ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විරෝධතාකරුවන් පිරිසක් රැඳවුම් භාරයට ගැනීම මත, අපේ රට ගැන ජාත්යන්තරයේ සංවිධාන කිහිපයක් හා රටවල් කිහිපයක් කනස්සල්ල ප්රකාශයට පත්කරමින් නිවේදන නිකුත් කර තිබෙනු දැකගත හැකි විය. එකී පනත යටතේ මෙලෙස විරෝධතාකරුවන් රඳවාගත හැකිද යන්න පිළිබඳවත්, එම පනත පිළිබඳවත් අපි ආචාර්ය නීතිඥ ප්රතිභා මහානාමහේවා මහතාගෙන් විමසීමක් කළෙමු. එම පනත වෙනුවට ජාතික ආරක්ෂාව පිළිබඳ නව පනතක් ගෙන එන බවටද කැබිනට් ප්රකාශකවරයා ඊයේ කැබිනට් තීරණ ප්රකාශයට පත්කිරීමේ මාධ්ය හමුවේදී ප්රකාශ කර තිබුණි.
ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික ප්රතිපාදන පනත
1978 වර්ශයේ මහමැතිවරණයෙන් ආණ්ඩු බලයට පත්වූ පසු එකී ආණ්ඩුව කල්පනා කළා මීට පෙර තිබුණු 71 ත්රස්තවාදය නවතා ගැනීමට පැවැති ආණ්ඩුවට නොහැකි වීම ගැන. මොකද ඒ කාලේ තිබුණේ මහජන ආරක්ෂක පනත පමණයි. රට තුළ ඇතිවන ත්රස්තවාදී ක්රියාවන්වැළක්වීමට 1979 අංක 48 දරණ ත්රස්තවාදය වැළැක්වීම්මේ තාවකාලික ප්රතිපාදන පනත යනුවෙන් පනතක් තාවකාලිකව ගෙන එනු ලැබුවා. නමුත් මෙය අදටත් ක්රියාත්මක වෙනවා. 1979 තාවකාලික ප්රතිපාදන පනත යම් ආකාරයකට පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, සංවිධානයක් හෝ මේ ඕනම දෙයක් කිසියම් හෝ පිහිටාගෙන ඇතිරයක් නීතිවිරෝධී ක්රියා මගින්කඩාකප්පල්කාරී ක්රියා මගින් බිඳ දාවා නම්, පාර්ලිමෙින්තුවේ හෝ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට මරණ තර්ජන, බියවැදීම හෝ මරණය ඇතිකරනවා නම්, ශ්රී ලංකාවේ ත්රිවිධ හමුදාවල හෝ පොලීසියේ සාමාජිකයන්මාරයට පත්කිරිම, බියවැද්දීම, තර්ජනය කිරීම සිදුකරනවා නම්, රාජ්ය දේපළ විනාශ කිරීමට උත්සාහ කරයි නම්, ඒවාට පෙළගැසේන්නම්, මංකොල්ලකෑම් හා බරපතළ සිදුවීම වැළැක්වීමටටේ පවතින සාමාන්ය නීතිය වන දණ්ඩ නීති සංග්රහයට වඩා එහා ගිය පනතක්. මේ ක්රියාවල යෙදෙන අය තමයි මේ පනත යටතේ ත්රස්තයන් ලෙස හදුන්වන්නේ. මේ ත්රස්තවාදය කියල කියන්නේ උතුරෙන් ඇවිත් ඊළම බිහිකරන්න ආව එක පමණක් නොවෙයි. මේක දකුණේත් ක්රියාත්මක වෙන්න පුළුවන්. මේ පනත යටතේ ආරක්ෂික ලේකම්වරයාගේ අත්සන යටතේ යම් පුද්ගලයෙක්ව පැය 72ක් රැඳවුම් බාරයේ තබාගන්න පුළුවන්. එම පුද්ගලයාවදින 90ක සස්පෙන්ෂන් ඕඩර් එකක් මත විමර්ශන කටයුතු සඳහා තබාගන්න පුළුවන්. මීළඟට මේ පනතේ පෙර තිබූ ආකාරයට මාස 18ක්රඳවා ගන්න හැකියාව තිබුණි. මෙය 2022 අප්රේල් වෙනස් වුණාං. 1979 අංක 48 දරණ ත්රස්තවාදය වැළක්වීමේ පනතෙන් පුද්ගලයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙනවා, දේශපාලන විරුද්ධවාදීන්ව සහ වෘත්තීය සමිති නායකයන්ව මර්දනය කරන්න හදනවා යනුවෙන් එක්සත් ජාතීන්ගේ සවිධානය, මාන්ව හිමිකම් කවුන්සිලය, බොහෝ බර රටවල් දැඩිව කතා කළා. ඒ අනුව තමයි 2022 සංශෝධනයක් ගෙනාවේ. ඒ අනුව 9වැනි වගන්තිය යනුවෙන් කොටසක් ගෙනාවා. මෙයින් පනතේත්යම් යම් දේවත්වෙනස් කර තිබෙනවා. ඒ අනුව පුද්ගලයෙක්ව උපරිම රදවා ගන්න පුළුවන් කාලය මාස 18 සිට මාස 12 දක්වා අඩු කර තිබෙනවා. මීළඟට වැදගත්ම දේමයි 9 (1) අවගන්තියේ කියනවා, මේ පනත යටතේ යම් අයෙක් වෙනුවෙන් රැඳවුම් නියෝග රැගෙන තිබෙනවා නම්, එකී පුද්ගලයා රදවා ගන්නා ස්ථානයට ආසන්නතම අදාළ මහේස්ත්රාත්වරයා වෙත පැය 48ක් තුළ ඉරිපත් කළ යුතුයි යනුවෙන්. එවිට ඒ සැකකරුව ගිහින් බලන්න මහේන්සේස්ත්රාත්වරයාට සම්පූණ බලයක් තිබෙනවා. මහේස්ත්රාත්වරයාට පමණක් නොවෙයි, 1996 අංක 22 දරන මානව හිමිකම් සංශෝධන පනත අනුව මානව හිමිකම් කොමිසම බලය දෙන නිලධාරියෙකුටත් සැකකරුවබැලීෂ්ම අයිතිවාසිකම ලබා දී තිබෙනවා. 1994 වර්ශයේ කෲර අමානුෂික අවමන් සහගත ක්රියාවට එරෙහි සම්මුති පනතට ලංකාව අත්සන් කර තිබෙනවා. ඒ අනුව මෙකී සැකකරුවන්ට වධ දීම වැළැක්වීම සඳහා මහේස්ත්රාත්වරයාට සෘජු ප්රවේශයක් තිබෙනවා. මාසෙකට වරක් මේ සැකකරුව බලන්න මහේස්ත්රාත්වරයා යා යුතුයි. ඒ අවස්ථාවේ සැකකරුට පුළුවන් තමන්ට කෲර, අමානුෂික, අවමන් සහගත අයුරෙන් වචනයෙන් හෝ ක්රියාවෙන් සලකා තිබේද යන්න පිළිබඳව මහේස්ත්රාත්වරයාට දැනුම් දෙන්න. ඒ අනුව මහේස්ත්රාත්වරයාට පුළුවන් රැඳවුම්කරුව වෙනත් ස්ථානයක රඳවන ලෙස නියෝග කරන්න. ඒවගේම මහේස්ත්රාත්වරයාට පුළුවන් මේ තැනැත්තාව අනිවාර්යයෙන් අධිකරණ වෛද්යවරයෙක් වෙත යොමු කරන්න. ඒ අනුව අදාළ පුද්ගලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙලාද කියලා බලන්න පුළුවන්. 2022 සංශෝධනය අනුව මහේස්ත්රාත්වරයාට විශාල බලයක් ලබා දී තිබෙනවා. මීළඟට මහේස්ත්රාත්වරයා යටතේ නීතිඥවරයෙක්ටමේ රැඳවුමිකරුව බලන්න යන්න හැකියාව තිබෙනවා. මීට පෙර මේ හැකියාව තිබුණේ නැහැ. ඒවන්ම සංශෝධන පනත යටතේත්මාස 12ක් රඳවාගෙන සිට නඩුවක් ගොනු කර නැත්නම් අනිවාර්යයෙන්ම අප ලබාගෙන ඇප පිට එළියට එන්නත් පුළුවන්. 2022 සංශෝධනය නිසා එක්සත්ජොතීන්ගේත්මානව හිමිකම් කවුන්සිලයේපැසසුම අපිට හිස්වුණි.
නමුත් සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාර පැවැත්වෙනවා. ලංකාවේ වර්තමානයේ රැඳවියන් කිහිපදෙනෙක් මේ පනත යටතේත්රවා තිබීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්මේ සැසිවාරයේදී ප්රශ්න කෙරෙනවා. ඒ නිසා ලංකාවට දැන් කරන්න තිබෙන දේ තමයි මේ රැඳවියරඳවාගෙන සිටින කාලය අඩු කරන්න යම් ප්රවේශයක් ලබා ගැනීම. ඒ අනුව අධිකරණ ඇමතිවරයාට සංශෝධනයක් ගෙන ආ හැකියි. එසේ නැත්නම් මේ පනත යටතේ රඳවා ගැනීම ඉවත් ක්කර සාමාන්ය නීතිය යටතේ ප්රශ්න කළ හැකියි.
සාමකාමී අරගල හමුවේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත
අරගලය සාමකාමී නම් කිසි ලෙසකින් ත්රස්තවාදය වැළැක්වීමේ පනතෙහෝ දණ්ඩනීති සංග්රහය යටතේ අත්අඩංගුවට ගන්න බෑ. මහේස්ත්රාත්වරුන්ගෙන් පවා ම්හිමේ අරගලය නවත්වන්න කියලා ඉල්ලුවාම ඔවුන් කිවිවේ භාෂණයේ හා ප්රකාශනයේග්නිදහස, ආඩුව විවේචනය කිරීමේ අයිතිය, ආණ්ඩුවට එරෙහිච්ච හඩක් නැගීමේ අයිතිය ජනතාවට තිබෙන බවයි. සාමකාමීව රැස්වීමේ අවස්ථාව ජනතාවට තිබෙනවා. නමුත් ඒ තුළින් වෙනත් අයගේ අයිතිවාසිකම් කැඩෙනවා නම්, මන හෝ රාජ්ය දේපළ විනාශ කරන්න හදනවා නම්, රාජ්ය දේපළවලට ඇතුල් වෙන්න තිබෙන ඉඩ වහනවා නම්, ඒ යටතේ අත්අඩංගුවට ගත හැකි බව මේ අවස්ථාවේ දක්වා සිටියා. අරගල කියන දේ ලංකාවේ පමණක් නොවෙයි වෙනත් රටවලත් ඇතිවී තිබෙනවා. නමුත් ජනතාවට ප්රවේශ වෙන්න නොදී මරමස්ථාන දවස් ගණන් අත්පත්කරගෙන සිටීම වගේ දේවල් සාමකාමී අරගලයක ලක්ෂණද යන්න පිළිබද ගැටලුවක් තිබෙනවා. හමුදා නිලධාරීන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ඔවුන්ගේ ආයුධ උදුරාගෙන තිබෙනවා නම්, එවැනි අවස්ථාවලදී ආරක්ෂක අංශ විමර්ශනය කරලා අදාළ සැකකරුවන්ව රදවාගෙන ප්රශ්න කිරීමේ අයිතියක් තිබිය යුතුයි. ඒ හැර අහිංසක පාගමනක් යනවා නම්, අහිංසකව ජනතාව විරෝධතාවක් දක්වනවා නම් ඔවුන්ව අත්අඩංගුවට ගන්න බැහැ. එහෙම කළොත් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් යටත්තේ 14වන ව්යවස්ථාව උල්ලංඝනය වෙනවා. ඒ අනුව මේක තෝරා බේරාගත යුතුයි. මේ විරෝධතා තුළ කඩාකප්පල් ක්රියාවනුත් වෙනවා. අපි සාමකාමී විරෝධතාවන්ට කැමතියි. අපි දැක්කා ජනඝෝෂණ නඩුවේදී හිටපු ජර්නාධිපති මහින්ද රාජපක්ෂ මහතා 1994 නවගමුව දේවාලය ඉදිරිපිට බඩු මිල වැඩි වීමට එරෙහිව පුළුල් ලෙස විරෝධය පෑව අවස්ථාවේ ඔවුන්ට ගැවා, ඔවුන්ගේ බර පැලුවා. එවිට ශ්රේෂ්ඨාධිකරණය දැන්වූයේ මෙලෙස විරෝධතා දැක්වීම අයිතියක් බවයි. ඒ අයිතිය මහජනතාවට දිය යුතු බව පැවසුවා. නමුත් කියන්න ඕන මේ විරෝධතාවේදී විරෝධතාකරුවන් අඩුම තරමේ ප්රාදේශීය ලේකම් කාර්යාලයකටවත් පැන්නේ නැහැ. අපි බැලුවොත් ඇමරිකා එක්සත් ජනයේ ට්රම්ප් ජනාධිපතිවරයා ඡන්දයෙන් පරාදවුණාම ඔහුගේ අනුගාමිකයෝ කැපිටල් ගොඩනැගිල්ලට පැන්නා. ඔවුන් විශයන් කළේ. නමුත් මෙලෙස පැන්න කෙනාව අත්අඩංගුවට අරන් අවුරුදු 4ක සිරදඩුවම් දුන්නා. ඒ නිසා අපේ රටේ නීතිය යටත්තේ ප්රශ්න කරන්න අයිතිය තිබෙනවා. නමුත්මෙලෙස රඳවාගෙන සිටින්නේ නිවැරදිකරුවෙක්ව නම් අපිට ශ්රේෂ්ඨාධිකරණයට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් යොමු කළ හැකියි. ඒ අනුව අපි දෙපැත්තම සලකා බලන්න ඕන. එක පැත්තකින් කියන්න පුළුවන් ආරක්ෂක අංශ මෙහෙම පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම වැරදි බවත්, මර්දනයක් ක්රියාත්මක බවත්. නමුත් මෙහි අනෙක් පැත්තකුත්තිබෙනවා. නිදහස් අධ්යාපනය, නිදහස් සෞඛ්යය භුක්තිවිදින ගමන් සිසුන් තමන්ගේ ශිෂ්ය අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථාවක ඒවාට සටන් වදින්න පුළුවන්. හැබැයි ප්රජාතන්ත්රවාදීව ලබාගත් පාලනයක් වෙනස් කිරිම සඳහා ක්රියාකරන්න අවශ්ය නම් ඇයි ඒවා නීත්යානුකූලව කරන්නේ නැත්තේ? ඡන්දයකදී මේ දේවල්ක්රියාත්මක කරන්න පුළුවන්. බඩු මිල ඉහළ යෑම මේ වෙද්දී ලෝකයේ අනෙක් රටවලත්ස්මුහුණ දෙනවා. ඒ අනුව අපි මීට වඩා මේ දෙස බලන්න ඕන. රායට විරුද්ධව කැරලි ගහන එකවත්, රටේ ආරක්ෂාව බිඳ දැමීමවත් නොවෙයි සිදුකළ යුත්තේ. ඒ අනුව සාමකාමී විරෝධතා තුළ යම් යම් කඩාකප්පල්කාරී ක්රියාවන් සිදුවෙනවා නම් ඒවා විමර්ශනය සඳහා ප්රශ්න කිරීමට හෝ සෝදිසි කරන්නට යම් අයෙක් අත්අඩංගුවට ගත්තොත්, ඒ ගත්ත එක වැරදියි කියලා කියන්නත්රටේ නීති තිබෙනවා. වැරදි ආකාරයකින් යමෙක් අත්අඩංගුවට අරක්ගෙන තිබෙනවා නම් වහාම ශ්රේෂ්ඨාධිකරණයට ගිහින් කරුණු දක්වන්න පුළුවන්. හබයා කෝපූස් ගේන්න පුළුවන්. කොමියුනිස්ටි රටකට ත්රස්තවාදය වැළැක්වීමේ පනතක් කියන්නේ පාලකයාගේ ආයුධය කියන එක නිවැරදියි. මේ 1979 ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ නිර්වචනය දෙස බලන්න. ඒනිර්වචනයේ තිබෙනවා ත්රස්තවාදී ක්රියා කියන්නේ අවි ආයුධ අරන් කරන ක්රියා පමණක්ම නොවේ කියලා. විරෝධතා දක්වන්න අයිතියක් තිබෙනවා වගේම අපි හැම වෙලාවකම බලන්න ඕන රටේ ආරක්ෂාව තියාගන්න. ආයුධ දෙකක්නති වෙලා තිබෙන පුළුවන්. ඒ හැර වෙනත් දේවල් සිදුවෙන එකක් නෑ. තැනකට සිවිල් ජනතාවට යන්න බැහැ.එල්.ටී.ටී.ඊ සංවිධානයට අනුබද්ධිත සේපෝරා සංවිධාන කිහිපයක තහනම ඉවත් කළාම ජාත්යන්තරය අපේටට හොඳ කිවිවා. මේ සංවිධාන රටේ සංවර්ධනයට යොදාගන්න අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් ඔවුන් තවත් කොන්දේසි දමා තිබෙනවා. ත්රස්තවාදය වැළැක්වීමේ පන්ත යටතේ අත්අඩංගුවට ගත් එල් ටී.ටී.ඊ සාමාජිකයන් 16ක් අපි නිදහස් කළා. මේ වගේ හොඳ දේවල් අපේ රට කළා කියලා ජාත්යන්තරය අපිට පැසසුම් කළා. නමුත් අපි බලන්න ඕන රටක අනන්යතාවය, රටක පාර්ලිමේන්තුව ගන්න නීති පිළිබඳව ජාත්යන්තරයට හැම වෙලාවෙම මැදිහත් වෙන්න දිය යුතුද යන්න. යම් රටක් වැරදි කරලා තිබෙනවා නම් ඒ සම්බන්ධව විවිධ සම්මුතීන් සම්මත කරගෙන තිබෙනවා. ඒවා අපි පැහැදිලිව දැකලා තිබෙනවා. එලෙස අපේරටටත් එරෙහිව සම්මත කරගත් මානව හිමිකම් සම්මුතීතිබෙනවා. විවිධටවල් අපිට එරෙහිව සම්මුතීන් ගෙනෙයි. අපිට එරෙහිව විශාල ලෙස බලපාන දේවල් කරන එකක් නෑ. ඒ අනුව ජී.එස්.පී , වීසා, ආධාර වගේ දේවල් අහිමි කරන්න
(නදීශානි පතිරණ)