Friday, September 30, 2022

මම වැඩ කරන්න පටන්ගත්තම බස්වල නින්ද යන පිරිමින්ට ටිකක් අමාරු වෙයි

රිදී තිරයේ 'ලස්සන කෙල්ල' ගීතා ය. විවාදයක් නැත... ඇයට සිනමාවේ නම් උරුම් වී තිබුණේ මල්පාරකි. එහෙත් ඒ මල්පාර අමතක කර අලුත් පාරකින් ඈ දේශපාලනයට පැමිණියේ ඒ වනවිට ලැබී තිබූ ජනප්‍රසාදය උඩය. කොයි පාරේ ගියත් ගීතා, ගීතාම නිසා ජනතාව ඇයට දේශපාලන කරළියේදීත් රිදී තිරයේ දුන් ආදරයෙන් බින්දුවක් හෝ අඩු කළේ නැත. එහි ප්‍රතිඵලය ලෙස ඇය පාර්ලිමේන්තුවට පිවිසියාය. නමුත් දේශපාලන චාරිකාව තුළ ඇයට විවීධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවිය. ඒ නිසාම විටින් විට දේශපාලන කරළියේ ගීතා නොයෙකුත් කතා මැවිවාය. පසුගියදා නැවතත් ඇයට අලුත් ආණ්ඩුවෙන් අලුත් ඇමති ධුරයක් ලැබුණි. ඒ ළමා හා කාන්තා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ධුරයයි. දැන් කවුරුත් බලාසිටිනේ ගීතා අලුත් අමාත්‍යංශයේ වැඩ පෙන්වන තෙක්ය. ඉතින් මේ සංවාද සටහන ගොඩනැගෙන්නේ ඒ පිළිබඳව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ  සමග කළ කතාබහක් ඇසුරිනී.

*මේ වෙනකොට බාලවයස්කාර දැරියන්ව අතවරයට ලක්කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. උදාහරණ විදියට පාදුක්ක අරුත් දී පහළොස් හැවිරිදි දියණියක් සමූහ දූෂණයට ලක්කිරීම, ගල්කිස්ස ලක්ෂපතියේ නිවසකදී මව විසින්ම තමන්ගේ දියණියව මුදලට අලෙවිකිරීම වගේ සිද්ධි මතක් කරන්න පුළුවන්. නමුත් මේවට සම්බන්ධ කිසිම වැරදිකරුවෙකුට අද වෙනකම් දඩුවම්  ලැබුණු බවක් දැනගන්න ලැබිලා නෑ. ළමා හා කාන්තා කටයුතු ඇමතිවරු විදියට ඔබ වෙට අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද?

''ඔය කතාව සම්පූර්ණ ඇත්ත. අතවරයට ලක්වුණු සමහර දැරිවියගේ නඩු අවුරුදු දහය දොළහ ඉදිරියට ඇදෙනවා. ඒ වෙනකොට සමහරක් ගෑනු දරුවෝ කසාද බඳින වයසටත් ළංවෙලා. මම කියන්නේ මුලින්ම මේ නඩු අවුරුදු ගණන් දික් වෙන්නේ නැති විදියට නීති සම්පාදනය කරන්න ඕන. මොකද මේවා කාලාන්තරයක් තිස්සේ ඇසිය යුතු නඩු නෙවෙයි. ඒ නිසා මම ඒ වෙනුවෙන් මට හැකි උපරිමය කරන්න උත්සාහ කරනවා. හැබැයි මේවා මට තනියම කරන්න හැකියාවකුත් නෑ. මොකද පොලිසිය තියෙන්නේ වෙන අමාත්‍යංශයකට. අධිකරණය තියෙන්නේ තවත් අමාත්‍යංශයකට. ඒක නිසා ඉස්සරහට මේ ගැන අධිකරණ අමාත්‍යවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ඉහළ නිලධාරින්න එක්ක සාකච්ඡා කරලා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.''

*අදටත් පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සහ තරුණියන්ව හිංසනයට ලක්වන අවස්ථා තියෙනවා. හදිසි අවශ්‍යතාවයකටවත් රැකට තනියම පාරට බැහැලා යන්න බැරි අවස්ථා ඕනතරම් තියෙනවා. මේ ගැන ඉස්සරහට ඔබේ. අවධානය යොමු වෙයිද ?

''අනිවාර්යයෙන්ම. මම තාමත් ඇමතිවරිය විදියට පත්වෙලා සතියක් වගේ කාලයක්. හැබැයි මේ වෙනකොටත් මම ඔය කියන හැම පැත්තක් ගැනම හොඳ අවධානයකින් ඉන්නේ. ගොඩක් පිරිමින්ට බස්වලට නැග්ගම හරියට නින්ද යනවා. ඇඟපත පණ නැතිවෙලා ලස්සන ගෑනුන්ගේ වාරුව හොයනවා. ඕවාට ගෑනු උදවිය විරුද්ධ වෙලා කතා කරහම එහෙනම් බස් එකෙන්  බැහැලා බෙන්ස් එකක යන්න කියලා අපහාසාත්මක විදියට කතා කරනවා. ඉතින් ඉස්සරහට ඒවාට ලේසිවෙන එකක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.'' 

සමහරු කියනවානේ ස්ත්‍රී දුෂණ වැඩිවන්නේ කාන්තාවෝ කොටට අඳින නිසා කියලා. ඔබත් එහෙම හිතනවද?

''මොන පිස්සුද ? ඒහෙනම් ඔය මුහුදු වෙරළකට ගිහාම සංචාරක කාන්තාවෝ බිකිනිය ඇඳගෙන, ඊට උඩින් රෙදි කෑල්ලක් පටලගෙන නිදාගෙන ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ගැහැනුන්ගේ ඇඳුම්වල නෙවෙයි. පිරිමින්ගේ ආකල්පවල. ''

ගෙදරදී ගුටිකන කාන්තාවෝ ඒ ගැන පැමිණිලි කරන්න පොලිසියට යනවා. හැබැයි ගෙදර ආවම පොලිසි ගිය නිසා ආපහු පාරක් ගුටි කන්න වෙනවා. මේ වගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුමක් දෙන්න බැරිද?

ඕනම බිරිඳක් තමන්ගේ සැමියට විරුද්ධව පොලිසියට යන්නේ ඉවසලා ඉවසලා බැරිම තැනනේ. අදටත් ගවල රෑ දෙගොඩහරීයේ කට ගොන්නක් බීගෙන ඇවිල්ලා අසරණ ගෑනුන්ට ගහන පිරිමි එමටයි. ඒ වෙලාවට ගොඩක් ගෑනු උදවිය කරන්නේ රෑට කැලේ පනින එක. නමුත් අර කලින් කිව්වා වගේ පොලිසි ගියොත් තවත් ගුටි කන්න වෙයි. කියන බයට රෑ එළි‍වෙනකන් කැලේ ඉඳලා උදේ මනුස්සයාගේ වෙරි හිදුනම හිමින් සීරුවේ ගෙට ගොඩවෙන බිරින්දෑවරු ඉන්නවා. ඒ නිසා මම තීරණය කළා ඒ අයට ඉන්න තැනක ඉඳලා කතා කරලා තමන්ගේ ප්‍රශ්න කියන්න විශේෂ දුරකතන අංකයක් හඳුන්වලා දෙන්න. අනික ඕනම වෙලාවක ගෘහස්ථ හිංසනයට ලක්වෙන කාන්තාවක් ඉන්න තැනකට ගිහින් එක්කන් එනත්,ගෙනැල්ලා නවාතැන් පහසුකම් දෙන්න පොදු ස්ථාන කිහිපයක් සූදානම් කරන්නත් මම කටයුතු කරනවා.''

ඔබ ඔහොම කිව්වට අපිට මතකයි පහුගිය කාලේ පාර්ලිමේන්තුව ඇතුළේ ඒක මන්ත්‍රීවරයෙක් වම්බටු කතාවක් කියලා මන්ත්‍රීවරියකට අපහාස කළා. ඒ වනකොට ඇමතිවරියක් නොවුණත් ඔබ පාරිලිමේන්තු මන්ත්‍රීවරියක්. මොනවද ඒ වෙනුවෙන් කළේ?

''මං පිළිගන්නවා ඒ කියපු කෙනා ව්‍යගයෙන් හරි අසභ්‍ය යෝජනාවක් තමයි එතුමියට එදා කළේ. නමුත් ඇමතිකමක් නොතිබුණාය කියලා මම එදත් කට වහගෙන හිටියෙ නෑ. ඇය වෙනුවෙන් පෙනී හිටියා. අනික මමත් එදා පාර්ලිමේන්තුවේ හිටියා. ඒ නිසාම ඒ ගැන කියලා කතානායකවරයාට යවපු ලිපිවලටත් අත්සන් කළා. ''

දේශපාලනයට එන්න කලින් ඔබ ප‍්‍රසිද්ධ සිනමා නිළියක් වගේම ව්‍යාපාරිකාවක්. මේ ආපු ගමනේදී කාන්තාවක් විදියට ඔබවත් හිංසනයට ලක්වුණ අවස්ථා තියෙනවද?

'' වාසනාවකට එහෙමනම් වෙලා නෑ. මම සිනමාවට ආවේ අවුරුදු දාහතේදි විතර. ඒ කාලේ මගේ අම්මා මගේ පස්සෙන්ම හිටියා. අනික මම රංගනයට ආවේ අමාරුවෙන් පොඩි පොඩි චරිත රඟපාලා හෝ රස්තියාදු වෙලා නෙවෙයි. ඒ වගේම කවුරුත් මට හිතවත්කවලට චරිත දුන්නෙත් නෑ. මගේ හැකියාව සහ පෙනුමට මාව ඕනම නිසයි. මාව ගත්තේ.''

මෑතකදී මිල ඉහළ ගිය සනීපාරක්ෂක තුවාවල බද්ද ඉවත් කරලා මිල අඩු කරන්නත් ඔබ කටයුතු කළාය කියන්නේ ඇත්තද? 

''ඇත්තටම ඔව්. මම ඇවිල්ලා දවස් තුනක් වගේ කාලයක් ඇතුළත තමයි මේ සිද්ධිය වුණේ. ඒ නිසා මම ඒ ගැන කියලා ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා.  මොකද මේක මේ යුගයේ අවශ්‍යතාවයක්. ඒ නිසා ලංකාවේ නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවාවල බද්ද අයින් කරලා මිල අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ''

ගැබිනි මව්වරුන්ට කලින් ලබලා දීපු රුපියල් දෙදාස් පන්සීය රුපියල් පන්දහසක් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? 

''ඇත්තටම අපි කලිනුත් තෝරාගත්ත අඩු අදායම්ලාභී පවුල්වල ගැබිනි මව්වරුන්ට රුපියල් දෙදාස් පන්සීයක දීමනාවක් දුන්නා. නමුත් දැන් තියෙන ආර්ථිකයත් එක්ක ඒ අයට ඒක මදි බව අපිට තේරුම් ගියා. ඒක නිසා ඒ දිමනාව තවත් රුපියල් දෙදාස් පන්සීයකින් වැඩි කළා. ඒ වගේම දරුවා ලැබුණට පස්සේ කිරි දෙන්න අවශ්‍ය නිසා එතැන ඉඳලත් මාස පහක් ඉස්සරහට වෙනකල් මේ දීමනාව ලබා දෙන්න අපි තීරණය කළා....''

අවසාන වශයෙන් කාන්තාවන්ට කියන්න තියෙන්නේ මොකද්ද?

පැහැදිලිවම කියන්න තියෙන්නේ මෙච්චරයි. කාන්තාවක් වුණහම නිසි වයසට ආවහම තනියම හම්බකරගෙන කාලා ජීවත්වෙන්න පුරුදු වෙන්න. ගැහැනියෙක් වෙලා ඉපදුණාය කියලා මුළු ජීවිත කාලෙම සැමියාගෙන්, තාත්තාගෙන්, සහෝදරයාගෙන් යැපෙන්න ඕන කියලා නියමයක් නෑ. ඒ වගේම ඉගෙනගන්න කාලෙදිම ඔය ටික අපේ ගෑනු දරුවන්ගේ ඔලුවට කාවද්දන්න නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ළමා හා කාන්තා කටයුතු ඇමතිවරිය විදියට කරන්න විශාල වැඩ කොටසක් ගැන මම හිතාගෙන ඉන්නවා. ඉතින් ඉස්සරහට මම ඒ දේවල් ක්‍රියාවට නංවන මගේ උපරිමයෙන් කටයුතු කරනවා.


පිට්ටනියේ මැද්දේ දාන හිනාව නිසා එයාව කෙල්ලන්ගෙන් බේරගන්න බැ

 


කතා දෙකක් නැත, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කවුරුත් වැඩිපුරම ආදරය කරන ක්‍රීඩකයන් කීපදෙනා අතර ඔහුද එක්කෙනෙකි. තරුණියගේ දැඩි ආකර්ෂණයද අඩුවක් නැතිව ඔහුට හිමි බව රහසක් නොවේ. ඊට හේතුව කාට කාටත් ඉනාවක් බඳු වූ ඔහුගේ මනමාල හිනාවත්, හැඩකාර පෙනුම. ඒ වෙන කවුරුත් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් තුන් ඉරියව් ක්‍රීඩකයා වන ධනංජය ද සිල්වා ය. ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටෙන්නට ගිය බොහෝ තැන්හි තරගය කණපිට ගසනට ඔහුගේ තුන් ඉරියව් දක්සතා කවදත් ඉවහල් විය. ඒ නිසාම දැන් දැන් ඔහු කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීකයෙක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඒ නිසා මේ හැඩකාර දක්ෂයාගේ සින්නක්කර අයිතිකාරීය ඔහු ගැන කියන කතාවත් ඔබ ඔහු තරමිම ආදරයෙන් භාරගනු ඇති බව අපේ විශ්වාසයයි. ඇය ධනංජයගේ ආදරණීය බිරිඳ වන සඳුනි නිසංසලා ය. මෙතැන් සිට ඇරඹෙන්නේ එකී සොඳුරු කතාබහයි.



ධනංජය ද සිල්වාගේ ආදරණීය බිරිඳ වීම ගැන මොකද හිතෙන්නේ?


මං වාසනාවන්තයි කියලා හිතෙනවා. මොකද එයා මුළු ලංකාවම ආදරය කරන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් බිරිඳ වෙන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. 


මුලින්ම කියන්න සඳුනිට ධනංජයව මුණගැහුනේ කොහොමද?


අපේ පවුලයි ධනංජයගේ පවුලයි ඒ කාලේ ඉඳන්ම හිතවත්. ඒ නිසා මං ගොඩාක් පුංචි කාලේ ඉඳන්ම ධනංජයව දන්නවා. ඒත් ලොකුවට කතාබහ කරලා නෑ. එයා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියේ. මං ගියේ ඒකේ ගර්ල්ස් කොලේජ් එකට. අපේ ඉස්කෝලෙට යන්න පොඩි කන්දක් තියෙනවා. ඒ කන්ද පාමුල එයා හැමදාම උදේට යාළුවොත් එක්ක ක්‍රිකට් පුහුණුවීම්වලට යන්න ඉන්නවා. ම දැක්කම Good Morning කියලා හිනාවෙනවා. සමහර දවස්වලට කතාබහත් කරනවා. ඉතින් කාලයත් එක්ක ඒක ආදරේට හැරුණා. ඊටපස්සේ ගෙවල්වල කැමැත්ත ඇතුව විවාහ වුණා. 


කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නත් හේතුවක් තියෙන්න එපැයි. සඳුනි ධනංජයට කැමති වුණේ ඇයි?


මං අදටත් ආදමද කරන්නේ එයාගේ තියෙන අහිංසක ගතිගුණවලට. සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් ප්‍රාර්ථනා කරන්නේ මොන වගේ කොල්ලෙක්ද ඒ හැමදේම එයාට අඩුවක් නැතුව තිබුණා. එයා මේ වෙනකොට ගොඩාක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒත් කවදාවත් ඒක ඔලුවට අරගෙන නෑ. අපි දෙන්නා ගෙදරට බඩු ගේන්න කඩේට පවා යනවා. ඒ තරමටම සරලව ඉන්න ආස කෙනෙක් ධනංජය කියන්නේ. අවංකවම එයාගේ ඒ ගතිගුණවලට මං හරි ආසයි. 


ධනංජයයි ඔබයි විවාහ වුණේ හදිස්සියේ කියලත් දැනගන්න ලැබුණා. ඒක ඇත්තද? 


අපි ආදරේ කරන කාලේ එකපාරටම එයාලට මාස තුනක වගේ දිග ක්‍රිකට් සංචාරයක් වැටුණා. මට හරි දුකයි. ඇයි ඉතින් ආදරේ කරන්න පටන්ගත්තා විතරනේ. ඉතින් මං ධනංජයට කිව්වා මට ඔයාව  දකින්නේ නැතුව එච්චර කල් ඉන්න බෑ’ කියලා. ඊටපස්සෙ එයා මගෙන් එහෙනම් අපි බඳිමුද කියලා එකපාරටම ඇහුවා. මට අකමැති වෙන්න හේතුවක් තිබුණේ නෑ. මමත් පැනපු ගමන් 'හරි එහෙනම් බඳිමු කිව්වා. කොහොමහරි එයා ඒ සංචාරයට යන්න කලින් අපි දෙන්නා විවාහ වුණා. ඊටපස්සේ මමත් එයා එක්ක ඒ ක්‍රිකට් සංචාරයට ගියා.


දැන් ධනංජය එක්ක ගෙවන පිවිතේ කොයි වගේද? 


අපි හරිම සතුටින් ඉන්නවා. එයා මට ගොඩාක් ආදරෙයි. අපිට මාස අටක පුංචි දුවෙක් ඉන්නවා.  ධනංජය එයාට පුදුම විදියට ආදරෙයි. කොටින්ම කිව්වොත් මට දුවට සැර කරන්නවත් දෙන්නේ නෑ. දුව අඩද්දි මට කලින් නළවන දුවනෙත් එයා.  ඒ තරම් දුවට ආදරෙයි. ඇත්තටම ධනංජය හරීම අහිංසක කෙනෙක්. කොයි වෙලාවේ බැලුවත් ඉන්නේ හිනාවෙලාම තමයි.


මේ වෙනකොට ධනංජය කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්. ඒ හැගීම ඔහුගේ බිරිඳ විදියට ඔබට දැනෙන්නේ කොහොමද?


ඒ ගැන නම් සතුටුයි. මොකද ක්‍රිකට් ටීම් එකක ක්‍රීඩා කරන්නේ එකොළහයි. ඒ එකොළහ නියෝජනය කරන්නේ අපේ රට. මුළු රටම එයාලා දිහා බලාගෙන ඉන්නේ. ඉතින් ඒ අතර ධනංජය ඉන්නවා කියන එක ගැන සතුටුයි. ඒ හැගීම මට වචන කරන්න තේරෙන්නේ නෑ. 


ධනංජය පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට්. තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ ජයග්‍රහණය ගැන ගෙදර ඇවිත් ඔබට මොකද කිව්වේ?


සාමානයෙන් මං මැච් එකක් ඉවරවුණු ගමන් ධනංජයට කෝල් එකක් ගන්නවා. එදා දිනුවට පස්සෙත් කෝල් එකක් ගත්තා. එයා කතා කළේ කියාගන්න බැරි සතුටකින්. මොකද 2014 අවුරුද්දට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහෙම අවසන් තරගයකට ක්‍රීඩා කරන්න ලැබුණේ. ඒත් එයා ඒ සතුට මැද්දෙන් දුක්වුණා මාවයි දරුවයි ආසියා කුසලානය බලන්න එක්ක යන්න බැරිවුණු එක ගැන. ඒ ගැන නම් මටත් දුකයි. 


දැන් ධනංජයට හැමෝම කියන්නේ 'කප් පිස්සා’ කියලා. ඇත්තටම ධනංජය ජයග්‍රාහී කුසලාන අත් තියාගෙන ෆොටෝස්වලට ඉන්න මේ තරම් උනන්දු මොකද?


ධනංජය පොඩි දෙයින් පවා ගොඩාක් සතුටුවෙන කෙනෙක්. ඒ නිසා එයාට තරඟාවලියක් දිනුවට පස්සේ ඒ එන සතුටත් එක්ක කුසලානය අතේ තියාගෙන ෆොටෝ ගහන්න හිතෙනවා ඇති. එයාට ඒක ලොකු දෙයක් විදියට දැනෙනවා ඇති. 


ගෙදරදී එයාගෙන් මේ ගැන විහිලුවට වගේ අහලා නැද්ද? 


ඇත්තටම මං අහලා නෑ. ඒත් මං ෆේස්බුක් එකේ එහෙම දැක්කා එයාට ගොඩාක් පෝස්ට් හැදිලා තියෙනවා. ඒවා දකිද්දි මටත් හිනා. මම කරන්නේ ඒවා සේව් කරගෙන ධනංජයට පෙන්නන එක. එයත් ඒවා බලලා හිනාවෙනවා. ඒත් අද වෙනකල් මං ඒ ගැන අහලා නෑ. 


තරුණියෝ පිස්සු වට්ටන මනමාල හිනාවක් ගැනජයට තියෙනවා. ඒ හිනාව ගැන බිරිඳ විදියට බයක් එහෙම දැනිලා නැද්ද?


(සිනාසෙමින්) එහෙම බයක් නෑ. ඒ හිනාව මං ඉතින් හැමදාම දකින හිනාවෙන්නේ. අනික එයා කා එක්ක හිනාවුණත් ඒ හිනාවේ අයිතිකාරිය මං කියලා දන්න හින්දා කිසිම ප්‍රශ්නයක් නෑ.


ඇත්තටම ධනංජය තරුණියගේ දැඩි ආකර්ෂණයට ලක්වෙන ක්‍රීඩකයෙක්.  ඔහුගේ බිරිඳ විදියට ඒක ඔබට දැනෙන්නේ කොහොමද? 


ඒක එයාගේ වාසනාව. තරුණියන්ගේ ආකර්ෂණය වුණත් කොල්ලෙක්ට ලේසියෙන් ලැබෙන්නේ නෑ. අනික එයා බැඳලා කියලා දැනදැනත් ගොඩාක් අය එයාට ආදරේ කරනවා. අපි එළියට ගියත් එයාට ආදරේ කරන අය ධනංජය ළඟට ඇවිත් කතා කරලා සෙල්ෆියක් එහෙම ගහගෙන යනවා. ඒ හැමදේම ගැන මට තියෙන්නේ සතුටක්.මොකද රටම ආදරේ කරන ධනංජය මගේ  සැමියා කියන හැගීම මට තියෙනවා.


පුංචි කාලේ ඉදන්ම ඔබ ධනංජයව දන්න නිසා එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු හැටි ඔබත් දැක්කා. ඒ මතකයත් චුට්ටක් මතක් කරමුද?


ධනංජයගේ ගම රත්මලාන. එයා මුලින්ම ඉස්කෝලේ ගියේ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයට. එතැනදි තමයි එයා ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ. ඊටපස්සේ එයාගේ තාත්තා ධනංජයව උසස්පෙළ කරන්න ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කරනවා. ඒ ඉස්කෝලෙදි එයා ක්‍රිකට්වලින් දක්ෂතා පෙන්නනවා. ඒ විදියට පටන් අරන් තමයි අන්තිමේ එයා ජාතික කණ්ඩායමට එනකල් ඇවිත් තියෙන්නේ. ඒක මල් පාරකින් ආපු ගමනක් නම් නෙවෙයි. එයා ඒක හැමදාම වගේ මගෙත් එක්ක කියනවා.


ධනංජය ක්‍රිකට් ක්‍රීඩා කරන හැම තරගයක්ම බලන්න ඔබත් යනවද? නැත්නම් ටීවී එකෙන් බලනවද? 


දුව නැති කාලේ නම් දිගටම වගේ තරඟ බලන්න ගියා. ඒත් දැන් නම් දුවත් එක්ක එහෙම යන්න අමාරුයි. දැන් ටීවී එකෙන් තමයි ගොඩාක් වෙලාවට බලන්නේ. ඉස්සර නම් මං ක‍්‍රිකට් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. ඒත් ධනංජයව බැන්දට පස්සේ ක්‍රිකට්වලට  ලොකු කැමැත්තක් ඇතිවුණා.


ඔහු ක්‍රීඩා කරපු තරඟ අතරින් ඔබට අමතක නොවන විශේෂ තරගයක් එහෙම තියනවද?‍


එහෙම එක තරඟයක් කියලා නෑ. එයා ක්‍රීඩා කරන හැම තරගයක්ම මට විශේෂයි. එයා හොඳට ක්‍රීඩා කරපු හැම තරගයන්ම වගේ මට අමතක වෙන්නේ නෑ.



ධනංජය ක්‍රීඩකයෙක් විදියට ගොඩාක් නිවුණු චරිතයක් බව පේනවා. ගෙදරදිත් එහෙමද?


එයා කොහොමත් ටිකක් නිශ්ශබ්දව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ගෙදරදිත් එහෙමයි. හැබැයි මගෙත් එක්ක නම් විහිලුවක් එහෙම කරගෙන ඉන්නවා. කේන්ති යන්නේ නෑ. ගෙදර වැඩ පවා එයා කරනවා. 


සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ ගොඩාක් කාර්යබහුල කෙනෙක්. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විදියට ඒක ඔබට දැනෙන්නේ කොහොමද?


ඒක නම් හොඳටම දැනෙනවා. මං දුව ලැබෙන්න හිටපු මාස නවයටම එයාට ගෙදර ඉන්න ලැබුණේ සති දෙකයි. එක තරඟ සංචාරයක් කැන්සල් කරගෙන තමයි බබා ලැබෙන දවසේ මගේ ළඟ පවා හිටියේ. දුව ලැබිලත් සති දෙකෙන් වගේ ආයෙත් එයාට තරඟ සංචාරයකට යන්න වුණා. එහෙම වෙනකොට දුකයි. ඒත් එයා රට වෙනුවෙන්නේ එහෙම කැපකිරීම් කරන්නේ කියලා මතක් වෙනකොට ආඩම්බර හිතෙනවා.


ගෙදර ඉන්න දවස්වලට එහෙම ධනංජය කරන්නේ  මොනවද?


ගෙදර ඉන්න දවස්වලට දුව එකම තමයි. එයාට දැන් දුව තරම් ලෝකයක් නෑ. දුවට පුදුම ආදරයක් තියෙන්නේ.


ඔබ හිතන විදියට ධනංජය ක්‍රීඩකයෙක් විදියට පිටිය මැද කරන ලොකුම වරද මොකක්ද?


(සිනාසෙමින්) එකම වරද හිනාවෙන එක තමයි. කොල්ලව බේරගන්න බෑ.


බිරිඳ විදියට ඔබ ඔහුගේ දැකපු හොඳම ගුණාංගය මොකක්ද?


ධනංජය ආදරණීය සැමියෙක්. ඊටත් වඩා ආදරණීය පියෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය පියෙක් කිව්වොත් හරියටම හරි. තරඟ සංචාරයක් ගියත් ෆෝන් එකෙන් හරි හැමවෙලේම එයාට දුවව පෙන්නන්න ඕනේ.


සැමියෙක් විදියට ධනංජයගෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහුගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔහු අතින් ඉටුවනවද?


ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ කාර්යබහුල කෙනෙක්. ඒක මං තේරුම් අරන් ඉන්නේ. අපි බැන්දත් හරි එයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ මගේ එක උපන්දිනයකට විතරයි. හැබැයි එයා පුළුවන් විදියට හැමදේම හොයලා බලලා කරනවා.


ධනංජය ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට දකින්න ගොඩාක් ආසාවෙන් හිටියේ ඔහුගේ පියා. ඒත් ඔහු අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගන්නවා. ධනංජය අදටත් ඒ ගැන සංවේදී වෙනවා ඇති?


අනේ ඔව්. එයා තාත්තාට ගොඩාක් ආදරේ කළා. ඉතින් තාත්තාගේ මරණයත් එක්ක එයා ගොඩක් වැටුණා. සමහර වෙලාවට දුවව වඩාගෙන දුවට කියනවා 'ඔයාගේ සීයා තාත්තා හිටියා නම් ඔයාව බිමින් තියන එකක් නෑ” කියලා. මං හිතන්නේ හිනාවෙලා හිටියට අදටත් එයා තාත්තා ගැන දුක්වෙනවා.


ඔහුට පියා නැතිවුණු ආරංචිය ආපු වෙලාවේ ඔබත් එතැන හිටියා නේද?


එදා ධනංජය මාව බලන්න ගාලේ අපේ ගෙදර ඇවිත් හිටියේ. ඊට පහුවදා එයාට විදෙස් සංචාරයකුත් තිබුණා. ඔය අතරෙයි එයාට තාත්තා නැතිවෙලා කියන ආරංචිය ආවේ. එදා එයාට ඒක දරාගන්න බැරිවුණා. ගොඩාක්වෙලා යනකල් අපි කවුරුත් එක්කවත් කතා කළේ නෑ. මට එයාගේ හිත හදන්න ගොඩාක්  අමාරුවුණා. ඒත් තාත්තා වෙනුවෙන් එයා ශක්තිමත්ව ඉන්න ඕන කියන එක එයාම  හිතුවා. මමත් කියන්න ඕන හැමදේම කිවා. 


ධනංජය ගැන අමතක කරන්න බැරි මතකයක් කියලා. එහෙම සඳුනි ළඟ නැද්ද? 


ඉස්කෝලේ කාලේ වගේම අපි දෙන්නා ආදරේ කරපු කාලේ හැම දවසක්ම වගේ අමතක කරන්න බෑ. අද ඊයේ වගේ ඒ දේවල්  මට මතකයි. ඒ වගේම , බැදපු දවස, බබා ලැබුණු දවසත් අමතක කරන්න බෑ. 


අවසානයට තිබුණු ශ්‍රී ලංකා-ඕස්ටේ‍ලියානු විස්සයි විස්ස තරගාවලියේ අත්තිම තරගය වේලාවේ අපි දැක්කා ලසිත් මාලිංග ධනංජය ළඟට ගිහින් ටිකක් සැරෙන් කතා කරනවා. ඇත්තටම එදා මාලිංග ධනංජයට මොනවද කියලා තිබුණේ?


ඒක නම් මං අහලා නෑ. මොකද ඒ තරඟය මට බලන්න ලැබුණේ නෑ. ඒ කාලේ දුව පුංචියි. ඉතින් එයාගේ වැඩත් එක්ක ඒ තරඟය මගඇරුණා. ඒත් ෆේස් බුක් පෝස්ට්වලින් එහෙම මං ඒක දැක්කා. අනිවාර්යයෙන්ම එදා මාලිංග අයියා ජයග්‍රහණය වෙනුවෙන් උපදෙස් තමයි දෙන්න ඇත්තේ.



ඉදිරියේදී ලෝක කුසලානයක් එනවා. ධනංජය ඒ ගැන ඔබත් එක්ක කතා කරලා නැද්ද?


එයා ඒ වෙනුවෙන් ගොඩාක් පුහුණුවීම් කරනවා. එකදිගට මහන්සි වෙනවා. ආසියා කුසලානය දිනපු එකත් එක්ක ධනංජය විතරක් නෙවෙයි මුළු කණ්ඩායමම ලෝක කුසලානය ගැන ලොකු විශ්වාසයකින් ඉන්නේ. ධනංජය වුණත් නිතරම කියන්නේ හොඳ සැලසුමක් එක ක්‍රීඩා කළොත් මෙදා සැරේ ලෝක කුසලානය දිනන්න බැරිකමක් නෑ කියලා.


අවසාන වශයෙන් ධනංජයගේ බිරිඳ විදියට ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ දකින්න කැමතිම හීනයක් තියෙනවද?


මං ආසයි ධනංජය ඇතුළු කණ්ඩායම ටෙස්ට් ලෝක කුසලානයක් දිනනවා බලන්න. මොකද මං ටෙස්ට්වලට හරි ආසයි. ටෙස්ට් තරගවලදි ධනංජය බැට් කරනවා බලන්න පුදුම ආසාවක් තියෙන්නේ. මොකද එයා ගහන ලස්සන පහරවල් ටිකක් තියෙනවා. එහෙම දිනුවොත් එදාටත් එයා ඒ කුසලානය අත්තේ තියාගෙන ෆොටෝ ගහයි. අන්න ඒ ෆොටෝ එක දකින්න තියෙනවා නම් මට ඊට වඩා දෙයක් නෑ. 


රුවන් එස්.සෙනවිරත්න

විදේශ රැකියාවකට යන්න වුවමනාව විතරක් මදි ජන්ම හිමිකමත් ඕනෑ

ලාංකිකයින් විසින් අතීත කාලයේදී තම රටින් පිටව යෑමට සිදුවීම හඳුන්වනු ලැබුවේ තමන්ට උරුම වූ සාපයක් ලෙසය. නමුත් වර්තමානයේ තම රටේ ජීවත් වීම සාපයක් ලෙස දකින බොහෝ ශ්‍රී ලාංකිකයෝ විදේශ රටක පදිංචියට යාමට ලැබීම, විදේශ රටක රැකියාවක් කිරීමට ලැබීම තමන් ලද වාසනාවක් ලෙස හෝ තමාගෙන්ම භාග්‍යයක් ලෙස හෝ දේව ආශීර්වාදයක් ලෙස හෝ සලකති. ශ්‍රී ලාංකික ඔබ ද විදේශගත වීමට අවස්ථාවක් සොය සොයා සිටිනවා වන්නට පුළුවන. පළමුවෙන්ම ඔබගේ කේන්ද්‍රයේ විදේශගත වීමට හෝ විදේශයක පදිංචි වීමට ජන්ම හිමිකම තිබේදැයි බලමු. විදේශගත වීමට සහ විදේශයන්හි පදිංචි වීමට වැදගත් වන රාශි මොනවද? රාශීන් 

චර, තිර සහ උභය ලෙස වර්ග තුනකට බෙදනු ලැබේ.

චර රාශි- , කටක, තුලා, මකර 

තිර රාශි - වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ 

උභය රාශි- මිථුන, කන්‍යා, ධනු, මීන

චර රාශි හෙවත් චලනය වන ගුණය ඇති රාශි වන මේෂ, කටක, තුලා, මකර රාශි විදේශගත වීම සඳහා ප්‍රමුඛ වේ. මෙම රාශි තුළ තැන්පත් වී ග්‍රහයන් විසින් ජන්මහිමියා හට එම ග්‍රහයන්ගේ දශා කාලයන් තුළ දී  චලනය වීමේ නම්‍යතාවක් හෙවත් තමන් සිටින ස්ථානයෙන් ඈත් වීමක් ලබා දෙනු ලබයි. මෙම නම්‍යතාව, වාසස්ථානය වෙනස් වීම, තම රැකියාව වෙනස් වීම, තමා පදිංචි රට වෙනස් වීම ආදී ලෙසින් ඊට අදාළ දශා කාලයන් තුළ ජන්මියාට ලබා දෙනු ලබයි. 

තිර රාශි වන වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශීන් තුළ ඇති ග්‍රහයන් ජන්මියාට විදේශගත වීම සඳහා උදව් නොකරයි. එවැනි ග්‍රහයන් ජන්මියා තමා උපන් ස්ථානයට සීමා කර තබයි. උභය රාශි තුළ ග්‍රහයන් තැන්පත්ව ඇති විට එම ග්‍රහයන්ගේ දශා කාල තුළ ජන්මියාට කෙටි විදේශ ගමන් සඳහා අවස්ථාව සලසනු ලබයි. මෙවැනි ගමන් වැඩි වශයෙන් මාසයකට වඩා අඩු කාලයකට සීමා වනු දැකිය හැක.රාශි තවදුරටත් තව සිද්ධාන්ත යටතේ  කොටස් හතරකට බෙදනු ලැබේ.

ජෝ රාශි - මේෂ, සිංහ ධනු 

පෘඨවි රාශි - වෘෂභ, කන්‍යා මකර 

වායෝ රාශි - මිථුන තුලා, කුම්භ 

ආපෝ රාශි - කටක, වෘශ්චික, මීන

කටක, වෘශ්චික, මීන යන ආපෝ රාශි හෙවත් ජල රාශි විදේශ ගත වීම සඳහා වැඩි වැදගත්කමක් ගනී. විදේශ රටකට යාම සඳහා බොහෝ විට මුහුද තරණය කිරීමට අවශ්‍ය වේ. මේ නිසා ජල රාශි විදේශ ගමන් සඳහා බොහෝ වැදගත් වේ. කටක රාශිය චර රාශියක් සේම, ජල රාශියක් ලෙස ද හැසිරෙන බැවින් සහ ඊට අමතරව විශ්ව කේන්ද්‍රය තුළ හතරවන භාවය බැවින් විදේශ ගමන් සඳහා විශේෂ වැදගත්කමක් දක්වනු ලබයි. රාහු, සඳු, ශනි, සිකුරු වැනි ග්‍රහයන් ජල රාශියක තැන්පත් වීම, එම ජන්මියාට විදේශ ගමන් ඇති බව පෙන්වා දෙනු ලබන්නකි. විදේශ ගමන් සඳහා රාහු, සඳු, ශනි, සිකුරු ග්‍රහයන් හේතු සාධක වේ. මෙම ග්‍රහයන් විදේශ ගමන් සඳහා හේතු වන භාවයන් සමග සම්බන්ධ වීම ජන්මියාගේ ජීවිත කාලය තුළ දී විදේශ ගමන් සඳහා ඉඩකඩ ඇති බව පෙන්වනු ලබන පිහිටීමකි.මෙම ග්‍රහයන් අතරින් රාහු ග්‍රහයා විදේශ ගමන් සඳහා විශේෂ වැදගත්කමක් පෙන්වයි. රාහු පීඩාවට පත් නොවී තැන්පත්ව ඇත්නම් රාහු මහා දශාවක්, භුක්තියක් තුළ ජන්මියාට විදේශ චාරිකාවක් හිමි විය හැක. නමුත් රාහු දශාවන් තුළ ජන්මියාට ලැබෙන වින්දේශ චාරිකා ජමියාගේ මනදොළ පිනවීමට සමත් නොවන බව කියනු ලැබේ. රාහු ග්‍රහයා 7 අධිපති, 8 අධිපති හෝ 9 අධිපති ග්‍රහයන් සමග ඇති සම්බන්ධය ද විදේශ ගමන් සඳහා මග පාදා දේ. රාහු ග්‍රහයා ලග්නයේ හෝ 7 භාවයේතැන්පත් වීම ද විදේශ ගමන් සඳහා යෝග්‍ය වේ. සඳු ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේ 4 භාවය අධිපතියා වේ. මේ නිසා සඳු ග්‍රහයාට ද විදේශ ගමන් සඳහා මූලිකත්වය හිමි වේ.  විදේශයන්හි ස්ථිර ලෙස පදිංචි වීමට සඳු ග්‍රහයා ඉඩ කඩ ලබා දෙයි. සඳු ග්‍රහයා කේන්ද්‍ර ස්ථානයක් ලෙස හඳුන්වනු ලබන 1, 4, 7, 10 භාවයන්හි තැන්පත් වී තිබීම ජන්මියා සිය රට ඇතුළත පමණක් නොව ඉන් පිටත ද චාරිකා සඳහා යොමුවන පිහිටීමකි. සඳු ග්‍රහයා ජල රාශියක තැන්පත් වී රාහු සමග සංයෝගව ඇත්නම් එම ජන්මියාට ජීවිතයේ කවර හෝ කාලයක විදේශයකට යාමට සිදුවිය හැක. සඳු ග්‍රහයා උච්ච වී 8, 9, 12 වැනි භාවයක තැන්පත් වී සිටීම ද විදේශ ගමන් සඳහා අවසරය ලබා දෙනු ලබන පිහිටීමකි. - විදේශ ගමන් සඳහා රවි ග්‍රහයා ද දායකත්වයක් දක්වයි. රවි රාජකීයත්වය. පෙන්වන ග්‍රහයෙකි. ලග්නයෙන් පස්වැනි - භාවයේ රවි ග්‍රහයා තැන්පත් වීම ජමියා තානාපති සබධතා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඉඩ පාදා දෙන පිහිටීමකි. රජයේ නියෝජිතයකු සේ විදේශගත වීමට මෙවැනි ජන්මීන්ට හැක. බුධ ග්‍රහයා 4 භාවයේතැන්පත් වීම ද ජන්මියාට නිතරම තම වාසස්ථානය. වෙනස් කිරීමට සිදු වන පිහිටීමකි. මේ නිසා ද ජන්මියාට වින්දේශයකට යාමට සිදුවිය හැක. බුධ ග්‍රහයා 4 භාවයේ තැන්පත් වීමටඅමතරව 4 භාවයත් චර රාශියකට හිමිව තිබීම ජන්මියාට තම ගෙදරින් නිතරම පිටත ස්ථාන කරා ගමන් කිරීම සිදුවන පිහිටීමකි.අස්විද, බෙරණ, අද, සිත, පුෂ, හත, යන නක්ෂත්‍ර ද විදේශ ගමන් සඳහා උදව් කරයි. මෙම නක්ෂත්‍ර තුළ සඳු හෝ සිකුරු වැනි ග්‍රහයන් තැන්පත් වීම ද වින්දේශ ගමන් සඳහා මග පෙන්වනු ලබන පිහිටීමකි. විදේශ ගමන් සඳහා ප්‍රමුඛ භාව වන්නේ 9 සහ 12 භාවයය. 12 භාවය විදේශ භූමිය, ආගන්තුක පරිසරය, නුපුරුදු වට පිටාව පෙන්වනු ලබයි. මේ නිසා 12 භාවය විදේශයන්හි පුරවැසි කම ලැබීමට හේතු වේ. සඳු ග්‍රහයා සිකුරු ග්‍රහයා සමග 12 භාවයේ තැන්පත් වීම ජන්මියා විදේශ ගමන් සඳහා යොමු කරවනු ලබන පිහිටීමකි. රාහු ග්‍රහයා ද මෙම සංයෝගය සඳහා දායකත්වය දෙනු ලබන්නේ නම් විදේශ ගමන ස්ථිර වේ. 9 භාවය දීර්ඝ ගමන්, වාසනාව, දිගු දුර පෙන්වා දෙනු ලබයි. මේ නිසා 9 භාවය විදේශ ගමන් සඳහා වැදගත් වේ.9 අධිපතියා 12 භාවයේ තැන්පත් වීම සහ 12 අධිපතියා 9 භාවයේ තැන්පත් වීම මගින් ඇතිවනු ලබන පරිවර්තන යෝගය විදේශ ගමන් ජන්මියාට හිමිව ඇති බව පෙන්වා දෙනු ලබන පිහිටීමකි. මීට අමතරව 9 හෝ 12 භාවයේ ග්‍රහයන් කිහිප දෙනකුම තැන්පත් වීම ජන්මියාට විදේශ ගමන් ඇති බව පෙන්වා දෙනු ලබයි. තම මව්බිම පෙන්වනු ලබන හතර වැනි භාවය ඔබගේ කේන්ද්‍රයේ දුර්වලව පිහිටා ඇත්නම් සහ විදේශයන් පෙන දොළොස් වැනි භාවය ශක්තිමත්ව පිහිටා ඇත්නම් ඔබට අනිවාරේන්ම තම මවිබිම අතහැර විදේශයක පදිංචි වීමට හැකියාව ඇත. 


ඉන්දියාවට නැතුවම බැරි අපේ මැණිකේ

ලංකාවේ මිනිස්සු හිදී සිංදු ඇහුවට ඉන්දියාවේ මිනිස්සු සිංහල සිංදු අහනවා කියලා අපි ජීවින්ටවත් අහලා තිබුණේ නැහැනේ. එහෙම රැල්ලක් හදන්නත් මෙච්චර කාලෙකට කාටවත්ම බැරිවුණා. ඒ වගේ පසුබිමක තමයි අපේ පුංචි කෙල්ල යොහානි, ඉන්දියාවේ මිනිස්සු සිංහල ගීත රසිකයන් පිරිසක් බවට පත් කරන හපන්කම කළේ. සරලවම කිව්වොත් ඇයට පුළුවන් වුණා “මැණික්’ ගිතය මුළු ඉන්දියාවම මුමුණන ගීතයක් බවට පකරන්න. මේ වනකොටත් යොහානි බොලිවුද්ධය තුළ සාර්ථක පිමි කිහිපයක්ම පැනලා ඉවරයි. බොලිවුඩයේ දැවැන්ත සිනමාපටයක් වෙනුවෙන් ‘මැණික්' ගීතය ගායනා කරන නිසා මේ දවස්වල ආයෙත් යොහානි ගැන කවුරුත් කතාබහ කරන්න පටන් අරන්. යාහානි ගායනා කරන 'මැණිකේ' ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ. " තෑන්සේ ගෝඞී' කියන හින්දි සිනමාපටයට. සිද්ධාර්ත් මල්හෝත්‍රා, අජේ දෙව්ගන්, රකුල් ප්‍රීත්, නෝරා පටේහි වගේ ප්‍රසිද්ධ බොලිවුඩේ. තරු රැසක්ම චිත්‍රපටයේ රඟපානවා.පහුගිය 17 වැනිදා T-series ලේඛලය හරහා 'මැණිකේ' නිකුත් වුණා. ඔවුන් මේ ගීතය නම් කරලා තිබුණත් 'මැණිකේ' නමින්මයි. යොහානි මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවිණ ඉන්දීය ගායක ජුබින් නවුට්පියල් එක්ක.  හින්දි චිත්‍රපටයක සිංහල සිංදුවක් යන පළවැනි වතාව මේක. ඉතින් ඒ ගැන අහන්න අපි මේ දවස්වල ඉන්දියාවේ ඉන්න යොහානිට කතා කළා.  “ තෑන්සේ ගෝඩ්' හින්දි චිත්‍රපටයේ ඇතුළත් “මැණිකේ' ගීතය මේ වනකාට නිකුත් කරලා ඉවරයි. මොකද හිතත්?

''මම හරි නිහතමානීව ඒ. ගැන සතුටු වෙනවා. මේක මට සහ මගේ කණ්ඩායමට ලැබුණු ලොකු අවස්ථාවක්.ගීතයේ මුල් අයිතිකරුවන් වන චමත් සංගීත්, සතීශාන් සහ දුලාවත් මේ වෙලාවේ මතක් කරනවා.''

*පළවැනි වතාවට සිංදුව අහද්දී කොහොමද දැනුණේ?

''ඒක තවමත් හීනයක් වගෙයි. සිංහල ගීත කොටස ඇහෙනකොට හරිම ආඩම්බරයි.''

*සිංහල භාෂාව හින්දි චිත්‍රපටයකට ඇතුළත් වුණු පළවැනි අවස්ථාව මේකද?

''ඔව්. මම දන්න විදියට මේක තමයි පළමු අවස්ථාව.''

*යොහානි ගීතය ගායනා කරන්නේ බොලිවුඩයේ දැවැන්තයින් කිහිපදෙනෙක් එක්ක. ඒ අත්දැකීම ගැනත් කතා කරමු?

''ඇත්තටම ඔවුන් එක්ක වැඩ කරන්න ලැබුණු එක මට ලොකු අවස්ථාවක්. මේ අවස්ථාව සලසගන්න මගේ කළමනාකරුත් සෑහෙන මහන්සි වුණා. මොකද ලේබල් එකක් එක්ක වැඩ කරන එක ලේසි දෙයක් නෙමෙයිනේ.'' 

*ඒ අයගෙන් යොහානිට හොඳ සහායක් ලැබුණද?

'' ඔව්. ඒ අයත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ඔවුන් ඉන්ඩස්ටි එක ඇතුළේ ගොඩක් වැඩ කරලා තියෙන නිසා මට ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා. ''

*චිත්‍රපට ගීතය පටිගත කරන අතුරතුරේ අමතක නොවන දේවල් එහෙම වුණේ නැද්ද?

''ඒ මුළු අත්දැකීමම මට අමතක වෙන්නේ නැහැ. අපි ලේඛල් එකත් එක්ක කතාබහ ආරම්භ කළේ 2021 සැප්තැම්බර් මාසේ. 2022 මාර්තු මාසේ වෙනකොට වැඩ පටන්ගත්තා.''

*චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන සිද්ධාර්ත් මල්හෝත්‍රා, අජේ දේව්ගන් එහෙමත් යොහානිට මුණගැහුණද?

''තවම නම් නැහැ. හැබැයි ඉදිරියේදී මුණගැහේවි කියලා හිතනවා.''

*යොහානිට හින්දි භාෂාවෙන් ගායනා කරන එක අභියෝගයක් වුණාලු නේද?

"ඔව් භාෂාව කතා කරන්නෙ නැති නිසා උච්චාරණය සහ තේරුම ඉදිරිපත් කරන එක ටිකක් අභියෝගකාරි වුණා.''

*ගීතය රිලීස් වුණාට පස්සේ ලැබුණු ප්‍රතිචාර කොහාමද? එහ ප්‍රවීණයන් එහෙම කතා කළාද? 

"ඔව්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නව චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණා. ''

*ඉතින් යොහානි ඉන්දියාවටම වෙලා ඉන්නද කල්පනාව?

''ටික කාලෙකට මුම්බායිවල පදිංචියට ආවා. ඉදිරි වැඩකටයුතු තියෙන්නේ ඉන්දියාවේ නිසා ටික කාලයක් මෙහෙ ඉන්න වෙයි. හැබැයි පුළුවන් හැම අවස්ථාවකම ලංකාවට එනවා. 

(සෙව්වන්දි හෙට්ටිආරච්චි)

අපි ජගත් සම්මාන ගෙනාවත් මේ රටේ කිසි සැලකිල්ලක් නෑ

ඔහු පසුගියදා යළිත් වතාවක් රුසියාවේ ටර්ටස්තාන ජනරජයේ පැවතී 17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා බවට පත්වුයේ තම සගයා වන සරත් කොතලාවලට ද ඒ සම්මානයේ කොටසක් හිමිකර දෙමිනී. දෙදෙනාම හොඳම නළුවා මේ ගෞරවය මෙරට ශ්‍රී ලාලිත්ය සිනමාවට හිම්වනේ අද්විතීය ලෙසටය. මීට පෙර කිසිදු නළුවන් දෙදෙනෙක් එකවර අත්තර්ජාතික සිනමා උළෙලක හොඳම නළුවා සම්මානය දිනාගෙන නොමැත. ඒ අතින් ඔවුන් දෙදෙනා ලංකේය සිනමා වංශකතාවේ නව පරිච්ඡෙදයක් ඇති කර තිබේ. එසේ වුව එවැනි කීර්තියක් අත්කර දුන් ඔවුන්ට රාජ්‍ය මට්ටමින් හෝ අඩුම ගණන් විත්‍රපට සංස්ථාවක් හෝ උපහාරයක් ලබා දුරකතන ඇමතුමක් දි සුබ පැතුම් නැති බව අපට දැනගන්නට ලැබුණි. 

'ද නිවුස්පේපර්’ චිත්‍රපටය තිර රචනය ලියමින් එය අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන නළුවන් වූ මේ දෙදෙනාට මීට පෙරද ජාත්‍යත්තර සම්මාන රැසක් හිමිවුයේ එම චිත්‍රපටය වෙනුවෙන් දැක්වූ විශේෂ දක්ෂතාව නිසාවෙනි. එහෙත් ඔවුන්ට ක්‍රීඩාවලින් ලැබූ ජයග්‍රහණවලට හිමි ඔල්වරසන් හඬ ප්‍රසිද්ධිය, උපහාරය ලැබුණේ නැත. ඇත්තටම  එහෙම වුණේ ඇයි ඒ පිළිබඳව හොඳම නළුවා සම සමානය හිමිකරගත් කුමාර තිරිමාදුර 'රසවින්දන'ට කතා කිරීමට අමතක කළේ නැත. මේ ඔහුගේ කතාවයි. "මම දන්න විදිහට අපි වැනි කලාකරුවන් අවශ්‍ය වන්නේ දේශපාලන ඡන්ද වේදිකාවලට විතරයි. ඉන් පස්සේ බත් එකේ කරපිංචා කොළය වගේ අපි විසිකර දානවා. මුලින්ම ඔවුන් අයින් කරන්නේ අපියි. ඒ වගේ අපී මොනතරම් ජාත්‍යන්තර සම්මාන අරගෙන ආවත් කිසිම ඇගැයීමක් නම් නෑ. මම දන්නේ නැ ඇයි ඒකියලා. එදා ඔබට කිව්වා වගේ අපඅි අඩු කුලයේ අය හින්දද දන්නේ නෑ මෙහෙම කරන්නේ. නැත්නම් දේශපාලනය හින්දද? මොකද මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා. මේ රංයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙක්.

බන්දුල ගුණවර්ධන මහත්මයා ද නිව්ස්පේපර් කරන්න කලීන් දා ධර්මසිරී බණ්ඩාරනායකට 'සුද්දිලාගේ කතාව' චිත්‍රපටය කරන්න, පරාක්‍රම ගිරිඇල්ලට 'සිරිමැදුර', 'අයෝමා” චිත්‍රපට කරන්න, ආරියරත්න ඇතුගලට 'සහෝ" චිත්‍රපටය කරන සල්ලි දීලා තිබෙනවා. ඒ වගේම ' තුන්වැනි යාමය' චිත්‍රපටය කරන්න භාගයක් සල්ලි දීලා තියනවා. ඔහු එදා ඉඳලා කලාවට සම්බන්ධ කෙනෙක්. එයා මේ චිත්‍රපටය නිෂ්පාදනය කළ හින්දද දන්නේ නෑ මෙහෙම අපට වුණේ කියලා ඒක මම හරියට දන්නේ නෑ, හේතුව මට වැටහෙන්නේ නෑ.

එදා සම්මානය අරන් ආව දවසේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මට කතා කරා එයාර්පෝට් එක්දි. මම කවදාවත් ඔවුන්ට ඡන්දය දීලත් නෑ. ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා එදා ඔවැනි සමාන අරන් ආවාම අනාරාධිතව එයාපෝර්ට් එකට ඇවිත් පිළිගන්නවා. ඒක මම බය නැතුව කියනවා. කලාවට කලාකරුවන්ට සැලකු එකම පුද්ගලයා එතුමා කියලයි මම හිතන්නේ. එතුමා කලාකරුවන්ට ගෙවල් දුන්නා, ඉඩම් දුන්නා, උපහාර කළා. අදටත් එgෂක කලාකරුවන්ට දීමනාවක් ලැබෙන්නේ එතුමා හින්දයි. ලෙඩ වුනාම ඉස්පිරිතාලෙට ගෙදරට ගිහින් බැලුවා. එහෙම රාජ්‍ය නායකයෙක්ට හිටියේ ඔහු තමයි. ඊට පස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් මට කතා කළා. සුබ පැතුවා. බොරු කියන්න ඕනේ නැහැනේ. තව දේශපාලනඥයන් දෙතුන් දෙන්නෙක් විතරක් කතා කළා. ඒ හැර වෙන කිසි කෙනෙක් කතා කලේ නම් නැ. 

ක්‍රීඩාව හොඳයි.  එයින් ජය ලබන එක ඉතාමත් හොඳයි. මාත් ක්‍රිකට් ගහන්න පාසල් කාලයේ ගියා. අපේ පවුලේ 8  දෙනෙක් නිසා තාත්තාට ක්‍රිකට් ගහන්න අවශය දේවල් මට අරන් දෙන්න වත්කමක් තිබුණේ නෑ. මොරටුව වේල්ස් කුමර විදුහලට මම ගියේ. කුසල් මෙන්ඩිස් අපේ ඉස්කෝලේ තරුවක්. පාසලේ සෑහෙන්න කට්ටියක් අද ජාත්‍යන්තරයේ ක්‍රිකට් ගහනවා. එදා මට බැරි වූ නිසා තමයි මම නාට්‍ය කලාව යොමු  වුණේ. කාගෙවත් හිත රිදවන්න නොවෙයි මම මේ කතාව කියන්නේ. දැන් හිතන්න කුසල් දිගට ෆෙල් වුණොත් ඔහු අයින් කරලා වෙන කෙනෙක් දානවා. එහෙත් ජෝතිපාල අයින් කරලා වෙන කෙනෙක් දනවාද? රාජ්‍ය නායකයෝ සියලු දෙනා ගෙදර ගියා. ඒත් කලාකරුවන් ගෙදර ගියේ නම් නැ. එහෙම කලාවට අයි මේ රට සලකන්නේ නැත්තේ. මට හිතාගන්න බැහැ, දැල්පන්දුවට, ක්‍රිකට් ක්‍රීඩාවට උපහාර දුන්නාට වරදක් නෑ, ඒක හොඳයි. ඔවුන් ආසියාවෙන් දිනන විට අපි ජාත්‍යන්තර මට්ටමින් දින්නා. ඇයි අපි ගැන බලන්නේ නැත්තේ.

ප්‍රේමදාස මහතා හිටියා නම් අපට ගෙවල්. මුදල්. උපහාර ලැබෙන බව මම හොඳටම දන්නවා. ලෝකයේ රටවල් ගණනාවක් එක්ක තරග කරලයි අපි දින්නේ. එදා ඒ.ඩි. ජයමාන්නලාගෙන් පස්සේ ගාමිණි ෆොන්සේකා , ජෝ අබේවික්‍රම, ටෝනී රණසිංහලා අරන් ආවා නළු පරම්පරාවේ බැට්න් එක. ඊට පස්සේ කමල් අද්දරආරච්චිලා, ජැක්සන් ඇන්තනීලා අරන් ඇවිත් අපට දුන්නා. අපට පැත්තෙන් හේමාල් වර්ණකුල, බිමල් ජයකොඩි, දසුන් පතිරණ මේ බැට්එක ගත්තා. අපට බැටන් ඒක හරියට ලැබුණේ නැ, ඒත් ඒක හරියට කෙරුනේ නෑ. එහෙම වුණේ ඇයි කියන එක ගැන අපි හැමෝම සිතා බැලිය යුතු කරුණක්.

මම ලංකාව ගැන කලකිරිලා ඉන්නේ. මගේ දුවලා පිටරට ඉන්නේ. ඔවුන් එන්න කියනවා. මමත් ඉදිරියේදී ලංකාව අතහැරලා ඔවුන් ළඟට යන්න පුළුවන්. කිසිම පිළිවෙළක් මේ රටේ නෑ. සංස්කෘතික අමාත්‍යංශයක් තිබෙනවා. චිත්‍රපට සංස්ථාවක් තිබෙනවා. අඩුම ගණනේ දුරකතන ඇමැතුමක් දීලා කතා කරන්න බැරිද? මම දන්නේ නෑ, එයාලා එහෙම හැදෙන්නේ කියලා. අපි කොහොමද තරුණ පරම්පරාවට මේ  බැවින් එක දෙන්නේ මේ කවුරු නැතත් මටත් සරත්ටයි ජනතාවගේ අගය කිරීම්උපහාරය තිබෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ. එහෙත් මුළු ලෝකයම සිනමා තිබෙනවා. අපේ ද නිව්ස් පේපර්' චිත්‍රපටය මුළු ලෝකෙම බලනවා. ඒ ගෞරවය අපට ඇති".


සමන්ත යහම්පත්


ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම් කිහිපයකට අතුරු කමිටු පත්වන ලකුණු

ක්‍රිකට්, පාපන්දු, රග්බි ඇතුළු තවත් ප්‍රධාන ලපල් ක්‍රීඩා සංගම් රැසකට අතුරු කමිටු පත්කිරීමේ සූදානමක් පිළිබද තොරතුර අද පුවත්පතට වාවිතා වේ. ඒ සඳහා වන මූලික කටයුතු ආරම්භ කිරීමට සූදානමක් ඇති බවත්, මේ අතරින් පාපන්දු පරිපාලනය සඳහා මේ වන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවත් හෙළිවේ.  ජස්වර් උමාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාපන්දු පරිපාලනයේ නිල කාලය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබුණේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම මස 16 වැනිදා ක්‍රීඩා සංගම්වල කාලය දීර්ඝ කරමින් නිකුත් කළ2297/94 දරන ගැසට් පත්‍රය පසුගිය 22වැනිදා අවලංගු කිරීමට පියවර ගැනීමත් සමගිනි. කෙසේ වෙතත් පාපන්දු නිලවරණය ලබන ඔක්තෝම්බර් මස 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, වාර්තාවන පරීදි පාර්ශ්ව කිහිපයක්ම නඩු මගට යාමේ අපේක්ෂාවෙන් පසුවීම නිසා පත්කරන පාපන්දු අතුරු කට්ටුවේ කාලයද බොහෝදුරට දීර්ඝ වීමට ඉඩ ඇත. යම්කිසි හෙයකින් නිසි පරිදි නිලවරණය ලබන ඔක්තෝබර් මස 23වැනිදා පැවැත්වීමට නොහැකි වුවහොත්, පාපන්දුවට මාස කිහිපයකට බලපැවැත්වෙන පරිදි ස්ථිර අතුරු කමිටුවක් පකෙරෙනු ඇති බවටද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සමගද සාකච්ඡා කිමට නියමිත බවත්, ඒ අනුව මාස කිහිපයකට අතුරු කමිටුවක් පත්කෙරෙනු ඇති බවද අනාවරණය වේ. මේ අතර, මෙම වසර අවසානයේ හෝ ලබන  වසරේ මුල් මාස කිහිපය තුළ ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නිලවරණ කමිටුව පත් කළ යුතු අතර, ඒ අනුව ක්‍රිකට් පරිපාලනය සහ නිලවරණය සම්බන්ධයෙන්ද පාර්ශ්ව කිහිපයක් නඩු මගට යාමට නියමිතය. මේ වන විටත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පරිපාලකයන් ක්‍රිකට් නිලවරණයේ ද අඩුකරන ලෙස ඉල්ලා නඩු මගට ගොස් ඇති අතර, එම නඩුව ලබන ඔක්තෝබර් මස 11වැනිදා කැඳවීමට නියමිතය. මේ වන විට එම නඩුවද අවසන් අදියරට පැමිණ ඇති අතර, එළඹෙන 17වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත්වුවහොත්, ක්‍රිකට් පරිපාලනයේදී වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 143 සිට 55ක් දක්වා අඩුකරන ලෙස ඉල්ලා ඇති අතර, මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති බව හෙළිවේ. මීට අමතරව අක්‍රමිකතා පවතින ජාතික ක්‍රීඩා සංගවල ලිපි ගොනු ජාත්‍යන්තර සංගමයට ලබාදී අතුරු කමිටු පිහිටුවීමට අවශය අනුමැතිය ලබාගැනීමේ සූදානමක්ද අනාවරණය වේ. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ප්‍රධාන පෙළේ ජාතික ක්‍රීඩා සංගම් රැසක වෙනස්කම් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ,



(පැතුම් ශ්‍රී විජේරත්න)


ගම්පහ රෝහලේ උපන් ආබාධිත දැරියකට කෝටි 3ක් වන්දි


ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත මවක ආබාධිත දරුවකු බිහි කර ඇතැයි තීන්දු කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය එම ආබාධිත දැඊට රුපියල් කෝටි 03 ක වන්දියක් ගෙවීමට රජයට නියම කළාය. පුරවැසියන් විසින් ගෙවනු ලබන බදු උපයෝගී කර ගනිමින් රජය විසින් වෛද්‍යවරුන්ට හා කාර්යමණ්ඩලයට වැටුප් ගෙවනු ලබන හෙයින් යම් පුරවැසියකු රෝහලකට ඇතුළත් වූ අවස්ථාවක එම තැනැත්තාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ යුතුකම වෛද්‍යවරුන් හා රෝහල් කාර්යමණ්ඩලයට පැවරී ඇතැයි තීන්දුවෙන් අවධාරණය කළ දිසා විනිසුරුවරිය මෙවැනි තත්වයකට පත්වන දරුවන්ගේ දෙමවුපියන්ගේ මරණයෙන් පසුව ඔවුන් රැක බලා ගැනීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය විසින් සකස් කර නොමැති බවද සඳහන් කළාය.

ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්යමණ්ඩලයේ නොසැලකිල්ල මත ආබාධිත තත්ත්වයකට පත්ව සිටින කැලණිය බියගම ප්‍රදේශයේ පදිංචි දැරියකගේ මව වන්දි ඉල්ලා ඉදිරිපත් කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරිය එලෙස සඳහන් කළාය. ආබාධිත දැරිය වෙනුවෙන් ඇයගේ මව විසින් ඉදිරිපත් කරන ලද මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හා නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියහ.ගර්භණියව සිටි තමා 2012 මැයි මස 14 වැනිදා දරුවකු ප්‍රසූත කිරිම සඳහා ගම්පහ රෝහලට ඇතුළත් වූ බවත් රෝහලේ සිටියදී දරාගත නොහැකි තරමේ වේදනාවක් තමන්ට ඇති බවත් ඒ පිළිබඳව රෝහල් කාර්යමණ්ඩලයට හා වෛද්‍යවරුන්ට දැනුම් දුන්නත් ඔවුන් කිසිදු ප්‍රතිකාරයක් ලබා නොදුන් බවත් සඳහන් කරන ආබාධිත දැරියගේ මව මව දරුවා ප්‍රසූත  කිරීමට සූතිකාගාරයට රැගෙන ගිය පසුවද තමන්ට  ඇති අධික වේදනාව පිළිබඳව වෛද්‍යවරියට දැනුම් දුන්නත් ඇය ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවද සඳහන් කරයි. 

ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්යමණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් ආබාධිත දරුවකු බිහි කිරීමට තමන්ට සිදු වූ බව සඳහන් කරන ආබාධිත දැරියගේ මව ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය වෙනුවෙන් තමන්ට රුපියල් මිලියන 50ක වන්දියක් අය කර දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටී. රෝගී වූ යමකු ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් වූ පසු ඔහුට ප්‍රතිකාර කිරීමේ යුතුකම හා වගකීම වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්යමණ්ඩලයට පැවරී ඇතැයි මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළ දිසා විනිසුරුවරිය රජය යටතේ පාලනය වන ගහ මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට හා කාර්යමණ්ඩලයට වැටුප් ගෙවනු ලබන්නේ රජය විසින් යැයිද සඳහන් කළාය. 

පුරවැසියන් ගෙවනු ලබන බදු උපයෝගී කරගනිමින් එම වැටුප් ගෙවන බව තීන්දුවේ සදහන් කළ විනිසුරුවරිය මෙම නඩුවට පාදක වූ සිද්ධියේදී දැරියගේ මව දරු ප්‍රසූතිය සඳහා ගම්පහ රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී තමන්ට ඇති අධික වේදනාකාරී තත්වය පිළිබඳව වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි තීන්දුවේ සඳහන් කළාය.

බිලිඳාගේ පෙකණිවැල බෙල්ලේ එතීම නිසා මවට  අධික වේදනාවක් උද්ගත වී ඇතැයිද එම තත්ත්වය නිරාකරණය කිරීමට ඒ අවස්ථාවේදී වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය අවශ්‍ය පරීක්ෂණ හා පියවර ගෙන නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයිද සඳහන් කළ විනිසුරුවරිය වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්යමණ්ඩලයේ නොසැලකිල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් ඇය ප්‍රසුත කළ දැරියට කතා කිරීමට, අතපය සෙලවීමට හා ඇවිදීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් නිතරම වලිප්පුව වැනි රෝගී තත්වයකින් දැරිය පසුවන බවත් නඩු විභාගයේදී අනාවරණය වූ බව තීන්දුවේ සදහන් කළාය. දැරියගේ ජීවිතාන්තය දක්වාම මෙම තත්වයෙන් සිටීමට සිදු වී ඇති බවත් කිසිදු දිනෙක සාමාන්‍ය පුද්ගලයකු ලෙස ඇයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ සාක්ෂිවලින් තහවුරු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරිය දැරියගේ ජීවිත කාලය පුරාම ඇගේ එදිනෙදා කටයුතු ඉටුකර ගැනීම සඳහා වෙනත් පුද්ගලයින් මත යැපීමට ඇයට සිදුවන බව පැහැදිලි බවද සඳහන් කළාය . 

ආබාධිත දැරිය ජීවත් කරවීම සඳහා විශේෂිත ආහාර ද්‍රව්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු කටයුතු සඳහා මාසයකට රුපියල් 70,000 ක පමණ මුදලක් වැය වන බව සාක්කිවලින් අනාවරණය වී ඇතැයි තීන්දු කළ විනිසුරුවරිය දැරිය නඩත්තු කිරීම සඳහා  දෙමවුපියන්ට අවම වශයෙන් මාසිකව රුපියල් 50,000ක පමණ මුදලක් වැය වන බවත් ඒ අනුව වසරකට රුපියල් ලක්ෂ 6ක් පමණ මුදලක් වැය වන බව පෙනී යන බවත් තීන්දුවේ සඳහන් කළාය. මෙම ආබාධිත දැරියගේ ආයු අපේක්ෂාව අවුරුදු 50ක්  වශයෙන් ගණනය කරන්නේ නම් එම කාලසීමාව තුළ ඇය ජීවත් කරවීම සදහා රුපියල් කෝටි 3ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බව සඳහන් කළ විනිසුරුවරිය දැරියගේ දෙමවුපියන්ගේ මරණයෙන් පසුව ඇය රැක බලා ගැනීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය විසින් සකස් කර නොමැති බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළාය.

එවැනි අවස්ථාවක පවා දැරිය වෙනුවෙන් වැය කළ හැකි මුදලක් තිබිය යුතු බව අවධාරණය කළ දිසා විනිසුරුවරිය ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්යමණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් දරුවාට සිදුවූ අලාභය රුපියල් කෝටි 3ක් යැයි තක්සේරු කළාය. පැමිණිලේ වාසියට නඩුව තීන්දු කළ දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය අදාළ දැරියට රුපියල් කෝටි 03ක වන්දියක් ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කළාය. පැමිණිලිකාර ආබාධිත දැරිය වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් සමඟ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.



මනෝප්‍රිය ගුණසේකර 

බස්වල ලීසීං ගෙවීමට නීති විරෝධී මත්පැන් පෙරළා

තමන් සතු බස් රථ දෙකක ලීසිං වාරික ගෙවීම සදහා නීතිවීරෝධී මත්පැන් ජාවාරමක නිරත පුද්ගලයෙකු හෝමාගම, නියඳගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි. එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු සතුව තිබූ ගෝඩා මිලිලීටර් 1,152,000ක්ද පොලිස් භාරයට ගෙන ඇත.හෝමාගම පොලීසියට ලද තොරතුරක් මත එහි  දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික අජන්ත ප්‍රභාකර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සෝදිසි කිරීමේදී එහි වෙල්යායක නියරවල් මත ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ ගෝඩා බැරල් පහක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.සැකකරු සතුව මාර්ග අංක 138 හෝමාගම, පිටකොටුව මාර්ගයේ දිවෙන බස් රථ දෙකක් තිබෙන බවත් එම බස් රථවල කල්බදු වාරික ගෙවීමට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. හෝමාගම මූලස්ථාන පොලීසියේදූෂණ මර්දන අංශ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක අජන්ත ප්‍රභාකර, පොලිස් සැරයන්වරුන් වන සුසන්ත, රාප්ප, පොලිස් කොස්තාපල් වරුන් රණසිංහ, රොෂාන්, කුමාර, විජයරංගන, කාන්තා පොලිස් කොස්තාපල් මේඛලා, පොලිස් කොස්තාපල් රියදුරු සුමිත්, විජේසිරි යන පොලිස් නිලධාරින් විසින් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. 


( හෝමාගම සමන්ප්‍රිය දොලමුල්ල)


විදුහල්පති සිසුවියකට කොහු මිටෙන් පන්න පන්නා පහරදීලා


හැටන්, කොටගල, බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විදුහලේ විදුහල්පති කොසු මිටකින් පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. පාසලේ ගුරු උපහාර උළෙලක් සදහා අයකෙරෙන රුපියල් 300ක මුදලක් ඇගේ සොහොයුරා විසින් නොගෙවනු ලැබීම නිසා විදුහල්පති ඔහුට බැණවැදී ඇති අතර ඇය සොහොයුරා වෙනුවෙන් පෙනීසිටීම නිසා විදුහල්පතිවරයා සිසුවියට පහරදී ඇතැයි දැනගන්නට ඇත.

මෙම පාසල් සිසුවිය ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඊයේ (29) ඇතුළත් කර ඇති අතර, ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලට යොමු කළ බව කොටගල ප්‍රාදේශීයෙ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ශාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවාය..පාසලේ පැවැත්වීමට නියමිත ගුරු උපහාර උළෙලක් සඳහා අයකෙරෙන රුපියල් 300 ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් එම පාසලේ අධ්‍යපනය ලබන තම සොහොයුරාට විදුහල්පති පරුෂ වචනයෙන් බැණ වදිමින් සිටියදී තමන් එතැනට ගොස් ‘සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ළඟ වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලා දෙන්නම් කියා පැවසූ බව, ඒ අවස්ථාවේ විදුහල්පති කොසු මිටකින් පන්න පන්නා අමානුෂික ලෙස තමන්ට පහර දුන් බවත් එම සිසුවිය පැවසුවාය. 

තමා කෑ ගසන ශබ්දය ඇසී පාසල ආසන්නයේ සිටි පියා පාසලට දිවගෙන විත් විදුහල්පතිවරයාගෙන් තමන් බේරාගත් බව ද ඇය කීවාය. පහරකෑමට ලක් වූ සිසුවියගේ පියා පැවසුවේ තමන්ට දරුවන් සිවු දෙනකු සිටින බවත්, පවුලේ ආර්ථික අපහසුකම් නිසා බිරිය ගෘහ සේවයට විදේශගතව සිටින බවත්ය. මිත්තනියගේ රැකවරණය යටතේ තම දරුවන් සිවු දෙනා සිටින බවත්, දියණිය බේරාගැනීමට ගිය අවස්ථාවේ පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය තමන්ට ද බැණ වැදී පහරදීමට උත්සාහ කළ බවත් කී ඔහු ඒ සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසියට පැමිණිල්ලක් කළ බවද පැවසීය. 

පාසලේ විදුහල්පතිගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විනය හේතුවක් මත එම සිසුවියට කුඩා කෝටුවකින් පහර කිහිපයක් ගැසු බවයි. පාසල් සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව ගුරු උපහාර උළෙල සඳහා මුදල් එකතු කරනු ලබන්නේ පාසලේ ශිෂ්‍ය නායිකාවක විසින් බවත්, තමන් මුදල් ඉල්ලා එම සිසුවියට පහර නොදුන් බවත් විදුහල්පතිවරයා පැවසීය. පාසලට පැමිණි එම සිසුවියගේ පියා තමන්ට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් තමන්ද දිඹුලපතන පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව  විදුහල්පති සඳහන් කළේය.


නෝර්වුඩ් රංජිත් රාජපක්‍ෂ 

සනත් නිශාන්ත උසාවි කැඳවයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති  සාකච්ඡාවකදී, අධිකරණයට අපහාස  කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ලබන මස 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය ඊයේ (29) සිතාසි නිකුත් කළේය.නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම නීතිඥ විජිත කුමාර සහ නීතිඥ ප්‍රියලාල් සිරිසේන යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් දෙක අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත. 

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වලින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසය.මෙම වගඋත්තරකරු, ඉකුත් මැයි මස 09 වැනි දින ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවකු වන බවද පෙත්සම්වල සඳහන් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඉකුත් අගෝස්තු මස 23 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ මෙම වගඋත්තරකරු අධිකරණයට අපහාස වන අයුරින් කරුණු දැක්වූ බවත් මෙමගින් සමස්ත අධිකරණ පද්ධතියටම අපහාසයක් සිදුවී ඇති බවත් පෙත්සම්වල සඳහන් වෙයි.


නිමන්ති රණසිංහ


කොළඹ කොටුව-මහනුවර අතර සතිඅග සැප දුම්රියක් හෙට සිට



කොළඹ කොටුව- මහනුවර අතර සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් හෙට (1) සිට ධාවනය වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. කලින් ආසන වෙන්කිරීමට හැකියාව ඇති මෙම සුඛෝපභෝගී දුම්රිය මහනුවර වෙත සෑම සතිඅන්තයකදීම ධාවනය වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරීම" යන මැයෙන් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. පෙරවරු 6.30 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9.18 ට මහනුවරට ළඟා වන අතර නැවත මහනුවරින් සවස 4.50 ට පිටත් වී රාත්‍රී 7.40 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.

මහනුවර දක්වා එක් ගමන්වාරයකදී පළමු පන්තියේ ප්‍රවේශපත්‍රයක ගාස්තුව රුපියල් 2000ක් වන අතර දෙවැනි පන්තියේ ප්‍රවේශපත්‍රයක ගාස්තුව රුපියල් 1500 ක් බවද අමාත්‍යවරයා කීය. පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් සතිඅන්ත සංචාරවල යෙදුනු පිරිසට තිබූ බාධාව ඉවත් කරමින් සතිඅන්ත සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් ඔහු පැවසීය. එහි පළමු දුම්රිය ලෙස ඇල්ල ඕඩීසි සංචාරක දුම්රිය ඉකුත් සති අන්තයේ ආරම්භ කළ බවත්, ඉදිරියේදී මෙම දුම්රිය සතියකට දෙවරක් ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීවේය. ඉදිරියේ දී අනුරාධපුරය දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී  දැනුම් දීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

නිමල කොඩිතුවක්කු 


Thursday, September 29, 2022

පියාට උදලු පහරදී මරා ගේට්ටුව ළඟ පුළුස්සා දමලා

හෝකන්දර දකුණ විනරාජ මාවතේ නිවෙසක් තුළ ඊයේ (28) අලුයම ඇතිවූ ආරවුලක් දුරදිග යාමන් උදැල්ලකින් පහරදී නිවස ඉදිරිපිටම පියා පුළුස්සා ඝාතනය කර ඇතැයි මාලබේ පොලිසිය කියයි. මෙම ආරවුල බේරීමට ඉදිරිපත් වූ බව ද කැපුම් තුවාල ලබා අයි.ඩී. එච්. රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ රංජිත් සේනාරත්න නමැති දෙදරු පියකු බවත්, 57 හැවිරිදි ඔහු ත්‍රීරෝද රථ රියදුරකු වශයෙන් කටයුතු කර ඇති බවත් පොලිසිය පවසයි. උතනය සම්බන්ධයෙන් ඔහුගේ 26 හැවිරිදි පුතු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් ඔහු තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින්නකු බවත් පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරු මව සහ පියා සමග මෙම නිවෙසේ පදිංචිව සිටින බවත්, දියණිය විවාහ වී ඒ ආසන්නයේ නිවසක පදිංචිව සිටින බවද පොලිසිය පවසයි. අයිස් මන්ද්‍රව්‍ය පානය කිරීම සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ සිටම මව සහ පියා සැකකරුට බැණ වදින හඬ සහ ඔවුන් බහින් බස්වන අයුරු අවට පිරිසට ඇසී ඇති බවත් පොලිසිය කියයි. අලුයම 3 ට පමණ ද නිවෙස දෙසින් පහර දෙන හඬ හා මවගේ සහ පියාගේ කෑ ගැසීම ඇසී අවට පිරිස් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී ඇති බවද පොලිසිය පවසයි. සැකකාර පුතා මව්පියන් සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එය දුරදිග යාමෙන් පුතා තියුණු ආයුධයකින් පියාට පහර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. ආරවුල දුරදිග ගොස් සැකකාර පුතා නිවෙස ඉදිරිපිට මිදුලේ තිබූ උදැල්ලකින් ද පියාට පහර දී තුවාල සිදුකර ඇති බවත්, පුතාගෙන් බේරීම සඳහා පියා නිවෙසේ සිට මීටර් 25 ක් පමණ ගේට්ටුව දෙසට දිව ගොස් ඇති බවත් පොලිසිය කියයි. පුතා පියා පසුපස හඹාගොස් පියාට පහර දී ඇති අතර, එම ප්‍රහාරයෙන් බිම වැටුණු පියාගේ සිරුරට පුතා කිසියම් දුව්‍යයක් දමා ගේට්ටුව අසලදී ගිනි තබා ඇති බවද පොලිසිය කියයි. අවට සිටි පිරිස නිවෙස වෙත පැමිණෙමින් සිටියදී නිවෙසේ ගේට්ටුව අසල ගිනි ජාලාවක් හටගෙන තිබෙනු දැක ඇති අතර , සැකකරු ද එම ස්ථානයේ සිටිනු දැක ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමේ කුණු වගයක් ගිනි තැබූ බවට ඔවුනට ප්‍රකාශ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා ඔහු පුනරුත්ථාපනයට යොමු කර මෑතකදී නිවෙසට ගෙන්වාගෙන ඇති බවද පොලිසිය පවසයි. සිද්ධියෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි පොලිසිය පවසයි. නුගේගොඩ කොට්ඨාස බාර පොලිස් අධිකාරි ජේ.එම්. ජයමහ, පොලිස් අධිකාරි මාලන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත, මාලබේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුජීව ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ජයවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වති. " 


(ඉන්දිකා රාමනායක) 


පෙම්වතියගේ අලුත් පෙම්වතා මරන්න බෝම්බයක් අරන් අම්පාරට ඇවිත්

මුහුණු පොතෙන් හඳුනාගත් තම පෙම්වතිය වෙනත් අයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට ලැබුණ තොරතුරකින් කෝපයට පත්ව අලුත් පෙම්වතා ඝාතනය කිරීම් අරමුණන් විදේශීය රටක නිෂ්පාදිත ජේ.ආර්. වර්ගයේ ජීව අබෝම්බයක් රැගෙන අපාර එරගම ප්‍රදේශයට පැමිණි තරුණයකු ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගත් බව එරගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත් වූයේ ගල්ගමුව, මහගල්කඩවල ජයලන් ද ගම්මානයේ පදිංචි රැකියා විරහිත අයකු බව පොලිසිය කියයි. මොහු මුහුණු පොතෙන් හඳුනාගත් තරුණියක සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, තරුණිය මුහුණු පොතෙන් හඳුනාගත් වෙනත් තරුණයකු සමග ද සම්බන්ධයක් ආරම්භ කර, ඇය එම තරුණයාගේ සේයාරුවක් පැරණි පෙම්වතාට යවා විස්තර පවසා ඇතැයි පොලිසිය කියයි. මෙයින් කෝපයට පත් පැරණි පෙම්වතා අලුත් පෙම්වතා පිළිබඳව තොරතුරු සොයා එරගමට පැමිණ ඇති බවත් පොලිස් විමර්ෂනයේ දී හෙළිවී ඇත. මෙම පුද්ගලයා සතුව අත්බෝම්බයක් ඇති බව දුටු ප්‍රදේශවාසියකුගේ දැනුම් දීම මත පොලිසිය එම ස්ථානයට පැමිණි අවස්ථාවේ සැකකරු පලා යාමට උත්සාහ කර ඇතැයි කියයි. සැකකරු ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් වරිපතක්වෙන වෙල්යායක දී ඉමහත් වෙහෙසක් දරා ඔහු අත්අඩංගුවට ගෙන අබෝම්බය සිය බාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි. මෙම අබෝම්බය හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය බාප්පා තමාට සගවා තබන ලෙස පවසා ලබාදුන් එකක් බවත්, ඔහු මේ වනවිට මියගොස් ඇති බවත් සැකකරු පවසා ඇතැයි පොලිසිය පවසයි. 


(දිගාමඩුල්ල විශේෂ - ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)


අයිසීසි විස්සයි20 ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් විකිණෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ලබන මස ඔස්ටේ‍්‍රලියාවේදී සංවිධානය කරන විස්සයි20 ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර මේ වන විට ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් විකිණී අවසන් බව අයිසීසීය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2020 වසරේ පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලානයෙන් පසු පළමුවරට අයිසීසීය ඉසව්වක් සංවිධානය කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මේ වන විට ලොව විවිධ රටවල් 82ක ප්‍රේක්ෂකයන්, තරග සඳහා ප්‍රවේශපත් ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ. ජාත්‍යන්තර කණ්ඩායම් 16ක් තරග වදින මෙවර විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් 86,174ක් මේ වන විටත් ප්‍රවේශපත්‍ර වෙන් කරගෙන තිබේ. එමෙන්ම පවුල් සඳහා ප්‍රවේශ විය හැකි මිල ගණන් යටතේ ළමා ප්‍රවේශපත්‍ර 85,000කට වඩා අලෙවි වී ඇති බව එම නිවේදනයේ දැක්වේ. මෙහිදී සියලුම පළමු වටයේ සහ සුපීරී 12 තරගවලට අදාළව ළමුන් සඳහා ප්‍රවේශපත්‍රයක් ඇමෙරිකානු ඩොලර් 05කටද. වැඩිහිටියන් සඳහා ඇමෙරිකානු ඩොලර්20 සිට මිලදී ගැනීමේ අවස්ථාව අයිසීසීය උදාකර දී තිබේ. මේ අතර ඔක්තෝම්බර් මස 23වැනිදා මෙල්බර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල විකිණී අවසන් අතර, අලෙවිය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත අමතර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමටද සිදුව තිබුණි. කෙසේ වෙතත් අයිසීසීය සඳහන් කරනුයේ තරගාවලිය ආරම්භ කිරීමට දින කිහිපයක් තිබියදී නැවතත් අමතර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට සුදානම් බවයි. සමහර තරග සඳහා පමණක් සීමිත ප්‍රවේශපත්‍ර ප්‍රමාණයක් මේ වන විට පවතින බවත්, යම් හෙයකින් අමතර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි අවස්ථාවක පොරොත්තු ලේඛනයට සම්බන්ධ වීමට ප්‍රේක්ෂකයන්ට සිදුවනු ඇති බවත් අයිසීසීය යොමු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

( පැතුම් ශ්‍රී විජේරත්න )


රටඉඳි රසවතුන් එකට රැස් කරවන සෞදි අරාබියේ රටඉඳි උත්සවය

මැදපෙරදිග කලාපය තුළ වගා කෙරුණත් රටඉදි යනු ලොව පුරා කා අතරත් ජනප්‍රිය රසවත් ආහාරයකි. එහි ඇති පෝෂණීය ගුණයද මේ ජනප්‍රියත්වයට හේතු වී තිබේ. සොදි අරාබිය යනු රටඉදි නිෂ්පාදනය සහ අපනයනය අතින් ලොව පළමු වැනි තැනක් හිමිවන රටකි. රියාද් අගනුවරින් සැතපුම් 220ක් අතින් පිහිටි බුරායිදාහ් ප්‍රදේශය එරට රටඉදි කර්මාත්තයේ හදවත ලෙසින්ද සැලකෙයි. මෙම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන බුරායිදා රටඉදි උත්සවය (Buraydah Date Festival) වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුත් රටඉදි සොයන රසවතුන් සහ ගැනුම්කරුවන් අනිවාර්යයෙන්ම රොක්වෙන උත්සවයකි. සෑම වසරකම අගෝස්තු සහ නොවැම්බර් අතර කාලය සෞදිඅරාබිය තුළ රටඉදි පලදාවී උච්චතම සමය ලෙස සැලකෙයි. ඒ අනුව මෙම කාලය පුරා බුරායිදාරටඉදි උත්සවය සහ වසිය පැවැත්වෙයි. මැදපෙරදිග කලාපය අතරින් සෞදි අරාබියේ රටඉදි ඉහළ ගුණාත්මක බවකින් සහ විවිධත්වයකින් යුක්ත බව පිළිගැනේ. මේ නිසාම ගෙවුණු වසර ගණනාව පුරාම ලොව නන්දෙසින් ගෙනුකරුවෝ මෙම උත්සවයට සහ වෙන්දේසියට පැමිණිති.ෙ බසෑම දිනකම පෙරවරු 5.00ට  ආරම්භ වන මෙම උත්සවය වෙත රටඉදි නිෂ්පාදකයෝ ට්‍රක් රථවල පුරවාගත් සිය නිෂ්පාදන ටොන් ගණනින් රැගෙන එති. එම ට්‍රක් රථවලම සිටම කාගසමින්, මිල ගණිත් කියමින්, හට්ටු කරමින් ඒවා අලවි කෙරේ. ඒ අතරතුරදී මෙම රටඉදි කිලෝ ගණනින් වෙන්දේසිවීමද සිදුවෙයි. මෙම උත්සවයේ සංවිධායකයන් පවසන ආකාරයට මෙවර වෙන්දේසිය සඳහා එකිනෙකට වෙනස් රටඉදි වර්ග 45ක් පමණ ඉදිරිපත්ව තිබී ඇත. මේ වෙත පැමිණින බොහෝ පිරිස් රටඉදි මිලදී ගැනීම පමණක් නොව, ඒවායේ ඇති විවිධත්වය පිලිබදවද ඉගනීමටද මෙය අවස්ථාවක් කර ගන්නේ එබැවිනි. මෙම රටඉදි අතරින් වඩාත් ජනප්‍රියතම වර්ගය වන් Sukkari රටඉදියි. Sukkari යනු අරාබි භාෂාවෙන් පැණිරස යන්නයි. මෙම රටදි රත්රන් පාටට හුරු රතු පැහැයක් ගන්නා අතර, මුවේදී ඉතාමත් ඉක්මනින් දියවන බව පැවසෙයි.දෙවනියට ජනප්‍රියතම රටඉදි වර්ගය වන් Ajwa හම් රටඉඳියි. එය කුඩා වන අතර, අදුරු පැහැතිය. එසේම එය ඉක්මනින් දිය නොවේ. තරමක් වෙලාවක් හැපෙන සුලුය. Khals නමින් හැදින්වෙන මෙම වන්දේසියේ ඇති තෙවැනියට ජනප්‍රියතම රටඉදි වර්ගයයි. එහි පිටත පොත්ත ඉතාමත් තුනීය. රටකජුවල ඇති දුඹුරු පැහැය ගනී මෙම රටඉදි වෙන්දේසිය සම්පුර්ණයෙන්ම සිදුවන් පිරිමින් අතිනි. කිසිදු කාන්තාවක් ඊට සම්බන්ධ කර නොගනී. එය සාම්ප්‍රදායිකව පැවත එන ක්‍රමයකි. කෙසේ වෙතත්, සෞදියේ රියාද. ජෙඩාහ් සහ දමාම් ඇතුළු නගරබද ප්‍රදේශවල අද කාන්තාවන්ටත් යම් යම් අයිතිවාසිකම් හිමිවෙමින් පවතින පරිසරයක ඉදිරියේදී මේ බුරායිදා රටඉදි වෙන්දේසියටත් කාත්තාවන්ට අවස්ථාව හිමිවනු ඇතැයි විශ්වාසය වී තිබේ. එහෙත් මෙම රටඉදි උත්සවයට සහභාගි වී ඉන් රටඉදි මිලදී ගැනීමට කාත්තාවට කිසිදු බාධාවක් නැත. ඇතැම් සෞදි කාන්තාවන් මෙම උත්සවය වෙත පැමිණෙන්නේ  මේ වසර අවසන් වන තුරු තම පවුලට ප්‍රමාණවත් රටඉදි කිලෝ ගණන් ඉතාමත් අඩු මිලට මිලදී ගැනීමේ අරමුණිනි. එහිදී ඔවුන් අලෙවිහලෙන් අලෙවිහලටම ගොස් වඩාත් හොද, කල්තබා ගත හැකි රටඉදි තෝරයි. "මම හොයන් Sukkariරටඉදිහොද ඒවා ලැබුත් මම කිලෝ දහයකට වඩා ගක්නවා. ඒක ශීතකරණයේ දාගත්තහම ම් අවුරැදටම රටඉදි ඇති.” එක් කාන්තාවක් පවසයි. මේ අතර පැමිණත ඇතැම් ගැනුම්කරුවන් තමන්  අවධානය යොමු කරන රටඉදි වර්ගයක් තිබේ. එම් rutab නමින් හැදින්වෙන වර්ගයයි. එය මෙම රටඉදි සමයේ සති කිහිපයක් පමණක් අලවි කරන ඉතාමත් දුර්ලභ රටඉදි වර්ගයකි. එහි උඩ කොටස රත්රන් පාට ගන්නා අතර පහත කොටස තද දුඹුරු පැහැයක් ගනී. යුෂ බීරෙන එම රටඉදි වඩාත් පැණිරසය. මේ නිසාම මුවට වැටුණු විටම ඒවා දියවී යයි. මේ රටඉදි වර්ගය ජීවිතයේ එක්වරක් හෝ රසවිඳීම සෞදි වැසියන්ගේ අපේක්ෂාව වී තිබේ.සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල ජනතාවගේ දෛනික ජීවිතය හා මෙමරටඉදි අතර ඇත්තේ ඉතාමත් කිට්ටු සබදතාවකි. ඒ නිසාම දිනය ඕනම වේලාවකදී වුවද රටඉදිආහාරයට ගැනීමට ඔවුන් කැමත්තක් දක්වයි. එහිදී කුරුඳු, එනසාල් වැනි විවිධ කුළුබඩු එකතු කරගනිමින් රටඉදිවල රසය තවත් ඉස්මතු කරමින් ආහාරයට ගැනීමටද සෞදිවැසියන් අතීතයේ සිටම පුරුදු වී සිටියි.එහෙත් මෙම රටඉදි වගාව එතරම් ලෙහෙසි පහසු නැත. එය ඉතාමත් ප්‍රවේශමෙන් සිදුකළ යුතු වගාවක් වන අතර, ඒ සඳහා අධික මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් වඩුණු රටඉදි ගසකට පල හටගැනීම සදහා වසර හයක පමණ කාලයක් ගත වෙයි. එතෙක් එම ගස මුලහි සිට අතු දක්වාම වඩාත් හොදින් රැකබලා ගත යුතුය. සෑම වසරකදීම රටඉදි ගස මගින් වඩාත් හොදපලදාවක් ලබාදෙන් ඊට ලබාදෙන සාත්තුව අනුව බව එම වගාකරුවන්ගේ විශ්වාසය වී තිබේ. 


දුරකතන බිල් නඩුව ; ඇමති කෙහෙළියටත් මුද්‍රණ සංස්ථා හිටපු සභාපතිටත් අධි චෝදනා

තමාට නීත්‍යනුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්කු සමාව ඉක්මවමින් භාවිතකර එම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනත් දුෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතී ජයම්පති බණ්ඩාර හින්කෙන්ද මහතාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් ඇප මත මුදාහැරීමට ඊයේ (28) නියම කළේය. විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය බාරදීමෙන් පසුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුපියල් 30,000/- බැගින් මුදල් හා රුපියල් ලක්ෂ එකහමාර බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරිමට විනිසුරුවරයා නියම කළේය. වර්ෂ 2010ක් වූ නොවැම්බර් 22 වැනිදා සිට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු පිතිකරු තමාට නිත්‍යනුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියල් 44000/-ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු මස 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා කාලයේ භාවිත කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ "දූෂණය" නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත. අධිකරණයෙන් මීට පෙර අවස්ථාවක නිකුත් කරන ලද සිතාසියකට අනුව විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර ඒ අවස්ථාවේදී අදාළ චෝදනා පත්‍ර ඔවුන්ට බාර දුන්නේය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයෙන් නිකුත් කරන ලද සිතාසියකට අනුව මෙහි පැමිණි තම සේවාදායකයන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට නියම කර ඔවුන්ගේ ඇගිලි සලකුණු ලබාගැනීමට නියම කළ විනිසුරුවරයා වැඩිදුර විභාගය සඳහා නඩුව යළි කැඳවීමටද නියම කළේය. අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන් එරෙහිව මීට පෙර අවස්ථාවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩු පැවරු අතර ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහීව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් නියෝගයකට ඔවුන් දෙදෙනා නිදහස් කෙරිණි. නිසි ආකාරයට යළි නඩු පැවරිමට පැමිණිලිකාර අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව ඒ අවස්ථාවේදී දැනුම් දීම මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙලස යළිත් වරක් නඩු පවරන ලදී.


(මනෝප්‍රිය ගුණසේකර)

ජාතික සභාවට එන්නෙම නෑ. ශ්‍රි ලනිපය තද තීරණයක

ජාතික සභාවට එනොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණයේ වෙනසක් නැතැයි එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේශ්න මහතා ඊයේ (28) පැවසීය. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ආරම්භක පියවරක් ලෙස ජනාධිපතිවරයා ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමැති මණ්ඩලය පත් කිරීමට පෙර බවත්, මුලින් ජාතික සභාව පත්කර ඉන් අනතුරුව එහි එකගත්වයෙන් අගමැතිවරයකු හා දුෂිතයන්ගෙන් තොර 20 දෙනකුගෙන් පමණක් සමන්විත කුඩා ඇමති මණ්ඩලයක් පත් කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේ වුවත් ජනාධිපතිවරයා විශාල කැබිනට් මණ්ඩලයක් ද පත් කිරීමෙන් පසු ජාතික සභාවක් ඇති කිරීමට යන බවත්, එවැනි වැඩපිළිවෙළකට දායක විය නොහැකි බවත් හෙතෙම කීර්වේය. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. රට ගොඩ ගැනීමට ඇති හොදම අවස්ථාවක් වන සර්ව පාෂික ආණ්ඩු සැලැස්ම පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති කණ්ඩායම වන පොහොට්ටුවේ නායකයන් විසින් බිඳ දැමූ බවත්, රට වෙනුවෙන් ඒ ගැන කනගාටුවක් තිබෙන බවත් හිටපු  ජනාධිපතිවරයා පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුලින්ම සර්වපාක්‍ෂික ආණ්ඩුවක් යෝජනා කළේ කොවිච් අර්බුදය පැවැති කාලයේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බවත්, අරගලය නිසා එම කටයුතු ඉදිරියට යාම නැවතුණු බවත් කී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉත්පසු රනිල් වික්‍රමසිංහ මහතාටත් එම යෝජනාව ඉදිරිපත් කළ බව ද කීර්වේය. ආණ්ඩුවේ ගමන බොහෝ කෙටි බව පෙනෙන්නේ යැයි කී සිරිසේන මහතා ජාත්‍යන්තර සංවිධාන පවා මෙරට දූෂිත දේශපාලනඥයන් ගැන දන්නා බැවින් දූෂිත පිරිස් බලයේ සිටින තුරු රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත්, අති බහුතරයක් ජනතාව ආණ්ඩුවට විරුද්ධ නිසා ඉදිරියේ දී අරගලය වෙනත් ආකාරයකින් ඇතිවිය හැකි බවත් පැවසීය. පක්‍ෂ තීරණයට පටහැනිව යමින් ඇමැති හා රාජ්‍ය ඇමැතිධූර ලබාගැනීම නිසා පක්‍ෂ තනතුරුවලින් නෙරපූ සාමාජිකයන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් නොකළේ ඔවුන්ට පක්‍ෂයේ සිටිය යුතු බවට ඉල්ලීමක් ආ නිසා බවත්, ඒ අයගේ හැසිරීම් රටාව බලන්න කාලයක් දී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.


( ඩයනා උදයංගනී)

හොඳ පුතෙක් මිස මැරයෙක් හදාගන්න මට ඕනෑකමක් නෑ

රටට වැඩදායක පුතෙකු හැදීමට මිස මැරයකු හදා සාමාජ ගත කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, කිරිබත්ගොඩ පහර දීමේ සිද්ධියේ දී තමා පුතා යැයි නොසිතා ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දුන් බවත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර මහතා ඊයේ (28) පැවසීය. කර්මාන්ත අමාත්‍යාංශයට අයත් මෝටර් රථයකින් පැමිණ කිරිබත්ගොඩ දී උපකාර පන්තියක සිසුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.තම පුතා මේ සඳහා භාවිත කර ඇත්තේ තමාට අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති වාහනයක් බවත්, තමාට නොදන්වා රියදුරු සමග ඔහු එය රැගෙන ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. මෙය ඉතාමත් වැරැදි ක්‍රියාවක් බවත්, එය තමා අනුමත නොකරන බවත් හෙතෙම සඳහන් කළේය. තම පුතා තවමත් 17 හැවිරිදි තරුණයකු බවත්, තරුණයන් තරුණයන් අතර මෙම ගැටුම හටගත්ත ද තමන් එම ක්‍රියාව අනුමත නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය. මෙම සිද්ධියේ පහර කෑමට ලක් වූ තරුණයන් ද තම පුතාට පහර දී ඇති බවත්, එසේ වුවත් තමන් එම දරුවන්ගේ මවුපියන්ට සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකළ බවත් ඔහු සඳහන්  කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ පහර දුන් බවට ප්‍රකාශ කර තිබුණ ද, තමාට කිසිදු ඩිෆෙන්ඩර් රථයක් නිකුත් කර නොමැති බවත්, තමන් නිකුත් කළ ගිනි අවිය ද මෙතෙක් ලබාගෙන නොමැති බවත් හෙතෙම කියා සිටියේය. එක්තරා කාලෙක තමන් ද වැරැදි කළ බවත්, එසේ වුවද තමාගේ දරුවන් එසේ වැරැදී නොකළ යුතු බවත්, කී හෙතෙම හොඳ නරක කියා දී ඔවුන් යහපත් පුරවැසියන් වශයෙන් සමාජ ගත කිරීම තම එකම අරමුණ බව ද සඳහන් කළේය.


(ඉන්දිකා රාමනායක)


පැල්මඩුල්ල ලිංගික චෝදනා ගුරාගෙන් තව සිසුවියන් හයකට අතවර

රත්නපුර , පැල්මඩුල්ල ප්‍රදේශයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර සිසුවියන් දෙදෙනෙකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා එම පාසලේ තවත් බාලවයස්කාර සිසුවියන් හය දෙනකුට බරපතළ ලිංගික අපයෝජන සිදු සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි සභාපතිවරයා පවසයි. මෙම සැකකාර ගුරුවරයා අතින් බරපතළ ලිංගික අපයෝජනවලට ලක්වූ බව කියන තවත් බාල වයස්කාර සිසුවියන් ගණනාවක් සිටින බවට පරික්ෂණවලින් හෙළිවී ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් කීය. තවදුරටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය. පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ගුරුවරයා ඔක්තෝබර් මස 4 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණ. ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් කණ්ඩායම පැල්මඩුල්ල ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතුවල නිරතව සිටී.


 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )


කොළඹ බිල්ඩිම කැලේට: හස්ත කර්මාන්ත මණ්ඩලේට මසකට කෝටියක පාඩුවක්

කොළඹ වාණිජ වටිනාකමින් ඉහළ ස්ථානයක පිහිටි ගොඩනැගිල්ලක් නිසි ප්‍රයෝජනයට නොගෙන අතහැර දැමීමෙන් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය මාසිකව එකෝට් දස ලක්ෂ්‍යයක ආදායමක් අහිමිකර ගන්නා බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. මෙම ගොඩනැගිල්ල දීර්ඝ කාලයක් තිස්සේ මෙසේ අතහැර දැමීම හේතුවෙන් කෝටි ගණනාවක ආදායමක් අහිමි කරගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකින් මේ බව අනාවරණය කර තිබේ. එම වාර්තවට අනුව මෙම ගොඩනැගිල්ලේ සමස්ත භූමි පරිමාව වර්ග අඩි 44,000ක් වන අතර ලක්සල ප්‍රදර්ශනාගාරය පවත්වාගෙන යනු ලබන්නේද එහිම කොටසකය. ඒ වර්ග අඩි 1900ක කොටසකය. ඉතිරි වර්ග අඩි 42100ම කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇතැයි එම වාර්තාවේ දැක්වේ. ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක් පවත්වාගෙන යාමට වර්ග අඩියකට ගෙවන වෙළෙඳපොළ බදු කුලිය රුපියල් 263ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ අතහැර දමා ඇති කොටස බදු පදනම යටතේ වෙනත් ආයතනයකට ලබා දුන්නේ නම් මාසිකව රුපියල් 1,10,72,300ක් ඉපයිය හැකිව තිබූ බවද එසේ නොකර එම කොටස ප්‍රයෝජනයට නොගෙන තිබීමෙන් ඉපයිය හැකිව තිබූ විශාල ආදායමක් අහිමි කර ගෙන ඇති බව ද එහි සඳහන් ය.


(මුදිතා දයානන්ද)


ඇමැති පුතා ආවේ අමාත්‍යාංශ කාරෙකකින්

ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිට දී සිසුන් දෙදෙනකුට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ඇමැති පුතා පැමිණ ඇති කළු පැහැති මෝටර් රථ කර්තමාත්ත හා වාණිජ කටයුතු අමත්‍යංශය යටතේ ලියාපදිංචි කළ වාහනයක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුතාට බව ද පොලිස් ආරංචිමාර්ග පවසයි. රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඉකුත් 26 වැනිදා රාත්‍රි 2.00ට පමණ ඔහුගේ මිතුරන් සිවුදෙනකු ද සමග උපකාරක පන්තිය ඉදිරිපිටට පැමිණ එහි සිටි සිසුන් දෙදෙනකුට පහර දී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට කර තිබූ දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිද්ධියට මුල් වූ අමාත්‍යවරයාගේ පුතා ඇතුළු පස් දෙනකු මෝටර් රථය ද සමග පොලිස් බාරයට ගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන් බව ද පොලිසිය පවසයි. සිද්ධියේ තුවාලකරුවන් කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්වය බරපතළ නොවීම හේතුවෙන් සැකකාර ඇමැති පුතා ඇතුළු පස් දෙනා පොලිස් ඇප මත මුදාහැරිය බවත් එම උසස් නිලධාරියා කීය. මෙම පහර දීම සඳහා ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි පිරිසක් සහභාගි වී ඇති බවට වාර්තතා වුවද ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරික්ෂ කිරිමේ දී කිසිදු ඩිෆෙන්ඩර් රථයක් පැමිණි බවට සටහන් වී නොමැති බවත්, මෙම තරුණයන් පස්දෙනා හැර වෙන කිසිදු පිරිසක් මෙම ප්‍රහාරය සඳහා පැමිණි බවට හෙළි වී නොමැති බවත් පොලිස් ආරංචිමාර්ග කියයි. සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ වාර්තා ලැබුණු පසුව සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

(ඉන්දිකා රාමනායක)


Wednesday, September 28, 2022

නාසා අභ්‍යවකාශ යානය සාර්ථකව ග්‍රාහකය හා ගැටෙයි

 

එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයක් හා ගැටීමට සැලැස්වීමේ අත්හදා බැලීම ඊයේ දිනයේදී සාර්ථකව සිදුවුණු බව එම ආයතනය පවසයි. මෙහිදී පෘථීවියේ සිට කිලෝමීටර් මිලියන 11ක් ඇතින් පිහිටි Dimorphos නම් ග්‍රාහකයක් හා මෙම Double Asteroid Redirection Test (DART) නමින් හැදින්වූ අභ්‍යවකාශ යානාවක් ගැටීමට සැලැස්වීම සැලසුම විය. මෙම යානය පසුගිය නොවැම්බර් මාසයේදී කක්ෂගත කෙරිණි.

විශේෂයෙන්ම පෘථීවිය වෙත තර්ජනයක් වන ග්‍රාහක කැබලි පෘථිවිය හා ගැටීම වැළැක්වීමේ මූලික අත්හදා බැලීමක් ලෙස මෙය ක්‍රියාත්මක වී තිබේ.මෙම DART අභ්‍යාවකාශ යානය සාමාන්‍ය පොත් කබඩයක ප්‍රමාණය ගත්තකි. එහෙත් මෙම ග්‍රාහකය පාපන්දු පිටියක් හා සමාන බව නාසා ආයතනය පවසයි. මෙම ගැටීම සිදුවන අවස්ථාව සජීවීව විකාශය කරන්නටත් නාසා ආයතනය කටයුතු යොදා තිබුණි. 

ගැටීමත් සමගින්ම යානයෙන් පාථිවියට ලැබුණු සංඥා බිදී ගිය අතර, එය එම යානය හා ග්‍රාහකය එකිනෙක ගැටීම සනාථ කරන අවස්ථාවක් විය.මේ සමගම නාසා රූපවාහිනි තිරයේ සටහන් වූ වැකියකින්, "මෙම ගැටීම මගින් ලොව පළමු අභ්‍යාවකඟ ආරක්ෂක  අත්හදා බැලීමේ මෙහෙයුම පිළිබද කටයුතු තහවුරු කරනවා.” යනුවෙන් එම ආයතනය පවසා තිබේ."මෙය අභියෝගාත්මක අත්හදා බැලීමක්. ඒ නිසා තමයි අපි මෙවැන්නක් අවශ්‍ය වෙන්න කලින් එවැනි තාක්ෂණයක් පිළිබඳව පරික්ෂා කරන්න මේ විදියට හරී පළමු පියවර තිබේ.” යනුවෙන් මෙම DART මෙහෙයුම් සම්බන්ධීකරණ ප්‍රධානී නැන්සි වැබොට් පවසයි.


මත්ද්‍රව්‍ය තිබුණැයි බොරු නඩුවක් දැමු පොලිස් සැරටන්ට රැ.25 000 ක දඩ


හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් දෙසීයක් සන්තකයේ තිබූ බවට පනස් හතර වගන්තිය ප්‍රකාරව පල්ලෙවෙල පොලීසිය පවරා තිබූ නඩුවකින් සැකකරු නිදහස් කිරීමට පෙරේදා (26දා) පස්වරුවේ නියම කළ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය සැකකරු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ පොලිස් නිලධාරියාට සැකකරු වෙනුවෙන් රුපියල් විසිපන්දහසක වන්දි මුදලක් ගෙවීමට නියෝග කළාය.  පල්ලෙවෙල පොලීසිය විසින් ගන්කන්දන්ගේ සජිත් ප්‍රියංකර නමැත්තෙකුට එරෙහිව ගොනු කොට තිබූ බී වාර්තාවකට අනුව අධිකරණය මගින් ඔහු රිමාන්ඩ් භාරයේ රඳවා තිබිණි.

පෙර දිනයේ නඩුව නැවත කැඳවූ අවස්ථාවේ පල්ලේවෙලපොලීසිය විසින් මූලික සාක්කි වශයෙන් ලාකඩ මත සැකකරුගේ ඇගිලි සලකුණු යොදා ඇති බව කියන හෙරොයින් අඩංගු ලියුම් කවරයක් අධිකරණයට ඉදිරිපත් කළේය.  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උදය කුමාර විතානගේ මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, හෙරොයින් සමග සැකකරු අත්අඩංගුවට නොගත් බවත්, ලියුම් කවරයේ ලාකඩ මත සැකකරු ඇගිලි සලකුණු යොදා නොමැති බැවින් ලියුම් කවරයේ ඇගිලි සලකුණු සැකකරුගේ නොවන බවත්ය. මෙහිදී නීතිඥවරයාගේ කරුණු දැක්වීම සලකා බැලූ මහේල්ස්ත්‍රාත්වරිය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය හා නීතීඥ උදය කුමාර විතානගේ මහතා ඉදිරියේ සැකකරුගේ ඇගිලි සලකුණු ලබාගන්නා ලෙසට උසාවී පොලිස් සැත්වරයාට නියෝග කළාය.

එම නඩුව පෙරේදා (26දා) පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ මූලික සාක්කි වශයෙන් සැකකරුගේ ඇඟිලි සලකුණු බවට අධිකරණයට ඉදිරිපත් කොට ඇති ලාකඩ මුද්‍රාව සහිත ලියුම් කවරයේ ඇති ඇඟිලි සලකුණු සැකකරුගේ ඇගිලි සලකුණු හා සමාන නොවන බවට ඇගිලි සලකුණු පරික්ෂකවරයාගේ වාර්තාවේ සඳහන් වී තිබේ. මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරු නිදහස් කර අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ 17/01 උපවගන්තිය ප්‍රකාරව සකකරු වෙනුවෙන් රුපියල් විසි පන්දහසක වන්දි මුදලක් ගෙවන ලෙසට පැමිණිල්ලේ විමර්ශන නිලධාරියාට නියෝග කළාය.පැමිණිල්ලේ විමර්ශන නිලධාරියා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි හෙයින් වන්දි මුදල නිදහස් කරන ලද සැකකරුට ගෙවීම ඔක්තෝබර් මස 26වැනිදාට කල් තැබිණි.

ආනන්ද ඉ ජයකොඩි

ජාතික ජනබලවේගයේ හලාවත ආසන සංවිධායකට ඇප


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහ ඔහුගේ සොහොයුරාගේ නිවාසවලට ගිනි තබා විනාශ කළැයි ආරච්චිකට්ටුව පොලිසිය අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ හලාවත ආසන සංවිධායකවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට හලාවත අතිරේක මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා ඊයේ (27) නියෝග කළේය. මෙලෙස ඇප මත මුදාහැරියේ ජාතික ජන බලවේගයේ හලාවත ආසන සංවිධායකවරයා වන අජිත් ගිහාන් මහතාය.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති (වත්මන් පොදු ජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී) ජගත් සමන්ත යන මහත්වරුන්ට අයත් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි නිවාස පසුගිය මැයි 9 දින ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලිසිය අවස්ථා කිහිපයකදී කටයුතු කර තිබුණද ඒ සඳහා ඔහුගේ නීතිඥයන්ගෙන් එල්ල වූ විරෝධතා  හේතුවෙන් දුරකථන තොරතුරු ලබා ගැනීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව අධිකරණයේදී කරුණු අනාවරණය විය.

ඒ අනුව මෙම සැකකරු එම ගිනි තැබීම්වලට සම්බන්ධයක් ඇති බවට තොරතුරු සනාථ වන බවට ද හෙළි වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.මෙම නිවාසවලට ගිනි තැබීමට විශාල පිරිසක් පැමිණ ඇති බවත්, එම පිරිස හඳුනා ගැනීමක් පවා සිදුකර නොමැති බවත්, මේ වනවිට මෙම ගිනි තැබීමට 80කට ආසන්න පිරිසක් විටින් විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.  තම සේවාදායකයාගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීමක් සිදුකිරීමට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි ද නීතිඥවරු ප්‍රකාශ කළහ. සැකකරු වෙනුවෙන් නීතිඥ සවින් පෙරේරා සහ නීතිඥ රුවනි චමින්ද යන මහත්ම මහත්මීහු  අධිකරණය හමුවේ පෙනී සිටියහ.

හිරාන් ප්‍රියංකර ජයසිංහ

වැඩි ඉඩ අඩු කුලී තැනින් අඩු ඉඩ වැඩි කුලියට ගිහින්


ජාතික අධ්‍යාපන කොමිෂන් සභා කාර් යාල  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කාර් යාල කාමරයකට රැගෙන යාමෙන් වාර් ෂිකව රුපියල් ලක්ෂ හැත්තෑ දෙකකට ආසන්න මුදලක් නාස්ති කර ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. හිටපු ජනාධිපතිවරයාගේ දැක්ම අනුව රාජ්‍ය  ආයතන රජයේ ගොඩනැගිලිවල ස්ථාපිත කරන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීම පරිදි, මෙසේ කටයුතු කළ බවට කොමිසමේ නිලධාරීන් විගණනයට දැනුම් දී ඇති බව ද එම වාර්තාවේ  සඳහන් වේ. 

එම වාර්තවට අනුව මෙම කාර්යාලය පසුගිය ජුලි 1 වැනිදා දක්වා නුගේගොඩ නාවල පාරේ වර්ග අඩි 10,000කින් යුත් ගොඩනැගිල්ලක මනා ඉඩකඩක් සහිතව පවත්වාගෙන ගොස් ඇති අතර, එහි මාසික කුලිය රුපියල් 6,50,000කි.  එහෙත්, පසුව එය වර්තමාන ස්ථානය කරා රැගෙන ගොස් ඇත්තේ , මාසිකව රුපියල් 14,24,400ක කුලියක් ගෙවලිනි.  එතරම් කුලී මුදලක් මාසිකව ගෙවා ඇති නමුත්, එහි ඉඩකඩ කලින් ගොඩනැගිල්ලේ ඉඩකඩෙන් අඩකටත් වඩා අඩු බවත්, වර්තමාන කාර්යාලයේ  ප්‍රමාණය වර්ග අඩි 4,748ක් බවත් විගණන වාර්තාවේ සඳන් වේ. 

අඩු කුලියකට වැඩි ඉඩ පහසුකම් සහිතව පවත්වාගෙන යා හැකිව තිබියදී, ඉන් අඩකටත් වඩා අඩු ඉඩක් සහිත ස්ථානයකට මෙම කොමිෂන් සභා කාර්යාලය රැගෙන යාමෙන් රුපියල් 71,84,596ක අමතර වියදමක් වාර්ෂිකව වැය කරන බව ද වෙළෙඳපොළේ තරගකාරී මිල ගණන් සැලකිල්ලට ගනිමින් වඩාත්ම ඵලදායි හා වාසි සහගත ගිවිසුම්වලට එළැඹිය යුතුව තිබියදී කළමනාකාරිත්වය මෙසේ කටයුතු කිරීම සුදුසු නොවන බව ද එම වාර්තාවේ දැක්වේ.


 මුදිතා දයානන්ද



නොරෙච්චෝලේ අලුත්වැඩියාවට දින 7ක්

කාර්මික දෝෂයකට ලක් වූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ජාතික පද්ධතියට විදුලිය ලබාදීම සඳහා දින 07ක පමණ කාලයක් ගතවන බව ලංකා විදුලි බල මණ්ඩල තාක්ෂණික ඉංජීනේරු හා අධිකාරී සංගමය කළ විමසීමකදී සඳහන් කළේය බොයිලේරුවට ජලය සපයන නළයක ඇති වී තිබෙන කාර්මික දෝෂ තුනක් ඊයේ (27දා) වනවිට හඳුනාගෙන තිබෙන බවත්, වැඩිදුර පරික්ෂා කිරීම සඳහා අදාළ ප්‍රදේශ සිසිල් තත්ත්වයට පත්වනතුරු සිටිය යුතු බවද එම සංගමයේ සභාපති ඒ.පී.වී. නිශාන්ත මහතා සඳහන් කළේය. අදාළ ප්‍රදේශ සිසිල් වීම සඳහා දින දෙකක පමණ කාලයක් ගතවන බවත්, ඊයේ වනවිට අදාළ යන්ත්‍ර අක්‍රිය කර තිබෙන හෙයින් වියේ සිට සිසිල් වීම සිදුවන බවත් ඔහු පවසා සිටියේය. සිසිල් වීමෙන් පසු අදාළ දෝෂ හඳුනාගෙන යථා තත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවන බවත්, මේ නිසා මෙම යන්ත්‍රයෙන් විදුලිබල පද්ධතියට විදුලිය ලබාදීමට දින 07ක් හෝ ආසන්න කාලයක් ගතවන බවත් ඒ මහතා සඳහන් කළේය.නොරොච්චෝලේ විදුලි බලාගාරයේ යන්ත්‍ර 03න් එකක් මේ වනවිට නඩත්තු කටයුතු සඳහා නවතා දමා තිබෙන බවත්, එහි නඩත්තු කටයුතු ලබන මාසයේදී අවසන් කිරීමට හැකිවන බවත් හෙතෙම පවසා සිටියේය. මේ අනුව නොරොච්චෝලේ බලාගාරය තුළින් දැනට ජාතික පද්ධතියට එක්කරනු ලබන්නේ එක් යන්ත්‍රයකින් නිෂ්පාදනය කරන මෙගාවොට් 270ක ප්‍රමාණයක් බවත්, යන්ත්‍ර දෙකක් අක්‍රිය කර තිබෙන හෙයින් මෙගාවොට් 540ක ප්‍රමාණයක් පද්ධතියට අහිමි වී තිබෙන බවත් ඒ.පී.වී. නිශාන්ත මහතා සඳහන් කළේය.අලුතින් බලාගාර ඉදි නොකිරීම නිසා දෛනික විදුලි ඉල්ලුම් ලබාදීම සඳහා නොරොච්චෝලේ බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ නියමිත කාලවලදී නඩත්තු කටයුතු සඳහා නවතා දැමීමට නොහැකි වීම හේතුවෙන් මේ ආකාරයට මීට අදාළව මේ වනවිට එක් නැවකට මුදල් ගෙවා තිබෙන බවට රජය ප්‍රකාශ කරන බවත් ඒ මහතා සඳහන් කළේය. මීට අමතරව බලාගාරයේ පළමු යන්ත්‍රය පසුගිය අගෝස්තු 15වැනිදා කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම යන්ත්‍රයේ කටයුතු දින 14කට නවතා දැමුණු අතර, එය අලුත්වැඩියා කටයුතු කර ජාතික විදුලි පද්ධතියට විදුලිය චික්කි එම මාසයේ 29 වැනිදා සිදු විය. නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි යන්ත්‍රයක් හදිසියේම කාර්මික දෝෂයකට ලක්වීම නිසා ඊයේ (27දා දිනයේ විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ අතර, එහෙත් විදුලි ජනනයට ඉන්ධන ලැබීමට නියමිත හෙයින් අද (28දා) දිනයේ විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20ක් දක්වා අඩු වන බවද මහජන උපායෝගිතා කොමිසම සඳහන් කරයි. කාර්මික දෝෂයකට ලක් වූ යන්ත්‍රය ලබන 03වැනි සඳුදා වනවිට යථා තත්වයට පත්කර පද්ධතියට එක් කිරීමට හැකිවන බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය. මෙම කාලය තුළදී විදුලි සැපයුම් සිදු කිරීම සඳහා හදිසි මිලදී ගැනීම පවා සිදුකරන බවත්, ඊට අදාළ කටයුතුවලට අනුව දෛනික විදුලි සැපයුම් පැය 02 විනාඩි 20 ප්‍රමාණයක රඳවාගැනීමට හැකිවන බවද හෙතෙම පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)


දකුණු ආසියාවේ වේගයෙන්ම වියපත් වන ජනතාවක් ඉන්නේ ශ්‍රි ලංකාවේ

ඔක්තෝබර් පළමුවෙනිදට ලෝක වැඩිහිටි දිනය යෙදී තිබේ. මෙරට වඩිහිටියන්ගේ සෞඛයය පිළිබද රටිපවතින වාතාවරණය හමුවී වෙනදාට වඩා අවධානය යොමු කිරීම වටී. මේ ඒ පිළිබදව සොබා අමාතශයේ තරුණ වැඩිහිටි හා ආබාධිතවූවන් පිළිබද අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ ගලවද දීපා සරජීව මහත්මිය දැක්වූ අදහස්ය. "එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර වැඩිහිටි දින තේමාව ලෙස වෙනස් වන ලෝකය සමග වැඩිහිටියන්ට ඇති ඔරොත්තු දීමේ හැකියාව යන්නයි. අපේ රට ගැන බැලුවාම අපේ වැඩිහිටියන්ට ඉතා හොඳ ඔරොත්තු දීම් හැකියාවක් තිබෙනවා. භාතිකව මානසිකව හෝ මොනතරම් ප්‍රශ්නවලට මුහුණ දුන්නත්, ඔවුන්ට හොද ඔරොත්තු දීමේ හැකියාවක් හා අභියෝගවලට මුහුණ දීමේ හැකියාවක් නිතැතින්ම හිමිව තිබෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේත්, පසුගිය කාලයේ මුහුදුන් කෝඩි වසංගතය හමුවේත්, නිතර මුහුණ දෙන ආපදා තත්ත්ව වලදීත් වැඩිහිටියන් ම් තත්වවලට හොදට අනුවර්තනය වීම තුළින් අපිට ඒ බව මැනවින් දැකගත හැකියි. ලංකාවේ ජනගහනයෙන් 12.4%ක් ඉන් වැඩිහිටියන්. අපි වැඩිහිටියන් ලෙස සලකත් අවුරුදු 60ට වැඩි ජනතාව. ඒ අනුව මෙරට 60ට වැඩි ජනතාවගෙන් 8ක් පමණි බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නවා. එහෙම වුණත් ඔවුන්ට හොද ඔරොත්තු දීමේ හැකියාවක් පවතිනවා, ඔවුන්ගෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන බොහෝමයි. නමුත් අවාසනාවකට අනක් රවුල්වල සේවා ලබා ගැනීමේ කාලය අවුරුදු 72ක් ලෙස දක්වා තිබියදී. අපේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවී අවුරුදු (60න් විශ්‍රාම යාමට වඩිහිටියන්ට සිදුවී තිබෙනවා. මේ වයස් සීමාව ඉහළ දැමුවේ නම් අපිට ඔවුගන් ගත්ත පුවත් ප්‍රයෝජන වැඩියි, වගේම ඔවුත් සොඛ්‍ය තත්වය මනාව පවත්වාගන්න ඉන් හැකියාවක් ලැබෙනවා. කෙසේ නමුත් NEL Cutou අපි මේ ප්‍රජාවගෙන් ගත හැකි ප්‍රයෝජන වෙනුවෙන් භෞතික හා සාමාජීය පරිසරය සකස් කරගත යුතු වෙනවා. කෙටියෙන් පැවසුවොත්, අපේ රටේ වැඩිහිටියන් සදහා තිබෙන අවස්ථාවන් හා සලකන ප්‍රමාණය ඉතාම අඩුයි. පසුගිය කාලයේ අපි පෝලිම් යුගයක් පසු කලා. මේ අවස්ථාවේදිවත් අපේ රටේ වැඩිහිටියන්ට නිසි සැලකීම ලබු නැහැ දවස් ගණන් පෝලිම්වල අපේ වැඩිහිටියන්ට ඉන්න සිදුවුණා. එයත් එක් ආකාරයකට අභියෝග ජය ගැනීමක්. නමුත් අපිට යුතුකමක් තිබෙනවා ඔවුන් රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විදිහට සලකීමට. වෙනත් රටවල වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය හිමිවෙනවා. අපේ රටෙත් මේ තත්ත්වය ඇති කළ යුතුයි. මේ වෛදී විදේශගත වන දරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යන නිසා බොහෝ වැඩිහිටියන් තනිව නිවෙස්වල කාලය ගත කරනවා. ඒ සමගම වැඩිහිටි නිවාස වෙත යම් ප්‍රමාණයක් යොමු වෙනවා, නමුත් අපේ වැඩිහිටි නිවාසවල තත්වය එතරම් සතුටුදායක නැහැ. ඒ නිසා තත්වය කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න අපි අමාත්‍යශය ලෙස කටයුතු කරමින් සිටිනවා. තාක්ෂණය සමග මුසුවත අපේමඩිහිටියන්ට අපි ලබාදී තිබෙන අවස්ථාව ඉතා සීමිතයි. ඒ නිසා වෙන රටවල වගේ "day activity centers' ඇතිකරත්න අවශ්‍යයි. ඒ වගේ පහසුකම් ලබාදිලා වඩිහිටි පරම්පරාව සොඛ්‍යමත්ව පවත්වා ගැනීම තුළින් අපේ තරුණ පරම්පරාවට ඔවුන්ගේ හැකියාවන් දියුණු කර ගනිමින් ඉදිරියට ගමන් කරන්නට පහසුවක් ලැබේවී. දකුණු ආසියාවේ වේගයෙන්ම වියපත් වන ජනතාවක් ඉන් ශ්‍රී ලංකාවේ. ඒ අනුව බලන විට අපේ රටේ වයස අවුරුදු 80ට වැඩි ජනගහනය වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා ජනතාවට කාර්යක්ෂමව ජීවත්විම් පරිසරයක් සකස් කිරීම ඉතා වැදගත්."



(නදීශානී පතිරණ)

කොරියානු හා ජපාන රැකියා දෙන බව පවසා මුදල් රැස්කල දෙදෙනෙකුට ඇප

දකුණු කොරියාවේ හා ජපානය රැකියා ලබාදෙන බව පවසා මුදල් රැදිකරන පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැර තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධීව තරුණ තරුණියන් රැකියා සදහා බදවාගැනීමට උත්සාහ කිරීමේ වරදට අදාළ පුද්ගලයන් දෙදෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන කුරුණගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. නඩුව යළි ඔක්තෝබර් 28වැනිදා කැදවන ලෙසද මන්දෝත්‍රාත්වරයා නියෝග කර ඇත. කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස් කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අය කරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි මෙම විමර්ශනය මෙහෙයවා ඇත. ඒ අනුව, විමර්ෂන නිලධාරින් අදාළ ස්ථානය වැටලීම් කළ අතර, එහිදී පුද්ගලයන් දෙදෙනකු කුරුණෑගල ප්‍රදේශයේ තරුණ තරුණියන් රැකර ජපානය්හා දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳභා ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් 1500.00 බැගින් මුදල් අයකර ඇති බව හෙළි වී තිබේ. එම ස්ථානයේ තිබී රුපියල් 77,000ක මුදලක්, බර කිරන තරාදියක්, ඇස් පෙනීම පරීක්ෂා කරන අර හා ඉලක්කම් පුවරු දෙකක් සහ කොරියාවේ ජපානයේ නොමිලේ රැකියා ලබාදෙන බව පවසා ප්‍රදර්ශනය කළ බැනරයක් නඩු භාණඩ වශයෙන් විමරේත නිලධාරින් භාරයට ගෙන ඇත. 


(නවෝද්‍යා පවනි )


කොළඹ අධිආරක්ෂක ගැසට්ටුව රිවස්වන ලකුණු

කොළඹ නගරයේ විශේෂ ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස්දී ඇති බව වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් පසුගියදා මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය .මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බව වාර්තා විය. නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුළ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල විය හැකි යැයි ආර්ථික විශේෂඥයන් කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ. කොළඹ නගරය තුළ වරින් වර ඇති වන උද්ඝෝෂණ හේතුවෙන් ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධිආරක්ෂිත කලාප නම් කිර්ම හරහා වෙනත් ගැටලු ඇති විය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වාදී තිබේ. ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධ කර ගනිමින් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්‍ෂක අමාතයංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය. අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සනම යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි.

(නවෝද්‍යා පවනි)


නාගරික සංවර්ධන අධිකාරිය ඩොලර්වලට නිවසක් අලෙවි කරයි

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටත්තේ පළමු නිවස අලෙව් වී තිබේ. ඒ අනුව ඩුබායිහි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (27)දා උදෑසන නාගරික සංවර්ධන අධිකාරියේවියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙම නිවස මිල දී ගෙන තිබේ. ඒ සඳහා ඔහු ඩොලර් 40,000ක මුදලක් එවූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාතයංශය කියයි. විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ඩොලර් මගින් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතා පසුගියදා පියවර ගත්තේය. ඩොලර් මගින් මෙම නිවාස මිලදී ගන්නා අයට 10%ක වට්ටමක් ලබාදීමටද තීරණය කෙරුණි. ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු විසින් ඊයේ මිලදී ගන්නා ලද වියත්පුර නිවාස සංකීර්ණයේ නිදන කාමර 02කින් යුතු නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 158කි. ඩොලර් මගින් මිලදී ගන්නා විට 10%ක වට්ටමක් ලබාදීමේ පදනම යටතේ ඔහු විසින් අදාළ නිවස මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 142කටය. මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන් රැසක් මෙම නිවාස මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ. මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට ඩොලර්275,000ක ඉලක්කයක් සපුරාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාතරංශය අපේක්ෂා කරයි.

(නවෝද්‍යා පවනි )


Tuesday, September 27, 2022

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පොදු විපක්ෂයට තවත් ඕනෑ මන්ත්‍රිවරු 10යි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. මෙලෙස 113ක බහුතරය ලබා ගනුයේ, ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, එම බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර නව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් කැස්බෑව සමගි ජන බලවේග ආසන බල මණ්ඩලය අමතමින් හෙතෙම සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා,

"අද පොදු විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 103ක් තිබෙනවා. සමගි ජන බලවේගය, ඩලස්ලාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා එකේ ඉතිරී වුණු කලි ටික, ටී.එන්.ඒ. එක මුළුමනින්ම, පොහොට්ටුවෙන් හැලිලා ආපු කෑලි සියල්ලම එකතු වුණාම 103ක් ඉන්නවා. අපට තව 10යි ඕන අත්සන් කරන්න. 113ක් අත්සන් කළාම පාර්ලිමේන්තුව ඉබේටම විසුරුවා හැරෙනවා. රනිල්ට කරන්න දෙයක් නෑ. ඒක අපි කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත්, වෙන කොහේ ගියත්, අද අපි මේ වැටිලා ඉන්න ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න, ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් කියනවා ජනතා මතය තියෙන ආණ්ඩුවක් දෙන්න කියලා. අද මේ රටේ ඉන්න ජනාධිපතිට ජන මතයක් නෑ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවාගෙන ඉන්න අයට ජනමතයක් නෑ. කොටින්ම කිව්වොත් ගමේ ප්‍රාදේශීය සභාවටවත්, නගර සභාවටවත් ජනමතයක් නෑ. ඔය කියන වැඩ බැසිල් පැන්නා ඇමෙරිකාවට. අපි කියනවා පුළුවන් නම් දැන් ජන්දය තියන්න. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා නම් 2024 වෙනකන් ඡන්ද තියන්නේ නෑ කියලා. එයාගේ කෙරුම් අපිත් දන්නවා, අපේ කෙරුම් එයත් දන්නවා. ඒ නිසා අපි එයාට කරලා පෙන්නනවා. 113 අරගෙන අපි බලය ගන්නේ නෑ. මේක විසුරවලා, ඡන්දයක් තියලා, 1977 වගේ තමයි මෙදාපාර සමගි ජන බලවේගය එන්නේ කියලා අපී තමුන්නාන්සෙලාට කියන්න කැමතියි” යනුවෙන් පවසා සිටියේ.


(දිනේෂ් සමරකෝන්)


දවස් හතේ බිළිඳ පනස්දාහකට විකුණලා

දින හතක් වයසැති බිලිඳක රුපියල් 50,000 කට ගත් බව කියන කාන්තාවක සහ අතරමැදියා ලෙස කටයුතු කළ ත්‍රිරෝද රථ රියැදුරකු පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසයි.   කැබිතිගොල්ලෑව වාහල්කඩ පදිංචි කාන්තාවක සහ මෙම ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කළ අනුරාධපුර ත්‍රිරෝද රථ රියදුරකු මෙසේ අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි. දරුවාගේ පියා මෙම දරුවා විකුණා ඇති  බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් ඔහු මේ වනවිට ප්‍රදේශයෙන්  අතුරුදන්ව ඇති බවත් පොලිසිය සඳහන් කරයි. අනුරාධපුර, මල්වතු පටුමග පදිංචි බිලිඳාගේ මව වන අවුරුදු 21 ක් වයසැති කාන්තාවක කළ පැමිණිල්ලකට අනුව  සිදුකළ විමර්ශනයකින් පසු බිලිඳු සමග සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නීත්‍යනුකූල නොවන සම්බන්ධයකින් උපන්නේ යැයි කියන එම දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ප්‍රසූත කර ඇත.  ඉන් පසු එම බිලිදා ඇය පදිංචි නිවෙසට  රැගෙන විත් ඇති අතර, එම බිලිදාගේ පියා හා මව අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. බිලිඳාගේ මව ඇගේ බිලිඳා කිසියම්  කෙනකු රැගෙන යන්නට ඇතැයි සිතා ඇය අනුරාධපුර පොලිසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ලේ සඳහන් සාක්ෂි හා දුරකථන අංක ඔස්සේ සිදුකළ විමර්ශනයේදී දින හතක් පමණ වයසැති එම බිලිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් ආසන්නයේ පිහිටි කාමරයක සිටියදී සොයාගෙන ඇත. එම දරුවා බාරගන්නා අවස්ථාවේදී  හෙදියකගේ සහ උපස්ථායකවරියකගේ ආධාර අනුබල ලැබී ඇති බවට පොලිසිය සැක කරයි.  අත්අඩංගුවට ගත් කාන්තාව සහ ත්‍රිරෝද රථ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බිලිඳා පරිවාස බාරයට යොමු කරවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි. දරුවා සහ ඇගේ මව පොලිසිය බාරයේ සිටින බවද පොලිසිය පවසයි.


උපුල් හේරත්

දීප්ති ෂර්මාගේ මන්කාඩ් දවාගැනීම මාර්ලිබෝන් සාධාරණීය කරයි

ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යවන්නෙකුට සිය පන්දුව යැවීමට පෙර පිතිකරුවෙකු දවා ගැනීමට ලැබෙන අවස්ථාව හෙවත් 'මන්කාඩ්’ අවස්ථාව ක්‍රිකට් නීතිරීතිවලට අනුකූල වන බව ක්‍රිකට් නීති සකස් කරන මාලිබෝන් ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. ඔවුන් සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, පන්දු යවන්නෙකු සිය අතින් පන්දුව මුදාහරින තෙක් අනෙක් අන්තයේ පිතිකරුවා සිය සීමාවේ රැඳී සිටීමට මෙම නීතිය වැදගත් වන බවයි. පන්දු යවන්නෙකු පන්දු යැවීමට පෙර තමා පන්දු යවන පිතිකරුට අනෙක් අන්තයේ සිටින පිතිකරු යම් හෙයකින් සීමාව ඉක්මවා තිබුණහොත් කඩුල්ල බිඳදමා දැවී යාමක් ඉල්ලා සිටීම මත්කාඩ් දවා ගැනීමක් නම් වේ. කලින් කලට ක්‍රිකට් පිටියේ එන මෙම දවා. ගැනීම මෙවර කරළියට පැමිණියේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පසුගියදා නිමා වූ එංගල තරග සංචාරයේදීය. එහිදී එංගලන්ත පිතිකාරීණිය වූ චාලට් ඩීන් දවාගැනීම සඳහා ඉන්දීය පන්දුයවන්නිය වූ දීප්ති ෂර්මා විසින් මත්කාඩි දවාගැනීමක් සිදු කරනු ලැබුවාය. පසුව විනිසුරුවන් විසින් අදාළදවාගැනීම නීත්‍යානුකූල දවාගැනීමක් ලෙසින් සනිටුහන් කළත්, මෙම සිදුවීම එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හා විස්තර විචාරකයන් අතර දැඩි විවේචනයට බඳුන්විය.  එංගලත්ත හිටපු ක්‍රිකට් නායකයෙකු වූ මයිකල් වෝන් මෙම සිදුවීම පිළිබඳ සියවිටර් ගිණුමේ දක්වා තිබුණේ, එය නීතනනුකූල ලෙසින් ක්‍රිකට් නීතිවල දක්වා තිබුණත්ත්වය ක්‍රිකට් ක්‍රීඩාවට නුසුදුසු දුඟඳ හමන අවස්ථාවක් බවයි.1947 වර්ෂයේදී ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක විනෝද් මන්කාඩ් විසින් මෙම දවා ගැනීම මුලින්ම අත්තර්ජාතික තරගයකදී සිදුකළ බැවින් මෙම දවාගැනීමට 'මන්කාඩ්' දවාගැනීම ලෙසින් නම් කර ඇත. කෙසේ වෙතත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට   හානිකරන සිදුවීමක් ලෙසින් බොහෝ විචාරකයන් හඳුන්වා දෙනු ලැබිණි. ඇතැම් පන්දු යවන්නන් මන්කාඩ් දවාගැනීමට තිබූ අවස්ථා සිතාමතාම මඟහැරීමද ඉතිහාසයේ දක්නට ලැබිණි. ඊට එක් හොඳම උදාහරණයක් වන්නේ 1987 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ බ.ඉ. කොදෙව් හා පාකිස්තානය අතර පැවති තරගයයි. එම තරගයේදී පාකිස්තාන අවසන් පිතිකරු සලීම් ෆාර් මකාඩ් ක්‍රමයට දවාගැනීමට තිබූ අවස්ථාවක්, කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක කර්ට්නි වොල්ෂ් විසින් ප්‍රතික්ෂේප කිරීම  කැපී පෙණුන කාරණයක් විය. මේ හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරගය එක් කඩුල්ලකින් පරාජය වී අවසන් පූර්ව වටයට යාමට තිබූ අවස්ථාවද ගිලිහී ගියේය. වරක් ඔහු එම සිදුවීම සම්බන්ධයෙන් පවසා සිටියේ, අවවාදයක් නොදී ඔහුව දවාගැනීමට තමන්ට හිත නොදුන් බවයි. "ඒක ප්‍රේක්‍ෂකයන්ට හොඳ මතකයක් වුණා. මිනිසුන් තවමත් ඒක අගය කරනවා. ඔහුට අවවාදයක් දෙන්නේ නැතුව මට ඒක කරන්න හිතුණේ නැහැ. ඒක මට කරන්න බැරි දෙයක් වුණා. තරුණයෙකු ලෙස ඒක ක්‍රීඩාවට හොඳ දෙයක් නෙමෙයි කියලා මට හිතුණා. මතකයන් හැමදාමත් මාත් එක්කම පවතියි. මිනිස්සු තාමත් ඒ ක්‍රියාව අගය කරනවා. ඒ ගැන ඇත්තටම මට සතුටුයි" යනුවෙන් ඔහු පැවසීය. ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිර්ති හා ආචාර ධර්ම පද්ධති සකස් කිරීමේ මහගෙදර ලෙසින් හැඳින්වෙන මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය අදාළ සිදුවීමේ කිසිදු වැරැද්දක් නොමැති බව මෙහිදී පෙන්වා දී ඇත. ඔවුන් මීට පෙරද සිය ක්‍රිකට් නීතිර්ති අතරට මෙම දවාගැනීම ඇතුළත් කර තිබූ අතර, එය එළඹෙන ඔක්තෝබර් පළමු වැනිදා සිට"දුවද්දී දවාගැනීමේ” අවස්ථාවක් ලෙසින්ද නීතිගත කර ඇත.


(ඕෂිත වරකපිටිය)


ලොතරැයි කර්මාන්තයත් නුදුරේදීම ඩිජිටල්කරණයට

ඩිජිටල් තාක්ෂණය ලෝකයට නුහුරු නුපුරුදු නොවේ. මේ වන විට මෙරට ජනතාවගෙන් සැලකිය යුතු බහුතරයක් ඩිජිටල් තාක්ෂණයත් සමග අත්වැල් බැඳගෙන සිටී. පසුගිය කෝවිඩ් වසංගත සමයේ මුද්‍රිත මාධ්‍යයන්ගෙන් ඩිජිටල් මාධ්‍යයන් කරා ගමන් කිරීමට ඇතැම් ක්ෂේත්‍රවලට සිදුවිය. මෙය රටේ වත්මන් ආර්ථික අර්බුදයත් සමග තවදුරටත් ඉදිරියට රැගෙන යැම සිදුකළ හැකිය. එලෙස නවීණ තාක්ෂණය කරා ගමන් කිරීමට අපේක්ෂා කරන ක්ෂේත්‍රයක් ලෙස.ලොතරැයි ක්ෂේත්‍රය හඳුන්වා දිය හැකිය. වෙනත් රටවල ඩිජිටල් තාක්ෂණයෙන් යුත් ලොතරැයි ජනප්‍රිය යුගයක, මෙරටට හුරුපුරුදු මුද්‍රිත ලොතරැයියන් ඩිජිටල් ලොතරැයියක් කරා ගමන් කිරීමේ හැකියාව පිළිබඳ මෙලෙස අදහස් විමසනු ලැබුවේ මෙරට වෙළෙඳ පොළට ලොතරැයි නිකුත් කිරීමේ බලය හිමි ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙනි. මෙහිදී ඩිජිටල් ලොතරැයිපත් හදුන්වාදීම සදහා මූලික වටයේසාකච්ඡා පවත්වා අවසන් බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමානධිකාරි හෂිනි ජයසේකර මහත්මිය අප සිදුකළ විමසීමේදී පවසා සිටියාය. ඒ අනුව ඔවුන් ඉතාම නුදුරේදී මෙම කටයුතු සිදුකිරීමට අපේක්ෂාවෙන් පසුවෙයි. ඒ සම්බන්ධයෙන් ඇය තවදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"ලොතරැයි ක්ෂේත්‍රයත් කඩදාසි හිගයේ බලපෑමට නතු වුණා. මේ නිසා පසුගිය කාලයේ ලොතරැයිපත් කිහිපයක් තාවකාලිකව මාසයක පමණ කාලයක් මුද්‍රණය නතර කරන්නත් සිදුවුනා, මේ වෙද්දි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වාලවිචීනයේ කඩදාසි සමාගමත් සමග එකතුවෙලා දේශීය කඩදාසි භාවිත කර ලොතරැයිපත් දෙකක මුද්‍රණ කටයුතු සිදුකර දෙනවා. කඩදාසි විදේශයන්ගෙන් ආනයනය නොකර, ලංකාවේ නිෂ්පාදිත කඩදාසිවලින් දැනට අපි ලොතරැයි මුද්‍රණ කටයුතු සිදුකරගෙන යනවා. නමුත් කියන්න ඕන මුද්‍රිත ටිකට්පත් වල මුද්‍රණ තත්වය (Quality) සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. රටේ පවතින   තත්වයනුත් සැලකිල්ලට අරගෙන අපි මේ වෙද්දී ලොතරැයි ක්ෂේත්‍රයත්ඩිජිටල්කරණය කරත්නට අවශ්‍ය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබෙනවා. ඒ අනුව අපි මේ කර්මාන්තය ඩිජිටල්කරණය කරන්නට මූලික වටයේ සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව Web platform එකක් හරහා App එකක් හදුන්වාදීම කෙරෙහි සාකච්ඡා පවත්වමින් තිබෙනවා. දැනට අපි මූලික වශයෙන් සාකච්ඡා පමණයි පවත්වා තිබෙන්නේ. අනිවාර්යයෙන් මෙය රටට හඳුන්වා දීමට පෙර මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම සිදුකරනු ලබනවා. අපේ ලොතරැයි කර්මාත්තයේ ජාලය ගත බැලුවාම 18,000ක් පමසම්බන්ධ වී තිබෙනවා. මේ ජාලයම ඩිජිටල්කරණය වෙත රැගෙන යන වැඩපිළිවෙළක් තමයි අපි හැදුවා දත්ත තීරණය කර තිබෙන්නේ. ඒ අනුව අපේ සමස්ත ජාලයටම කිසිදු බලපෑමක් ඇති නොවන ආකාරයට එනම් පෙට්‍රල්. ඩීසල් සැපයුම අඩු වෛදී ජනතාව QR Code එකට යොමු කළාවගේ අපේ බිම් මට්ටමේ සිටින අලෙවිකරුවන්ට පවා තාක්ෂණික අවබෝධය ලබා දීලා ඔවුන්වත් නව ක‍්‍රමයට එකතු කරගත්ත වැඩපිළිවෙළක් තමයි සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව යම් ආබාධයක් සහිත පුද්ගලයෙක් අපේ ලොතරැයි අලෙවියේ නිරත වෙනවා නම් ඔවුන්ට පවා මේ නව තාක්ෂණික ක්‍රමවේදයට අදාළ දැනුම ලබා දීලා, ඔවුන්ගේ රැකියාවත් සුරක්ෂිත වන ගමනකයි අපියක්නට බලාපොරොත්තු වී සිටින්නේ. මූලික සාකචිඡා දැනට සිදුකර අවසන්. මේ කටයුත්ත අපි හැකි ඉක්මනින් හදුක්වා දත්තයි බලාපොරොත්තු වී සිටින්නේ. මෙරට ලොතරැයි ක්ෂේත්‍රයට ඩිජිටල් තාක්ෂණය මුසු කරන්නට පළමු අඩිතාලම දැමුවේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි. ඒ 2020 වර්ෂයේ දකුණු  ආසියාවේ පළමු ඩිජිටල් ලොතරැයිය ලෙස 'සැසිරි' හදුන්වා දෙමිනි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ DLB Sweep App හරහා මිලදි ගැනීමට හැකි වන ලෙස මෙම ඩිජිටල් ලොතරැයිය හඳුන්වා දෙනු | ලැබුවේ එවක මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව සැසිරී ලොතරැයියට අමතරව ලත වාසනා, 'සුපර් බෝල්” සහ 'ශනිදා' යන ලොතරැයිපත් මෙකී App එක හරහා online ක්‍රමයට මිලදී ගැනීමේ හැකියාව උදාකර දෙනු ලැබීය. දකුණු ආසියාවේ පළමු ඩිජිටල් ලොතරැයිය ලෙස හඳුන්වා දුන් සැසිරී ලොතරැයිය ඔන්ලයින් මාධ්‍යයෙන්ම පමණක් නොව මුද්‍රිත ලෙසද දෙමුහුන් ලොතරැයිපතක් වශයෙන් වෙළඳපොළට නිකුත් කෙරිණ. එසේම මෙම ලොතරැයියේ තවත් විශේෂත්වයක් වී තිබුණේ ත්‍යාග මුදල් සෘජුව ජයග්‍රාහකයාගේ බැංකු ගිණුමට බැර වන ලෙස පරිගණක තාක්ෂණයෙන් සකස් කර තිබීමය. සාම්ප්‍රදායික ලොතරැයි ක්ෂේත්‍රයට නව තාක්ෂණය මුසු කරන්නට පෙර මග ගත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය, තවදුරටත් තම පාරිභෝගිකයන්ට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දෙන්නට ඇති සූදානම පිළිබදව අප විමසනු ලැබූ අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා එයට පිළිතුරු දෙමින් පවසා සිටියේ, මුද්‍රණයන් සදහා වැයවන පිරිවැය සබ්බධයත් සලකා බැලීමේදී ලොතරැයි ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම හොඳම පිළියම වන බවය. ඒ පිළිබදවදුරටත් ඔහු මෙලෙස අදහස් දැක්වීය

"මෙරට ප්‍රථම ඔන්ලයින් ලොතරැයිය වන "සසිරි" තවමත් සතියට දෙවරක් දිනුම් අදිනවා. මෙම ලොතරැයිය හදුන්වා දුන් කාලයට වඩා මේ වන විට එයට ඇති ඉල්ලුම ක්‍රමයෙන් වැඩි වී තිබෙනවා, සසිරී ලොතරැයිය ගැන කතා කළාම මේ ලොතරැයිය ඔන්ලයින් හා මුද්‍රිත කියන මාධ්‍ය පදම එකතුවක් විදිහටයි හදුක්වා දී තිබෙන්. අපේ ලොතරැයි app එකක් තිබෙන නිසා ඩිජිටල් හා මුදිත කියන මාධ්‍ය දෙකම යොදාගෙනයි තිබෙන්, සැසිරී ලොතරැයියේ විශේෂත්වය තමයි එහි දිනුම් ඇදීම් සිදුකරන්නේ ඩිජිටල් මාධ්‍යයෙන් වීම. ඒ හැර මෙම ලොතරැයියේ විශේෂත්වයක් නැහැ. වර්තමානයේ පවතින ආර්ථික තත්වයත් සමග කඩදාසි හිගයක්ද ඇතිවී තිබෙනවා. අනෙකුත් මුද්‍රිත මාධ්‍යයට වගේම අනාගතයේ ලොතරැයි මුද්‍රණයට යම් බලපෑමක් ඇති වී තිබෙනවා. නමුත් අපිට එය කළමනාකරණය කරගෙන කටයුතු කරගෙන යන්න හැකියාවක් තිබෙනවා. අපිට තවම නම් විශාල බලපෑමක් ඇති වී නැහැ. එහෙම බැලුවාම ලෝකයේ අනෙක් රටවල්වල භාවිත වන ඩිජිටල් මාධ්‍යයේ ලොතරැයි අපේ රටට හඳුන්වා දෙන්න හැකියාවක් තිබෙනවා නම් හොඳයි. නමුත් අපිට තිබෙන ප්‍රශ්නය තමයි අපේ ලොතරැයි ක්ෂේත්‍රය වටා ජාලයක් නැත්තම් network එකක් නිර්මාණය වෙලා තිබීම. ඒ නිසා අපිට නව තාක්ෂණය යොදා ගනිද්දී දෙපැත්ත ගැනම සොයා බලන්න සිදුවෙනවා. මේ වෙලාවේ මුද්‍රමාණයන් සදහා වය වන පිරිවැය ගැන බැලුවාම ඩිජිටල් ක්‍රමයට යන එක තමයි හොඳම පිළියම. නමුත් අපිට ඩිජිටල් පලාතරැයිපත් සඳහා වෙළද පොදක් සොයා ගැනීම පිළිබද යම් අවිනිශ්චිතතාවයක් තිබෙනවා. මොකද අපේ රටේ පාරිභෝගිකයන් හුරුවෙලා තිබෙන්නේ මුද්‍රිත ලොතරැයිපත්වලට වීම. රාජ්‍ය ආයතනයක් විදිහට මුදල් අමාත්‍යාංශයේ අනුමැති හා ඔවුන්ගේ යෝජනා ලෙස නව ප්‍රවණාතා හදුන්වා දක්නට අවස්ථාව ලැබෙන්නේ කවදාද, එදින සිට අපි නව තාක්ෂණය අනුව ලොතරැයිපත් ලකාවට හඳුන්වා දෙන්න අවශ්‍ය සියලුම කටයුතු යොදන්න සූදානම්. අපිට මේ දේවල් එකවරම සිදුකර බැරිවේවි. නමුත් ඩිජිටල් ලොතරැයි කරා යන්න අදහසක් අපිට තිබෙනවා.” 


 (නදිශානි පතිරණ) 



පානදුර සලිදුගේ ගෝල ගලහා කුමාර කුඩු සල්ලි වලින් තැනු දෙමහල් නිවසට උසාවි තහනමක්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුර සලිඳු නමැත්තාගේ ප‍්‍රධාන ගෝලයකු වන මහින්ද කුමාර නොහොත් ගලහා කුමාර නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් පොල්ගස්ඕවිට හල්පිට ඉදිකර තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් ඊයේ (29) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දින 7කට තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණය යටතේ මෙම නිවස සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මුදල් විශුද්ධිකරණ පනතේ ප්‍රතිපාදන අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල් මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නිවස දින 7 කට තහනම් කර තිබේ. 

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මෙම නිවස ඉදිකර ඇති අතර මුදල් විශුද්ධිකරණයට ප්‍රකාරව ගලහා කුමාර නමැත්තාගේ බිරිඳ ද ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 2022 ජනවාරි මස දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කැස්බෑව ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 22 ක් සමග මුතුනායක ගෙදර මහින්ද කුමාර නොහොත් ගලහා කුමාර නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තවමත් එම නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය කියයි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී  සිටින පානදුර සලිඳු නමැත්තාගේ මත්කුඩු ජාවාරම් කරන බවත්, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් මත්කුඩු ජාවාරම් කරන බවටත් තොරතුරු හෙළි වූ බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සැකකරු සම්බන්ධයෙන් කළ දී විමර්ශනයේ දී සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ පිහිටි එකී නිවස පිහිටි ඉඩම අත්අඩංගුවට ගත් සැකකාරියගේ මවගේ නමින් මිලදී ගෙන තිබූ බවට අනාවරණය වීමෙන් අනතුරුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම තහනම් නියෝග ලබාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් වලින් මිලදී ගත් තවත් ඉඩම් දෙකක් සහ ඉදිකෙරෙමින් පවතින නිවාස දෙකක් හල්පිට දූව ප්‍රදේශයේ තිබෙන බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය කියයි.

ඉන්දිකා රාමනායක

මව පිටරට -දරුවන් බලාගන්න දුන් ඥාති කත දුව ගණිකාවක් කරලා



බාලවයස්කාර ගැහැනු ළමයකු ගණිකා වෘත්තියේ යොදවා මුදල් ලබා ගැනීම සදහා ව්‍යාපාරිකයකු වෙතට ගෙන ගිය බව කියන කාන්තාවන් දෙදෙනකු සමිත්පුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි. නිර්නාමිකව ලැබුණු තොරතුරක් මත ඒ ඔස්සේ ගිය පොලිසියට මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. පාසල් යන වියේ පසුවන අවුරුදු 14ක් වූ මෙම ගැහැනු ළමයා රවටා රුපියල් 35 000 ක මුදලක් දෙන බවට පොරොන්දුවී ගෙනගිය කාන්තාවන් දෙදෙනා වයසින් අවුරුදු 16ක් සහ 20ක් වූ බව පොලිසිය කියයි. 

විකිණීම සඳහා ගෙන ගිය ගැහැනු ළමයාගේ  පියා මියගොස් ඇති අතර මව පිටරට රැකියාවක් සදහා ගොස් ඇත්තේ එම දැරිය සහ අනිකුත් දරුවන් රැකබලා ගැනීම සඳහා තමන්ගේ ඥාති කාන්තාවකට බාරදීමෙන් අනතුරුව බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත. නීතියෙන් විවාහක නොවූ සහ ස්ථිර වශයෙන් පුරුෂයකු නොමැති 16 වැනි වියේ පසුවන කාන්තාවකට මාස හතරක පමණ දරුවකු සිටින අතර දරුවා ජීවත් කරවීම සදහා කිසිදු ආදායම් මාර්ගයක් නොමැති හෙයින් දරුවා හදාවඩා ගැනීම පිණිස ඥාතිවරයකුට බාර දී ඇති බව පොලිසිය කියයි. 

මෙම සිද්ධියට සම්බන්ධවූ 20 වැනි වියේ පසුවන අනෙක් කාන්තාව සැමියාගෙන් වෙන්වී සිටින තිදරු මවක බවත් ඇය මත්ද්‍රව්‍ය විකිණීමේ නිරත වී සිටින බවත් පොලිසිය කියයි.  සැකකාර කාන්තාවන් දෙදෙනා අධිකරණය වෙත යොමුකර ඇති අතර මෙම සිද්ධියට ලක්වූ ගැහැනු ළමයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වෛද්‍යවරයකු වෙත යොමුකර තිබේ. මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේකද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති නිරෝෂන් මහතා ඇතුළු නිලධාරිහු මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරති.


ඉග්නේෂස් ඇන්තනි


ඇඟලුම් සේවිකා බස්රිය පාසල් බස්රියේ ගැටී 26කට තුවාලයි

 


ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ පාසල් බස් රථයක් හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී ඊයේ 26 දහවල් එකිනෙක ගැටීමෙන් 25 ක් පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හොරණ මූලස්ථාන  පොලිසිය කියයි. ඉළිඹ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුන් ගැනීම සදහා පැමිණ පාසල අසන්නයේ බස් රථය නවතා තිබියදී පානදුර සිට හොරණ  ගුරුගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වෙත දහවල් වැඩ මුරය සඳහා සේවක සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි  පොලිසිය සඳහන් කරයි. 

ඇඟලුම් සේවක බස් රථය නවතා තිබූ පාසල් බස් රථයේ පිටුපස ගැටීමත් සමගම පාසල් බස්  රථය මීටර් සීයක් පමණ ඉදිරියට ඇදී ගොස් විදුලි කණුවක සහ දුරකතන කණුවක ගැටී අනතුරුව ගරාජයක් තුළට කඩා වැදී නැවතී ඇතැයි පොලිසිය කියයි. තුවාල ලද ඇගලුම් සේවක සේවිකාවන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් සහ වෙනත් වාහන වලින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. එම අවස්ථාවේ පාසල් බස් රථය තුළ කිසිදු සිසුවකු සිට නැතැයිද සිසුන් සිටියේ නම් විශාල අනතුරක් වීමට බොහෝ දුරට ඉඩ තිබූ බව පොලිසිය කියයි. ඇගලුම් බස් රථයේ එම අවස්ථාවේදී සේවක  සේවිකාවන් හතළිහක් පමණ සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි. අනතුරින් පාසල් බස් රථයේ ඉදිරිපස සහ පිටුපස පෙදෙසට, ඇඟලුම් බස් රථයේ ඉදිරිපසට මෙන්ම දුරකථන හා විදුලි කණුවලට ද බරපතළ අලාභ සිදුවී ඇතැයි පොලිසිය කියයි.



බිමල් ශමන් ජයසිංහ 

ජනාධිපති කාර්යාල අරගලකරුවන් හතක් කුඩු ගහලා


ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතුවලට බාධාකරමින් එහි බලහත්කාරයෙන් රැදීසිටිඅරගලකරුවන් ඉවත් කිරීම් මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 9 දෙනකු අතරින් 7 දනකුගේ මන්දුව්‍ය ශරීරගතව තිබූ බවට අධිකරණ වෛද්‍යවරයා තහවුරු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඊයේ (26) පැවසීය. පසුගිය වකවානුවේ යම් යම් සිද්ධි හේතුවෙන්, රට ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් අස්ථාවර තත්වයක් හටගෙන තිබූ බවත්, නිවෙස්වලට පැන තර්ජනය කිරීම්, පහරදීම්, ගෙවල් ගිනි තැබීම්, මිනීමැරීම් ආදි සිද්ධි සිය ගණන් වාර්තා වූ බවත් ආරක්ෂක ලේකම්වරයා කීවේය.පොලිසියට රාජකාරි කිරිමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගතවීමෙන්, මහජනයා පීඩාවට පත් වූ බවද හෙතෙම සඳහන් කළේය. 

මේ රටේ නීතිය කෝ? මේ රටේ ආරක්ෂාව කෝ? යනුවෙන් ජනතාවගෙන් චෝදනා එල්ල වූ බවත්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, ආරක්ෂක අංශ හා පොලිසිය එක්ව මෙම තත්වය සමනය කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය. රට තුළ ස්ථාවර තත්වයක් නිර්මාණය  වෙමින් තිබියදී, තවදුරටත් නීති විරෝධීව හැසිරෙමින් මහජනයාට පීඩා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට සිදුවන බවද ආරක්ෂක ලේකම්වරයා කීවේය. නීතිය ක්‍රියාත්මක කිරිමේ දී නොයෙක් අංශවලින් චෝදනා, විවේචන එල්ල වුවද ආරක්ෂක අමාත්‍යාංශයේ හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීම හා රාජකාරිය වන්නේ මහජනයාට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ඇති කිරීම බවද, ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.  අධිආරක්ෂිත කලාප නම් කර නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් නොයෙක් දෙනා කතා කරන බවත්, අද ඊයේ නොව බොහෝ කාලයක සිට මෙරට අධිආරක්ෂිත කලාප ක්‍රියාත්මක කර තිබූ බවත් ද හෙතෙම පැවසීය.

පෙර ඇති වූ තත්ත්වය යළි ඇති නොවීමටත්, කිසියම් සිදුවීමක් කුමන ආකාරයෙන් පැමිණියද එය පාලනය කිරිම සඳහාත් මෙම අධිආරක්ෂිත කලාප යොදා තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයා කීය. ජනාධිපති මන්දිරයට විදේශ රටවලින් දූත කණ්ඩායම් පැමිණෙන බවත්, ජනාධිපතිවරයා ඔවුන් සමග සාකච්ඡා පවත්වන්නේ ජනාධිපති මන්දිරයේ බවත් පැවසු හෙතෙම, කොළඹ පැමිණි පසුව පෙනෙන්නේ අරාජික, කලබලකාරී තත්වයක් නම්, රටේ දියුණුවට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට විශාල බාධාවක් වන බවද ප්‍රකාශ කළේය. එම තත්වය වළක්වා ගැනීමට මහ විශාල කොළඹ නගරයේ සුළු කොටසක් අධිආරක්ෂිත කලාප වශයෙන් නම් කළ බවද හෙතෙම සඳහන් කළේය. 

ජනතාවට උඝෝෂණය කිරීම සඳහා ගාලු මුවදොර වෙන්කර දී ඇති බිම් කොටස අධිආරක්ෂිත කලාපයට අයත් බවත්, තවදුරටත් එහි උෂ්ණ පවත්වන්නේ ද යන්න ආරක මණ්ඩලය ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවත් ඔහු කීවේය. උද්ඝෝෂණ ස්ථානය වශයෙන් මෙම ස්ථානය වෙන් කිරීම ප්‍රායෝගිකව බැලීමේදී වැරදි ස්ථානයක් ලෙස එය වෙන්කර ඇති බව තම පෞද්ගලික මතය බවද හෙතෙම සඳහන් කළේය. මෙම ස්ථානයේ උද්ඝෝෂණයේ නිරත පිරිස එම ස්ථානයේ නොනැවතී කෙළින්ම ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුම් දොරටුව අවහිර කරන බවත්,  එමගින් එහි රාජකාරිවලට බාධාවක් වන බවත් හෙතෙම කීය.  මෙම ස්ථානය සාමාන්‍ය ජනතාවට රැදී සිටීමට, උද්‍යානයක් වශයෙන් පැමිණීමට කිසිදු බාධාවක් නොවන බවද ආරක්ෂක ලේකම්වරයා කීය. ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදීය.


ඉන්දිකා රාමනායක