නව රජයේ ඇමතිවරුන්ට අයත් අමාත්යානාංශවල විෂයන් සහ ආයතන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිතුක් කර ඇති අතර, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ආරක්ෂක අමාත්යාංශයට ආයතන 31ක් පවරා ඇත.
අගමැති මහින්ද රාස්පක්ෂ මහතාට අයත් අමාත්යාංශ සදහා ආයතන 88ද, චමල් රාස්පක්ෂ මහතා අමාත්ය ධුරය දරන මහවැලි
කෘෂිකාර්මික අභ්යන්තර වළඳ අමාත්ය සඳහා ආයතන 37ක්ද පවරා තිබේ.
එමෙන්ම බන්දුල ගුණවර්ධන මහතා අමාත්ය ධුරය දරන තොරතුරු හා සන්නිවේදන උසස් අධ්යාපන අමාත්යනාංශය
වෙත ආයතන 44ක්ද, පවිත්රා වන්නිආරච්චි මහත්මිය අමාත්ය ධුරය දරන සෞඛ්ය අමාත්යාංශය සඳහා ආයතන 42ක්ද පවරා ඇත.
නව රජයේ අමාත්යවරුන් හා අමාත්යාංශවලට අයත් විෂයන් කාර්යභාරය සහ දෙපාර්තමේත්තු පැවරීම් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය (අංක 2153/12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරේදා (10දා) දිනය සහිතව නිකුත්කර තිබේ.
ආණ්ඩුවේ අමාත්ය මණ්ඩලය තුළ අමාත්යවරුන් 16 දෙනෙකු පමණක් සිටියද, ආයතන වෙන්කිරීමේදී අමාත්යාංශ 29ක් හඳුනා ගනිමින් ආයතන වෙන්කිරීම සිදුකර තිටීමද විශේෂත්ත්වයකි.
කැබිනට් මණ්ඩලයේ අමාත්යවරු ප්රමාණය අඩුවීම හරහා ඇතැම් අමාත්යවරුන්ට ආයතන වැඩි ප්රමාණයක් වෙන් වුවද අනාගතයේ පූර්ණ අමාත්ය මණ්ඩලයකදී මේවා බෙදීයාහැකි බවට ඉඟියක් බිම් හරහා ලැබේ.
1990 සුවසැරිය ගිලන්රථ සේවය සෞඛ්ය අමාත්යාංශයට පවරා තිබීමද එහි තවත් විශේෂත්වයකි.
ආයතන වෙන්කිරීමේ මෙම ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක අමාත්යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂෂ මහතා යටතට පත්කර ගෙන ඇති අතර, එයට අයත් ආයතන සංඛ්යාව 31කි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනතු සතුව, රාජ්ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසඳය, ආපදා කළමනාකරණ මධ්යස්ථානය, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය හා ත්රිවිධ හමුදාව ඇතුළු ආයතන 30ක් ඒ සඳහා ඇතුළත් කර තිබේ.
අග්රාමාත්ය සහ මුදල් ආර්ථික සහ ප්රතිපත්ති සවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා සඳභා ආයතන 83ක් වෙන් කර ඒ අනුව මුදල් ආර්ථික සහ ප්රතිපත්ති සංවර්ධන අමාත්යාංශය වෙත මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්ලිමේත්තුව, නීති කටයුතු දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා මහ බැංකුව, ශ්රී ලංකා රක්ෂණ මණ්ඩලය, ලෝහෝර් ආර්යා මුදල, ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, සියලු රාජ්ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම් හා ආශ්රිත ආයතන, ජාතික රක්ෂණ භාර අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, රාජ්යය සමිපත් කළමනාකරණ සංස්ථාව ඇතුළු ආයතන 48ක් පවරා තිබේ.
බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්යංශ සඳහා බුද්ධශාසන අරමුදල, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, මධ්යම සංස්කෘතික අරමුදල, ජාතික චිත්රපට සංස්ථාව, ශ්රී ලංකා පදනම, නෙලුම් පොකුණ, ජේ.ආර්. ජයවර්ධන කේන්ද්රය ඇතුළු ආයතන 23ක් පවරා ඇත.
නාගරික සංවර්ධන ජළ සම්පාදාන නිවාස පහසුකම් අමාත්යාංශය වෙත නාගරික සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, නිවාස සංවර්ධන අධිකාරී, රාජ්ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන 17ක් ගැසට් කර තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්ය ධුරය දරන අධිකරණ, මානව හිමිකම් හා නීති ප්රතිසංස්කරණ අමාත්යාංශය සඳහා ආයතන 20ක් පවරා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, මහා භාරකාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානි පූර්ණ කාර්යාලය ඇතුව ආයතන 20ක් ලෙස වෙන්කර තිබේ.
ආරුමුගන් තොණ්ඩමන් මහතා අමාත්ය ධුරය දරන ප්රජා සවිබලගැන්වීම් සහ වතු පහසුකම් සංවර්ධන අමාත්යාංශය සදහා ආයතන 06ක් පවරා ඇත.
සෞම්යමූර්ති තොණ්ඩමාන් අනුස්මරණ පදනම, නැවත පදිංචි කිරීමේ අධිකාරිය, ග්රාම ශක්ති කාර්යාංශය, වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන අධිකාරිය ඇතුළු ආයතන 06ක් එයට ඇතුළත්ය.
දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්ය ධුරය දරන විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කමිකරු සබඳතා අමාත්යාංශය සඳහා ආයතන 22ක් පවරා ඇත.
ඒ අනුව විදේශ සබඳතා අමාත්යාංශය වෙත විදේශ රාජ්ය දූත මණ්ඩල , ලකීෂ්මන් කදිරගාමර්. ජාත්යන්තර සබඳතා හා ක්රමෝපාය අධ්යයන ආයතනය පවරා ඇති අතර, නිපුණතා සංවර්ධන රැකී රධීෂා හා කෂිකරු සබඳතා අමාත්යාංශය සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්රී ලංකා මුද්රණ ආයතනය, කම්කරු දෙපාර්තමේන්තුව, සේවක අර්ථසාධක අරමුදල. මිනිස් බල හා රැකියා දෙපාර්තුමේන්තුව, විදේශ රැකියා නියෝජිතයතනය ඇතුළු ආයතන්න 19ක් ගැසට් කර තිබේ.
ඩග්ලස් දේවානන්ද මහතා අමාත්ය ධුරය දරන ධීවර හා ජලජ සම්පත් අමාත්යාංශ වෙත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සීනෝර් පදනම, ලංකා ධීවර සංස්ථාව ඇතුළු ආයතන 07 පවරා ඇත.
පවිත්රා වන්නිආරච්චි මහත්මිය අමාත්ය ධුරය දරන කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරණු ශික්ෂවධිය හා ශිශීය ශිෂිවිද ශිවා අමාත්යාංශ සඳහා ආයතන 42ක් පවරා ඇත.
ඒ යටතේ කාත්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්යාංශය වෙනුවෙන් ශ්රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, වැඩිහිටි මහ ලේකම් කාර්යාලය ඇතුළු ආයතන 14ක් වෙන්කර තිබේ.
සෞඛ්ය හා දේශීය වෛද්ය සේවා අමාත්යාංශය වෙත සෞඛ්ය සේවා දෙපාර්තමේත්තුව, රාජ්යය ඖෂධ නීතිගත සංස්ථාව, සියලුම ජාතික ශික්ෂණ හා රජයේ රෝහල්, ජාතික සභාව, දුම්කොළ සහ මද්යසාර පිළිබඳ ජාතික අධිකාරිය, 1990 සුවසැ පදනම, වකුගඩු අරමුදල ඇතුළු ආයතන 28ක් ගැසට් කර ඇත.
එසේම බන්දුල ගුණවර්ධන මහතා අමාත්ය ධුරය දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උසස් අධ්යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්යාංශය සඳහා ආයතන 44ක් ගැසට් නිවේදනයෙන් වෙන්කර තිබේ.
ඒ අනුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්යාංශය සඳහා ශ්රී ලංකා පොලීකාළි සමාගම හා එහි පාලික සමාගම්, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, ප්රවෘත්ති දෙපාර්තමේත්තුව, ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ජාලය, සීමාසහිත ලංකා එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම, තැපැල් දෙපාර්තමේන්තුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව.
රාජ්ය මුද්රණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 16ක් පවරා ඇත, උසස් අධ්යපන තාක්ෂණ නවෝත්පාදන අමාත්යාංශය සඳහා විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව, මහපොළ භාරකාර අරමුදල , ජාතික විද්යා පදනම, ආතර් සී ක්ලාක් ආයතනය, ග්රහලෝකාගාරය, විදාතා මධ්යස්ථානය ඇතුළු ආයතන 28ක් වෙත්කර තිබේ.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්ය ධුරය දරණ රාජ පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය අවත ආයතන 13ක් ගැසට් කර ඇත.
සියලු දිස්ත්රික් ලේකම් කාර්යාල, රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, රාජ්ය භාෂාව දෙපාර්තමේන්තුව, දේශීය ණය සංවර්ධන අරමුදල ඇතුළු ආයතන 13ක් එයට ඇතුළත්ය.
චමල් රාජපක්ෂ මහතා අමාත්ය ධුරය දරන මහවැලි කෟෂිකර්ම වාර්මාර්ඟ සහ ග්රාමීය සංවර්ධන අභ්යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්යාංශය වෙත ආයතන 37ක් පවරා ඇත.
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්රාමීය සංවර්ධන අමාත්යාංශය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, මහවැලි අධීකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 28ක් වෙන්කර තිබේ.
එමෙන්ම අභ්යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්යාංශය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය, අභ්යන්තර වෙළද දෙපාර්තමේන්තුව, ලංකා සතොස ආයතනය ඇතුළු ආයතන 11ක් ගැසට් කර ඇත.
ඩලස් අලහප්පෙරුම මහතා අමාත්ය ධුරය දරන අධ්යාපන ක්රීඩා හා තීරණ කටයුතු අමාත්යොංශය සදහා ආයතන 26ක් ගැසට් නිවේදනය මගින් වෙන්කර තිබේ.
ඒ අනුව අධ්යපන අමාත්යාංශය සඳහා අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුව, ජාතික අධ්යාපන ආයතනය, ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය, ගුරු විදුහල, රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාව, විභාග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 13ක් පවරාදී ඇත.
ක්රීඩා හා තරුණ කටයුතු අමාත්යාංශය සඳහා ජාතික ක්රීඩා සංකීර්ණය, ජාතික ක්රීඩා විද්යායතනය, ජාතික ක්රීඩා සභාව, ස්මාර්ට් ශ්රී ලංකා ආයතනය, ජාතික තරුණ සේවා සභාව ඇතුළු ආයතන 13 වෙන්කර ඇත.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අමාත්ය ධුරය දරන මාර්ග සහ මහාමාර්ග වරාය සහ නාවීක කටයුතු අමාත්යාංශය සදහා ආයතන 05ක් වෙන්කර තිබේ.
මාර්ග හා මහාමාර්ග අමාත්යාංශය සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මාර්ග නඩත්තු භාර අරමුදල ද, වරාය හා නාවික කටයුතු අමාත්යාංශය සඳහා ශ්රී ලංකා වරාය අධිකාරය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය සහ සීමාසහිත නැව් සංස්ථාව එම ආයතන වේ.
විමල් වීරවංශ මහතා අමාත්ය ධුරය දරන කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සහ ව්යවසාය සංවර්ධන කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්යාංශ සඳහා ආයතන 29ක් ගැසට් කර තිබේ.
ඒ අනුව කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සහ ව්යවසාය සංවර්ධන අමාත්යාංශය වෙනුවෙන් ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්යස්ථානය, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය අධිකාරිය ඇතුළු ආයතන 06ක් පවරා ඇත.
කර්මාත්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්යාංශය වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය, ලංකා අශෝක් ලේලන්ඩ් පුද්ගලික සමාගම, ලංකා සිමෙන්ති සංස්ථාව, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීය ඇතුළු ආයත 23ක් වෙන්කර තිබේ.
මහින්ද අමරවීර මහතා අමාත්ය ධුරය දරණ මගී ප්රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්යාංශය වෙත ආයතන 19ක් වෙන්කර ඇත.
ඒ අනුව මගී ප්රවාහන හා කළමණාකරණ අමාත්යාංශය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා මධ්යම ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 08ක් වෙන්කර තිබිණි.
විදුලිබල බලශක්ති අමාතශය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය, ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරිය, බනිජතෙල් සම්පත් සංවර්ධන කාර්යාංශය ඇතුළු ආයතන 11ක් පවරා ඇත.
එස්.එමි. චන්ද්රසේන මහතා අමාත්ය ධුරය දරන පරිසර සහ වනජීවී සමිපත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්යාංශය වෙත ආයතන 19ක් ගැසට් කර තිබේ.
ඒ අනුව පරීසර හා වනජීවී සම්පත් අමාත්යාංශය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්යම් පරිසර අධිකාරී, භූ විද්යා හා පතල් කාර්යාංශය, වෙරළ සංරක්ෂණින් හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට ඇතුළු ආයතන 12ක් පවරා ඇති අතර, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්යාංශය වෙනුවෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 07ක් පවරා ඇත.
රමේෂ් පතිරණ මහතා අමාත්ය ධුරය දරන්න වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්යාංශය සඳහා ආයතන 28ක් පවරා ඇති අතර, ජාතික වැවිළි ද්රමනාකරණ ආයතනය, ශ්රී ලංකා තේ මණ්ඩලය, සිල් සංවර්ධන අධිකාරීන්ය. ඇතුළු ආයතන ඒ සඳහා අතුළත්ය.
ප්රසන්න රණතුංහ මහතා අමාත ධුරය දරන කාර්මික අපනයන සහ ආයෝජන ප්රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්යාංශය වෙත ආයතන 09ක් ගැසට් කර තිබේ.
කාර්මික අපනයන සහ ආයෝජන ප්රවර්ධන අමාත්යාංශය සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයද සංචාරක සහ ගුවන් සේවා අමාත්යාංශය සඳහා සංචාරක ප්රවර්ධන කාර්යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්රී ලංකන් එයාර් ලයින් සමාගම ඇතුළු ආයතන 07ක්ද වෙන්කර ඇත.
චාමර සම්පත්