Showing posts with label intetnational g3. Show all posts
Showing posts with label intetnational g3. Show all posts

Tuesday, October 12, 2021

යුද්දේදී රට හැර ගොස් ඇමරිකාව දිනූ අපේ යුවතිය

යුද ගැටුම් සමයේ දී තම මවුපියන් සමග ලොස් ඇන්ජලීස් නුවරට පලාගිය ශ්‍රී ලාංකික දැරියක, ඇයට වීසා හිමි කාලය ද ඉක්මවා රැදී සිටීමෙන් අනතුරුව ජීවිතය ජයගෙන තිබෙන බව වාර්තා වේ. ජාත්‍යන්තර සම්බන්ධතාවන්ට අදාළ රැකියාවක නිරතවීමෙන් අනතුරුව ඇය එම  ක්ෂේත්‍රයේ තරුවක් බවට පත් වූවාය. මෑතක දී නිම වූ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවෙන් අනතුරුව නිව්යෝක් ටයිම්ස් පුවත්පත අවධානයට නතු වූ ඇය එම පුවත්පතෙන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූවාය.


ඇගෙන් විමසන ලද ප්‍රශ්න සහ ඈ දුන් පිළිතුරු ඔක්තෝබර් 7 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූයේය. එහි පුවත් සිරස්තලය යොදා තිබුණේ වයස අවුරුදු  හතදී ශ්‍රී ලංකාවෙන් පලාගිය ඇය දැන් නුවරක නායකත්වය හොබවන්නීය." යනුවෙනි. ෆෙඩරල් හෝ අර්ධ ෆෙඩරල් ආණ්ඩුවල පවා ජාත්‍යන්තර සම්බන්ධතා නැමති විෂය අති විශේෂ වූවකි. එහි විෂය ක්ෂේත්‍රය සීමාවන්නේ කලාතුරකිනි.  පෙනී අබේවර්ධනට තමාගේ නගර සභාව වෙනුවෙන්, ජාත්‍යන්තර සබඳතා විෂයේ කාර්යභාරයන් රාශියක් පැවරී තිබිණි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක  සත්කාරකභාවය දැරීම එවැනි නගරයට පැවරුණ අතිශය භාර ධූර කාර්යයක් විය.



ඇගේ මෙම කාර්යයන් ඇරඹුණේ වසර අටකට පෙර ඇයට නිව්යෝක් නගරයේ  නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ මුණ ගැසුණු පසුවය. නගරයට අදාළ අන්තර්ජාතික කටයුතු පිළිබඳ කාර්යාලය වැඩි දියුණු කිරීම පිළිබඳව ඔහු එවේලේ ඈ සමග සාකච්ඡාවක  යෙදුන්නේය. ඒ දක්වා එම කාර්යාලය සමාජ උත්සව සංවිධානය කිරීම සහ රථ වාහන ගාල් කිරීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පාලනය කරන ආයතනයක් ලෙස පමණක් හඳුනාගෙන සිටි බව නියෝක් ටයිම්ස් පුවත්පතේ ලිපිය කියයි.  ශ්‍රී ලාංකීය ඇමෙරිකානු කාන්තාව ඉක්මණින්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ  කොමසාරිස් ධූරයට පත් කෙරිණි. ඇය එම ධුරයේ සේවය කිරීමට පත් වූ පළමු සුදු ජාතික  නොවන සංක්‍රමණික කාන්තාව වූවාය. 


තරම කාර්යාලයේ කටයුතු විවිධාංගීකරණයට ලක් කළ ඇය,නිව්යෝර්ක් නගරයේ කණිෂ්ඨ තානාපති වැඩසටහන් වැනි වැඩ සටහන් දියත් කරමින් එම ආයතනයේ සේවා සැපයුම්,  සේවාලාභීන් හට පහසු කළාය. කනිෂ්ඨ තානාපති වැඩසටහන් හඳුන්වාදෙනු ලද්දේ මධ්‍යම පාසැල් දරුවන් එක්සත් ජාතීන්ට හඳුන්වා දී අසල්වැසි රටවල් ආශ්‍රයෙන් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීම දිරිමත් කරනු උදෙසාය. නිව්යෝක් නගරය වසා කෝවිඩ් 19 වසංගතය පැතිරි ගිය විට ඇය එක්සත් ජාතීන් සම්බන්ධීකරණය කරමින් මුව ආවරණ 250,000ක්, වෙන්ටිලේස්ටර්, ඔක්සිජන් ආදිය පරිත්‍යගලෙස ලබා ගත්තාය. 



අසීරු කාලයේ දැඩි අරගලයක නිරත වී සිටිනු දුටු අප  වෙනුවෙන් අනෙක් රටවල සහාය ද ගත් බව ඇය කියා සිටියාය. නගරයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කොමසාරිස් ධුරයේ කටයුතු සාර්ථකව නිමා කිරිමෙන් අනතුරුව ඈ දෙසැම්බර් මාසයේ එම තනතුරෙන් ඉවත්වීමට නියමිතය.  එක්සත් ජාතීන් සම්බන්ධකරක්ගෙන නගරයේ කිනම් වෙනස්කම් සිදු කළේ ද යන ප්‍රශ්නය ඇගෙන් විමසූ විට ඇය මෙසේ කියා සිටියාය.  “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයේ නියුතු අය අවුරුදු ගණනාවක් අපගේ නගරයේ වාසය කළ සැබෑ මිනිසුන්. මට අවශ්‍ය වූයේ ඒ අය මෙම නගරයට අයත් නිව්යෝක්වාසීන් ලෙස ඔවුන්ට සිතෙන්නට සැලැස්වීමයි. "එ.ජා. මගින් ඇතිවන වැඩදායි බලපෑම් පිළිබඳ පළමු වාර්තතාව අප නිකුත් කළා.  


නගරයට ඩොලර් බිලියන තුනක ආදායමක්  එක්සත් ජාතීන් විසින් ගෙන එන ආකාරය අප  එහිදී විස්තර කළා. එම නිසා පළමු මාවතේ නැගෙනහිර ස්වෛරි බිමක් ගොඩනගනවාට වඩා යමක් ලෙස නිව්යෝක් නගරවාසීන්ට එය දකින්නට හුරු කරන්නට හැකිවුණා." "ඒ මගේ නිරීක්‍ෂණ පමණයි. එහෙත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් ඇතුළු බොහෝ රාජතාන්ත්‍රික නිලධාරීන් බොහෝ දෙනෙක් වසංගතයේ මුල් මාසවල වාසය කළේ මේ නගරයේමයි. මා සිතන පරිදි එසේ වූයේ මගේ කාර්යාලයේ කටයුතු ඔස්සේ ගොඩ නගන ලද සම්බන්ධීකරණ නිසයි." තමාගේ ළමා කාලයේ විදි ගැහැට  පිළිබඳවද පෙනී අබේවර්ධන කියා සිටියාය. එම ගැහැට ඔස්සේම තමා ශූර කාන්තාවක වූ අයුරු ඇය පවසා සිටියාය.



"මා සිහින දකින්නන් අතුරින් 1980 ගණන් වල බිහි වූ වර්ගයේ අයෙක්. මෙම නිලයෙන් නික්මයාමට සුදානම්ව මා දැන් ඒ ගැන  බොහෝ දේ සිතනවා. මට අවුරුදු හතරේ දී මගේ පවුලේ අය මා සමග ශ්‍රී ලංකාවේ   පැවති සිවිල් යුද්ධයෙන් නික්ම පලා ආවා. ඉන් පසු අපගේ සංචාරක වීසා කාලය ඉකුත්ව ගිය පසුත් අපි රැඳී සිටියා. ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර දශකයකට  කාලයක් ලියාපදිංචියෙන් තොරව මා ජීවත් වුණා. මට පුරවැසිභාවය ලබා ගන්නට මග පෑදුණ එකම හේතුව 1986 රොනල්ඩ් රිගන්  ගෙන ආ පොදු සමාවට අදාළ පනතයි. 


(Amnesty Act 1986)



"දකුණු ආසියාතික ඇමෙරිකානු ප්‍රජාව අතර මම හැදී වැඩුණා. ස්වකීයයන් පිළිබද එම හැඟීම රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් තුල තිබීම වැදගත් යයි මා සිතුවා.  "මට අවුරුදු 16 දී මගේ මව තනි වූ මවක වූවා. මමත් මගේ සහෝදරයාත්, මවත් ගෘහස්ථ හිරිහැර වලට මුහුණ දී බේරුණු අයයි. අපි එකල හරිම දුප්පත්, එහෙත් ඇය අප උදෙසා සතියට දවස් හතක් කඩිසරව වැඩ කළා. මම පවා වැඩ කරන්න පටන්ගන්නෙ අවුරුදු 14 දී ඇයට උදව්වෙමින්."  "එය වෙහෙසකර ජීවිතයක් එහෙත් ජීවිත අත් දැකීම් සියල්ල නිසි අතට යොමුකරනවා  නොවේද? සංවේදී වන්නට උත්සාහ කරන මිනිසුන් සමග බොහෝ න්‍යයික කරුණු සාකච්ඡා කරන්නට පෙළඹුනා. ඒවා අතිශයින් ඵලදායී. එහෙත් එම අත්දැකීම් හරහා යනවිට



කාන්තාවගේ හා කෙල්ලකගේ සටන ඇතුලාන්තයෙන් වූ හැගීම් වලට සම්බන්ධවන්නක්."  සටහන - හැල හැප්පීම් වලට භාජනය වූ පුද්ගලයකු යනු සාර්ථකත්වය කරා යන අධිෂ්ඨානයෙන් යුක්ත පුද්ගලයකු වේ යන  අර්ථය ඇති ඇමරිකානු කියමනක්ද වේ.  Sunday Times ඔක්තෝබර් 10 වැනිදා  පුවත්පතේ පළවූ "Lankan Annerican Penny emerges asacity leader in New york Bed පරිවර්තනයයි.



Monday, October 11, 2021

අනුමත කළ ඕනෑම එන්නතක් පිළිගන්නවා

 වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.) 


හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ ඕනෑම කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නතකට තමන් අනුමැතිය ලබා දෙන බව ඇමෙරිකානු ජාතික වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ සී.ඩී.සී. ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.  ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත මාත්‍රා ලබා ගත් ඕනෑම විදේශිකයකුට නිරෝධායනයට ලක් නොවී ඇමෙරිකාවට පිවිසීමට අවස්ථාව ලැබේ.  ඇමෙරිකා රජය මේ වනවිට චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් රැසක් ඇතුළු රටවල් 33 කට පනවා තිබූ සංචාරක තහනම ද ඉවත් කර ඇත. 



ඒ, පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්වූ විදේශිකයන් සඳහා එරට විවෘත කරමිනි.  හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත්තේ ඇමෙරිකාවේ ‘ෆයිසර්' සහ 'මොඩර්නා', 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මහා බ්‍රිතාන්‍යයේ 'ඔක්ස්ෆර්ඩ්'  ඇස්ට්‍රාසෙනෙකා' (ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ්  ද ඇතුළුව), “සයිනොෆාම්’ සහ ‘සිනොවැක්' යන එන්නත් සඳහා පමණි. ‘ඔක්ස්ෆර්ඩ්  ඇස්ට්‍රාසෙනෙකා ' යනු මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ ‘ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපද වූ එන්නතය. මෙම එන්නත රටවල් කීපයක නිෂ්පාදනය කෙරේ. 



ඉන්දියාවේ එය නිෂ්පාදනය කෙරෙන්නේ 'කොවිෂීල්ඩ්' යන වෙළෙඳ නාමය යටතේය. මේ අතර අද (11) සිට 'කොවිෂීල්ඩ්' එන්නතතේ නියමිත මාත්‍රා දෙකම ලබා ගත් ඉන්දියානුවන්ට නිරෝධායනයකින් තොරව බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර දෙන බව ඉන්දීය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇලෙක්ස් එලියස් ට්විටර් පණිවුඩයකින් දන්වා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘කොවැක්ස්' වැඩසටහන හරහා මේ වනවිට ලොව බොහෝ  දෙනකුට ලැබී ඇත්තේ ද මෙම 'කොවිෂීල්ඩ්" එන්නතය.  කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් සහ  රජය ‘කොවිෂීල්ඩ්' එන්නත අනුමත නොකළ බැවින්  එන්නත් දෙකම නියමිත පරිදි ලබා ගෙන බ්‍රිතාන්‍යයට පැමිණෙන ගුවන් මගීන් ද දින 14 ක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය කෙරුණි. 




මෙය ඉන්දියාවේ දැඩි විරෝධයට හේතුවක් විය.  බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් තමන්ට අවිශ්වාසයක්   නොමැති බවත්, එම එන්නත සම්බන්ධයෙන් ඉන්දීය රජය එන්නත ලබාගත් අයට නිකුත් කරන එන්නත් කාඩ්පත නිසි ප්‍රමිතියකින් නොමැති බවය. ඒ අනුව, ඉන්දීය රජය මේ වනවිට නිසි ප්‍රමිතියකට අනුව, ඩිජිටල් එන්නත් කඩ්පතක් නිපදවා ඇති අතර විදේශිකයන්ට මෙය ලබා දීම සිදුවෙයි.   ලොව පළමුවෙන් නිපදවූ සහ ලියාපදිංචි කළ එන්නත වන්නේ රුසියාවේ ‘ස්පුට්නික් 5' එන්නතය. මෙම එන්නතට තවමත් ලෝක සෞඛ්‍යයට සංවිධානයේ අනුමැතිය ලැබී නැත. ස්පුට්නික් එන්නතට අනුමැතිය දීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා පවසා තිබුණි.


Monday, May 17, 2021

ඉන්දීයානුවන්ට ස්පුට්නික් ඒන්නත ආරම්භ වෙයි



ඉන්දීයානුවන්ට රුසියාවේ "ස්පුට්නික් 5 එන්නත ලබා දීම මේවට ආරම්භ වී ඇත. රුසියාවෙන් ආනයනය කළ ‘ස්පුට්නික් ඒන්නත , ඉන්දියාවේ ඖෂධ සමාගමක් වන ඩොක්ටර් 'රෙඩීඩිස් සමාගමේ මූලිකත්වය ලබා දීම සිදුවෙයි. මෙම එක එන්නත් මාත්‍රාවක් ඉන්දීය රුපියල් 948 ක් ලෙස මිල කර තිබෙන අතර ඊට එරට භාණ්ඩ හා සේවා බද්ද ද එකතු වේ. මෙම බදු අගය එන්නත් මාත්‍රාවේ මිලන් සියයට පහක් වේ.


ඒ අනුව එන්නත මිලක ඉන්දීය රුපියල් 955.40කි. කෙසේ නමුත් “ස්පුට්නික් 5' එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සූදානම් අතර එලෙස නිෂ්පාදනය කළ පසු එන්නතක මිල මීට වඩා අඩුවනු ඇතැයි පැවසෙයි. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් 5' එන්නත සියයට 91.6ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර එම එන්නතෙන් ද මාත්‍රා දෙකක් ලබා දිය යුතු ය.


Friday, May 14, 2021

ඉන්දියාවේ කොරෝනා උත්සන්න වූයේ සෞඛ්‍ය නීති නොතකා ඡන්දය පැවැත්වීම නිසයි

 ඉන්දියාවේ කොරෝනා වසංගතය උත්සන්න වූයේ, ඉන්දීය රජය සෞඛ්‍ය උපදෙස් සැලකිල්ලට නොගෙන මැතිවරණ පැවැත්වීම සහ කුම්බලා වැනි ආගමික උත්සව වලට අනුග්‍රහය ලබාදුන් නිසා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඊට අමතරව ඉන්දියාවෙන් හමුවුණු දෙමුහුන් කොරෝනා වයිරසයද වේගයෙන් සම්ප්‍රේෂණය වන බැවින්, වයිරස ව්‍යාපෘතිය පාලනය කර ගැනීමට අපහසු වී ඇත.


 බී.1.617 නමැති මෙම දෙමුහුන් වයිරස විකෘතිය පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය අංශ අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ රජයට දැනුම් දී ඇත්තේ පසුගිය මැයි මාසයේ. කෙසේ නමුත් ඒ වනවිට රටේ ආසාදිතයන් සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබුණු බැවින් මෝදි රජය එම අනතුරු ඇඟවීම් ගණනකට ගෙන නොමැති බවටද චෝදනා එල්ල වී ඇත. මේ අතර ඉන්දියාවෙන් නැවත වරක් මරණ 4,000 ඉක්මවා වාර්තා වීමට පටන්ගෙන ඇත.



අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණද 4000 ඉක්මවා ඇති බවත් එලෙස අඛණ්ඩව මරණ 4,000 ඉක්මවා වාර්තා වූ දෙවැනි දිනය මෙය ඉවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (13) සඳහන් කළේය. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එරටින් අවසන් පැය 24ක කාලයේදී හඳුනාගෙන ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 362,727ක් වන අතර එරටින් වාර්තතා වී ඇති මරණ ගණන 4,120කි.


Monday, May 10, 2021

ඉන්දියාවේ කොරෝනා විකෘතිය නේපාලයේ පැති ෙරයි

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න කිරීමට හේතුවූ කොරෝනා විකෘතිය, ඉන්දියාවේ අසල්වැසියකු වන නේපාලයට ද ව්‍යාප්තිය වී ඇති අතර, මේ වනවිට දිනපතා නේපාලයෙන් අසාදිතයන් 8,000 ත් 9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ. ආසාදිතයන් වාර්තා වීම ක්‍රමාණුකූලව සිදු නොවන බවත්, සැබෑ ආසාදිතයන් ගණන දයිනිකව 10,000 සීමාව පසු කරන බවත් නේපාල සෞඛ්‍ය අංශ පවසා තිබේ. නේපාලය තවත් ඉන්දියාවක් වි, මළසිරුරු ගොඩගැසීමට පටන් ගන්නා දිනය වැඩි ඈතක නොවේ යැයි නේපාල සෞඛ්‍ය අංශ බිය පළ කරයි.


ඉන්දියාවේ පැතිරෙන කොරෝනා විකෘතිය, වඩා ඉක්මන් ව්‍යාප්ත වීම සිදුවන හෙයින්, රෝගීන් ගණන දිනපතා ඉහළ යන බව ද නෙපාලය සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. මෙම විකෘති කොරෝනා වැඩි බලපෑමක් එල්ල වන්නේ තරුණ ප්‍රජාවට යැයි ද පැවැසෙයි. ඊයේ (9) වනවිට නේපාලයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 3,85,890 ක් තෙක් ඉහළ ගියේය. මරණ වාර්තා වූයේ 3,632 ක් ලෙසය. පසුගිය සති අන්තයේ සිදු කළ පී.සී.ආර්. පරික්ෂණවලින් සියයට 44 ක් ම කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද පැවැසෙයි..


නේපාලයේ ජනගහනය මිලියන 30 ක් වන අතර, නේපාල එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දී ඇත්තේ මිලියන 2.4 කට පමණි. එයින් ද එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් බව ද පැවැසෙයි.. නේපාලයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ පසුගිය ජනවාරියේය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ සංකල්පයකට අනුව, වැක්සින් මෛත්‍රි ' වැඩසටහන හරහා නේපාලයට astrazeneca covishield’ එන්නත් ලැබීමෙන් පසුවය. ආසාදිතයන් වැඩි වීමත් සමඟ රෝහල් පිරි යෑමට පටගෙන ඇති බවත්, ඔක්සිජන් හිගයක් ද පවතින බවත් නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ප්‍රාලයට ආධාර අවශ්‍ය යැයි අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් ද කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දී

ඇත.

Friday, May 7, 2021

ලොව පුරා පසුගිය සතියේදී වාර්තා වු ආසාදිතයන්ගෙන් 46%ක්ම ඉන්දියාවෙන්

අප්‍රේල් මාසයේ අවසන් දින කිහිපය සහ මැයි මාසයේ මුල් දින කිහිපයට අදාළ පසුගිය සතියේදී ලොව පුරා වාර්තා වී ඇති සමස්ත covid-19 ආසාදිතයන්ගෙන් 46%ක්ම සටහන්ව ඇත්තේ ඉන්දියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේම එම කාලය තුළ ලොව සිදුවූ මරණ අතරීන් හතරෙන් එකක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. විශේෂයෙන්ම ඉහළ බෝවීමක් සහිත නව ප‍්‍ර ෙභ්දයක් ඉන්දියාව තුළ ව්‍යාප්ත වීම මේ සඳහා හේතුව වී තිබේ. මේ හේතුවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදුවිය.


එසේම ඔවුන්ට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය පහසුකම් ෙනාලැබීම නිසා ඉන් සැලකිය යුතු පිරිසක් මරණයට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පසුගිය සතියේදී ලොව පුරා ‍නව covid-19 ආසාදිතයන් ලක්ෂ 57ක් වාර්තා වී තිබේ. එසේම සිදුව ඇති මරණ සංඛ්‍යාවද 93,000ක් ඉක්මවයි. ඒ අතරින් ආසාදිතයන් ලක්ෂ 26ක්ම ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර, එය පෙර සතියට සාපේක්ෂව 20%ක වර්ධනයකි. ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 23,231කි. මෙහිදී අදාළ සංඛ්‍යා දත්ත ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අයතන මඟින් නිකුත් කරන නීල අගයන් බවත්, බොහෝවිට මෙම සංඛ්‍යා දත්ත මිට වඩා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් විශේෂඥයන්ගේ අදහස වී තිබේ.


අද වන විට මරණ විශාල ප්‍රමාණයක් පිළිබඳව වාර්තා සටහන් නො වීම ඊට හේතුව වී තිබේ. මේ අතර පසුගියදා ඉන්දියාව එරට සමස්ත ආසාදිතයන්ගේ සීමාව කෝටි 2ක් ඉක්මවු අතර ඒවැනි තත්ත්වයට පත් වූ ලොව දෙවැනි රට බවටද සඳහන් විය. මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සීමාව පසුකර තිබුණි. කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ ඉන්දියාවේ අසාදිතයන් වාර්තාවීම් ඉදිරි දින කිහිපයේදී නවදුරටත් ඉහළ යනු ඇතැයි අනතුරු අඟවා තිබේ.


Tuesday, April 20, 2021

ඉන්දියාවේ ද්විත්ව කොරෝනා විකෘතිය රටවල් 10කට පැතිරේ

ඉන්දියාවෙන් මුලින්ම හඳුනාගත් ද්විත්ව කොරෝන විකෘතිය මේ වනවිට රටවල් 10 කට පැතිර ගොස් ඇති බවත්, එම විකෘතිය ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.  මේ වනවිට පිට පිට දින 5 ක් තිස්සේ ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබේ. ඉන්දියාවෙන් මෙසේ  ආසාදිතයන් වැඩි වීමට එක්  හේතුවක් වී ඇත්තේ ද මෙම ද්විත්ව කොරෝනා වීකෘතිය යැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.  විද්‍යාඥයන් මෙම ද්විත්ව කොරෝනා විකෘතිය නිල වශයෙන් නම් කර ඇත්තේ බී.1.617 යන නමිනි. ‘ඊ484කියු’ සහ ‘එල්452ආර්’ යන විකෘති කොරෝනා වයිරස ප්‍රභේද ඊට ඇතුළත් වෙයි. 


මේ වනවිට කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද මහා බ්‍රිතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්, මෙක්සිකෝවෙන් සහ  බ්‍රසීලයෙන් ද වාර්තා වන නමුත් විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් හමුවී ඇත්තේ ඉන්දියාවෙන් පමණි. ඉන්දියාවේ හමුවුණු මෙම ද්විත්ව විකෘති ප්‍රභේදය පැතිර ගොස් ඇති රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව,  නවසීලන්තය, සිංගප්පූරුව, මහා බ්‍රිතාන්‍යය, බෙල්ජියම, ජර්මනිය, අයර්ලන්තය, නැමීබියාව, ඇමෙරිකාවය.


මෙම ද්විත්ව විකෘතියේ සම්ප්‍රේෂණ වේගය සාමාන්‍ය කොරෝනා වයිරසයටත්, මෙතෙක් හමුවී ඇති සෙසු විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා වැඩි යැයි ඉන්දීය  වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 16 කට මෙම  නව ද්විත්ව විකෘති ප්‍රභේදය ව්‍යාප්ත වී තිබේ.  ඊයේ (19) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 2,73,810  කි. මරණ වාර්ත වූයේ 1,619  කි. ඒ අනුව, ඉන්දියාවේ සමස්ත ‘කොවිඩ් 19 ආසාදිතයන් ගණන කෝටි 1.5 පසු කළේය. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ ලක්ෂ 1.78 කි. මේ වනවිට නවදිල්ලි  අගනුවර රෝහල්වල ඇඳන් හිඟයක් පවතින බවත් ඔක්සිජන් හිඟවීමෙන් කොරෝනා රෝගීන් මියයෑමට පටන්ගෙන ඇති බවත් වාර්තා වේ.


 නවදිල්ලියේදීය (රොයිටර්) 


Wednesday, April 7, 2021

2036 වනතුරු රුසියාව පුටින්ට


තවත් ධුර කාල දෙකක් ජනපති ධුරය හොබවමින්, 2016 වසර තෙක් රුසියාවේ ජනාධිපති ධුරයේ රැදී සිටීමට සිදු කළ ව්‍යවස්ථා සංශෝන්ධයනට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්සන් තැබුවේය. ඒ අනුව, 68 හැවිරිදි පුටින්, 2036 වසර  තෙක්, වසර 6 බැගින් ධුර කාල දෙකක් ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇත.  දශක දෙකකට වැඩි කාලයක් රුසියාවේ ජනාධිපති ධුරය හොබවන ව්ලැදිමීර් පුටින්, තවත් ධුර කාල දෙකක් රුසියාවේ ජනාධිපති ලෙස කටයුතු කිරීමට ව්‍යවස්ථාව සංශෝධනය කළේ පසුගිය 2020 වසරේ ජුලි මාසයේ කොරෝනා වසංගතය මැද පැවැති ජනමතට  විමසුමකින් පසුවය. 


එහිදී රුසියානුවෝ බහුතරයක් ඡන්දය ප්‍රකාශ කරමින් ව්‍යවස්ථා සංශෝධනයකට කැමැත්ත  දැක්වූහ.  ව්ලැදිමීර් පුටින්ගේ ජනපති ධුර කාලය 2024 දී අවසන් වීමට නියමිතව තිබුණු නමුත් ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ඔහුට කිසිදු බාධාවකින් තොරව දිගටම ජනපති ධුරයේ රැදී සිටීමට හැකිවනු ඇත. ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර පසුගිය මාර්තුවේ ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ජනපති පුටින් ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරිමට සිය අත්සන යෙදුවේ

ඉන්පසුවය. 


පුටින් පළමු වර රුසියාවේ ජනාධිපති ලෙස එම ධුරයට පත් වූයේ 2000 වසරේදීය. ඒ වනවිට ජනපතිවරයාගේ ධුර කාලය සිවු වසරකට සීමා වූ අතර, පුටින් ධුර කාල දෙකක් සම්පූර්ණ කළේය. 2008 දී ජනාධිපති ධුරයට පත් වූයේ පුටින්ගේ සමීපතම හිතවතා දිමිත්‍රි මෙඩ්වදේව්ය. ජනාධිපතිවරයා ලෙස මෙඩ්වදේව්ය ව්‍යවස්ථාව සංශෝධනය කළේ ජනපතිවරයකුගේ ධුර කාලය වසර හතරේ සිට හය තෙක් දීර්ඝ කරමිනි. ඉන්පසු 2012 දී පුටින් යළි ජනාධිපති ධුරයට පත් වුණු අතර, 2018 ජනාධිපතිවරණයෙන් ද විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය. 


පුටින්, “දිවි ඇතිතෙක් ජනාධිපති ලෙස කටයුතු කිරීමට උත්සාහ ගන්නවා යැයි විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින් චෝදනා කරන අතර, රුසියන් රජය එරට විපක්ෂ දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ දැඩි ලෙස මර්දනයට ලක් කරයි. රුසියන් විපක්ෂ නායක ලෙස කටයුතු කරන දූෂණ විරෝධී ක්‍රියාකාරියකු ද වන ඇලෙක්සි නෙවල්නි ට වස දීමට තැත් කළේත්, මේ වනවිට ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේත් පුටින්ගේ උපදෙස් අනුව යැයි ද පැවැසෙයි.


මොස්කව් නුවරදීය (රොයිටර්) 

Friday, March 19, 2021

සති 3ක් අතුරුදන්ව සිටි ටැන්සනියා ජනාධිපති මියයයි

 


ලන්ඩනයේදීය (රොයිටර්) 


සති තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ටැන්සානියා ජනාධිපති ජෝන් මගුෆුලි අභාවප්‍රාප්ත වූ බව එරට උප ජනාධිපති සමීයා සුලුහු හසාන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසීය. පසුගිය කාලයේ ජනාධිපති ජෝන් මගුෆුලි සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති විය. ඒ, ජනාධිපතිවරයා හිටිහැටියේ අතුරුදන් වුණැයි ජනතාව චෝදනා කරන්න වූ බැවිනි. ටැන්සානියානු විපක්ෂ නායක සීටෝ කබ්වේ කියා සිටියේ, ජනපතිවරයාට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සිහිසුන් ව මරණ මංචකයේ පසුවන බවය.


ජනාධිපතිවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රහසේ ම ඉන්දියාවට ගෙන ගිය බවට ද තමන්ට දැනගන්න ලැබුණැයි විපක්ෂ නායක සීටෝ පැවැසීය. ජනාධිපති ජෝන් මගුෆුලි, කොරෝනා වසංගතය ගැන තැකීමක් නොකළ අප්‍රිකා රාජ්‍ය නායකයකු ලෙස ප්‍රකටය. ඔහු පසුගිය කාලයේ ජනතාව අතරේ ගැවසුණේ මුහුණු ආවරණ  හෝ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් හෝ කිසිදු තැකීමක්  නොකරය.  


ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳ දැනුම් දෙමින්, උප ජනාධිපති සමීයා සුලුහු හසාන් ඊයේ (18) පැහැදිලි කළේ, 61  හැවිරිදි ජනාධිපතිවරයා, වසර 10 ක් තිස්සේ හදවත්  රෝගයකින් පීඩා විඳි බවත්, මියයන අවස්ථාවේදී ඔහු දාර් එස් සලාම් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවත්ය.  ජනාධිපතිවරයාගේ අභාවය සම්බන්ධයෙන් සති දෙකක ශෝක කලයක් ද ප්‍රකාශයට පත් කිරීමට උප ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මෙම ටැන්සානියාව අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන අතර, දාර් එස් සලාම් යනු එරට විශාලතම නගරයයි. 


ජනාධිපති ජෝන් මගුෆුලි පසුගිය මාර්තු 6 වැනිදා රෝගී වූ බවත් 14 වැනිදා වනවිට රෝගී තත්ත්වය උත්සන්න වූ බවත් උප ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.  ටැන්සානියාවේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය 2020 වසරේදීය. ජෝන් මගුෆුලි එයින් ජයග්‍රහණය කළේ දෙවැනි ධුර කාලය සඳහාය. ටැන්සානියාවේ ව්‍යවස්ථාවට අනුව, උපන් ජනාධිපති සමීයා සුලුහු හසාන් ජනාධිපති ලෙස දිවුරුම්දීමට නියමිතය. ඉදිරි පස් වසරක කාලයේ ඔහු බලයේ රැඳී සිටිනු ඇත.



Wednesday, February 24, 2021

ෆුකුෂිමාහි මසුන් තුළ ඉහළ විකිරණ මට්ටමක් හමුවෙයි

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පිහිටි මුහුදු සීමාවේ වෙසෙන මසුන් තුළ ඉහළ විකිරණ මට්ටමක් හමුව ඇතැයි පර්යේෂකයන් පවසා සිටියි. වසර දෙකකට පසුව මෙම මුහුදු සීමාවේ මසුන් විශේෂයක් තුළ මෙවැනි විකිරණ මට්ටමක් හඳුනාගත් පළමු වැනි අවස්ථාවද මෙය වෙයි.  2011 වසරේ සිදුවුණු භූමිකම්පනයෙන් පසුව හටගත් සුනාමි තත්වය  නිසා ෆුකුෂිමා බලාගාරයට  සිදු වූ හානිය නිසා එහි විකිරණ කාන්දුවෙන් ඒ අවට සාගරය දැඩි ලෙස විනාශ විය. කෙසේ වෙතත් ගෙවුණු කාලසීමාවෙිදී එම තත්වය  යම් තරමකින් පහව යාම සිදුවිය. 


කෙසේවෙතත් පසුගිය සතියේදී බලාගාරය ආශ්‍රිතව සිදුවූ තවත් රික්ටර් පරිමාණ 7.3ක භූකම්පනයත් සමග බලාගාරයේ සිසිලන අක්‍රියවීමත් සිදුවූ අතර, ඒ හේතුවෙන් එහි තිබූ විකිරණශීලී ජලය කාන්දු වීමක් සිදුව තිබේ. ජපාන මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම මත්ස්‍යයින් පිළිබද සිදුකළ විද්‍යාගාර පරික්ෂණවලට අනුව ඔවුන් තුළ සිසියම් නම් විකිරණශීලී මූලද්‍රව්‍ය නියමිත මට්ටමට වඩා පස් ගුණයක වඩා වැඩියෙන් පවතින බව සඳහන් වෙයි. ඒ අනුව ඒ අවට ධීවර කර්මාන්තයේ යෙදෙන  පිරිසට එම මසුන් වි ය ඇල්ලීම තහනම් කර තිබේ.


Tuesday, February 9, 2021

එක්සත් රාජධානියෙහි දුප්පත් ප්‍රදේශ තුළ covid-19 පාලනය ගැටලුවක් වෙලාලු

එක්සත් රාජධානියෙහි දුප්පත් ප්‍රදේශවල covid-19 පාලනය ගැටලුකාරී තත්වයක් බවට පත්ව ඇතැයි එරට රජය සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිදරව් කෙරී තිබේ. ඒ අනුව ජනවාරි මාසය අවසන් වනවිට එක්සත් රාජධානියේ පොහොසත් ප‍්‍රදේශවලට වඩා දුප්පත් ප්‍රදේශ තුළ ජනතාවගෙන් ලක්ෂයකින් වාර්තා වන covid-19 ආසාදිතයන් සංඛ්‍යාව පොහොසත් ප‍්‍රදේශවලට වඩා තවදුරටත් ඉහළ බව සඳහන් කෙරී ඇත. පවතින මේ තත්වයත් සමග දැනට එක්සත් රාජධානිය තුළ ක්‍රියාත්මක ලොක්ඩවුන් සිමා ඉදිරියේදී ලිහිල් කළද එරට ආසාදිතයන් වාර්තාවීමේ ගැටලුව එලෙසින්ම පවතිනු ඇතැයි විදනඥයෝ සැක පහළ කරති. 


ඒ හේතුවෙන් යළිත් වටයකට රට තුළ වසංගතය බෝවීමේ හැකියාවක් පවතින බවත් ඒ හරහා රට යළිත් වාරයකට බිත්ති හතරකට කොටුවෙනු ඇති බවත් ඔවුන් අනතුරු අඟවා සිටියි. මෙම දත්ත සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් විශේෂඥයන්ට අනුව මෙවැනි  අසමානාත්මතාවක් ඇති වීමට ප‍්‍රධානම හේතුව වත්මන් අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජය මගින් මෙම වසංගත කාලසීමාවේදී එරට අඩු ආදායම්ලාභී කණ්ඩායම් වෙත අවශ්‍ය උදව් ලබාදීමට අපොහොසත්වීම බවත් පවසා සිටියි. විශේෂයෙන්ම එරට විපක්ෂය වන කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම චෝදනා එල්ල කරති.


 "අද වනවිට වැඩි සම්ප්‍රේෂණතාවක් සහිත  වෛරස ප්‍රභේදයක් රට තුළ පවතින අවස්ථාවේදී  මේ පසුබිමත් සමඟ ඇතැම් පිරිස් එන්නත්කරණය  මගහරගන්නවා. පැහැදිලි මූල්‍යමය දායකත්වයක් නොමැතිව මේ ප්‍රදේශවල වසංගතයේ සම්ප්‍රේෂණ දාමය බිඳ හෙලන්න බැහැ.” ඔවුන් පවසා සිටියි.


Thursday, December 31, 2020

COVID-19 අලුත් ප්‍රභේදය එතරම්ම දරුණු නෑ

නව කොරෝනා හෙවත් COVID-19 වෛරසයේ අලුත් ප්‍රභේදය මෙතෙක් මතුවූ එම වෛරසයේ ප්‍රභේදවල වඩා දරුණු තත්වයක් ඇති නොකරන බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ අධ්‍යයනයකින් පවසා  සිටියි. මෙම වෛරස් ප්‍රභේද සම්බන්ධයෙන් ගැළපීමක් සිදු කරමින් ඔවුන් මේ කරුණු සදහන් කර සිටියි. කෙසේ වෙතත් මෙම නව ප්‍රභේදය ඉතාමත් ඉක්මනින් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින්නකි. දෙසැම්බර් මාසය මැදදී බ්‍රිතාන්‍ය තුළින්  හමුවුණු මෙම නව ප්‍රභේදය මේ වනවිට එරට ප්‍රදේශ රැසකටම ව්‍යාප්ත වී ඇති අතර, බ්‍රිතාන්‍යයට අමතරව තවත් රටවල් රැසක් තුළ මෙම වෛරසය හඳුනාගෙන තිබේ. 


මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් අදාළ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 1,769දෙනෙකු, මීට පෙර ව්‍යාප්ත වූ වෛරස් ප්‍රභේදය ආසාදනය වූ  තවත් 1,769දෙනෙකු හා 1:1 සැසදීමක් සිදුකර ඇත. මෙහිදී  මෙම ආසාදිතයන්ගේ වයස, ලිංගිකත්වය, පදිංචිව සිටින ප්‍රදේශය සහ පරික්ෂාවට ලක් කෙරුණු කාලය යනාදී අවස්ථාවන් පාදක කර  ගනිමින් අධ්‍යයනය සිදු කර  ඇත.


Wednesday, December 2, 2020

ඇමෙරිකා වැසියන්ට නත්තලට කලින් කොවිඩ් 19 එන්නත

නත්තලට පෙර ෆයිසර් සමාගමේ 'කොවිඩ්-I9’ හෙවත් නව කොරෝනා වයිරස එන්නත ඇමෙරිකානු ජනතාවට ලබාදිය හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ලේකම් අමාත්‍ය ඇලෙක්ස් අසාර් පෙරේදා (30) ප්‍රකාශ කළේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ ප්‍රධානින් දෙසැම්බර් 10 වැනිදා රැස්වෙන අතර එහි දි මෙම එන්නතට අවසර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය. නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා අත්හදා බලා සංවර්ධනය කෙරෙමින් තිබෙන එන්නත් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා විද්‍යාඥයන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් පත් කිරීමට ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරිහු ඉකුත් දිනෙක පියවර ගත්හ. එම කමිටුවේ නිර්දේශ අනුව ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ ප්‍රධානින් දෙසැම්බර් 10 වැනිදා ෆයිසර් සමාගමේ එන්නතට අවසර ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇත.

මේ අනුව ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝටෙක් සංවර්ධනය කර අත්හදා බැලු 'කෝවිඩ්-19' එන්නතට මුල්ම අවසරය ලැබෙනු ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ මොඩර්නා සමාගම ද සිය එන්නතට අවසර ලබාගැනීම සඳහා පෙරේදා (30) ආහාර සහ ඖෂධ පාලනාධිකාරියට අදාළ දත්ත ඉදිරිපත් කළේය. අවසන් ප්‍රතිඵලවලට අනුව සිය එන්නත සියයට 94ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි මොඩර්නා සමාගම පෙරේදා (30) නිවේදනය කළේය. අවසන් වරට කරන ලද අත්හදා බැලීම්වලදී සහ පර්යේෂණවලදී එන්නත ලබාදුන් කිසිවකු සැලකිය යුතු රෝගී තත්වයක් පෙන්නුම් කරන් නැතැයි ද මොඩර්නා සමාගම පෙරේදා සඳහන් කළේය. මොඩර්නා සමාගම සිය එන්තනට අනුමැතිය ලබාගැනීම සඳහා ඇමෙරිකාවට අමතරව යුරෝපා සංගමයේ සහ යුරෝපයේ රටවල්, එක්සත් රාජධානිය යන රටවලට සෞඛ්‍ය අංශ වෙත අදාළ දත්ත ඉදිරිපත් කිරීම පෙරේදා ආරම්භ කළේය.


ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනාධිකාරිය තවත් රැස්වීමක් දෙසැම්බර් 17 වැනිදා රැස්වීමට නියමිත අතර එම රැස්වීමෙන් පසු මොඩර්නා සමාගමේ කොවිඩ්-19' එන්නතට අවසර ලැබෙනු ඇතැයි පැවසේ. මේ අනුව මේ මස 21 වැනිදා (දෙසැම්බර් 2l) වනවිට ඇමරිකානු ජනතාවට එන්නත් දෙකම ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි වාර්තා වේ. "අපිට නත්තලට කලින් ජනතාවට එන්නත ලබාදෙන්න පුළුවන්” යැයි සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් සී.බී. එස්. රූපවාහිනිය වෙත අදහස් දක්වමින් පැවැසීය. ඇමෙරිකානු මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් ජනපදවලට, නෞකා මාර්ගයෙන් එනනත් යවන බවත් ජනපද තුළ ඒවා බෙදාහරිනේ කෙසේ ද යන්න තීරණය කිරීමට ජනපදවල ආණ්ඩුකාරවරුන්ට බලය හිමිවන බවත් හෙතෙම කීය.





Wednesday, October 28, 2020

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලොක්ඩවුන් තහංචි ලිහිල් කරයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කේන්ද්‍රකොට ගනිමින් ඇරැඹි කොරෝනා දෙවැනි රැල්ල සාර්ථකව මර්දනය කර ගැනීමට හැකි වුණු බව මෙල්බර්න් සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙල්බර්න් යනු වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරය. මෙල්බර්න් නුවරින් ඇරැඹුණු දෙවැනි කොරෝනා රැල්ල පාලනය කර ගැනීමට මෙල්බර්න් සෞඛ්‍ය අංශ සහ මෙල්බර්න් නගර බලධාරින් සමත් වූයේ නගරය ලොක්ඩවුන් කිරීමෙනි. පසුගිය ජූලි මාසයේ සිට දින 112 ක් මෙල්බර්න් ලොණ්ඩවුන් කර තැබුණු අතර අද (28) සිට එම ලොක්ඩවුන් තහංචි ලිහිල් කෙරෙන බව පැවැසෙයි.

ලොක්හවුන් තහංචි ලිහිල් කෙරුණත් නිරෝධායන නීතිවලට අනුකූලව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ. මිලියන 6 ක් වෙසෙන මෙල්බර්න් නුවර ලොණ්ඩවුන් තහංචි ලිහිල් කෙරුණත්, නිරෝධායන නීතිවලට අනුකූලව සෞඛ්‍ය ද උපදෙස් අනුව කටයුතු කළ යුතු යැය සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ. අද (28) සිට මෙල්බර්න් වැසියන්ට නිදහසේ නිවෙස්වලින් බැහැර වීමට ඉඩ ලැබෙනු ඇති අතර, වෙළෙඳසැල්, අවන්හල්, කාර්යාල විවෘත කෙරේ. වෙළඳසැල් සහ අචල්වලට ඇතුළත් කර ගැනෙන්නේ සීමිත පිරිසක් වන අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැදගත්ය. කාර්යාල සේවයට ගෙන්වා ගැනෙන්නේ අත්‍යවශ්‍ය පිරිස් පමණි. සෙසු සියලු දෙනාට නිවෙස්වල සිට රැකියාව කිරීමට අවසර හිමි වී තිබේ.

සමාජ ඒකරාශීවීම් 10 දෙනකුට සීමා වන අතර, මංගල උත්සව සඳහා සහභාගී විය යුතු ගණන 10 ක් ද අවමංගල කටයුතු සඳහා සහභාගී විය යුතු ගණන 20 ක් බව ද පැවැසෙයි. මෙල්බර්න් අයත් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයට වන අතර, නගර වැසියන්ට නගර සීමාවෙන් පිටවීමට අවසර ලැබෙනු ඇත්තේ එළැඹෙන නොවැම්බර් 8 වැනිදා සිටය. ‘පසුගිය දින කීපයේ කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැහැ. ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, දෙවැනි රැල්ල මුළුමනින්ම පාලනය කර ගැනීමට හැකිවුණු බවය. සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපඳිමින්, නිරෝධායන තහංචිවලට ගරු කරමින් මෙල්බර්න් වැසියන් කටයුතු කළ නිසා කොරෝනා දෙවැනි රැල්ල පාලනය වුණා.

ලැබූ එම ජයග්‍රහණය අයිති මෙල්බර්න් වැසියන්ටයි. ඔවුන් ඒ ගැන ආඩම්බර වෙන්න ඕනෑ යැයි වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාර ඩැනියෙල් ඇන්ඩෲස් පවසා තිබේ. මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණනද 20,341 ක් වන අතර පූර්ණ සුවය ලැබූ ගණන 19,366 කි. මරණ වාර්තා වූයේ 817 ක් ලෙසිණි. ඔස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 27,528 පසු කර තිබේ. සුවය ලැබූ ගණන 25,199 ක් වන අතර සමත මරණ වාර්තා වන්නේ 905 ක් ලෙසිණි.


Monday, October 26, 2020

නාසා යානය මගින් රැස්කල ග්‍රාහකයේ සාම්පල කොටසක් ඉන් ගිලිහීලා

 

නාසා ආයතනයේ  OSIRIS- Rex  නම් රොබෝ අතක් සහිත අභ්‍යවකාශ යානය මගින් පසුගියදා සිදුකළ Bennu නම් ග්‍රාහකයේ සාම්පල ලබා ගැනීමේ මෙහෙයුමේදී එම සාම්පලවලින් කොටසක් ඉන් ගිලිහී අභ්‍යවකාශය හා මුසු වී ඇතැයි එම ආයතනය  පවසයි. පෘථිවිය ආසන්න කක්ෂයේ පිහිටි ග්‍රාහකයක් ලෙස මෙය හඳුනාගෙන ඇත. එය පෘථිවියේ සිට සැතපුම් මිලියන 200ක් ඈතින් පිහිටා තිබේ. අදින් වසර බිලියන 4.5ක් පමණ පැරණි බවට විශ්වාස කෙරෙන මෙම ග්‍රාහකයේ සාම්පල මගින් පෘථිවියේ බිහිවීම සහ ජීවයේ ආරම්භය පිළිබඳව විශ්ලේෂණය කිරීම අරමුණ වී තිබුණි. තත්පර පහක කාලයකදී මෙම සාම්පල රැගෙන යළිත් ඉන් මිදීමට මෙම රොබෝ අත සකස් කර තිබී                                                                                          ඇත. 

කෙසේ වෙතත් මෙම රොබෝ අත මගින් ග්‍රාහකය විද එහි සාම්පල ලබා ගැනීමේදී රොබෝවේ තිබූ බහාලුමේ විවරය තුළ  සිදුවුණු යම් ගැටලුවක් නිසා එම සාම්පලයේ තිබූ පස් කොටස් කිහිපයක් යළිත් අභ්‍යවකාශයට අතහැරී ගොස් තිබෙන බව නාසා ආයතනයේ නිලධාරියෙකු පවසයි.  එහිදී තවදුරටත් එම සාම්පල කාන්දුවීම වැළැක්වීම සඳහා පියවර ගත් බවත් එම ආයතනය සඳහන් කරයි. එහෙත් මෙම සාම්පල හානියේ ප්‍රමාණය කොතෙක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැත.

නාසා ආයතනය එක්සත් ජනපදයේ ලොකීඩ් මාර්ටින් සමාගම මගින් නිපදවා ගත් මෙම යානයේ වටිනාකම ඩොලර් මිලියන 800කි. 2016 වසරේදී දියත් කළ එම යානය වසර හතරකට පසුව Bennu ග්‍රාහකය හා සමීප විය. එසේම යානය යළිත් පෘථිවිය බලා පිටත් වීම අරඹන්නේ ලබන වසරේ මාර්තු මාසයේදීය. මෙම සාම්පල රැගත් Osiris-REX යානය2023 වසරේදී නැවත පෘථිවිය වෙත ඒමට නියමිතව තිබේ.

Thursday, August 13, 2020

ගෞතම බුදුන් උපන් ස්ථානයට ඉන්දියාවත් නේපාලයත් වාග් යුද්ධයක


ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් ඉන්දියාව සහ නේපාලය අතර වාග් යුද්ධයක් හටගෙන ඇත.ගෞතම බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයකු යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ඉකුත් දිනෙක ප්‍රකාශ කළ අතර ඊට නේපාලයෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් සමග බුදුන් වහන්සේගේ උපත සහ උපත් ස්ථානය සම්බන්ධයෙන් මෙලෙස ඉන්දියාව සහ නේපාලය අතර වචන හරඹයක් නිර්මාණය වී තිබේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු ඊට දැඩි පිළිතුරක් දෙමින් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි. 

"ඔබට මතක ඇති ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවන් කවුද ? මම නම් කියන්නේ ගෞතම බුදුන් වහන්සේ. අනෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයා මහත්මා ගාන්ධි" යැයි පසුගිය සෙනසුරාදා අන්තර්ජාලය ඔස්සේ පැවැති සමුළුවක් අමතමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය. එම ප්‍රකාශයත් සමග නේපාලය කෝපයට පත්වූ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට දැඩි පිළිතුරක් දෙමින් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන් පසු දිනම නිවේදනයක් නිකුත් කළේය. "ගෞතම බුදුන් වහන්සේගේ උපත ලැබුවේ නේපාලයේ , ලුම්බිණියේ. එය ඉතා හොඳින් ස්ථාපිත සහ ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක්. එය ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇතිව තහවුරු කරන ලද කරුණක්. ඒ වගේම ගෞතම බුදුන් වහන්සේස්මගේ උපන් ස්ථානය 'යුනෙස්කෝ' ලෝක උරුමයක්" නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඊට පිළිතුරු දෙමින් ගෞතම බුදුන් වහන්සේ උපත ලැබුවේ, නේපාලයේ ලුම්බිණියේ යැයි ඉන්දීය විදේශ කටයුතු අමාතයාංශය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. "බුදු දහම නේපාලයෙත් ලොව අනෙක්  ප්‍රදේශවලට පැතිර ගියා. ඒක සත්‍යයක්. එම කරුණ ගැන විවාදයක් හෝ මතභේදයක් නැහැ. ඒ ගැන විවාදයක් ඇති වෙන්න බැහැ. සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව මේ ගැන හොඳින් දන්නවා" යැයි නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්විණි. “විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ අපගේ බෙදාහදාගත් බෞද්ධ උරුමය ගැනයි.  ගෞතම බුදුන් වහන්සේ උපත ලැබුවේ නේපාලයේ, ලුම්බිණියේ. ඒ ගැන විවාදයක්  නැහැ" ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන්,  ඉන්දියාව සමඟ සමීප සබදතා පවත්වන නේපාලයේ කොංග්‍රස් පක්ෂය ද කනස්සල්ලට පත්ව ඇත. හිටපු අග්‍රාමාත්‍ය, නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මාධව් කුමාර් ද, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කර තිබිණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2014 වසරේදී නේපාලයේ සංචාරයක නිරත විය. ‘‘ලෝක සාමයේ ධර්ම දූතයා වන ගෞතම බුදුන් උපත ලැබුවේ ද, නේපාලයේ යැයි එහිදි නේපාල පාර්ලිමේන්තුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය. නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනය මගින් එම ප්‍රකාශය‍ෙ ද සිහිපත් කර තිබිණි.