Friday, January 30, 2026

ජපන් ලේබලයෙන් එන විදුලිපංකා අලේවි ජාවාරමක් එළියට

 


නිමල් අල්ගෙවත්ත


ජපන් වෙළෙඳ නාම ව්‍යාජ ලෙස සකස් කළ විදුලිපංකා අලෙවි කළ ජාවාරමක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පක්ෂණයක් ආරම්භ කර ඇත.මේ අනුව පිළියන්දල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් සොයාගත් විදුලිපංකා සඳහා නිසි ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකු පිළිබඳ තොරතුරු පවා අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව අධිකාරිය සඳහන් කළේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමේන් අනතුරුව වරද පිළිගැනීමෙන් පසු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ව්‍යාපාරිකයාට රුපියල් 40,000ක දඩයක් නියම කර ඇත. එමෙන්ම නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ විදුලිපංකා 20ක් රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර ඇත.මෙවැනි වංචා වලින් ආරක්ෂා වීම සඳහා භාණ්ඩයක් මිලදී ගැනීමේදී භාණ්ඩයේ ලේබලය හා අකුරු, නිෂ්පාදකයා හෝ ආනයනකරුගේ නම හා ලිපිනය, උපරිම සිල්ලර මිල, ආයතනික වගකීම් සහතිකය (Company Warranty Card) සහ මුදල් ගෙවීමෙන් පසු නිසි බිල්පතක් ලබා ගැනීම පාරිභෝගිකයන්ගේ අයිතියක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාර්ය අවධාරණය කළේය.


මෙවැනි නොමඟ යවන සුළු ක්‍රියාවන්ගෙන් පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම. සඳහා දිවයින පුරා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවද අධිකාරිය වැඩිදුරටත් පැවැසීය.

නුවරඑළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ තේමා උයනක් ඇරඹිමට කැබිනට් අනුමැතිය

 

ජනුදි ගෝමස්


නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙහරි වැවට යාබදව පිහිටි ඉඩර්ම කොටසක් සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක්(Theme Park) ක්‍රියාත්මක කිරීම සඳහා බැහැර කිරීමට ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගර් වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්වස් 28.04ක ඉඩම් කොටස විදේශ සංචාරකයන් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් සඳහා යෝග්‍ය සංවර්ධන කටයුතු නිර්දේශ කිරීමට අමාත්‍යය මණ්ඩලය පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව නිර්දේශ කර ඇති බව ඊට අදාළව නිකුත් කළ කැබිනට් පත්‍රයේ සඳහන් වෙයි.


ඒ අනුව එකී ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසර 50ක කාල සීමාවකට සුදුසු ආයෝජකයකු වෙත බැහැර කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම් සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමත කරනු ඇතැයි එහි සඳහන් වෙයි.

ගලේවෙල ගොවිපලේ මුරකරු මරා කිරිහලට සුද්දේ දුන් ටයිල් බාස් සාජන්ට මාට්ටු

 අපරාධයක් සිදු කළ පුද්ගලයකුට කිසිදා සැඟව සිටිය නොහැකි බවට ඇති කියමන යළි යළිත් කක්ෂාත් කරමින් මිනිස් ඝාතනයක් සිදු කර පලා ගිය පුද්ගලයකු වසර දෙකයි මාස තුනකට පසු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. මෙම සිදුවීම වාර්තා වනුයේ මාතලේ පොලිස් කොට්ඨාසයට අයත් ගලේවල පොලිසියෙන්ය.ගලේවෙල පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. වසර දෙකහමාරක් තිස්සේ පොලිසියට කට්ටි පැන්න සැකකරු අල්ලා ගැනීමට පොලිසිය ගත් උත්සාහය ඉහත්ය.


මීට වසර තුනකට පෙර එනම් 2023 වසරේ ඔක්තෝබර් 25 වැනිදා ගලේවෙල පොලිසියට පැමිණිල්ලක් ලැබුණේය. එම පැමිණිල්ල ලැබුණේ ගලේවෙල - කුරුණෑගල මාර්ගයේ පිහිටි ජාතික පශු සම්පත් මණ්ඩලයෙනි. ඔවුන් පොලිසියට පැමිණිලි කරමින් කීවේ එම මණ්ඩලයට අයත් ගොවිපොළේ ස්ථාපිත කිරිහල බලා කියා ගත් මුරකරුට පහර දී කිහලට ඇතුළු වී එහි තිබූ බඩු බාහිරාදිය සොරාගෙන ගොස් ඇති බවය.සිද්ධිය සැලවීමත් සමග ගලේවෙල පොලිස් ස්ථානාධිපති විපුල බණ්ඩාරගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ රාජරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වු ස්ථානයට පිටව ගියහ.


කිරිහල පිහිටියේ පොළොව මතුපිට සිට අඩි 7 ක් 8ක් උසකින්ය. කිරිහලේ මුරකරු ඊට පහළ බෑවුම් ඇති කැලෑ කොටසේ වැටී සිටියේය. ඔහුගේ අත් පා සහ මුහුණ ඇඳ ඇතිරිල්ලකින් ඔතා තිබිණි. නිලධාරීන් ඔහු පරීක්ෂා කර බැලීය. ඔහු හුස්ම ගන්නා පාටක් පෙනෙන්නට නොවීය. පසුව තවදුරටත් පරීක්ෂා කිරීමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීනට වැටහුණේය. සිද්ධිය මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර වික්‍රමනායක සහ සහකාර පොලිස් අධිකාර් චන්ද්‍රසිරි ආදින් දැනුවත් කිරීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් ඔත විමර්ශන ඇරැඹීය. පසුව සිද්ධිය වූ ස්ථානයට මාතලේ කොට්ඨාස සොකෝ නිලධාරින් ද කැඳ වූ අතර අධිකරණයට කරුණු වාර්තා මටද පියවර ගැනිණි.


ඒ අනුව දඹුල්ල මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාග් පරීක්ෂණය පැවැත් වූ අතර මහෙස්ත්‍රාත්වරයාගේ උපදෙස් මත මියගිය පුද්ගලයාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා යොමු කරන්නට විය. මෙලෙස මියගොස් තිබුණේ කරුපයියා ස්වාමිනාදන් යන හැට හැවිරිදි මුරකරුය. ඔහු රං වැඩියාව, ගලේවෙල පදිංචිකරුවෙකි. ඒ අතර විමර්ශන ඇරැඹූ නිලධාරීට පශු සම්පත් මණ්ඩලයේ, කිරිතල භාර නිලධාරීන් පැවැසුවේ කරුපයියා මරා දැමූ සොරුන් කිරිහලේ දොර කඩා ඇතුළු වී එහි තිබූ පැණි බෝතල්, පොල් තෙල් බෝතල්, කිරි බෝතල් ඇතුළු ගොවිපොළේ නිෂ්පාදිත රුපියල් ලක්ෂයකට ආසන්න බඩු බාහිරාදිය පැහැර ගෙන ගොස් ඇති බවය. ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර ඇතුළු කණ්ඩායමේ ඊළඟ අවධානය යොමු වූයේ කිරිහල අවට ස්ථාපිත සී.සී.ටී.වී. චේතය. එය විමර්ශනයට මහඟු පිටිවහලක් විය. එම රූප රාමු සෝදිසි කිරීමේදී ඊට පෙරදින රාත්‍රී දොළහට පමණ සිදු වූ හොරකමේ සියලු තොරතුරු එහි සටහන් වී තිබුණේය.


පුද්ගලයන් දෙදෙනකු එම කිරිහලට පැමිණෙන අයුරුත් ඒ වන විට එහි මුරකරු කිරිහල අසල මේස දෙකක් එකට යා කොට එහි නිදා සිටින අයුරුත් පැමිණි පුද්ගලයන් ඔහු සමග පොර බදිමින් මුරකරු පොරවා සිටි ඇඳ ඇතිරිල්ලෙන් ඔහුගේ අතපය හා මුහුණ වසා තද කරන අයුරුත් එම කැමරාවල පැහැදිලිව සටහන් වී තිබිණි.පසුව ඔවුන් කිරිහලට ඇතුළු වීමට උත්සාහ කරද්දී අතපය සිතා දමා තිබු මුරකරු යළි කෑගසන අයුරුත් පසුව නැවත දෙදෙනාමු පැමිණ ඇඳ ඇතිරිල්ලෙන් ඔහුගේ මුහුණ තද කරන අයුරුත් එහි සටහන් වී තිබිණි. 


එමෙන්ම ඉන් අනතුරුව දෙදෙනාම එක්ව මුරකරු කිරි ගලට පහළින් ඇති බෑවුම් ප්‍රදේශයට ඔසවාගෙන ගොස් දමන අයුරු ද එම රූප රාමුවල දිස් විය. ඒ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වුවද කොල්ලයට පැමිණි පුද්ගලයන් දෙදෙනා කාගේ කවුද යන්න අනාවරණය නොවීය. ඒ අතර සිද්ධියෙන් මියගිය මුරකරු සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද පොලිසියට ලැබුණේය. ඔහු හුස්ම හිර වීමෙන් මිය ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් විය.විමර්ශන ඇරැඹූ නිලධාරීන් කිර්හගේ මුරකරු මරා එහි තිබූ බඩු බාහිරාදිය කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ රුව සහිත සී.සී.ටී.වී. රූප රාමු ඒ අවට පදිංචිකරුවන්ටත්, මත්කුඩු ලෝලීන්ට සහ විවිධ පුද්ගලයන්ට පෙන්වමින් ඔවුන්ගෙන් තොරතුරු හෝ හදුන ගැනීමට දැඩි උත්සාහයක් ගත්තේය.


මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාවක් සහිත සී.සී.ටී.වී. කැමරා රූප රාමුද රූපවාහිනී ප්‍රවෘත්ති හරහා විකාශනය විය.ඒ අතර එම ප්‍රවෘත්ති නැරැඹූ පුද්ගලයකු ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා හමුවි පවසා ඇත්තේ සී.සී.ටී.වී. රූප රාමුවල සටහන් වී ඇති පුද්ගලයන් දෙදෙනාට සමාන රුව ඇති දෙදෙනකු සිද්ධියට පැය කිහිපයකට පෙර උසාවිය අසල තේ කඩයකට පැමිණි තේ පානය කළ බවය. ඒ අනුව ස්ථානාධිපතිවරයා දඹුල්ල උසාවිය අසල එම තේ  කඩයට ගොස් තොරතුරු දුන් පුද්ගලයා හමු වී තවදුරටත් විස්තර විමසා ඒ ඔස්සේද විමර්ශන ඇරැඹු අතර එහිදී ස්ථානාධිපතිවරයාට පෙනී ගියේ සී.සී.ටී.වී. රූප රාමුවල සිටින පුද්ගලයන් දෙදෙනාත් කඩෙන් තේ පානය කළ දෙන්නාත් එකම අයවලුන් බවය.


සර් ෂම් දෙන්නා පයින් තමයි කඩයට ආවේ. මම හිතන විධියටමි මේ පැත්තේ උන් දෙන්නෙක් වෙන්න ඇති " ස්ථානාධිපතිවරයාටද ඒ සැකය ඇති විය.ඒ අනුව නිලධාර්න් එම සී.සී. ටී. වී. රූප රාමු එම ප්‍රදේශයේ පුද්ගලයන්ට පෙන්වමින් පුද්ගලයන් හඳුනා ගැනීමට වෙර දැරිය. ''සර්... ඔය පින්තූර වල ඉන්න එකෙක් තමයි මංජු කියන්නේ. මිනිහා කුඩු ගහන එකෙක්. සොරකම් වලටත් සම්බන්ධයි'' මිනිහා කොහේද ඉන්නේ" තොරතුර දුන් පුද්ගලයා මංජු පදිංචිව සිටින තැනද කීවේය. ''ඔකා ඉන්ගේ අමීමත් එක්ක නිලධාරීන් සැකාර මංජුගේ නිවෙස සොයා ගියේය. ඒත් මංජුල නිවෙසේ නොවීය. නිලධාරීන් ඔහුගේ මවගෙන් මංජු ගැන විමසුවේය. ''සර්.. මංජු මගේ පුතා තමයි. ඊයේ රෑ එයා තව කවුද කෙනෙක් එකක මෙහෙ ආවා. ඇවිත් රැම යන්න ගියා”


මවගේ ප්‍රකාශයෙන් නිලධාරීන්ට මංජු ගැන තිබූ සැකයද වැඩි විය. නිලධාරීන් මංජු සොයා විමර්ශන ඇරැඹු වේ. එතැන් පටන්ය.එහෙත් මංජු සොයා ගැනීම එතරම් පහසු නොවීය. වැඩිදුරටත් කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ මංජු වෙනත් වරදකට අවිස්සාවේල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඒ වන විටත් කුරුවිට බන්ධනාගාරයේ රඳවා ඇති බවය..

පසුව තවදුරටත් ඔහු සම්බන්ධයෙන් කළ විමසීමේදී මංජු ඇප ලබා ගැනීමට මුදල් නොමැති වි සිත බන්ධනාගාර ගතව සිටින බවටද තහවුරු විය. පසුව ඔහු සමබන්ධයෙන් දැඩි අවධානයෙන් සිටීමෙන් පසු ඇප මත නිදහස්ව බන්ධනාගාරයෙන් පිටතට පැමිණී මොහොතේදී නිලධාරීන් ඔහු කුදලා ගත්තේය.


පසුව ගලේවෙල පොලිසියට රැගෙන ගිය මංජුගෙන් නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. " මම ඒකව දන්නේ නැහැ. තොටළඟදී කුඩු ගහන්න ගිහින් තමයි මට පොරව සමීඛ වුණේ සර්, '' මංජු පොලිසිය හමුවේ කීවේය.

"කෝ උඹලා කිරිකඩේ කඩලා අරගෙන ගිය බඩු''


''සර්... අපි ඒකේ තිබුණ පැණි. නෝතල්, කිරි තල්, කිරිහොරි, පොල්තෙල් බෝතල් තමයි පෝර උර දෙකක දාලා අරගෙන ගිහින් තොටළඟ පේමන්ට් එකේ දාලා විකිණුවා. ඒවයින් හම්බ වුණු සල්ලිවලින් අයිස්, ගැහැව්වා '' කෙසේ වෙතත් සකකරුගේ ප්‍රකාශය මත ඔහු සමඟ සොරකමෂ්ට ගිය අනෙක් පුද්ගලයාගේ නම් ගම් පොලිසියට අනාවරණය නොවූ අතර එම පුද්ගලයා තොටළඟ පදිංචිකරුවකු යැයි පොලිසිය සැක කළේය.වෙනක් පොලිසියක රාජකාරි කල සැරයන් අජිකත් ලාල් නිශාන්ත  (58833) ගලේවෙලට ස්ථාන මාරුවක් ලැබ පැමිණියේ ඔය අතරය, ඔහුගේ හැකියාවන් පිළිබද අවබෝධයක් ස්ථානාධිපතිවරයාට තිබිණි. ඔහු අනෙත් සැකකරු සොයන රාජකාරීය සැරයන් නිශාන්තට පැවැරුවේ ඉන් පසුවිය.


සැරයන් නිශාන්ත සැකකාර පුද්ගලයා සොයා තොටළඟට ගියේ සී.සී.ටී.වී. කැමරා රූප රාමුද සමඟය. එම රූප රාමු තොටළඟ පදිංචිකරුවන් මෙන්ම ග්‍රාම සේවක වෙතද ඉදිරිපත් කරමින් රූප රාමුවල සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනීමට සැරයන්වරයා වෙහෙසුණේය. එම සී.සී.ටී.ටී. රූප රාමු තොටළඟ ප්‍රදේශයේ කුඩු තිප්පොළවල කුඩු පානය කරන්නවුන්ටද පෙන්වීමට සැරයන්වරයා අමතක කළේ නැත. මෙලෙස තොරතුරු සොයමින් සිටියදී තොටළඟ පදිංචි කාන්තාවක් සැරයන්වරයාට මෙසේද කියා තිබුණේය.


''සර් ඕකුන් මම දන්නවා. උන් ඇවිල්ලා පැණි බෝතල්, කිරි බෝතල් වික්කා, අර පරණ ටොයිලට් එකේ තමයි කුඩු ගහන්නේ, එතැනට ගියා නම් තව විස්තර දැන ගන්න පුළුවන්''එම තොරතුරුද සමඟ ගිය සැරයන්වරයා ප්‍රදේශයේ ග්‍රාමසේවක හමුදා තන් සොයාගත් තොරතුරු ඔහු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා "සුරේෂ් " නත්තකු බවට තහවුරු කර ගත්තේය.


ඉන් අනතුරුව වසර දෙකකට වැඩි කාලයක්ම සැරයන්වරයා සුරේෂ් පසුපස වේ ඇල්ලීය. වරෙක ලද තොරතුරට අනුව සැරයන්වරයා කටුගස්තොටට ගියේය. තවත් වරෙක සුරේෂ් රංවල ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව සැරයන්වරයා රංවලට ගියේය. මෙලෙස ගම් ගණනාවකට ගිය සැරයන්වරයාට ඉකුත් සතියේ තවත් තොරතුරක් ලැබුණේය. ඒ සුරේෂ් නමැත්තා දරුවන් සිවු දෙනෙකු සිටින කාන්තාවක් සමග විවාහ වී බඩල්ගම් ප්‍රදේශයේ ජීවත්වන බවය. සැරයන්වරයා බඩල් ගමට ගොස් සුරේෂ් සෙවීය. ග්‍රාම සේවකද හමුවිය. ඔහුගෙන්ද තොරතුරු ලබා ගත්තේය. එහිදී තවත් තොරතුරක් ලැබිණි. ''සර් ඔය ගෑනි ළමයි හතර දෙනාම එයාගේ අළම ගාව දාලා කටුකෙන්ද පැත්තේ පොල් මෝලක වැඩ කරනවා. ඔය මිනිහත් එක්ක.” තොරතුර ලද සැරයන්වරයා කටුකෙන්දට ගොස් සුරේෂ් ගැන තොරතුරු සෙවීය. දරුවන් පාසල් නොයෑම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සුරේෂ් සමග සබඳ කමක් පවත්වන කාන්තාව ග්‍රාම සේවකවරයා හමුවිමට එන බවට සැරයන්වරයාට තොරතුරක් ලැබිණි.


සැරයන්වරයා එහි ගියේ පරිවාස නිලධාරියකු ලෙස වෙස් වලාගෙනය. එහිදී දරුවන්ගේ මව් හමු වූ පරිවාස නිලධාර්න් වෙස්ගත් සැරයන් වරයා තොරතුරු ලබා ගැනීමේ මුවාවෙන් ඇය සමගම සුරේස් අසඟටම ගියේය. සුරේස් කොටුවුයේ එලෙස ඒ මුරකරු මරා වසර දෙකහමාරකට පසුවය. අත්අඩංගුවට පත්ව පුද්ගලයා ටයිල් බාස් කෙනෙකු ලෙස රැකියාව කල අයෙකි.

හැම පාසලකටම අන්තර්ජාල පහසුකම් නෑ

 


ගයාන් සූරියආරච්චි


පළමු වැනි ශ්‍රේණියට අදාළ මොඩියුල්වල කිව්.ආර්. කේත 43 ක් පමණ අන්තර්ගත කර ඇති හෙයින් ඒවා පාසල් දරුවන්ට  ලබාදීමට නම් ෆෝන්, උපකරණ ලබාදීම අවශ්‍ය බවත් අන්තර්ජාල පහසුකම් මේ රටේ පාසල් කීයකට තිබේදැයි තමා ප්‍රශ්න කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු අමාත්‍ය මහාචාරිය ජී.එල්. පීර්ස් මහතා පැවැසීය.


ඔහු මෙසේ පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර යටිතල පහසුකම් ලබා නොදෙන්නේ නම් ඒ බර දරුවන්ගේ මවුපියන්ට දැරීමට සිදුවන බවයි.


ගුරුවරුන් පුහුණු කරන මධ්‍යස්ථාන කීයකට අන්තර්ජාල පහසුකම් තිබේදැයි ප්‍රශ්න කළ හිටපු අමාත්‍යවරයා නාගරික සහ ග්‍රාමීය පාසල්වල පරතරය අඩු කිරීම සාධාරණත්වය අතින් ඉතා වැදගත් වන බව කීය. සියලු සිසුන් පෙනී සිටින්නේ පොදු විභාගයකට බැවින් මිල මුදල් ඇති මවුපියන්ගේ සිසුන් වටිනා ටැබ් යන්ත්‍ර මිලදීගෙන අධ්‍යාපනය හැදෑරීම් කරන විට දුප්පත් මවුපියන්ගේ දරුවන් පහසුකම් නොමැතිව අධ්‍යාපනය හැදෑරීමත් තුළින් සමාජ පරතරය අඩුවෙනවා වෙනුවට එය වැඩිවන බවද හෙතෙම පැවැසීය.


එමගින් මේ රටේ පාසල්වල දරුවන් අතිබහුතරයකට සිදුවන්නේ සාධාරණයක් නොව අසාධාරණයක් බවත් ඕනෑම රටක අධ්‍යාපන පද්ධතිය විටින් විට වෙනස් විය යුතු අතර එහි ප්‍රතිසංස්කරණ නිර්මාණය කර ක්‍රියාත්මක කළ යුතු බවත් එහි ප්‍රයෝජන සියලු දෙනාටම ලැබිය යුතු බවද ඔහු පැවැසීය.6 වැනි ශ්‍රේණියේ මොඩියුලය පිළිබඳ ප්‍රශ්නය අද වන විට ලොකු ආන්දෝලනයට ලක්ව ඇති අතර ඉන් ඔබ්බට ගොස් සමස්ත ප්‍රතිසංස්කරණවලට අදාළවන ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා අවශ්‍ය කරුණක් බවත් ජී.එල්. පීරිස් මහතා පැවැසීය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් මෙරට ක්‍රියාත්මක කළ යුතු අතර එය අධ්‍යාපනයට ලබාදෙන අනාගත ප්‍රතිශක්තිකරණ එන්නතක් බවය.එන්නතක් පුද්ගලයකු දීමට කොපමණ කාලයක ගත යුතුද යන්න අප දන්නා බවත් එය පරීක්ෂණ ගණනාවක් කිරීමෙන් අනතුරුව පුද්ගලයන්ට දිය යුතු බව පැවැසූ ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ මේ අධ්‍යාපනය පැහැදිලි වැඩපිළිවෙළක් සමග ඉදිරිපත් කළ යුතුව තිබෙන බවය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ ආණ්ඩුව අත ගැසූ ප්‍රධාන කාර්යයක් වන අතර ආණ්ඩුව කරන්න හැදූ සෑම ව්‍යාපෘතියක්ම ෆේල් වුණු නිසා අඩුම තරමේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෝ හරියට ක්‍රියාත්මක කිරීමේ වගකීමක් පවතින බව ද ශාන්ත බණ්ඩාර මහතා කීය.


අප මීට වසර 20 කට පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබූ බවත් අවාසනාවකට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් නොවූ බව කියූ ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් හිටපු විෂය බාර අමාත්‍යවරුන් සමග පාර්ලිමේන්තුවේදී කතා කළ බවය.එහිදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද අදහස් දැක්වූ අතර, මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීහු පිරිසක් සහභාගිවී සිටියහ.

හයර් යන්න එන වැඩිහිටියන් අන්දා සල්ලි රන්බඩු ​කොල්ල කාලා

 

එච්.එම්. ධර්මපාල


කුලී ගමන් යන මුවාවෙන් වයසක අය සහ වෙනත් පුද්ගලයන් රථයට නංවාගෙන දේවස්ථාන මගින් රුපියල් 15,000 ක බඩු මලු සමග ආධාර ලබා දෙන බව පවසා රවටාගෙන ගොස් අතර මගදී සුපිරි වෙළෙඳසල්වලට යවා ඔවුන් සතු රන්භාණ්ඩ කොල්ලකා පලායන කල්ලියක රියැදුරු හා සහායකයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රියැදුරු පිළියන්දල, මඩපාත පදිංචිව සිටින වයස අවුරුදු ( 51) ක් වන අයෙකු බවත් බිරිය සමඟ මෙම ජාවාරමේ නියුතු අයකු ද වන බවත් පොලිසිය කියයි. කටුවාවල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5210 ක් සමග ත්‍රිරෝද රථයද පොලිස් බාරයට ගනු ලැබ ඇත.


ඔහුගෙන් කළ විමර්ශනයට අනුව දෙවැනි සැකකරු දෙහිවල වනරතනපාර ප්‍රදේශයේදී උකස් තුණ්ඩු තොගයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇති වයස අවුරුදු (43) ක් වන අයකුද වන බවත් පොලීසිය පැවසීය. ත්‍රිරෝද රථ රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලට අනුව සිය බිරිද සමග ත්‍රිරෝද රථයෙන් ගොස් පුද්ගලයන් රවටා දේපළ කොල්ලකා එම භාණ්ඩ විවිධ ප්‍රදේශවල උකස් කර ඇති බවටත් අනාවරණය වී ඇති බැවින් මඩපාත බිරියගේ නිවෙස පරීක්ෂාවට ලක්කළ විට ඇය ප්‍රදේශය හැර පලා ගොස් ඇති බවටත්, ත්‍රිරෝද රථය පාදුක්ක ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 3 කට මිලදී ගෙන ඇති බවත් අනාවරණය වී ඇතැයි ද පොලීසිය පැවසීය. බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

යතුරුපැදි ධාවනයේ සිටියදී මෝටර් රථයක ගැටී මියගිය 17 හැවිරිදි සිසුවා


චමිලා අල්විස්


හොරණ ඉලිඩ ප්‍රදේශයේදී තරගයට යතුරුපැදි ධාවනයේ සිටියදී මෝටර් රථයක ගැටී මියගිය 17 හැවිරිදි සිසුවා සහභාගී වූ යතුරුපැදි ධාවන තරගය වීඩියෝ ගත කළ සහ සංවිධානය කළ තරුණයන් සිවුදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 2 දක්වා රිමාන්ඩ් කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.


මෙසේ රිමාන්ඩ්ගත කරනු ලැබුවේ වයස අවුරුදු 20 සහ 21 වියේ පසුවන හොරණ රත්මල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මද්දුමාගේ ගයාශාන් මදුශංක නමැති තරුණයකු සහ එම ප්‍රදේශයේම පදිංචි උමේශ මාදව, බටගොඩ, ගල්පාත ප්‍රදේශයේ පදිංචි බමුණුගේ යසිඳු දෙව්මිත, කරදන ප්‍රදේශයේ පදිංචි යසිදු ශාන්ත බණ්ඩාර නමැති තරුණයන්ය.


මෙම තරුණයන් සිවුදෙනා හොරණ ඉළිඹ ප්‍රදේශයේදී යතුරුපැදි ධාවනයේ යෙදී මෝටර් රථයේ ගැටී 17 හැවිරිදි සිසුවකු මිය ගොස් 21 හැවිරිදි තරුණයකු තුවාල ලැබූ යතුරුපැදි ධාවන තරගය වීඩියෝ ගත කළ සහ සංවිධානය කළ බව කියන හතර දෙනකු බව හොරණ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති විමල් ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු හඳුනා ගත් බව අධිකරණයේදී හෙළි විය.


මෙම යතුරුපැදි ධාවන තරඟයේදී සසිඳු දෙව්මිත් ප්‍රසන්න නමැති 17 හැවිරිදි සිසුවෙකු මියගිය අතර 21 හැවිරිදි තරුණයා බරපතළ තුවාල ලබා තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව අධිකරණයේදී හෙළි විය.මෙම යතුරුපැදි තරගය සංවිධානය කළ සහ එම තරගයට සහභාගී වූ තරුණයන් සහ මියගිය සිසුවාගේ අවමංගල්‍ය පෙරහරේදීත් තනි රෝදයෙන් යතුරුපැදි පැදවූ තරුණයන් අත්අඩංගුවට ගත් අතර අවමංගල්‍ය පෙරහරේදී හිස් වැසුම් නොමැතිව ධාවනයේ යෙදුණු තරුණයන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ මූලස්ථාන පොලිසිය මෙහෙයුම් සිදුකරයි. 

පෙම්වතා කියන එක්දරු පියා අත්අඩංගුවට

 



බිමල් ශ්‍යාමන් ජයසිංහ


විසිහතර හැවිරිදි පෙම්වතියට කොස්සකින් සහ අතින් පයින් පහර දී ඝාතනය කළැයි පෙම්වතා බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව කුඩා වස්කඩුව, පදිංචිව සිටි හේශලා කාවින්දි සිල්වා තරුණියයි. අපරාධයෙන් පසු පලාගොස් සැඟව සිටි සැකකරු දින දෙකකට පසු පෙරේදා (28) සවස පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඝාතනය අගුලාන සයුරුපුර මහල් අටකින් යුත් නිවාස සංකීර්ණයේ ඉහළ මාලේ මුදුනත පිහිටා තිබෙන විදුලි සෝපාන පාලන කාමරයේදී සිදුවී ඇත.


එක්දරු පියකු වූ සැකකරු බිරියගෙන් වෙන්ව ජීවත් වන අතර මීට අට මසකට පමණ ඉහත සිට මෙම තරුණිය හා සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.දැඩිව මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති බව කියන සැකකරු තරුණියගෙන් මුදල් ලබාගෙන ඇයද ඒ සඳහා යොමු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් තරුණියගේ මවුපියන් ඇය නිවෙසට ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිසිය කියයි.


අගුලාන සයුර මහල් නිවාස සංකීර්ණයේ නිවෙසක සැකකරුගේ සහෝදරයකු ජීවත් වන අතර මව ඒ ආසන්නයේ තවත් නිවෙසක ජීවත් වන බවත් සැකකරු තරුණියට ආහාර පවා ලබා දෙන්නේ මවගේ නිවෙසින් හෝ සහෝදරයාගේ නිවෙසින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොවුන් දෙදෙනා ඉකුත් 26 වැනිදා සවස් කාලයේ සයුර මහල් අටකින් යුත් නිවාස සංකීර්ණයේ ජී කොටසේ ඉහළ මුදුනත රැඳී සිට ඇති අතර ඉහළ මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත විදුලි සෝපාන පාලන කාමරයේදී දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සැකකරු කොස්සකින් සහ අතින් පයින් තරුණියට පහරදී පලා ගොස් ඇත.


තරුණියක් කොන්ක්‍රීට් තට්ටුව මත වැටී සිටින බවට පසුදින දහවල් කාලයේ ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් සිදු කළ විමර්ශනවලදී එම තරුණිය මියගොස් ඇති බවට අනාවරණය වූයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට කටයුතු කෙරිණි.

තරුණියගේ මුළු ශරීරය පුරා තැලීම් තුවාල රැසක් සහ ශරීරය නිල් පාට වී ඇති අයුරු දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කරයි.මෘත ශරීරය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කෙරිණි.26 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.

වැලිසර දී අවසන් සුසුම් හෙළූ සීවිල් භටයාගේ මරණය: විවෘත තීන්දුවක්

 


 



 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 


පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 78 වැනි නිදහස් නිදහස් සැමරුමේ ආචාර පෙළපාළිය පෙර පුහුණුවීම් සඳහා වැලිසර නාවික හමුදා කදවුරට පැමිණ සිටියදී මියගිය නාවික හමුදා ලුතිනන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වූ උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය සී. ඞී කරුණාරත්න මහතා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දුන්නේය. ලුතිනන්වරයාගේ සිරුරු කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යැවීමට නියමිත අතර රස පරික්ෂක වාර්තාවෙන් පසු ලුතිනන්වරයාගේ මරණයට හේතු දක්වන බව අධිකරණ වෛද්‍යවරයා දැනුම් දී ඇත. 


වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දිනූෂි පෙරේරා මහත්මිය මෙම මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබිණි.උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රමේශ් අලවන්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ විශේෂ යාත්‍රා බල ගණයේ ලුතිනන් මහාවිතානගේ දොන් කෝයන් චමිත (28) මහතාය.


ඔහුගේ බල ගණය එන්. ආර්. ඉසෙඩ් 40610 වේ. ලුතිනන් චමිත මහතා ගම්පහ ඔරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ දී මාස හයක කාලයක් තිස්සේ දැඩි සහ අතිශය දුෂ්කර කටුක සිල් භට පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම සිල් භටයා වූයේ ද ලුතිනන් චමිත මහතාය.


මියගිය ලුතිනන් චමිත මහතා පවුලේ එකම දරුවා වූ අතර මව පල්ලේවත්ත ගමරාළලාගේ චම්පා පල්ලේ වත්ත (63) මහත්මිය පෞද්ගලික විදුහලක ගුරුවරියක් වූවාය. පියා එම්. ඩී. ඒ මහවත්ත වූ අතර ආපනශාලාවක හිමිකරුවෙක් විය.


“පුතාට අපි දන්නා තරමින් රෝගයක් තිබුණේ නැහැ. ඔහු නිරෝගීව සිටියා. පුතා නාවික හමුදාවට බැඳීලා පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පුහුණු පාඨමාලාවක් හදාරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු සිල් බටයා බවට පත්ව සිටියා. පසුගිය වසරේ අගෝස්තු මාසේ තමා පුතා එම පාඨමාලාව හදාරා පැමිණියේ. අපේ පුතා ලංකාවට කීර්තියක්  සහ අභිමානයක් ගෙන දුන් අයෙක්. ඒ ගැන අප නිහතමානීව ගොඩක් සතුටු වුණා. ඒ වගේම අපට හිටිය එකම පුතාගේ අකල් මරණය අපට දරාගන්න බැහැ යැයි ලුතිනන් චමිත මහතාගේ මව්පියෝ පැවැසූහ. 


ත්‍රිකුණාමලය නාවික කඳවුරේ විශේෂ යාත්‍රා බල ගණයේ රාජකාරී කරමින් සිටි අතරවාරයේ 78 වැනි නිදහස් උළෙල වෙනුවෙන් පැවැත්වෙන සම්මාන ආචාර පෙළපාළියට නාවික හමුදාව වෙනුවෙන් සහභාගි වීමට මෙරට නාවික හමුදා ඉතිහාසයේ පළමු සිල් බටයා ලුතිනන් චමිතට භාග්‍ය හිමි විය.ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරට පැමිණ පෙර පුහුණුවීම් ලබමින් සිටියේය.සුපුරුදු පරිදි පසුගිය විසි හත් වැනිදා ද ලුතිනන් චමිත මහතා පෙර පුහුණුවීම්වල නිරත වී නාවික හමුදා කඳවුරේ නේවාසිකාගාරයට රාත්‍රී කාලයේ ගොස් ඇත්තේ නිදා ගැනීමටය. පසුදින 28 එනම් වැනිදා උදෑසන 9.30 පමණ වනතෙක් ද ලුතිනන් චමිත මහතා අවදි නොවීම නිසා සහෝදර නිලධාරින් කිහිප දෙනකු විපරම් කර බලා ඇත. 


ඔහු සිහිසුන්ව සිටින බවක් පෙනී ගිය නිසා කඩිනමින්ම කඳවුරේ වෛද්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.වෛද්‍යවරුන් ඔහු පරීක්ෂා බලා මියගොස් ඇති බව දැනුම් දීමෙන් අනතුරුව මේ බව මහබාගේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අමිල බණ්ඩාර මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත මෙම මරණය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කරනු ලැබුවේ මහබාගේ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කීර්ති රත්න සහ පොලිස් කොස්තාපල් වීරසිංහ (103636) මහතා විසිනි.


වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට මේ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.ඇමෙරිකා එක්සත් ජනපදයේ දී මාස හයක කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කර මෙරටට පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කෝයන් චමිත මහතා නාවික හමුදාපති වයිස් අග්නිරාල් කාංචන බානගොඩ මහතා හමුවූයේ අගෝස්තු පසුගිය වසරේ පස්වැනිදාය.


ශ්‍රී ලංකා නාවික හමුදාවට පමණක් නොව මව්බිමට ඉමහත් දුන් කීර්තියක් අභිමානයක් ගෙන ලුතිනන් චමිත මහතා නාවික හමුදාපතිවරයාගේ විශේෂ ඇගයීමකට ද එදින ලක්විය. නාවික හමුදාපතිවරයා හමුවීමෙන් අනතුරුව ලුතිනන් චරිත මහතා සමග කතාබහ කිරීමට හැකි විය.ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ අනුග්‍රහය ඇතිව 999-45 පාඨමාලාව සඳහා තමා තෝරාගෙන ඇති බව දැනගැනීමෙන් පසු කිව නොහැකි තරම් සතුටට පත් වූ බව පැවැසූ ඔහු මෙය තමා කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවන බව ද සඳහන් කළේය.


මෙම පුහුණු පාඨමාලාවට යාම සඳහා මවුපියන්ගේ ද නොමඳ ආශිර්වාදය ලැබුණු බව ඔහු එදා වැඩිදුරටත් කියා සිටියේය. මෙම පුහුණු පාඨමාලාව අතිශයින්ම කටුක දුෂ්කර අවදානම් පුහුණු පාඨමාලාවක් බව ද මෙහිදී ඔහු කියා සිටියේය.මෙම පුහුණු පාඨමාලාවට සහභාගි වීම සඳහා ලුතිනන් චමිත් මහතා ඇමෙරිකාව බලා ගියේ 2024 වසරේ මැයි මාසයේදීය. මුලින්ම ඔහුට ඉංග්‍රීසි පාඨමාලාවකට සහභාගි වීමට සිදුවූ අතර සිල් බටයකු ලෙස පුහුණුවීම සඳහා එහිදී තෝරා ගනු ලබන්නේ ලබන්නේ ද එම ඉංග්‍රීසි පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරිමෙන් අනතුරුවය. හෝල් වීක් යනුවෙන් සඳහන් දින හතක විශේෂ පුහුණු පාඨමාලාවක් ද මෙයට ඇතුළත්ය. ඉරිදා දිනයක රාත්‍රියේ සිට සිකුරාදා දක්වා මෙම පුටු මාලාව පවත්වා ඇති අතර ඒ කාලය තුළ දිනකට නිදාගන්න ලුතිනන් චමිත් මහතා ඇතුළු එම පාඨමාලාව හැදෑරූ නාවික සෙබළුන්ට ලැබෙන්නේ පැය පහක කාලයක් පමණි.


මෙම පුහුණු පාඨමාලාවේදී සිදු කෙරෙන්නේ සිරුරේ යොග්‍යතාව සාදා ගැනීමය. ඕනෑම කටුක තත්වයක් යටතේ දරා ගැනීමේ හැකියාව මෙම සයමස් පාඨමාලාවේ දී පුහුණු කර ඇති අතර සෙල්සියස් අංශක හත සහ නමය අතර ශීතලක් දරා ගැනීමේ හැකියාව ද මෙහිදී පුහුණු කර ඇත. නිතරම උදෑසන ගැඹුරු මුහුද එක දිගට පිහිනීම, මුහුද යට කිමිදිලා සංග්‍රාමික යුද පුහුණුවීම් ලුතිනන් චමිත මහතා විසින් සාර්ථක ලෙස හදාරා ඇත.


 

ගොඩබිම් සංග්‍රාමික යුද පුහුණු අභ්‍යාසවලට ද මේ කාලය තුළින් සහභාගී වී ඇති ලුතිනන් චමිත් මහතා ඇතුළු සෙබළ කණ්ඩායම නියමිත කාලසීමාවක් තුළ අතිශය දුෂ්කර කඳු ඒවා කර ඇත. මෙසේ අකාලයේ තරුණ වියේදීම ලුතිනන් චමිත මහතා සිය ජීවිත සැරිය නිම කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් තවත් බොහෝ දේ ඉටු කිරිමටට තිබියදීය.


ගම්පහ සුමේධ විද්‍යාලයෙන් මූලික ඉගෙනුම ලබා ඇති ඔහු පසුව සාමාන්‍ය පෙළ හදාරා ඇත්තේ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයෙනි.ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසලෙන් උසස් පෙළ හදාරා ශිෂ්‍ය භටයකු ලෙස නාවික හා සාගර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ඇත. කුඩා කල සිටම නාවික හමුදාවට එක්වීමට තිබූ ආශාව නිසා ඔහු 2017 වසරේ දී නාවික හමුදාවට එක් වී ඇත.නාවික හමුදාවේ තව බොහෝ දුර ගමනක් යමින් විකුම් පෑමට සිටි ලුතිනන් කෝයන් චමිත මහතා නාවික හමුදාවේ පූර්ණ ගෞරව සහිතව ගම්පහ ඔරුතොට පොදු සුසාන භූමියේ දී අද (30) සවස 4.00 ට මිහිකත සයනයේ සැතපීමට නියමිතය.

අඹ යහළුවෝ හොරට ගහලා ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

  

බිමල් ශ්‍යාමන් ජයසිංහ


ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද අඹ යහළුවෝ පොත් විකිණීම හා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කළුතර ව්‍යාපාරියකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුව සදහන් කරයි.වාණිජ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේ 39 හැවිරිදි අයෙකි.


කළුතර දකුණ ප්‍රදේශයේ පවත්වාගෙන යන පොත්හලක ව්‍යාජ අඹයහළුවෝ පොත් ප්‍රදර්ශනය කර විකිණීමට තබා තිබූ බව පැමිණිල්ලේ සඳහන්වේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 2 විමර්ශන කටයුතු සිදු කරයි.

පොලිස් කත කුඩු ඇද්දේ ගෙයි උකස බේරාගන්න

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200 ක්සමග අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරිය කුඩු නෝනා යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන කාන්තාව ළඟ සිය ඉඩම උකස් තබා ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම මුදල සහ ඊට අදාළ පොලිය ගෙවා ගැනීමට මගක් නොවූ නිසා ඇයගේ (කුඩු නෝනා) කුඩු ජාවාරම්වලට සහාය දී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාරිග සදහන් කරයි.


කුඩු ජාවාරම්වලට සම්බන්ධ විවිධ තරාතිරමේ පොලිස් නිලධාරින් සැලකිය යුතු පිරිසක් පසුගිය කාල වකවානුවල අත්අඩංගුවට ගෙන ඇතත් පොලිස් කොස්තාපල්වරියක මත්ද්‍රව්‍ය ජාවාරමකට අත්අඩංගුවට ගනු ලැබුවේ මෑත ඉතිහාසයේ පළමු වතාවට බව ද කියයි.


කුඩු නෝනා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය මත්ද්‍රව්‍ය ද සමග බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශනය කරමින් සිට ඇත.බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරී කරනු ලබන මෙම පොලිස් කොස්තාපල්වරිය ඒ අතර වාරයේ කුඩු නෝනා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඇය සමග හිතවත් කමක් ගොඩනගාගෙන ඇත.


හදිසි මුදල් අවශ්‍යතාවක් පැන නැගීම නිසා 'කුඩු නෝනා' නැමැති කාන්තාවට කොස්තාපල්වරිය සතු ඉඩමක ඔප්පුව උකසට තබා ලක්ෂ තුනක මුදලක් ලබාගෙන ඇතැයි කියයි.ලක්ෂ තුනේ ණය මුදලට නියමිත පොලිය ගෙවා ගැනීමට නොහැකිව සිටි අතරවාරයේ කුඩු නෝනා නැමැත්තියගේ දියණියක කොස්තාපල්වරිය සමග කතා බස් කර පොලි මුදල් අවශ්‍ය නොවන බවත් හැකි ඕනෑම කාලයක ලක්ෂ තුනේ ණය මුදල ගෙවා ඉඩමේ ඔප්පුව නිදහස් කර ගැනීමට හැකියාව තිබෙන බවත් පවසා තමන්ගේ කුඩු ජාවාරම්වලට සහාය ඉල්ලා ඇතැයි ද පැවැසේ. අත්අඩංගුවට ගෙන දින හතක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා සිටින කොස්තාපල්වරියගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරිම්වල දී මෙම තොරතුරු අනාවරණය වීයැයි පොලිසිය සඳහන් කළේය.


කොස්තාපල්වරිය ඒ සඳහා එකඟ වී ඇතැයි පැවසෙන අතර කුඩු නෝනා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන කාන්තාවගේ දියණිය විසින් කරන ලදැයි කියන ඉල්ලීමක් අනුව මෙම කොස්තාපල්වරිය ඇයගේ මවගේ නමින් බැංකු ගිණුමක් විවෘත කර ඇති බව ද පොලිස් පරීක්‍ෂණවලින් තොරතුරු අනාවරණය වී තිබේ. පොලිසිය පවසන ආකාරයට මෙම බැංකු ගිණුම විවෘත කරවාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ දිනකය.


කුඩු නෝනා නැමැත්තියගේ දියණිය ජාවාරම්වලින් උපයා ගන්නා මුදල් කොස්තාපල්වරියගේ මවගේ බැංකු ගිණුමට තැන්පත් කරවා පසුව කොස්තාපල්වරිය හරහා ලබාගෙන තිබෙන බව ද පොලිසිය කියයි.බැංකු ගත කරවා ගත් එම මුදල් වරින් වර එම ගිණුමෙන් ලබාගෙන කුඩු නෝනා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන කාන්තාවගේ දියණියට ලබා දී දක්වන සහයෝගය වෙනුවෙන් එසේ මුදල් භාර දෙන සෑම වාරයක් පාසාම රුපියල් 5000 සහ 6000 අතර මුදලක් කොස්තාපල්වරියට දී තිබෙන බව ද පරික්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


කොස්තාපල්වරියට නැවත ඉල්ලා ගන්නා තෙක් සඟවා තබා ගන්නා ලෙස පවසා හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් දී ඇති අතර ඇය ඒවා ද රැගෙන පොලිස් නිල නිවස වෙත යමින් සිටි අතරවාරයේ ලද තොරතුරක් අනුව අඹගස්ඵෝව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.


කොස්තාපල්වරියගෙන් ප්‍රශ්න කර හෙළි කර ගත් තොරතුරු මත කුඩු නෝනා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඒ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර සිටි කාන්තාව ද ඇයගේ දියණිය සහ එම දියණියගේ සැමියා සහ තවත් කාන්තාවක් ද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබූහ.

දියණියට පහර දුන්නැයි සිසුවා බසයෙන් බස්සවා කනට ගහලා සැරයන් පියා රිමාන්ඩ්

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


පාසල නිම වී පැමිණෙමින් සිටි සිය දියණියට පහර දුන් බව කියන සිද්ධියක් හේතුවෙන් 14 හැවිරිදි පාසල් සිසුවකු බලහත්කාරයෙන් බස් රථයෙන් බිමට බස්සවා කනට ගැසූ බව කියන පොලිස් සැරයන්වරයකු පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොළ පොලිසිය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මීගමුව පොලිස් අධිකාරි කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක සැරයන්වරයෙකි. පහරකෑමකට ලක්වූ බව කියන දාහතර හැවිරිදි සිසුවා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම සැරයන් අත්අඩංගුවට ගෙන ඇත.


පාසල නිම වී බස් රථයෙන් නිවෙස බලා පැමිණෙමින් සිටි පොලිස් සැරයන්වරයාගේ දියණියට දාහතර හැවිරිදි සිසුවා පහර දුන් බව නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටි පොලිස් සැරයන්වරයකු වන තම පියාට ඇය දැනුම් දී ඇතැයි පොලිසිය කියයි. දියණිය මේ බව දැනුම්දීමෙන් පසු සැරයන්වරයා ඔහුගේ හිතවතුන් දෙදෙනකු ද සමග මෝටර් රථයකින් පැමිණ බස් රථය හරස්කර නවත්වාගෙන ඇත.


බස් රථය තුළ සිටි සිසුවා බලහත්කාරයෙන් බිමට බස්සවා ඔහුගේ කනට පහරක් ගසා තිබෙන බව පොලිසිය සඳහන් කළේය.සිසුවාගේ කනට ගැසූ බව කියමින් ගත් අඩංගුවට සැරයන්වරයා හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (30) දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

දිට්වාගෙන් බැට කෑ 48,000ත් තවම නෑ ​​ගෙවල්වල

 


 

විමුක්ති එස්. රුද්‍රිගු


දිවා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්වයන්ගෙන් පීඩා විඳි පවුල් 48,350 ක් තම නිවෙසට පදිංචියට යෑමට නොහැකිව තවමත් නෑදෑයකුගේ, මිත්‍රයකුගේ හෝ කුලී නිවෙසක සිටින බවත් තවමත් පවුල් 2,199 ක් අවතැන් කදවුරුවල සිටින බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.


අවතැන් වූ පුද්ගලයන් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ ගියත් පීඩාවට පත් වූ ජනතාවගේ මානුෂීය අවශ්‍යතා ඒ ආකාරයෙන්ම පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමට, සේදුම් පහසුකම් ලබා ගැනීමට, බාහිර සාධක හේතුවෙන් පවුල් විසිරීම වැළැක්වීමට, මනෝ සෞඛ්‍ය පීඩාවට පත් වූ ළමයින්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය අවශ්‍ය කර තිබෙන බව එම වාර්තාව පෙන්වා දුන්නේය.


දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ළමයින් 8,90,000 කගේ අධ්‍යාපනය කඩා කප්පල් වී තිබූ බව එම වාර්තාවේ දැක්වේ.ඉන් 8,22,751 පාසල් ළමයින් බවත් 68,000 ක් පෙර පාසල් ළමයින් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ එම වාර්තාවේ සඳහන් විණි.දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහ පවුල්වලට අඛණ්ඩව සහාය සැපයීම සඳහා පසුගිය 21 වැනිදා වනවිට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 65 ක් පමණ) මුදලක් අවශ්‍යව තිබූ බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.


පසුගිය 21 වැනිදා වනවිට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්වයෙන් පීඩා විඳි ළමයින් සහ පවුල් සඳහා සහාය දීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 4.73 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 146 ක් පමණ) මුදලක් ලැබී තිබූ බවත් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 30 ක් පමණ) මුදලක් ලබාදෙන බවට සහතිකය දී තිබූ බවත් එම වාර්තාවේ දැක්වේ.

 

 

ආපදා හේතුවෙන් පීඩාවට පත් ළමයින්ට සහ පවුල් වලට අවශ්‍ය හදිසි ජීවිතාරක්ෂක සහාය සැපයීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 7.8 ක (ශ්‍රී ලංකා රුපියල් රුපියල් කෝටි 241 ක් පමණ) මුදලක් අවශ්‍ය බව ද එහි සඳහන් විය.දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ලක්ෂ 12 ක ජනතාවට හදිසි ජීවිතාරක්ෂක සහාය අවශ්‍ය බවත් ඉන් 5,27,000 ළමයින් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවක දැක්විණි.

ඒ.ඩී.බී. එකේ ඩොලර් මිලියන 200ක් ගැනීම අධ්‍යපන ප්‍රතිසංස්කරණවල ඉලක්කයයි

 

යොහාන් භාසුර


ආණ්ඩුව ආරම්භ කළ 1වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කිආර් කෝඩ් 42 ක් ඇති බවත් එම කිල්ආර් කෝඩ් 42 පළමු වාරයට පමණක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ (29) පැවසීය.ආණ්ඩුව අර්බුද මැද මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන අතර මෙය පසුගිය ආණ්ඩුව ඇදගෙන ගොස් ක්‍රියාත්මක නොකළ ප්‍රතිසංස්කරණයක් බවත් ඒඩීබි එකේ (ආසියානු සංවර්ධන බැංකුව) මිලියන 200 ගැනීම මෙහි ඉලක්කය බවත් ස්ටාලින් මහතා කීය.


ග්‍රාමීය සහ අවාසිදායක මට්ටමේ සිටින දරුවන් සිටින පාසල්වලට මෙම පහසුකම් දෙන්නේ කෙසේද යන ගැටලුව මතුවී ඇති බව කියන ජෝශප් ස්ටාලින් මහතා 1 වැනි ශ්‍රේණියට ප්‍රතිසංස්කරණ ආරම්භ කළ දරුවන් 13 වැනි ශ්‍රේණියේදී ඔවුන් අත්පත්කර ගන්නේ කුමන ආකාරයේ ජයග්‍රහණද කියන දේ මේ දක්වා තීරණය කර නොමැති බවද සඳහන් කළේය.


1 වැනි ශ්‍රේණියේ ගුරුවරුන් පුහුණුකර ඇත්තේ පළමු වාරයට පමණක් බවත් ගුරු අත්පොතක් දී නොමැති මෙන්ම ගුරු අත්පොත මාර්ගගත ක්‍රමයට ඇති බවත් ඒ පිළිබඳව අධ්‍යාපන ඇමැතිවරිය නොදන් බවත් ජෝශප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.

කෙහෙළියගේ වත්කම් නඩුව: රත්නපුරේ ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

 


රොෂන් තුෂාර


අයථා දේපළ රැස්කිරීමේ විත්තිකරුවකු ලෙස නම් කොට ඇති හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට රත්නපුරයේ ඉඩම් හා මැණික් පතල් තිඛෙන බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නොමග යවා රුපියල් ලක්ෂ තුන්සීය (30,000,000.00)ක මුදලක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන රත්නපුරයේ ව්‍යාපාරිකයකු ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.


කෙහෙළිය රඹුක්වැල්ල සැකකරුට අයත් මුදල්වලින් කොටසක් සන්තකයේ තබා ගැනීමේ සැකයට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගබ්බෙල මොහොට්ටාලගේ නිහාල් සිසිර කුමාර සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීති විරෝධීව උපයාගත්තේ යැයි කියන රුපියල් 748,000,000 ක මුදලින් රුපියල් 30,000,000 ක මුදලක් ළඟ තබා ගනිමින් මුදල් විසුද්ධිකරණ පනත යටතේ වරදක් කිරිම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


මෙහිදි අල්ලස් කොමිසම කියා සිටියේ සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රත්නපුරේ ඉඩම් සහ මැණික් පතල් තිබෙන බවට අධිකරණයේ දී ඉදිරිපත් කළ කරුණු පිළිබඳ සොයා බැලූ අල්ලස් කොමිසමට එවැනි කිසිදු ඉඩමක් හෝ මැණික් පතලක් සොයා ගැනීමට නොහැකි වූ බවය.


ප්‍රදේශවාසීන්ගෙන් කළ විමසීමක දී මැණික් ඉඩමක් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඩ්‍රෝන කැමරා යොදාගෙන විමර්ශන කළ බවද අල්ලස් කොමිසම පැවසීය. ඒ අනුව සැකකරු අඩංගුවට ගත් බවත් විමර්ශන තවදුරටත් සිදු කරන බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොමිසම ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

කොළඹ ඇස් රෝහලට කිසියම් වෛද්‍ය කණ්ඩායමක් බලපෑම් කරමින් ඉන්නවා

 

නිමල කොඩිතුවක්කු


කොළඹ ජාතික අක්ෂි රෝහලේ කටයුතුවලට කිසියම් වෛද්‍යවරුන් කණ්ඩායමක් බලපෑම් කරමින් සිටින බවත් එම බලපෑම් හේතුවෙන් ගිය වසර දෙක තුනක කාලයේදී රෝහලේ අධ්‍යක්ෂවරුන් පස් දෙනකුට ඉවත්ව යෑමට සිදුවූ බවත් එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.


බරපතළ සිත් වේදනා හේතුවෙන් එම වෛද්‍යවරුන් පස් දෙනාගෙන් දෙදෙනකුට හෘදයාබාධ ඇතිවී අයෙකු මියගොස් අනෙක් අධ්‍යක්ෂවරයාගේ ජීවිතය යන්තමින් බේරුණ බවද ඔහු ප්‍රකාශ කළේය.තමාටද මෙම පිරිසෙන් පීඩාවක් සහ බලපෑමක් එල්ල වුවත් එම තත්වයන්ට මුහුණ දෙමින් කටයුතු කරන බවද කොළඹ ජාතික අක්ෂි රෝහලේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂවරයා පැවසීය. ජයරුවන් බණ්ඩාර මහතා මෙසේද කීය.


ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච සහ ඖෂධ හිගයක් නැහැ. ඉතා හොඳින් රෝගී ප්‍රතිකාර කටයුතු සිදුවෙනවා. දිනකට රෝගීන් 1500 ක් පමණ බාහිර රෝගී අංශයට පැමිණෙනවා. මෙහෙම තිබියදී එක් පිරිසක් හදිසි වෛද්‍ය වර්ජනයක් හරහා රෝහලට කළුපැල්ලමක් එක්කිරිමට කටයුතු කළා.ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ගේ අනුමත සංඛ්‍යාව 121ක්. නමුත් අපට දැන් වෛද්‍යවරුන් 125ක් ඉන්නවා. එකසිය විසිපහකට වැටුප් ගෙවන්න පුළුවන්ද කියල ගණකාධිකාරිතුමන්ගෙන් කළ විමසීමකදී එතුමා ප්‍රකාශ කළේ අවසර තියෙන්නෙ එකසිය විසි එකකට පමණක් කියලයි. 


එතකොට මම වැඩිපුර ඉන්න වෛද්‍යවරුන් හතර දෙනකු මුදා හැරියේ නැත්නම් ලබන මාසෙ හතර දෙනකුට වැටුප් ගෙවන්න බැරි වෙනවා. අන්ත ඒ ස්ථාන මාරුවීම් කිරීම සම්බන්ධයෙන් තමයි මේ වර්ජනය කැඳවා තිබෙන්නේ.යම්කිසි කණ්ඩායමක් ඔවුන්ගේ අණට කීකරු නොවේ නම් මෙහි සිටින අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අභූත චෝදනා නගමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙත්සම් යොමුකරමින් නැති - භීතිකාවක් ගොඩනංවනවා. එහි ප්‍රතිඵලයක් විදියට සෞඛ්‍ය අමාත්‍යාංශය හිතනවා මේ අධ්‍යක්ෂකවරයා ඉඳිද්දි රෝහල පාලනය කරන්න බැහැ, මේ රෝහල මහා අකර්මණ්‍ය, අගාධයක් කියලා. 


ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට සිද්ධවෙනවා රෝහල යථාතත්වයට පත්කරන්න, වෙනත් අධ්‍යක්ෂවරයකු පත් කරන්න. ඒ අධ්‍යක්ෂවරුන් කොතරම් පීඩාවට පත්වුණාද කියනව නම් දෙදෙනකුට හෘදයාබාධයක් හැදිලා එක් අයකුගේ යන්තම් ජීවිතය බේරුණා. අනෙක් අධ්‍යක්ෂවරයාට මියයන්න සිද්ධ වුණා. මේ හදිසි ස්ථාන මාරුවීම්වල ප්‍රතිඵලයක කොටසක් ඒක. හදිසි ස්ථාන මාරුවීම් සහ සිත් රිදවීම්වලට ඔවුන් වප්‍රාකාරව සම්බන්ධයි.

මගේ දැනුමේ හැටියට මේ ජාතික අක්ෂි රෝහලේ කිසිදු පරිපාලන ගැටලුවක් නැහැ. විශේෂඥ වෛද්‍යවරුන් සියයට සියක් රෝහලේ රෝගී සත්කාර සේවා අඛණ්ඩව ඉතාම හොඳින් කරගෙන යන්න සූදානම්. එක්කෙනෙක් දෙන්නෙක්ගේ තක්කඩි කම් නිසා රෝහල නිරන්තරයෙන් පැරදිච්ච ස්වභාවයක් තියෙන්නේ”

රේගු ලොක්කා මැතිසබා කමිටුවට

 


 


සුජිත් හේවාජුලිගේ


බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් පෙරේදා (28) මූලික කරුණු විමසීමක් කළේය. බහාලුම් පැමිණීම, ඒවා රදවා තැබීම සහ පිට කිරීමේ යාන්ත්‍රණය පිළිබඳව මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා තොරතුරු ගැනීමක් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.

 

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මීළඟට කැඳවන නිලධාරීන් කවුදැයි විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීමේ දී තීරණය කිරීමට නියමිතය.පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම රැස්වී මාස තුනක දී විමර්ශන කටයුතු අවසන් තීරණය කර ඇත.බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා කා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් විශේෂ කාරක සභාව පසුගියදා කෙරිණි.මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාය.


වරාය සහ සේවා ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ අජිත් පී. පෙරේරා, ඩී.වී. චානක, මුජිබුර් රහුමාන්, මයිල්වාගනම් ජෙගදීස්වරන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු කාරක සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.


කන්ටේනර් පරීක්ෂාවකින් තොරව මෙසේ පිට කර ඇතැයි පැවසෙන්නේ පසුගිය වසරේ ජනවාරි 17 සහ 18 යන දෙදිනේදීය.මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇති විය. ඒ ගැන කරුණු සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත්කෙරුණේ අනුවය.

Thursday, January 29, 2026

හිටපු වෛද්‍යවරිය දරු ප්‍රසූතියක් සඳහා වසරකට පෙර නිවාඩු ගිහින්

 


මුදිත බණ්ඩාර


වයඹ පළාත් සභාවට අයත් රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පාලනය වන බුළුවල ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය සඳහා වෛද්‍යවරයෙක් දැනට නොමැත. ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි මෙම වෛද්‍ය ප්‍රතිකාර ඒකකයෙන් ග්‍රාම නිලධාරි වසම් 33ක පමණ ජනතාවක් ප්‍රතිකාර සඳහා පැමිණේ. නමුත් එහි වෛද්‍යවරයෙක් නොමැති නිසා රෝගී ජනතාව ඉතාමත් අපහසුතාවට පත්ව සිටිති. දුර බැහැර සිට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට මේ දිනවල සිදුවනුයේ හිස් අතින්ම ආපසු හැර යෑමටය. සමහර අසරණ රෝගීන් දහස් ගණන් දී ත්‍රිරෝද වලින් පැමිණෙන අවස්ථාද ඇත.


මෙම ඒකකයේ සිටි වෛද්‍යාවර්ය දරු ප්‍රසූතිය වෙනුවෙන් පමණ වසරක කාලයක් නිවාඩු ගෙන ඇතිමුත් එම වෛද්‍යවරිය නැවත පැමිණෙන තුරු මෙම ස්ථානයට තාවකාලිකව හෝ වෛද්‍යවරයෙක් පත් නොකරන්නේ මන්ද යන්න ප්‍රදේශවාසීන්ට මහත් ගැටලුවකි. විශේෂ සායන අවස්ථාවලට පමණක් බැහැරින් වෛද්‍යවරයෙක් පැය තුන හතරකට පමණක් පැමිණෙන මුත් ආර්ථික මෙන්ම ගමනාගමන දුෂ්කරතාවලින් යුත් මෙම ප්‍රදේශයේ අසරණ රෝගීන් ප්‍රතිකාර ගැනීමට මෙම ස්ථානයට පැමිණෙන්නේ අපහසුතා මධ්‍යයේ මහත් පරිශ්‍රමයක් දරාගෙනය. එසේ පැමිණ ප්‍රතිකාරයක් නොගෙන ආපසු යෑමට සිදු වීම බරපතළ ගැටලුවකි.


වයඹ පළාත් සෞඛ්‍ය බලධාන්ගේ මෙන්ම ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ අවධානය මේ කෙරෙහි යොමුව කඩිනමින් මෙම ස්ථානයට වෛද්‍යවරයෙක් පත් කර එවීමට කටයුතු කරනු ඇතැයි ප්‍රදේශශ්වාසීහු හුදෙක්ම බලාපොරොත්තුවෙන් සිටිති.

කන්නෝරුවේ සිරිධම්ම හිමියන්ට කෝටියක මැණික් කරඩුවක් පූජා කරයි

ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන කනෝරුවේ සිරිධම්ම හිමියන්ට කහවන්නේ මැණික් වව්‍යාපාරිකයෙක් විසින් රුපියල් කෝටියකට වඩා වටිනා මනික් ඔවන ලද කරඬුවක් පූජා කරන ලදී.


ගුරුගේ මැණික් නිර්මාතෘ දිවංගත ජිනදාස ගුරුගේ මහතා සිහිපත් කිරීමට ඔහු සහ ස්වර්ණ ගුරුගේ මහත්මියගේ විවාහ සංවත්සරය වෙනුවෙන් කත්නොරුවේ හිමියන් වැඩමවා ධර්ම දේශනාවක් පැවත් වීමෙන් පසුව කරඬුව පූජා කිරීම ගුරුගේ මැණික් හිමිකරු ගයාන් ගුරුගේ සහ ඔහුගේ මව් වන ස්වර්ණා ගුරුගේ මහත්මිය අතින් 25 වැනිදා සිදුවිය.මෙම විශේෂිත කරඬුවට කැරට් අටක නිල් මැණිකක්ද ඔබිබවා ඇති අතර තවත් වටිනා නිල් මැණික්, රතු කැට ඇතුළු වටිනා මැණික් රැසක් ඔවා තිබේ. රන් ආලේපිතව කැටයම් යොදා කරඬුව නිර්මාණය කර තිබිණි .


මැණික්වල වටිනාකම ගණන් නොබැලූ බව කරඬුව පූජා කළ කහවත්ත ගුරුගේ මැණික් හිමිකරු ගයාන් ගුරුගේ මහතා පැවැසීය. වත්මන් වෙළෙඳපොළ වටිනාකම මෙය පුජනීය කටයුත්තක් නිසා අනුව රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් සහිත මැණික් කරඬුවට ඔබ්බවා තිබේ. බ්ලූ සැෆයාර් වර්ගයේ  මැණික් ගල් 32ක්ද කරඬුවට ඔබ්බවා තිබේ.


එල්. නිරෝෂණ

ව්‍යාපාරිත සැමියාගේ මරණයට විවෘත තීන්දුවක්

 සාරිපොටකින් ගෙල සිරකර මරා දැමූ බවට සැකකරන වනපාරිකයකුගේ අබිරහස් මරණයක් සම්බන්ධයෙන් රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ එම පුද්ගල මරණය සම්බන්ධයෙන් ලද වෘත තීන්දුවක් නිසාය.සිද්ධියෙන් මරණයට පත් වූයේ ගනේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි සුසන්ත ධර්මික නමැති 60 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.


මොහුගේ සිරුර මෙම නිවෙසේ උඩු මහලේ කාමරයක තිබී පොලිසිය සොයාගෙන ඇත. රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. මියගිය පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කරන්නකු බව පොලීසිය කියයි. මිය ගිය පුද්ගලයා මීට වසර 33කට පෙර විවාහ ජීවිතයට එළැඹ ඇති වුවත් ඔහුට දරුවන් දෙදෙනකු සිටින බව පවසන පොලිසිය ඔහුගේ එක් දරුවකු පුතකු වන අතර ඔහු රැකියාව කරන අයකු බවත් දියණිය කුඩා දරුවන් දෙදෙනකුද සමඟ එම නිවෙසේම පදිංචිව සිටින බවත් කියයි.


නිතරම බීමතින් පැමිණෙන නිවෙසේ හිමිකරු සිය බිරිය සමඟ ආරවුල් ඇති කරගනිමින් ඇයට පහර දෙන බවට විමර්ශනයේදී තොරතුරු හෙළිව තිබිණි.ඉකුත් දිනෙක බිමතින් නිවෙසට පැමිණෙන ඔහු බිරිය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර ඒ වන විට නිවෙසේ සිට ඇත්තේ මිය ගිය පුද්ගලයාගේ දියණිය පමණක් බවත් පුතා රැකියාවට ගොස් ඇති බවත් සඳහන්ය. නිර්ය සහ සැමියා අතර ඇති වූ ආරවුල උත්සන්න වී ඇති අතර අවසානයේ එම ආරවුල උඩුමහල තෙක් ඇදී ගොස් පසුව තීව්‍ර වී ඇතැයි විමර්ශනයේදී හෙළිව තිබේ. ඒ වන විට දියණිය පහත මාලයේ රැඳී සිට ඇති අතර පියා බීමතින් පැමිණ මව සමඟ ඇති කරගන්නා ආරවුල් ගැන ඇය හොඳින් දන්නා නිසා ඇයද ඊට නිහඬව සිට ඇති අතර මොහොතකට පසු මව පහත මාලයට පැමිණ වෙනදා මෙන් නිවෙසේ වැඩවල යෙදී ඇතැයි කියයි.


කෙසේ වෙතත් රාත්‍රි කාලයේ දියණියගේ දරුවන් නිවෙසට පැමිණ ඇති අතර ඔවුන් කෝ සියා" යනුවෙන් මවගෙන් විමසා ඇති අතර සීයා උඩතට්ටුවේ ඇති බව මව දැනුම් දීමත් සමඟ එක් කුඩා දියණියක් උඩුම්හලට ගොස් නිදා සිටි සියා අවදි කරවන්නට උත්සාහ ගෙන ඇතැයි හෙළිව තිබේ. ඒ වන විට නිවෙසේ හිමිකරු උඩු මහලේ කාමරයක වැටී සිට ඇති අතර සීයා අවදි නොවීම නිසා කුඩා දියණිය ඒ බව සිය මවට පවසා ඇතැයි කියයි. පසුව හිමිකරුගේ දියණිය උඩුමහලට ගොස් සිය පියා අවදි කරවන්නට උත්සාහ කර ඇතත් ඔහු අවදි නොවීම නිසා හොඳින් පරීක්ෂා කරද්දී පියාගේ මුවින් සෙම ගලාගොස් ඇති අයුරු දැක ඇය කෑගසා ඇති බවද කියයි.


පසුව අහල පහළ පිරිස්ද නිවෙසට පැමිණි ඇති අතර පසුව ඒ බව රැකියාවට ගොස් සිටි පුතාටද දැනුම් දී තිබෙන බව කියයි. කෙසේ වෙතත් පසුව 1990 දුරකථනය හරහා සුව සැරිය ගිලන්රථය පැමිණීමෙන් පසු එහි සිටි වෛද්‍ය නිලධාර්න් නිවෙසේ හිමිකරු පරීක්ෂා කොට ඔහු ඒ වන විටත් මිය ගොස් ඇති බව දැනුම් දී තිබේ.කෙසේ වෙතත් එම අවස්ථාවේ මවගේහැසිරීමේ වෙනසක් දැකීම නිසා පියාගේ මරණය සම්බන්ධයෙන් මවගෙන්ද විමසීමක් කර තිබූ බවද නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.


පසුව සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසියට දැනුම්වත් කිරීමෙන් පසු ඒ බව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව වැලිසර වැඩබලන මහෙස්ත්‍රාත්වරයාගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මිය ගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංකගේ උපදෙස් මත රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක විජේසිංහගේ මෙහෙය වීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අබේරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයෙන් පසු නිවෙසේ හිමිකරුගේ විය සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.


එහිදී බීමතින් පැමිණි මියගිය සැමියා සමග ඇති වූ ආරවුලක් මත ගෙල සාපොටකින් හිරකර ඔහුගේ මරණය සිදු කොට ඇති බවට සැක කරන තොරතුරු විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති බව වාර්තා විය.කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ ගෙල සිරකරන ලද බවට සැක කරන සාර්ථ කැබැල්ල පුලස්සා දමා තිබියදී විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති අතර එම පිලිස්සුණු සාර් කොටස් විමර්ශනයට අදාළව නඩු භාණ්ඩ ලෙස සොකො නිලධාරින් සිය භාරයට ගෙන තිබේ. 


සිද්ධිය සම්බන්ධයෙන් නිවෙසේ හිමිකරුගේ පුතා සහ දියණියගේද ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළ අතර පසුව එම ප්‍රකාශද බී වාර්තාවක් සමඟ සැකකාර බිරිය වැලිසර මහෙස්ත්‍රාත්  අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දිග 14ක් දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ බව පොලිසිය සඳහන් කළේය.මියගිය පුද්ගලයා වසර ගණනාවක් තිස්සේ නමත්ව නිවෙසට පැමිණෙන බවත් පසුව කුමක් හෝ ප්‍රශ්නයක් මුල්කරගෙන බිරිය සමඟ ආරවුල් ඇතිකරගෙන ඇයට පහර දෙන බවත් සිද්ධිය වූ දිනද එවන් ආරවුලක් ඇතිව ඇති බවත් විමර්ශනයේදී හෙළිව ඇති අතර අවසානයේ එම ආරවුල මරණයකින් කෙළවර වී ඇති බවත් විමර්ශන නිලධාරීහු පවසති.


කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ බිරියගේ ප්‍රකාශයෙන් පසු ඇය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇතත් මියගියපුද්ලයාගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලැබී ඇත්තේ විවෘත තීන්දුවකි. ඒ නිසා ඔහු මියගිය හේතුව තවමත් නිශ්චිත වශයෙන් හෙළි නොවීම නිසා මරණයට හේතුව තවමත් පවතින්නේ අධිරහසක් ලෙසය. එම වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකෙරෙන බව රාගම පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරිහු පවසති.

රට සිට ෆෝනයෙන් මත්ද්‍රව්‍ය ඛෙදලා

 

එච්.එම්. ධර්මපාල


විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තොටවිලගේ ධනුෂ්ක කෞෂල්‍යය නොහොත් “සයිමා” යන අයගේ මෙරට මත්දුව්‍ය ජාවාරම සිදුකරන ප්‍රධාන ගෝලයන් දෙදෙනකු ඉකුත් 27 වැනි දින රුපියල් ලක්ෂ අටකට අධික වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 22000ක් සමඟ රත්මලාන බොරුපන සෙන්ට්රි පාර ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.


ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව බොරූපන සෙන්ටිරී පාර පදිංචිව සිටි පළමු සැකකරුට වයස අවුරුදු 56ක් වන අතර, ඔහු හෙරොයින් මිලි ග්‍රෑම් 12000 ක් සමගද, බොරුපන සෙන්ටිරි පාර පදිංචිව සිටින දෙවන සැකකරුට වයස අවුරුදු 22 ක් වන අතර, ඔහු හෙරොයින් මිලි ග්‍රෑම් 10000 ක් සමග ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.


මෙම ජාවාරම්කරුවන් විදේශගත ප්‍රධාන ජාවාරම්කරුගෙන් ලැබෙන දුරකථන ඇමතුම් අනුව ලැබෙන හෙරොයින් නිවාසවල සිට පැකකර දීර්ඝ කාලයක සිට රත්මලාන, මොරටුව, ලුනාව, අගුලාන, ගල්කිස්ස, කොහුවල, දෙහිවල යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇතැයිද පොලිසිය පැවසීය.

දොස්තර සමිති සටන දිගටම

 


යොහාන් භාසුර


නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඒ ආකාරයටම අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රහාත් සුගතදාස මහතා ඊයේ (28) පස්වරුවේ පැවසීය.


එම සංගමයේ මූලස්ථානයේදී ඊයේ (28) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම තීරණයට එළැඹි බව වෛද්‍ය සුගතදාස මහතා කීය.ඒ අනුව රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරිම අත්හිටුවීම, රෝහල තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරිම අත්හිටුවීම සහ දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවීමෙන් ඉවත්වීම යන වෘත්තීය ක්‍රියාමාර්ග තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද සුගතදාස මහතා පැවසීය. 


ඊට අමතරව අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකකවලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම, රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්ය මණ්ඩලය නොමැතිව රෝගීන් පරික්ෂා කිරීමෙන් ඉවත්වීම සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම ගැටලුවට සාධනීය ලෙස විසඳුමකට එළැඹ, එය ප්‍රකාශයට පත් කරමින් මහජනතාවට ඉදිරියේදී සිදුවිය හැකි පීඩාවක් වේ නම් එය වළක්වා ගැනීමට ඉදිරි පැය 48 ක කාලයක් දීමට ද තීරණය කළ බව ද ඔහු පැවසීය.


සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය දිගින් දිගටම අත්තනෝමතික සහ උද්ධච්ච හැසිරිමක් පෙන්නුම් කරමින් වෛද්‍යවරුන්ගේ සහ මහජනතාවගේ හඬට ඇහුම්කන් නොදෙමින් විසඳුමකට එළැඹීම සඳහා අපොහොසත් වන්නේ නම් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවශ්‍ය ඕනෑම ආකාරයකට තවදුරටත් තීව්‍ර කිරීමේ තීරණ ගැනීමට මධ්‍යම කාරක සභාව විධායක සභාවට පූර්ණ බලතල පැවරූ බව ද ලේකම්වරයා සඳහන් කළේය.


වෛද්‍ය ප්‍රජාවගේ සහ සෞඛ්‍ය පද්ධතියේ දැවෙන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ රජය ආරම්භක පියවරක් හෝ නොගනිමින් අත්තනෝමතික, උද්ධච්ච සහ වගකීම් විරහිත ස්වරූපයෙන් කටයුතු කරන්නේ නම් එමඟින් වන මහජන අපහසුතාව සඳහා වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය බාරගත යුතු බව අවධාරණය කරන බව ද වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් පැවැසීය.


අයි.එම්.එෆ්. පස්වැනි සමාලෝචනය කල්ගියේ දිට්වා කුණාටුව හින්දයි

 

විමුක්ති එස්. රුද්‍රිගු


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය අවසන් කිරීම කල්දමා තිඛෙන බැවින් එය සයවැනි සමාලෝචනය සමග එකට අවසන් කිරීමට තිඛෙන හැකියාව පිළිබදව අරමුදලේ නියෝජිත පිරිස මෙරට රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඊයේ (28) පැවැසුවේය. 


පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම තාවකාලිකව අත්හිටුවා නොමැති බවත් සිදු කර ඇත්තේ පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම කල් දැමීම බවත් ඔහු පැවැසුවේය. පස්වැනි සමාලෝචනය කල්දමා ඇත්තේ ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම හෝ ඉලක්ක සම්පූර්ණ නොකිරීම නිසා නොවන බවත්,පස්වැනි සමාලෝචනය කල්දමා ඇත්තේ දිට්වා සුළි කුණාටුව මෙරටට සිදුකර ඇති ආර්ථික හානිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා බවත් ඔහු ප්‍රකාශ කළේය.


දිට්වා සුළි කුණාටුව යනු මෙරට රජය සිදුකළ වරදකට පැමිණි සුළි කුණාටුවක් නොවන බවද පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය. කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට සිටි සතියක පමණ කාලය තුළදී දිට්වා සුළි කුණාටුව මෙරටට කළ හානිය පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි වූ බවද ඔහු ප්‍රකාශ කළේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ මූලික කරුණු වෙනස් නොවුණත් දිට්වා සුළි කුණාටුවෙන් අරමුදල් වැඩසටහනේ ඇතැම් කොන්දේසිවලට සහ ප්‍රමාණාත්මක ඉලක්ක වලට යම් බලපෑමක් එල්ල වන බවත් ඒ පිළිබඳව මාර්තු මාසයේදී මෙරටට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස රජය සමග සාකච්ඡා කරනු ඇති බවත් පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය.


පස්වැනි සමාලෝචනය – සම්පූර්ණ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් තවත් සති කීපයකින් මෙරටට පැමිණෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. එහිදී ශ්‍රී ලංකාවට සහාය ලබාදිය යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිශ්චිත නිගමනයට එනු ඇති බවද ඔහු පැවැසුවේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පසුගිය 22 වැනිදා සිට ඊයේ (28) දක්වා මෙරට නිල සංචාරයක නිරත වූහ. දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය පිළිබඳව පැහැදිලි පින්තූරයක් ලබා ගැනීම සඳහා එම නියෝජිත පිරිස මෙරටට පැමිණියේය.


නිතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

 

රන්ජන් කටුගම්පොල


පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සම්බන්ධව කටයුතු නොකරන ලදැයි චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිලි සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට නොගන්නා බවත් ඔහුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 


නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සම්පත් බණ්ඩාර යන මහත්වරුන් මෙසේ දැනුම් දෙනු ලැබුවේ, ශානි අබේසේකර විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග යන මහත්වරුන් හමුවේ සලකා බැලිණ.


කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලට එරෙහිව ඇති පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා බැවින් ඒ සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ද අබේසේකර මහතා විසින් ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන්නේය.


මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සම්පත් බණ්ඩාර යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අබේසේකර මහතා මෙම සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවයි.


එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය විමර්ශනය කර ඇති බවත් අබේසේකර මහතාට එරෙහිව නඩු පැවරීමට තරම් නීතිපති කරුණු නොමැති බවත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා අධිකරණයට දැනුම් දුන්හ.ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ලට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය. කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර කරගන්නා බවට දැනුම් දී ඇති නිසා ඊට පෙත්සම අදාළ මූලික අයිතිවාසිකම් ශානි අබේසේකර මහතා විසින් ඉල්ලා අස් කරගන්නා බව දැනුම් දුන්නේය.


පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ තනුක නන්දසිරි මහතා සමග ජනාධිපති නීතිඥවරුන් වන උපුල් කුමරප්පෙරුම සහ සාලිය පීරිස් යන මහත්වරු පෙනී සිටියහ.නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සම්පත් බණ්ඩාර සහ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.

වසර 4ක සිර දඬුවම වසර 5කට අත්හිටුවයි

 


මනෝප්‍රිය ගුණසේකර


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරග පාවාදීම සදහා ක්‍රීඩකයන්ට බලපෑම් කිරීමේ චෝදනාවලට වරද පිළිගත් දඹුල්ල තන්ඩරිස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දැරූ බංග්ලාදේශ ජාතික ව්‍යාපාරිකයාට රුපියල් කෝටි දෙකහමාරක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග මහතා ඊයේ (28) නියම කළේය.


විත්තිකරුට නියම කළ රුපියල් කෝටි 2 1/2කට ආසන්න දඩ මුදල නොගෙවුව හොත් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා, ඊට අමතරව වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 05ක කාලයක් දක්වා අත්හිටුවීමටද නියම කළේය.ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා දෙකකට වරද පිළිගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දැරු බ්‍රිතාන්‍ය පුරවරසිභාවය හිමි බංග්ලාදේශ ජාතික ව්‍යාපාරික තමීම් රහ්මාන් මහතාට මෙලෙස දඬුවම් නියම කෙරිණි.


2024 වසරේ අප්‍රේල් 19 වැනිදාත් 30 වැනිදාත් අතර කාලසීමාව තුළ දඹුල්ලේදී මුජිබර් උර් රෙහෙමාන්, බිලාල් හුසේන්, ඉක්බාල් ජාවේඞ් සහ පැමිණිල්ලේ නම නොදත් තවත් අය සමග එක්ව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා හෝ තමන්ට වාසිදායක වන අන්දමට ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා වූ චන්දිම සශ්‍රීක පිරිස් පුස්සෙගොඩ නැමත්තාට ‘තමාට නම්මා ගත හැකි ක්‍රීඩකයන් සොයා බලන්න‍් යනුවෙන් උපදෙස් දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව නඩු පවරා

ඇත.


2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනතේ 05 ඇ, 09 සහ දණ්ඩ නීති සංග්‍රහයේ 102 සහ 113 වගන්ති යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබේ.නඩුව කැඳවූ අවස්ථාවේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරිත්වය දැරු විත්තිකාර බ්‍රිතාන්‍ය පුරවරසිභාවය හිමි බංග්ලාදේශ ජාතික ව්‍යාපාරික තමීම් රහ්මාන් මහතා අධිකරණයේ පෙනී සිටියේය.


විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින්, තම සේවාදායකයා අදාළ චෝදනාවලට වරද පිළිගන්නේ යැයි දැනුම් දෙමින් වරද පිළිගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට කරුණු පහදා දී ඔහුගෙන් ලබාගත් ලිඛිත අවසරය සහිත දිවුරුම් පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළේය.


සිද්ධියට අදාළව ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ විමර්ශන සඳහා සහ අන්තර් ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී.) පවත්වන ලද විමර්ශනවලට සහාය දක්වූ තම සේවාදායකයා වසර එකහමාරක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියේ යැයි පැවසූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, තම සේවාදායකයාට යළි සමාජ ගත විය හැකි අන්දමේ දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අකිලා දල්පතාදු මහත්මිය කරුණු දක්වමින්, චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුට සුදුසු දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියාය. එක් කරුණු සලකා බැලීමෙන් අනතුරුව චෝදනාවකට රුපියල් මිලියන 12 බැගින් චෝදනා දෙකට රුපියල් මිලියන 24ක දඬයක් නියම කළ විනිසුරුවරයා, දඩ මුදල් ගෙවීම සඳහා නඩුව පෙබරවාරි 26 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.


ඊට අමතරව එක් චෝදනාවකට වසර 02 බැගින් චෝදනා දෙකට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර, එය වසර 05ක කාලයක් දක්වා අත්හිටුවීමටද නියම කළ විනිසුරුවරයා, දඩ මුදල් නොගෙවුවහොත් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළ විමර්ශන මෙහෙය වූ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි චානක සිල්වා මහතාගේ උපදෙස් පරිදි, එම අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුල් විදානගේ මහතා පෙනී සිටියේය.





තරුණයකුට පහරදුන්නැයි නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

 


සුමිත් පොතුපිටිය 


සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් කළුතර නගර මධ්‍යයේ ඊයේ (28) පස්වරුවේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර  තරුණයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

 

කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මාර්ගයේ කරමින් සිටි පහරකෑ තරුණයා විරෝධතාව ඉදිරිපිට යතුරු පැදිය නවතා “බත් කන හරක් තවමත් සිටිනවා දැයි” විමසා ඇතැයි කියන අතර, එයින් උරණ වූ නාගරික මන්ත්‍රීවරයා ඔහුගේ මුහුණ සහ හිස ප්‍රදේශයට පහරදී ඇතැයි කියයි.


පහරකෑ තරුණයා හෙල්මටයක් පැළද සිටි බැවින් තරමක ආරක්ෂාවක් තිබිණි. පහර කෑමට ලක්වූයේ වාද්දුව, පොතුපිටිය පනාපිටිය පාර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු වන අතර, ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පැවැසීය. පහරදීම කළැයි කියන නාගරික මන්ත්‍රීවරයා ද ඔවුන් විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවට බාධා කළ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.


පහරකෑ තරුණයාද අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිසිය සඳහන් කරයි.මෙම විරෝධතාව සංවිධානය කළ හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගෙන් මේ පිළිබඳව කළ ප්‍රශ්න කිරීමේදී සඳහන් කළේ, එවැන්නක් වාර්තා වී ඇති බවත්, තමන් එම ස්ථානයේ නොසිටි බවත්ය.කළුතර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ පරීක්ෂණ ප්‍රධානත්වයෙන් පවත්වයි.

බීලා ගිහින් විශ්‍රාමික ඩී.අයි.ජී හැප්පුවැයි ලංගම රියැදුරු රිමාන්ඞ්

 

රෝෂන් තුෂාර


ශරීර සුවතාවයේ නියලෙමින් බොරැල්ල කිතුල්වත්ත පාරේ ගමන් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු අනතුරට ලක් කර තුවාල කළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හෝමාගම ඩිපෝවේ ලංගම රියදුරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආපී.ඩී. ජානක මහතා ඊයේ (28) නියෝග කළේය.


අපරික්ෂාකාරීව රිය ධාවනය කරමින් මාර්ගයේ ගමන් ගත් මගියකු බරපතළ අනතුරකට ලක්කිරීම හා අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ බොරැල්ල පොලිසිය මගින් ඉදිරිපත් කළ සිවනන්දන් රොෂාන් ප්‍රියන්ත සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව බොරැල්ල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් සඳහන් කර සිටියේ අනතුරට ලක් වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවය. කොළඹ දේවි බාලිකා විද්‍යාලය ආසන්නයේ කිතුල්වත්ත මාර්ගයේ දී මෙම අනතුර පසුගිය 27 වැනිදා උදෑසන 8.00ට පමණ සිදුවී ඇති බවත් පැවසීය.


සැකකාර රියැදුරු අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවත් ඔහුගේ ශරිරයේ ගංජා මත්ද්‍රව්‍ය සංඝටකවලට සමාන ද්‍රව්‍ය අඩංගු බවට වෛද්‍ය පරීක්ෂණය මගින් තහවුරු වී ඇති බවත් කරුණු ඉදිරිපත් කළේය.බස් රථයේ සිටි මගීන්ගේ සාක්ෂි සම්පීණ්ඩන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා කිතුල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද සඳහන් කළේය. කරුණු සලකා බැලූ අතිරේක ශරීරයේ මහේස්ත්‍රාත්වරයා රියැදුරුගේ මත්ද්‍රව්‍ය සාම්පල සංඝටක අඩංගු වන බැවින් හා විමර්ශන තවදුරටත් සිදුකරන බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

සීල් භට පදක්කම්ලාභී එකම නාවික හමුදා නිලධාරි හදිසියේ මියයයි

 

තිලකරත්න දිසානායක


ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සිල් භට පදක්කම" හිමිකරගත් එකම නාවික නිලධාරියාවූ 28 හැදි ලුතිතන් කොයන් චාමික මහතා ඊයේ (28) නාවික උදෑසන, වැලිසර කදවුරේ දී හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු මෙම පදක්කම ලබාගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.


කොයන් වාමික මහතා, නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා පැමිණ වැලිසර කඳවුරේ රාජකාරි කටයුතු කරමින් සිටියදී මෙලෙස හදිසියේ මියගොස් ඇත. ගම්පහ,බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ කොයන් චාමික මහතා ගම්පහ, ඔරුතොට පදිංචි පවුලක එකම දරුවාය. පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව කැඩෙට් නිලධාරියකු ලෙස මීට වසර කිහිපයකට පෙර නාවික හමුදාවට බැඳී ඇත.


මෙම නිලධාරිවරයාගේ මරණයසම්බන්ධයෙන්නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ, ඊයේ උදෑසන ඔහු මිය ගොස් ඇති බවයි.මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය. 

බැංකු පොලියේ වෙනසක් නෑ

 


විමුක්ති එස්. රුද්‍රිගු


මෙම වසරේදී වාහන ඉල්ලුම පහළ යනු ඇතැයි අපේක්ෂා කළත් මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 46,424 ක් පමණ) මුදලක් වාහන ආනයනය කිරීම සඳහා වියදම් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (28) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.


කෙසේ නමුත් පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 200 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 61,898 ක් පමණ) මුදලක් වාහන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වැයකර තිබෙන බව ද ඔහු පැවැසුවේය.වසර පහකට පසුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව පසුගිය වසරේදී විශාල වශයෙන් වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේදී වාහන ආනයනය පහළ යනු ඇතැයි අපේක්ෂා කර තිබුණත් 2026 සහ 2027 මූල්‍ය වර්ෂවල වාහන ආනයනය සඳහා සැලකිය යුතු මුදලක් වියදම් වනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.


පසුගිය පෙබරවාරි මාසයේදී වසර පහකට පසුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී වාහන 360,117 මෙරටට ආනයනය කර තිබිණි.මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙම වසරේ ආර්ථික වර්ධන වේගයට විශාල බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා නොකරන බවත් මෙම වසරේදී ශ්‍රී ලංකාව සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බවත්ය.


එසේම ඉදිරි මාස කීපයේදී මෙරට උද්ධමනය ඉලක්ක ගත සියයට 5 මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවැසුවේය. ප්‍රතිපත්ති පොලි අනුපාතය ප්‍රකාශයට පත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව සියයට 7.75 සීමාවේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබිණි.

Wednesday, January 28, 2026

සිය නිවෙසේ බිරිය සමග එකට සිටි අනියම් සැමියාට කෙටු අයකුට ඇප

 

උපාලි ආනන්ද


නම් බිරිය සමඟ පෙම්සුව විඳිමින් සිටි බිරියගේ අනියම් සැමියාට තියුණු ආයුධයකින් කොටා මරාන්තික බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු රිමාන්ඩ් කරන්නැයි ගොකරැල්ල පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මාල් ජයලත් මහතා සැකකරු ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය.


මෙසේ ශරීර ඇප මත මුදා හැරියේ ගොකරැල්ල, මීවැව පදිංචිකරුවෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ගොකරැල්ල පොලිසිය කියා සිටියේ සැකකරු සිය බිරියගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකුට සැකකරුට අයත් නිවෙස තුළදීම තියුණු ආයුධයකින් පහරදී මාරාන්තික බරපතළ තුවාල සිදු කර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව ද අධිකරණයට කියා සිටි පොලිසිය සැකකරු ඊමාන්ඩ් භාරයට පත් කරන ලෙසද ඉල්ලා සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති පුනුසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ තම බිරිය සමග අනියම් සැමියකු මෛථුන සේවනයේ යෙදෙන අයුරු දකින තමාද ඇතුළු ව ඕනෑ ළි වෘත්තිකයකුගේ මෙන්ම සාමාන්‍ය  පුද්ගලයකුගේ ප්‍රතිචාරය මෙය බවයි.


පෙර දින තමා සමඟ යහන් ගත වූ නිදි යහනේදීම තම බිරිය අනියම් සැමියා සමඟ මෛථුන සේවනයේ යෙදෙන අයුරු දකින විට අහක බහු ගෙන සිටින්නේ කුමන සැමියා දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා තර්ම සේවාදායකයා ඕනෑම කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය. නීතිඥවරයාගේ මෙම කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් පොලිසිය සඳහන් කළේ තම බිරිය වෙනත් පුද්ගලයකු සමඟ අඹු - සැමියන් ලෙස හැසිරෙන අයුරු දුටුවා නම් සැකකරුට ඒ බව පොලිස් 119 හදිසි ඇමැතුම් අංකයට දැනුම් දීමට හැකියාව තිබූ බවයි.


පොලිසියේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේ තම බිරිය තම නිවෙස තුළදීම අනියම් සැමියෙකු සමඟ මෛථුන සේවනයේ යෙදන අයුරු දැක ඒ බව 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට දැනුම්දී පොලිසිය එනතුරු බිරියට අනියම් සැමියා සමග මෛථුන සේවනයේ යෙදෙන්ට ඉඩ හැර බලා සිටින්නටද දැයි පොලිසිය කියන්නේ යන්නයි. පැමිණිල්ල වෙනුවෙන් ගොකරැල්ල පොලිසියේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පෙනී සිටියේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විරුද්ධ නඩුව

 


ආගමන විගමන පාලකවරයා වෙත. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති හඩුවට අදාළ වැඩිපුර සාක්ෂි විභාගය පෙබරවාරි 16 යළි කැදවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ(26දා) දින නියම කළේය.

එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර ඩිනා ගම හ්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා හතක් ගොනු කර ඇති අතර ඉන් එක් චෝදනාවකට අදාළ සාක්ෂි විමසීම ඊයේ අධිකරණය හමුවේ කැඳුවීමට නියමිතව තිබූ නමුත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නොසිටීම හේතුවෙන් එම සාක්ෂි විභාගය පෙබරවාරි 16 දිනට එසේ කල් තැබීමට නියම විය.


ඉහත සදහන් කළ සිද්ධිය සමිබන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 7 පසුගිය නඩු වාරයකදී අධිකරණය හමුවේ කියවා දුන් අවස්ථාවේදී ඇය එම චෝදනාවන්ට නිවැරදිකාරිය බව ප්‍රකාශ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබිණි.


2016 වසරේ ජුලි මස 14 වැනි දින සිට 2017 ජූලි මස 18 වැනි දින අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2018 ජූලි මස 17 දින සිට 2019 ජුලි මස16 දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 16 දින හා 2020 නොවැම්බර් මස 1 කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මේ රට තුළ රැඳී සිටීම, 2020 ජුලි මස 17 වැනි දින සිට 2020 නොවැම්බර් මස පළමු වැනි දින දක්වා කාලය අතරතුර වලංගු විසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැදී සිටීම, 2014 ජනවාරි මස 20 දින හෝ ඊට ආසන්න දිනක දී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා හට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා හතකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඇයට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර තිබු චෝදනාවන්ය.


බ්‍රිතාන්‍ය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබිණි.සිද්ධියට සම්බන්ධ ඩයනා ගමගේ මහත්මිය මේ වන විට ඇප මත මුදා හැර සිටින අතර ඊයේ ඇය අධිකරණය හමුවේ පෙනී සිටියාය.


 කුමුදු උපුල් ශාන්ත


අහම්බෙන් කොටු වු අපරාධකරු වෙඩි තැබීම් රැසක තොරතුරු වමාරයි

 අපරාධයක් සිදුකළ පුද්ගලයකු කොටුකර ගැනීමට පොලිසිය ගන්නේ අපමණ වෙහෙසකි. දැඩි උත්සාහයකින් අත්අඩංගුවට ගන්නා මෙවන් අපරාධකරුවෝ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තමන් සිදුකළ අපරාධයේ සුලමුල "ගිරව්" මෙන් වමාරති.මේ අතර අහම්බෙන් පොලිසියට කොටු වන අපරාධකරුෂවාද සිටිති. ඉන් බොහෝමයක් කොටුවන්නේ නිලධාට ඇතිවන සැකය නිසාවෙනි. සැකපිට පොලිසියට රැගෙන යන මෙවන් සං සහිත පුද්ගලයෝද පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ වැළලුණු අපරාධ වා හෙළි කරති.

ඉකුත් 19 වැනිදා රාත්‍රි කාලයේ ග්‍රන්ඩ්පාස් පොලිසියේ කණ්ඩායම් දෙකක් න්තොට ළග ප්‍රදේශයේ රාත්‍රි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබිණි. ඒ සකසහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අටියෙනි. එක් කණ්ඩායමක් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවිලි මත සැක සහිත පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කරන්නට වූ අතර අනෙක් කණ්ඩායම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් ගැන අවධානය යොමු කරන්නට විණි.


මේ අතර පොලඟ වික්ටෝර්යා පාලම අසලින් ස්කූටි" වර්ගයේ සතුරු පැදියක ගමන් ගත් පුද්ගලයකු නතර කළ නිලධාරීන් ඔහු සෝදිසියට ක් කළ අතර එහිදී නිලධාරීන්ට පෙනී ගියේ ස්කූටි බයික් එකේ ඇති ඇත තහඩුව එම සතුරු පැදියට හිමි ඔර්ජිනල් තහඩුව නොවන බවය. නිලධාරීන් ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී එය ජ අංක තහඩුවක් බවට අනාවරණය වූ අතර ඒ ඔස්සේ ඇති වූ සැකය මත එම පුද්ගලයා සෝදිසි කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 450ක් සොයා ගැනීමට නිළධාරීන්ට හැකි විණි. සැක්කරු උස්වැටකෙයියාව පදිංචි වයස අවුරුදු 37ක තනැත්තෙකි.


අයිස් මත්දුව්‍ය සන්තකයේ තබාගෙන වනප් අංක තහඩු සහිත යතුරුපැදියකින් මොහු ගමන් කරන්නේ ඇයිද යන්න ඇති වූ සැකය මත ඔහු ග්‍රන්ඩ්පාස් පොලිසියට රැගෙන ගිය නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කි සිදු කරන ලදී.අහම්බෙන් කොටු වූ මොහු ටික මොහොතකට පසුත් නිලධාරීන් ඉදිරියේ බොරු පවසන්නට වූ අතර ඒ සමඟම සැකකරුගේ නම් ගම් සහිත විස්තර ලබාගත් නිලධාරීන් එම තොරතුරු අපරාධකරුවන් සම්බන්ධ දත්ත පද්ධතිය වෙත යොමු කරන්නට වුයේ සැකකරු නොදැනුවත්වය සැණකින් ඊට ප්‍රතිචාර ලැබීණි. යොමු කරන ලද තොරතුරුවලට අනුව අපරාධ දත්ත පද්ධතිය පෙන්වාදී ඇත්තේ සැකපිට අත්අඩංගුවට ගත් උස්වැටකෙයියාවේ පදිංචි පුද්ගලයා 2025.05.17 වැනි දින නාරාහේන්පි) පොලිස් වසමේ සිදු කළ වෙඩි තැබීමක් සදහා පොලිසිය මගින් සොයන පුද්ගලයකු බවකි.

 

ඉකුත් වසරේ මියේ මස 17 වැනි දින එම වෙඩි තැබීම ඔහු කර තිබුණේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්සිළුව සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ගමන් ගත් ජීප් රියක් ඉලක්ක කර ගනිමිනි. අපරාධ දත්ත පද්ධතියේ තොරතුරු ඔස්සේ සැකකරගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නිලධාරීන් කටයුතු කළ අතර එහිදී එම වෙඩි තැබීම සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි විණි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාරගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශ්ශංක විජේරත්න විසින් මෙම ප්‍රශ්න කිරීම සිදුකළ අතර එම ප්‍රශ්න කිරීමේදී තවත් වෙඩි තැබීමක තොරතුරක් හෙළි කර ගැනීමට නිලධාරීන්ට හැකි විණි.


2025 ජනවාරි මිස 18 වැනි දින කොකොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ රාත්‍රි සමාජ ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධි කල්ලි සාමාජිකයකුගේ උපදෙස් මත කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි එම රාත්‍රි සමාජ ශාලාවට ඔහු තවක් පුද්ගලයකු සමඟ රාත්‍රි 10.00ට පමණ ඇතුළු වූ බව සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත. ගිනි අවියක්ද අතැතිව ඔහු සමාජ ශාලාවට වී රැඳී සිට ඇත්තේ එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කිරිම  අදහසින් වුවද පසුදා ඇසුයම් කාලය වනතුරු එම උත්සාහය ව්‍යාර්ථ වූ බවත් ඔහු පවසා ඇත.


මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිසිය කීවේ ඉලක්කගත සණිජ ශාලා හිමිකරු සමාජ ශාලාව තුළ රැඳී සිටියද වාසනාවකට ඔහු සමාජ ශාලාවේ ඉදිරියට නොපැමිණීම නිසා ඔහුගේ ජීවිතය ශබී ඇති බවය.අලුයම් කාලය වනතුරු සමාජ ශාලාවේ රැඳී සිටි මොහුව ඉන්පසුව විදෙස්ගතව රැඳී සිටින අපරාධකරු විසින් දුන් දුරකථන ඇමතුමකට අනුව සමාජ ශාලාවෙන් පිටතට එන සැකකරු එතැනට යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයන් දෙදෙනකුට කමින් අත තිබූ ගිනි අව්ය නැවත ලබා දී තිබේ. එය එම රාත්‍රි සමාජ ශාලව අසල ස්ථාපිත සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබිණි. සැකකරු රාත්‍රි සාමජ ශාලාවෙන් පිටතට පැමිණ ගිනි අවිය ඔවුන්ට ලබාදීමෙන් පසු ඔවුන් පිටව යන ආකාරයද එම රූපරාමුවලින් නිලධාරීන්ට දැකගත හැකි විණි.


පසුව මොහු සහ අනෙක් පුද්ගලයා පැමිණි යතුරුපැදියෙන් එතැනින් පිටව ගොස් ඇති අතර දින දෙකකට පසු නැවත හමුවූ දෙදෙනා යතුරුපැදි දෙකකින් ග්‍රෑන්ඩ්පාස්, තොලභට පැමිණ තිබේ. ඒ අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණෙන් බව පොලිසිය කියයි. නිලධාරීන් තොටලඟ වික්ටෝරියා පාලුම් අසලදී සැකපිට මොහු අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය.සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී යතුරු පැදියෙන් පැමිණි ඔහුගේ සගයා ග්‍රන්ඩ්පාස් පොලිසියේ අනක් කණ්ඩායම විසින් තොටලඟඳීම අත්අඩංගුවට ගන්නා අතර ඔහු සන්තකයේද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13ක් සහ මිලිග්‍රෑම් 200ක් තිබී සොයාගෙන තිබේ. ඔහු 29 හැවිරිදි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මේ අතර උස්වැටකෙයියාවේ පදිංචි ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් කොම්පඤ්ඤ විදිය පොලිස් වසමේ රාත්‍රි සමාජ ශාලාවක හිමිකරු ඝාතනය කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු බව අනාවරණය වීම නිසා ඒ සම්බන්ධ විමර්ශන සිදු කෙරෙන කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත සැක්කරු භාරදීමට ජ්‍යෙෂ්ඨ නිලධාර්න් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දෙන ලදී.එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු කොම්පඤ්ඤ වීදිය පොලිස් භූමියේ ස්ථාපිත කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර කෙරුණු අතර කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ අත්තනායක ඇතුළු කාණ්ඩායමක් විසින් සැකකරුගෙන් පුශ්න කිරීම අරඹන ලදී. ඒ සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ලබාගන්නා ලද දින 7ක රැඳවුම් නියෝග සමඟිනි.


ඒ අනුව සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී එම කාර්යාංශයේ නිළධාරීන්ට තවත් වෙඩි තැබීමක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. විමර්ශන නිධාන් පැසුවේ 2024 වසරේ නොවැම්බර් මස 08 වැනිදා කොළඹ නෙළුම් කුලුන අසලදී පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කර තිබේ. ඒ අපරාධයටද මෙම සැකකරු සම්බන්ධ බවය.විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පවසන්නේ එදින නෙළුම් කුලුණ අබියස සංගීත සන්දර්ශනයක් පැවැති බවත් ඒ සඳහා යොදා සිටි “බවුන්සරර්වරයකු (රාත්‍රි සමාජශාලා ආරක්ෂකයකු ඉලක්ක කොට මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. කෙසේ වෙතත් එම වෙඩි තැබීම් බවුන් සර්වරයාගේ හිසට එල්ල කළද වැරදීමකින් වෙඩි උණ්ඩය ඔහුගේ කටට වැදී තිබූ බවය.


විමර්ශන නිලධාරීන් පවසන්නේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ වුවමනාවට එම වෙඩි තැබීම සැකකරු විසින් සිදුකර ඇති බවය.රාත්‍රි සමාජශාලාවක සේවය කරන රූමත් තරුණියක් සමඟ තිබූ ආදර පලහිලව්වකට පළි ගැනීම සඳහා මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව කොළඹ මධ්යධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යශය පවසයි.සැක්කරු විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ සමීප සඳතා පවත්වා ඇති අතර ඔහු යටතේ සේවය කරන්නකු බවත් විමර්ශනයේදී හෙළිවී තිබේ.කොම්පඤ්ඤවීදියේ රාත්‍රි සමාජශාලා හිමිකරු ඉලක්ක කර වෙඩි තැබීෂ්ට සැකකරු තැත්කර ඇත්තේ කොල්ලුපිටියේ ස්ථාපිත රාත්‍රි සමාජශාලාවකට පහරදී ගිනිබත් කිරීමට 'රිටර්න්' එකක් ලෙසට බවටද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

දෙදහසේ නෝට්ටුව ඒ.ටී.එම්වලින් විසිවෙයි

 

රංජිත් රාජපක්ෂ


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025.08.28 දින නිකුත් කරන ලද රු.2000 මුදල් නෝට්ටුව ඇතැම් බැංකුවල මුදල් ස්වයංක්‍රීය තැන්පත් කිරිමේ යන්ත්‍රවලින් ප්‍රතික්ෂේප කිරීමෙන් හැටන් ප්‍රදේශයේ ඇතැම් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති.


හැටන් ප්‍රදේශයේ ඇතැම් රාජ්‍ය පෞද්ගලික බැංකු වල ටේලර් යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනිමේදී නව රු.2000 නෝට්ටුව පැමිණෙන බවත්, එම නව රු.2000 නෝට්ටුව තැන්පත් කිරීමට යන්ත්‍රයට ඇතුළත් කිරීමේදී එම යන්ත්‍රය එම නව රු.2000 ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි.එසේම ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන අවස්ථාවල මුදල් ගණනය කිරීමේ යන්ත්‍රවල පවා නව රු.2000 නෝට්ටුව ප්‍රතික්ෂේප කිරිම හමුවේ එම රු. 2000 නෝට්ටු අයකැමි විසින් ගණනය කර භාර ගනු ලබයි.

​කොතලාවල සිසු දෙනාගේ මරණය

 රන්ජන් කටුගම්පොල


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටින අතරතුර බදුල්ල ප්‍රදේශයේදී මාරක රිය අනතුරකට ලක්ව සිසුන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා අනතුරට පත් සිසුන්ට වන්දි දෙන්නැයි ඉල්ලා මියගිය සිසුවකුගේ පියකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම තහවුරු කිරීම සදහා ජූලි 15 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) නියෝග කළේය.


කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන  ජනක් ද සිල්වා, ආචාර්ය සෝහිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.අනතුරින් මියගිය මිත්‍ර වාහලවත්ත සිසුවාගේ පියා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.


කොතලාවල ආරක්ෂක විද්‍යා ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් 2025 දෙසැම්බර් 20 වැනිදා ක්ෂේත්‍ර චාරිකාව සඳහා බස් රථයකින් බදුල්ල ප්‍රදේශයකට ගිය බවත් එදින රාත්‍රී 7.45 පමණ දුන්හිඳ පාරේදී බස් රථය මාරක අනතුරකට භාජනය වී තමාගේ පුත්‍රයා සහ තවත් සිසුවකු මරණයට පත්වූ බව පෙත්සමේ සඳහන් කර ඇත. නීත්‍යානුකූල රියැදුරු බල පත්‍රයක් නොමැතිව බස් රථයේ රියැදුරු රථය පදවා ඇති බවත් බස්රථයේ කාර්මික දෝෂ තිබූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී හෙළිවූ බවත් සඳහන් කරන පෙත්සම්කරු මෙම සිද්ධියට විශ්ව විද්‍යාල බලධාරීන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඔහු සඳහන් කරයි. 


අනතුර සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්ෂණයක් කර නොමැති බව පවසන පෙත්සම්කරු තම පෙත්සම විභාග කිරීමට අවසර දෙන ලෙසත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලා සිටී.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හිරණ්‍ය විජේසේකර මහත්මිය සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය.වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ රජික පෙරේරා මහතා පෙනී සිටියේය.

වාහන කොටස් ආයතනයකට පනිද්දී කොටුවෙයි

 

 චමිලා අල්විස්


අන්තර්ජාලය ඔස්සේ තේ කර්මාන්ත ශාලා හදුනාගෙන එවැනි තේ කර්මාන්ත ශාලා හැට හයකින් මුදල් සොරකම් කර ඇති පුද්ගලයකු හොරණ රත්නපුර මාර්ගයේ පිහිටි වාහන අමතර කොටස් තොග සහ සිල්ලර වශයෙන් ලබා දෙන ආයතනයකින් රුපියල් ලක්ෂ 43ක මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.


පියා විසින් සොරකම් කරන ලද මුදල් පරිහරණය සහ ළඟ තබා ගැනීම සම්බන්ධව ඔහුගේ පුත්‍රයාද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත් මෙම පුද්ගලයන් හිනිදුම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 හා 19 හැවිරිදි වියේ පසු වන්නන් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. හොරණ රත්නපුර මාර්ගයේ පිහිටි වාහන අමතර කොටස් තොග සහ සිල්ලර අලෙවි කරන ව්‍යාපාරිකයකු විසින් දින තුනකට පෙර හොරණ මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එම වෙළෙඳසලේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයෝ අත්අඩංගුවට පත්වූහ. 


තෙමහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ පිහිටා තිබෙන මෙම වාහන කොටස් අලෙවිසලේ ජනේලයකින් තියුණු ආයුධයක් අතැතිව මෙම පුද්ගලයා ඇතුළු වී ඇති අතර ව්‍යාපාරික ස්ථානයේ තිබූ සිලිසිලි බෑග් දෙකක් අත්වැසුම් ලෙස උපයෝගී කරගනිමින් එම වෙළෙඳසැලේ කාර්යාලයේ තිබූ මුදල් සොරාගෙන ගොස් ඇති බව එහි ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇති බවත් පසුව හොරණ මූලස්ථාන පොලිසිය මෙම පුද්ගලයා ගමන් කර ඇති මාර්ගය ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂා කර ඇති අතර හොරණ සිට ත්‍රීරෝද රථ හතරකින් මෙම පුද්ගලයා හිනිදුම ප්‍රදේශයට ගොස් ඇති බව හෙළි කරගෙන ඇත.


සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා සන්තකයේ සොරා ගත් මුදල් තිබෙන බව අනාවරණය වීමෙන් පසු එම මුදල් පරිහරණය සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුත්‍රයාද අත්අඩංගුවට ගෙන ඇත.මෙම දෙදෙනා සමග වාහන අමතර කොටස් වෙළෙඳසලෙන් සොරා ගන්නා ලද ඩොලර් 1310 සහ ඉන්දියන් රුපියල් දුරකථන ඇතුළු උපකරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කර්මාන්තශාලා හැට හයක් බිඳ එහි මුදල් සොරා ගත් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණි.

මෙම සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම පුද්ගලයා සිදු කළ සොරකම් සම්බන්ධයෙන් අධිකරණයෙහි නඩු කිහිපයක්ම පවතින බවද පොලිසිය විසින් හෙළි කරගෙන ඇත. 

මහින්දගේ කිරුළපන නිවෙස ඉහළින් ඩ්‍රෝන යානාවක් දෙවරක් ගිහින්

 


සුජිත් හේවාසුජිගේ


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළඹ කිරුළපන නිවස ඉහළින් සැකකටයුතු ඩ්‍රෝන යානාවක් ඊයේ (27) දහවල් දෙවරක් පියාසර කර ඇත.මේ සම්බන්ධයෙන් කරන පැමිණිල්ලක් අනුව කිරුළපන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මෙය කිසියම් පිරිසක් සංවිධානාත්මකව කරන ලද්දක් දැයි සැකයක් මතුවන බව හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් අප කිරුළපන පොලිසියේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි.කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම නිල නිවසෙන් ඉවත් වීමෙන් පසු මෑතකදී කිරුළපන මෙම නිවසට පදිංචියට පැමිණියේය.හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු විජේරාම නිල නිවස ඔහුට අහිමි විය. එසේම හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් යොදවනු ලැබ සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාවද පසුගිය කාලයේදී අඩු කෙරිණි.

අධිවේගියේ අබිරහස් රියේ රියැදුරා කට්ටි පැනලා

 


ක්‍රිෂාන් ජීවක ජයරුක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හා ඛෙලිඅත්ත අතර 140 කිලෝමීටර් කණුව ආසන්නයේ දොරගුළු දමා අතහැර ගොස් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයේ රියැදුරු අද (28) උදෑසන වන විට පොලිසියට ඉදිරිපත් නොවුණහොත්, ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත් කර යවන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


ඔහු ඊයේ (27) සවස් වරුවේ තිහගොඩ පොලිසියට පැමිණෙන බවට දුරකතනයෙන් දැනුම් දී තිබුණත් සවස 5.00 වන විටත් නොපැමිණි බව ද ඔහු කීය.පොතුහැර පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මෙම රියැදුරාගේ නිවෙසට අවස්ථා කිහිපයකදී ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇත.


මෝටර් රථය තුළ තිබී හමු වූ හෝඩුවාවකින් රියැදුරා පදිංචි ස්ථානය සොයාගෙන තිබූ අතර, ඉකුත් 25 වැනිදා උදෑසන ඔහු අවසන් වරට නිවෙසින් පිටත්ව ගිය බවට එහි නිවැසියන් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ නිසා, අද (28) උදෑසන වන තෙක් ඔහු ප්‍රකාශයක් ගැනීමට පොලිසියට නොපැමිණියහොත්, අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් පොතුහැර ප්‍රදේශයට පිටත් කර යැවීමට සූදානම් කර තිබුණි.


එසේ අතහැර දමා ගොස් තිබූ මෝටර් රථයේ අංකයට සමාන මෝටර් රථයක් පොලිසිය රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගෙන තිබූ අතර, එම වාහනයේ හිමිකරු සිය නීත්‍යනුකූල ලියකියවිලි පොලිසිය වෙත ඉදිරිපත් කර නිවැරැදි බව ප්‍රකාශ කර තිබුණි.එම නිසා පොලිසිය ව්‍යාජ වාහනය හඳුනා ගැනීම සඳහා රසපරීක්ෂක වාර්තාවක් ද කැඳවා තිබේ.කෙසේ වෙතත්, මෙම මෝටර් රථය අතහැර දමා යාමට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණය වී නොමැත.කිසියම් අපරාධයක් කිරීමේ අරමුණෙන් පැමිණ ඇත්ද යන්න පිළිබඳව ද පොලිසියේ අවධානය යොමු වී ඇත.

ඉන්දීය කතගේ ගමන් බෑගයේ ලක්ෂ 38ක රන්බඩුවලට විදලා


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


හිතවතකුගේ විවාහ මංගල්‍යයකට සහභාගීවීමට සැමියා සමග තංගල්ල ප්‍රදේශයට පැමිණ සිටි ඉන්දීය ජාතික කාන්තාවකගේ ගමන් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ තිස් අටක් වටිනා රන් සහ කරාබු ජෝඩුවක් සොරාගෙන ගොස් ඇති බව තංගල්ල පොලිසිය පවසයි.විවාහ මංගල්‍යයට සහභාගීවීමේ දී පැලඳගෙන යාමට මෙම රන් භාණ්ඩ ඇය විසින් රැගෙනවිත් ඇත.


කේරළයේ කොචිං ගුවන්තොටුපොළෙන් කටුනායක ගුවන්තොටුපළ දක්වා පැමිණ ඇති මෙම ඉන්දීය ජාතික අඹු-සැමි යුවළ පසුව තංගල්ල ප්‍රදේශයේ හෝටලයකට පැමිණ විවාහ මංගල්‍යයට සහභාගීවීමට යන තෙක් තංගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය කියයි. හෝටලයට පැමිණි පසු ගමන් බෑගය විවෘත කර බැලීමේ දී එහි බහා තිබූ රන් ආභරණ නොමැති බව දැනගෙන ඇති බව ද කියති. තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වති.

කුඩු ජාවාරමකට පොලිස් කතක් අත්අඩංගුවට

  ‍ ගයාන් සූරියආරච්චි


හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරියක, සැකකාරියන් තිදෙනකු ඇතුළු පස් දෙනකු හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 380 ක් සමග පෙරේදා (26) බදුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අඹගඤ්ඤෝව පොලිසිය පවසයි.


අත්අඩංගුවට ගෙන ඇති 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරිය කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කළ බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 200ක් සහ රුපියල් 26,000 ක මුදලක් පොලිසිය සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් බදුල්ල, හෑගොඩ සහ උදයගම පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් තිදෙනකු එකම පවුලේ මච (63), දියණිය (43) සහ ඇයගේ ස්වාමි පුරුෂයා (43) බවත් අනෙක් කාන්තාව 70 හැවිරිදි කාන්තාවක බවත් පොලිසිය පැවැසුවේය.


පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලින් පසුව අනෙක් සැකකරු සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 8 ක් සහ මිලිග්‍රෑම් 180 ක් තිබූ බවද පොලිසිය පැවසීය. සැකකාර කොස්තාපල්වරිය කළුතර පොලිස් කොට්ඨාසයේ සිට 2023 වර්ෂයේ දී බදුල්ල කොට්ඨාසය වෙත ස්ථාන මාරුවීම් ලැබ පැමිණ ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ලබාගන්නා මුදල් ඇයගේ මවගේ බැංකු ගිණුමකට බැරකර එම මුදල් සැකකාරිය ලබාගෙන ඇති බව පොලිසිය කළ විමර්ශනවල දී කරුණු අනාවරණය වී තිබේ.

සී.අයි.ඩී එන්න ශිරන්ති සති දෙකක් කල් ඉල්ලයි

 


 ගයාන් සූරියආරච්චි


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටීම සඳහා සති දෙකක කාලයක් දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාප්පක්ෂ මහත්මිය ලිපියක් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) දැනුම් දී ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සමයේ ‘සිරිලිය සවිය' නමින් පවත්වා ගෙන ගිය බැංකු ගිණුමක සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් දන්වා තිබිණි.


කෙසේ වෙතත්, පෞද්ගලික හේතුවක් මත එම කොට්ඨාසයේ පෙනී සිටීමට නොහැකි බව දන්වමින්, ඒ සඳහා සති දෙකක කාලයක් දෙන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලිපියක් මාර්ගයෙන් දන්වා ඇති බව එම කොට්ඨාසය කියයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලට ශිරන්ති අනුව රාජපක්ෂ මහත්මිය එසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි, මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පලිස්කාර මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරති.

Tuesday, January 27, 2026

රෑන සහ ලබු ගිරව් ළග තබාත් දෙදෙනකුට දඩ

 


 ඒ. සිවනෙත්ති.



බලපත්‍ර නැතුව අලෙවි කිරීම සඳහා රෑන ගිරව් දස දෙනකු සහ ලබු ගිරවකු සන්තකයේ තබාගත් බව කියන දෙදෙනකුට ඇල්පිටිය මහෙස්ත්‍රාත්, මධුෂිකා ඉරෝෂිකා වාසල මහත්මිය විසින් එක් අයකුට රුපියල් විසින් පන් දහසක් සහ රුපියල් පනස් දහසක දඩ මුදලක් නියම කර තිබේ.


ඌරගස්මංහන්දිය සහ ඇල්පිටිය කහදුව යන ප්‍රදේශවල පදිංචි දෙදෙනකුට මෙසේ දඩ මුදල් ගෙවන ලෙසත් ගිරවුන් සියල්ල සුදුසු පරිසරයකට මුදාහරින ලෙසත් නියම කෙරිණි. හික්කඩුව වනජීවී උද්‍යාන මූලස්ථානයට ලද. තොරතුරක් මත වනජීවී දෙපාර්තමේන්තුවේ. නිලධාරී පිරිසක් විසින් කරන ලද වැටලීමකදී ගිරවුන් සහ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වෙසේ දඩ මුදල් නියම කෙරිණී.


ලබු ගිරව් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතීන් ආරක්ෂිත සත්ත්වයකු වන අතර නිසි බලපත්‍රයක් නොමැතිව රෑන ගිරව් විකිණීමට කටයුතු කිරීම දඬුවම් ලැබීය. හැකි වරදක් බවත් ගිරවුන් සියල්ල සුදුසු පරිසරයකට නිදහස් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.හික්කඩුව උද්‍යාන භාරකාර ඩබ්ලිව්. ඒ. එස්. නිශාන්ත මහතාගේ මෙහෙයවීම යටතේ වන සත්ත්ව අඩව් ආරක්ෂක එල්. ආර්. එච්. කුමාර, වනජීවී නියාමක පී, එච්. එල්. සී. ජයසේකර,ටී.එච්.සී. දිමුතු කුමාර, කේෂ්ත්‍ර සහායක ඒ. පී. එන්. ඩී. ඩී. ආර්. ද සිල්වා සහ සමන් ගුරුසිංහ යන මහත්වරු විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

යුද හමුදාවෙන් ඉවත් වී කුලියට මිනී මරණ ගණේමුල්ල සංජීවගේ ගෝලයන් අල්ලයි

 

යුද හමුදා සේවයෙන් නීතැනුකූලව ඉවත් වී කුට්යට මිනිස් ඝාතන කිරීමේ නිරතව සිටි ගණේමුල්ල සංජීවගේ ගෝලයන් බවට හදුනාගෙන සිටින සංසාකරුවන් දෙදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාර්න් විසින් 23 වැනිදා සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.


දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන දිප්පිටිගොඩ ළහිරු නමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත දිප්පිටිගොඩ කල්ප නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුත්‍ව ඝාතනය කිරීම සඳහා පැමිණ ඇති මෙම සැකකරුවන් මීට සති තුනකට පමණ පෙර ඔවුන් පැමිණි වාහනය රාගම ප්‍රදේශයේ අතුරු මාවතක දමා ගොස් තිබියදී කඩවත පොලිසිය විසින් සොයාගෙන තිබිණි.වාහනය පදවාගෙන පැමිණි රියැදුරු කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම වාහනය, සහ ගිනිඅවිය හැරදමා යෑම සම්බන්ධයෙන් බොහෝ කරුණු අනාවරණය කර ගෙන ඇති අතර යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටින අයකු සමඟ මිනිස් ඝාතනයකට පැමිණි බවද සැකකරු ප්‍රකාශ කර ඇත.


පොලිසිය 23 වැනිදා සිදු කළ වැටලීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිර්පත් කිර්මෙන් පසුව දින හතක රැදවුම් නියෝග ලබාගෙන ඇත.ඝාතනය සිදු කිරීට යොදාගෙන තිබූ දිනයේදී ඝාතකයන්ගේ ඉලක්කය වූ කල්ප නමැත්තා ඝාතකයන් බලාපොරොත්තු වූ ප්‍රදේශයට නොපැමිණි බැවින් ඔවුන්ගේ කුරුමානම වැරැදුණු බවත් තමන් පසුපස වාහනයක් පැමිණන බවට සැකයක් ඇතසිද ළහිරුට දැනුම් දීමෙන් පසුව වාහනය අතහැර පලායන ලෙස ඔවුන්ට උපදෙස් ලැබුණු බැවින් මෙලෙස ගිනිඅවිය වාහනය තුළ දමා පලා ගිය බවද සැකකරු ප්‍රකාශ කර ඇත.


මෙම සැකකරුවන් එකිනෙකා හදුනාගෙන ඇත්තේ යුද හමුදා සේවයේ නිරතව සිටිය දී බවද දැනට ඩුබායි රාජ්‍යයේ සිටින යුද හමුදාවෙන් ඉවත්ව ගිය අයකු මාර්ගයෙන් වෙඩික්කරු ලෙස හඳුනාගෙන සිටින පුද්ගලයා ළහිරුව හඳුනාගෙන ඇති බවද කරුණු අනාවරණය වී ඇත.සැකකරුට මෙම ඝාතනය සිදු කිරීම සඳහා අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක්ද ළහිරු විසින් ලබා දුන් බවත් සැකකරු ප්රකාශ කර ඇත.මෙම ජාවාරමට යුද හමුදා නිලධාරීන් ඒකරාශි කර ගැනීම මුහුණු පොත හරහා සිදු කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද පොලිසිය පැවැසීය.


වෙඩික්කරු සම්මා කොට්ටාව බස් ස්ටෑන්ඩ් එකේදී කොටුවෙයි

  දෙහිවල, ගල්කිස්ස, 'කළුබෝවිල ආදී ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පාර්ශව කිහිපයක් අතර සිදු කෙරෙන වෙඩි තැබීම්වලින් මේ වන විට මියගිය ගණන දහයකටද ආසන්නය. මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන මෙම වෙඩි තැබීම් සිදු කෙරෙන අතර පොලිසිය පවසන්නේ මෙම වෙඩි තැබීම්වල නිමාවක් තවමත් දක්නට නොමැති බවය.


පසුගිය දින කිහිපයකට පෙර තවත් වෙඩිතැබීම් තුනක් මෙම ප්‍රදේශ වලීන් වාර්තා වූ අතර බඩෝවිට අසංක සහ සමන්ත පාර්ශ්ව අතර ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම් සිදුව ඇතැයි විමර්ශන නිලධාහු සැක කරති. මෙම පාර්ශව අතර මීට පෙර සිදු වූ වෙඩි තැබීම් වලට සම්බන්ධ තුවක්කුකරුවන්, පැදිකරුවන් සහ ඒවාට ආධාර අනුබල දුන්නවුන් කිහිප දෙනකුම් අත්අඩංගුවට ගත්තද පාර්ශ්ව අතර සිදු කෙරෙන මරාගෙන මැරීම් තවමත් නතර වී නැති බව පොලිසිය පැවැසීය.


මෙම පාර්ශ්වයන් අතර සිදු වූ වෙඩි තැබීම්වල ආසන්නතම සිදුවීම් දෙහිවල වනරතන පාර, කළුබෝවිල බෝධියවත්ත සහ දෙහිවල මුහුදු මාවත ප්‍රදේශ වලින් වාර්තා වූ අතර එම වෙඩි තැබීම් සිදු කළ තුවක්කුකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක විය.මේ අනුව ඉකුත් වසරේ දෙසැම්බර් මස සහ 2026 ජනවාරි මස මුල් සතිය තුළ වෙඩි තැබීම් තුන වාර්තා වී තිබිණි.2025-12-06 දින දෙහිවල වනරතන පාර ඒ ක්වාර්ටස් ක්‍රීඩා පිටිය අසලදී ගිනි අව් දෙකකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කෙරිණි. 


එමෙන්ම 2025.12.30 දින තවත් වෙඩි තැබීමක් සිදු වූ අතර එයද දෙහිවල පොලිස් වසමේ බෝධියවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම වෙඩිතැබීම පුද්ගලයකු ඉලක්කකොට සිදු වූ අතර මෙහිදී එම වෙඩි තැබීම ආසන්නයේ සිටි වයස අවුරුදු 16ක දැරියක් තුවාල ලබා රෝහලට ඇතුළත් කරන්නට විය. මෙම වෙඩි තැබීම් දෙකේම තුවක්කුකරුවන්ගේ ඉලක්කය ව තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවකු වූ බඩෝවිට අසංකගේ සමීපතමයන් බව විමර්ශන නිලධාහු කීහ. අසංකට එරෙහි පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම් සිදු කර ඇති බවට විමර්ශන නිලධාරින් සැක කළ අතර මෙම වෙඩි තැබීම් දෙකට ඊටන් එක ලෙස 2026 වසර ඇරැඹීමත් සමග දෙහිවල මුහුදු මාවතේ හෝටලයක සිටි ව්‍යාපාරිකයකු වෙඩි තබා මරා දැමූ බව එම නිලධාහු වැඩිදුරටත් පැවැසූහ. 


කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් දෙහිවල, කොහුවල පොලිසිය ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මෙන්ම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයද විමර්ශන ආරම්භ කළහ.ඒ අනුව විමර්ශන නිලධාරීන්ට දෙහිවල වනරතන පාරේ සිදු කළ වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි එක් වෙඩික් කරුවකු කොටු කර ගැනීමට හැකි විය. විමර්ශන නිලධාර්න් පවසන්නේ ඔහු 'මුට්ටියා' නමැති පුද්ගලයකු බවය. ඔහු කොටු වූයේ බෝර 12 තුවක්කුවක්ද සමඟය.කෙසේ වෙතත් ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී වනරතන පාරේ වෙඩි තැබීම සිදු කළ අනෙක් වෙඩික් කරු හඳුනා ගැනුණු අතර එම වෙඩි තැබීම එම ප්‍රදේශ කේන්දු කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පාර්ශ්ව දෙකක් අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් මත සිදු වූවක් බවට අනාවරණය කරගත හැකි විය. 


මේ අතර සිදු කළ විමර්ශනයේදී වනරතන පාරේ වෙඩි තැබීම සිදු කළ අනෙක් තුවක්කුකරුද හඳුනාගත හැකි වුවද ඔහු කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකි වුයේ නැත.වනරතන පාර් වෙඩි තැබීමෙන් දින 24කට පමණ පසු කළුබෝවිල බෝධියවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීම සිදු වූ අතර ඊට සම්බන්ධ තුවක්කුකරු කවුද යන්න හඳුනා ගැනීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය ඔහුගේ රූපයට සමාන රුවක් සහිත චිත්‍රයක් මහජනයා වෙතද යොමු කළේය.


පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ "සමර නමැති මෙම සැකකරු ඉකුත් වසරේ දෙසැම්බර් 30 වැනි දින කළුබෝවිල ශ්‍රී සරණංකර පාරේදී වයස අවුරුදු 16 ක දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කෙරෙන විර්ශනයට අවශ්‍ය වෙඩිකරු ලෙස හදුනා ගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා යම් තොරතුරක් වෙතොත් පොලසියට දැනුම් දෙන ලෙසත්ය.මේ අනුව විමර්ශන කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබූ අතර සිද්ධියෙන් සති තුනකට පමණ පසු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් ක්‍රිශාන්ත (78495) යන නිලධාරියාට ඔත්තුකරුවකු විසින් ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලබාදී තිබිණි. 

 

"සර් සර්ලා හොයන "සම්මා කොට්ටාව බස් ස්ටෑන්ඩ් එකට එනවා. ආවොත් ඌව අල්ල ගන්න පුළුවන්.එම තොරතුරු එම කොට්ඨාසයේ ස්ථානාධිපති සුමිත් ජයසිංහට දැනුම් දීමෙන් අනතුරුව බුද්ධි ස්ථානාධිපති බස්නායක දකුණු කණ්ඩායමක් කොට්ටාව බලා ගිය අතර ලද ඔත්තුවට අනුව බස්නැවතුම් පොළට පැමිණෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.සැකකරු මිරිකාන ඒකකයට ගෙනා නිළධාරීන් ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු සමීර නොහොත් 'සණි නමැත්තකු බවත් වනරතන පාරේ සහ කළුබෝවිල බෝධියවත්තේ වෙඩිතැබීම් දෙකේම වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇත්තේ මොහු බවටත් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.


බඩෝවිට අසංකට එරෙහි පාර්ශ්වයේ සමන්ත සහ අවිශ්ක නමැත්තන් මෙම වෙඩි තැබීම දෙක මොහු ලවා මෙහෙයවා ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වි තිබේ.විමර්ශන නිලධාරීන් පැවැසුවේ මොහු යුද හමුදාවේ රාජකාරී කළ සෙබළෙකු බවය. එලෙස රාජකාරි කළ ඔහු පසුව යුද හමුදාවෙන් පැනගොස් ඇති අතර ඉන් අනතුරුව නිකුත් කළ පොදු සමා කාලයේදී මොහු යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත්ව ඇති බවයි. කෙසේ වෙතත් හමුදාවෙන් ඉවත් වීමෙන් පසු මොහු ත්‍රිරෝද රථ සහ වෙනත් සොරකම් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මොහු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇතැයි කියන විමර්ශන නිලධාර්න් පසුව වසරකට ආසන්න කාලයක් ඇප ලබාගත නොහැකිව සිටියදී විදෙස්ගතව සිටින සමන්ත නමැත්තාගේ සහායෙන් මොහු ඇප ලබාගෙන නිදහස්ව පැමිණ ඇති බවත් නිලධාරීන් පැවැසුවේය.


පසුව සමන්තගේ උපදෙස් මත සැකකරු මෙම වෙඩි තැබීම් වලට සම්බන්ධ වී ඇති බවත් එම වෙඩි තැබීම්වල ප්‍රතිඵලයක් ලෙස රුපියල් ලක්ෂ 6කට ආසන්න මුදල් සහ මත්කුඩු මොහුට ලබාදී ඇති බවත් ප්‍රශ්න කිමේදී සැකකරුගෙන් හෙළි වූ බව විමර්ශන නිලධාරීන් අනාවරණය කළේය. සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසු වෙඩි තැබීම සඳහා උපයෝගි කරගත් මිලිමීටර් නවය වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක්ද සොයා ගැනීමට නිලධාහු සමත් වූහ. එමෙන්ම ඔහු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ කළුබෝවිල බෝධිය වත්තේදී 16 හැවිරිදි දැරියකට තමා වෙඩි නොතැවූ බවත් වෙඩි තැබීමට ඉලක්කගත පුද්ගලයා එම දැරිය එකවරම තල්ලු කිරීම නිසා ඇයට් වෙඩි වදින්නට ඇති බවත් ඔහු පවසා ඇතැයි විමර්ශන නිලධාහු කියති.


දෙහිවල වනරතන පාරේදී දුමින්ද නමැති මත්ද්‍රව්‍ය ජාවාරමිකරු ඉලක්ක කරගෙන පැමිණි බවත් දින 2ක් තිස්සේම ඔහුට වෙඩි තැබීමට උත්සාහ කළද එය තරි ගියේ නැති බවත් තුන්වැනි දින එය සාර්ථක වූ බවත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇතැයි කියති.සැකකරු සන්තකයේ තිබු ගිනි අවිය දෙහිවල ප්‍රදේශයේ පාවේ නිවෙසක සඟවා තිබියදී සොයාගෙන තිබේ.සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව ඇති බවත් විමර්ශන නිලධාරිහු කියති

පැනගිය පහේ කල්ලිය සොයා පරීක්ෂණ

 


 බිමල් ශ්‍යාමන් ජයසිංහ


කළු පැහැති ඇඳුමින් සැරසී කළු පැහැති රෙදිවලින් මුහුණ වසාගෙන අතුරුගිරිය බොරළුගොඩ පාර දෙමහල් නිවසකට කඩා වැදුණු පස්දෙනකුගෙන් යුත් කල්ලියක් නිවැසි අඹුසැමි යුවළට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.


කොල්ලකෑ රන් භාණ්ඩ අතර පවුම් 13 බර රන් වළලු අටක්, රන් මුදුවක් හා දියමන්ති ගලක් අල්ලන ලද රන් මුදුවක් වන බව පොලිසිය සඳහන් කරයි. එම කොල්ලකරුවන් පිරිස 24 වැනිදා රාත්‍රී 10.30 ට පමණ නිවසේ ඉහළ මාලයේ නිදන කාමරයේ දොර කඩාගෙන ඇතුළු වී ඇඳෙහි නිදා සිටි අඹු සැමි යුවළට කිනිස්සක් සහ මන්න පිහියක් පෙන්නා බියවද්දා ඔවුන් දෙදෙනා පැලඳ සිටි රන් ආභරණ හා ජංගම දුරකථනයද කොල්ලකා පහත මහලට ගොස් තැටියක දමා තිබූ සිල්ලර කාසි පුටුවේ කුෂන් එකේ කවරය ගලවා ඒ තුළට දමාගෙන පලා ගිය බව පැමිණිල්ලේ සඳහන්ය.


කොල්ලකරුවන් නිවසේ පහත මහලේ මුළුතැන්ගේ ජනේලයේ අගුල කඩා නිවෙස තුළට ඇතුළු වී ඇති බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත. අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාරද ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරිහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහනේ සමාරම්භය අද

 


අංජුල මහික වීරරත්න


දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රජය ජාතික වැඩසටහනක් අරඹා ඇත.“ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ" ලෙස නම් කර ඇති මෙම ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරු 10.00ට ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් සහ පස්වරු 3.00ට මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරයෙන් ආරම්භවීමට නියමිතය. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.


ආපදා තත්වය හමුවේ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික වූ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවැති තත්වයට පත් කිරීමටත්, එම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ස්ථානවල පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් මහා සංඝරත්නයේ සහ සෙසු ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ සියලු පාර්ශ්වවල දායකත්වය ගනිමින් සිදුකිරීමටත් රජය අපේක්ෂා කරයි.


තරුණ මානසික අවපීඩනය සියයට 39ක් තරම් ඉහළ ගිහින්

 

 යොහාන් භාසුර 


මෙරට අවුරුදු 10 ත් 24 ත් අතර වයසේ පසුවන තරුණ ප්‍රජාව අතර මානසික අවපීඩන සියයට 39 ක් තරම් ඉහළ ප්‍රතිශතයක පවතින බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා ඊයේ (26) පැවැසීය. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සංවත්සරය වෙනුවෙන් මුල්ලේරියාවේ පිහිටි ජාතික මානසික විද්‍යායතනයේ දී ඊයේ (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා එසේ කීය.


මානසික රෝග ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ලෙස වර්ධනය වන මහජන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය සියලු වයස් කාණ්ඩවල ප්‍රජාවට බලපාන බවත් මෙරට ජනගහනයෙන් සියයට 13 ක් පමණ මානසික සෞඛ්‍ය පීඩාවෙන් පෙළෙන බවද හෙතෙම සඳහන් කළේය. එම පිරිසෙන් සියයට 3 ක් පමණ දෛනික ක්‍රියාකාරිත්වය අඩාළ කරන දැඩි ආබාධවලට මුහුණ දෙන බවද ඔහු පැවසීය. මෙරට පස් දෙනකුගෙන් එක් අයකු මානසික අවපීඩනයෙන්  පෙළෙන බව කී වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා සියදිවි ගැනීම ගෝලිය වශයෙන් සහ ජාතික වශයෙන් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බව ද කීය.


ලොවපුරා වාර්ෂිකව සියදිවි නසා ගැනීම් ලක්‍ෂ 7 ක් පමණ වාර්තා වන අතර පොලිස් දත්ත වාර්තාවලට අනුව වාර්ෂිකව ලාංකිකයන් 3000ක් පමණ දිවි නසාගෙන ඇති බවත් නව යොවුන් වියේ පසුවන ජනගහනය අතර මානසික ගැටලු වඩාත් බරපතළ තත්වයක් බවත් අලහප්පෙරුම මහතා පැවසීය.මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂිත රෝහල් වැඩිදියුණු කිරීම, ප්‍රජා මූලික සත්කාර සහ ප්‍රථමික සෞඛ්‍ය සේවාවන්ට මානසික ඒකාබද්ධ කර මානසික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බවද වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පැවසීය.

සංගීත පාසලට වෙඩි තිබ්බේ ටෙලි නළු පුතාගේ ‘ක්ලබ්’ එක වැරැදිලා

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 


කොල්ලුපිටිය ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි සංගීත පාසල් ගොඩනැගිල්ලට සහ එහි ප්‍රධාන ගේට්ටුවට පෙරේදා (25) අලුයම් කාලේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානය ආසන්නයේ පිහිටි ටෙලිනාට්‍ය නළුවකුගේ පුතකුට අයත් බව පැවසෙන රාත්‍රී සමාජ ශාලාවකට යැයි සිතා වැරැදීමකින් බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියේ ‘ලංකාදීප’යට ඊයේ (26) පැවැසීය.


මෙම ටෙලි නාට්‍ය නළුවා මේ වන විට මිය ගොස් ඇති අතර, රාත්‍රී සමාජ ශාලාවේ අයිතිකරු බව කියන ඔහුගේ පුතා මේ වනවිට ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින පාතාලයට සම්බන්ධ අයකු බව ද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.ටෙලි නාට්‍ය නළුවාගේ පුතාට අයත් බව පැවසෙන මෙම රාත්‍රී සමාජ ශාලාවට ඉකුත් වසරේ නොවැම්බර් 07 වැනිදා කඩා වැදුණු පාතාලයට සම්බන්ධය යැයි පැවසෙන කණ්ඩායමක් එය ගිනි තබා අලාභ හානි සිදුකර තිබූ අතර, එහිදී කිහිප දෙනෙක් පිළිසුම් තුවාල ලැබූහ.


මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින අතර, ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම මස 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතැයි ද පොලිසිය කියයි.  මෙම සංගීත පාසල් ගොඩනැගිල්ලක් අවට ටීපනස්හයේ ස්වයංක්‍රීය ගිනි අවි උණ්ඩ දාසයක් පමණ තිබී කොල්ලුපිටිය පොලිසිය විසින් සොයාගෙන තිබුණි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකුගෙන් එක් අයකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන අයුරු සී.සී.ටී.වී. කැමරාවක රූප රාමු පරීක්ෂා කර බැලීමේදී ද පෙනෙන්නට තිබුණි යැයි පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.


ටෙලි නාට්‍ය නළුවාගේ පුතාට එරෙහි ප්‍රතිවාදී පාතාල කල්ලියක දෙදෙනකු පැමිණ රාත්‍රී සමාජ ශාලාව යැයි සිතා සංගීත පාසල දෙසට වෙඩි කරන්නට ප්‍රහාරය එල්ල ඇතැයි පොලිසිය කියයි. කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මෙම සිද්ධියට අදාළව පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යති.

Monday, January 26, 2026

උපන්දිනයදා යතුරුපැදි අනතුරින් පාසල් සිසුවාට දිවි අහිමිවෙයි

 



තම උපන් දිනය සමරමින් මිතුරකු සමග යතුරුපැදියක ගමන් ගත් 19 හැවිරිදි සිසුවකු විදුලි කණුවක යතුරුපැදිය ගැටී සිදුවූ අනතුරකින් මියගොස් ඇති අතර, මිතුරාද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බදුරලිය පොලිසිය කියයි.ඉකුත්දා (23) සවස තම මිතුරාද සමග බදුරලිය, කළුගල පාරේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම සිසුවා අනතුරට ලක්ව මියගොස් ඇති අතර, හොරහේන පාර කඹුරාවල පදිංචි හසිදු තේමිය විජයතුංග නමැති 19 හැවිරිදි සිසුවකු මෙසේ මියගොස් ඇති බවත්, ඔහු මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකු බවත් පොලිසිය කියයි.


තම යතුරුපැදියෙන් මිදලන, ජිනාලෝක මාවතේ පදිංචි මිතුරාද සමග බදුරලිය, කළුගල මාර්ගයේ ගමන් කිරීමේදී යතුරුපැදිය ලිස්සා ගොස් පාර අයිනේ විදුලි කණුවක වැදී අනතුර සිදුව ඇති අතර,බරපතළ තුවාල සහිතව බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් කළුතර, නාගොඩ රෝහලට මාරු කර යවා ඇති බවද පොලිසිය කියයි.බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැදිසිංහ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ලියනගේ, පො.සැ. (68106) පුෂ්ප කුමාර යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.


මරණය සැක සහිතයි: පුතාගේ පැමිණිල්ලට පරීක්ෂණ

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


කොළඹ රීජ්ගේ ආරියා ළමා රෝහලේ හෙදියක අබිරහස් ලෙස පිලිස්සුම් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) සවස මියගොස් ඇතැයි කඩවත පොලිසිය කියයි.එසේ මියගොස් ඇත්තේ, මහනුවර මැද මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි නිශාන්ති කුමාරි අබේසිංහ නමැති 42 හැවිරිදි හෙදියකි.


පිලිස්සුම් තුවාල ලබා මියගොස් සිටින තම මවගේ (හෙදියගේ) මරණය සැක සහිත බව පවසා ඇගේ පුතා කඩවත පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.හෙදියක වන තම මව නීරෝගීව සිටි තැනැත්තියක බවත්, ඇයට දන්නා තරමින් කිසිදු රෝගයක් නොතිබූ බවත්, එම හෙදියගේ පුතා පොලිසියට පවසා ඇතැයි කියති.


තම සහෝදරිය කළ දැනුම් දීමක් මත උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේ කතාබහ කිරීමට නොහැකිව පිලිස්සුම් තුවාල සහිතව මව එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව ද පැමිණිලිකරු පවසන්නේ යැයි පොලිසිය කියයි. මව බොරැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් රැකියාව සඳහා ගිය බව ද ඇයගේ පුතා වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි කියති.