Showing posts with label G1 sports. Show all posts
Showing posts with label G1 sports. Show all posts

Tuesday, October 28, 2025

මෙරට අයිස් නිෂ්පානදය කිරිමේ වගකීම මාලිමා ආණ්ඩුව භාරගත යුතුයි

 


 අනුර බාලසූරිය


මත්ද්‍රව්‍ය මේ රටේම නිෂ්පාදනය කරන තත්ත්වයට පත් වීමට වගකිව යුත්තේ මාලිමා ආණ්ඩුව බව ශ්‍රී ලංකා පොදු  ජන පෙරමුණේ ප්‍රධාන ලේකමි සාගර කාරියවසම් පවසයි. පක්ෂ මුලස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් පළ කළේය.

එහිදී සාගර කාරියවසම් මහතා මෙසේද කීය. ඉතාම භයානක ව්‍යසනයක් බවට මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම පත් වී තිබෙනවා. අපි දන්නවා මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට මුලින්ම නීති සම්පාදනය කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේ. එහෙත් ඉතිහාසයේ කවදාවත් නොවූවිරූ තරම් මත්ද්‍රව්‍ය උවදුර මේ රටේ පැතිරලා ගිහින්. රටේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන තත්ත්වයට මේ රට පත් කරන්න මේ මාලිමා ආණ්ඩුව සමත් වී තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය උවදුරේ වගකීම රාජපක්ෂලා පිට පටවන්න හැදුවත් ජනතාවට මේ ආණ්ඩුවේ නිරුවත හෙළි වුණා. අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ගෙනාපු බෝට්ටුවේ හිමිකරු කවුද කියන කාරණයන් උඩ. දැන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින්නේ කවුද කියන කාරණය ඉතාම පැහැදිලිව   මේ රටේ ජනතාවට අවබෝධ වී තිබෙනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පහුගිය යහපාලන කාලයේ ඉන්දියානු රජයේ ආධාරයෙන් හදපු නිවාස හිමිකරුවන්ට ලබා දීමේ උත්සවයකට ගිහින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මේ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් ගත යුතු පළමු පියවර ගනු ලැබුවා කියලා,


හැබැයි අපිට පේන්න තිබෙන පළමු පියවර තමයි බිමල් රත්නායක ඇමැතිවරයා වරාය භාර ඇමැති ධුරයෙන් ඉවත් කිරීම. මේ බිමල් රත්නායක මහතාගේ වරාය භාර කැබිනට් අමාත්‍ය ධුරය ගැලවීමත් රේගුවෙන් කන්ටේනර් නිදහස් කිරීමත් මේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයත් අතර සහසම්බන්ධයක් තිබෙනවාද නැද්ද කියන කාරණය ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර බලන්න ඕන කාරණයක්, මේ කන්ටේනර් 323 තුළ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තිබුණා කියලා මුලින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අර්ජුනා මන්ත්‍රීවරයා. ඒ වගේම මේ කන්ටේනර් සම්බන්ධයෙන් මුලින්ම රහස් පොලිසියට පැමිණිලි කළේ ඩෑන් ප්‍රියසාද්. ඉන් දින කිහිපයකට පසුව ඔහුට ඝාතනය කරනවා.



අපේ නීතිඥ සංගමය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට මේ සමබන්ධයෙන් පැමිණිල්ලක් කරනවා, ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අද වනතුරු ගත් කිසිදු පියවරක් නැහැ. ඉතාම අවාසනාවන්ත ආකාරයට මේ රටේ සිදු වූ විශාලම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂා නොකරන පොලිසිය ඇමැතිවරුන්ට අපහාස කිරීම සම්බන්ධ පැමිණිලි විභාග කරනවා. පොලිස්පතිවරයාට මතක් කරන්න කැමැතියි. මේ රටේ සාපරාධී අපහාස නීතිය ඉවත් කරලා බොහෝ කාලයක් වෙනවා. අපහාසයක් සම්බන්ධයෙන් සාපරාධි වරදක් වෙන්නේ නැහැ. ඒ අනුව අපහාසයක් සම්බන්ධයෙන් කටයුතු කරන්න පොලිසියකට මැදිහත් වෙන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ.


ශ්‍රී ලංකා පොලිසියට මේ රටේ අපරාධ කියන්නේ මොනවාද? තමන්ගේ කාර්ය භාරය මොකක්ද කියන කාරණය අමතක වී තිබෙනවා. ගරු පොලිස්පතිතුමනි ඔබ තුමා තවත් පුජිත් ජයසුන්දර කෙනෙක් වෙන්න උත්සාහ දරන්න එපා. එතුමා අන්තිමේදී නතර වුණේ හිර ගෙදර අපි දකින්න අසා නැහැ තවත් පොලිස්පතිවරයෙක් හිර ගෙදරක දුක් විඳිනවා බලන්න.



Wednesday, September 18, 2024

අසීරුම අඩියේ තිබ්බ රට දැන් සාමාන්‍ය තත්ත්වයට මම ගෙනාවා

 


ඔබ ජනපති ධුරයට පත්වුණොත් නව ආණ්ඩුව පිහිටුවීමට සිදුකරන වැඩපිළිවෙළ කුමක්ද? 


දැනට පැහැදිලිවෙලා තිබෙනවා සෑම පැත්තකින්ම. මට පේන්නේ මෙතන ප්‍රධාන කාරණය තියෙන්නේ මේ ක්‍රමවේදය ඉදිරියට ගෙන යනවාද? නැතිනම් මොකක්ද වෙන්නේ කියන එක. ආණ්ඩුවක් ආවම ඉතිරි ටික කරන්න තියෙන්නේ. අපි කොච්චර කතා කළත් හොරු අල්ලන එක ගැන කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙන්නේ ‘පුළුවන් ශ්‍රී ලංකා' එකෙන් විතරයි. නීති පද්ධතියක් නැතුව මේක නැති කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ කිසිම ප්‍රශ්නයක් නෑ. 

කරගෙන යනවා. දැන් තියෙන්නේ කරගෙන ආපු දේ ඉදිරියට කරගෙන යනවාද, නැද්ද කියන එක. ඒ වගේම අනිත් අයගේ විකල්පය මොකක්ද කියලා. අසීරුම අඩියේ තිබ්බ රට දැන් සාමාන්‍ය තත්ත්වයට මම ගෙනාවා, රටේ ඉදිරි දියුණුවත් ළඟා කරගන්න අපිට පුළුවන්.


2 රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ප්‍රමුඛතා මොනවාද? 


අයි.එම්.එෆ්. එකඟතාව අනුව වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව තමයි අයවැයක් සකස් කරලා තියෙන්නේ 2025ට. අපේ අයවැය අනුව ආදායම්, වියදම් අතර හිඟය රුපියල් බිලියන 1000යි. ඒ1000 අපිට ණය හැටියට ගන්න පුළුවන් වෙළඳ පොළෙන්. දළ දේශීය නිෂ්පාදනයෙන් 05%ක් වෙනකන් ණය ගන්න පුළුවන්. මේක ඇත්තටම 5.1%ට තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ නෑ අයවැය කොහොමද කියලා. මේ අයි. එම්.එෆ්. ගිවිසුම කැඩුණොත් ඩොලර් එක 500ටවත් යයි. එච්චරයි වෙන්න යන්නේ. අපි ලබාගත්ත ජයග්‍රහණය ආරක්ෂා කරගන්න ඕනි. මේ අය කියනවා ජයග්‍රහණ නෙවෙයි කියලා. මේ ප්‍රශ්නයට අනිත් අය පිළිතුරු දෙන්න ඕනි. ප්‍රතිපත්ති ප්‍රකාශයේ 103 පිටුවේ තියෙනවා බදු අඩු කරන්නේ කොහොමද කියලා. අයි.එම්.එෆ්. යෝජනා පිළිගන්නේ නැතිනම් අපි ආයේ යනවා 2022 මැයි මාසයට. දැන්ම ඉඳන් පෙට්‍රල්, ඩීසල් අරන් තියාගන්න.


3 ජනතාවගේ බදු බර අඩු කරන හා ජීවන වියදම අවම කරන ජනතා සහන ලබා දීමට සිදුකරන ප්‍රායෝගික වැඩපිළිවෙළ කුමක්ද?


ඒක ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. 103 වැනි පිටුවේ තියෙනවා කොහොමද බදු බර අඩු කරන්නේ කියලා.


ඔබගේ අමාත්‍ය මණ්ඩලයේ 4 සංයුතිය කෙසේද? අගමැතිවරයා කවුද?


දැන් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද තියෙන කෙනා තමයි අගමැති. ඊළඟ පාර්ලිමේන්තුවේ බහුතරයේ සහාය තියෙන කෙනා තමයි අගමැති. ඒක ව්‍යවස්ථාවෙත් තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද කියලා මම දන්නේ නෑ. ඡන්දේ තියනකන් දැන් ඉන්න කැබිනට් එකත් එක්ක දුවනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා මම දන්නේ නෑ. කවුද මිනිස්සු එවන්නේ, මොන පක්ෂෙන්ද එවන්නේ කියලා මම දන්නේ නෑ. එන අය එක්ක මම වැඩ කරනවා.


5 අයි.එම්.එෆ්. ගිවිසුම පිළිබඳක්‍රියාකරන ආකාරය කෙසේද?


මේ ක්‍රමය ඉදිරියට ගෙනියනවාද නැද්ද කියන දේ දැන් තියෙන්නේ. අයි.එම්.එෆ්. එක්ක එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක තියා ගන්නවාද, නැද්ද කියන එක තමයි දැන් ප්‍රශ්න. අපි ලබාගත්ත ජයග්‍රහණය ආරක්ෂා කර ගන්න ඕනි. අයි.එම්.එෆ්. සහනය නැතිනම් අපිට ඩොලරයකට රුපියල් 500ක් ගෙවන්න වෙනවා. 500 රැකගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. සමහර විට 600ත් පනියි. අයි.එම්. එෆ්. සංවිධානය කියන්නේ කවුරු ආණ්ඩුවට පත් වුණත් මේ එකඟවෙලා තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්න ඕනි කියලා.


6 ඇමෙරිකාව, ඉන්දියාව, චීනය 6 හා රුසියාව යන මහ බලවතුන් සමග ගනුදෙනු කිරීමේ ක්‍රියා පිළිවෙළ කුමක්ද?


අපි නොබැඳි ජාතීන්ගේ රාජ්‍යයක්. අවුරුදු 20-30ක් අපි වැඩ කරගෙන ආපු ක්‍රමයක් තියෙනවා. අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා, ඒ රටවලට හානි නොවන විදියට අපි කටයුතු කරනවා.


අපි දැනට ඇමරිකාවත් එක්ක වෙළෙඳ ගිවිසුම් අත්සන් කරලා නෑ. ඉන්දියාවත් එක්ක කරනවා. චීනයත් එක්ක කරනවා. ඒ වගේම මැලේසියාව, ඉන්දුනීසියාව එක්ක කළා. ජපානයත් එක්කත් කරනවා. ඒ වගේම අපේ මුහුදු සීමාව ඇතුළෙ ගැටුමක් නොවෙන්න අපි කටයුතු කරනවා. අපේ මුහුදු සීමාවෙන් පිටත් ගැටුම් ඇති වෙලා නෑ. බල තරගයක් තියෙනවා ඒත් ගැටුම් නෑ.


7 රට සංවර්ධිත රාජ්‍යයක් කරා මෙහෙයවීමේදී ලබාදෙන ප්‍රමුඛතා මොනවාද?


කෘෂිකර්මය නවීකරණය කරන්න, සංචාරකයන් දෙගුණයක් කරන්න, සූරිය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න, ආයෝජන කලාප ඇති කරන්න. මම බැලුවේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා කළා වගේ විශාල වැඩ කරන්න. එක එක අමාත්‍යාංශවලට වැඩ පවරනවා. මහවැලිය අවුරුදු 30න් කරන එක අවුරුදු 10න් කළා. ගෙවල් හැදුවා. කෝට්ටේ අගනුවර කළා. වෙළඳ කලාප දෙකක් දැම්මා.


8.පළාත් සභා ක්‍රියාත්මක කරනවාද? ක්‍රියාත්මක කරනවා නම් ඒ කෙසේද?


13වැනි සංශෝධනය ගැන විශාල ප්‍රශ්නයක් නෑ. ක්‍රියාත්මක කරන එක තමයි තියෙන්නේ. ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න කියලා ගොඩ දෙනෙක් කියනවා. ඒ ගැන පක්ෂ නායකයන් සමග කතා කරලා බලන්න ඕනි. ඊට පස්සේ අපි පළාත් සභා මැතිවරණය තියෙනවා. දැන් රටේ ප්‍රශ්න විධායක ජනාධිපති ක්‍රමය නෙවෙයි. රටේ මිනිස්සු ඒ ගැන හිතන්නෙත් නෑ. මේවා නිසා අපි ආර්ථිකය අමතක කරලා. මම ඇවිල්ලා මැදට දාලා තියෙන්නේ ආර්ථිකය. විධායක ජනාධිපති ක්‍රමය, 13වැනි සංශෝධනය මේවා නිකන් බොරුවට ඇදගෙන යන ඒවා ඇත්ත ප්‍රශ්න වහන්න. විධායක ජනාධිපති වුණත්, අගමැති වුණත්, මහ ඇමති වුණත් රජ්ජුරුවෝ වුණත් මේකෙනෙ මිනිස්සු ජීවත්වෙන්නේ. ඇත්තටම මේවගෙන් අපේ ඇත්ත ප්‍රශ්න වහගෙන තියෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මට කිව්වා මෙතන වාඩි වුණාම කවුරුත් මේක වෙනස් කරන්න යන්නේ නෑ කියලා. මේ මොන ප්‍රශ්න ගැන කතා කරත්, උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ කාට ඡන්දය දෙනවා කිව්වත් මටත් සහාය වන මන්ත්‍රීවරු ඉන්නවා. මේක දිනන්නේ මම. වෙන කවුරුවත් නෙවෙයි.


9.දූෂණය වැළැක්වීම හා දූෂිත යැයි කියූ අයට දඬුවම් ලබාදීම

කරන්නේ කෙසේද?


අපි දූෂණ විරෝධී නීතිය ගෙනාවා. ඒක දිව්‍ය ලෝකයෙන් වැටුණේ නෑ. ඒ වගේම අපරාධයෙන් අත්පත් කරගත් දේපළ ආපසු ලබාගැනීමේ කෙටුම්පත සම්මත කර ගන්න තියෙනවා. ඊළඟට අවුරුදු 05ක දූෂණ විරෝධී සැලැස්ම හදන්න තියෙනවා 2025දී. සමාගම් නීතිය, ඒ වගේම තවත් නීති ගණනාවක් ගේන්න තියෙනවා. තවත් නීති 05ක් පමණ සංශෝධනය කරන්න තියෙනවා. මේ සෑම එකක් කරාම තමයි අපිට ඕනි නීති රාමුව තියෙන්නේ. මේක හදලා දීලා තියෙන්නේ අයි.එම්.එෆ්. එක. ඒවා තමයි චීන අවුරුද්දේ මූලික කාරණා වෙලා තියෙන්නේ. මෙය සම්මත කර ගන්න ඕනි. ඒ වගේ දේවල්වලට අපේ අය මුහුණ දෙන්න ඕනි. ඒකටත් ලෝක බැංකුව උදව් දෙනවා. සමහර අයට පිටරට ගිහින් මාස 06ක් පමණ මේ ගැන පුහුණුව ලබාගෙන එන්න වෙයි. අනික අපි දැන් කරන ආදායම් බදු ක්‍රමය නිසා මිනිස්සුන්ව බදු දැලට ඇතුල් වෙනවා. පක්ෂ දෙකම කතා කරන්නේ එක නීතියක් ගැන. ඒ නීතියෙන් දඬුවම් කරන්න පුළුවන්. හොරු අල්ලනවා කියලා බොරුවක්නේ කරන්නේ. ඒ අය කියන්න ඕනි අයවැයට අවශ්‍ය මුදල් හොරු අල්ලලා ගන්නවා කියලා. දැනට කවුරුවත් නෑ කියනවා. 2025දී කවුරු හරි හොරු අල්ලනවා කියලා හිතමු. නඩු අහලා ඉවර වෙලා, ඇපැල් අධිකරණයේ නඩු ඉවරවෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් එන්න අවුරුදු කීයක් යයිද? අවුරුදු 6-7ක් යයි. ඒ අනුව 2025දී හොරු අල්ලලා සල්ලි ගේන්න බෑ. 2026, 2027, 2028ත් බෑ.


10.ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් 10 නොවන ජාතික ප්‍රතිපත්තියක් සෑදීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


දැන් ඒ සියල්ල අයි.එම්.එෆ්. එක හුරු කරගෙන යනවා. මේ සියල්ල නවීකරණය කරන්න යෝජනා තියෙනවා.

 දිනේෂ් සමරකෝන්

Friday, October 11, 2019

වසර 40කට පසු ඉරාන කාන්තාවන්ට පා පන්දු තරග නැරඹීමට අවස්ථාවක්

දශක 4කට පමණ පසුව ඉරාන කාන්තාවන්ට පාපන්දු තරග  නැරඹීම සඳහා එරට ඉස්ලාමීය
ජනරය අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ අනුව මෙතෙක් කලක් ඉරානය තුළ සාම්ප්‍රදායික නීතියක් ලෙසින් පැවැති පිරිමින්ට පමණක් එවන් අවස්ථාවන් සඳහා සහභාගි වීමට අවසර හිමි වීමේ මතභේදාත්මක ප්‍රතිපත්තිය අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මඟින් සැලකිල්ලට
ගෙන තිබේ. ඉන් අනතුරුව එම ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කළහොත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ඉරාන සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන බව දැන්වීමෙන් අනතුරුව කාන්තාවන් සඳහා එම අවස්ථාව ලබා දීමට එරට රජය තීරණය කර තිබීම විශේෂත්වයකි.  තවද යුවතියක් පිරිමියකු ලෙස වෙස් වළාගෙන තරගයක් නැරඹු බව හෙළි වීමෙන් අනතුරුව සිරගත වීමට සිදුවෙතැයි යන බියෙන් සිය සිරුරට ගිනි තබාගෙන මියයාමද ඉරාන ඉස්ලාමීය රජයයේ ම‍ෙම දරදඩු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සිදුවූ ආසන්නම සිදුවීම වශයෙන්ද එම මාධ්‍ය වාර්තාවල දක්වා තිබිණි.
ඉරානය තුළ වසර 40කට අධික කාලයක් කාන්තාවන්ට පාපන්දු තරග වෙනත් කිසිදු ක්‍රීඩා තරගයක් නැරඹීම සඳහා ක්‍රීඩාංගණ තුළට ඇතුළුවීමේ අවසරය එරට ඉස්ලාමීය ජනරජය මගින් හිමි නොවූ අතර, විශාල වශයෙන් පුරුෂයන් සහභාගි වන එවන් ස්ථානවල ගැවසීම කාන්තාවන්ට තහනම් කළ යුතු බවද එය ඉස්ලාමිකයන්ට නොගැළපෙන බවද ආගමික පූජකයන් අනුශාසනා කර තිබූ බවත් එම වාර්තවල වැඩිදුරටත් දක්වා තිබිණි.

කෙසේ වෙතත් කාම්බෝජය සහ ඉරානය අතර ටෙහෙරානයේදී පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරගයට පෙර ඉරාන රජයේ ඉහත තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම තරගය නැරඹීම සඳහා කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති බවද වාර්තා
වේ. ඒ අනුව කාන්තාවන් 2500කට අධික සංඛ්‍යාවක් සමසේ එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරගන ඇති බවත් මුලදී සූදානම් කර තිබී ඇති ප්‍රවේශ පත්‍ර විකිණී හමාර වීමෙන් පසු අතිරේක ආසන පුමාණයක් එකවර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් දක්වා තිබිණි.
                                                                                                                                                                   - සටහන - ගමිත දෙහිපිටිය-

ජයග්‍රණය පිටුපස රොකට් සයන්ස් එකක් නැහැ,එකමුතුකමයිව.විශ්වාසයයි විතරයි තිබුණේග


ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පසුපස 'රොකට් සයන්ස්’ එකක්  නොමැති බවත්, එකමුතුකමත්, ආත්ම විශ්වාසයක් තිබෙන්නේ නම් කණ්ඩායමකට ලොකු ගමනක් යා හැකි බවත් ශ්‍රී ලංකා විස්සයි20
නායක දසුන් ශානක පැවසීය, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පෙරේදා (09දා) පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයද ලකුණු 13ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, ඒ සමග තරග 3-0ක පූර්ණ තරගාවලි ජයක්  ලැබීමටද ඔවුන්ට අවස්ථාව උදාවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 තරග ඉතිහාසයේ ලැබූ  පළමු පූර්ණ තරගාවලී (තරග 03ක තරගාවලියක්)
ජයග්‍රහණය මෙය වන අතර, පාකිස්තානයද ඔවුන්  අත්වීදි පළමු විස්සයි20 පූර්ණ තරගාවලි පරාජයද මෙය විය.  මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබදව තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී  දසුන් ශානක වැඩිදුරටත් පවසා සිටියේ, ලෝක කුසලානය දිනූ ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීමට හැකිවීම මෙරට ක්‍රිකට් අනාගතයට හොඳ ආරමිභයක් කරගන්නා බවයි.  එහිදී තවදුරටත් අදහස් දැක්වූ දසුන්,
" තරගාවලිය දිනන්න හැකිවෙයි කියලා අපිට මේ සංචාරය එද්දීම ලොකු විශ්වාසයක් තිබුණා. වීශේෂයන් ඕක අපි ලෝක කුසලානය දිනපු තණතීරුව. මේ විකට් එකේ අපි හොඳින් ක්‍රීඩා කළා, ඇත්තටම මේ තරගාවලියට එන්න කලින්, නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේදී අපි හොඳ ජයග්‍රහණයක් ලබාගත්තා,  ඉන් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මේ තරගාවලියට (විස්සයි20) එක්වුණත්, ඒ ලැබුණු උද්යෝගය මේ තරගාවළියේත් තිබුණා. ඒ වගේම ක්‍රීඩකයෝ එකට ක්‍රීඩා කරලා තේරුම් අරගෙන තිබෙනවා එක් එක් අවස්ථාවන්හි මොකක්ද කළ යුත්තේ කියලා. අවශ්‍ය වෙලාවේදී හරි තීරණ ගන්න ඔවුන් පුරුදු වුණා."
යොවුන් කණ්ඩායමක් සමග ක්‍රීඩා කිරීමට සිදුවීම නායකයෙකු ල‍ෙස අභියෝගයක් වූවාදැයි මෙහිදී දසුන්ගෙන් විමසූ අතර, එයට අදහස් දක්වමින් දසුන් මෙසේ පැවසීය.
"ජාත්‍යන්තර තරගවලට එනකොට තිබුණ පීඩනය, ඇගේ තිබෙන  තැතිගැන්ම දැන් අපි ක්‍රීඩයන්ගෙන් දැන් ඈත්වෙලා. ඔවුන්ගේ විශ්වාසය ගොඩක් වැඩියි. නායකයෙක් ලෙස මට ඒක ගොඩක් ලෙහෙසි වුණා. මට කිසිම වෙලාවක පීඩනයක් තිබුණේ නැහැ. මම දැනගෙන හිටියා මේ කණ්ඩායමට කරන්න පුළුවන් දේ. විෂයෙන්ම මේක මම විතරක් ලබාගත් දෙයක් නෙමෙයි. අපේ පුහුණුකාරීත්ව මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලසිත් මාලිංගයි ඉන්නේ. එයා ගොඩක් ක්‍රීණ්ඩකයන්ව මෙතෙන්ට ගෙනල්ලා, කණ්ඩායම හදන්න දායක වුණා.
කණ්ඩායම් ආත්ම විශ්වාසය තමයි මේ ප්‍රතිඵලය ලැබෙන ප්‍රධානම හේතුව. ඒ හැරත්න මේ ජයග්‍රහණය පසුපස ලොකු 'රොකට් සයන්ස් ' එකක් නැහැ. එකමුතුකමයි, විශ්වාසයයි තිබෙනවා නම් අපට සැහෙන ලොකු ගමනක් යන්න පුළුවන්.”
1996 ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන දිනූ ලාර්හෝහී ගඩාෆි ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව මෙම ඓතිහාසික ජයග්‍රහණය ලැබුවත්, එම ජයග්‍රහණය කිසිසේත් අතීතය හා සක්සන්දනය කළ නොහැකි බවද ඔහු මෙහිදී පැවසීය. "ලෝක කුසලානය දිනපු එකයි, මේකයි.සන්සන්දනය කරන්න බැහැ. නමුත් ලෝක කුසලානයක් දිනපු ක්‍රීඩාංගණයේම නැවත නැගී සිටීම අපි හොඳ ආරමිභයක් කරගන්නවා. විශේෂයෙන් මේ ජයග්‍රහණය හරහා අපේ ප්‍රේක්‍ෂකයෝ ඉස්සර වගේම අපට ආදරය කරන්න පටන් ගනියි කියලා හිතනවා."අවසන් තරගය ජයගැනීම ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ දසුන්,
"ක්‍රීඩාංගණය ඇතුළේ අපට කතා කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි පන්දු රකින්න එනවිටම තීරණය කරලා ඉවරයි අපි කොහොමද ක්‍රීඩාකරන්නේ කියලා. පුහුණුකරුවන් අපට හොඳ සැලසුම් දුන්නා. ඒ දේවල් අපට තරගය ජයගන්න ගොඩක් පහසු වුණා" යැයි පැවසීය.මෙහිදී දසුන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු වූ රුමේෂ් රත්නායක මහතායිගන්ද විමසා සිටි තරුණියක් වූයේ ශ්‍රී ලංකාව තුළත් විස්සයි20 ලීග් (franchise) තරගාවලි තිබුණේ නම්, මෙරට ක්‍රීඩකයන්හි දකෂතා තවදුරටත් ඉහළ යෑමට හැකියාව තිබුණේදැයි යනුවෙනි,
මේ පිළිබඳ පළමුව අදහස් දැක්වූ රූමේෂ් රත්නායක මහතා,
"විස්සයි20 (franchise) තරගාවලි තිබුණා නම් හොඳයි. ඒක හොඳම හොඳ දෙයක්. මට
හරියට තේරන් නැහැ ඇයි ලංකාවේ එවැනි තරගාවලියක් නැත්තේ කියලා. අපි 2011දී එකක් කළා, නමුත් ඉන් පසුව වුණේ නැහැ. මේකෙම අපට ඉගෙනගන්න හැකියි. ඉදිරියේදී එහෙම දෙයක් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා” යැයි පැවසීය.
මේ පිළිබඳ අදහස් දැක්වූ දසුන් ශානක,  "අනෙක් සෑම රටකම ෆ්‍රැන්වයිස්" තරගාවලි තිබෙනවා. අපේ ක්‍රීඩකයෝ මෙතරම් හොඳට ක්‍රීඩා කරලත් මම හිතන්නේ නැහැ කිහිප දෙනෙක් හැරෙන්න බොහෝ දෙන‍ෙක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට්වලට ගනියි කියලා. ඒ, අපේ ක්‍රීඩකයෝ දක්ෂ නැති නිසා නෙමෙයි, ඔවුන්ට 'ෆ්‍රැන්වයිස්" ක්‍රිකට් ගැන අත්දැකීමක් නැති නිසා.
පාසල් මට්ටමින් ගත්, අනෙක් සෑම රටකටම වඩා දක්ෂ ක්‍රීඩකයන් අප අතර ඉන්නවා. නමුත් අද ලංකාවේ ගහන, ගහපු ගොඩක් දෙනෙක් ඉන්නේ ඔස්ට්‍රෙිලියාවේ, තරුණ ක්‍රීඩකයන්, ජාතික කණ්ඩායමට එන්න කලින් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න වේදිකාවක් නැහැ මේ තරගාවලියට (පාකිස්තානු) තරුණ කණ්ඩායමක් ආවේ නැතිනම්, ඒ අයගේ මුහුණු මිනිස්සු කවදාවත් දකින්නේ නැහැ. එමනිසා මම හිතනවා ලංකාවේ විස්සයි20 ලීග් (franchise) ක්‍රිකට් හැහුවොත් ඒ අයටත් හොඳ අනාගතයක් තිබ්බෙයි කියලා" යැයි අවසන් වශයෙන් පැවසීය.
                                                                                                                         -විශ්ව මුදියන්සේ-

Wednesday, October 9, 2019

මට අවස්ථාවක් ලැබෙනකම් අවුරුදු දහයක් බලාගෙන හිටියා, - භානුක රාජපක්ෂ



ජාතික කණ්ඩායමෙන් අවස්ථාවක් ලැබෙන තෙක් තමන් වසර දහයක් බලා සිටි බවත්, ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වූ බවත් භානුක රාජපක්ෂ පැවසීය. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි විස්සයි 20 තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ලාහෝර් ගඩාෆි ක්‍රීඩංගණයේ පෙරේදා (O7දා) පැවති මෙම තරගයෙන් ලකුණු 35ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් භානුක රාජපක්ෂ, පන්දු 48කට මුහුණ ද‍ෙමින් අගනා ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය. ඔහු සිය ඉනිමට අලංකාර හයේ පහර 06ක් හා හතරේ පහර 04ක් එක් කිරීමටද අමතක නොකළේය. මෙම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සමිමානයද භානුකට හිමි විය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ භානුක, දේශීය තරග බිමේ කැපී පෙනෙන ක්‍රීඩකයකු වුවත්, ඔහුට ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට හැකිවූයේ මෙම විස්සයි 20 තරගාවලිය හරහාය. වැඩිදුරටත් අදහස් දැක්වූ භානුක රාජපක්ෂ, "ජාත්‍යන්තර වරම් දිනාගන්න මට වසර දහයක් ඉන්න වුණ. නමුත් මම හිතනවා මට සුදුසු අවස්ථාවේදී මේ තැන ලැබුණේ කියලා. මේ වැඩේට එන්න පාසල් අවදියේ ඉඳන් ගොඩක් දෙනෙක් මට උදව් කළා. අලුතෙන් ආව ක්‍රීඩකයකු ලෙස මමත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි මේ තරගාවලිය ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. අපි මේ තරගාචලිය වෙනුවෙන් ගොඩක් මහන්සියෙන් ලංකාවේදිත් පුහුණුවීම් කළා.අංක තුන ක්‍රීඩා කරන්න තමයි මම පාසල් අවදියේ ඉඳන් පුරුදුවෙලා හිටියේ. අසන්ත ද මෙල් (තේරීම් කමිටු සභාපති) මහතා මට විස්සයි 20 කැප් එක දෙනකොටත් කිවිවේ මගේ සාමාන්‍ය පිතිහරඹයෙන් ක්‍රීඩා කරන්න කියලයි. රමේෂ් (ශ්‍රී ලංකා වැඩබලන ප්‍රධාන පුහුණුකරු) සර් කිවිවෙත් මට දන්න විදියට ගහන්න කියලයි.
ඔවුන් මගෙන් ඇහුවේ මගේ වගකීමක් මොකක්ද කියලයි. මට ඕන වෙලා තිබුණේ ' වැඩියෙන් පිතිකරණයේ යෙදෙන්න. මොකද නවකයෙක් විදියට ලේසි නැහැ එක පාරටම ගිහිල්ලා ගහන්න. පළමු තරගයේ, පළමු පන්දු දෙක තුන ගහද්දි මම ටිකක් පීඩනයෙන් ගියා. නමුත් ලකුණු රැස් කරන්න පටන් ගත්තට පස්සේ මට ඒක ලෙහෙසි වුණා." යැයි පැවසීය.
පාකිස්තානය මේ වන විට ජාත්‍යන්තරය විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ අංක එකේ පසුවන කණ්ඩායම වන අතර, ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 08 වැනි ස්ථානයේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට මේ වන විට තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටින්නේ තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමිනි. ශ්‍රී
ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරහිව ලැබූ පළමු විස්සයි20 තරගාවලිය ජයග්‍රහණයද මෙයයි.එයද පාකිස්තානු තරග බිමේදීම අත් කර ගත් ජග්‍රහණයක් වීම සුවිශේෂී වෙයි.
ලැබූ ජයග්‍රහණය පිළිබදවද භානුක මෙසේ අදහස් දැක්වීය.
"ශ්‍රී ලංකාව හා පාකිස්තානය කියන්නේ වෙනස්ම කණ්ඩායම් දෙකක්. අපි ලංකාවේ දෙවැනි පළ කණ්ඩායම වගේ. ජ්‍යාන්තරයෙන් පැවසුවෙත් අපි දෙවැනි පෙළ කණ්ඩායමක් කියලා. එවැනි තත්ත්වයක ඉදලා විශාල අත්දැකීමක් සහිත ලොව අටක එක් කණ්ඩායම පරාජය කිරීමට ලැබීම ගැන සමස්ත කණ්ඩායමක් වශයෙන්, මුළු රටක් වශයෙන් අපි ගොඩක් සතුටු වෙනවා. සමස්ත කණ්ඩායම මේ ජයග්‍රහණයට දායක වුණා.  විශේෂයෙන් පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ලොකු අත්දැකීමක්, නමුත් පාකිස්තානය සමග ක්‍රීඩා කිරීමේදී අපිට පීඩනය අඩුයි. මොකද පාකිස්තානයට අවශ්‍ය හැම වෙලින්ම ජය ගන්නෙ. නමුත් අපට නැතිවන දෙයක් නැහැ. අපි කරපු වෙනස්කම තමයි පිටිය මැදට ගිහින් හොදින් ක්‍රීඩා කිරීම. කණ්ඩායමක් වශයෙන්, ලංකාවටත් ගෞරවයක් වන ලෙස මේ වනවිට තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන තියෙනවා. ධනුෂ්ක ගුණතිලැකත් කිව්වා වගේ අපි දෙවැනි තරගයෙන් තමයි තරගාවලිය. දිනන්න සැලසුම් කළේ. තුන්වැනි තරගයත් අපි කොහොමහරි දිනන්න බලාපොරොත්තු වෙනවා".
ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් වීම ලැබුණු  අවස්ථාව ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ භානුක පවසා සිටියේ තේරීම් කමිටුවේ විශ්වාසය දිනාගෙන විස්සයි 20 තරගවලට මෙන්ම එක්දින හා ටෙස්ට් තරගද ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.
"කාලයක් තිබුණා මට කණ්ඩායම් ඇතුළට එන්න අමාරු. නොයෙකුත් දේවල් කිව්වා. මම පෞද්ගලිකව ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. මට අවස්ථාව ලැඛෙනකමි මම අවුරුදු දහයක් තිස්සේ බලාගෙන හිටියා. අවස්ථාව ලැබුණට පස්සේ මම උපරීම ප්‍රයෝජනය ගත්තා කියලා හිතනවා. පිතිකරණය දියුණු කරගන්න කියලා මම වීශේෂයෙන් පුහුවුණේ නැහැ. වෙනදා ක්‍රීඩා කරන්න විදියට ක්‍රීඩා කළේ. පාසල් කාලයේ ඉඳන් මේ දක්වා මම ක්‍රීඩා කළේ මේ විදියට. මම අංශ තුනෙම ක්‍රීඩා කරන්න කැමතියි. නමුත් ඉදිරියේදීත් දක්වන දක්‍ෂතා අනුවට ඒක තීරණය කරන්නේ තේරීම් කමිටුව. දැන් පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී මම හොඳින් දක්‍ෂතා දැක්වූවා. මම හිතනවා මම හොඳ ආරම්භයක් ලබාගත්තා කියලා” යැයි පැවසීය.
-විශ්ව මුදියන්සේ-