Wednesday, October 31, 2018

බීමතින් රිය පදවා අනතුරු සිදු කල රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග.








බීමතින් රිය ධාවනය කොට විශ්වවිද්‍යාල  සිසුන් දෙදෙනකු අනතුරට පත්කිරීමේ  චෝදනා ලැබ සිටින ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමිත් රඹුක්වැල්ල මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (30දා) නියම කළේය.  රමිත් රඹුක්වැල්ල මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

2018 මාර්තු මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාරාහෙන්පිට ලේක් ඩයිව්හිදී බීමත්ව, අධික වේගයෙන්, අපරික්ෂාකාර් අන්දමින්, රිය ධාවනය කොට යතුරුපැදියක් අනතුරට ලක් කොට එහි ගමන්ගත් දෙදෙනෙකු අනතුරට පත් කොට බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කාට ඇත. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල
කැඳවනු ලැබූ අචස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර නීතිඥ නෙරන්ජන් ඊරියගොල්ල මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රෝගී වී ඇතැයි දැනුම් දුන්නේය.

නමුත් සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කොට නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙලස සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළේය.

ජුහී චවුලාර් තවමත් සිංහල සිනමාපටයක් නරඹා නෑලු-සිංහල චිත්‍රපටයකට දායක වීමට අපි කැමතියි-බොලිවුඩ් තරු කියයි









''හිරු ගෝර්ඩන් ෆිල්ම් ඇවෝඩ්ස්'' චිත්‍රපට සම්මාන උළෙලේ තුන්වැනි අදියරේ මාධ්‍ය සාකච්ඡාව පසුගිය සෙනසුරාදා උදෑසන කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීණි.

ගෝවින්දා, සයිෆ් අලි ඛාන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, සරින් ඛාන්, ශිල්පා ෂෙට්ටි යන බොලිවුඩි තරු සහභාගි වූ මෙම සාකච්ඡාවේදී හිරු ගෝන්නේ සම්මාන උළෙල පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංක්ය සිනමාව සහ සිනමා කර්මාන්තය පිළිබඳවද අදහස් මතුවිණි.

මෙහිදී බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සිය ශ්‍රි ලංකා චාරිකාව පිළිබඳව පැවසුවේ තමන්ට මෙය ඉතා ආදරණීය මොහොතක් බවත්, කොළඹ යනු ඉතා අලංකාර නගරයක් බවත්ය. එසේම ෂාරුක් ඛාන් සමගින් එක්ව නැවතත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අදහසක් නැතිදැයි ඇසු විට ඔහු ඊට පිළිතුරු දුන්නේ සිනාසමිනි.  එහිදී ඔහුගේත් පිළිතුර වූයේ ප්‍රශ්නය ඇසු ඔබ එවැනි උවමනාවක් ඇත්නම් සහ ඔබ එහි කොටස්කරුවකු වන්නේ නම් තමන් ඇතුළු පිරිස් ඊට සූදානම් බවයි.

තවමත් තමන් කිසිදු ශ්‍රී ලාංකේය සිනමාපටයක් නරඹා නැති බැව් පැවසූ සුපිරි බොලිවුඩ් නිලි ජුහි චව්ලාර් පැවසුවේ තමන්ද මෙම සිනමා උළෙලේ කොටස්කරුවකු වීම පිළිබඳව ඉමහත් සතුටට පත්වන බවයි. එසේම ඇය එතරම් රූපණයේ නොයෙදීම පිළිබඳව සිනාමුසු පිළිතුරක් ලබාදෙමින් සිය දරු දැරියන් සිනමාවට යොමු කිරීම පිළිබද ඇසු පැනයටද නිශ්චිත පිළිතුරක් ලබා නොදුන්නේය.

ඇගේ දරුවන්ට  ඔවුන්ගේ මාවත තෝරා ගැනීමට පහසුකම් සලසා දී ඇති බව ඇය එහිදී පැවසුවාය.

මෙහිදී බොලිවුඩ් නිළියක වන ශිල්පි ෂෙට්ටිද ශ්‍රී ලංකාව යනු තමන් ආදරය කරන රටක් බවත්, ශ්‍රී ලාංකාවේ ආහාර බැංගලෝරයේ ආහාරවලට සමාන බවත් පැවසුවේය.  එසේම ඇය සිනමාපටවලට සහභාගි වීම ඉතා අඩු වීමත්,මෑත කාලයේදී සිනමා කෘතියකින් නොදැකීමත් පිළිබඳව හඩ අවදි කළේ සිනමා කෘතියක් සඳහා සෑහෙන කාලයක් වෙන් කළ යුතු බවට පවසමිනි.




 සිය ප්‍රථම ඉදිරිපත් කිරීම සිදුකිරීමට පැමිණි බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රාද මෙහිදී සිය සිනමා අත්දැකීම පිළිබඳ සතුටින් අදහස් ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාව යනු අරුම පුදුම රටක් බව පැවසුවේ එහි ආදරණීය
මිනිසුන් මෙන්ම ආහාර පිළිබඳව අගය කරමිනි.

 නැගී එන බොලිවුඩ් නිළි සරීන් ඛාන් මෙහිදී  තමන් සිනමාවට තවමත් අලුත් බවත්, තමාට  සිනමාව පිළිබඳව පවුල් පසුබිමක් නොමැති බැවින් චකිතයෙන් පසුවන බවත් පැවසුවේ ඇය තවමත් මෙම ක්ෂේත්‍රය අධ්‍යයනය කරමින් සිටින්නියක් බැවිනි.

ශ්‍රී ලාංකේය සිනමා කෘතියකට සම්බන්ධ  වීමට කැමතිදැයි ඇසූ ප්‍රශ්නයේද බොලිවුඩ් තරු සියල්ලෝම පැවසුවේ තමන්ට එවැනි අවස්ථාවක් ලැබුණහොත් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ තිර පිටපතට බවත්, භාෂාව ඉගෙනීම එතරම් අර්බුදයක් නොවනු අති බවය. සංස්කෘතික හුවමාරුවක් හරහා  අදහස් සහ තාක්ෂණය බෙදාගත යුතු යැයි ඔවුන්
මෙහිදී පැවසු අතර, වඩාත් වැදගත් වන්නේ හොඳ සිනමා කෘතියකට දායක වීම බවද ඔවුහු පැවසූහ.

මහින්දට ටී.එන්.ඒ සහය නෑ-ආර් සම්බන්ධන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජප්පක්ෂ මහතාට සහාය පළ කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා  පැවසීය.  ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් විපක්ෂනායකවරයා සදහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු ආරාධනයකට අනුව හිටපු ජනාධිපති නිල නිවසට ඊයේ (30දා) පෙරවරුවේ ගොස් ඔහු හමු වූ බවත්, එහිදී ආණ්ඩුවට සහාය දීම සම්බන්ධව කිසිදු එකඟතාවක් ඇති
නොවූ බවත් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.

හිටපු ඇමතිවරැන්ට මන්ත්‍රීවරුන්ට දෙන ආරක්ෂාව පමණයි

(සුජිත් හේවාජූලිගේ)
එක්සත් ජාතික පක්ෂ හිටපු සියලුම ඇමැතිවරුන්ගේ ආරක්ෂාවද ඊයේ (30) සිට අඩුකර ඇත.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝගයකින් ඒ අනුව මෙම පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ අනුව ඒ හිටපු ඇමැතිවරුන්ට මින් ඉදිරියට හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන ආරක්ෂකයන් දෙදෙනකු  පමණකැයි පොලිස් මූලස්ථානය පවසයි.
එම හිටපු ඇමැතිවරුන්ට මීට පෙර ඇමැති ආරක්ෂකයන් හත් දෙනෙකුගේ රැකවරණ ලැබී තිබිණි.
මෙම පොලිස්පති පූජිත ජයයන්දර මහතා ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියාට නියෝගයක් නිකුත් කරමින් මේ උපදෙස් දී ඇතැයි පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් පැවැසීය. මීට අමතරව හිටපු ඇමැතිවරුන්ට දී තිබූ වාහන හා අනෙකුත් පහසුකම් ද ආපසු ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

අහිංසකයින්ගේ උදාගම්මාන වනසන සහචරයින්








නිවාස හා ඉදිකිරීම් පිළිබඳ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද උදාගම්මාන රැසක තිබූ නාමපුවරු කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි  ප්‍රදේශවාසීහු පවසති.

මිට අමතරව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමින් ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරු කිහිපයක්ද ගිනි තබා විනාශ කර ඇති අතර, නව අගමැතිවරයා පත්වීමත් සමග එම පාක්ෂිකයන්  විසින් මෙම පුවරු කඩා දමන්නට ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති.

ආණ්ඩු මාරු වීම සමග සිදුවන මෙවැනි ක්‍රියා පිළිබඳ ජනතාව දැඩි අප්‍රසාදය පළකරති.

අගමැති ධුරයේ නිත්‍යනුකූල බලය කාටදැයි නීතිපති කිසිදු දැනුම්දීමක් කර නෑ

(සුජිත් හේවාජුලිගේ)
අගමැතිධුරය නීත්‍යනුකූලව කටයුතු කිරිම බලය හිමිවන්නේ කාටදැයි සඳහන් කරමින් නීතිපතිවරයා කිසිදු ආකාරයක කරුණු පැහැදිලි කිරිමක් කතානායකවරයාට එවා නැතැයි කතානායක මාධ්‍ය අංශය පවසයි.
මේ සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වෙයි. අග්‍රාමාත්‍යධුරයේ නීත්‍යනුකූලව කටයුතු කිරිමේ බලය හිමිවන්නේ කාහට ද යන්න පිළිබඳව කථානායකතුමන් අමතා නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමු කර ඇති බවත් එම පැහැදිලි කිරීම කථානායකතුමන් විසින් අනාවරණය නොකරන බවටත් 2018.10.29 වන දින ඇතැම් පාර්ශ්ව විසින් කර ඇති ප්‍රකාශ කෙරෙහි අපගේ අවධානය යොමුව ඇත. එම ප්‍රකාශ සහ ඒ අයුරින් පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවත්, එවැනි කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් මේ වනතෙක් කථානායකතුමන් වෙත ලැබී නොමැති බවත් වගකීමෙන් යුතුව සඳහන් කරමු.

ඇවන්ට් ගාඩ් නඩුව ලබන වසරට කල්යයි








පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට රුපියල් බිලියන 11.4 ක් අලාබහානි කළැයි කියන ඇවන්ගාඩ් සිද්ධියට අදාල නඩුව ලබන වසරේ පෙබරවාරි මස 26 දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (30) නියෝග කළේය.

මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනකු ඊයේ (30දා) අධිකරණයේ පෙනී සිටියහ.

අභියාචනාධිකරණයේ පවතින නඩු තීන්දුව ලැබෙන තුරු මෙම නඩුව කල් තැබුණි. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට කියා සිටියේ මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් එය දෙසැම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන බවත්ය.

 මේ හේතුවෙන් නඩු විභාගය සඳහා වු දිනයක් ලබා දෙන මෙන් අල්ලස් කොමිසමේ නීතිඥවර්ග අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව නඩුව නැවත පෙබරවාරී මස 26 වනදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

මේ හේතුවෙන් නඩු විභාගය සඳහා වූ දිනයක්  ලබා දෙන මෙන් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

 ඒ අනුව නඩුව නැවත පෙබරවාරී මස 26 වනදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඇවන්ගාඩ් මෙරීටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අය නම් කර තිබේ.

 ඊට අමතරව හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක්  වන සෝමතිලක දිසානායක ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන අයද නම්කර ඇත.මෙම නඩුවේ විත්තිකාරිය වන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු
අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඇය නොමැති ව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

ඩොලරය 175.56 ට නගී

(හර්ෂණ තුෂාර සිල්වා )
ඇමෙරිකා ඩොලරයේ අගය ඉතිහාසයේ ප්‍රථමවරට ඊයේ (30) රු. 175 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (30) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල රුපියල් 175.56ක් ලෙස ද ගැනුම් මිල 171.67ක් ලෙසද දැක්විණි. ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල් සියයට 11.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සඳහන් කරයි.

මත්තේගොඩ රාජ්‍ය බැංකුවකින් රු.කෝටි 5කට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ තිදෙනා කොටු












මත්තේගොඩ පිහිටි රාජ්‍ය බැංකුවකට ආයුධ සන්නද්ධව ඇතුළු වී මුදලින් රුපියල් අනූතුන්ලක්ෂ පනස් එක් දාහක් සහ රුපියල් ලක්ෂ පන්සියයක් වටිනා රන් හාණ්ඩ කොල්ල කෑම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (30දා) අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.

 ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ  ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ කාර්යාලයේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදීය.  මෙහිදී කොල්ල කෑ අසූපන් ලක්ෂයක  මුදලක් සහ ලක්ෂ හාරසියයක් වටිනා රන් භාණ්ඩ කිලෝ හයකට අධික තොගයක් සොයාගත් බවද ඒ මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක, ඉහළබෝපේ, පාතකඩ,  යන ප්‍රදේශවල පදිංචි වයස 34, 40, 51 යන වයස්වල පුද්ගලයන් තිදෙනෙකි.  පසුගිය 26දා ප.ව. 3.00ට පමණ මොවුන් විසින් මෙම කොල්ලය සිදුකර ඇති අතර, මෙහි ප්‍රධාන සැකකරු

පාදුක්ක පදිංචි 34 හැවිරිදි ටයර් අලෙවිසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බව පොලීසිය පවසයි. හබරකඩ ප්‍රදේශයේ පුද්ගලයකු තම වාහනයට අවශ්‍ය ටයර් ලබාගෙන ණය ගෙවීමට අපහසුවීමෙන් ඔහුගේ ජාතික හැඳුනුම්පත මෙහි තබා ගොස් ඇති අතර, වෙළෙඳසැල් හිමිකරු එම හැඳුනුම්පතේ ඡායා පිටපතක් ලබාගෙන ව්‍යාජ ලෙස සකසා දුරකථන සිම්පතක් ලබාගෙන මෙම සොරකම් සැලසුම් කිරීමට යොදාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම මහා බැංකු මංකොල්ලය පිළිබඳව සැලවීමත් සමග ඒ පිළිබඳව විමර්ශනය කර කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතා වෙත පාදුක්ක පදිංචි 34 හැවිරිදි ටයර් අලෙවිසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බව පොලීසිය පවසයි.

හබරකඩ ප්‍රදේශයේ පුද්ගලයකු තම වාහනයට අවශ්‍ය ටයර් ලබාගෙන ණය ගෙවීමට අපහසුවීමත් ඔහුගේ ජාතික හැඳුනුම්පත මෙහි තබා ගොස් ඇති අතර, වෙළෙඳසැල් හිමිකරු එම හැඳුනුම්පතේ ඡායා පිටපතක් ලබාගෙන ව්‍යාජ ලෙස සකසා දුරකථන සිම්පතක් ලබාගෙන මෙම සොරකම් සැලසුම් කිරීමට යොදාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙන්ම මහා බැංකු කාලය පිළිබඳව සැලවීමත් සමග ඒ පිළිබඳව විමර්ශනය කර කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතා වෙත ඇතැයි පොලිසීය සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිර්ම්වලදී හෙළිව තිබේ.

පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශනයක් කරමිත් පවසා සිටියේ කිසිවකු ජාතික හැඳුනුම්පත අන් අයට භාර නොදෙන ලෙසත්, ඡායා පිටපත් ගන්නා ස්ථානවලදී අමතර පිටපත් ඉතිරි කර නොයන ලෙසටත්ය.

තවද මූල්‍ය ආයතනවල ආරක්ෂක නිලධාරීන් නීත්‍යානුකුලව තමාට ලබාදී ඇති ගිනිඅවියෙන් කොල්ලයක් සඳහා ආයතනයට පැමිණෙන ඕනෑම අයෙකුට වෙඩි තබන ලෙසත් මෙහිදී පොලිස් අධිකාරයා ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයත් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි සමත් ජයසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණයත් මොරටුව සහකාර පොලිස් අධිකාරී චමින්ද ගුණවර්ධන,මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණී තිලකසිරි, උපපොලිස් පරික්ෂක බණ්ඩාර සම්පත් ඇතුළු නිලධාරීන් විසින් පරික්ෂණ සිදුකරගෙන යනු ලබයි.



මෙරට පවතින වර්තමාන තත්ත්වය ගැන එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ගෙන් කණ්ඩායමට අවවාදයක්


වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලනමය අර්බුදය හේතුවෙන් නිර්මාණය වී ඇති කලබලකාරී වටපිටාව නිසා පැවැත්වෙන දේශපාලන ක්‍රියාකාරකම් සහ මහජනයා රැස්වන පෙළපාළි හැකිතාක් මඟහැරීමට පියවර ගන්නා ලෙස මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරට ක්‍රිකට් බලධාරීන් දන්වා ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා ඇති එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සන්නිවේදන අංශයේ ප්‍රධානි ඩැනී රියුබන් එහිදී තවදුරටත් අදහස් දක්වමින් වඩාත් සුපරීක්ෂාකාරි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සියලුම දේශපාලන රැස්වීම් සහ මජනයා එක්රැස්වන පෙළපාළි ආදිය මගහැරීමට අවශ්‍ය සියලුදේම අප සිදුකරනවා.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය ගැන හොඳ අවබෝධෙයක් අපට තිබෙනවා. කෙසේ වෙතත් අපි නොවැම්බර් 6 වැනිදා ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා අපගේ අවධානය යොමු කරමින් පුහුණුවීම්වල නිරතවනවා යනුවෙන් පවසා ඇත. කෙසේ වෙතත් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විවිධ ගැටලු පැවැතිය ද මින් පෙර සැලසුම් කළ ආකාරයටම දෙදින පුහුණු තරගද පැවැත්වෙන බවත් ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්මට සෘජු බලපෑමක් එල්ල කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඩැනී රියුබන් පවසා ඇත.

තවද එංගලන්තයේ ගාඩියන් පුවත්පත වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට්  පාලක මණ්ඩලය පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය මින් පර සැලසුම් කළ ආකාරයටම පැවැත්වීමට කටයුතු කරන බවයි. තවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සමඟ නිරතුරුව සම්බන්ධ වෙමින් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගන්නා බවත් දේශපාලන ක්‍රියාකාරකම්වලින් සහ මහජනයා එක්රැස්වන ස්ථානවලින් එංගලන්ත ක්‍රීඩකයන්ව අත්කර තබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර අවසන් බවත්  වැඩි දුරටත් ඔවුන් ප්‍රකාශ කර ඇත.




සම්පන්දන් අගමැති හමුවෙයි



(එෆ්. අස්ලම්, නාලක අංජීව දහනායක සහ හර්ෂණ තුෂාර සිල්වා)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අතර හමුවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැතිවරයාගේ නිවසේදී ඊයේ උදේ සිදුවිණි.
අගමැතිවරයාගේ ඉල්ලීම උඩ විපක්ෂ නායකවරයා අගමැතිවරයා හමුවූ බවත් එහිදී විපක්ෂ නායක ධුරය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවත් දෙමළ ජාතික සන්ධානය කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාරිය ජී.එල්. පීරිස් මහතාද මෙම සාකච්ඡාවට සහභාගි ඇත.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටුකරන බවට පොරොන්දුවක් දෙන්නේ නම් ඒ පිළිබඳව් පක්ෂය සමඟ සාකච්ඡා කොට සහාය දීම පිළිබඳව සලකා බලන බව මෙහිදී සම්පන්දන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇතැයි දැන ගන්නට තිබේ. රටේ ජාතික ගැටලුව විසඳීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරයද දන්වන ලෙස සම්පන්දන් මහතා ඉල්ලීමක් කර ඇත.
නව රජය පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් 16 දෙනාගේ සහාය ලබාදෙන ලෙය අගමැතිවරයා සම්පන්දන් මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් මේ සම්බන්ධයෙන් තමාට තනිව තීරණයක් ගත නොහැකි බවත් පක්ෂය රැස්වී සාකච්ඡා කර මේ පිළිබඳව තීරණයක් ගන්නා බවත් සම්පන්දන් මහතා අගමැතිවරයාට දන්වා ඇති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ගවලින් පැවසේ. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාව. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරී ඇත.


බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියට ශ්‍රි ලංකාවේ ක්‍රීඩකයන් හයදෙනෙක්


බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගවලියේ 16 වැනි අදියර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 6 දෙනකු සහභාගි වීමට නියමිත බව වාර්තා වන අතර පසුගියදා පැවැති මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා රටවල් 17ක් නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයන් 365 දෙනෙකු සහ බංග්ලාදේශ ක්‍රීඩකයන් 165 දෙනෙකු ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන 'කුල්නා ටයිටන්ස්' කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග තෝරාගෙන ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා විස්සයි-20 නායක තිසර පෙරේරා සහ අසේල ගුණරත්න 'කොමිලා වික්ටෝරියන්ස්' කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ. තවද වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සික්කුගේ ප්‍රසන්න 'රාජස්ථානි කිංස්". කණ්ඩායම සමඟින් එක් වීමට නියමිතය. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව මිලදීගෙන ඇත්තේ 'චිතගොන් වයිකිංස්" කණ්ඩායමයි. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් 34 හැදි සුපිරි දකුණු අප්‍රිකානු පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි -20 ක්‍රිකට් තරගාවලියේදී 'රාන්ග්පූර් රයිඩර්ස්'කණ්ඩායම සමගින් එක් වීමට නියමිත බවද වාර්තා වේ.

බිරිය මරා සිරස් අතට වළ දමා පැන යද්දී සැමියා අත්අඩංගුවට


සිය බිරිය වූ දෙදරු මවක අනියම් පුරුෂයකු සමඟ සබඳතාවක් පවත්වන බවට සැක කර ඇයට නිවෙස තුළදී අමානුෂික වධ හිංසා සිදුකර හිසට පොරව මිටකින් හා තවත් පොල්ලකින් පහරදී සැලසුම් සහගතව ඝාතනය කර නිවෙස පිටුපස ළිඳ අසල සිරස් අතට වළ දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරීපත් කළ ඇගේ  සැමියා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරතුංග මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  නුවර පාර, තම්මැන්නාකුලම, නෙළුකුලම අනුරාධපුර ලිපිනයේ පදිංචි වියන්නලාගේ  නීල් කුමාර (43) නැමැත්තාය. එම ලිපිනයේ පදිංචිව සිටි ඉරේසා මල්කාත්ති කුමාරිහාමි (41) නමැති දෙදරු මව සැමියා අතින් ඝාතනයට ලක්ව තිබූ අතර ඔහු බිරිය ඝාතනය කර පලා යමින් සිටියදී පසුගිය 28දා අලුයම අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදී  අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට
ගෙන තිබිණි.

ඇය සැමියා සමඟ අමනාප වී නිවෙසින් පිටව ගොස් සිටියදී සැකකරු ඇයව ඝාතනය කරන බවට කල්තියා සැලසුම් කර ළිඳ අසලින් අඩි දෙකයි දෙකක් පළල අඩි හයක් පමණ ගැඹුර වළක් හාරා බිය උපායශීලීව නිවසට කැඳවාගෙන පැමිණ ඇය සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා 27දා රාත්‍රී අටට පමණ කාමරය තුළදී පොරෝ මිටකින් හා පොල්ලකින් හිසට පහරදී ඝාතනය කර නිරුවත් සිරුර ළිඳ අසලට රැගෙන ගොස් සිරස් අතට වළ දමා තිබියදී සොයාගත් බව පොලිසිය අධිකරණයට පැවැසුවේය. සැකකරු විසින් ඇය ඝාතනයට යොදා ගත් බවට සැක කරන ලේ තැවැරුණු පොලු කැබැල්ලක් නිවෙස තුළ තිබී සොයා ගත් බවත් අධිකරණයට සැලකර සිටියේය.



-මහේෂ් විජේසුරිය-

අඹ ගෙඩි 19ක් සොරාගෙන ළඟ තබා ගත්තැයි වරද පිළිගත් කතට තරයේ අවවාද


අසල්වැසි නිවෙසක අඹ ගසකින් ගෙඩි 19ක් කඩා සොරකම් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අනුරාධපු ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ වයෝවෘද්ධ කාන්තාවක වරද පිළිගැනීම සම්බන්ධයෙන් සලකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා සැකකාරියට තරයේ අවවාද කර මුදාහැරීමට ඊයේ (30දා) නියෝග කළේය. එස් මුදා හැරුණේ අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ 65 හැවිරිදි පදිංචිකාරියකි.

ඉකුත් 2017 වසරේ ඔක්තෝම්බර් මස 11දා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අනුරාධ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට එවකට හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කර තිබිණි. සැකකාරිය අධිකරණය අපහසුතාවට පත් නොකරමින් නඩු විභාගය ගැනීමට පෙරම තමන් වරදක් කළ බව පිළිගැනීමට කටයුතු කිරීම නිසා ඇයට ලිහිල් දඩුවමක් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.  සැකකාර වයෝවෘද්ධ කාන්තාව සිය නිවස පිහිටි ගෙවත්තේ ඇති අඹ ගසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ පදිංචි උදේනි පෙරේරා මහත්මිය විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකාර කාත්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පැය 24ක කාලයක් සිර භාරයේ තබා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකාරිය වරද පිළිගැනීම නිසා ඇයට දඬුවම් අඩු කිරීම පිළිබඳව සලකා බලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306 වැනි වගන්තියට අනුව සැකකාරිට තරයේ අවවාද කරමින් මුදා හැට විනිසුරුවරයා නියෝග කළේය. එමෙන්ම පෙර වැරැදි සම්බන්ධයෙන් කැඳවූ වාර්තාවල ඇය අධිකරණය හමුවේ කිසිදු අවස්ථාවක වරදකරුවකු වී නොමැති නිසා ලිහිල් දඩුවම නියම කරන බවත් නැවත කිසිදු අවස්ථාවක මෙවැනි ක්‍රියාවක නිරත නොවන ලෙසත් විනිසුරුවරයා ඇයට තදින්ම අවවාද කළේය. පැමිණිල්ල සමඟ නැවතත් කිසිදු ගැටුමක් ඇති කර නොගන්නා ලෙසත් සාමයෙන් කටයුතු කරන ලෙසටත් විනිසුරුවරයා ඇයට වැඩිදුරටත් අවවාද කළේය. අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ අක 46 ලිපිනයේ පදිංචි පැමිණිලිකාරිට සිදුවූ අගතියට කිසියම් වන්දි මුදලක් අවශ්‍ය දැයි විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ විමසූ අතර තමන්ට කිසිදු වන්දි මුදලක් අවශ්‍ය නැති බව ඈ අධිකරණය හමුවේ කීවාය.


-මහේෂ් විජේසුරිය-


මැතිසබේ යළි රැස්වන 16දා ජනපතිගේ දෙසුම පමණයි

(ඩයනා උදයංගනී)
පාර්ලිමෙන්තුවේ නව සැසිවාරය ලබන 16 වැනිඳා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රඡයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ඊයේ (30) පැවසිය. නිල වශයෙන් පාරිලිමේන්තු වාරය ආරම්භ කරන එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය. රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
සිදුවන්නේ පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමක් පමණක් බව කී ඇමති මහින්ද සමරසිංහ මහතා පනත් හෝ වෙනත් දේ ඉදිරිපත් වන්නේවත් බහුතරය පරීක්ෂා කිරීමක්වත් එදින සිදුනොවන බව ද කීවේය. නිල වශයෙන් එදින පාර්ලිමේන්තුව ආරම්භ කළ පසු වෙනත් දිනක දී රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයට විශ්වාසභංගයක් ගෙන ආ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් පරීක්ෂකවරයකු මිය යාමේ සිද්ධියේ සැකකාර විශේෂඥ වෛද්‍යවරිය ශරීර ඇප දෙකක් මත මුදාහරියි


අපරීක්ෂාකාරීව හා නොසැලකිලිමත් ලෙස ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස්
පරික්ෂකවරයකු ගමන් ගත් මෝස්ටර් රථයක ගැටීමෙන් එම මෝටර් රථයේ සිටි පොලිස්  පරිෂකවරයකු මියගොස් ඔහුගේ  බීරිය හා දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මසකට අධික කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතව කළුබෝවිල  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර විශේෂඥ වෛද්‍යවරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වත්ත කුමාර මහතා ඊයේ (30දා) නියෝග කළේය.

අදාළ ඇපකරුවන් දෙදෙනාගේ පදිංචිය සනාථ කෙරෙන ලිපි සැකකාර  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියම කෙරිණි. තවද සැකකාර වෛදවරිය නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍යාතනය වෙත යවා රිය පැදවීම සඳහා ඇයට තිබෙන යෝග්‍යතාව පිළිබඳව දැක්වෙන  වාතාවන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම කරමින් නැවත දැනුම් දෙන තෙක් ඇයගේ රියැදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසටද නියම කෙරි එකී ඇප කොන්දේසි මත එසේ මුදා හැරුණේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙන්ම  රත්නපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්ද බව කියන නිලානි කාවින්ධ්‍ය ගුණවර්ධන (37) නමැති සැකකාර වෛද්‍යවරියකි.  සැකකාර වෛද්‍යවරියද එකී මෝටර් රථ අනතුරෙන් තුවාල ලබා ඇති බැවින් ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි බව දන්වමින් කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් අධිකරණය වෙත ලබාදී තිබූ වෛද්‍ය වාර්තා අනුව පෙර පැවැති නඩු වාර දෙකේදීම ඇය අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබිණි.

කෙසේ වුවද කළුබෝවිල රෝහලේ දින කීපයක් එසේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරිය තවදුරටත් ප්‍රතිකාර සඳහා පසුගිය දිනක කොළඹ ජාතික රෝහල වෙත ඉදිරිපත් කර ඇති  බවද අනාවරණය කෙරුණු අතර බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ එකී රෝහලේ  ගිලන් රථයක් මඟින් ඇයව ඊයේ (30) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. සැකකාර වෛද්‍යවරියගේ ගෙලෙහි ඇති වී තිබෙන බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයගේ ගෙල වටා කොලරයක්ද දමා තිබූ අයුරු  දක්නට ලැබුණු අතර ඇය විවෘත අධිකරණය  හමුවේ පෙනී සිටියේ රෝද පුටුවක ආධාරයෙනි.  ඉකුත් සැප්තැම්බර් මස 30 දින අලුයම 12.45ට පමණ පැපිලියාන වික්‍රමරත්න මාවත ප්‍රදේශයේදී සිදුව ඇති බව කියන එකී අනතුරෙන් බම්බලපිටිය  පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයෙහි නියුතුව සිටි අජන්ත ගාමිණී (51) නමැති පොලිස් පරික්ෂකවරයකු එසේ ජීවිතක්ෂයට පත්ව තිබිණි.

එකී අනතුරට අදාළ නඩුව තෙවැනි වරටත් ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ පැමිණිලි හා විත්ති පාර්ශවල නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දැක්වූහ. එහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංක සිල්වා මහතා කියා සිටියේ මෙම සිද්ධියේදී බරපතළ තුවාල ලත් කුඩා දරුවකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා තෙක් මෙකී සිද්ධියේ විමර්ශන අවසන් කිරීමට හැකියාවක් නොමැති බවය. එබැවින් එකී විමර්ශන අවසන් වන තෙක් සැකකාර වෛද්‍යවරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලීය.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ රසික වීරතුංග මහතා කරුණු දැක්වූ අතර ඔහු කියා සිටියේ මෙකී බරපතළ අනතුරන් මියගිය පොලිස් පරීක්ෂකවරයකගේ බිරිය හා දරුවන් දෙදෙනාද බරපතළ තුවාල ලබා ඇති බැවින් ඔවුන් තවමත් ප්‍රතිකාර ලබන බවය. මෙකී අනතුර සිදුවූ අවස්ථාවේ පටන් මෙකී සැකකාර වෛද්‍යවරිය ක්‍රියා කර ඇති  ආකාරය පිළිබඳව කනගාටුවක් තිබෙන බවද වෛද්‍යවරියක් හා රජයේ සේවිකාවක්ද වන ඇය පොලිසිය නොමඟ යැවීමට කටයුතු කර ඇති ආකාරය පෙනෙන්නට තිබෙන බවද ඇයගේ එකී ක්‍රියාකලාපය හේතුවෙන් පොලිසියට එකී සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවූ බවද ඒ මහතා කීය.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ඇයගෙන් කිසිදු  සහායක් ලැබී නොමැති බවද ඇය එසේ කටයුතු කිරීම තුළින් මෙම සිද්ධියේ සාක්ෂිවලට පවා බලපෑම් සිදුව ඇති බවද ඒ මහතා පැවැසීය.  රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලය පුරාම  ඇය සිටියේ රෝහල්ගතව බවද අදත් ඇය| අධිකරණය වෙත පැමිණ සිටින්නේ රෝද පුටුවකින් බවද පැවසූ ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙකී සිද්ධියෙන් අගතියට පත් පාර්ශවයට සිදුව තිබෙන හානිය පිරිමසාලිය නොහැකි එකක් බවද මෙකී ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් මාධ්‍ය හා ජනතාව අවධානයෙන් බලා සිටින බවද ඇයට ඇප ලබාදීමක් සිදුවුවහොත් සාක්ෂිවලට හානියක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

පැමිණිලිකාර හා අගතියට පත් පාර්ශ්වයේ කරුණු දැක්වීමෙන් පසු විත්ති තත්වය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, මෙකී සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමට ඇති බව පොලිසිය පැවසුවත් එකී විමර්ශන මේ වන විට අවසන්ව ඇති බවය. මෙම සැකකාර වෛද්‍යවරිය රෝහල්ගත කර ඇත්තේ ඇය වෛද්‍යවරියක් වීමනිසා නොව ඇයද මෙකී අනතුරෙන් රෝගී තත්වයට පත්ව සිටීන නිසා බවද ඒ මහතා කීය.

ඇයට ඇප ලබාදීම තුළින් මෙකී සිද්ධිය විමර්ශනවලට බාධාවක් මතුවන බව අගතියට  පත් පාර්ශ්වය පෙන්වා දුන්නද එවැනි කිසිදු බලපෑමක් සිදුව නැති බවද ඒ මහතා කීය. ඇයට දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳව තමන් විරෝධතාවක් නොදක්වන බවද එහෙත් එකී පාර්ශ්ව අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ඉල්ලීම බවද පැවැසූ ඒ මහතා සිය කරුණු දක්වමින්  වැඩිදුරටත් කියා සිටියේ මෙය චේතනාන්විත කෘරත්වයෙන් කරන ඉල්ලීමක් නිසා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇයට ඇප ලබාදෙන ලෙසය.

පැමිණිලී පාර්ශ්වය, අගතියට පත් පාර්ශවය හා විත්ති පාර්ශ්වය අධිකරණය හමුවේ දීර්ඝ  වේලාවක් තිස්සේ දැක්වූ කරුණු සම්බන්ධයෙන්  අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරයා ඇයට ඇප ලබා නොදීමට තරම් කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබූ බැවින් සැකකාරිය ඇප මත  මුදාහැරීමට නියම කළේය.


-කුමුදු උපුල් ශාන්ත-

බහුතර බලයක් අපට එච්චර අදාළ නෑ-අනිවාර්යයෙන් අපි පාර්ලිමේන්තු බහුතරය හදනවා-නව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජේදාස රාජපක්‍ෂ

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින්  යහපාලන ආණ්ඩුව නිමා කරමින් හා කලක්  තම ප‍්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ මහතාට  අග‍්‍රාමාත්‍ය ධුරය ලබා දෙමින් නව ආණ්ඩුවක්  පිහිටුවාලීමෙන් පසු නව රජය මුහුණදී ඇති ගැටලූ, අභියෝග හා එම අභියෝග ජය  ගැනීමට රජය ප්‍රයත්න දරන අයුරු මෙන්ම රට  ආර්ථික අගාධයෙන් ගොඩගැනීම සඳහා  රජයේ ඉදිරි දැක්ම පිළිබඳව මෙන්ම  එජාපයේ අනාගතය කෙසේ විය යුතු දැයි  එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ නව රජයේ  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය  විජේදාස රාජපක්ෂ මහතා සමඟ ඊයේ  (30 දා) සමග සිදුකළ විශේෂ සාකච්ඡාවකි.

ප‍්‍රශ්නය - ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් යහපාලන එකඟතාවයෙන් ඉවත්වී මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය පිරිනමමින් අලුත් ආණ්ඩුවක් බිහි කිරීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවට රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එජාපය චෝදනා කරනවා. මේ චෝදනාවේ සත්‍ය අසත්‍යතාව මොනවගේ ද?

පිළිතුර - මේ චෝදනාව සත්‍යයක් නෙවෙයි. මෙහි කිසිදු නීති විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී බවක් අමුතුවෙන් සනාථ කරන්න දෙයක් නැහැ. ව්‍යවස්ථානුකූලයි. මේකට ළඟම උදාහරණ ලෙස අපට ගන්න පුළුවන්කම තියෙන්නෙ 2015 මහ මැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තු බහුතරයකගේ විශ්වාසය ලබාගත හැකි වේ යැයි විශ්වාස කරන පුද්ගලයා අගමැතිවයා ලෙස පත් කරන්න කියලා. එතකොට අපි 2015 ජනවාරි 9 වැනිදා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ වහාම, ඔහුගේ අභිමතය වුණේ විපක්‍ෂ නායකවරයා අගමැති කළ යුතුයි කියල. ඒ වනවිට අගමැතිකම දැරූ දි. මු. ජයරත්න මහතා ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුණා ආසන 162 ක්. එජාපයට තිබුණේ ආසන 41 යි. අමතරව හයදෙනෙක් එකතු වුණා. ඔක්කොම 47 යි. ඒ 47 න් තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති ලෙස ජනාධිපතිතුමා විසින් පත් කළේ. එතකොට එදා දි. මු. ජයරත්න අගමැතිතුමා ඉල්ලා අස්වීමේ ලිපියක් දුන්නේ නැහැ. එතුමාව අස්කරල ආණ්ඩුවෙන් ලියුමක් ගැහුවා. ඒ ලියුම ගහල තියෙනවා. ජනාධිපතිතුමාගේ ෆයිල් එකේ තාම ඒ ලිපිය ඇති. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කියල ඊළඟ ලිපිය ගැහුවා. එහෙමයි එදා අගමැති පත් කළේ. ඒ ක‍්‍රමවේදයම තමයි අදත් අනුගමනය කරල තියෙන්නේ. මේ ක‍්‍රමවේදය වැරදි නම් 2015 ජනවාරි 9 දා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පත්වීමත් වැරදියි. නමුත්, අප මතක තබා ගත යුතුයි ගොඩක් අයගේ වැරදි වැටහීමක් තියෙනවා 19 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිකම පඹයෙක් කළා කියල. එහෙම දෙයක් වෙලා නැහැ. විධායක ජනාධිපති විධායක ජනාධිපතිම තමයි. යම් බලතල ප‍්‍රමාණයක් ඉවත් කරල වෙනත් ආයතනවලට පවරල තියෙනවා. ඒක තමයි නීතිමය තත්ත්වය.

ප‍්‍රශ්නය - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තියකින් එය පැහැදිලි කිරීමේ හැකියාව තියෙනවද?

පිළිතුර - වගන්තියකින් පැහැදිලි කරනවනම් 42(4)වගන්තියේ පැහැදිලිව තිබෙනවා, අග‍්‍රාමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩලය කි‍්‍රයාත්මක වන තාක් කල් අග‍්‍රාමාත්‍ය ධුර දැරිය හැක කියල. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය විට අග‍්‍රාමාත්‍ය තනතුර නිකම්ම අහෝසි වෙනවා. ඉතිං අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරියා. ඊට අමතරව අග‍්‍රාමාත්‍යවරයාට අස්වීමේ ලිපියක් යැව්වා, ඊට පස්සේ අලුත් අගමැති පත් කළා. ඒක තමයි අලූත් අගමැති පත් කළ ක‍්‍රමය. ඒ ක‍්‍රමය නීත්‍යානුකූලයි ව්‍යවස්ථානුකූලයි.

ප‍්‍රශ්නය - එජාපය චෝදනා කරනවා. සන්ධාන රජයේ එක පාර්ශ්වයක් ඉවත් වුණාට ආණ්ඩුව කඩා වැටෙන්නේවත්, අගමැතිවරයා වෙනස්වන්නේත් නැහැ කියල.

පිළිතුර - ඒක අදාළ නැහැ. ජනාධිපතිවරයා රජයේ නායකයා. ආණ්ඩුවේ නායකයා සහ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා. ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඕනෑම වේලාවක කැබිනට් මණ්ඩලය විසුරුවන්න. මොන පක්‍ෂයේ ඉන්නවාද නැද්ද එතුමාට අදාළ නැහැ. ඒ නිසා ඒ චෝදනාවෙන් ඵලක් නැහැ. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියා නම් අගමැතිත් අහෝසි වෙනවා. ජනාධිපතිවරයාට අභිමත අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් ඉන්පසු පත් කරන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ඒක.

ප‍්‍රශ්නය - තවත් චෝදනාවක් තමයි මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතිකමින් යුත් නව ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරයක් නැහැ කියන එක. එජාපය කියන්නේ ඒ බහුතරය පෙන්වන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.

පිළිතුර - බහුතර බලයක් කියන එක අපට, එහෙමත් නැත්නම් ආණ්ඩුවට එච්චර අදාළ කාරණයක් නෙමෙයි. කලින් මම කිව්ව පරිදි 2015 ජනවාරි 09 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා පිහිටවන ලද්දේත් පාර්ලිමේන්තු බහුතර බලයක් ඇති ආණ්ඩුවක් නෙමෙයිනේ. බහුතර ආණ්ඩුවක් හදන්න අපටත් පුළුවන්. අපිත් බහුතර බලය හදනවා. එජාපයෙන් තවත් පිරිස් ආණ්ඩුවට ඒවි කියල අපට විශ්වාසය තියෙනවා.

නමුත්, පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදායක් නැහැ විශ්වාසය තියෙනවා කියල ඡන්ද ගන්න. ඡන්දයක් ගන්න පුළුවන් විශ්වාසයක් නැත්නම් විතරයි. ප‍්‍රශ්නය වෙන්නෙ ආණ්ඩුවට පනත් සම්මත කරගන්න බහුතරයක් ඕන. පනතක් බහුතරයෙන් සම්මත නොවුණොත් නීත්‍යානුකූල නොවී අහෝසි වෙනවා. ආණ්ඩුවට ප‍්‍රධානම ප‍්‍රශ්නය වෙන්නෙ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සම්මත කර ගැනීමයි. අයවැය ලේඛනය සම්මත කරගන්න ක‍්‍රමවේදය ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා. ඒ ක‍්‍රමයට ගිහින් සම්මත කරගන්න බැරි වුණොත්, පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙනවා. ඒකට සන්ධානයේ අය කැමැති වේවි. මොකද ඒ අය ඉල්ලන්නෙ මැතිවරණයක්නෙ. එහෙම වුණොත් එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍ර ආසන 105 කොයි තරම් පල්ලමට බහීද දන්නේ නැහැ.

ප‍්‍රශ්නය - මෙවර අයවැය පරාජයට පත්වේවිද?

පිළිතුර - පරාජයට පත්වුණොත් ආණ්ඩුව විසිරුවා හැර මැතිවරණයකට යාවි.

ප‍්‍රශ්නය - එළැඹෙන 16 දා පාර්ලිමේන්තුව නැවත ආරම්භ වීමේදී ආණ්ඩුවට බහුතරයක් පෙන්වන්න පුළුවන් වේවිද?

පිළිතුර - පුළුවන් වේවි. ඒ හා සම්බන්ධව කටයුතු කෙරෙමින් පවතිනවා. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ සම්ප‍්‍රදායක් නැහැ. එසේ නම් විශ්වාසභංගයක් ගෙනැත් පක්‍ෂ නායකයන් එකඟ වී ඒ සඳහා දින යොදාගෙන ඡන්දයකට යන්න ඕන. ඒ නැතිව විශ්වාසය පෙන්වන ක‍්‍රමවේද, අපේ පාර්ලිමේන්තුව තුළ නැහැ. පනතක් සම්මත කිරීමේදී විශ්වාසය පෙන්විය හැකියි හෝ විශ්වාසභංගයකින්.

ප‍්‍රශ්නය - අලූත් ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ විදේශ බලපෑම් එල්ල වන්නට පටන් ගෙන තිබෙනවා. ඇමරිකාව පවා ප‍්‍රකාශ කර තිබෙනවා පාර්ලිමේන්තුව වහාම කැඳවා ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න කියල. ආණ්ඩුවෙන් මේකට කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ.

පිළිතුර - ජාත්‍යන්තර මැදිහත්වීම්වලට පාර කපන්නේත් අපේ අයමනෙ. නමුත් විදේශීය ඉල්ලීම් බලපෑමක් නෙමෙයි. විදේශයන් කියන කියන දේ කරන්න ආණ්ඩුව ලැහැස්ති වෙලාද ඉන්නෙ කියල අපි අහන්න ඕන. යුද්දෙ කියල කොයි තරම් විදේශ බලපෑම් ආවද යුද්දෙ නවත්තන්න කියල. කවුද ඇහුම්කන් දුන්නෙ. රටක අභ්‍යන්තර ප‍්‍රශ්නවලට එහෙම මැදිහත්වෙන්න පුළුවන්ද?


ප‍්‍රශ්නය - රටේ ආර්ථිකය බරපතළ විදිහට අර්බුදයට ලක්ව තිබෙනවා. ඩොලරයේ මිල ඉහළ යෑම, ඉන්ධන මිල සූත‍්‍ර වැනි දෑ මගින් ජනතාවගේ ජීවන වියදම දරන්න බැරි විදිහට ඉහළ ගිහින් අලූත් ආණ්ඩුවෙන් මේ සඳහා ඉක්මන් සහනයක් ලැබේවිද? ඒ සඳහා සැලසුමක් තිබෙනවාද?

පිළිතුර - අනිවාර්යයෙන්ම. අලූත් ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා බවට පත් වුණේ හිටපු ජනාධිපතිතුමා. අලුත් අගමැතිතුමා. එතුමන් සමඟ ඉන්න ආර්ථික විශේෂඥයන් සමඟ එකතුවෙලා අපට විශ්වාසයක් තියෙනවා එතුමාට අපට මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් කියලා. අපේ අරමුණ වෙලා තියෙන්නේ දේශීය ව්‍යාපාරිකයන් උසුලන බදු බරින් ඔවුන්ට සහන සලසා ආර්ථිකය යහපත් කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන්න, තීන්දු තීරණ ගන්න තරම් අපට තවමත් කාලයක් ලැබුණේ නැහැ.

ප‍්‍රශ්නය - සෑම මසකම 10 වැනිදාට ජනතාවගේ හිස මත කඩා වැටෙන ඉන්ධන මිල සූත‍්‍රය වගේ දෑ සඳහා සහන සැලසේවිද?

පිළිතුර - ඉන්ධන මිල සූත‍්‍රය ඉවත් කරයි. ඒක හිටපු මුදල් ඇමැතිතුමාගේ හිතුවක්කාරී වැඩක්. ඒකට අපි කැමැති නැහැ. ඉන්ධන මිල සූත‍්‍ර හොඳයි සමහර රටවල්වලට. නමුත් අපි වගේ ආර්ථිකයක් පවතින රටවලට ඒක ගලපගන්න එක සුදුසු නැහැ.

ප‍්‍රශ්නය - එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු වූ ඔබ අලූත් ආණ්ඩුවට එකතු වන්න තීන්දු කළේ ඇයි?

පිළිතුර - මම ආපු දවසෙ ඉඳන් මේ ආණ්ඩුවත් එක්ක රණ්ඩු කරල හති වැටිල හිටියෙ. මොකද අපි කියපු ප‍්‍රතිපත්ති එකක්වත් අපට කි‍්‍රයාත්මක කරගන්න බැරි වුණා. රටේ සම්පත් විකුණන එක නවත්තන්න පොරොන්දු වුණා. නමුත් ආපු දවසෙ ඉඳන්ම කළේ විකුණපු එක තමයි.

හම්බන්තොට වරාය දුන්නා. කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න අගමැතිතුමා පොරොන්දු වෙලා. කැබිනට් එකේදී අපට ඒවට රණ්ඩු වෙන්න සිදු වුණා. එතකොට ති‍්‍රකුණාමලය වරාය දෙන්න ලැහැස්ති වුණා. මත්තල විකුණන්න ලැහැස්ති වුණා. මේවගේ පුළුවන් තරම් විදේශිකයන්ට දුන්නම අපේ ස්වෛරීභාවය අපට නැතිවෙනවා. අක්කර දහස් ගණනක් හම්බන්තොටින් චීනයට දෙන්න ලැහැස්ති වුණා. සමහර ඒවා දුන්නා. රට ගැන හැඟීමක් නැතිව එජාප නායකත්වය මේ තීන්දු ගත්තා. අපේ කෘෂිආර්ථික ප‍්‍රතිපත්තියට පයින් ගැහුවා. මේ ක‍්‍රමවේදය තුළ ආර්ථිකය කඩා වැටුණා. ආර්ථිකය හසුරුවන්න දුන්නේ නැහැ. අපට, රටට මේ විදිහට තවත් ඉදිරියට යන්න බැහැ.

ඒ නිසා මම විශ්වාස කරන දෙය තමයි පක්‍ෂයට කලින් රට ගැන ඉස්සරවෙලා හිතන්න ඕන. රට තිබුණොත් තමයි දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ හේතුව නිසා තමයි මම මේ ආණ්ඩුවට එකතු වෙන්න තීන්දු කළේ. මොකද ජනාධිපතිතුමයි, වත්මන් අගමැතිතුමයි රට විකුණන ප‍්‍රතිපත්තියක නැති, රට ජාතිය ගැන හිතන නායකයන් දෙදෙනකු නිසා.

ප‍්‍රශ්නය - ඔබ කියන්නෙ රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයට සුදුසු නැතැයි කියන එකද? වෙනත් නායකයකු එජාපයට පත්විය යුතුද?

පිළිතුර - ඔව්. පැහැදිලිවම රට ගැන හිතන නායකත්වයක් එජාපයට ඇත්තෙම නැහැ. මොකක් හෝ වැඩක් කළොත් බටහිර ගැති, රණවිරුවන් පාවා දෙන, සුද්දන් ඇවිත් අපට නීති දාන කටයුතුවලට තමයි තැන හදන්නෙ.

එහෙම අපට නිවට වෙන්න බැහැ. අපි දුප්පත්, පුංචි රටක් වුවත් එහෙම වෙන්න බැහැ. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය අනුව ස්වෛරීත්වයෙන් අප ඕනම රටකට සමානයි. අපි යටත් වෙන්න ලැහැස්ති විය යුතු නැහැ.

ප‍්‍රශ්නය - ඔබතුමා එජාප ජ්‍යෙෂ්ඨයකු ලෙස මේ ආණ්ඩුවට එකතු වූ ආකාරයට තවත් එජාප ජ්‍යෙෂ්ඨයන් ආණ්ඩුවට එකතු වෙයිද?

පිළිතුර - දැනටමත් අහනවා. කතා කරනවා. ඉදිරියේදී තවත් කිහිපදෙනකුම එකතු වෙනවා. අනිවාර්යයෙන් අපි පාර්ලිමේන්තු බහුතරය හදනවා. නැති වුණොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. තාමත් අපේ ආණ්ඩුව කියකියා ඔය කෑගහන අයට එදාට පිළිතුරක් ලැබේවි.

දේශපාලන ගැටුම්වලට යුද හමුදාව මැදිහත් වෙන්නේ නෑ




රට තුළ උද්ගත වී ඇත්තේ දේශපාලන ගැටුමක් පමණක් බවත් විනයගරුක හමුදාවක් ලෙස යුද හමුදාව ඊට මැදිහත් නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය.

මෙම දේශපාලන ගැටුම ව්‍යවස්ථානුකූලව හා නීත්‍යනුකූලව විසඳා ගත යුතු බවත් රට තුළ සාමය පොලිසිය සහ පොලිස් විශේෂ කාර්්‍ය බළකාය විසින් ස්ථාපිත කොට ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා සහායක් ලබා දෙන ලෙසට පොලිසියෙන් ඉල්ලීමක් කළහොත් ඊට සහාය ලබා දෙන බව යුද හමුදාපතිවරයා පැවැසීය.

චාමර අමරසුරිය-


විධායක නිළධාරීනි අනියම් පෙම්වතියට තර්ජනය කර මුදල් ගැරූ රියදුරු රිමාන්ඩ්

  මීගමුවේ ප්‍රධාන පෙළේ ආයතනයක රූමත් විවාහක විධායක නිලධාරිනියක්‌ සමඟ අනියම් සබඳතාවක්‌ ඇති කරගත් එම ආයතනයේ රියදුරකු එම නිලධාරිනිය සමඟ සමීප සබඳතා පැවැත්වූ අවස්‌ථාවලදී ලබාගත් ඡායාරූප ඇගේ සැමියාට සහ අන්තර්ජාලයට මුදාහරින බවට බියපත් කොට එම විධායක නිලධාරිනියගෙන් රුපියල් ලක්‍ෂ ගණනාවක්‌ වටිනා රන් අභරණ සහ මුදල් කප්පම් වශයෙන් ලබාගෙන ඇත.

පසුව මොහු  මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීන් විසින් 29 දා අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම සිද්ධියේ පැමිණිල්ල අනුව අදාළ ආයතනය මීගමුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයකි. එහි සේවය කරන රූමත් විවාහක විධායක නිලධාරිනියකි. දරුවන් නොමැත. එම ආයතනයේ රියෙදුරකු එම නිලධාරිනිය සමඟ අනියම් පෙම් සබඳතාවක්‌ ගොඩනගාගෙන  ඇති බවද වාර්තා විය.

 කෙසේ වෙතත් රියදුරු ඇය සමඟ විවිධ අවස්‌ථාවල විවිධ අන්දමේ ඡායාරූප ගෙන ඇත. පසුව එම ඡායාරූප ඇගේ සැමියාට සහ අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කර වරින්වර කප්පම් ලබාගෙන තිබේ. එක්‌ අවස්‌ථාවක ඇගෙන් රුපියල් පනස්‌ දහසක්‌ බලෙන් ලබාගෙන ඇත. පසුව ඇගේ එක්‌ ලක්‍ෂ තිස්‌ හතර දහසක්‌ වටිනා රන් මාලය සහ රුපියල් හතළිස්‌ පන්දහසක්‌ වටිනා රන් මුදුව ද බලෙන් ලබාගෙන ඇත.

 මෙලෙස රියදුරු (සැකකරු) ඇගෙන් මුදල් සහ අනිකුත් දැ වරින්වර ඉල්ලීම ඇයට බලවත් හිසරදයක්‌ බවට පත්ව ඇත. ඇය දිවි හානි කර ගැනීමට උත්සාහ දරා තිබේ. අවසානයේ රුපියල් ලක්‍ෂ 5 ක්‌ ලබාදෙන ලෙසට සැකකරු (රියදුරු) ඇයට බල කර ඇත. එම මුදල රැගෙන මාරවිල කුරුස පල්ලිය අසළ මුහුදු වෙරළට එන ලෙසට ඇයට දන්වා ඇත.

 පසුව ඉතා අසරණ තත්වයට පත්වූ පැමිණිලිකාරිය (විධායක නිලධාරිනිය) පොලිසියේ පිහිට පතා තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සූක්‍ෂ්ම ලෙස කුරුස පල්ලිය අසල මුහුදු තීරයේ රැඳෙමින් මුදල් ගැනීමට පැමිණි සැකකරු වහා අත්අඩංගුවට ගෙන ඇත. පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර රියදුරු මේ අන්දමින් කාන්තාවන් විශාල පිරිසක්‌ රවටා ඔවුන්ගේ ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට බියපත් කොට වරින්වර මුදල් ලබාගන්නා බවය.

 අත්අඩංගුවට ගත් මාරවිල පහළ කොට්‌ටරාමුල්ල පදිංචි 29 හැවිරිදි රන්කොත් පේඩිගේ ශ්‍රීමාල් විඡේවර්ධන (29) නමැති සැකකරු මීට පෙර කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්හිටුවූ සිරදඬුවම් ලැබූ අයකු බවට අනාවරණය වී ඇත. සැකකරු අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත.

 බස්‌නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්දු තෙන්නකෝන්, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරළ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා වැටලීම මෙහෙයවීය.

රනිල් බහුතරයක් පෙන්වන්න සුදනම් වුණත් ලෝකයේ කිසිදු රටක එවැනි පාර්ලිමේන්තු සම්ප්‍රදයක් නෑ


පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් මඟින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයක් තිබෙන බවට තහවුරු කිරීමට සුදානම් වුවද ලෝකයේ කිසිදු රටක එවැනි පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාස්පක්ෂ මහතා කියයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (30දා) පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය රජය කාලේ සිද්ධ වුණු වංචා දූෂණ ගැන ජනතාව දැනුවත් කරල මේ රටේ විශාල ජන බලවේගයක් නිර්මාණය කරල 2015 ජනවාරිවල යහපාලන ආණ්ඩුවක් ඇති කර ගත්තා.

එක්සත් ජාතික පක්ෂය විදියට අපිට ඒ සඳහා නායකත්වය දෙන ශක්තිය තිබුණු කෙනෙක් නොහිටිය නිසායි. එදා ශ්‍රීලනිපයේ මහලේකම්වරයා පොදු අපේක්ෂකයා විදියට පත් කරගෙන ඒ සටන දියත් කරල ගත්තේ . ඒ අනුව එජාපය මහ මැතිවරණයේදී ආසන 105ක් ලබාගෙන සන්ධානයේ ප්‍රමාණවත් කණ්ඩායමකුත් එක්ක ජාතික ආණ්ඩුවක් හැදුවා. ඒකේ තේමාව වුණේ යහපාලනය. එය හදල සති 06ක් යන තැන රටේ ජනතාවට මුහුණ දෙන්න බැරිම තත්ත්වයක් උදා වුණා මහ බැංකු බැඳුම්කර මංකොල්ලය හරහා. ඒ පිළිබඳව රටේ ජනතාවගෙන් එල්ල වන විරෝධතාව ස්නාධිපතිවරයකුට දී නොසලකා හැරිය නොහැකියි. ඒ නිසා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කළා.

ඒකේ කරුණු හෙළිදරව් වෙන කොට බැරැරුම් තත්ත්වයක් උදා වුණා. එහි වගකිව යුතු සියලු දෙනා ආණ්ඩුවේ උසස් නිලතල දරපු අය හින්දා. ඊට පෙර සිට අපි එජාපය ඇතුළේ ඉඳන්ම විශාල ලෙස සටන් කළා අපේම පක්ෂය ගෙන ගිය ප්‍රතිපත්තිවලට විරුද්ධව. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ආපු වෙලේ අගමැතිතුමා දැඩි ස්ථාවරයකින් කිව්වේ ඒකට අතට තියන්න බෑ, මං ඒක ඉන්දියාවට දෙන්න එකඟ වෙලා තියෙන්නේ කියලා. ඒ ගැන රටේ ස්නාධිපති දන්නෙත් නෑ. අපිට මේවට විරුද්ධව කතා කරන්න බෑ. ගිය සතියේ වෙනකොට තව ඉඩම්  පනතක් ගෙනාවා.

මේ පනත 2003  රාජිත සේනාරත්න ඉඩම් ඇමැති විදියට පාර්ලිමේන්තුවට ගෙනාවම අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරල එය වැළැක්වූවා. ඒකම නැවතත් සම්මත කරගන්න කැබිනට් මණ්ඩලයට ඉපත් කරල තිබුණා. අපි මේ ගමන ජාතික ආණ්ඩුවක් විදියට ගියේ. ජනාධිපතිවරයා ලොකු සටනක් කළා. අපිත් එතැන හිටියා. ඕනම දේශපාලනඥයකුගේ පළමු බඳීම රට විය යුතුයි.  දෙවනුව පක්ෂය. එතුමට අපේ පක්ෂයේ හොඳ දරුවෝ වගේ ඉන්න පසුපෙළ හරහා දිගින් දිගටම ගැහුවා. අපේ පක්ෂය කොච්චර බංකොළොත් වුණද කියනවා නම් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 4000ක් ගන්න බැරිවුණු සරත් ෆොන්සේකා ලවා සිරිකොතට ගෙනැල්ලා ඩී.එස්. ප්‍රතිපත්තිය හොඳයි කිව්වා නිසා ජනාධිපති පිස්සෙක් කියන තැනට බකොළොත් වුණා.

අපේ රටේ පක්ෂ භේදයකින් තොරව වන්දනාමානයට පාත්‍ර වුණු ඩි.එස්. සේනානායක ප්‍රතිපත්තිය හොඳයි කියන වත්මන් ජනාධිපති සහ අපි ඔක්කොම පිස්සෝයි කියන තරමට මන්දබුද්ධිකයෝ ගෙනැල්ලා සිරිකොත ඇතුළදි මේ රටේ නිර්මාතෘවරුන්ට පහර දෙන තරමට පක්ෂය ඇද වැටුණා. ඒ නිසා අපිට තීරණයක් ගන්න සිද්ධ වුණා. පක්ෂ දේශපාලනය කරන්න හරි, මරා ගන්න හරී අපිට රටක් තියෙන්න ඕන්නේ. අපේ ආණ්ඩුව පත්වෙලා මුලින්ම ජීනීවා ගිය අපේ රටේ ස්වෛරිත්වය රැකපු රණවිරුවෝ රැකගන්න. ඇමරිකාවෙන් යුද අපරාධ චෝදනාවන් ගණනාවක් ඉදිරිපත් වෙද්දි රටේ විදේශ ඇමැති මංගල සමරවීර කළේ අපිත් පැමිණිලිකාරයා වෙලා අස්සන් තැබිමයි. ඒ රට පාවා දෙන පාපකර්මය කළා.

රටේ රාජ්‍ය නායකයා ඒ ගැන දන්නෙත් නෑ. අද රට ලොකු අසීරු තත්ත්වයකට පත්වෙලා. අපේ රට ක්‍රියාත්මක විය යුත්තේ බටහිර න්‍යාය පත්‍රයකටයි කියන මතයේ ඉඳන් අපේ පක්ෂය කටයුතු කළා, අපිට නීති දාන්න ආවා. මේ සියලු තත්ත්වයන් තුළ රටේ ජනාධිපතිතුමාට වගකීමක් තිබුණා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, ව්‍යවස්ථාවක් ලැබුණු බලතල ක්‍රියාත්මක කරල වඩාත්ම විශ්වාසයක් තිබෙන තැනැත්තා විදියට හිටපු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා විදියට පත් කරල ආණ්ඩුවක් හැදුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට පෙරත් සහ පසුවත් ජනාධිපතිවරයාට තියෙන බලයක් ලෙස පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගත හැකි යැයි හැඟෙන මන්ත්‍රිවරයා අගමැතිවරයා ලෙස පත් කළ හැකියි.

2015 ජනවාරී 09දා ජනාධිපතිවරයා කල්පනා කළා පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇතිව ආණ්ඩුවක් ගෙන යා හැකි තැනැත්තා රනිල් වික්‍රමසිංහ කියලා. එදා ආසන 162ක බලය තිබූ සන්ධාන අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අස් කරල රනිල් වික්‍රමසිංහ පත් කළා. මේ මොහොතේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පත් කළා. පාර්ලිමේත්තුවක් පවත්වාගෙන යන්න බහුතරයක් අවශ්‍යයි. හැම අවස්ථාවකම බහුතරයක් තිබුණු ආණ්ඩු නිර්මාණය වෙලත් නෑ. අපේ රටේ තිබුණු සුළුතරම ආණ්ඩුව තමයි 2015 පිහිටු වූ ආණ්ඩුව, 19 යටතේ ඒකට විරුද්ධ වෙන්න බව මහජන නියෝජිතයන්ට හිටපු අගමැතිට බහුතරයක් තියෙනවා කියලා පාර්ලිමේන්තු ඡන්දයකින් පෙන්වන්න පුළුවන් කියලා හිතනවා.

එහෙම පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ලෝකයේ කුමන රටකවත් නෑ. වර්තමාන ආණ්ඩුවට හරී අගමැතිට හරි විශ්වාසභංගයක් ගෙනාවොත් කොහොමද අපි ජයගන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. දෙවැනි ප්‍රශ්නය අය - වැය. මොකද ඊළඟ අවුරුද්දේ මුදල් වර්ෂයට යන්න ළඟයි. අය - වැයක් හෝ අතුරු අය – වැයක් ගේන කොට පරාද කරන්න පුළුවන්. එහෙම පරාද කළොත් අපිට පාර්ලිමේන්තුව, ආණ්ඩුව ගෙනියන්න බෑ. ඊළඟට ජනාධිපතිවරයාට සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්න. වෙන විකල්පයක් නම්, සන්ධානයේ වුවමනාව පාර්ලිමේන්තුව විසුරුවා ගැනීම, සමහරවිට ඔවුනුත් මේකට විරුද්ධව ඡන්දය දෙන්න පුළුවන්.  පාර්ලිමේන්තුව විසුරුවොත් මාස 2ක් ඇතුළත ඡන්දයක් පවත්වන ඕනේ. ඒ දේ තියලා ප්‍රතිඵල එනකොට අපේ ආසන 105 පනහට බහිද හතළිහට බහිද දන්නේ නෑ.

-පහන් විජේසේකර-

දෙදරු මවට මරු කැඳවමින් ඇනියම් පෙම කෙළවර වෙයි-අනුරාධපුර බඩඉරිඟු විකිණූ බිරිඳ ලොරි රථ රියදුරෙක් සමග හාද වෙලාලු


සිය බිරිඳ අනියම් සබඳතාවක්‌ පවත්වන බව අනාවරණය වීමෙන් නිවස තුළදී ඇගේ හිසට පොරව මිටකින් හා තවත් පොල්ලකින් පහරදී සැලසුම් සහගතව ඝාතනය කර නිවස පිටුපස පිහිටි ළිඳ අසල වළක්‌ කපා සිරස්‌ අතට වළ දැමූ සැමියකු අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකරු රහසිගතව වළ දැමූ බිරිඳගේ නිරුවත් සිරුර අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේදී ඊයේ (28දා) දහවල් ගොඩගනු ලැබීය.

 නව නුවර පාර, තම්මැන්නාපුර, නෙළුම්කුළම, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ඉරේෂා මල්කාන්ති කුමාරිහාමි (41) දෙදරු මව මෙසේ ඝාතනයට ලක්‌ව තිබුණි. එම ලිපිනයේම පදිංචිව සිටින (43) හැවිරිදි සැමියා, එම ඝාතනය සිදුකර පලායමින් සිටියදී ඊයේ (28දා) අලුයම අනුරාධපුර ,කඩ 12 ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

 ඝාතනයවූ කාන්තාවට සැමියා පහරදීම නිසා කෑගසන හඬ ඇසී තිබුණු අසල්වැසි නිවසක පදිංචිකරුවකු ඒ පිළිබඳව සැකසිතී පොලිසියට දන්වා තිබූ අතර අනතුරුව අදාළ නිවස පිහිටි ස්‌ථානයට පැමිණි පොලිසිය ඇය ඝාතනය කර ඇති බව අනාවරණය කරගෙන ඇය වළදැමූ ස්‌ථානයත් අනාවරණය කර ගැනීමට සමත්වී තිබුණි.


 මෙම යුවළ අතර පසුගිය අගෝස්‌තු මස සිට අනියම් සබඳතාවය මුල්කර ගනිමින් අඩ දබර සිදුවී තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබූ අතර ඝාතනයට ලක්‌වූ කාන්තාව විසින් අනුරාධපුර ළමා හා කාන්තා අංශයට සැමියා සිදුකළ පහරදීම් පිළිබඳව සිදුකළ පැමිණිල්ලකට අනුව දෙපාර්ශවය කැඳවා ඔවුන්ගේ ආරවුල විසඳීමට ළමා හා කාන්තා කාර්යාංශය පියවර ගෙන තිබූ බවද අපරාධ විමර්ශන අංශය තහවුරු කරගෙන තිබුණි.

 එහෙත් දෙදෙනා අතර දිගින් දිගටම අඩ දබර සිදුවීම නිසා ඝාතනයට ලක්‌වූ කාන්තාව අනුරාධපුර ගල්කුළමේ පිහිටි වැඩිමහල් සහෝදරියගේ නිවසට ගොස්‌ සිට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

 කාන්තාවගේ වැඩිමහල් දියණිය යුද හමුදා සේවයට එක්‌වී පුහුණුව අවසන් කිරීමේ උත්සවය ඊයේ (28දා) යෙදී තිබී ඇති අතර නිවසින් බැහැරව සිටි බිරිඳ දියණිය බැලීම සඳහා යාමට අවශ්‍ය කලමනා කිහිපයක්‌ මිලදී ගැනීමට අනුරාධපුර නගරයට පැමිණ ඇති බව අනාවරණය කරගත් සැකකරු දියණියට රැගෙන යාමට තමනුත් කැවිලි කිහිපයක්‌ සැකසූ බව පවසා බිරිඳව උපක්‍රමශිලීව නිවසට කැඳවා ගෙන රැගෙන විත් තිබෙන බව පොලිසිය පවසයි.



 බිරිඳ ඝාතනය කරන බවට කල්තියා සැලසුම් කළ සැකකාර සැමියා නිවස ආසන්නයේ පිහිටි ළිඳ අසලින් අඩි දෙකයි දෙක පළල අඩි හයක්‌ පමණ ගැඹුර වළක්‌ හාරා තිබෙන බවත් බිරිද නිවසට කැඳවාගෙන පැමිණ ඇය සමග අඹුසැමි ඇසුරක්‌ පවත්වා (27දා) රාත්‍රී අටට පමණ කාමර තුළදී පෙරෝ මිටකින් හා පොල්ලකින් හිසට පහරදී ඇයව ඝාතනය කර නිරුවතින්ම ළිඳ අසලට රැගෙන ගොස්‌ සිරස්‌ අතට වළෙහි දමා පස්‌ පුරවා අනතුරුව වළ උඩින් ගල් තබා එය ටකරමකින් වසා තිබූ බව පරීක්‌ෂණ පැවත්වූ පොලිසිය පවසයි.

 සැකකාර සැමියා විසින් අවස්‌ථා කිහිපයකදීම සිය බිරිඳ ලොරි රථ රියදුරකු සමග අනියම් සබඳතාවක්‌ පවත්වන බවට දුරකථන ඇමතුම් වාර්ථතාවකින් අනාවරණය කරගෙන ඇය ඝාතනය කිරීමට සැලසුම්කර තිබෙන බවත් දෙදෙනා අනුරාධපුර නව නුවර පාරේ බඩ ඉරිඟු තම්බමින් ජීවිකාව ගෙන ගොස්‌ ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.මියගිය කාන්තාවට දියණියට අමතරව පාසල් වයසේ පසුවන පිරිමි දරුවකු ද සිටින බව පොලිසිය පවසයි.

 සැකකරු විසින් ඇයව ඝාතනයට යොදා ගත් බවට සැකකරන ලේ තැවරුණු පොලු කැබැල්ලක්‌ පොලිසිය නිවස තුළ තිබී සොයා ගෙන තිබුණි.

 අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරතුංග මහතා අදාළ ස්‌ථානයට පැමිණ කාන්තාවගේ සිරුර ගොඩට ගත් අතර සිරුර අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදුකරන ලෙසත් සැකකරු සම්බන්ධයෙන් පරීක්‌ෂණ සිදුකර ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.

මැතිසබේ වහාම කැඳවන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 125කට වැඩි පිරිසක් නියෝජනය කරමින් තම වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කර ගමෙහි හා පාර්ලිමේන්තුවේ බහුතරය ස්ථාපිත කරනු සඳහා වහා පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මගින් ඉල්ලීම් කර ඈත,
මෙම ඉල්ලීම්වලට කථානායකවරයා වශයෙන් සවන්දීම මාගේ වගකීම් හා යුතුකම වේ. යථොක්ත ඉල්ලීම් ඉටු කළ හැක්කේ වහා පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ලබා ඇති පක්ෂයට පාලන බලය පැවරිමෙන් පමණකි. එසේ නොකිරීම ප්‍රජාතන්ත්‍රික අයිතිය පැහැර ගැනීමක් වේ. දින දහඅටකින් පාර්ලිමේන්තුව අක්‍රිය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සඳහා වරම් ලබා ගත් ඔබතුමන් අතින් සිදුවීම විශ්වාස කළ නොහැක්කකි. එමෙන්ම, එය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඔබතුමන් උපයා ගත් ගෞරවයට හානිකර වනු ඇත. රට තුළ උද්ගතව ඇති දේශපාලන අස්ථාරභාවය හේතුවෙන් දැනටමත් අසරන ජීවිත දෙකක් විනාශ වී ඇති අතර බොහෝ තැන්වල ජන ජීවිතය අවුල්වී ඇත. මාධ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුල්වී ඒවායේ පරිපාලනය පැහැර ගෙන තිබේ. රැකියා ස්ථානවල පහරදීම් ගැන වාර්තාවේ. අප වරම් ලබාගත් යහපාලන සංස්කෘතිය මෙය නොවේ. ඔබතුමන් විසින් දෑනටත් අග්‍රාමාත්‍යවරයකු හා අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම්  දී ඇති හෙයින් දෙසතියක් කල් නොයවා පාරිලිමේන්තුව වහා කැඳවා ස්ථාවරභාවය ඇති කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. එසේ නොවුණහොත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීම් සිදහා විකල්ප මාර්ග කෙරෙහි මහජනතාව යොමුවීම නොවැලැක්විය හැකිය. ජනතා සුභසිද්ධිය සඳහා රට අර්බුදයකට පත්වීමෙහි ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නොපමාව පාර්ලිමේන්තුව කැඳවා යුක්තිය ඉටුවනු සඳහා අවකාශ සලසන ලෙස නැවතත් ඔබතුමගෙන් කාරුණිකව ඉල්ලමි. තෙරුවන් සරණයි.

අවිස්සාවේල්ල නිවෙසක සාදය මිනී මැරුමකින් කෙළවර වෙයි




අවිස්සාවේල්ල - දිව්රුම්පිටිය වත්තේ නිවසක ඉකුත් 29 වැනිදා රාත්‍රී පැවැති  සාදයකට පැමිණි පුද්ගලයකු සමඟ ඇතිවූ බහින්බස් වීමකින් පසු පිරිසක් ඔහුට තියුණු ආයුධයකින් පහරදී එම ස්ථානයේ ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි. ඝාතනය කර ඇත්තේ අවිස්සාවේල්ල මාදොළ පදිංචි හේවගේ ඉසුර අයෝධ්‍යා ඔලිවර් නමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.

 සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල වැඩබලන මහෙස්ත්‍රාත් සරත් ජයවර්ධන මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම වාර්තාව හා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කළේය. අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. ඇම්. ටිකිරි බණ්ඩාර ගුණතිලක මහතා ස්ථානය පරික්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය කළේය.

-හාතාගොඩ ධර්මසේන-

කුඩු-මත් පෙති වලට ඇබ්බැහි වූ 22 හැවිරිදි ස්ත්‍රී දූෂකයාගේ කඩුපහරින් ව්‍යාපාරිකයා මරුට-ව්‍යාපාරිකයා රෝහලට ගෙනයද්දී ත්‍රිරෝදයත් පෙරළා දමයි.


කලක සිට හිතේ තිබූ වෛරයක්‌ පිරිමසා ගැනීමට කටයුතු කළ 22 හැවිරිදි තරුණයකු තියුණු ආයුධයකින් අඹුසැමි යුවළක්‌ කපා අනතුරුව පැහැරගත් යතුරුපැදියකින් පලාගොස්‌ සිද්ධිය පිළිබඳ විමසිලිමත්ව සිට එම කැපුම්වලින් බරපතළ තත්වයේ සිටි සැමියා ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙන යමින් සිටියදී මොහු ඒ පසුපස ගොස්‌ අතරමගදී මාර්ගය අවහිර කොට ත්‍රිරෝද රථයද මාර්ගයෙන් ඉවතට පෙරළා ඔහු ඝාතනය කොට පලාගොස්‌ කාන්තාවක්‌ද දූෂණය කරමින් සැඟවී සිටියදී ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 ගම්පොළ පොලිස්‌ බල ප්‍රදේශයට අයත් දොළොස්‌බාගේ පෙනිලන් ජනපදයේ දී ඇතිවූ මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ සරංගු හේවගේ දයාරත්න නමැති 62 හැවිරිදි තිදරු පියෙකි. සිද්ධියෙන් කැපුම් තුවාල ලද ඔහුගේ බිරිඳ කේ. ආර්. චන්ද්‍රාවතී පොලිසිය මගින් නාවලපිටිය රෝහලට ඇතුළත් කොට තිබේ.

 22 හැවිරිදි සැකකරු ගංජා, කුඩු හා මත්පෙති මෙන්ම මත් වතුරටද ඇබ්බැහි වි ඇති බවත්, අපරාධ ගණනාවකට සම්බන්ධ බන්ධනාගාරගත වූවෙක්‌ බවත් පොලිසිය පවසති.

 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මොහුගෙන් ගමට වන හිරිහැර නිසා නාවලපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණය මාර්ගයෙන් මොහු "කන්දල්කාඩු" පුනරුත්ථාපන මධ්‍යස්‌ථානය වෙත යොමු කිරීමට කටයුතු කළද මෙම තරුණයාගේ මව, පියා හා සහෝදරිය ඊට ඉඩ ලබා නොදුන් නිසා එය කළ නොහැකිවූ බව පොලිසිය ප්‍රකාශ කරයි. මියගිය දයාරත්න පෙනිලන් ජනපද ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන ගිය අතර මීට මාස 7 කට පෙර මෙම වෙළෙඳසල හොරු කැඩීම නිසා පොලිස්‌ පරීක්‍ෂණ අරඹා ඇත. එහිදී පොලිස්‌ සුනඛයන් එහි තිබූ අලවංගුවක්‌ ඉවකර ඊට කිලෝමීටර් 2 ක්‌ පමණ ඈතින් තිබූ මෙම සැකකරුගේ නිවසට ගොස්‌ ඇත.

 වෙළෙඳසලෙන් මුදල් , සිගරැට්‌, සිල්ලර කාසි සහිත කැටයක්‌ ඇතුළු භාණ්‌ඩ කීපයක්‌ සොරගෙන ගොස්‌ තිබූ අතර සැකකරු ළඟ තිබී එම කැටය හා භාණ්‌ඩ කීපයක්‌ සොයා ගැනීමට හැකිවීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් දින 28 ක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත.

 ඒ වනවිට පෙනිලන් වත්තේ මුදල් සේප්පුවක්‌ සොරා ගැනීමටද මොහු සම්බන්ධ වි රක්‍ෂිත බන්ධනාගාරගත වී සිටීමත්, මත්කුඩු හා ගංජා සම්බන්ධයෙන් දින 14 ක්‌ බන්ධනාගාරගතව සිටීමත් සමග එළියේ සිටි මොහුට සෑම ඉරිදා දිනකම කුරුඳුවත්ත පොලිසියට පැමිණ අත්සන් කිරීමට නියමිතව තිබී ඇත.

 වෙළෙඳ සලේ සොරකමට බන්ධනාගාරගත වීමට සිදුවීම මොහුගේ වෛරය වැඩිවීමට හේතුවී තිබී ඇති අතර ඒ නිසාම දයාරත්නගේ පුතුන් දෙදෙනා හා දයාරත්නට නිතරම එහි පළිය ගන්නා බව පවසා ඇත.

 එදිනද පොලිසිය වෙත ගොස්‌ එහි අත්සන් කොට දොළොස්‌බාගේ නගරයේ තැබෑරුමින් මත්පැන් පානය කොට දයාරත්නගේ වෙළෙඳ සලට පැමිණ ඇත්තේ කඩුවක්‌ද රැගෙනය. එහිදී බහින් බස්‌වීමක්‌ ඇති කරගෙන දයාරත්නට හා ඔහුගේ බිරිඳට කඩුවෙන් කොටා ඇති අතර දයාරත්න වෙළෙඳ සලෙන් ඉවතට දිවගොස්‌ ඇත. ඔහු පසුපස ගොස්‌ නැවතත් පහරදෙන විට බිරිඳගේ කෑගැසීමට ඒ අසල නිවසේ සිටි මොවුන්ගේ බාල පුතා පැමිණ ඇත.

 එවිට සැකකරු ඒ අසල වෙළෙඳ සේවකයකු රැගෙන පැමිණ තිබූ යතුරුපැදියක්‌ද පැහැරගෙන පලාගොස්‌ තිබේ.

 දයාරත්නගේ පුතා හා දුව සමග තවත් අයකුගේද සහායෙන් බරපතළ තත්ත්වයේ සිටි දයාරත්න ඔවුන් සතු ත්‍රිරෝද රථයෙන් කුරුඳුවත්ත රෝහල වෙත රැගෙන ගිය අතර පටිතලාව කන්ද නැග යමින් සිටියදී සැකකාර තරුණයා පැහැරගත් යතුරුපැදියෙන් නැවත පැමිණ මාර්ගය හරස්‌කර කඩුව අතට ගැනීමත් සමග ත්‍රිරෝද රථයේ සිටි පිරිස දිවගොස්‌ ඇත්තේ බරපතළ තත්ත්වයේ සිටි දයාරත්න එහි සිටියදීය.

 එවිට සැකකරු එම ත්‍රිරෝද රථය මාර්ගයෙන් පහළට පෙරළා යතුරුපැදියෙන් පලාගොස්‌ ඇති අතර දිවගිය දයාරත්නගේ පුතා ඇතුළු ගම්වාසීන් පැමිණ බලන විට පෙරළා ඇති ත්‍රිරෝද රථය තුළ දයාරත්න මියගොස්‌ ඇති බව දැක ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට දන්වා තිබේ.

 කුරුඳුවත්ත පොලිසියේ ස්‌ථානාධිපති චන්දික ශ්‍රී කාන්ත මහතා සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ පොලිස්‌ ආරක්‌ෂාව මධ්‍යයේ තුවාල ලබා සිටි දයාරත්නගේ බිරිඳ නාවලපිටිය රෝහල වෙත යවා පරීක්‍ෂණ අරඹා තිබේ.

 ගම්පොළ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස්‌ මත සහකාර පොලිස්‌ අධිකාරි බී. පලිහවඩන මහතාද එම ස්‌ථානයට පැමිණ හෙම්මාතගම, අරණායක, බුලත්කොහුපිටිය යන පොලිස්‌ ස්‌ථානවලට දන්වා මාර්ග බාධක යොදා රාත්‍රී කාලය පුරාම පරීක්‍ෂණ පැවැත්වීමේදී බෙරවිල හුළංකපොල්ල ප්‍රදේශයේ නිවසක සැකකරු සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

 පැහැරගත් යතුරුපැදිය හා කඩුවද සොයාගෙන ඇති අතර මොහු හෙම්මාතගම ප්‍රදේශයෙන් කොළඹ දෙසට පලායෑමට උත්සහ ගෙන තිබුණද යොදා තිබූ මාර්ග බාධක නිසා එය කළ නොහැකි වී ඇති බවද අනාවරණය වි ඇත. එම ප්‍රදේශයේදී ද මොහු කාන්තාවක්‌ දූෂණය කිරීමට උත්සහ ගෙන ඇති බවටද තොරතුරු ලැබී තිබේ.




රාජ්‍ය ආයතන තුළ සාමය කඩවීමට ඉඩ තබන්න එපා


රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙස ජනාධිපතිතුමා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි. ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන මහතා ඉල්ලීම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ  (30දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.  පසුගිය දිනවල රාජ්‍ය ආයතන කිහිපයක් තුළ ඇති වූ සිදුවීම් ගැන පෙන්වාදුන් ජනාධිපතිවරයා ජාතයන්තර වශයෙන් රට අපකීර්තියක් ගෙනදීමට එජාපය පළධ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන තත්ත්වයක් තුළ සියලු රාජ්‍ය ආයතනවල සාමය පවස්වාගෙන යන්නේ රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස වෘත්තීය සමිප්ත නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව රාජ්‍ය ආයතන තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතැබීම, වෘත්තීය සමිති නියෝජිතයන්ගේ වගකීම බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ නව රජය ඉදිරී වැඩ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහාය පළ කරන බවයි.
අමාත්‍ය මහින්ද අමරවීර, ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම හමුවට එක්ව සිටියහ.

මවගේ අත්සන හොරට ගහලා අගරු චෙක්පත් දුන්න පුතා මාට්ටු



මවගේ අස්සන හෙරට යොදා අගරු චෙක්පතක් ලබා දී රුපියල් ලක්ෂ 03ක මුදලක් වංචා කළ පුද්ගලයකු පෙරේදා (29දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මොනරාගල විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු ඇඹිලිපිටිය - මොරකැටිය ප්‍රදේශයේ පදිංචි විසිදෙහැවිරිදි අයකු බව අනාවරණය වී ඇත.  තණමල්විල තානායම් පාර ලිපිනයේ පදිංචි පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව කූට ලේඛන සකසා මුදල් වංචා කිරීමේ චෝදනාවට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු තණමල්විල ප්‍රදේශයේ නිවෙස්වල වහල හා සිවිලම මුදලට සකසා දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර පැමිණිලිකරු තම නිවෙසේ සිවිලීම සකසා ගැනීම සඳහා අත්තිකාරම් මුදලක් වශයෙන්                                                                                                   සැකකරුට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දී ඇත.

නමුත් මෙම සැකකරු පැමිණිලිකරුගේ සිවිලිම දිගින් දිගටම ඉදිකර නොදීම හේතුවෙන් පැමිණිලීකරු ඔහු ලබාදුන් රුපියල් ලක්ෂ 03ක අත්තිකාරම් මුදල නැවත ඉල්ලා ඇති අතර කලක් විවිධ හේතු කියා මඟහරිමින් සිටී සැකකරු පසුව ඔහුගේ මවට අයත් ජංගම ගිණුමකට අදාළ මුදල ලියන ලද චෙක්පතක් පැමිණිලිකරුට ලබා දී තිබේ.  ඒ අනුව පැමිණිලිකරු එම චෙක්පත ගිණුම්ගත කිරීමේදී එය අගරු වෙක්පතක් බව දැනගෙන පිළිබඳව මොනරාගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ. පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව සිදුකළ විමර්ශනයකදී එම චෙක්පතේ අස්සන්ද  ව්‍යාජ ඒවා බවත් ඔහු එම චෙක්පත් පැමිණිලීකරුට ලබා දී ඇත්තේ තම මවගේ අස්සන ව්‍යාජව යොදා බවත් අනාවරණය වී ඇත.


-සංජීව බණ්ඩාර-

මහින්ද අගමැති වුන සතුටට පුද්ගලයකුට හෘදයාබාධයක් හැදිලා




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත වරක් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ සතුටු වූ අයෙකු ප්‍රීතිය විද දරා ගැනිමට නොහැකිව බරපතළ හෘදයාබාධයකට ලක් වි අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඉකුත් (26දා) ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත්කිරීමේ ආරංචිය සැල වූ අවස්ථාවේ සිට ඔහු දැඩි සතුටින් රාත්‍රියේ රතිඤ්ඤා පත්තු කරමින් සිට ඇති අතර එක්වර හෘදයාබාධයට ලක් වී ඇත.

අනුරාධපුර හිදෝගම හතේ ඇල පදිංචි පස්දරු පියෙකු මෙසේ රෝගාතුර වී ඇති අතර ඔහුගේ තත්වය අසාධ්‍ය බව අනුරාධපුර ශික්ෂණ රෝහල පවසයි. එම පුද්ගලයාගේ පුතුන් දෙදෙනකු ආරෂක අංශ සාමාජිකයන් බව අනාවරණය විය.



                                                                 -බුද්ධික මහේෂ් විජේසුරිය-

Tuesday, October 30, 2018

නොවැම්බර් 16 පාර්ලිමේන්තුවේදී මහින්දට බහුතර බලය පෙන්වනවා-ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


අග්‍රාමාත්‍ය මහින්ද රාප්පක්‍ෂ මහතාට මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබෙන බවත්, ලබන නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුවේදී එම බලය පෙන්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සදහන් කරයි.

 ලබන මස 16 වැනිදාට අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් එම බලය පෙන්වීමට කටයුතු කරන බැවින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එදින පාර්ලිමේන්තුවේ බලය පෙන්විය හැකි බවද එම පක්ෂයේ උපලේකම්  ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසු උපකම්වරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිතව තිබෙන බැවින් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට කිසිදු හැකියාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.

2015 ජනවාරි 08 වැනිදා පැවැති  ඡන්දයෙන් පරාජයට පත් වූ මහින්ද
රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබියදී. ගෞරවාන්විතව අරලියගහ මන්දිරයෙන් ගිය බවද හෙතෙම පවසා සිටියේය.

 එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබියදී, තවදුරටත් අරලියගහ මන්දිරයේ රැදී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට පත් කළ පසු කිරිබත් කා රතිඤ්ඤා පත්තු කළ ජනතාවත් මේ පිළිබඳව කතා කරමින් තිබෙන බවත් මේ නිසා එම ජනතාව කොළඹට පැමිණියහොත් එය වලක්වා ගැනීමටවත් නොහැකි වන බවද සඳහන් කළේය.

නව ආණ්ඩුව යටතේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය 30කට සීමා වන බවත්, මීට අමතරව පසුගිය ආණ්ඩුවට පෙර පැවැති ආණ්ඩුවේ සිදු වූ වැරදි කිසිවක් සිදු නොවන ආකාරයට අලුත් යුගයක් බිහිකර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් උපලේම්වරයා පවසා සිටියේය.

පිළියන්දල නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් තරුණියක් අබිරහස් ලෙස මිය ගිහින්









පිළියන්දල, මඩපාත, පොල්හේන දෙමහල් නිවසක පිහිටි නේවාසිකාගාරයක් තුළදී ගින්නකට හසු වූ තරුණියක් ඊයේ (29) අබිරහස් ලෙස මියගොස් ඇති බව පිළියන්දල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්හේන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇඟලුම් සේවිකාවක් ලෙස සේවය කළ බෙරලපනාතර, නාගොඩ, පොත්දෙණියවත්ත පදිංචිව සිටි ශ්‍රියාංජලී ගීත්මලා නමැති 26 හැවිරිදි තරුණියයි.

දෙමහල් නිවසේ ඉහළ මහලේ කාමර කිහිපයක මියගිය තරුණිය හා තවත් තරුණියන් කිහිපදෙනෙකු නවාතැගෙන සිට ඇති අතර, තරුණිය මෙම ගින්නට හසුව ඇත්තේ ඇය නවාතැන් ගෙන සිටින කාමරයට මීටර් කිහිපයක් ඉදිරිපසින් වම්පස පිටුපසට වන්නට පිහිටා තිබෙන කාමරයක් තුළදී බව පොලීසිය සිදුකළ  මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

 හිසෙහි කැක්කුමක් පවතින බැවින් මදක් ප්‍රමාද වී පැමිණෙන බව අනෙකුත් තරුණියන්ට පවසා තිබූ මියගිය තරුණිය නේවාසිකාගාරය තුළම රැදී ඇති බව එම තරුණියන්ගේ ප්‍රකාශවලීන් අනාවරණය  වූ බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය වන අවස්ථාවේදී පහත මහල් පදිංචි නිවසේ හිමිකරුවන්ද සිය ව්‍යාපාරික ස්ථානය කරා ගොස් සිට ඇති අතර, තරුණිය හැර වෙනත් කිසිවෙකු රැඳී සිට නොමැති බව පොලීසිය ප්‍රකාශ කරයි.

 නිවසේ ඉහළ මහලේ කාමරයකින් තරුණියක් කෑ ගසන හඩ ඇසුණු යාබද නිවසක පදිංචි පුද්ගලයෙකු තවත් පිරිසක් සමග ඉහළ මහල කරා පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබූ බවත්, තරුණිය ඒ වනවිටත් මියගොස් සිට ඇති බව එම පුද්ගලයන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

තරුණිය ගිනිගෙන දැවුණු කාමරයේ ඇඳන් දෙකක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර, එම ඇඳක් මත යාබද කාමරයක වෙසෙන තරුණියන්ට අයත් භූමිතෙල් ලිපක් තිබූ බවත්, එම  ලිපද ගින්නට හසුවී තිබූ බවත් පොලීසිය ප්‍රකාශ කරයි.

තරුණියට මරු දැකවූ මෙම සිද්ධිය ගිනි ගැනීමද, ගිනි තබා ගැනීමක්ද යන ස්ථිර වශයෙන් කිව නොහැකි බවත්, මියගිය තරුණිය තරුණයකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවට තොරතුරු ලැබුණු බවත් පොලීසිය පවසයි.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරික්ෂාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි පොලිස් නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

කැස්බෑව අධිකරණයේ මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාද සිද්ධිය වූ නිවස වෙත පැමිණ පරීක්ෂණ පවත්වා සිදුවූ හදිසි මරණයට හේතුව දැන ගැනීම සඳහා මලසිරුර කළුබෝවිල ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර අනතුරුට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස නියෝග කළේය.

රජයේ රස පරීක්ෂකවරයා මෙන්ම ඇඟිලී සටහන් නිලධාරියාද පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිතය.



මාළිගා කුමන්ත්‍රණවලින් විසඳුම් ලැබෙන්නේ මාළිගාව සිටින අයට පමණයි-පෙරටුගාමී සමාජවාදී පක්ෂය








මාළිගා කුමන්ත්‍රණවලීන් විසඳුම් ලැබෙනුයේ මාළිගාවල සිටින අයට මිස, සාමාන්‍ය ජනතාවට නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

මෙරට හැමදාම රැවටෙන ජනතාව තම අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීමට දැවැන්ත මහජන අරගලයක් හරහා සුදානම් විය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (27දා) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා,

"මේ බලමාරුවෙන් මහජනතාවට ප්‍රශ්නය විසඳන්නේ නෑ. 2015දී මේ රටේ ජනතාව පීඩා විඳපු ප්‍රශ්නවලට උත්තර හොයන් හවුල් ආණ්ඩුව පිහිටුවනවා කිව්වේ. ඒ මොකටවත් පිළිතුරු ලැබුණ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමිවීමෙන්, රාජපක්‍ෂගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ජීවත් වීමට අමාරු වූ ජනයා, වංචා දූෂණ නිසා කලකිරුණු ජනයා හිතුවා ජනවාරි 08 වැනිදා ඒවා වෙනස් කරනවා කියලා. දැන් පසුගිය කාලයේ හවුල් ආණ්ඩුවෙන් අත්සන් කළ සිංගප්පූරු ගිවිසුම, බදුබර වැඩිවීම, බැඳුම්කර වංචාව, ප්‍රතිත්‍රස්ත පනත ගැන, රාජ්‍ය දේපොළ විකුණා දැමීම, තෙල් මිල ඉහළ දැමීම, වැටුප් වැඩි නොවීම වැනි විරෝධයක් ගොඩනැගී තියෙනවා. දැන් වතු ජනතාව වැටුප් වැඩි කිරීමක් ඉල්ලා පාරට බැහැලා ඉන්නේ.ඒවා තමයි ජනතාවගේ ඇත්ත ප්‍රශ්න.

මේ මාළිගා කුමන්ත්‍රණ හරහා සිදු වෙන්නේ , දේශපාලන බල සූදුවක්, ඒ බල සුදුවේ එක එක කොළය ඉදිරියට දානවා. ශ්‍රී.ල.නි.ප. අය හිතනවා, මහින්ද ආවා, දැන් අපේ ප්‍රශ්න විසඳයි කියලා. එජා.ප. අය හිතනවා රනිල් වික්‍රමසිංහ පරාජය වෙලා, දැන් ප්‍රශ්නය විසඳන්න සජිත්ව ඉස්සරහට ගන්න ඕන කියලා. කාගෙවත් ප්‍රශ්නවලට එහෙම උත්තර ලැබෙන්නේ නෑ. මොකද මේ මාළිගා කුමන්ත්‍රණවලින් විසඳුම් ලැබෙන්නේ මාළිගාවල ඉන්න අයට මිස සාමාන්‍ය ජනතාවට නෙවෙයි. අපි කියන්නේ මේ රටේ හැමදාම රැවටෙන ජනතාව සූදානම් විය යුතුයි දැවැන්ත මහජන අරගලයක හරහා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා  කරගන්න.

මේ රටේ, ගොවි ජනතාව කම්කරුවෝ, ශිෂ්‍යයෝ, වෘත්තිකයෝ  තමන්ගේ ප්‍රශ්න විසඳගන්න පසුගිය කාලයේ  මොන  මට්ටමෙන් හරි පෙළගැසුණා නම්, ඒ අයගේ ප්‍රශ්නවලට දැන් විසඳුම් ලැබෙයි කියලා හිතන්න එපා.

 දුවන මුවන් දැක නොදමනු නෙළුපළා කියලා කියමනක් තියනවා. අපි කම්කරු පන්තියට, වැඩ  කරන ජනතාවට, සාමාන්‍ය ජනයාට කියන්නේ
මේ අය ප්‍රශ්න විසඳනතුරු බලාගෙන ඉන්න  එපා, බලය ලබාගත්තම ප්‍රශ්න විසඳන බව විශ්වාස කරන්න එපා. ප්‍රශ්න විසදාගන්න සංවිධානාත්මකව පෙරට එන්න. මොකද  මේ අයට ඉදිරියේ ඇති දැවැත්ත ආර්ථික අර්බුදයට විසඳුම් නෑ. රනිල් නෙවෙයි, රනිල්ගේ ලොකු අප්පච්චි ආවත්, මහින්දගේ ලොකු අප්පච්චි ආවත් විසඳුම් දෙන්න බැරි  අර්බුදයක් පෙළගැසෙමින් තිබෙනවා.

මේ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය වාරික ඩොලර් බිලියන 1.9යි, ලබන අවුරුද්දේ  ඩොලර් බිලියන 3.9යි. ඒ අර්බුදයේදී පීඩාවට පත්වෙන්නේ පාලකයන් නෙවෙයි.

 ආණ්ඩුවේ හිටියත් විපකෂයේ හිටියත් ඔවුන්ට කිසිම  පීඩාවක් නෑ, සාමාන්‍ය ජනතාව තමයි  ආර්ථික පීඩාවට කෙළින්ම ගොදුරු වෙන්නේ. කවුරු ආවත් මේ රටේ ජනතාවට තමයි මේවා ගෙවන්න වෙන්නේ. ජාතික සම්පත් ගැන, ජාතික ආර්ථිකය ගැන මොන කයිවාරු ගැහුවත් දැන් වෙලා තියෙන්නේ ඉතින් ජාතික සම්පත් විකුණන්න. වෙන උත්තරයක් මේ අයට නෑ. ඒ නිසා දැන් මේ මාළිගා කුමන්ත්‍රණවලට අත්පුඩි ගහන්න එපා, තමන්ගේ අරමුණු වෙනුවෙන් දේශපාලන බලයක් පිහිටුවන්න සූදානම් වෙන්න කියලා  අපි කියනවා" යැයි පවසා සිටියේය.

රටක නායකයෙක් කිසිදා නිද්‍රාශීලි නායකයෙක් විය යුතු නැහැ-ගෝඨාභය රාජපක්ෂ







ලොව ඕනෑම රටක ජනතාවක් තම රාජ්‍ය නායකයාගන් පළමුව අපේක්ෂා කරනුයේ ඔහු හෝ ඇය තම මවුබිමට දක්වන ඇල්ම පිළිබඳව බවත්, තම ජාතිය ලොව හමුවේ අතිමානයට පත්වනු දැකීම ලොව ඕනෑම රටවැසියකුගේ පැතුම වන අතර, එහෙත් පසුගිය වික්‍රමසිංහ රජය සමයේ එවැන්නක් සිදුනොවූ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ 'එළිය' රැස්වීම් මාලාවේ තවත් ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් පසුගියදා (27දා) පන්නිපිටිය ඇරැව්වල පැරණිදූවේ පන්සල විහාර පරීශ්‍රයේදී පැවැති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා, රට බේරාගත් රණවිරුවන්  ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්  කර සතුටක් ලබන රාජ්‍ය නායකයෙක් මව්බිමට ආදරය නොකරන බව ජනතාව තේරුම් ගැනීම නිසයි, එදා අතිවිශාල ජනතාවක් ගෝල්ෆේස් පිටියට පැමිණියේ. පළාත් පාලන මැතිවරණයෙන් වික්‍රමසිංහ රජය පරාජය කළේ, පසුගිය විසිහය වැනිදා පෙරළියෙන් පසුව ජනතාව මහ මඟට පැමිණ කිරිබත් උයා සතුට ප්‍රකාශ කළේ.

රටක නායකයකේ කිසිදා නිද්‍රාශීලී නායකයක් විය යුතු නැහැ. එසේම එවන්නෙක් බලය සඳහා කුලල් කා ගන්නා ලෝකයක රාජ්‍ය නායකයන් හමුවී එහයියකු විය යුතු නැහැ. ලෝකයේ කෙතරම් ඉහළ රාජ්‍ය හමුවකදී වුවද තම රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින දේශ ප්‍රේමයක් රටක නායකයෙකු තුළ තිබිය යුතුයි.

ඒ දේශප්‍රේමය වෙනුවෙන් ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාවක් නැත්නමි එවැන්නකු රටක නායකයකට සුදුසු නෑ, එවැන්නෙකු දේශපාලනයටද සුදුසු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා හැමවිටම හැසිරුණේ ශ්‍රී ලංකාව මේ මගෙරට මේ මගේ මම යන උදාර අභිමානය සිත තුළ රඳවා ගෙනයි. අන්න ඒ නිසයි - ත්‍රස්තවාදී අරගලයේ අවසන් අද්දියරේදී  ලෝක බලවතුන් වෙතින් කොපමණ  බලපෑම් එල්ල වුවද තම හමුදා කඳවුරු වෙත ආපසු හරවා යැවීමට තරම් නිවට තත්වයකට ඒ මහතා පත් නොවුණි. මා සිතන්නේ රටකට - අවශය වන්නේ එවැනි නායකයන් පමණයිඒ බව පසුගිය වික්‍රමසිංහ රජය එය ඉතා ප්‍රායෝගිකව ජනතාවට පෙන්වා දුන්නා.”

 යැයි ප්‍රකාශ කළේය.  මෙහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමීණී ලොකුගේ, කථිකාචාර්ය මාධවී  හේරත්, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ යන අයද අදහස් පළ කළහ.



මත්තේගොඩ රාජ්‍ය බැංකුව කොල්ල කෑ දෙදෙනෙක් මාට්ටු







මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි  රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි මෝටර් රථය ඇණවුම් කළ ජංගම දුරකථනයේ සිම්පතේ හිමිකරුවෙකු හා තවත් පුද්ගලයෙකු පෙරේදා (27දා) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.

ජංගම දුරකථන අංකය හිමිකරුට අමතරව මෙහිදී වාහන එලයිමන්ට් ආයතනයක හිමිකරුවෙක්ද අත්අඩංගුවට ගත් බවත්, අදාළ සිම්පත මිලදී ගෙන ඇත්තේ සිද්ධිය දා උදෑසන බවත් පොලීසිය පවසයි.  පසුගිය 26දා මෙම කොල්ලය සිදුකර ඇති අතර, දිවයිනේ ප්‍රසිද්ධ, කුලී ගමන් පහසුකම් සපයන ආයතනයකින් මෝටර් රියක් ගෙන්වා ගෙන එහි රියදුරු බිය ගන්වා කොල්ලකරුවන් විසින් මෝටර් රථය පැහැරගෙන ගොස් තිබේ.


කොල්ලකරුවන් තිදෙනකු පමණ මත්තේගොඩ පිහිටි මෙම බැංකුවට පැමිණ ඇති අතර, ගිනිඅවි ඇතැතිව ඇතුළු වූ කොල්ලකරුවන් තිදෙනා, එහි ආරක්ෂක නිලධාරීවරයාගේ ගිනිඅවියද පැහැරගෙන ආරක්ෂක නිලධාරියාට පහරදී, සේප්පුවේ තිබූ රුපියල් . එක්කෝටි හැට ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ, මුදල් කොල්ල කා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ පලා ගිය කොල්ලකරුවන් ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩා කෙරෙන (DVR) යන්ත්‍රයද ගලවා ගෙන රැගෙන ගොස් තිබුණ බව පොලීසිය පැවසීය. අදාළ මෝටර් රථය  හෝමාගම රෝහල අසළ මාර්ගයේ  දමා ගොස් තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි.

පසුව, සිද්ධිය වාර්තා වූ වහාම පොලීසිය එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කොට ඇති අතර, ඊට පැයකට පමණ පෙර මෝටර් රථයක් පැහැර ගත් බවට හෝමාගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, එසේ පැහැර ගත් මෝටර් රථය කොල්ලකරුවන් පැමිණි රථය බවටත් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මෝටර් රථය ඇණවුම් කළ දුරකථන අංකය ඔස්සේ විමර්ශනය කොට, හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී අදාළ දුරකථන අංකය හිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත්, පසුවට ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමිවලදී, මීගොඩ ප්‍රදේශයේ වාහන එලයින්මන්ට් ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

-ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-

විකිණෙන අගමැති කෙනෙක් ලංකාවට පත්කරන්නයි චීනයට ඕනේ-රන්ජන් රාමනායක


මේක ජාත්‍යත්තර කුමන්ත්‍රණයක්. විකිණෙන අගමැතිවරයෙකුයි, චීනය බලාපොරොත්තු වෙන්නේ. චීනයට ඕන ලංකාව අත්පත් කරගන්න.

මන්ත්‍රීවරුන්ට විශාල ලෙස ලංසු ඉදිරිපත් වෙනවා. තම පොළොවයට අඩි 06ක් යට යවනවා කිවූ කෙනාගේම මෙත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් ගුණ වයනවා,වැරැද්ද හරිගස්වන එතුමාට පුළුචන්.


මම නැවත නැවත ඉල්ලා සිටිනවා. මට දවසක් කිව්වා 'රන්ජන් මුල්කිරිගල ඔය හාදයා මං ඉදිරීයේ දෙන්නෙකුට වෙඩි තිබ්බා' කියලා. මං ඇහුවා මාධ්‍යයට කිව්වාට කමක් නැද්ද කියලා.

 කමක් නෑ උඹ කියපන් කිව්වා. ඉවත් කරන්න අවශ්‍ය නම්, ඉවත් කළ යුතු විදිය මේක නෙවෙයි. මං කියන්නේ ඒකයි.

මහින්ද කතා කරා නමුත් මම යන්නේ නෑ-හිටපු අමාත්‍ය රවී කරුණානායක

තමන් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා තම හිතවතුන්ට පවසා තිබේ,  ඔහු සඳහන් කර ඇත්තේ, තමන්ට විදේශ අමාත්‍ය ධුරය ලබා දෙන බව සඳහන් කරමින් මහින්ද රාජපක්‍ෂ  මහතාගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් පැමිණියද, තමන් සිය පක්ෂය හැර නොයන බවයි.

එසේම තමන්ට සමීප එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ද පක්‍ෂයෙන් ඉවත් නොවන බවට රවි කරුණානායක මහතා එහිදී තම සමීපතමයන්ට පවසා තිබේ.

ඉන්දුනීසියා ගුවන් යානයක් මුහුදට කඩා වැටී 189ක් මරුට



ජකර්තාහි (ඒ.එෆ්.පී.)
ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපොලෙන් ගුවන්ගත වුණු 'ලයන් එයාර්' ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ (20) උදෑසන කඩා වැටුණි.
අනතුරට ලක්වූයේ රට අභ්‍යන්තර ගුවන් යානයකි ජේටී 610 දරණ එම ගුවන් යානය ජකර්තා අගනුවර ගුවන් කොටුපොළෙන් ගුවන් ගතවී මිනිත්තු 13 කදී. රේඩාර් තිරයෙන් අනතුරුදන් විය. යානය මූදට කඩා වැටුණු බව ධීවරයෙක් පැවසූහ. ඒ අනුව, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ඇරැඹුණු බවත්, යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවුණු බවත් වාර්තා විය යානයේ සිටි කිසිවකුටවත් දිවි ගලවා ගැනීමට හැකියාවක් ලැබි නැත.
යානය ජකර්තා අගනුරින් ගුවන්ගත වී ඇත්තේ, බංග්කා බෙලිටුංග් දූපතේ පන්ග්කාල් පිනැනග් ගුවන්තොටුපොළ බලා යාමටය. යානයේ සිටි මගීන් ගණන 178 කි. නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවගේ ගණන 11 කි. මගීන් අතරේ එක් කුඩා දරුවකු සහ බිලිදෝ දෙදෙනෙක් සිටියහ.
යානයේ නියමුන් දෙදෙනාගෙන් කෙනකු ඉන්දියානුවකු බව පැවැසෙයි. 31 හැවිරිදි භාව්‍යා සුනීජා නමැති ඔහු නවදිල්ලියේ පදිංචිකරුවෙකි.
සුනීර්ජා ලයන් එයාර් ගුවන් සමාගම සමඟ එක් වී එහි නියමුවකු බවට පත් වී ඇත්තේ මීට වසර 7 කට පෙරය. කඩා වැටුණු යානය නවීනතම බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානයකි එහෙයින්, යානයේ දෝෂයක් තිබුණැයි සැක කළ නොහැකි බව ලයන් එයාර් ගුවන් සමාගම කියයි. සිදුවිණ කුමක්දැයි සොයා බැලිමට ලයන් එයාර් සමාගම පමණක් නොව. ඉන්දුනීසියා රඡය ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. යානය කඩා වැටෙන්න ඇත්තේ යාන්ත්‍රික දෝෂයක් නිසා යැයි සැකකරේ. 'ලයන් එයාර්" යනු ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක මිල අඩු ගුවන් සේවයකි. එපමණක් නොව, ඉන්දුනීසියාවේ විශලතම පෞද්ගලික ගුවන් සේවයද මෙයයි. 'ලයන් එයාර්" ගුවන් සමාගම පිහිටුවන ලද්දේ 2000 වසරේදීය. දකුණු ආසියාවේ දෙවැනි මිල අඩු ගුවන් සේය වන්නේ ද 'ලයන් එයාර්" ය. පළමු ස්ථාන හිමි වන්නේ 'එයාර් ඒෂියා යානයයි.
2013 වසරේ දී, ලයන් එයාර් 904 නමැති ගුවන් යානය බාලි දූපතේ න්ගුරා රාසි ඡාත්‍යන්තර ගුවන්තොටුපොළ පෙනි පෙනී මුහුදට කඩා වැටුණි. එම අවස්ථාවේදී යානයේ සිටි ගණනෙ 108 කි. කෙසේ නමුත් ඔවුන් සියලුම දෙනා එම අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් විය.

එකම පක්ෂයේ ප්‍රා.සභා මන්ත්‍රීවරු ඇමති නිවසේදී ගුටි කෙළියක


වෙන්නප්පුවේ පිහිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ නිවසේ ඇති වූ බහින්බස්‌වීමකදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයකු විසින් එම පක්‌ෂයම නියෝජනය කරන තවත් මහජන නියෝජිතයකුට පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු මාරවිල රජයේ රෝහලට ඇතුළත් කර තිබිණි.

පසුගිය 28 වන ඉරුදින පෙරවරු 9.00 ට පමණ රාජ්‍ය අමාත්‍යවරයාගේ වෙන්නප්පුව නිවසේ දොරටුව අසලදී සිදුව ඇති මෙම පහරදීමට ලක්‌ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ අරුණ ශාන්ති විඡේතුංග (එජාප) මහතා වන අතර පහරදීම සිදුකර ඇත්තේ පියල් ප්‍රියන්ත පෙරේරා (එජාප) මහතා බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම සිද්ධිය සැලවූ විගස පහරකෑමට ලක්‌වූ අරුණශාන්ත විඡේතුංග මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙසේ කීය.

මෙම සිද්ධිය සම්පූර්ණ ඇත්ත. මම එය තරයේ හෙළා දකිනවා. පක්‌ෂය වෙනුවෙන් දරදිය ඇද්ද පක්‌ෂ නායකත්වයට හිසනැමූ මට අප පක්‌ෂයේ පුත්තලම් දිස්‌ත්‍රික්‌ක කාර්යාලයේදීම නිරපරාදේ පහරකෑමට සිදුවූ අතර පහරදුන් අය කළේ තිරිසන් ක්‍රියාවක්‌ සේම පක්‌ෂයටම කළ නින්දාවක්‌. කශේරු ආබාධයකින් පෙළෙමින් ශල්‍යකර්මයට ඉදිරිපත්වීමටයි මම සිටියේ.

මටයි පහරදුන්නේ රටේ පවතින දේශපාලන අර්බුදයේදී පක්‌ෂය වෙනුවෙන් මට කළ හැකි දෙයක්‌ කිරීමට ඇද්දැයි දැනගන්නට මම පෙරවරු 08.45 ට පමණ වෙන්නප්පුවේ රාජ්‍ය ඇමැති කාර්යාලයට ගියා. එහි යනවිට ඇමැතිතුමාගෙ පෞද්ගලික ලේකම් ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා සිටියා. ඔහු මට කීවා අඟහරුවාදා කොළඹ යෑමට 20 ක්‌ පමණ සෙනගක්‌ කැටුව ආයුතු බව. මගේ ශල්‍යකර්මය අතළඟ නිසා මම කීවා මට මේ මොහොතේ නම් එක අමාරු වැඩක්‌ කියා. එම ස්‌ථානයේ සිටි පියල් ප්‍රියන්ත යන මහජන නියෝජිතද අපේ කතාවට සම්බන්ධ වී නිරපරාදේ මට දොස්‌ කීවා. ඔහු නිරපරාදේ රෝගී මට බැණවදින නිසා මම කීවා මෙතන රියදුරෙක්‌ව සිටින ඔයා එහෙම දොස්‌ කියන්න එපා මින් ඉදිරියට මම නිලධාරීන් හමුවන්න මෙම කාර්යාලයට නොඑන බවද කීවා. එසේ පවසනවාත් සමගම පියල් ප්‍රියන්ත යන අය අසල තිබූ කිහිලිකරුවකින් එය කැඩෙනතෙක්‌ මට බිම වැටෙනතෙක්‌ හොඳ හැටි පහර දුන්නා.

අන්ත අසරණ වූ මම ගිලන් රථයක්‌ ගෙන්වාගෙන මාරවිල රෝහලට ඇතුළත්ව 03 වන වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියා. රෝහල් පොලිසිය මගෙන් කට උත්තරයක්‌ පවා ගත්තා. කෙසේ වෙතත් රටේ අස්‌ථාවර තත්ත්වය හා පක්‌ෂය වෙනුවෙන් සිතා රෝහලෙන් ටිකට්‌ කපා පිටතට එන්නැයි පක්‌ෂ බලධාරීන් දිගින් දිගටම කළ ඉල්ලීමට කන්දෙමින් මම මගේම කැමැත්තෙන් රෝහලෙන් ටිකට්‌ කපාගෙන නිවසට ආවා. මම රෝහලෙන් ආවත් මට සිදුවුණ දේ දැන් සිදුවී අවසානයි. පක්‌ෂයට ගරු කිරීමක්‌ ලෙසින් මම රෝහලෙන් පිටව ආවත් ඉදිරියේදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා මට නිරපරාදේ දොස්‌ කීම ගැනත් කිහිලිකරුවක්‌ කැඩෙනතෙක්‌ නිරපරාදේ පහරදුන් අය සම්බන්ධවත් වහාම විධිමත් පරීක්‌ෂණයෙන් පවත්වා වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස මම එක්‌සත් ජාතික පක්‌ෂයෙන් හා පක්‌ෂ නායකත්වයෙන් ඉල්ලන බවද අරුණශාන්ත මහතා දැඩි වේදනාවෙන් යුතුව පැවැසීය.

-ඇන්ටනි රෝස්‌-

එංගලන්තයේ රෝරී හා ඔලී ගැන බලාගෙනයි -සංගාගෙන් ශ්‍රි ලංකාවට අවවාදයක්


සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර නොවැම්බර් මස 26 වැනිදා ගාල්ලෙන් ආරම්භ වීමට නියමිත තරග තුනකින්  යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත නවක ක්‍රීඩකයන් වන රොර් බර්න්ස් සහ ඔලී පෝප් ඉහළ දක්ෂතා දක්වනු ඇතැයි කුමාර්  සංගක්කාර විශ්වාසය පළ කරයි. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ කණ්ඩායම නියෝජනය කරමින් ඔවුන් ඉහළ දක්ෂතා දැවීම ඊට හේත්තුවයි. විදෙස් මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා දී ඇති සංගක්කාර එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔවුන් දෙදෙනාම මානසිකව ඉතාමත් ශක්තිමත් ක්‍රීඩකයන්. ඒ වගේම ඔවුන් සතුව අතිවිශිෂ්ට තාක්ෂණයක් තිබෙනවා. රෝරී බර්න්ස් දඟ පන්දු යවන්නන්ට ඉතාමත් හොදින් මුහුණදෙන ආරම්භක පිතිකරුවෙක්  වගේම ඉතාමත් ප්‍රවේගකාරී පිතිකරුවෙක්.  ඔලී පෝප් වගකීමෙන් පන්දුවට පහරදෙන දක්ෂ පිතිකරුවෙක් ලෙසින් සරේ කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දක්ෂතාවලින් පැහැදිලි වුණා.

ශ්‍රී ලංකාව ඔවුන්ට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ පහසු ස්ථානයක් නොවන නිසා ඔවුන් කල්පනාකාරීව ක්‍රීඩා කරාවි යැයි මම සිතනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇත.  මේ අතර ලොව බිහිවූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ක්‍රීඩා කරන අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය 6 වැනිදා ගාල්ලේදී ආරම්භ වන බැවින් එහිදී එංගලන්ත කණ්ඩායමට විශාල අභියෝගයක් එල්ල විය හැකි බව පවසන සංගක්කාර "ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත  කණ්ඩායමේ කඩුලු දවාගෙන ජයග්‍රහණයකින් තම ක්‍රීඩා දිවිය නිමා කිරීමට රංගන හේරත් කටයුතු කරාවි යන්න මගේ විශ්වාසයයි.

නමුත් එංගලන්ත කණ්ඩායමත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන සමබර කණ්ඩායමක්. කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඔවුන්ට විශාල අභියෝගයක් අනිවාර්යයෙන්ම එල්ල වේවි.” යනුවෙන් පවසා ඇත.





උඹ ගේම් එක අතට ගනින්-මුන්ට දුවන්න ගහපන්-හිටපු ඇමති මර්වින්ගෙන් රවීට උපදෙස්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අරලියගහ මන්දිරයට පැමිණි සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ඊයේ (29දා) පැවසීය. එහිදී ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වූයේ පිනට බවයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ,

"මගේ ආදරණීය මිත්‍රයා (රංජිත් මද්දුම බණ්ඩාර). මට දුකයි. මේ දකුනේ රුහුණේ මිනිහෙක් වරද්දගත්ත වරද්දා ගැනීමට. යකෝ අගමැතිකම ඕනෑ නම් පිනට ගන්න ඕනයැ නේද රවි. ආයුබෝවන් චන්ද්‍රානි, මම දැන් ඉන්නේ ඔයගොල්ලන්ගේ පළාතේ වීර දුටුගැමුණු සංවිධානයේ.

 දුටුගැමුණු සංවිධානයේ නායකයා. තවත් නායකයෙක් ඉන්නවා. මට ඉහළින් කිවුවා. දුටුගැමුණු රජතුමාට මෙයත් හම්බෙන්න කියලා සන්තෝසයි මචං. දැන් උඹ (රවී කරුණානායක) ගේම් එක ගනින් අතට, අරගෙන මුන්ට දුවන්න ගහපන්. තේරුණානේ රවී. පාලිත (තෙවරප්පෙරුම) එන්නකෝ. උඹ නැතිව මම යන්නේ නෑ" යනුවෙනි.

ලංකාවේ අභ්‍යන්තර දෙශපාලන කටයුතුවලට මැදිහත්වන්නේ නෑ

(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වන් නැතැයි එරට විදේශ කටයුතු අමාත්‍යශය ප්‍රකාශක ලූ කන්ග් පවසා ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරෝත්තු වන බව ද ඔහු සඳහන් කර තිබේ.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සමඛන්ධයන් මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා එම කරුණු සඳහන් කර තිබේ. එහිදී තවදුරටත් ශ්‍රී ලංකාව සමිබන්ධයෙන් අදහස් දක්වා ඇති ඔහු මෙසේ ද පවසා ඇත.
"චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලී අසල්වැසියන් ශ්‍රී ලංකාවේ තත්ත්වය අපි සමීපව බලා සිටිනවා. චීනය සෑම විටම අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය එරට අභ්‍යන්තර දේශපාලන අර්බුදයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට සහ එරට ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය බුද්ධිය තිඛෙන බව අපි විශ්වාස කරනවා".
ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් සියුවාන් මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහරුන් හමුවීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට චීන විදේශ කටයුතු අමාංත්‍යාගය ප්‍රකාශක ලූ කන්ග් මෙසේ පිළිතුරු දී ඇත.
"ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමග අපි සන්නිවේදනය කරනවා. ඔවුන් සමග සබඳතා පවත්වා ගන්නවා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නව අගමැතිවරයා හා වික්‍රමසිංහ මහතා හමු වුණා. තානාපතිවරයා ඔවුන් සමග ද්විපාර්ශවීය සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තා".

විදේශීකයින් දෙදෙනෙකුට FCID පෙනී සිටින ලෙස නියෝග


2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවට අදාළ සිද්ධියට සම්බන්ධ වී ඇති විදේශිකයන් දෙදෙනකුට දෙසැම්බර් මස 24 දින හෝ ඊට ප්‍රථම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නොතීසි නිකුත් කළාය.නීතිපතිවරයා නියෝජනය කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ අධි නීතිඥ උදාර කරුණාතිලක මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්ත්වය එලෙස නොතීසි නිකුත් කළාය.

නොතීසි නිකුත් කරනු ලැබුවේ මිග් යානා ගනුදෙනුවට සම්බන්ධවී ඇති "පෙරගමෙව්"  "ෆුල් විල් කිට් "නමැති විදේශීය ජාතිකයන් දෙදෙනකුට එරෙහිවය. සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස නම් කර ඇති ඩී.එස්. ලී.එන්.පී. ලේකිම් යන විදේශීය ජාතිකයන් දෙදෙනකුට වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළ අතර ඊට අදාළ නියෝග නීතිය පරිශීලනය කර දී නඩු දිනයේදී නිකුත් කරන බව මහෙස්ත්‍රාත්වරී දන්වා සිටියාය. අධිකරණය මඟින් නිකුත් කර නොතීසි ඩි.එස්.ලී. එන්.පී. ලේකිම් යන අයට ලැබී ඇති බවත් අධිකරණය නිකුත් කර ඇති නොතීසියට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (25) මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට සිද්ධියට අදාළව ප්‍රකාශයන් ලබාදිය යුතු බවත් එසේ වුවද ඔවුන් කිසිදු ආකාරයකින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් නොදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දීම මඟහැර ඇති බවත් නීතීපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ උදාර කරුණාතිලක මහතා ප්‍රකාශ කෙළේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි වීම හෝ ඒ සම්බන්ධයෙන් දින ඉල්ලීමක් පවා අදාළ විදේශිකයන් දෙදෙනා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුනොකර ඇති බවද එවන් පසුබිමකදී අධිකරණය මඟින් නිකුත් කළ නියෝගයකට ඔවුන් අවනත නොවීමක් දක්නට ලැබෙන බවද එම හේතුව මත ඔවුන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවද රජයේ අධි නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. අදාළ විදේශිකයන් දෙදෙනා ගනුදෙනුවලට අදාළව නිත්‍යානුකූල නොවන ලෙස සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද ඔවුන් දෙදෙනා සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවද රජයේ අධි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබිණි.  සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල උදයංග වීරතුංග මහතාගේ බිරිය, බිරියගේ  මවගේ, බිරියන්ගේ සහෝදයාගේ, උදයංග  වීරතුංග යන අයගේ සොහොයුරියගේ ඇතුළු වැඩිමහල් සහෝදරියගේ බැංකු ගිණුම් 18ක තොරතුරු අනාවරණය වී ඇති බවද ඉන් උදයංග වීරතුංග යන අයගේ බිරියගේ මව වන ඉන්ද්‍රාණි මනම්පේරී, බිරියගේ මල්ලී වන ලෙලුම් දුමින්ද මනම්පේරි යන අයගේ බැංකු  ගිණුම් 2ක් විශේෂ විමර්ශනයකට භාජන කර ඇති බවද රජයේ අධි නීතිඥවරයා  අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ වී ඇති  ඩී.එස්. එලායන්ස් සමාගම එම නමින් ත්‍රිවිධ හමුදාවට අදාළ අවි ආයුධ සපයා ඇති  බවද එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ “වැඩික්ලේ යුනිස් කෝස්” නමැති විදේශ ජාතිකයකු බවද මෙරට නැවතී සිට ඇත්තේ රාජගිරිය පිහිටි රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ බවද රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කියා  සිටියේය. උදයංග වීරතුංග යන අයගේ බිරියගේ  මවගේ මෙරට බැංකු ගිණුමකට විදේශ ප්‍රේෂණ හරහා මිළියන 20, මිලියන 1ලෙස විශාල වශයෙන් මුදල් බැර වී ඇති බවද අදාළ තැනැත්තිය විසින් එම මුදල් යුනිසස් කොමඩි විස් නමැති මෙරට පිහිටි තේ  අපනයන සමාගමික ගනුදෙනු සඳහා භාවිත කර ඇති බවද රජයේ අධි නීතිඥවරයා අධිකරණයට සැලකර සිටි අතර රුවන් චන්දන නමැති අයකුට මෙරට පිහිටි වාණිජ කටයුතු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් මිලියන දෙලක්ෂ හැට අට දහස් පන්සිය හැට නවයයි ශත අනූ තුනක විශාල මුදලක් මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ වී ඇති ගිණුම් ඇති යුක්රේනය, පැනමාව, ලැට්වියාව, ලිතුවේනියාව යන රටවල පිහිටි ගිණුවලින් බැර වී ඇති බවද අන්‍යොන්‍ය සහයෝගිතාව (MLA) පවසන්නේ ඒ පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතින බවද රජමය අධිනීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනානාපති උදයංග වීරතුංග මහතාගේ බිරියගේ මවගේ, බිරිගේ සහෝදරයාගේ මෙරට ගම්පහ පිහිටි වාණිජ බැංකුවක ගිණුමකට ප්‍රේෂණය වී ඇති මුදල්වලට අදාළව ගිණුම් විස්තර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය ගිණුම්වලට අදාළ සියලු විස්තර දෝෂණයන්ට අදාළ ව සිටී (Swift) පිටපත් සහ මෘදු පිටපත් සහිතව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා යොමු කරන ලෙසට අදාළ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කළමනාකරුට නියෝග කළාය. නඩුව ඔක්තෝම්බර් 31 වැනිදා යළි කැඳවීමට නියමිතය.


-අමිල අබේරත්න-

6 හැවිරිදි දරුවාට මහ මග එළව එළවා පහරදුන් කුඩම්මා සහ පියා සොයා පරීක්ෂණ

වයස අවුරුදු හයක කුඩා දරුවකුට අමානුෂික අන්දමින් පහර දී ඇති යුවළක් අත්අඩංගුවට ගැනීමට වවුනියාවේ කනගරායන්කුලම පොලිසිය ඊයේ (28) දා පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ කනගරායන්කුලමට නුදුරින් පිහිටි ගම්මානයක ජීවත් වන වයස හයක් වූ දරුවාට 27 දා දහවල් එම දරුවාගේ පියා හා සුළු මව වයරයකින් අමානුෂික අන්දමට පහර දීම නිසා තුවාල ලද දරුවා මාන්කුලම රෝහලට ඇතුළත් කොට තිබේ.

ගම්වාසීන් පවසන්නේ මේ දරුවාගේ මව අතහැර ඔහුගේ පියා වෙනත් කාන්තාවක සමග ජීවත් වන බවයි. නිතරම එම කාන්තාව මේ දරුවාට පහර දෙන බව ද ගම්මු පවසති.

මේ සිද්ධිය වූ දිනයේදී ඒ කාන්තාවත් දරුවාගේ පියාත් දරුවාට ඉතා අමානූෂීය අන්දමට පහර දුන් බවත් ළමයා පහර කමින් මහ පාරේ දිව ගිය අවස්ථාව්දී පිරිසක් තුවාල ලබා සිටින දරුවා දැක ඔහු රෝහල් ගත කොට ඇති බවත් සඳහන්ය.

කනගරායන්කුලම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇත. ළමයාගෙන් කටඋත්තර ලබා ගැනීමෙන් පසුව පහර දුන් යුවළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.

-දිනසේන රතුගමගේ-