Showing posts with label political; g5. Show all posts
Showing posts with label political; g5. Show all posts

Thursday, June 23, 2022

ජොන්ස්ටන් අලුත් ඇපයක් මත මුදාහරි

සාමාකාමී උද්ඝෝෂකයන් සිටින "මයිනාගෝගමට’ සහ ‘ගෝඨාගමට' පහරදීමේ සිද්ධියේ 28වැනි සැකකරු වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට පෙර නියම කර ඇපයට අමතරව රුපියල් මිලියන 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින්වෙන අලුත් ඇප මත මුදාහැට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (22දා) නියම කළේය. ඇප තැබීමත් අනතුරුව සෑම මසකම අවසන් ඉරුදින රහස් පෙලීසියේ පෙනීසිටීමේ නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඇපකරුවන් තමන්ගේ පදිංචිය සම්බන්ධයෙන් හා වත්කම් පිළිබද සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද නියම කළේය. තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රේතියක් කළ අවස්ථාවේදි සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අලුත් ඇපයක් නියම කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයාට හැකියාව ඇති බව සඳහන් කරමින් නිකුත් කළ නියෝගයකට අනුව ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.රහස් පොලිස් නිලධාරින් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේම සැකකරුවකු වශයෙන් නම් කර ඇති රොෂාන් ප්‍රනාන්දු මහතාට ලබන 24 වැනිදා රහස් පොලීසියේ පෙනීසිට කටඋත්තරයක් ලබාදීමට නියම කළේය. මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇපමත මුදාහැර සිටින ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සෙසු සැකකරුවන්  අධිකරණයේ පෙනී සිටියහ.


 ( බුද්ධිමාල් රුබේරු)


Monday, March 1, 2021

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හංගන්න උවමනාව තියෙන්නේ කාටද කියන එක ගැන මේ රටේ ජනතාවට උත්තර බඳින්න කාලේ ඇවිල්ලා

පාස්කු ඉරු දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුරුන්ද යන්න හෙළි නොකර එම තොරතුරු සැගවීමට ආණ්ඩුව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.හම්බන්තොට සිරිබෝපුර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් පෙරේදා (27)දා විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.ජාතික ආරක්ෂක කවුන්සිලය රටේ නීතියක් හරහා ස්ථාපනය වී නොමැති බැවින් ආණ්ඩුවේ ප්‍රධානීන් සහ රටේ ප්‍රධානීන් තමන්ට අවශ්‍ය ආකාරයට ජාතික ආරක්ෂක කවුන්සලය කැඳවීමට කටයුතු කරන බවත්, කෙසේ වෙතත් ජාතික ආරක්ෂක කවුන්සිලයක් රට තුළ නීත්‍යනුකූලව තිබිය යුතු බවට විශ්වාස කරන බවත් සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා

"මේ රජය විපක්ෂයේ ඉන්නකොට කිවා පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා කියලා. මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි කෝ පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා කියපු ක්‍රියාවලිය? පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලන්න අමතක වෙලා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නහම ජනාධිපතිවරණයේදී, 68 ලක්ෂයක් ඡන්දෙ  දීලා තවත් විවිධ ක්‍රම උපායන් තුළින් තුනෙන් දෙක හදා ගත්තහම, විසිවැනි සංශෝධනය දමලා තිබුණු බලයට වැඩිය තවත් බලයක් එකතු කර ගත්තහම, ආණ්ඩුවට පාස්කු ත්‍රස්තයන් ඇල්ලුවත් එකයි නැතත් එකයි. පැහැදිලිවම මේ රජය පාස්කු ත්‍රස්තයන් ඇල්ලීමේ ව්‍යායාමය සම්පුර්ණයෙන්ම අමතක කරලා දාලා තිබෙනවා. ඒ දුන්නු පොරොන්දු ආණ්ඩුවට අමතකයි. අපේ දේශපාලන ව්‍යාපාරයට එල්ල කරපු ලොකුම ප්‍රහාරය මොකක්ද? මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානීන් අපි ඇල්ලුවෙ නැහැ කිව්වා. දැන් මේ ආණ්ඩුව මොකක්ද කරලා තියෙන්නේ? මම පැහැදිලිවම කියන්න කැමතියි මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද කියන එක හොයන්නේ නැතුව ඒ කාරණාව හංගන්න හදනවා. මට ඒක කාරණයයි තමුන්නාන්සේලාගෙන් අහන්න තියෙන්නේ, පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩිම දේශපාලන හානිය සිද්ධ වුණේ ? කාටද වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුණේම ඒ ප්‍රශ්නවලට තමුන්නාන්සේලාම උත්තර සපය ගන්න. පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩි වාසිය දේශපාලනික වශයෙන් කාවද වැඩිම හානිය දේශපාලනික වශයෙන්ම එහෙමනම් නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හංගන්න උවමනාව තිබෙන්නේ කාටද කියන එක ගැන මේ රටේ ජනතාවට උත්තර බඳින්න වෙලාව ඇවිල්ල තියෙන්නේ. මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා අදටත් අපේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍ය වශයෙන් නැහැ.මේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලය රටේ නීතියක් හරහා ස්ථාපනය වෙලා නෑ. ඒ නිසා තමයි හිතු හිතු වෙලාවට, ආණ්ඩුවේ අපි විශ්වාස කරනවා ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍යානුකුලවම තිබෙන්නට ඕන. රටේ නීතිය හරහා ස්ථාපනය වෙන්නට ඕන.සමගි ජන බලවේගයේ අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා ජාතික ආරක්ෂක කවුන්සිලයට පාර්ලිමේන්තුවේ නීති කෙටුම් පනත් සම්පාදන ක්‍රියාවලිය තුළින් නීතියක් බවට පත් කරලා ජාතික ආරක්ෂක කවුන්සිලයට නෛතික හයිය ලබාදීලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා, මහ මොළකරුවන්, උපදෙස් දුන්නු අය, මෙහෙයවන්නට නායකත්වය දුන්නු අය, තවමත් මේ ආණ්ඩුවට හොයාගන්නට බැරී පාස්කු ත්‍රස්තයන් හොයාගෙන ඒ සියලු දෙනාටම රටේ නීතිය හරහා මරණීය දණ්ඩනය ලබා දෙන්නට කටයුතු කරනවා කියලා. ඒකෙ ආයෙ වෙන කතාවක් නැහැ. ඒක අපි කරන්නට ඕන. ඒක කළොත් පමණයි මේ රට තුළ අන්තවාදයට ත්‍රස්තවාදයට සම්පුර්ණයෙන්ම ඒ අවස්ථාව අහිමි වෙන්නේ. ඒ නිසා මම මීට වැඩිය දීර්ගව කතා කරන්නට යන්නේ නෑ, විශේෂයෙන්ම ආණ්ඩුව කියපු බොහොමයක් දේවල් අද ක්‍රියාත්මක වෙන්නේ නෑ. බොහෝ දෙනෙක් හිතුවා චීනුන්ට අක්කර පහළොස්දාහසක් දෙන්නේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. බැලින්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් දෙනවා, මේ ආණ්ඩුවත් දෙනව. ඒකෙන්ම තේරෙනවා දෙගොල්ලන්ටම තියෙන එකම ආකල්පයක් . මම තමුන්නාන්සේලාට කියන්න කැමති ඉඩම් උපයෝගී කරගෙන සංවර්ධනයක් සිදු වෙන එක හොඳ දෙයක්, හැබැයි කරන හොඳ සංවර්ධනය බලහත්කාරයෙන් කරන්න හොඳ නෑ.ජනතාව දැනුවත් කරලා, ජනතාව පදිංචි නොවන, ජනතාව ගොවිතැන් නොකරන, ජනතාව පාවිච්චියට නොගන්න ඕනතරම් මුඩු ඉඩම් තිබෙනවා, ඒ මුඩු ඉඩම් උපයෝගී කරගෙන ජනතාව දැනුවත් කරලා රටේ සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම තමයි පැහැදිලි මහජන සේවාව සහ මහජන යුතුකම.” යැයිද පැවසීය.

(දිනේෂ් සමරකෝන්)

Thursday, January 7, 2021

කොළඹ වරායේ නැ.ජැටිය විදේශීය සමාගමකට පැවරීමේ තීන්දුවක් නෑ

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කළමනාකරණය, මුළු අයිතිය හෝ මුළු අයිතියෙන් කොටසක් විදේශ සමාගමකට පැවරීමට රජය තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්න යොමු කරන අවස්ථාවේ ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට 51%ක කොටසක් ලබාදෙන බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව ආයෝජනයට මුවාවී ඉන්දීය සමාගමකට නැගෙනහිර ජැටිය ලබාදීමට කටයුතු කරන්නේද යන්න ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් එහිදී දිසානායක මහතා පැවසීය.

තමා ඉදිරිපත් කළ අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් මෙන්ම තාක්ෂණික කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටු වාර්තතා ලැබීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහිදී වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය. එහිදී පාර්ලිමේන්තුවේදී ඇති වූ සංවාදය පහත පරිදි වේ. 


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක -


"අපනයනය හා ප්‍රතිඅපනයනය කටයුතු වෙනුවෙන් වු බහලුම් ලක්‍ෂ 50ට ආසන්න මෙහෙයුම් කටයුතුවලට කොළඹ වරාය මේ වනවිට දායකත්වය සපයනවා. මෙවැනි අතිශය සුවිශේෂි වටිනාකමක පිහිටි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය දැනටමත් ලංකාවට අහිමි වෙමින් තිබියදී තවත් වැදගත්ම කොටසක් වන නැගෙනහිර ජැටිය තවත් විදේශ සමාගමකට පැවරීමට ආණ්ඩුව සුදානම් වන බව පසුගියදා මාධ්‍ය විසින් සඳහන් කර තිබුණා.

කොළඹ වරාය අපේ රටේ සංවර්ධනයේ උපාය මාර්ගික වශයෙන් වැදගත්ම කේන්ද්‍රයක් බව පිළිගනු ලබන්නේද? පවතින ආණ්ඩුව විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධව කවර හෝ ගිවිසුමකට හෝ කවර හෝ පාර්ශ්වයක් සමග එළඹ තිබේද? එසේනම් එම ගිවිසුම් සභාගත කිරීමට කටයුතු කරන්නේද? වත්මන් ආණ්ඩුව නැගෙනහිර ජැටියේ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ කවරේද? නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර තිබේද? එසේනම් එම රට සහ සමාගම කවරේද? මෙම නැගෙනහිර ජැටිය 100%ක් පූර්ණ අයිතිය සහ කළමනාකරණය ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවත්වා ගන්නා බවට සහතිකයක් මේ පාර්ලිමේන්තුවට ලබාදිය හැකිද?" 


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ - 


"2005 වර්ෂයේ සිට 2015 වර්ෂය සඳහා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ බහාලුම් ලක්‍ෂ 72ක් පමණ ක්‍රියාත්මක කළ හැකි බහාලුම් අංගණ තුනකින් සමන්විත කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘති සැලැස්මට අනුව පළමු බහාලුම් මෙහෙයුම් අංගණය (සී.අයි.සීටී) විදිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමු කරමින් රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස අවුරුදු 35ක කාලයක් සඳහා ගිවිසුම්ගතව මෙහෙයුම් සිදු කරනු ලැබේ. ඉතිරී බහාලුම් මෙහෙයුම් අංගණ දෙක නැගෙනහිර අංගණය සහ බටහිර බහාලුම් අංගණය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ලබනවා. නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ මුළු අයිතියෙන් කොටසක් විදේශ සමාගමකට පැවරීමට තීරණට කර නොමැත.


ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාරදිසානායක -


“රෝහිත ඇමතිවරයා දාපු කැබිනට් පත්‍රිකාව අනුව 49%ක් වරාය අධිකාරියටත් 51%ක් ඉන්දියානු සමාගමකටක් ලබාදෙන පොරොන්දුව තියෙනවා. මේක පැරණි ගිවිසුම නෙවෙයි. ඒ අනුව මට දැනගන්න තියෙන්නේ වරාය අධිකාරිය සතුව නැගෙනහිර ජැටියේ 100%ක හිමිකාරීත්වය සහ එහි කළමනාකාරිත්වය තබා ගෙනද සංවර්ධනය කරන්නේ? ඒ වගේම මම අගමැතිවරයාගෙන් අහන්නේ වරාය අධිකාරියේ ඉංජිනේරුවන් සහ විධායක නිලධාරින් විසින් හදපු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාවේ ඔවුන් ඉතා හොඳින් පෙන්නුම් කරනවා දැනට වරාය පර්යන්තය මීටර් 400ක් හදලා තියෙනවා. අපට 1,300ක් දක්වා මේක හදන්න අවශ්‍යතාව තියෙනවා. නමුත් තව දෙසීයක් හදා ගත්තොත් මීටර් 300 නැව් දෙකක් මේ පර්යන්තයට ගෙනආ හැකියි. භාණ්ඩාගාරයේ ණය සත පහක්වත් අවශ්‍ය නොවන බව එම විධායක නිලධාරීන් සඳහන් කර තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මා නැවත නැවත අහන්නේ මේ ආයෝජන මුවාවෙන් නැගෙනහිර පර්යන්තයේ 49%ක කොටස එම සමාගමට පවරා දෙනවාද?" 


වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන -


"මහින්ද ජනාධිපතිවරයාගේ පාලන කාලයේ 100%ක්ම කිසිම තැනකට ලබා නොදී කරන්න තමයි සැලසුම තිබුණේ. සැලසුම විනාශ වුණේ ගැළපෙන්නේ නැති ජෝඩු ටිකක් කසාද බැන්දුවා 2015. ඒයහපාලන ආණ්ඩුවෙන් ඒක වුණේ. පර්යන්ත 06ක උරුමයක් ගෝඨාභය ජනාධිපති සහ මහින්ද අගමැතිගේ කාලයේ අපි හදනවා."


- දිනේෂ් සමරකෝන් -