මත්ද්රව්ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා විවිධ මෙහෙයුම් මේ වන විටත් ක්රියාත්මකය, මෙවැනි එක් සාර්ථක මෙහෙයුමක් නිසා පසුගියදා රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ වෙඩි තැබීමක සුලමුල අනාවරණය කර ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමරිශන ඒකකයේ නිලධාරීන්ට හැකි වී ඇත. ඒ එම වෙඩි තැබීමට තුවක්කුකරු සමඟ ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන කළ ප්රශ්න කිරීමේදීය. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන්නේ එම කොට්ඨාසය බාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාර් නුවන් අසංකගේ මෙහෙයවීම. යටතේය. එහි ස්ථානාධිපතිවරයා වන්නේ ප්රධාන පොලිස් පරීක්ෂක අසේල සඳනුවන්ය. එම ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉකුත් 22 වැනිදා පොලිස් පරීක්ෂක රත්නායක ඇතුළු කණ්ඩායමක් එක්තරා පුද්ගලයකු වත්තල ඇළකන්ද ලැගුම්හලක් තුළ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනුණු අතර ඒ මොහොතේ ඔහු සන්තකව අයිස් මත්ද්රව්ය ග්රෑම් 10කට ආසන්න ප්රමාණයක් තිබී නිලධාරීන් සිය ධාරයට ගත්තේය. ප්රශ්න කිරීමේදී හෙළි වන්නේ එම හෝටලය විදේශගතව රැඳී සිටින තවත් අපරාධකරුවකු වන කසුන් නමැත්තකුට අයත් එකක් බවය.
සැකකරු මෙම හෝටලයේ රැඳී සිටීම සමිබන්ධයෙන් සැක කළ නිලධාරීන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කරද්දී වෙඩි තැබීම් කිහිපයක සුලමුල හෙළිවන අතර එම වෙඩි තැබීම්වලට මොහු එක් වී ඇත්තේ අයිස් මත්ද්රව්ය පානය කිරීමෙන් බවටද අනාවරණය වී ඇත. පසුව සැකකරු ඊට පසුදා වැලිසර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ප්රශ්න කිරීම සඳහා දින 7ක රැදවුම් නියෝග ලබාගැනීමට නිලධාර්න් කටයුතු කරන ලදී. ඒ අනුව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ උඩුම්හලේ පිහිටි කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත රැගෙන ගිය සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිම් ඇරැඹිණි.
මොහු විසින් ඉකුත් ජූලි මස 30 වැනිදා කිරිබත්ගොඩ ප්රදේශයට තවත් පුද්ගලයකු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් මාර්ගයේ ගමන්ගත් කාන්තාවක ගෙල බැඳි රන්මාලය කඩාගෙන තිබිණි. මෙහිදී කළ ප්රශ්න කිරීමේදී මෙම සැකකරු රන්භාණ්ඩ කොල්ලකෑම් ඇතුළු අපරාධ 20ක් පමණ සිදුකර ඇති බවටද කරුණු කාරණා හෙළි වී තිබේ. මෙලෙස මොහුගෙන් කළ දීර්ඝ පුශ්න කිරීමේදී රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ වෙඩි තැබීමක් ගැනද කරුණු කාරණා හෙළි කරගැනීමට නිලධාරීන්ට හැකි විණි. හිටපු අමාත්ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු වූ සමීර මනහර හෙවත් වැලි සමීර නමැත්තා තවත් පුද්ගලයකු සමඟ මෝටර් රථයකින් කඳාන ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර තිබිණි. ඒ පසුගිය ජූලි මස 7 වැනිදාය. වෙඩි ප්රහාරය එල්ල
කිර්ම සඳහා තුවක්කුකරුවන් පැමිණි තිබුණේ යතුරු පැදියකිනි. වෙඩි ප්රහාරය වැලි සමීර ඉලක්ක කර ගෙන සිදු කළද ඔහු සමීපයේ සිටි අනෙක් තැනැත්තාට වෙඩි ප්රහාරය වැදිණි. මෙහිදී සමීර ද තුවාල ලැබූ අතර රථයේ ගමන් ගත් ඔහුගේ මස්සිනා වූ උපාලි කුල වර්ධන නමැත්තා වෙඩි වැදී ජීවිතක්ෂයට පත් විය.
කෙසේ වෙතත් කඳාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර ඊට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයද එක්විණි. සිදුකළ විමර්ශනයේදී මෙම ප්රහාරය පිටුපස කන්දානේ මත්ද්රව්ය ජාවාරමිකරුවන් දෙදෙනෙකු සිටින බවට පොලිස් ඒකකවලට තොරතුරු ලැබුණු අතර ඔවුන් ඩුබායි සිට මෙම වෙඩි තැබීම සැලසුම් කර ඇති බවටද අනාවරණය කර ගන්නා ලදී. සමීර මනහර සහ උපාලි කුල වර්ධන යන දෙදෙනා කායවර්ධන මධ්යස්ථානයකට පැමිණ එහි ක්රීඩා කර පිටව යන අවස්ථාවේ කිසිවකු විසින් ඒ බව ඩුබායි රාජ්යයේ සිටින මත්ද්රව්ය ජාවාරම් කරුවන්ට ඔත්තු ලබාදී ඇති බවත් ඒ සඳහා ඔත්තුකරුවන්ට රුපියල් පනස් දාහක මුදලක් බැර වී තිබු බවත් නිලධාරීන් අනාවරණය කරගෙන තිබුණද වෙඩි තැබීමට යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ගැන තොරතුරක් එම අවස්ථාවේ අනාවරණය වී නොතිබිණි. කෙසේ වෙතත් වත්තල ඇළකන්ද ලැගුම්හලේදී අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුගෙන් කළ ප්රශ්න කිරීමේදී කඳානේ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් නිලධාරින්ට අනාවරණය කරගැනීමට හැකි විණි.
ඒ අනුව සැකකරු පවසා ඇත්තේ විදෙස් ගතව සිටින කොණ්ඩා රංජි සහ චූටි මල්ලිගේ උපදෙස් මත කඳාන පොලිස් ස්ථානය ඉදිරිපිට පිටරවුම මාර්ගයේදී මංගල සමරවීර අමාත්යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ගමන්ගත් මෝටර් රථය ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීම සඳහා තුවක්කුකරු සමග යතුරුපැදියෙන් ගමන් ගත්තේ තමා බවකි. ඒ අනුව මොහු එම වෙඩි තැබීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවට හඳුනාගත් අතර විදේශගතව සිටින පුද්ගලයන්ගෙන් මොවුන් වෙත උපදෙස් ලැබී ඇත්තේ රථයේ පැමිණෙන සියල්ලන්ම වෙඩි තබා ඝාතනය කිරීමට බවට විමර්ශන නිලධාර්න් ප්රශ්න කිරීමේදී අනාවරණය කරගෙන තිබේ.
මෙම වෙඩි තැබීම සිදු කිරීම සඳහා යොදාගන්නා ලද පල්සර් 150 වර්ගයේ කළු පැහැති යතුරුපැදියද නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්රව්ය වලට ඇබ්බැහි වී සිටින්නකු බව පවසන විමර්ශන නිලධාරීන් මෙම වෙඩි තැබීම සඳහා සැකකරුට වර්න් වර රුපියල් ලක්ෂ 8කට ආසන්න අයිස් මත්ද්රව්ය ලබාදී ඇති බවද ප්රශ්න කිරීමේදී හෙළිව තිබේ. මේ අතර සැකකරුගෙන් කළ දීර්ඝ ප්රශ්න කිරීමේ දී ඉකුත් අගෝස්තු මස 7 වැනි දින කඳාන උස්වත්ත වීදි මාවතේදී සිදු කළ තවත් වෙඩි තැබීමක තොරතුරු හෙළි කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇත. තුවක්කුකරුවන්ගේ ඉලක්කය වි තිබුණේ 'බබා' නමැති අයකු බවත් මෙහිදී තුවක්කුකරුවන් බබා නමැත්තාගේ නිවෙසට වෙඩි තබා පලාගොස් ඇති බවත් ඒ ඔහු බියවැද්දීම සඳහා
බවත් යැයි සැක කෙරේ. විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම වෙඩි තැබීම සඳහා තුවක්කුකරු ලෙස ක්රියා කර ඇත්තේ මෙම සැකකරු බවය. ඒ සඳහා මොහු පැමිණි ඇත්තේ මෙම පොලීසිය සිය බාරයට ගත් කළු පැහැති පල්සර් යතුරුපැදියෙනි. එමෙන්ම විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම වෙඩි තැබීම මොහු විසින් සිදු කර ඇත්තේ විදේශ හතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වූ චුටි මල්ලිගේ උපදෙස් මත බවය.
මේ අතර සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්රශ්න කිරීමේදී වූටි මල්ලි නමැත්තාගේ උපදෙස් මත මීගමුව කුටිටිදුව සෙල්ලිපාරේ සිදු කළ තවත් වෙඩි තැබීමක තොරතුරු හෙළිව තිබේ. මෙහිදීද මෙම වෙඩිතැනීම සඳහා පැමිණ ඇති තුවක්කුකරු මොහු බව පවසා ඇති අතර අදාළ පුද්ගලයාගේ කුට්ටිදුව පාරේ නිවෙසට වෙඩි තබා මොවුන් පළා ගොස් තිබිණි. ඒ ඉකුත් සැප්තැම්බර් මස 6 වැනිදාය. මෙම වෙඩි තැබීම සඳහාද යොදාගෙන තිබුණේ කළු පැහැති 150 පල්සර් වර්ගයේ යතුරුපැදිය බව විමර්ශකයන් පවසයි. එමෙන්ම කිරිබත්ගොඩ පොලිස් වසමේ ජාතික නිවාස සංකීර්ණ මාර්ගය අසලදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවගේ පවුම් 3ක් වටිනා රුපියල් ලක්ෂ 6ක රන්මාලය කොල්ලකෑම සඳහාද මෙම සැකකරු පැමිණ තිබුණේ කළු පැහැති පල්සර් බයික් එකෙන් බවද විමර්ශන නිලධාහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව කැලණිමුල්ලේ පදිංචි ‘බබා' නමැත්තකු බව විමර්ශන නිලධාහු සඳහන් කරන අතර මොහු විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කරන බවත් අයිස් මත්ද්රව්යවලට තදින් ඇබ්බැහි වීම මත මෙම අපරාධ සිදු කර ඇති බවත් කියති. චූටි මල්ලි සහ කොණ්ඩා රංජිගේ උපදෙස් මත තවත් අපරාධ සිදු කර ඇත්ද යන්න පොලිස් වසමේ ජාතික නිවාස සංකීර්ණ මාර්ගය අසලදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවගේ පවුම් 3ක් වටිනා රුපියල් ලක්ෂ 6ක රන්මාලය කොල්ලකෑම සඳහාද මෙම සැකකරු පැමිණ තිබුණේ කළු පැහැති පල්සර් බයික් එකෙන් බවද විමර්ශන නිලධාහු පවසති. අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව කැලණිමුල්ලේ පදිංචි ‘බබා' නමැත්තකු බව විමර්ශන නිලධාහු සඳහන් කරන අතර මොහු විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කරන බවත් අයිස් මත්ද්රව්යවලට තදින් ඇබ්බැහි වීම මත මෙම අපරාධ සිදු කර ඇති බවත් කියති.
චූටි මල්ලි සහ කොණ්ඩා රංජිගේ උපදෙස් මත තවත් අපරාධ සිදු කර ඇත්ද යන්න සැකකරු රැඳවුම් නියෝග මත ප්රශ්න කිරීමෙන් අනතුරුව අද (29දා) දින වැලිසර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. සැකකරු දිවයිනේ වෙනත් පොලිස් වසම් තුළ අපරාධ සිදු කර ඇත්ද සහ එම ව සමවල සැකකරුට එරෙහිව විභාග වන නඩු සඳහා වරෙන්තු නිකුත් වී ඇත්ද යන්න දැන ගැනීම සඳහා එම ඒකකය පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසය මඟින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානද දැනුවත් කර තිබේ.


