Showing posts with label Addicted-students. Show all posts
Showing posts with label Addicted-students. Show all posts

Thursday, November 10, 2022

මතට ඇබ්බැහි වු සිසුන් 81ක් හඳුනාගෙන

2022 වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පාසල් වයසේ ළමුන් 81දෙනෙකු හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.ඒ අතර වයස අවුරුදු 14ට අඩු දරුවන් 03ක් සහ අවුරුදු 15 - 19 අතර දරුවන් 78ක් සිටින බව ඊයේ (09දා) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27/2යටතේ මේ පිළිබඳ  ප්‍රශ්නය යොමුකළ අතර, එහිදී අධ්‍යාපන ඇමතිවරයා විසින් මෙලෙස පිළිතුරු ලබා දීම සිදු කළේය.මෙම ගැටලුව සම්බන්ධයෙන් තමා සමීක්‍ෂණයක් සිදුකරගෙන යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් ලබාගත් දත්ත අනුව 2022 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා පාසල් යා යුතු වයසේ දරුවන්ගෙන් මන්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් සඳහා ප්‍රතිකාරවලට යොමුකළ සංඛ්‍යාව පහත දැක්වේ . ඒ අනුව, අවුරුදු 01 -14ත් අතර දරුවන් 03ක්, අවුරුදු 15 - 19 අතර දරුවන් 78ක් මෙලෙස ප්‍රතිකාර සඳහා යොමු කරලා තිබෙනවා පුනරුත්ථාපනය සඳහා 

 (දිනේෂ් සමරකෝන්)