Showing posts with label sport g5. Show all posts
Showing posts with label sport g5. Show all posts

Thursday, November 3, 2022

ශ්‍රී ලංකාවේ ළාබාලතම ඉන්ටර්නැෂනල් මාස්ටර් නාලන්දාවේ සුසාල්

ලෝක චෙස් සම්මේලනය විසින් 'ඉන්ටර්නැෂනල් මාස්ටර්' නිල නාමය පිරිනැමූ ශ්‍රී ලංකාවේ ළාබාලතම චෙස් ක්‍රීඩකයාට හිමි ගෞරවය දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා සමත් විය. 'ඉන්ටර්නෂනල් මාස්ටර්' නිල නාමය ලැබූ මෙරට තෙවැනි චෙස් ක්‍රීඩකයා සුසාල් වේ. මෙම ගෞරව නාමය ලැබූ ශ්‍රී ලංකාවේ පළමුවැන්නා වෘත්තීය චෙස් ක්‍රීඩක රොමේෂ් වීරවර්ධන වන අතර, දෙවැනියා වනුයේ කුරුණෑගල මලියදේව විදනලයේ හර්ෂණ තිලකරත්නය. ශ්‍රී ලංකාවේ අංක එකේ චෙස් ක්‍රීඩකයා වන සුසාල්, චෙස් ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 4500 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයාද වෙයි. ඒ අනුව චෙස් ක්‍රීඩාවේ අවසාන නිල නාමය වන ග්‍රෑන්ඩ් මාස්ටර් නාමය ලබාගැනීමට සුසාල් ඇත්තේ තවත් එක කඩයිමකි. ශ්‍රී ලංකාවෙන් තවමත් චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙකු බිහිවී නොමැති වීමද සුවිශේෂී වෙයි. නාලන්දා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සුසාල් පසුගියදා මාලදිවයිනේ පැවැති බටහිර ආසියානු චෙස් තරගාවලියේ වයස 16න් පහළ රන් පදක්කමද, ශ්‍රී ලංකාවට දිනා දුන්නේය. වත්මන් ජාතික චෙස් ශූරයා වන සුසාල්, ජාතික චෙස් ශුරතාවද දෙවරක් දිනා ඇත. ඔහු ශ්‍රී ලංකා චෙස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකුද වෙයි.

(කරන්දෙණීය - එම්. සුසිල් ප්‍රියන්ත)


Thursday, October 27, 2022

මහීෂ් ඉහළට වනිඳු පහළට

ලෝක විස්සයි20 පන්දුයවන්නන් නවතම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන ත්‍රිත්වයක් පහළට වැටීමට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට සිදුවී ඇත. විස්සයි විස්ස ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සමග පෙරේදා (25දා) තරගයෙන් පසු නිකුත්වූ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිඳු මෙම සටහනේ හයවැනි ස්ථානය දක්වා පහළට වැටී ඇති අතර, ඒ සමගින් එම ස්ථානයේ පසුවූ තවත් ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන්නෙකු වූ මහී තීක්ෂණ 5වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. මෙම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්ට හිමිවී ඇත. එහි දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ජොෂ් හැස්ල්වුඩ්ටත්, තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ රෂීඩ් ඛාන්ටත් හිමිවී ඇත. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළුලාභීන් අතර සමපෙරමුණේ තවදුරටත් පසුවීමට වනිඳු හසරංග සමත්වී ඇත. ඒ ඉනිම් 5කදී කඩුවී 9ක් බිඳහෙළමිනි. නමුත් ඔහු ඔස්ට්‍රේලියාව සමගින් පැවැති තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වීම ඔහුගේ පසුබැස්මට ප්‍රධානම හේතුව වූ අතර, ඔහුගේ පන්දුවාර 4 තුළදී ලකුණු 53ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ කිසිදු කඩුල්ලක් දවා නොගනිමිනි. මේ අතර මෙම සටහනේ දෙවැනි ස්ථානයේ මහීෂ් තීක්ෂණ පසුවන්නේ කඩුළු 8ක් දවා ගනිමිනි.



(ඕෂිත වරකපිටිය)

Wednesday, October 26, 2022

ඉරානයට පාපන්දු ලෝක කුසලානය තහනම් වෙයිද

මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා ඉරානයට සහභාගි වීමට අවස්ථාව ලබා නොදෙන්නැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට (ෆිෆා)  විවිධ පාර්ශ්ව විසින් ඉල්ලීම් කර ඇත. ඉරානයේ මේ වන විට පවතින දේශපාලනික අර්බුදය මෙන්ම යුක්රේන - රුසියා යුද්ධයට ඉරානය සහය දීම පිළිබඳ චෝදනා එල්ල වීමද මීට හේතුවක් වී ඇත. ඉරානයේ ආගමික පොලිස් අත්අඩංගුවේදී කාන්තාවක් මියයාම පිළිබඳව එරට රජයට විරුද්ධව විරෝධතා මේ වන විට උත්සන්න වී තිබීම එරට දැඩි අර්බුදයක් නිර්මාණය කර ඇත. මෙහිදී එරට කාන්තා අයිතීන් පිළිබඳ කතාකරන සංවිධාන පවා මෙවර පාපන්දු ලෝක  කුසලානයෙන් ඉරානය ඉවත් කරන මෙන් ෆිෆා වෙතින් ඉල්ලීමක් කර ඇත.එමෙන්ම රුසියා - යුක්රේන යුද්ධයේදී රුසියාව විසින් ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා භාවිත කිරීම සම්බන්ධයෙන්ද ඉරානයට මේ වන විට චෝදනා එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් යුක්රේන පාපන්දු නිලධාරීන්ගේ දැඩි විරෝධයක් ෆිෆා වෙත එල්ලවෙමින් පවතින බව විදෙස් වාර්තා මගින් දැක්වේ. කෙසේ වෙතත් ෆිෆා විසින් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත. ආසියානු පාපන්දු සම්මේලනයට අනුබද්ධව මෙවර ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඉරානය ආසියානු කලාපයේ ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම (ලෝ.ශ්‍රේ. 20) සිටින කණ්ඩායම්ද වේ. 

(ඕෂිත වරකපිටිය)


Friday, October 21, 2022

පාපන්දු ලෝක කුසලානයේ ටිකට් අලෙවිය මිලියන 03කට ආසන්නයි

එළඹෙන නොවැම්බර් මස 20වැනිදා කටාර්හිදී ආරම්භ වන පාපන්දු ලෝකයම කුසලාන තරගාවලියේ මිලියන 03කට ආසන්න ප්‍රවේශපත් සංඛ්‍යාවක් මේ වන විට අලෙවි වී. ඇති බව හා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ අවධාරණය කරයි. දෝහාහි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට චිවෙමින් (වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ) ෆිලා සභාපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය. මෙම අවස්ථාවට එක්වෙමින් ලෝක කුසලාන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කොලින් ස්මිත් පවසා සිටියේ, අලෙවි වූ ප්‍රවේශපත් සංඛ්‍යාවෙන් සත්කාරක කටාර්, ඇමරිකාව සහ සෞදි අරාබිය වැඩිම සංඛ්‍යාවක් මිලදී ගෙන ඇති බවයි. කෙසේ නමුත් තවත් මිලියන 1.2ක නරඹන්නන් සංඛ්‍යාවක් මෙම තරගාවලිය නැරඹීමේ බලාපොරොත්තුවෙන් සිටියි. මැදපෙරදිග රටක පැවැත්වෙන පළමු තරගාවලිය මෙය වන අතර, පාපන්දු ලෝක කුසලානයක් පැවැත්වෙන කුඩාම රටද මෙය වෙයි. ඒ අනුව කටාර්හි සීමිත නවාතැන් පහසුකම් හේතුවෙන් දහස් ගණනක් ක්‍රීඩාලෝලීන් සිය සංචාරක කේන්ද්‍රස්ථානයන් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අසල්වැසි රටවල රැදී සිටීමට තීරණය කර ඇති අතර, තම තමන් සහයෝගය දක්වන තරග පැවැත්වෙන දිනයන්හිදී කටාර් වෙත පැමිණීමට තීරණය කර ඇත. දෝහාහි බොහෝ හෝටල් කාමර පාපන්දු කණ්ඩායම්, ඔවුන්ගේ සහායක කාර්ය මණ්ඩල සහ ලෝක කුසලාන නිලධාරින් විසින් මේ වන විටත් වෙන් කරගෙන සිටියි. කටාර් ලෝක කුසලාන සංවිධායක කමිටුවේ. අධ්‍යක්ෂ ජනරාල් යසීර් අල් ජමාල් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා සිටියේ, කටාර් රාජ්‍ය පුරා කාමර මිලියන 02ක් අලෙවි වී ඇති බවයි. කෙසේ නමුත් අවසාන මොහොතේ අලෙවි වන ප්‍රවේශපත්‍ර වෙනුවෙන් අමතර කාමර 30,000ක් එකතු කර ඇති බවද හෙතෙම අනාවරණය කර සිටියේය.


(විශ්ව මුදියන්සේ)


Friday, October 7, 2022

ආසියානු දැල්පන්දු තරගාවලියට නොගිය තිළිණිට විනය ක්‍රියාමාර්ග

ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගි නොවුණු වත්මන් දැල්පන්දු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවක් වන මැදපෙළ (Center) ක්‍රීඩිකා තිළිණි වත්තේනගෙදරට විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ. ජාතික දැල්පන්දු සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී තමාට අසාධාරණයක් වුණු බව පවසමින්, තිළිණි වත්තේගෙදර ගෙදර ආසියානු දැල්පන්දු තරගාවලිය ආරම්භයට පෙර අභියාචනාවක් ජාතික ක්‍රීඩා සභාවට ඉදිරිපත් කර ඇති අතර, එහි විමර්ශනයට ඊයේ (O6) දා පැමිණෙන ලෙස ජාතික ක්‍රීඩා සභාවෙන් දන්වා තිබූ බව හෙළිවේ. ඒ අනුව තමාට සාධාරණයක් අපේක්ෂාවෙන් එහි ගිය මෙම ක්‍රීඩිකාවට ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගි නොවුණු නිසා විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරිය වන සුජානි බෝගොල්ලාගම මහත්මිය ඊයේ මෙම විමර්ශනය පවත්වා ඇති බව වාර්ත වන අතර, චෝදනා පත්‍රයක් නොමැතිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් ක්‍රීඩා සභාවට පවතින්නේද යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. ජාතික ක්‍රීඩා සභාව පත්ව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට වන අතර, එහි ලේකම්වරිය එය අමතක කරමින් ක්‍රීඩිකාවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කිරීම කනගාටුවට කරුණක් බව දැල්පන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. ආසියානු දැල්පන්දු තරගාවලියේ පළමු ක්‍රීඩිකාවන් 12ට තෝරා නොගැනුණු මෙම ක්‍රීඩිකාව පසුව අභියාචනයක් ඉදිරිපත් කිරීම මත යළිත් තේරීම් තරගයක් පැවැත්වීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි. එම තේරීම් තරග ආරම්භයේදී ආබාධයකට ලක්වුණු මෙම ක්‍රීඩිකාවට වෛද්‍ය උපදෙස් මත දින 14ක් සිටින ලෙස උපදෙස් ලැබී තිබුණු අතර, පසුව ආසියානු දැල්පන්දු තරගාවලියට නම් කළ 15 දෙනෙකුගේ නාමලේඛනයටද ඇයගේ නම ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත් ඇය රාජකාරී කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් අවශ්‍ය නිවාඩු (Duty Leave) අනුමත කර ගැනීමට සහ තරගාවලියට සහභාගි වීමට අවශය අනුමැතිය සහිත කිසිදු ලියවිල්ලක් ඇයට ලබාදී නොමැත. එමෙන්ම එම ලිපිලේඛන ශ්‍රී ලංකා ගුවන් හමුදාවටද ලබාදී නැති බව වාර්තතා වේ. මෙවැනි පසුබිමක් මධ්‍යයේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයෙන් සිදුවූ අතපසු වීමකට මෙම ක්‍රීඩිකාවට විනය ක්‍රියාමාර්ග ගැනීම කොයිතරම් යුක්ති සහගතද යන ක්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ක්‍රීඩා සභාව ඇතුළු ක්‍රීඩා බලධාරින් යළිත් සිතා බැලිය යුතුය. 

(පැතුම් ශ්‍රී විජේරත්න)


Monday, October 3, 2022

ලෝක කුසලාන ජයග්‍රාහකයන්ට රු.කෝටි 60ක ආසන්න සල්ලි මල්ලක්

මෙම මස ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 16ක මුදලක් හෙවත් රුපියල් කෝටි 60කට ආසන්න මුදල් ත්‍යාගයක් (රු. 585,057,920) පිරිනමන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) නිර්වේදනයක් නිකුත් කරමින් පවසයි. එමෙන්ම තරගාවලියේ අනුශුරයන්ට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 08ක මුදලක් හෙවත් රුපියල් කෝටි 30කට ආසන්න මුදල් ත්‍යාගයක් (රු. 292,528,960) පිරින්දැමීමට නියමිතය. එමෙන්ම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන එක් කණ්ඩායමක් සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 04ක මුදලක් (රු.කෝ. 14කට වැඩි) මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර, ඒ අනුව අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන කණ්ඩායම් 02 සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ  08ක මුදලක් හෙවත් රු.කෝටි 30කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය. සුපිරි 12 වටයේ තරග ජයගන්නා එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් 40,000 (රු.කෝටි 1.4කට වැඩි) බැගින් හිමිවන අතර, ඒ අනුව සමස්ත තරග 30ක් සඳහා පිරිනැමෙන තග මුදල වනුයේ ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 12 (රු.කෝ. 43කට වැඩියි. මේ අතර සුපිරි 12 වටයේ තරගවලින් ඉවත් වන කණ්ඩායම් 08 සඳහා එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් 70,000 (රු.25,596,284) බැගින් හිමිවන අතර, ඒ අනුව සමස්ත තරග සඳහා පිරිනැමෙන තග මුදල වනුයේ ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 5.5කට (560,000.00) වැඩිය. එහි වටිනාකම ශ්‍රී ලංකා රු. ලක්‍ෂ 2047කට (රු. 204,770,272) වැඩිය. මීට අමතරව තරගාවලියේ පළමු වටයේ තරග ජයගන්නා කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් 40,000 (රු. 14,66,448.00). බැගින් හිමිවන අතර, තරග 12කදී ඇමෙරිකානු ඩොලර් 480,000ක් (රු. 175,517376) පිරිනැමීමට නියමිතය. එමෙන්ම තරගාවලියේ පළමු වටයෙන් ඉවත්වන කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් 40,000 (රු.කෝටි.1.4කට වැඩි) බැගින් හිමිවන අතර, ඒ අනුව කණ්ඩායම් 04ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 160,000ක් (රු.කෝටි 5.8කට වැඩි පිරිනැමීමට නියමිතය. ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සමස්ත තග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 56ක් හෙවත් රුපියල් කෝටි 204කට වැඩි මුදලක් බෙදා දීමට නියමිතය. සත්කාරක ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත කිරීම් අනුව සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලබාගෙන සිටියි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඇතුළුව නැමීබියාව, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර්, අයර්ලන්තය, කොට්ලන්තය, බ.ඉ. කොදෙව් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ වටයක් ක්‍රීඩාකළ යුතු අතර, ඉන් කණ්ඩායම් 04ක් සුපිරි 12 වටයට සුදුසුකම් ලබයි.



(පැතුම් ශ්‍රී විජේරත්න)


Tuesday, September 27, 2022

දීප්ති ෂර්මාගේ මන්කාඩ් දවාගැනීම මාර්ලිබෝන් සාධාරණීය කරයි

ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යවන්නෙකුට සිය පන්දුව යැවීමට පෙර පිතිකරුවෙකු දවා ගැනීමට ලැබෙන අවස්ථාව හෙවත් 'මන්කාඩ්’ අවස්ථාව ක්‍රිකට් නීතිරීතිවලට අනුකූල වන බව ක්‍රිකට් නීති සකස් කරන මාලිබෝන් ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. ඔවුන් සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, පන්දු යවන්නෙකු සිය අතින් පන්දුව මුදාහරින තෙක් අනෙක් අන්තයේ පිතිකරුවා සිය සීමාවේ රැඳී සිටීමට මෙම නීතිය වැදගත් වන බවයි. පන්දු යවන්නෙකු පන්දු යැවීමට පෙර තමා පන්දු යවන පිතිකරුට අනෙක් අන්තයේ සිටින පිතිකරු යම් හෙයකින් සීමාව ඉක්මවා තිබුණහොත් කඩුල්ල බිඳදමා දැවී යාමක් ඉල්ලා සිටීම මත්කාඩ් දවා ගැනීමක් නම් වේ. කලින් කලට ක්‍රිකට් පිටියේ එන මෙම දවා. ගැනීම මෙවර කරළියට පැමිණියේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පසුගියදා නිමා වූ එංගල තරග සංචාරයේදීය. එහිදී එංගලන්ත පිතිකාරීණිය වූ චාලට් ඩීන් දවාගැනීම සඳහා ඉන්දීය පන්දුයවන්නිය වූ දීප්ති ෂර්මා විසින් මත්කාඩි දවාගැනීමක් සිදු කරනු ලැබුවාය. පසුව විනිසුරුවන් විසින් අදාළදවාගැනීම නීත්‍යානුකූල දවාගැනීමක් ලෙසින් සනිටුහන් කළත්, මෙම සිදුවීම එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හා විස්තර විචාරකයන් අතර දැඩි විවේචනයට බඳුන්විය.  එංගලත්ත හිටපු ක්‍රිකට් නායකයෙකු වූ මයිකල් වෝන් මෙම සිදුවීම පිළිබඳ සියවිටර් ගිණුමේ දක්වා තිබුණේ, එය නීතනනුකූල ලෙසින් ක්‍රිකට් නීතිවල දක්වා තිබුණත්ත්වය ක්‍රිකට් ක්‍රීඩාවට නුසුදුසු දුඟඳ හමන අවස්ථාවක් බවයි.1947 වර්ෂයේදී ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක විනෝද් මන්කාඩ් විසින් මෙම දවා ගැනීම මුලින්ම අත්තර්ජාතික තරගයකදී සිදුකළ බැවින් මෙම දවාගැනීමට 'මන්කාඩ්' දවාගැනීම ලෙසින් නම් කර ඇත. කෙසේ වෙතත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට   හානිකරන සිදුවීමක් ලෙසින් බොහෝ විචාරකයන් හඳුන්වා දෙනු ලැබිණි. ඇතැම් පන්දු යවන්නන් මන්කාඩ් දවාගැනීමට තිබූ අවස්ථා සිතාමතාම මඟහැරීමද ඉතිහාසයේ දක්නට ලැබිණි. ඊට එක් හොඳම උදාහරණයක් වන්නේ 1987 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ බ.ඉ. කොදෙව් හා පාකිස්තානය අතර පැවති තරගයයි. එම තරගයේදී පාකිස්තාන අවසන් පිතිකරු සලීම් ෆාර් මකාඩ් ක්‍රමයට දවාගැනීමට තිබූ අවස්ථාවක්, කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක කර්ට්නි වොල්ෂ් විසින් ප්‍රතික්ෂේප කිරීම  කැපී පෙණුන කාරණයක් විය. මේ හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරගය එක් කඩුල්ලකින් පරාජය වී අවසන් පූර්ව වටයට යාමට තිබූ අවස්ථාවද ගිලිහී ගියේය. වරක් ඔහු එම සිදුවීම සම්බන්ධයෙන් පවසා සිටියේ, අවවාදයක් නොදී ඔහුව දවාගැනීමට තමන්ට හිත නොදුන් බවයි. "ඒක ප්‍රේක්‍ෂකයන්ට හොඳ මතකයක් වුණා. මිනිසුන් තවමත් ඒක අගය කරනවා. ඔහුට අවවාදයක් දෙන්නේ නැතුව මට ඒක කරන්න හිතුණේ නැහැ. ඒක මට කරන්න බැරි දෙයක් වුණා. තරුණයෙකු ලෙස ඒක ක්‍රීඩාවට හොඳ දෙයක් නෙමෙයි කියලා මට හිතුණා. මතකයන් හැමදාමත් මාත් එක්කම පවතියි. මිනිස්සු තාමත් ඒ ක්‍රියාව අගය කරනවා. ඒ ගැන ඇත්තටම මට සතුටුයි" යනුවෙන් ඔහු පැවසීය. ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිර්ති හා ආචාර ධර්ම පද්ධති සකස් කිරීමේ මහගෙදර ලෙසින් හැඳින්වෙන මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය අදාළ සිදුවීමේ කිසිදු වැරැද්දක් නොමැති බව මෙහිදී පෙන්වා දී ඇත. ඔවුන් මීට පෙරද සිය ක්‍රිකට් නීතිර්ති අතරට මෙම දවාගැනීම ඇතුළත් කර තිබූ අතර, එය එළඹෙන ඔක්තෝබර් පළමු වැනිදා සිට"දුවද්දී දවාගැනීමේ” අවස්ථාවක් ලෙසින්ද නීතිගත කර ඇත.


(ඕෂිත වරකපිටිය)


Thursday, September 22, 2022

පළමු සටනෙන්ම ඉන්දිය ඔටුන්න බිම වැටෙයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 04ක පහසු ජයක් ලැබීමට ඔස්ටේ‍්‍රලියාවට හැකි විය. කැමරන් ග්‍රීන්ගේ තුන්ඉරියව් දක්‍ෂතා ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයට හේතු වූ ප්‍රධානම සාධකය වූ අතර, ඔහු ලකුණු 209ක දැවැන්ත ඉලක්කයක් හඹ යෑමේදී කණ්ඩායමට සාර්ථක ආරම්භයක් රැගෙන එමින්, පන්දු 30කින් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය. මොහාලිහිදී පෙරේදා (20දා රාත්‍රියේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 209ක අභියෝගයක් ඔස්ට්‍රේලියාවට ලබා දුන්නේය. මෙහිදී සිය හුරුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළ හන්දික් පාන නොදැවී ලකුණු 71ක් ඉන්දීය ඉනිමට එක් කළ අතර, ඒ වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේදපන්දු 35කට පමණි. හයේ පහර 04කින් හා හතරේ පහර 02කින් පාන්ද්‍යාගේ ඉනිම වර්ණවත් විය. එමෙන්ම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දුන් කේ.එල්. රාහු පන්දු 35කින් ලකුණු 55ක් රැස් කළ අතර, ඔහුට අගනා සහායක් දුන් සූර්යකුමාර් යාදවී ලකුණු 46ක් රැස් කිරීමට සමත් විය. යාදින්ගේ ඉනිම පන්දු 25කින් ගොඩනැගුණු අතර, ඊට හයේ පහර 04ක් හා හතරේ පහර 02ක් ඇතුළත් විය පන්දු යැවීමේදී නේදන් එලිස් (3/30,04) හා ජෝෂ් හේඩ් (2/39, 04) දක්‍ෂතා දැක්වූහ. විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව හඹා ගොස් ලබාගන්නෝ ඉහළම ජයග්‍රහණයේ බලාපොරොත්තුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළ ඔස්ටේර්ලියානු කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේදී (19.2) ජයග්‍රහණය සම්පුර්ණ කර ගැනීමට සමත් විය. එය ඔට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ හඹා ගොස් ලැබූ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්විය. ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවා වූ කැමරන්ගේ ඉනිමට (61) හයේ පහර 04ක් හා හතරේපහර 08ක් ඇතුළත් විය. අඩි 06යි අඟල් 04ක් උසැති 23 හැවිරිදි ග්‍රීන්ගේ දෙවැනි විස්සයි20 තරගය මෙයවීමද සුවිශේෂී වෙයි. කෙසේනමුත් ඔස්ටේලියාව ලබාගත් සාර්ථක ආරම්භය මැදපෙළින් කඩා වැටුණු අතර, තරගයේ 15වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට ලකුණු පුවරුව දිස් වූයේ 145/5ක් ලෙසිනි. ඒ වන වීර්ට ඔවුන් පන්දු 35කින් ලකුණු 64ක් රැස් කළ යුතුවිය. නමුත් ඉන්දීය බලාපොරොත්තු බිඳදැමූ මැතිව් වේඩ් පන්දු 21කින් නොදැවී ලකුණු 45ක් රැස් කරමින් පරාජය දෙසට දෝලනය වූ ඉනිම ජයග්‍රාහී කඩයිම දක්වා රැගෙන ගියේය. ඔහු නවක ක්‍රීඩක ටිම් ඩේඩ් සමගින් ලකුණු 64ක සබඳතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළේය. සිංගප්පූරුව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ ස්විඩ්, එරට අතහැර ඔස්ටේ‍්‍රලියාව බලා සංක්‍රමණය වීමෙන් පසු ක්‍රීඩා කළ පළමු විස්සයි20 තරගය මෙය විය.ඉන්දියාව වෙනුවෙන් අක්කාර්ටෙල් (3/17,04) දක්‍ෂ පන්දු යැවීමක නිතර වුවද, සෙසු පන්දුයවන්නන්ට ඉන්දියාව දිනවන පන්දු යැවීමක නිරත වීමට නොහැකි විය. විශේෂයෙන් ආරම්භක වේගපන්දු යවන්නා වූ භුවනේෂ්වර් කුමාර් දැඩිපහරකමකට ලක්වූ අතර, ඔහු සිය පන්දුවාර 04 අවසන් කරන විට ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ ලකුණු 52ක් රැස්කර තිබුණි. තරගයේ වීරයා ලෙස කැමරන් ග්‍රීන් සම්මාන දිනා ගත්තේය.

(විශ්ව මුදියන්සේ)


Wednesday, September 21, 2022

වසර 35කින් සංශෝධනය කර නොමැති ශ්‍රී ලංකා පාපන්දු ව්‍යවස්ථා සංශෝධනය හෙට

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසට දැනුම් දී තිබුණද, එය එසේ සංශෝධනය කර නොමැති බවත්, තමා කඩිනමින් ව්‍යවස්ථාව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේම නිර්දේශවලට අනුකූලව ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි. අවසන් වරට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව 2002 වසරේදී සුළු වශයෙන් වෙනස් කර තිබුණද, නැවත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් 2014දී ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට දැනුම් දුන්නත් එය වෙනස්කිරීමට එවකට සිටි පරිපාලනය කටයුතු නොකළ බව වත්මන් සභාපතිවරයා චෝදනා කර සිටියි. එවකට පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළ රංජිත් රොඩ්‍රිගෝ මහතාට මෙන්ම මීට පෙර සභාපතිවරයා ලෙස කටයුතු කළ අනුර ද සිල්වා මහතාටද පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම් දුන්නත්, ඊට සංශෝධන එකතු කිරීමට ඔවුන් දෙදෙනාම කටයුතු නොකළ බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය. කෙසේ වෙතත් 2021 වසරේදී ජාත්‍යන්තර පාපන්දු සමේලනය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණයට පෙර අදාළ ව්‍යවස්ථා සංශෝධන සිදුකරන ලෙසට අවධාරණය කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේට්ලනයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර, එහි පිටපත් ක්‍රීඩා අමාතශයට සහ පාපන්දු සම්මේලනයේ සියලුම සාමාජික සාමාජිකාවන්ට මෙම වසරේ මැයි මස වන විට යොමු කිරීමටද පියවර ගෙන තිබේ. මෙම නව ව්‍යවස්ථාව තුළින් ස්වාධීන මූල්‍ය පරිපාලනය, ස්වාධීන නිලවරණය ක්‍රමය, ස්වාධීන විනය කමිටු ඇතුළු පැහැදිලි ලෙස බලය බෙදාහැරීමට කටයුතු කර ඇත. ඒ අනුව වත්මන් සභාපතිවරයාගේ මතය වී ඇත්තේ මෙම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහා සභාවේ තුනෙන් දෙකක බලය දැනටමත් පවතින බවයි.  මෙම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය පියවර සංවිධානය කිරීමට මෙන්ම උපදේශන සහ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් දෙදෙනෙකු, ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයෙකු මේ වන විටත් මෙරටට පැමිණ ඇත. ඔවුන් ඊයේ (20දා) මෙරටට පැමිණි අතර, ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම නිලධාරින්න ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමටද නියමිතය. මෙම නියෝජිතයන්ගේ එකතුවෙන් හෙට (22දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතය.

(පැතුම් ශ්‍රී විජේරත්න)


Thursday, September 15, 2022

මුම්බායි ඉන්දියන්ස් ගෝලීය කාර්යසාධන ප්‍රධානියා මහේල

මහේල ජයවර්ධන මහතා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා ව්‍යාපාර සමූහයේ (පවුලේ) ගෝලීයජාලයතුළ වඩාත් උසස් මට්ටමේ වගකීමක් බාරගැනීම සඳහා වර්ධන මහතා, තමන් ඉතාමත් සාර්ථකව කරමින් සිටි පුහුණුකරු ධූරයේ වගකීම කැපකර තිබේ.මහේල ජයවර්ධන සමගින් ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන සහීර් ඛාන්ට වඩාත් උසස් තනතුරු පිරිනැමීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය තීරණය කර ඇත. මේ දෙදෙනාම නව භූමිකාවන්ට උසස් කර ඇත්තේ මුම්බායි ඉන්දියන්ස්” සන්නාමය සහිත, ගෝලීය ක්‍රිකට් උරුමයක් ගොඩනැගීමේ අරමුණ ඇතිවය. සහීර් ඛාන් මහතා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියේය. “එම්.අයි" - එක පවුලක්” යන තේමාව යටතේ මැද පෙරදිග (එම්.අයි. එමිරේට්ස්) සහ දකුණු අප්‍රිකානු (එම්. අයි. ටවුන්) කණ්ඩායම් එක්වීමත් සමගින් කණ්ඩායම් කළමනාකාරිත්වය මධ්‍යම තලයකට ගෞතම් අවශ්‍යතාව මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් හඳුනාගෙන ඇත. මුම්බායි ඉන්දියන්ස් යනු මේ වන විටත් ලොව පුරා මහත් ජනාදරයට පත් ක්‍රිකට් කණ්ඩායමකි. මහේල ජයවර්ධන මහතා, මුම්බායි ඉන්දියන් පවුලේ ගෝලීය කාර්යසාධන ප්‍රධානියා වශයෙන් පත්කර තිබේ. සහීර් ඛාන් මහතා, මුම්බායි ඉන්දියන්ස් පවුලේ ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා ලෙස පත් කර තිබේ. “අපගේ ගෝලීය කණ්ඩායමේ ප්‍රධාන වගකීම් දරන්නන් වශයෙන් මහේල සහ සමීර සිටීම ගැන මම සතුටු වෙනවා. දෙදෙනාම මුම්බායි ඉන්දියන් පවුලේ වැදගත් සාමාජිකයෝ. ගෝලීය වශයෙන් අපගේ සියලුම කණ්ඩායම් හරහා එකම ආකාරයේ ප්‍රවාහයන් ඇතිකිරීමටත්, ලොව පුරා ක්‍රිකට් පද්ධතිවල පැහැදිළි වෙනසක් ඇති කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැයි මට විශ්වාසයි" යයි මුම්බායි ඉන්දියන්ස් සමාගමේ හිමිකරුවන් වන රිලයන්ස් ව්‍යාපාර සමූහයේ සභාපති ආකාශ අම්බානි මහතා පැවසීය. සිය නව තනතුර බාරගනිමින් එම්.අයි. ගෝලීය කාර්යසාධන ප්‍රධානී මහේල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. "එම්.අයි. හි ගෝලීය ක්‍රිකට් මෙහෙයුම් සඳහා නායකත්වය දීමට ලැබීම මට අති විශාල ගෞරවයක්. (නීටා) අම්බානි මහත්මියගේ සහ ආකාගේ නායකත්වය මෙන්ම මගපෙන්වීම නිසා මුම්බායි ඉන්දියන්ස් නමින් ලෝකයේ වටිනාම සන්නාමයක් වගේම ගෝලීය වශයෙන් බලසම්පන්න ක්‍රිකට් ප්‍රවාහයක් නිර්මාණය වෙලා තියෙනවා. මුම්බායි ඉන්දියන්ස් ගෝලීය වශයෙන් වර්ධනය වීම ගැන මා ඉතා සතුටු වෙනවා." “ශක්තිමත් වගේම, ඒකාබද්ධ ගෝලීය ක්‍රිකට් සන්නාමයක් ගොඩනැගීම සදහා මෙම නව වගකීම හැකි උපරිම ශක්තියෙන් ඉටුකිරිමට බලාපොරොත්තු වෙනවා" යයිද මහේල ජයවර්ධන මහතා පැවසීය.


මේ පෙනෙන්නේ 95 නැග්මයි

ආසියානු කුසලාන ග්‍රහණය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් පැහැදිලි නැග්මක් පෙන්නුම් කරන බවත්, එය, එක්දින ලෝක කුසලාන දිනාගත් වර්ෂයට පෙර වරිය වූ, 1995 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබූ තත්ත්වයට බොහෝ නෑකම් කියන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා කියයි. දසුන් ශානකගේ නායකත්වය සම්බන්ධයෙන් මහත් ප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වන සුමතිපාල මහතා මෙවර ආසියානු කුසලාන තරගාවලිය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය, කණ්ඩායම් හැඟීම, සැලසුම් බුද්ධිමත්ව ක්‍රියාත්මක කිරීම ආදී සියල්ලම වෘත්තීය මට්ටමට තිබූ ඉතාම සාර්ථක සංචාරයක් බවද කියයි.  ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වතාවට ලෝක කුසලානයක් දිනාගතේ 1996 දීය. ඊට කලින් වරෂය වූ 1995 වසරේ ජනවාරි මාසයේදීම, නවසීලන්ත කණ්ඩායම නවසීලන්තයේදී පරාජය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමුවැනි විදෙස් ටෙස්ට් ජයග්‍රහණය අත්පත් කරගත්ය. 1995 ජූනි මාසයේදී චැනෙල් වනෝජ මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වීමෙන් අනතුරුව පාකිස්තානයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදීම පැවැති එක්දින තරගාවලියේදීත් පාකිස්තානු කණ්ඩායම 2-1 කින් පරාජය කළේය. 1995 ඔක්තෝබර් මාසයේදී සාජාහි පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයේදී ප්‍රබල කොදෙව් කණ්ඩායම ලකුණු 90 කින් පරාජය කරමින් සිංගර් ශූරයන්ගේ කුසලාන දිනාගන්නා අර්ජුන රණතුංග ඇතුළු පිරිවර, එම වසර අවසානයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැති බෙත්සන් ඇන්ඩ් හෙජස් ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරග 3 ට සුදුසුකම් ලබාගනිති. "මට මතක් වෙන්නේ 1995 විතර, අපි සාජා කුසලාන තරගාවලියට ගිය කාලෙත්, අපේ කණ්ඩායමේ මේ වගේ පිබිදීමක් ඇතිවෙලා තමයි 1996 දී අපි ලෝක කුසලානය දිනාගනේ. එතන ඉඳලා, 96, 97, 98 වර්ෂ වලදී, ලෝකයේ ශක්තිමත්ම කණ්ඩායමක් විදිහට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවේ. ඒ යුගය තමයි මට මේ වෙලාවෙදි පේන්නේ..." “මේ ආසියානු කුසලාන තරගාවලියට අපි ආපු විදිය, ඒකට අවතීර්ණ වෙච්ච විදිය, කණ්ඩායමේ හැසිරිම දිහා බැලුවාම, හැමදෙයක්ම, ඉතාමත් සාර්ථක විදියට කළමනාකරණය කිරිම පැහැදිලිවම පේනවා. "මා හිතනවා දසුන් ශානක, නායකයෙක් හැටියට, කණ්ඩායමට අවශ්‍ය සියුම් වෙනස්කම්, තීර්ථයණු විදියට කළමනාකරණය කරන ද නායකයෙක්. ඒ නිසා මේ ජයග්‍රහණයේ ගෞරවයෙන් 30%. කට වඩා නායකයාට තමයි දෙන්න ඕන කියල තමයි මම නම් හිතන්නේ" යයි තිලංග සුමතිපාල මහතා විඩියෝවක් නිකුත් කරමින් කියා සිටී.

“කවුරුන් කුමක් කීවත්, මේ තරගාවලිය ඉතාමත් අමාරු තරගාවලියක්. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වගේ ප්‍රධාන රටවල් වලට අමතරව, ආසියාන්වේ අනෙක් රටවල් 23 ම ශක්තිමත්ව ක්‍රියාත්මක වෙලා, ජයග්‍රහණය සඳහා යන තරගාවලියක් මේක." "ලෝක කුසලාන තරගාවලියට යන වෙලාවෙදි. ඉන්දියාව සහ පාකිස්තානය කියන්නේ ඉතාමත් ශක්තිමත් රටවල් දෙකක්. ඉතින් ඒ අයව පරාජය කරමින් අපි ඉදිරියට යන ආකාරයෙන් පේනවා අපේ කණ්ඩායම දිනෙන් දින වර්ධනය වෙමින්, ශක්තිමත්ව ඉදිරියට යන වෙලාවකයි අපි ඉන්නේ කියලා” යයි දෙවතාවක්ම (1998 සහ 2016) ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති වරයාව සිටි සුමතිපාල මහතා පවසයි 




( දමින්ද විජේසූරිය)


Wednesday, August 31, 2022

අනාවැකි කියනවාට වඩා තරඟයේදි හොඳින් ක්‍රීඩා කරලා පෙන්වන එක වැදගත්

ලෝක මට්ටමේ පන්දුයවන්නන් නොමැති බැවින් ඇෆ්ගනිස්තානයට වඩා බංග්ලාදේශය පරාජය කිරීමට පහසු කණ්ඩායමක් යැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක කළ ප්‍රකාශයට, කතාවෙන් නොව ක්‍රියාවෙන් පිළිතුරු දීමට තම කණ්ඩායම සූදානමින් සිටින බව බංග්ලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක මෙහෙදි හසන් පවසයි. ඔහු ඒ බව කියා සිටියේ ඇෆ්ගනිස්තාන - බංග්ලාදේශ තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදීය.

"මේ කණ්ඩායම හොඳයි, මේ කණ්ඩායම නරකයි කියලා අදහස් දක්වන්න මම කැමති නෑ. හොඳ කවුද, නරක කවුද කියලා අපිට ක්‍රීඩාංගණයේදී බලාගන්න පුළුවන් වේවි. කොච්චර හොඳ කණ්ඩායමක් වුණත් එදා දවස නරක විදියට ක්‍රීඩා කළොත් පරදිනවා" යැයි හසන් එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

"අපි ක්‍රීඩාංගණයේදී හමුවෙමු. ඒ දවස අවසානයේ හොඳ කණ්ඩායම ජය ගනීවි. මට හිතෙන්නේ නම් එය ක්‍රීඩාංගණයේදී ඔප්පු කළයුතු දෙයක්. එදාට අපි හොඳින් ක්‍රීඩා කළොත් හොඳ කණ්ඩායම මොකක්ද, නරක කණ්ඩායම මොකක්ද කියලා හැමෝම දැනගනීවි. ඒ නිසා තරගයට පෙර අනාවැකි කියනවාට වඩා තරගයේදී හොඳින් ක්‍රීඩා කරලා පෙන්වන එක වැදගත් කියලා මම හිතනවා” යැයිද හසන් සඳහන් කළේය. ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් දසුන් ශානක කියා සිටියේ, ඇල්ගනිස්තානය සතුව ලෝක මට්ටමේ පන්දු යැවීමේ බළෑණියක් පවතින බවත්, බංග්ලාදේශයට එවන් පන්දු යැවීමේ බළාණියක්

නොමැති බවත්ය. එබැවින් ඇෆ්ගනිස්තානයට සාපේක්ෂව බංග්ලාදේශය පහසුවෙන් පරාජය කළ හැකි කණ්ඩායමක් බව එහිදී ඔහු සඳහන් කළේය. "මුස්තෆිසුර් රහමන් කියන්නෙ දක්ෂ පන්දු යවනෙක්. ශකීබ් අල් හසන් කියන ලෝක මට්ටමේ පන්දු යවන්නෙක්. ඒත් ඔවුන් දෙදෙනා හැර ඔවුන්ට වෙනත් ලෝක මට්ටමේ පන්දු යවන්නේ නෑ. ඒ නිසා ඇෆ්ගනිස්තානය සමග සන්සන්දනය කිරීමේදී බංග්ලාදේශය පරාජය කරන්න පහසු කණ්ඩායමක් කියලා මට හිතෙනවා” යැයිද දසුන් එහිදී වැඩිදුරටත් කියා සිටියේය


( ශානුක අරවින්ද)


Monday, August 29, 2022

අපි මේ තරම් දරුණු පරාජයක් ලබන්න සුදුසු කණ්ඩායමක් නෙවෙයි

ඕවර 2 ක් තුළ මුල් පිතිකරුවන් තිදෙනාම දැවී යෑමෙන් ඇති වූ අවාසි දායක තත්වය මග හරවා ගැනීමට නොහැකි වීම ඇඝනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ දැවැන්ත පරාජයට බෙහෙවින්ම බලපෑ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය. “පළමු ඕවෛර දෙක තුළ කඩුලු 3 ක් බිඳ වැටුණාම නැවතත් තරගයට අවතීර්ණ වෙන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම විස්සයි-20 තරගයක. ඒක පසුගිය කාලෙ අපිට දිගින් දිගටම වුණ දෙයක්. තරග පරාජය වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපේ කණ්ඩායම මේ වගේ පරාජයක් ලබන්න තරම් සුදුසු කණ්ඩායමක් නෙමේ කියලා මම හිතනවා.” යැයි එහිදී දසුන් පැවසීය. නිලකුණු ඕවරයක්ද යවමින් ශ්‍රී ලංකා ඉනිමේ මුල් ඕවර 4 ලකුණු 13 කට සීමා කළ ඇෆ්ඝනිස්ථාන ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා එහිදී කුසල් මෙන්ඩිස් (2), චරිත් අසලංක (0) සහ පැතුම් නිස්සංක (3) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කළහ. එම ම්වර 4 පුරා ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දු හතරේ සීමාවෙන් ඔබට යැවිය හැකි වූයේද අවස්ථා 2 කදී පමණකි. “ඒගොල්ලො අලුත් බෝලෙන් හුගක් හොඳට පන්දු යැව්වා. එහෙමයි කියලා අපිට කිසිම සමාවක් නෑ. මොකද පිතිකරුවා විධියට අපි ඕනෑම තත්වයකදී පන්දුවට පහර දෙන්න සූදානම් වෙලා ඉන්න ඕන. අපි දැක්ක ෆරූකි ඇවිල්ලා අලුත් පන්දුවෙන් දෙපැත්තටම දෝලනය කළා. නවීනුත් හොඳින් පන්දුව දෝලනය  කළා. ඉතින් ඔවුන්ට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා හිටියද කියන එක අපේ පිතිකරුවන්ගෙන් අහන්න  ඕන.” යැයිද දසුන් සඳහන් කළේය. පැතුම් නිස්සංක නොදැවුණ ක්‍රීඩකයකු බවට සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබියදීත් ඔහු දැවී ගිය බවට සංඥා කිරීමට තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජයරාමන් මදනගෝපාල් මහතා පියවර ගැනීම දැඩි මතභේදයට තුඩුදුන් සිදුවීමක් බවට පත් විය. විඩියෝ දර්ශන නැරඹීමේදී කඩුලු රකින්නා අතට පත්වීමට පෙර පන්දුව පිතේ නොවදින බව නිරීක්ෂණය වීමත් සමග පිටියේ සිටි ක්‍රීඩකයෝ සියලු දෙනා යළිත් තරගය ආරම්භ කිරීමට සූදානම් වූහ. එහිදී ඊළග ඕවරය යැවීම සඳහා ෆකූරි පන්දුවට අතට ගැනීමට සූදානම් වූ අතර ධනුක සහ පැතුම් එම ඕවරයට මුහුණදීම සඳහා සිය සීමා ඉරිවෙත ගොස් සිටියහ. එහෙත් එම අවස්ථාවේදී කිසිවකු බලාපොරොත්තු නොවූ අයුරින් පැතුම් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට තෙවැනි විනිසුරු පියවර ගැනීමත් සමග ඔහුට අපේක්ෂක්ෂා භංගත්වයට පත්වෙමින් පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. එහිදී ශ්‍රී ලංකාවට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවද අහිමි විය.



( ශානුක අරවින්ද ඩුබායි සිට... )


Friday, August 19, 2022

ඉදිරි සිවු වසරට අදාල අයි.සී.සී ක්‍රිකට් තරග සැලැස්ම

 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් ඉදිරී සිවු වසරට (2023 - 2027) අදාළ තරග සැලැස්ම පෙරේදා (17දා) එළිදැක්වූ අතර, එහි දැක්වෙන පරිදි අයි.සී.සී. පූර්ණ සාමාජිකයන්  12 දෙනා අතරේ පමණක් ආකෘති ත්‍රිත්වය (ටෙස්ට්, එක්දින, වි-20) යටතේ ජාතන්තර තරග 777ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ලොව පුරා විස්සයි20 ලීගවල වේගවත් ව්‍යාප්තියක් තිබියදීත් මෙලෙස තරග සංඛ්‍යාව වැඩි වී තිබීම සුවිශේෂී වෙයි. මෙම කාලය තුළ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 25ක්, විස්සයි20 තරග 54ක් ඇතුළුව සමස්ත ආකෘති ත්‍රිත්වයේම -තරග 131ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. අයි.සී.සී. පූර්ණ සාමාජිකයන් 12දෙනා 2023-27 කාලය තුළ ජාත්‍යන්තර තරග 777ක් ක්‍රීඩා කරන අතර, එය වත්මන් චක්‍රයට (තරග 694) සාපේක්ෂව වැඩි තරග සංඛ්‍යාවකි. ඒ අනුව ඉදිරී සිවු වසරේ පූර්ණ සාමාජිකයන් අතරේ ටෙස්ට් තරග 173ක්, එක්දින තරග 281ක් සහ විස්සයි20 තරග 323ක් පැවැත්වීමට නියමිතව ඇත. බංග්ලාදේශය වැඩිම ද්විපාර්ශ්වක ජාත්‍යන්තර තරග (150) ක්‍රීඩා කරන රට වන අතර, ඊට පසුව බ.ඉ. කොදෙව් (147) හා එංගලන්තය (142) රැදී සිටියි. මීට අමතරව ඉන්දියාව (141), නවසීලන්තය (135), ඔස්ටේට්‍රියාව (182), ශ්‍රී ලංකාව (131) පාකිස්තානය (130), ඇෆ්ගනිස්තානය (123), දකුණු අප්‍රිකාව (113), අයර්ලන්තය (110) සහ සිම්බාබ්වේ (109) ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරනු ලබයි. ජාත්‍යන්තර ක්‍රිකට් තරග අතරින් විස්සයි20 ආකෘතියේ තරග වෙන්කර ගත් විට බ.ඉ. කොදෙව්වන් (73) වැඩීම ද්විපාර්ශ්වක තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන රටයි. ඉන්පසුව ඉන්දියාව (61). ඇල්ගනිස්තානය (57), බංග්ලාදේශය (57), නවසීලන්තය (57), පාකිස්තානය (56), ශ්‍රී ලංකාව (54), එංගලන්තය (51), ඔස්ට්‍රේලියාව (49), අයර්ලන්තය (47), දකුණු අප්‍රිකාව (46) සහ සිම්බාබ්වේ (45) ඔවුන්ට හිමි තරග සංඛ්‍යාව ක්‍රීඩා කරනු ඇත. ඉදිරී සිවු වසර තුළ වැඩිම විපාවික එක්දින තරග (59) ක්‍රීඩා කරන්නේද බංග්ලාදේශය වන අතර, ශ්‍රී ලංකාව (52) හා අයර්ලන්තය (51) ඉදිරි එම කාලය තුළ වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරනු ලබයි. එමෙන්ම එංගලන්තය (48), බ.ඉ. කොදෙව් (48), පාකිස්තානය (47), නවසීලන්තය (46), ඇෆ්ගනිස්තානය (45) හා සිම්බාබ්වේ (44)ටද සැලකිය යුතු තරග සංඛ්‍යාවක් හිමිව ඇත.කෙසේ නමුත් ඔට්‍රේලියාව (43), ඉන්දියාව (42) සහ දකුණු අප්‍රිකාව (39) ඉදිරි සිවු වසර තුළ අඩුම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන රටවල් බවට පත්ව ඇත. ටෙස්ට් ක්‍රිකට් ආකෘතියේ එංගලන්තය වැඩිම තරග (43) ක්‍රීඩා කරන රටයි. ඔවුන්ට පසුපසින් ඔස්ට්‍රේලියාව (40) හා ඉන්දියාව (38) රැදී සිටින අතර, බංග්ලාදේශය (34), නවසීලන්තය (32). දකුණු අප්‍රිකාව (28), පාකිස්තානය (27) හා බ.ඉ. කොදෙව්ව (26) ශ්‍රී ලංකාවට වඩා වැඩි ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරනු ලබයි.

කෙසේ නමුත් ඉදිරි සිවු වසර තුළ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරග 25ක් පමණක් වන අතර, ඊට පසුපසින් ඇෆ්ගනිස්තානය (21), සිම්බාව්වේ (20) හා 

රැඳී සිටියි. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ප්‍රධානතම එදිරිවාදී කණ්ඩායම් ද්විත්වයක් වන ඔට්‍රේලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග පහකින් යුතු තරගාවලියක් (බෝඩර් - ගවස්කාර් පැවැත්වෙන අතර, මෙලෙස ඔවුනොවුන් අතර එවැනි (තරග 05කින් යුත්) තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 30කටත් වැඩි කාලයකට පසුවය.

මෙම තරගාවලිය 2024-25 කාලසීමාවේදී ඔස්ටේලියාවේදී පැවැත්වෙන අතර, එය 2023-25 ලෝක ටෙස්ට් ශුරතා (VTC) අයර්ලන්තය (12)  තරගාවලියේපළමු තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලිය වනු ඇත. එමෙන්ම 2027 වසරේ ජනවාරී - පෙබරවාරී මාසවල බෝඩර් - ගවස්කාර් තරගාවලිය වෙනුවෙන් ඔට්‍රේලියානු කණ්ඩායම  ඉන්දියාවේ සංචාරය කරන අතර, එය 2025-2027 ලෝක ටෙස්ට්  ශුරතා තරගාවලිය යටතේ පැවැත්වේ. කෙසේ නමුත් රාජතාන්ත්‍රික අර්බුද හේතුවෙන් මේ වන විට සම්පූර්ණයෙන් ඇනහිට තිබෙන ඉන්දු -පාකිස්තාන ද්විත්වික තරගාවලි ඉදිරී සිවු වසර තුළදීද නොපැවැත්වේ මේ අතර ඉදිරි කාලය තුළ පූර්ණ සාමාජිකයන් අතර යළිත් තුන්කොන් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව 2025 වසරේ පෙබරවාරී මාසයේදී නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සමගින් එක්දින තුන්කොන් තරගාවලියකට පාකිස්තානය  සත්කාරකත්වය දරනු ලබයි. එමෙන්ම 2025 ජූලි මාසයේදීය. නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ඇතුළත් විස්සයි20 තුන්කොන් තරගාවලියකට සිම්බාබ්වේ සත්කාරකත්වය දරනු ඇත. මේ අතර ශ්‍රී ලංකාව හා එංගලන්තය ඇතුළත් එක්දින තරගාවලියකටද පාකිස්තානය සත්කාරකත්වය දරන අතර, එය 2026 වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාසවල පැවැත්වේ. සමස්තයක් ලෙස ඉදිරී සිවු වසරේ (2023 - 2027) තරග සැලැස්ම අනුව සෑම වසරකම අයි.සී.සී. ප්‍රධාන තරග ඉසව්වක් ඇත. 20112015 කාලසීමාවෙන් පසු එවන්නක් සිදුවන පළමු අවස්ථාවද මෙයයි. ඒ අනුව 2023 වසරේදී එක්දින ලෝක කුසලානයත් (ඉන්දියාවේදී, 2024 වසරේ විස්සයි20 ලෝක කුසලානයත් (කොදෙව් සහ ඇමරිකාවේ පැවැත්වේ . එමෙන්ම 2025 වසරේ ශූරයන්ගේ කුසලානයද පාකිස්තානයේදී, 2026 වසරේ විස්සයි20 ලෝක කුසලානයද ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මීට අමතරව 2027 වසරේදී දකුණු අප්‍රිකාවේ, සිම්බාබ්වේ සහ නැමීබියාවේදී එක්දින ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත.



(ESPNcricinnfo ඇසුරිනි ) 

Wednesday, August 17, 2022

ඩොලර් මිලියනයක් ගෙව්වේ බිංදුවට දැවීයන්න නෙවෙයි කියලා අයි.පී.එල් හිමිකරුවකු මට පහර දුන්නා

2011 වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (අයි.පී.එල්.) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී එම කණ්ඩායමේ හිමිකරුවකු තම කම්මුලට පහර දුන් බව නවසීලන්තයේ හිටපු සුපිරි පිතිකරු රොස් ටේලර් පවසයි. ඔහු එසේ කම්මුලට ගසා ඇත්තේ ක්‍රීංග්ම් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමග මොහාලිහිදී පැවැති තරගයේදී ලකුණු නොලබා දැවීයෑම හේතුවෙන් බව, සිට චරිතාපදානය 'Ross Taylor: Black 'White' එළිදක්වමින් ටේලර් සඳහන් කර තිබේ.

"අපට තරගය ජයගන්න ලකුණු 195ක ඉලක්කයක් තිබුණා. මම කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු නොලබාම දැවී ගියා. තරගයෙන් අපි පැරදුණා. කණ්ඩායමේ හිමිකරුවන් සහ කාර්යමණ්ඩලයේ පිරිස හෝටලයේ ඉහළම මාලයේ අවහල තුළයි සිටියේ. එතැන වෝන් සහ ඔහුගේ එවකට බිරිය ලිස් හර්ලිත් සිටියා. මම එතැනට ගිය මොහොතේ රාජස්ථාන් පිලේ සමහිමිකරුවෙක් මට මෙහෙම කිව්වා. 'රොස්, අපි ඔබට ඩොලර් මිලියනයක් ගෙවේ බින්දුවට අවුට් වෙන්න නෙවෙයි. එසේ කියා ඔහු මගේ කම්මුලට පහර 03ක් හෝ 04ක් එල්ල කළා. ඉන්පසු ඔහු මහ හඩින් සිනාසුණා. ඒවා එතරම් දරුණු කම්මුල් පහරවල් නොවුණත්, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට ඔබින දේවල් නෙවෙයි” යනුවෙන් ටේලර් සිය  චරිතාපදානයේ සඳහන් කර තිබුණි. 2008 වසරේ සිට 2010 වසර දක්වා රෝයල්  චැලෙන්ජර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ රොස් ටේලර්, 2011 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේ ඩොලර් මිලියනයකටය. එම වසරේදීත් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ රැදී සිටීමට නොලැබීම ගැන පසුව ඔහු දුක් වූ බවත් එම චරිතාපදානයේ සඳහන් වේ.

 (පැතුම් ශ්‍රී විජේරත්න)


Tuesday, August 16, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිගෙන් බිලියන 2ක් වන්දි ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අලුතින් පත්වූ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතාගෙන් රුපියල් බිලියන 02ක් වන්දි ඉල්ලමින් එන්තරවාසි (Letters of Demand) යොමුකර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට්. ආයතනයට සහ එහි විධායක කමිටු සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි  යැයි චෝදනා කරමිනි. ( මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල මාධ්‍ය නිවේදනයක් ඊයේ (15දා නිකුත් කර තිබුණු අතර, ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට්. හදිසි විධායක කමිටු රැස්වීමකදීය.අ එම රැස්වීමේදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත කළ අසත්‍ය, අපහාසාත්මක ප්‍රකාශ පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. ඒ අනුව රණතුංග මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්, එහි පළමු පියවර වශයෙන් එන්තරවාසි යොමු කිරීමටත් තීරණය කර ඇත. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අජුන රණතුංග මහතා පසුගියදා පැවැති මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී (Derana Big Focus),ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරමින් අදහස් දැක්වීම නිසා මෙලෙස ඔහුගෙන් රු. බිලියන 02ක් වන්දි ඉල්ලා නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හොඳ හිත සහ කීර්තිනාමයට හානි කිරීම, අසත, අපහාසාත්මක චෝන්දනා කරමින් හිතාමතාම ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට එරෙහිව ද්වේශසහගත චේතනාවෙන් අදහස් දැක්වීම රණතුංග මහතා සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ නිල මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


(පැතුම් ශ්‍රී විජේරත්න)

Monday, August 15, 2022

සනත් හා මුරලි ලෝක කණ්ඩායමට

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන් ලෝක කණ්ඩායමට නම් කර තිබේ. ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලෙජන්ඩිස් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වීමට නියමිත ලෝක කණ්ඩායම (Rest of the World) සහ ඉන්දීය කණ්ඩායම (India Maharajas) අතර විශේෂ විස්සයි20 තරගය සඳහාය. මෙම තරගය එළඹෙන සැප්තැම්බර් මස 16 වැනිදා කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඉන්දියාවේ 75වැනි නිදහස් සැමරුම වෙනුවෙන් එම තරගය සංවිධාන කර ඇති අතර, ඉන්දීය කණ්ඩායම හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලි විසින්ද, ලෝක කණ්ඩායම එංගලන්ත හිටපු නායක ඔයින් මෝගන් විසින්ද මෙහෙයවීමට නියමිතය. 

ඉන්දීය කණ්ඩායම -.

සෞරව් ගංගුලි (නායක),විරේන්ද්‍ර ෂෙවාග්, මොහොමඩ් කයිෆ්, යුසුෆ් පතාන්, සුබ්‍රමනියම් බද්‍රිනාත්, ඉර්ෆාන් පතාන්, පාර්තිව් පටෙල්, ස්ටුවර්ට් බිනී, එස්. ශ්‍රීසාන්ත්, හර්බජන් සිං, නමන් ඕජා, අශෝක් ඩින්ඩා, ප්‍රග්‍යාන් ඕජා, අජේ ජඩේජා, ආර්.පී. සිං, ජෝගින්දර් ෂර්මා,රිතින්දර් සිං සෝදී.

ලෝක කණ්ඩායම -

ඔයින් මෝගන් (එංගලන්තය/නායක, ලෙන්ඩීල් සිමන්ස් (බ.ඉ. කොදෙව්), හර්ෂල් ගිබ්ස් (දකුණු අප්‍රිකාව, ජැක් කලිස් (දකුණු අප්‍රිකාව, සනත් ජයසුරිය (ශ්‍රී ලංකාව), මැටි ප්‍රයර් (එංගලත්තය), නේතන් මැකලම් (නවසීලන්තය), ජොන්ටි රෝඩ්ස් (දකුණු අප්‍රිකාව, මුත්තයියා) මුරලිදරන් (ශ්‍රී ලංකාව), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), හැමිල්ටන් මසකඩ්සා (සිම්බාවේ, මස්රෆි මොර්ටාසා (බංග්ලාදේශය) , අස්ගාර් ඇෆ්ගන් (ඇෆ්ගනිස්තානය) , මිචෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව) , බ්‍රෙට් ලී (ඔස්ට්‍රේලියාව), කෙවින් ඕබ්‍රයන් (අයර්ලන්තය) , දිනේෂ් රාම්ඩින් (බ.ඉ. කොදෙව්)



(පැතුම් ශ්‍රී විජේරත්න)


Wednesday, August 3, 2022

යුපුන් ශ්‍රී ලංකා බලාපොරොත්තු අධිවේගයෙන් ඔසවා තබයි

එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වෙන 22වැනි පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බලාපොරොත්තු අධිවේගයෙන් ඔසවා තැබූ සුපුන් අබේකෝන් මීටර 100 තරග ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. මීටර 100 මූලික වටයේ තරග (Heats) ඊයේ (02දා) පැවැති අතර, එහි 06වැනි මූලික තරගයට සහභාගි වූ යුපුන්, තත්පර 10.06ක දක්‍ෂතාවක් දක්වමින් එම තරගයේ පළමුවැනියා ලෙසින් තරගය අවසන් කළේය. මෙය මූලික වටයේ තරග අවසානයේදී ක්‍රීඩකයෙකු දැක්වූ හොඳම කාලය වන අතර, එය පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ මූලික වටයකදී ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම කාලයද වෙයි. යුපුන් විසින් අම්බවා යනු ලැබුවේ 1994 වසරේ කැනඩාවේ. පැවැති ක්‍රීඩා උළෙලේදී එරට ජින් එල්බට් (තත්. 10.10) වාර්තතා කළ කාලයයි. දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා මෙන්ම තත්පර 10ට (තත්. 9.96) අඩුවෙන් මීටර 100 ඉසව්ව  අවසන් කළ පළමු හා එකම ක්‍රීඩකයා සුපුන් වන අතර, ඔහු සහභාගිවන අවසන් පූර්ව වටයේ තරග අද (03දා) පැවැත්වීමට නියමිතව ඇත. 

ගයන්තිකා ශ්‍රී ලංකා වාර්තාවක් අලත් කරයි . 

මේ අතර කාත්තා මීටර් 800 තරග ඉසවේ දෙවැනි මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරන්නට 05වැනි ස්ථානයෙන් සෑහීමට සිදු විය. කෙසේ නමුත් ඇය එහිදී මිනිත්තු 2.01.20ක කාලයක් වාර්තා කළ අතර, එය නව ශ්‍රී ලංකා වාර්තාවක් විය. 

ඔස්ට්‍රේලියාවේ රන් පදක්කම් ගණන 30 ඉක්මවයි 

සත්කාරක එංගලන්තයට අභියෝග කරමින් ඕස්ට්‍රේලියාව තවමත් පදක්කම් සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටියි. මෙරට වේලාවෙන් ඊයේ (02දා රාත්‍රී 10.00වන විට ඔවුන් රන් පදක්කම් 3ක් සමග සමස්ත පදක්කම් 78ක් හිමිකරගෙන සිටියේය. එංගලන්තය මෙහි  දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ රන් පදක්කම් 24ක් සමගින් පදක්කම් 63ක් දිනා ගනිමිනි. එක් ලෝකඩ පදක්කමක් පමණක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවට මෙම සටහනේ හිමිව තිබුණේ 24වැනි ස්ථානයයි. 


(විශ්ව මුදියන්සේ)


Monday, July 11, 2022

ආසියානු දැල්පන්දු අවසන් තේරීම් තරගවලට සහභාගි නොවුණු තර්ජිනීව ඉල්ලා ජාතික පුහුණුකාරිනියගෙන් බලපෑම්

ආසියානු දැල්පන්දු තරගාවලියට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩිකාවන් 12දෙනාට තෝරා නොගත් තර්ජනී සිවලිංගම් යළි කණ්ඩායමට ඉල්ලා ජාතික පුහුණුකාරිනී හයසිත් විජේසිංහ දිගින් දිගටම තේරීම් කමිටුවට සහ දැල්පන්දු සම්මේලනයට බලපෑම් කරමින් සිටින බව  වාර්තා වේ. ජාතික පුහුණුකාරිනිය තේරීම් කමිටුව සහ දැල්පන්දු සංගමය ඉදියේ සුම් තාක්ෂණය ඔන්සේ පැවැත්වූ සාකච්ඡාවකදී හඬමින් වැළපෙමින් සහ විටෙක තර්ජනාත්මකව තර්ජිනීව ඉල්ලා බලපෑම් කර තිබේ.ඔස්ට්‍රේලියාවේ සිටින තර්ජනී සිවලිංගට අවසන් තේරීම් තරග සඳහා සහභාගී වීමට තේරීම් කමිටුව අවස්ථාව ලබාදී තිබූ අතර, ඇය ඊට සහභාගී නොවීම මත ඇයගේ දක්ෂතා තක්සේරු කිරීමේ අවස්ථාව තේරීම් කමිටුවටද අහිමිව තිබුණි. ආසියානු දැල්පන්දු තරගාවලියට ක්‍රීඩා කරන  අවසන් ක්‍රීඩිකාවන් 12දෙනා තෝරා ගැනීමේ තේරීම් තරග පසුගිය 07 වැනිදා පවත්වා ඇති අතර, ඒ අනුව තපිනී නොමැතිව ක්‍රීඩිකාවන් 12දෙනකු තෝරා ගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබිණ. අමාත්‍යවරයාගේ අනුමැතියට මේ වන විටත් එම නාමලේඛනය යොමු කර තිබේ. තර්ජිනීව තේ තරග නොමැතිව අවසන් ක්‍රීඩිකාවන් 12ට තෝරා නොගත් හෙයින්, ජාතික පුහුණුකාරිනිය තේරීම් කමිටු නිලධාරිනියන්ට සහ දැල්පන්දු සංගමයට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවත්, ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ජාතික තේරීම් කමිටුවේ අර්ජුන් ප්‍රනාන්දු මාර්ගයෙන් තේරීම් තරගවලට සහභාගී නොවුණු තර්ජිනීව යළි කණ්ඩායමට ඇතුළත් කර ගැනීමේ සැලසුමක් ඇති බවත් මේ වන විට අනාවරණය වේ. මීට අමතරව ජාතික පුහුණුකාරීනිය තේරීම්  කට්ටුවට දිගින් දිගටම බලපෑම් කරමින් සිටිනුයේ මේ වන විට තෝරාගෙන තිබෙන අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් 12වැනි ක්‍රීඩිකාව ඉවත් කර තර්ජිනීන්ගේ නම ඊට ඇතුළත් කරන ලෙසයි. එහෙත් තේර්ට් කමිටුවේ සියලුම දෙනා ඊට දැඩි විරෝධයක් දක්වා ඇති අතර, පෙරළා ඔවුන් ජාතික පුහුණුකානියට පවසා ඇත්තේ අවසන් තේරීම් තරගවලට සහභාගී නොවුණු ක්‍රීඩිකාවක් කණ්ඩායමට ඇතුළත් කරනුයේ කෙසේද යන්නයි. ජාතික තේරීම් කමිටුව මීට පෙර ලබාදුන් තේරීම් නිර්ණායකවලද ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් අවසන් තේරීම් තරග සඳහා අනිවාර්යයෙන් සහභාගී විය යුතු බවද දන්වා තිබුණි. කෙසේ වෙතත් මේ වන විට 43වැනි වියෙහි පසුවන තර්ජනීට මීට පෙර අවස්ථා කිහිපයකදීම තේරීම් කමිටුව දන්වා තිබුණේ අඩුම තරමින් අවසන් තේරීම් තරගවලට හෝ සහභාගී වන ලෙසයි. එහිදී ඇය පවසා තිබුණේ ඇයට ගුවන් ටිකට්පත ලබාදෙන්නේ නම් තේරීම් තරගවලට සහභාගී වන බවයි. එලෙස පෞද්ගලික තරගාවලියකට ගිය ක්‍රීඩිකාවකට ගුවන් ප්‍රවේශපතක් ලබාදීම කළ නොහැකි බවත්, එය එසේ කළහොත් වැරදි පූර්වාදර්ශයක් වන බවත් දැල්පන්දු බලධාරීන් තීරණය කර තිබේ. කෙසේ වෙතත් තජිනීව මෙරටට ගෙන්වා ගැනීමට සහ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා බඩු ගැනීමට පිටරටවලින් මුදල් එකතු කළ ජාතික පුහුණුකාරිනිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම කනගාටුවට කරුණකි. තර්ජනීව මෙරටට ගෙන්වා ගැනීමට සහ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා බඩු ලබා ගැනීමට යැයි පිටරටවලින් එකතු කළ මුදල් ඇත්නම් ඒවා  සංගමයට ලබාදී සංගමය වෙතින් එම අවශ්‍ය කාරණා සිදුකරන ලෙස ඇයට දන්වා ඇති නමුත්, ඇය පවසා ඇත්තේ එම මුදල් සංගමයට ලබාදිය නොහැකි බවත් ඒවා පෞද්ගලික මුදල් වන බවත්ය. මෙලෙස අත්තනෝමතික ආකාරයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය නොතකමින් කටයුතු කරන පුහුණුකාරිනිය සම්බන්ධයෙන් මෙතෙක් අමාත්‍යංශය හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම දැල්පන්දු සංගමයද මුනිවත රැකීම විමතිය දනවන්නකි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙන්ම ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ස්ථාවරය වී ඇත්තේ තර්ජිනීව මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට විශාල මුදලක් වැය කළ නොහැකි බවයි. 


(පැතුම් ශ්‍රී විජේරත්න)

Wednesday, June 29, 2022

ආසියානු කුසලානය පැවැත්වීම යළිත් අර්බුදයක

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් යළිත් ගැටලුකාරී. වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වේ.මේ වනවිට රට තුළ මතුව ඇති ඩීසල් සහ පෙට්‍රල් හිඟකම හේතුවෙන් කණ්ඩායම් 05කට වැඩි සංඛ්‍යාවක තරගාවලියක් සංවිධානය කිමේදී ඒ සඳහා ප්‍රවාහන වියදම් සහ ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන වැඩි වශයෙන් වියදම් කිරීමට සිදුවීම මීට මූලික හේතුව වී තිබේ. එමෙන්ම එම තරගාවලියේ තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීම නිසා ඉන්ධන අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා මෙවර සුදුසුකම් ලැබීමේ තරගාවලියක්ද (එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං සහභාගිවන) පැවැත්වෙන අතර, ඒ අනුව වැඩි ධාරිතාවක ඉන්ධන ප්‍රමාණයක් මෙවර අවශ්‍ය වන බව ගණන් බලා තිබේ.රජය මේ වනවිට දැනට පවතින ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබාදීම මත මෙම තත්වය තව තවත් උග්‍රවී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු පවසා සිටියේ ඩීසල්, පෙට්‍රල් නොලැබුණහොත් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැටලුකාරී වනු ඇති බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය මෙරටදී පැවැත්වීමට සිදු කළ හැකි සියලුම කාර්යන් සිදු කරන බවත්, ආසියානු ක්‍රිකට් තරගාවලිය වැනි රටවල් කිහිපයක් සහභාගි වන තරගාවලියක් මේ අවස්ථාවේ මෙරටදී පැවැත්වීම මෙරට ආර්ථිකයට බොහෝ වාසිසහගත බවත් එම විධායක කමිටු සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම තරගාවලියට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියන් ඔයිල් සමාගම සමග සාකච්ඡා කරන බවත්,ඕස්ටේ‍්‍රලියානු තරගාවලියේදී මෙන් කිසිදු අතපසුවීමක් නොවී ඉන්ධන ලබාගැනීමට අපේක්ෂා කරන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.



(පැතුම් ශ්‍රී විජේරත්න)