Showing posts with label world G1. Show all posts
Showing posts with label world G1. Show all posts

Friday, January 3, 2020

ඉන්දුනීසියාවේ වර්ෂාව වසර 24දී වැඩිම වර්ෂාවලු

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙත මේ දිනවල ඇදහැල‍ෙමින් පවතින අධික වර්ෂාව පෙර නොවූ විරූ අවස්ථාවක් බව එරට කාලගුණික විද්‍යා, දේශගුණික විද්‍යා සහ භූ විද්‍යා බලධාරීන් පවසයි. ඔවුන් පවසන ආකාරයට මේ වනවිට මිලීමීටර් 377කට ආසන්න වර්ෂාවක් ජකර්තා නුවර වෙත ලැබී ඇත, මෙය වසර 24කට පසුව ඇති වුණු දරුණු තත්ත්වයක් බව ඔවුන් සඳහන් කරයි. අවසන් වරට ජකාර්තා නුවරට වැඩි වර්ෂාවක් ලැබී ඇත්තේ 1996 වසරේදීය. මෙම වර්ෂාව ඉදිරි සතිඅන්තයේදීද එලෙසින්ම පැවතීමේ අවදානමක්ද පවතී. දැනටමත් ජාවා දූපත් ඉහළ අහසේ වැහි බර වලාකුළු රැසකින්ම පවතින බවද බලධාරින් සඳහන් කර සිටියි. මේ අතර, අදාළ වර්ෂාව නිසා ඇති වුණු ගංවතුර තත්ත්වයද හේතුවෙන් මේ දක්වා ජකර්තා
අගනුවර පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් 62,000කට ආසන්න පිරීසක් මෙහිදී අවතැන් සිටිති. ගංවතුර පාලන යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම ජලගැලීම් නිසා සිදුවුණු හානිය ඉහළ යාමට හේතුව බව එරට ජනපති ජෝකෝ විඩෝඩෝ චෝදනා කර සිටියි.

Monday, December 23, 2019

දේව අපහාස කළ තඨිකාචාර්යවරයාට මරණ දඩුවම

මුහම්මද්තුමන්ට අපහාස කළ බවට චෝදනා ලැබූ පාකිස්තාන කථිකාචාර්යවරයාට මරණ දඩුවම් පැමිණවීමට එරට ත්‍රස්ත විරෝධී අධිකරණය පසුගියදා තීරණය කර තිබේ. ජුනායිද් හෆීස් නම් 33 හැවිරිදි වියේ පසුවන මෙම කථිකාචාර්යවරයා 2013 වසරේදී සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා මුහම්මද්තුමන්ට සිදුකළ අපහාසයක් සම්බන්ධයෙන් ම‍ෙල‍ෙස චෝදනා ලැබ සිටියේය. පාකිස්තානයේ බලාත්මක මෙම දේව අපහාස නීතිය යටතේ ඔහුට මුරණ දඩුවම නියම වී ඇත.
මේ අතර, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වු නීතිඥවරයෙකුද දැනටමත් නාඳුනන පුද්ගලයන්ගේ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත. මේ කාරණා සියල්ල පසුපස පාකිස්තානයේ දැඩි මතධාරීන් මුස්ලිම් අන්තවාදීන් සිටින බවට චෝදනා එල්ල වී තිබේ. මහාචාර්යවරයාට එරෙහිව ලබා දී ඇති තීන්දුව සාධාරණ නොවන බවට ඔහුගේ නීතිඥයන් කරුණු දක්වා තිබේ. ඒ අනුව ඉදිරියේදී ඊට එරහිව අභියාචනාවක්ද ඉදිරිපත් කිරීමට ඔවුන් සුදානමින් සිටියි.

Thursday, November 14, 2019

චාර්ල්ස් කුමරු ඉන්දියාවේ සංචාරයක

බ්‍රිතානයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (13දා) ඉන්දියාව වෙත පැමිණියේය. මෙය බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව අතර සබඳතා යටතේ චාල්ස් කුමරුන් එරට සංචාරය යෙදෙන දස වැනි අවස්ථාව බව ඉන්දයාවේ බ්‍රිතාන්‍ය  මහ කොමසාරිස් කාර්යාලය පවසයි. විවිධ උත්සව සහ පිළිගැනීම් අවස්ථා කිහිපයක් සදහාම සහභාගිවීම අරමුණින් කුමරුන් මෙලෙස ඉන්දියාව වෙත පැමිණ තිබේ.
 ඒ යටතේ චාල්ස් කුමරුන් ඉන්දියාවේ කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව වෙත සංචාරය කිරීමට නියමිතව ඇතී අතර, එහිදී දේශගුණික විපර්යාස පිළිබඳව සාකච්ජාවක් සඳහා සම්බන්ධවීමට නියමිතව තිබේ, එසේම ඉන්දීය පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍යයන් වෙතින් පිරිනැමෙන "Point of Light" නම් සම්මානය ඉන්දීය කන්තාවක් වෙත පුද කිරිමේ අවස්ථාවක් වෙතද ඔහු සඛන්ධ වෙයි. ඉන්දියාවේ ආබාධිත දරුවන් සහ පවුල් වෙනුවෙන් එම කාන්තාව සිදු කළ උපදේශන සේවාවට ගරු කිරීමක් ලෙස ඇය මෙම සම්මානයට නිර්දේශ වී තිබේ.

මේ අතර සික් ආගමේ නිර්මාතෘවරයා ල‍ෙස සැලකෙන ගුරු නානක්තුමන්ගේ 550 වැනි උපන්දින සැමරුම් වෙනුවෙන් පැවැත්වෙන උත්සවය වෙතද චාර්ල්ස් කුමරුන් සම්බන්ධ බවයි,එසේම ලෝක යුද්ධ අවස්ථාවලදී ඊට දායක වූ ඉන්දියාවේ, එක්සත් රාජධානිය මෙන්ම සමස්ත පොදුරාජය මණ්ඩලීය රාජ්‍යයන්හි සොල්දාදුවන් සැමරීමේ අවස්ථාවන් වෙතද කුමරුන් එක්වීමට නියමිතය. ඒ අමතරව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරීකයන් කිහීප දෙනෙකු හමු වී සාකච්ඡාවක් පැවැත්වීමටත්, තිරසාර වෙළෙඳ පොළක් ඇති කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳ පැහැදීළි කිරිමටත් වාල්ස් කුමරුන් දායක වනු ඇතැයි ද පවසයි.

Wednesday, November 13, 2019

රයිනෝ සතුන් බේරීමට අශ්වයන් ඉදිරිපත් වෙයි



ලොව තුල සිදුවන නීති විරෝධි රයිනෝසිරස් සතුන් දඩයම වැළැක්වීම සදහා කෘතීමව සැකසු ඩයිනෝසිරස් අගක් ආවා පදනම් විද්‍යාඥයන් පිරිසක් කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි. මෙම ශක්තිමත්, ඝනකම් රයිනෝසිරස් අඟ ලබා ගැනීම සදහා එම රයිනෝ සතුන් දඩයම් කිරීම සිදු වෙයි. ඒ අනුව
මෙම දුර්වල රයිනෝ සතුන් අයකරුවෘන්ගේ ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙම කෘතිම රයිනෝ අඟ ඉදිරිපත් කරන්නට කටයුතු යෙදී ඇත. මෙවැනි කෘත්‍රිම අඟ තොග පිටින්  වෙළද පාළට නිකුත් කර රයිනෝ අග සඳහා වන වටිනාකම අඩු කිරීම ඔවුන්ගේ අරමූණ වී තිබේ. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ චීනයේ  ෆුඩාන් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් එක්ව මෙම නව රයිනෝ අග හඳුන්වාදීමට පර්යේෂණ සිදුකර ඇත.

 එහිදී අශ්වයන්ගෙන් ලබාගන්නා කෙස් ආධාරයෙන් මෙම නව අග නිර්මාණය කිරීමට ඔවුන් අත් හදා බැලීම් සිදුකර තිබේ."රයිනෝසිරස් අඟක ඇති. අමුද්‍රව්‍ය හා සමාන ලක්ෂණ සහිතව පහසුවෙන් සහ අඩු මිලකින් වඩාත් සර්වසම රයිනෝ අඟක් නිර්මාණය කරන්නට යොදා ගත හැකි හොදම දේ අශ්ව කෙස් බව
 අපි පර්යේෂණ කිහිපයක් හරහාම හඳුනාගත්තා.ඔක්ස්ෆර්ඩ්  විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යාල මහාචාර්ය ෆ්‍රිට්ස් වොල්රාත් පවසයි.

දත්ත වාර්තාවලට අනුව 2018 වසරේදී දකුණු අප්‍රිකාව තුළදී පමණක් රයිනෝසිරස් සතුන් 769 දෙන‍ෙකු දඩයම් කෙරී ඇත. එසේම අප්‍රිකානු මහද්වීපය තුළදී දඩයම් කෙරුණු බවට වාර්තා වී ඇති රයිනෝ සතුන්  සංඛ්‍යාව 892කි.මෙම රයිනෝ අඟ චීනයේ‍ සම්ප්‍රධායික ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගැනීම ඒවායේ ඉල්ලුම වැඩි කිරීමට හේතු වී ඇත. එසේම මිල අධික කැටයම් සදහාද මෙම අඟ යොදා ගනියි.

වර්තමානය වනවිට සුදු රයිනෝ සතුන් 20,000කට ආසන්න සංඛ්‍යාවක් ව‍ෙසෙන අතර, කළු රයිනෝ සතුන් 3,500කි. මීට අමතරව සුමාත්‍රා සහ ජාවානු රයිනෝසිරස් අතරින් අද ඉතිරිව ඇතිතේ සතුන් 80ක් සහ 68ක් පමණක් බව ලෝක  වනසත්ව අරමුදල පවසයි.

Tuesday, October 22, 2019

මාධ්‍ය නිදහස වෙනුවෙන් ඔස්ට්‍රේලියානු පුවත්පත් සටන

ඔස්ට්‍රේලියානු රජය එරට මාධ්‍යය වාරණයට ලක් කරමින් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ක්‍රියාත්මක කර ඇති දැඩි මර්දනකාරී පිළිව‍ෙත එරෙහිව යමින්, රට පුවත්පත් සියල්ලම පාහේ එකාවන්ව වීරෝධයක් දක්වා ඇතැයි වාර්තා වෙයි. එරට මාධ්‍ය ඒක්ව පිහිට වූ තොරතුරු දැනගැනීමේ අයිතිය උදෙසා වූ සන්ධානය" නම් එකමුතුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.  ඒ අනුව ඊයේ (21දා දිනයේදී එරට පළවුණු The Australian. The Sydney Morning Herald  සහ Australian Financial Reviews යන තවත් පුවත්පත් රැසක් සිය මුල් පිටු මත පුවත් පළ නොකර ඒ පුවත් කළු පැහැයෙන් යුත් තීරුවලීන් වසා දැමීමට පියවර ගෙන තිබුණි. මෙතෙක් කලක් තරගකාරීව කටයුතු කළ මාධ්‍ය එකට එක්වීම මෙහි ඇති විශේෂත්වයයි,
එම යම් යම් සංවේදී පුවත් පළ කිරීම් සීමාවන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය මිස්ට පෙර නිකුත් කර තිබූ නිවේදනයද ඇතැම් පුවත්පත් සිය මුල් පිටුවේ පළ කර තිබෙනු දැකගත හැකි විය. මීට අමතරව රූපවාහිනි නාලිකා හරහාද එම පුවත්පත් මෙම විරෝධිය පිළිබඳව දැන්වීම් පළ කිරීමට කටයුතු යොදා තිබූ බව වීදෙස් මාධ්‍ය පවසයි.  පසුගිය ජුනි මාසයේදී එරට ABC රූපවාහිනි නාලීකාවේ සිඩිනී මූලස්ථානය තුළදී සහ නාව්ස්කෝර්ප් සමාගමේ මාධ්‍යවේදිනී අනිකා ස්මෙකර්ස්ටිගේ නිවස තුළදී එරට පොලිසිය සිදු කළ හදිසි වැටලීම් සහ සෝදිසියට එරහිව මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය උදෙසා වූ සන්ධානය'නම් එකමුතුව පිහිටුවා
කළබවට එම ආයතනයට සහ මාධ්‍යයනියට එල්ල වූ මෙම චෝදනා ම‍ෙම සෝදිසිය සඳහා හේතුව විය.
මේ අතරින් ස්මෙතර්ස්ට් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව රජය ඔස්ට්‍රේලියානු පුරවැසියන් පිළිබඳ ඔත්තු බැලීම සදහා සුදානමක් පවතින බවට තොරතුරු හෙළිදරව් කෙරිණි. එසේම ABC නාලිකාවේ වාර්තාකරුවන් දෙදෙන‍ෙකු ඕස්ට්‍රේලියානු විශේෂ බළකාය ඇෆ්ගනිස්තානයේදී සිදුකළ බිව් කියන යුද අපරාධ පිළිබඳව තොරතුරු අනාවරණය  තිබේ. මෙම චෝදනා යටතේ එම මාධ්‍යවේදීන්ට
එරෙහිව දඩුවම් පැමිණවීමටද රජය කටයුතු යොදා  තිබේ. මීට අමතරව රජයේ තොරතුරු රහසේ මාධ්‍යය  වෙත ලබාදෙන රාජ්‍යය සේවක ඔත්තුකරුවන්ටද දැඩි දඩුවම් පමුණුවන බවට රජය දැනටමත් නිවේදනය කර තිබේ.
ඒ අනුව මෙය මාධ්‍ය නිදහස සම්බන්ධයන් සහ  තොරතුරු දැනගැනීම් අයිතියට එල්ල කළ දැවැන්ත පහරක් බවට එරට මාධ්‍ය චෝදනා කරයි.

Thursday, October 17, 2019

කිම් ජොන්-උන් පිට නැගී රටේ උසම කන්ද වන පෙක්ටු තරණය කරයි

උතුරු කොරියානු නායකඅසු කිම් ජොන්-උන් පිට නැගී රටේ උසම කන්ද වන පෙක්ටු තරණය කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් නිකුත් කළ ඡායාරූප පෙළක් පෙන්නුම් කළේ හිමෙන් වැසී ඇති පෙක්ටු කන්ද මත කිමි සුදු අශ්වයෙකු පිට නැගී ගමන් කරන දසුනකි. මීටර්2,750ක් උස ඔහු තරණය කළ ප්‍රථම අවස්ථාව ම‍ෙය නොචන අතර, පිළිම කන්ද උතුරු කොරියානු අනන්‍යතාවයේ විශේෂ ස්ථානයකි.

Tuesday, October 15, 2019

චීනය බෙදීමට හදන ඕනෑම අයෙකුගේ ඇට කටු කුඩු වේවි,චීන ජනපතිගෙන් අනතුරු ඇගවීමක්

චීනයේ කිසියම් හෝ පළාතක් බදා වෙන් කිරීම සඳහා උත්සාහ කරන ශාලාව ඕනෑම අයකුගේ ඇට කටු අනිවාර්යයෙන්ම කුඩු වෙන බව චීන ජනපති ෂී ජින්පිං  පවසයි. එසේම කුඩු වූ එම ඇට කටු පොළොවේ පස් වෙනු ඇති බවත් ඔහු අනතුරු ඇඟවා තිබිණි. සිය ඉන්දීය සහ නේපාල සංචාර අවසන් කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් චීන ජනපතිවරයා
මේ බව සඳහන් කරන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි.
"කවුරුන් හෝ චීනයේ යම් පළාතක් එහි පාලනයෙන් ඉවත් කරන්න උත්සාහ කළොත්, එය
ඔවුන්ට දරුණු හානියක් වේවි. ඔවුන්ගේ සිරුරු දරුණු ලෙස තලා දමා ඇට කටු කුඩුවී පොළොවට වැටේවි." චීන ජනපතිවරයා පැවසූ බව අමාත්‍යාංශය කියා සිටියි.
විශේශයෙන්ම චීන පාලනය යටතේ පවතින හොංකොං නුවර තවමත් නොවිසදී ඇති ගැටලුකාරී තත්වය පිළිම තායිවානයද චීන පාටූනයට එරෙහිව සිදු කරන අදහස් දැක්වීම් පිළිබදව සඳහන් කරමින් චීන ජනපතිවරයා මෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නට ඇතැයි විදෙස් මාධ්‍යවල සහන් කරයි. හොංකොං නුවර මෙම ගැටුම්කාරි තත්ත්වය පසුගිය ඉරිදා දිනයේදීත් ක්‍රියාත්මක විය. අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීම සඳහා චීනය ඉතාමත් නුදුරේදී සිය හමුදා යොඳවනු ඇති බවටද අදහස් ඉදිරිපත්ව ඇත, එසේම 2016 වසරේ සිට තායිවානයත් චීනයත් සමග අර්බුද ඇති කරගෙන සිටින අතර, වත්මන් තායිවානෙ රජයද ඇතුළත්ව 'එක් චීනයක්' යන සංකල්පය පිළිගැනීමට අකමැත්ත පළ කර සිටියි.  ඊට අමතරව චීනයේ පිහිටි ජින්ජිආන්ග් පළාත තුළ වෙසෙන උයිගුර් මුස්ලිම් සුළුතරය ඉලක්ක කරගනිමින් චීනය මානව හිමිකම් කඩ කිරීමක් සිදුකරන බව චෝදනාවක් පවතී.

 ම‍ෙම කරණු මුලික කරගනිමින් චීනයේ සමාගම් කිහිපයක් විත් කලින් සහ ගනුදෙනු තහනම් කිරීමටද එක්සත් ජනපද බලධාරින් පසුගියදා පියවර ගත්හ,කෙසේ වෙතත් සිය අදහස් දැක්වීමේදී චීන ජනපතිවරයා තමන් ලබාදීමට උත්සාහ කරන කිසිදු පළාතක් හෝ රාජ්‍යයක් නමින් සදහන් කර නැත.හොංකොං නුවර සහ තායිවානය තුළ ඇති වී තිබුන මෙ‍ෙ තත්ත්වය සඳහා මූලිකවම බටහිර රාජ්‍යයන් සහ සංවිධානවල "බාහිර බලවේග' හේතු වී ඇති බවට චීනය චෝදනා කර සිටියි. එසේම ෂින්ජිආන්ග් පළාතේ  පවත්වාගෙන යන්නේ පුනරුත්ථාපන කඳවුරක් පමණක් බවට චීනය ප්‍රකාශ කර තිබේ.