Showing posts with label Political g4. Show all posts
Showing posts with label Political g4. Show all posts

Tuesday, December 10, 2019

එකිනෙකාට චෝදනා එපා මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර 113ක් ගැනීම වැඩ කළ යුතුයි

එකිනෙකාට චෝදනා එපා මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර 113ක් ගැනීම වැඩ කළ යුතුයි


එක්සත් ජාතික පක්‍ෂය හා එම පක්‍ෂය සමග එක්ව සිටින සියලු දෙනා එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී ඉදිරි මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර 113ක් ලබාගැනීම සදහා වැඩ කළ යුතු බව එ.ජා.ප. නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09දා) පැවසීය.පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසුණු පෙරමුණ ලැබූ ප්‍රතිඵලය අනුව මඟ මැතිවරණයේදී මන්ත්‍රී ධුර 105ක් හෝ 106ක් ලබාගැනීමේ හැකියාව තිබෙන බචද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී ධුර ප්‍රමාණයක් දිනාගැනීම සඳහා විවෘත්තීය සමිති, සිවිල් සංවිධාන, තරුණ කොටස්, මධ්‍යම පත්තිය මහා සංඝරත්නය එක්සත් ජාතික පක්‍ෂය වටා ඒකරාශී කරගත යුතු බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
පක්ෂයේ සංවිධාන කටයුතු බිම් මට්ටමින් සිදුකර ගෙන යන බවත්, පාර්ලිමේන්තුවේ කටයුතු සොයාබැලීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබෙන බවත් හෙතෙම පැවසීය. ඉදිරී මහ මැතිවරණය ජයග්‍රහණය කර ගැනීම සඳහා වෘත්තීය සමිති ඇතුළු අනෙකුත් සංවිධානවල යෝජනා ලබාගන්නා බවත්, පක්‍ෂයේ දෙවැනි පෙළ ඉදිරියට ගෙනවිත් මහ මැතිවරණයට මුහුණදිය යුතු බවත් ඒ මහතා සදහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂය කිසිදු අවස්ථාවක පසුබසින පක්ෂයක් නොවන බව පැවසූ හිටපු අග්‍රාමාත්‍යවරයා, පක්‍ෂයේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා නව මුහුණු කිහිපයක් හඳුන්වාදෙන බවද පවසා සිටියේය. පිටකෝටිටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පකෂ මුලස්ථානයේදී ජාතික යොවුන් පෙරමුණේ නියෝජිතයන් පිරිසක් හමු වූ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා."අපි ජනාධිපතිවරනයේ” පසුබෑමකට ගියා කියලා අඩපණ වෙන්න උවමනා නැහැ. ඊළග පාර්ලිමේත්තුවේදී අප පෙරමුණත්, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අනෙකුත් පක්ෂ සියල්ල එක් අඩු වශයෙන් මන්ත්‍රීවරු 113ක් ඉලක්ක කරගෙන වැඩ කළ යුතුයි. ඊට අඩුවෙන් නෙමෙයි. දැන් තියෙන ඡන්ද ප්‍රතිඵල අනුව අපි සියලු දෙනාටම මන්ත්‍රීවරු 105ක් හෝ 106ක් ලබාගන්න පුළුවන්. අපේ ව්‍යාපාරය නියම ලෙස
ගෙනියනවා නම් මන්ත්‍රී ධුර 113කට හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන්.
ඒක සිදුවුණාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම්, 19 වැනි සංශෝධනය ආරක්ෂා වනවා පමණක් නොමෙයි කිසිම බයක් නැතිව ආපහු නීතිය ක්‍රියාත්මක කරන හැම කෙනාවම ශක්තියක් එනවා. ඒ කරුණ ගැන අපි විශේෂයෙන් අවධානයට
යොමුකළ යුතුයි. ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂය විතරක් නෙමෙයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සියල්ලම එකතු කරගත යුතුයි. පාර්ලිමේන්තුවට ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වෙනම කටයුතු කළ හැකියි. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමි ආරක්‍ෂිත කරන්න දවස් 52 දී අපට අවස්ථාවක් ලැබුණා. එය තමයි එක්සත් ජාතික පක්‍ෂයේ වැඩසටහන ලෙස මම සලකන්නේ. ඒ සඳහා අපි ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය විග්‍රහ කළ යුතුයි. සමීක්‍ෂණ කිහිපයකින් පෙන්නුවේ අපි පසුපසින් සිටි බවයි. ඒ සමීක්‍ෂණ තවත් විග්‍රහ කළාම බෞද්ධයන්, මධ්‍යම පන්තිය, තරුණ කොටස්වල අපට නොලබුණු ඡන්ද තියෙන බව ජේනවා. පසංඝරත්නය සමග සාකච්ඡා කරලා තමයි අපේ වැඩසටහන් සකස් කරන්න තියන්නේ, ජාතික යොවුන් පෙරමුණේ වගකීම තමයි යොවුන් තරුණ ජන්ද ලබාගැනීමට කටයුතු කිරීම්හු. තරුණයන් නිදහසට කැමතියි. තරුණියගේ ජීවිතය බලාපොරොත්තු ගණනාවක් තිබෙනවා.ඒ තරුණයන් දිනාගැනීමේ වැඩසටහනක් ඉතා කෙටිකාලයකින් සාකච්ජා කරලා අපි ලබාදෙනවා.
පක්ෂයේ සංවිධාන කටයුතු, බිම් මට්ටමේ කටයුතු ආරම්භ කිරීමට උවමනායි.පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අපේ ජනාධිපති අපේක්ශක සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට මම භාරදීලා තියෙනවා. පාර්ලිමේන්තුව 03 වැනිදා රැසවුනාට පස්සේ ඒ වැඩකටයුතු සිදුකරන ආකාරය ගැන අපි සාකච්ඡා කරන්න ඕන. පක්‍ෂයේ තරුණ සංවිධාන, වෘත්තීය සමිති හා අනෙකුත් සංවිධාන යෝජනා ඉදිරිපත් කරනවා, අපි කට්ටුවක් පත් කළා. මම බලය දීලා තිබනවා පක්ෂයේ අනාගත ගමන ගැන, අනාගත මුහුණුවර ගැන තීරණයක් ගන්න. දැන් අපේ පක්‍ෂයේ තරුණ දෙවැනි පෙළක් ඉන්නවා. නායකයෝ ඉන්නවා. ඒ අය ඉදිරියට ගෙනත් තමයි මහ මැතිවරණයට අපි යා යුත්තේ. ඒ අය ඇතුළු අපි ඔක්කොම එකතුවෙලා ඒ ගමන යමු. අපට පුළුවන් දැන් අලුත් මුහුණු කිහිපයක්ම පෙන්වන්න. නමුත් අලුත් ආණ්ඩුවේ අලුත් මුහුණුමොනවද කියලා ඇමති මණ්ඩලයෙන් අපි දැක්කා. ඒ මුහුණු බලලා රට හදන්න පුළුවන්ද? නැත්නම් අපි ඉදිරියට යනවද කියලා සිතිය යුතුයි. අපි මෙතනින් අපේ අලුත් ගමන ආරම්භ කළ යුතුයි, එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ පසුබසින පක්‍ෂයක් නෙමෙයි.  2/3ක් තිබූ අපේ කණ්ඩායම් 1956 ඡන්දෙදි මන්ත්‍රී ධුර 08කට බැස්සා. ජේ.ආර්. ජයවර්ධනටත් ආසනය නැති වුණා. ඒ අය නිකන් හිටියේ නැහැ. කැගැහුවේ නැහැ. චෝදනා කළේ නැහැ. ඊළඟ දවසේ ජේ.ආර්. ජයවර්ධන මහතා, යටියන්තොට පැරදුණු ප්‍රේමදාස මහතා, නගර සභාවේ සිටි වී.වී. සුගතදාස මහතා ඇතුළු හත් අට දෙනෙක් කොල්ලුපිටියේ තිබූ සිරිකොත කාර්යාලයට ගිහින් විවෘත කළා. ඒකේ සිටි කටිටිය පිටවෙලා ගිහින් තිබුණා. සමහර තැන්වල ලයිට්, පෑන් නිවලා නෑ, ජේ.ආර්, මහතා ඇතුළු පිරිස ෆෑන් නිවා දැමුවා. එතන තියෙන කොහු අරගෙන ඒ වෙලාවෙම අතුගාලා. වාඩිවෙලා එදාම වැඩ පටන් ගත්තා. ඊළඟ දවසෙත් හිටියා. දවස් තුනක් යනකොට ඔක්කොම වැන පටන් ගත්තා, අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා කොළඹ නගර සභාවත් ජයග්‍රහණය කළා. අපි ඒක මතක තියාගන්න ඕන. දැන් තියන්නේ එවැනි පරාජයක් නෙමෙයි. ඒ නිසා අපි කරුණු දැනගෙන, අඩුපාඩු දැනගෙන යන්න ඕන. අපි දැන් එකිනෙකා එක්ක වාද කරලා වැඩක් නැහැ. දැන් අපට තියන්නේ නිදහස ආරක්‍ෂා කරන ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්කරලා පාර්ලිමේන්තුව තුළින් වැඩ කරගෙන යන්න යොවුන් පෙරමුණ කොහොමද අලුත් ඡන්ද ලබාදෙන්නේ, තරුණයන්ට පණිවිඩය ලබාදෙද්දි මොකද තිබුණු අපේ අඩුපාඩුව කියලා සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් සකස් කරලා අලුත් අවුරුද්දේ යළිත් බිමට බහිමු කියලා මම යෝජනා කරනවා" යනුවෙන් පවසා සිටියේය. මෙම අවස්ථාවට එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික යොවුන්
පෙරමුණේ ලේකම් තාරක නායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අනතුරුව යොවුන් පෙරමුණේ සාමාජිකයන් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකචිඡාවක් පැවැති අතර, යොවුන් පෙරමුණේ යෝජනා එහිදී පිළිගන්විණි.

අමිත් මධුරංග
ජායාරූප - චතුර එස්. කොඩිකාර

Monday, December 9, 2019

රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ලබාදීම අබුදයකට?

රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ලබාදීම අබුදයකට?

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධුරය ලබාදීමේදී අබුදකාරි තත්වයක් නිර්මාණය වී තිබේ.පසුගිය මහ මැතිවරණයේදී රත්නපුර සන්ධාන ලැයිස්තුවේ 07 වැනියට මනාප ඡන්ද ලබාගත් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරුණ ලියනගේ සහ ඔහුට පිටුපසින් සිටින සනී රෝහණ කොඩිතුවක්කු යන මහත්වරුන් මෙම මන්ත්‍රී ධුරය ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන තිබේ,
2015 මහ මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 06ක් හිමි වූ අතර රංජිත් ද සොයිසා මහතා මනාප ඡන්ද 63,071ක් ලබාගනිමින් එම ලැයිතුවේ 06 වැනි ස්ථානයද, වරුණ ලියනගේ මහතා මනාප ඡන්ද 49,850ක් ලබාගනිමින් 07 වැනි ස්ථානයද, සනී රෝහණ
කොඩිතුවක්කු මහතා මනාප ඡන්ද 43, 153ක් ලාබාගනිමින් 08 වැනි ස්ථානය ලබාගෙන තිබිණි.
වරුණ ලියනගේ මහතා පසුගිය දින 52 ආණ්ඩුව සමයේදී එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වූ අතර, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීය. වරුණ ලියනගේ මහතා එ.ජා.ප.යට සහාය දැක්වූ බැවින් ඔහුට මන්ත්‍රී ධුරය ලබා නොදී තමාට එය ලබාදෙන ලෙස සනී රෝහණ කොඩිතුවක්කු මහතා සන්ධාන නායකයන්ගෙන් ඉල්ලා තිබේ. ඒහෙත් වරුණ ලියනගේ මහතා සදහන් කරනුයේ, තමන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ රජිත් ද සොයිසා මහතාට පිටුපසින් සිටින අපේක්‍ෂකයා වන බැවින් එම මන්ත්‍රී ධුරය තමන්ට හිමිවිය යුතු බවයි. මේ අතර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා
මහතාගේ අභාවය හේතුවෙන් දෙසැම්බර් 04 වැනිදා සිට 08 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිම්න්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ. 1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකරන බව පාර්ලිමේත්තු මහලේකම් වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුමිදී ඇත. පාර්ලිමිත්තු පනතට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා පිළිබඳ තොරතුරු ලබාගෙන ඒම නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Tuesday, November 26, 2019

අපි ලෝක බලවතුන්ගේ සටන්වලට මැදිහත් වෙන්නේ නෑ ජනපති ඉන්දියාවේ භාරත් ශක්ති පුවත්පතට කියයි

අපි ලෝක බලවතුන්ගේ සටන්වලට මැදිහත් වෙන්නේ නෑ

ජනපති ඉන්දියාවේ භාරත් ශක්ති පුවත්පතට කියයි

රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක බලවතුගේ සටන්වලට මැදිහත් නොවන බවත් ශ්‍රී ලංකාව ස්වාධීනව සිටින රටක් බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.  ඉන්දියාවේ භාරත් ශක්ති පුවත් සේවයේ නිරින් ගෝල් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව ඒක්වූ පළමු සාකච්ඡාව මෙය වේ. එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"අපි මැදහත්ව සිටිනවා. මේක මම මගේ දිවුරුමිදීමේ අවස්ථාවේදීත් ප්‍රකාශ කළා. අපි ඉන්නේ ඉතාමත් වැදගත් සමුද්‍රීය ජාලයක. නැගෙනහිර සිට බටහිරට යන සියලු මුහුදු මාර්ග තිබෙන්නේ අපේ රට හරහා. විශේෂයියෙන්ම ආසියාව සංවර්ධනය වන විට මැදපෙරදිග තිබෙන ඉන්ධනත් අප්‍රිකාවේ ඛනිජත් ආසියාවට එනවා. අප සිටින්නේ මේ මාර්ගයේයි. ඒ නිසා මේ සමුද්‍රීය මාර්ගය නිදහස්ව තිබී යුතුයි. එය ලෝකයටම වැදගත් නිසා තනිව කිසිවෙකුට අයත් නොවිය යුතුයි. අපි කුඩා රටක්. අපට එක් රටක් තෝරාගැනීමෙන් ඉදිරියට යන්න බෑ. අපි ලෝක බලවතුන්ගේ සටත්වලට මැදිහත් වෙන්නේ නෑ. එසේම අපට සියලු දෙනා සමබර කරගෙන යන්න බෑ.කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් වන කිසිම කටයුත්තකට අපි සම්බන්ධ වෙන්නේ නෑ. ඉන්දියාවේ උනන්දුව ගැන අප හිතන්න අවශ්‍යයි. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන දෙයක් අප කරන්නේ නෑ. ඉන්දියාව බලවත් රටක් වුවත් අපි ස්වාධීන
වෙරි රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.එසේම අනෙක් රටවල් ක්‍රියාවලි ගැනත් අපි බැලිය යුතුයි.වෑදගත්ම දේ ආර්ථික සංවර්ධනයයි. එය සීමීත සීමාවක සිට කරන්න බෑ. අපේ රටේ දේ ආරක්ෂා කරගෙන අපට විවෘත වෙන්න සිදුවෙනවා.ඒකට අපි සුදානම් අපට ඉන්දියාවෙන්, චීනයෙන්, මැලේසියාශිවන්, ඉන්දුනීසියාශීවන්, ජපානයෙන් සිංගප්පූරුවෙන් උදව් අවශ්‍ය ඒකයි.මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදී චීනය සමග සම්බන්ධතා පැවැත්වූයේ හුදින්ම වාණිජමය මුහුණුවරකින්, නමුත් ආරමිභයේ සිටම ලෝකය මිමික විග්‍රහ කළේ වෙනත් විදියකට. හම්බන්තොට වරාය පවා ඔවුන් ඉන්දියාවට තර්ජනයක් ලෙස අර්ථ ගැන්වුවා. හම්බන්තොට වරාය අපට අවශයයි. චීනය අපේ අතිශය සමීප මිත්‍රශයක්. ඒ වුණත් මම කියන්නේ පසුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය අවුරුදු 99ක බදු දීමට ගත් තීරණය අත්වැරැද්දක්. අපි එය නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. රටි මිනිස්සු ඒ ගැන කැමති නෑ, අපි කෙටි කාලයක් ගැන බලලා එන්නේ නෑ. යම් වාණිජමය කටයුත්තකට තුමියක් ලබා දීම වෙනම දෙයක්. හෝටලයක් හදන්න, ගොඩනැගිලි හදන එක වෙනම දෙයක්.
ඒත් ක්‍රමෝපායික වශයෙන් ආර්ථික වශයෙන් වැදගත් වරායක් මේ ආකාරයන්  ලබාදීම ගැන නැවත සිතන්න ඕන. එක් පර්යතයක් ලබාදීම වැරැද්දක් නෙමෙයි වරායක් ලබාදීම කියන්නේ සිටින දෙයක්.ඒක මගේ මතයයි. අපට ඉන්දියාව සමග මෙන්ම චීනය සමග වැඩ කරන්න අවශ්‍යයි. ඉන්දියාව, සිංගප්පුරුව,ජපානය හා ඔස්ට්‍රේලියාව වගේ රටවලට කියන්න ඕනි
ඔවුන් චීන මැදිහත් වීම් වලට බය වීම සාධාරණයි. එහෙත් අපේ ගනුදෙනුව වාණිජයි. අපට විදේශ ආයෝජන අවශ්‍යයි. මම ආරාධනා කරනවා ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි රටවලට ඇවිත් අපේ රටේ ආයෝජනය කරන්න. චීනයට විතරක් ආයෝජනය කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න ඒපා. ශිම් රටවල ආණ්ඩු තමන්ගේ පෞද්ගලික අංශයට කියන්න ඕනි අපේ රටේ ආයෝජනය කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි අපේ රටෙන් ආනයනය කරන්නත් ලැම් රටවලට පුළුවන්, ජනතාව මාව හඳුනා ගත් ආරක්‍ෂක ලේකම්වරයා ලෙසයි. මම විනයගරුක පුද්ගලයෙක්. මම ජාතිවාදියෙක් නෙමෙයි. මම සමාජයේ එක් පාර්ශ්වයකට විතරක් වැඩ කරන්නේ නෑ. ඒ නිසයි මම හැම කෙනෙකුටම ආරාධනා කලා අපිත් සමඟ එකතු වන්න කියලා. මිනිස්සු මාව ඒකාධිපතිත්යක් ලෙස දකින්න පුළුවන්. නමුත් මම එහෙම නෙමෙයි. බටහිර මාධ්‍යයට මම කියන්නේ මාව හමුවෙන්න මට කතා කරන්න. අපි පොඩි රටක්. යුද්ධ කාලේ අපේ රටෙි වුණු දේවල් ගැන හැමෝම කතා වෙනවා. හැබැයි බලවත් රටවල යුද්ධවලදී වෙන දේවල් ආවරණය වෙනවා, එය අසාධාරණයි. අපි බෞද්ධයෝ. අපි බොහොම සාමකාමී ජාතියක්. මම දෙමළ ඩයස්පෝරාවටත් ආරාධනය කරනවා රටේ ජනතාවට උදව් කරන්න කියලා.” යනුවෙන් පවසා සිටියේය.


Tuesday, November 19, 2019

එජාපයේ පක්ෂ නායක අවසන් තීන්දුව හෙට ?

එජාපයේ පක්ෂ නායක අවසන් තීන්දුව හෙට ?


එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද, එක්සත් ජාතික පෙරමුණ විපක්‍ෂයේ අසුන් ගන්නේද, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන්නේදැයි අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති   ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂය නායකයන් හෙට (20 දින සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීරණයේ ඊයේ (18දා) සවස පැවැති සාකච්ඡාවකදී
මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන අතර, ඒ පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට අවධානය යොමුව තිබේ.පාර්ලිමේන්තුව කාලසීමාව අවසන් වනතුරු ආණ්ඩුව පවත්වාගෙන යා යුතු යැයි මන්ත්‍රීවරුන් පිරිසක් මෙහිදී පෙන්වාදී තිබෙන අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යායුතු යයි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇත, මන්ත්‍රීවරුන් පිරිසකගේ විශ්‍රාම වැටුප් ගැටලුවක් මතුව තිබෙන බැවින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ අසුන්ලෙන මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේත්තුවේ නිල කාලය අවසන් වනතුරු ආණ්ඩුව පවත්වාගෙන යාමට ඉඩ දියයුතු යැයි තවත් මන්ත්‍රීවරුන් පිරීසක් පෙන්වාදී තිබේ. එසේම පාර්ලිම්න්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලය ලබානොදෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් අවධාරණය කර ඇත. සහරාන් ඇතුළු කණ්ඩායමක් සිදුකළ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සිංහල බෞද්ධ ජන පදනම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත් වීම ජනාධිපතිවරණයේ පරාජයට මූලික ලෙස බලපා ඇතැයි මෙහිදී සාකචිජා වී තිබේ.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ දහවල් පවත්වා ඇත. එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාරගෙන පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙනයන මෙන් සජීත් ප්‍රේමදාස මහතාගෙන් මන්ත්‍රීවරුන් එහිදී ඉල්ලා ඇතැයි වාර්තා වේ.. සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ අපි දැක්කා සිංහල බෞද්ධ ජන්ද පදනම වෙනස් වුණා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා, "සහරාන්ගේ පිහිටින් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති ධුරය භාරගත්තා. සහරාන් ප්‍රහාරයෙන් පස්සේ අපි දැක්කා සිංහල බෞද්ධ ඡන්ද පදනම වෙනස් වුණා. එක්සත් ජාතික පක්‍ෂය නැවත ශක්තිමත් කරලා ස්වර්ණ යුගයක් බිහි කරන්න ඕන අදහස අද ඉදිරිපත් වුණා. විශේෂ වෙනස්කම් ඉදිරියේදී සිදු වේවි. දක්‍ෂ කණ්ඩායමක් ඉදිරී අනාගතය භාරගන්නා බව අපට අවබෝධයක් තිබෙනවා. ඒ වගේම රාජපක්ෂ කණ්ඩායම ඇතුළේ ජනාධිපති ධුරය භාරගැනීමත් සමග ප්‍රශ්න පටන් ගන්නවා. අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ප්‍රශ්න, පවුල් ප්‍රශ්න ඇති වෙනචා. හැංගිලා හිටිය කට්ටියත් දැන් එළියට එන්න ඕන. බැසිලා නාමල්ලා එළියට එනකොට රටේ ජනතාවට තේරෙයි බලය ගියේ කාටද කියලා,
කිහිප දෙනෙක් ඇමති ධුරවලින් ඉවත් වුණේ නොදැනුවත්ව. මටත් ඉවත්වෙන එක ලොකු දෙයක් නෙමෙයි. සාමූහික තීන්දුවක් අරන් ප්‍රකාශ කඹළාත් අපි ඉවත් වෙන්න හෙට වුණත් සූදානම්.අපි ඉදිරියේදී ඉවත්වෙනවාද, ආණ්ඩුව භාරදෙනවාද කියලා තීන්දු කරනවා කිවිවා. ඒ අයට ආණ්ඩුව භාරදීලා අපි විපක්‍ෂයේ කාර්යභාරය කරන ආකාරයත් සාකච්ඡා කළා. පක්‍ෂ නායකත්වය සමිබන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරාවි. විපක්‍ෂයේ අසුන් ගන්න සාකච්ඡා කළාට තීන්දුවක් ගත්තේ නැහැ. දවස් දෙක තුනක් ඇතුළත ඒ ගැන තීන්දුවක් ගනීවි. ආණ්ඩුව කරගෙන යන්න අපට අවශ්‍ය නැහැ. අපි මොකද කරන්නේ කියලා සාමුහික තීන්දුවක් ගන්න ඕන. ඒ ගැන සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. විපක්ෂනායක ධුරය ගැන ඉදිරියේදී සාකච්ජා කරනවා,මෙතනට එන්න කලියෙන් සජිත් ප්‍රේමදාස මහතා ගෝල්ෆේස් හෝටලයේදී අපි හමුවුණා. එතනදී යම් අදහස් වගයක් ප්‍රකාශ කළා, ඒ සම්බන්ධව ඉදිරියේදී තීන්දු තීරණ ගනිවී, එතුමා දේශපාලනයෙන් අයිවෙන වගේ මතයක හිටියේ. සියලු දෙනාම එතුමාට කිව්වා දේශපාලනයෙන් අයින් වෙන්න එපා කියලා. එතුමා විශාල කාර්යභාරයක් කළා, සහරාගේ ප්‍රහාරයත් එක්ක අපට දේශපාලනය ගැන අනාවැකි කියන්න බැහැ. එතනදී ජනතාව විශාල වශයෙන් කමිපාවට පත්වුණා. ඒත් පාඩුව ආවේ අපට. ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ මහත්වරු ඒකේ උපරීම වාසිය ගත්තා. කාලයත් එක්ක ඒවට ඉදිරි අනාගතයේදී ජනතාවගෙන් පිළිතුරු ලැබේව්, මාර්තු අප්‍රේල් වනකොට පාර්ලිමේන්තු ඡන්දයකට යන්න අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටියේය. වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන්, පාර්ලිමේතුවේ. 2/3ක් විතරයි අවශ්‍ය වන්නේ එහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා "19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව වහාම පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ප්‍රර්ණ සහයෝගය රජයට ලබාදිය යුතු බව සාකච්ඡා වුණා, මම හිතනවා අපට ඒ සඳහා ක්‍රියා කරන්න පුළුවන්, එවිට ජනමතයට ගරු කරලා ජනතාවට අවස්ථාව ලැබෙනවා රට පාලනය කරගෙන යන්න අවශ්‍යය පාර්ලිමේත්තුවක් තෝරාපත් කරගන්න. ඒ සඳහා අපි පක්ෂයක් විදියට කැපවෙලා ඉන්නවා. විශ්‍රාම වැටුප සමිබන්ධයෙන් ඇතැම් අයට ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අවුරුදු 06ක් පාර්මේන්තු කාලසීමාව තිබියදී වසර 05කදී විශ්‍රාම වැටුප ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබුණා.19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු හතරහමාරක් කළාට පස්සේ නියත වශයෙන් විශ්‍රාම වැටුප ඒ සම්මත වෙන යෝජනා අනුව සම්මත කරගන්න පුළුවන්. දැනට මෙතන තීන්දුවක් ගන්න බැහැ. පක්‍ෂයේ නායකයා හැටියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වර්තමාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරලා එකඟතාවකට පැමිණිලා පාර්ලිමේන්තුව තුළ ඒ සදහා අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා. වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ 2/3ක් විතරයි අවශ්‍ය වන්නේ. ඒ සදහා ක්‍රමයක් හැටියට අපි සම්පුර්ණ සහාය ලබාදිය යුතුයි. ජනමතයට ගරු කළ යුතුයි. පක්ෂයක් හැටියට අපි එකඟතාවකට පැමිණිලා තිබෙනවා. ඒ අනුව ක්‍රියා කළ යුතුයි. වතමාන ජනාධිපතිවරයාට පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැට අතට පැන ලැබෙනවා. ඒක ඊට කලින් කරවීම සමාජයට කරන යහපතක්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමතයට අපි කරු කළ යුතුයි. බදාදා පක්ෂ නායකයන් ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි" යනුවෙන් සඳහන් කළේය.

අමිත් මධුරංග 

ජනාධිපති ගෝඨාභයගේ පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට

ජනාධිපති ගෝඨාභයගේ පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට


ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාතාප නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන තිබේ.  ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දීය සංචාරයකට නුදුරේදීම එක්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ පත්වන රාජ්‍ය නායකයෙකු සිය පළමු නිල විදේශ සංචාරය ලෙස සාම්ප්‍රදායිකව යොදාගන්නේද ඉන්දීය සංචාරයකි.
මේ අතර මෝදි මහතා ඊයේ (17දා) දුරකථනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අමිතා සුබ පැතුම් එක්කර තිබේ. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව සමග සමීපව කටයුතු කරමින් සංවර්ධනය හා ආරක්ෂාව තහවුරු කරන බවයි,

Monday, November 18, 2019

ගෝඨාගේ ජයග්‍රහණය වෙනුවෙන් පිවිතුරු හෙළ උරුමයෙන් කිරිබත් දන්සැලක්



ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය සමරමින් බත්තරමුල්ල,සිංහපුර තරුණ එකමුතුව විසින් ඊයේ (17දා) කිරිබත් දන්සැලක් සංවිධානය  කර තිබිණි. එහි විවෘත කිරීමේ අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල්විජේසේකර, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, නාගරික මන්ත්‍රී  ශිරන්ත ජයලත්, මධුමාධව අරවින්ද යන මහත්වරු එක්ව සිටියහ.

බෙලිඅත්තේ එජනිස මන්ත්‍රිවරයකුගේ පහරදීමෙන් පුද්ගලයෙකුට තුවාල

බෙලිඅත්තේ එජනිස මන්ත්‍රිවරයකුගේ පහරදීමෙන් පුද්ගලයෙකුට තුවාල

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරයකුව සිටින අයකු විසින් පහරදුන් බව කියමින් දෙදරු පියකු බෙලිඅත්ත දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බෙලිඅත්ත පොලිසිය කියයි. මෙලෙස රෝහල්ගත ප්‍රතිකාර ලබමින් සිටින්නේ හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි. බෙලිඅන්ත දෙවැනි විස්කම්පුර ප්‍රදේශයේදී 16 දා 6.30ට පමණ මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි. පහරකෑමට ලක්වූ පුද්ගලයා මිට පෙර බෙලිඅත්තේ පදිංචිකරුවකු වන අතර මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔහු හංවැල්ලේ සිට බෙලිඅත්තට පැමිණ සිටියදී මෙලෙස පහරකෑමට ලක්වූ බව ඔහු කියයි. තමාගේ ඥාති පුද්ගලයකුගේ නිවසෙහි රැදී සිටීදී යතුරුපැදියකින් පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනකු එම නිවස ආසන්නයේ යතුරුපැදිය නවතා නම අමතා තමා කැඳවූ බව පහරකමට ලක්වූ පුද්ගලයා කියයි. ඔවුන් ආසන්නයට ගිය පසු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීයා බව කියන පුද්ගලයා තමාට බැන වැදී යතුරුපැදි හිස්වැස්මෙන්  තමාගේ මුහුණට සහ කනට පහරදුන් බවද ඔහු කියයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එම මන්ත්‍රිවරයා ඉදිරීපත් වූ පක්ෂයට ඡන්දය ලබා නොදී වෙනත් පක්ෂයකට සහයෝගය ලබාදීම හේතුව එයට බැනවැදී තමාට මෙලෙස පහරදුන් බව ඔහු පවසයි. මේ සම්බන්ධයෙන් රෝහල්ගතව සිටින පුද්ගලයා බෙලිඅත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සිද්ධියට අදාළ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවයි.එල්. ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජු ලලිත් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාැීන් වැඩිදුර පරීක්ෂණ කරති.

තංගල්ල - සහම්පති මානගේ

පුත්තලමෙන් මන්නාරමට ජන්ද දායකයන් ප්‍රවාහනය කළ බස් දෙකකට වෙඩි ප්‍රහාර

පුත්තලමෙන් මන්නාරමට ජන්ද දායකයන් ප්‍රවාහනය කළ බස් දෙකකට වෙඩි ප්‍රහාර

ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා පුත්තලම සිට මන්නාරම පිහිටී ද මධස්ථාන දක්වා ජන්ද දායකයන් පීරිසක් ගමන් කළ බස් රථ පෙළකින් බස් රථ දෙකකට වෙඩි ප්‍රහාරයක් සමඟ දරුණු ගල් ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් තන්තිරිමලය පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.  16දා අලුයම 2.35ට පමණ තන්තිරිමලය පොලිස් වසමේ බෝගොඩ සපත්තු පාලම ආසන්නයේදී බස් රථ පෙළට ගල් ප්‍රහාරය සමඟ වෙඩි ප්‍රහාර දෙකක් එල්ලවී තිබේ. බෝගොඩ සපත්තු පාලම ආසන්නයේ තිබූ දිරාගිය විශාල මාර ගසක් කපා දමා ප්‍රධාන මාර්ගය අවහිර කර තිබීම නිසා බස් රථ පෙළ වේගය අඩුකරනවාත් සමඟම ලයට පැමිණි පිසක් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒත් සමඟම මාර්ගය අයිනේ කැලෑ ප්‍රදේශයේ සැගවී සිටි පිරිසක් බස් රථයේ පිටුපස ටයර් ආසන්නයට වෙඩි දෙකක් තබා ඇත.

වෙඩි තැබූ පිරිස බස් රථයේ ගමන් කළ කිසිවකුටත් හානි සිදුවන අන්දමින් වෙඩි තබා නැති බව පොලිසිය කියයි. ඔවුන්ව බිය ගැන්වීමට ප්‍රහාරය එල්ල කර ඇත. වෙඩි තැබීමේ සිද්ධියට අයත් පළාත අනුරාධපුරයට අයත් බැවින් සෙට්ටිකුලම පොලිසිය ඒ පිළිබඳව තක්කිරීමලය පොලිසියට දැන්වීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බස් රථ ඉරියට පැමිණි විගස ගල්වලින් පහරදුන් බව එක් බස් රථයක් පැදවූ රියැදුරකු පොලිසියට පවසා තිබූ අතර විදුලි ආලෝකයට ඔවුන්ගේ මුහුණු දුටු බවත් නැවත දුටුවහොත් හඳුනා ගතහැකි බවත් ඔහු පොලිසියට පවසා තිබිණි. උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත තක්කිරීමලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ප්‍රහාරය සම්බන්ධයෙන් පක්ෂණ කරති.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

ජනාධිපති මෛත්‍රීගේ අවසන් රාජකාරිය: සමනල අඩවිය සහ සෝමාවතී පුදබිම පූජා නගර ලෙස නම් කරයි

ජනාධිපති මෛත්‍රීගේ අවසන් රාජකාරිය:
සමනල අඩවිය සහ සෝමාවතී පුදබිම් පූජා නගර ලෙස නම් කරයි



ශ්‍රීපාද ස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවතී පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරයේ රාජකාරි ඊයේ (17දා අවසන් කළේය. 2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයන්
පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17දා) වනතුරු සිය රාජකාරී කටයුතු සිදුකළේය. සිය පස් වසරක ජනාධිපති ධුරයේ රාජකාරි අවසන් කිරීම වෙනුවෙන් සිය අවසන් රාජකාරීය ලෙස එම ගැසට් නිවේදනයට අත්සන් කර ඇත. බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ ලැබූ ශ්‍රීපාද ස්ථානය පිහිටි සමනල අඩවිය සහ බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක් වැඩ සිටින ඓතිහාසික සෝමවතී පුදබිම මෙලෙස පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

චාමර සම්පත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට දෑත් දිගුකරලා අපි සුබපතන්න කැමතියි. -ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට දෑත් දිගුකරලා අපි සුබපතන්න කැමතියි.
 -ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස-



මේ ප්‍රතිඵල අධ්‍යයනය කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නිදහස් පොදුජන පෙරමුණ එක්ව දිනවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුලින්ම අපි සුබපතනවා. මේ මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණය කරන විට අපට පෙනී යන කාරණාවක් තමයි මෙරට ප්‍රගතිශීලී, චාමවාදී පක්ෂ මටිටමේ අතිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට නොහැකි වෙලා තියනවා. මෙම ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණය කරන විට පෙනී යන තවත් කාරණයක් තමයි විශේශයෙන්ම උතුරු නැගෙනහිර පළාත් ජන කණ්ඩායම් වල හැසිරීම් අන්තවාදී, ජාතිවාදී දේශපාලන පක්ෂවල ග්‍රහණයට නතු වෙලා බව. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමෙන් පසුව මේ ජනකණ්ඩායම් සමග ඇති කර ගත යුතුව තිබූ සම්බන්ධය ඇති කර ගැනීමට නොහැකි වුණා. එම ජනකණ්ඩායම් සමග සංවාදයක් ඇති කර ගත යුතු බවට අපට මේ මැතිවරණය පණිවුඩයක් දෙනවා, මැතිවරණයට පෙර මෙම ජන කණ්ඩායම් සමග කතිකාවක් ඇතිකරගත යුතුයි. අද මේ රටේ සංවර්ධන වේගය 1.7%ක් දක්වා පහත වැටිලා තිබුණා. විරැකියාව බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබුණා. කොච්චර රාජ්‍ය කළමනාකරණය බිදවැටිලා තිබුණද කියනවා නම් රටේ ප්‍රධාන ඉන්ධන අවශ්‍යතාවක් වන ගෑස් ටික අඛණ්ඩව සපයන්නට තරම් නොහැකියාවක් ඇතිවෙලා තිබුණා. අතිවිශාල සම්පත් මංකොල්ල කෑම්, වංචා දූෂණ ඉතාම බරපතළ ගැටලුක් බවට පත්වෙලා තිබුණා. ගරු ජනාධිපති සිරිමත්‍රීපාල සිරිසේන මහතා අවසන්වරට ජාතිය අමතා කළ කතාවේදී පෙන්වා දුන්න මහ බැකු මංකොල්ලය ව්‍යවහාරික පර්යේෂණවල තිබූ අඩුපාඩු. මම හිතන්නේ මේ සියලු කරුණු නිසා යහපත් සංවර්ධන සැලැස්මක්, ආර්ථික සැලැස්මක් ගැන ජනතාවගේ තිබූ අභිලාෂයන්, බලාපොරොත්තු මෙම ප්‍රතිඵලයන් පැහැදිලි වෙනවා. අප කවර ප්‍රතිඵලය ලැබුවත් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, පොදුජන පක්ෂය විදිහට, ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ විදිහට මේ ජනතාවගේ ගැටලුවලට විසදුම් හොයලා මහා සංවර්ධන මාවතකට එකතු වෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මේ ජයග්‍රහණ ප්‍රතිඵලය අපි ඉතා නිහිතමානී පිළිගන්නවා. පොදුජන පක්ෂයේ ජාතික අපේක්ෂකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට අපට සහයෝගය දක්වපු අපේ සංවිධායකවරු, සියලුම මට්ටමේ අපේ ක්‍රියාකාරින්, අපේ මන්ත්‍රීවරුන් සියලුදෙනාටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට දෑත් දිගුකරලා අපි සුබපතන්න කැමතියි. ඒ වගේම අපේ පක්ෂයේ අවසාන මොහොතේ හිටපු නායිකාව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ අදහස් ප්‍රතික්ෂේප කළසහ එතුමියගේ අදහස් පිළිඅරගෙන අපෙන් ඉවත්වෙලා ගිය ඒ සියලුම ආසන මේ වෙනකොට අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබෙනවා.ඒ පිළිගැනීමට, අපේ ඉල්ලීමට පාක්ෂිකයෝ එකඟතාව දක්වලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමේ ව්‍යාපාරය, ගලවා ගැනීම්ව්‍යාපාරය මේ කවර නමකින් ආවත් ඒ සියලුම දෙනා දක්වලා තියන ප්‍රතිගාමීත්වයට මේ ප්‍රතිඵලය වගේ හොඳ පිළිතුරක්. ඒ වගේම බොහෝදෙනාගේ ඇස්ඇරවන්නටත් සමත්වෙලා තියෙනවා. කොහොම නමුත් ඉතා ඉක්මනින් රට සංවර්ධන මාවතක් කරා ගෙන යන්නටත් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ,මහතාගේ ජයග්‍රහණය සමග, එම නායකත්වය පක්ෂ සමග අපි ඉදිරියේදී ඒ සංවර්ධන මාවතට ප්‍රවේශ වන්නට සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා,

Tuesday, October 22, 2019

TNA ගෙනෙන කිසිදු කොන්දේසියකට යටත් වීමට සූදානම් නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ

TNA ගෙනෙන කිසිදු කොන්දේසියකට යටත් වීමට සූදානම් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ



දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට යටත් වීමට සුදානම් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි. එම පක්ෂයේ නායක,විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියේ, දෙමළ ජාතික සන්ධානය විසින් දෙපාර්ශ්වයකට කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි පැවසූවත් සිය පාර්ශ්වය වෙත කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවයි. එසේ වුවද එලෙස කොන්දේසි ලබාගැනීමට හෝ ඒවාට එකඟ වීමට හෝ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවද සදහන් කළ මහින්ද රාජපක්‍ෂ මහතා, සියල්ලටම වඩා රටට ප්‍රමුඛතාව ලැබිය යුතු බවත්, එසේම රට බෙදන්නට කිසිවෙකුටත් ඉඩ තැබිය නොහැකි බවත් අවධාරණය කර සිටීයේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා බෙලිඅත්ත නගරයේදී ඊයේ (21දා) පැවැති ජනරැළියකදී මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ මහින්ද රාජපකෂ මහතා,
"ටී.එන්.ඒ. එකේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය පමණයි මේ අය ගත්තේ. කිසිම වැඩක් කර නැහැ. එදාට වඩා පිරිසක් අපට දැන් එහේ ඉන්නවා, ටී.එන්.ඒ. එකෙන් කොන්දේසි වගයක් දාලා තිබෙනවා දෙගොල්ලන්ටම. මට නම් තවම ලැබුණේ නැහැ. මට ලබාගන්න ඕන කමකුත් නැහැ. ටී.එන්.ඒ. එක් කිසිම කොන්දේසියකට යටත් වෙන්න අපි සූදානම් නැහැ. අපට රටක් ඕනෑ. රට කඩන්න දෙන්න බැහැ. රට රැකගැනීමට අපි ඕනෑම දෙයක් කරන්න සූදානම්, ජාතියක් වශයෙන් අපට ගත යුතු තීන්දුවක් තිබෙනවා.  වසර තිහක් තිබුණු යුද්ධය අපි අවසන් කළා, උතුරේ අයට දකුණට එන්න මාවත හැදුවේ අපි. එහෙම තියද්දී ආණ්ඩුව පෙරළුනා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විතරයි මට ලක්ෂයකට වැඩි ඡන්දය ලබා දුන්නේ. මට මේක අමතක කරන්න බැහැ. ඉතිහාසයේ කවදාවත් නැති විදියට අපි මෙවර මැතිවරණය ජයග්‍රහණය කරනවා, අප්‍රේල් 21 වැනිදා මේ රටේ ජනතාව මහත් බියකට පත් කළා. අප්‍රේල් 05 වැනිදා සියලුම කරුණු දන්වා තිබුණත් මුස්ලිම් ජනතාවගේ ඡන්දය නිසා මේවාට කිසිදු පිළියමක් කළේ නැහැ. මොවුන්ට මුස්ලිම් ජනතාවම ඔත්තු සපයා තිබුණා. අන්තවාදීන් හඳුනා ගත්තා, මුස්ලිම් ඇමතිවරයෙකුගේ ඉල්ලීම පරිදි නිදහස් කළා. අන්තිමේදී හාරසිය ගාණක් මැරුණ. ඒවාට වගකියන්න ඕන ආණ්ඩුව, මේ අය දැන් වගකීමෙන් මිදෙන්න හදනවා. ඇයි මොවුන්ව නිදහස් කළේ. දැන් හුඟක් අයට රණවිරුවන්ව මතක් වෙනවා. සර්වාංගෙම දෙනවලු. ජනතාව එක්ක අත්වැල් බැඳගෙන මැරෙනවලු. ජනතාව අතැරලා ඕන නම් මැරෙන්න. මට පේන්නේ ප්‍රේමදාස පුතාගේ හතුරා ඔහුගේ කටමයි. අපට කතා කරන්න දෙයක් නැහැ, එතුමා කතා කළාම ඇති. ඒ නිසා එතුමාට උපදෙසක් දෙන්න ඕන කතා නොකර ඉන්න තරමට ඇඟට ගුණයි කියලා. එතුමාට කතා නොකර ඉන්න බැහැ, එතුමාට ඔය විදියටම යන්න ඉඩ දෙමු. රට කරවන්න පුළුවන් කියලා සමහරු හිතනවා. අපි සාමය ඇති කරනවා කිව්වා. එය අපි ඇති කළා. අද ඇල්පිටිය බෝමිබ එකතු කරනවා. මේ තත්ත්වය අපි හිතන්න ඕන. යුද්ධ කරන්න සල්ලි කොහෙද කියලා ඇහුවා. අපි යුද්ධය අවසන් කරලා පෙන්නුවා. අද බෙලිඅත්ත දුම්රිය මාර්ගය නැවතිලා. අපි හිටියා නම් කතරගමටම හදලා ඉවරයි. අධිවේගී මාර්ගය වසර ගණනාවක් ප්‍රමාද වුණා. මේවා විවෘත කරලා බෝඩ් ගහගන්න පුළුවන්. නමුත් මේවා මෙහාට
ගෙනාවේ කවුද කියලා ජනතාව දන්නවා. මොනතරම් බොරු කිව්වත් ජනතාව රවටන පුළුවන්කමක් නැහැ, ආණ්ඩුවට අයිතියක් නැහැ තව අවුරුදු දහසකින් ඉපදෙන දරුවාට අයිති දේපළ විකුණන්න. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන අඩපණ වුනේ ඒ අයගේ ක්‍රියාකලාපය නිසායි.යනුවෙන්ද පැවසීය.

නිදර්ශනී වික්‍රමසිංහ/අමීෂා මාගලගේ

ජනපති මෛත්‍රී කියූ ලිපිය නෑ

ජනපති මෛත්‍රී කියූ ලිපිය නෑ

නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාර තනතුරකට පත්කරන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ලිපියක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව එම කාර්යාලය සඳහන් කළේය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්ත මහතාගේ අත්සනින් යුතුව යොමුකළ ලිපියක මේ බව දක්වා ඇත.
නීතිපති දෙපාර්තුමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාර තනතුරකට පත්කරන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට ලිඛිත ඉල්ලීමක් සිදුකළ
බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සැප්තැම්බර් 23 වැනිදා පැවසිය.අග්‍රාමාත්‍යවරයා යොමුකළ ලිපිය ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාධ්‍යවේදියකු යොමුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති
ලේකම් කාර්යාල සඳහන් කර ඇත්තේ , එවැනි ලිපියක් ජනාධිපති ලේකම් කාර්යලය සන්තකයේ, භාරයේ හෝ පාලනයේ නොමැති බවයි. ඉන් අනතුරුව මෙම ලීපිය ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයේ නම් කළ නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයාට ජනමාධ්‍යවේදීයා අභියාචනයක් යොමුකරමින් අදාළ ලිපිය ඉල්ලා ඇත. ඒ අවස්ථාවේදී එවැනි ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලය සන්තකයේ භාරයේ හෝ පාලනයේ නොමැති බව දන්වමින් ජනාධිපති ලේකම් උදය ආර්.
සෙනවිරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියකින් දන්වා ඇත.

චාමර සම්පත්

ජනාපතිවරණය ගැන ඉන්දියාවේ සමීප අවධානය

ජනාපතිවරණය ගැන ඉන්දියාවේ සමීප අවධානය

ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ඉන්දියාවේ සමීප අවධානයට යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා ජනාපතිවරණයේ ප්‍රතිඵලය ඉන්දීය සාගරයේ ඉන්දීය ස්ථාවරත්වය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් සිදුකිරීම ඒ සදහා හේතුව වී ඇති බවද ඉන්දීය මාධ්‍ය භාවිතා කරයි.හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම ජනාපතිවරණයේ ප්‍රධාන සටන පවතින බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.මෙම ජනාපතිවරණයේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා යම්තාක් දුරකට ඉදිරියෙන් පසුවන බවට මැතිවරණ නිරීක්‍ෂකයන් පෙන්වා දෙන බවද සඳහන් කරන ඉන්දීය මාධ්‍ය, කළු අශ්වයකු මෙන් සජිත් ප්‍රේමදාස මහතාද ඉදිරියට පැමිණ ඇතැයිද පෙන්වා දෙයි.ශ්‍රී ලංකාවේ දුප්පත් ග්‍රාමීය ජනතාව අතර සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් පසුවන බවත්, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් මෙම අගය හතරෙන් එකක් බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. අමාත්‍යවරයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා සමීබන්ධයෙන් වසර පහක කාලය තුළ කිසිදු ගැටලුවක් ඇති වී නොමැති බවත්, 2015 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ පරිවාර ඇමති ලෙස සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ බවත් එම මාධ්‍ය ප්‍රකාශ කරයි.

Monday, October 21, 2019

පොහොට්ටුව පළාත් පාලන ආයතන හරහාත් හංසයා අමාත්‍යංශ හරහාද ඡන්ද නීති කඩයි -මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය-

පොහොට්ටුව පළාත් පාලන ආයතන හරහාත් හංසයා අමාත්‍යංශ හරහාද ඡන්ද නීති කඩයි
                 -මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය-

බොහෝ පළාත් පාලන ආයතන විශාල වශයෙන් තම ආයතනික සම්පත් මැතිවරණය සඳහා යොදාගැනීම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ක්‍ෂණිකව කුඩා ගම්මානබද මාර්ග පිළිසකර කිරීමේ සිට කාපට් කිරීම දක්වා මෙලෙස පළාත් පාලන ආයතන ප්‍රතිපාදන යොදා ගනිමින් කටයුතු කිර්ම හේතුවෙන් මැතිවරණයක් පැවතිය යුතු සමබිම අහිමිව යමින් තිබීම අවධානය යොමු කළ යුතු කරුණුක් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා පැවසීය. ශ්‍රී ජයවර්ධනපුර, මීගමුව සහ දෙහිවල ගල්කිස්ස මහනගර සබාවන් මම කාරණායේදී ඉදිරියෙන්ම සිටින පළාත් පාලන ආයතන වන බවට නිරීක්‍ෂණය වී ඇතැයි හෙතෙම පවසා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ සොහොයුරා වන දයාල් ලන්සා සභාපතිත්වය දරන මීගමුව මහනගර සිභාවේ සමිපත් සහ සුලු සේවකයන් තම මැතිවරණ ප්‍රවර්ධනය සඳහා යොදාගැනීම පිළිබඳ පැමිණිලි රාශියක් මේ වනවිටත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණය මධ්‍යස්ථානය, මැතිවරණ කොමිෂන් සභාවට මෙන්ම බස්නාහිර පළාත් පාලන දෙපාර්තුමේන්තුවට ලැබී ඇති බවද ගජනායක මහතා පෙන්වා දුන්ය. එසේම ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාවේ මධුර විතානගේ මහතා එහි පුරපති ලෙස හදිසි මාර්ග පිළිසකර කිරීම් සිදුකොට ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු පුර්ව අවසරයකින් තොරව හා ආයතනික රෙගුලාසි මත පිහිටා නොවන බවත්, එහි සුළු සේවකයන් විශාල පිරිසක් පසුගිය 05 වැනි දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක පත්‍රිකා බෙදීමක් සඳහා හවුල් කරගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.එලෙස ඔවුන් එක්ව ඇත්තේ ඩෙංගු මදුරු මර්දනය සඳහා අනුයුක්තව සිටියදී
යැයි මේ වනවිට අනාවරණය වී ඇත. දෙහිවල ගල්කිස්ස මහනගර සභා පුරපතිවරයාද අභිනවයෙන් පිළිසකර කිරීමට නියමිත මාර්ග ගණන හතක් බවද ගජනායක මහතා පැවසීය. මෙලෙස දිවයින පුරා තම බලය අනිසි ලෙස භාවිත කරමීන් පළාත් පාලන ආයතන සම්පත් පොදුජන පෙරමුණෙ  ජයග්‍රහණය සඳහා යොදාගැනීමට උත්සාහ කරන පිණීසට ප්‍රතිපක්‍ෂව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙහි අවධානය යොමුව ඇත්තේ අමාත්‍යංශ හා සංස්ථා අධිකාරී මගින් රැකියා ආදිය පිරිනැමීමට බවද අනාවරණය වී ඇත. මේ වනවිට එවැනි රැකියා පිරිනැළීම් 5,000කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කොට ඇති අතර, ඒවා නැවතීම සදහා ඔවුන් ගෙන ඇති පියවර ඉතා ප්‍රශස්ත බවද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චාමර සම්පත්

ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන්ගෙන් කෙනෙක් දෙමළ ජාතික සන්දානයේ යෝජනාවලියට සහාය ලබා දෙන්නේ නම් ජනාධිපති සටනින් අයින් වෙනවා -එම්.කේ. සිවාජිලිංගම්-

ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන්ගෙන් කෙනෙක් දෙමළ ජාතික සන්දානයේ යෝජනාවලියට සහාය ලබා දෙන්නේ නම් ජනාධිපති සටනින් අයින් වෙනවා
                                                -එම්.කේ. සිවාජිලිංගම්-



දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ගැටලු අඩංගු යෝජනාවලියක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ඉදිරිපත් කර තිබෙන අතර, ඒ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා හෝ එකඟ වන්නේනම් උතුරු නැගෙනහිර සිටින විද්වතුන් හා සිවිල් සංවිධානය සමග සාකච්ඡා කර තමන් ජනාධීපතිවරණ තරග බිමන් ඉවත් වන බව ජනාධිපති අපේක්ෂක එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, ත්‍රිකුණාමලය තානායමේදී පෙරේදා (19දා) පැවැති ජනාධිපති අපේක්ෂක එම්.කේ. සිවාපීලිංගමි මහතා කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදීය. එම්.කේ. සිවාජිලිංගම් මහතාගේ සහායට දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිදරන් මහත්මියද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වී සිටියාය. මෙහිදී වැඩිධුරටත් අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක එම්.කේ. සිවාජිලිංගම් මහතා,
"සජිත් ප්‍රේමදාස මහතා ළඟවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟවත් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් නැහැ. දකුණින් සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලකයෝ හැමදාම කළේ දෙමළ ජනතාව රැවටීමට ලක්කළ එක විතරයි. ඒ නිසා තමයි දෙමළ ජාතික සන්ධානය සැදුම්ලත් පක්ෂ තුන සමග සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් රි.පී.ආර්.එල්, එෆ් සංවිධානයයි, උතුරේ හිටපු මහා ඇමති විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන කොංග්‍රසයයි එක්ව මේ යෝජනාවලිය ජනාධිපති ධුර අපේක්ෂකයන්ට ඉදිරිපත් කරලා තියන්නේ
2015දී දෙමළ ජාතික සන්ධානය මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දුන්නා. නමුත් දෙමළ ජනතාවගේ ජාතික ගැටලුවලට විසඳුමක් නැහැ. ඒක හරීයට බල්ලෙක් අල්ල ගන්න ගියාම බල්ලා දුවගෙන ගිහිල්ලා ගහක් උඩට නගිනවා.නැග්ග බල්ලා අල්ලා ගන්න බහිනකම් බලා ඉන්නවා වගේ තමයි ජාතික ගැටලුව කියන්නේ. 1982 ඉදලා යුද්ධයක් පටන් ගත්තා. මේ 7 වන ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නකම් දෙමළ ජනතාවගේ ජාතික ගැටලුවට විසඳුම් නැහැ. යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ කියනවා මම. නෙවේ යුද්ධ කළේ කියලා.සජිත් කියනවා යුධ ජයග්‍රහණය කළේ සරත් ෆොන්සේකා කියලා මේ හැමෝම කළේ දමිළ මිනිසුන්ගේ බෙල්ල කපපු එකයි. එක හමුදා බ්‍රිගේඩියර්වරයෙක් ලන්ඩනයේදී බෙල්ලට. ඇඟිල්ල තියලා එහේ ඉන්න දෙමළ අයට පෙන්නුවා ඔබට මතක ඇති. සජිත් කියනවා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එහෙම කීම තුළින් සජිත් හදන්නේ සුළු ජාතීන්ගේ බෙල්ල කපන්නද " යැයි පවසා සිටියේය. මෙහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීනී ආනදී සසිදරන්, මර්දනයට එරෙහි ප්‍රජාතාන්ත්‍රවාදී සංවිධානයේ සභාපති, ජනාධිපති අපේක්ෂක එම්.කේ. සිවාජිලිංගම් මහතාද සම්බන්ධිකරණ
ලේකම් වී, තමිම්මිරාජා, ත්‍රිකුණාමල සිවිල් සංවිධාන එකමුතුවේ සංවිධායක එන්.පී. රාජු යන මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ.

ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිය එතනින් එහාට යාම මම නතර කළා - එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය-

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ නීතිපති දෙපාර්තමේන්තුවේ  ලිපිය එතනින් එහාට යාම මම නතර කළා
- එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය-


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපියක් ඉන් ඉදිරියට යැම තමන් විසින් නතර කළ බවට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සදහා එක්වෙමින් කොළඹ පදනම් ආයතනයේදී පසුගියදා (18) මාධ්‍ය හමුවක් කැඳවමිනි, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කර තමන් එය වැළැක්වූ බවද මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේ. මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වූ විජයදාස රාජපක්ෂ මහතා, “ආරක්ෂක ලේකම් වුණ ගෝඨාභය රාජපක්ෂ  මහතා අත්අඩංගුවට ගැනීමේ ලිපියක් නීතිපති දෙපාර්තුමේන්තුව ට නිකුත් කළා. ඒක එතනින් එහාට යාම මම නතර කළා. ඇවන්ට් ගාඩ් නැව සමිබන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් කළාට පස්සේ අවසාන මොහොතේ අපේ පැත්තට ආපු ඇමැතිවරයෙකුගේ ගෙදර ඉදගෙනයි ලියුම හදන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ගිනිඅවි පනත. පුපුරන ද්‍රව්‍ය පනත යටතෙයි මේ අත්අඩංගුවට ගැනීම කරන්න හදන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තවත් හත් දෙනෙක් අත්අඩංගුවට ගන්නයි උත්සාහ කළේ. එදා හවස ලිපිගොනුව නීතිපති  දෙපාර්තුමේන්තුව ට ඇවිත් තිබුණා. නීතිපතිතුමා දන්නේ නැහැ එවැනි ලියුමක් නිකුත් කළ බව. සුහද ගමිලත් මහතා අපරාධ අංශය භාරව හිටියත් එතුමා දන්නෙත් නැහැ එවැනි ලියුමක් ගැන කොහොමද මෙහෙම ලියුමක් එන්නේ. රාජිත සේස්නාරත්නගේ
ගෙදර හදපු ලියුම නීතිපති ශිදිපාත‍්‍රිස්තුවේ සොලිසිටර්වරයකුගේ අත්සනින් තමයි ආවේ. කොහොමද එහෙම වෙන්නේ. මේ ගැන කතා කරපුවාම ආණ්ඩු විරෝධීයෙක් ලෙසයි මාව හැදින්වුයේ. ත්‍රස්තවාදය වැළැක්වීම් පනත යටතේ රට ලේ විලක් කරපු ප්‍රභාකරව එක පැයකට අත්අඩංගුවට ගන්න බැරි වුණා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය නතර කරන පූර්ණ දායකත්වය දුන්න ගෝඨාභය රාජපක්ෂ මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න හැදුවා. මම මේ ගැන ජනාධිපති, අගමැති එක්ක කතා කරලයි මේක නතර කළේ. රාජිත සේනස්නාරත්න, රාජපක්ෂ ජනාධිපතිතුමා හොරකම් කරපු සල්ලි ඇහැටම දැක බව කියනවා. තාත්තා කියනකොට අප්පගේ පුතත් කියනවා තාත්තා විතරක් නෙවෙයි මමත් දැක්කා කියලා. අධිකරණ ඇමති විදියට තියෙන තැන කියන්න අල්ලාගෙන එන්නෙම් කියලා මම කිවිවා. අවසානයේ ජේ.සී. වැලිඅමුණායි, අල්ලස් ජෙනරාල්වරියයි ජනාධිපතිට බල කරලා ඩුබායි රාජ්‍ය නායකයාට ලියුමක් දුන්නා හොරකම් කරපු මුදල් ගැන සදහන් කරලා. ඒ ලියුම බලපු ඩුබායි රටේ රාජ්‍ය නායකයා උඹලාගේ ආණ්ඩුවට පිස්සුද කියලා අහලා එවලා තිබුණා” යැයිද කීය.

නිඳර්ශනී වික්‍රමසිංහ

පාක්ෂිකයන්ගේ ආරක්ෂාව ගැන කාත්තන්කුඩි ගිය වෙළේ සහරානුත් එතනට රිංගගෙන හිටියට මම මොනවා කරන්නද -අමාත්‍ය රවුෆ් හකීම්-


පාක්ෂිකයන්ගේ ආරක්ෂාව ගැන කාත්තන්කුඩි ගිය වෙළේ සහරානුත් එතනට රිංගගෙන හිටියට මම මොනවා කරන්නද
                 -අමාත්‍ය රවුෆ් හකීම්-


2015 මහ මැතිවරණයෙන් පැරදුණු හිස්බුල්ලා වත්මන් ජනාධිපතිතුමන්ගේ කකුල් දෙක ළඟ වැටී ආයාවනය කර මන්ත්‍රී ධුරයක් ලබාගැනීමෙන් අනතුරුව තම පාක්ෂිකයන්ගේ ගෙවල්වලට සහ වෙළෙද සැල්වලට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන් ගිය අවස්ථාවකට සහරාන්ද” රිංගාගෙන තිබෙන බව ජල සම්පත් නාගරීක සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුයේ නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් (19දා) සවස අකුරණ නගරයේ පැවැති ජන රැළියක් අමතමිනි. සහරාන් හා තමා පිළිබඳව මාධ්‍ය මගින් ඉදිරිපත් වූ වීඩියෝව පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘අප්‍රේල් 27 වැනිදා සිදු වූ සිදුවීමෙන් පසුව මුස්ලිම් ජනතාව විශාල කම්පනයකින් ඉන්නේ. අපේ ප්‍රජාව තුළ හැංගී ඉදගෙන ඒ මිලේච්ජ, නින්දිත ක්‍රියාව කරපු ඒ වගේ ත්‍රස්තවාදීන් නැවත වාරයක් හිස එසවීමට ඉඩ නොදීමට අපේ සමාජය අධිෂ්ඨානයෙන් ඉන්නවා, මම මුස්ලිම් ජනතාව වෙනුවන් කියනවා මේ රටේ බුද්ධි අංශය හමුදාව පමණක් නෙවෙයි අපේ මුස්ලිම් ප්‍රජාවම අවදියෙන් සිටිනවා අපි අතරින් නැවත වාරයක් කවුරු හරී යම් අන්තවාදී අදහසක් තියෙන එහෙම අදහසක් පළකරන්න ආවනමි ඌව අල්ලලා එක හෙළාම නැත්තටම නැති කරලා දාන්න. ඒ ක්‍රියාව අපීම කරනවයි කියන එක මම ප්‍රකාශ කරනවා, ඊයේ විද්‍යුත් මාධ්‍යයෙන් සමහර අය දකින්න ඇති. 2015 ගත්ත වීඩියෝ පටයක් කියන අර සහරාන් මම යන තැනට ඇවිල්ල රිංගන එක දැකලා ඔන්න මාත් සහරාන් එක්ක ඇසුරු කළයි කියලා කතාවක් කියන්න හදනවා, මම ඉතාම පැහැදිලිවම කියන්න ඕන මේකේ වටපිටාව, කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශපාලනයේ යෙදෙන මේ රටෙි මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක් හැටියට අපි අෂරෆ් ඇමතිතුමාගේ කාලයේ ඉඳලා නැගෙනහිර පළාතේ දැවැන්ත පක්ෂයක් හැටියට ගිය මහ මැතිවරණයේදී අපට ආසනයක් ලබා ගන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණ. දෙමළ සන්ධානයට ආසන තුනක් ලැබුණා. මඩකලපුව දිස්ත්‍රික්කයට ආසන පහයි. එයට පෙර තිබුණු ජනාධිපති මැතිවරණයේදී රාජපක්ෂ මහතාට හිස්බුල්ලා මහතා සහය දුන්නා, ජනාධිපතිවරයා මැතිවරණය පැරදුනහම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ මහතා පැරදුණා. පැරදිලා පස්ස දොරින් ගිහිල්ලා අපේ වර්තමාන ජනාධිපතිතුමාගේ කකුල් දෙක ළඟ ආයාචනා කරලා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාගත්තා. ජාතික ලැයිස්තුවෙන් ආසනය ගත්ත එකාට පුදුම උජාරුවක් ඇවිල්ලා මිනිහා අපේ පාක්ෂිකයන්ට ගෙවල්වලටත්, කඩවලටත් ගිනි තියන්න පටන් ගත්තා. අඩත්තේට්ටේටම් කරන්න පටන්ගෙත්තා. ඉන් පස්සේ අපේ ආධාරකරුවන්ගේ තත්වය බලල අස්වැසිල්ලක් ලබාදෙන්න කාත්තන්කුඩියට යන්න මට සිද්ධ වුණා. ඒ අස්සේ මේ සහරානුත් රිංගගෙන. ඒකට මම මොනව කරනද, දේශපාලන නායකයෙක් ඒවගේ ප්‍රශ්නයකට තැනකට ගියහම කවුරු එනවද, මොනව කරනවද කියල අපි දන්නවාය. අපි දන්නවාදඌ ත්‍රස්තවාදියෙන් වෙයි. කියලා”යැයි පැවසීය.

මහනුවර -මොහොමඩ් ආසික්

‍ඡන්ද වියදම් හෙළිදරව්වට ෆේස්බුක් සහයක් නෑ

‍ඡන්ද වියදම් හෙළිදරව්වට ෆේස්බුක් සහයක් නෑ

 ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා කරන මූල්‍ය වැය කිරීම් හෙළිදරව් කිරීමට ෆේස්බුක් සමාගම ප‍්‍රමාණවත් සහායක් නොදැක්වීම නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට විශාල බලපෑමක් සිදු වෙතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීප යට ඊයේ (20) පැවැසීය. සමාඡ ඡාලා ඔස්සේ ඡන මතයට එල්ල කළ හැකි බලපෑම විශාල වශයෙන්ම ඉහළ ගොස් ඇති පසුබිමක ෆේස්බුක් සමාගමේ ක්‍රියාකාරිත්වය හඳුනාගැනීමට හැකිවන්නේ ප්‍රඡාතන්ත්‍රවාදය සඳහා බාධාකාරී සාධකයක් හැටියට යැයි ද ගඡනායක මහතා චෝදනා කළේය.
ෆේස්බුක් සමාගම මැතිවරණ කොමිසම සමග මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතත් එහිදී සාකච්ඡාවට ලක් වූ කාරණා ගැන දෙපාර්ශ්වයෙන්ම කරුණු අනාවරණය වී නැතැයි කී හෙතෙම එවැනි සාකච්ඡාවක පාරදෘශ්‍යභාවය ඉතා
වැදගත් යැයි අවධාරණය කළේය. ඒ අනුව මැතිරණ ප්‍රචාරණ වියදම් අනාවරණයට ෆේස් බුක් ඇතුළු සමාඡ මාධ්‍ය ඡාලා මගින් ලැබෙන සහාය සම්බන්ධයෙන් ඡාතික සංවාදයක් ගොඩනැගිය යුතු යැයි ද ගඡනායක මහතා පැවැසීය.
‍මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන්නේ යැයි ද ගඡනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රචාරණ වියදම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම ගැන මෙම වසර ආරම්භයේදී ෆේස්බුක් සමාගම අදහස් පළ කළ අතර ෆේස් බුක් ට්‍රාන්ස්ෆේරන්සි යන විශේෂාංගය ඔස්සේ
ගොස් ඇතැම් රටවල දේශපාලකයන් ෆෙබුක් මාධ්‍ය ඔස්සේ කරන මැතිවරණ ප්‍රචාරක වියදම් සෙවීමට එමගින් අවස්ථාව සලසා දී ඇත. එහෙත් ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන්ට සිය දේශපාලනඥයන් ෆේස්බුක් මගින් කරන ප්‍රචාරණ වියදම් දැනගැතීමට තවමත් එම අවස්ථාව ලබා දී නැත.

බිඟුන් මේනක ගමගේ

Friday, October 18, 2019

අපේ රටට අවශ්‍ය වී තිබෙන්නේ නිපුණත්වය‍ෙන් වැඩි දැනුම ඇති තරුණ තරුණියන් -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ-

අපේ රටට අවශ්‍ය වී තිබෙන්නේ  නිපුණත්වය‍ෙන් වැඩි දැනුම ඇති තරුණ තරුණියන්
 -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ-


අපේ රටට අවශ්‍යව ඇත්තේ නිපුණත්වයියන් වැඩි දැනුම ඇති තරුණ තරුණියන් බවත්, නමුත් අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති වරදක් නිසා අපේ තරුණ තරුණියන් අතරමං වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. කහල්ල රඹුක්කන මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (17දා) පැවැති ප්‍රචාරක රැලියකදී මේ බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා, රටේ දියුණුවට අවශ්‍ය වන රැකියාව වෙනුවෙන් තරුණ තරුණියන් පුහුණු කළ යුතු බවද කියා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "උසස් පෙළ සමත්, අසමත් සෑම දරුවකුටම අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙන්නට ඕනෑ, මුල් අවුරුද්දේම අපි විශාල ආයෝජනයක් ඒ වෙනුවෙන් කරනවා. ඒ වගේම සා.පෙළ සමත්  උසස් ශිපළ අසමත් තරුණ තරුණියන්ට කාර්මික ඥානය ලබාදෙන හා හොඳ අධ්‍යාපනයක් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අපේ රටේ දියුණුවට අවශ්‍ය වන රැකියා වෙනුවෙන් අපි තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි. ඒ හරහා අපට මේ ලංකාව දියුණු කරලා ඉදිරියට ගෙනයන්න පුළුවන් වෙන්නේ. ඔබ දන්නවා අද සංවර්ධනය කඩාවැටීලා, ආර්ථිකය බිඳවැටිලා තියෙන්නේ මෙහි රජය විසින් කිසිම ක්ෂේත්‍රයක තිබෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට විසඳුම් දෙන්නට හැකියාවක් නොමැති නිසා. අනික අවුරුදු පහක් මේ රට පාලනය කරලා, නැවත ජනතාව මෝඩයන් යැයි කියලා හිතලා කටයුතු කරන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. මේවා විසඳන්නේ නැතිව නැවතත් බලය ඉල්ලීම, ඒ හරහා ප්‍රශ්න විසඳනවා කියලා කියන එක පොරොන්දු විතරයි. ඒ වගේම අපි දන්නවා ඔබ අද මුහුණපාන ප්‍රශ්නයක් තියෙනවා. නිදහසින් පස පත් වූ කිසිම රජයක් මේ රජය තරම් දූෂිත නැහැ. මහා පරිමාණයේ දූෂණ ව්‍යාපෘති කිසිවක් නැහැ. දූෂණය ඉහළටම ගිහින්. අපි දූෂණය අවසන් කරනවා, ඒකට අපට තරාතිරම් දේශපාලන පක්ෂ පාට වැඩක් නැහැ. ජනතාවට පීඩාකාරී දූෂණයක් සිදු වෙනවා නම් අපි තාක්ෂණය භාවිත කරලා ඒවා අවම කරන්නට අවශ්‍ය කටයුතු කරනවා. ලෝකයේ විශාල දූෂණ තිබූ රටවල් ඒවා ප්‍රායෝගිකව කරලා තිබෙනවා. අපි ඒවායින් පාඩම් ඉගෙනගන්නට ඕනෑ. ඒ වගේ රජයේ වැඩ පහසුවෙන් කරගන්න බලපත්‍රයක් වැනි දෙයක් පවා පහසුවෙන් ගන්න ක්‍රමයක් අපි සකස් කරනවා. දේශපාලන පක්ෂයක වේවා, නිලධාරීන් ලවා සෑම මටිටමකම තිබෙන දූෂණ අපි ඉවත් කරන්නට කටයුතු කරනවා.
නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකමිවරයා හැථියට කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණු වෙන නගරය බවට පත් කරන්නට මට හැකි වුණා. ඒ වගේම යාපනය, ගාල්ල, නුවර මෙවැනි නගර සැලසුම් කරලා සංවර්ධනය කළා. මම අභියෝග භාරගන්නට කැමති සහ ඒවා නිවැරදිව ක්‍රියාත්මක කරන්නට කැමති කෙනෙක්. ඒ නිසා මා කෙරෙහි විශ්වාසය තබන කියලා මා ඔබගෙන් ඉල්ලා සිටිනවාඅපි ජනතාව කේන්ද්‍ර කරගෙන ඉදිරිපත් කරන ආර්ථික සැලස්ම අනුව ලංකාව දියුණු කළ හැකියි. ඒ සඳහා ඥානය නිසි ලෙස හැසිරවිය යුතුයි. තරුණ තරුණියන්ට හා වේතනයක් ලැබිය හැකි රැකියා අපට උත්පාදනය කළ හැකියි. අපට අවශ්‍ය වෙලා තියෙන්නේ නිපුණත්වයෙන් වැඩි, දැනුම ඇති තරුණ තරුණියන්,

මාවනැල්ල හෙම්මාතගම විජය බන්ඩාර

ජාත්‍යන්තරයට අවැසි නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට යෑමට සූදානම් - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස -

ජාත්‍යන්තරයට අවැසි නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට යෑමට සූදානම්
- නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස -



රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස්, ඉස්, මස්, ලේ, දන් දුන් රණවීරුවන්ව පාවා නොදෙන්නා සේක්ම, ජාත්‍යන්තරයට අවැසි නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට යෑමට සූදානම් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය‍ෙහෙතෙම මේ බව පැවසුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හා වාරිපොළදී පැවැති ජනහමු අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"ජාති ආගම් කුල මල භේදයෙන් තොරව සමස්ත රටවැසියාගේ අනාගත වගකීම සජිත් ප්‍රේමදාස භාර ගන්නවා, කුරුණෑගලත්, පුත්තලමත් කේන්ද්‍ර කරගෙන මුළු වයඹ පළාතටම සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ අලුත් සංවර්ධන සැලැස්ම තුළ කුරුණෑගල පුත්තලම් දිස්ත්‍රික්ක දෙකේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ වීශේෂ ඒකකයකට පවරනවා. මට එහිදී පුත්තලම දිස්ත්‍රික්කයේත්, කුරුණගල දිස්ත්‍රික්කයේ වෙන වෙනම කාර්යාල ස්ථාපිත කර දිනපතාම වයඹ පළාත් සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ජනතාවගේ කනට ඇසෙන, පපුවට දැනෙන, ඇස් දෙකට පෙනෙන සංවර්ධනය මා ක්‍රියාත්මක කරනවා. "උදා ගම්මාන' වැඩසටහන දියත් කලා සේ මුලු රටේම 'වැව් උදාව" වැඩසටහන ක්‍රියාත්මක කරලා මේ සත් කෝරලය බත් කෝරලයක් බවට පත් කරනවා. කර්මාන්තකරුවන්ට තිබෙන ගැටලූ රාශියක් මම හදුනාගෙන තිබෙනවා. ජනාධිපති ලෙස පත් වූ වහාම අපි කාබන් බද්ද ඉවත් කරනවා. බදු පනවන ඕනේ ජනතාවට ගැටලුවක් නොවන ආකාරයටයි. මා ජනාධිපති වු වහා බදු බරින් ජනතාව නිදහස් කරන්න කටයුතු කරනවා. අපි දැක්කා ඔය හයිය තියනවා කියන පුද්ගලයා මාධ්‍ය ඉදිරියේ දණගහපු හැටි. ඔහු මාධ්‍ය ඉදිරීයේ කඩාවැටුනා. මම මාධ්‍ය සාකච්ඡාවලට ගියාම ඕන තරමි ප්‍රශ්න අහන්න අවස්ථාව ලබාදෙනවා, ප්‍රශ්න අහලා ඉවර වුණාට පස්ස තමයි මම නැගිටලා යන්නේ. නමුත් ඔය ශක්තිවන්තයි, තේජවත්තයි කියන පුද්ගලයා මාධ්‍යවේදියෝ අහන ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැහැ. මාධ්‍යවේදීන් ජනාධිපති අපේක්ෂකයන්ගෙන් අහනකොට ප්‍රශ්න ජනාධිපති අපේක්ෂකයා අසරණ වෙලා අහනවා ඇයි මගෙන්ම මේවා අහන්නේ, තව අහන්න කට්ටිය නැද්ද කියලා. ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරී කෙනෙකුට පුළුවන්ද රටේ ජනාධිපති වෙන්න, මමත් ඉදිරියේදී පවත්වනවා මාධ්‍ය සාකචිජාවක්. මම කියනවා මගේ ප්‍රතිවාදියාට මම කරන මාධ්‍ය සාකච්ඡාව බලා ඉදලා හොද පාඩමක් ඉගෙන ගන්න කියලා. සාකච්ඡාව මම පවත්වන්නේ තනිවමයි. අපේ ප්‍රතිවාදීන් පෙන්වන්න හදනවා එයාලා ළඟ තමයි සින්නක්කර ඔප්පුවෙන් ලියාගත් දේශප්‍රේමීත්වය තියෙන්නේ කියලා. හැබැයි මේ දේශප්‍රේමියාගේ මුළු සර්වාංගයම ඊයේ හෙළිවුනා. විදේශ මාධ්‍යවේදිනියක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මේ දේශප්‍රේමියා මුළු හමුදාවම බිලි දුන්නා, පාවා දුන්නා.
 රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නෙ මේ රණවිරුවාව අපි පාවලා දෙන්නේ නැහැ. මේ රණවිරුවත්ව අපි විදුලි පුටුවට යවන්නේ නැහැ. ජාත්‍යන්තරයට අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස එතනට යන්න ලැහැස්තියි. වගකීම භාරගන්න බය වෙලා. ඒක නායකත්වයේ ලක්ෂණ නොවියි. මේ රටට අවශ්‍ය යකඩ නායකත්වයක්,  ඒ අයෝමය නායකත්වය සජිත් ප්‍රේමදාස දෙන්න ලැහැස්තියි.  විදේශ නියෝජිත කණ්ඩායමක් පසුගිය දවසක මගෙන් ඇහුවා, අපේ රටේ ඉදිරි ගමන කොහොමද ගෙන යන්නේ කියලා. මම පිළිතුරු දුන්නේ අපේකම, ගැමිකම සංස්කෘතිය, සභ්‍යත්වය රැකගෙන අපේ මාතෘ භූමිය සංවර්ධනය කරන ඇපකැප වෙන්න ලැහැස්තියි කියලයි. ජනතාව ලබාදෙන දැවැන්ත ශක්තිය තුළින් රටේ නායකත්වය සජිත් ප්‍රේමදාසට  ලබා දෙනකොට නව අදහස් තුළින්, නව නිර්මාණ තුළින්, නවෝත්පාදනය තුළින්, ඩිජිටල් තාක්ෂණය තුළින් තරුණ පරපුරට  ශක්තිය දීලා නව පරපුර ඉදිරියට අරගෙන නව මුහුණුවරකින් නව කණ්ඩායමක් හරහා
පොදු ජනතාවගේ දෙපතුලට සෞභෝගය | උදා කරනවා” යනුවෙන් කියා සිටියේය.