Tuesday, June 30, 2020

කැලිෆෝනියා ප්‍රාන්තයේ මත්පැන් ශාලා යළි වසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ  ගම්මාන හතක් ආශ්‍රිතව පිහිටි මත්පැන්  ශාලා  නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි ආණ්ඩුකාර ගැවින් නිවිසම් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මෙම වසා දැමුණු ප්‍රදේශ අතරට ලොස් ඇන්ජලිස් නුවරද ඇතුලත්විමත්  විශේෂත්වයකි.
මෙම ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය සති  කිහිපයේදී යළිත්  වරක් නව කොරෝනා වෛරසය දරුණු ලෙස  ව්‍යාප්ත වීම  මෙලෙස  එම මත්පැන් හල් වසා දැමීමට  හේතුවී තිබේ. ඒ අනුව පළමු කොරෝනා උපදෙස් අනුව මෙම රැල්ලෙන් අනතුරුව ලොක්ඩවුන්  සීමා පැනවුණු  කැලිෆෝනියාවේ මත්පැන්  හල් ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන  විවෘත කර සති දෙකක් ඇතුළතදී යළිත් ඒවා  මෙලෙස වසා දමා තිබේ.
 කැලිෆෝනියා ආණඩුකාරවරයාගේ ප්‍රාන්ත මහජන සෞඛ්‍ය  අධ්‍යක්ෂවරිය වන වෛද්‍ය සෝනියා ඒන්ජල්ගේ උපදෙස් අනුව මෙම මත්පැන් හල් වසා දැමීම  සිදුව තිබේ. මේ අතර  ටෙක්සාස් සහ ෆ්ලොරිඩාවේදී  ආණ්ඩුකාරවරුන් සිය ප්‍රාන්ත තුළ යළිත් වරක් හිස ඔසවමින් පවතින නව කොරෝනා හේතුවෙන් මෙවැනිම තීරණ ගැනීමට කටයුතු යොදා තිබේ.
මෙලෙස මත්පැන් හල් වසා දැමුණු කැලිෆෝනියාවේ ප්‍රදේශ හතට අමතරව තවත් අටක් වෙතද අවධානයෙන්
පසුවන බවට නියෝග නිකුත් වී තිබේ. එහෙත් මෙතෙක් එම ප්‍රදේශවල මත්පැන්හල් වසා දැමීමේ නියෝග නිකුත් වී නැත.
පසුගිය ජුනි 28 වැනිදා වනවිට කැලිෆෝනියාව  COVID-19 ආසාදිතයන් 211,243 දෙනෙකු හඳුනාගෙන තිබුණි. මේ දක්වා ප්‍රාන්තය තුළ නව කොරෝනා පරීක්ෂණ 3,955,952ක් සිදු කර තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භයේ සිට ඊයේ දිනය දක්වා ප්‍රාන්තය තුළ සිදුව ඇති COVID-19 මරණ සංඛ්‍යාව 5,905 කි.
 මේ අතර එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා ලේකම්වරයා වන ඇලෙන්සේ අසාර් දැනට රට තුළ වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාවේ සහ රෝහල්ගත ව පිරීසේ ඉහළ යාම දැඩි අවදානයට ලක්විය යුතු අවස්ථාවක් බව පවසා තිබේ. මෙහිදී සමස්ත රට තුළම සිදුවන මරණ සහ රෝහල්ගත වීම් මාස දෙකකට සාපේක්ෂව අඩු අගයක් ගත්තද, රටෙහි දකුණු දිග ප්‍රදේශය තුළ එම තත්ත්වය ඉහළ යමින් පවතින බව ඔහු පවසයි.
  ගම්මාන හතක් ආශ්‍රිතව පිහිටි මත්පැන්  ශාලා  නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි ආණ්ඩුකාර ගැවින් නිවිසම් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මෙම වසා දැමුණු ප්‍රදේශ අතරට ලොස් ඇන්ජලිස් නුවරද ඇතුලත්විමත්  විශේෂත්වයකි.
මෙම ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය සති  කිහිපයේදී යළිත්  වරක් නව කොරෝනා වෛරසය දරුණු ලෙස  ව්‍යාප්ත වීම  මෙලෙස  එම මත්පැන් හල් වසා දැමීමට  හේතුවී තිබේ. ඒ අනුව පළමු කොරෝනා රැල්ලෙන් අනතුරුව ලොක්ඩවුන්  සීමා පැනවුණු  කැලිෆෝනියාවේ මත්පැන්  හල් ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන  විවෘත කර සති දෙකක් ඇතුළතදී යළිත් ඒවා  මෙලෙස වසා දමා තිබේ.
 කැලිෆෝනියා ආණඩුකාරවරයාගේ ප්‍රාන්ත මහජන සෞඛ්‍ය  අධ්‍යක්ෂවරිය වන වෛද්‍ය සෝනියා ඒන්ජල්ගේ උපදෙස් අනුව මෙම මත්පැන් හල් වසා දැමීම  සිදුව තිබේ. මේ අතර  ටෙක්සාස් සහ ෆ්ලොරිඩාවේදී  ආණ්ඩුකාරවරුන් සිය ප්‍රාන්ත තුළ යළිත් වරක් හිස ඔසවමින් පවතින නව කොරෝනා හේතුවෙන් මෙවැනිම තීරණ ගැනීමට කටයුතු යොදා තිබේ.
මෙලෙස මත්පැන් හල් වසා දැමුණු කැලිෆෝනියාවේ ප්‍රදේශ හතට අමතරව තවත් අටක් වෙතද අවධානයෙන්
පසුවන බවට නියෝග නිකුත් වී තිබේ. එහෙත් මෙතෙක් එම ප්‍රදේශවල මත්පැන්හල් වසා දැමීමේ නියෝග නිකුත් වී නැත.
පසුගිය ජුනි 28 වැනිදා වනවිට කැලිෆෝනියාව  COVID-19 ආසාදිතයන් 211,243 දෙනෙකු හඳුනාගෙන තිබුණි. මේ දක්වා ප්‍රාන්තය තුළ නව කොරෝනා පරීක්ෂණ 3,955,952ක් සිදු කර තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භයේ සිට ඊයේ දිනය දක්වා ප්‍රාන්තය තුළ සිදුව ඇති COVID-19 මරණ සංඛ්‍යාව 5,905 කි.
 මේ අතර එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා ලේකම්වරයා වන ඇලෙන්සේ අසාර් දැනට රට තුළ වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාවේ සහ රෝහල්ගත ව පිරීසේ ඉහළ යාම දැඩි අවදානයට ලක්විය යුතු අවස්ථාවක් බව පවසා තිබේ. මෙහිදී සමස්ත රට තුළම සිදුවන මරණ සහ රෝහල්ගත වීම් මාස දෙකකට සාපේක්ෂව අඩු අගයක් ගත්තද, රටෙහි දකුණු දිග ප්‍රදේශය තුළ එම තත්ත්වය ඉහළ යමින් පවතින බව ඔහු පවසයි.

පාතාල ගිනි අවි ගබඩාවක් පිටිපනින් වටලයි.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ ලී බඩු වෙළෙඳසලක රහසිගත ලෙස පවත්වාගෙන ගිය ප්‍රබල පාතාල කල්ලියට අයත් බවට සැලකෙන අවි ගබඩාවලින් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන සහ බුද්ධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වටලා ටී-56 ස්වයංක්‍රීය ගිනි අවි 11ක් සහ ටී-81 වර්ගයේ ගිනී අවියක් සොයාගනු ලැබිය.පාතාල කල්ලියක් සතුව තිබියදී මෑත කාලයේ සොයාගත් විශාලතම අවි තොගය මෙය බව විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට කීය.

ගිනි අවි තොගය සමග ලී බඩු සාප්පුවේ හිමිකරුවන 44 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා ද ගිනි අවි තොගය එහි ගෙනැවිත් සැගවූ බව කියන පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු ලෙස සැලකෙන 'පොට්ට කපිල' නමැත්තාද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන සහ බුද්ධි කොට්ඨාසයේ නිලධාරියකුට ලැබුණු තොරතුරක්  මත පරික්ෂණ පවත්වා පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු බව කියන පොට්ට කපිලට නමැත්තා මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගිනි අවි තොගය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි එම නිලධාරියා සඳහන් කළේය.

ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත, පිටිපන ප්‍රදේශයේ මහල් හතරකින් සමන්විත ලී  බඩු සාප්පුවේ පහත මාලය සෝදිසි කර, එහි කබඩ් එකක් තුළ සඟවා තිබූ මෙම ස්වයංක්‍රීය ගිනි අවි  තොගය සොයාගෙන ඇත.

දකුණේ පාතාල කල්ලිංනායකයකු ලෙස සැළකෙන ‘කොස්ගොඩ සුජී' නමැත්තාගේ ප්‍රධානතම ගෝලයා බව කියන, දැනට රිමාන්ඩ් හාරයේ පසුවන 'ගගන' නමැත්තා පොට්ට කපිල නමැත්තාට දුරකතනයෙන් කතා කර දුන් උපදෙස් මත මීට මාසයකට පමණ ඉහතදී මෙම ගිනි අවි තොගය ගෙනැවිත් සගවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොට්ට කපිල නමැත්තා මෙම ගිනි අවි තොගය වෑන් රථයක පටවාගෙන විත්, සඟවා තබා ගන්නා ලෙස පවසා ලී බඩු සාප්පුවේ හිමිකරුට බාර දී ඇතැයි පැවැසේ.පාතාල කල්ලියට ඇති බිය නිසා මේවා සගවා තබාගත් බව සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇතැයි කියති.

පොට්ට කපිල නමැත්තාට මෙම අවි තොගය ලැබුණු ආකාරය ගැන කරුණු අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කරගෙන යයි.සොයාගත් ගිනි අවිවල අංක මකා දමා ඇති බවත්, ඒවා හඳුනා ගැනීමට රජයේ රස පරිකවරයාට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බවත්, විශේෂ කාර්ය බළකාය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත, එහි සංවිධානාත්මක අපරාධ හා බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය මහතාගේ මෙහෙයුම යටතේ, සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරික්ෂක ධර්මප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ පචත්වාගෙන යයි. 

 අත්අඩංගුවට ගෙන සිටින ‘පොට්ට කපිල'  නමැත්තා මාතර නගරයේ රන්බඩු සාප්පුවකින් 2018 වසරේදී කෝටියකට ආසන්න රන්බඩු කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයකු යැයිද පොලිසිය කියයි. එම රන්බඩු කොල්ලයේදී ඇතිවූ ගැටුමක් අතරතුර පාතාල වෙඩි පහරක් වැදී පොලිස් නිලධාරියෙක්ද මිය ගියේය. කොස්ගොඩ තාරක නමැත්තා ද මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරී, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, හෝමාගම ප්‍රියන්ත ජයලත්, මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුලරත්න, මොරගහහේන බුද්ධික කුමාරසිරි සහ ඉන්දිකා රාමනායක)


ජනමත විචාරණයක් ගැන සැකයක්.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ධුර කාලය ඉහළ නැංවීමේ අරමුණින් එරට ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පැවැත්වෙන ජනමතවිචාරණය වංචාවක් බවට කතාබහක් ඇතිව තිබේ. ලබන ජුලි 01 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ජනමතවිචාරණය මේ වනවිට මෝටර් රථ තුළ, ගස් යට, ළමා ක්‍රීඩාංගණ තුළ, උද්‍යාන බංකු මත ඇතුළු විවිධ ස්ථානවලදී පැවැත්වෙමින් තිබේ. විශේෂයෙන්ම රුසියාව තුළ ව්‍යාප්තව පවතින නව කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේම මෙම ජනමතවිචාරණයන් හැකි පමණින් පැවැත්වීම කාගේත් අවධානයට ලක්ව ඇත.
 යම් ලෙසකින් මෙම ජනමතවිචාරණයට පක්ෂව ඡන්දය ලැබී, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් පුටින් වෙත වයස අවුරුදු 83 තෙක් එනම් වසර 2036 දක්වාම පාලන බලයේ රැදී සිටීමේ අවස්ථාව හිමිවෙයි. දැනට පවතින ව්‍යවස්ථාව අනුව පුටින්ගේ ධුර කාලය වසර 2024න් අවසන්වීමට නියමිතව ඇත. එනම් තවත් ධුර කාල දෙකක් ඔහුට බලයේ රැදීමට මින් අවස්ථාව හිමි වෙයි.
විදෙස් මාධ්‍ය පවසන ආකාරයට පුටින්ගේ ජනප්‍රියතාව මේ වන විට 59%ක අගයක් ගන්නා අතර, එය 2000 වසරේදී ඔහු ජනපති ධුරයට පත්වූ අවස්ථාවේදී හිමි කරගත් ජනප්‍රියතාව හා සාපේක්ෂව අඩුම අගය බවටද පත්ව තිබේ. එහෙත් පවතින තත්ත්වය අනුව මෙම ජනමතවිචාරණය ඔහුට එරෙහිව යාම සම්බන්ධයෙන් ඇත්තේ ඉතාමත් සීමාසහිත ඉඩක් බවද එම මාධ්‍ය සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සිදු වන තෙක් හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අංශය එය දන්නෑ


 2019, අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරය සිදු වන තෙක් හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අංශය එය නොදන්නා බව ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී එස්. පී. සතරසිංහ මහතා පාස්කු ඉරිදා පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ දින පවසා සිටියේය.
කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ, ජනාධිපති ආරක්ෂක අංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ සාමාජිකයෙකු සමඟ මාසික රැස්වීම් පැවැත්වීමෙන් පසු ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇගයීම් වාර්තවක් සකස් කරන බවයි.
"සාමාන්‍යයෙන් මෙම රැස්වීම්වලදී  ජනාධිපතිවරයාගේ වර්තමාන ආරක්ෂක්ෂාව පිළිබඳ ඇගයීම් වාර්තාවක් අප වෙත ලැබේ. සහභාගී වීමට නියමිත විශේෂ උත්සවයක් තිබේ නම්, එම අවස්ථාවට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව හඳුනා ගැනීමට අපි මෙම රැස්වීම තුළදී පියවර ගන්න, "ඔහු පවසා සිටියේය.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන විසින් 2019 අප්‍රේල් 12  වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීම පිළිබඳව සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.  අප්‍රේල් 12 වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ බවත්, එම රැස්වීමට 5000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවත් කොමිසමට වාර්තා විය.
වෙබර් ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමට සහභාගී වීමට පෙර හිටපු ජනාධිපතිවරයන්ගේ ආරක්ෂාව තක්සේරු කිර්ම සම්බන්ධයෙන්
ජනාධිපති ආරක්ෂක අංශය සහ  රාජ්‍ය  බුද්ධි සේවයේ නිලධාරීන් විසින් විශේෂ රැස්වීමක් පැවැත්වූයේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වර්යා  සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
 මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා එම රැස්වීමට සහභාගී වීමට පෙර ආරක්ෂක ඇගයීම්  රැස්වීමක් පවත්වා නොමැති බවයි.
"ආරක්ෂක ඇගයීම් රැස්වීමක් නොතිබුණද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් 2019 අප්‍රේල් 10 වන දින මඩකලපුව ප්‍රදේශය පිළිබඳ ආරක්ෂක ඇගයීමක් සඳහන් කරමින් රහස් ලිපියක් අප වෙත යොමු කර ඇත." සතරසිංහ මහතා පවසා සිටියේය.
සාක්ෂිකරු කොමිසමට දන්වා සිටියේ මේ දක්වා ජනාධිපතිවරයාට පැහැදිලි ආරක්ෂක තර්ජන කිසිවක් වාර්තා වී නොමැති නමුත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව සහතික කළ යුතු බව එම ලිපියේ සටහන් වී තිබු බවයි.
"අයිඑස්අයිඑස් අනුගාමිකයන් මඩකලපුව ප්‍රදේශය තුළ වාර්තා වී ඇති බැවින් ජනාධිපති ආරක්ෂක අංශය විසින් විශේෂ ආරක්ෂක පියවර ගත යුතු බව නිලන්ත ජයවර්ධන මහතා ලිපියේ සඳහන් කර ඇත. මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා
මෙම ප්‍රදේශය ජනප්‍රිය බවත් ඔහු එම ලිපියේ පවසා ඇත" යනුවෙන් සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත්, මීට පෙර කොමිසමේ සාක්ෂි තුළින් දන්වා තිබුණේ එවකට ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් ජාතික තව්හීදී ජමාද් හි නායක සහරාන් හෂීම් සහ ඔහුගේ සගයන් රට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඇතුළු තොරතුරු 2019 අප්‍රේල් 09 වන දින වන විට පොලිස්පතිවරයාට යවා ඇති බවයි.
 රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් 'ටොප් සීක්‍රට්' යනුවෙන් සලකුණු කරන ලද එම ලිපිය පොලිස්පතිවරයාට මෙන්ම එහි පිටපත් ජාතික ආරක්ෂක්ෂාව පිළිබඳ ප්‍රධානියාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.
නිදහස් දිනයට පෙර 2019  පෙබරවාරි 03 වන දින පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම පිළිබඳ රජයේ අතිරේක සොලිසිටර්ජනරාල්වය තවදුරටත් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
 නිදහස් දිනයට පෙර පැවති ඇගයීම් රැස්වීම තුළදී ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් හා සම්බන්ධ පුද්ගලයන් 125ක් සිටින බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකු වැල්ලම්පිටිය සහ දෙහිවල ප්‍රදේශවල ජීවත් වූ බවත් වාර්තා වී ඇති බව සතරසිංහ මහතා කොමිසමට දැනුම් දුන්නේය.
ඉරාකයේ හා ඉරානයේ අයිඑස්අයිඑස් පරාජයෙන් පසු ඔවුන් වෙනත් රටවලට පහර දීමට සැලසුම් කර ඇති බව එම ලිපියේ ජේෂ්ඨ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ලලිත් නනායක්කාර මහතා සඳහන් කළේය.
සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ 2019 මාර්තු මාසයේ සිට පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම් තුල දී තව දුරටත් ජනාධිපති ආරක්ෂක අංශයට රට තුළ අන්තවාදී ක්‍රියා පිළිවෙත් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි. මෙම රැස්වීම් සඳහා ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා සහ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ජනක සෛශ්නවිරත්න මහතා සහභාගී වූ බව සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.

යෝෂීතා පෙරේරා

බූරුපොළේ ඔත්තුවෙන් උඩුපිල හොර නෝට්ටු ගැහිල්ලක් එළියට

දෙල්ගොඩ උඩුපිල බෑබඩ ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් පෙරේදා (28) පස්වරුවේ වැටලු මීගහවත්ත පොලිසියේ නිලධාරීහු ව්‍යාජ මුදල් නෝට්ටු, පරිගණක උපකරණ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් වුහ. 

වෑබඩ ප්‍රදේශයේ නිවෙසක ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරු පරිගණක සහ ජංගම දුරකතන අලුත්වැඩියා කරන්නකු බවත් ඔහු වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක අවිවාහකයකු වන ඔහු තදින්ම හෙරොයින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවකු බවත් පොලිසිය කියයි .

 අත්අඩංගුවට පත් අනෙක් සැකකරු කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 විවාහක පුද්ගලයෙකු වන අතර ප්‍රධාන සැකකරු ඔහු ලවා මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජනතාව අතර මාරු කර ගැනීම සඳහා යොඳා ගෙන ඇති බවට තොරතුරු ලැබිණයි පොලිසිය කියයි. විශේෂයෙන්ම මෙම සැකකරු රාත්‍රි කාලවලදී බුරු පොළවලට ගොස් මෙම ව්‍යාජ මුදල් නෝට්ටු හුවමාරු කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

දෙල්ගොඩ ගොළුම්මහර ප්‍රදේශයේ බුරුපිටියක බුරු ගසා ජය ගත් පුද්ගලයකු මීට මාස කිහිපයකට පෙර දෙල්ගොඩ නගරයේ වාණිජ බැංකුවක තැත්පත් කිරීමට රැගෙන ආ මුදල් නෝට්ටු අතර රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තිබී හමු වීමෙන් පසු එම බැංකුවේ නිලධාරිනියක කළ දැනුම්දීම මත එම පුද්ගලයා මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 පසුව මේ පිළිබඳව පොලිසිය විසින් දිර්ඝ වශයෙන් කළ විමර්ශනවලට අනුව වෑබඩ ප්‍රදේශයේ නිවෙසක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ඡාවාරම හෙළිදරව් වී ඇත.මෙහීදී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 11ක් පරිගණකයක් ප්‍රින්ටරයක් ඇතුළු උපාංග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකරුවෝ හොර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධානෙ පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඒ. විමලරත්න, පොලිස් සැරයන් (6015) අබේසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (88789) රාජපක්ෂ, (35434) සුමේද බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින් වන (8234) කුමාර, (69425) මහේෂ්, පොලිස් රියැදුරු (80914) සාරංග යන නිලධාරිහු මෙම වැටලීමට එක්වූහ.

(දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති)

මහ ඉඳුරුව විජයධම්ම පිරිවෙන් විහාරාධිපති හිමියන් ඝාතනය කරලා

 ඉඳුරුව මහ ඉඳුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමි ව විජයධම්ම පිරිවෙන් විහාරාධිපති හිමියන් ඝාතනය කරලා

ඉඳුරුව මහ ඉඳුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් (73) ඝාතනය කර ඇතැයි. කොස්ගොඩ පොලීසිය කියයි. 

ඝාතනය කෙරුණ හිමියගේ දේහය ඊයේ (29) උදෑසන විහාරස්ථානයේ බිම තිබියදී සොයා ගැනුණු බව ද දෙපා ගැට ගසා කටට පාන්කඩ ඔබා තිබුණු බව ද පොලීසිය කියයි. විහාරස්ථානය කොල්ල කෑමට පැමිණි පිරිසක් උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

විහාරස්ථානයේ කුටි කිහිපයක් අවුස්සා ඇති බව නිරීක්ෂණය වූ බව ද පොලීසිය කියයි. උන්වහන්සේ පෙරේදා (28) රාත්‍රී ඝාතනය කරන්නට ඇතැයි තමන්   සැකකරන බවත් අවශ්‍යතාවකට විහාරස්ථානයකට ගිය ළමයින් දෙදෙනකු විහාරාධිපති හිමියන් ගැන සොයා බැලීමේදී උන්වහන්සේගේ මළ සිරුර දැක ඒ බව තමන්ට දැන්වීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර ඊයේ (29) වැනිදා සොයාගත් බව ද පොලීසිය කියයි.කොස්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ඉඩමකට හොර ඔප්පු හදා බැංකු ණය ගත්තැයි නීතීඥවරියකට විමර්ෂණයක්

බදු පදනම මත ලබා දුන් රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් අනුරාධපුර මහවීදියේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා එම ව්‍යාජ ඔප්පුව අනුරාධපුරයේ පෞද්ගලික බැංකු දෙකකට තබා ණය මුදලක් ලබාගත් බව කියන සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුරයේ නීතිඥවරියක ජූලි 7 වැනිදා විශේෂ විමර්ශනයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ කමිටු අංක එක වෙත කැඳවා තිබේ.  ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් සී. හේරත් මහතා විසින් අදාළ නීතිඥවරිය මෙම විමර්ශනය සඳහා කැඳවා ඇත්තේ ඕපනායක පලාත ඉලුක්කුඹුරේ ජේ.බී. රොහාන් අනුරාධ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට කළ ලිඛිත පැමිණිල්ලක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. 

නීතිඥවරිය මෙම විමර්ශනය සඳහා නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් සී. හේරත් මහතා විසින් මෙලෙස කැඳවා ඇත්තේ අගවිනිසුරුවරයාගේ නියෝගයකට අනුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන මෙහෙයවා පසුව පැවරූ නඩුවක් මේ  වන විට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර තවත් සිවිල් නඩුවක් අනුරාධපුර දිසා අධිකරණයේ විභාග වෙමින් පවතී.

මේ අතර උතුරු මැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ විශේෂ නියෝගයක් මත පොලිස් අධිකාරි විජිත ද අල්විස් මහතා ද මෙම ව්‍යාජ ඉඩම් ඔප්පු සැකසීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් සිදුකරමින් පවතී.

(අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද)

කරුණාගේ චරිතය අංගුලිමාල රහතන්වහන්සේගේ චරිතයට සමාන කරන්න බැහැ.

ඇතැම් දේශපාලඥයන් විසින් අංගුලිමාල චරිතය හා විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) චරිතය සමාන කර කතා කිරීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත වන බවට ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කර සිටියහ.
 උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ, නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන මූලස්ථානයේ ඊයේ (29දා) මාධ්‍ය හමුවක් කැඳවමිනි.
 මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වූ උන්වහන්සේ,
"ඇතැම් දේශපාලකයන් අංගුලිමාල චරිතය හා කරුණා අම්මාන්ගේ චරිතය සමාන කර කතා කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. අංගුලිමාල හිමියන් රහත්භාවය ලැබූ මහතෙරනමක්. උන්වහන්සේ
කිසිදිනක අතීතයේ තමන් කළ වැරදි පිළිබද උද්දාමයට පත්වූයේ නැහැ. අද කරුණා තමන් කළ වරද ගැන පසු තැවෙනවා වෙනුවට තමන් කළ වරද උද්දාමයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා” යනුවෙ‍න් පැවසූහ.
මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතාද එක්ව සිටි අතර, එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, කරුණාගේ ප්‍රකාශය අපරාධ නීතිය අනුව වැරදි බවත්, එය සුදුසු
අධිකරණයකදී පරීක්ෂා කර දණ්ඩනය ලබාදිය හැකි වරදක් වන බවත්ය.
"මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට පවා යා හැකියි. 1949 පිනිවා ජාත්‍යන්තර සම්මුතීන්වලින්ද ම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය වැරදි වෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් වහාම නීති ක්‍රියාත්මක කළ යුතුයි" යනුවෙන්ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

නිදර්ශනී  වික්‍රමසිංහ

Monday, June 29, 2020

නාකොටික් ඇල්ලූ කුඩු විකුණා කෝටි 3 ක් සැරයන්ගේ මහව වත්තේ වළදමලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගත්තේ රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට විකිණු බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේම පොලිස් නිලධාරින් සිවුදෙනා අතුරින් පොලිස් සැරයන්වරයකුගේ මහව දළදාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමහි සුරක්‍ෂිත ලෙස සඟවා තිබු රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂයකට අධික මුදලක් පොලීසිය විසින් සොයාගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට සිවුදෙනාගෙන් හෙළිකරගත් තොරතුරු මත රහස් පොලිස් කණ්ඩායමක් මහව ප්‍රදේශයට ගොස් මෙම මුදල් තොගය සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් ජාවාරම්කරුවන්ට විකිණූ බවට පොලිස් නිලධාරින් සිවුදෙනකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මුදල් ඔවුන් අතර බෙදාගන්නා තෙක් අදාළ පොලිස් සැරයන්වරයාගේ ඉඩමේ වළලා තබන්නට ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (28) පැවසීය.

පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උපපොලිස් පරීක්‍ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු, පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින අතර, ඔවුන් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන රහස් පොලීසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි. මෙම ඉඩමේ තිබූ රුපියල් 3,11,45,000ක මුදලක් පොලීසියට හමුවී ඇති අතර ඒ ඔවුන් හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලබාගත් මුදලින්
කොටසක් බව පරික්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි ද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන මෙම පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍ය තොගය  විකුණා ලබාගත් රුපියල් කෝටි ගණනක මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව පරික්‍ෂණවලින් පෙනීයන බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීවේය. අධිකරණ නියෝග ලබාගෙන එම ගිණුම් පරික්ෂා කර බැලීමට ද රහස් පොලිසිය කටයුතු කරගෙන යයි. මීට අමතරව මෙම පොලිස් නිලධාරින්ගේ වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් ද රහස් පොලීසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි. 

මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර රුපියල් කෝටි ගණනින් මුදල් උපයාගෙන ඒවායින් දේපොළ ලබාගෙන ඇති බවට ඇතිවූ සැකයක් මත මෙම පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපපොලිස් පරික්ෂකවරයකු, මහව දළදාගම ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු, අළුබෝමුලේ පදිංචි සැරයන්වරයකු, කරදෙණිය ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු සහ එම කොස්තාපල්වරයාගේ ඥාති සහෝදරයෙකි.

මීට පෙර 2017 වසරේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂක නියෝමාල් රංගජීව මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමකට පිළියන්දල ප්‍රදේශයේදී පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් විසින් වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ද මෙම නිලධාරින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රහස් පොලීසිය පුළුල් පරික්‍ෂණ පවත්වාගෙන යයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රධාන පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා බරපතළ තුවාල ලැබීය. අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ඥාති සහෝදරයා සැකකාර පොලිස් නිලධාරීන් සමග කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය තොග යම් යම් ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බව ද රහස් පොලිසිය මෙතෙක් කළ පරික්‍ෂණවලින් අනාවරණය වී ඇතැයි පැවසේ. 

 ඩුබායි රටට පළාගොස් සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙම පොලිස් නිලධාරින් එරට සිට මෙහෙයවා ඇති බව ද රහස් පොලිස් පරික්‍ෂණවලින් හෙළිවී ඇතැයි ද වාර්තා වේ. මෙම සැකකරුවන් කාර්යාංශය භාරයට ගෙන තිබූ හෙරොයින් මන්ද්‍රව්‍ය තොගය කොස්ගොඩ, බේරුවල, මහරගම, කොට්ටාව සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුට විකුණා ඇති බව පැවසේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී මේ බව අනාවරණය විණියැයි පොලිස් ආරංචි මාර්ග කියයි. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ, රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක රහස් පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ පවත්වාගෙන යයි.

 මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ආර්.ඒ.ඩී. රොහාන් මහේෂ් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මීට සති තුනකට පමණ ඉහතදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් සමග චමින්ද දයා ප්‍රියාන් හෙවත් ටයිල් චමින්ද නමැත්තකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමේදී මෙම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

ටයිල් චමින්ද  නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී රිසිටර් වර්ගයේ ගිනි අවියක් ද පසුව සොයාගෙන ඇති අතර, දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක එම සැකකරුට අයත් ගිණුමකින් - රුපියල් කෝටි ගණනින් මුදල් හුවමාරු වන බවට ද තොරතුරු මිනුවන්ගොඩ පොලිසිය විසින් හෙළිකරගනු ලැබ ඇත. මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතාගේ මාතර
කාර්යාලයේදී පෙරේදා (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරින් සිවුදෙනා 1979 අංක 47 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන විමර්ශන සිදුකරන බවයි. 

ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්වී උපයාගත් මුදලින් කැබ් රථ, යතුරුපැදි ආදී යානවාහන හා දේපොළ විශාල වශයෙන්ම මිලදීගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.  මෙයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත, තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද සේනාරත්න මහතා සඳහන් කළේය.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)

බොරැල්ල මැගසින් බන්ධනාගාර භූමියට පාර්සල් කර විසිකිරීම සඳහා සූදානම් කර තිබූ ජංගම දුරකථන බැටරි, චාජර් ඇතුළු උපකරණ රැසක් සමග පුද්ගලයන් සිවුදෙනෙකු අත්ඩංගුවට.


බොරැල්ල මැගසින් බන්ධනාගාර භූමියට පාර්සල් කර විසිකිරීම සඳහා සූදානම් කර තිබූ ජංගම දුරකථන බැටරි, චාජර් ඇතුළු උපකරණ රැසක් සමග පුද්ගලයන් සිවුදෙනෙකු ඊයේ (28දා) බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේදී අත්ඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය පවසයි.
අදාළ සැකකරුවන්ගේ නිවෙස්වල සගවා තිබූ ජංගම දුරකථන අටක්, චාජර් 21, බැටරි 119, හැන්ඩි ෆ්‍රී 3, මාවා ග්‍රෑම් 136, දුම්කොළ 12, හුණු මුල් 2, සුවඳ විලවුන් වර්ග, ඖෂධ විශාල තොගයක් පොලීසිය භාරයට ගෙන ඇත.
පසුගිය 26 වනදා පෙරවරුවේ පාර්සල් කර විසි කරන ලද ජංගම දුරකථනයක්, අයිස් මත්ද්‍රව්‍ය, බැටරියක්, දුම්කොළයක් හා හෙරොයින් මත්කුඩු අඩංගු පාර්සලයක් තාප්පය හා වැට අතර වැටී තිබී හමුවීමෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුමේදී බන්ධනාගාරය තුළට රැගෙන යාමට තහනම් භාණ්ඩ රැසක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීන්ද පැවසීය.

දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවත්, පිටස්තර ප්‍රදේශවලින් මේ ආකාරයෙන් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තාප්පයෙන් විසිකිරීම සඳහා මෙම පුද්ගලයන් ඉඩ ලබා නොදෙන බව ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක දුමින්ද බාලසූරිය මහතා මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

පොලිස් ලොක්කෙකුගේ නිල නිවෙස රැක්ක කොස්තාපල් ගංජා කිලෝ 10 ක් ඇදලා

නිල ඇඳුමෙන් සැරසී තම යතුරුපැදියෙන් ගංජා කිලෝ 10 යි, ග්‍රෑම් 100ක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඉකුත් 26 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙම කොස්තාපල්වරයා හෙට 30 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා පොලිසියට අවසර දුන්නේය. සැකකාර කොස්තාපල්වරයා පෙරේදා (27) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර පොලිසිය සැකකරුගේ ගංජා ජාවාරම ගැන වැඩිදුරටත් ප්‍රශ්න කිරිමට අවශ්‍ය බැවින් ඒ සඳහා රැඳවුම් නියෝගයක් ලබාදෙන්නැයි කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය ලබාදුන්නේය. ඒ අනුව පොලිසිය වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන 46 හැවිරිදි මෙම සැකකාර කොස්තාපල්වරයා, අනුරාධපුර, ගල්කුලමේ, ලෙට්ටිමඩුව, පෙරිමියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනුරාධපුර පොලිසියට අනුයුක්තව, දිගුකලක් තිස්සේ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකුගේ නිල නිවසට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අසල මුරකුටියේ රාජකාරි කළ මෙම සැකකාර කොස්තාපල්වරයා ගංජා ප්‍රවාහනය කරන ජාවාරමක යෙදෙන බවට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට දින කිහිපයකට පෙර ලැබී තිබුණ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරි පිරිසක් අනුරාධපුර කුරුණෑගල - ප්‍රධාන මාර්ගයේ, ශ්‍රාවස්තිපුර, "තුරුලිය සෙවණ" අසලදී ඉකුත් සිකුරාදා (26) රාත්‍රී 9.00 ට පමණ යතුරුපැදියකින් තලාව දෙසට යමින් සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගත්හ.

එහිදී ඔහුගේ යතුරුපැදියේ පසුපස අසුන අසල පොහොර උරයක බහා ගැටගසා තිබූ කිලෝ දහයයි ග්‍රෑම් 100 ක ගංජා ප්‍රමාණය සොයාගැනීමට හැකි වූ බවත්, ඊට අමතරව රුපියල් 40,000/- මුදලක් ඔහු ළග තිබී හමු වූ බවත් පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය, ලෙට්ටිමඩුව, පෙරිමියන්කුලමේ ඔහු පදිංචිව සිටින නිවසද රාත්‍රියේම පරික්ෂා කර තිබුණි. එහෙත් නිවසේ ගංජා නොතිබුණු බව පොලීසිය පවසයි. පොලීසිය සිදුකළ පරික්ෂවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ උසස් පොලිස් නිලධාරියාගේ නිල නිවසේ ප්‍රධාන ගේට්ටුව අසල මුරකුටියේ ඉකුත් සිකුරාදා රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටින අතරතුර මොහු අනුරාධපුරයේ සිට තලාවේ පදිංචි තවත් ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා ගංජා පාර්සල් රැගෙන ගොස් තිබූ බවයි. 

ඔහු සමග රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බළකායේ භටයාට තමන් රාත්‍රී ආහාරය ලබාගැනීමට යන බව පවසා සිය රාජකාරි ගිනි අවියද මුරකුටියේ තබා යතුරු පැදියේ නැගී තලාව බලා යාමට පිටත්ව ගොස් තිබුණු බවද පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබිණි. මෙම අනුරාධපුර දිසා දූෂණ මර්දන අංශයේ අධීක්ෂණ නිලධාරි පොලිස් පරික්ෂක දිනේෂ් මංජුල මහතාගේ මෙහෙයවීමෙන් එම අංශය භාර ස්ථානාධිපති පොලිස් සැරයන් විජේරත්න (32117), සැරයන් බණ්ඩාර (48317), කොස්තාපල්වරුන් වන රාජරත්න (66934), තරිඳු (7862l), දිසානායක (81188), කුමාර (83448), ආනන්ද (34027) සමග කාන්තා කොස්තාපල් මානෙල් (7215) යන මහත්ම මහත්මීහු වැඩිදුර පරික්ෂණ සිදුකරති.

(අතුළ බණ්ඩාර,අනුරාධපුර දයාරත්න ඇඹෝගම, තලාව උපුල් හේරත් සහ අනුරාධපුර බී.ජී.චතුරංග)

හෝර්ටන්තැන්න සීමාවේ අමානුෂික ලෙස සුනඛයන් බැඳ තැබු පුද්ගලයාට ඇප.


හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර සීමාවේ උඩුවේරිය වතුයායේ වගා බිමක සතුන් පලවා හැරීම සඳහා අමානුෂික ලෙස කම්බිවලින් සුනඛයන් ගැට ගසන ලද හා එම වගා බිම අවට වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් මදු අටවන ලද පුද්ගලයෙකු පසුගියදා (26දා) අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරී බව හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී.කේ.පී.එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
 උඩුවේරිය වතු යාය ප්‍රදේශයේ වගා බිමක් වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම  සඳහා මෙම පුද්ගලයා දිනකට එක්
සුනඛයෙකු බැගින් සුනඛයන්මාරු කරමින්  මෙසේ අමානුෂික ලෙස කම්බිවලින් ගැට ගසා ඇති බව සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී තිබේ.

වන සතුන් දඩයම් කිරීමේ අරමුණින්  මෙම පුද්ගලයා වගා බිම අවට මදු විශාල ප්‍රමාණයක් අටවා තිබී ඇති අතර එම මදුද වනජීවී නිලධාරින්ගේ භාරයට ගෙන තිබේ.
 මෙසේ සුනඛයන් දිගින් දිගටම අමානුෂික අයුරින් ගැට ගසා තිබීම හේතුවෙන් වනෝද්‍යානයේ වෙසෙන කොටියන් එම සුනඛයන් අල්ලා ගැනීමට පැමිණීමේ අවස්ථා නිර්මාණ
හැකි බවත්, ඇතැම් විට එසේ පැමි‍ණන කොටියන්ද  මදු වලට හසුවීමට ඉඩප්‍රතා ඇති විය හැකි බවත් විමර්ශනවලදී අනාවරණය විය.
සැකකරු හෙට (30දා) වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී.කේ.පී.එම්. ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් අනුව වනෝද්‍යානයේ නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබු අතර ඊට නුවරඑළියේ ජනප්‍රිය ගාල්ලගේ මහතා මාර්ග උපදේශකත්වයෙන් සහය දක්වා තිබිණි.

ශාන් හුලංනුගේ

ගජ මිතුරාගේ අටවියැති දියණියට අතවර කළ හිටපු කපිතාන් අත්අඩංගුවට

අට හැවිරිදි පාසල් දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 44 හැවිරිදි විවාහක හිටපු හමුදා කපිතාන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කරමින් සිටියදී වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගත් අයකු බවත් ඔහුගේ විවාහක බිරිය ඔහු අතහැර ගොස් ඇති බවත් උහන පොලිසියේ නිලධාරියෙක් 'ලංකාදීපයට පැවසීය.

මෙම අට හැවිරිදි දැරියගේ පියා සහ මෙම සැකකරු හොඳ මිතුරන් බවත් ඔහු නිතර නිවසට පැමිණ රෑ බෝවන තෙක් මත්පැන් පානය කරන බවද පරීක්ෂණවලින් හෙළිවිණැයි එම පොලිස් නිලධාරියා කීය.

සැකකරු හොර රහසේ රාත්‍රී එම නිවසට පැමිණ දැරිය ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිසිය කීය. දැරියගේ පියා කිසියම් ශබ්දයක් ඇසී විපරම් කර බලද්දී සැකකරු දැක ඔහුට කොස්සයින් පහරදී ඇති බවත් කොසු පහරකාගෙනම ඔහු පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. දැරියගේ පියා කළ පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වා සැකකාර හිටපු යුද හමුදා කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

 ලිංගික අපයෝජනයකට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරික්ෂණයකට ලක්කිරිම සඳහා රෝහල් ගතකර තිබේ. උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් වේරගොඩ (58004) සහ කාන්තා පොලිස් සැරයන් ෂර්මිලා (5694) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඒටීඑම් යන්ත්‍රෙය් දමාගොස් තිබූ ලක්ෂය හිමිකරු සොයා බාරදෙයි.


අම්බලන්තොට රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයේ අමතක වූ  රුපියල් ලක්ෂයක මුදල ඊට පසු පැමිණි පුද්ගලයෙකු විසින්  රැගෙන එම රාජ්‍ය බැංකුවේ කළමනාකරු අතට පත් කිරීමෙන් පසු එම මුදල හිමිකරු බැංකුවට ගෙන්නා  ඔහුගේ අතටම එම මුදල ලබාදීමේ පුවතක් අම්බලන්තොට නගරයෙන් වාර්තාවේ.
 අම්බලන්තොට මහජන බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි අම්බලන්තොට මහඇළකණ්ඩිය, කොග්ගල්ල පදිංචි ඩී. සජිත් තිවංක නමැත්තා  රුපියල් ලක්ෂයක  මුදල යන්ත්‍රයෙන් පිටතට නොගෙන කාඩිපත පමණක් රැගෙන  එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
 ඊට පසුව යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි හුංගම
විජයබා ජාතික පාසලේ ගුරුවරයකු වන වයි.අයි. ලක්මාල්  මහතා එම රුපියල් ලක්ෂයේ මුදල අතට ගෙන බැංකුවේ  කළමනාකරු අතට ලබාදීමෙන් පසු මුදල් අයිතිකරු කවුරුන්ද  යන්න සොයා බලා ඔහුට දුරකතන ඇමතුමක් ලබා දී ඔහු බැංකුවට ගෙන්වා මුදල අයිතිකරු අතට ලබාදීම මහජන බැකුවේ අම්බලන්තොට ශාඛාවේ මෙහෙයුම් කළමනාකරු  ඉදිරියේදී සිදුකෙරිණි.
මුදල් අයිතිකරුට දුරකතන ඇමැතුම ලබා දෙන විටදිටත්  මුදල් තමා අතේ නොමැති බව ඔහු නොදැන සිටි බවද, හදිසියේ කාඩ් පත පමණක් යන්ත්‍රයෙන් රැගෙන එම මුදල්
වෙනත් කෙනෙකුට ලබා දීමට ගමන් කරමින් සිටියදී දුරකතන ඇමැතුම ලැබුණු බවත්. එවිට මුදල් අතේ නොමැති බව තේරුම් ගිය බවත් මුදල් අයිතිකරු පැවසු බව කළමනාකරු කීය.

 (අම්බලන්තොට සනත් ගමගේ)

දුම්රිය ව්‍යාපෘති 2ක් දෙස් විදෙස් සමාගම්වලට දුන්නොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක්

දුම්රිය ප්‍රවේශපත් නිකුත්කිරීමේ සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති දේශීය සහ විදේශීය පෞද්ගලික සමාගම් දෙකකට ලබාදීමට බලධාරින් කටයුතු කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹන්නට දුම්රිය සේවකයන් තීරණය කර ඇතැයි දුම්රිය ලොකොමෝටිව ඉංජිනියස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

දුම්රිය සන්නිවේදන පද්ධති ස්ථාපිත කිරිම සඳහා ප්‍රමුඛ පෙළේ පෞද්ගලික දුරකතන සමාගමකට දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරිම ඉකුත් 26 වැනිදාට යෙදී තිබූ නමුත් වෘත්තිය සමිතිවල විරෝධතාව හේතුවෙන් එය කල්දැමුණු බවත් හෙතෙම කියා සිටියේය.

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම චීන සමාගමකට ලබාදීමට සැළසුම් කර ඇති බව කී දොඩන්ගොඩ මහතා, එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.  මේවා වැඩකට නැති ව්‍යාපෘති යැයි කී ඔහු පසුගිය රජය සමයේ සැළසුම් කර ඇති මෙම ව්‍යාපෘති වත්මන් රජය බලයට ආ වහාම අහෝසි කරන බව කීවත් එය සිදුවන බවක් පෙනෙන්නට නැතැයි ද පැවසීය.

තාක්ෂණය දියුණු වර්තමානයේ සන්නිවේදනය දියුණු කිරීම හා ප්‍රවේශපත් නිකුත්කිරීම වැඩිදියුණු කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බැවින් පෞද්ගලික සමාගම්වලට ඒවා දියයුතු නැතැයි ද දොඩංගොඩ මහතා පැවැසීය. මේ සඳහා ඩොලර් මිලියන 8.5ක් වැයවෙතැයි පැවැසෙන බවත් මෙම ව්‍යාපෘති දෙපාර්තමේන්තුව මගින් සිදුකළ හොත් වැයවන්නේ රුපියල් මිලියන 75ක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

නාරාහේන්පිට, අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දික දොඩම්ගොඩ මහතා මෙම කරුණු සඳහන් කළේය. මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරිම කාර්යක්ෂම කිරීම සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතාගෙන් ලංකාදීපය කළ විමසීමේදී ඔහු කියා සිටියේ, 2017 සැලසුම් කළ මෙකී ව්‍යාපෘති මේ වනවිට ආරම්භ කිරීමේ අදියර පැමිණ ඇති බවය.

කිසිදු ව්‍යාපෘති සමිතියක් ඊට විරුද්ධ නොවුණු බවත් ඒ පිළිබඳ මුල සිට ඔවුන්ගේ සහය ලැබුණු බවත් කී සමරසිංහ මහතා, මෙම වැඩිදියුණු කිරීම ව්‍යාපෘති අනුව දෙපාර්තමේන්තු සේවක පිරිස්වල වෘත්තීය මට්ටම් ඉහළදැමීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවද කියාසිටියේය.

මේ වනවිට සියලු වෘත්තිය සමිතිවල අදහස් ලබාගෙන ඇතැයි කී ඔහු ඒ සම්බන්ධව රැස්වීම් 14ක් පැවැත්වූ බවද පෙන්වා දුන්නේය. මේ වනවිටත් සන්නිවේදන පද්ධතිය දේශීය සමාගමකට ලබාදී ඇති බව සැබෑ යැයි පැවසු සමරසිංහ මහතා ප්‍රවේශපත්‍ර පිළිබඳ ව්‍යාපෘතිය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි කියා සිටියේය.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වත මෙම ව්‍යාපෘති දුම්රිය සේවාව ලබාගන්නා ජනතාවටත් එහි සේවක මඩුල්ලටත් ප්‍රතිලාභ රැසක් හිමි වන බවද සමරසිංහ මහතා කීය.

(විනීතා එම්.ගමගේ සහ මහින්ද නිශ්ශංක)

මැද පෙරදිග ශ්‍රී ලාංකික 20000කගේ රැකියා අහිමීවීමේ අවදානමක් .


 කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20000කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
 මේ වනවිට එරට සමහර ආයතන වැසී යාම නිසා සේවකයන් වැටුප් අහිමිවීම්වලට මුහුණ දී ඇති බවත් තවත් සමහරුන්ට අඩු වැටුප් ලැබීම් සිදුව ඇති බවත් තවත් බොහෝ දෙනකුට අතිකාල සේවා අහීම් වී ඇති බවත් වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර අප්‍රේල්, මැයි හා ජූනි මාස තුනේදී  විදේශ රැකියාවන්ට යමට බලාපොරොත්තුවෙන් සිටි 30,000කට ආසන්න පිරිසකට කොරෝනා පැතිරයාම හේතුවෙන් එම රැකියා අහිමි වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
එකී රැකියා අවස්ථා යළි ලබාගැනීම පිළිබඳව කාර්යාංශය මැදිහත්ව කටයුතු කරමින් සිටින බව පැවසු රන්දෙනිය  මහතා කියා අහිමී වී හෝ වැටුප් අහීමීව මැදපෙරදිග සිටින පිරිස් පිළිබඳව තානාපති කාර්යාල මට්ටමින් සොයා බලන බවත් අවශ්‍ය පහසුකම් සලසාදීමට පියවර ගන්නා බවත් පැවැසීය.

 එසේ යම් ප්‍රශ්නයකට මුහුණ දී සිටින අයකු වේ නම් අදාළ  රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටි රන්දෙණිය මහතා එහි නිලධාරින් අවශ්‍ය පියවර ගනු ඇතැයිද කීය.
මේ අතර විදේශ රැකියාවන්හි යෙදී සිට නිවාඩුවට මව්රට පැමිණි අය ආපසු තම සේවා ස්ථානයට යාමට අවශ්‍ය නම් ඒ පිළිබඳ කාර්යංශයට වාර්තා කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කාර්යාංශය විසින් කරනු ලබන බවත් ඔහු සඳහන් කළේය.

(විනීතා එම්. ගමගේ)

Friday, June 26, 2020

නාරේහේන්පිට පොලිස් සිරමැදිරියේ තරුණයා එල්ලී මරුට.

 රුපියල්  ලක්ෂ  5 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නාරාහේන්පිට පොලිස් සිරමැදියේ රඳවා සිටි තරුණයකු සිරමැදිරියේ වැසිකිළියේ වතුර බටයක එල්ලී පෙරේදා (24) රාත්‍රි මියගොස් ඇතැයි පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කිතුල්ගල පදිංචි රුවන් නිශාන්ත (32) නමැති තරුණයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
 මොහු පොලිස් රෝහලේ උපස්ථායිකාවක වශයෙන් සේවය කරන තරුණියක සමග පෙම්සම්බන්ධතාවක් පවත්වා ඇති බවත් පසුව තරුණයා එම තරුණියගෙන් මෙම රුපියල් ලක්ෂ  5 ක මුදල කිසියම් අවශ්‍යතාවක් සඳහා ඉල්ලාගෙන ඇති බවත් පොලිසියට තොරතුරු හෙළි වී ඇත.
 මුදල් ඉල්ලාගෙන මාස කිහිපයක් ගතවුවත් තරුණයා එම මුදල නොගෙවා ඇති බවත් ඒ හේතුවෙන් තරුණිය සමග ආරවුල් ඇති කරගෙන ඇති බවටත් පැමිණිලි ලැබුණ බව පොලිසිය කියයි.
පෙම්වතා තමන්ගෙන් ඉල්ලාගත් මුදල යළි නොගෙවීම සම්බන්ධයෙන් තරුණිය පෙරේදා නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර ඇත. පැමිණිල්ල අනුව පොලිසිය පෙරේදා සවස 4.30 ට පමණ සැකකාර තරුණය අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රකාශ ලබා ගැනීම සඳහා සැකකරු සිරමැදිරියට දමා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එදින සිරමැදිරියේ සිට ඇත්තේ මෙම තරුණයා පමණක් බවද පොලිසිය  සඳහන් කරයි.

 මියගිය තරුණයා රේගු සේවකයකු බවට තරුණියගේ පැමිණිල්ලේ සඳහන් වුවද ඒ බව තහවුරු කිරීමට ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන නොමැති බවද පොලිසිය පවසයි.  නාරාහේන්පිට පොලිසිය එදින රාත්‍රියේ රාජකාරි කළ ආධුනික  උප පොලිස් පරීක්ෂකවරයකු රාත්‍රි 8.00 ට පමණ සිරමැදිරිය පරික්ෂාවට ලක් කිරීමේ දී තරුණයා දක්නට නොලැබී ඇති අතර පසුව සොයා බැලීමේ දී සිරමැදිරයේ ඇති වැසිකිළියේ වතුර බටයක සපත්තු ලේන්ස් එකකින් එල්ලී සිටින අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය පවසයි.
 තරුණයා එම අවස්ථාවේදීත් මියගොස්  සිටි බව පොලිසිය කියයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජී. ප්‍රභාකරන් මහතා පෙරේදා රාත්‍රියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තරුණයාගේ මළසිරුර කොළඹ ජාතික රෝහලේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.  නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

( ඉන්දිකා රාමනායක , බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිනුවන්ගොඩ දී ඇල්ලූ බොරු ව්‍යාපාරිකයා මහ පරිමාණ කුඩු ජාවාරම්කරුවෙක් .

 මිනුවන්ගොඩ දී හෙරොයින් සමග පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයට පසුගිය කාලයේ මත්කුඩු කිලෝ 90 ට අධික ප්‍රමාණයක් ගෙනවිත් ජාවාරම් කළ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු හෙළිවී ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි.

 මෙම පුද්ගලයාගේ ගිණුමට මත්කුඩු අලෙවියෙන් ලැබෙන මුදල් මසකට රුපියල් ලක්ෂ 400- 500 ක  අතර ප්‍රමාණයක් බැරවන බවත් එවා වෙන වෙන ගිණුම්වලට හුවමාරු වී ඇති බවටත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
 මොහු මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට කියන මුදල්, වාහන හයක්, ඉඩම්, නිවාස ඇතුළු කෝටි ගණනක දේපළ මුදල් විශුද්ධිකරණ පනත  යටතේ තහනම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම ගිණුම දැනට අත්හිටුවා ඇති බව පොලිස්  ආරංචි මාර්ග කියා සිටි.
 මීගමුව ප්‍රදේශයේ පදිංචි දැනට ඩුබායි රටට පැනගොස් සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයා වන මෙම සැකකරු මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි. සැකකරුගේ බිරිඳ හා දරුවන් දැනට රටින් පලාගොස් සැඟව සිටින බවද පොලිස් ආරංචි මාර්ග කියයි. සැකකරු ඉකුත් 12 වැනිදා මෝටර් රථයකින් යමින් සිටියදී මිනුවන්ගොඩ පොලිසිය විසින් සැකපිට අල්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය ඔහු පරික්ෂණය කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 5 ක ප්‍රමාණයක් සහ ජීව පතුරම් 5 ක් ළග තිබී  ඇත.
ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේ දී එහි ඊසි කෑෂ් ක්‍රමයට රුපියල් ලක්ෂ ගණනින් මුදල් බැර කළ එස්. එම්. එස්. පණිවුඩ තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට ඇති වූ සැකයක් මත සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගත් බවද  පොලිසිය පවසයි.

 මෙම සැකකරු මත්කුඩු පැකට්කරන අයුරු දැවෙන වීඩියෝ පටද ඔහුගේ ජංගම දුරකතනයේ තිබී පොලිසිය සොයාගෙන ඇති බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
ධනවත් ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටිමින් මෙම සැකකරු මහාපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
හෙරොයින් සමග සැකකරු ප්‍රථම වතාවට අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගියදා (12 දා) බවද පොලිසිය පවසයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මිනුවන්ගොඩ බොරලුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මිතුරකුගේ නිවසක සඟවා තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය සොයාගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව මීගමුව කුරණ ප්‍රදේශයේදී ඔහුගේ ගෝලයන් දෙදෙනකු හෙරොයින් කිලෝ 6 ක් සමග පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.
 මොහු ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමග  සම්බන්ධකම් පවත්වා මෙරටට මත්කුඩු ගෙන්වා ඇති ද යන්න සොයා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව රාජ්‍ය බුද්ධි අංශය  මගින් ද පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.  මොහුගේ ජාවාරම්වලට හවුල් අට දෙනෙකුගේ පමණ තොරතුරු පොලිසිය විසින් හෙළිකරගනු ලැබ ඇති අතර ඔවුන් සැගවී සිටින බවද පොලිසිය කියයි.
මොවුන්ට විදේශ ගත වීම තහනම් කර ඇති බවද සැකකරුගේ ජංගම දුරකතනයට ඊසි කෑෂ් මගින් වැඩි වශයෙන් මුදල් බැරකර ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දුරකතන සන්නිවේදන මධ්‍යස්ථානයක් හරහා බවද එම සන්නිවේදන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාව දැනට  ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය සඳහන්  කරයි.
 බස්නාහීර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ, ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහන් මහේෂ් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පරික්ෂණ පවත්වති.

(ඉන්දිකා  රාමනායක)

සිගරැට් ජාවාරම පොලිස් වාහනේ ; පොලීසියේම දෙදෙනෙක් මාට්ටු

පොලිස් වෑන් රථයක් යොදාගෙන නීති විරෝධී දුම්වැටි ජාවාරමක නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙක් දුම්වැටි 8000 ක් සමග පෙරේදා (24) රාත්‍රියේ කොටුව චෛත්‍ය පරේදී විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 

මෙලෙස අත්අඩංගුචට ගෙන ඇත්තේ වරායේ පොලිසියේ නිල සුනඛ අංශයට අයත් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල් රියැදුරකු බව පොලිස් ආරංචි මාර්ග කියයි. කොළඹ ප්‍රදේශයේ නීති විරෝධී දුම්වැටි ජාවාරමක් සිදුවන බවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් උපාය දූතයන් වශයෙන් යොදවා ජාවාරම්කරුවන්ගෙන් දුම්වැටි තොගයක් ඇණවුම් කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 

 එම ඇණවුම අනුව බුද්ධි අංශ භට පිරිස් සැකකරුවන් චෛත්‍ය පාරට ගෙන්වාගෙන එහි රැඳී සිටින අතර මෙම සැකකාර පොලිස් නිලධාරින් වෑන් රථයකින් එම ස්ථානයට පැමිණ දුම්වැටි ලබා දීමේ දී භට පිරිස් ඔවුන් දෙදෙනා දුම්වැටි සමග අත්අඩංගුවට ගත්හ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව දුම්වැටි 8000 ක් තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මේවා සියල්ල තීරු බදු රහිතව මෙරටට ආනයන කර තිබූ දුම්වැටි බවද පොලිසිය කියයි. සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා කොටුව පොලිසියට බාර දී ඇත.

(ඉන්දිකා රාමනායක,බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුඩුවලට ඇබ්බැහිවූ පුතා පුනරුප්තාපනය කරදෙන්න පියාගෙන් උසාවියට ආයාචනයක්

විශ්වවිද්‍යාල සිසුවකු වූ තම පුත‍්‍රයා තදින්ම හෙරොයින්ටලට ඇබ්බැහි වීම හේතුවෙන් ඔහු පුනරුත්ථාපනය කර දෙන ලෙස සැකකාර සිසුවකුගේ පියෙක් තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලංසුරිය මහතාගෙන් ඊයේ (25) ආයාචනයක් කළේය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් උසස් පෙළ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගත් තම පුත්‍රයා මෙවර පොලිසියට කොටුවූයේ තෙවන වරට බවද ඔහු මහේස්ත්‍රාත්වරයාට කියා සිටියේය.

හෙරොයින් මිලිග්‍රෑම් 73ක් සන්තකයේ තබාගත් බව කියන මෙම සැකකාර විශ්වවිද්‍යාල සිසුවා තෙල්දෙණිය පොලිසිය ඊයේ (25) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විණි.  මෙම සිද්ධිය ඊයේ පන්විල සංචාරක අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී සැකකාර සිසුවාගේ පියා මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පැවසුවේ තම පුත්‍රයා මින් ඉහතදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ තවත් නඩුවක් පවතින බවයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර සිසුවා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය. තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.එස්. පත්මකුමාර, කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති එම්. පාලකුඹුර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත පොලිස් සැරයන් ජේ. විජේවික්‍රම මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

(ජේ.ඒ.එල්.ජයසිංහ)

ටියුෂන් පන්තියට එන සිසුන් ගණන වැඩිකළ හැකිදැයි බලන්න ජනපති - සෞඛ්‍ය ඇමතිනියට දන්වයි.

උපකාරක පන්ති සඳහා සිසුන් 100කට වැඩියෙන් සහභාගී කරවා ගැනීමට අවසර දිය හැකිදැයි සලකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇත.

 මෙම  සිසුන් 100ක සීමාව තුළ පන්ති පවත්වා උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීම අසීරු බව පවසමින් උපකාරක පන්ති දේශකවරුන් කර ඇති ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන් බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) පැවසීය. 

පක්ෂ නායකවරයකු සහභාගීවන පාලන රැස්වීමකට දුරස්ථභාවය ආරක්ෂා කරගෙන 500ක් සහභාගි කරවාගත හැකි අයුරින් සෞඛ්‍යය විධිවිධානවලට යටත්ව උපකාරක පන්ති සඳහා ද වැඩි සිසුන් පිරිසක් සහභාගී කරවාගත හැකිදැයි සොයාබලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පැවැත්විය හැකි නිශ්චිත දින වකවානු හා විභාගය පැවැත්වෙන ආකාරය ඉක්මනින් නියම කරන ලෙස කැබිනට් මණ්ඩලය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තූවේ දී ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

විභාගයට අදාළ විවිධ පාර්ශව සමග පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සාකච්ඡා කර ගුරුවරුන්, සිසුන් හා අධ්‍යාපනඥයින් සමගත් සාකච්ඡා කර නිශ්චිත දින ඉක්මනින් ලබාදෙන බව මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා පැවසූ බව ද ගුණවර්ධන මහතා පැවසීය.

සිනමාශාලා ජූලි 2 සිට විවෘත කිරීමේදී ද දැනට නිර්දේශ කර ඇති ආසන සංඛ්‍යාවෙන් සියයට 50 කට වඩා ශාලාවකට ඇතුළු කරගත හැකිද යන්න ගැන සාකඡාවක් ද විෂය බාර ඇමති, අග්‍රාමාතා මහින්ද රාජපක්‍ෂ මහතා හා සිනමා ශිල්පීන් අතර අද (26) පැවැත්වෙන බව ඇමතිවරයා කීවේය.

(ඩයනා උදයංගනී)

Thursday, June 25, 2020

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පවා දුන්නේ යැයි චෝදනා


• ලෝක කුසලානයක් ජයගත හැකි දක්‍ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව තුළ සිටියත්, තරග පාවාදීම් ග්‍රහණවලට තිබෙන ප්‍රධානම බාධාවක් බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
2011 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිදුවුවා යැයි පැවසෙන තරග පාවාදීම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ නාවලපිටියේ ඊයේ (24දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අලුත්ගමගේ මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
"2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මම පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳ විවිධ පාර්ශව විසින් විවිධ ප්‍රකාශ සිදුකර තිබුණා. දේශපාලඥයන් හා ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් මේ පිළිබඳ විවිධ මත ප්‍රකාශ කළා. සමහරු කිවුවා මේක දේශපාලන සංදර්ශනයක් කියලා, සමහරු කිවුවා පසුගිය ආණ්ඩුව ලෝක කුසලානය පාවා දුන්නා කියලා. සමහරු අවුරුදු නවයක් මේක ගැන කතා කළේ නැත්තේ ඇයි කියලා මගෙන් ඇහුවා. තවත් සමහරු බොරු කියන අයට ඡන්දේ දෙන්න එපා කියලා කිවුවා.
 ඒ අනුව මම මේ සම්බන්ධයෙන් ඊයේ (24දා) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි ඉදිරිපත් කළා. ක්‍රීඩකයන්ගෙන්, ක්‍රීඩා ලෝලීන්ගෙන්, ක්‍රීඩා සමාජවලින් වගේම විදේශ රටවල පුද්ගලයන්ගෙන් මට ලැබුණු සහ මා සතුව තිබූ තොරතුරු සියල්ල මම පොලිස් විමර්ශන ඒකකයට ලබාදුන්නා.
මෙවැනි ප්‍රකාශයක් මෑතකදී කිරීමට හේතුව මොකක්ද කියන එක ගැන විවිධ පාර්ශ්වයන් මගෙන් ඇහුවා. නමුත් මම මේ කාරණාව කියන්නේ වසර ගණනාවක ඉඳන්. මෑතකදී මට මේ ප්‍රකාශය සිදුකරන්න වුණේ එක්තරා නාලිකාවක් දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ මගෙන් කළ විමසීමකදී. නමුත් මම හීනෙකින්වත් නොසිතපු ප්‍රතිචාරයක් ඒ කතාවට ලැබුණා.
 මේ පිළිබඳ පරික්‍ෂණ පවත්වාගෙන යන බව මාෂල් මහතා එම ලිපියේ දීර්ඝ ලෙස සඳහන් කර තිබෙනවා. තරග පාවාදීම් පිළිබඳ මෙතරම් අණපනත් සම්මත කරලා තිබෙන රටකට මෙවැනි ලිපියක් ලැබීම ගැන මම කනගාටු වෙනවා .
 මම  ළඟ තිබෙනවා අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයේ ප්‍රධානී ඇලෙක්සි මාෂල් මහතා හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට 2018 වසරේ එවන ලද ලිපිය. එම ලිපියට අනුව ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර වැඩිම තරග පාවාදීමේ  චෝදනා නගන්නේ ලංකාවට .  මේ  පිළිබඳ මම කනගාටු වෙනවා. ඒ නිසයි මම හරි මේ ගැන කතා කරන්න ඉදිරිපත් වුණේ.
2011 ලෝක කුසලාන අවසන් තරගයේ නිරීක්ෂකයෙක් ලෙස වගේම තරගය නැරඹීමට  ගිය ප්‍රේක්ෂකයක් මම. එහිදී මටත් යම් සැකයක් ඇති වුණා තරගය පරාජය වීම ගැන. ඒ වගේම මම ලංකාවට ආවාට පසුව විවිධ පාර්ශව මාව හමුවෙන්න ඇවිල්ලා ඉල්ලීමක් කළා තරග පාවාදීමක් සිදුවුවාදැයි සෙවීමට පක්‍ෂණයක් ආරම්භ කරන්න කියලා. ඒ අනුව එවක ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට එම වසරේ  (2011) ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මම පැමිණිලක් කළා. එම පැමිණිල්ල පොලිස් විශේෂ විමර්ශන ඒකකයටත් මම ඊයේ භාර දුන්නා.
දක්‍ෂතම ක්‍රීඩකයෝ ඉන්නේ අපේ රටේ. හැමදාමත් ලෝක කුසලාන දිනන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නේ අපේ රටේ කියලා. නමුත් මම දැක්කා මේ ජයග්‍රහණවලට තිබෙන බරපතළම දේ තරග පාවාදීම කියලා.

ලෝකයේ කිසිම රටක තරග පාවාදීම් වැළැක්වීමට නීති සම්මත වෙලා තිබුණේ නැහැ. ඒ නිසා එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඒ කාලයේදීම නීති සම්පාදනය කරන්න මම තීරණය කලා. පනත සම්මත කරන්න   අපට කැබිනට් අනුමැතිය ලැබුණත්, එහි සියලු කටයුතු සකස් වෙලා මේ පනත සම්මත වුණේ 2019 වසරේ. තරග පාවාදීම ගැන පනතක් සම්මත වුණ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව. ඉන්දියාවේ, ඔස්ට්‍රේලියාව හෝ වෙනත් කිසිම රටක මෙවැනි නීතියක් සකස් කරලා නැහැ.
අපට දක්‍ෂ ක්‍රීඩකයෝ ඉන්නවා, නමුත් අපට. මොන තරම් දක්ෂ ක්‍රීඩකයෝ හිටියත් වැඩක් නැහැ. විවිධ පාර්ශ්වයන් සම්බන්ධ වෙලා තරග පාවාදුනොත් අපට ජයග්‍රහණ ලබන්න බැහැ.
තරග පාවාදීම්වලට විරුද්ධව මෙතරම් නීති ශ්‍රී ලංකාව තුළ සකස් කරලා තියෙද්දිත් අයි. සී.සී. දූෂණ මර්දන ඒකකය කියනවා ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම පැමිණිලි තියෙන්නේ ශ්‍රී ලංකාව ගැන කියලා. ඒ නිසා කවුරු හරි මේ ගැන කතා කරන්න ඕන කියලා
 හිතලා තමයි  මම මේ ගැන හෙළි කරන්නේ .
 මම විශ්වාස කරනවා2011 තරග පාවාදීමක් සිදුවුණා කියලා. පරීක්‍ෂණවලට බාධාවක් වන නිසා තරග පාවාදීමක් සිදු වූ බවට සැක කරන කරුණු එකින් එක කියන්න හැකියාවක් නැහැ. තරගාවලිය පරාජය වෙන්න හේතු වූ සැක සහිත කරුණු කාරණා 24ක් සඳහන් කර මම පොලිස් විමර්ශන ඒකකයට භාරදුන්නා.   මේ පිළිබඳ සියලු තොරතුරු විශේෂ විමර්ශන ඒකකයට භාරදී තිබෙනවා. මෙම සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ දේශපාලන වේදිකාවේ කතා කරන්න එපා, ක්‍රීඩකයෝ හෝ ක්‍රීඩා ලෝලීන් කතා කරන්නත් එපා, මේ පරීක්‍ෂණයට අපට කාලයක් දෙන්න, අප ජනාධිපතිතුමාගෙන් ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා මාස තුනක් ඇතුළත මේ පරීක්‍ෂණයෙන් අපට වාර්තාවක් ලබාදෙන්න කියලා.

 කෙසේ නමුත් මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කියලා මම පැහැදිලි කරලා තිබියදීත් ඇතැම් ක්‍රීඩකයන් මේ පිළිබඳ මත ප්‍රකාශ කරලා තිබුණා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා විමර්ශනය දැන් ආරම්භ කරලා තිබෙන්නේ, මේ පිළිබඳ කටඋත්තර ගන්න අදාළ පාර්ශ්වයන් ඒවි. සියලු පාර්ශ්වයන් මේකට සහයෝගය පළ කරන්න. මේක දේශපාලනය කරන්න එපා” යනුවෙන් පැවසීය.

සංජීව  ධර්මසේන/ හැටන් - රංජිත් රාජපක්‍ෂ

ව්‍යාජ අත්සන් යොදා ඉතාලීයේ වෙසෙන පුද්ගලයකුගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 5 කට අධික මුදලක් වංචා කරලා.


 ව්‍යාජ අත්සන් යොදා ඉතාලීයේ වෙසෙන පුද්ගලයකුගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 5 කට අධික මුදලක් වංචා කළැයි මෙරට සිටින ඔහුගේ බාල සොහොයුරිය ඇතුළු සිවුදෙනකු කොටහේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි..
සැකකාරිය ගිණුම්  හිමියා වශයෙන් පෙනී සිටිමින් වයාජ අස්සන් යොදා පෞද්ගලික බැංකුවක තිබෙන එම ගිණුමෙන් එක් වරම    මුදල් ලබාගෙන ඇති බවත්, තවත් අවස්ථා තුළ දී ඇය වෙනත් පුද්ගලයන් අයුරීන්ම මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
තමාගේ ගිණුමෙත් කිසිවකු විසින් මුදල් ලබාගෙන ඇති බවට ඉතාලියේ සිටින පුද්ගලයා පොලිස්පතිවරයාට එවල ඇති ලිපියක් පොලිස්පතිවරයා විසින් කොටහේන  වෙත යොමු කර ඇති බවත් ඒ අනුව පොලිසිය සැකකාරිය හා සැකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසියකියයි.
පැමිණිලිකරුගේ බැංකු පොත් හා ජාතික හැදුනුම්පත් තිබී ඇත්තේ ඔහුගේ මෙම  සොහොයුරිය බාරයේ  බවත්පොලිසිය සඳහන් කරයි.
සැකකාරීය  ගිණුම් හිමියා වශයෙන් පෙනී සිටිමින් කඳාන  ප්‍රදේශයේ බැංකුවකින් මුදල් ලබාගන්නා අයුරු
සී සී ටී වී කැමරාවල සටහන් වී තිබූ බවත්, සෙසු සැකකරුවන් ද ව්‍යාජ හැදුනුම්පත්  ඉදිරිපත් කර ගිණුම් හිමියා  වශයෙන් පෙනී සිටිමින් අවස්ථා කීපයක දී මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය
කියයි. ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ අත්සන් යොද මුදල්  ලබාගෙන ඇති බවත් පැමිණිල්ල ලැබෙන
තෙක් එම පෞද්ගලික බැංකුවේ කාර්ය මණ්ඩලය දැන සිට නොමැති බවද පොලිසිය පවසයි.
කොළඹ උතුර කොට්ඨාසය  බාර පොලිස්  අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරීන් අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ  කොටහේන  පොලිස් ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක    රුවන් රත්නායක  මහතාගේ  කොස්තාපල්වරුන් වන විපුල (40350), තුෂාන් (90109), සන්දනායක (97461). ජයවර්ධන (91078, කාන්තා පොලිස් සැරයන් (4225) යන  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකාරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්හ.

(ඉන්දීකා රාමනායක)

කරුණා සෙබළු මැරුවේ එජාප නායකයන් එදා දුන් අවිවලින්.


එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයකුව සිටියදී කරුණා අම්මාත් හමුදා සෙබළු ඝාතනය කළේ එක්සත් ජාතික පක්‍ෂයේ එකල සිටි නායකයන් එම සංවිධානයට ලබාදුන් ආයුධවලින් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කුලියාපිටිය ප්‍රදේශයේදී කිසිවකුට රහසක් නොවන බවද ඔහු කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂකෙයන්ට සහය දක්වමින් කුලියාපිටිය ප්‍රදේශයේ පෙරේදා (23) පැවැති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය

අගමැතිවරයා මෙසේද පැවසීය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයකුව සිටීයදී තමන් හමුදා සෙබළු ඝාතනය බවට කරුණා අම්මාන් කළ ප්‍රකාශය විපක්‍ෂ වේදිකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්වෙලා. ඒත් එම සංවිධානයට ආයුධ දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් විපක්‍ෂ වේදිකාවෙන් කිසිදු හඩක් නැගෙන්නේ නැහැ. කරුණා අම්මාන් එදා අපේ සිංහල සෙබළු මැරුවේ එක්සත් ජාතික පක්‍ෂ නායකයින්ට එල්.ටී.ටී.ඊ සංවිධානයට දුන් ආයුධවලින්. ඒ බව අද බොහෝ දෙනෙක්ට අමතක වෙලා.  ඒ වගේම අපි කරුණා අම්මාගේ ඉතිහාසය දන්නවා. ඒ ඉතිහාසය හංගන්න දෙයක් නෙවෙයි. ඉතා ශක්තිමත් දේශපාලන පක්‍ෂයක් වූ එක්සත් ජාතික පක්‍ෂය නැවත ගොඩනැගිය නොහැකි ලෙස දෙකඩ වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට ආයුධ දුන් එවැනි නායකයන් නිසා යැයි ද අගමැතිවරයා කීවේය.

(නාලක සංජීව)  

සිනමන් හෝටලෙයේ මරාගෙන මැරුණ ඊබ්‍රාහිම්ගේ හඬ පටයත් කොමිසමේදී එලියට.

අපි හැමෝටම මැලේසියාවට යන්න මට ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමාත් එක එහේ යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි තම මෙහේ ඉන්න යැයි සින්මන් ග්‍රැන්ඩ් හොටලයේ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් පාස්කු ප්‍රහාරයට දින හතරකට කලින් සිය බිරිඳ අමතා පටිගත කළ "හඩපටයක සඳහන්ව ඇත. 
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දී මෙම හඬපට පිළිබඳ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක තුනෙහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  රවීන්ද්‍ර විමලසිරි මහතා සාක්‍ෂි ලබාදෙමින් කොමිසම වෙත ඉදිරීපත් කළේ ඉකුත් 23 වැනිදා ය.

පාස්කු ඉරුදිත සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සෑන් ඩිස්ක් වර්ගයේ (32GB පෙන්ඩ්‍රයිව්) දත්ත බහාලුම් දෙකක තිබූ හඬපට වලින් ලබාගත් මෙම වාර්තා ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කළේය.
එසේම, මෙම වාර්තවට අදාළ හඬපට කොමිසම හමුවේදී විකාශනය කෙරිණි.
ස්වයංඝාතක ඉන්සාෆ් අහමඩ් නමැත්තා තම බිරිඳ, පවුලේ සාමාජීයන්, සිය සේවකයන් මෙන්ම පොදුවේ ආමන්ත්‍රණය කරමින් හඬපට පටිගත කර ඇත්තේ ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් 17 වැනිදා පස්වරු. 5.00 ට ය. 
 මෙම පෙන්ඩ්‍රයිව්, බෝම්බකරුගේ බිරිඳ වන ෆාතිමා ශිෆ්කා ඉන්සාෆ් අහමඩ් නමැත්තියගේ බාරයේ තිබී සොයාගත් බවත්, විනාඩි 35 තපර 16 ක, විනාඩි 18 තත්පර 34 වශයෙන් හඩපට හතරක් එහි අන්තර්ගතව තිබූ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ජනන්ද සිල්වා (සභාපති විනිසුරු) අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මිගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි ලබාගැනීම සිදුවිය. 
එම හඩපටයේ මෙසේද සඳහන් වේ. 
මා විසින් හිස් චෙක්පත් 10 ක් අත්සන් කර ඉෂාක් අයියාට ලබාදී තිබෙනවා. මා විසින් 100% ක් Colossus (Pvt) Ltd සමාගමේ හිමිකාරිත්වය ඔබගේ නමට ලියා ඇත. මා සහ මගේ පියා මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් බවට පත් කර 
ඇත.නමුත්  හිමිකාරිත්වයත් නොමැත.
‘10 වැනි පටුමග දේපළ Colossus (Pvt) Ltd සමාගම නමින් ඇත. එම නිසාවෙන් එයද ඔබට හිමිය. මා විසින් RedBerry  International (Pvt) Ltd සමාගම නමින් සමාගමක් ආරම්භ කර එය යටතට කාමල් පෙදෙස දේපළ පත් කර ඇත. එම සමාගම ද 100% ක් ඔබට හිමිය. වැල්ලම්පිටිය දේපළ දරුවගේ නමට ලියා ඇත. එම දේපළ අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඔවුන් තමින් තියේවි.
“එසේම මෙම Pen Drive එක තුළ ඇති දේවල් කිසිවෙක් අතට පත් නොකරන්න. ඉතාමත් රහසිගත ලෙස එය තබා ගන්න. මෙය මුස්ලිම් නොවන අයගේ අතට පත් නොකරන්න. එසේ කළහොත් අපට හා දේපළවලට විරුද්ධ සාක්ෂියක් ලෙස ඔවුන් මෙය භාවිතා කරාවී"
“අද දිනට මා සියලු මුදල් ගිණුමෙන් ඉවත් කරගෙන තිබෙනවා. නමුත් මිලියන 150ක පමණ මුදලක් ගිණුමට ඉදිරි සතිය තුළ තැන්පත් වීමට තිබෙනවා. අල්ලා දෙවියන්ගේ
නාමයෙන් මින් 80%ක පමණ මුදලක් මීළග සතිය තුළ දී පැමිණෙවී ඔබට එම මුදල් ගිණුමෙන් ඉවත් කර ගත හැකිය"
“මට අද දිනට Colossus (Pvt) Ltd සමාගමේ ශුද්ධ වත්කම් පිළිබඳ සාරාංශයක් ලබා ගැනීමට නොහැකි වුණා. ඔබට එය ෆස්ලියා අක්කාගෙන් ලබා ගත හැකිය. මෙම සාරංශය තුළ ලැබීමට ඇති මුදල්, ගෙවීමට ඇති මුදල් හා බැංකුවේ ඇති මුදල් පිළිබඳව සඳහන් වෙනවා. මෙම සාරාංශය අනුව තමයි මං සමාගමේ ගිණුම් පවත්වාගෙන යන්නේ'' 
 ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ නම් කොතැනදී හෝ  දුරකතන ඇමතුමක් ලබා ගන්නේ නම් හෝ ප්‍රතිචාරයක් දුන්වන්නේ නම් එම ස්ථානය සොයාගත හැකිය. ඔබට යම් දෙයක් රහසිගතව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඔබට කිසිම ස්ථානයක දත්ත ගබඩා නොවන සන්නිවේදන ක්‍රමයක් භාවිතා කිරීමට සිදු වෙනවා. ඔබගේ සියලු රහසිගත දේවල් ගබඩා කළ  යුත්තේ එහිය."
මා සියලු දේපළවල මුල් ලේඛන අබඳුල් හාලික් නම් අයෙකුට බාර දුන්නා. ලෑන්ඩ් කෘෂර් රථයේ ලේඛන ඉශක් අයියා ළග හෝ අබඳුල් හොලික් සතුව තියෙනවා. එම රථයට සිංහල හෝ දෙමළ මුස්ලිම් නොවන අයෙකුට විකුණන ලෙසට  මම ඔබට යෝජනා කරනවා. මිලියන එකක් දෙකක් පාඩු ලබා  හෝ එය විකුණා දමන්න. මෙම රථය මා භාවිතා කළ නිසා | යම් විටක සීසීටීවී දර්ශන මගින් විමර්ශන කිරීමට හැකිය. පසුව ඔබට රථයක් මිල දී ගත හැකිය."
“මල්පාරෙහි කිසිදු රහසිගත දෙයක් නොතබන්න. සියල්ල ඉවත් කරන්න අශ්ඛාන්ගේ තුවක්කුවත් ඉවත් කරන්න. නමුත් මුස්ලිම් නොවන කිසිවෙකුට ගේ පිරිසිදු කළ බවට දැනගන්න තියන්න එපා"
"මුස්ලිම් නොවන අයට මා රට හෝ වෙන කොහේ හරි ගියා  කියලා කියන්න. ඔබලා මාගේ ජිහාද් ක්‍රියාකාරකම් පිළිබඳව
කිසිත් නොදන්නා බව පවසන්නෙ. නමුත් ඔබලා දැන් දන්නවා"  “ඔබලා කිසිවෙක් මා මේ දේ කුමන ආකාරයකින් සිදු කළා ද යන්න දන්නේ නැහැ. මා මේ සියලු දේවල් ඉතාමත්ම රහසිගත ලෙස සිදු කළා. කිසිවෙකුට මේ දේවල් නැවත  ඉගෙන ගැනීමටවත් මා කිසිවක් ඉතිරි කළේ නැහැ. මෙවැනි දෙයක දී විශ්වාස කළ හැකි අය වුවද විශ්වාස කළ නොහැක.  ඔවුන් දරාගත නොහැකි අවස්ථාවන්වල දී තොරතුරු එළියටදිය හැකි නිසාවෙන් තොරතුරු පිට කිසිවෙකුට ලබා දෙන්නේ  නැහැ. මේ ගැන සෘජුවම ජිහාද් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුවන් හැර කිසිවකු තොරතුරක්  දන්නේ නෑ
කර්මාන්ත ශාලාවේ තොග කිසිවක් ඉතිරි වී නැහැ. එක් කන්ටේනර් එකක් පමණක් අපනයනය කිරීමට නියමිතව තිබෙනවා. ඔහු විසින් අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඊළඟ සතිය තුළ ගෙවීම් කරාවි."
“ඊළග සතියේ දී සියලු මුදල් බැංකුවෙන් ඉවත් කරගන්න. සල්ලි කොහොමද කළමනාකරණය කරන්නේ කියලා මාමාගෙන් අහලා දැනගන්න.
 “මා විසින් අපි හැමෝටම සඳුදා රාත්‍රියේ දී මැලේසියාවට
යාමට ටිකටිපත් මිලදී ගත්තා. මටත් එක්ක මිලදී ගත්තට මට එන්නේ නැහැ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා එහේ මාමත් එක්ක යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න. නමුත් එක සාමාන්‍ය දුරකතන ඇමතුමක්වත් ලබා නොගන්නා තැනක් තෝරාගන්න. ඔබ නමට ලියාපදිංචි වී ඇති දුරකතන එම ස්ථානයට රැගෙන නොයන්න.
"ඔබ විසින් Online දුරකතන ඇමතුමක් ලබා ගත්ත ද ඊට
අදාළ කොහේ හෝ තැත්පත් වෙනවා. නමුත් එය ව්‍යාජ හෝ අංකයක් ව්‍යාජ දුරකතනයක් නම් කිසිවෙකුටත් සොයාගත
නොහැකිය. ආරක්ෂක අංශය අප භාවිතා කළ අංකය සොයා නොගතහොත් කිසිවිටක අපගත් ඇමතුම් පිළිබඳ සොයාගතනොහැකිය. මේ සඳහා භාවිතා කළ හැකි software කිහිපයක්  මා මෙම Pen Drive එක තුළ ඇතුළත් කර තිබෙනවා. එමSoftware එක මගින් දුරකතන අංකයක් ලබානොදී ID එකක් මගින් ඇමතුම් ලබා ගත හැක.
මෙම Software එකම භාවිතා කරන අයෙකුටමෙම ඇමතුම් ලබා ගත හැකිය. එම ඇප් Conversation Wickr නමින් ඇත. ඒවා භාවිතා කර Online ඇමතුම් ලබා ගත හැක. නමුත් මෙය භාවිතා කරන දුරකතනය අලුත්ම දුරකතනයක් හා අලුත් අංකයක් විය යුතුය. මෙම දුරකතනයෙන් කිසිදු විටක සාමාන්‍ය ඇමතුමක් ලබාගෙන නොතිබිය යුතුය" 
 “කෙසේ වෙතත් දුරකතනය යනු ඔත්තු බලන එකකි. එම නිසාවෙන් එය භාවිතා කිරීමේදී ඉතාමත් ප්‍රවේශය විය යුතුය.සීසීටීවී  කැමරා හැකිතාක්  මඟහරින්න.
ඔබ අත්අඩංගුවට පත් වුවත් අපගේ සියලු දේපළ අහිමී   වී ගිය ද එය අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඉවසා සිටින්න.
දෙවියන් වහන්සේ යමක් කිරීමට තීරණය කර ඇත්නම් එය වෙනස් වන්නේ නැහැ. අප මේ සිදු කරන ජිහාද් වුවද අල්ලා දෙවියන් විසින් තීරණය කළ දෙයක්. ඔබ කුමන දේ සිදු කළ ද ඔබට කුමන දේ සිදු වුව ද එය අල්ලා දෙවියන්ගේ කැමැත්තයි" 
 “වාහනයකට හැපී මා මියයන්නේ නම් මා ස්වර්ගස්ථ වන්නේ නැහැ. එහෙත් මා අල්ලා දෙවියන්ගේ නාමයෙන් මිය යන්නේ නම් අල්ලා දෙවියන්ගේ අවසරය හා කැමැත්ත පරිදී මට එය ලැබේවි. නමුත් දෙවියන් වහන්සේ විශාල ක්‍රමෝපායන් රැසක් භාවිතා කර අපිව ස්වර්ගයට තෝරාපත්කර ගනීවි. එතෙක් අප අල්ලා වෙනුවෙන් සියලු දේ සිදු කළ යුතුය.'' දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉවසා සිටිය යුතුමය" යැයි එම හඬ පටයේ සඳහන් විය.

කොළඹ හතේ ඉඩම් නඩුවකට ව්‍යාපාරික යුවළක් රිමාන්ඩ්.


 සැක සහිත අන්දමින් රුපියල් බිලියන 2.6ක මුදලක් යොදවා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ පිහිටි ආසිරි රෝහලට අයත් ඉඩම මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යපාරික යුවළක් ලබන 07 වැනිඳා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නමෙනෙවිය ඊයේ (24) නියෝග කළාය. 

 මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රේල්වේ ඇවනිව් නුගේගොඩ පදිංචී රියෙන්සි මහේෂ් එඩ්වඩ් හා පුණ්‍යා ප්‍රියංජී මැණිකේ එඩ්වඩ් යන අඹුසැමි යුවළය.
සැක කටයුතු අන්දමින් විදේශ මුදල් මෙරටට ගෙන්වා එකී මුදල් යොදවා කොළඹ ආසිරි රෝහලට අයත් ඉඩම් ඇතුළු දිවයිනේ විවිධ දේපළ මිලට ගත් බව කියන සිද්ධියක් 
 සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් කරන ලද පරික්ෂණයකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට 
ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මූල්‍ය අපරාධවිමර්ශන කොට්ඨාසයේ ඒකක අංශ 4 ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක රණසිංහ මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 2015 වර්ෂයේ ජුලි මස 29 වැනිදා ය. 
 එහිදී අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාරව ප්‍රශ්නගත
දේපළ මිලදී ගැනීමට මුදල් යෙදවූ ආකාරය සම්බන්ධයෙන් බැංකු ලේඛන  ලබාගෙන විමර්ශනය  සිදුකිරීමේදී එම දේපළ මිලදී ගැනීම සඳහා නීතිඥ රොමේෂ් මද්දුමබණ්ඩාර කරලියැද්ද යන  අයට අයත් බැංකු ගිණුම් හර කොට බැංකු අණකර මගින් දේපළ විකුණුම්කාර ආසිරි සෙන්ටල් හොස්පිටල් පුද්ගලික සමාගම වෙත රුපියල් බිලියන 2.7ක මුදලක් ගෙවා ඇති බවට අනාවරණය වී ඇතැයි පැමිණිල්ල අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
රොමේෂ් මද්දුමබණ්ඩාර කරලියැද යන අය විසින් සැකකාර  රියන්ස් මහේෂ් එඩ්වඩ් යන අය සමග ඇති කර ගන්නා ලද  ගිවිසුමකට අනුව මෙම මුදල් රොමේෂ් මද්දුමබණ්ඩාර යන 
 අයගේ ගිණුම වෙත විදේශ රටවලින් ගෙන්වා ගැනීමට කටයුතුකර ඇති බවත් විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණය වූ බව  ද පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. ඒ සඳහා කරලියැද්ද නමැත්තා සියයට පහක මුදලක් ලබා ගැනීමට ගිවිසුම්ගත වී ඇති බවත් පැමිණිල්ල සඳහන් කර තිබිණි. 
 එසේම, අධිකරණ නියෝග ප්‍රකාරව රියන්සී මහේෂ් එඩ්වඩ් යන  අය  සහ ඔහුගේ බිරිද පුණතා ප්‍රියංජි මැණික් එඩවඩිස්, රොමේෂ්  මදුමබණ්ඩාර කරලියැද්ද හා ඔහු අධ්‍යක්ෂවරයකු වශයෙන්  කටයුතු කළ එල්. බී. කරලියැද්ද ඇසෝසියේටිස් නමින් පවත්වාගෙන යනු ලබන ගිණුම් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේදී එම ගිණුම් වෙත විදෙස් රටවලින් මුදල් බැරවී ඇති බවට අනාවරණය වූ බවද මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය  අධිකරණයට කරුණු වාර්තා කර ඇත.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය වරදේ 
බරපතළතාව හේතුවෙන් සැකකරුවන් ලබන 07 වැනිදා තෙක්  රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

(නිමන්ති රණසිංහ

විද්‍යුත් ජාතික හැදුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම ප්‍රතික්ෂේප වේ.



 විද්‍යුත් ජාතික හැදුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සදහා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශය දෙකම ප්‍රතික්ෂේප කර එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
 ඒ සඳහා වන යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා විසින් කැබිනට්  මණ්ඩලය වෙත ඊයේ (24) ඉදිරිපත් කරන  ලදැයි දැනගන්නට තිබේ.

 ඒ අනුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින්  සිදුකිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 15 ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ  50  මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට  දීමට පසුගිය ආණ්ඩුව සමයේ පත් කරන ලද ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීරණය කර තිබිණි.
 ඉන් එක් සමාගමක් ඇමෙරිකානු ඩොලර් දහනව ලක්ෂයක පමණ මිලක් ඒ සදහා ඉදිරිපත් කර තිබූ අතර තවත් සමාගමක් ඇමෙරිකානු ඩොලර් ලක්ක 39 ක පමණ මිලක් ඉදිරිපත් කර තිබිණි.
 එම නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාරදෙන්නැයි ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

(අජන්ත කුමාර  අගලකඩ)

Wednesday, June 24, 2020

නයා ගැසූ තිදරු මව මියගියේ ආඳපාන රෝහලේ නොසැලකිල්ලෙන්

මාවරල කැටපලකන්ද ප්‍රදේශයේදී තේ  දළු කැඩීමට ගොස් නයකු දෂ්ඨ කිරීම නිසා මිය ගිය තිදරු මවට කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ දී ප්‍රතිවිෂ එන්නත් කිරීම ප්‍රමාද වී සිදු කර ඇති බවත් එම නිසා එම රෝහලේ ‍වෛද්‍යකාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් මරණය සිදු වී ඇති බවත් ඒ පිළිඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත්. අඹේපිටිය මහතා ප්‍රකාශකර ඇත. 

 නිසි වේලාවට ප්‍රමාදයකින් තොරව ප්‍රතිවිෂ එන්නත් ලබා දුන්නේ නම්  එම කාන්තාවගේ ජීවීතය බේරා ගැනීමට හැකියාව තිබූ බව ද ඒ මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඉකුත් 20 වැනිදා කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ දී මිය ගොස් තිබුණේ මාවරල, කැටපලකන්ද, නුගේගාව , ගෙපල නිවසේ පදිංචිව සිටි පත්මාරාජපක්ෂ (52) නමැති කාන්තාවකි. 

ඇයගේ හදීසි මරණ පරීක්ෂණය  කඹුරුපිටිය හදීසි මරණ පරීක්ෂක  ජගත් පාඩිප්පෙරුම මහතා ඉදිරියේ දී පැවැත්විණි.

 හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා සිරුර මාතර මහ රෝහල් මෘත ශරිරාගාරය වෙත රැගෙන ආවේය.  විෂකුරු සර්පයෙකු දෂ්ඨකිරිම නිසා දකුණු කකුලේ මස් පිඩු නරක් වී විෂබීජ ආසාධනයවී එම විෂබීජ ශරීරය පුරා . පැතිරීමෙන් ඇති,කම්පනයෙන් මෙම මරණය සිදු වී ඇති බවද පශ්චාත් මරණ  පරිණය පවත්වමින් අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා ප්‍රකාශ කළේය. 

තවද “අදාළ කාන්තාව රෝහල් ගත කර ඇත්තේ ඉකුත් 15වැනි දින සවස 5.15ට බවද නයෙකු දෂ්ඨකර ඇති බවට දින පැහැදිලිව හඳුනා ගෙන තිබියදී ඇයට ප්‍රතිවිෂ එන්නත් කර ඇත්තේ ඊට පසු දින (16) හා 18 යන දිනවලදී බවද එම නිසා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් මරණය සිදු වී ඇති බවට වැඩි දුරටත් සඳහන් කරමි". ලෙස ඒ මහතා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ විශේෂ සටහනක් ද යොදා තිබේ. ඒ අනුව හදීසි මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සාක්කි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් කඹුරුපිටිය හදිසි මරණ පරික්ෂක ජගත් පාඩිපෙරුම මහතා නයෙකු දෂ්ඨකිරීම නිසා දකුණු කකුලේ මස්පිඩු නරක් වී විෂබීජ ආසාධනය වී එම විෂබීජ ශරීරය පුරා පැතිරීමෙන් ඇතිවූ කම්පනයෙන් එම මරණය සිදු වී ඇති බව නිගමනය කළේය. 

තවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අනෙකුත් නිර්දේශ පිළිබඳව එම ඥාතීන් දැනුවත් කිරීමට ද කටයුතු කළේය. හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මිය ගිය කාත්තාවගේ  සැමියා වන ජයවර්ධනගේ ප්‍රේමසිරි 157 මහතා මෙසේ කීය.

“අපි විවාහ වෙලා වසර 33ක් වෙනවා. දරුවන් තිදෙනෙකු සිටිනවා. බිරිඳ ඉකුත් 15වැනි දින සවස 3.00ට පමණ ගෙදර ඉඩමේ තේ දළු කැඩීමට ගියා. පසුව පුතා ඇවිත් කීවා. “අම්මාව නයෙක් කාලා" කියලා. එතැනට ඉක්මණින් ගිහින් බලද්දී බිරිඳ වේදනාවෙන් කෑ ගසමින් සිටියා. නයා ද ඇදී යනවා දැක්කා. කකුල සෝදා ඉක්මණින් ඇය රෝහල් ගත කළා. එහිදී පැරසිටමෝල් පෙති දෙකක් විතරක් බොන්න දුන්නා. ඊට පසු දින කකුල කාපු තැන කළු වී තිබුණා. එවිට බෙහෙතක් විද්දා. 18වැනිදා බිරිදට අමාරු වුණා. ඒ නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. 20 වැනිදා ඇය මිය ගියා. ආඳපාන රෝහලේ වෛද්‍යකාර්ය මණ්ඩලය ඉක්මණින් බෙහෙත විද්ද නම් බිරිඳ ජීවත් කර ගන්න තිබුණා. තවත් කෙනෙකුට මෙවැනි දෙයක් නොවෙන්න අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා."

මේ පිළිබඳව කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහල් වෛද්‍ය අධිකාරී රංජිත් ධර්මකීර්ති මහතාගෙන් විමසූ විට මෙසේ කීය.  “සර්පයෙකු දෂ්ඨකළා කියා රෝහල් ගත වූ විගසම ප්‍රතිවිෂ එන්නත් කරන්න කියලා සිරිතක් නැහැ. ඊට අදාළ ලක්ෂණ පෙන්නුම් කල පසුවයි එය සිදු කරන්නේ. විශේෂඥයන්ද් වෛද්‍යවරයා තෙවරක්ම ඇය පරික්ෂා කර තිබෙනවා. කෙසේ වෙතත් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා අවසන් වන තෙක් මේ ගැන ප්‍රකාශයක් සිදු කරන්න බැහැ. මෙම සිදුවීම පිළිබඳව පරීක්ණයක් පවත්වන්න බලාපොරොත්තුවෙනවා."
කඹුරුපිටිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(ක්‍රිෂාන්ජීවක ජයරුක්) 

මඟුල් ගෙදරදී ආරක්ෂාවට දුන් මාලය උස්සා වසර 2ක් සැඟවී සිටි කත රිමාන්ඩ්.

මීරිගම මංගල උත්සවයකදී ආරක්ෂාවට යැයි කියා මිතුරියකගේ ගෙල බැඳ තිබූ රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක් වටිනා රන්මාලයක් ගලවාගෙන අස්ථාන ගත කර ඇති බවට චෝදනා ලැබ ඇපමත සිටිය අධිකරණය මගහැර ගොස් මඩකලපුව ප්‍රදේශයේ සැගවී සිටිබව කියන විත්තිකාරියක් ජුලි 02 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිතාරා මීමන මහත්මිය නියෝග කළාය.
දන්ඕවිට කුඹුරාදෙණිය දෙහිගහකොටුව පදිචි ආර්.ඒ. තුෂාරි මහේන්ද්‍රා රාජවික්‍රම නමැත්තියක් එසේ රිමාන්ඩ් කැරිණි.
 විත්තිකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අනාවරණය වූ පරිදි සිද්ධිය මෙසේය.
මීරිගම උත්සව ශාලාවක 2017 වසරේ මැයි 4 වැනිදා පැවැත්වූ මංගල උත්සවයකදී ආරක්ෂාව පිණිස කාන්තාවක් ඇගේ ගෙල බැඳ තිබූ රුපියල් පන්ලක්ෂ හතළිස් දහසක් වටිනා රන්මාලයක් ගලවා මිතුරියක වන විත්තිකාරියට දී ඇති බව මීරිගම පොලිසියේ පොලිස් සැරයන් එච්.ඇම්.ආර්.ජේ. හේරත් මහතා කරුණු දක්වමින් කියා සිටියේය.
 එම රන්මාලය පැමිණිලිකාරියගේ ගමන් බෑගයට දමන මුවාවෙන් එසේ නොකර විත්තිකාරිය එය අස්ථාන ගත කිරිමේ සිද්ධියක් සම්බන්ධව එම දිනවලදී ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඩ් භාරයේ රඳවා සිට ඇපමත මුදාහැරීමෙන් අනතුරුව චෝදනා පත්‍රයක් ගොනුකොට තිබූ බවද පොලිස් සැරයන්වරයා කීය.
 මේ අනුව නඩුව විභාගයට ගැනීමට නියම කිරීමෙන් අනතුරුව 2019-07-26 වැනිදා සිට විත්තිකාරිය අධිකරණය මගහැර මඩකළපුව ප්‍රදේශයට පැන ගොස් සිටි බවත් ඒ අනුව ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ පවත්වමින් සිටියදී මඩකලපුවෙන් නැවත පැනවිත් වරකාපොල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිස් සැරයන්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
නැවත කැඳවීම ජුලි 02 වැනිදාට කල් තැබිණි.
 මීරිගම පොලිසියේ පොලිස් සැරයන් එච්. එම්.ආර්.ආර්. හේරත් එච්.ඇම්.ආර්.ජේ. හේරත් මහතා පැමිණිල්ල මෙහෙයවිය.
(වාරණ - ආනන්ද ඉ.ජයකොඩි) 

රිෂාඩ්ගේ මල්ලි: සහරාන් 2017 දී ඉන්දියාවට යවලා

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් යන අය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දිනෙක මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට උපකාර කර ඇතැයි හිටපු බුද්ධි  අධ්‍යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි දෙමින් පැවසීය.

වර්ෂ 2017 මාර්තු මාසයේ දිනෙක මඩකළපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහරාන් හෂීම් නමැත්තා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී, රිෆ්ඛාන් බදියුදීන් යන අය මෙලෙස ක්‍රියා කර ඇතැයි ද හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සිය සාක්ෂියෙන් සඳහන් කළේය.

සහ්රාන් හෂීම් යන අය තවත් ඉස්ලාම් අත්තවාදී කණ්ඩායමක් සමග මඩකලපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේදී ගැටුමක්  ඇති කර ගෙන ඇති බවත් මොහු සම්බන්ධයෙන් අවස්ථා 09 කදී තමන් ජාතික බුද්ධි ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බවත් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. 

කාත්තන්කුඩි අලියාර් ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරි තත්වයට අදාළව වරෙන්තුකරුවකු වූ සහ්රාන් හෂීම් එම ප්‍රදේශයෙන් පැන ගොස්  මාවනැල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල සැගවී සිට පසු අවස්ථාවක මන්නාරම් ප්‍රදේශයට ගොස් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සදහන් කළේය. 

යුද හමුදාපතිටත් 2019දී සහරාන් ගැන දැන්වූවා එසේම, 2018 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට සහරාන් හෂීම් නමැත්තා යළි මෙරටට පැමිණි බව තම බුද්ධි තොරතුරු ජාලයට හසුවූ බව ද සාක්ෂිකරු පැවසීය.

වරෙන්තු ලැබ සිටි සහ ජාතික ආරක්ෂාවට බලපෑම් කළ හැකි පුද්ගලයකුට රටින් පිටවීමට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සහෝදරයකු උපකාර කිරීම සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිවරයාව සිටි මහේෂ් සේනානායක මහතා දැනුවත් කර 2019 මාරිතු මස 22 වැනිදා ලිපියක් මගින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියා ද දැනුවත් කළ බවද ඔහු කීවේය.

එම ලිපිය යැවූ පසු මාර්තු මස 26, අප්‍රේල් මස 02 සහ අප්‍රේල් මස 09 වැනිදා යන තෙදින තුළ බුද්ධි රැස්වීම් තුනක් පැවතියද, ජාතික ආරකෂක කවුන්සලයේ රැස්වීමක් නොපැවති බවත්, රිෆ්ඛාන් බදියුදීන් සම්බන්ධයෙන් වූ මෙම තොරතුර ආරක්ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි ප්‍රධානියා කිසිදු අවස්ථාවක සාකච්ඡාවට බදුන්
නොකළ බවත් සාක්ෂිකරු සදහන් කළේය. 

 මේ අතර, අපරාධ පරික්ෂණයට දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක තුන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා ද ඊයේ (23) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණා වූද වැල්ලම්පිටිය තඹ කම්හලේ අයිතිකරු වූද ඉන්සාෆ් අහමඩ් නමැත්තා පාස්කු ප්‍රහාරයට පෙර ජාතික තවුහිද් ජමාද් සංවිධානයට රුපියල් කෝටි හතර හමාරක මුදලක් යොදවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය. 

මෙම කෝටි හතර හමාරක මුදල කිසිදු කාරණයක් සඳහන් නොකර ඉන්සාෆ් අහමඩ් නමැත්තා ඔහුගේ ගිණුමෙන් ලබාගෙන ඇති බව ඔහුගේ ගණකාධිකාරිවරයා ප්‍රකාශ ලබා දී ඇතැයි ද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කොමිසමට දැනුම් දුනේනේය. මෙම ස්වයං ඝාතකයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට මුදල් ලබාදීම සඳහා තම ගිණුමෙන් අවසන් වරට මුදල් ලබාගෙන ඇත්තේ ඉකුත් 2019 අප්‍රේල් මස 10 වැනිදා බවද සාක්ෂිකරු පැවසීය.

(නිමන්ති රණසිංහ)

පොහොට්ටු අපේක්ෂකගේ කුලී නිවසේ මුරකරු අභිරහස් ලෙස මියගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හා කළුතර දිස්ත්‍රික් අපේක්ෂක සංජීව එදිරිමාන්න මහතාගේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක මුරකරු සහ නිවසේ සුනඛයා නිවස තුළම අභිරහස් ලෙස මියගොස් සිටියදී ඊයේ (23) සිරුරු හමුවූ බව තලංගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර, කටුකුරුන්ද ගාලු පාරේ පදිංචි හන්දදුරගේ ජයසේන නමැති 70  හැවිරිදි අවිවාහකයකු බව පොලිසිය කියයි.අපේක්ෂක සංජීව එදිරිමාන්න මහතා පෙරේදා (22) රාත්‍රී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකට සහභාගි වී තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි කුලී නිවසට යාම සඳහා එහි මුරකරුට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇතැයි පැවසේ. එහෙත් ඊට මුරකරු ප්‍රතිචාර නොදැක්වීම නිසා යාබද නිවසක හිතවතකුට දුරකතන ඇමතුමක් දී තමන් රාත්‍රියේ නිවසට පැමිණෙන බව මුරකරුට දන්වන්නැයි පවසා ඇතැයි කියති. 

ඒ අනුව එම නිවසේ කාන්තාවක් සංජීව මහතාගේ පණිවුඩය දීම සඳහා නිවස ඉදිරිපිටට ගොස් කතා කළද කිසිදු ප්‍රතිචාරයක් නොවූ හෙයින් ඊට මදක් ඈතින් තිබෙන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ ආරක්ෂක නිලධාරියකුට ඒ බව පැවසීමෙන් පසු ආරක්ෂක නිලධාරියා එම කාන්තාව සමග පැමිණ නිවසට ඇතුළු වෙද්දී නිවස තුළින් දුගඳක් දැනී වැඩිදුරටත් පරික්ෂා කර ඇතැයි පොලිසිය කියයි.

එසේ පරික්ෂා කරද්දී නිවසෙහි ඇති දැඩි කරන බල්ලා සාලයේත්, මුරකරු ඊට මීටර් 15ක් පමණ ඇතින් වූ කාමරයේ ඇඳ මතත් මියගොස් සිටින අන්දම දැක ඒ බව තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතාට දැනුම් දී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මුරකරුගේ මළසිරුර ඇඳ මත උඩබැලි අතට තිබූ බවත් මීට දින කිහිපයකට පෙර එම පුද්ගලයා මියයන්නට ඇතැයි සැක කරන බවත් පොලිසිය කියයි. සුනඛයා වයස්ගත වූවකු බැවින් ආහාර නොමැති වීම හේතුවෙන් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මියගිය මුරකරු අසනීප තත්වයකින් පෙළී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.

සංජීව එදිරිමාන්න මහතා මෙම නිවස ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී කුලී පදනම මත ලබාගෙන තිබූ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මාර්තු 16 වැනි දින අඟුරුවාතොට ඔහුගේ ගම් ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය කියයි. ඉකුත් 12 වැනි දින සංජීව මහතාගේ බිරිඳගේ මාමා මෙම නිවසට පැමිණ මුරකරුට ආහාර හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගොස් ඇති බවට හෙළි වූ බව පොලිසිය කියයි. 

 සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් පැමිණ පරික්ෂණ පැවැත් වූහ. කඩුවෙල අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ද ඊයේ පැමිණීමට නියමිතව තිබූ බව පොලිසිය කියයි.  තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක අමිත් ජයමහ, කොස්තාපල් (91880) සඳකැලුම් මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වති.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,මත්තේගොඩ -ශාන්ත ප්‍රදීප් කුලරත්න)

Tuesday, June 23, 2020

උෂ්ණත්වමාන නැතිව පාසල් ආරම්භ කිරීමට සැලසුම් කරලා.

උෂ්ණත්වමාන නොමැතිව පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා මෙම උපකරණ මිලදී ගැනීමට වෙන්කළ රුපියල් මිලියන අසූහතරකට සිදුවන දෙය වහාම හෙළි කළ යුතු බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් උෂ්ණත්වමාන මිලදී ගෙන තිබෙන බවත්, එම උපකරණ මිලදී ගැනීමට වියදම් වූ මුදල් විදුහලට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් එම සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

කෝවිඩ් - 19 තත්වය තුළ පාසල් දරුවන්ගේ උෂ්ණත්වය මැන බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස උෂ්ණත්වමාන දහසය දහස් පන්සිය හතළිස් පහක් මිලදී ගැනීමට රුපියල් මිලියන අසූ හතරක් වෙන් කළ බවත්, ටෙන්ඩර්පත් කැඳවීමේදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම උපකරණ මිලදී නොගත් බවත් හෙතෙම පවසා සිටියේය. එසේ තිබියදී උණත්වමාන නොමැතිව පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරින් තීරණය කර තිබෙන බවත්, කෝවිඩ් - 19 තත්ත්වය යටතේ පාසල් දරුවන්ගේ ආරක්ෂාවට ගත් තීරණ විටින් විට වෙනස් කිරීමට යාම හේතුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සේම ආදි ශිෂ්‍ය සංගම් හා දෙමාපියන් දුෂ්කරතාවන්ට පත්වන බවද ඒ මහතා සඳහන් කළේය.

පාසල් ආරම්භ කිරීමට පෙර ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන බලධාරින් පසුගිය කාලයේදී විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බවත්, මේ අනුව උෂ්ණත්වමාන මිලදී ගැනීම හා විෂබීජ නාශක දියර වර්ග, සින්ක් මිලදී ගැනීම සිදුකර තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

(එච්.අයි.තුෂාර)

ට්‍රම්ප්ගේ 'කුංග් ෆ්ලු' කතාවට චීනය දැඩිව ප්‍රතිචාර දක්වයි.


ඕනම රටකට අපකීර්තියක් ඇති කිරීම සඳහා නව කොරෝනා වෛරසයේ මූලාරම්භය භාවිත කිරීමට උත්සාහ කරන්න ඕනැම වචන හෝ ක්‍රියාවකට චීනය තදින්ම විරුද්ධ බව චීනය අවධාරණය කරයි.

 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවති මැතිවරණ ප්‍රචාරක COVID-19 වසංගතය 'කුංග් ෆූ" (කුංග් උණ) ලෙස හැදින්වීම චීනයේ මෙම දැඩි ප්‍රතිචාරයට හේතු විය. ට්‍රමිප් මීට පෙර වෛරසය "චයිනීස් වෛරස්" ලෙස හඳුන්වා තිබුණි.

 ට්‍රම්ප්ගේ ප්‍රකාශය පිළිබඳ පැනයකට පිළිතුරු දෙමින් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසුවේ, "ඕනෑම රටකට අපකීර්තියක් ඇති කිරීම සඳහා නව කොරෝනාෙ වෛරසයේ මූලාරම්භය භාවිත කිරීමට උත්සාහ කරන ඕනෑම වචන හෝ ක්‍රියාවකට චීනය තදින්ම විරුද්ධ වෙනවා" යනුවෙනි.

 ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාවද ඕනෑම විශේෂිත රටකට හෝ කලාපයකට වෛරසය සම්බන්ධ කිරීමට පැහැදිලිවම විරුද්ධ බවද ෂාඕ වැඩිදුරටත් සඳහන් කළේය.

අයියගේ බ්‍රිෆ්කේස් එකේ ලියුම දැක්කාම දිවිනසාගනී කියා සිතුණා.

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු විධායක නිලධාරියකු වූ රජීව ප්‍රකාශ් ජයවීර මහතාගේ හිසට වෙඩි වැදී තිබූ මළසිරුර ඉකුත් 12 වැනිදා අලුයම කොළඹ නිදහස් චතුරශ්‍රයේ ගසක් යට තිබී පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර එම මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණයට සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකරු ඊයේ (22) එසේ පැවසීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ විභාග වූ මෙම මරණ පරීක්ෂණය සාක්ෂි කුරුඳුවත්ත පොලිසිය මගින් මෙහෙයවනු ලැබුවේය.

වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් සංජීව රේණුක ජයවීර (විශ්‍රාමික) මහතා මෙසේද ප්‍රකාශ කළේය. 

 මගේ පවුලේ අක්කලා දෙන්නයි, මැරිච්ච අයියයි, නංගියි මමයි ඉන්නේ. මගේ දෙවැනි අයියා රජීව ප්‍රකාශ් ජයවීර. ඔහු 15/1, පොලිස්පාක් ඇවනියු කොළඹ 05 ලිපිනයේ පදිංචි වෙලා හිටියේ. අයියා විවාහවෙලා හිටියේ. මියයන විට තුන්වැනි විවාහයේ හිටියේ. දිල්හාරා මඩවල ජයවීර සමග තමයි තුන්වැනි විවාහය තිබුණේ. අයියාගේ පළමු විවාහයෙන් එක් පුතෙක් ඉන්නවා. එයා 35 හැවිරිදි වියේ පසුවෙන ඩුබායි රාජ්‍යයේ ජීවත්වන අයෙක්.  අයියාගේ විවාහක බිරිඳ එංගලන්තයේ පදිංචිව සිටියේ. අයියා මට කිවිවා මම ඒ විවාහයෙන් වෙන්වෙන්න ඕන කියලා. එයාගේ බිරිඳ එංගලන්තයේ ස්ථිර පදිංචිකාරියක් නිසා මගේ අයියා සහ ඇය අතර කායික වෙන්වීමක් වුණා. අයියා අවුරුදු 15ක්ම ශ්‍රී ලන්කන් එයාලයින් සමාගමේ කළමනාකරුවකු වශයෙන් කටයුතු කළා 1987 ඉඳලා 2002 කාලය තුළ. ඊටපස්සේ කටාර් එයාවේස්වල අවුරුදු පහක් හයක් වැඩකළා. ආපසු නැවත අවුරුදු එකහමාරක් විතර ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ වැඩකළා. මට මතක විදිහට ඒ 2011 විතර. එයාගේ බිරිඳට තිබුණා “ට්‍රැවල් ආකේඩ්” කියලා කම්පැනි එකක්. එයා ඒකේ අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කළා. 2016න් පස්සේ ඔහු වෙනත් රැකියාවක් කළේ නෑ. ඔහු පත්තරවලට ලිව්වා. එයාගේ විනෝදයට සල්ලිවලට නෙමෙයි. විශ්‍රාම ගියාම තමයි පත්තරවලට ලිව්වේ. අයියයි මමයි වෙන වෙනම ජීවත් වුණත් අපි නිතරම දුරකතනයෙන් කතා කළා. මාසෙකට දවසක් විතර එකට කෑම ගන්නවා. අයියා මට ජනවාරි මාසේදී කිව්වා එයා එයාගේ නෝනාගෙන් වෙන් වෙනවා කියලා. එයා මට දැනුම් දුන්නා එයා වෙනම ගේකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ එපාර්ට්මන්ට් එක අයිති මහත්තයා එයාගේ යාළුවෙක් කිව්වා. ඒ වගේම ඒ අයිතිකාර මහත්තයා පිළිකා රෝගියෙක් නිසා එයා එයාගේ සහෝදරයකුගේ ගෙදර යන බවත් එයා ගියාට පස්සේ එහෙට යනවා කියලත් අයියා මට කිව්වා ,  ඊට පස්සේ ඇඳිරි නීතිය දැම්මා. ඒ නිසා ඒ ගැන කතා කළේ නෑ. අයියා මට කිව්වා එයාගේ ගෙදර තියෙන බඩු වගයක් මට අරගෙන යන්න කියලා. ඩී.වී.ඩී. සෙටප් පාවිච්චි නොකළ ෂර්ට් වගේ ඒවා. එයා මට පැහැදිලි කළා. එපාර්ට්මන්ට් එක පුංචි නිසා එයාට මේවා තියා ගන්න අමාරුයි කියලා ජූනි නව වැනිදා සවස 6,30ට විතර මට දෙසැරයක් ටෙලිෆෝන් කරලා තිබුණා. මම වත්තේ වැඩ කරමින් සිටි නිසා මට ඒ ඇමතුම් ගන්න බැරිවුණා. ඊට පස්සේ රෑ 7.00 විතර මම එයාට කතා කළා. එයා මගෙන් ඇහුවා පහුවදා උදේට ගෙදර ඉන්නවාද කියලා. මම කිව්වා ඔව් මම ඉන්නවා ඇයි මොකටද කියලා. එතකොට අයියා කිව්වා එයාගේ කාඩ්බෝඩ් පෙටිට් අටක් විතර මගේ ගෙදර දාන්න පුළුවන්ද කියලා. එයා එහෙම ඇහුවේ අර කියපු ගෙදරට යන්ත හදන නිසා. මම එයාගෙන් ඇහුවා ඇයි පෙට්ටි ටික එක සැරේම අලුත් ගෙදරට දාන්න බැරි කියලා. එතකොට එයා කිව්වා ඒ ගෙදර සුද්ද පවිත්‍ර කරන්න ඕන නිසා කියලා. අයියා එහෙම කිව්වාම මම ඒක පිළිගත්තා.

 ජුනි මස 10 වැනිදා උදේ 10.30 ට විතර අයියා වාහනයෙන් ඇවිල්ලා ඒ කියපු පෙට්ටි ටිකයි අයියාගේ මුද්‍රණ යන්ත්‍රයකුයි, පිත්තල බඩු වගයකුයි මගේ ගෙදරට දුන්නා. මම අයියාට කිවා තේ කෝප්පයක් බොන්න ඉන්න කියලා. ඒත් අයියා කිව්වා මට තව වැඩ තියෙනවා මම යනවා කියලා. කාරෙකට නගින්න ඔන්න මෙන්න කියලා තියෙද්දී එයා කිව්වා මගේ වැදගත් ලියවිලි වගයක් තියෙන බ්‍රිෆ් කේස් එක ගේන්න අමතක වුණා. මම දවල්  වෙලා ඒක ගෙනල්ලා දාන්නම් කියලා. මම අයියට කිව්වා ඒකටම එන්න ඕනි නෑ. මම වැඩකට බම්බලපිටිය පැත්තට එනවා මම ගන්නම් කියලා. එතකොට අයියා කිව්වා ඒ වෙලාවට මම ගෙදර ඉන්න එකක් නැතිවෙයි ඔයා ගිහිල්ලා ගන්න කියලා. මම කිව්වා ඔයා නැති වෙලාවට මම ඔයාලාගෙ ගෙදර යන්න කැමැති නැහැ කියලා. මොකද අයියා මට කියලා තිබ්බා එයාගේ බිරිඳ එංගලන්තයේ ඉඳලා සීසීටීවී වලින් බලලා වැඩකරන අයගෙන් එක එක දේවල් අහනවා කියලා. ඊට පස්සේ මම අයියා ගිහිල්ලා පැය එකහමාරකට විතර පස්සේ අයියාගේ ගේ ළගට ගිහින් එයාගේ බ්‍රිෆ් කේස් එක ඉල්ලගෙන ඇවිත් එයාගේ බඩු තියන කාමරේට දැම්මා.

අධිකරණයඃ- ඒ අවස්ථාව වන විට ඔබ දැනගෙන හිටියාද පදිංචියට අයියා යන තැන ගැන.

 සාක්ෂිකරු- ඔව්. කුසල් වරුසවිතාන මහතා තමයි අයියාගේ යාළුවා. ප්‍රිමියර් ෆැසිපික් එපාර්ට්මන්ට් එකට තමයි අයියා යන්න හිටියේ. ජූනි 11 වැනිදා උදේ 08ට විතර මම අයියට කෝල් කරලා ඇහුවා කවද ද ඔයා බඩු අදින්නේ . ඒක සුද්ද . කරන්න මගේ උදව් ඕනද කියලා. කුසල් මහත්තයා එයාගේ අයියලාගේ ගෙදර ගියාම තමයි අයියා කුසල්ගේ එපාමන්ට් එකට යන්නේ කියලා අයියා මට කියලා තිබුණා. එතකොට ඔහු කිව්වා අදට ඔයාගේ සහාය අවශ්‍ය නෑ. ඕන වුණත්, දන්වන්නම් කියලා. ඒ වෙලාවේ අයියගේ කටහඩ හරිම ආඳරෙන් පිරිලා තිබුණා. එයා කාට වුණත් කතා කරන්නේ හරිම ගොරෝසු විදිහට. ඒත් එයා එදා මට කතා කළ විදිහට මට ගොඩක් ආශාවක් ඇතිවුණා. ඒ 11 වැනිදා. එදා රෑ 9ට විතර මම නාලා බුදුන් වැඳලා ටී.වී. බලන්න ඉඳ ගත්තා. මම නිකමට මගේ මොබයිල් ෆෝන් එක දිහා බැලුවා. මම විශ්‍රාම ගියාට පස්සේ ඒ වෙලාවට මට කවුරුත් කතා කරන්නේ නෑ. එතකොට මම දැක්කා අයියාගෙන් එස්.එම්.එස්. පණිවිඩයක් තියෙනවා 8.45ට විතර මම ඒක දැක්කේ 9.15ට විතර. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණේ, කරුණාකරලා මගේ බ්‍රිෆ් කේස් එකේ ලොක් එක මේ. එකේ ඇතුළේ ඔයාට ලිපියක් තියෙනවා. එකේ මම පැහැදිලි කරලා තියෙනවා මගේ තීරණය ගැන ඔබ ඉදිරියට මොනවද කරන්නේ කියලා එකේ මම පැහැදිලි කරලා තියෙනවා. මට හරි කණගාටුයි. මට ඔබට කරඳර කිරිම ගැන මිට අයියා. 

මම ඒ එස් එම් එස් එක දැක්කාම මට තේරුණා මොකක් හරි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියලා මම ඉක්මනට ගිහින් බ්‍රිෆ් කේස් එක ඇරලා උඩම තිබුණ ලියුම කියෙව්වා. ලියුමේ බාගයක් දුරට කියවගෙන යද්දි මට තේරුණා අයියා සියදිවි නසාගන්න හදනවා කියලා මට

 අධිකරණයඃ- ඒ ලියුම තියෙනවාද? 

සාක්‍ෂිකරු- ඔව්. මම ඒ ලිපිය පසු අවස්ථාවේදී පොලිසියට දුන්නා. (අධිකරණය වෙත ඉදිරිපත් කරයි.) අන්තිම මාස තුන හතරේදි එයාගේ බැංකුවෙන් ගිය ලොකු මුදල විස්තර ඒ ලිපියේ වෙනම දාලා තිබුණා. ලක්‍ෂ 10 ක් ගෙදර වැඩකරන ළමයාට සහ ලක්‍ෂ 5 ක් කොවිඩ් ෆන්ට් එකට දාලා තිබුණා. එකේ අන්තිමට ලියලා තිබුණා. මේ අවුරුද්දේ ජනවාරි 03 වැනිදා එයාගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්‍ෂයක් සහ පනස් එක් දහස් පන්සියක් සල්ලි අරගෙන එයා ගිනි අවියක් අරගත්තා කියලා. එයා දන්නවා එයා කරපු දේ නීතියට අනුගත නොවන දෙයක් කියලා එයා එකේ ලියලා තිබුණා.

මම එය සාධාරණීය  කරන්නේ නෑ මම එය ගත්තේ වෙන කෙනෙකුට හානියක් කරන්ත නෙමෙයි. එයා උණ්ඩ 06 ක් ගත්තා කියලත් තිබුණා ඉන් එකක් පාවිච්චි කරලා තිබුණා එය ටෙස්ට් කරන්න.

පරික්‍ෂණවල යම් ව්‍යාකූලතාවක් මතුවුණොත් මේ තොරතුර පොලිසියට යොමු කරන්න කියලා එයා ලියලා තිබුණා. මගේ තීරණයට කිසිදු දේශපාලනීක සබඳතාවක් ගාවන්න මම බලාපොරොත්තු වෙන්නේ නැ, එහෙම ලියුමේ තිබුණා. මට මුලින්ම හම්බ වූණේ පිටු දෙකකින් සමන්විත ලියුම පසුව පාන්දර තුනට විතර තමයි දෙවැනි කොළය හම්බ වුනේ. පළමු පිටුව කියවද්දි තමයි මම දැනගත්තේ එයා ජීවිතය නැති කරගන්න හඳනවා කියලා.

මම එතකොට එයාට කතා කළා 9.20 ට විතර ඇති වෙලාව තුන්පාරක්ම එයාට කතා කළාම ඒක විසන්ධි වෙලා තිබුණා. මම හිතුවා වහාම අයියගේ මොබයිල් එක ට්‍රැක් කරන්න. මම මගේ යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙකුටම කිව්වා අයියගේ ෆෝන් එක ට්‍රේස් කරන්න කියලා 9.50 ට විතර මගේ අයියගේ දෙවැනි බිරිඳ ශිරෝමාල් කුරේ මහත්මිය මගේ ජංගම දුරකතනයට අයියා ඉන්න තැන එස්.එම්.එස් එකක් මගින් එව්වා. ලොකේෂන් මැප් එක පෙන්නුවේ ඩික්මන් රෝඩ් එක. මම මගේ කාර් එකේ නැගලා එතනට ගියා එතැන විදේශිකයන්ට නවාතැන් දෙන තැනක් ඒ වුණත් එතැන වහලා තිබුණා. මම එතන හිටියට මනුස්සයෙකුට කිව්වා කරුණාකරලා එන්න මගේ අයියව බේරගන්ත කියලා නමුත් එයා කිව්වා එතැන කවුරුවත් නෑ කියලා මම එතකොට ඒ හරියේට ලැගුම්හල් දෙක තුනකටම ගිහිල්ලා ඇහුවා මගේ අයියා කාමරයක් අරගෙන ඉන්නවා ද කියලා. බැරිම තැන රෑ 11.00 ට විතර මම බම්බලපිටිය පොලිසියේ ඕ.අයි.සී. මහත්තයාට කිව්වා මගේ අයියා මෙහෙම කරන්න යනවා එයාව බේරගන්න ඕන කියලා.

පොලිසිය මගෙන් කටඋත්තරයක් අරගෙන මට ජංගම සේවයක් දුන්නා ඒ තැනට ගිහිල්ලා අයියව හොයන්න. පොලිසියත් මම ගිය තැනටමයි ගියේ පොලිසියෙන් කිව්වා වහලා තිබුණ කාමර අරින්න කියලා එයා කිව්ව වගේම ඒ කාමරල කවුරුවත් ඉඳල නෑ පොලිසියත් එක්ක පැයක් විතර මම අයියම හෙව්වා. මම රෑ 12.00 ට විතර කිව්වා අපි ආපහු යමු කියලා. 

මම ඒ අතරතුර කිහිප වතාවක්ම අයියට කතාකරත්ත උත්සාහ කළා. එයාගේ දුරකතනය ක්‍රියා විරහිත කරලා තිබුණේ. 

 අධිකරණයඃ- ඔබ අයියා සිටි ගෙදරට ගිහිල්ලා බලන්න උත්සාහ කළේ නැද්ද.

සාක්‍ෂිකරු- නැහැ. මම ගෙදරින් පිටවෙන්න කලින් එයාගේ ගෙදරට කෝල් කරලා ඇහුවා ඇයි. අයියා දුරකතනයට එන්නේ නැත්තේ එයා කොහේද කියලා. එතකොට ඒ ළමයා කිව්වා එදා හවස කාර් එක තියලා 6.45 ට විතර ගෙදරින් ගියා කියලා. අපේ මල්ලි එන සුමානේ අගහරුවාදා අවාම ලැප්ටොප් එකයි කාර් එකේ යතුරයි දෙන්න කියලා එයා ඒ ළමයාට කියලා.

 මම ගෙදරට යද්දී රෑ 1.00 විතර වුණා. ඊට පස්සේ මමයි මගේ දුවයි එයාගේ බ්‍රිෆ් කේස් එක බැලුවා. එතකොට තමයි මම දෙවැනි කොළය දැක්කේ. මම උදේ 5.30 ට විතර මගේ අක්කලා දෙන්නට මේ දැනුම් දුන්නා. මම ඒ දෙන්නට මේ ලියුම් වට්ස් ඇප් කරලා යැව්වා. උදේ 6.00 විතර වෙද්දී කාරෙකේ නැගලා අයියලගේ ගෙදරට ගියා. මම අයියගේ ලැප්ටොප් එක ගන්න ගියේ. මොකද මට වුවමනා වෙලා තිබුණා අයියගේ ලැප්ටොප් එකේ මොනවා හරි තියෙනවාද කියලා දැන්ගන්න. නමුත් ගෙඳර වැඩට ගිය අය මට ඒ ගෙදරට ඇතුළු වෙන්න දෙන්න බෑ. මොකද නෝනා ලන්ඩන්වල ඉඳලා සී. සි.ටී.වී. චෙක් කරලා අපිට බනීවි කියලා. මම බලහත්කාරයෙන් ගේ ඇතුලට ගිහින් අයියගේ ලැප්ටොප් එකයි කාර් එකයි අරගෙන එළියට ඇවිත්
ඒ ළග තියෙන ගෙදරක මහත්තයෙකුට බොරුවක් කියලා කාර් එක ඒ ගෙඳර දාලා ලැප්ටොප් එක අරගෙන ගෙදර දුවගෙන ගියා. මම දුවට ලැප් එක දීලා කිව්වා අයියා ගැන මොකක් හරි තොරතුරක් හොයන්න කියලා. ඒ අතරතුර උදේ 7.15 ට විතර මගේ අක්කාගේ දුරකථනයට නංගි කතාකරලා කියලා තියෙනවා රාජගිරියේ ගෙදරට පොලීසියෙන් ඇවිල්ලා එයාට දැනුම් දුන්නා කියලා. අයියගේ මෘත ශරිරය ඒ අයට හම්බවුණා කියලා. එතැනදී මට කිව්වා අයියගේ ශරීරය හඳුනාගන්න එන්න කියලා. අපි නිදහස් චතුරස්‍රයට ඇවිත් අයියගේ මෘත දේහය අඳුනා ගත්තා. අයියගේ ලියුමේ තිබුණ පරිදි මම අයියාගේ දේහය ජයරත්න මල්ශාලාවට භාරදුන්නා. පසුව දේහය බොරැල්ල කනත්තේදී භූමදානය කළා, ඔහු අවසන් වරට ජීවත්වුණේ ගෙදර වැඩ කරන අයත් එක්කයි. ගැහැණු දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු ගෙදර වැඩට හිටියා. මේ ලිපියේ තියෙන්නේ අයියාගේ අත්සනයි. මගේ අයියාට අසනීප තත්වක් තිබුණා. එයා වයස අවුරුදු 40 වනවිට ග්ලූකෝමා තත්වයෙන් හිටියා. ක්ලොස්ටරෝල්, ෂුගර් ඒවත් තිබ්බා. එයා එක දවසක් පිටකොන්දේ ආබාධයක් ගැනත් කිවා.

අධිකරණයඃ- දරාගත නොහැකි මට්ටමේ අපහසුතා ගෙනදෙන වෙනයම් හෝ රෝගයක් තිබූ බවට ඔබ දැනගෙන හිටියාද?

 සාක්ෂිකරු- නැහැ.

අධිකරණය- ඔබගේ සහෝදරයාට සියදිවි නසාගැනීමට තරම් මානසික හෝ කායික ප්‍රශ්නයක් තිබුණා කියලා මම දැනගෙන හිටියාද?

සාක්ෂිකරු- ඔව්. ඩිප්රෙස් වෙලා හිටියේ නෑ. නමුත් එයාගේ තුන්වැනි කසාඳය සාර්ථක වුණේ නැති නිසා ඇයගෙන් වෙන්වීම නිසා ටිකක් අප්‍රසන්නතාවයෙන් හිටියා. එයා මට කියලා තිබුණා. "එයා තුන්වැනි සැරේටත් වැරදි කෙනෙකුට අහුවුණා කියලා" එයාගේ පුතා අන්තිමට එයාට කතාකරලා තිබුණේ මීට වසර 6කට පමණ පෙර. එයා එයාගේ මිත්‍රයාගේ පිළිකා තත්ත්වය ගැන කලකිරිලා හිටියේ. අපි තුන්දෙනා එකතුවෙලා කෑම කාලා, කුසල් ගියාම එයා කියනවා මොකටද මේ වගේ ජීවිතයක්? කියලා. එයා ඒ ගැන හරියට දුක්වුණා. එයා තරාදියකින් එයාගේ ජීවිතය දිහා බැලුවා. මම එයාට කියලා තිබුණා මට මොකක්හරි වුණොත්  මගේ දුවලා දෙන්නා බලාගන්න කියලා.  අයියට සතුරෝ හිටියා කියලා මම දන්නේ නෑ. එයා හරියට නීතියට රෙගුලාසියට වැඩ කරපු නිලධාරියෙක්, 

 එයා පත්තරවලට ලියනකොට දේශපාලනඥයින්ට බැනලා ලියන නිසා මම කිව්වා ඇයි ඕවා කරන්නේ කියලා. අපි දෙන්නටම කවදාවත් මොන ආණ්ඩුවකින්වත් කතාකරලා ලියන ඒවා වැරදියි තියලා කවදාවත් කිව්වේ නෑ. අයියාගේ මරණය ගැන මට සැකයක් නැහැ- මේක එයාගේම තීරණයක් කියලා මම දන්නවා. මෙහිදී ක්‍රීඩා උපදේශකවරයකු වන සජිත් ප්‍රසන්න සමරනායක (28) සහ නිදහස් චතුරස්‍රයේ පෞද්ගලික ආරක්ෂක ප්‍රධානී නිලධාරි පුංචි බණ්ඩාගේ ජයවර්ධන (65) යන මහත්වරුදු මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි දුන්හ.

(නිමන්ති රණසිංහ)

සෙබළ පුතුගේ ග්‍රයින්ඩර් ප්‍රහාරයෙන් තිදරු මව මරුට


හමුඳා සෙබළ පුතුගේ පහර කෑමට ලක් වූ බව කියන තිදරු මවට බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (22) සවස මියගිය බව පොල්පිතිගම පොලීසිය කියයි.

 මෙලෙස මරණයට පත්ව ඇත්තේ මොරගොල්ලාගම, නිකවැව, ගලහිටියාව ලිපිනයේ පදිංචි අබේගොඩ ලියනගේ කල්‍යාණි ලියනගේ (අවු 46) නමැති තිදරු මවකි. විදුම් යන්ත්‍රයකින් පහර දීම නිසා බරපතළ තත්ත්වයෙන් ඇය කුරුණෑගල රෝහලටත් ඉකුත් 20 වැනි දා නිකවැව රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලිසිය කියයි.

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ පිරිමි පුතුන් දෙදෙනකු යුද හමුදාවේ සේවය කරන අතර, බාල දියණිය මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බවත් අවුරුදු 26 ක් වයසැති වැඩිමල් පුතු පරන්තන් ප්‍රදේශයේ  යුධ හමුදා කදවුරක සේවය කොට නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී මව හා පියා සමග ආරවුලකදී නිවසේ තිබු ග්‍රයින්ඩරයකින් තම මවගේ හිසට පහරදී ඇති බව මෙතෙක් සිදු කළ පරික්ෂණවලින් අනාවණය වී ඇතැයි පොලිසිය කියයි. රෝහලට ඇතුළත් කරන විට ඇය බරපතළ තත්වයේ සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

බරපතළ තත්ත්වයේ පසු වූ රෝගියා මහව රෝහල සතු ගිලන් රථයක් ගෙන්වා කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා දැඩි සත්කාර ඒකකයේ සිහිය නොලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (22) සවස් යාමයේ මරණයට පත්ව ඇති බවට රෝහල් පොලීසිය මගින් පොල්පිතිගම පොලිසිය වෙත දැනුම් දී තිබේ. මෙම මව නිකවැව රෝහලට ඇතුළත් කොට ඇය කුරුණෑගල රෝහලට යැවීමෙන් පසුව එම හමුදා පුතා නිවසේ පසු වූ පියාටද පහරදීම හේතුවෙන් 21 වැනි දින අලුයම් කාලයේ පියාද හුස්ම ගැනීමේ දැඩි අපහසුවකින් යුතුව නිකවැව රෝහලට ඇතුළත් කළ බවත්, එම පියාඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා තවමත් එහි 27 වැනි වාට්ටුවේ මාසිකව ප්‍රතිකාර ලබනා නමුත් ඔහුගේ තත්වය බරපතළ නොවන බවත් රෝහල් සේවකයෙක් පැවසීය.

වසර ගණනාවක් හමුදා සේවයේ යෙදි සිටින මෙම අවුරුදු  26 ක් වයසැති අවිවාහක පුතා නිවසට නිවාඩු ලබා පැමිණෙන බොහෝ අවස්ථාවල මව හා පියා සමග අඩ දබර වෙන බවට කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය කීය.  සිද්ධියට සැකපිට නිවාඩු ලබා පැමිණ සිටි යුධ හමුදා සෙබළ පුතා අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(මොරගොල්ලාගම සිසිර කැලේගම)

Monday, June 22, 2020

මැද පෙරදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1700කට කොවිඩ්.

මැදපෙරදිග කලාපයේ රටවල් 17ක වෙසෙන ශ්‍රී ලාංක්ය ශ්‍රමිකයන් 1,700 කට වැඩි පිරිසකට කෝඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය  ප්‍රකාශක නීයෝජ්‍ය  සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතාගෙන් 'අද' පුවපහ කළ විමසීමකදී පැවසීය.
කෝවිඩ්-19 ආසාදිත  මැදපෙරදිග විදෙස් ශ්‍රමිකයන් අතරින් 23 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ ඔවුන්ගේ ඥාතීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පවසා  සිටි ඒ මහතා, එම රටවල පවතින නීරෝධායන නීතීන්ට අනුකුලව එම දේහය අවසන් කටයුතු සිදුකර ඇති බවද ප්‍රකාශ කළේය.
එම පිරිස අතරින් 200කට වැඩි පිරිසක් මේ වනවිටත් සුවය ලබා ඇති බවත්, අනෙක් පිරිස රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් රන්දෙණිය මහතා පවසා සිටියේය.

    මැදපෙරදිග ශ්‍රී ලාංකික  ශ්‍රමිකයන්

    මියගිය පුද්ගලයන් වෙනුවෙන් හිමිවන රක්ෂණ වන්දි මුදල් ඔවුන්ගේ යැපෙන්නන්ට ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ලබාදීමටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් සුභසාධන සැලසීමටත්
කාර්යාංශය කටයුතු කරන බව ද මේ
වනවිටත් අදාළ තොරතුරු කාර්යාංශය විසින් පවතීනම් ඒවා ලබාදීමටද කටයුතු කරමින්  රැස්කරමින් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ සිටින බවත් හෙතෙම සඳහන් කළේය. කළේය. රෝගය අසාදිත වූ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අදාළ තනාපති කාර්යාල  හා   මහකොමසාරිස්  කාර්යාංශය නිරන්තරයෙන්  සොයා බලන බවත්  ඔවුන්ට යම් අවශ්‍යතා පවතීනම් ඒවා ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

විදෙස්ගත ශ්‍රමිකයන්  12,000ක් 

 පසුගිය සෙනසුරාදා (20) පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් 410 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ.
ගුවන්යානා 5කින් මෙම 410 දෙනා දිවයිනට පැමිණි බවත්, විදෙස්ගත ශ්‍රමිකයන්
මෙරටට ගෙන්වීම ආරම්භ කළ පසු එක් දිනකදී දිවයිනට පැමිණි වැඩිම පිරිස මෙය බවත් සඳහන් වේ.
මේ වනවිට රටවල් 21කින් විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර, ඔවුන් සියලුදෙනා නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත්, ගුවන්තොටුපොළ තුළ පී.සී. ආර්. පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව එලෙස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් වූ ගුවන් මගීන් පිරිස 2000කට අධික බවත් වාර්තා
වේ.
මේ වනවිට මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකේක්ය. ශ්‍රමිකයන් 39,000ක්
පමණ මෙරටට පැමිණීමේ  අපේක්ෂාවෙන් ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
එමෙන්ම ලොව පුරා වෙසෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 50,000 ඉක්ම වූ පිරිසක් මෙරටට පැම්ණිමේ ,  අපේක්ෂාවෙන් ලියාපදිංචි වී සිටින බව විදේශ
සබඳතා අමාතයාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ  මහතාගෙන්  අද පුවත්පත පසුගියදා කළ විමසීමක දී  ප්‍රකාශ කළේය.

නවෝද්‍යා පවනි