Showing posts with label political G6. Show all posts
Showing posts with label political G6. Show all posts

Wednesday, May 20, 2020

ශ්‍රී ලංකා උප සභාපති හිටපු ඇමති මහින්ද සමරවීර පක්ෂයෙන් නෙරපයි.කළුතර දිස්ත්‍රික් නායකත්වයෙන් නෙරපයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් නෙරපා ඇති බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.  ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කළුතර දිස්ත්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායක ධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්‍ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. මහින්ද සමරසිංහ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ එම තනතුරු සඳහා බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුමිත්ලාල් මෙන්ඩිස් මහතා පත්කිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා කීවේය.

සමරසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව මැතිවරණයට තරග කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව පක්‍ෂ විනය කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් අනුව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.
පක්‍ෂය විසින් ගනු ලැබූ මෙම තීන්දුව අද (20) දිනයේදී මහින්ද සමරසිංහ මහතාට ලිඛිතව දැනුම්දීමට නියමිත බවද පක්‍ෂයේ එම ප්‍රකාශකයා පැවසීය.පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඔහු කීවේය.
(ඩයනා උදයංගනී)

Tuesday, May 19, 2020

කොරෝනා තොරතුරු හංගන්න අපට කිසිම ඕනෑකමක් නෑ- ඇමතිනි පවිත්‍රා මහනුවරදී කියයි.

කොවිඩ් වයිරසයෙන් මරණයට පත්වන අය ගැන සත්‍ය තොරතුරු වසන් කරනවා කියලා විපක්ෂය අසත්‍ය ප්‍රවාරය කරනවා. මෙහි කිසිම දෙයක් සගවන්න අපට අවශ්‍ය නැහැ. මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු අපි ජනතාවට ලබා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ උපදෙස් මතයැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (17) පැවසුවාය. 

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කළේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
දළඳා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව  ඇමැතිවරිය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමි, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමි සහ නාපානේ පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමින්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.
අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික බඳුලු මුතියංගණ රාජමහා විහාරාධිපති ආචාර්ය මුරුදෙනියේ ධම්මරතන නාහිමි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයජරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට  සහභාගී වූහ.

 එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේද පැවසුවාය.
රටේ ජනතාව සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් හරියාකාරව පිළිපැද්දොත් අපට මේ වසංගත රෝගය පැතිරයාම වළක්වාලීමට හැකියි. ජනතාව විනයක් නොමැතිව හැසිරුණු හොත් මෙය පැතිරයෑම වැළැක්වීම අපහසු වෙනවා. ඔවුන් තම තමන්ගේ යුතුකම ඉටුකළ නම් අපට මේ රෝගය ගැන බිය වෙන්න දෙයක් නැහැ.ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ප්‍රමුඛ රජය මේ රෝගය පැතිර යාම වළක්වාලීමට සියලු
ක්‍රියාමාර්ග ගන්නවා.

 මෙයින් සියයට පනහක් රටේ  ජනතාව වගකීම ගත යුතු වෙනවා. මේ රෝගය සම්බන්ධ සියලු තොරතුරු රජය විසින් ජනතාව දැනුවත් කරනවා. මහා නායක හිමිපාණන් වහන්සේලාත් රජය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ග ගැන පැසසුමට ලක් කළා. ත්‍රිවිධ හමුදාව පොලීසිය සෞඛ්‍ය අංශ මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් ඒකාබද්ධ කරගනිමින් රජය ගෙන යන මේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් උන් වහන්සේලා ප්‍රසාදය පළ කළා. සමාජය තුළින් රෝගීන් හමුවීම ඉතාම අඩුවුණා. නාවික හමුදාවේ ආසාදිතයන් තමයි වැඩිවුණේ. ඔවුන් හරහාත් රෝගය ආසාදිත වුණා. දැන් ඒ තත්වය පාලනය කරල තිබෙන්නේ. විදෙස් රටවලින් එන පිරිස් දින 14ක් නිරෝධායනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

අද වන විට විපක්ෂයක් තිබෙනවා ද කියලත් හිතෙනවා. විපක්ෂය දැන් කැඩිලා. රනිල් මහතා අලියාගෙනුත් සජිත් මහතා ටෙලිෆෝන් එකෙනුත් ඡන්දය ඉල්ලන්නේ. ව්‍යවස්ථා අර්බුදයක් හදාගෙන තිබුණත් ව්‍යවස්ථා අර්බුදයක් අපට නම් නැහැ. විපක්ෂයට ඕනෑ ඇති ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරත්න. ඒ වගේම දේශපාලන පලිගැනීම් කරනවා කියලා විපක්ෂය චෝදනා කරනවා. වරදක් කළාම නම්, වරද කළ පුද්ගලයා කවුරු වුණත් රටේම ජනතාව වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක විය යුතුමයි. ඒක දේශපාලන පලිගැනීමක් නොවෙයි. ඒක මටත් ඔබටත් පොදු කාරණයක්.