චීනයේ Sinopharm සමාගම මගින් ඉදිරිපත් කරඇති COVID-19 එන්නතේ සිදුකරන ලද තෙවැනි අදියරේ සායනික පරික්ෂාවෙහි අතරමැදි ප්රතිඵලයට අනුව එය සතුව 79.34%ක ඉහළ සාර්ථකත්වයක් පවතින බව සදහන් කරයි. එරට ජාතික බයෝටෙක් සමුහය (CNBG) Sinopharm එක්ව මෙම එන්නත නිපදවා තිබේ. ඒ අනුව මෙම Sinopharm එන්නත මගින් ඉහළ මට්ටමේ සුරක්ෂිතභාවයක් ලබාදෙන බව මි පැහැදිලි වන්නේ යයි චීනයේ ජීවවිද්යාත්මක නිෂ්පාදන පිළිබද ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එසේම අද වනවිට මෙම එන්නත ලෝක සෞඛ්ය සංවිධානය මගින් මෙන්ම චීන බලධාරින් විසින්ද ඉදිරිපත් කර ඇති තාක්ෂණික ප්රමිතීන් සම්පූර්ණ කිරීමට සමත්ව ඇතැයිද පැවසෙයි.
"මෙහිදී එන්නත ලබාදුන් සියලුම රෝගීන් තුළ ඉතා ඉහළ මට්ටමේ ප්රතිදේහ නිපදවීමක් සිදුවූ අතර, නිෂ්ක්රීය මට්ටමේ ප්රතිදේහ ධනාත්මක බවට අනුවර්තනය වීමේ අනුපාතය 99.52%ක ප්රතිශතයක් ගනී.” යනුවෙන්ද මෙම නිවේදනයේ සඳහන්වෙයි. මේ අතර විදෙස් රාජ්යතාන්ත්රිකයන් පිරිසක් පසුගිය අගහරුවාදා මෙම එන්නත් නිෂ්පාදනය කෙරෙන බීජිං නුවර පිහිටි Sinopharm පරිශ්රයේ සංචාරයක නිරත වෙමින් එහි නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබදව සොයා බැලීමක් සිදුකර තිබේ. ඒ අනුව මෙහිදී රටවල් කිහිපයක්ම නියෝජනය කරමින් තානාපතිවරුන් මෙම ගමන සදහා එක්ව තිබේ. මෙහිදී අදහස් දක්වා ඇති චීනයේ මලේසියා තානාපති රාජා නුෂ්රීවාන්, මෙම එන්නත් නිෂ්පාදනයේදී Sinopharm සමාගම වඩාත් නවීනතම තාක්ෂණයක් යොදාගන්නා බව පවසා තිබේ.
චීනයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්ද මහතාද මේ සදහා සහභාගි වී ඇති අතර, මෙම එන්නත සතුව කිසිදු අතුරු ආබාධ නොමති බවට තමන්ට අසන්නට ලබුණු බව පවසා තිබේ. එය ඉතාමත් සාර්ථක කතාවක්. අපි බලාපොරොත්තු වෙනවා ලෝකයේ රටවල් ඉක්මනින්ම මේ එන්නත භාවිතයට ගනීවි කියලා.” ඔහු සඳහන් කර ඇත. ඔවුන්ට අමතරව නෝර්වේ රාජ්යයේ තානාපති මැග්නස් ජෝරෙම්ද මේ ගමන සඳහා සහභාගිවී තිබේ. මේ අතර අප්රිකානු මහද්වීය රාජ්යයන් කිහිපයක තානාපතිවරුන් ඇතුළු නිලධාරින් පිරිසක්ද පසුගිය සතියේදී මෙම පරිශ්රයේ චාරිකාවක නිරත විය.
මේ දක්වා මෙම Sinopharm එන්නත ලොව පුරා රටවල් 10කදී අත්දාබැලීමට ලක්කර ඇති අතර, එහිදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ හැට දහසක අධික පිරිසක් ඒ සදහා සම්බන්ධ කරගෙන ඇත. මේ අතර දැනටමත් මෙම එන්නත සදහා අනුමැතිය ලබාදී ඇති එක්සත් අරාබි එමීරය Sinopharm එන්නත සතුව 86ක සාර්ථකත්වයක් පවතින බව පවසා ඇත.





















