Showing posts with label G 7. Show all posts
Showing posts with label G 7. Show all posts

Tuesday, May 19, 2020

චක්‍රලේඛයද කඩ කරමින් ඇතැම් විදුහල්පතිවරු අනධ්‍යයන කාර්යමණ්ඩලය සේවයට කැදවලා

-අධ්‍යාපන  අනධ්‍යයන සේවක සංගමය
සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් හා අධ්‍යාපන අමාත්‍යාංශය මැයි 11දා නිකුත් කළ චක්‍රලේඛයද කඩ කරමින් විදුහල්පතිවරුන් විසින් පාසල් ආරම්භ කිරීමේ දිනයක් හෝ ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක අනධ්‍යයන කාර්යමණ්ඩල සේවයට කැඳවා ඇති බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පැවසීය.
මෙවැනි තත්ත්වයක් තුළ නැවත සේවයට කැඳවීම හේතුවෙන් අනධ්‍යයන කාර්යමණ්ඩල දැඩි අවදානමකට ලක්ව සිටින බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ අංක 15/2020 හා 2020/05/11 නිකුත් කළ චක්‍රලේඛය කඩකරමින් ඌව හා දකුණ පළාත් අනධ්‍යයන සේවකයින් සියලුදෙනා සේවයට කැඳවා ඇති බවට වාර්තා වන බැවින් එය සෞඛ්‍ය අංශ විසින්ලබාදී ඇති මාගෝපදේශවලටද පටහැණි බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා 'අද'ට ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය පළාත් සභා, පාසල් හා ජාතික පාසල් ගණනාවක සිදුවන බවත්, පාසල් ආරම්භයට දින තුනකට පෙර අනධ්‍යයන කාර්යමණ්ඩල පාසල් වෙත කැඳවීම සුදුසු බවත්, පාසල් විෂබීජහරණය කිරීමෙන් පසු පළමු අනධ්‍යයන කාර්යමණ්ඩලය ගෙන්වා ගැනීමට කටයුතු නොකිර්ම හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව සිටින බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.  මෙම තත්වය දරුවන්ටද අවදානමක් ගෙන එන බැවින් මේ පිළිබඳව සෞඛ්‍ය අංශ උපදෙස්අ නුව කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද තිලකරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහිද පාසල්වල අනධ්‍යයන සේවකයින් සේවයට කැඳවා තිබීම හේතුවෙන් නවාතැන් පහසුකම් ලබාගැනීමේ අර්බුද හා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ අර්බුදවලටද මුහුණ දී සිටින බව තිලකරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

නවෝදි පවනි.