Showing posts with label LOGAL G5. Show all posts
Showing posts with label LOGAL G5. Show all posts

Thursday, January 20, 2022

අපේක්ෂා රෝහලේ හෙද නිලධාරිනියකට පහර දීමේ සිද්ධිය සමථයකට පත්වෙයි

මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාරය භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහර දීමේ සිද්ධියට අදාළ දෙපාර්ශ්වය සමථයකට පත්වූ බව මහරගම පොලීසිය පවසයි.ඒ සිද්ධිය සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වය පෙරේදා (18දා) සවස මහරගම පොලීසියට කැදවා සිදුකළ විමර්ශනයෙන් අනතුරුවය. පසුගිය 17වැනිදා මහරගම අපේක්ෂා රෝහලේදී සිදුකිරීමට නියමිත ශල්‍යකර්ම සදහා වෙනත් රෝහලක වීශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ රෝගීන් දෙදෙනකු නාමලේඛනයට ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් ශල්‍යගාරය භාර ප්‍රධාන හෙද නිලධාරිනිය එදින ශල්‍යකර්ම භාරව සිටි ශල්‍ය වෛද්‍යවරයා ගෙන් විමසීම සම්බන්ධයෙන් උරණ වූ ශල්‍ය වෛදවරයා හෙද නිලධාරිනිය සමග බහින් බස් වීමක් ඇති කරගෙන පරුෂ වචනයෙන් බැණ මෙසේ පහරදීම සිදුකර තිබු බව පොලීසියේ කළ පැමිණිල්ලේ සඳහන්ය. එහිදී පහර කෑමට ලක්වූ බව පැවසෙන හෙද නිලධාරිනිය ප්‍රතිකාර සදහා කළුබෝවීල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු අතර සිද්ධියෙන් පැය 24ක් ඉක්ම ගොස් ඇතත් සිද්ධියට සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව අපේක්ෂා රෝහලේ හෙද හෙදියන් පෙරේදා (18දා) උදැසන සේවයෙන් ඉවත්ව පැය තුනක පමණ නිහඩ විරෝධතාවකද නිරත වූහ.මේ අතරතුරදී පෙරේදා (18දා) සවස සිද්ධියට සම්බන්ධ දෙපාර්ශ්වය පොලීසියට කැදවා සිදුකළ විමර්ශනයේදී, පහරකෑමට ලක්වූ බව පැවසෙන හෙද නිලධාරිනිය ඇතුළු ඇයට සහාය පළ කළ පාර්ශ්වය සමථයකට පත් වීමට කුමන්තපල කර තිබුණි.ඒ අනුව අපේක්ෂා රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛදවරයා සහ ශල්‍යාගාරය භාර ප්‍රධාන හද නිලධාරිනිය සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සමථයකට පත්වූ බව පොලීසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුමේෂ් මහතාගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වීය.


(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)