
ඇලර්ජික් කියන නම ඇහීමත් ඇලර්ජි වුණ අයත් අප අතර ඕනතරම්. සාමාන්යයෙන් අපි අපට අහිතකර අපි අකමැති ඕනෑම දෙයක් හඳුන්වන්නත් සාමාන්ය ව්යවහාරයේදීඅ ඇලර්ජික් කියන වචනය යොදාගැනීම තුළම එය සනාථ වෙන්නක්. ඇලර්ජික් කියන ඉංග්රීසි වචනය සිංහලෙන් අප භාවිත කරන්නේ අසාත්මිකතා නමිනුයි. අසාත්මිකතා ඇතිවෙන්නෙ කොහොමද? මොනවටද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් හේතු දක්වන තත්ත්වයක්. එමෙන්ම සමහරෙකුට අසාත්මිකතාවයක් දක්වන දෙයක් තව කෙනෙකුට හෝ පිරිසකට එසේ නොවෙන්නට පුළුවන්. අසාත්මිකතා නිසා මරණයට පත්වෙනවාද යන්න ඇතැම්විට ඔබටත් මතු විය හැකි ප්රශ්නයක්. ඔව් එය වෛද්ය විද්යාවේදී හඳුන්වන්නෙ ඇනපිලැක්සීස් නමින්. ඒ අසාත්මිකතාවයේ අන්තිම තීව්ර අවස්ථාව හඳුන්වන නම වුවත්, මතක තියාගන්න එය ඇතිවෙන්නට මුල් වෙන්නේ කිසියම් හේතුවක් නිසා මතුවන අසාත්මිකතාවයක්ම බව. සාමාන්යයෙන් මිනිස් සිරුරට නොගැළපීමක්, අහිතකර නොවන්නක් වෙනුවෙන් සමහර පුද්ගලයන් දක්වන සංවේදීතාව අසාත්මිකතා ඇතිකරවන්නට හේතුවක්, අසාත්මිකතා මතුවන්නට මුල් වන එවැනි හේතු මොනවාද යන්න අද අපි පුළුල්ව විමසා බලන්නට අදහස් කළේ මෙවැනි තත්ත්වයක් ඕනෑම කෙනෙකුට තම ජීවිත කාලයේ ඕනෑම දවසක මතු විය හැකි නිසයි. සමහර විට අව්ව, වැස්ස, රස්නය, ශීත මෙන්ම වතුර ආදී ස්වාභාවික තත්ත්වයන් සේම පරිසරයේ ඇති දූවිලි, දූවිලිවල වෙසෙන සියුම් ජීවීන් කොටසක් වූ මයිටාවන් මෙන්ම සුරතල් සතුන්ගේ ලෝම හා එම සත්ත්වයන්ගේ සිරුරේ වෙසෙන සියුම් මයිටා විශේෂයන්, කුඩා දරුවන්ගේ ආදරයට පාත්ර වෙමින් නිතර ඔවුන් අත තබාගන්නා ඇතැම් සැහැල්ලු ක්රීඩා භාණ්ඩ ලෙස සැලකෙන ටෙඩී බෙයා වැනි සතුන්, මල් සහ ඇතැම් ශාක, විවිධ ආහාර, කෘමි දෂ්ටයන් ඇතැම් ආලේපන, සුවඳ විලවුන් සහ ස්ප්රේ වර්ග සමහර බෙහෙත් සහ ප්ලාස්ටර් ආදී වෛද්යමය අවශ්යතාවන් සදහා භාවිත කරන උපකරණ යනාදිය ඕනෑම අවස්ථාවක ස්ත්රී පුරුෂ භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව ඕනෑම දවසක ඕනෑම වෙලාවක මතුවන්නට පුළුවන්. සුරතල් සතුන්ගෙන් ඇතිවන අසාත්මිකතා මෙන්ම නිවැසියන්ගේ ඇතැම් පුරුදු එනම් දුම්පානය වැනි දෑ, මදුරු කොයිල් වැනිදැයින් නිකුත් වන දුම් යනාදිය, සමහර පිරිසුදුකාරක එසේ අසාත්මිකතා ඇති කරන අතර, එය සමහර විටක සමහර පුද්ගලයන්ට පමණක් බලපානු ලබන තත්ත්වයක් ලෙස පමණක් හඳුනාගැනෙන අවස්ථා ඇත. දැන් අපි මේවා අපට ශරීරගත වන ක්රම ආදියත් යම්තාක් දුරකට සොයා බලමු. සුරතල් සතුන් යැයි කී විට එය බල්ලන් බළලුන් පමණක් යැයි සිතන්නට සමහරු පෙලඹේ. නැත, සුරතල් සතුන් යැයි කියූ විට බල්ලන්, බළලුන්, හාවුන් සහ පරෙවියන්, කුකුළන්, බජිරිගාර්ඩි (ලව් බර්ඩ්ල්) හා ඇතැම් කුරුල්ලන්ගේ පිහාටු අතර සිටින ඇසට නොපෙනෙන මයිටාවන් අපට අසාත්මික විය හැකිය. ඇසට නොපෙනෙන මයිටාවන් අපට ආග්රහණය වෙන්නට සමත් වෙන තවත් අවස්ථාවකි දූවිලි. බොහෝ දෙනෙකු සිතන්නේ පාරේ දූවිලි ආදිය ගැන පමණක් වුවත්, දූවිලි බොහෝ විට ඔබව ආක්රමණය කරනු ලබන්නේ ඔබේම නිවසේ සිට විය හැකිය. ඔබට නොපෙනුණාට නිවසේ විදුලිපංකාවල මතුපිට සහ තිර රෙදිවල, ගෘහභාණ්ඩවල ඇසට නොපෙනෙන තරම් සියුම් දූවිලි තට්ටු රැඳී තිබෙනු ඇත. ඒවා වාතයට එක්වී ඔබට ආග්රහණය වීමෙන් ඒවාට ශරීරය විවිධ ආකාරයේ ප්රතිචාර දක්වන්නට වීම අසාත්මිකතාවයකට ඔබ ගොදුරු වීමට හේතුවක් වනු ඇත. විවිධ ආහාරපාන සම්බන්ධයෙන්ද අසාත්මිකතා දක්වන්නන් අපට අනන්තවත් හමුවේ. සමහරුන්ට අන්නාසි, අච්චාරු, තක්කාලි, මස් වර්ග, මීකිරි, අයිස්ක්රීම්, ශීත කළ පාන වර්ග, හතු වර්ග, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, අල වර්ග, කොළ වර්ගවලට එසේ අසාත්මිකතා දක්වන්නන් හමු විය හැකිය. රෝග ලක්ෂණ ලෙස මතුවන්නේ සිරුරේ සම කැසීම, පලු දැමීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම, සම රතු පැහැ වීම, ඇස් රතු වීම, අධික හිසරදය, වමනය, බඩඑළිය යාම වැනි ලක්ෂණ විය හැකිය. මදුරුවන් සහ දළඹුවන් ආදී සතුන් සම්බන්ධයෙන්ද එවත් අසාත්මිකතා සම ආශ්රිතව ඇතිවෙයි. එවත් සතුන් සම හා ස්පර්ශ වූ විට ඔවුන් දෂ්ට කළ විට සම කැසීම, රතු වීම, ඉදිමීම මෙන්ම අධි වේදනාවන් මතුවීමට ඉඩ තිබේ. බොහෝ විට එම පැල්ලම් සම මත ඉතිරි විය හැකිය. ඇතැම් රසායනික ද්රව්ය නිසාද අසාත්මිකතා බහුල විය හැකිය. වැසිකිළි පිරිසුදුකාරක මෙන්ම ඇතැම් ඩිටර්ක්ස් වර්ග සමග ගැටුණු විටද, සුවඳ විලවුන් ස්ප්රේවලටද, ඇතැම් ආලේපන ආදියටද එසේ ආසාත්මිකතා මතු විය හැකි අතර, සමහර අයට කරාබු, මාල, මුදු, ඔරලෝසු ආදියට එසේ අසාත්මිකතා මතුවන්නට ඉඩ ඇති අවස්ථාද ඇත. එය ලෝහමය ද්රව්යයන්ට ඇතිවන අසාත්මිකතාවයයි. සමහරුන්ට අධික හිරු රශ්මියට නිරාවරණය වීම නිසාද, අධික සීතලට නිරාවරණය වීම නිසාද අසාත්මිකතා මතු විය හැකිය. ඇතැමුන්ට වතුරට මතුවන අසාත්මිකතාද පවතින බව ඔබ දැන සිටියාද? සම කැසීම, පලු දැමීම සහ සම රතු වීම එවැනි අවස්ථාවක රෝග ලක්ෂණ වේ. ඇතැම් ඖෂධ නිසා මතුවන අසාත්මිකතා විශේෂය, ඇස්ප්රීන්, බ්රූෆන්, පෙනිසිලින් වැනි ඖෂධ සඳහා අසාත්මිකතාවයන් දක්වන අයද සිටිය හැකිය. කිසියම් ඖෂධයක් තමන්ට එසේ කලින්ම අසාත්මිකතා දක්වා ඇත්නම්, ඔබ වෛද්යවරයෙකු වෙත එළඹෙන අවස්ථාවලදී ඒ බව දැනුම් දීමට නිතරම මතක තබා ගන්න. වෛද්ය නිර්දේශවලින් තොරව ඖෂධ නොගන්නා ලෙස උපදෙස් දෙන්නේ එවන් අසාත්මිකතාවයක් මතුවී ඇනපිලැක්සීස් තත්ත්වයකට ගොදුරු වුවහොත් රෝගියා මරණයට පත්වීමට වුවද ඉඩ ප්රස්ථාව ඇති බැවිනි. අසාත්මිකතාවයක් ඇතිවුවහොත් එය අසාත්මිකතා ලක්ෂණයක් වශයෙන් හඳුනාගන්නේ හෝ සැළ කරන්නේ කෙසේදැයි දැන් අපි විමසා බලමු. බොහෝ අසාත්මිකතා ලක්ෂණ සම ආශ්රිතව මතු කළත්, අසාත්මිකතාකාරකය රුධිරයට එක්වී ඇතිනම් මතුකරන රෝග ලක්ෂණ ශරීරයේ ඕනෑම ස්ථානයක මතු විය හැකි බව ඔබ දැන සිටිය යුතුමය. ප්රධාන වශයෙන්ම ශරීරයේ පිටතින් පෙන්වන අසාත්මිකතා ලක්ෂණ මොනවාද යන්න අපි පළමුව විමසා බලමු. ශරීරයේ පලු මතුවීම, මානසික ආබාධ ඇතිවීම, ඇදුම, හිසරදය, ඇස්වලින් කඳුළු ගැලීම, රතු වීම, සමේ දද ඇතිවීම, රතුපැහැ වීම, සම කැසීම රස්නයක් දැනීම, සොටු දියර ගැලීම, කැස්ස ඇතිවීම, ඇතැම් විට සිහිය නැතිවීම පවා සිදුවිය හැකිය. සිහි නැතිවීම දක්වා දියුණු වූ ආසාත්මිකතා ලක්ෂණ අප පෙර කියූ ඇනපිලැක්සීස් (Anaphylaxis ) තත්ත්වයක් වීමටද ඉඩ තිබේ. එවන් අවස්ථාවක ඉක්මනින් රෝහල්ගත විය යුතුය. ඇනපිලැක්සීස් තත්ත්වයකදී රුධිර පීඩනය අඩු වීම නිසා රෝගියා කම්පත තත්ත්වයකට පත්විය හැකි අතර, නිසි ප්රතිකාරවලට ලක් නොවුණහොත් රෝගියා මිය යා හැකිය. යම් ආකාරයකින් අසාත්මිකතාකාරකය පුද්ගලයෙකුගේ පෙණහලු වෙත ඇතුළු වුවහොත් තොල් ඉදිමීම, වමනය, ඔක්කාරය, පාචනය ඇති විය හැකි බව මතක තබාගන්න. දැන් අප අසාත්මිකතා සම්බන්ධයෙන් පවතින ප්රතිකාර සම්බන්ධයෙන් විමසා බලමු. හොදම ප්රතිකාරය වනුයේ ඔබට අසාත්මිකතාවයක් ඇතැයි හදුනාගත් දැයින් වහාම ඈත්වීමයි. සාමාන්යයෙන් වෛද්යවරුන් විසින් ඇන්ටින්ට්හිස්ටමින් ( ANTIHISTAMINE) කාණ්ඩයට අයත් ඖෂධ වර්ග අසාත්මිකතාවයට ලක්වූ අයට නිර්දේශ කරනු ඇත. මෙම කාණ්ඩයේ ඖෂධ ගිලින පෙති, එන්නත්, නාසයට හා ඇසට දමන දියර ලෙස ලබාදෙනු ඇත. මේ හැරෙන්නට ඩිසෝඩියම්බ්රොමොග්ලයිකේට් (Disodiumcromoglycate) කාණ්ඩයේ ඖෂධද මේ සදහා වෛද්ය නිර්දේශය යටතේ ලබාදෙයි.හයිඩ්රොකෝර්ටිසෝන්, ප්රෙඩිනිසිලෝන්ද එවන් අවස්ථාවල ප්රතිකාර ලෙස නිර්දේශ වීමට ඉඩ ඇත. තවත් සමහරුන්ට හිසකෙස් වර්ණකාරක බහුල ලෙස අසාත්මිකතා ඇතිකරන බැවින්, ඔබ හිසකෙස් වර්ණකාරකයක් යොදාගන්නට පළමුව කණ පිටුපස ඉතා ස්වල්පයක් තවරා පැච් ටෙස්ට් එකක් කළ යුතුය. ඔබ ඇදුම රෝගියෙකු නම් හිසකෙස් වර්ණ ගැන්වීමට ප්රථම ඔබේ පවුලේ වෛද්යවරයාගේ උපදෙස් පිළිපදින්න.
සටහන - නාලිකා රාජපක්ෂ