Showing posts with label Crimeg 3. Show all posts
Showing posts with label Crimeg 3. Show all posts

Tuesday, January 19, 2021

කෝටි 2ක වාලම්පුරියක් විකුණන්න හැඳු 6ක් අම්බලන්තොට ලැඟුම්හලකදී අත්අඩංගුවට



රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති වාලම්පුරියක් අම්බලන්තොට ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුට විකිණීමට සූදානම් කර තිබියදී අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඊයේ (18) දහවල් අම්බලන්තොට පෞද්ගලික ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන ඇත.  මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයකින් රැගෙන එන ලදැයි කියන මෙම වාලම්පුරිය විකිණීමේ කටයුතු කඩුවෙල ප්‍රදේශයේ කිහිප දෙනෙකුට පවරා ඇත්තේ කාන්තාවක වන අතර ඒ සම්බන්ධයෙන් හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් මත අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට යොමු කර උපාය දූතයකු යොදවා  කෝටි දෙකේ වාලම්පුරිය මිලදී ගැනීමට සූදානම් වේද්දි සැකකරුවන් හය දෙනෙකු සමග වාලම්පුරිය අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් කඩුවෙල, බියගම කටුනායක යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර වාලම්පුරිය විකිණීමට තැරව්කාරිය ලෙස කටයුතු කළ කාන්තාවක ද සිටින බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරිහු කියති.  වාලම්පුරිය හා සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී වර්ගයේ වාහනයක් ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් වාලම්පුරිය හා සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා හම්බන්තොට ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට පියවර ගෙන ඇත.


-සනත් ගමගේ -


Tuesday, January 5, 2021

කට වචනේ දුරගිහින් රුසියානු නැවේ කපිතාන් යුක්රේන ගෝලයට නියනෙත් ඇනලා





ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරමින් සිටි නෞකාවක  රුසියානු කපිතාන්වරය එම නෞකාවේ දෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ යුක්රේන ජාතිකයාට ඉස්කුරුප්පු නියනකින් ඇනීම නිසා තුවාල ලබා සිටියදී ගාල්ල වරාය වත ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා පිටව යාලමන් අනතුරුව නැවත අසනීපවිම නිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (0) මියගොස් ඇතැයි වරාය තලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ 30 හැවිරිදි යුක්රේන  ජාතිකයෙකි. කපිතාන්වරයා සහ මියගිය දෙවන නිලධාරියා අතර  ඇති වූ බහින්බස් වීමකදී කපිතාන්වරයා විසින් දෙවන  නිලධාරියාගේ බඩට ඉස්කුරුප්පු නියනකින් ඇන ඇති අතර පසුව තුවාලකරු බෝට්ටුවක් මගින් ගොඩබිමට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි මේ සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයකදී වරාය පොලිසිය කීය.


ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු ඉකුත් 30 වැනිදා රෝහලෙන් පිටව ගොස් උණවටුන්නේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා නැවත ඉකුත් 1 වැනිදා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගොස් ඇත. මිය යාමට පෙර දිනයේ ඔහු පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කළ බවත් ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව එහිදී අනාවරණය වී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.


-ඩී.ජී.සුගතපාල-

Thursday, December 24, 2020

මව ගිනි තියාගෙන මළපසු පියා බාරයේ සිටි දරු දෙදෙනා පිටස්තරයෝ කෙලෙසලා





පියා භාරයේ සිටියදී පිටස්තර පුද්ගලයන් දෙදෙනකු අතින් අපයෝජනයට ලක්වූ බව කියන බාල වයස්කාර දැරියන් දෙදෙනකු ඔවුන්ගේ ලොකු අම්මා භාරයට පකිරීමට කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් යූ.එස්.කේ.කේ. වැරනියගොඩ මහතා නියෝගයක් නිකුත් කළේය.  මෙම වින්දිත දැරියගේ මව සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇති අතර ඔවුන් පියා භාරයේ  සිටියදී පියාගේ මිතුරන් දෙදෙනකු  අතින් අපයෝජනයට ලක්ව ඇති බවත් ගල්නෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එම තත්වය අනුව වින්දිත දැරියන් දෙදෙනා ඔවුන්ගේ පියා භාරයේ රැඳවීම තවදුරටත් සිදුකළ නොහැකි බැවින් දරුවන්ගේ භාරකාරීත්වය ලොකු අම්මා  වෙත පවරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.



ඒ අනුව දැරියන් දෙදෙනා ඔවුන්ගේ ලොකු අම්මා භාරයට පත් කළ අධිකරණය ඒ පිළිබඳව අධීක්‍ෂණය කර වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙසට කැකිරාව අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි  කේ.කේ. කීර්තිරත්න මහතාට නියෝග කළේය. වින්දිත දැරියන් වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කීර්ති පතිරත්න  මහතා සඳහන් කළේ සැමියාගෙන් සිදුවන හිරිහැර ඉවසාගත නොහැකි වූ දැරියන්ගේ මව සිරුරට ගිනි තබාගනිමින් මියගොස් ඇති බවත් ඉන් අසරණ වී ඇත්තේ දරුවන් දෙදෙනා බවය.  පියාගේ රැකවරණය යටතේ සිටි දැරියන් පියාගේ මිතුරකු සහ වෙනත් බාහිර පුද්ගලයකු අතින් අපයෝජනයට ලක්ව ඇති බවත් දරුවන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් පියා භාරයෙන් ඉවත් කර ලොකු අම්මා භාරයට ලබාදීමට නියෝග කරන ලෙසට ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය දැරියන් දෙදෙනා පියා භාරයෙන් ඉචත් කර ඔවුන්ගේ ලොකු අම්මා භාරයට ලබාදෙමින් නඩුව කල් තැබීය.

 -උපාලි ආනන්ද 


Friday, September 4, 2020

ලක්ෂ 50ක කුඩු පොල් ගෙඩි 5ක් ඇතුලේ

රුපියල් ලක්ෂ 50 කට  අධික වෙළෙඳ වටිනා කමින්  යුත් මත්කුඩු තොගයක්  පොල්ගෙඩි පහක් තුළ  සූක්ෂම ලෙස සගවා යතුරු පැදියකින් පින්නදුව අධිවේගි පිවිසුම වෙත රැගෙන එමින් සිටි අඹුසැමි යුවළක් මොරගහහේන  පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (3) අලුයම අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. මෙම මත්කුඩු තොගය ග්‍රෑම් 100 බැගින් පොල්ගෙඩි පහ තුළ අසුරා තිබූ බවත් එහි හෙරොයින් ග්‍රෑම් 500 යි මිලි ග්‍රෑම් 650 ක ප්‍රමාණයක් තිබූ බවත්

පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.  පොල්ගෙඩි තුළ බහා සුක්ෂම ලෙස සිදුකරගෙන ගිය හොරොයින් ජාවාරමක් මෙලෙස අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙය බවද පොලිසිය පවසයි. සැකකාර අඹුසැමි යුවළට අමතරව මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තවත් දෙදෙනෙකු හා 18 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව පොලිසියේ උසස් නිලධාරියා පැවසීය.

හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් සමග 2018 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගාල්ලේ දී අත්අඩංගුවට ගනු ලැබ කළුතර බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ සිටින මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුට අයත් මත්කුඩු මෙම පිරිස මෙලෙස ජාවාරම්කර ඇති බවත් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණිය එම මත්කුඩු ජාවාරම්කරුගේ දියණිය බවත් එම උසස් නිලධාරියා කීවේය.  බන්ධනාගාරයේ සිටින මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුට අයත් හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ පිහිටි පාළුවට ගිය නිවසක් කිසියම් පිරිසක් ශුද්ධ පවිත්‍ර කරන බවට මොරගහහේන පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම නිවසට පෙරේදා ගොස් එහි සිටි සැකකරුවන් පරික්ෂා කිරිමේ දී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේ දී ඔවුන්ට මත්කුඩු ලබා දෙන්නේ ගාල්ල ප්‍රදේශයේ  ජාවාරම්කරුවන් බවට හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.  එම අවස්ථාවේ එක් සැකකරුවකුගේ ජංගම දුරකථනයකට ගාල්ලේ ජාවාරම්කරුගෙන් ඇමැතුම් ලැබුණු බවත් හෙට උදේ බඩුගන්න පින්නදුව අධිවේගී පිවිසුමට එන්න යැයි එමගින් දැනුම් දී තිබූ බවත් පොලිසිය කියයි. ඒ අනුව සුක්ෂම ලෙස ක්‍රියාත්මක වූ මොරගහහේන පොලිසියේ පොලිස් කණ්ඩායමක් ඊයේ අලුයම සිට අධිවේගී පිවිසුම ආසන්නයේ රැඳී සිට ඇති අතර, පොල් සහිත පොහොර උරයක් රැගෙන යුවළක් යතුරුපැදියෙන් එම ස්ථානයට  උදේ 8.00 ට පමණ පැමිණ එහි සිටි සැකකරු අසලට ගොස් සිටියදී අවට රැක සිටි පොලිස් නිලධාරින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිසිය සැකකාරිය ළග තිබු පොල් සහිත පොහොර උරය පරික්ෂා කිරීමේදී එම පොල් බිඳ ඒ තුළට සුක්ෂම ලෙස ඇතුළු කර තිබූ හෙරොයින් සොයා ගත් බවද පොලිසිය සඳහන් කරයි.

සැකකාර යුවළ අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සතුව රුපියල් 1,40,000 ක මුදලක් ද තිබී ඇත. මෙම පොල් ගෙඩි බිඳ බෑ දෙක  වෙන් කර ටී බෑග්වල අසුරන ලද මත්කුඩු ඒ තුළ බහා පොල් බෑ දෙක එකට සිටින සේ සෙලෝටේප් වලින්  ඔතා තිබූ බවද පොලිසිය පවසයි. මොවුන් හෙරොයින් සහිත පොල් පාර්සලය දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුට බාරදීම සඳහා පින්නදූව බස් නැවතුම වෙත රැගෙනවිත් ඇති බවද පොලිසිය කියයි.  අඹුසැමි යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී  මෙම ජාලයේ මුදල් කටයුතු මෙහෙයවන 18 හැවිරිදි තරුණිය  සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇය අක්මීමන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකාරිය රැඳී සිටි අක්මීමන නිවස සුවිසල් නිවසක් බවත් දැනට මාස දෙකකට පමණ පෙර ඔවුන් එම නිවස මිලදීන්ගෙන ඇති බවත් පොලිසිය කියයි.  සැකකාරිය සිය පියාගේ හොරොයින් ජාවාරමේ මුදල් කළමනාකරණය කරන බවත්, ජාවාරම්කරුවන් ඇය අතට මුදල් දුන් පසු සැකකාරියගේ පියා අදාළ ජාවාරමකරුවන්ට ඔවුන්ගේ ගෝලයන් මගින් හෙරොයින් දෙන බවත් පොලිසිය පවසයි. අත්අඩංගුචට ගත් සැකකරුවන් පස්දෙනා හොරණ අධිකරණයට  ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යයි.