Showing posts with label International G 5. Show all posts
Showing posts with label International G 5. Show all posts

Monday, November 21, 2022

ට්‍රම්ප්ගේ ට්විටර් තහනම මස්ක් ඉවත් කරයි

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ට්විටර් සමාගම පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව එම සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් පෙරේදා පවසා සිටියේය. ඒ අනුව මෙතෙක් කලක් අත්හිටුවා තිබූ ට්‍රප්ගේ ට්විටර් ගිණුමද ඒ සමග යළිත් සක්‍රිය වී ඇතැයි සඳහන් වෙයි. “ජනතාව කතා කළා. ට්‍රම්ප් යළිත් ට්විටර් ගමන අරඹාවි” යනුවෙන් මස්ක් මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. 2021 ජනවාරි 06දා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවුණු කෝලහාලයත් සමග ට්විටර් බලධාරීන් ට්‍රප්ගේ ට්විටර් ගිණුම මෙලෙස අත්හිටුවා දැමුවේය. ඔහු සිය අවසන් ට්විටර් පණිවුඩය තබා තිබුණේ ඊට දින දෙකකට පසුවයි. නව ජනපතිවරයා ලෙස බයිඩන් දිවුරුම් දීමේ අවස්ථාවට තමා සහභාගි නොවන බව ඔහු එහි සටහන් කර තිබුණි. මස්ක් ට්විටර් සමාගමේ හිමිකරුවා බවට පත්වීමෙන් අනතුරුව ට්‍රප්ගේ මෙම ට්විටර් ගිණුම යළිත් සක්‍රිය කරන බවට අවස්ථා කිහිපයකදීම ඇඟවීම් සිදු කළේය. විශේෂයෙන්ම සෑම දෙනාටම සිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට ට්විටර් කටයුතු කරන බවක් මස්ක් එහිදී සඳහන් කර තිබුණි. මේ අතර ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට තරගයක් ලෙස ට්‍රම්ප් දැනට වසරකට පමණ පෙරාතුව TruthSocial නමින් තමන්ගේම සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කළ අතර, අද වනවිට එය එක්සත් ජනපදය තුළ පරිශීලකයන් රැසකගේ කැමැත්ත දිනාගනිමින් සිටින බවත් සදහන් වෙයි.

 

Friday, November 18, 2022

පාපන්දු ක්‍රීඩා ලෝලින් පිළිගැනීමට සුඛෝපභෝගි නෞකා සහ යාත්‍රා රැසක් කටාරයට සහ ඩුබායි වෙත

කටාරයේ සත්කාරකත්වය යටතේ ලබන නොවැම්බර් 20වැනිදා ආරම්භවීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීම සදහා පැමිණෙන ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ සහ සංචාරකයන් සුඛ විහරණය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී මගී නොකා සහ යාත්‍රා රැසක්ම මේ වනවිට එම මුහුදු සීමාව වෙත යාත්‍රා කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. කටාරය යනු මැදපෙරදිග කලාපයේ පිහිටි ඉතා ඉහළ මට්ටමේ ඉස්ලාම් ආගමික පිළිගැනීම් සහිත රටක් වීමත්, මෙවර පාපන්දු ලෝක කුසලානය සදහා පැමිණෙන ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ට එම කාලසීමාවේදී සිය උපරිම විනෝදය එහිදී ලබා ගැනීමට නොහැකිවීමත් යන කාරණා නිසා විකල්ප අවස්ථාවත් ලෙස මුහුදේ පාවෙන සුඛෝපභෝගී නෞකා සහ යාත්‍රා ඒ ආසන්න මුහුදු සීමාව වෙත මෙලෙස ළඟා වී තිබේ. මේ යටතේ දැනටමත් MSC Cruises නෞකා සමාගමේ MSC World Europa සහ MSC Poesia යන සුඛෝපභෝගී හෝටල් නොකා දෙක කටාරයේ දෝහා වරාය වෙත සේන්දු වී තිබේ. මේ  අතරින් MSC World Europa නෞකාව එම සමාගමේ නවතම සුඛෝපභෝගී නෞකාව වන අතර, එය නිල වශයෙන් සාගරය වෙත දියත් කිරීම සිදු වූයේද පසුගිය ඉරිදා දිනයේ කටාරයේ දෝහා වරායේදීමය. එසේම MSC Poesia නෞකාවත් නවීනතම තරු හතර පන්තියේ පාවෙන හෝටලයක්වන අතර, එහි ඇති සුඛෝපභෝගී කාමර සංඛ්‍යාව 1,265කි. ඒවාට අමතරව නාන තටාක තුනක්, ස්පා මෙන්ම සුවතා මධ්‍යස්ථානයක්, සිනමා ශාලාවක්, පූල් ක්‍රීඩා පහසුකම්, ටෙනිස් සහ පැසිපන්දු පිටියක් ඇතුළු පහසුකම්ද එහි ඇත. ඊට අමතරව ආපනශාලා හතරක්මෙහි ඇති අතර, කෝපි හල් 15ක්ද සංචාරකයන් පිනවීමට සූදානමින් සිටියි. මීට අමතරව MSC Cruises නෞකා සමාගමට අයත් දැවැන්තම සුඛෝපභෝගී නෞකාව වන MSC Fantasia සුඛෝපභෝගී නෞකාවත් මෙම සේවා සැලසීම වෙනුවෙන් එක්වීමට නියමිතව තිබේ. මෙලෙස එම සුඛෝපභෝගී මගී නෞකා එරට වරාය වෙත සේන්දු වීම කටාර රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවීමත් විශේෂත්වයකි. පාපන්දු ක්‍රීඩා ලෝලීන් සහ සංචාරකයන් බොහෝ පිරිසක් දැනටමත් මෙම නොකාවල කාමර වෙන්කර ගැනීම්ද සිදු කර ඇතැයි සඳහන් වෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කටාරයේ සංචාරක සහ කටාර ගුවන් සේවයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගරු අක්බාර් අල් බාකර්, ”මේ විදියට පාවෙන සුඛෝපභෝගී නෞකා තුළ නවාතැන් පහසුකම් සහ අනෙකුත් සේවා සම්පාදනයට අවස්ථාව ලබාදීම හරහා ඉතිහාසයේ හොදම පාපන්දු ලෝක කුසලානය ලෙස මෙවර ලෝක කුසලානය සංවිධානය කිරීම සදහා කටාර් රජය දක්වන කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙන් පවසා තිබේ. MSC Cruises සමූහයේ නවතම ඇස්තමේන්තුවට අනුව එම සමාගම මගින් ලෝක කුසලාන පාපන්දු තරග සමයේදී සේවයට යොදවන මෙම සුඛෝපභෝගී නෞකා තුන මගින් සැපයෙන සමස්ත කාමර සංඛ්‍යාව 10,000ක් වනු  ඇතැයි ගණන් බලා තිබේ. එසේම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇරඹී පළමු සතියේදීම මෙම වෙන්කරගැනීම් 100%ක් බවට පත්වෙනු ඇතැයිද පැවසෙයි. මීට අමතරව තව සුඛෝපභෝගී යාත්‍රා රැසක්ම මේ වනවිට කටාරයට අසල්වැසි එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවර වෙත පැමිණෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි. ඒ ඩුබායිහි පිහිටුවා ඇති Fan Zone කලාපය වෙනුවෙනි. කටාරයට පැමිණෙන පාපන්දු තරග සදහා ටිකට් පත් නොමැති, නමුත් අතෙහි ඩොලර් දහස් ගණනින් ඇති ක්‍රීඩා ලෝලීන් ආකර්ෂණය එහි අරමුණ වී තිබේ. මෙහිදී පිහිටුවන දැවැන්ත තිරයක විකාශය කෙරෙන පාපන්දු තරගයක් යාත්‍රාවක ඉහළම තට්ටුවෙහි සිට නැරඹීම සදහා එක් ක්රාත්‍රියකට ඩොලර් 20,000ක් බැගින් අය කිරීමට නියමිතව තිබේ. කටාරය සහ එක්සත් අරාබි එමීරයේ දෝහා නගරය අතර ගුවන් ගමනක් සඳහා ගතවන කාලය පැයක් පමණක් වීම නිසා මේ අවස්ථාවන් වෙත වැඩි පිරිසක් ආකර්ෂණය වනු ඇතැයි අදහස වී තිබේ. එසේම එම යාත්‍රා තුළ වඩාත් පහසුවෙන් නවාතැන් පහසුකම් මෙන් අසීමාන්තිකව මත්පැන් මිලදී ගැනීමේ අවස්ථාවද සලසා දීමත් ඒ වෙත වැඩි ආකර්ෂණයක් හිමිවීමට හේතුවකි. මෙම සුඛෝපභෝගී යාත්‍රාවක් තුළ එක් වරෙකට රැඳී සිටිය හැකි සංඛ්‍යාව 125දෙනෙකි. "මේ සෑම යාත්‍රාවක් තුළම සූපවේදියෙක් ඇතුළුව කණ්ඩායමක් සිටිනවා. ඔවුන්ට පුළුවන් ලෝකයේ ඕනෑම රටක ආහාර වේලක් ඉක්මනින්ම සකස් කරලා මේ පාපන්දු ප්‍රේක්ෂකයන් වෙත ලබා දෙන්න.” යනුවෙන් මෙම සුවිශේෂී සුඛෝපභෝගී යාත්‍රා අවස්ථා සංවිධානය කරන්නෙකු පවසා සිටියි. ඒ අනුව මෙම පාපන්දු ලෝක කුසලාන සමයේදී ලොව අතමිට සරු, සුඛෝපභෝගී සංචාරකයන් සහ විනෝදකාමීන් උපරිමව දෝහා සහ ඩුබායි වෙත එකතු කරගැනීම මෙම පහසුකම් සැලසීමේ මූලික අරමුණ වී තිබේ. 

Monday, November 14, 2022

වසර 18ක් පැරිස් ගුවන්තොටුපොළේ ජීවත් වූ නසේරි ජීවිතක්ෂයට

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි චාර්ල්ස් ඩිගෝල් ගුවන්තොටුපොළ තුළ වසර 18ක කාලයක් ජීවත් වූ ඉරාන ජාතිකයෙකු වන සුප්‍රකට මෙහ්රාන් කරිමි නසේරී එම ගුවන්තොටුපොදීම මියගිය බව එරට බලධාරීන් පවසයි. 1988 වසරේදී ඔහු සිය මව සෙවීම සදහා ඉරානයේ සිට යුරෝපය වෙත පැමිණ ඇති අතර, එහිදී ඇති වූ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් නිසා ඔහුට ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට නොහැකි විය. 2004 වසරේදී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද The Terminal නම් සිනමාපටය සදහා පාදක වූයේද නසේරිගේ මෙම සිදුවීමයි. අනතුරුව ඔහු පිළිබදව ලෝක අවධානය යොමු වූ අතර, ඒ වනවිටත් ඔහු වසර 18ක කාලයක් එම ගුවන්තොටුපොළේ ජිවත්ව තිබුණි.  පසුකාලීනව ඔහුට ප්‍රංශය තුළ ජීවත්වීම් අනුමැතිය හිමි වුවත්, දැනට සති කිහිපයකට පෙරාතුව ඔහු යළිත් සිය සුපුරුදු ගුවන්තොටුපොළ වෙත පැමිණි තිබේ.එහි කල්ගත කරදී ඇති වූ ස්වාභාවික හේතු සමග නසේරි මෙලෙස මිය ගිය බව ගුවන්තොටුපොළ බලධාරීන් පවසයි. 1945 වසරේදී ඉරානයේ. කුසෙස්ටාන් පළාතේදී උපත ලැබූ නසේරී මිය යන විට 77 හැවිරිදි වියේ පසුවිය.





Tuesday, November 8, 2022

පාකිස්තාන පොලිස් නිලධාරියෙකුගේ ගිණුමකට හදිසියේම ඩොලර් මිලියන 1.2 මුදලක් බැරවෙලා

පාකිස්තානයේ කරච්චි නුවර පදිංචි පොලිස් නිලධාරියෙකු බැංකු ගිණුම වෙත හදිසියේම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.2ක මුදලක් බැරවීමේ පුවතක් පසුගියදා විදෙස් මාධ්‍ය හරහා වාර්තා විය. ආමීර් ගොපාන්ගේ නම් මෙම පොලිස් නිලධාරියාගේ මාසික වැටුපද බැර වන බැංකු ගිණුමද මෙය වීම තත්වය වඩාත් ගැටලුසහගතවීමට හේතු වී තිබේ.ඒ අනුව එක් රැයකින් එක්සත් ජනපද ඩොලර් මිලියනපතියකු වීම් පුදුමය මෙන්ම පොලිස් නිලධාරියෙකු ලෙස වෘත්තීයම ගරුත්වය ආරක්ෂා කරගැනීමේ දරුණු උභතෝකෝටිකට පත්වන්නට ගොපාන්ග් හට සිදුව තිබේ. "මේ වගේ අතිවිශාල මුදලක් මගේ බැංකු ගිණුමට වැටුනා කියලා දැන ගත්ත ගමන් මම කම්පනයට පත්වුණා. මොකද කවදාවත් මගේ බැංකු ගිණුම් රුපියල් දහස් ගණනක් හැර වඩා මුදලක් තිබුණේ නෑ.” ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.ගෝපාන්ගේ මෙවැනි අතිවීශාල මුදලක් තමන්ගේ ගිණුමට බැරවී ඇති බව දැන ගෙන අද එම බැංකුවේ නිලධාරීන්ගෙනි.ඔවුන් දුරකථන ඇමතුමක් ලබාදී සිය බැංකු ගියාම වෙත පාකිස්තාන රුපියල් මිලියන 100ක මුදලක් බැරවී ඇති බව දැනුම් දී තිබේ. එය ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1.2ක මුදලකි.මෙලස සාමාන්‍ය පොලිස් නිලධාරියකුගේ ගිණුමට මෙවැනි මුදලක් බැරවීම සම්බන්ධයෙන් සැක සිතූ බැංකු නිලධාරින් වහාම එම බැංකු ගිණුම අක්‍රිය කර, ඔහුගේ බැංකු කාඩ්පත ද අවහිර කර තිබේ. එසේම මෙම සිදුවීම පිළිබදව ඔවුන් පොලීසියද  දැනුවත් කර ඇත. ඒ අනුව මේ පිළිබදව පරික්ෂා කිරීම සඳහා වෙනම නිලධාරියෙකුද පත්කර ඇතැයි සඳහන් වෙයි.එම සිදුවීමට අදාළව පොලීසිය සිදුකළ පරිදි පාකිස්තානයේ තවත් ලර්කනා සහ සුක්කුර් යන ස්ථාන දෙකක පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වෙතද මෙවැනිම මුදල් ප්‍රමාණයක් බරවී තිබෙන බව හඳුනාගෙන ඇත. ඔවුන්ද පොලිස් නිලධාරින් වීම තත්ත්වය තවත්  අර්බුදයක් බවට පත් කර ඇත. ඒ අතරින් ලර්කනා ප්‍රදේශයේ පොලිස් නිලධාරින් තිදෙනකු වෙත ඩොලර් ලක්ෂ හයක් බැගින් ලැබී තිබේ. එසේම සුක්කුර් පළාතේ එක් පොලිස් නිලධාරියෙකුටද ඒ හා සමානමුදලක් ලැබී ඇත.ඒ අනුව මෙම සිදුවීම් සියල්ලම එකිනෙකට සම්බන්ධ සිදුවීම් බව පොලිසිය සැක පළ කරයි. දැනට සිදු කර ඇති පරික්ෂණවලදී පොලිස් නිලධාරින් සියලු දෙනාම තමන් කිසිදු වැරැද්දක් කර නොමති බවත්, මෙම මුදල් කෙසේ බැංකු ගිණුම් වෙත ලැබුණිද යන්න පිළිබඳව නොදන්නා බවත් ප්‍රකාශ කර තිබේ.


Monday, October 17, 2022

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය ඊයේ (16දා) එරට ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් බීජිං නුවරදී පැවැත්වුණි. චීනය අනාගතයේදී සියලුම අංශයන්ගෙන් සමන්විත නවීනතම සමාජවාදී රාජ්‍යයක් බවට පත් කිරිමේ නව ගමනක් සනිටුහන් කරමින් මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.මෙහිදී ඒ සදහා වන උපායමාර්ග සැලසුම අදියර දෙකකින් යුක්ත වෙයි. ඒ අනුව 2020 සිට 2035 දක්වා වන පළමු අදියරේදී සමාජවාදය නවීකරණය සිදුවනු ඇති බවත්, 2035 සිට 2050 දක්වා කාලය තුළදී චීනය නවීනතම සමාජවාදී රටක් බවට පත්වනු ඇතැයි සදහන් වෙයි. එහිදී සෞභාග්‍යමත්, ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී.සංස්කෘතිකමය වශයෙන් දියුණු, මිත්‍රශීලී සහ සුන්දර රටක් බවටද පත්වනු ඇතැයි යන්න අපේක්ෂාව වී තිබේ. මෙම අවස්ථාව සඳහා චීන කමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයෝ 2,300කට අධික පිරිසක් සහභාගි වී සිටියහ. ඔවුන් ඇමතී ඇමතූ ජනාධිපති ෂී ජින්පිං, සිය රජය"ශුන්‍ය -කෝවිඩ්’ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය පිළිබදව සදහන් කළේය. එහිදී මෙම වෛරසයට එරෙහි යුද්ධයේදී තමන්ට බොහෝ ජිවිත ආරක්ෂා කරගැනීමට හැකි වූ බව ඔහු පවසා තිබේ. එසේම හොංකොං සහ තායිවානය සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමේදී ඔහු එරට ස්වෛරිත්වය පිළිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමු විය යුතු බවත් සදහන් කර ඇත. මේ අතර අනාගතයේදී චීනය වඩාත් පරිසර හිතකාමී රටක් බවට පත්වෙනු ඇති බවත්, ඒ සඳහා ගත යුතු පියවර රැසක් දැනටමත් ගෙන ඇති බවත් ජනපතිවරයා පැය දෙකක් පුරා පැවැති සිය කතාවේදී පවසා සිටියේය.

"අපගේ පක්ෂයේ සිටින සියලු දෙනාම කවදාවත් අමතක නොකළ යුතු දෙයක් තමයි, අපගේ සැබෑ බලාපොරොත්තු සහ මෙම පක්ෂය ආරම්භ කිරිම් මෙහෙයුම ඒ කියන්නේ අපි සෑම අවස්ථාවකදීම පෙනී සිටී නවීන, දූරදර්ශී සහ මහන්සි වී වැඩ කිරීම සහ ඒ හරහා අපගේම සටනක් පවත්වාගෙන යන්නට අපට ඇති ධෛර්ය සහ ශක්තිය කියන කාරණා මතකයේ තබා ගත යුතු වෙනවා.” යනුවෙන් ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. 


Thursday, September 8, 2022

සෞදි රජුට එරෙහිව ට්විටර් පණිවිඩයක් තැබු කාන්තාවකට වසර 45ක සිරදඩුවමක්

සෞදි අරාබියේ සල්මාන් රජුට සහ ඔටුන්න හිම් මොහාමඩි බින් සල්මාන් කුමරුන්ට එරෙහිව ට්විටර් පණිවුඩයක් තැබූ කාන්තාවකට වසර 45ක සිරදඩුවමක් පැනවීමට එරට බලධාරින් පියවර ගෙන ඇතැයි වාර්ත වෙයි. ඇගේ මෙම පණිවුඩය හරහා ඉස්ලාම් ආගම සහ සෞදි  අධිකරණාය අභියෝගයට ලක් කෙරෙන බව පවසමින් එම තීරණය ලබා දී තිබේ. මෙම කාත්තාව වයස අවුරුදු 40ත් 50ත් අතර පසුවන දරුවන් පස්දෙනෙකුගේ මවක ලෙස හඳුනාගෙන තිබේ. Nourah al-Qahtani නම් ඇය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම පණිවුඩය ප්‍රසිද්ධ කර ඇති අතර, පසුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ. ඇය අසත්‍ය සහ වරදී පණිවුඩයක් ප්‍රසිද්ධ කර ඇතැයි අධිකරණය පවසා සිටියි. මේ වසරේ පෙබරවාරී මාසයේදී අධිකරණය අදයට අවුරුදු හයහමාරක සිරදඩුවමක් නියම කර තිබුණි. 


 

Wednesday, August 31, 2022

ඉන්දියාවේ අදානි ලොව තෙවැනි ධනවතා වෙයි

ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෝතම් අදායි ලොව තෙවැනි ධනවතා බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. ඊයේ (30දා එළිදැක්වුණු Bloomberg Billionaires Index හි අලුත්ම වාර්තාව මගින් මේ බව අනාවරණය කර තිබේ. ඒ අනුව මෙම ස්ථානයට පත් වූ පළමු ආසියානුවා වන්නේද ගෞතම් අදානිය. බිලුම්බර්ග් වෙබ් අඩවියට අනුව ඊයේ දිනය වන අදාතිගේ වක්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 137,4කි. මෙම ලයිස්තුවේ පළමු තැන පසුවන ටෙස්ලා හිමිකරු එලෝන් මගේ වත්කම ඩොලර් බිලියන 251ක් වන අතර, දෙවැනි තැන පසුවන ජෙෆ් බෙසා වත්කම ඩොලර් බිලියන 153කි. මෙහිදී අදානි පසු කර ඇත්තේ මතක් ලොව තෙවැනි ධනවතා ලෙස සිටි KVMH සමාගමේ සමනිර්මාතා ප්‍රංශ ජාතික බර්නාඩ් ආර්නෝල්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 136ක් ලෙස සටහන්ව තිබේ.  වර්තමානය වනවිට අදානි සමූහය ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් සිදුකරන සමාගම මෙන්ම, විශාලතම ගල් අගුරු අලවිකරුවාද වෙයි. 2021 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් අදානි එන්ටප්‍රයිසස් සමාගම ලැබූ ආදායම ඩොලර් බිලියන 5.3කි. 


Monday, August 22, 2022

ඊජිප්තුවේ කයිරෝ අගනුවර මෙට්‍රෝ දුම්රිය කාන්තාවන් අතට

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ක්‍රියාත්මක මෙට්‍රෝ දුම්රිය සේවාව එහි ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා දුම්රිය රියදුරන් දෙදෙනකු බදවා ගැනීමට කටයුතු යොදා ඇතැයි වාර්ත වෙයි. 30 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාර පිළිබඳ උපාධිධාරිනියක වන හිදී ඕම්කාර් සහ 32 හැවිරිදි සුසාන් මොහොමඩ් මෙම අවස්ථාව උදා කරගත් කාන්තාවන් වෙයි.මේ අතරින් හිදී ඕමාර් දරුවන් දෙදෙනකුගේ මවක්ද වෙයි. මෙට්‍රෝ දුම්රිය සේව්ය සදහා එක්වීමට තිබූ තම බලවත් කැමැත්ත නිසාම මෙම රැකියාවට පිවිසි බව ඇය සදහන් කර සිටියි. "දැනට මාස කිහිපයකට කලින් තමයි, කයිරෝ මෙම සේවාව කාන්තා රියදුරන්ට අවස්ථාවක් ලබාදෙන බව ප්‍රකාශ කළේ. මට වුවමනා වුණා. ඒ විදියට පත්වන පළමුවැනි කාත්තා දුම්රිය රියදුරුවරිය බවට පත්වෙන්න.” හිදීපවසයි. ඊජිප්තු කාන්තාවන්ගේ සාම්ප්‍රදායික හිජාබය ඇඳ ඊට උඩින් නියෝන් සහිත රුකටුව පැලඳ ඇය සිය සේවයට වාර්තා කරයි. සෑම දිනකම මෙම මෙට්‍රෝ දුම්රියේ ගමන් ගන්නා දහස් ගණනක් ජනතාවගේ ජීවිත තමන්ගේ දැතේ රැදී ඇති බවත්, ඒ නිසාම බරපතළ වගකීමක් තමන් සතුව ඇතැයි තමන්ට හැගෙන බවත් ඇය පවසයි. 1987 වසරේදී ආරමිභ කෙරුණු මෙම කයිරෝ මෙට්‍රෝ දුම්රිය සේවාව, අරාබි ලෝකයේ පිහිටවුණු පැරණිතම මෙට්‍රෝ දුම්රිය සේවාවද වෙයි. අද වනවිට මෙම මෙලෝ දුම්රිය තුළ කාන්තාවන් සදභාම වෙන්වූ දුම්රිය මැදිරියක්ද වෙන්වී තිබේ. එසේම ඊජිප්තුව තුළ කාන්තාවන් සදහා තවදුරටත් සම අවස්ථාවන් ලබාදීමේ අවස්ථාවක් ලෙස මෙලෙස එහි රියදුරු රැකියාව කාන්තාවන්ටද විවෘත කෙරී තිබේ. කයිරෝ මෙට්‍රෝ දුම්රිය සේවාවේ රියදුරුවරියක ලෙස දෙවැනි අවස්ථාව හිමි කරගත් සුසාන් මොහොමඩ් අදහස් දක්වමින්, කාන්තාවන් සඳහා බොහෝ සීමා පැනවීම් සිදුකර ඇති රටක් වන ඊජිප්තුව තුළ තමන් හිමි කරගත් මෙම අවස්ථාව සුවිශේෂී බව පවසා සිටියි. "තවමත් ජනතාව කාන්තාවක් පදවන දුම්රියක යන්න බයයි. ඔවුන්ට කාන්තාවගේ හැකියාවන් ගැන සැකයක් තිබෙනවා. ඔවුන් හිතන්නේ කොන්තාවක් පාලනය කරන දුම්රිය අනාරක්ෂිතයි කියලයි." ඇය සදහන් කරයි. මේ අතර කයිරෝ මෙට්‍රෝ දුම්රිය සේවය ඉදිරියේදී තවත් නව දුම්රිය මාර්ග තුනක් හදුන්වා දීමටද සැලසුම් කර තිබේ. ඒ හරහාද තවත් කාන්තා දුම්රිය රියදුරන්ට අවස්ථාව හිමි වනු ඇතැයි හින්දු විශ්වාස කරයි. ඒ අනුව ඉදිරියේදී දුම්රිය රියදුරෙකු බවට පත්වීමට අපේක්ෂා කරන කාන්තාවන්ට මෙය මහගු අවස්ථාවක් වනු ඇතැයිද ඇය පවසයි.

Thursday, June 16, 2022

තේ පානය අඩු කරන්නැයි පාකිස්ථාතානය ජනතාවට කියයි

තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයිපාකිස්තාන රජය එරට ජනතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානය ලොව විශාලතම තේ ආනයනයකරුවා වන අතර, වර්තමානයේදී එරට මුහුණ දී ඇති විදේශ මුදල් සංචිත අර්බුදය මේ තීරණයට හේතුව වී තිබේ.ඒ අනුව දිනකට පානය කරන තේ කෝප ප්‍රමාණය සීමා කර, ආනයන වියදම අඩු කර ගැනීමට හැකි බව පාකිස්තානයේ සැලසුම් සහ සංවර්ධන අමාත්‍ය අෂාන් ඉම්බාල් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබේ. "අකමැත්තෙන් වුණත්, මට සිදුවෙනවා වතාවගෙන් ඉල්ලීමක් කරන්න දිනකට පානය කරන තේ කෝපි ප්‍රමාණය අඩු කරන්න. ඊට හේතුව අප තේ මිලදී . ග ත් ණයවලින්.” යැයි එහිදී ඔහු පවසා ඇත. මේ අතර විදේශ සංචිත ප්‍රමාණවත්ව ඇත්තේ මාස දෙකක් සදහා භාණ්ඩ ඇණවුම් කිරීමට පමණක් බවත්, එම විදෙස් සවිත යොදා ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී පෙන්වා දී තිබේ. 2020 වසරේදී පාකිස්තානය එක්සත් ජනපද ඩොලර්  මිලියන 646ක් වටිනා තේ ආනයනය කර ඇති අතර, තේ  යනු පාකිස්තානය තුළ වැඩියෙන්ම ආනයනය කළ භාණ්ඩ අතර 13 වැනි ස්ථානයේ පසුවෙයි. මෙහිදී පාකිස්තානය වැඩීම තේ ප්‍රමාණයක් ආනයනය කර ඇති රට වන් කෙන්යාවයි. එම වටිනාකම ඩොලර් මිලියන 495කි. එසේම වියට්නාමයෙන්, රුවන්ඩාවෙන්, උගන්ඩාවෙන් සහ චීනයෙන්ද පාකිස්තානය තේ ආනයනය කරයි. 


ජනප්‍රිය Squid game නමින් රියැලිටි වැඩසටහනක් නිෂ්පාදකයට Netflix සැරසෙයි

Netflix අන්තර්ජාල ස්ට්‍රීමිං සේවාව හරහා ජනප්‍රිය වූ දකුණු කොරියානු ප්‍රබන්ධ කතාමාලාවක් වූ Squid Game නමින් නව රියැලිට් රූපවාහිනි වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි Netflix Inc. සමාගම පවසයි. මෙය Squid Game : The Challenge ලෙස නම් කෙරී තිබේ. මෙම රියැලිටි තරගය සඳහා තරගකරුවන් 450 දෙනෙකු සඳහා අවස්ථාව ඇති අතර, ජයග්‍රහණය සඳහා පිරිනැමෙන මුදල ඩොලර් මිලියන 4.56කි. ඒ අනුව මෙය එතෙක් මෙතෙක් ලොව රියලිටි රූපවාහිනිය වැඩසටහනකදී ලබාදුන් ඉහළම මුදල් ත්‍යාගයද වෙයි. මෙම වැඩසටහන එක්සත් රාජධානියේදී රූගත කිරීම සැලසුම වී ඇති අතර, ඉංග්‍රීසි භාෂාවත්පමණක් නිෂ්පාදනය කෙරෙන බවත් Netflix සමාගම පවසයි.

Wednesday, June 15, 2022

AMAZON සමාගම ඩ්‍රෝන යානා යොදාගනිමින් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවක් අරඹයි

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරිමේ ලොව ජනප්‍රිය සමාගමක් වන එක්සත් ජනපදයේ ඇමසෝන් (Amazon) සමාගම ඩ්‍රෝන යානා යොදා ගනිමින් එරට පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ඇරඹූ බව පවසයි. Amazon Prime Air ලෙස හඳුන්වා දී ඇති මෙම නවතම සේවාව පසුගිය සඳුදා දිනයේදී එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොකේෆෝර්ඩ් නගරයේ පාරිභෝගිකයන් සදහා ලබාදී තිබේ. මෙහිදී එක් ඩ්‍රෝන යානාවක් මගින් රාත්තල් පහකට වඩා අඩු බරක් සහිත පාර්සලක් රැගෙන යාමේ හැකියාව පවතින බව ඇමසෝන් සමාගම පවසයි. එසේම අදාළ පාර්සලය පාරිභෝගිකයා වෙත ළඟාවූ අවස්ථාවේදී එය ඔහුගේ හෝ ඇයගේ නිවසේ පිටුපස කොටස වෙත ඉතාමත් සුරක්ෂිතව ගොඩබැස්සවීමටත්, වඩාත් පහසුවෙන් එය ලබාගැනීමට හැකියාව ලැබෙන ලෙසත් කටයුතු කරන බවත් ඇමසෝන් සමාගම මාධ්‍ය වෙත සදහන් කර තිබේ.  ඇමසෝන් සමාගම මෙලෙස සිය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඩ්‍රෝන යානා යොදාගැනීමේ පළමු වැනි උත්සාහය ආරමිභකළේ 2015 වසරේදීය. එහෙත් ඒ සඳහා වන අනුමැතිය ලබාගැනීමට එම සමාගමට වසර 5ක් ගතවී තිබේ. වාර්තා සදහන් කරන ආකාරයට මෙම කාලසීමාව තුළදී භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් ඩ්‍රෝන යානා 08ක් කඩා වැටුණු අතර, ඉන් ඔරිගොන් ප්‍රාන්තයේදී කඩාවැටුණු ඩ්‍රෝන යානාවක් හේතුවෙන් ලදු කැලප ගිනි ගැනීමක්ද සිදුබව වාර්තා වෙයි.


Thursday, June 9, 2022

චීනය චන්ද්‍රයාගේ භූගෝලීය සිතියමක් ප්‍රසිද්ධ කරයි

චීන විද්‍යාඥයන් පිරිසක් විසින් චන්ද්‍රයාගේ වඩාත් සවිස්තරාත්මක දත රැගත් නවතම භූගෝලීය සිතියමක් නිකුත් කිරීමට ඊයේ (08) දිනයේදී පියවර ගෙන තිබේ. මෙය 1:2,500,000ක විශාලත්වයකින් යුත් සිතියමකි. චීනයේ චන්ද්‍ර ගවේෂණ වනපෑතිය වන change මගින් ලබාගත් දත්ත සහ අනෙකුත් ජාත්‍යත්තර සංවිධාන මගින් රැස්කරගත් තොරතුරු යොදාගෙන මෙය සකස් කර තිබේ. මෙම සිතියමේ සඳමත ඇති ආවාට 12,341ක්, දෝණි 81ක්, පාෂාණ වර්ග 17ක් සහ එකින්නෙකට වෙනස් වහයන් වර්ග 14ක් යනාදී ලෙස වන්ද්‍රයාගේ භූගෝලීය විකාශනය පිළිබඳ වන තොරතුරු රැසක් ඇතුළත් කර තිබේ. මෙම සිතියම මගින් චන්ද්‍රයා මත සිදු කරන ඉදිරි විදහාත්මක පරියේෂණ, ගවේෂණ සහ ගොඩබැසීමේ ප‍්‍රදේශ තෝරා ගැනීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇතැයිද සඳහන් වෙයි. මට පෙර 2020 වසරේදී එක්සත් ජනපදය විසින්ද චන්ද්‍රයාගේ 125,000,000ක විශාලත්වයෙන් යුතු සිතියම ප්‍රසිද්ධියට පත් කෙරිණි.

Friday, June 3, 2022

තුර්කියේ නම TURKEY වෙනුවට TURLIY ලෙස වෙනස් කිරීමට UN අනුමැතිය

තුර්කිය ජාත්‍යන්තරයේදී නිල වශයෙන් හැදුන්වන නාමය Turkey වෙනුවට Turkiy ලෙස වෙනස් කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමැතිය ලබාදී ඇතැයි පවසයි. තුර්කි බලධාරීන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ. තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් කව්සොග්ලු පසුගිය බදාදා දිනයේදී මේ පිළිබදව වන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහ ලේස්කම් අන්තෝනියෝ ගුටෙරෙස් හට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම සංවිධානය මගින් සිදු කරන සියලුම කටයුතුවලදී තුර්කියේනම Turkey වෙනුවට Turkiy ලෙස වෙනස් කරන ලෙස ඉල්ලීම් කර තිබේ. මෙම නම් වෙනස් කිරීම අදාළ අනුමැතිය සහිත ලිපිය ලැබීමත් සමගින්ම සිදු වනු ඇති බවත් සඳහන් වෙයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී තුර්කිය මෙම නම් වෙනස් කිරීම ආරම්භ කළේය. ඉදිරියේදී අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍යයන්ට සිය රටෙහි නම Tirkiy ලෙස වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.


Wednesday, May 18, 2022

ජපානයේ නගරයක ජනතාවට දුන් යෙන් මිලියන 46.3ක COVID - 19 සහන අරමුදල් රැගෙන පලා ගිහින්

ජපානය වෙත බලපෑ COVID-19 වසංගත තත්වයත් සමග බලපෑමට පත් වූ තනි පුද්ගලයන් සහ ව්‍යාපාර වෙත සහන සැලසීම සඳහා ලබාදුන් ජපාන යෙන් මිලියන 46.3ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිළිබදව එරට මාධ්‍ය අනාවරණය කරයි. 24 හැවිරිදි තරුණයෙකු වන මොහු මෙලෙස වංචා කර ඇත්තේ එරට යමගුචි නගරයේ නිවාස 463ක වෙසෙන ජනතාව වෙත රජය මගින් අනුමත කෙරුණු සහන මුදල්ය. මෙහිදී නගර බලධාරීන් එක් අයෙකු වෙනුවෙන් යෙන් ලක්ෂයක් බැගින් වත්කර තිබී ඇත.සිදුවීම සම්බන්ධයෙන් නගරයේ නගරාධිපතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලා ඇති අතර, මෙය රජයේ ලිපිකරුවන් සිදුකළ වැරදි ගණන් කිරීමක් නිසා සිදු වූවක් බවත් එය නිවැරදි කර හැකි ඉක්මනින්ම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් පවසා තිබේ. කෙසේ වෙතත් මේ වනවිට එම පුද්ගලයා අදාළ මුදල සමග අතුරුදන්ව ඇතැයි සඳහන් වෙයි. ජපාන මාධ්‍ය අනාවරණය කරන ආකාරයට 2022 අප්‍රේල් 08වැනිදා එම පුද්ගලයාගේ ගිණුම වෙත මෙම මුදල් බැරවී ඇත. අනතුරුව ඔහු දිනකට යෙන් ලක්ෂ හයක් බැගින් එම මුදල් බැංකුවෙන් ඉවත් කරගෙන තිබේ. මෙම වැරැද්ද පිළිබදව අනාවර්ණය වීමෙන් අනතුරුව ජපාන නගර බලධාරින් එම මුදල් පිළිබදව සෝදිසි කර ඇති නමුත්, ඒවා සොයා ගැනීමට නොහැකි වී තිබේ. එහෙත් පසුව අප්‍රේල් 21දා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ එම මුදල් තම ගිණුමෙන්ද එක්වරම ඉවත්වී ඇති බවකි. තමා පලා නොයන බවත්, කළ වැරැද්දට දඩුවම් විදීමට සූදානම් බවත් ඔහු පවසා ඇත. ඒ අනුව ඔහුට එරෙහිව සොරකම් කිරීමේ චෝදනා යටතේ නඩු ගොනු කිරීම සම්බන්ධයෙන් සහ දඩ පැමිණවීම සම්බන්ධයෙන් නීතීඥයන්ගේ ආධාරයෙන් කරුණු විමසීමට නගර බලධාරින් පියවර ගෙන ඇත. එහිදී සොරකම් කළ මුදල සහ නීතීඥ ගාස්තුව එක්ව ඔහුට යෙන් මිලියන 51.16ක මුදලක් ගෙවීමට තීරණය වී තිබේ. කෙසේ වෙතත් මෙලෙස බලධාරින් යටතේ විමර්ශනයට ලක්ව සිටින කාලසීමාවේදී එම 24 හැවිරිදි පුද්ගලයා යළිත්පලා ගොස් ඇති අතර, ඔහු සිය බැංකු ගිණුම් සියල්ලම හිස් කරමින්, රැකියාවෙන්ද ඉවත්වෙමින් සිය නිවෙසින්ද පලාගොස් ඇතැයි ජපාන මාධ්‍ය සදහන් කරයි.


Monday, February 14, 2022

යුක්රේනය ආක්‍රමණය කළොත් රුසියාවට දරුණු වන්දියක් ගෙවීමට සිදුවේවි

රුසියානු ජනාධිපති විලැදිමීර් පූටින්ගේ හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමක් සිදුකළහොත් රුසියාව වෙත දරුණු ඵලවිපාක වෙත මුහුණ දීමට සිදුවනු ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අගවයි. පසුගියදාදුරකථනය හරහා වීලදිමීර් පූටින් අමතමින් බයිඩන් මේ බව පවසා තිබේ. මෙවැනි ආක්‍රමණයක් හේතුවෙන් ජනතාව වෙත බොහෝ හානි සිදුවිය හැකිවධත්, එය රුසියාවේ තත්වය බිඳහෙලීමට හේතුවක් වෙනු ඇතැයිද බයිඩමෙහිදී පූටින් වෙත පැවසූ බවත් සඳහන් වෙයි. ඒ අනුව දෙදෙනාම ඉදිරි දිනෙකදී යුක්රේනය සම්බන්ධයෙන් වන එකගතාවකට පැමිණීමට මෙහිදී එකගවී තිබෙන බවත් සදහන් වෙයි. එහෙත් විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට රුසියාව තව දුරටත් යුක්රේන දේශසීමාව තුළ සිදුකරන හමුදාමය ක්‍රියාකාරකම්  එලෙසින්ම පවත්වාගෙන යන අතර, එම ක්‍රියාකාරකම් අත්හැරිමේ සූදානමක්ද නොමැති බව පැවසෙයි.මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨතම විදෙස් ප්‍රතිපත්ති උපදේශකවරයෙකු සඳහන් කර ඇති ආකාරයට බයිඩන් සහ පූටින් අතර සාකච්ඡා දෙපාර්ශ්වයටම වඩාත් සමතුලිත ආකාරයෙන් පැවැත්වී තිබේ. එසේම ඕනෑම අවස්ථාවකදී ඕනෑම මට්ටමකින් දෙදෙනා අතර, සබදතා පවත්වාගෙන යාමටත් නායකයන් එන්හිදී එකගතාව පළකර කෙසේ වෙතත් එක්සත් ජනපදය පවසන ආකාරයට නුදුරේදීම යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් රුසියාවට නැතැයිද එම උපදේශකවරයා පවසා තිබේ. 


Friday, February 11, 2022

චීන චන්ද්‍රිකාවක් අභ්‍යවකාෂයේ කුණු සුද්ධ කරලා

චීනයට අයත් චන්ද්‍රිකාවක් මගින් පසුගිය මාසයේදී පෘථිවි කක්ෂයේ පවතින දිගුකාලයක් පුරා අකර්මණ්‍යවී ඇති තවත් චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ කිලෝමීටර් 300ක් පමණ ඈතට වීසිකර දමා ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මෙම ප්‍රදේශය පෘථිවි කක්ෂයේ පිහිටි 'සොහොන් බිම” ලෙස හැදින්වෙන අතර, එම ප‍්‍රදේශය තුළ ඇති වස්තූන් පෘථිවි කක්ෂයේ ඇති අභ්‍යවකාශ යානා සමග ගැටීම සීමාසහිත වන බවත් පැවසෙයි. එක්සත් ජනපදයේ පිහිටි පෞද්ගලික සමාගමක් වන ExoAnalytic Solutions නම් ආයතනයේ අභ්‍යවකාශ තත්වයන් පිළිබද දැනුවත් කිරිමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ආචාර්ය බ්‍රයන් ෆ්ලෙවෙලින්ගේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අනාවරණය කර තිබේ. මෙම ExoAnalytic Solutions ආයතනය ලාව පුරා පිහිටි දැවැන්ත ප්‍රකාශ දුරේක්ෂ ජාලයක් යොදා ගනිමින් චන්ද්‍රිකාවක්හි ස්ථාන වෙනස්වීම සම්බන්ධයෙන් නිරික්ෂණය කරමින් සිටියි.  ඒ අනුව ඔවුන්ට නිරීක්ෂණය වී ඇති ආකාරයට චීනයට අයත් SJ-21 නම් චන්ද්‍රිකාව පසුගිය ජනවාරි 22දා සිය සාමාන්‍ය ස්ථානය වෙනස් කරමින්, දැනට අක්‍රියවී ඇති චන්ද්‍රිකාවක් වන Compass-G2 හා සමීපවී තිබේ. ඒ අනුව ඊට දින කිහිපයකට පසුව සිදුකළ නිරික්ෂණයේදී එම SJ-21 චන්ද්‍රිකාව මගින් G2 චන්ද්‍රිකාව වඩා ඉහළ කක්ෂයකට රැගෙන ගොස් තිබෙන බවහදුනාගෙන ඇත.කෙසේ වෙතත් චීනයේ අභ්‍යවකාශ බලධාරින් මෙම සිදුවීම පිළිබදව මෙතෙක් කිසිදු අදහසක් දක්වා නැත.මෙම Compass-G2 හෙවත් BeiDou-2 G2 ලෙස හැදින්වෙන චන්ද්‍රිකාව චීනයේ BeiDou-2 චන්ද්‍රිකා පද්ධතිය යටතේ 2009 වසරේදී කක්ෂගත කරවූවකි. 

එහෙත් කක්ෂගත කර ටික වේලාවකින් එය දෝෂයකට ලක්වූ අතර, ගෙවුණු වසර 12කට අධික කාලයක් එය මෙලෙස පෘථිවි කක්ෂයේ ඇති අනෙකුත් අභ්‍යවකාශ අපද්‍රව්‍යයද සමග පෘථිවිය වටා කැරකැවෙමින් තිබුණි. SJ-21 චන්ද්‍රිකාව 2021 ඔක්තෝබර් මාසයේදී කක්ෂගත කෙරුණු භූස්ථාවර චන්ද්‍රිකාවකි. එය සිය මෙහෙයුම  නිමා කර දැන් නැවතත් කොංගෝ ද්‍රෝණියට ඉහළ අහස් භූස්ථාවර කක්ෂය වෙත පැමිණ තිබේ. මෙම ස්තාවර කක්ෂයේ පිහිටි චන්ද්‍රිකා පාවිච්චිය කරකැවෙන වේගයෙන්ම කරකැවෙමින් අදාළ ස්ථානයේ ස්ථානගතවී සිටියි. මෙලස අභ්‍යවකාශයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරිමට මූලිකත්වය ගැනීම චීන අභ්‍යවකාශ පර්යේෂකයන් ගත් සුවීශේෂ පියවරක් බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි. දැනටමත් විවිධ රටවල් මෙම අභ්‍යාවකාශ අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා යොදාගත හැකි විවිධ සංවර්ධනය කරමින් සිටියි. ඒ අතරින් ජපානය 2021 මාර්තු මාසයේදී ELSA-d ලෙස මෙහෙයුමක් ඇරඹූ අතර, ඒ හරහා අභ්‍යාවකාශ අපද්‍රව්‍ය එකතු කර ඉවත් කිරීම් තාක්ෂණයක් අවා බැලුණි. එසේම යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය සිය අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුම් 2025 දී ඇරඹීමට සූදානමින් සිටියි.


Thursday, February 3, 2022

COVID-I9 වෛරසයට එරෙහිව ජයග්‍රහණය නිවේදනය කරන්න කිසිවිටක ඉක්මන් වෙන්න එපා

ලොව කිසිදු රටක් COVID-I9 වෛරසය පරාජයට පත් කරමින් ජයග්‍රහණ හිමිකරගත් බවට සැමරුම් සිදු කිරීමට ඉක්මන් නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අදානොම් පවසයි. පසුගිය අගහරුවාදා දිනයේදී එම සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අනතුරු ඇගවීම සිදුකර තිබේ. ඒ අනුව ලොව කිසිදු රටක් මේ ආකාරයට COVID-19  පරාජයට පත්කිරීම සම්බන්ධ උදම් අනමිත් ප්‍රකාශ සිදුකිරීම හෝ ඒ හේතුවෙන් වෛරසයේ සම්ප්‍රේෂණය වීම නැවැත්වීම සදහා ගන්නා මෙතෙක් උත්සාහයන් නැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉක්මන් නොවිය යුතුය යන්න ඔහුගේ අදහස වී තිබේ."කිසිදු රටක් මේ වෛරසයට එරෙහිව යටත් වීමක් හෝ එය පරාජය කිරීමක් සිදුකළ බව ප්‍රකාශ කිරීම සුදුසු නැහැ. මොකද මේ වෛරසය තවමත් ලෝකයට තර්ජනයක්. එය කොයි මොහොතකදී හෝ පරිණාමය වෙනවා” ටෙඩ්‍රෝස් පවසයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙවැනි අනතුරු ඇගවීමක් සිදු කිරිමට ආසන්නතම හේතුව ඩෙන්මාර්තකය සිය COVID-19 සීමා සියල්ලක්ම පාහේ ඉවත් කිරීමට ගත් තීරණය බව විදෙස් මාධ්‍යවල අදහස වී තිබේ. ඩෙන්මාර්කය එරට තුළ Omicron ප්‍රභේඳයේ ආසාදිතයන්ගේ වාර්තා වීමක් සිදුවන අතරතුරදීම, ඒ පිළිබදව නොසලකමින් මෙතෙක් පැවැති සීමා සියල්ලම ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ අතර යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් අතරින් මෙවැනි තීරණයක් ගත් පළමු වැනි රට බවටද ඩෙන්මාර්කය පත්ව තිබේ. එසේම ලොව බොහෝ රටවල් මෙම තීරණය ආදර්ශයට ගැනීමේ අවදානමක් පවතින බව සදහන් වෙයි.


Tuesday, January 25, 2022

පියාගේ ඉල්ලීමට ගම්මානයක් අමතක නොකළ වැන් යුන්ටිආන්

චීනයේ උතුරුදිග සැක්ෂි පළාතේ පිහිටි ටායිදුආන් දිස්ත්‍රික්කයේ වැන්ග්ෆෙන්ග ගම්මානය නගරයෙන් බොහෝ අතින් පිහිටි ගම්මානයකි. අද දවසේදී ඒ වෙත දිවෙන මහා මාර්ග ඉදිවී තිබුණද. දැනට දශක තුනකට හතරකට පෙරාතුව මෙම ගම්මානය අතිදුෂ්කර වූ ගම්මානයක් ලෙස සැලකුණි.මේ ගම්මානයේ වෙසෙන ජනතාවට බාහිර ලෝකයත් සමග සබදතා පැවැත්වීම සඳහා තිබූ එකම අවස්ථාව වූයේ චීන තැපැල් සේවය හරහා සිදුකළ තැපැල් සේවාවයි.1985 වසරේදී චීන තැපැල් සේවාවේ තැපැල් පත් බෙදන්නෙකු ලෙස රැකියාවට එක්වුණු වැන් ෂොයුකියු මේ දුෂ්කර ගම්මානයේ ගැමියන් වෙනුවෙන් එලෙස ලියුම්, පුවත්පත් රැගෙන ආ පුද්ගලයා විය.ඔහු අතිශය දුෂ්කර මාර්ග, කදුවැටි, හෙල් පසු කරමින්, වන ලැහැබ මැදින් දින කිහිපයකට වරක් මේ ගම්මානය වෙත පැමිණි එහි වෙසෙන ජනතාවගේ මුවට සිනහවක් නංවමිනි. ඒ නිසාම ගම්මානයේ ජනතාවගෙන්ද ෂොයුකියු වෙත ලබු ඉමහත් ගෞරවය පිරි ආදරයකි. දශක හතරකට ආසන්න කාලයක් චීන තැපැල් සේවාවේ ලියුම් බෙදනෙකු ලෙස සේවය කළ  ෂොයුකියු පසුගිය 2020 4 වසරේදී ඉන් ඉවත් වන්නේ පැවැති අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙනි. එහෙත් ඔහුට මෙම ටොයියුආන්හි වැන්ග්ෆෙන්ග් ගම්මානයේ වැසියන් කිසිලෙසකින්වත් අමතක කළ නොහැකි විය. ඔහු මෙතෙක් එම ගම්මානයේ ජනතාවට ලබාදුන් සේවාව තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක විය යුතුය යන්න ඔහුගේ ස්ථිර අදිටන විය.ඒ අනුව ඔහු සිය එකම පුත්‍රයා වූ වැන් යුන්ටිආන්ද චීන තැපැල් සේවාවේ රැකියාවක් සඳහා එක් කරගත්තේ මේ ගම්මානයේ වෙසෙන ජනතාවට අවශ්‍ය සේවාව සැපයිම වෙනුවෙනි. ඔහු මේ සේවාව නොපිරිහෙළා සිදුකරන බවට සිය පුත්‍රයාගෙන් දැනටමත් පොරොන්දුවක්ද ලබාගෙන තිබේ. විශේෂයෙන්ම තමන් මෙන් අද දවසේ වයස්ගතව සිටින මෙම ගම්මානයේ ජනතාවට සෙත සැලසීම වැදගත් බව ඔහු සිය පුතාට පවසා ඇත. ඒ පොරොන්දු ප්‍රකාරව වැන් යුන්ටිආන්ද සතියකට දින කිහිපයක් මෙම ගම්මානයට පැමිණෙන්නේ සිය පියා සිදුකළ සේවය ඉදිරියටත් පවත්වාගෙන යාමේ අරමුණිනි. එහෙත් ඔහු සිය පියා මෙන් ගම්මානයට එන්නේ පා ගමනින් නොව චීන තැපැල් සේවාවට අයත් වෑන් රථයකිනි. වෑන් රථයකින් ඒමට තරම් සුදුසු ලෙස අද මෙහි මාර්ග දියුණු වී තිබේ. එසේම අද ගම්මානයේ ජනගහනය වැඩි නිසා යුන්ටිආන් වෙත වඩා වැඩි තැපැල් පත් සහ පාර්සල් ප්‍රමාණයක් රැගෙන   ඒමටත් සිදුව තිබේ. තැපැල් පත්වලට අමතරව ඔහු දිනපතා පුවත්පත්ද මේ ගම්මානයේ වෙසෙන පිරිස වෙත රැගෙන එයි."මම මේ දේ කරන්නේ මගේ තාත්තාගේ ඉල්ලීම අනුව. ඔහු තමයි දැන් දශක ගණනාවක් තිස්සේම මේ ගම්මානයට ලියුම් අරගෙන ආවේ. මම අද මේ ගම්මානයට ලියුම් අරගෙන එන්නේ ඉතාමත් සතුටින්. මම මේ ගම්මානයේ ජනතාව බාහිර ලෝකයත් සමග තියෙන සම්බන්ධතාව ඇති කරනවා වගේම, ගම්මානයේ වැසියන්ගේ දුක සැපත් සොයා බලනවා.” වැන් යුන්ටිආන් පවසයි.


Friday, January 21, 2022

අනාගතයේදි ඇතිවිය හැකි දරුණු වසංගතයක් පිළිබඳව බිල් ගේට්ස්ගෙන් අනතුරු ඇඟවීමක්

දැනට ලොව ව්‍යාප්ත වී ඇති COVID-19 හා සැසදීමේදී වඩාත් දරුණු වසංගතයක් අනාගතයේදී ලොව ඇති විය හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් අනතුරු අගවා සිටියි. ඒ අනුව ලොව පොහොසත් රටවල් දැන් සිටම එම වසංගතය සඳහා එන්නතක් නිපදවීම වෙනුවෙන් අරමුදලක් රැස්කර තැබීම වඩාත් සුදුසු බවත් ඔහු පෙන්වා දෙයි. සිය හිටපු බිරිද වන මෙලින්ඩා ගේට්ස් සහ තවත් එක්ව පිහිටුවා ඇති බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මගින් එක්සත් ජනපදයේ Coalition for Epidemic Preparedness Innovations (CEP) නම් වසංගතයක් සදහා පෙර සූදානමක් සඳහා වන නවෝත්පාදන වෙනුවෙන් වූ සන්ධානය වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක ප්‍රදානයක් සිදුකිරීමේ අවස්ථාවට එක්වෙමින් බිල් ගේට්ස් මේ බව පවසා තිබේ.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බිල් ගේට්ස් COVID-19 වසංගතයේ Delta සහ Omicron යන ප්‍රභේද එතෙක් මෙතෙක් ලොව හඳුනාගත් වඩාත් වේගවත් සම්ප්‍රේෂණයක් සහිත වෛරස බව පවසා තිබේ. එසේම ඉදිරියේදී ලෝකයට මීට වඩා දරුණු වෛරසයක් ඇතුළු විය හැකි බවත්, ඒ හරහා මීට වඩා වැඩි පිරිසක් මරණයට පත්කළ හැකි බවත් ඔහු පෙන්වා දී තිබේ.ඒ අනුව අනාගත එන්නත් මාත්‍රා නිපදවීම සඳහා එන්නත් පිළිබද පර්යේෂණය සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සදහා වන ආයෝජන සිදුකිරීම හරහා වඩාත් වේගයෙන් ලෝකය පුරා එම එන්නත් ලබාදීමේ හැකියාව පවතින බව බිල් ගේට්ස් අදහස වී තිබේ. ඒ අනුව මෙම අනාගත වසංගත ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ලොව රටවල් සූදානමින් සිටීම වැදගත්ය යන්න ඔහු වැඩිදුරටත් පවසයි.  "අපි කියන්නේ ට්‍රිලියන ගණනින් සිදුවන ආර්ථික හානි වගේම, බිලියන දස ගණනින් සිදුවන ජීවිත හානි වළක්වා ගන්න දැන් ඉඳන් බිලියන ගණනින් වියදම් කරන්න කියලයි. එය වඩාත් හොද රක්ෂණ සැලසුමක් වේවි.” ගේට්ස් සදහන් කර තිබේ.මෙම Coalition for Epidemic Preparedness Innovations මගින් මූලික අදියර ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5ක අරමුදලක් රැස්කිරීම අදහස වී ඇත. ඒ හරහා යම්කිසි වසංගත අවස්ථාවකදී නව චින්නතක් නිපදවීම සදහා ගතවන කාලය දින 100ක් දක්වා කෙටි කිරීම සැලසුම වී තිබේ. 2013 වසරේ සිට 2016 දක්වා ලොව පුරා ව්‍යාප්ත වූ ඉබෝලා වසංගතය අවස්ථාවේදී මෙම සන්ධානය පිහිටුවීම සිදුවිය.



Thursday, December 23, 2021

ඩයිනෝසර බිත්තරයක තිබී හොඳින් ආරක්ෂා වු ඩයිනෝසර කලලයක් චීනයෙන්

 

ෆොසිල බවට පත් වූ ඩයිනෝසර බිත්තරයක ඉතාමත් හොදින් ආරක්ෂා වී තිබූ ඩයිනෝසර කලලයක් චීනයේ දකුණුදිග ප්‍රදේශයෙන් හමුව ඇතැයි වාර්තා වෙයි. මෙම කලලය Baby Yingliang ලෙස නම් කර තිබේ. එම කලලය තුළ පැටවාගේ පාද, පිටුපස කොඳුනාරටිය, හිස, අත් සහ වලිගය ඇතුළු ශරිර අංග ඉතාමත් හොදින් ආරක්ෂා වී තිබෙන බව සඳහන් වෙයි. පර්යේෂකයන්ට අනුව මෙම කලලය එම බිත්තරයෙන් උපත ලැබීමට ආසන්නතම අවස්ථාවක පැවැතියක් බව පැවසෙයි. මෙම Baby Yingliang ෆොසිල බි රය අදින් වසර මිලියන 72ත් මිලියන 66ත් අතර කාලයකට පෙර පැවැති ක්‍රිටේසියානු යුගයේ අවසන් කාලයට අයත් බව විශ්වාස කෙරේ. එසේම මෙම  ඩයිනෝසර පැටවා Oviraptorosaur නමින් හැදින්වෙන තෙරෝපොඩේ වර්ගයේ ඩයිනෝසරයකු ලෙසද හඳුනාගෙන ඇත. විදියට අනුව මෙම ඩයිනෝසරයාගේ දිග අගල් 10.6ක් පමණ වෙයි. එහෙත් මෙම බිත්තරයේ දිග අගල් 6.7ක් පමණකි. ඒ අනුව මෙම බිත්තරය තුළ එම කලලය කෙසේ නවී සිටියේද යන්න හොදින් පැහැදිලි වන බව ඔවුන් පවසයි.එසේම මෙම හඳුනාගැනීමත් සමග ඩයිනෝසර කලලයක් කුරුල්ලෙකුගේ කලලයත් අතර එක සමාන ලක්ෂණ පවතින බවත් විද්‍යාඥයන් අදහසක් මතු කර තිබේ. ඒ අනුව පැටවා බිහිවීමටෙ පෙරාතුව මෙම වර්ග දෙකෙන්ම හැසිරීම් එක හා සමාන බවද ඔවුන් පවසා සිටියි.