
(මනොජ් හර්ෂිකා)
වයඹ පළාත් ප්රධාන නගරයකට ආසන්න ගමක ජීවත්වන ගැමි පවුලකි. මෙම පවුලෙහි තාත්තා, අමිමා පුතා සහ පුතාගේ බිරිය සමග එකම නිවෙසක සියල්ලෝම ජීවත්වෙති.
එකම නිවෙසක එකට ජීචත්වුවද මොවුහු පවුල් දෙකක් ලෙස තම ජීවන කටයුතු සිදු කරයි. දිනක් අසල්වැසි නිවෙසක වයෝවෘද්ධ පුද්ගලයෙක් මරණයට පත්වුයේය.
එහි සියලු වැඩියුතු කිරීමට සිදුවුයේ ගමේ මරණාධාර සමිතියටය.ගමේ මරණාධාර සමිතියේ සාමාජිකත්වය පවුල් දෙකක් ලෙස මොවුන් ද ලබා ගෙන තිබුණි. මළ ගෙදර සියලු වැඩ කටයුතු මරණාධාර සමිතියේ නිලධාරියකු විසින් කොළයක ලියා දේහය තැත්පත් කර තිබු නිවසේ කාටත් පෙනෙන සේ අලවා තිබුණි.
මද ගෙදර අවසන් කටයුතු කිරිමට පෙර දිනයේ රාත්රියේ මාමණ්ඩි සහ ලේලිය මළ ගෙදර සිට නිවෙස වෙත යන්නේ තමන්ට පවරා ඇති කාර්යයන් බලා පෙර සුදානම් වීමට ඇති නිසාවෙනි.
අවසන් කටයුතු කිරිමට පෙර දිනය වු බැවින් විශාල පිරිසක් අවමංගල්යයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටින අතරම ඒ ගැන වැඩි තැකීමක් නොකරම මාමණ්ඩිය කොළය කියවීය.
එම කොළයෙහි වැරැදීමකින් ඕහුව ඉවීමේ කටයුතුත්. ලේලියට වල කැපීමේ කටයුතුත් පවරා තිබුණි. එය කියවූ ඔහු ඉතා උස් හඩින් මෙසේ කීය "මහත්තයෝ මගේ නම් කපලා වළට දාන්න දුවගේ නම කපලා උයන්න දාන්න" යැයි කීවේ මළ ගෙදර සිටි කාගෙත් මුවගට සිනහ ගන්වමිනි.












































