ඬේලි මිරර්
රජය මගින් යෝජිත රාජ්යය ත්රස්තවාදයෙන් කිරීමේ පනත් ආරක්ෂා කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් මානව ජාතීන්ගේ හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සිය බරපතළ කනස්සල්ල පළකර ඇති බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නව වාර්තාවක දැක්වෙයි.
යෝජිත රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති මගින් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම, භාෂණයේ නිදහස සීමා කිරීම මෙන්ම වධහිංසා පැමිණවීම් සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවදානම වැඩිවන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අනතුරු ඇඟවීමක් කර ඇත. 2026 සැප්තැම්බර් 22 වන දින ගැසට් පත්රයේ පළ කරන ලද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පිටු 19 කින් යුත් ඇගැයීම් වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් කාර්යාලය පෙන්වා දෙන්නේ, පූර්ව කෙටුම්පත්වලට සාපේක්ෂව මෙහි යම් යම් ප්රගතිශීලී සංශෝධන ඇතුළත් කර තිබුණ ද, දැනට පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති අඩුපාඩු බොහොමයක් තවදුරටත් මෙහි අඩංගු වන හෝ පුළුල් කර ඇති බවය.
මෙම වාර්තාව මගින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ සිවිල් සමාජය, ස්වාධීන ආයතන සහ නීති විශාරදයන්ගේ අර්ථවත් සහභාගීත්වයෙන් යුතුව පනත සම්මත කිරීමට පෙර එහි පුළුල් සමාලෝචනයක් සිදුකරන ලෙසය.මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්රධාන අවධානයට යොමු වී ඇති කරුණක් වන්නේ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට වරකට මාස දෙක බැගින් උපරිම වසරක කාලයක් දක්වා පුද්ගලයන් රඳවා තබා ගැනීමට අවසර දෙන වගන්ති කෙරෙහිය.
පළමු මාස දෙකෙන් පසුව රඳවා තබා ගැනීම දීර්ඝ කිරීමට මහාධිකරණයේ අනුමැතිය අවශ්ය වුව ද, මුල් රඳවා තබා ගැනීමේ තීරණය අධිකරණයකට නොව විධායකයට පැවරී තිබීම අවදානම් සහගත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් පැය ඇතුළත සහ සන්නද්ධ හමුදා විසින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් පැය 72 ක් ඇතුළත මහේස්ත්රාත්වරයකු හමුවට ඉදිරිපත් කිරීමට ඇති ප්රතිපාදන ද විවේචනයට ලක්ව ඇත. අත්අඩංගුවට ගන්නා බලධාරියා කවුරුන් වුවද, සියලුම සැකකරුවන් හැකි ඉක්මනින් (පැය 24 ක් ඇතුළත) මහේස්ත්රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතු බවට නිර්දේශ කර තිබේ.
ත්රස්තවාදයට අදාළ වැරැදි පුළුල් ලෙස සහ අපැහැදිලි ලෙස අර්ථ නිරූපණය කර තිබීම හේතුවෙන් මාධ්යවේදීන්, මානව හිමිකම් ආරක්ෂකයන්, සිවිල් සංවිධාන සහ අහිංසක විරෝධතාකරුවන්ට එරෙහිව මෙම පනත යොදා ගැනීමේ අවදානමක් පවතින බව වාර්තාවේ දැක්වෙයි.
විශේෂයෙන්ම රහස්ය තොරතුරු සහ ත්රස්තවාදී ප්රකාශනවලට අදාළ වගන්ති මගින් ආරක්ෂක මෙහෙයුම්, අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන කටයුතු පිළිබඳ කෙරෙන නීත්යනුකූල මාධ්ය වාර්තාකරණයන් අපරාධමය වැරැදි බවට පත්වීමේ ඉඩක් ඇති බව ද වාර්තාව මගින් පෙන්වා දී ඇත.
මාධ්ය මූලාශ්ර, මහජන යහපත උදෙසා කෙරෙන වාර්තාකරණයන් සහ මානව හිමිකම් ලේඛනගත කිරීම් වෙනුවෙන් පැහැදිලි නීතිමය ආරක්ෂාවක් සැලසිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කරයි.යෝජිත පනත මගින් සන්නද්ධ හමුදාවලට සහ වෙරළාරක්ෂක බළකායට ද යම් යම් අවස්ථාවල දී අත්අඩංගුවට ගැනීමේ සහ සෙවීමේ බලතල ලබා දී ඇත. සැකකරුවන් පූර්ණ ක්රමවේදයන්ගෙන් තොරව හමුදා භාරයේ පසුවන විට අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ අතුරුදහන් කරවීම් සිදුවීමේ අවදානම වැඩිවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
එම නිසා නීතිය බලගැන්වීමේ ප්රධාන වගකීම සිවිල් පොලිසිය සතුව පැවතිය යුතු අතර, හමුදාවට ලබාදී ඇති පුළුල් අත්අඩංගුවට ගැනීමේ හා සෙවීමේ බලතල ඉවත් කළ යුතු බවට ද නිර්දේශ කර ඇත.
ජනාධිපතිවරයාට සංවිධාන තහනම් කිරීමට ඇති බලතල මෙන්ම ගමනාගමනය, මහජන රැස්වීම් සහ සන්නිවේදනය සීමා කිරීමට බලධාරීන්ට ඇති හැකියාව පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඔවුන් නිකුත් කළ වාර්තාවෙන් ප්රශ්න කර ඇත.
නිසි ලෙස අර්ථ දක්වා නොමැති මෙවැනි බලතල මගින් සාමකාමී රැස්වීම්, දේශපාලන විරුද්ධවාදීන්ගේ මතවාද සහ නීත්යනුකූල සිවිල් ක්රියාකාරකම් සීමාවීමට ඉඩ ඇති බැවින්, ඒ සඳහා ප්රබල අධිකරණ අධීක්ෂණයක්, පැහැදිලි කාල සීමාවන් සහ ස්වාධීන සමාලෝචන ක්රමවේදයක් තිබිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කර ඇත.
මෙම නවතම කෙටුම්පතට ඇතුළත් කර ඇති ඇතැම් යහපත් වෙනස්කම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ඇගැයීමට ලක්ව ඇතැයි ද ඔවුන් නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.
පොලිස් භාරයේ දී ලබාගන්නා පාපෝච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම ඉවත් කිරීම, මාධ්ය සහ සිවිල් සමාජ ක්රියාකාරකම් සඳහා අමතර ආරක්ෂාවක් සැලසීම, පොලිස් ප්රශ්න කිරීම් ශ්රව්ය-දෘශ්ය ලෙස පටිගත කිරීම අනිවාර්ය කිරීම සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව පැය 48 ක් ඇතුළත ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දීම ආදිය ඇගැයීමට ලක්වුණු වෙනස්කම්ය.
එසේ වුවත්, පනත් කෙටුම්පතේ ඇති සමස්ත මානව හිමිකම් අවදානම නැති කිරීමට මෙම සංශෝධන ප්රමාණවත් නොවන බවත්, පවතින පනත අහෝසි කිරීමෙන් පසුව ද පැරැණි නඩු සහ රෙගුලාසි ඉදිරියට පවත්වාගෙන යාමට ඇති සංක්රාන්ති වගන්ති පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දී ඇත. ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට අනුකූල වන පරිදි මෙම කෙටුම්පත නැවත සැලකිය යුතු ලෙස සංශෝධනය කරන ලෙස රජයෙන් ජාතීන්ගේ ඉල්ලීමක් කර ඇති එක්සත් මානව හිමිකම් කාර්යාලය, ජාතික ආරක්ෂාව සුරකිමින් මූලික අයිතිවාසිකම් ගරු කරන නීති සම්පාදනය සඳහා ශ්රී ලංකාවට අවශ්ය තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව ද පවසා තිබේ.