කුමක්දැයි දැනගැනීමේ අටියෙනි.ඇය දරුවා සමග  නිදා ගන්නේ මුලුතැන්ගෙයි සිට දෙවැනියට ඇති කාමරයේය. එහි ජනේලය අසලට ගිය පියල්ට ඇය දුරකතන සංවාදයක නිරත බව වැටහිනි.  ඒ බව ගණනකට නොගත් ඔහු මුලුතැන්ගෙයි දෙසින් නිවෙසට ඇතුලු වූයේ එහිදොර අගලුලා නොතිබුණු නිසාය. එහි විදුලි බල්බය අක්‍රීයවී ඇති බව ඔහු දැනගෙන සිටියේය.එයට අලුත් විදුලි  බුබුලක් සවි කිරීමට සිතු ඔහු සිය බිරියට අඬගසා විදුලිපන්දම රැගෙන එන ලෙස පැවසුවේය. ඒ කීමට සාර්ථක ප්‍රතිචාර දැක්වූ ඇය විදුලි පන්දමද රැගෙන මුලුතැන්ගෙට පැමිණියාය. 



'මේ. ඔයා.අර කවුරු එක්කද ෆෝන් එකෙන් කතාකරකර හිටියේ?"

ඔහු මේ පැනය ඇසුවේ වැඩි ගණනකට නොගෙනය.එහෙත් ලැබුණ පිළිතුර එතරම් සුන්දර වූයේ නැත. 


ඔයාට මම කියලනේ තියෙන්නේ. මමලබන මාසේ ඔයාගෙන් දික්කසාද වෙන්න නඩුදානවා. මම කතාකරකර හිටියේ කවුරු එක්කදකියලා කියන්න ඕන නැනේ.  ඇයගේ චචනවලට පියල්ගේ සිත් රිදුම් දෙන්නට ඇත, එහෙත් එ රිදුම පරදවා ඔහුගේ සිතට දැඩි කෝපයක් එන්නට ඇත්තේ ඇය කිසිම හිරිකීතයක්  බිය සැකයක් නැතිව මෙවැනි වචන පිට කරන්නේ කලෙසදැයි සිතුන නිසා විය යුතුය.   ඒසමගම ඔහුගේ දැස් දැවෙන්නේ මේසය වෙතය. එහි වූ පිහිය අතට ගන්නා පියල් ඉන් ඇයගේ මුහුණට  පහර එල්ල කරන්නේ ඇය අන්ද මන්ද කරවිමිනි.


'අම්මෝ මෙන්න මිනීමරණවෝ ලෙසින් කැගසාගෙන ඇය දොරෙන් එලියට පැන වැසිකිලිය දෙසට දිවයන්නට වූවාය.  ඇයට එලෙස වැඩි දුරක් දුවන්නට හැකි වූයේ නැත, මුහුණට එල්ල වූ පිහිපහර ඇය අඩපණ කර තිබු බැවින් ඇය වැසිකිලියත් මුලුතැන්ගෙයත් අතර ඇති ජලකරාමය අසල බිම ඇද වැටෙන්නීය. එතැන සිටද ඇය ආධාර ඉල්ලා කෑගසන්නට වූවාය. මේ අතර  පියල්ගේ ඇස දිව යන්නේ මුලුතැන්ගෙයි දොරට දමන කිතුල් පොල්ල දෙසටය, එය අතටගන්නා පියල් බිම වැටී ජීවිතය අයැදිමින් සිටින ඇය වෙත යන ඔහු සිය අත වු කිතුල් පොල්ලෙන් ඇයට පහරපිට පහර දෙන්නේ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබූ ක්‍රෝධය වෛරය මොනවට විදහාපාමිනි.  මේ හඬ ඇසුන ඇයගේ මව තිගැස්සී නින්දෙන් ඇහැ ඇරිණී. ඇය දියණීය කෑ ගසන ස්ථානයට වහා දිව එන්නේ සිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකිවය.


උඹත් මේයට හවුල් මගේ ගැනිගේ හොර මගුලට උඹ තමයි උඩ ගෙඩි දෙන්නේ ලෙසි‍න් පවසන ඔහු ඒවනවිට අතේ  තිබූ කිතුල් පොල්ලෙන් ඇයගේ දෙපාවලට පරහපිට පහර දෙන්නට වූයේ ඇය සමගද කාලයක් තිස්සේ සිත යට පැවැති තරහ අවසන් කරගැනීමට මෙනි.  විනාඩි කිහිපයක් තිස්සේ වූ මහා කලබැගැනිය අවසන්විය. ප්‍රදේශයම නිශ්ශබ්දය.  පසුගිය 10 වැනිදා උදේ හත පසුවී විනාඩි කිහිපයක් ගතවෙද්දී මාලිම්බට පොලිසියේ දුරකතනය නාද දෙන්නට පටන්ගත්තේය.එම ඇමතුමට පිළිතුරු දුන් දුරකතන ක්‍රියාකරු වහා  ස්ථානාධිපතිවරයා හමුවට යන්නේ ලැබුණ පණිවුඩය සුබදායක එකක් නොවූ නිසාය. 


"සර්..උතුරු මාලිම්බඩ පන්සල කීට්ටුව ගෑනු කෙනෙක් වැටිල ඉන්නවලු. මේ දැන් 119 එකක් ආවා  මේ බව ඇසු ස්ථානාධිපතිවරයා අපරාධ අංශයේ ස්ථානාධිපති කැඳවා මේ බව දැනුම් දෙන අතර විමර්ශන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ඒසමගම පොලිසියට පැමිණී තරුණයකු පවසා සිටියේ සිය වැඩිමල් සහෝදරිය නිවෙස අසල මරා දමා ඇති බවයි.  වහා ක්‍රියාත්මක වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කණ්ඩායමක්ද සමග එම ස්ථානයට යන විටත් මියගිය කාන්තාවන්ගේ සිරුර එතැනම තිබිණි, නිවෙස අසල බිම හිඳගෙන සිටි කාන්තාවක් පැවසුවේ තමන්ගේ බැනා කළ පහරදීම් වලින් තමන් ද තුවාල ලබා සිටින බවයි.  ඇයගේ දියණිය වැටී සිටියේ මුලුතැන්ගෙය  පිටුපස ජලකරාමය අසලය, ඇය මියගොස් සැහෙන  වේලාවක් බව සිරුර දුටු විට පැහැදිලි විය. එනම් ඇයගේ සිරුරින් විශාල රුධිර ප්‍රමාණයක් ගලාගොස් තිබුණ අතර සිරුර පුරා කුහුඹුවන්ද පෙළගැසී සිටිනු පෙනිනි.


1990 ගිලන්රථයකැඳවා තුවාලකාරිය රෝහල ගතකිරීමට කටයුතු කළ ඊට පෙර ඇය පොලිස්  නිලධාරීන් හමුවේ මෙම සිද්ධියට සම්බන්ධව  තොරතරු රැසක් හෙළි කළේය.   මගේ බැතතමයි මේක කළේ. එයා මේ පැත්තේ  නෙවෙයි. මොරවක, කපුවෙක් මාර්ගයෙන් මගුල කතාකරල තමයි මගෙ දුව එයා එක්ක විවාහ වුණේ, එයා දැන් ඉන්නේ ආමි  එකෙන් පැනල,කුලී වැඩ තමයි කරන්නේ කොයිවෙලේත් දුවත් එක්ක රණ්ඩු, දුවට හරියට ගහනවා' ඒ අනුව මෙය පවුල් ආරවුලක් දුරදිග යැමෙන් සිදු  වූ ඝාතනයක් බව විමර්ශන කන්ඩායමට තහවුරු විය. ඉදිරි පරීක්ෂණ සඳහා මහේස්ත්‍රාත් වරයා කැඳවීමටද අපරාධ අංශයේ  පොලිස් පරීක්ෂක ස්ථානාධිපතිවරයා  සුරංග ජයතුංග කටයුතු කළේය. නිවෙසේ මුලුතැන්ගෙයි තිබී ලේ  තැවරුණ පිහියක් හා ලේ තැවැරුණ කිතුල් පොල්ලක්ද හමුවිය.සැකකරු සොයා මෙහෙයුම් දියත් කෙරෙන්නේ ඉන් අනතුරුවය. 


තුවාලකාරියගේ ප්‍රකාශයට අනුව ඔහු මොරවක පදිංචි අයෙකි, අනිවාර්යයෙන්ම ඔහු සිය ගම්  ප්‍රදේශයට යන්නට ඇත. මේ සිද්ධිය ගැන මාලිම්බඩ   පොලිසියෙන් මොරවක පොලිසියට දැනුම් දෙන්නේ ඒ අනුවය.  එදින දහවල් මොරවක පොලිසියෙ කියා සිටියේ මෙම සිද්ධියේ සැකකාර හිටපු හමුදා සෙබළා පොලිසියට පැමිණ බාර වූ බවයි.  මොරවකට යන මාලිම්බඩ පොලිසියේ කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගන්නා අතර සියල්ල හෙළිවන්නේ ඉන් අනතරුවය. මම මෙයාව බැන්දේ ප්‍රපෝසල් එකකින් 2016දී. එතකොට මම ආමි එකේ වැඩ කරගෙන හිටියේ. මම  එයාව බැඳලා එයාලගේ ගෙදර පදිංචි වුණා. අපි  දෙන්නා හොඳින් පවුල් ජීවිතේ ගෙව්වා. අපිට පුතෙක් ලැබුණා.එයාට දැන්වයස අවුරුදු 04යි.''


 ‘මම කැම්ප්  එකේ ඉඳලා නිවාඩුවට ගෙදර එන්නෙ මාසෙකට සැරයක් වගේ තමයි, මට පඩිය ලැබෙන්නේ රුපියල් තිස්පන්දහයි.ඒකෙන් විසිහත්දහක් මම  එයාට එවනවා. මුල්කාලෙදි හොඳට හිටියට පහු වෙද්ද ඒ සල්ලි ගණන මදීයි කියලා නිතරම මට කියනවා,මේක ඉවසගෙන ඉන්න බැරි තැන තමයි මම 2018දී ආමි එකෙන් පැනල ආවේ" 'ඒ ඇවිත් මම කුලී වැඩ කරන්න පටන්ගත්තා. ටික දවසක් යද්දී මට මේසන් වැඩත් පුලුවන්වුණා. මෙහෙම ඉන්දෙද්දි මෙයා දම්පැල්ල පැත්තේ කොල්ලෙක් එක්ක යාලු වෙලා කියල මට ආරංචියක් ආවා.ඊට පස්සෙ අපි අතර විරසකයක් ඇති වුණා.එයා නිතරම වගේ මාව ප්‍රතික්ෂේප කළා. 



මගේ ළඟ  දාඩිය ගඳයි කිය කිය මට ළගට එන්න දෙන්නෙ නෑ,මේ ප්‍රශ්නය දවසින් දවස දුරදිග ගියා, හැබැයි පස්සේ එයා සම්බන්ධය නතර කළා,නමුත් අපි අතර තිබුණ විරසක ගතිය එහෙමම තිබුණා. ඔය අතර තමයි මෙයා නුවර පැත්තේ කොල්ලෙක් එක්ක යාලු වෙලා කියලා මට ආරංචි වුණේ, ඔහු පවසන පරිදී මේ නුවර කොල්ලා මාලිම්බඩට එන්නේ ටිපර් රථ රියැදුරකු ලෙසිනි. ඇයගේ නිවෙස අසල පිහිටි ඇයගේ සහෝදරියට අයත් ඉඩමේ පස් පිරවීමේ  කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබුණේ මේ තරුණයා විසිනි. ඇය මොහු සමග හිතවත් කමක් ඇතිකර ගන්නේ දෙවැනි වරටත් සැමියාට පිටුපාමිණි.  'එයා ආයෙත් කොල්ලෙක් එක්ක යාලු  වෙලා කියලා දැනගත්තම මට ඉහිලුම් නැතිව ගියා. මම උදේට වැඩට ගියාම එන්නේ රැ වෙලා.එයත් වැඩට යනවා. ගිහින් මොනව කරනවද කියලා මම  දන්නේ නැ ‘මේ සම්බන්ධය පටන්ගත්තට පස්සේ එයා මාව ගණන් ගත්තෙම නැ.ඒගැන ඇහුවම කිව්වා මාව දික්කසාද කරනවා කියලා.එයා දිගටම කිව්වා මේ දෙසැම්බරයේ මට  විරුද්ධව දික්කසාද නඩුදාන්න ඉන්නේ එ  නිසා එයා ගැන හොයන්නැතීව ඉන්න කියලා" 


'එදා 09වැනිදා උදේ මම වැඩට යන්න ගෙදරින් පිටවෙද්ද වෙලාව හතහමාර විතර වෙලා තිබුණා, අකුරැස්සේ තැනක තමයි වැඩ කළේය. වැඩ ඉවර වෙලා ගෙදර එද්දී වෙලාව  රෑ හතහමාර වෙලා තිබුණා, මම ඇග පත හෝදගෙන ඇඳුම් මාරු කරගෙන යාලුවෙකුගේ ගෙදර යන්න ගියා.ඒ ගෙදර කොටහලු මගුලකට ලැස්ති වෙනවා. මම ගියේ තීන්ත ගාන්න උදව් කරන්න.' '  ‘වැඩ ඉවරවෙලා ගෙදර එද්දී වෙලාව රෑ දහයාමාර විතර වුණා,ගෙයි දොර වහල නිසා පිටිපස්සෙන් ගිහින් බලද්දී එයා කාමරේට වෙලා අර කොල්ලත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා, ඇහුණේ නැ වගේ මම කුස්සියට ගිහින් එයාට ටෝච්  එක අරගෙන එන්න කිව්වා බල්බ් එක මාරු කරන්න.  ඉවසගෙන ඉන්නම බැරි නිසා මම ඒ ටෙලිෆෝන් කෝල් එක ගැන ඇහුවා. ඒ වෙලාවේ එයා කිසි  ගානකට නැතිව කිව්වා මම කොහොමත්  දෙසැම්බර්වල ඔයාව දික්කසාද කරලා එයාව  බඳිනවා,ඒක නිසා ඒවා ගැන අහන්න එපා කියලා.   තමන්ගේ පවුල මේ වගේ කාතවක්  කිව්වම ඉවසගෙන ඉන්න පුලුවන් කටද සර්


"අම්මටයි දුවටයි දෙන්නටම ගහලා මම ගෙට ගිහින් ටික වෙලාවක් හිටියා. දරුවා හොඳටම නිදි. එයා මේ කිසිදෙයක් දන්නැ .මම පාන්දර එකහමාරට විතර දරුවත් වඩාගෙන ගෙයින් පිටවෙලා හන්දුවේ නැ ගෙදරකට ගිහින් ඉඳලා පස්සේ ත්‍රිවිල් එකක් ගෙන්නගෙන මොරවක අපේ ගෙදරට ගිහින් හිටියා.  ඊට පස්සේ තමයි මොරවක පොලිසියට ගිහින් බාර වුණේ.  ඔහු එලෙසින සියල්ල හෙළි කළ අතර අසල් වැසියන් පැවසුවේ සැකකාර සැමියා ගමේ කාගේත්  හොඳ හිත දිනාගෙන සිටි අයකු බවයි.එලෙසම දරුවාට බෙහෙවින් ආදරය කළ ඔහු නිවෙසේ සිටින  බොහෝ අවස්ථාවලදී දරුවා සමග බයිසිකල් පදිමින් ඉතා ආදරයෙන් කල්ගෙවූ බවත් ගෝරියට නොයන මත්වතුරට බිලි නොවූ අයකු බවද ඔවුහු පැවසූහ. එහෙත් ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ මේ  දෙදෙනා අතර නිතර ආරවුල් හටගත් බවත් මොහු ඇයට නිරන්තරයෙන් අඩත්තේට්ටම් කළ බවත්ය. මෙලෙස ඝාතනය වූයේ මාලිම්බඩ උතුර ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක්වූ හර්ෂා කළුආරච්චි නැමැති ඇගලුම් සේකාවකි.   කෙලසකින් හෝ දැන් සියල්ල සිදුවී අවසානය.සිදුවූ එකම දෙය වූයේ කුඩා අහිංසක   දරුවකුට මව් පිය දෙදෙනාගේම සෙනෙහස රැකවරය අහිමි වීම පමණි,  මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංගගේ මූලිකත්වයෙන් විමර්ශන සිදුකැරිණි.



තක්ෂිලා ජයසේකර


යුරෝපයේ කොටි තහනම දිගටම


එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබෙන තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරීපත් වූ අභියාචනයක් යුරෝපා සංගම් අධිකරණය ඉකුත් දා ඉවත දැමිය.  එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපය තුළ ජාත්‍යන්තර ප්‍රශ්න සංවිධානයක් ලෙස නම් කරමින් සහ එම සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කරමින් පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත්ව තිබූ අභියාචනයක් එසේ ප්‍රතික්ෂේප විය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඩෙන්මාර්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක යුරෝපීය දේශපාලන උපශාඛාවක් මෙහි පෙත්සම්කරුවන් වන අතර අදාළ නඩු වියදම් සහ යුරෝපා සංගමයේ කවුන්සිලය දරන ලද වියදම් ගෙවන්නැයි ද යුරෝපා සංගම් අධිකරණය අදාළ පෙත්සම්කරුවන්ට නියෝග කළේය.


යුරෝපා සංගමයේ, යුරෝපා කවුන්සිලය 2019 වසරේ ජනවාරි මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නැවත ලැයිස්තුගත කළේය. මෙරට සිවිල් යුද්ධය අවසන් වීමෙන් වසර දහයකට පසු යුරෝපා කවුන්සිලය එලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නැවත ලැයිස්තුගත කළ අතර එය අවලංගු කරන ලෙස ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.  එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් වුවද 2019 වසර වනවිටත් ජාත්‍යන්තර වශයෙන් අරමුදල් රැස් කිරීමටත් සංවිධානාත්මක ලෙස නැගී සිටීමත් එම සංවිධානයට හැකියාව තිබූ බව යුරෝපා කවුන්සිලය සඳහන් කර තිබිණි.  ත්‍රස්තවාදය මර්දනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 2001 වසරේ සැප්තැම්බර් 28 වැනිදා යෝජනාවක් සම්මත කරගත් අතර විශේෂයෙන්ම ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අරමුදල් රැස් කිරීම නැවැත්වීම අදාළ එම  යෝජනාවේ මූලික අරමුණක් විය.  ඒ අනුව යමින් යුරෝපා සංගමය ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව අනුමත කළේය.


අදාළ යෝජනාව අනුව යමින් යුරෝපා සංගමයේ යුරෝපා කවුන්සිලය 2006 වසරේ දී පොදු පිළිවෙතක් අනුගමනය කරමින් 2006 වසරේ දී මුල් වරට එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය.  එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් යුරෝපා සංගමය අනුගමනය කරන ස්ථාවරයට එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්තයේ ද සහාය හිමිවිය. ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුව සහ යුරෝපා සංගම් නීතියට අනුව යුද ගැටුම් පැවැතිය ද එමගින් ත්‍රස්තවාදය පිටුදැකීම යන කරුණ අවලංගු නොවන බව ද යුරෝපා සංගම් අධිකරණය ප්‍රකාශ කළේය.  යුරෝපා සංගම් අධිකරණය මීට පෙරත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඩෙන්මාර්තක ශාඛාව ඉදිරිපත් කළ අභියාචනා කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබිණි. යුරෝපා සංගම් අධිකරණය   මෙවර අදාළ අභියාචනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.


ලෙඩ රෝග නසන දේශිය සහල්

වසංගතයක් හමුවේ ලෝකවාසීන්ගේ නිරෝගීකම ගැන උනන්දු වන වට පිටාවක අපි ජීවත් වන්නෙමු. අතීතයේදී මුතුන් මිත්තන්ගේ ප්‍රධාන ආහාර වේලට රසායනවලින් තොරව සකසා ගත් දේශීය සහල් වර්ග භාවිතයට ගැනුණු අතර එම නිසාම ඔවුන් නිරෝගීව සියවසක කාලයක් දීර්ඝායුෂ ලැබීම රහසක් විය. ඒ නිසාම දේශීය සහල් වටිනාකම් මෙතෙකැයි කිව හැකිවන්නැත.  ප්‍රෝටීන්, විටමින්, යකඩ මෙන්ම ශරිරයට ඉතාම හිතකර බනිජ ලවණ මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණය ද ඉහළින්ම දේශීය සහලේ අන්තර්ගතව තිබෙන බව එදා අප මුතුන් මිත්තන් දැන සිටියා මෙන්ම අද නවීන තාක්ෂණයෙන් පවා ඒවා ඔප්පුකර ඇත.  ආයුර්වේදයට අනුව පෙන්වා දෙන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය,    කොලෙස්ටරෝල්, හෘදයාබාධ, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග ආදිය ඇතිවීම  වළක්වාලීමේ ගුණයක් දේශීය සහලේ ඇති බවය.  



සුවදැල් සහල්


දේශීය සහල් පිළිබඳ කතිකාවේදී  සුවදැලට ප්‍රමුඛ තැනක් හිමිවන අතර, බත ඉදීගෙන එනවිට සහලටම ආවේණික සුවඳක් වහනය වීම නිසාම සුවඳැල් යන නම පටබැඳී ඇත. ශරීරයේ හෝමෝන සමතුලිත මටිටමෙන් තබා ගැනීමට උපකාරී වන සහලක් ලෙසටද විශේෂය. ගුණාත්මක භාවය හේතුවෙන් හෝමෝන ශ්‍රාවය පාලනය කරන අතර හෘදස්පන්දනය ද ක්‍රමවත් කරයි. අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට ද සුවදැල් ගුණදායකය. මෙම සහල් රෝගීන්ට පමණක්  නොව නිරෝගී පුද්ගලයන්ටද ඉතා සුදුසුය. ආයුර්වේදයේ සඳහන් වන්නේ ස්නායු සහ අක්ෂි තර්පණය සිදුකිර්මටද සුවදැල් සහල් භාවිතයෙන් හැකිවන බවය.



පච්ච පෙරුමාල්


සිරුර සිසිල් කරන ගුණයෙන් යුතු පච්ච  පෙරුමාල් සහල්, විශේෂයෙන්ම තුවාල සුවවීමේ ගුණයෙන් යුක්ත වන බව ආයුර්වේදයේ හඳුනාගෙන ඇත. දියවැඩියා රෝග පාලනයටද ඉතාම ගුණදායකය. අධික ප්‍රෝටීන් සංයුතියකින්  සහ ප්‍රතිඔක්සිකාරක ගුණය ද මෙම සහලේ  බහුලව අන්තර්ගත වන බව අඳුනාගෙන ඇත. වකුගඩුවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වන පච්ච පෙරුමාල් සහල් රතු රුධිර සෛල නිපදවීම වැඩි කිරීමටද උපකාවේ. 


මඩතවාලු  


ඉහළ ප්‍රෝටීන සංයුතියක් ඇති මඩතවාලු කායශක්තිය වර්ධනය කරවන ඉතාම අනර්ඝ තත්වයේ සහල් විශේෂයක් වේ. සහලේ පෝෂණ කොටස් හේතුවෙන් ශරීරයේ   විෂ පදාර්ථ ඉවත්කර රුධිරය පිරිසුදු කිරීමට උපකාරී වේ. සහලේ ඉතා ඉහළ තතු ප්‍රමාණයක් ඇති බැවින් මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය  ශක්තිමත් කිරීමට සමත්වන අතර දියවැඩියාවට ගුණ දේ. මොළයට සහ ස්නායු පද්ධතියට ද ඉතාම හිතකරය. 


මා වී


අධි ස්ථුලතාව වළක්වා ගැනීමටත්, දියවැඩියාව පාලනයටත් ඉතාම ගුණදායකය. කායශක්තිය වර්ධනය කරවයි. මලබද්ධය ද අර්ශස් වැනි රෝග තත්වයෙන් පෙළෙන

අවස්ථාවේදී මෙම සහල් භාවිතාකර ගුණ ලැබේ.  


ඔලුහාල් 


දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකය. ඕලු සහල් ප්‍රජනන පද්ධතියේ රෝගවලට ද, අක්මා රෝගීන්ට ආහාර පිණිස දීම යෝග්‍යය. වකුගඩු හා පිත්තාශයේ ගල් දියකිරීමට ද සහලේ  ගුණාත්මක බව ප්‍රයෝජනවත් වේ. හෘද රෝගීන්ටද, හෝමෝන 

පාලනයට ද ඉතාම වැදගත් වේ.


කහවණු


පිළිකාකාරක නසාලීමේ  ගුණයෙන් යුක්ත මෙම සහල් පිළිකා රෝග නිවාරණයට ඉතාම ගුණදායකය. සෙම් රෝග සුවකිරීමේ ගුණයක් ද කහවණු සහල්වල අන්තර්ගතය. 


මසුරන්


 දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, ආසාත්මිකතා වැනි රෝග තත්වයන්ට මෙම සහල් ඉතාම ගුණදායකය.


සුදුහීනටි


පෙනහලු පිළිකාවලින් පෙළෙන රෝගීන්ට  සුදුහීනැටි හාල් බතක් ලෙස හෝ කැඳ ලෙස  පිළියෙළ කර භාවිතයට දීම ඉතාම සුදුසුය. 


කළුහීනටි 


දේශීය චිකිත්සාවේ සර්ප දෂ්ට කිරීම්වලදී ප්‍රතිකාර ලෙස යොදා ගන්නා ඉතාම ගුණදායී සහල් විශේෂයකි. කළුහීනටි ඉහළ යකඩ හා සින්ක් සයුතියකින් යුක්තය. දියවැඩියාව සහ අක්මාව ආශ්‍රිත ආසාදනවලට ඉතාම හිතකර  වේ. ගර්භණී සහ කිරිදෙන මවුවරුන්ට ද ඉතාම සුදුසුය.


ගොඩහීනැටි


ඉහළ විටමින් ඊ සංයුතියකින් යුක්ත ය. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරවීමට සමන්ය. දියවැඩියාව, පිළිකාව, ස්නායු  රෝගවලින් පෙළෙන්නන්ට එම රෝග නිවාරණයටද ඉතාම ගුණදායකය.



බටපොල ඇල්හාල්


අක්මාවට ඉතාම ගුණදායකය. එන්සයිම ක්‍රියාකාරීත්වය උත්තේජනය කරවයි. ශරීරයේ විස ඉවත් කරයි. දියවැඩියා පාලනය කරවන අතර පිළිකා නාශක ගුණයෙන් යුක්තය. 


කහමාල


ආහාර ජීරණය හා ආහාර අවශෝෂණය පහසු කරවයි. මල බද්ධය වළක්වා ගැනීමට උපකාර් වේ. අක්මාවේ රෝගවලටද ඉතාම ගුණදායකය.


දික් වී

හදවත් කපාට ආශ්‍රිත රෝගවලට ඉතාම ගුණදායකය. ශර්ථයේ වැඩිපුර ඇති මේද සංයුතිය විසුරුවාලීමට උපකාරී වේ.


හැටදා වී

ශරිරයේ දැවිල්ල නසාලයි. ආසාත්මිකතා, ලේ වමනයට, හෘද රෝගවලට ගුණදායකය. කාය ශාක්තිය වඩවාලයි. 


අසුන්තා එදිරිසූරිය

චක්‍රලේඛ රිවස් කර සියලුම විෂය කරුණු ඉගැන්වීමට නියෝග කිරීමෙන් සිසුන්ට දැඩි අසාධාරණයක්

ආණ්ඩුව ගැසට් නිවේදන රිවස් කරන ආකාරයට අධ්‍යාපන ලේකම්වරයාත් අධ්‍යාපනට අදාළ චක්‍රලේඛ රිවස් කිරීමට කටයුතු කරමින් තිබෙන බවත්, මේ නිසා ලක්‍ෂ හතළිස් තුනක් වූ පාසල් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි. කෝවිඩ් තත්වය තුළ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට අධ්‍යාපනය අහිමි වූ පාසල් සිසුන්ට මේ වසර තුළදී ඉගැන්විය යුතු විෂය කරුණු පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස්කළ විෂය මාලාව මේ මස 11 වැනිදා අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත්කළ බවද එම සංගමයේ ලේකම් ජෝශෂ්ටාලින් මහතා පැවසීය.

මේ අනුව ගුරුවරුන් පාසල් සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදුකළ අතර, එසේ තිබියදී පසුගිය 26වැනිදා අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කළේ, සියලුම විෂය කරුණු ඉගැන්විය යුතු බවට සඳහන් කළ බවත්, මෙම තීරණය නිසා ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බවත්ය. ගෙවී ගිය කාලය තුළ ගුරුවරුන් ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ පාසල් සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදුකළත් ඔන්ලයින් තාක්‍ෂණය විශාල සිසුන් පිරිසකට නොමැති වීම නිසා එම සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බවත්, මේ අනුව කෙටිකාලයක් තුළ පාසල් සිසුන්ට ලබාදිය යුතු අධපන කරණු පිළිබඳ සලකා බලා ජාතික අධ්‍යාපන ආයතන වැඩපිළිවෙළක් සකස්කළ බවත් හෙතෙම සඳහන් කළේය. එසේම අධ්‍යාපන ලේකම්වරයාගේ නව චක්‍රලේඛය නිසා එම වැඩපිළිවෙළ අතරමග නැවතී යන බවත්, සියලුම විෂය කරුණු සැලකිල්ලට ගෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට කටයුතු කළහොත් විභාගවලට පෙනීසිටීමට නියමිත පාසල් සිසුන්ටත් අසාධාරණයක් සිදුවන බවත් ලේකම්වරයා පැවසීය. මේ නිසා ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ විෂය කරුණු පමණක් සිසුන්ට ඉගැන්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත්, අධ්‍යාපන ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පැමිණිලි කරන බවත් ජෝශප් ස්ටලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(එච්.අයි. තුෂාර)


ගෑස් කාන්දු නිසා කෑගල්ලේ හා ආරච්චිකට්ටුවේ ගිනි ගැනීමක්

කෑගල්ල, කහටපිටිය තලගොල්ල වත්තේ නිවසක ඊයේ (28දා) පෙරවරුවේ ගෑස් ලිපක් පුපුරා ගොස් තිබුණි. කෑගලු විද්‍යාලයේ උපගුරුවරයෙකු ලෙස සේවය කරන කෑගල්ල කහටපිටිය තලගල වත්තේ පදිංචි පී.එම්.ඩී. සෙනෙවීරත්න මහතාගේ නිවසේ තිබුණු ගෑස් ලිප මෙලස විනාශයට පත්ව තිබිණි.ඊයේ (28දා) පෙරවරුවේ සෙනෙවිරත්න මහතාගේ නිවසේ සිට ඇත්තේ සෙනවිරත්න මහතා හා දරු දෙදෙනා පමණි. ඔහුගේ බිරිද කෑගල්ල මහ රෝහල් සේවය කරනෙ හෙද නිලධාරිනියකි. ඇය සිද්ධි වන අවස්ථාවේදී සේවයට වාර්තා කර තිබුණු බව සෙනෙවිරත්න මහතා පැවසීය.මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "මම සුපුරුදු ලෙස පෙරවරු 7.00ට පමණ තේ කෝප්පයක් සාදා ගැනීමට වතුර ටිකක් ගෑස් ලිපේ තබා වැසිකිළියට ගියා. එහිදී කුස්සියේ මහා පිපුරුම් හඩක් ඇසුණා. පසුව මම කුස්සියට පැමිණි බලන අවස්ථාවේදී වීදුරු සහිත ගෑස් ලිප සම්පූර්ණයෙන්ම පුපුරා ගොස් කෑලි කුස්සිය පුරා විසිරීගොස් ලිප දැල් වෙමින් තිබුනා. පසුව ගස් සිලින්ඩරයෙන් ලිපට සම්බන්ධ කර ඇති වයරය දිගේ එන ගෑස් පළමුව වළක්වා දැමුවා. මට නම් පේන්නේ ගෑස් සිලින්ඩර්වලවත් ගෑස් ලිප්ලවත් ගැටලුවක් නැහැ කියලා. ගෑස්වල ප්‍රමිතිය අඩු බවක් තමයි පේන්නේ. අනිවාර්යෙන්ම මේකට රජය වගකිව යුතුයි. ගෑස්වල ප්‍රමිතිය පරික්ෂා කළ යුතුයි. මම ලිපපත්තු කරලා වැසිකිළියට ගිය හිංදා හොදයි. ලිප ළග හිටියා නම් කොච්චර තුවාල වෙයිද කියලා දන්නේ නැහැ. ලිප මත තිබුණු වීදුරුව සම්පූර්ණයෙන්ම පුපුරලා ගිහිල්ලා කුස්සිය පුරාම විසිරිලා ගිහිල්ලා තිබුණා. මේ පුපුරා යාම් සම්බන්ධයෙන් වහාම පරික්ෂණ කරලා සොයා බැලිය යුතුයි.” මේ අතර ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ නිවසක ඊයේ පස්වරු 2. 00 ට පමණ ගෑස් ටැංකියක සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම ගෑස් ටැංකියට ගිනි ඇවිලී ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. ආරච්චිකට්ටුව, වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි එම්. නයෝමි පෙරේරා නමක්තියට අයට අයත් නිවසේ මෙම සිදුවීම සිදුව තිබේ. ගිනි ඇවිලෙමින් තිබූ ගෑස් ටැංකිය අසල්වාසීන් එකතුව නිවසින් පිටට විසි කර ඇති අතර වතුර සහ වැලි ගසා එය නිවා දැමුවත් ටික වේලාවක් යන තුරු ගෑස් කාන්දුව සිදු වෙමින් පවතින බව පොලීසියද තහවුරු කර ගෙන තිබිණි.ආරච්චිකටුව පොලීසිය විසින් එම ස්ථානයේ විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

(කෑගල්ල චමින්ද ජයලත්)


කොරෝනා බිහිසුණු විකෘතිය ඔමික්‍රොන්

මුලින්ම, වයිරසයක ස්වභාවය සරලව අවබෝධ කර ගනිමු. වයිරසයක් යනු පණ ඇති දෙයකි. වයිරසයක් අප මනුෂ්‍යයන්ට ආසාදනය වූ විට එහි අරමුණ වන්නේ, අප සිරුර තුළ එහි පිටපත් නිර්මාණය කර ගනිමින් ජීවත් වීමය. වයිරසයේ ඉලක්කය එහි. පැවැත්ම රඳවා ගැනීමය. ස්වභාවිකව හෝ එනත් මගින් හෝ ඖෂධ මගින් අපට ලැබෙන ප්‍රතිශක්තිය වයිරසයට බාධාවකි. එම ප්‍රතිශක්තිය, වයිරසය අඩපණ කරයි. එහෙයින්, එයින් බේරීමටත් පැවැත්ම රඳා පවත්වා ගැනීමටත් වයිරසය වෙනස් වෙයි. ගති ලක්ෂණ වෙනස් කර ගනී. මාතා වයිරසයට වඩා දරු පරම්පරාව වෙනස් වෙයි. වයිරසය විකෘති වී නව ප්‍රභේද නිර්මාණය කරනවා යනු මෙයයි. වයිරසයේ අවසන් අරමුණ නැතිනම් ඉලක්කය, එය ආසාදනය වන තැනැත්තාට මැරෙන්න නොදී එම තැනැත්තා හැකිතාත් ජීවත්කරගෙන, වයිරසයද  බෙදී වෙන් වෙමින් සිය ගහණය වැඩි කර ගැනීමය. ආසාදනය වන සියලු දෙනා මියගියොත් එය වයිරසයට අවාසියකි. හේතුව, වයිරසය ද ඒ සමග මියයන බැවිනි.


කොරෝනා නමැති වයිරස පවුලට අයත්, කොවිඩ් 19". නමැති, අපට හිසරදයක් වුණු වයිරසයේ කතාව ද මෙයයි. 'කොරෝනා' යනු සතුන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වී, අප අතරේ පැතිරෙන වයිරස වර්ගයකි. 'කොරෝනා' යනු ඔටුන්න යන අර්ථයයි. මෙම වයිරසයේ ස්වරූපය උල් කුරු සහිත ඔටුන්නක් වැනිය. සුලමුල නොදන්නා 'කොවිඩ් 19" කොරෝනා පවුලේ නවතම සාමාජිකයාය. 'කොවිඩ් 19 මාතෘ වයිරසය විකෘති වෙද්දී, ඔටුන්න ආකාරයේ ස්වරූපය එලෙසින්ම පවතින නමුත්, ගති ලක්ෂණ  වෙනස්කම්වලට ලක් වෙයි. අප එන්නත් නිපදවද්දී වයිරසය තවත් විකෘති වෙයි. වයිරසයක ස්වභාවය  මෙයයි. මේ වනතුරු ‘කෝවිඩ් 19" වයිරසයේ බිහිසුණු විකෘති ලෙස විකෘති 4 ක් හඳුනාන්ගෙන තිබුණි. ග්‍රීක හෝඩියේ නම්වලින් නම් කෙරුණු එවා 'ඇල්ෆා', 'බීටා', 'ගැමා’ සහ ‘ඩෙල්ටා' ය. මේ   අතරින් ද දරුණුම සහ   වේගයෙන් බෝ වෙන විකෘති  ප්‍රභේදය ඉන්දියාවෙන් බිහිවුණු ‘ඩෙල්ටා’ ය.


අද වනවිට තවත් බිහිසුණු විකෘතියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.  මෙම නව විකෘතිය විමසිල්ලෙන් පසුවිය යුතු අවධානය යොමු  කළ යුතු කොවිඩ් 19 විකෘති වයිරස අතරට එක් කර තිබේ. ‘බී 1.1.529" යනුවෙන් පළමුවෙන් නම් කළ මෙම විකෘතිය, ග්‍රීක  හෝඩියට අනුව නම් කර ඇත්තේ 'ඔමික්‍රොන්' යනුවෙනි. මෙය ‘ඩෙල්ටා  විකෘතියට වඩා  10 ගුණයකින් ප්‍රබලය. "ඔමික්‍රොන්" යනු එන්නත්වලින් මට්ට කළ නොහැකි, යළි යළි ආසාදනය වන, පී.සී.ආර්. පරීක්ෂණ මඟ හැරීමට සමත්  විකෘතියක් බව ද පැවැසෙයි. “ඔමික්‍රොන් විකෘතිය බිහිසුණු වන්නේ, 'ඇල්ෆා', 'බීටා', ගැමා’ සහ ‘ඩෙල්ටා’ යන විකෘති හතරේ ගති ලක්ෂණ ඊට ඇතුළත් වීමය. ඊට අමතරව, විද්‍යාඥයන්ට මෙතෙක් හමු නොවුණු විකෘති ගති ලක්ෂණ ද ඊට ඇතුළත් වෙයි. වයිරසයේ ස්පයික් ප්‍රෝටීනයේ (ඔටුන්න වැනි කොටස) පමණක් ඇති විකෘති ගණන 32කට වැඩිය. ඊට අමතරව සමස්ත වයිරසයේ ඇති විකෘති ප්‍රභේද ගණන 50කට වැඩිය. 


‘ඔමික්‍රොන්’ විකෘතියට ඇතුළත් විකෘති දෙකක් වන්නේ  P68TH සහ N679K ය. මෙම විකෘති දෙක එකට හමුවුණු  පළමු අවස්ථාව මෙය යැයි විද්‍යාඥයෝ පවසති. එන්නන්වලට ප්‍රතිරෝධයක් දක්වන විකෘති ලෙස P68H සහ N679K මීට පෙර සිටම හඳුනාගෙන තිබුණි.   H655Y නමැති විකෘතිය ද 'ඔමික්‍රෝන්' විකෘතියට ඇතුළත්ය. වයිරසයට ඉතා පහසුවෙන් අපේ සිරුරේ   සෛලවලට රිංගා ගැනීමට H655Yඋපකාරී වෙයි. N5O1Y නමැති විකෘතිය ද 'ඔමික්‍රොන්" තුළ ඇත. විද්‍යාඥයන්ට N5O1Yවිකෘතිය මුලින්ම හමුවී ඇත්තේ 'ඇල්ෆා' සහ ‘බේටා විකෘතිවලිනි. (ඇල්ෆා යනු එංගලන්තයේ කෙන්ට් පළාතෙන් මුලින්ම හමුවුණු ‘කෝවිඩ් 19' විකෘතිය වන අතර 'බීටා' යනු මුලින්ම දකුණු අප්‍රිකාවෙන් හමුවුණු  විකෘතියයි.) N5OTY විකෘතියෙන් සිදුවන්නේ වයිරසය ව්‍යාප්ත වීම වේගවත් කිරීම යැයි පැවැසෙයි.  R2O3K සහ G2O4R යනුවෙන් හැඳින්වෙන වයිරස විකෘතිද ඔමික්‍රොන් විකෘතිය තුළ අඩංගු වෙයි. 


"ඔමික්‍රෝන්' විකෘතිය ආසාදනය වන ප්‍රමාණය වැඩි කරන්නේ මෙම විකෘති දෙකය. 'ඩෙල්ටා විකෘතියට පමණක් ආවේණික N44OK නමැති විකෘතියත්, බේටා’ විකෘතියට පමණක් ආවේණික K417N සහ E484A යන  විකෘති දෙකත්, ඇමෙරිකාවේ නිව්යොක් නුවරින් පළමුවෙන් සොයා ගත් 'නිව්යොක්' නමැති විකෘතියට ආවේණික S477N විකෘතියත් 'ඔමික්‍රෝන්' තුළින් හමුවී ඇත.   කෙසේ නමුත් සෙසු වයිරස විකෘතිවල ඇති, ව්‍යාප්තිය වේගවත් කරන විකෘතියක් ලෙස සැලකෙන NSP6 නමැති විකෘතිය ‘ඔමික්‍රෝන්" විකෘතියේ නොමැති බව පැවැසෙයි. G446S, T478K, Q493K, G496S, Q498R සහ Y5O5H යනු මේ වනවිට 'ඔමික්‍රෝන් විකෘතියෙන් පමණක් සොයා ගත් විකෘති වයිරස වන අතර, මේවායෙන් සිදුවන්නේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. 'ඔමික්‍රෝන් සම්බන්ධයෙන් ඉදිරි සති හතර ඇතුළත පූර්ණ සවිස්තරාත්මක වාර්තාවක් එළිදැක්වීමට තමන්  බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. 'ඔමික්‍රෝන්' සුලමුල අප්‍රිකා මහද්වීපයයි. "ඔමික්‍රෝන් විකෘතියේ බිහිසුණු බව පළමුවෙන් ලොවට පෙන්වා දුන්නේ දකුණු අප්‍රිකාව ය.  මේ වනවිට දකුණු අප්‍රිකාවේ සෑම පළාතකටම ඔමික්‍රෝන්’ ව්‍යාප්ත වී තිබේ. 'ඔමික්‍රෝන්' ආරම්භය සිදුවී ඇත්තේ බොට්ස්වානා රාජ්‍යයෙන් යැයි පැවැසෙයි.


බොට්ස්වානා ද අප්‍රිකා රාජ්‍යයකි. බොට්ස්වානා රාජ්‍යයෙන් මීට පෙර ද විකෘතියක් හමුවිය. ග්‍රීක හෝඩියට අනුව, එය නම් කර තිබෙන්නේ "නියු' ලෙසය. දකුණු අප්‍රිකා විද්‍යාඥයන්ට 'ඔමික්‍රෝන්’ පළමුවෙන් හමුවූයේ පසුගිය නොවැම්බර් 19 වැනිදා සිදු කළ සාම්පල පරීක්ෂණයකදීය. ඔවුන් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන කනස්සල්ල පළ කළේ  පසුගිය 24 වැනිදා නම් කළ විකෘතිය, පසුව 'ඔමික්‍රෝන්' යනුවෙන් නම් කිරීම සිදුවූයේ 27 වැනිදාය. ඔමික්‍රෝන්' හඳුනා ගැනීම සහ එහි සුලමුල  සොයා ගැනීම කළේ දකුණු අප්‍රිකාවේ 'යූ.සී.එල්.   ජෙනටික්ස්" නමැති ජාන පර්යේෂණ ආයතනයයි.  එඩ්ස් ආසාදිතයකුට 'කොවිඩ් 19ආසාදනය වී, එම තැනැත්තාගේ සිරුරේ 'කොවිඩ් 19' වයිරසය විකෘතිකරණයට ලක්වීමෙන් පසු 'ඔමික්‍රෝන් නිර්මාණය වන්න ඇතැයි 'යූ.සී.එල්. ජෙනටික්ස්" ආයතනය පෙන්වා දෙයි. ඒඩ්ස් රෝගයට හේතු වන්නේ එච්.අයි.වී. වයිරසයයි. එච්.අයි.වී. ආසාදනය වූ පසු සිදුවන්නේ, ප්‍රතිශක්තිය විනාශ කර දැමීමය. ඒ අනුව, ඒඩ්ස් රෝගියකුට සාමාන්‍ය  හෙම්බිරිස්සාවක් පවා මාරක විය හැකිය. 



"ඒඩිස් ආසාදිතයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වුවහොත් එය ඉතාමත් බරපතළ ත ත්ත්වයක්. එච්.අයි.වී. වයිරසය. හේතුවෙන් එම තැනැත්තාගේ ප්‍රතිශක්තිය මුළුමනින්ම අඩපණ වීම ඊට හේතුවයි. ඔමික්‍රෝන් නිර්මාණය වී ඇත්තේ, ඒඩ්ස් ආසාදිතයාගේ සිරුර හැකි උපරිමයෙන්   කොවිඩ් 19 වයිරසය නැසීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒඩ්ස් රෝගියාගේ සිරුර තුළ දී කෝවිඩ් 19  වයිරසය පරාජය බාරගෙන නැහැ. එය තව තවත් විකෘති වෙමින් ස්වරූපය වෙනස් කරගෙන ඔමිකොන් නිර්මාණය  කර තිබෙනවා. මෙය සැබැවින්ම බිහිසුණු විකෘති ප්‍රභේදයක්." යැයි 'යූ.සී.එල්. ජෙනටින්ස්’ නිකුත් කළ නිවේදනයේ සඳහන් වී ඇත. පසුගිය 27 වැනිදා වනවිට දකුණු අප්‍රිකාවෙන් සහ බොට්ස්වානා රාජ්‍යයෙන් පමණක් නොව, මැදපෙරදිග කලාපයට අයත් ඊශ්‍රායලයෙන්, ආසියාවට අයත් හොංකොං රාජ්‍යයෙන් සහ යුරෝපයට අයත් බෙල්ජියමෙන් සහ එංගලන්තයෙන් ද 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවී තිබුණි. ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය නිවේදනය කළේ තම රටින්ද “ඔමික්‍රෝන්' ආසාදිතයන් යැයි සැක කළ හැකි ආසාදිතයන් හමුවී ඇති බවය. ලොව රටවල් බොහොමයක් (ශ්‍රී ලංකාව ද ඇතුළුව) අප්‍රිකා රටවල් රැසකට තහංචි පැනැවූයේ මේ නිසාය. එසේ තහංචි පැනැවුණු රටවල් අතර දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ඊස්වතනී (ස්වාසිලන්තය) ඇත. මේ අතර, අවසන්  දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලීමක් කර තිබේ.



ඔමික්‍රොන් ප්‍රභේදයේ එස් ජානය ආශ්‍රිත  විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෙද චන්දිම ජීවත්දර මහතා පැහැදිලි කරයි. ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් අවධානයෙන් කටයුතු කළ යුතු බවත් බූස්ටර් එන්නත ලබා ගැනීම අවශ්‍ය බවත් වෛද්‍ය චන්දිම විවර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. විදේශිකයන් මෙරටට පැමිණීමේදී දැනට

පනවා ඇති නීති රිති ප්‍රමාණවත් බවත්, ශ්‍රී ලංකාව තුළ ඔමික්‍රොන්  විකෘතිය හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බවත් වෛද්‍ය  චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කර තිබේ. 


"ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිමේ හැකියාවක් ඔමික්‍රොන්  ප්‍රභේදයට තිබෙනවා යැයි අනුමාන කරනවා. ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ සූදානමක ඉන්නවා. බිය වෙන්න අවශ්‍යම නෑ. අවශ්‍ය වන්නේ ඔමික්‍රොන්  රට තුළට එන එක හැකිතාක් ප්‍රමාද කිරීමයි. ඕනෑම ප්‍රභේදයක් ලංකාවට එන එක සදහටම නවත්වන්න බෑ. බූස්ටර් එන්නත අපේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. ඒතුළින් ඔමික්‍රොන්  ප්‍රභේදය ආවත් බයක් වෙන්න අවශ්‍ය නැති  වේවි. ඔමික්‍රොන්  ප්‍රභේදය මගින් ඇතිවන දරුණු තත්ත්වයන් ගැන තාම ලෝකයේ කවුරුත් දන්නේ නෑ. ලංකාවේ වැඩි දෙනකුට ලබා දුන්නේ සයිනොෆාම් එන්නත. අප දැක්කා පර්යේෂණ මගින් ප්‍රතිදේහ මාස3 යනකොට   අඩු වෙනවා. එවැනි අවස්ථාවක බුස් එන්නත ඉතා වැදගත්. ආරක්ෂාව තියෙන්නේ චින්න. විශේෂයෙන් වැඩිහිටියන් බූස්ටර් එන්නත ලබා නොගෙන සිටීම හොඳ කාරණයක් නොවෙයි. ලංකාවේ තාම පැතිරෙන එකම ප්‍රභේදය ඩෙල්ටා විතරයි. එහි අනු ප්‍රභේද 2ක් හමුවුණා. ඔමික්‍රොන්  ප්‍රභේදයේ විකෘතිතා 30න් 10ම පැතිරීමට බලපාන විකෘතිතා.  ඒනිසා මේක සැලකිය යුතු තත්ත්වයක්. ඒත් ප්‍රතිශක්තිය මහහැර යෑමේ හැකියාවක් මේකට තිබෙනවා කියලා අනුමාන කරනවා. ඩෙල්ටා හැදුණු රෝගීන්ට පවා මේ ඔමික්‍රොන් වැලඳිලා තියෙනවා. මේක හැසිරීම ඉදිරියේදී හරියටම දැනගන්න ලැබෙයි. පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම විකෘතිය හදුනා ගැනීමේ සහ සැක කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒක හොඳ දෙයක්.” යැයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.