දෛනිකව වාර්තා වන කෝවිඩ් රෝගීන් ප්රමාණය ඉහළ යමින් තිබුණද, එය පාලනය කිරීමට සෞඛ්ය අමාතශ්යයට හෝ රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.මේ නිසා ඉදිරීයේදී කෝවිඩ් රැල්ලක් ඇති වුවහොත් එය පාලනය කිරීම දුෂ්කර කටයුත්තක් වන බවත්, මේ නිසා කඩිනමින් කෝවිඩ් පාලනය කිරීම් සඳහා වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් එම සංගමයේ ලේකම්, වෛද්ය හරිත අලුත්ගේ මහතා පැවසීය.එහෙත් තවමත් රට තුළ ක්රියාත්මක වන්නේ, මේ වසරේ ජනවාරි මාසයේදී නිකුත් කළ කෝවිඩ් මාර්ගෝපදේශ බවත්, එය වර්තමානයට ගැළපෙනවාද නැද්ද යන්නත් ගැටලුවක් බවත් හෙතෙම පවසා සිටියේය. පවතින මාගෝපදේශවලට අනුව රෝගියෙකු වන පුද්ගලයෙකු දින 07කින් සමාජගත වන බවත්, ආශ්රිතයන් නිරෝධායන කිරීම නිසි ලෙස සිදුනොවන බවත් පවසා සිටි ලේකම්වරයා, නව කෝවිඩ් ප්රභේදය ගතහොත් එය ශීඝ්රයෙන් පැතිර් යන බවත් වෛද්යවරයා පැවසීය. මේ වනවිට දෙනිකව වාර්තා වන කෝවිඩ් රෝගීන්ගේ ප්රමාණය 200 ඉක්මවා යමින් තිබෙන බවත්, කෝවිඩ් රෝගීන් 200 වාර්තා වනවිට කෝවිඩි සම්බන්ධ මරණ අටක් නවයක් දෛනිකව වාර්තා වන අතර, වාර්තා වන රෝගීන්ගේ ප්රමාණයට අනුව මරණ ප්රතිශතය ඉහළ අගයක් ගෙන තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. දැනට කෝවිඩ් රෝගීන් හමුවන්නේ,කුමන ප්රදේශවලින්ද යන්න හෝ දෛනිකව වාර්තාවන රෝගීන් සොයා ගන්නේ කෝවිඩ් පරික්ෂණ කොතරම් ප්රමාණයක් සිදුකිරීමෙන් පසුවද යන්නවත් සෞඛ්ය බලධාරීන් සතුව තොරතුරු නොමැති බවද වෛද්යවරයා සඳහන් කළේය. මේ නිසා කෝවිඩ් අවදානම් තිබෙන ප්රදේශ හඳුනාගෙන සිදුකළ යුතු වැඩකටයුතු පිළිබඳ තීරණයක් ගැනීමටත් වෛද්යවරුන් ඇතුළු සෞඛ්ය සේවකයන්ට නොහැකි බවද ඒ මහතා පවසා සිටියේය. මීට අමතරව දෛනිකව සිදුකරන කෝවිඩ් පරීක්ෂණ ප්රමාණය හෙළි නොකිරීම නිසා කෝවිඩ් තත්ත්වය පිළිබඳ ජනතාවට නිවැරදිව සන්නිවේදනය කිරීමටත් නොහැකි වී තිබෙන බවද වෛද්යවරයා පැවසීය.නව කෝවිඩ් ප්රභේද්රය වන BA,5. ප්රතිශක්තිකරණ පද්ධතිය මගහැර මීට පෙර කෝවිඩ් වැලඳුණු අයෙකුට පවා නැවත කෝවිඩ් රෝගය වැලඳිය හැකි බවට පක්ෂණවලින් තහවුරු වී තිබෙන බවත්, නව කෝවිඩ් ප්රභේදය. ලොව පුරා රටවල් ගණනාවක ඉතා ශීඝ්රයෙන් පැතිර යමින් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.එසේම පවතින තත්ත්වය කළමනාකරණය කිරීමට සෞඛ්ය අමාත්යාංශ කෝවිඩ් මෙහෙයුම් මැදිරිය නැවත සක්රීය කරන ලෙසත්, කෝවිඩ් මර්දන තාක්ෂණික කමිටුව නැවත කැඳවන ලෙසත් තම සංගමය විසින් අවස්ථා ගණනාවකදීම සෞඛ්ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් එම කටයුතු සිදුකර නොමැති බවද වෛද්යවරයා සඳහන් කළේය. ශ්රී ලංකාව තුළද මේ වනවිට නව කෝවිඩ් ප්රභේදය හමු වී තිබෙන බවත්, දෛනික රෝගීන් ගණන මෙන්ම මරණ ගණනද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බවත් ඒ මහතා ප්රකාශ කළේය. දෛනිකව වාර්තා වන රෝගීන් ගණන මෙන්ම මරණ ගණනද ඉහළ යන පසුබිමක ඉදිරි කෝවිඩ් රැල්ලක් වළක්වා ගැනීමට අප මේ දක්වා ගෙන ඇති පියවර ප්රමාණවත්ව යන වහාම සමාලෝචනය කළ යුතු බවත්, ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වාදී ඇති පරිදි ඉදිරි කෝවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා තහවුරු වී ඇති හොඳම ක්රමවේදය වන චීනකරණය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම බවත් වෛද්යවරයා පැවසීය. තුන්වැනි මාත්රාව ලබාගෙන තිබෙන්නේ, පුද්ගලයන් 8,060,000ක ආසන්න ප්රමාණයක් බවත්, එය ප්රතිශතයක් ලෙස කෝවිඩ් එන්නත ලබාගැනීමට සුදුසුකම් තිබෙන පිරිස සැලකීමේදී 50%ක ප්රතිශයක් බවත් පවසා සිටි හෙතෙම, මෙම ප්රතිශතය ආසන්න වශයෙන් තවත් 20%කින්වත් ඉහළ අගයක් ගත යුතු බවද පවසා සිටියේය. හතරවැනි මාත්රාව ලබාගෙන තිබෙන්නේ 82,000කට අධික පිරික් බවත්, කෝවිඩ් රැල්ලක් වළක්වා ගැනීම සඳහා තුන්වැනි මාත්රාව ලබාගත් පිරිසෙන් 30% වැඩි ප්රතිශතයක් හතරවැනි මාත්රාව ලබාගත යුතුව තිබෙන බවත් වෛද්යවරයා සඳහන් කළේය. කෝවිඩ් පාලනය කිරීම සඳහා ජනතාවගේ කැපකිරීම් සේම සෞඛ්ය අමාත්යාංශයේ හා රජයේ නිවැරදි මගපෙන්වීම හා තීන්දු තීරණ ගැනීම හා ඒවා ක්රියාත්මක කිරීම සිදුකළ බවද ඒ මහතා පවසා සිටියේය.
(ඉන්දික හේවාවිතාරණ)
