Showing posts with label local g. Show all posts
Showing posts with label local g. Show all posts

Wednesday, January 20, 2021

නිවස තුළම මියගිය පුද්ගලයාටත් කෝවිඩ්

ගිංතොට ප්‍රදේශයේ තම නිවස තුළ මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් ආසාදිත වී ඇති බවට ඊයේ (19) තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගිංතොටගොඩවත්ත පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු පෙරේදා (18දා) තම නිවසේදි මියගොස් ඇති අතර පසුව මරණ පරීක්ෂණය සඳහා මළසිරුර කරාපිටිය රෝහලට ගෙන ඒමෙන් පසු සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකින් අනතුරුව කෝවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙන බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

කෝවිඩ් සෞඛ්‍ය නීතිරීතිවලට අනුව මළසිරුර ඊයේ (19දා) ආදාහනය කිරීමට නියමිතව තිබිණ.

- රවිදු දියගහගේ -