Showing posts with label political G5. Show all posts
Showing posts with label political G5. Show all posts

Monday, November 28, 2022

අයවැයෙන් පස්සේ පළාත් පාලන මැතිවරණයට නව පනතක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නව පනතක් 2023 අයවැය වාදය අවසන් වූ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පෙරේදා (26දා) පාර්ලිමේන්තුවේ පැවැති 2023 අයවැය කාරක සභා විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදු කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය. යහපාලන ආණ්ඩුව කාලයේ තිබුණු අනුපාත ක්‍රමය අනුව නව පනතක් ගෙන එන්නේ නම්ආ ණ්ඩුවට අවශ්‍ය තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීම සඳහා විපක්ෂය සහාය ලබාදෙන බව එහිදී අදහස් පළ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - පළාත් සභා ඡන්දය පවත්වලා නැති හේතුව අපි සියලුදෙනා දන්නවා. පළාත් සභාවලට සංශෝධනයක් ගේන්න උත්සාහ දරලා, පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න පසුගිය රජය උත්සාහ කිරීම මගින් එය හිරවීමකට ලක්වෙලා තිබෙනවා. ඒ අවස්ථාවේදී අපි ප්‍රකාශ  කළා මෙය බොහෝ විට අවසන් වන්නේ ඡන්දයක් නැති සිරවීමට බර වෙලා කියලා. මම මැතිවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස සිටියාට එදා ගෙනාපු සංශෝධනය හදිස්සියේ ගෙනාපු සංශෝධනයක් ඔබතුමාලාගේ රජය විසින්. අන්තිමට සංශෝධනය ගෙනාපු ඇමතිතුමත් ඒකට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල - මම කියන්නේ මේ වගේ කල් ඉකුත් වෙලා තිබෙන්නේ අවුරුද්දකින්. තවදුරටත් කල් දාන්න එපා. අද දූෂණය ක්‍රියාත්මක කරපු කණ්ඩායම තමයි මේ ඉස්සරහට යන්නේ. 

අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන - මහ මැතිවරණය ඉල්ලා සිටිනවා අපිට තව අවුරුදු දෙකක් තිබියදී. ඒකත් පවත්වාගෙන යන්න ඉඩ දෙන්න මේ රට වැටුණු අර්බුදයෙන් ගොඩ ගන්න. ඉතින් ඡන්දය තියන්නේ මැතිවරණ කොමිසම මිසක් වෙන ආයතනයක් නෙවෙයි. 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මෙතුමා පළාත් සභා ගැටලු ගැන කිව්වා. ආණ්ඩුවට පළවෙනි අවුරුදු දෙකේ තුනෙන් දෙක තිබ්බා. දැන් ඒක නෑ. නමුත් පළාත් සභා සක්‍රීය කරන්න මැතිවරණ තියන්න අපි අවශ්‍ය තුනෙන් දෙක ලබාදෙනවා කියලා මේ අවස්ථාවේ කියනවා. පළාත් පාලන මන්ත්‍රීවරු 8,000 කරනකොට දෙපැත්තම ඡන්දය දුන්නා. මේක 4,000ක් කරනවා නම් පරණ තිබුණු අනුපාත ක්‍රමය එක වගන්තියකින් ස්ථාපිත කරන්න පුළුවන්. මම නම් කියන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නය. කල් දාන්නයි  හදන්නේ. හරි පනතක් ගේන්න අපි සහයෝගය දෙනවා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර - අපි අලුතින් පනතක් ගේන්න ඕන. අපි ඒ පනත ගේන්නම්, පාර්ලිමේන්තුවේ අයවැය ඉවර වුණු ගමන් ගේනවා.


( දිනේෂ් සමරකෝන්)

ඒ අය මැච් එක ගැහුවා කප් එක රනිල් ගත්තා

අරගලයේ පිහිටෙන් කප් එක ගත්ත රනිල් වික්‍රමසිංහ දැන් අරගලයටම පහරදීමට යන බව උත්තර ලංකා සභාගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ ඊයේ (27දා) පැවැති උත්තර ලංකා සභාගයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,"ජනතා විමුක්ති පෙරමුණේ අයෙක් කියනවා මැච් එක දිනුවා හැබැයි කප් එක නැහැ කියලා. එක එකාට කප් එක උස්සන්න පුළුවන් ඒවා අරගලද? කප් එක රනිල් ගත්තා ඒ අය මැච් එක ගැහුවා. අරගලයේ පිහිටෙන් කප් එක ගත්ත රනිල් වික්‍රමසිංහ දැන් දෙන්න හදනවා අරගලයේ උන්දලාටම පෝරියල් එක. අරගලයෙන් ජනාධිපති පුටුව දක්වා ගෙන ආපු ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මොකද කරන්නේ. වෙන මොනවත් නෙවෙයි සාමාන්‍ය වාතාවරණයෙන් ඇතුළේ කරන්න බැරි වුණ රජය තව තවත් බිඳ වට්ටන, තව තවත් රාජ්‍ය අස්ථාවර කරන, දීර්ඝකාලීන වශයෙන් රාජ්‍ය බිහිසුණු ඛේදජනක ඉරණමකට ඇද වට්ටන සාමාන්‍ය තත්ත්වයකදී මිනිස්සු පිළිනොගන්න තිත්ත කසාය බෙහෙත් ටිකක් පොවන්න හදනවා. උපායශීලී විසඳුම් තියෙනවා. එහෙම උත්තර නෙවෙයි අද රටට දෙන්නේ. මේ කරන්නේ විනාශය කරා ගෙන යමින් තිබුණු ආර්ථිකය තවත් ආපස්සට, ලෑල්ලටම වට්ටන එක” යනුවෙන් පැවැසීය. උත්තර ලංකා සභාගයේ මෙම රැස්වීම වෙනුවෙන් හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ සකස් කර තිබූ සැරසිලිවලට හා වේදිකාවට කිසියම් පිරිසක් විසින් හානි කර තිබූ අතර, ඒවා යළි සකස් කර රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කරන ලදී


( ශාන් හුලංනුගේ)


Wednesday, November 16, 2022

පුංචි ඡන්දයේදි පක්ෂයේ බර කරට ගැනීමට බැසිල් 20දා ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට එඹෙන 20වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව එම පෙරමුණෙහි ප්‍රකාශකයෙකු පැවසීය. ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණ වැඩකටයුතු සඳහා පක්ෂයේ වගකීම කරට ගෙනඒ සඳහා වූ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමේ මූලික අරමුණ වී ඇති බව සඳහන්ය.ඊට අමතරව සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ස්ථාවර කර ගනිමින් විවිධ මතවල සිටින පක්ෂයේ මන්ත්‍රීන් යළි එක් කිරීම මෙන්ම පක්ෂයක් ලෙස ඉදිරී කටයුතු සංවිධානය කිරීමටද ඒ මහතා බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් වේ. 


(නිදර්ශනී වික්‍රමසිංහ)


Wednesday, November 9, 2022

යාල වාහන සෙල්ලම ගැන අමරවීර පාර්ලිමේන්තුවට කියයි

යාල ජාතික වනෝද්‍යානයේ දී වනෝද්‍යාන නීති කඩමින් වාහන ධාවනය කිරීමේ සිදුවීම සමීබන්ධයෙන් දැනට සිදුකරන පරික්ෂණවලට අමතරව මෙම සිදුවීම පිළිබඳ සොයාබැලීම සඳහා රහස් පොලීසියට භාරදීමට සුදානමින් සිටින බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පැවසීය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ඒ අනුව මෙම සිදුවීමට වැරදිකරුවන් වන සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය. "යාල සිදුවීම මම විදේශගතව සිටිද්දී තමයි සිදු වුණේ. නමුත් ඒ අවස්ථාවේ මම පොලිස්පතිතුමාටත්, අමාත්‍යංශයේ ලේකම්තුමියටත් කිව්වා මේ සම්බන්ධයෙන් අදාළ කටයුතු රාජකාරී මට්ටමෙන් සිදු කරන්න කියලා, ඒ අනුව සිද්ධියට අදාළව මේ වන විටත් වාහන ප්‍රමාණයකුත්, පුද්ගලයන් පිරිසකුත් අත්අඩංගුවට  අරන් තිබෙනවා. ඒ කිසිදු කෙනෙකුට නීතියෙන් ගැලවෙන්න ඉඩ තියන්නේ නෑ. කාගේ කවුරු වුණත්, කොහොම සම්බන්ධ වුණත් ඒ සෑම කෙනෙකුටම විරුද්ධව රාජකාරී කටයුතු කරනවා. මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිදු වෙනවා. ඒ පරික්ෂණ වාර්තාව මම ඔබතුමාට එවන්න කටයුතු කරන්නම්.”යැයි සජබ පා.ම. මයන්ත දිසානායක මහතා නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ - මෙම සිදුවීම ගැන ඔබතුමන් ඍජුවම මැදිහත් වෙලා යම් ප්‍රකාශයන් ගණනාවක් කළා. මේ වන විට සාධනීය ක්‍රියාමාර්ග ඉතාමත් අවම වශයෙන් අරන් තිබෙන්නේ. වාහන තිස් ගානක් ගියපු එකේ වාහන 06ක් පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම සැබෑ පුද්ගලයන් වෙනුවට රියැදුරන් අත්අඩංගුවට අරගෙන සැබෑ පුද්ගලයන් මේ දක්වා හෙළි කරලා නෑ. මේ වෙද්දි අරන් තියෙන ක්‍රියාමාර්ග කුමක්ද? කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර - මේ සම්බන්ධව අපි සම්පුර්ණ බලය දීලා තිබෙනවා ඒ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ නීතිය අනුව තමයි ක්‍රියාත්මක කරන්නේ. මම කිව්වා අතුරු වාර්තාවක් දෙන්න කියලා. සමහර වාහනවල සී.සී.ටී.වී දර්ශන අරගෙන තොරතුරු සොයා බලනවා. ඒ වගේම මීට එහා ගිහින් රහස් පොලීසිය වගේ ආයතනයකටත් මේ පිළිබඳ සොයා බැලීම සඳහා  අපි සුදානමින් ඉන්නවා.


(දිනේෂ් සමරකෝන්)


Wednesday, November 2, 2022

ආණ්ඩුව කුමන බාධක දැමුවත් අද පාගමන පවත්වනවා

ආණ්ඩුව කුමන බාධක දැමුවද අද (02දා) සාමකාමී පාගමන පවත්වන බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බහුජන සංවිධාන, වෘත්තිය සමිති සහ ජනතාව සමග අද පැවැත්වෙන පාගමන පිළිබඳ ඊයේ (01දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. වර්තමාන රජයට රටේ තිබෙන ප්‍රශ්න සඳහා විසඳුම් නොමැති බැවින් ආණ්ඩුවට එරෙහි ජනතා නැගිටීම සිදුවන බවත්, ඒ සඳහා සියලු පක්ෂ එක්ව පුළුල් පෙරමුණක් සකස් කළ යුතු බවත් එම සාකච්ඡාවට සහභාගි වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.මෙම අවස්ථාවේදී මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමද සිදු විය.කොළඹ එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී කොළඹ කොටුව දක්වා මෙම පාගමන යමට කටයුතු යොදා තිබේ. 

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - 

                              අපේ රටේ බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, විවිධ ක්‍රියාකරුවන්, පොදු ජනතාව එකතුවෙලා ජනතා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන පා ගමනක් එල්ෆින්ස්ටන් රඟහල අසල සිට කොටුව දුම්රියපොළ දක්වා ක්‍රියාත්මක කරන යෙදෙනවා. මම දැක්කා සමහර අය කියනවා අපී හෙට දවසේ නෑ කියලා, මම කියනවා අපි හෙට දවසේ ඉන්නවා. වේලාසනින්ම ආරක්ෂක අංශවලට කියන්න කැමතියි මේක අපේ අයිතිය, මේක රටේ නිදහස, ජනතාවගේ නිදහස අපි ඉතාමත්ම සාමකාමීව කටයුතු කරනවා. කරුණාකරලා ඒක නතර කරන ඉදිරිපත් වෙන්න එපා. මොකද අපේ සූදානමක් නෑ නතර වෙන්න. එල්ෆින්ස්ටන් රඟහල අසල සිට කොළඹ කොටුව දක්වා අපි කුමන බාධක තිබුණත් යනවා. නතර කරන උත්සාහ කරන්න එන්න එපා. මේක සාමකාමී පා ගමනක්. මේකෙදි මොනම හේතුවකටවත් ප්‍රචණ්ඩත්වය, හිංසනය, තර්ජනය කවුරුත් ක්‍රියාත්මක කරන්න උත්සහ දරන්නේ නෑ, හෙට දිනයේ අපිට නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙන්න, මොනම ආකාරයකින්වත් අපි ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන්නේ නෑ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේඛම් ජෝශප්ටාලින් - 

                               ආණ්ඩුව මේ වන විට දරුණු මර්දනයක් ගෙනියන්නේ. කොළඹ පාරට බැස්සම එළව එළවා පහරදීමක් තමයි කරන්නේ. අපි දැක්කා පසුගිය කාලයයේ දිගින් දිගටම පහර දුන්නා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවට අයිතියක් තිබෙනවා. මේ විදියට මර්දනය කිරීම බරපතළ ප්‍රශ්නයක්. මේ වන විට ජනතාව මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයකට වර්තමාන රජයට විසඳුමක් නෑ. ඒ විසඳුමක් නැති නිසා ජනතාව නැගිටින එක වළක්වන්න බෑ. මේ මර්දනයට එරෙහිව පුළුල්ම පෙරමුණකින් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.


(දිනේෂ් සමරකෝන්)



Wednesday, October 26, 2022

මැතිවරණ කල් දැමීමේ සෙල්ලම

මැතිවරණ කල් දැම්මට සූදානම් වන බවට වර්තමාන ආණ්ඩුවටත් මේ වන විට චෝදනා එල්ලවෙමින් තිබෙන අතර, කල්යමින් තිබෙන මතිවරණය වන්නේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ වේ. මෑත කාලය සලකා බැලීමේදී මැතිවරණ කල් දැමීමේ විශාලම චෝදනාව එල්ල වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට වන අතර, ඒ 1982දී ලාම්පු කළගෙඩි සෙල්ලම හරහා මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීම නිසාය. මීට අමතරව පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබදව යහපාලන ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබෙන අතර, පළාත් පාලන ආයතන මැතිවරණය කල්දැම්ම පිළිබදව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. පවතින ආර්ථික අර්බුදය තුළ මතිවරණ කල් දැමීම හොද දෙයක් බවටත් ඇතැම් පිරිස් සලකන නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ අදාළ ආයතනවලට මහජන නියෝජිතයන් සිටිය යුතුය. පළාත් සභා රටේ මුදල් විනාශ කර දමන ස්ථානයක් බවට චෝදනා එල්ලවී තිබෙන අතර, පළාත් සභා ක්‍රමය තවමත් රට තුළ ක්‍රියාත්මක වන නිසා පළාත් සභාවලට අනිවාර්යයෙන්ම මහජන නියෝජිතයන් සිටිය යුතුය. පළාත් සභාවල නිල කාලය අවසන් වීම සැලකීමේදී 2017.09.26 වන දින සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වී තිබෙන අතර, 2017.9.30 නැගෙනහිර පළාත් සභාවේ නිල කාලයත්, උතුරු මැද පළාත් සභාවේ නිල කාලය 2017.10.01 දිනත් අවසන් වී තිබේ. එමෙන්ම මධ්‍යම පළාත් සභාවේ නිල කාලය 2018.10.03 වන දිනත්, වයඹ පළාත් සභාවේ නිල කාලය 2018.10.10 වන දිනත්, උතුරු පළාත් සභාවේ නිල කාලය 2018.10.24 වන දිනත්, දකුණු පළාත් සභාවේ නිල කාලය 2019.04.10 වන දිනත්, බස්නාහිර පළාත් සභාවේ නිල කාලය2019.04.21 වන දිනත්, ඌව පළාත් සභාවේ නිල කාලය 2019.10.08 වන දිනත් අවසන් වී ඇත.පළාත් සභා මැතිවරණය කඩින්කඩ පැවැත්වීම නිසා, නිල කාලය අවසන් වීමත් කඩින්කඩ සිදුවූ අතර, කඩික්කඩ මැතිවරණ පැවැත්වීමේදී විශාල මුදල් නාස්තියක් සිදුවන නිසා එකම දිනකදී මැතිවරණ පැවැත්විය යුතු බවටත් කතාබහක් ඇතිව තිබුණි. එහෙත් අද වන තෙක් කඩින්කඩ හෝ එකම දිනයකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ අතර, මේ නිසා පළාත් සභා පාලනය නිලධාරින් විසින් සිදුකරනු ලබයි. පළාත් සභා සීමා නිර්ණයේ පවතින  ගැටලු පෙන්වා පළාත් සභා මැතිවරණය කල් දමමින් තිබෙන අතර, මේ හරහා ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගෙන තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා සිවිල් සංවිධාන පෙන්වා දෙමින් තිබේ. පළාත්පාලන ආයතන නොහොත් ප්‍රාදේශීය සභා හා නගර සභා සහ මහනගර සභාවල නිල කාලය මේ වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් එය වසරකින් කල් දැමීමට මේ වසරේ ජනවාරි මාසයේදී කටයුතු කළ අතර, විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුව මෙම කල් දැමීම සිදුවිය. එහෙත් මැතිවරණ කොමිසමට පැවරී ඇති බලතලවලට අනුව පසුගිය සැප්තැම්බර් 20 වන දිනෙන් පසු ඕනෑම මොහොතක මතිවරණය පැවැත්වීමේ බලය තිබේ. මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට බලය ලැබී ඇතත්, මේ වසරට අදාළ ජන්ද හිම් නාමලේඛනයේ වැඩකටයුතු අවසන් වී නොමැති නිසා තවමත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට කොමිසම තීරණයක් ගෙන නොමැත. මේ අවස්ථාවේදී  මැතිවරණයක් ප්‍රකාශයට පත්කළහොත්, ඡන්දය දැමීමේ අයිතිය හිමිවන් පසුගිය වසරට අදාලව සකස්කර තිබෙන ඡන්ද නාමලේඛනයේ නම සදහන් පිරිසට පමණි. මේ අනුව මේ වසරේදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ලක්ෂ තුනකට පමණ ඡන්ද අයිතිය අහිමි වන බවටත් ගණන් බලා තිබෙන අතර, මේ නිසා මැතිවරණ කොමිසම උත්සාහ කරමින් තිබෙන්නේ එම තත්වය වළක්වා ගැනීමට බවත් වාර්ත වේ. මැතිවරණ කොමිසම මේ ආකාරයට ජනතාවගේ ද අයිතීන් සුරක්ෂිත කරමින්, පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරන විට ඇතැම් දේශපාලනඥයන් විසින් පළාත් පාලන ආයතන පනතට විවිධ සංශෝධන ඉදිරිපත් කරමින් සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි. පළාත් පාලන ආයතන ගතහොත් තව මැතිවරණ ක්‍රමය හරහා පක්වන සභිකයන්ගේ ප්‍රමාණය අටදහසකට අධික පිරිසක් බවට පත් වී තිබේ. මේ නිසා ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට සභිකයන් ප්‍රමාණය හරි අඩකින් අඩු කළයුතු බවට 2019 හා 2020 වසරවලද විශාල කතාබහක් ඇතිවී තිබුණු අතර, මැතිවරණ ක්‍රමයේ පවතින සුළු සුළු අඩුපාඩු කිහිපයක්ද සංශෝධනය විය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී තිබුණි. එහෙත් ඊට අදාළව වැඩකටයුතු කිරීමට එම අවස්ථාවේදී පාලකයන් කටයුතු නොකළ අතර, මතිවරණය වසරකින් කල් දැමීමට කටයුතු කළ අවස්ථාවේදී පවා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනු ලැබුවේ පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩු කඩිනමින් විසදීමට ලක් කළයුතු බවයි. එහෙත් පළාත් පාලන ආයතන මතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩු සකස් කිරීමට ගෙවී ගිය මාස 09ක කාලය තුළදී කිසිදු වැඩකටයුත්තක් සිදුකිරීමට පාලකයන් කටයුතු කලේ නැත. එසේ තිබියදී පළාත් පාලන ආයතන මතිවරණය පවත්වීමේ බලය මැතිවරණ කොමිසම සතු වීමත් සමග, පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය පවතින අඩුපාඩුවලට සශෝධන ඉදිරිපත් කිරීමට ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරමින් සිටී. මෙම  සංශෝධන සිදුකළ යුතු බවට පාර්ලිමේන්තූව තුළ නිල වශයෙන් යෝජනා ඉදිරිපත් වුවහොත්, සිදුවන්නේ පළාත් පාලන ආයතන මැතිවරණයත් කල් යාම පමණකි. පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩු නිවැරදි විය යුතු කාරණයකි. මේ නිසා පවතින අඩුපාඩු පිළිබඳව කතාබහක් ඇති වූයේ 2018 වසරේ තරම් ඈත කාලයක සිටය. පළාත් පාලන ඡන්ද ක‍්‍රමය ගැන මූලික විවේචනයට හේතු වන කරුණු සැලකීමේදී, පළාත් පාලන සභික සංඛ්‍යාව 8711 සිට එය අවම වශයෙන් 4000ත් 4500ත් සීමාවට අඩු කළයුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබේ. මීට අමතරව කාන්තා නියෝජනය සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25%ක් විය යුතු බවට යෝජනා වී තිබෙන අතර, වර්තමානයේදී එම ප්‍රමාණය 23.98%ක් බවට මතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙත්වා දෙයි. තවද තරුණ නියෝජනය ඉහළ දැමිය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී තිබේ. කොට්ඨාස මන්ත්‍රීවරු දූෂණ, අක්‍රමිකතා සිදුකරන විට  අදාළ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට නීතියක් පැවතිය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී ඇත.මෙම යෝජනා රටට වැදගත් නිසා ඒවා සිදුකිරීම ගැන කිසිදු ගැටලුවක් නැත. එහෙත් ගැටලුව වී තිබෙන්නේ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට ආසන්න කාලයේදී මෙම යෝජනා කරළියට ගෙන ඒමට කටයුතු කිරීමයි. සාධනීය යෝජනා කවුරුන් විසින් හෝ කෙදිනක හෝ සිදුකළ යුතුය. නමුත් එම කටයුතු සිදුවිය යුත්තේ මැතිවරණයක් නොමැති සමයකදීය. නමුත් පාලකයන්ට මැතිවරණ සංශෝධන සීමා නිර්ණය ගැටලු පෙනෙන්නේ මැතිවරණයක් වූ පසුවය. විධායක ජනාධිපති ධුරය රටට නොගැළපෙන නිසා එය අහෝසි කරන බවට පොරොන්දු ලබා දී තිබෙන්නේ 2004 වසරේ සිටය. එහෙත් අදටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට නොහැකි වී ඇත. තත්වය එසේ වුවත්, 2004න් පසු පැවැත්වූ සෑම ජනාධිපතිවරණයකදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු මතිවරණ වේදිකාවට ලබා දී තිබේ.

(ඉන්දික හේවාවිතාරණ)




Tuesday, October 25, 2022

ප්‍රසන්න රනිල් සමඟයි

මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය ලබා දී, ඔහු සමග වැඩ කළ යුතු යැයි මිනුවන්ගොඩ දේශපාලන බලමණ්ඩලයේදී පැවැති රහස් ඡන්දයේ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම් සඳහා මිනුවන්ගොඩ දේශපාලන බලමණ්ඩලයේදී පැවැති රහස් ඡන්ද ප්‍රතිඵලය අනුව එහි අතිබහුතරයක්ම වත්මන් ජනාධිපතිවරයා සමග වැඩකළ යුතු බව පවසා ඇතැයිද ඔහු කීය. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම අලියාගේ පිටේ නැගීමක් නොවන බවත්, එලෙස සහාය පළ කිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉදිරි දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා තමා මිනුවන්ගොඩ දේශපාලන බලමණ්ඩලයේ රහස් ඡන්දයක් පැවැත්වූයේ පොහොට්ටුව හැර යාමට නොවන බවද අමාත්‍යවරයා  කීවේය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සිදු කළ විමසීමේදී ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ තමන්ට ශ්‍රී ලංකාව හැර වෙනත් කිසිදු රටක පුරවැසිභාවය නොමැති බවයි. තමන්ට ද්විත්ව පුරවැසිභාවය ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවද හෙතෙම කියා සිටියේය. හෘදසාක්ෂියට එකඟව හැමවිටම නිවැරදි දේශපාලන තීන්දු ගත් තමන් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිළෙන බවත්, තමන් පිළිබඳ මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බවත් රණතුංග මහතා කීවේය. විදෙස් සංචාරයකින් පසු දිවයිනට පැමිණ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේය. වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කිරීම පොහොට්ටුව අත්හැර යාමක් නොව පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොඳම තීරණය බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී නොපැකිළිව අවශ්‍ය   දේශපාලන තීන්දුව ගැනීමට සුදානම් බවද . අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 


( නවෝද්‍යා පවනි ) 


Monday, October 24, 2022

පොහොට්ටුව තුනට කැඩිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ අභ්‍යන්තරයෙන් මේ වනවිට 'තුනට කැඩී" ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. ඔහු සඳහන් කර සිටියේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාගේ කණ්ඩායම සහ නාමල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම යනුවෙන් කොටස් 02ක් නිර්මාණය වී ඇති අතර, ඊට අමතරව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිස වෙනම කණ්ඩායමක් ලෙස එක්ව ඇති බවයි.එහිදී සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15දෙනෙකු පමණ මේ වනවිට එක්ව ඇති අතර, එහිදී ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය. මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ. කෙසේ වුවද මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේම්ජයන්ත්, ප්‍රසන්න රණතුංග යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් වෙන්ව කටයුතු කිරෘමට මේ වනවිට පෙලඹී ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී ඔවුන් ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. 




(නිදර්ශනී වික්‍රමසිංහ)


Tuesday, October 18, 2022

නීති විද්‍යාලය සදහා ප්‍රවේශ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් එපා

නීති විද්‍යාලය සදහා ප්‍රවේශ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට ගත් අසාධාරණ රෙගුලාසිය අහෝසි කරන ලෙසට අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා සඳහන් කළේ මෙමගින් ග්‍රාමීය ජනතාවද දැඩි අපහසුතාවට පත්වන බවයි. ඊයේ (17දා) පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,

"අලි සබ්‍රි ඇමතිවරයා අධිකරණ ඇමති ලෙස ප්‍රකාශයට පත් කළ රෙගුලාසියකින් දරුවන්ට තම මවුබසින් නීතිවිද්‍යාලයේ විභාග ලිවීමේ අයිතිය උදුරාගෙන තිබෙනවා. අද ලංකාව පුරා පවතින මහේස්ත්‍රාත් අධිකර, දිසා අධිකරණ සහ මහාධිකරවල භාෂාව එක්කෝ සිංහල. නැතිනම් දෙමළ, ඉංග්‍රීසි බසින් කටයුතු කරන්නේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි. එහෙම නම් නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීම් තාර්කික පදනම කුමක්ද? ඉංග්‍රීසි විතරක් දන්ත තීතිඥයෝ බිහිවුණු වුත් මේ අපේ ජනතාවම තමයි අසරණ වෙන්නේ. ඉංග්‍රීසි බැරි අහිංසක සාමාන්‍ය පුද්ගලයකුට තමත් නීතිඥයාට ලබාදුන් තොරතුරු ඒ අයුරින්ම අධිකරණය ඉදිරිපත් වෙනවාදැයි තහවුරු කරගන්නට හැකියාවක් නොමැති වෙනවා. එහෙම නම් ඉංග්‍රීසි යුගයේ ඉංග්‍රීසි බැරි අහිංසක ජනතාව මුහුදුත් තත්ත්වය යළි ඇති වීමයි සිද්ධවන්නේ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී යුගයේදී මේ රටේ ජනතාවගේ ඉරණම ඉංග්‍රීසි ජාතිකයෙකු වුණු ලෙනාඩ් වුල්ෆ් ලියූ බැද්දේගම නවකතාවේ අපූරුවට පෙන්වනවා. එදා එම නවකතාවේ ඉන්න සිනිදුට උසාවිය ඉංග්‍රීසියෙන් නඩු අහලා මරණ දඩුවම දෙනවා. සිලිඳුට මරණ දඩුවම නියම වුණේ ඇයි කියලා විතරක් නොවේ අඩුම ගානේ තමන්ට මරණ දඬුවම නියම වුණු බවවත් සිලිඳු දන්නේ නෑ. එදා ඉංග්‍රීසි යුගයේදී සිලිඳුගේ ඉරණමම මේ රටේ අහිංසක ජනතාවට අත්කරන්න එපා කියලා ආණ්ඩුවට කියමින් මේ අසාධාරණ රෙගුලාසිය අහෝසි කරන්න කියා අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන්ද සඳහන් කරයි.

(නවෝද්‍යා පවනී)


Thursday, October 6, 2022

22ට ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පිළිගෙන කෙටුම්පත සකසන්නේ නම් පක්ෂයි

 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන, මූලික කෙටුම්පත සම්මත කරන්නේ නම් තම කණ්ඩායම වන බව උත්තර ලංකා සභාගයේ සහාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී 'යටිකුට්ටු සංශෝධන ගෙන ආවාත්, ඊට නිසි පිළිතුරු දෙන බවද ඔහු කීය.ස්වාධීත එකතුව බොරැල්ල පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා,

"22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා වගේම ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයද දැන් ලැබී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ මගපෙන්වීම අනුව පමණින් කටයුතු කරනවා නම් එම 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට උත්තර ලංකා සභාගය තුළ නියෝජනය වන පක්ෂවල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සූදානම්. නමුත් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත්කර තිබෙන සංශෝධන හැර කාරක සභා අවස්ථාවේදී හොද හෝ නරක හෝ වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට යනවානම් අපට එම අවස්ථාවේදී තීරණය කරන්න වෙනවා මේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබද කලයුතු ගැන.අපි එහෙම කියන්න හේතුව සහිතවයි. ඔබ දන්නවා මෛත්‍රි-රනිල් යහපාලන ආණ්ඩුව සමයේ යම් පනතකට තරුණ නියෝජනය වැඩි කිරිමට අදාළ සංශෝධන ගෙනාවා. නමුත් එම පනතට කාරක සහා අවස්ථාවේදී වෙනත් සංශෝධන රැසක් ගෙන ආවා.එම සංශෝධන අතුලත් කළාට පසුව පැවැති පනත හා නවපනත අහසට පොළොව වගේ වෙනස් . ඒ නිසා එවැනි කූට ක්‍රමවේදයක් අනුව යමින් වනත් හොද සංශෝධන දෙක තුනක් සමග තමන්ට උවමනා යටිකුට්ටු සංශෝධන කිහිපයක් ගෙන ඒමේ අවදානම අප ඉදිරියේ තිබෙනවා. ඒ නිසා තමයි ජාතික සංවිධාන පෙන්වා දෙන්නෙ 22වැනි  ව්‍යවස්ථා සංශෝධනය අස්සේ රටට අහිතකරවනත් සංශෝධන,පුළුවන් කියා, 19වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී කැත අතීත භාවිතාවකට හිමිකම් කියන නිසා අපිආණ්ඩුවට දැඩිකොසිය පනවනවා. 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රේෂ්ඨාධිකරණයදීඇති සංශෝධන පමණක් සහිතව සම්මත කරන්නම් අපි වෙනවා. එහෙම තත්වයක් ආවොත් අපි තීන්දු කරලා තිබෙනවා, අපේ පාරිලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනම පාර්ලිමේන්තුවේ රැස් වෙලා, ඇති වී තිබෙන තත්වය සමාලෝචනය කරලා, ගතයුතු අවසන් පියවර ඒ අවස්ථාවේදී ගත යුතුයි' කියලා. මේක අපි කියන්නේ සත්භාවයෙන්. අපට ඕන නැහැ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැනට අපි පිළිගන්නා කෙටුම්පත සම්මතවීම වැත්වීමට. කඩාකප්පල්කාරි වැඩකරන්න අපට උවමනා නැහැ. අපිට උවමනා එම කෙටුම්පත සම්මත කිරිමට. නමුත් ඒක ඉස්සරහට දාලා වෙන අහිතකර සංශෝධන ගෙනඑනවා නම් අපි ඒකට විරුද්ධයි. එහම වුවහොත් අපේ මන්ත්‍රී කණ්ඩායම් සහයෝගය ලබාගැනීමට බැරිවීමේ අවදානමක් තිබෙනවා” යනවෙන්ද ප්‍රකාශ කළේය.


(නවෝද්‍යා පවනි)



Thursday, September 29, 2022

ජාතික සභාවට එන්නෙම නෑ. ශ්‍රි ලනිපය තද තීරණයක

ජාතික සභාවට එනොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණයේ වෙනසක් නැතැයි එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේශ්න මහතා ඊයේ (28) පැවසීය. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ආරම්භක පියවරක් ලෙස ජනාධිපතිවරයා ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමැති මණ්ඩලය පත් කිරීමට පෙර බවත්, මුලින් ජාතික සභාව පත්කර ඉන් අනතුරුව එහි එකගත්වයෙන් අගමැතිවරයකු හා දුෂිතයන්ගෙන් තොර 20 දෙනකුගෙන් පමණක් සමන්විත කුඩා ඇමති මණ්ඩලයක් පත් කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේ වුවත් ජනාධිපතිවරයා විශාල කැබිනට් මණ්ඩලයක් ද පත් කිරීමෙන් පසු ජාතික සභාවක් ඇති කිරීමට යන බවත්, එවැනි වැඩපිළිවෙළකට දායක විය නොහැකි බවත් හෙතෙම කීර්වේය. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. රට ගොඩ ගැනීමට ඇති හොදම අවස්ථාවක් වන සර්ව පාෂික ආණ්ඩු සැලැස්ම පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති කණ්ඩායම වන පොහොට්ටුවේ නායකයන් විසින් බිඳ දැමූ බවත්, රට වෙනුවෙන් ඒ ගැන කනගාටුවක් තිබෙන බවත් හිටපු  ජනාධිපතිවරයා පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුලින්ම සර්වපාක්‍ෂික ආණ්ඩුවක් යෝජනා කළේ කොවිච් අර්බුදය පැවැති කාලයේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බවත්, අරගලය නිසා එම කටයුතු ඉදිරියට යාම නැවතුණු බවත් කී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉත්පසු රනිල් වික්‍රමසිංහ මහතාටත් එම යෝජනාව ඉදිරිපත් කළ බව ද කීර්වේය. ආණ්ඩුවේ ගමන බොහෝ කෙටි බව පෙනෙන්නේ යැයි කී සිරිසේන මහතා ජාත්‍යන්තර සංවිධාන පවා මෙරට දූෂිත දේශපාලනඥයන් ගැන දන්නා බැවින් දූෂිත පිරිස් බලයේ සිටින තුරු රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත්, අති බහුතරයක් ජනතාව ආණ්ඩුවට විරුද්ධ නිසා ඉදිරියේ දී අරගලය වෙනත් ආකාරයකින් ඇතිවිය හැකි බවත් පැවසීය. පක්‍ෂ තීරණයට පටහැනිව යමින් ඇමැති හා රාජ්‍ය ඇමැතිධූර ලබාගැනීම නිසා පක්‍ෂ තනතුරුවලින් නෙරපූ සාමාජිකයන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් නොකළේ ඔවුන්ට පක්‍ෂයේ සිටිය යුතු බවට ඉල්ලීමක් ආ නිසා බවත්, ඒ අයගේ හැසිරීම් රටාව බලන්න කාලයක් දී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.


( ඩයනා උදයංගනී)

Tuesday, September 27, 2022

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පොදු විපක්ෂයට තවත් ඕනෑ මන්ත්‍රිවරු 10යි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. මෙලෙස 113ක බහුතරය ලබා ගනුයේ, ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, එම බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර නව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් කැස්බෑව සමගි ජන බලවේග ආසන බල මණ්ඩලය අමතමින් හෙතෙම සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා,

"අද පොදු විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 103ක් තිබෙනවා. සමගි ජන බලවේගය, ඩලස්ලාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා එකේ ඉතිරී වුණු කලි ටික, ටී.එන්.ඒ. එක මුළුමනින්ම, පොහොට්ටුවෙන් හැලිලා ආපු කෑලි සියල්ලම එකතු වුණාම 103ක් ඉන්නවා. අපට තව 10යි ඕන අත්සන් කරන්න. 113ක් අත්සන් කළාම පාර්ලිමේන්තුව ඉබේටම විසුරුවා හැරෙනවා. රනිල්ට කරන්න දෙයක් නෑ. ඒක අපි කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත්, වෙන කොහේ ගියත්, අද අපි මේ වැටිලා ඉන්න ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න, ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් කියනවා ජනතා මතය තියෙන ආණ්ඩුවක් දෙන්න කියලා. අද මේ රටේ ඉන්න ජනාධිපතිට ජන මතයක් නෑ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවාගෙන ඉන්න අයට ජනමතයක් නෑ. කොටින්ම කිව්වොත් ගමේ ප්‍රාදේශීය සභාවටවත්, නගර සභාවටවත් ජනමතයක් නෑ. ඔය කියන වැඩ බැසිල් පැන්නා ඇමෙරිකාවට. අපි කියනවා පුළුවන් නම් දැන් ජන්දය තියන්න. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා නම් 2024 වෙනකන් ඡන්ද තියන්නේ නෑ කියලා. එයාගේ කෙරුම් අපිත් දන්නවා, අපේ කෙරුම් එයත් දන්නවා. ඒ නිසා අපි එයාට කරලා පෙන්නනවා. 113 අරගෙන අපි බලය ගන්නේ නෑ. මේක විසුරවලා, ඡන්දයක් තියලා, 1977 වගේ තමයි මෙදාපාර සමගි ජන බලවේගය එන්නේ කියලා අපී තමුන්නාන්සෙලාට කියන්න කැමතියි” යනුවෙන් පවසා සිටියේ.


(දිනේෂ් සමරකෝන්)


Tuesday, September 13, 2022

කිඹුල් නඩුවට රාජිත නිවැරදි කරු බව කියයි

ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනස්නාරන්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ. සාක්ෂි විභාගය එළඹෙන 26වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (12දා නියම කළේය. තමන්ට එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පැවසු අවස්ථාවේදී නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා තීරණය කළේය. මෙම නඩුව පවරා පවත්වාගෙන යැමට නොහැකි බවට විත්තියේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර අවස්ථාවක ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීමට තීරණය කරනු ලැබීය  2013 ඔක්තෝබර් 10වැනිදාත්, 2019 නොවැම්බර් 11වැනිදාත් අතර කාලයේ තිඹිරිගස්යාය. ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහන වැවකට දැමූ බවට අසත්‍ය කරුණු පැවසීමට ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු නමින් පෙනී සිටි සරත් කුමාර නමැත්තාට ආධාර අනුබලදීම සහ එම මාධ්‍ය සාකච්ඡාවේදීම කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබී හමුදා භාරයට ගත් රත්තරන් තොගයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සතු  කරගත් බවට අසත්‍ය කරුණු පැවසීමට අතුල සංජීව මදනායක නමැත්තාට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා කිහිපයක් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරල් දිලීප පිරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා එළඹෙන 18වැනිදා සිට නඩුව විභාග කිරීමට තීරණය කළේය.


 (බුද්ධිමාල් රුබේරු)


Tuesday, August 30, 2022

කාරක සභා තුනකට මන්ත්‍රිවරු නම්වෙයි

09වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභවේ. සහ ගාත්‍ය කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව විසින් නම් කර තිබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (29දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේත්ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේය කිරීම සඳහා නම් කළ සාමාජික මන්ත්‍රීවරුන් පහත පරිදි වේ. 

*ඉමිතියාස් බාකීර් මාකර් 

*ජගත් පුෂ්පකුමාර 

*ප්‍රියංකර ජයරත්න 

* දිලිප් වෙදආරච්චි 

*වඩිවේල් සුරේෂ් 

*එස්. වියාලේන්ද්‍රන් 

*අශෝක ප්‍රියන්ත 

*අරවින්ද් කුමාර්

*ගීතා සමන්මලී කුමාරසිංහ 

* බී. වයි. ජී. රත්නසේකර 

*සාරතී දුෂ්මන්ත 

*ගෝවින්දන් කරුණාකරම් 

*ජයන්ත කැටගොඩ 

* මොහමඩ් මුසම්මිල් 

* තුෂාර ඉඳුනිල් අමරසේන

* වේලු කුමාර් මහතා 

* වරුණ ලියනගේ 

* යූ. කේ. සුමිත් උඩුකුඹුර 

* මායාදුන්න චින්තක අමල් 

* නිපුණ රණවක 

* ගාමිණී වලේබොඩ 

* රාජිකා වික්‍රමසිංහ 

* සහන් ප්‍රදීප් විතාන


මේ අතර ස්ථාවර නියෝග අංක 126හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව සඳහා සේවය කිරීමට නම් කළ සාමාජික මන්ත්‍රීවරුන් පහත පරිදි වේ. 

*කපිල අතුකෝරල 

* සු. නෝගරාදලිංගම් 

* සෙල්වරාජා කජේන්ද්‍රන් 

* වරුණ ලියනගේ

* තිස්සකුට්ටි ආරච්චි 

* එම්. උදයකුමාර් 

* සංජීව එදිමාන්න 

* කරුණාදාස කොඩිතුවක්කු 

* මේජර් සුදර්ශන දෙනිපිටිය. 

* ඩබිලිව්. එච්. එම්. ධර්මසේන 

*කිංස් නෙල්සන් 

* රෝහණ බණ්ඩාර 

* කුමාරසිරී රත්නායක 

* ෂානක්කියන් රාජපුත්තිරන්  රාමාණික්කම් 

* ඩී. වීරසිංහ 

* මංජුලා දිසානායක


මේ අතර ස්ථාවර නියෝග අංක 1176 විධිවිධාන සහ 2022 අගෝස්තු 10වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව ගෘහ්‍ය කාරක සභාවේ සේවය කිර්ම සඳහන් නම් කළ සාමාජික මන්ත්‍රීවරුන් පහත පරිදි වේ. 

*ඒ. එල්. එම්. අතාඋල්ලා 

*චන්දිම වීරක්කොඩි. 

* ප්‍රේමලාල් ජයසේකර 

* වී. රාධක්‍රිෂ්ණන් 

* වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

* ජේ.සී. අලවතුවල නිමල් ලාන්සා

*පියල් නිශාන්ත ද සිල්වා 

*ජයන්ත කැටගොඩ 

* චාල්ස් නිර්මලනාදන් 

* ජගත් කුමාර සුමිත්‍රාආරච්චි 

* කිංස් නෙල්සන් 

* මුදිතා ප්‍රිශාන්ති

* මර්ජාන් ෆලීල්




( දිනේෂ් සමරකෝන්)


Friday, August 19, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙදර යවන සටනට මුලිකත්වය ලබා දෙනවා

කාන්තාවන් විසින් ආරම්භ කළ අරගලය කාන්තාවන්ගේ මැදිහත්වීමෙන් අවසන් කරන බවත්, ඒ අනුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යවන සටනට මූලිකත්වය ලබාදෙන බවත් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. ඇය මේ බව පවසා සිටියේ ඊයේ (18දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එවෙමිනි. මේ අතර අරගලකරුවන් මර්දනය කරමින් සානයේ ඔවුන් පැසිස්ට්වාදී විප්ලවකාරයන් උස නම්කිරීමේ ක්‍රියාදාමය වර්තමාන රජය විසින් සිදු කරමින් සිටින බව සඳහන් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, “අරගලයක් කරලා රට තුළ විශාල වෙනස්කම් කිහිපයක්ම කරගෙන තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා පත්වෙන්න ඒක හේතුවක් වුණා. වර්තමාන ජනාධිපතිවරයා අරගලයක් නිසාම පත්වෙලා අනිත් පැත්තට අරගලයට පාරාවළල්ලක් බවට පත්වෙලා තිබෙනවා. මේ වන විට කිසිම දෙයකට සම්බන්ධ නැති, පාරේ බෝඩ් එකක් උස්සන් කෑ ගහපු කාන්තාවන්ව පවා මේ වන විට සී.අයි.ඩී. එකෙන් එක දිගට ප්‍රශ්න කරනවා. මේ අරගලවලට සම්බන්ධ කණ්ඩායම්වලට එරෙහිව වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. මම මේ කියන දේ අවධාරණය කරගෙන තියාගන්න. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේක සත්‍යක් වෙනවා. රාජපක්ෂවරු සෑම අවස්ථාවකම යම්කිසි අර්බුදයක් නිර්මාණය කරලා බලයට ආපු කට්ටිය. අර්බුදයක් නැතිනම් ගොඩඒමක් නෑ. ඒ අනුව තවදුරටත් ආගම් බේදය, ජාති බේදය හරහා  අර්බුදයක් නිර්මාණය කරන්න බැරි නිසා නැවතත් මොවුන් උත්සහ කරන්නේ 88,89 කාලයේ සිදුවුණු දෙයට සමාන කරන වර්තමානයේ අරගලය. එතකොට මේ අරගලකරුවන් මර්දනය කරලා කරලා කිසියම් මොහොතක පිපිරෙන තැනක් එනවා. එක ගල් කැටයක් ගහපු දවසක, ඒක උණ්ඩයක් පත්වුණු දවසක අපි කරපු මේ සියලුම හොඳ දේවල් අරගල සිද්ධියට බැර කරලා අපි සියලු දෙනාට පැසිස්ට්වාදී විප්ලවකාරයන් ලෙස හඳුන්වන්න තමයි මේ හදන්නේ. මේක පටන් ගත්තේ කාන්තාවන්. මේක අවසන් කරන්න වෙන්නෙත් කාන්තාවන්ට. තව මාසයක් දෙකක් යනකන් වීර්වේකීව නිහඬව ඉන්න. අපි පටන් ගත්ත දේ අපිම ඉවර කරනවා. අනිවාර්යෙන්ම මේ රනිල් රාජපක්ෂවත් ගෙදර යවන සටනට අපි මූලිකත්වය දෙනවා” යනුවෙන් සඳහන් කළාය.


 (දිනේෂ් සමරකෝන්)


Wednesday, August 10, 2022

වැඩිම මුදල ආරක්ෂාවෙන් රාජ්‍ය පරිපාලනයට යයි

රුපියල් බිලියන 3,275ක (3,275,876,558,000) රජයේ වියදම් ඇතුළත් 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ (09)දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2021 නොවැම්බර් 07 වැනිදා එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රුපියල් බිලියන 2,796 (2,796,446,558,000) හා සැසදීමේදී එය රුපියල් බිලියන 479.4කින් (479,430,000,000) වැඩිවී තිබේ. මෙවර රුපියල් බිලියන 734.6ක් ලෙස වැඩිම මුදලක් වෙන් කර තිබෙණුයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. දෙවැනියට වැඩිම මුදල වූ රුපියල් බිලියන 654.3ක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 307.1ක්, සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 248ක්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 189.2ක්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට රුපියල් බිලියන 116.3ක් සහ මහජන ආරක්ෂණ අමාත්‍යාංශයට රුපියල් බිලියන 112.8ක් විසර්ජන පනත සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පත මගින් වෙන් කර ඇත. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ලෙස රුපියල් බිලියන 3.03ක් (3,039,740,000) වෙන් කර තිබේ. මෙම 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මගින් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් පහත පරිදි වේ. 


* බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාතශය - රුපියල් බිලියන 7.07ක් (7,010,500,000) බිලියන 17.9ක් (17,926,000,000) * වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය - රුපියල් බිලියන 9.3ක් (9,354,100,000) 

* ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය - රුපියල් බිලියන 307.1ක් (307,108,400,000) 

* කෘෂිකර්ම අමාතශය - රුපියල් බිලියන 138.5 (138,560,485,000) 

* විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය - රුපියල් බිලියන 27.6ක් (27,663,260,000) 

* සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය - රුපියල් බිලියන 7.4ක් (7,417,800,000)

* නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාශය - රුපියල් බිලියන 25.2 (25,205,071,000) 

* අධ්‍යාපන අමාතයංශය - රුපියල් බිලියන 200ක් (200,000,000,000) 

* රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය - රුපියල් බිලියන 734.6ක් (734,674,000,000) 

* වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය - රුපියල් බිලියන 15.9ක් (15,922,000,000) 

* කර්මාන්ත අමාත්‍යාංශය - රුපියල් බිලියන 5.2ක් (5,291,450,000) 

* ධීවර අමාත්‍යාංශය - රුපියල් බිලියන 2.8ක් (2.856,519,000) 

* පරිසර අමාත්‍යාංශය - රුපියල් බිලියන 1.6ක් (1,681,900,000) 

* වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය - රුපියල් බිලියන 7.5ක් (7,594,500,000) 

* ජල සම්පාදන අමාත්‍යාංශය - රුපියල් බිලියන 30.8ක් (30,862,884,000) 

* කාත්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය -රුපියල් බිර්ලියන 116.3ක් (116,349,300,000) 

* වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය - රුපියල් බිලියන 5.8ක් (5,808,775,000) 

* තාක්ෂණ අමාත්‍යාංශය - රුපියල් බිලියන 6.6ක් (6,634,840,000) 

* ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය - රුපියල් බිලියන 4.2ක් (4.267,410.000) 

*මහජන ආරක්ෂණ අමාතශය - රුපියල් බිලියන 112.8ක් (112,808,260,000) 

*කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය - රුපියල් බිලියන 4.7ක් (4,712,000,000) 

* ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය - රුපියල් බිලියන 6.4ක් (6,476,000,000) 

* වාරිමාර්ග අමාත්‍යාංශය - රුපියල් බිලියන 73.3ක් (73,332,000,000)


(දිනේෂ් සමරකෝන්)



Tuesday, August 9, 2022

අයවැය අද 22 හෙට

මෙම සතියේ පාර්ලිමේන්තුව අද (09දා) සිට දින 03ක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. ඒ අනුව අද දිනයේ 2022 වර්ෂය සඳහා වන 2021 අංක 30 දරන විසර්ජන පනත (අයවැය) සඳහා ඉදිරිපත් කෙරෙන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන අතර, හෙට (10) 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මීට අමතරව අද (09දා, හෙට (10) සහ එළඹෙන 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්කබීමේ විවාදය පැවැත්වීමටද පක්ෂ නායකයන් තීරණය කර තිබේ. මේ අනුව පාර්ලිමේන්තුව අද ප.ව. 01.00ට රැස්වීමට නියමිත අතර, ප.ව. 04.30 දක්වා විවාදය පැවැත්වේ. එසේම හෙට සහ 12 වැනිදා යන දිනයන්හි පෙ.ව. 10.00 සිට ප.ව. 04.30 දක්වාද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එසේම මෙම විවාදය සභාව කප්තැබීමේ විවාදයක් බැවින් විවාදය අවසානයේ ඡන්ද විමසීමක් නොපැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසීය. මේ අතර පසුගියදා පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමත් සමග අහෝසි වූ කාරක සභා නව සභාවාරයේ නැවත කඩිනමින් පත්කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇත. මේ අනුව පළමුව භේරීම් කාරක සභාව (Committee of Selection) අද පත් කර ගැනීමටත් අනතුරුව පාර්ලිමේත්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු අනෙකුත් අහෝසි වූ කාරක සභා කඩිනමින් පත්කර ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.


(දිනේෂ් සමරකෝන්)


Tuesday, August 2, 2022

ආර්ථිකය කඩා වැට්ටවූ පාලකයන් සෙවීමට ජනපති කොමිසමක් පත් කරන්න

රටේ ආර්ථිකය කඩා වැට්ටවීමට කටයුතු කළ පාලකයන් ඇතුළු වගකිව යුතු පුද්ගලයන් සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව සමගි ජන බලවේගපාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මේ අතර ජනාධිපතිවරයා පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට එක්ව වැඩ කටයුතු කරන ලෙස පැවසීම එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිදු කළ අගෞරවයක් ලෙස දකින බවත්, ඒ අනුව එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බවත් සඳහන් කළ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා, "අපි දැක්කා ඊයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පොහොට්ටුවේ අයටයි, එක්සත් ජාතික පක්ෂයේ අයටයි ආරාධනා කරනවා එකතුවෙලා වැඩ කරන්න කියලා. මේක එක්සත් ජාතික පාක්ෂිකයන්ට කරපු අගෞරවයක් ලෙස තමයි මම දකින්නේ. මොකද රට අද මෙතනට පත්කරන්න දායක වුණු පොහොට්ටුව සමග අද  ඡන්දදායකයෝ නෑ. පොහොට්ටුව කියන ඡන්ද ලකුණ අද ප්‍රතික්ෂේපකරලා තිබෙන්නේ. ඒ නිසා පැහැදිලිවම අද සමගි ජන බලවේගයඑක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනාටම ආරාධනා කරනවා මේ රට නිවැරදි දිසාවට අරන් යන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි හැමදාමත් ඉන්නේ හරි තැන. අපිටබලය කියන කාරණය වැදගත් වෙන්නේ නිවැරදිව ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් යාන්ත්‍රණයක් ඇතුළේවිතරයි. අපි දැක්කා මේ රටේ පාලකයෝ හැමදාම බලයට පත්වුණේ අර්බුද නිර්මාණය කරලා. ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට එන්නේ මේ රටේ පාස්කු ප්‍රහාරය නමැති බරපතළ ත්‍රස්ත ක්‍රියාව නිර්මාණය කරපු, ඒකට සම්බන්ධ වුණු පසුබිමක කියන සැකය අදටත් ජනතාවට තිබෙනවා. ජාතිවාදය, වර්ගවාදය, ආගවාදය අවුස්සලා බලයට ආපු ගෝඨාභය රාජපට සිදු වුණා අවුරුදු දෙකහමාරකින් රටෙන් පැනලා යන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට ඇවිත් තිබෙනවා. ඒ අර්බුද ගැන එතුමා ගන්න ක්‍රියාමාර්ග මොනවාද? රටේ මිනිස්සු අද මේ විදියට දුක් විදින්නේ ඇයි? දුවා දරුවන්ගේ අනාගතය විනාශ වෙලා තිබෙනවා. රටේ මිනිස්සුන්ගේ සිහින සුන්නත්දූලි කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩය මෙතනට රට තල්ලු කිරීම ගැන රනිල් වික්‍රමසිංහ කතා කරලා තිබෙනවාද? හරීවිදියට නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා මුලින්ම පත් කරන්න ඕන නිමල් සිරිපාලද සිල්වා මහත්මයාගේ නිවැරදිභාවය සොයන කොමිසමක් නෙවෙයි. මේ රට මෙතනටපත් කරපු පාලකයන්ගැන සොයන ජර්නාධිපති විමර්ශන කොමිසමක්.මේ ආර්ථිකය මෙතනට කඩා දැමේ කවුද? බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩිකබ්රාල්, පී.බී. ජයසුන්දර අද රට මෙතනට කඩා දාලා, ප්‍රපාතයට දාලා ඔවුන් අපූරුවට ජීවත් වෙනවා. ඔවුන්ට ආර්ථික ප්‍රශ්න නෑ. රාපක්ෂලාට ඩොලරුත් තිබෙනවා. රුපියලූත් තිබෙනවා. ආරක්ෂාවත් තිබෙනවා. හෙට අනිද්දාගෝඨාභය රාප්පත් එයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ සියලුදෙනාගේ රැකවලා බවට පත්වෙලා. තියෙනවා. ඒ නිසා අපිට පේන්නේ නෑ රට මෙතනට ඇදලා දාපු රාජපක්ෂ පාලනය සහ ඔවුන්ගේ නිලධාරිය පැලැන්තිය සහ ගජමිතුරු පැලැන්තිය ගැන කිසිදු පරික්ෂණයක්,  වගවිභාගයක් වෙනවා කියලා. අපි අභියෝග කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මෙතනට ආර්ථිකය කඩාවැටවීම පිළිබඳ සෙවීමට වහාම ජර්නාධිපති විමර්ශන කොමිෂන් සභාවක් කැඳවන්න කියලා” යනුවෙන් සඳහන් කළේය.

(දිනේෂ් සමරකෝන් )


Friday, July 15, 2022

රූකඩ ජනපති බලතල යොදා ගනිමින් අහිංසක ජනතාව මැඬපැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා

ජනතාව ඉල්ලා අස්වන ලෙස සඳහන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ රැඳී සිටිමින් තවත් රූකඩ ජනාධිපතිවරයෙක් පත් කර තිබෙන බවත්, එලෙස පත් කළ රූකඩ ජනාධිපතිවරයා ජනාධිපති බලතල යොදා ගනිමින් අහිංසක ජනතාව මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත් සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාම් මහතා පැවසීය. ඒ අනුව වර්තමානයේ රට තුළ ජනාධිපතිවරුන් දෙදෙනෙකු සිටින බවත්, එම ක්‍රියාව අසම්මතයක් මෙන්ම වැරදි පූර්වාදර්ශයක් බවත් ඊයේ (14දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. මේ අතර කථානායක මහින්ද යාපා අබේර්ධන මහතා ජනාධීපතිවරයාගේ ඉල්ලා අස්වීම් පිළිබඳ සිදු කරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් රට ගිනි ගැනීමට හැකි බවත්, ඒ අනුව සිදු කරනු ලබන ප්‍රකාශ වගකීමෙන් ප්‍රකාශ කරන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටින බවත් සඳහන් කළ පාර්ලීමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා,

"අද සියලුදෙනාම ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා රටේ මොනවාද සිදු වෙන්නේ කියලා. රට ඉතාමත් භයානක තැනකට යමින් තිබෙනවා. භයානක තැනකට යනවාට වඩා රාජපක්ෂවරුන් විසින් භයානක තැනකට තල්ලු කරනවා, ඇයි ගෝඨාභයට යන කීයද්දි රනිල්ටත් යන්න කියලා කිව්වේ රනිල්ටත් යන්න කිව්වේ වෙන කාරණාවක් නිසා නෙවෙයි. රාජපක්ෂ පවුල ආරක්ෂා කරන ආරක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ආපු නිසා. ඒ නිසා එතුමා දැනගන්න ඕන අග්‍රාමාත්‍ය ධුරයේ ඉදගෙන ජනාධිපති ලෙස වැඩ බැලුවට  සමස්ත රටේ ජනතාවගේ කිසිදු විදියක කැමැත්තක් හෝ ආශිර්වාදයක් එතුමාට කථානායකතුමාට මේ අවස්ථාවේ විශාල වගකීක් තිබෙනවා කරන්න. කථානායකතුමාගෙන් අපී විශේෂ ඉල්ලීමක් කරනවා. කරුණාකරලා රටත් එක්කත්, ජනතාවත් එක්කත් තවදුරටත් සෙල්ලම් කරන සුදානම්වෙන එපා, වහාම ඔබතුමාට ව්‍යවස්ථාවෙන් ලැබිලා තිබෙන බලයත් එක්ක පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කරන ගමන් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් හයට ඉෂ්ඨ කරන්න කියලා අපි ඔබතුමාට කියනවා. ඔබතුමා ඇතැම් වෙලාවට කරන කතා නිසා මේ රටම ගිනි ගන්න පුළුවන්. ඒ නිසා කථානායකතුමා මාධ්‍ය හරහා ඇවිත් කතා කරද්දිත් ඉතාමත්ම වගකීමෙන් කතා කළ යුතුයි කියන එක විශේෂ පණිවිඩයක් ලෙස සම්ගි ජන බලවේගය ලබා දෙනවා.දැන් මේ රටේ ජනාධිපතිවරු දෙන්නයි. කවුද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතියි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතියි. ජනාධිපති කෙනෙක් නිවාඩුවක් අරන් පිටරට ගිහින් වැඩ බලන ජනාධිපති කෙනෙක් පත් කරන එකයි, වර්තමානයේ සිදු කරන එකයි හාත්පසින්ම වෙනස්. මේකෙ අසම්මතයක්. ඒ වගේම වැරදි පූර්වාදර්ශයක් සහ වැරදි ක්‍රමයක්. ජනාධිපතිට යන්න කියලා කිව්වේ ඉල්ලා අස්වෙලා. අවෙලා යනවා වෙනුවට ජනාධිපති තවම ජනාධිපති ලෙස ඉදගෙන තව රූකඩයෙක් ජනාධිපති ලෙස පත් කරලා බලය පවරාගෙන, ඒබලය පාවිච්චි. කරන්න හදනවා රටේ අහිංසක ජනතාව වැඩපවත්වන්න එහෙම කරන්න බැහැ" යනුවෙන් සඳහන් කළේය.

(දිනේෂ් සමරකෝන්)

Thursday, July 14, 2022

හදිසි නීතිය පැනවීම ගැන තීරණයක් ගැනීමට වහා පාර්ලිමෙන්තුව කැදවන්න

හදිසි නීතිය පැනවීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දෙන බව සඳහන් කරමින් 4වැනි සේනාංකය නිවේදනයක් නිකුත් කර තිබේ. එම අරගලයේ නාමයෙන් පොදු දේපළවලට, රාජ්‍ය ආයතනවලට හානි සිදු කිරීමෙන් වැළකී සන්සුන් හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් කර ඇත. අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර තිබේ. "කථානායකවරයා අද දින (13) දා කරන ලද ප්‍රකාශයෙන් පෙනී යන්නේ ජනතා විරෝධිය හමුවේ රටෙන් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් ඉල්ලා අස්වී නැති බවයි. පිට රටක සැඟව සිටිමින් රට අස්ථාවර කර දැමීමේ දුෂ්ට ක්‍රියාවක නියැලෙන බවයි. මේ දුෂ්ට ක්‍රියාව නවතා දමා රටේ ජනමතයට හිස නමමින් වහාම ඉල්ලා අස්වීම් ප්‍රකාශ කරන ලෙස අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දන්වා සිටිමු. එසේ මේ තත්ත්වය යටතේ 20වැනිදා පැවැත්වීමට යෝජනා කර තිබෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම වලංගු වන්නේ නැත. වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වීම ලබා ඇතැයි කියන අගමැතිවරයා තමාගේ පත්වීම විනිවිද පෙනෙන ආකාරයට ප්‍රකාශ කළ යුතු අතර, ඔහු කරන සෑම කටයුත්තක්ම නීතිය බලය සහ ජනතා ක තට අනුකූල විය යුතුය. එහෙයින් පනවා තිබෙන හදිසි නීතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වහාම් පාර්ලිමේන්තුව කැදවීම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ වගකීමකි. එලෙසම තම ක්‍රියාමාර්ග යුක්ත කරගැනීම් සඳහා තම පාර්ලිමේන්තු බලයක් හා විහජන බලයක් තිබෙන බව ඔහු පෙන්වා දිය යුතුය. ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට අමතරව ගන්නා වූ අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා රටේ ලේ වැගිරීම්  සහ සිවිල් යුද්ධ ඇතිවීම වළක්විය හැක්කේ මේ තීරණාත්මක මොහොතේ පාලක පක්ෂය මෙන්ම ජනතාවද ඉහත් වගකීමකින් කටයුතු කළහොත් පමණි. එහෙයින් වහාම පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස අපි අගමැතිවරයාටත් කථානායකවරයාට දැනුම් දෙමු. එසේ” අරගලයේ නාමයෙන් පොදු දේපළ රාජ්‍ය ආයතනවලට හානි සිදු කිරීමේන් වැළකී සන්සුව හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු."


( දිනේෂ් සමරකෝන්)