Showing posts with label forign. g3. Show all posts
Showing posts with label forign. g3. Show all posts

Tuesday, August 4, 2020

ටික්ටොක් මිලදී ගැනීම ගැන ට්‍රම්ප්ගෙන් මයික්‍රොසොෆ්ට් සමාගම වෙත කොන්දේසියක්



චීනයට අයත් කෙටි  වීඩියෝ හුවමාරු ඇප්  වැඩසටහනක් වන ටික්ටොක් වැඩසටහන් ඇමෙරිකානු හස්තය. මිලදී ගැනීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමට අවසරය දෙන්නේ එය සම්පූර්ණයෙන්ම චීනයෙන් වෙන්කර මිලදී ගැනීමට  ඔවුන් ක්‍රියා කරන්නේ නම් පමණක් බව ජනපති ට්‍රම්ප් මයික්‍රොසොෆ්ට් සමාගමට අවධාරණය කර තිබේ.  ඒ අනුව මයික්‍රොසොෆ්ට්  සමාගම සමග මෙවැනි එකඟතාවක් ඇති  කරගැනීම සඳහා තමන් ටික්ටෝක් වැඩසටහන හිමි චීනයේ බයිට්ඩාන්ස් සමාගම වෙත දින 45ක කාලයක් ලබාදෙන බවත් ට්‍රම්ප් මෙහිදී පවසා ඇත.
මෙම ගනුදෙනුව පිළිබඳව  ප්‍රථම වරට අනාවරණය වීමත් සමග ට්‍රම්ප්ට විරුද්ධ වූ අතර, ටික්ටොක් ඇමෙරිකාව තුළ තහනම් කරන බව ප්‍රකාශ කර තිබුණි. 

එහෙත් ඊට පිළිතුරු දුන් ටික්ටොක්හි ඇමෙරිකානු හස්තයේ සාමාන්‍යාධිකාරිනිය තමන් ඇමෙරිකාව හැර නොයන  බව පැවසුවාය. එහිදී  ගැටලුව ආරක්ෂාව නම් ඒ සම්බන්ධයෙන් කටයුතු  කරන බවත් ඇය පවසා තිබුණි.  මේ අතර පසුගිය ඉරිදා දිනයේදී නිවේදනයක් නිකුත් කර ඇති මයික්‍රොසොෆ්ට් සමාගම  තමන් මෙම ටික්ටොක් වැඩසටහන්නේ ඇමෙරිකානු හස්තය අත්පත් කරගැනීම  සම්බන්ධයෙන් චීනයේ බයිඩාන්ස් සමාගම සමග සාකච්ඡා කරන බව පවසා ඇත.  පවතින තත්වය සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සත්‍යා නඩෙල්ලා සහ ජනපති ට්‍රම්ස් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර, ටික්ටොක් භාවිත කරන ඇමෙරිකානුවන් සියල්ලන්ගේම පෞද්ගලික තොරතුරු සියල්ලම රට තුළ රඳවා තබා ගැනීමට කටයුතු කරන බව නඩෙල්ලා ජනපතිවරයාට පවසා ඇත.

Monday, September 23, 2019

ඉන්දියානුවෙකුගේ හිසේ තිබූ අඟල් 4 ත අඟක් ඉවත් කරයි



74 හැවිරිදි වියේ පසුවන ඉන්දියානු ගොවියෙකුගේ හිස් කබල මත වැඩෙමින් තිබූ අගල් හතරක් පමණ දිග අඟක් වැනි කොටසක් ශත්‍යකර්මයක් මගින් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි රාහිල් ගම්මානයේ වෙසෙන මෙම පුද්ගලයා ෂාමි ලාල් යාදෙව් ලෙස හඳුනාගෙන ඇත. 2014 වසරේ ඔහුගේ හිසෙහි ඇති වූ තුවාලයකින් පසුව මෙම අසාමාන්‍ය තත්ත්වය හට ගෙන ඇත. මුලදී ඔහු මෙම කොටස සිය කරණවෑමියා ලවා ඉවත් කරගෙන ඇති අතර, පසුව එය ක්‍රමයෙන් වැඩිවෙමින් වඩාත් ඉහළට වර්ධනය වී ඇත.

මේ සඳහා වෛද්‍ය උපදෙස් ලැබීමට ඔහු තීරණය කර ඇත්තේ ඉන්පසුවය. වෛද්‍යවරුන්ට අනුව මෙම තත්ත්වය හිසෙහි කෙස් තුළ පවතින කෙරටීන් නම් ද්‍රව්‍යයේ අසාමාන්‍ය වර්ධනයක් නිසා සිදුවූවකි.

අපගේ සිරුරේ නියපොතු තුළදා මෙම කෙරටීන් හමුවෙයි, ශශල්‍යකර්මයෙන් අනතුරුව දින 10ක් පමණ රෝහලේ රැඳී සිට ප්‍රතිකාර ලබා ඇති ෂාමි ලාල් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් වෛද්‍යවරුන් පවසයි.

Wednesday, May 22, 2019

ඊජිප්තුවේ ගීසා පිරමීඩය අසල පිපිරුමක්


දකුණු අප්‍රිකානු සංචාරකයන් විශාල පිරිසක් රැගත් බසයක් ඉලක්ක කර ඉරිදා පුපුරුවා හරින ලද බෝම්බයක් නිසා අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශ නිවේදනය කර ඇත. පිපිරිම් සිදුවන අවස්ථාවේ සංචාරකයන් 25 දෙනකු රැගත් බස් රථය, ගුවන් තොටුපොළේ සිට ගීසා පිරමීඩය අසල නව කෞතුකාගාරය වෙත පැමිණ තිබිණි. අනතුර සිදුවන බසය අසල මෝටර් රථයක සිටී ඊජිප්තු ජාතිකයන් 4 දෙනකුද විසිරුණු වීදුරු කැබලි නිසා තුවාල ලැබූහ.

බරපතළ තුවාල ලත් සංචාරකයන් රෝහල්ගත කළ බවත්, සුළු තුවාල ලද පිරිස ඔවුන්ගේ නවාතැන වෙත යවා ඇති බවත් දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍යාශ ප්‍රකාශකයකු මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

Thursday, July 5, 2018

තායිලන්තයේ ගුහාවේ සිර වූ ළමුන් සුවෙන් සිටින බව දැක්වෙන වීඩියෝවක්


තායිලන්තයේ ගුහාවක සිර වූ පාපන්දු ක්‍රීඩක ළමුන් දොළොස්දෙනා  සහ ඔවුන්ගේ පුහුණුකරු සුවයෙන් සිටින බව දැක්වෙන වීඩියෝවක් නිකුත් වී තිබේ. විටක මද සිනහ පාමින් හා විටෙක හඬනගා සිනාසෙමින් ඔවුන් තමන් එකි නෙකාව හඳුන්වාදෙන ආකාරය එහි දැක්වෙයි.

ඉහළ නැගුනු ජල කඳු නිසා දින නවයක් ගුහාවේ සිරවී සිටි ළමුන් සොයාගන්නා ලද අතර එතැන්සිට ඔවුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම හමුදාව විසින් සිදුකරයි. කෙසේවුවද ඔවුන් කිමිදී පිටතට ඒමට පුරුදු නොවුණොත් වතුර බැසගොස් ඔවුන්ට පිටතට ඒමට මාස ගණනාවක් ගතවනු ඇතැයි පැවැසෙයි. මෙහිදී ගැටලුව වන්නේ වැසි සමය ආරම්භ වූවා පමණක් බැවින් ඉදිරි කාලයේදී දිගින් දිගටම වැටෙන වැසි සමග ජල මට්ටම ඉහළයාමට ඇති ඉඩකඩය.

Thursday, April 26, 2018

ත්‍රිකුණාමල වරායට ඇමරිකන් මර්සි නෞකාව පැමිණේ

ලංකාව සහ ඇමෙරිකාව අතර වන සම්බන්ධතාවන් තවත් තහවුරු කරමින් ෆැසිපික් සහයෝගිතා වැඩසටහන යටතේ යු.එස්.එන්.සී. මර්සි නෞකාව ත්‍රිකුණාමල වරායට ඊයේ (25) සවස ළගාවිය.

ෆැසිපික් සහයෝගිතා අභ්‍යාසය සඳහා එම නෞකාව ලංකාවට පැමිණි අතර ආපදා කළමනාකරණය. මානුෂීය ආධාර ලබාදීම, ප්‍රජා සමිබන්ධතා යන ක්ෂේත්‍රවල සහයෝගිතා අභ්‍යාසයන්හි යෙදීමට නියමිතව ඇත. මෙම නෞකාව සති දෙකක් පුරා ලංකාවේ රැඳී සිටිමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමට නියමිතය.

 ලංකාවට පැමිණි ඇමෙරිකානු නෞකාව සමග ඇමෙරිකානු නාවික භට පිරිසක්ද පැමිණ ඇති අතර ඔවුන් ලංකාවේ හමුදාව සමග සුහදතාව වර්ධනය කරගැනීමේ වැඩසටහන්වල නිරත වීමට නියමිතය. විශේෂයෙන්ම වෙරළ ආරක්ෂක කටයුතුවලදී සහයෝගිතාවෙන් කටයුතු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිතව ඇත.

ෆැසිපික් සහයෝගිතා වැඩසටහන මගින් සංහිඳියාව,‍සෞභාග්‍ය සහ ආරක්ෂාව තහවුරු වූ ලංකාවක් වෙනුවෙන් වන ඇමෙරිකානු කැපවීම වඩාත් තහවුරු වන බව මෙම නෞකාව ලංකාවට පැමිණි අවස්ථාවේදී එය පිළිගනිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රොබට් හිල්ටන් පැවැසීය. මේ මගින් දෙරට අතර වන ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ප‍්‍රධානියා පැවසීය.

Tuesday, February 27, 2018

ශ්‍රී දේවිගේ මරණය සිදුවූයේ නාන තටාකයේ ගිලීමෙන් බව තහවුරු වෙයි...


             බොලීවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවී මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන් බව ඇයගේ මරණය සම්බන්ධයෙන් ඩුබායි හි පැවැත්වූ පරීක්ෂණයෙන් පසු නිකුත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. සිය ඥාති පුත්‍රයකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා ඩුබායි ගොස් සිටියදී ඉකුත් සෙනසුරාදා රාති‍්‍රයේ ශ්‍රී දේවි මියගියේ හදිසියේ ඇතිවූ බරපතළ හෘදයාබාධයකින් බව මුලදී කියැවිණ. මේ අනුව 54 හැවිරිදි වියේ පසුවෙද්දී මියගිය සුපිරි නිළි ශ්‍රී දේවිගේ මරණය ඇයට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සැකයක් ඇතිකරන අභිරහසක් බවට පත්වන ආකාරයක් දිස්වේ. ශ්‍රී දේවිගේ මරණය පිළිබඳ අධිකරණ වාර්තාව ඩුබායි පොලිසිය විසින් ශ්‍රී දේවිගේ පවුලේ සාමාජිකයන්ට ද මෙම ඩුබායි හි පිහිටි ඉන්දීය කන්සියුලර් කාර්යාලය වෙතද ලබාදී තිබේ. ඊයේ සවස් වනතුරු අවසන් පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාව නිකුත් කොට නොතිබිණි.

         සෙනසුරාදා රාත්‍රියේ මියගිය ශ්‍රී දේවිගේ දේහය ඉරිදා ඉන්දියාවට රැගෙන ඒමට නියමිතව තිබුණත් මළ සිරුර සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයද, දේහය රැගෙන ඒමේ ආගමන විගමන කටයුතු සඳහා එම වාර්තා අවශ්‍ය වීම මත ප්‍රමාද විය. ඊයේ සවස් වනතුරු ඇයගේ දේහය ඩුබායි හි තිබිණ. ශ්‍රී දේවි ඇය නැවතී සිටි හෝටලයේ නාන බේසමේහි ගිලීමෙන් මියගිය බව මුලික පරීක්ෂණ මඟින් තහවුරු වූ බව ඩුබායි පොලිසිය ඊයේ සවස් වරුවේදී ප්‍රකාශ කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. ඇයගේ ශරීරයේ මත්පැන් වූ බචත් එය මරණයට මග පෑදූ අනතුරට හේතුවන්නට ඇති බවත් තැනක සඳහන් වේ. කෙසේ නමුත් ශ්‍රී දේවිගේ මරණයට හේතුව තීරණය කිරීම සඳහා අනතුර සිදුවූ වටපිටාව සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවත්, අධිකරණ වෛද්‍ය වාර්ථාව මඟින් ඇය "දියේ ගිලී මරණයට පත්වූ බව" පමණක් සඳහන් වන බවත් ඩුබායි නිලධාරියකු ගල්ෆ් නිව්ස් සේවයට පවසා ඇත.
සිදුවීමට අදාළ සියලු කරුණු එක් රැස් කරමින් මරණයට පත්වන අවස්ථාවේ ඇය සමග හෝටල් කාමරයේ සිටියේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සෙවීමට පොලිසිය විමර්ශන කටයුතු සිදුකරන බවද ගල්ෆ් සඳහන් කරයි. ඇය නැවතී සිටියේ ඩුබායි පිහිටි Jumeirah Emirates Towers හෝටලයේ බව  Khalees පුවත් සේවය කියයි. ශ්‍රී දේවිගේ දේහය මුම්බායි හි පිහිටි ඇයගේ සැමියාගේ සොහොයුරා වන අනිල් කපුර්ගේ නිවෙසට රැගෙන ඒමට සුදානමක් තිබුනෙන් සඳුදා දවස පුරා ප්‍රකට බොලිවුඩ් නළු නිළියෝ සහ සිනමා රසිකයෝ එහි ඇදෙමින් සිටියහ.