සාමාන්ය පෙළ ඉංගී්රසි ප්රශ්න පත්රයට පිළිතුරු ලිවීම සඳහා අයදුම්කරුවකුට එස්.එම්.එස්. මගින් උපකාර කළ ගුරුවරිය රාජකාරියේ යෙදී සිටි විභාග ශාලාවේ ශාලාධිපතිවරයාද වහාම කි්රයාත්මක වන පරිදි ඉවත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
විභාග රාජකාරියේ යෙදී සිටියදී අයදුම්කරුවකුට උපකාර කිරීමේ සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවැසීය. පාසලෙන් දෙවැනි වරට අයදුම් කර විභාගයට පෙනී සිට ඇති මෙම අයදුම්කරුගේ ප්රතිඵල තහනම් කර වසර පහක විභාග තහනමක්ද පැනවීමට දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
අයදුම්කරු විභාගයට පෙනී සිට ඇත්තේ බලන්ගොඩ ජෙගලානි ජාතික පාසලෙනි. ගුරුවරිය විභාග රාජකාරි කරමින් සිට ඇත්තේ බලන්ගොඩ කනගනායගම් පාසලේය. මෙම සිසුවා සැක සහිත අන්දමින් විභාගයට ලියමින් සිටි බැවින් කළ සොයා බැලීම මත ඔහු සතුව තිබූ ජංගම දුරකථනය සොයා ගැනීමට නිරීක්ෂකයන්ට හැකිවී තිබේ.
අයදුම්කරුට එස්.එම්.එස්. යැවූ ගුරුවරිය මේ වන විට ඇපමත මුදාහැර ඇත. මෙම වංචාව සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය මගින් මෙන්ම පළාත් මට්ටමින්ද විමර්ශන ආරම්භ කර තිබේ.
නිලන්ත මදුරාවල
