Friday, June 29, 2018

මට ජනප්‍රිය වෙන්න හදිසියක් නැහැ


සිඳු ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතයත් සමග ඉමහත් ජනාදරයට පත්වුණු මනීෂා යුගයේ ජනප්‍රිය නිළියන් අතරට එක්වුණ නවක රංගන ශිල්පිණියක්. මෙතෙක් සිඳු නාට්‍යයේ තෙරුණිගේ චරිතය හරහා ඔබේ ආලින්දය හැඩකළ ඇය ඔන්න අලූත් නිර්මාණ කිහිපයක් හරහාත් මේ දිනවල දැකගන්න ලැබෙනවා. ඒ නිසාම ඇගේ කලා ජීවිතේ අලුත් තොරතුරුත් සමගින් මනීෂාව කතාබහකට එකතු කරගත්තා.

මනීෂා දැන් කාර්යබහුල රංගන ශිල්පිනියක්ද?

  • අපෝ නැහැ. මට ඕන හොඳ නිර්මාණ ටිකක් කරන්න. මට ඉක්මනට ජනප්‍රිය වෙන්න හදිස්සියක් නැහැ. නිර්මාණ වලට, නිවේදක කටයුතු වලට මට ආරාධනා ලැබෙනවා. ඒත් ඒ හැම දෙයක්ම කරන්නේ මම සීමාවක් තියාගෙන.


මේ දවස්වල සිඳුට අමතරව මොනවද කරන අලූත් වැඩ? 

  • ප්‍රදීප් ධර්මදාස මහත්මයාගේ කිරුළි ටෙලිනාට්‍ය වගේම ස්වර්ණවාහිනියේ විකාශනය වන සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යයට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව තවම සිඳු ටෙලිනාට්‍යයේ රූගත කිරිම් කරගෙන යනවා.


කොහොමද අලූත් ටෙලිනාට්‍ය දෙකට ලැබෙන ප්‍රතිචාර?

  • හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කිරුළි ටෙලිනාට්‍යයෙත් මම රඟපාන්නේ කිරුළගේ අක්කගේ චරිතය. ඇය කැම්පස් ගැහැණු ළමයෙක්. කැම්පස් යන ගමන් ගෙදර සියලූම  දේවල් සොයා බලන දුක්විඳිමින් ඉගෙන ගන්න වගකිම් බර දරන ගැහැණු ළමයෙක් ඒ චරිතය තුළින් මමත් බොහෝ දේ ඉගෙන ගත්තා. සිල්ලර සමනල්ලු ටෙලිනාට්‍යයේ නම් හාත්පසින්ම වෙනස් දඟ චරිතයක් තමයි මම කරන්නේ.


අක්කාගේ චරිතවලටම තෙරුණිව කොටුවෙලාද? 

  • නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. සිඳු ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතයට වඩා කිරුළි ටෙලි නාට්‍යයේ මම කරන චරිතය හාත්පසින්ම වෙනස්. මේ චරිත දෙකේ ඒකාකාරී බවක් නැහැ. එකම චරිත වලට කොටු වෙනවට මම කැමැති නැහැ. වෙනස් චරිත කරන්න මම කැමැතියි.


මනීෂාට සිඳු නාට්‍යයත් එක්ක සමාජ වෙබ් අඩවි හරහා විශාල ප්‍රතිචාර ලැබුණා. ඒ ලැබුණු ප්‍රතිචාර, ජනප්‍රියත්වය දැන් ටික ටික අඩුවෙලා කියලා දැනෙන්නේ නැද්ද?

  • ජනප්‍රියත්වය කියන දේ සදාකාලික නැහැනේ. හැමදාම ජනප්‍රිය මට්ටමේ ඉන්න ඕනෑ කියන මානසිකත්වයක් මට නැහැ. දැන් ජනප්‍රියත්වය අඩුවෙලා කියලා මට දුකකුත් නැහැ. ජනප්‍රියත්වය කියන දේ කාලෙකදී ඇතිවෙනවා. කාලෙකදි නැතිවෙනවා. ඒක ලෝක ස්වභාවය. තව දෙයක් මම වැඩ කරන්නේ සීමාවක් එක්ක.


ඒ කියන්නේ මනීෂාට සීමා මායිම් දාන්න විශේෂ කෙනෙක් ඉන්නවාද?

  • මට කවුරුත් සීමා මායිම් දාන්නේ නැහැ. ඒවා මම විසින් මටම දාගත්ත සීමා මායිම්.


මනීෂා නිවේදනය, රංගනය, ගායනය, කියන ත්‍රිත්වයෙන්ම ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියයි. කලාව දැන් ඔබේ වෘත්තියද? 

  • කලාව මගේ වෘත්තිය කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. කලාව කරන ගමන් මම දැනටත් උසස් අධ්‍යපනය හදාරනවා. වෘත්තිය මට්ටමෙන් මගේම ව්‍යාපාරයක් කරන්න තමයි බලාපොරොත්තුව.


රංගනයත් එක්ක මනීෂාගේ ගායනය ටික ටික මඟ ඇරිලා කියලා හිතන්නේ නැද්ද?

  • ඔව් ටිකක් විතර මහ ඇරුණා. පසුගිය දවස්වල මම අලූත් ගීතයක් කළා. මේ දවස්වල අලූත් ගීතයකට ලෑස්ති වෙනවා. රූගතකිරීම් එක්ක කාලය අඩු වුනාම ගායන පැත්ත දන්නෙම නැතුව මග ඇරෙනවා.


මනීෂාගේ රූපයට සිනමාවෙන් අවස්ථාවක් ලැබුණෙම නැද්ද?

  •  ආරාධනා නම් ලැබුණා. ඒත් අධ්‍යාපන කටයුතුයි. අනෙක් රූගතකිරිම් එක්ක චිත්‍රපටයකට කාලයක් වෙන් කරන්න අමාරු නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒත් මම චිත්‍රපට පසුබිම් ගායනයට නම් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී හොඳ සිනමා නිර්මාණයක් ලැබුණොත් රංගනයට දායක වෙනවා.


පසුගිය රයිගම් සම්මාන උළෙලේ මනීෂාටත් කරට කර හොඳ තරඟයක් දෙන්න පුළුවන් වුණා. ජනප්‍රිය තරු අතරට එන්න ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුණද?

  • නිර්දේශ වුණු එක ගැන ගොඩක් සතුටුයි. මීට පෙරත් මම සුමති ටෙලි නාට්‍ය සම්මාන උළෙලේ අවසාන පස්දෙනා අතරට ආවා. රඟපෑම කියන දේ මම හීනෙකින්වත් නොසිතපු දෙයක්. මට මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලබා දුන්නේ තෙරුණි කියන චරිතය. මම කොයි තරම් චරිත කරත් තෙරුණිගේ තැන ඒ එක චරිතෙකටවත් ගන්න බැරිවේවි.


පුළුවන්නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න-රංජන් මහින්දට අභියෝග කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතාට පසුගිය ජනාධිපතිවරණ සමයේදී හම්බන්තොට වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7-6ක් ලබාදීම පිළිබඳ නිවියෝක් ටයිම්ස් පුවත් සේවයට කළ අනාවරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ඊයේ (28දා). පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජන අමාත්‍යවරයා පැවසුවේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පිහිටා ඇති ගොඩනැගිල්ලේ ඉහළ මහලේ චයිනා මර්චන්ට් සමාගම පිහිටා ඇති බවත්, එහෙයින් පරීක්ෂණ කිරීම පහසුවක් වනු ඇති බවත්ය.

"මම දන්න විදිහට මේ පැමිණිල්ල භාගයක් දුර ගිහින්  නැවතිලා තියෙනවා. මේකේ බී වාර්තාවක් තිබෙනවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මම දුන්නා වගේ දිවුරුම්  ප්‍රකාශයක් දෙන චයිනා හාබර් එකෙන්, චයිනා මර්චන්ට් එකෙන් කිසිදු මුදලක් අරන් නෑ වගේම ඔවුන්ට මේ කරපු අපහාසයට නිවියෝර්ක් ටයිමිස් පුවත්පතට ඩොලර් මිලියන ගාණක් ඉල්ලලා වන්දි නඩුවක් දාන්න පුඵවන්. නිව්යෝර්ක් ටයිම්ස් එකට අදාළ නෑ පොහොට්ටුවද? පුටුවද? අලියද? කඩුවද? අතද කියන එක. ඇල්ලකට කිට්ටුව ඉන්න
ගුණවත් හාමුදුරු නමක් ඩොලර් 38,000ක් අරන් තියෙනවා"

 යනුවෙන් ඔහු කියා සිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ජනපතිවරණ සටන මෙහෙයවීම සඳහා පෞද්ගලික බැංකුවක තිබෙන හම්බන්තොට වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය පසුගියදා වාර්තා කළේය. එම මුදලින් ඩොලර් මිලියන 3.7ක මුදලක් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට දින 100කට පෙර ලබා දී ඇති බවද  නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය පවසයි.
ටී ෂර්ට් හා අනෙකුත් ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් 678,000ක්, ආධාරකරුවන් වෙනුවෙන් ත්‍යාග මිලදී ගැනීමට ඩොලර් 297,000ක්, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණය වෙනුවෙන් උපකාර කළ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක්
වෙනුවෙන් ඩොලර් 38000ක් ගෙවා ඇති බව නිව්යෝක්  ටයිම්ස් පුවත් සේවය පවසයි. එසේම තවත් ඩොලර් මිලියන 1.7ක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අරලියගහ මන්දිරයේ සිට මෙහයවූ ස්වෙච්ඡා සේවකයන් වෙනුවෙන්ද ලබා දී ඇති බවද  එම පුවතය කියයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳ සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ එම ලිපියේ වැරදි රාශියක් අත්තර්ගත බවයි. ශ්‍රී ලංකාවේ වත්කම් බටහිර බල අරගලය වෙනුවෙන්  යොදා නොගත යුතු බවද ඔහු පවසයි.


අනුරාධපුර විදුහල්පතිට බැණ තර්ජනය කර ස්ථාන මාරුත් සිදු කළ පේෂල ජයරත්නට වැඩ වරදී


අනුරාධපුර නිවන්තකචේතිය මහා විදහාලයේ පැවැති උත්සවයකදී බුලත් අතක් දී තමන් පිළිනොගැනීම නිසා එම විදුහල්පතිවරයා බැණ වැදී, තර්ජනය කර ස්ථාන මාරු කිරීමෙන් උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් එම විදුහල්පතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩකොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙස උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරන්න මහතාට ඊයේ (28දා) නියම කෙරිණි.

උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතාට අමතරව රජයේ මුදලින් රුපියල් 50,000ක මුදලක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙස රජයට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මාස දෙකක් ඇතුළත අදාළ විදුහල්පතිවරයා අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරේම පිහිටුවන ලෙසද බලධාරීන්ට නියම කළේය.

උතුරු මැද පළාත් හිටපු මහ ඇමතිවරයාගේ එම ක්‍රියාකලාපයට එරහිව නිවත්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතා ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබාදෙන ලදී.

ඊවා වනසුන්දර, සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු | මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී. අනුරාධපුර නිවන්තකවේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ආර්.පී. කරුණාරත්න බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ පේෂල ජයරත්න යන මහත්වරුන්, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් දොළොස් දෙනෙකු නම් කොට තිබිණී.

2016 සැප්තැම්බර් මස 16 වැනිදා අනුරාධපුර නිවන්තකචේතිය මහා විදහාලයේ මුල්ගල් තැබීමේ උත්සවයකදී සිදු වූ බව කියන සිද්ධියකින් අනතුරුව ඊට පසුදිනම එම විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතා වෙනත් පාසලකට මාරු කර යැවීමන් පෙත්සම්කරුගේ සැමට සමානව සැලකිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ දක්වා ඇති මූලික අයිතිවාසිකම වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කොට ඇති බවට විනිසුරු මඬුල්ල තීරණය කොට ඇත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය නිකුත් කළේය.




ආරබියේ දරුවන් හඬවා ලාංකාවේ ශාන්ති අම්මා අවසන් ගමන් ගිහින්- අරාබි හාමුපුතුන් සුසාන භූමිය දෙවනත් කරයි


එදා දවස පුරාවටම වැහි බීරම දසත පැතිරී යද්දී කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මළහිරු බැස යන යාමයේ ජා - ඇළ සිට කපුවත්ත මිහිදන් පිටියට කාගෙත් දෙනෙතට නුහුරු නුපුරුදු ශෝචනීය දුලභ ගනයේ දසුනක් දකින්නට ලැබුණේය.

කාන්තාවන් දෙදෙනකු පෙරටුකරන්ගෙන උස මහතට හැදුණු වැඩුණු අරාබි ජාතිකයන් 6 දෙනෙකු මිනියක් කර තබාගෙන යන අයුරු මළගෙදර සැමට මවිතයට හේතුවක් විය. දුක සිතින් ඔතාගෙන මිනිය මහිදන් කෙරෙද්දී මේ විදේශිකයන් ශාන්ති අම්මා ශාන්ති අම්මා කියමින් හඩා වැලපුනේ කාගෙත් දෙනෙත්වලට කඳුළු පුරවමිනි.

තම කුසෙන් වැදු අමමා නොවුනාට මේ අරාබි ගෙදර දරුවන් 8 දෙනකුගේ කැත කුණු අතගාමින් සෙනහස පාමින් ආදරයෙන් රැකබලාගන උස්මහත් කළ මේ ගෙදර ගෘහ සේවිකාවක ලෙස වසර 38ක් දිගටම සේවය කළ ජාඇල ශාන්ති පෙරේරා ඉකුත් 12 වැනිදා දිවියෙන් සමුගෙන යන ශෝකාන්ත ආරංචිය දැනුණු විගස අරාබියේ කෝටිපති ව්‍යාපාරිකයින් වන මේ විදේශිකයන් ලක් දෙරණට පැමිණ මළගෙදර සියලු කටයුතු නිමකර ඇති බැව් අපට අනාවරණය කළේ අරාබියේ ශාන්ති අම්මාගේ සොහොයුරකු වන ජගත් ලක්ෂ්මන් නම් තැනැත්තෙකි. මේ ඔහුගේ කතාවයි

1981 වර්ෂයේ තරම ශාන්ති පෙරේරා මැදපෙරදිග ඩුබායි රටට ගියේ ගෘහ සේවිකාවක ලෙස අරාබි දරුවන් 4 දෙනෙකු රැකබලා ගැනීමටය. කාලයාගේ ඇවෑමෙන් මේ ගෙදර දරු දැරියන් 8 දෙනොම වැදු මව විලස බලා කියා ගත් ගෙයි හිමියන් ඇයට මහත් ආදරයක් දැක්වූහ. පුරා වසර  38ක් තිස්සේ දරුවන් උස්මහත් වන තුරු ඇය ශාන්ති අම්මා ලෙස ඔවුන්ට ගෙදරට දෙවෙනි අම්මා වැනි විය. එසේම මේ ගෙදර සියලු දෙනාගේම ආදර ගෞරවයට පාත්‍ර වුනු ඔවුන් සැලකුවේ වැදූ අම්මා ලෙසිනි.  ඇය ශ්‍රී ලංකාවට එන අතරතුර මේ අරාබි ගෙදර පිරිසද ශ්‍රී ලංකාවට පැමිණ නුවරඑළිය වැනි ප්‍රදේශ වල කලක් ගත කර යන පුරුද්දක්ද තිබුණි, මුදලින් හදලින් නම් ශාන්ති පෙරේරාට අග හිගයක් නොවීය. ඒ නිසා ඇය ශ්‍රී ලංකාවේ තම ඥාති හිතමිතුරන්ටද සැලකුවේය. ශාන්ති අවිවාහකව සිටිමින් තම මුළු ජීවිතයම කැප කළේ මේ ඩුබායි රාජ්‍යයේ සිටින දරුවන් 8 දෙනා රැක ගැනීම සඳහාය.

2009 වසරේ මේ ඩුබායි ගෙදරට අමිමා වුනු ඇය හදිසියේ රෝගාතුර වූවාය. අරාබි නිවැසියන් මුදලින් රු. ලක්ෂ ගණන් වියදම් කළේ ශාත්ති අම්මා සුවකිරීමටය. අසනීප වුනු ශාන්ති අම්මා බලාකියා ගන්න ඔවුන් වෙනමම ගහ සේවිකාවක්ද තබා ගන්න. ශාන්ති අම්මාගේ මනස නිරවුල් කර ගැනීමට ශ්‍රී ලංකාවේ වෙසෙන ශාන්තිගේ සහෝදරයකු වන ජගත්ව පවා ඩුබායිවලට ගෙන්වා ගැනීමට නොමිලයේ වීසා ටිකට් පත් පවා පිළියෙළ කිරීමට ඔවුන් පරිත්‍යාගශීලී විය.

ඇගේ අසනීපය එන්න, එන්න උග්‍රඅතට හැරීම නිසා ඇගේ ඉල්ලීම පරිදි සිංහල බෙහෙත් කිරීමට ඇයව ශ්‍රී ලංකාවට ඇරලවීමද ඔවුන් අතින් සිදු කෙරුණි. ඒ විතරක් නොවේ ඇයට උපස්ථාන කිරීම සඳහා පඩියක් ගෙවා මෙහෙකාරියක්ද ලංකාවේම පිළියෙළ කිරීමට මොවුන් කටයුතු කළහ.ශාන්ගේ අම්මාගේ දුක සැප නිතරම සොයා බැලීමට දුරකථනයෙන් ඇමතීමට පවා ඔවුන් අමතක කළේ නැත.

අතපය වෙව්ලන පාකින්සෙන් රෝගයෙන් පෙළන්නට ගත් ශාන්ති අවසානයේදී යළිත් අරාබි දරුවන් බලාකියා ගන්න නිතරම ඩුබායි බලා පිටත්වීමට උත්සාහ ගත්තත් ඇගේ රෝගී තත්වය තව තවත් උත්සන්න වූ නිසා මහත් කම්පාවකට පත්ව සිටියාය. ශාන්ති අම්මා සුව කරගන්න මේ කළගුණ දත් අරාබි දූ පුතුන් ශාන්ති අම්මාගේ සොහොයුරාට අවශ්‍ය මුදල් පවා කලට වේලාවට ශ්‍රී ලංකාවට
එවන්න පවා ඔහු කාරුණික විය.

හදිසියේම ශාත්ති අම්මා මියගිය පුවත සැලවූ වහාම ඔවුන් ඇඬූ කඳුලින් ඇයගේ දේහයට ගෞරවාචාර දැක්වීමට පැමිණ ඔවුන්ගේ මුස්ලිම් ආගමේ වත් පිලිවෙත් අනුව යාඥා කර තම, තමන් හැදු වැඩූ ශාත්ති අම්මාගේ ආත්මයට ශාක්ති අම්මා අදහන බුද්ධාගම් අනුව නිවන් සුව පැතුහ.

 මෙවන් දෙවිවරුන් බදු හාම්පුතුන් ගැන මනුෂ්‍යත්වයේ නාමයෙන් දකින්න නොව අහන්න ලැබීමත් සොම්නසට කාරණයක් වන අතර තමුන් හැදු වැඩු අම්මාගේ දේහය පස්වලට යටවේදී ඔවුන් දරාගත නොහැකි දොමිනසකින් යුතුව කඳුළු සැලුවේ අම්මා - අම්මා ඇයි අප දමා යන්නේ කියන චිත්ත වේදනාවකිනි.



තායි ගුහාවේ සිරවුණු පිරිසබේරාගන්න මහ සටනක්



සතියකට ආසන්න කාලයක් තිස්සේ උතුරුදිග තායිලන්තයේ භූගත ලෙනක සිරවුණු දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීම් මෙහෙයුම් දිගටම සිදුවන බවත්, ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා නීලධාරීන්ද ඊට එක්වී සිටින බවත් වාර්තා වේ. ලෙන තුළ සිරවී සිටින්නේ අවුරුදු 11 ත් 16 ත් අතර වයස්වල පිරිමි දරුවන් 12 දෙනකු සහ 25 හැවිරිදි ඔවුන්ගේ පුහුණුකරුය. ඔවුන් ගවේෂණ චාරිකාවක යෙදී සිටිද්දී, ලෙන තුළ සිරවූයේ පසුගිය සෙනසුරාදා (23) ය.
සිරවූවන් යහතින් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් ලැබී නැත. කෙසේ නමුත් ඔවුන් යහතින් සිටිනවා යැයි අනුමාන කරමින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කෙරේ
ගුහාවට පිවිසෙන මාර්ගය වැසී ගොස් අවහිර වී ඇති හෙයින්, දිවි ගලවා ගැනීම් කණ්ඩායම් වෙනත් මාර්ගයක් සකස් කිරීමට ලෙනට සම්බන්ධ ගල් පර්වතය කැණීම් කරන බව ද පැවැසෙයි.

කිසිදු ආධාරකයක් නොමැතිව විදුලි කණු නැගීමට ශ්‍රී ලාංකික විදුලි ඉංජිනේරුවෙක් නවතම පාවහන් යුගලක් නිර්මාණය කරයි


කොන්ක්‍රීට් විදුලි කණු නැගීම සඳහා පාවහන් යුගලක් නිර්මාණය කිරීමට ලංකා විදුලිය බල මණ්ඩලයේ හැටන් පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි ඉංජිනේරු නිමල් සමරකෝන් මහතා සමත් වී තිබේ.

කොක්ක්‍රීට් විදුලි කණුවක නැගිම සඳහා ඉනිමගක් භාවිතා කිරීම අනිවාර්ය වේ,නමුත් මෙම පාවහන් යුගල භාවිතා කරමින් වෙනත් පුද්ලයකුන්ගේ අධාරයක්  නොමැතිව කොන්ක්‍රීට් කණුව තරණය කිරීමටත් කිසිදු අනාරක්ෂිත බවකින් තොරව පහසුවෙන් කටයුතු කිරිමේ හැකියාවක් ඇත.

එමෙන්ම විදුලි බිද වැටිමකදී හෝ නව සම්බන්ධතාවයක් ලබාදිමට විදුලි කණුවක නැගීම සඳහා ඉනිමගක් ගෙනයාමට අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අවශ්‍ය වන අතර ලොරි රථයක්ද අවශ්‍ය වේ.නමුත් මෙම පාවහන් යුවල සහිතව එක් පුද්ගලයෙක් පමණක් ප්‍රමාණවත් වන අතර වාහනයකට ළගා විය නොහැකි ස්ථානයකදීත්,එමෙන්ම අපහසු කඳු මුදුනකදී වුවත් පහසුවෙන් අවශ්‍ය සේවය ලබා ගැනිම සඳහා රැගෙන ගිය හැකිය.
ඉතා සුළු මුදලක් වැය කරමින් නිර්මාණය කළ මෙම පාවහන් යුගල සඳහා ප්‍රේටන් බලපත්‍රය ලබා ගැනීම සඳහා කටයුතු කරන බවද හෙතෙම පැවසීය.


පන්සලට ගිය ගමන නැවතුණේ පොලිස් රියකින්



පවුලේ උදවියද සමග පෝදා පන්සල් ගිය පුද්ගලයකු ගමේ හොර අරක්කු තිත් පොළ අසල දී අතුරුදක් වී ටික වේලාවකට පසුව පොලිස් ජිප් රීයකින් මතුවූ බව කියන පුවතක් වාර්තා විය. සිද්ධිය මෙසේය.
මතට ලොල් වූවෙකි. පෝය දිනයේ මතට තිත තැබු හෙතෙම පවුලේ උදවිය ද සමග සවස් ජාමයේ ගමේ පන්සලට ගොඩවුයේ මලක් පහනක් පුජා කර පින් ලාබා ගන්නටම නොව අඹු දරුවන්ගෙන් එල්ලවන නෝක්කාඩු ඉවසන්නට බැරිම තැනය. පන්සලේ වත් පිළිවෙත් හමාරවි හෙතෙම පන්සලෙන් පිටතට පැමිණියේ නායක හිමියන්ට ද වැද ආචාර කරමිනි. සිය පවුලේ උදවිය ද සමග නිවස බලා එද්දී ඔහුට දැක ගන්නට ලැබුණේ ගමේ හොර අරක්කු තිත්පොලෙන් පදමට ගසා පැමිණෙන මිතුරු පිරිසකි. හිමින් සීරුවේ පවුලේ උදවියගෙන් මග ඇරුණු හෙතම මිතුරු පිරිසට එක්වී හොර අරක්කු තිපොළට රිංගා හීන් අඩියක් ගැසුවේ පන්සල් ගිය කාරනාවද අමතක කරමිණි.
කෙසේ වෙතත් තමන් සමග පැමිණි සැමියා සවස් වන තුරුත් නිවසට නොපැමිණීම ගැන
සොයා බැලු බිරියට දැන ගන්නට ලැබුණේ. මත්පැන් පානය කර නගරයේ සැරි සරද්දී ඔහු පොලීසීයට කොටුවී ඇති බවකි.

මියගිය සෙනුජගේ සිරුර පොකුණේ තියනවා සෙනුජගේ ආච්චි දැකලා

හබරාදුව, කොක්වත්ත නිග්‍රෝධාරාම විහාරස්ථාන භූමියේ තිබූ පොකුණට වැටී දියේ ගිලී මියගිය අවුරුදු තුනයි මාස තුනක් වයසැති  දරුවකුගේ මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී පැවැත්විණි.  මෙසේ මියගොස් ඇත්තේ කළහේ ලොකුගේ සෙනුජ සෙනුමිත (අවුරුදු 03යි මාස 03යි) නමැති දරුවෙකි. මියගිය දරුවාගේ හදිසි මරණ පරික්‍ෂණය පෙරේදා (27) හබරාදුව හදිසි මරණ පරීක්‍ෂක එම්.කේ. කමල් ගාමිණි තිලක මහ‍තා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේදී පවන්වනු ලැබීය. හදිසි මරණ පක්‍ෂණයේදී කදුරුදුවෙ සුනන්ද හිමියෝ සාක්ෂි දෙමින් මෙසේ පැවැසූහ.

මා හබරාදුව කොක්වත්ත  නිග්‍රෝධාරාම විහාරස්ථානයේ වැඩ  වසනවා. මියගිය සෙනුජ මල්ලී අපේ  ලොකු හාමුදුරුවන්ගේ මල්ලීගේ බාල පුතා. ඔහු වරින් වර ආච්චිත් සමඟ පන්සලට එනවා. ඇවිල්ලා  දින කිහිපයක් නතරවෙලා ඉන්නවා.  පසුගිය 25 වැනි දින සෙනුජ  එයාගේ ආච්චිත් එක රඹුටන් පාර්සලයක් අරගෙන අපේ පන්සලට ඇවිත් ආච්චි සමඟ නතර වුණා.  අපිත් සමඟ සෙල්ලම් කරමින් විනෝදයෙන් හිටියා. ඊයේ සවස අපි සෙල්ලම් කරන අතරේ සෙනුජ මල්ලී  මහන්සි නිසා උඩට යනවා කියලා  ගියා. අපි සෙල්ලම් කළා. විනාඩි 15කින් 20කින් විතර සෙනුජ නැති  නිසා ඔහු හොයන්න කියලා ආච්චි  ඇවිත් අපට කීවා.  අපි හැම තැනම බැලුවා. උඩත් ගිහින් බැලුවා. නමුත් හිටියේ නැහැ.

පසුව සෙනුජගේ ආච්චි ඇවිත් කීවා පාර පැත්තට ගියාද දන්නේ නැහැ ඉක්මනට හොයන්න කියලා. මා යන ගමන් පොකුණ දිහාත් බැලුවා. එතකොට සෙනුජ හිටියේ නැහැ. නමුත් මම පාර දිහා බලලා ඉක්මනින් එන විට සෙනුජගේ ආච්චි දැකලා තියෙනවා ඔහුගේ සිරුර පොකුණේ තියෙනවා. ඊට පසුව ඔහු ගොඩ අරගෙන මාමලා වගයක් ප්‍රථමාධාර දුන්නා. බඩේ වතුර අරන් දැම්මා, පසුව ඔහු රෝහලට රැගෙන ගියා. ඔහු මියගිය බව දැන ගත්තා. පන්සලේ ඒ අවස්ථාවේ පිට කවුරුවත් හිටියේ නැහැ. මියගිය දරුවාගේ මව වන දාඹර ලියනගේ ධම්මිකා මහත්මිය (37) සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

මියගොස් සිටින්නේ මගේ බාල දරුවා. මට පුතුන් පහක් හා එක් දියණියක් ඉන්නවා. පස්වැනි දරුවා තමයි මිය ගිහින් ඉන්නේ. කුරුඳුවත්ත තේ කම්හලේ රැකියාවට යනවා. ඊයේ සවස 6.00ට විතර මට දුරකථන ඇමතුමක් ආවා. හරුමල්ගොඩ පන්සලෙන්. දරුවා ටැංකියකට වැටිලා කියලා. ඉක්මනට හබරාදුව ඉස්පිරිතාලෙට එන්න කියලා. මම ත්‍රිරෝද රථයකින් රෝහලට ගියා. දරුවා මියගොස් ඇති බව දැනගත්තා. මරණය ගැන සැකයක් නැහැ. ආරක්ෂිතව පොකුණ තිබුණා නම් දරුවාට මේ ඉරණම අත්වන්නේ නෑ.

මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරිකෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා විසින් කළ අතර ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්‍ෂකවරයා දියේ ගිලීමෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.

හෙරෝයින් මිලදීගත් චීවරධාරියාට ඇප


හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයකු හා ඒවා මිලදී ගත් බවට සැකකරන චීවරධාරීයෙකු කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර චීවරධාරියා රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැරී මහේස්ත්‍රාත්වරයා ජාවාරම්කරු අද (29දා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස පෙරේදා (27දා) නියෝග කළේය.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළ අතර වැල්ලුව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන චීවරධාරියකු මෙසේ මුදා හැරීණි.

සැකකරුවන් දෙදෙනා බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන් නවරත්න මහතා කරුණු දක්වමින් සැකකරු නුවර පාරේ ඇත්කද විහාරස්ථානය ඉදිරිපිට පදිංචිකරුවෙකු බවත් සැකකාර චීවරධාරියා වැල්ලව විහාරස්ථානයක වාසය කරන බවට පරීක්ෂණවලදී හෙළී වී ඇති බව පැවසිය.

ලක්ෂ 13ක වල්ලපට්ටා ඩුබායිවලට පන්නන්න හදලා



වල්ලපට්ටා තොගයක් නීති විරෝධි ලෙස ඩුබායි වෙත රැගෙන යැමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඉකුත් 26 වැනිදා උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. මොහු රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු 26 වැනිදා උදෑසන 8.10ට ඩුබායි බලා පිටත්ව යන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.0376 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔහු විසින් රැගෙන එනු ලැබූ ගමන් මලු කීපයකම රුපියල් 12,60,000ක් වටිනා වල්ලපට්ටා කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 200ක් සඟවා ගෙන තිබී සහකාර රේගු අධිකාරී සිසිර මාක් ඇන්ටනි මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රේගු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ආර්. ළමාහේවා මහතාගේ උපදෙස් මත කටුනායක ගුන් තොටුපොළ රේගු අධ්‍යක්‍ෂ ඕ.එම්. ජොබීර් මහතාගේ අධීක්‍ෂණය යටතේ රේගු අධිකාරි බී.ආර්.ඩී. බණ්ඩාර, සහකාර රේගු අධිකාරිවරුන් වන තරංග ගුණසේකර සහ සාලික ජයසිංහ යන මහත්වරු මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූහ.

ආවා කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්


යාපනයේ ක්‍රියාත්මක “ආවා ගෘෘප්” කල්ලියේ සාමාජිකයන් පිරිසක් විසින් ඔවුන්ට විරුද්ධකම් පෙන්වන ලද පවුලකට අයත් යාපනයේ මනිපායි ප්‍රදේශයේ නිවසකට 28දා උදෑසන පෙට්‍රරල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

මේ ප්‍රහාරයෙන් නිවෙස ඉදිරිපිට නතර කොට තිබූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී ඇති අතර නිවෙසටද අලාභ හානි සිදුව තිබේ. පෙට්‍රරල් බෝම්බ ප්‍රහාරය එල්ල වීමත් සමඟම විශාල ගිනි ජාලාවකින් නිවෙස ඉදිරිපිට මුළු ප්‍රදේශයම වැසී ගිය බව සිද්ධිය දුටුවෝ පොලිසියට ප්‍රකාශ කොට තිබේ. මීට මාස 4කට පමණ ඉහතදී මේ නිවෙසේ දරුවකුව "ආවා ගෘෘප්" කල්ලිය විසින් කඩුවලින් කපා තුවාල සිදුකළ බවද  යාපනයේ මණිප්පායි පොලිසිය පවසයි.

මේ අතර මණිප්පායි පොලිස් වසමේ පිහිටි ධනු රොක් කල්ලියේ සිට අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටි ඩිලක්සේ නමැත්තාගේ නිවෙසට අද අලුයම 5.30ට පමණ යතුරුපැදි තුනකින් 9 දෙනකු පමණ පැමිණ තියුණු ආයුධවලින් පහරදීම් සිදුකොට ඇති අතර එම පහරදිමේදී ඩිලක්ස් නමැත්තා බරපතළ තුවාල ලැබූ අතරම ඩිලක්ස් නමැත්තාගේ වැඩිමල් සොහොයුද තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට මාණිපායි පොලිසිය කියා සිටියේය. කලක සිට ධනු රොක් කල්ලිය හා ආවා කල්ලිය අතර ගැටුමක් පවතින හෙයින් මෙම පහරදීමද ආවා කල්ලිය විසින් සිදුකරන ලද පහරදීමක් බවට සැක කරන බවත් තුවාල ලැබූ පිරිස් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීම සිදුකළ පිරිස් සොයා පරීක්ෂණයක් ආරම්භ කළ බවටද මණිපායි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

රාත්‍රියේදී නිවෙස් වලට පැමිණ හිංසා කරන සලෙළුන් නිසා මහරගම කතුන් පිරිසක් අසීරුවක


මහරගම පොලිස් වසමේ ගම්මාන කිහිපයක නිවෙස්වලට, දැනට දින පහළොවක පමණ කාලයක සිට, පාන්දර දෙකට, තුනට පමණ ඇතුළුවී නිදාගෙන සිටින කාන්තාවන්ගේ ඇඟ අත පත ගාන සලෙළුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට, මහරගම පොලිසිය මෙතෙක් අසමත්ව සිටින බැවින්, මෙම දිනවල රාත්‍රි කාලයේ නොනිදා බියෙන් තැතිගෙන රැය පහන් කිරීමට තමන්ට සිදුව ඇතැයි, එසේ අතවරවලට ලක්වූ  කාත්තාවන් කිහිප දෙනකු පවැසූහ.

පන්සල පාරේ සහ කැන්දහේන ප්‍රදේශයේ පසුගිය 15 වැනි දින මෙම අතවරයට ලක්වූ කාන්තාවන් කිහිපදෙනෙක්, දෙපානම ධර්මපාල විද්‍යාලයේ මැයි 20 වැනි දින සිට පිහිටුවා තිබෙන "ගමේ පොලිසියට" මේ බව පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එම පැමිණිලි භාර ගැනීමට තමන්ට නොහැකි බැවින්, මහරගම පොලිසියට ගොස් පැමිණිලි කරන ලෙස එහි සිටි පොලිස් නිලධාරීයා තමන්ට පැවැසු බවද  ඔවුහු කියා සිටියහ.  ඒ අනුව තමන් මහරගම පොලිසියට ගොස් විනාඩි හතළිස් පහක පමණ කාලයක් ගත කළද, කිසිදු පැමිණිල්ලක් තමගෙන් ලබා නොගත් බවත්, දුරකථන අංකය ලබාගෙන එදින සවස්වරුවේ තමන්ගේ නිවෙස්වලට පොලිසිය පැමිණ කරුණු විමසා සිටි බවත් අතවරයට ලක්වූ කාන්තාවෝ ප්‍රකාශ කළහ.

තමන්ට සිදු වූ අතරවරය ගැන මහරගම පොලිසියේ අදාළ පොලිස් නිලධාරියා ප්‍රකාශ කළ මොහොතේ
" ඇඟවල් අතපත ගෑවාම මොකද වෙන්නේ" යනුවෙන් ඒ අසල සිටි  එක් පොලිස් නිලධාරියකු කියනු තමන්ට ඇසුණු බවද එම කාත්තාවෝ ප්‍රකාශ  කරති. මෙම සලෙළුන්ගේ  ආරක්ෂකයා ව සිටින්නේ එම පොලිස් නිලධාරියා ද යන්න තමන්ට ඒ අවස්ථාවේ සැකයක් උපන් බවද ඔවුහු කියති. මහරගම පොලිස් ස්ථාන භාර නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එෆ්. මීඩින් මහතාගෙන් මේ සම්බන්ධ ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර සිටියේ එසේ පැමිණිලි භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, මෙම දිනවලට  රාත්‍රි කාලයේ කොට්ටාව  පොලිසිය සමඟ එක්ව වැටලීම් කිහිපයක්ම සිදුකළ නමුත් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් තමන්ට නොහැකි  වූ බවත්ය.

රාජිතත් ආපු පොසොන් බැතිගී උත්සවයේ බැති ගී ගයපු තරුණියන්ට විදුලිසර වැදී රෝහලේ

කළුතර පොසොන් කලාපයේ පොසොන් බැති ගී ගයමින් සිටි පාසල් සිසුවියන් පිරිසක්‌ විදුලි සර වැදීම නිසා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.

 කළුතර මැද පාරේ තිබූ වේදිකාව මත බැති ගී ගයමින් සිටියදී පෙරේදා (27දා) රාත්‍රී 8.30 ට පමණ එම අනතුර සිදුවී ඇති අතර සිසුවියන් හයදෙනකු පමණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට සහ වාට්‌ටු කීපයකට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

 එම පොසොන් කලාපය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් විවෘත වූයේ පෙරේදා රාත්‍රී 7.30 ට පමණය.

 මෙය සුළු විදුලි කාන්දුවක්‌ නිසා සිදුවූවක්‌ බව පෙනී යන බවත් කිසිවෙකුත් අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන බවත් දකුණු කළුතර පොලිසියේ ප්‍රකාශකයෙක්‌ කීය.

ත්‍යාග ලෙස ලැබුණු ලී කැබිනට්‌ එක පරිත්‍යාග කළ දානපතියාටම විකුණන්න හදලා


ජා - ඇල ප්‍රදේශයේ පසුගියදා පැවැති අවුරුදු උත්සවයකට ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් පැමිණි ප්‍රවීණ මාර්ග ධාවකයා මාර්ග ධාවන තරගයේ ප්‍රථම ස්‌ථානය දිනා ලබා ගන්නා ලී කැබිනට්‌ එක එම අවුරුදු උත්සවයේ ප්‍රධාන සංවිධායකයකු සමඟ එක්‌ව එම ත්‍යාගය පරිත්‍යාග කළ දානපතියාටම විකිණීමට තැත් කළ පුවතක්‌ එම ප්‍රදේශයෙන් වාර්තා විය.

 ගමේ අවුරුදු උත්සවයට පරිත්‍යාග කළ එම කැබිනට්‌ එක තමාටම විකිණීමට පැමිණීමෙන් මහත් කලකිරීමකට පත් වූ දානපතියා එම දෙපළට බැණ වැදී පන්නාගෙන තිබුණි.

 මාර්ග ධාවන තරගයේ ප්‍රථම ස්‌ථානයට කැබිනට්‌ එකක්‌ තෑගි ලෙස දෙන බව පවසා ඇඹිලිපිටියේ සිට ප්‍රවීණ ධාවකයාව සැලසුම් සහගතව ජා ඇලට ගෙන්වා ගෙන තිබුණේද එම සංවිධායකයා බව හෙළි වී තිබූ අතර පසුව කැබිනට්‌ එක වෙනත් අයකුට විකුණා ලැබූ මුදලින් බ්‍රෝකර් ගාස්‌තුවක්‌ද අවුරුදු උත්සවයේ සංවිධායකටද දීමට ප්‍රවීණ ධාවකයා කටයුතු කර ලබන වසරේදී තමාට ආරාධනා කරන ලෙස සංවිධායකවරයාගෙන් ඉල්ලීමක්‌ ද කර ඇතැයි වාර්තා විය.

දොස්තර කෙනෙක් ලෙස පෙනී හිඳ කෝටි ගණන් වංචා කළ හොර දොස්තර දැලේ-අළුත බැඳපු බිරියගේ රන් භාණ්ඩත් සොරාගෙන කැසිනෝ ගහලා


ව්‍යාජ සහතික මගින් පමුණුගම ප්‍රදේශයේ දක්‍ෂ වෛදවරයකු ලෙස පෙනී සිට ධනවත් තරුණියක සමඟ වංචනිකව විවාහ වී පසුව කැසිනෝ සූදුවට යැම සඳහා විවිධ අවශ්‍යතා පෙන්වා පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචාකර සැඟවී සිටි ව්‍යාජ වෛද්‍යවරයකු කොළඹ කැසිනෝ සමාජ ශාලාවකදී කොටුකර ගැනීමට මීගමුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම ඒකකය ඊයේ (27 දා) සමත් විය.

 මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පමුණුගම වැලිකැටිය ප්‍රදේශයේ පදිංචි ජෝසප් ක්‍රියේෂන් සරණ ප්‍රදීප් (31) නමැති සැකකරු පමුණුගම ප්‍රදේශයේ දක්‍ෂ වෛද්‍යවරයකු පෙනී සිට එම ප්‍රදේශයේ ප්‍රධාන බෙහෙත් ශාලාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. ඔහු එහිදී ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ඇත.

 පසුව සැකකරු වෛද්‍යවරයකු ලෙස රඟදක්‌වමින් එම ප්‍රදේශයේ 23 හැවිරිදි ධනවත් තරුණියක සහ විවාහ වී ඇත. එම විවාහයෙන් සතියකට පසු සැකකරු තම බිරිඳගේ රන් අභරණ සහ වටිනා දැ සොරකම් කරගෙන පළාගොස්‌ ඇත. සැකකරු හදිසියේ පළායැමට හේතුව පරීක්‍ෂා කිරීමේදී සැකකරු "කැසිනෝ" සූදුවට තදින් ඇබ්බැහි වූවකු බවත් ඔහු තම බිරිඳගේ රන් අභරණ විකුණා ලත් මුදල් සූදුවට වැයකිරීමට අමතරව විවිධ අවශ්‍යතා දක්‌වමින් පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ ලබාගෙන වංචාකර ඇති බවත් අනාවරණය වී ඇත.

උසස් පෙළ සිසුන්ට ටැබ් ස්ථිර කරයි


උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමිලේ ටැබ් පරිගණක දිමේ ව්‍යාපෘතිය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක  කිරීමට අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා  තීරණය කර තිබෙන බව රජයේ ආරංචි  මාර්ග සඳහන් කරයි.

 උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මැතිවරණ ප්‍රතිඥාවක්ද වන අතර උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමිලේ ටැබ් පරිගණක දීම නියමු ව්‍යාපෘතියක් ආකාරයට ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වී ඇත.  එමෙන්ම මෙම වැඩපිළිවෙල ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු දැඩි ස්ථාවරයක සිටින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව ඊළග පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ටැබ් පරිගණක දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරට පත් නිවෙස ජූලි 05ට පෙර සාදා නිම කරන්නැයි රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර පුතුට අවවාද


මහත් ආන්දෝලනයකට තුඩු දුන් හලාවත, කොට්ටපිටිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරේ නඩුව ඊයේ (28දා.)  හලාවත මහස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හලාවත මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අදාළ නිවෙස සාදා නිම නොකිරීම සම්බන්ධයන් යසෝධ රංගේ බණ්ඩාර මහතාට අවවාද කළේය.

යශෝධ රංගේ බණ්ඩාර මහතා  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වජිර රණසිංහ මහතා ඉදිකිරීම් කටයුතු නිම කිරීම් සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටියත් එය ලබාදීම ප්‍රතික්ෂේප කළ හලාවත මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු  මංජුල රත්නායක මහතා ලබන මස 05 වැනි දිනට පෙර නිවසේ වැඩ නිම් කරන ලෙස නියෝග කරමින් එදිනට නිවෙසේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ආරච්චිකට්ටුව පොලීසියට නියම කෙරිණි.  ඊයේ (28දා) දිනයේ ලැප්ටොප් පරිගණකය හා රූපවාහිනී යන්ත්‍රය ගෙනවිත් තිබෙන බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

 අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චින්තක කරුණසේකර මහතා අධිකරණයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මනින් නිවස තිබූ තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සිදුවිය යුතු බවයි. ඊට හේතු වශයෙන් මේ නිවසේ  දරුවන් දෙදෙනකු මේවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වීම  පෙන්වා දුන්නේය.  පසුගිය මාසයේ 6 වැනි දින අලුයම කරුපනේ ප්‍රදේශයේ හෝටලයක සිට ආපසු යමින් සිටි පිරිසක් රැගත් රජයට අයත් කැබ් රථයක් මාර්ගයෙන්  ඉවතට ගොස් නිවෙසක හැපීමෙන්  නිවසට හා කැබ් රථයට බරපතළ හානි සිදුවිණි.

මේ අනතුර සිදුවන  අවස්ථාවේ මේ කැබ් රථයේ රියැදුරු ලෙස වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වන යශෝධ රංගේ බණ්ඩාර කටයුතු කර ඇති බව පසුව අනාවරණය විය. මේ කැබ් රථය යශෝධ රගේ බණ්ඩාර මහතාට රාජකාරී කටයුතු සඳහා ලබාදී ඇති බවට එම අමාත්‍යංශයේ ලේකම්වරයා පසුව  ආරච්චිකට්ටුව පොලීසියට පැමිණ ප්‍රකාශයක්ද ලබාදී තිබිණි. ආරච්චිකටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

දුව මියගොස් දවස් 10න් පුතාත් මිය ගිහින්


දහසය හැවිරිදි දුව මියගොස් දින 10කින් දස හැවිරිදි පුතා ද නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 26 වැනිදා මියයැමේ පුවතක් වාරියපොළ බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ බව වාරිපොළ පොලීසිය පැවැසිය.  මියගොස් ඇත්තේ කේ.ඊ.එම්. චමිල් ගිහාන් නමැති දරුවෙකි.

පසුගියදා (27දා) කුරුණෑගල රෝහලේ පැවැති මරණ පරික්‍ෂණයේදී මියගිය දරුවාගේ මව වන රේණුකා දිල්රුක්ෂි මහත්මිය සාක්කි දෙමින් මෙසේ පැවසුවාය.  ඇවැස්ස විවාහයක් මත සැමියා හා මා විවාහ වී වසර 18ක් පමණ වනවා. අපට දරුවන් තිදෙනකු සිටි අතර  විවාහ වී ලැබූ පිරිමි දරුවෙක් වූ පළමු දරුවා ඉපදී වසර එකහමාරකින් පමණ  උණ හා සෙම රෝගය සෑදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියා.  ඉන්පසු වසර දෙකකින් පමණ පසු දුවක් ලැබුණා. එයා ඉපදී මාස 15කින් සෙම රෝගය වැලඳී බොරැල්ල ළමා රෝහලෙන් දිගටම ප්‍රතිකාර ලබා දුන්නා.  දුවට වසර අටක් පමණ කාලයේදී වෛද්‍යවරු දරුවාගේ ලේ වල ප්‍රතිශක්තිකරණය අඩු බවත් හොඳින් පරිස්සම් කර ගන්නා ලෙසත් පැවැසුවා.

වරින් වර ළමා රෝහලේ සායනවලට සහභාගි වෙමින් සිටියදී 16 වසරක් ජීවත් වූ දුව පසුගිය 16 දින මියගියා. දුව ඉපදී වසර හයකට පසු ඉපදුණු ගිම්හාන් පුතාට ඒ වන විට දස වසරයි. ඔහුගේද ලේ වල ප්‍රතිශක්තිකරණය අඩු නිසා පරස්සම් කර ගන්නා මෙන් වෛද්‍යවරු උපදෙස් දුන්නා.  පුතාගේ වම් පාදයේ දණහිසේ තුවාලයක් සිදු වී ඉදිමීමෙන් දුවගේ මළ ගම අවසන් කර24 දින නිකවැරටිය  රෝහලට පුතා ඇතුළත් කළා. දැඩි සත්කාර ඒකකයේදී පසුගිය 26දා  පුතාද මියගිය නිසා අපි තනි වුණා. කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉලංගරත්න බණ්ඩා මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා විවෘත තීරණයක් ලබා දුනි.

Thursday, June 28, 2018

කාවින්ද්‍යා අධිකාරිට රනින් තෑගි දෙන ගායක පෙම්වතා


ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියම තරු දෙකක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යුවලගේ දියණිය වන කාවින්දා අධිකාරි කියන්නේ තරුණ පරපුර අතර ජනප්‍රිය චරිතයක්.

මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරන විඩියෝවක් නිසා ඔන්න ඇය ගැන හැමෝම කතා බහ කරන්න පටන් අරගෙන. මේ කතාවට තවත් ලංකාවේ ජනප්‍රියම ගායකයෙකුගෙ තරුණ ගායක පුතෙකුත් සම්බන්ධයි. ඒ ගායකයා වෙන කවුරුත් නෙමයි,නදිමාල් පෙරේරා. ලංකාවේ තවත් ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරාගේ පුතු වන නදිමාල් පෙරේරාත් මේ දවස්වල ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ තරුණ තරුණියන් අතර ඉහල ජනප්‍රියත්වයක් තියන ගායකයෙක්.

අන්තර්ජාලයේ සැරිසරන විඩියෝවේ හැටියට නම් නදිමාල් කාවින්දාට රත්තරන් මුද්දක් අරන් දෙනවා. නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙන්නේ ආදරණීය තෑග්ගක් හැටියට කියලා තමයි කතාව පැතිරෙන්නේ.

වෙඩි වැදුණු මහත්තයා රෝහලට ඇතුළු කරද්දී මම නිවුන් දරුවන් ප්‍රසූත කලා




"දරු ප්‍රසූතියට රැගෙන යාමට පෙර සැමියා රෝහලට ඇවිත් මගේ සුව දුක් සොයා බැලුවා. දහවල් දරුවාගේ මුහුණ බලන්න එනවා කියලයි ඔහු පිටත් වුණේ. මම නිවූ දරුවන් ප්‍රසූත කර මගේ රත්තරන් මහත්තයා එනකම් මග බලාගෙන හිටියා. එහෙත් පොරොන්දු වූ පරිදි ඔහු මාව බලන්න ආවේ නැහැ. මම ඔහුගේ දුරකතනයට කෝල් ගත්තත් ප්‍රතිචාර දැක්වූයේ නැහැ. පසුව දැනගන්න ලැබුණා මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක සිදුවූ මංකොල්ලයේ දී කොල්ලකරුවන් තැබූ වෙඩි පහරක් මගේ මහත්තයාටත් වැදිලා රෝහලට ඇතුළත් කර සිටිනවා කියලා." යැයි මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක මංකොල්ලකෑමට පැමිණ පාතාල කල්ලි සාමාජිකයන් හා පොලිසිය අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ . මාතර කඹුරුපිටිය මාර්ගයේ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයාගේ බිරිය වන එච්.බී. නිරෝෂා දමයන්ති (31) මහත්මිය පැවසුවාය. එම සිද්ධියේදී මුහුණට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ තෙලිජ්ජවිල දම්පැල්ල බෝකටුගහහේන් පදිංචි ඉන්දික ලසන්ත මානගේ (40) මහතා මේ වන විට ගාල්ල කරාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
 ඉකුත් 22 වැනි දින සිදු වූ මෙම සිද්ධියෙන් පසු මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර සිටි ඔහු පෙරේදා (26) වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය මහ රෝහලට මාරු කර යවා තිබුණි.
ඒ මහතා සිද්ධියෙන් තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන විට ඔහුගේ බිරිය නිවුන් දරුවන් ප්‍රසූත කිරීම විශේෂ සිද්ධියක් විය.
ඊට අමතරව ඔහුට තවත් පුත්තු දෙදෙනෙක් සිටිති. වැඩිමහළු පුතු වන ලසිරු මිනුසර (07). පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දෙවැනි පුතු අනුගස රීක්ෂන් (04) තෙලිජ්ඡවිල හසර පෙරපාසල් ඉගනුම ලබයි. දියණියකගේ අපේක්ෂාවෙන් සිටියත් ඉන්දිකගේ බිරියට මෙවරද ලැබී ඇත්තේ නිවුන් පුතුන් දෙදෙනෙකි.ඉන්දිකගේ බිරිය මේ වන විට ඉතා අසරණ තත්වයට පත්ව සිටී. පෞද්ගලික බසයේ වැඩ කොට එහි ආදායම අනුව දිනකට රුපියල් දහසක් හෝ එකදහස් දෙසීයක් වැනි වැටුපක් ලැබූ ඉන්දික එම මුදලින් දරු පවුලන්ම නඩත්තු කළ අයෙකි. තම බිරියට තව සුළු වේලාවකින් දරුවකු ලැබිමට සිටින බව දැනගෙනුත් උදෑසන 5.00ට මාතර රෝහලට ගොස් ඇය බලා නැවත ඔහු රෑකියාවට ගියේ එම ආර්ථික අපහසුතා පියවා ගැනීම සඳහාය.
මේ වන විට සතියක කාලයක් ගතවී ඇති අතර ඉන්දික තවම රෝහලේය ඔහුගේ බෙහෙත් වියදම් තුන්වේලටම බැලීමට යාමට ගමන් ගාස්තු හා සාත්තුවට ලග සිටින අයගේ වියදම්ද දැරිමට සිදුව ඇත්තේ ඔවුන්ටය. මාතර කද්ඳුව හරහා කඹුරුපිටිය බසයේ හිමිකරු තම සේවකයා වනුවෙන් රුපියල් විසිපන්දහසක මුදලක් එම අවස්ථාවේදීම ලබා දී තිබුණි. ඊට අමතරව ඊයේ (27) එම නිවෙසට ගිය මාතර විස්සේ කඩේ අධිපති සුගත් නිලත්ත මහතාද ඔවුන්ගේ දුක වේදනාව සැලකිල්ලට ගෙන රුපියල් දසදහසක මුදලක් හා නිවුන් දරුවන්ට අවශ්‍ය ළදරු උපකරණ මෙන්ම වියළි ආහාර ද්‍රව්‍යද පරිත්‍යය කළේය.
රජයෙන් හෝ පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා ඔවුන්ට කිසිදු මුදලක් ලැබී නොමැත. ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් විමසු විට කියා සිටියේ ඔවුන් වෙනුවෙන්ද සාධාරණයක් ඉදිරියේදී ඉටු කරන බවයි.
තමන්ට අත්ව ඇති ඉරණම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ දමයන්ති මහත්මිය මෙසේද කීවාය.
 "මම අරහලන් පිටත් වන අවස්ථාවේ දී සැමියා බලන්න දැඩිසත්කාර ඒකකය වෙත ගියා. එතකොට තමයි දැනගත්තේ ඔහුට ගොඩාක් තුවාල වෙලා තියන බව. ඒ වන තෙක් රෝහල් කාර්ය මණ්ඩලය හා මගේ ඥාතීන් එය වසන් කළා. මොකද මම කම්පනයට ලක්වෙලා දරු දෙදනාට කිරි නැතිවෙයි කියලා. මම සැමියාට නිවුන් පුතුන් පෙන්නුවා. ඔහු යත්තම් එය තේරුම් ගත්තා. වචනයක්වත් කතා කළේ නැහැ. ගෙදර ආවම ලොකු දරුවන් දෙන්නා අහනවා තාත්තා කොහෙද කියලා. මම හරි අසරණයි. මට කියන්න දෙයක් නැති වෙලා. හැම වෙලේම ඔවුන් අප්පච්චිව බලන්න ඕන කියනවා. සැමියා කවද ගෙදර එයිද, කොපමණ කාලයක් ගෙදර ඉන්න වෙයිද කියන්න බැහැ. මම උසස් පෙළ සමත් වෙලා ඉන්නේ. උපකාරක පත්ති යන කාලේ තමයි සැමියා දැන හදුනාගෙන ඔහු සමග විවාහ වුණේ. සැමියාට ලෝකු කාලයක් ගෙදරට වෙලා ඉන්න වෙන නිසා මට රැකියාවක්වත් සෝයා ගන්න සිදු වෙනවා. රජයෙන් ඒ සඳහා උදව්වක් ලැබෙනව නම් ලොකු පිනක්. ඒ වගේම මේ පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. මගේ මහත්තයා ඕකට සම්බන්ධ වූ කෙනෙක් නොවෙයි. බසයේ රැකියාව කරදියි වෙඩි වැදිලා තියෙන්නේ. අද අපි සියලු දෙනාම අසරණ වෙලා.”
කෙසේ නමුදු පාතාලය පොලිස් සැරයන්වරයකුගේ දිවි උදුරාගෙන දරු දෙදෙනකුගෙන් යුත් පවුලක් අසරණ කළා සේම තවත් දරුවන් සිවු දෙනකුගෙන් යුත් පවුලක් ද කබලෙන් ලිපට වට්ටවා තිබේ. එම නිසා කිසිදු සාධාරණයක් ඉටු වී නැති මෙම පවුල වෙනුවෙන්ද රඡයේ අවධානය කඩිනමින් යොමු වේ යැයි බිරිය අයාචනාත්මකව ඉල්ලා සිටී.

එමා වොට්සන් මෙතෙක් ආ ගමන සහ හැරී පොටර් නවතම නිර්මාණය


නව පරපුරේ බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ වීර කතාවක් වූ හැරි පෝටර් චිත්‍රපටයේ නවතම චිත්‍රපටය පිළිබද නැවත කතාබහක් ඇති වී තිබේ. ඒ මේ වන විට යූටියුබ් ජාලය ඔස්සේ ප්‍රචාරක පටය ලෙස නම් කර ඇති Harry Potter and the Cursed Child ප්‍රචාරක පටය නිකුත් වීමත් සමගිනි. 2019 වසරේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් ලෙසද එම ප්‍රචාරක පටය මගින් එය හඳුන්වාදී තිබේ. ඊට අමතරව ඇතැම් විදෙස් පුවත් සදහන් කරන්නේ, හැරී පෝටර් මෙම කතාංගය වේදිකාව මත ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි.

කෙසේ වුවද මේ සමගින් හැරී පෝටර් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක් වු හමයිනි (එමා වොටිසන්) පිළිබඳවද කතාබහට ලක්ව තිබේ. ඒ ඇය තම ට්විටර් ගිණුමේ තැබූ සටහනක් සමගිනි.


මෙහි ප්‍රධාන චරිතය වන එමා වොට්සන් ප්‍රසිද්ධියට පත්වූයේ හැරී පෝටර් චිත්‍රපට මාලාව ඔස්සේ ගොඩනැගුණු හමයිනි ග්‍රේන්ජර් චරිතය ඔස්සේය. හැරී පෝටර් චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය වූ 2001 වසරේ එළිදැක්වූ Harry Potter and the Philosopher's Stone ඔස්සේ එමා වොට්සන් සිනමාවට පිවිසියාය. එතැන් පටන් ඇය හමයිනී චරිතය ඔස්සේ බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර විය. ඒ හේතුවෙන් 2002 වසරේ එළිදැක්වූ Harry Potter and the Chamber of Secrets චිත්‍ර පටයේ ප්‍රධාන චරිතයට ඇයට අවස්ථාව උදා විය.මෙහි රංගනයෙන් පසුව ඇය මෙම චිත්‍රපට මාලාවේ චරිතය ඔස්සේ බොහෝ දෙනෙකුගේ හදෙහි  තැන්පත් වූ රංගන ශිල්පිනියක් විය.

2004 Harry Potter and the Prisoner of Azkaban චිත්‍රපටයේද, 2005 වසරේ තිරගත වු Harry Potter and the Goblet of Fire චිත්‍රපටයේද, 2007 වසරේ එළිදැක්වූ Harry Potter and the Order of the Phoenix චිත්‍රපටයටද ඇය රංගනයෙන් දායක විය. මෙම චිත්‍රපට මාලාව සඳහා ඇය සම්මානවලින්ද පිදුම් ලැබුවාය. 2007 වසරේ ඇයට තවත් චිත්‍රපටියක් සඳහා රංගනයන් දායක වීමට අවස්ථාව උදා විය. ඒ Ballet Shoes නමි චිත්‍රපටයයි. හැරී පෝටර් චිත්‍රපටය ඔස්සේ විශාල ජනප්‍රියත්වක් ඉසිලූ ඇය 2008 වසරේදී The Tale of Despereaux නම් චිත්‍රපටය ඔස්සේ තවත් කතාබහට  ලක්විය. ඒ ඇයගේ හඩකැවීමේ දක්ෂතාව හේතුවෙනි. ත්‍රිමාණ තාක්ෂණය  ඔස්සේ නිෂ්පාදනය වූ එම චිත්‍රපටයේ හඬකැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කළ ඇය, තමන්ගේ රංගන හැකියාව මෙන්ම, හඩකැවීමේ ගුණයද විශිෂ්ට ලෙස පෙවූවාය.

 2009 වසරේදී තිරගත වූ Harry Potter and the Half-Blood Prince ඔස්සේ තමන්ගේ ආදරණීය රසිකයන් අතරට ගිය ඇය මෙම චිත්‍රපට මාලාවට අත්‍යාවශ්‍ය චරිතයක් විය. 2010දී තිරගත
Harry Potter and the Deathly Hallows |- Part 1 සහ 2011දී තිරගත වූ Harry | Potter and the Deathly HalloWS - Part 2 චිත්‍රපටයද බොහෝ ශිලෙස ජනප්‍රියත්වයට පත් වූ බව නොරහසකි. 2012, 2013, 2014 සහ 2015 වසරවලදී ඇය රංගනයෙන්දායක වූ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක්  තිබේ.

 කෙසේවුවද2016 වසරේදී ඇය සිනමා නිර්මාණ සදහා දායක නොවූයේ යම් රෝගී තත්ත්වයක් වැලඳීම හේතුවන් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කෙසේ  නමුත් පසුගිය වසරේ (2017) තිරගත වූ Beauty and the Beast චිත්‍රපටය ඔස්සේ නැවත සිනමාවට පිවිසි එමා එම වසරේම The Circle නම් චිත්‍රපටියටද රංගනයෙන් දායක වූවාය. 2018දී ඇයගේ රංගන හැකියාව දැකබලා ගැනීමට බොහෝදුරට අවස්ථාවක් නොලැබෙනු ඇති අතර, ඒ ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට  මෙම වසරේ එළිදැක්වීමට නියමිත නොවන හෙයිනි. නමුත් හැරී පෝටර් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය 2019දී තිරගත වුවහොත් සුපුරුදු පරිදි හමයිනී චරිතය ඔස්සේ ඇය දැකගැනීමට බොහෝ විට අවස්ථාව උදා වනු ඇත.




අපිට ජනතාවට සේවය කරන්න ගිහින් ගුටි කන්නයි බැනුම් අහන්නයි බෑ

විවිධ අවශ්‍යතා සඳහා නගරයට ජනතාව පැමිණෙන විට නගරයේ එකතු වන කුණු ටිකට මැස්සෝ වහලා පණුවෝ ගහලා දුගඳ හමන එක වළක්වන්න අපි කුණු ටික කොහේ හරි තැනකට ගිහින් දැම්මම විරෝධතා එන්න කොට එක එක මාධ්‍ය ගිහිල්ලා උලුප්පලා පෙන්වනවා. මාධ්‍ය කවද්ද මෙන්න මෙතැන කුණු දාන්න හොඳයි කියලා පෙන්ලා දීලා තියෙන්නේ. සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් කුලසූරිය මහතා (පො.ජ.පෙ. )එම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අමතමින් එසේ පැවසීය.

මෙම රැස්වීම සභාපති සමන් වර්ණකුලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.  එහිදී සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවැසීය. මඩුගම කොම්පෝස්ට් ව්‍යපෘතියේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා අපි පිළිගන්නවා සේවකයෝ තුන්දෙනයි මේ වැඩේට ඉන්නේ. රූපවාහිනියට එක් පුද්ගලයෙක් ප්‍රකාශයක් කරලා තිබුනා කඩවල්වල මැස්සෝ ඉහිරෙනවා කියලා. අපිට ගෙදර ඉන්න බැහැ. වතුර බොන්න බැහැ කියනවා. හැබැයි මේ අය මාළු ටික හෝදලා කරවල ටික හෝදලා ගේ  වටේට දානවා. කන බොන ඒවත් එතැනට දානවා. මැස්සෝ ගෙවලත් ඉන්නවා. මඩුගම කුණු ගොඩේ ඉන්න මැස්සෝ හැතැප්ම ගණන් ගිහිල්ලා ගෙවල්වලට යන්නේ නැහැ. ඉදිරියේදී මේ අඩුපාඩු හදා ගන්නවා. අපිට කුණු දාන්න වෙන තැනක් හදන්න බැහැ. මෙතැන ලක්‍ෂ 60-70ක් වියදම් කරලා හැදුවේ.

කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් උද්ඝෝෂණය කරපු වෙලාවේ සභාපතිගේ ගෙදරට ගිහිල්ලා වෙඩි තියලා මරන්න ඕන කියලා එක කාන්තාවක් ප්‍රකාශ කරලා තියනවා. ඒ ගැන මටත් දෙන්නකුන්ගේ සාක්කි තියෙනවා. එදා මට ඕන නම් පොලීසියේ පැමිණිල්ලක් දාන්න තිබුණා. මේ කුණු ප්‍රශ්නය දිගින් දිගටම එනවා. මාධ්‍යවලිනුයි ජනතාවයි විරෝධය පළ කරනවා නම් බැරිම වුණොත් කුණු එක තියෙන තැන්වල තියෙන අරින්න තමයි වෙන්නේ. අපිට ගුටි කන්නයි බැනුම්  අහන්නයි ගෙවල්වල ඉදලා වෙඩි කන්නයි අපිට බැහැ. වැල්ලවායේ කළා වගේ කුණු ටික තියෙන තැන්වල තියෙන්න අරිනවා.

විපක්‍ෂ නායක ජේ.එච්. අනිල් කුමාර මහතා (එ.ජා.ප.) 
මේ කුණු ප්‍රශ්නයක් තමයි. ලංකාවේ ලොකුම දෙවැනි දිස්ත්‍රික්කය මොනරාගල. ලංකාවේ මිනිසුන්ට ඉඩම්වලට බලපත්‍ර නැති ලොකුම දිස්ත්‍රික්කය මොනරාගල. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර දහස් ගණනක් තියෙනවා. ඇයි ප්‍රාදේශීය ලේකම්තුමාට හා ග්‍රාම නිලධාරිතුමාට බැරි කුණු බැහැර කිරීමට සුදුසු පරිසරයක් ලබා දෙන්න. මම සභාපති කාලයේ සහ චන්ද්‍රපාල වීරසිංහ මහතා සභාපති කාලයේ අපි ඉල්ලුවා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ තියෙන පොදු සුසාන භූමි මැනල වෙන්  කරලා දෙන්න කියලා. නමුත් ඒ දේ තවම වෙලා නැහැ.
සියඹලාණ්ඩුව සංස්කෘතික මධ්‍යස්ථානයට එහා පැත්තේ තියෙන ඉඩම් අනවසර පදිංචිකරුවෝ දෙන්නෙක් ඉන්නවා. රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිතුමා ආපු දවසක ප්‍රදේශවාසියෙක් මේ ගැන කිව්වා. එතුමා කිව්වා ඒ අයව ඉවත් කරන කටයුතු කරනවා කියලා. නමුත් තවම වෙලා නැහැ.

සුසාන භූමි ඉඩම් මැනලා වෙන් කරලා දෙන්නේ නැතිනම් කුණු දාන්න ස්ථිර තැනක් පෙන්වන්න. නැතිනම් ඒක අපිට ප්‍රශ්නයක් එ් තිබුණ සියඹලාණ්ඩුව නෙවෙයි අද තියෙන්නේ. අද දියුණුව බලන්න. ඒ දියුණුවත් එක්ක සංචාරකයෝ එනවා. ප්‍රදේශවාසීන් පිටස්තර පුද්ගලයන් එනවා. නගරයේ දවසෙන් දවස එකතු වන කුණු වැඩිවෙනවා. කුණු වැඩි වෙනවා කියන්නේ දවසින් දවස සභාවට ප්‍රශ්න වැඩි වෙනවා. මිනිස්සු උඝෝෂණය කරනවා. මිනිසුන්ගේ උණ සාධාරණයි.

"පොලිස් නිලධාරියා බිම වැටිලා ඉද්දි මට මතක් වුණේ අනතුරකින් මිය ගිය මගේ අම්මාව'' -මාතර රන් භාණ්ඩ කොල්ලයේදී වෙඩි වැදුණු පොලිස් නිළධාරියා බේරාගත් ගයාන් චානක


 "පොලිස් නිලධාරියා බිම වැටිලා ඉද්දි මට මතක් වුණේ මගේ අම්මාව, අම්මා මෙහෙණින් වහන්සේ නමක්. උන්වහන්සේ අනතුරක් වෙලා පාරේ වැටිලා ඉඳලා තියෙනවා. නමුත් කවුරුත් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ රෝහලකට ගෙනියන්න. ඒ නිසා උන්වහන්සේ අපවත් වුණා. ඒ නිසා මම මගේ ජීවිතය පවා
නොතකා නිලධාරීයා ඛේරාගන්න කටයුතු කළා"

 යැයි මාතර රන්භාණ්ඩ වෙළඳ සැල කොල්ලකෑම් සිද්ධියේදී තම ජීවීතය ගැන නොතකා තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් රෝහල්ගත කිරීමට කටයුතු කළ අහංගම ප්‍රදේශයේ පදිංචි ගයාන් චානක මහතා පෙරේදා(26දා) පැවසීය. ඒ මහතා මෙම අදහස් පලකළේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සිවිල් පුරවැසියන් කළ වීර ක්‍රියාව අගයමින් පස්දෙනෙකුට රුපියල් පනස්දහස බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගයාන් චානක මහතා මෙසේද පැවසීය.

"එදා උදෑසන මගේ යාළුවෙක් බලන්න මම මාතර මහ රෝහලට වාහනයෙන් ආවා. එතකොට සෙනග කැගහගෙන දුවන සද්දයක් ඇහුණා. බලන කොට පොලීසියයි තවත් අයයි වෙඩි තියා ගන්නවා. පොලිස් නිලධාරියෙක් කෑගැහුවා පහත් වෙන්න කියලා. මම පහත් වෙලා හිටියා. ටික වෙලාවකින් මම දැක්කා පොලීසියේ නිලධාරීයෙක් වෙඩි වැදිලා බිම වැටිලා ඉන්නවා, මම ඉක්මනට එතැනට ගිහින් එම නිලධාරීයා උස්සගෙන මගේ වාහනය ගාවට ආවත් දොර ඇරලා දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. පසුව නිලධාරියා බිමින් තියලා වාහනේ දොර ඇරලා වාහනේට දාගෙන මාතර මහා රෝහල වෙත ඉක්මනින් රැගෙන ගියා.

අද එම නිලධාරියා කොළඹ ජාතික රෝහලේ සුවෙන් ප්‍රතිකාර ලබනවා. එය ඇහුවාම මට ගොඩක් සතුටුයි. මම කරපු කාර්යය පිළිබඳ විශාල සතුටක් තියෙනවා. ඒ නිසා ජනතාවගෙන් මම ඉල්ලන්නේ හදිසි අනතුරකදී ඉක්මනින් රෝහල්ගත කරන්න කටයුතු කරන්න, එය පිනක්. ජීවිත කාලෙම ඒ පින දිහා බලලා සතුටු වෙන්න පුළුවන්."

මළඟන වැව් දියේ නුඹ සැඟවී ගියද සැඟවනු හැකිවේද ඔබ ගුණ කඳ කිසිදාක


පොසොන් සුපුන් සඳ එළිය නැඟ එන්නට ඉතිරිව තිබුණේ දින කීපයකි. අනුබුදු මිහිඳු හිමි සිරිලක වැඩිය දින සමරන්නට ලක්වාසී ජනතාව සුදානම් වෙමින් සිටියහ. රාගම බටුවත්ත ග්‍රාමයේ බොහෝ පිරිස්ද සිටියේ පොසොන් සැමරුම් සංවිධාන කරමිනි. ගෝකුල හසිත ගීනද (20)  සේම චන්දන දසනායක (48) ද තම ග්‍රාමයේ පොසොන් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන බත් දන්සල සඳහා වෙහෙස මහන්සි වී සංවිධාන  කටයුතුවල නියැලෙමින් සිටියහ.

ජා-ඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විදු බිමෙහි නේකවිධ දස්කම් පෑ ගෝකුල ගුරු සිසු සැමගේ නොමඳ ආදරයට පාත්‍ර වූයේ ඔහු තුළ තිබූ සිනහ මුසු වතත්, හදවතේ වූ ගුණ කඳත්, නැටුමෙන් ගැයුමෙන් පෑ පෙළ හරත් නිසාමය. සිය බාල නැගණියන් දෙදෙනාට අසීමිතව ආදරය කළ ගෝකුල ඔහුගේ මවගේත් පියාගේත් මිණි රුවන විය. චන්දන දසනායක සිය දියණියට හා පුතණුවන්ට අසීමිතව සෙනෙහෙස දැක්වූ පියකු විය. සිය ව්‍යපාර කටයුතු නිසා කාර්ය බහුල වුවද චන්දනට ගමේ පොදු කටයුතුවලට දෙන්නට කාලය මදි නොවිය. පාසල් දරුවන්ට සිප්කිරි පොවන සිය දයාබර බිරිය චන්දනගේ සියලු ශක්තීන්ට අත්වාරුවක්ම විය. මේ සෙනෙහෙවන්ත කැදැල්ලේ සෑමවිටම උතුරා ගියේ ආදරයම මිස අන් කිසිවක් නොවේ.

ගෝකුලත්, චන්දනත් ඉකුත් ඉරුදින මුණගැසුණේ දින කිහිපයකින් එළැඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන දන්සලේ වැඩකටයුතු ගැන කථිකා කර ගන්නටය. කිතුනු භක්තිකයකු වූ ගෝකුල ඉරුදින උදේ දිව්‍ය පූජාවට සහභාගි වී නිවෙසට පැමිණ සිටියේය. බෞද්ධයකු වූ චන්දන, ගෝකුල හා අන් මිතුරන් සමඟ කථිකා කර ගත්තේ මෙවර පැවැත්වෙන පොසොන් දන්සල තුළ විශේෂත්වයක් ඇති කරන්නටය. ඒ අනුව සැමගේ අදහස වූයේ නෙලුම් කොළයේ ඔතා දන්සල් බත් බෙදන්නටය. එහෙත් රාගම ප්‍රදේශයෙන් නෙලුම් කොළ සොයා ගැනීමට හැකියාවක් තිබුණේ නැත.

මේ මිතුරු කැලට අයෙක් යෝජනා කළේ වාරිපොළ ප්‍රදේශයේ ඇති වැවක නෙලුම් කොළ කඩාගෙන දන්සල පවත්වන්නටය. දුරුකතර ගෙවා වාරියපොළට ගොස් නෙලුම් කොළ කඩාගෙන එන්නට බොහෝ දෙනකු අදිමදි කළද වාරියපොළ ප්‍රදේශයේ මිතුරකු හා සම්බන්ධතා  ඇති කරගෙන නෙලුම් කොළ රැගෙන ඒමට ගෝකුලත්, චන්දනත් ගෝකුලගේ මාමා කෙනෙකුත් එකඟ විය. වාරිපොළ මිතුරා පොරොන්දු වී තිබුණේ නෙලුම් කොළ කඩා තබන බවටත් ඒවා රැගෙන යන්නට පැමිණෙන ලෙසත්ය. කථිකා කරගත් පරිදි මේ තිදෙනා ඉරුදින උදේ කුඩා ලොරි රථයකින් වාරියපොළට යන්නට පිටත් විය. මේ ගමන ගෝකුලට විශේෂත්වයක්ද විය. ඒ සිය මව හා පියා නොමැතිව මෙතරම් දුරක් යන ප්‍රථම අවස්ථාව වීමය.

රාගම බටුවත්තෙන් පිටත් වූ මේ පිරිස වාරියපොළ ප්‍රදේශයට ළගාවී මළඟනේ වැව අද්දරට ගොස් ඇත. ඔවුන්ට තවත් මිතුරන් දෙදෙනකුද එක්වී ඇත්තේ නෙලුම් කොළ කඩන්නටය. මේ පිරිස වැව ඉවුරේ තිබූ තෙප්පමක නැගී නෙලුම් කොළ කඩමින් ක්‍රමක්‍රමයෙන් වැව මැදට ගමන් කර ඇත. නොසිතු මොහොත උදාවී තිබුණේ ඔවුන් වැව මැද්දට ගමන් කරමින් සිටියදීය. එක්වරම කිසිවකුටත් සිතාගත නොහැකි අයුරින් ඔරුව පෙරළී ගොස් ඇත. ඔරුව පෙරළී යාමත් සමඟ වාරියපොළදී හමුවූ මිතුරන් පිහිනා විත් දිවි බේරාගෙන ඇති අතර වැව ගැන කිසිත් නොදත් රාගමින් ගිය තිදෙනා ඔරුවේ එල්ලී සිය ජීවිත රැක ගැනීමේ අරගලයක යෙදී තිබේ.

විනාඩි 45ක් වැනි කාලයක් මරුවාට යටත් වීමට අකැමැතිව සටන් කළද මොවුන්ගේ ශක්තිය අභිභවා මරුවාගේ ශක්තිය ප්‍රබල විය. ගෝකුලගේ මාමාද අසහාය වෙහෙසක් දරා දිවි ගලවා ගත්තද ගෝකුලටත්, චන්දනටත් මෙලොව ආයුෂ මීට වඩා වැඩි කර ගැනීමට නොහැකි වූයෙන් ඔවුන්ගේ සිරුරු වැව් පතුලේ සැඟව යත්නට විය. පොසොන්නේ සඳේ සිය රාගම  බටුවන්තට මෙවර පැමිණියේ නැත. මුළු රටම පොසොන් සිරියෙන් වෙළී යද්දී පොසොන් දින මළහිරු  බසිනා සැන්දෑ යාමයේ ගෝකුලගේත්, චන්දනගේ නිසල දේහයන් මිහිදන් වූයේ නෑසිය මිතුරු අසල්වාසී බොහෝ පිරිසකගේ වැලපුම් අඳෝනා මධ්‍යයේය.

මහමගදී පාසල් සිසුවයට පහරදුන් හින්දු පූජකයා රිමාන්ඩ්

දෙහිඕවිට ප්‍රදේශයේ දෙමළ විදුහලක උසස් පෙළ අංශයේ සිසුවියකට සෙරෙප්පුවෙන් පහරදී තුවාල කරන ලද්දේ යැයි චෝදනා ලත් එම ප්‍රදේශයේම හින්දු කෝවිලක පූජකවරයකු අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමිපා ශ්‍රී චන්ද්‍රදාස මහත්මිය අද (28දා) දක්වා රීමාන්ඩ් භාරයේ තැබීමට පෙරේදා (26දා) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, දෙහිඕවිට මල්වර්ෂාව වත්තේ පදිංචි අයෙකි.

සිසුවිය පසුගිය 25 වැනිදා පාසල නිමවී නිවස බලා එමින් සිටියදී අධික වේගයෙන් ත්‍රිරෝද රථයක් පදවාගෙනවිත් සිසුවිය අසල නතර කර ඇති බවත් ඉන් බැසගත් සැකකාර පුජකවරයා පැලඳ සිටී සෙරෙප්පුවක් ගලවා සිසුවියට පහර පිට පහරදී ත්‍රිරෝද රථයෙන් පලා ගොස් තිබූ බවත් පරික්ෂණවලදී අනාවරණය විය.  පහර කෑමට ලක්වූ සිසුවිය අවිස්සාවේල්ල රෝහල් නේවාසික ප්‍රතිකාර ලබයි. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක රසික රත්නායක මහතාගේ උපදෙස් මත අවිස්සාවේල්ල මුලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

එළවළුවල තොග මිල අහස උසට


බෝචි, ලීක්ස්, කැරට්, මාළුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 300 ඉක්මවා  ගොස් තිබෙන අතර, බණ්ඩක්කා කිලෝවක මෑත ඉතිහාසයේ තොග මිලේ ඉහළම මිල මේ වනවිට වාර්තා කරමින් තිබේ. බණ්ඩක්කා කිලෝවක තොග මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, වම්බටු කිලෝවක තොග මිල  රුපියල් 150, ලීක්ස් කිලෝවක  තොග මිල රුපියල් 180, බටු කිලෝවක මිල රුපියල් 120 ඉක්මවා යමින් තිබෙන බව වෙළඳ පොළ සොයා බැලීම්වලදී තහවුරු වේ.

එළවළු මිල ඉහළ ගියද එහි වාසියක් ගොවීන්ට හිමි නොවන බවත්, පවතින වියළි කාලගුණ තත්වය නිසා සමහර ප්‍රදේශවල එළවළු වහාම විනාශ වූ බවත් මීට අමතරව පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂා තත්වය නිසා එළවළු වගාවන් විනාශ වූ බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

මේ නිසා එළවළු ගොවියන් සැලකිය යුතු ප්‍රමාණයක් අසරණ තත්වයකට පත් වී තිබෙන බවත්, යම් යම් තත්වයන් යටතේ එළවළු වගා කළද පොහොර මිල ඉහළ යාම් හා දේශගුණික තත්වයන් මත අස්වැන්න අඩුවීම නිසා එළවළු වගාකර ඇති ගොවීන්ටද එළවළු මිල ඉහළ ගියත් වාසි අත් නොවූ බවත් එම සංගමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
 පවතින අර්බුදකාරී තත්වය නිසා බොහෝ ප්‍රදේශවල උඩරට එළවළු වර්ග කිහිපයක සිල්ලර මිල රුපියල් 400 ඉත්මවා යමින් තිබෙන බවද ඔහු පවසා සිටියේය. මෙම තත්වයෙන් රට මුදවාගැනීමට නම් ජාතික ප්‍රතිපත්තියක් යටතේ ගොවීන් දිරිමත් කරමින් වගා සැලැස්මක් කඩිනමින් සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මුස්ලිම් රටවලට ට්‍රම්ප් දැමූ තහංචිය ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි



මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවලට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද සාවාරක තහනම කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව, මුස්ලිම් ඛහුතරයක් වෙසෙන ඉරානය. ලිබියාව, සෝමාලියාව, සිරියාව. යේමනය ඇතුළු මුස්ලිම් රටවල සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවට පැමිණීමට අවසර නොලැබෙනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රශංසනීය බවය. ට්‍රම්ප්ගේ යෝජනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවුණු පළමු අවස්ථාව මෙය බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම සංචාරක තහනම ඉදිරිපත් කළේ. පසුගිය වසරේ ඔහු ජනපති ධුරයට පත්වීමත් සමඟය. ට්‍රම්ප් මෙම සංචාරක තහනම හඳුන්වා දුන්නේ, මුස්ලිම් රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත් ඇමෙරිකානු සිවිල් සංවිධාන ඊට එරෙහිව යෑම හේතූවෙන්, සංචාරක තහනමට අධිකරණය හරස් විය. ඒ අනුව, සංචාරක තහනම ක්‍රියාත්මක වූයේ එය ලිහිල් කිරීමෙන් පසුවය. සිවිල් සංවිධාන සමග ද සාකච්ඡා කරමින්, නීතිමය ගැටලු විසඳා යළි එය ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය. පෙරේදා (26) දිනයේ කිසිදු බාධාවකින් තොරව තහණම ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමි වුයේ එම අවස්ථාවේදි යැයි ඇමෙරිකානු පුවත් සේවා පෙන්වා දෙයි.

ඇට සැකිළි 30ක් මන්නාරම සමුහ මිනී වළෙන් හමු වෙයි


මන්නාරම සතොස ගොඩනැඟිලි ඉදිකිරීම් භූමියේ පාදම සකස් කරමින් සිටි කම්කරුවන්ට පසුගියදා හමු වූ සමූහ මිනී වළෙහි විවිධ වයස් කාණ්ඩවලට අයත් මිනිස් ඇට සැකිලි 30කට වැඩි සංඛ්‍යාවක් තිබී හමුවී තිබේ.

ඒවා පසුගිය යුද සමයේ සිදුකළ සිවිල් වැසියන්ගේ ඝාතනවලට අදාළ විය හැකි යැයි විමර්ශන කණ්ඩායම් සැක පළ කරති. මන්නාරම මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ අධිකරණ නියෝගයකට අනුව මෙම සමූහ මිනී වළ සම්බන්ධ වෝහාරික පුරාවිද්‍ය විමර්ශනය මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිදුකරන අතර අධිකරණ වෛද්‍ය විමර්ශන සිදු කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය සමින්ද්‍රය රාජපක්ෂ මහතා විසිනි. අදාළ විමර්ශනය අවසානයේ මෙම සමූහ මිනී වළ සම්බන්ධ නිගමන සහිත වාර්තා  අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

දැනට මතු කරගෙන ඇති ඇටසැකිලි අතර හඳුනා නොගත් විවිධ වයස් කාණ්ඩවලට අයත් තැනැත්තන් 30කට වැඩි සංඛ්‍යාවකගේ අස්ථි තිබෙන බව විමර්ශන කණ්ඩායම් සඳහන් කරයි. පසුගිය සිවිල් යුද්ධය පැවැති වකවානුවේ ඝාතනයට ලක්වූ සිවිල් වැසියන් සමූහයක් මෙම ස්ථානයේ එකම වළක මිහිදන් කළාද යන්න ගැන ඔවුහු සැක පළ කරති.

සිසුවියට නිරුවත පෙන්වූ සැකකරු රිමාන්ඩ්


ශ්‍රී මහ බෝධි පෙත්මගේ ගමන් කරමින් සිටි උසස් පෙළ පාසල් සිසුවියකට නිරුවත පෙන්වා ලිංගික අතවරයක් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කළ තරුණයකු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දේවානම්පියතිස්සපුර පදිංචි අයෙකි. 18 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යවක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිවරියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.  පැමිණිලිකාරිය අමතර පන්තියක් සඳහා අනුරාධපුර නව නගරයට පැමිණ ඇති බවත් එදින පැමිණීම ප්‍රමාද වීම නිසා අමතර පන්තියට නොගොස් තවත් මිතුරියක සමඟ අනුරාධපුර ජය  ශ්‍රී මහ බෝධිය වැඳපුදා ගැනීමට ගොස් ඇත. ඇය ශ්‍රී මහ බෝධිය වැඳපුදාගෙන මිතුරිය සමඟින් ශ්‍රී මහ බෝධි පෙත්මඟ ඔස්සේ ගමන් කරද්දී සැකකරු මාර්ගය අයින්නේ සිට නංගි නංගි යනුවෙන් පවසා ඇද සිට කලිසම ගලවා නිරුවත පෙන්වා තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

ඉන් ලැජ්ජාවට හා බියට පත් වූ පාසල් ශිෂකවක් වන පැමිණිලිකාරී කෑගසද්දී අවට සිටි පිරිසක් ඒ බව දැක නිරුවත පෙන්වා පලා යමට උත්සාහ කළ තරුණ සැකකරු අල්ලාගෙන ඔහු පොලිස් ස්ථානයට භාරදී තිබේ. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පක්ෂිකා යමුනා කාන්ති මහත්මියගේ උපදෙස් මත පොලිස් සැරයන් ලලිත් නන්දසේන (31488) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙවර සා.පෙළට මුහුණ දෙන චන්ඩි දෙදෙනෙක් දන්සලේදී තරුණයෙකුට පිහියෙන් ඇනලා


පොසොන් පොහෝ දින පාපැදිවලින් දන්සලකට ගිය පිරිසක් අතර සිටි තරුණයෙකුට තියුණු අවියකින් පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව වැලිපැන්න පොලීසිය පවසයි. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ, පරේගම පහළවෙල පදිංචි ඉසුරුප්‍රිය සම්පත් (අවු.18) නමැත්තෙකි.

පොසොන් පොහෝ දින තුවාලකරු ඇතුළු තරුණයන් කිහිප දෙනෙක් පාපැදිවලින් මීගම පාරේ අලුත්ගම දෙසට ගොස්  ඇති අතර මීගම ලද්දාව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු තුවාලකරු සමග බහින්බස් වීමක් ඇතිකරගෙන පහරදී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
ප්‍රදේශවාසීන් සහ මිතුරන් විසින් තුවාලකරු ඉත්තෑපාන දිසා රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පහරදීම පන්තොට ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු විසින් ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව ඇතිවූ ආරවුලක් මත සිදුකර ඇති බවත් ඔවුන් දෙදෙනාම පාසල් සිසුන් වන අතර එක් අයෙක් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකු බවත් හෙළිවී තිබේ.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා නාගොඩ මහරෝහලට මාරුකර යැවීමට නියමිතව තිබූ අතර පහරදීමට සම්බන්ධ බවට සැකකරන සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරිෂණ ආරම්භ කර තිබේ. 

සල්පිල් වෙන්දේසියට අරක්කු බෝතලයක්



 බෞද්ධ සැදැහැතියන් ලෙසට විහෙර විහාරස්ථාන දියුණු කිරීමට කැප වූ පිරිසක් වයඹ පළාතේ ප්‍රදේශයක පිහිටි පන්සලක චෛත්‍යයේ ඉදිරි වැඩ නිම කරවා ගැනීම සඳහා සල්පිලට අරක්කු බෝතලයක් තබා ඇති බවට තොරතුරු වාර්තා විය. පොසොන් පොහොය එළැමිමට දින කිහිපයකට පෙර විහාරස්ථානයට ආධාර ලබාගැනීමට සඳහා නාට්‍ය සංදර්ශනයක් හා සල්පිල් වෙන්දේසියක් මම ආධුනික ගීත ප්‍රසංගයක් ද එහි පැවැති බව ප්‍රදේශවාසීහු පැවසුහ. පන්සලේ පැවැති සල්පිල් වෙන්දේසිය යන අතරවාරයේදී අවසන් දින රාත්‍රියේදී ඇතැම් දායක පිරිස් එක්ව මෙම රට බීම බෝතලය වෙන්දේසියට තබා ඇතත් ඒ සම්බන්ධව ගමේ වැඩිහිටියන්ගෙන් අප්‍රසාදය පළ වුවත් තරුණ පිරිස් එක්ව තනි අභිමතයට අනුව ඔවුන් එය වෙන්දේසි කරවා ආදායමක් ඉපැයීමට කැප වී ඇති බවක් දැන ගන්නට ලැබිණි.

අවුරුදු 13 දැරියව සමුහ දුෂණය කරලා


විහාරස්ථානයක පැවැති නාට්‍ය සන්දර්ශනයක් බැලීමට ගිය බාල වයස්කාර පාසල් දැරියක් නීත්‍යනුකුල භාරකාරයන් අපහරණය කර අතවර කර සමූහ දුෂණයකට ලක්කළ තරුණයන් සිවුදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට පත් කිරීමෙන් පසුව ඔවුන් ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කළේය.

අනුරාධපුර පදිංචි වයස අවුරුදු 13යි මාස නවයක් වූ දැරියක් පොලීසියට කළ පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. ඇය සැකකරුවන් තිදෙනකු චූටා, චිකා හා බණ්ඩා යන අනවර්ථ නාමයන්ගෙන් හඳුනාගෙන තිබිණි. අනුරාධ මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියා සිටියේ බාල වයස්කාරිය මව සමඟ විහාරස්ථානයේ පැවැති නාට්‍යයක් නැරඹීමට ගොස් විහාරස්ථානයේ බෝධිය ආසන්නයේ සිටියදී ප්‍රධාන සැකකරු ඇයව අසල වූ පාළු නිවසකට බලහත්කාරයෙන් රැගෙන ගොස් මිතුරන් සමඟ එක්වී සමුහ දුෂණයට ලක්කර ඇති බවයි.

පැමිණිලිකාර දැරිය සැකකරුවන් තිදෙනකු හඳුනාගෙන තිබෙන බවත් ඒ අනුව කළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිසිය අධිකරණයට දැක්වූවේය. සැකකරුවන් අතින් සමූහ දූෂණයට ලක්වූ පාසල් සිසුවිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ අතර ඇය කාත්තා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

හේනමුල්ලේ රන්දිය උයනේ වතුර බීම අනතුරුදායකයි


නිවාස 1137ක ජනතාවට පානීය ජලය සපයන ප්‍රධාන ජල ටැංකිය අනාරක්ෂිත ලෙස බිම සවි කර ඇති බවත් එම ජල ටැංකිය වසා තිබෙන පියනට සවිකර තිබූ ඉබි යතුරු මාස දෙකක පමණ කාලයක සිට නොමැති නිසා එහි ජලය පානය කිරීම අනතුරුදායක බවත් තොටළඟ හේනමුල්ල රන්දිය උයන නිවාස සංකීර්ණයේ ජනතාව පවසති.  මෙහි පදිංචිකරුවන්ට කසළ බැහැර කිරීමට නියමිත ස්ථානයක් නොමැති නිසා නිවාස සංකීර්ණ භූමිය අපායක් බවට පත්වීම නිසා එම පරිසරයේ ජීවත් වන දරුවන් ඩෙංගු උණ රෝගයට ගොදුරු වීමේ අවදානම් තත්ත්වයක් උදා වී ඇතැයි රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාසවල පදිංචි ජනතාව පවසති.

නාගරීක සංවර්ධන අධිකාරීය මඟින් පාලනය වන මෙම නිවාස සංකීර්ණය වටා තිබෙන කානු පද්ධතිය අවහිර වීම නිසා ජලය නිසි ලෙස බැහැර නොයන බවත් මෙහි වැසිකිළි වළවල් උතුරා පිටාර ගැලීම නිසා ඒ අවට දැඩි දුර්ගන්ධයක් හමන බවත් කසළ රථ නියමිත දිනට නොපැමිණීම නිසා තැනින් තැන කසළ ගොඩවල් ගොඩගැසීම හේතුවෙන් නිවාස සංකීර්ණය අවට ද දැඩි දුර්ගන්ධයක් හමන බවත් පැවැසේ. 1137 ටම අයත් විදුලී මීටර් සවිකර තිබෙන කාමරයේ දොර ගැලවී ඇති අතර මාස කිහිපයක සිට එය අනාරක්‍ෂිතව පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය. 

රන්දිය උයන එකමුතු ප්‍රජා සංවර්ධන සමිතියේ සභාපති ලක්ෂිත ප්‍රසන්න සිල්වා මහතා, 
 අපි මේ නිවාස සංකීර්ණයේ පදිංචියට ඇවිල්ල අවුරුදු පහක් වෙනවා. ආපු දවසේ ඉඳලා මුහුණ දෙන ප්‍රධාන ගැටලුව කසළ බැහැර කිරීමේ ගැටලුවයි. කසළ ගෙන යන රථ නියමිත දිනයට එන්නේ නැහැ. ඒ නිසා නිවාස සංකීර්ණයේ හැම තැනම කුණු ගොඩවල් එකතු වෙලා ගඳ ගහනවා. මේ නිවාසවල පොඩි දරුවන් ඉන්නවා. කසළ ගොඩවල් එකතු වීම නිසා ඩෙංගු රෝගය පැතිර යමේ අවදානමක් ඇතිවෙලා. මේ වන විටත් එක් දරුවකුට ඩෙංගු උණ රෝගය වැලදීලා.

මේ නිවාස 1137ටම පානීය ජලය සපයන ජල ටැංකිය බිම සවි කරලයි තියෙන්නේ. ඒකට සවි කරලා තියෙන පියනට සවිකර තිබූ ඉබී යතුරු මාස අටක පමණ කාලයක සිට කැඩිලා. ජල ටැංකිය ඉතාම අනතුරේ තියෙන්නේ. ඕනම කෙනකුට වතුරට වස වුණත් දාලා යන්න පුළුවන්. ඒ නිසා බොන වතුර එකත් අපිට බොන්න වෙලා තියෙන්නේ හිත්තේ සැකෙන්. අපි මේ නිවාස සංකීර්ණයේ පදිංචියට ඇවිල්ලා අවුරුදු දෙකක් විතර යනකන් මේ අඩුපාඩු තිබුණේ නැහැ. අවුරුදු තුනක පමණ කාලයක ඉඳලා අපේ අඩුපාඩු බලන්න දේශපාලන අධිකාරියේ කවුරුවත් එන්නේ නැහැ.

ඡන්දේ දවලට ඇවිල්ල බොරු කියලා අපි රවට්ටලා යනවා. ඒ නිසා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ නිවාස සංකීර්ණයේ ජීවත් වන ජනතාව මුහුණපා තියෙන මේ ගැටලු ගැන බලලා මෙහි ජීවත් වන ජනතාව විදින දුක බලලා මේ ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබා දෙන්න කියලා ඉල්ලන්නේ.

රන්දීය උයන නීවාස සංකීර්ණයේ පදිංචි ලකෂිකා මදුමාලි මහත්මිය,
නිවාස 1137ක ජනතාවගේ ආරක්ෂාවට පොලිස් මුරපොළේ ඉන්නේ නිලධාරීන් තුන්දෙනයි. මේ නිවාස සංකීර්ණයේ පදිංචි ජනතාවට ආරක්‍ෂාව මදී. ගැහැනු ළමයකුට තනියම විදුලි සෝපානයේ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. අපිට බොන්න තියෙන වතුර ටිකත් අනාරක්ෂිතයි. කුණු ටික
ගෙනියන්න නියමිත දිනේට එන්නේ නැහැ. ඒ නිසා හැම තැනම කුණු ගොඩචල්. පඩිපෙළි වලත් කුණු. අපේ අඩුපාඩු බලන්න වගකිවයුතු නිලධාරීන් කවුරුත් එන්නේ නැහැ. අපි අපා දුක් විඳින්නේ. බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අපි මෙහෙට ගෙනත් දැම්ම වගේම අපිට තියෙන අඩුපාඩු හොයලා බලල විසඳුම් දෙන්න කියලයි.

නිවාස සංකීර්ණයේ පදිංචි කේ.එච්. චන්දිමා මහත්මිය,
අපි මේ නිවාස සංකීර්ණයේ පදිංචියට ඇවිල්ලා අවුරුදු පහක් වෙනවා. අපි ජීවත් වන්නේ ප්‍රශ්න රාශියක් මැද. අපිට තියෙන ලොකුම ගැටලුව කසළ බැහැර කිරීමයි. මේ නිවාස සංකීර්ණයේ නිවාස 1137ක් තිබෙනවා. ඒ නිවාස 1137ම කුණු එකතු වන්නේ මේ පරිසරයේ. ඒ කුණු ටික ගෙනියන්න නගර සභාවෙන් නියමිත දිනේට එන්නේ නැහැ. ඒක නිසා කුණුගොඩවල් බල්ලෝ ඇද දමා නිවාස සංකීර්ණය හැම තැනම කුණු පිරිලා. ඒ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. වැසිකිළි වළවල් උතුරලා දැඩි දුර්ගන්ධයක් හමනවා. මේ හේතුන් නිසා නිවාස සංකීර්ණය මිහිපිට අපායක් වෙලා. අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලනේ මේ පිළිබඳව සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්න කියලයි.

එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ගිය කොළඹ නාගරික මන්ත්‍රිනී මනෝරී චික්‍රමසිංහ මහත්මිය මෙසේ කීවාය,  
මේ ප්‍රදේශය මට අයිති නැහැ, මෙහි පදිංචි ජනතාවගේ බලවත් ඉල්ලීම නිසා මම ආවේ. මේ ජනතාව අපා දුක් විදින්නේ. මම මේ පිළිබඳව කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය දැනුවත් කරලා ජනතාවගේ මේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙනවා.

යාපනයේ හය හැවිරිදි දැරිය මරා දැමූ ඇයගේම බාප්පා සොයා පරීක්ෂණ


යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේදී හය හැවිරිදි ශිෂ්‍යාවක ගෙල මිරිකා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ එක්‌ පුද්ගලයකු පමණක්‌ බවට වඩුක්‌කෝඩේ පොලිසියට තොරතුරු ලැබී ඇති හෙයින් මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඉතිරි පස්‌ දෙනා අධිකරණ නියෝගයක්‌ මත නිදහස්‌ කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

 සිද්ධියට සම්බන්ධ පුද්ගලයා විසි දෙහැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මියගිය දැරියගේ ඥාතිත්වය අනුව බාප්පා කෙනකු බවට හඳුනාගෙන තිබේ.

 සැකකරු පාසල නිමවී පැමිණි දැරිය කුරුල්ලන් පෙන්වීමට යෑයි කියමින් ඒ අසල ළඳු කැලෑවකට රැගෙන ගොස්‌ ඇති අතර එහිදී දැරියට අතවර කොට ඇත.

 මේ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවේ කිසිවක්‌ සඳහන් කොට නොමැත්තේ ඒ පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණයක්‌ පැවැත්වෙන නිසා බව යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙක්‌ පැවසීය.

 කෙසේ වෙතත් සැකකරු විසින් කරන ලද විකෘති කාම ආශා ක්‍රියාව හේතුවෙන් දැරිය සිහිසුන් වී ඇති අතර මේ අවස්‌ථාවේදී බියට පත් සැකකරු දැරිය මියගොස්‌ ඇතැයි උපකල්පනය කොට ඇගේ ගෙළ මිරිකා ළිඳට දමා තිබේ.

 යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව නිකුත් කොට ඇති වාර්තාවේ සඳහන් වන්නේ දැරියගේ ගෙල සිරකොට ඇය මරාදමන ලද බවයි.

 ශිවනේශ්වරන් රෙජිනා නමැති මෙම ශිෂ්‍යාව 25 වැනිදා ඇය ඉගෙනුම ලබමින් සිටි යාපනයේ සුළිපුරම් කාට්‌ටුකුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසල වෙත ගොස්‌ ඇතත් ඇය ආපසු නොපැමිණීම නිසා නිවසේ උදවිය කලබලයට පත්ව දැරිය සොයද්දී ඇයගේ මළ සිරුර නිවසේ ළිඳ තුළ තිබී හමු වී ඇත.

 මේ පිළිබඳව යාපනයේ වඩුක්‌කෝඩෙයි පොලිසියට දැන්වීමෙන් පසුව පොලිසිය සිද්ධිය වූ නිවසට පැමිණ පරීක්‍ෂණ පවත්වා ඇයගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යන ලදී.

 මේ සිසුවිය ඝාතනය කළ බවට තොරතුරු හෙළිවීමත් සමඟම යාපනයේ ඇය ඉගෙනුම ලබන පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා තවත් පාසල් කීපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සිද්ධියට විරෝධය පළ කරමින් විරෝධතා කීපයක්‌ම පවත්වා ඇත.

 යාපනය පොලිසිය හා වඩුක්‌කෝඩේ පොලිසිය මේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යන අතර මියගිය දැරියගේ අවසන් කටයුතු 26 වැනිදා සවස යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේදී සිදු කරන ලදී.

පන්සලේ පොකුණට වැටී තුන් හැවිරිදි දරුවා මරුට


හබරාදූව කොක්‌වත්ත නීග්‍රෝධාරාම විහාරස්‌ථානයේ සුරතල් මසුන් ඇති කරන පොකුණකට වැටී කුඩා දරුවකු පෙරේදා (26) සවස මියගොස්‌ ඇතැයි හබරාදූව පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ වංචාවල අත්තරගොඩ පදිංචිව සිටි  සෙනුජ නමැති අවුරුදු තුනහමාරක්‌ වයස පෙර පාසල් සිසුවෙකි.

 මියගිය දරුවා විහාරාධිපති හිමියන්ගේ බාල සොහොයුරාගේ පුතා වන අතර පෙරේදා සවස මිත්තණිය සමග විහාරස්‌ථානයට පැමිණ ඇත.එසේ පැමිණ එහි සිටි අනෙක්‌ ළමයින් සමග සෙල්ලම් කරමින් සිට ඇත. ටික වේලාවකින් ඔහු පෙනෙන්නට නොසිටි නිසා සොයා බලනවිට මාළු ඇතිකරන පොකුණේ පාවෙමින් තිබියදී ගොඩට ගෙන රෝහලට ගෙන ගොස්‌ තිබේ. එහෙත් එසේ ගෙනයන විටත් මියගොස්‌ සිටි බව පොලිසිය පවසයි.

 මෙම පොකුණ සිලිණ්‌ඩර දමා සකසා තිබූ අතර එය අඩි තුනහමාරක්‌ පමණ ගැඹුරු එකක්‌ බවද පොලිසිය පවසයි. මේ පිළිබඳ මරණ පරීක්‌ෂණය ඊයේ (27 වැනිදා) කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. හබරාදූව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලබයි.

පොසොන් සමයේ කලිමුල්ලේ නිවෙසක වැඩි මිලට විකුණන්න කසිප්පු පෙරලා


පොසොන් උත්සවය දිනවල වැඩි මිලකට අලෙවි කිරීමේ අරමුණින් කලිමුල්ල ප්‍රදේශයේ නිවෙසක පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා කසිප්පු බෝතල් 100ක් සමඟ නිවෙසේ හිමිකරු මාරවිර මූලස්ථාන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු තොරතුරු අනුව පෙරේදා (26දා) නිවෙස වටලා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කලිමුල්ල ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි අයකි. සැකකරු නිවෙස අසල මැටි වළං සෑදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් නිවෙසේ කොටසක කසිප්පු පෙරා ඇති බව අනාවරණය වී තිබේ.  පෝය දිනයේ වැඩි මුදලට අලෙවි කිරීමේ  අදහසින් පෙරන ලද කසිප්පු බෝතල්  100ක් නිවෙසේ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

පන්සලේ පොකුණට වැටී අවුරුදු 3නේ පෙර පාසල් සිසුවා මරුට



හබරාදුව කෝක්වත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේ සුරතල් මසුන් ඇති කරන පොකුණට වැටී කුඩා දරුවකු පෙරේදා (26) සවස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇන්නේ වංචාවල අන්තරගොඩ පදිංචිව සිටි කලහේ ලොකුගේ සෙනුජ් නමැති අවුරුදු තුනහමාරක් වයස පෙර පංසල් සිසුවකු බව පොලිසිය කියයි.
මියසිය දරුවා විහාරාධිපති හිමියන්ගේ මල්ලිගේ පුහා වන අතර පෙරේදා සවස ඔහු මිත්තණිය සමග විහාරස්ථානයට පැමිණ ඇත. එසේ පැමිණ එහි සිටි අනෙක් ළමයින් සමග සෙල්ලම් කරමින් සිට ඇත. ටික වේලාවකින් ඔහු පෙනෙන්නට නොසිටි නිසා සොයා බලනවිට මාළු ඇති කරන පොකුණේ පාවෙමින් තිබියදී ගොඩට ගෙන රෝහලට ගෙන ගොස් ඇතත් එසේ ගෙනයන විටත් දරුවා මියගොස් සිටි බව පොලිසිය පැවැසීය. මෙම මාළු පොකුණ සිලින්ඩර දමා සකසා තිබූ අතර එය අඩි තුනහ මාරක් පමණ ගැඹුරු එකක් බවද පොලිසිය පවසයි. මේ පිළිබඳ මරණ පරීක්‍ෂණය ඊයේ (27) කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.
හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලැබේ.


මිනිස් මල මිශ්‍ර බත් පැකට් විකුණු හෝටල් හිමිට 26,000ක් දඩ

මිනිස් මල ද්‍රව්‍ය මිශ්‍ර බත් පැකට්ටුවක් විකිණු බවට චෝදනා ලැබූ කුරුණෑගල හෝටල් හිමියකුට හෝටලය වසා දමන ලෙස නියෝග කළ කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා එයට අමතරව රුපියල් විසිහයදහසක දඩයක්ද නියම කළේය.

හෝටලයේ පවතින අඩුපාඩු නිවැරැදි කරගන්නා තෙක් හෝටලය වසා දැමීමට නියෝග කෙරුණු අතර පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ කුරුණෑගල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.අයි. උබේසේකර මහතා පැවැසුවේ මිනිස් මලපහ තුළ ඇතිවන ඊකෝලයි නමැති බැක්ටීරියාව සහ මිනිසුන්ට අහිතකර වෙනත් බැක්ටීරියා විශාල ප්‍රමාණයක්ද විත්තිකරු විකුණමින් සිටි බත් පාර්සල්වල අඩංගු වී තිබූ බවයි.

බොරැල් වෛද්‍ය පර්යේෂණායතනය වෙත එම බත් පාර්සල් යවා ඒ බව තහවුරු කරගත් බවද උබේසේකර මහතා කීවේය. ජනාකීර්ණ ස්ථානයක් වන කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ මෙම හෝටලය පිහිටා තිබීම නිසා එම හෝටලයෙන් ආහාර මිලදී ගැනීමට ජනතාව වැඩි වශයෙන් පෙළඹෙන බවත් එලෙස මිලදීගන්නා අපිරිසිදු ආහාර භාවිත කිරීමෙන් පාචනය වැනි රෝගවලට ලක්විය හැකි බවත් උබේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය. මිනිස් ආහාරයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, නිසි බලපත්‍රයකින් තොරව හෝටලය පවත්වාගෙන යම ඇතුළු චෝදනා හතරකට විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

චෝදනාවන්ට කඩ හිමියා වැරැදිකරු බවට පත්වූ අතර රුපියල් 26,000ක දඩ මුදලක් නියම කෙරිණි. එම හෝටලය සනීපාරක්ෂක ලෙස සකස් කරන තෙක් වසා දමන ලෙසටත් හෝටලය නිසි පරිදි සකස් කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටත් වැඩිදුරටත් නියෝග කළේය.  කුරුණෑගල මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සිසිරෝධා රත්නායක මහත්මියගේ උපදෙස් මත ප්‍රධාන මහජන පරීක්ෂක ඒ.ජී. උපතිස්ස මහතාගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩී.එම්. අයි. උබේසේකර මහතා වැටලීම් සිදුකළේය.

Tuesday, June 26, 2018

සමහර වෙලාවට කාර්යබාහුලත්වය නිසා පුංචි පුංචි ප්‍රශ්න එනවා

නම රූපය කටහඩ කෙනෙකුට මතක තියෙනවා කියන්නේ ඔහු හෝ ඇය ජනප්‍රියයි කියන එකයි. වත්සලා දියලගොඩ ගේ නම ඇහුවත් රූපය දැක්කත් මේ දෙකම නොකියා නොදැක කටහඩ ඇහුනු ගමන් ඒ කවුද කියලා කෙනෙකුට මතක් වෙනවා. ඒ ඇය රංගන ජීවිතය තුල හදාගත් ප්‍රතිරූපයයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.

කොහොමද ජීවිතේ? 
ජීවිතේ ඉතින් කවදත් වගේ කාර්යබහුලයි. පෞද්ගලික ජීවිතෙත්, කලා ජීවිතෙත් එක වගේම කාර්යබහුලව ගත වෙන්නේ.

මොනවද ඒ තරමටම කාර්යබහුල වෙන්න තරම් තියෙන වැඩ? 
දැන් අපේ දුවට අවුරුදු හතරයි මාස තුනයි. ඉතින් ඒ වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට පෞද්ගලික ජීවිතේ උපරිම කාර්යබහුලයි. මොකද එයා දැන් නර්සින් යනවා. ඉතින්  නිතරම එයා ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන. තවම නොතේරෙන වයස නිසා. ඒ වගේම විකාශය වන ටෙලි නාට්‍යයක රූගත කිරීම් සිදුවෙනවා. ඒත් එක්කම තවත් නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. තව ඉතින් ලැබෙන ආරාධනා අනුව කලා කටයුතුවලට සහභාගි වෙනවා.

වැඩි ඉඩක් දීලා තියෙන්නේ පෞද්ගලික ජීවිතේන්ටදුම කලා ජීවිතේටද?
අනිවාර්යයෙන්ම පෞද්ගලික ජීවිතේට. මොකද මට මගේ ජීවිතේ මේ ගෙවෙන හැම අවස්ථාවකම ගොඩක් වටිනවා. ඒ දේවල් මගහැරගෙන කලාවට විතරක් වැඩි ඉඩක් දෙන්න මට පුළුවන්කමක් නැහැ.

රියැලිටි ෂෝවලට ආරාධනා ලැබුණේ නැද්ද? 
ආරාධනා ලැබෙනවා. නමුත් ඒක ලොකු වගකීමක් වගේම සෑහෙන මහන්සියෙන් කරන්න ඕන දෙයක්. රැයක් දවාලක් නැතුව මහන්සි වෙන්න වෙනවා. ඉතින් එහෙම බලනකොට රියැලිටි ෂෝවලට සහභාගි වෙන එක මට ටිකක් අමාරු කාර්යයක්.

දෝණිගේ තනියට තවත් කෙනෙක්ව පවුලට එකතු කරගන්න දැන්ම අදහසක් නැද්ද? 
තවම ඒ ගැන නම් අදහසක් නෑ.

දු කියන්නේ නැද්ද එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕන කියලා? 
එයා නම් ඉතින් කියනවා. පාළුයි මට නංගි කෙනෙක් ඕන,මල්ලි කෙනෙක් ඕන කියලා.

රූපය ගැන නම් විශේෂයෙන්ම හිතනවා වගේ?
 ඔව්. කවුරුත් ඉතින් කැමතියිනේ ලස්සනට ඉන්න. මමත් මට පුළුවන් උපරිම විදිහට මහන්සි වෙනවා රූපය රැකගන්න. විශේෂයෙන්ම බර අඩුකර ගන්න තමයි මහන්සි වෙන්නේ. කෑම පාලනය කරනවා, ව්‍යායාම කරනවා. පුළුවන් තරම් පරිස්සමින් මේ රූපය රැකගන්න උපරිම උත්සාහ කරනවා.

සිනමාව ඔබට මගහැරුණේ ඇයි? 
සිනමාවට ආරාධනා නොලැබෙන්න හේතුව නම් මම දන්නේ නැහැ. මීට අවුරුදු තුනකට හතරකට කලින් ආරාධනාවක් ලැබුණා. නමුත් බබා නිසා ඒ අවස්ථාව මගහැරුණා. බලමු ඉතින් තවම කාලය තියෙනවා. ඉදිරියේදි අවස්ථාව ලැබෙයි.

අක්කටයි, නංගිටයි එකට රඟපාන්න අවස්ථාවක් ලැබිලා නැද්ද?
 තවම එහෙම ආරාධනාවක් අපිට ලැබිලා නැහැ. හැබැයි කවුරු හරි එහෙම අවස්ථාවක් ලබාදෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම ආරාධනාවක් ලැබුණොත් ගොඩක් ආසාවෙන් ඉන්නේ නංගිත් එක්ක එකට රඟපාන්න.

දූටත් අම්මා වගේ වෙන්න ඕන කීවොත් දවසකම ?
මම හිතන්නේ හැම දේකටම කලින් තමන් තෘප්තිමත් වෙන්න අවශ්‍යයි. දවසක දූත් එයා ගැන හොඳටම තෘප්තිමත් වෙන තැනට ඇවිත් එයාට ගැළපෙනවා කියන හිතන වෘත්තිය තෝරා ගනීවි. එතකොට අනිත් අයව සතුටු කරනවා වගේම එයාටත් එයාගේ වෘත්තිය විඳින්න පුළුවන් වේවි. ඒ නිසා කිසිම බලපෑමක් නොකර එයාට ශක්තියක් වෙන එකයි මම කරන්නේ.

ව්‍යාපාර ක්ෂේත්‍රයට එහෙම යොමුවෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
ව්‍යාපාරයක් කරගෙන යන්න ආසයි. හැබැයි ඒ අද හෙටම නොවෙයි. නමුත් කවදාහරි දවසක මගෙයි නංගිගෙයි එකතුවෙන් ව්‍යාපාරයක් ආරම්භ වේවි.

හැමදාම වත්සලා කියන රංගන ශිල්පිනියව දකින්න ලැබෙයි නේද?
ඔබේ රසිකයන්ටම ඔව්. මම රංගනයෙන් නම් ඈත් වන්නේ නැහැ. මොකද මම කලාවට ගොඩක් ආදරෙයි. සමහර අවස්ථා එනවා කාව්යබහුලත්වය වැඩි වුණාම පුංචි පුංචි ප්‍රශ්න එන. ඒත් කලාව නම් මට මගහැරන එකක් නැහැ.

අනාගත සැලසුම් මොනවාද? 
ආරාධනා ලැබෙන විදියට කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. පෞද්ගලික ජීවිතත් මේ වගේම සතුටින් ගත කරන්නයි හැමදාම බලාපොරොත්තු වෙන්නේ. ලොකු ලොකු හීන නම් නෑ. මම හිතනවා මට හැමදේම ලැබිලා තියෙනවා කියලා. ඉතින් ජීවිත්තේ ගැන මම තෘප්තිමත් වගේම සෑහීමකට පත්වෙනවා.

ඔය කියන විදියේ photos නම් මම දැම්මේ නැහැ- ඒක බොරු කතාවක්

ශානිකා මධුමාලි කියන්නේ දක්ෂ ගායිකාවක්. නිරන්තරයෙන්ම දකින්න නොලැබුණත් ඇතැම් අවස්ථාවල ඇය ප්‍රසංග වේදිකා එක්ක එකතු වෙනවා. නිහඬව ඉන්න හේතුව මොකක්ද කියලා වගේම ඇයගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතක් එක්ක ශානිකා කතා කර තිබුණා.

මොකද මේ දවස්වල වැඩි සද්දයක් නැත්තේ?

  • සද්දයක් නෑ වගේද දැනෙන්නේ. ඒත් මම නම් කාර්යබහුලයි. ප්‍රසංග වේදිකාව තුළ වැඩ ගොඩක් ලැබෙනවා.


අලුත් නිර්මාණයක් එහෙමත් ළඟදී කළේ නෑ නේද?

  • දෙස් විදෙස් ප්‍රසංග නිතරම ලැබෙනවා. මේ වසරේ වගේම ගිය වසරේත් විදෙස් ප්‍රසංග සඳහා තමයි වැඩි කාලයක් වෙන් වුණේ. ඒ හින්දා මට නිර්මාණයක් ගැන හිතන්න කාලයක් තිබුණේ නැහැ. ඒත් මම වෙනත් අයගේ නිර්මාණවලට නම් සම්බන්ධ වුණා.


වෙනත් අයගේ නිර්මාණ කිව්වේ?

  • වෙනත් ගායකයනගේ ගීත සඳහා යුග ගායනයෙන් එකතු වුණා.


මොනවාද සාමාන්‍ය ජීවිතේ තොරතුරු?

  • සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.


ශානිකා ඔහොම කිව්වට අපිට නම් ශානිකා ගැන ලොකු ආරංචියක් ලැබුණා. අපොයි ඒ මොකක්ද
ශානිකා ළගදී විවාහ වෙන්න යනවලු?

  • අයියෝ ඒ ගැන තවම හිතලාවත් නැහැ. ඒක සම්පුර්ණයෙන්ම බොරු ආරංචියක්.


අපිට ඔහොම කිව්වට ශානිකා තමන්ගේ පෙම්වතා එක්ක ගත්තු ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවලු. මේ මගේ පෙම්වතා. ළගදි අපි විවාහ වෙනවා කියලා ශානිකා ඒ පිතුර එක්ක සටහනකුත් තබලා තියනවාලු?  

  • ඔය කියන විදියේ සටහනක් එක්ක ඔය කියන විදියේ photos මම නම් දැම්මේ නැහැ. ඒත් මගේ නමින් හදපු බොරු facebook ගිණුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. facebook වලින් කරන ඔය වගේ දේවල් සමහර වෙලාවට මම දැනගනෙත් කවුරුහරි කිව්වම තමයි.


ඒත් පෙම්වතෙක් ඉන්නවානේ? 

  • ඔව්. ඒක ඇත්ත. දැන්ම එයා ගැන වැඩි විස්තර කියන්න බැහැ.


පෑලියගොඩ මාළු කඩේ අමුතු කොල්ලයක්



පෑලියගොඩ මාළු වෙළඳපොළ මේ වනවිට. හොරුන්ගේ හා කොල්ලකරුවන්ගේ තිප්පොළක් බවට පත්වෙමින් ඇතැයි එහි පැමිණෙන වෙළෙන්දෝ පවසති.
දිනපතා අලුයම සිට මාළු මිලදී ගැනීම සඳහා දහස් ගණන් පැමිණෙන මෙම ස්ථානයේ කිසිදු ආරක්ෂාවක් නැතැයි ඔවුහු පවසති.
අලුයම් කාලයේ මෙහි ගැවසෙන සංවිධානාත්මක සොර කල්ලියක් විසින් වාහනවල අගුළු කඩා මාළු සොරකම් කරන බවට පෑලියගොඩ පොලිසිය වෙත දිනපතාම පාහේ පැමිණිලි ලැබෙන බවට ද තොරතුරු වාර්තා වේ. ඇතැම් වෙළෙඳුන් මාළු වළෙඳපොළට ගොස් මාළු රැගෙන වාහනයේ දමා නැවත වෙළඳපොළට යන අතරවාරයේ මම සොරකම් සිදුවන බව ද සඳහන් වේ.
මෙහි පොලිස් මුරපොළ හා පෞද්ගලික ආරක්ෂකයන් ඇතත් එහි කිසිදු ආරක්ෂාවක් නොමැතිවීම පිළිබඳව විමතිය පළකරති.
මේ පිළිබඳව පැලියගොඩ පොලිසියේ නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී කියා සිටිය පෑලියගොඩ මාළු වෙළේඳ පොළේ පොලිස් මුරපොළට ලබා දී ඇති දුරකතන දෙක දැනට වසරක කාලයක සිට විසන්ධි කර ඇති බවයි. එහි කිසිදු පැමිණිල්ලක් භාර නොගන්නා බවද ඔහු කීය.
මේ පිළිබඳව විමසීමට පැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

68 බිරිය සිටියදී 69 සැමියා හොරෙන් තවත් කසාදයක් බැඳලා



විවාහක බිරිය සිටියදී තවත් විවාහයක් කර ගැනීමේ චෝදනාවකට වරද පිළිගත් 69 හැවිරිදි සැමියකුට දඩුවම් නියම කිරීම කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් ජුලි මස 17 වැනිදාට කල්තබනු ලැබීය.
කළුතර කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකය මගින් මෙම නඩුව පවරා තිබුණේ විත්තිකරුගේ 68 හැවරදි බිරිය කර තිබූ පැමිණිල්ලක් අනුවය.
තමා 1973 මැයි මස 07 වැනිදා සැමියා සමග ජිවාහවූ බවත් ඔහුගේ පාර්ශවයෙන් කළුතර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු සාක්කියට අත්සන් කළ බවත් තමාගේ පාර්ශවයෙන් අත්සන් කළ අය මිය ගොස් ඇති බවත් ප්‍රකාශ කර ඇති පැමිණිලිකාරිය මොහු 2017 ජූනි මස 03 වන දින වයස අවුරුදු 48 ක්වූ කාන්තාවක සමග නැවත විවාහවී ඇති බව ප්‍රකාශ කර ඇත.
තමා විවාහ කරගත් කාලයේ සිටම සැමියා වෙනත් කාන්තාවක් ඇසුරු කිරීමට ලොල්වී සිටි අයකු බවද ඔහු විශාල බූදලයක හිමිකරුවකු බවද ඇය තවදුරටත් සඳහන් කර තිබේ. තමාට වයස අවුරුදු 47 ක් සහ 37 ක් වන පුතුන් දෙදෙනකු සිටින බවත් සැමියාගේ ක්‍රියාකලාපයෙන් ඔවුගේ නමට කැළලක් වන බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇත.
කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස් මත කළුම්කර කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. විජේකෝන්, පොලිස් සැරයන් (18236) ලංකාතිලක හා කාන්තා පොලිස් සැරයන් (1358) නාලිකා යන මහත්ම මහත්මීන් විසින් මෙම පැමිණිල්ල පිළිබඳව විමර්ශන සිදුකොට පෑමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

අසල්වාසීයකු ලිංගික අතවර කළැයි බොරු පැමිණීල්ලක් කළ කත හිරේ


අසල්වාසියකු විසින් බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියමින් විවාහක කාන්තාවක් විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ඔප්පු වීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත් කාන්තාවකට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා තරයේ අවවාද කරමින් සතියක සිර දඬුවමක් නියම කළේය.

බොරු පැමිණිලි ඉදිරිපත් කිරිමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් අනුරාධපුර පදිංචි 44 හැවිරිදි දෙදරු මවකට මෙසේ සිර දඬුවම් නියම කෙරුණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ සැකකාරිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මෙනෙවියට ඉදිරිපත් කළ ලිංගික අතවර පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී එය බොරු පැමිණිල්ලක් බව අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.

සැකකාරිය විසින් පොලිස් ස්ථානයට පැමිණ අසල්වාසියකු විසින් තමන්ගේ අතින් අල්ලා තුරුළු කරගත් බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලද චෝදනාවට ලක්වූ අසල්වාසී පුද්ගලයා  සිද්ධිය වූ දිනයේ නිවසේ සිට නොමැති බවත් ඔහු වාරියපොළ ප්‍රදේශයේ නිවසක රැකියාව සඳහා පැමිණ සිට ඇති බවත් අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය අධිකරණයට පැවැසුවේය. සැකකාරිය විසින් ඇගේ අනියම් සැමියාගේ කීම මත අසල්වැසියාට විරුද්ධව බොරු පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

තමා බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර අසල්වැසියා අපහසුතාවට පත්කිරීමට උත්සාහ කළ බව අධිකරණය හමුවේ පිළිගත් අතර ඇයට තරයේ අවවාද කරමින් විනිසුරුවරයා සතියක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.